Blog

  • අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…

    අම්පාර සිද්ධිය පිටුපස ඇති අදිසි හස්තය ගැන ඇමති රාජිත සියල්ල හෙළිකරයි…

    අම්පාර සිද්ධිය අදිසි හස්තයක් මත ක්‍රියාත්මක වූ බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිලිබදව  සෙවීමට පරික්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දෙමළ රූපවාහිනී නාලිකාවක් සමග පසුගියදා පැවැති සම්මුඛ සාකච්ඡාවක දී පැවසිය.

    එම සාකච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – වාර්ගිකත්වය පදනම් කර ගනිමින් සිදු කරන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් දැනට පවතින අණපනත් වලට අනුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වත්මන් රජය ජාතිවාදයට සහ ආගම් වාදයට විරුද්ධයි. 

    රජය ජාතිවාය හා ආගම්වාදය පතුරන අයට විරුද්ධව ක්‍රියාකිරීමට නීති රීති ඉදිරිපත් කළා. එම නීති ක්‍රියාත්මක කළ යුතුයි. ලබාදි ඇති සාමය භුක්තිවිදීමට නොදන්න අයට දඩුවම් ලබා දිය යුතුයි.

    අම්පාර නගරයේ සිදු වූ සිද්ධිය සම්බන්ධනේ දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.

    පොලීසිය මන්දගාමිව කටයුතු කිරිම පිළිබදව ප්‍රශ්න තිබෙනවා.

    මෙය අමූලික බොරු සිද්ධියක්.

    වදපෙති කියා ඖෂධයක් ශ්‍රී ලංකාවේ පවතින වෛද්‍ය ක්ෂේත්‍රයේ නැහැ.

    ශ්‍රී ලංකාවේ සාක්ෂරතාවය වැඩි දියුණු වී තිබුන ද මෙවැනි කරුණු පිළිබදව ඇත්තේ මන්ද බුද්ධික බවකි.

    සුළු සිද්ධියක් මුල්කර ගෙන රටවල් ගිනි තැබීමට හදනවා.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස මම ජනපතිගෙන්  ඉල්ලා සිටියා.

    ජනාධිපතිවරයා මට පොරොන්දු වුනා අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වනවා කියලා.

    පසුගිය රජයේ ප්‍රධානියෙකුගේ චෝදනා ලැබූ පුද්ගලයෙකු සිද්ධිය සිදු වූ දින කිහිපය පුරා අම්පාර ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සමග සුහද හමු පැවැත්වීමේ සිද්ධි කිහිපයක තොරතුරු ද වාර්තා වි තිබෙනවා.

    වද පෙත්ත මුවාවෙන් එම පුද්ගලයා ජාතිවාදය පැතිරවීමේ උත්සාහයක් ක්‍රියාත්මක කර ඇත්දැයි පරීක්ෂණ පවත්වනවා.

    කෙසේ වෙතත් ලබා දී ඇති නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගැනීමට ඇතැම් අය පෙළඹී සිටිනවා.

    බණ්ඩාරනායක මහතා ද නිදහස ලබාදුන් පසු ඇතැම් අය කථානායක පුටුවෙත් වාඩිවෙන්න උත්සාහ කළා.

    ලැබූ නිදහසින් බණ්ඩාරනායක මහතා ද ඝාතනය කෙරුනා. 

  • Gossip පිට Gossip මවන Hot පියුමි විවාහය ගැන මාධ්‍යයට කියපු අමුතු කතාව මෙන්න..

    Gossip පිට Gossip මවන Hot පියුමි විවාහය ගැන මාධ්‍යයට කියපු අමුතු කතාව මෙන්න..

    පියුමි හංසමාලි කියන්නේ හැමදාමත් සමාජ මාධ්‍ය තුළ අවධානයට ලක්වන චරිතයක්. මේ දිවල නම් ඇය ගැන වඩාත්ම කතාබහ වුණේ ඇය රංගනයෙන් ායක වීමට සූදානම් වන ඉනිදීය චිත්‍රපටයක් නිසා. ඒ ගැන තොරතුරු සතිඅන්ත පුවත් පතකට කියලා තිබුණේ මෙන් මේ විදිහට..

    ඉන්දියාවේ චිත්‍රපටයක වැඩ කරන්න අවස්ථාව ලැබිම ගැන මොකද හිතෙන්නේ?

    මට මුලින්ම හිතාගන්න බැරිවුණා මේක හීනයක්ද කියලා. පුදුම සතුටක් දැනුණේ. කොහොමද අවස්ථාව ලැබෙන්නේ? මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන බිනා උර්නි ක්‍රිෂ්ණන් තමයි මාව යෝජනා කරලා තියෙන්නේ. මට කතා කරලා මුලින්ම ඇහැව්වත් මම විශ්වාස කළේ නැහැ.

    ඇයි පියුමිට විශ්වාසයක් නොතිබුණේ?

    මොකද රංගනය කියන දේ මට ආධුනිකයි. මම රඟපාන්න දන්න කෙනෙක් නෙවේ. ඉතින් ඒ චකිතය මට තිබුණා.

    ජැක්සන් ඇන්තනි වගේ ප්‍රවීණයෙක් සමග වැඩ කරන්න ලැබිම ගැන පියුමිට චකිතයක් තියෙනවාද?

    ඔහු කලා ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක එකට වැඩ කරන්න ලැබෙනවා කියන්නේ ඇත්තටම ලොකු වාසනාවක්. මුලින් මම බයවුණා. ඒත් ගොඩක් අය කීවා ජැක්සන් ඇන්තනි මහත්මයා හොඳ කෙනෙක්, පියුමිට උදව් කරයි කියලා.

    දිගටම රංගනයෙන් ඉදිරියට යන්නද බලා‍පොරොත්තුව?

    එහෙම ආසාවක් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් මගේ බජට් එකට ගැළපෙන මම භාරගන්නවා. නැත්නම් මම කැමතියි මගේ යාළුවෝ එක්ක නිදහසේ සතුටින් ඉන්න.

    පියුමිට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබුණේ නැද්ද?

    උදයකාන්ත මහත්මයාගේ වස්සානේ සඳ චිත්‍රපටය නිසා මට ගොඩක් ආරාධනා ලැබුණා. මම හිතන්නේ නැහැ මම රංගනයට දක්ෂයි කියලා. ඒ නිසා නිර්මාණ භාරගත්තෙ නැහැ.

    පියුමි මියුසික් වීඩියෝවල රංගනයෙන් ඈත්වෙලාද?

    ඈත්වෙලා නැහැ. මට තිස්දාහට හතළිස් දාහකට කතා කරනවා. ඒත් ඒ මගේ බජට් එක නෙවේ. ඔමරිලතා වගේ හොඳ වැඩක් ලැබුණොත් විතරයි මම භාරගන්නේ.

    පියුමිගේ ගාණ ගෙව්වොත් ලැබෙන ඕනම චරිතයක් කරනවාද?

    නැහැ, මට පුළුවන් චරිත විතරයි මම භාරගන්නේ.

    සැබෑ ජීවිතේ පියුමි මොන වගේ චරිතයක්ද?

    මම සරල, සාමාන්‍ය, ‍පොළොවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්.

    පියුමිට හොඳ යාළුවෝ වගේම ඉරිසියාකාරයොත් ඉන්නවා කියන්නෙ ඇත්තද?

    පාසල් යන කා‍ලේ ඉඳන්ම ඉන්න අය තමයි මගේ හොඳම යාළුවෝ. ක්ෂේත්‍රයේ ගොඩක් අය මාත් එක්ක තරහයි. දැන් මම, මට ඇතිවෙන්න කාලා බිලා ජීවත්වෙන්න මුදල් හම්බ කරලා තියෙන්නේ. මිනිස්සු හරි කුහකයි අපි සතුටින් ඉන්නවාට.

