රුපියල් 30000ක මුදලක් ලබා ගනිද්දි අද (27) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගැනුනා.
Blog
-

අගමැති රනිල් ඇප වුණු, මහ බැංකුව කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන් ලොවෙත් නෑ.. සිංගප්පුරුවෙත් නෑ…
රනිල් වික්‍රමසිංහගේ අතිජාත මිත්‍රයෙකු වූත්, ඇප වී සහතික දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමෙන් පසු එම මහ බැංකුව කොල්ල කන ලද කුප්‍රකට විජාතික අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පුරුවෙනුත් පලා ගොස් ඇති බවට වාර්තාවේ.
මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්‍රධාන සැකකරුවකු බව කියන අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් පලා ගොස් ඇති බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.
අධිකරණය මඟින් නිකුත් කළ සිතාසිය භාර දීම සඳහා අර්ජුන මහේන්ද්‍රන් මහතා. සිංගප්පූරුවෙනුත් පදිංචි සිංගප්පූරුවේ ලිපිනය වෙත කුරියර් සේවයක නියෝජිතයෝ ගොස් ඇතත් ඒ මහතා එම ලිපිනයේ නොසිටි බව හෙළි වී තිබේ.
අදාළ සිතාසිය අන්තර්ජාතික කුරියර් සේවාවක් ඔස්‌සේ මහේන්ද්‍රන් මහතා වෙත යෑවීමට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.
එහෙත් එම ලිපිනයේ මහේන්ද්‍රන් මහතා නොසිටි බැවින් කුරියර් සේවය මඟින් එම සිතාසිය නැවත මෙරටට එවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
ලබන 08 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය මඟින් අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙත සිතාසි නිකුත් කර තිබිණි.
-

අගමැති රනිල්ට එරෙහි එජාපයේ විශ්වාසභංගයේදි දෙමළ සංධානය ඉන්න තැන මෙන්න…
අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගයේදි දෙමළ සංධානය ඉන්න තැන ගැන අප දෙමළ ජාතික සන්ධානයෙන්ද විමසීමක් කළා.
ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් කියා සිටියේ මේ අවස්ථාවේ ඒ පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවයි.
-

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන ප්‍රසන්න රණතුංග කියපු දේ මෙන්න..
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරවීමට තමන් කැපවෙන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග පවසනවා.
එහිදී ඔහු සඳහන් කළේ “කවුරුන් හෝ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඒකාබද්ධ විපක්ෂයද ඊට සහය දෙනු නියත බව ප‍්‍රසන්න රණතුංග මන්තී‍්‍රවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
-

රනිල්ට එරෙහි විශ්වාසභංගය ගැන හැට පැනපු එජාප ඇමතිලා කියන කතාව මෙන්න..
ආණ්ඩුවට ජනතාවට කුමක් උනත් තම අතිජාත මිතුරා වන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව කවුරුන් හෝ විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් එය පරාජය කරන බව අමාත්‍ය දයා ගමගේ පවසනවා.ඔහු ඒ බව පැවසුවේ අග‍්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂයේම මන්තී‍්‍ර කණ්ඩායමක් සූදානමින් සිටින බවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ (26) සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්.අමාත්‍ය ජෝන් අමරතුංගගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.
එහිදී ඔහු සඳහන් කළේ “අද යනවා සිරිකොතට..ගියාම බලලා කියන්නම්..2.00ට එන්න කියලා තියෙනවා.” යනුවෙනි.
-

පුංචි ආණ්ඩු 167ක රිමෝට් එක අපි ළඟ – මහින්දගෙන් ප්‍රකාශයක්..
පළාත් පාලන ආයතන පිහිටුවද්දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වැඩි බලයක් ලබා දීමට කැමැති නම් එජාපය සහ පොදුජන පෙරමුණ ඇතුළු ඕනෑම කණ්ඩායාමකට සහාය ලබා දෙන බව සන්ධාන මහලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පළාත් පාලන ආයතන 167ක බලය තීන්දු කරන රිමෝට් එක තිබෙන්නේ සන්ධානය අතේ යැයි කී මහ ලේකම්වරයා තම සහය ලබා දෙන්නේ කුමන කණ්ඩායමකටද යන්න මෙතෙක් තීන්දු කර නැතැයි ද ප්‍රකාශ කළේය.
තම කණ්ඩායමට වැඩි බලයක්දීමට සූදානම් නම් එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ස්වාධීන කණ්ඩායමක්, මුස්ලිම් කොංග්‍රසය හෝ ඕනෑම කණ්ඩායමකට සහයෝගය ලබාදෙන බව කී මහින්ද අමරවීර මහතා එසේ තම බලය තහවුරු කරගන්නා ආසනවල පිරිසිඳු පාලනයක් ගෙනයමින් සංවර්ධනය ළඟාකරදීමට සූදානම් බව ද කියා සිටියේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
-

රනිල් පන්නන්න එජාපයේ දෙවන පෙළ සටනට.. ප්‍රබලයන් ආපු සාකච්ඡාවේදි වෙච්ච දේ මෙන්න..
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව එම පක්ෂයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ සාධනීය ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
මේ සඳහා වන සාකච්ඡා වට ගණනාවක් පසුගිය දින කිහිපයේදී පවත්වා ඇති අතර ඒ සඳහා අමාත්‍යවරුන්ද සම්බන්ධ වී ඇත.
නුගේගොඩ තිබෙන එජාප ප්‍රභලයෙකුගේ නිවසේදී (25දා) රාත්‍රියේ මෙයට අදාළ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මනත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද තමන්ව නායකත්වයෙන් ඉවත්කිරීමට එජාපය ඇතුළේම ක්‍රියාතමක වැඩපිළිවෙළ පිළිබඳ කරුණු දැන ගැනීමට ලැබී ඇතැයිද වාර්තා වෙයි.
එජාප නායකයාට හිතවත් මන්ත්‍රීවරයෙකු අරලියහග මන්දිරටේදී සිටියදී පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලකට අදාළ සාකච්ඡාවක් සඳහා ආරාධනා කරමින් ඇමතුමක් ලැබී තිබෙන බවත්, එම අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරයා විසින් සිය දුරකතනයේ හඩ වැඩිකර රනිල් වික්‍රමසිංහ මහතා හට ඇමතුම ඇසීමටද සලස්වා තිබෙන බවත් වාර්තා වෙයි.
-

රටම ගිනි තියපු හමුදා බස් රථ අත්බෝම්බයේ සැකකරු සිද්ධිය ගැන දීපු ප්‍රකාශය මෙන්න…
දියතලාව ප‍්‍රදේශයේදී බස් රථයක ඉකුත් දා පුපුරා ගිය අත්බෝම්බය රැගෙන ආ බව කියන හමුදා සාමාජිකයා මේ වනවිට පියවි සිහියට පැමිණෙමින් ඇතැයි රෝහල් ආරංචි පවසනවා.
තුවාල ලැබූ මෙම හමුදා සාමාජිකයා ප‍්‍රතිකාර සඳහා පළමුව ඇතුළත් කෙරුණේ දියතලාව රෝහලටයි.
පසුව ඔහු බණ්ඩාරවෙල රෝහලට මාරු කෙරුණා.
තවදුරටත් ඔහු ප‍්‍රතිකාර ලබන්නේ දැඩි සත්කාර ඒකකයේයි. කෙසේ වෙතත් ඔහු සිටින තත්ත්වයෙන් ලබා දුන් යම් ප්‍රකාශයක් පොලීසිය විසින් සටහන් කර ගෙන ඇතැයි පොලිස් ආරංචි පවසනවා.
-