    ඇත්තද පියුමි ළඟදි විවාහ වෙන්න යනවා කියන්නේ?

    හ්ම්, අපේ අම්මා මට විවාහ යෝජනාවක් ගෙනැත් තියෙන්නේ. ලබන අවුරුද්දේ අන්තිම වගේ බොහෝදුරට මම නැවත විවාහ වේවි.

  • ඔබ ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්න අපටත් ඉඩක් දෙන්න.. – අන්තරෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    ඔබ ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන්න අපටත් ඉඩක් දෙන්න.. – අන්තරෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

    මාලබේ සයිටම් ආයතනයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සහ අවශ්‍ය සහය ලබාදීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස අනතර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කර තිබේ.
    එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන ලිපියක් අද දිනයේ දී ජනාධිපතිවරයා වෙත යැවීමට කටයුතු කරන බවය. 
  • ඇස් නටවා ලොවක් උමතු කල පුංචි කෙල්ල ප්‍රියා හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු හේතුව මෙන්න…

    ඇස් නටවා ලොවක් උමතු කල පුංචි කෙල්ල ප්‍රියා හදිසියේම ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු හේතුව මෙන්න…

    ලොව ම එක්රැයකින් තම වසඟයට ගත්  ප්‍රියා ප්‍රකාශ් වෙත  යළි අවධානය යොමුව තිබෙනවා.

    ඒ ඇය රංගනයෙන් එක්වන Oru Adaar Love චිත්‍රපටය  (03) තිරගතවිය..

    මේ අතර ප්‍රියා සහ එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සමක් ගොනුකර තිබුණා.

    ඒ හයිද්‍රාබාද් පොලිසිය විසින්  එම චිත්‍රපටයේ එන Manikya Malaraya Poovi  ගීතයට එරෙහිව ගොනුකර ඇති නඩුවකට එරෙහිවයි.

    එහිදී පොලිසිය චෝදනා කරන්නේ එම ගීතයේ අන්තර්ගත පදරචනාව තුළින් ආගමික සහජීවනයට බාධාවක් එල්ලවන බවයි.

    ඇය ලෝකේ ම හඳුනාගත් ගීතය වන්නේ ද එයයි.

    ඇගේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ වේගයෙන් පැතිරෙන්නට පටන් ගැනීමත් සමඟ තරුණයන්ගේ සිත් සොරගත් මේ අලුත් රුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වූවා.

    කෙසේ වෙතත් කෙටි කාලයක් තුළ ලැබුණු ප්‍රසිද්ධිය මෙන්ම ඇයව අපහසුතාවයට පත්කරන සිදුවීම් ද පසුගිය කාලයේ සිදුවූවා.

    මේ අතර මේ වනවිට අන්තර්ජාලයට Priya prakash warrier ගේ බව සඳහන් කරමින් නිරුවත් ඡායාරුප එක්වෙමින් පවතින අතර බොහෝ දෙනෙකු එම ව්‍යාජ ඡායාරූප දැඩි පිළිකුලෙන් බැහැරකර තිබෙනවා.

    Oru Adaar Love නමැති පාසල් කාලයේ සිදුවන ආදර කතාවක් රැගෙන එන මෙම චිත්‍රපටයට මේ වන විටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

  • ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..

    ශ‍්‍රීලනිප කැබිනට් සංශෝධනය මේ සතියේ.. ජනපති ඇමතිකම් වෙනස් කරන අයුරු මෙන්න..

    බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට දඬුවම් දෙන බව සන්දාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    මොන රටක සැගවී සිටියත් කාගේ ආශිර්වාදය තිබුනත් ජාත්‍යන්තර පොලිසිය ලවා ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වා ගන්නා බවද ඔහු සදහන් කරයි.

    ශ‍්‍රිලනිපයේ කැබිනට් සංශෝධනය සතියක පමණ කාලයක් තුල සිදුවන බවත් ජනාධිපතිවරයා විසින් විද්‍යානුකූලව ඇමති මණ්ඩල බෙදීම මේ දිනවල සිදු කරමින් සිටින බවත් ඔහඑු වැඩි දුරටත් පැවසීය.

  • මැදපෙරදිගින් වස ගෙන්වා අපේ කෑමට දමා අඩු ගානට වස කවන ජාවාරමේ ඇත්ත කතාව මෙන්න..

    මැදපෙරදිගින් වස ගෙන්වා අපේ කෑමට දමා අඩු ගානට වස කවන ජාවාරමේ ඇත්ත කතාව මෙන්න..

    මුහුණු පොතේ සැරිසරණවිට එක්තරා පුද්ගලයකු විසින් දැන්වීමක් පළ කර ඇති අයුරු දැක ගන්නට හැකිවිය. එම දැන්වීමේ සඳහන් වී තිබුණේ විදේශ ආහාර වැලක ලැයිස්තුවකි.

    චීස්, පැස්ටා, සෝස්, ටොෆි, රසකාරක, සුප් වගේ ආහාර ද්‍රව්‍ය වැලක ලැයිස්තුවක් එහි විය. එසේම සිත් ඇදගන්නා සුළු ඡායාරූප වැලක් ද තිබිණි. ඊට යටින් ඔබේ අතේ ඇති මුදලට ඇති තරම් බඩු අපෙන් යනුවෙන්ද සටහන් කර තිබුණේය. එය දුටු සැණින් සිත් ඇදගන්නා නිසා එහි වූ අංකයට ලියුම්කරැ ඇමතුමක් ලබා ගත්තේය.

    ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ කාන්තාවක් විසිනි. ආයුබෝවන්… කියන්න ඈ කීය. මම මේ ඇඩ් එක දැකලා කතා කළේ. මට කියන්න පුළුවන්ද මේ බඩුවල ගණන් එහෙම කොහොමද කියලා

    සර් මෙහෙමයි තොගේට ගන්නවා නම් ගොඩක් අඩුයි. එකක් දෙකක් වගේ ගන්නවා නම් පොඩි අඩුවක් තියෙන්නේ ඈ කීවාය.

    මට කියන්නකෝ පොඩ්ඩක් ඔය චීස් රවුමක ගණන් එහෙම මම ඇසුවෙමි.

    සර් එකක් දෙකක් ගන්නවා නම් රුපියල් දෙසීයක් විතර වෙනවා ඈ කීය. දෙසීයක් කී සැණින් මම පුදුමයට පත් වූයෙමි. කෑලි අටක චීස් රවුමක් රුපියල් දෙසීයට දීම ඇත්තෙන්ම ලාබය. ඒ සැණින් මම ඇයගෙන් තොග මිලදී ගැනීම් ඇසුවෙමි.

    මෙහෙමයි සර් කෑලි දහයකට වඩා ගන්නවා නම් 180 ගාණේ දාන්න පුළුවන් එතරම් ලාබයක්. හිතා ගැනීමට නොහැකිය.

    මේ චීස් ජාතිය මොනවද? මා ඇසුවෙමි.

    මේක අලුත් ජාතියක්. කඩවල්වල වැඩියෙන් යන්නේ මේවා ඈ කීය.

    කොහෙන්ද මේවා ගෙන්නන්නේ ?

    එමිරේට්ස් කන්ට්‍රීවලින් යැයි ඈ කීය.

    හරි මම පස්සේ ගන්නම් කියා දුරකථනය විසන්ධි කළෙමි.

    එසේ විසන්ධි කළත් එහි සැකයක් තිබුණේය. මෙලෙස නමක් ගමක් නැති භාණ්ඩයක් ඔවුන් විකුණන ආකාරය සැබවින්ම සැකයකි. මම ඊටපසුදා ඇමතුමක් ලබා ගත්තෙමි. ඒ මීට පෙර මිලදී ගත් අයකු ලෙසය. එදින ඇමතුම ලබාගත්තේ තරුණයෙකි.

    මල්ලී මොනවද අලුත් බඩු ඇවිත් තියෙන්නේ? මම ඇසුවෙමි. එම ස්වරයෙන් ඔහු සැබවින්ම සිතුවේ මා මීට පෙර ඔවුන් සමඟ ගනුදෙනු කළ අයකු යැයි කියාය.

    අලුත් කිරිපිටි වගයක් ඇවිත් තියෙනවා. තව බිස්කට් වගයකුත් ඇවිත් තියෙනවා. ඔහු කීය.

    ආ එහෙමද..? මොනවත් වෙනස් කරන්න දෙයක් නෑනේ මම නිකමට මෙන් ඇසුවෙමි.

    නෑ… නෑ… ඩේට් එක ගැහුවම ඇති ඔහු එකවර කීවේය.

    ඔක්කොම ගහන්න ඕනද? මම නැවතත් ඇසුවෙමි.

    ඔව් සෙට් එකම ගහන්න ඕන.. ඔහු කීවේය.

    මඳ වේලාවකට පසු ඔහුගේ කීමෙන් වැටහී ගියේ එම භාණ්ඩවලට කාලය ඉකුත්වීම ඇතුළු තොරතුරු ඇතුළත් කළ යුතු බව කියාය.

    එසේම ඔහුත් සමඟ කතා බහ කරනවිට තවත් තොරතුරු රැසක් ගලාගෙන අවේය. එනම් මෙම ආහාර මෙරටට ගෙනෙන ආකාරය ගැනය.

    එම කෑම වර්ග මෙරටට ගෙන එන්නේ ගෘහසේවය සඳහා එරටට යන අපේ කාන්තාවන් හරහාය. ඔවුන්ට අයත් භාණ්ඩ අතර මෙම ආහාර වර්ගද එවන අතර එය ගෙන ඒමට එකඟ වූවාට මෙරටට පැමිණි පසු මුදල් දීම සිදුකරනු ලබයි. ඔවුන්ට අදාළ පාර්සලය ලබාදීම සඳහා එරට පුද්ගලයකු සිටින අතර දවසට පාර්සල් 3 ක් ස්ථිර වශයෙන් මෙරටට ලැබෙන බව ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙම ආහාර එරටදී විශාල අඩු මුදලකට මිලදී ගන්නා බව සඳහන් වේ. එලෙස අඩු මුදලට ලබා දෙන්නේ එම කෑම වර්ග කල් ඉකුත්වීමට මාසයක් පමණ තිබියදීය. ඒ එසේ ලබාගන්නා ආහාරවල කල් ඉකුත්වීමේ ලේබල ගලවා මෙරටට එවනු ලබයි. එසේ එවීමෙන් පසුව අදාළ ආහාරවලට වෙනම කල් ඉකුත්වීමේ දිනයක් ගසා වෙළඳපොළේ හිතවත් අයට ලබා දීමට මොවුන් විසින් කටයුතු කරන බව සඳහන් වේ.

    ඔහුත් සමඟ කතා කිරීමේදී හෙළි වුණේ මෙය ඔවුන් පමණක් නොව තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු විසින්ම සිදු කරන බවය. කෙසේ වෙතත් ඔහු කී හොඳම කාරණය නම් එලෙස විකිණීම සඳහා කිසිදු අවසරයක් අවශ්‍ය නොවන බව කියාය. විදේශීය ආහාර මෙරට තුළ විකිණීම සඳහා නීතියෙන් කිසිදු බාධාවක් නැතැයි ඔහු කීය. මේ නිසා තවම පොලීසියෙන් පවා බලපෑමක් ඇතිවී නැතැයිද ඔහු කීය.

    ඔවුන් පවසන පරිදි එම කෑම වර්ග විශාල වශයෙන් ගෙන යන්නේ කුඩාවට කඩ පවත්වාගෙන යන පුද්ගලයන් විසිනි. එය සත්‍ය කාරණයකි. සුපිරි වෙළෙඳ සලකට ගොස් හොඳම චීස් සෙවීමට වඩා රැපියල් 220 – 250 අතර ගණනකට චීස් පෙට්ටියක් මිලදී ගත හැකි නම්, රුපියල් 150කට සෝස් බෝතලයක් මිලදී ගත හැකි නම් ඕනෑම අයකු තමන්ගේ ගමේ කුඩා කඩයෙන් ඒවා මිලදී ගනු ඇත. කිසිදු සෙවීමකින් තොරව ආහාරයට ගනු ඇත.

    කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල තම පුරවැසියාට ලබාදෙන කෑම වර්ග ආහාර ගැන වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ රජයෙන්ය. ඒ තමන්ගේ රටේ පුරවැසියා නිරෝගිමත් ජාතියක් බවට පත් කිරීම රජයේ වගකීමක් බැවිනි. ආණ්ඩුවට පුරවැසියා බදු ගෙවන නිසා ඔහු ආරක්ෂා කිරීම තමා සතු යුතුකමක් ලෙස එරට ආණ්ඩු සිතයි. මේ නිසාම කල් ඉකුත් වූ ආහාර එරට ජනතාවට ආහාරයට තබා රටේවත් තබා නොගෙන මුහුදට දමන්නේ ඒ නිසාය. ඒ තමන්ගේ පුරවැසියාට ආදරේ නිසාය.

    එහෙත් අපේ රටේ එවැනි දෙයක් නැත. ඕනෑම අයකුට ඕනෑම ජරාවක් ලේබල් ගසා විකිණීමේ ලිහිල් ක්‍රමවේදයක් සකසා තිබේ. එසේම අදාළ ආහාර විකිණීම නීති විරෝධි වුවත් එහි ගුල්වලින් රිංගීමට පවා මෙරට ජාවාරම්කරුවන් පුරුදු වී ඇත. මේ නිසා මෙවැනි කළු කඩකාරයන් රට තුළත් අන්තර්ජාලය තුළත් පැටව් ගසනු ඇත. ඒ ප්‍රමිතියක් ගැන සොයා බැලීමට කිසිවකු නැති නිසාය.

    ඉහත කී වෙළෙඳුන් බොහෝමයකගේ ගබඩා පිහිටා ඇත්තේ කටුනායක, වත්තල සහ කැලණිය ප්‍රදේශය තුළය. මෙම ලිපිය දැකගත් ඔබ හෙට සිට ඇතැම්විට එම ආහාර මිලදී නොගෙන සිටනු ඇත. ඇතැම්විට ප්‍රතික්ෂේප කරනු ඇත. එහෙත් එය සාර්ථක වන්නේ නැත. එයට හේතුව නම් වැඩි කෑම කඩ ප්‍රමාණයක් සහ එවැනිම හෝටල් සංඛ්‍යාවක් ආහාරවලට දමන අමුද්‍රව්‍ය මිලදි ගන්නේ මේ පිරිස් හරහා වීම නිසාය. කටට රහට චයිනීස් කෑමට පුරැදු වී සිටින අප කෑමට ගන්නේද මේ කල් ඉකුත් වූ රසකාරක බව අප අමතක කළ යුතු නැත.

    කඩේ මිලදී ගන්නා ආහාර ද්‍රව්‍යවලට වඩා දෙගුණයක මුදලක් අඩුකර ලබා දීමට ඔවුන් සුදානම් නිසා කුඩා වෙළෙඳුන් සහ අරක්කැමියෝ එම ස්ථානවලින් මේ ආහාර වර්ග මිලදී ගැනීමට පුරැදු වී සිටිති. කෙසේ වෙතත් එලෙස සැපයුම් කොන්ත්‍රාත්තුවක් ලබාදෙන පුද්ගලයකුට වෙනම කුඩා මුදලක් ලබා දීමට ද ඉහත කී ජාවාරම්කරුවන්ගේ පුරුද්දය.

    කෙසේ වෙතත් නොනවත්වා සිදු කෙරෙන මෙම ජාවාරම කවදා නවතීද නැද්ද යන්න දන්නේ නැත. එසේ නැවැත්වෙන පාටකුත් නැත. එයට හේතුව නම් මිලදී ගැනීමට විශාල පිරිසක් ඉන්නා නිසාය.