“මම නිහඬව හිටියේ නෑ..” – කලක් නිහඩව සිටි රතන හිමිගෙන් අලුත් සටනක් ගැන ප්‍රකාශයක්…
නව දේශපාලන පණිවුඩයක් සමාජගත කිරිමට මේ දිනවල සූදානම් වෙමින් සිටින බව ජූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.පවතින දේශපාලන ව්‍යාකූලත්වය පිළිබඳ අප කළ විමසීමකදීයි උන්වහන්සේ ඒ බව පැවසුවේ.
එහිදී “මම හිතන්නේ ආණ්ඩුව ඇතුළේ එක එක ප්‍රවණතා..සංකීර්ණ තත්ත්වයන් දකින්න හම්බවෙනවා.මම පසුගිය කාලය පුරාම නිහඬව හිටියේ යම්කිසි වැඩපිළිවෙලක් නිසා. දැන් සමාජයට පණිවුඩයක් දෙන්න අවශ්‍යයි. ඉදිරි කාලය තුළ හැම දෙනාටම දැනගන්න පුළුවන් වෙයි මම මොකක්ද කරන්නේ කියලා. ඇත්තවශයෙන්ම ඒක ලංකාවේ අනාගත දේශපාලනය තීරණය කරන පණිවුඩයක්.” යනුවෙන් සඳහන් කළා.
-

මහින්ද ඇතුළු 06ක් ඉන්දියාවට ගිය හේතුව මෙන්න..
කුපාම මහින්ද රාජපක්ෂ මහතා ශි‍්‍ර ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් අද අළුයම 04.46ට පමණ ඉන්දියාවේ බැංගලෝර් බලා පිටත්ව ගිය බව අපට වාර්තා වේ..අපල උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වීම සදහා වන බිලිපුජා සම්බන්ධ ජෝතිෂ්‍ය කටයුත්තක් සදහා මහින්ද රාජපක්ෂ මහතා සමග 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව සදහන්.. -

රට ගිනිතියන්න පච පතුරවන්න එපා.. ලංකාවේ ඩිසල් හිගයක් නෑ.. තෙල් සංස්ථාවෙන් නිවේදනයක්..
රට පුරා ඩීසල් හිඟයක් පවතින බවට අසත්‍ය ප්‍රචාරයක් මේ වන විට පතුරවා හරිමින් තිබෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.වෙබ් අඩවියක හා ජනමාධ්‍ය කිහිපයක් ඔස්සේ එම ප්‍රචාරය සිදුව ඇති බවයි සංස්ථාව පවසන්නේ. සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කර රට අස්ථාවර කිරීමේ අරමුණින් එම අසත්‍ය ප්‍රචාර පතුරවනු ඇති බවයි සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ.
කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ හා මුතුරාජවෙල තොග ගබඩාවල ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලුම ඉන්ධන ප්‍රමාණවත් පරිදි පවතින බැවින් මේ පිළිබඳ කිසිදු අනිසි බියක් ජනතාව ඇතිකරගත යුතු නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.
අසත්‍ය ප්‍රචාර සිදු කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව ද සංස්ථාව පවසනවා.
-

රැගෙන ගිය අයුරු ආරක්ෂිත කැමරාවක පටිගත වු දරුවාගේ නිරුවත් මළසිරුර කැළෑවෙන් හමුවෙයි
වයස අවුරුදු 10 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් හලාවතින් වාර්තා වෙනවා.ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – ඉරණවිල, සමිදුගම පදිංචිව සිටි සුධීර නිර්මාල් නැමැති පාසල් සිසුවෙක්.
පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණා. කිසියම් අයෙකු දරුවාව කැඳවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.
ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී අද (27) පෙරවරුවේ හමුවී තිබෙනවා. දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය පෙන්වා දෙනවා.
හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනවා.
-