    කෙසේ වෙතත් පහුගිය දින ටිකේම ප්‍රචාරය වුණේ වඳ පෙති දමා ආහාර සකසන බවය. එහෙත් ඇත්ත නම් වඳ පෙති නොව මෙවැනි කල් ඉකුත් වූ ජරාව දමා කෑම දීමට මෙරට වෙළෙඳුන් පුරැදුව සිටීමය. කෙසේ වෙතත් මේ හරහා වඳ වීමටත් වඩා සොයා ගත නොහැකි දරුණු ලෙඩ සැදීමේ අවදානමක් ඇත. ඒ නිසා රටක් හැටියට නොපෙනෙන දෙයට වඩා පෙනෙන දෙයට සටන් කිරීමෙන් හත්මුතු පරම්පරාවම බේරගත හැක. එකී බේරා ගැනීමේ වගකීම රටේ පාලකයන්ට ද ඇත.

  • පොහොට්ටුවේ දැවැන්ත ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට.. ප්‍රබලයන් ඉවත්වන ලකුණු…

    පොහොට්ටුවේ දැවැන්ත ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට.. ප්‍රබලයන් ඉවත්වන ලකුණු…

    මහ මැතිවරණයක් ඉල්ලා රැලි පැවැත්වීම පසෙකලා පළාත් පාලන මැතිවරණයෙන් (පොහොට්ටුවට) ලැබුණු බලය වඩාත් ශත්කිමත් කර ගැනීමට අදාළ පළාත් පාලන ආයතන ශක්තිමත්ව පිහිටුවීමට වැඩි අවධානය යොමුකරන ලෙස බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂයේ ප්‍රධානීන්ගෙන් කරන ලද ඉල්ලීමකට එම පක්ෂයේ විරෝධයක් මතුව ඇති බැව පැවසේ.

    මේ විරෝධය එල්ලවී ඇත්තේ කාලයක සිට ඒකාබද්ධ විපක්ෂයේ සිටිමින් බැසිල් විරෝධය ගෙනගිය අයගෙන් බවද පැවසේ.

    ඉකුත් ජයග්‍රහණය බැසිල් රාජපක්ෂ මහතාගේ සැලසුම් හා සංවිධාන ශක්තිය ඉස්මතුවන කාරණාවක් බැවින් එය යටපත් කිරීමට මේ විරෝධය මතුව ඇති බවද වාර්තා වේ.

    විරෝධය මතුකරන පිරිස පසුගිය කාලයේදී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමට ද විරෝධය දක්වා තිබිණි.

    එම මැතිවරණයේදී ශ්‍රීලනිපය සමඟ ඡන්දය ඉල්ලීමට ද යෝජනා කළ මේ පිරිස පසුගිය කාලයේ ශ්‍රීලනිපය සමඟ ආණ්ඩු පිහිටුවීමද උත්සාහ කළේ අදාළ බැසිල් විරෝධය නිසා බව පැවසේ.

    පළාත් පාලන මැතිවරණ සමයේදී පොහොට්ටුවේ පුවත්පත් සාකච්ඡාවකට හෝ සහභාගි නොවූ මේ පිරිස පොහොට්ටුව ජයගත් වහාම නෙළුම්මාවතේ පොහොට්ටු කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා අත්නොහැර පැමිණි බවද වාර්තා වේ.

    මහ මැතිවරණයක් ඉල්ලමින් ක්‍රියාත්මක රැලි මාලාවේ පළමු රැලිය ලබන 07 වැනිදා නුගේගොඩදී පැවැත් වේ.

    ඇයි බැසිල්ට විරුද්ද ?

    බැසිල් රාජපක්ෂ මහතාට විරෝධය දැක්වීමට හේතුව ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධ ඊර්ශ්‍යාවදැයි අප බැසිල් විරෝධී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔහුගේ ජය සම්බන්ධයෙන් ඊර්ශ්‍යාවක් නොමැති බවත් ඇත්තේ ඔහු හිතුමතේ ගන්නා තනි තීන්දු නිසා ඒවායේ ප්‍රතිවිපාක කණ්ඩායමකට විඳීමට සිදුවීම සම්බන්ධ ගැටලුවක් බවත් ඔහු කියා සිටියේය.

    කෙසේවුවද, රොෂාන් රණසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වීම මෙන් ම විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් ඉවත් වීම යන කරුණුවලට ද බැසිල් මහතාගේ ක්‍රියාකාරිත්වය බලපා ඇතැයි අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි.

    නිමල් ලංසා රට යයි !

    බැසිල් රාජපක්ෂගේ සමිපතම දේශපාලකඥයෙකු වු නිමල් ලංසාද මේ වන විට මීගමුව පොහොට්ටුව කණ්ඩායම තුල බරපතල අර්බුදයකට මුහුණ දි සිටි.

    ඒ අතිරේක ලයිස්තුධුර මන්ත්‍රින් පත් කිරිම අර්බුදයක් වි තිබිම නිසාය.

    මෙහිදි නිමල් ලංසාට පත්කිරිම් පිළිබදව උපදෙස් ලැබි අැතැයි සදහන් වන්නේ බැසිල් රාජපක්ෂ විසින් එසේ කිය ඇති බවය.

    මේ සියළු  අර්බුද මෙසේ වර්ධනය වෙමින් තිබියදි නිමල් ලංසා ඊයේ ඕස්ට්‍රෙලියාව බලා යළිත් පිටත්ව ගොස් ඇතැයි වාර්ථා වේ.

  • අද දින සිට මම නිහඩයි – සියල්ල අතහරින අනිත්‍යය මෙනෙහි කරන පනසලේ සිට මහින්දගෙන් ප්‍රකාශයක්..

    අද දින සිට මම නිහඩයි – සියල්ල අතහරින අනිත්‍යය මෙනෙහි කරන පනසලේ සිට මහින්දගෙන් ප්‍රකාශයක්..

    ඊයේ 03 දින සිට තම සියලු දේශපාලන කටයුතු නිහව සිදු කරන බව කු.පා.ම  මහින්ද රාජපක්ෂ පවසනවා.

    වසර ගණනාවක් තිස්සේ ලැබුණු ජය සහ පරාජය තුල වූ අත්දැකීම් තුලින් තමන් දේශපාලන වේදිකාව තුල හෙම්බත් වී ඇති බවද දැන් වෙනසකට කාලය බවද රත්මලාන තෙලවල ස්වර්ණමාලි විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය…
    .
  • රැකියා නොමැති උපාධිධාරීන්ට ඉදිරි මාස 06තුල උපාධියට සරිලන රැකියා.. ජනපතිගෙන් සහතිකයක්..

    රැකියා නොමැති උපාධිධාරීන්ට ඉදිරි මාස 06තුල උපාධියට සරිලන රැකියා.. ජනපතිගෙන් සහතිකයක්..

    රැකියා නොමැති සියලූ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි මාස 06 තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

    පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් කල්දැමුණු සම්මුඛ පරීක්ෂණ ද ඉදිරි මාස දෙක තුළදී පවත්වන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

    මඩකලපුව වෙබර් කී‍්‍රඩාංගණයේ පැවති මඩකලපුව දිස්ති‍්‍රක්කයේ උපාධිධාරීන් සඳහා ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළා.

    උපාධිධාරීන් දෙසිය දෙනෙකුට සහ ඩිප්ලෝමාධාරීන් හතළිස් දෙදෙනෙකුට මෙහිදී පත්වීම් ප‍්‍රදානය කෙරුණා.

    උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ නැගෙනහිර පළාතේ ගුරු වෘත්තීයේ මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ පළාත් ආයතනවල පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවයි.

  • අම්පාරෙන් නැවත කරලියට ආපු ‘‘සතකුප්ප‘‘ වලට කොල්ලෝ කෙල්ලෝ වඳවෙනවද? ඇත්ත මෙන්න..!!

    අම්පාරෙන් නැවත කරලියට ආපු ‘‘සතකුප්ප‘‘ වලට කොල්ලෝ කෙල්ලෝ වඳවෙනවද? ඇත්ත මෙන්න..!!

    පසුගියදා අම්පාරේ ඇතිවුනු සිදුවීමත් සමඟ බොහෝ දෙනා වඳපෙති කියන්නෙ මොනවද..? එහෙම දෙයක් තියෙනවද..? වඳභාවය ඇති වෙන්නෙ කොහොමද..? මේ වගේ ගොඩක් ප්‍රශ්න ගැන විමසා බලන්නට වුනා. කොහොම වුනත් මේ ගැන කතාබහ කරන අතරතුරේ සතකුප්ප කියන ආයුර්වේදයේ භාවිතා කරන ඖෂධය ගැනත් ලොකු කතාබහක් ඇතිවුනා. ඒ වගේම පසුගිය කාලයේ තුනපහ වර්ග වලට සතකුප්ප මිශ්‍ර කරලා ආනයනය කරපු කණ්ඩායමක් ගැන පාරිභෝගික සේවා අධිකාරියත් අනාවරණය කරලා තිබුණා.

    දිගින් දිගටම අන්තවාදී කණ්ඩායම් විසින් මෙවැනි ක්‍රියාවන් සිදුකිරීම තුල ‍බොහෝ දෙනාට සැකයක්ව පැවතියේ සතකුප්ප තුලින් වඳ භාවය ඇතිකල හැකිද යන්න පිළිබඳවයි.

    සතකුප්ප ආයුර්වේදයේ බෙහෙවින් භාවිත කෙරන ඖෂධයක් වුනත්  ගර්භණී සමයේ හා කිරිදෙන සමයේ කාන්තාවන්ට සතකුප්ප නිර්දේශ නොකෙරන බව ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන්ගේ පෙන්වා දෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවද සතකුප්ප ගැබිණි හා කිරිදෙන මව්වරුන්ට අහිතකර බව සඳහන් වෙනවා.

    සතකුප්පවල විටමින් ‘ඊ’ ඇති නිසා දරුවන් පිළිසිඳ ගැනීමේදී එය උපකාර වන බවද ඇතැම් ආයුර්වේද වෛද්‍යවරු පෙන්වා දුන්නද පිළිගත් මතය වන්නේ සතකුප්ප ආවාට ගියාට භාවිත නොකළ යුතු මෙන්ම නිතර ආහාරයට නොගත යුතු ද්‍රව්‍යයක් බවයි.  එසේ වුවත් සූදුරුවලට මිශ්‍ර කළ සතකුප්ප මෙන්ම සූදුරු යයි පවසමින් ආනයනය කළ සතකුප්පද පසුගිය කාලයේ අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති කාරණය තවමත් අභිරහසක්.

    ඒ වගේම ආයුර්වේදයට අනුව ගර්භාෂ සංකෝචන ද්‍රව්‍යයක් සේ සැලකෙන සතකුප්ප, ඇතැම් ජන කණ්ඩායම් ගබ්සා කිරීම සඳහා භාවිත කරන බවද සඳහන් වෙනවා.

  • ‘වඳ පෙති’ ගැන රටම පිළිගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන කතාව මෙන්න..

    ‘වඳ පෙති’ ගැන රටම පිළිගත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියන කතාව මෙන්න..

    අම්පාර නගරයේ පසුගියදා සිදු වූ සිද්ධියත් සමග සමාජයේ දැඩි කථිකාවතක් ඇති වී තිබෙන ‘වඳ පෙති’ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එම නිවේදනය පහතින් දැක්වෙයි.

  • පූජ්‍ය කුසලධම්ම හිමියන්ගේ අපවත් වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්! ඇත්ත කතාව මෙන්න..

    පූජ්‍ය කුසලධම්ම හිමියන්ගේ අපවත් වීම සැලසුම් සහගත කුමන්ත්‍රණයක්! ඇත්ත කතාව මෙන්න..

    පූජ්‍ය ධරණාගම කුසලධම්ම නා හිමියන් මෙසේ අසාධ්‍ය තත්වයට පත් වීම සහ ඒ සමග උන්වහන්සේ සතු බෞද්ධයා නාළිකාව ප්‍රධාන මාධ්‍ය ජාලය ඇතුළු දේපොළ සම්බන්ධයෙන් මෙම කුමන්ත්‍රණය දියත් වන බව අප පසුගියදා අනාවරණය කළා.

    කුමන්ත්‍රණකාරී ලෙස වෛද්‍ය පරීක්ෂණ සඳහා ඇමරිකාවට වැඩම කර සිටී බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘ සහ කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති ධරණාගම කුසලධම්ම නා හිමියන් එරට සුපිරි රෝහලකදී අනපේක්ෂිත ලෙස හදිසියේම අසාධ්‍ය තත්වයට පත්වු අතර පසුව උන්වහන්සේ යලිත් ලංකාවේ රෝහලකට ඇතුලත් කිරිමෙන් පසුව සුව අතට හැරෙමින් සිටි අතර අද උදෑසන උන්වහන්සේ අපවත් වි ඇති බව lankaleaks වාර්තාකරු සදහන් කළා.

    උන්වහන්සේ අපවත්විමත් සමග මේ වනවිට කලබලකාරි තත්ත්වයක් හටගෙන ඇති අතර ඊට හේතු වි ඇත්තේ උන්වහන්සේගේ දේහය නිසියාකාර පරික්ෂණයක් සදහා යොමුකරන ලෙස ඥාතින් ඇතුලු දායක සභාවේ කණ්ඩායමක් ඉල්ලා සිටිමත් එයට විරුද්ධව කුසලධම්ම හිමියන්ගේ දේපළ කොල්ල කැමට උන්වහන්සේගේ ඝාතන කුමන්ත්‍රණ මෙහෙයුම් දියත් කල ගෝඨා කල්ලිය රටේ නීතිය හසුරුවන පොලිසිය සහ වෛද්‍යවරුන් මුදල් බලයෙන් හසුරුවමින් සිටින බවයි lankaleaks වාර්තාකරු අනාවරණය කළේ.

    ජනවාරි 05 වැනිදා අප කුසලධම්ම හිමියන් ඝාතනය සදහා කුමන්ත්‍රණයක් දියත් කරමින් තිබේන බව අප පලමුව අනාවරණය කල අතර එතැන් සිට කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පියවරෙන් පියවර සාක්ෂී සහිතව අනාවරණය කිරිමට අප කටයුතු කළා.

    රටේ පවතින කාලකණ්ණි නීතිය සහ නීතිය හසුරුවන වද පිදුන බලවතුන් හේතුවෙන් රටට සම්පතක්වු මහ සංඝ පරපුරක් අකාලයේ රටට අහිමි වු බව නොරහසකි.අප කොතරම් සත්‍ය හෙලිදරව් කලද මුදලට ගිජු මෙන්ම බලයෙන් මොහොනයට පත්වු අමනයන් මේ රට ගිලගන්නා තුරු බලා සිටිම රටේ ජනතාව මෙන්ම දේශප්‍රේමීයෙන් මත්ව කෑ ගසන මොඩයන් තවදුරටත් සුදානම් ද?

  • පළාත් පාලනය Hot කරපු රටම කතාවෙන වාර්තාවක් තියපු අනුරපුරේ පුංචි කෙල්ල මෙන්න…

    පළාත් පාලනය Hot කරපු රටම කතාවෙන වාර්තාවක් තියපු අනුරපුරේ පුංචි කෙල්ල මෙන්න…

    ලංකාවේ ළාබාලතම පළාත් පාලන නියෝජිතවරිය ලෙස පසුගියදා 10දා පැවැති පළාත් පාලන මැතිවරණයට තරග කරමින් දිවයිනේ ළාබාලම නගර සභා මන්ත්‍රීවරිය ලෙස වාර්තා පොත් අතරට යාමට අනුරාධපුරයේ පදිංචි විසිඑක් හැවිරිදි සචිනි නිමේශා කාරියවසම් මෙනවිය පසුගියදා සමත් වූවාය. 