නායක රනිල් එජාප වෘත්තීය සමිතිවලට පල නොකියා පලා බෙදන හැටි මෙන්න..
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එම පක්ෂය වෙනුවෙන් දර දිය අදින වෘත්තීය සමිතිවලට සහ එම වෘත්තීය සමිතිවල සමාජිකයින්ට පල නොකියා පලා බෙදන තත්වයක් නිර්මාණය වී ඇතැයි එම පක්ෂයේ ක්‍රියාකාරීන් පවසති. මේ එක්සත් ජාතික පක්ෂය වලපල්ලට ඇඳගෙන එහි නායක රනිල්ගේ කුඩම්මා සැලකිලි ගැන එම පාක්ෂිකයින්ගේ දුක් ගැනවිල්ලයි.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 2004 පෙර දහස් ගානක් සිටි අතර 2015 යහපාලන රජය බලයට පත්වනවිට සාමාජිකයන් 165 සීමාවිය. මෙයින් පෙනී යන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් ජාතික සේවක සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමයි. පලිගැනීම් හා වෙනත් කම්කටොලු දරාගෙන පක්ෂය වෙනුවෙන් 2015 දක්වා මේ 165 දෙනා දර දිය අදින ලදී. මෙම සාමාජිකයන්ගේ වැටුපෙන් පසුගිය වසර 14ක් පුරා සාමාජික මුදල් කපාගෙන ඇතත් එම සාමාජිකයන්ට කිසිම සහනයක් ලබාදී නොමැත.
යහපාලන රජය පැමිනේනවත් සමගම එහි සභාපතිවරයා වෙනස් වී සමික අසිතන්ජන යන අය ඒහි සභාපති තනතුරට පත්කර ගන්නා ලදී. ජාතික සේවක සංගමයේ සාමාජිකයන් සැහෙන පිරිසකට මහින්ද පාලනය යටතේ පලිගැනීම් හා විවිධ අසාධාරණයට ලක්වූ සේවකයන් සිටින ලද අතර නව සභාපති වරයා යටතේ ඔවුන්ට සහනයක් ලැබේයැයි සිතා සිටියත් ඔවුන්ට මේදක්වා කිසිම සහනයක් නොලබා සේවයෙන් සැහෙන පිරිසක් දැනට විශ්‍රාම ගොස් ඇත.
මෙම සේවකයන් සදහා සිරිකොත මන්දිරය තුල දෙවරක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ එක්වරක්ද පරීක්ෂණ පවත්වා මේ දක්වා ඔවුන්ට සහනයක් ලබා දී නොමැත.
මේ පිලිබදව ජාතික සේවක සංගමයේ පැරණි සාමාජිකයන් කණගාටුවෙන් සිටි. යහපාලන රජය අවසන් වීමට තව ඇත්තේ මාස 22 පමණි, මෙම සේවකයන් සදහා දැන්වත් යුතුකම් ඉටු නොකරන්නේ නම් ප්‍රතිපල ඉතා භයනකය, මහින්දගේ පොහොට්ටුව බලා සිටින්නේ ඔවුන්ව ඒ පැත්තට හරවා ගන්නටය.
සමික අසිතන්ජන යන නව ජාතික සේවක සංගමයේ සභාපති බලයට පැමිණි පසු දුක් විදගෙන සිටි සාමාජිකයන් 165ට අමතරව ඔහුගේ තෙල් ටැoකි වැලලිමේ ව්‍යාපාර වලට හා වෙනත් කටයුතු වලට උදවු කරන අය (84 දෙනකු පමණ) බදවාගෙන සාමාජිකත්වය 249 දක්වා ඉහල දමන ලදී, මෙම මුළු පිරිසම දේශපාලන පලිගැනීම් වලට ලක්වුවා යැයි කියා සිරිකොතට හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පරීක්ෂණ සදහා යවන ලදී.
සමික අසිතන්ජන යන අය භර්යාවගේ නමින් ව්‍යාපාරයක් ලියාපදිංචි කර ඒ නමින් සංස්‌ථාවේ පිරවුම්හල් වලට අලුත් හා පරණ තෙල් ටැoකි ගලවා සවිකිරීම හා දිවයින පුරා ඇති පිරවුම්හල් වලින් ප්‍රාදේශීය කළමනාකරුවන් හා ප්‍රාදේශීය පරිපාලකවරුන් මුදල් ලබාගන්නා අතර ඒ සදහා ජාතික සේවක සංගමයේ සභාපතිවරයා ඔහුගේ රැකවරණය ලබා දෙමින් එම මුදලින් කොටසක් ලබාගනී
මෙවැනි ව්‍යාපාර කරගෙන සිටින අතර ඔහු සංස්‌ථාවේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් වෙනුවෙන් ඉටුකළයුතු යුතුකම් කිසිවක් මේ දක්වා ඉටුනොකර සිටි, මේ නිසා සාමාජිකයන්ට එක්සත් ජාතික පක්ෂයද, ජාතික සේවක සංගමයද එපාවෙන තත්වයට පත්ව ඇත, මේ ගැන සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකරන මෙන් ඉල්ලමු.
-