    (පොහොට්ටුවෙන්) අනුරාධපුර නගර සභාව සඳහා තුන්වන පියවර, සිරිමෙවන් උයන කොට්ඨාසයෙන් තරග කළ සචිනි නිමේශා ඡන්ද 918ක් ලබා, එම කොට්ඨාසය තරග කළ අනිකුත් අපේක්ෂකයන්ට වඩා වැඩි ඡන්ද 272ක් ලබාගෙන ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.

    සචිනි, ඔබේ පවුලේ විස්තර මුලින් කිව්වොත්?

    මගේ පියා දුර බැහැර පොලිස් ස්ථානයක පොලිස් නිලධාරියෙකු ලෙස සේවය කරනවා.  මව රජයේ රැකියාවක් කර විශ්‍රාම සුවයෙන් කාලය ගත කරනවා. මම පවුලේ වැඩිමලා,  මට නංගි සහ මල්ලියෙක් ඉන්නවා. තවම ඒ අය ඉගෙන ගන්නවා.

    මව හෝ පියා දේශපාලන තනතුරු දරා තිබෙනවාද?එම නිසා ඔබ දේශපාලනයට පැමිණියාද?

    මව හා පියා රජයේ රැකියා තමයි කළේ, දේශපාලන තනතුරු දැරුවෙ නෑ. 

     

    අධ්‍යාපන කටයුතු කොතරම් දුරට හදාරා තිබෙනවද?

    විශේෂයෙන් මතක් කරන්න ඕන කුඩා කල සිට මම ඉගෙනගත් පාසල, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා ජාතික පාසලෙන් තමයි මම ඉගෙන ගත්තේ. මා විශිෂ්ට ලෙස  අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරුවා. මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රවේශය  බලාපොරොත්තුවෙන් සිටිනවා.

    නගර සභාවේ ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලබා නායකත්වයක් ගෙන, ගමට  කොට්ඨාසයට වැඩක් කළ හැකිද?

    පාසලේ ශිෂ්‍ය නායිකාවක් ලෙස කටයුතු කළා. ගමේ ක්‍රීඩා සමිතියේ ලේකම් ධුරය දැරුවා. අපේ ගමේ ආගමික වැඩසටහන්, දන්සැල්, අවුරුදු උත්සව වැනි පොදු කටයුතුවලදී මූලිකත්වය ගෙන ක්‍රියාකාරීව වැඩ කරනවා. ඒ නිසා නායකත්වයට බියක් දැනෙන්නෙ නෑ. උගත් බුද්ධිමත් පිරිසගේ සහයෝගය, අවවාද නිරන්තරයෙන් මට ලැබෙනවා.

     

    නගර සභාවේ මන්ත්‍රීවරියක් වෙලා ගම වෙනුවෙන් මොනවද කරන්නේ?

    මන්ත්‍රී ධුරය ලැබෙන්න පෙර සිටම අපි පදනමක් පිහිටවලා කොට්ඨාසයේ ජනතාවගේ ගැටලු හඳුනාගෙන, ගමේ පොදු වැඩ  කටයුතු  සඳහා ක්‍රියාකාරීව වැඩ  කරනවා. ක්‍රියාකාරී මන්ත්‍රී ධුරයක් ලැබුණොත් එය ගොඩක් පිටුවහලක් වෙයි ගමේ අයට වගේම කොට්ඨාසයේ පිටටත් වැඩ කරන්න.

    ඡන්ද ව්‍යාපාරයේ නිරත වනවිට ගමේ අයගේ දායකත්වය හා අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?

    සමහර අම්මලා,  අක්කලා, නංගිලා, සිප වැලඳ ගත්තා මාව, මම ඡන්දය ඉල්ලන සතුටට. ඒ අය නිරන්තරයෙන් කියා සිටියේ තරුණ උගත් ළමයෙක් ඡන්දය ඉල්ලන එක සතුටුයි කියලා. එම නිසා මම තව තවත් ධෛර්යමත් වුණා.

    මෙම කොට්ඨාසයේ අනෙකුත් ඡන්දය ඉල්ලපු අපේක්ෂකයන් ඔබට අභියෝගයක් වුණාද?

    අපොයි ඔව්. ලොකු අභියෝගයක් තිබුණා. අනෙක් ප්‍රධාන පක්ෂ තුනේ අය දැනගෙන හිටියා මම ජයග්‍රහණය කරනවා කියලා. අපේ කොට්ඨාසයේ එම පක්ෂ තුනේ අය එකතු වෙලා වැඩ කළා මාව වට්ටන්න. සමහරු ප්‍රචාරයක් ගෙන ගියා ළදරු දේශපාලනය කියලා. මාව මානසිකව වට්ටන්න ගොඩක් අය උත්සාහ කළා. පැහැදිලිවම අනෙක් අයගේ දේශපාලන ක්‍රියාකාරකම් මට ආශිර්වාදයක් වෙලා ඒ අයගේ ඡන්ද මට ලැබුණා. බොරු පැමිණිලි පොලීසියට දීලා පොලීසිය ඇවිත්  වත්තෙ තිබුණු කටවුට් පවා ගලවගෙන ගියා. මගේ දෙමවුපියන් ගමේ ජනතාව සමග තිබූ බැඳීම සහෝදරත්වය තමයි මේ ජයග්‍රහණයට ප්‍රධානම හේතුව වුණේ.

    ඡන්දය දිනලා කියලා දැනගත්තහම මොනවද දැනුණේ? මුලින්ම කාටද ඒ ගැන කිව්වෙ?

    ඡන්දය ගණන් කරන මධ්‍යස්ථානයක තමයි මම හිටියේ. එම මධ්‍යස්ථානයේ ඡන්දය ගණන් කළාට පස්සේ මම දැනගත්තා එම ඡන්ද මධ්‍යස්ථානයේ දී මම ජයග්‍රහණය කර තිබෙන බව. තවත් තැනක දැනගත්තා මට ඡන්දය වැඩියි කියලා. පසුව දැනගත්තා කොට්ඨාසයේම මම ජයග්‍රහණය කර තිබෙන බව. මගේ සතුට තවම පිටකරගන්න බැහැ. 

    පළාත් පාලන මැතිවරණය තරග කරලා ජයග්‍රහණය කළ ළාබාලම කාන්තාව කියලා දැනගෙන ඉහළ පෙළේ පක්ෂ නායකයන් කතා කළාද?

    නැහැ කතා කළේ නෑ. මම හිතන්නේ ඒ අය එහෙම දෙයක් දන්නේ නැතුව ඇති.

    ජීවිතේ පළමු වතාවට ළාබාල තරුණියක් ලෙස පරිණත දේශපාලනඥයන්  සමග නගර සභාවේ එකට වැඩ කටයුතු කරන්න සූදානම් ද?

    ඒ පරිණත අයත් ගොඩක් හිතවත් වේවි කියලා මම හිතනවා.

    අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ ?

    මා ඉහත මතක් කළ අයට අමතරව ගමේ මගේ යාළුවන්, නෑදෑයන්, ප්‍රදේශයේ සිටින ගුරුභවතුන් මට ගොඩක් උදව් කළා. විශේෂයෙන් කිව යුතුයි මේ කොට්ඨාසය හා ඉන් පිටත තරුණ පිරිස් ගොඩක් කැප වෙලා ඡන්ද ප්‍රචාරක වැඩවල නිරත වුණා. අම්මගෙ යාළුවො  උදව් කළා. ගමේ බොහෝ අය හිටියා පරම්පරාවෙන් කැපුවත් නිල්, කැපුවත් කොළ, රතු කියලා. එවැනි බොහෝ පිරිසක් ජීවිතයේ ප්‍රථම වරට ඒ අය මම නිසා පක්ෂය මාරු කරලා මේ පාර මට ඡන්දය දුන්නා. මම ඒ අයටත් හිස නමා ආචාර කරනවා.  නම් කියූ, නොකියූ සියලුම දෙනාට ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

  • අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්….

    අන්තර්ජාතික අධිකරණ අපේ රටට එපා.. රටවල් පහක ඉල්ලීමට ජනපතිගෙන් දරුණු පිළිතුරක්….

    අන්තර් ජාතික අධිකරණය පිළිගන්නා ලෙස රටවල් පහක්‌ කළ ඉල්ලීම අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

    ජිනීවා නුවර ආරම්භ වී ඇති 37 වැනි මානව හිමිකම් සමුළුව වෙත ශ්‍රී ලංකාව ඉටු කළ යුතු නිර්දේශයක්‌ ලෙස  ලැට්‌වියාව, ස්‌ටෝනියාව, මැසිඩෝනියාව, ඔස්‌ටේ්‍රලියාව ඇතුළු රටවල් පහක්‌ එම ඉල්ලීම කර ඇත.

    අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ  ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර ඇත්තේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කිසිම පිටස්තරයෙකු අතපෙවිය යුතු නැත යන ස්ථාවරයේ සිටිමිනි…

  • නිවස ඉදිරියේදී පහරකෑමට ලක්වූ කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපතිගේ ඇත්ත කතාව මෙන්න…

    නිවස ඉදිරියේදී පහරකෑමට ලක්වූ කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපතිගේ ඇත්ත කතාව මෙන්න…

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශාල අවධානයක් දිනා ගත් ප්‍රදේශයක් ලෙස කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව හැදින්විය හැක..
     
    එහි තරගකාරිත්වය කෙසේද යත් එහි බලය පිහිටුවීම මේ වනවිට උභතෝකෝටික ගැටළුවක් බවට පත්ව ඇති අතර එජාපය සමග එක්ව ශ්‍රීලනිපය ප්‍රාදේශීය සභාව තම බලයට නතු කරගනු ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කර ඇත…
     
    කෙසේවෙතත් මැතිවරණය නිමාවෙත්ම  කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ප්‍රචණ්ඩත්වය හිස ඔසවිමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණු අතර එහි උච්චතම අවස්ථාව වන්නේ 2018.02.23 දින රාත්‍රී 7.40ට පමණ කොලොන්නාව නිදහස් තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රසන්න මඩවල මහතා මානිගමුල්ල ප්‍රදේශයේ තම නිවස ඉදිරියේදීම මැර ප්‍රහාරයකට ලක්වීමය..  
     
    යතුරුපැදියකින් තම මෝටර් රථය පසුපසින් පැමිණි මැර පිරිසක් තරුණ පෙරමුණේ සභාපතිවරයාට සහ එම ගැටුම සමනය කිරීමට පැමිණි ප්‍රදේශවාසීන්ට පොලු වලින් පහරදුන් අතර මඩවල මහතාගේ මවද හිසට සිදුවූ දරුණු තුවාල සමගින් රෝහල් ගත කිරීමට සිදුවිය…
     
     ඒ අනුව මඩවල ගොතටුව පොලිසියට සිදුකල පැමිණිල්ලකට අනුව පැමිණිලි අංක CIB 2/91/107 යටතේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක අතර නඩු අංක  B/89491/2/18 යටතේ අලුත්කඩේ අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත…
     
    අපට වාර්තා වන සිදුවීම මෙලෙසය…
     

    මේ සිද්ධිය සිදුව ඇත්තේ  2018.02.23 දින රාත්‍රී 7.30 – 8ත් වන අතර මඩවලගේ මෝටර් රථය පසුපසින් ආපු යතුරු පැදි කරුවෙක් මඩවලට නිවසින් එලියට එන ලෙස පවසා ඇත.. ඔහු පාරේ තම රථය ධාවනය කරගෙන පැමිණෙද්දී මාර්ග නීති කඩලා ධාවනය  ඉස්සර කරන්න පැමිණි අතර මඩවල විසින් බොහොම අමාරුවෙන් අනතුරක් වලක්වාගෙන ධාවකයාට යාමට ඉඩ ලබාදී ඇත…

     

    මඩවල නිවසට පැමිණි පසු ධාවකයා අඩගැසූ බැවින් මඩවල ගෙදරින් එලියට පැමිණ ඇත.. 

    අඩෝ උබ ***** හයිය අරන්ද *සිගේ පුතෝ කියාගෙන ඔහු මඩවලට බැනවැදී ඇති අතර වාර්තා වන අන්දමට මඩවල පවසා ඇත්තේ  මල්ලි මෙතනට දේශපාලනය අදාළ නෑ.. ඔයානේ වාහනේ වැරදියට පැද්දේ.. එය කියනවත් සමගම කුපිත වූ ධාවකයා තම ෆුල් ෆේස් හෙල්මට් එකෙන් මඩවලට පහර දී ඇත..  කෙසේවෙතත් මඩවල පහර වළක්වාගෙන උදවු ඉල්ලලා කෑගහනකොට මඩවලගේ ඤාති මල්ලි කෙනෙකුයි ප්‍රදේශවාසිනුයි එතනට ඇවිත් මඩවලට පහරදෙන එක වලක්වා  පධාවකයාව පලවා හැර ඇත…..

    අනතුරුව කුපිත වූ අදාළ ධාවකයා

    *රි *න්නයා තොගේ ****** අපි බය නෑ *ත්තෝ. තොගේ **** *බයට ගිහින් *කපන්.  බලාපිය තොට මම කරන දේ කියමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර විනාඩි 05කින් මැරයෝ එක්කගෙන ඇවිත් සියලුදෙනාටම පහරදී ඇත.. මඩවලගේ මවට ඔලුවට පහර වැදී තුවාලත් සිදුවී ඇති අතර  ප්‍රදේශවාසින් පිරිසකුත් පහරකෑමට ලක්වඇත.

    වාර්තා වන අන්දමට මඩවල සිදුකල පැමිණිල්ලට නිසි ආකාරයෙන් නිතිය ක්‍රියාත්මකව නැත. විශ්වාසකටයුතු ආරංචි මාර්ග සදහන් කලේ  පොලිසිය විසින් අදාල විත්තිකරුවන් 12 දෙනා අතරින් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉර්ෂාඩ් නමැති  තරුණයෙකු පමණක් වන අතර  2018.02.25 දින ගොතටුව ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමි නමක් විසින් එක් අයෙකු පොලිසියට භාරදී ඒ සමගම ඔහුට ඇප ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා ඇත

    එම සැකකරුවා ඩිල්ෂාන් වන අතර, ඔහුගේ සීයා මේ වන විට එම විහාරස්ථානයේ කටයුතු වල නිරත වෙලා ඉන්න බැවින්  මේ සියා වෙනුවෙන් පන්සලේ හාමුදුරුවෝ සැකකරුවන් රකින්න ක්‍රියා කරනවා යැයි ප්‍රදේශවාසියෙක් අප සමග පැවසිය…

    ඉහත විත්තිකරුවන් දෙදෙනා 2018.02.26 වන දින අලුත්කඩේ අංක 04 උසාවියට ඉදිරිපත් කළ අතර අවසානයේ පොලිසිය ඔවුනට ඇප ලබාදෙන්න කටයුතු කර ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කලේ  මේ සිදුවීම පසුපස පොහොට්ටුවේ වගේම එජාපයේ පැත්ත හොල්ලගෙන ඉන්න අයියලා සෙට් එකක් සිටින බවයි…. 
    මඩවලට පහරදුන් සිද්ධියට අදාල ප්‍රධාන සැකකරුවන් වන චානක නොහොත් අක්කු සහ ලහිරු නොහොත් ගඩ්ඩා, ඩිල්ෂාන්, චානක ඇතුලු වෙනත් කිසිදු සැකකරුවකු අත්අඩංගවට ගන්න පොලිසිය සමත් වී නැත..
     