බීමතින් අසු පැදෙව්වාට දඩ
ඇමෙරිකාවේ, දකුණුදිග කැලිෆෝනියා ප්‍රාන්තයේ 29 හැවිරිදි ලුයිස් පෙරේස් නැමති පුද්ගලයා එම ප්‍රාන්තයේ ප්‍රධාන මහා මාර්ගයක බීමතින් අසුපිට නැගී ගමන් කරමින් සිටියදී අධිවේගී මාර්ග රථවාහන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන දඩ නියම කර තිබේ.
අසාමාන්‍ය ලෙස ප්‍රධාන මහා මාර්ගයක අශ්වයෙකු පිට නැගී පුද්ගලයෙකු ගමන් කරන ආකාරය නිරීක්ෂණය කළ පොලීසිය ඔහු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී, ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිට ඇති බව පොලීසියට වැටහී ඇති අතර, පසුව සිදුකළ මත්පැන් පරීක්ෂාවේදී සාමාන්‍ය මට්ටමට වඩා දෙගුණයක ඇල්කොහොල් මාත්‍රාවක් ඔහුගේ රුධිරයේ පැවති බවද පොලීසිය කියයි.
සාමාන්‍යයෙන් බීමතින් මෝටර් රථයක් ධාවනය කර පොලීසියට අසුවූ අවස්ථාවක මෝටර් රථයද පොලීසියට රැගෙන ගියත්, මෙම සිදුවීම සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි මෙම පුද්ගලයාගේ මව වෙත ඔහු පැමිණි අශ්වයා භාරදීමට පොලීසිය කටයුතු කර ඇති අතර මෙම සිදුවීමෙන් ඔහුට විශාල දඩ මුදලකටද යටත් වීමට සිදුවනු ඇති බව පවසන පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඡායාරූප කිහිපයක්ද මාධ්‍ය වෙත මුදාහැර තිබුණේ මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙනි.
එහිදී, පොලීසිය පවසා තිබුණේ “ඔබට මහා මාර්ගයක නිකරුණේ අසුන් පැදීමට අවස්ථාවක් නැහැ. ඒ වගේම, බීමතින් එවැන්නක් කිරීමට කිසිම අවස්ථාවක් නැහැ” යනුවෙනි.මෙවැනි ක්‍රියාවන් සිදුකිරීමෙන් ඔබේ ජීවිතය, ඔබේ සුරතලාගේ ජීවිතය මෙන්ම, මාර්ගයේ යන අන් අයගේ ජීවිතත් අනතුරට ලක් නොකරන ලෙසද පොලීසිය එම ඡායාරූප පළ කරමින් පවසා තිබුණි.



-

එජාපය රනිල්ට එරෙහි වෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් හා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර කැරැල්ලක් ආරම්භ වී ඇති බව සිරිකොතින් වාර්ථා වෙයි.
පසුගිය පළාත් පාළන මැතිවරණයේදී මෙන්න ඊට පෙරත් ජනමතය හඳුනාගෙන වැඩපිළවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමත්, පදුගිය කැබිනට් මණ්ඩල සංශෝධනයේ යහපත් ප්‍රතිචාරයක් නොලැබිමත් හේතුවෙන් එජාප නවක මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය දැඩි ලෙස විවේචනය කරමින් සිටින බව හම ආරංචි වල සඳහන් වන අතර එජාප ප්‍රභලයෙකුගේ නුගේගොඩ නිවසේදී පෙරේරදා (25දා) රාත්‍රියේ මෙයට අදාළ රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත් එම අවස්ථාවට එජාපයේ හිටපු අමාත්‍යවරයෙක් සමග නියෝජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගි වී තිබෙන බවත් වාර්තා වෙයි.
-

අර්ජුන් මහේන්ද්‍රන් අතුරුදහන් වෙලා
බැඳුම්කර හොරකමේ මූලික සැකකරුවකු වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරු ලිපිනයේ නොමැති බව අධිවේගී තැපෑල (කුරියර් සේවය) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුව වෙත වාර්තා කොට ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට බාරදීමට උත්සහ කළ අවස්ථාවේදී මහේන්ද්‍රන් සිංගප්පුරූ ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