    විහ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව මඩවලට පහරදුන් ලහිරු නොහොත් ගඩ්ඩා කියන පුද්ගලයා මත්දුව්‍ය  විකුණන අයෙක් ලෙස ප්‍රකට වී ඇති අතර පොලිසිය මොවුන්ව අත්අඩංගුවට නොගන්නනා බවටද චෝදනාවක් ඇත..
    කෙසේ වෙතත් එහි ප්‍රතිපලයක් ලෙස ගොතටුව, මානිගමුල්ල, ඇල්හේන, මාදින්නාගොඩ ප්‍රදේශවල අද පාතාල ක්‍රියා, මත්දුව්‍ය අලෙවි කිරීමේ මධ්‍යස්ථාන අතු පිපෙන්නාක් මෙන් වැඩි වී ඇත…
     
    පසුගිය මැතිවරණයේදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවන්න  කොලොන්නාව තරුණ පෙරමුණේ සභාපති ලෙස උපරිම දායකත්වයක් ලබාදුන් මඩවලට සිදුකල පහරදීම ලබපු පරාජයත් එක්ක නිදහස් පාක්ෂිකයා බියගන්වන්න සිදුකරන ක්‍රියාකාරකම් රැල්ලක උපරිම සිදුවීමක් ලෙස සදහන් කල හැක..
  • වඳ පෙති තුලින් කරලියට පැමිණි අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව මෙන්න..!!

    වඳ පෙති තුලින් කරලියට පැමිණි අම්පාරේ හෝටල් හිමිකරු මුල් වරට මාධ්‍යයට කියන කතාව මෙන්න..!!

    ආපන ශාලාවකින් මිලදීගත් ආහාරවල වඳ බෙහෙත් කිබුනායැයි කියන සිදුවීමක් මුල්කරගත් ගැටුම පසුගිය දිනකිහිපයේම ආන්දෝලනාත්මක තත්වයක් ඇති කලා. මෙම සිදුවීම පිළිබඳව විවිධ පාර්ෂව විවිධ අදහස් දක්වද්දී ආපන ශාලාවේ හිමිකරුත් මෙම සිදුවීම පිළිබඳව මාධ්‍යයට කියලා තිබුණා.

    ඒ. එල්. ෆර්සිත් නමැති අදාල ආපනශාලාවේ හිමිකරු එම සිදුවීම පිළිබඳව පුවත්පතකට ප්‍රකාශ කර තිබුනේ මෙවැනි අදහසක්. 

    ඇත්තටම මොකද වුණේ?   

    මම මගේ කඩය පටන් අරන් මාස තුනයි. කුළී පදනමෙන් තමයි මේ කඩය අරගත්තෙ. සිංහල මුස්ලිම් ගොඩක් දෙනා මගේ කඩයට එනවා. මේ සිද්ධිය වූ දා රෑ 10ට විතර මේකට මුල් වූ තැනැත්තා ඇවිත් හරක් මස් ඉල්ලුවා. මගේ කඩේ රෑ හත – හතහමාර වෙද්දි හරක් මස් ඉවර වෙනවා. ඒ හින්දා මම මගේ සේවකයින්ට කන්න තියෙන හරක් මස් ඔහුට යැව්වා.   

    හරක් මස් විතරද?   

    හරක් මස් එක්ක පරාටා යැව්වා. තව කුකුළු මස් හොදි එක්ක පරිප්පු යැව්වා.   

    ඉන් පස්සෙ?   

    පරාටා එකේ පොඩි පිටි ගුලියක් තිබිලා තියෙනවා. ඒක වේටර් කෙනෙක්ට පෙන්නලා ඔහු ප්‍රශ්න කරලා තියෙනවා. පස්සෙ මගේ ළඟට ඇවිත් කරදර කරන්න ගත්තා. එතන හිටි තව සිංහල මිනිසුන් දෙන්නෙක්ට මේ තැනැත්තා කිව්වා මේ ගැන. පස්සෙ ඔහු කෝල් එකක් ගත්තා.   

    ඔහු විතරද ඒ වෙලාවෙ හිටියේ?   

    ඔව්, ඔහු විතරයි. ඒත් ‘කෝල්’ එක ගත්තට පස්සෙ තව හතර දෙනෙක් ආවා. ඊට පස්සෙ බලාගෙන ඉද්දි තිහ – හතළිහක් දෙනා මගේ කඩේට ආවා. මගේ ‘ස්ටාෆ්’ ඔක්කොම පහක් ඉන්නවා. ඒ එක්කෙනෙක්ගෙ කණටත් ගැහුවා.   

    ඒවා වීඩියෝවෙ නැහැ?   

    ඔව්, වීඩියෝව කළේ ඉන් පස්සෙ. මට ජීවිතේ ගැන බයක් ආවා. ඒ බයට මම හැමදේටම ඔළුව හෙළෙව්වා. මම සිංහල වචන හුඟක් දන්නෙ නෑ. වෙළඳාමෙදි පාවිච්චි කරන වචන ටිකක් දන්නවා. ඔවුන් ඇසුවෙ මොනාද කියලා මට තේරුණේ නෑ. වඳ බෙහෙත් කියන වචනෙ මම දැනගෙන හිටියෙත් නෑ.   

    පොලිසිය ආවෙ නැද්ද?   

    ටික වෙලාවකින් පොලිසිය ආවා. කෑම පොලිසිය භාරයට ගත්තා. තාම ආහාරවල මොකුත් තිබුණද හොයාගෙන නෑ. මගේ යාළුවො ඇවිත් කිව්වා මාව අත්අඩංගුවට ගත් හේතුව. මම පොලිසියට ගියාට මගේ ජීවිතේට කිසිම අනතුරක් නොවෙන්න පොලිසිය මාව හොඳින් බලා ගත්තා. ඒත් මගේ කඩේට එහෙම වුණේ නෑ.   

    ඒ කිව්වෙ?   

    මගෙ කඩේ සීල් තියලා තිබුණේ සියල්ල විනාශ වුණාට පස්සේ. ලක්ෂ ගණනක් වටිනා ශීතකරණයක් එක්ක බඩු ගණනාවක් විනාශ කරලා තියෙනවා. එයින් වුණ පාඩුව මට දරා ගන්න අමාරුයි.   

    නිදහස් කළේ කවද්ද?   

    අත්අඩංගුවට ගත් දිනට පසු දින අඟහරුවාදා මාව නිදහස් කළා.   

    දැන් කඩේ ආයෙ පටන් ගන්නවාද?   

    ඊට කලින් මට වුණ හානිය ගැන හිතන්න වෙනවා. මගේ ගැන වීඩියෝ පවා පළවුණා. මගේ ව්‍යාපාරය වගේම මගේ ගෞරවයත් නැති වුණා. මම මේකට ඉදිරියේදී මානව හිමිකම් කොමිසමට යන්නත් අදහස් කරගෙන ඉන්නවා. අනික් පිරිස සමාදාන වෙන්න කැමති බව ආරංචි වෙනවා. ඒත් මට වූ හානිය එයින් පියවෙන්නෙ නෑ. ඒ නිසාම මට නීතිය හමුවට යන්න වෙනවා.   

    ඊට පස්සෙ?   

    ඊට පස්සෙ මගේ කඩේ ආයෙ පටන් ගන්න ඉන්නවා. ඒක පටන් ගත්තට මම කාටවත් භේද කරලා සලකන්නෙ නැහැ. හැමෝටම කන්න දෙනවා. ඒත් එදා හිත ලොකු බයක් ඇති වුණා. ඒක තාමත් තියෙනවා.