Blog

  • වටේ ගිය රාජ්‍ය බැංකු නැවතත් ජනපති මෛත්‍රීගේ මුදල් අමාත්‍යංශයට…

    වටේ ගිය රාජ්‍ය බැංකු නැවතත් ජනපති මෛත්‍රීගේ මුදල් අමාත්‍යංශයට…

    ඊයේ දිවුරුම්දුන් අමාත්‍යාංශවලට අයත් ආයතන සහ අමාත්‍යවරුන්ගේ විෂය පථයන් වෙන් කිරීමට අදාළ ගැසට් නිවේදනය මේවන විට සැකසෙමින් තිබෙන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසනවා.

    මෙවර රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යංශය වෙනස්වීම හේතුවෙන් මෙතෙක් එම අමාත්‍යංශය යටතේ පැවැති රාජ්‍ය බැංකු මීට පෙර පැවැති ආකාරයටම මුදල් අමාත්‍යංශය යටතට පත් කිරීමට නියමිතව ඇතැයි ද එම අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටිනවා.

    රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස පත්කරුනු ලැබුවේ ලක්ෂමන් කිරිඇල්ල මහතා වන අතර ඊට පෙර එම අමාත්‍යංශය පැවැතියේ කබීර් හෂීම් මහතා යටතේයි.

  • නිතිය හා සාමය ෆොන්සේකාට අහිමියිලු. ලබන සතියේ දිවුරුමට එන වැඩ අනන කබ්බ ඇමති මෙන්න..

    නිතිය හා සාමය ෆොන්සේකාට අහිමියිලු. ලබන සතියේ දිවුරුමට එන වැඩ අනන කබ්බ ඇමති මෙන්න..

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවුරුම් දුන් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයද යළි වෙනස්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    ඒ අනුව සති දෙකකින් පසු එම අමාත්‍ය ධූරය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලට හිමිවනු ඇති බවයි වාර්තා වුණේ.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ මීට පෙර කටයුතු කළ සාගල රත්නායක, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ (25) දිවුරුම් දුන්නා.

    මේ අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යධූරයේ වෙනස පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙලෙස ඉඟියක් පළ කළා.

    “නීතිය හා සාමය ගරු අගමැතිතුමා අතට පත් වුණා..එන සුමානේ ආයේ වෙනස් වෙනවා කියලා කිව්වා.”

    ඔහු මෙම අදහස් පළ කලේ ඊයේ පැවැති කැබිනට් සංශෝධනයෙන් අනතුරුවයි.

  • “නායකත්වයයි වෙනස් වෙන්න ඕනේ” – කැබිනට් සංශෝධනයට පසු එජාපයේ ගිනි ඇවිලෙයි..

    “නායකත්වයයි වෙනස් වෙන්න ඕනේ” – කැබිනට් සංශෝධනයට පසු එජාපයේ ගිනි ඇවිලෙයි..

    ඊයේ (25) සිදු කෙරුණු කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පිරිස් අප‍්‍රසාදය පළ කරනවා.

    ඒ අතරට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ද අයත්.

    කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකගෙන් අප විමසීමක් කළා.

    එහිදී ඔහු සඳහන් කළේ “මට පේන විදිහට ජනතාවගේ පැත්තෙන් බැලුවාම මේක විහිළුවක් විදිහට තමයි පේන්නේ. මීට වැඩිය දරුණු වෙනස්කම් වෙනවයි කියලා තමයි අපි හිතුවේ..ඇත්ත තත්ත්වය රටම දන්නවානේ. තොයිලයක් නටලා කුකුළෙක් බිළි දුන්නා වගේ මාව බිලි දුන්නා..” යනුවෙනි.

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරද කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ප‍්‍රසාදයක් පළ කළේ නැහැ. මේ අප සමග සංවාදයකට එක්වෙමින් ඊට හේතු දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.

    “නීතිය හා සාමය අමාත්‍ය ධූරය හමුවූ අගමැතිතුමාට සහ යෞවන කටයුතු හමු වූ සාගල රන්තායක ඇමතිතුමාටත් ඇරෙන්න අනෙක් ඔක්කොටම වගේ මම සුභ පතන්න කතා කළා. ඒ අය කිව්වේ..’අයියෝ.. කියලා..’ හැම කෙනෙක්ම වගේ මේ පිළිබඳ නොසතුටෙන් තමයි කතා කළේ. මේක සද්ද පූජාවක් විතරයි. පසුගිය මැතිවරණයෙන් ජනතාව දුන්න පණිවුඩය තිබුණේ මැතිඇමතිවරු සම්බන්ධයෙන් නෙමෙයි.. ඒක දුන්නේ නායකත්වය සම්බන්ධයෙන්. මේක සත්‍ය වශයෙන්ම සිද්දවෙන්න ඕනේ නායකත්වයේ වෙනස”

  • උසස් අධ්‍යාපන ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය මෙන්න…

    උසස් අධ්‍යාපන ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය මෙන්න…

    නව කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය අමාත්‍ය කබීර් හෂීම් වෙත හිමි වුණා.

    එම අමාත්‍යධූරයේ මෙතෙක් කල් කටයුතු කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි.

    මෙම වෙනස් වීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා.

    එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පෙන්වා දුන්නේ “එම ධූරයේ පෙර කටයුතු කළ ඇමතිතුමා පෙනී සිටියේ රටේ දරුවන් ගැන හිතලා නෙමෙයි..ජනතාව ගැන හිතලා නෙමෙයි කියන එක තමයි අපේ මතය. ඒ නිසා ජනාධිපතිතුමා ඒක තේරුම් අරගෙන ඔහුව ඒ ස්ථානයෙන් ඉවත් කරලා තියෙන්නේ. උසස් අධ්‍යාපනයට එතුමාව ගැලපෙන්නේ නෑ කියන එක තමයි අපේ මතය වුණේ. ඇමති වෙනස් වෙන එකත් එක්ක  අපි අවධානයෙන් ඉන්නේ ගෙන ගිය ප්‍රතිපත්ති වෙනස් වෙනවාද නැද්ද කියන කරුණ පිළිබඳවයි.” යනුවෙනි.

  • ජාතික ආණ්ඩුවේ ඇමති සංශෝධනයේ ඉතිරි කොටස වෙන දවස මෙන්න…

    ජාතික ආණ්ඩුවේ ඇමති සංශෝධනයේ ඉතිරි කොටස වෙන දවස මෙන්න…

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 11ට පෙර සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    ඒ, ජනාධිපතිවරයා සංචාරයක් සඳහා ඉන්දියාව බල පිටත්ව යාමට නියමිත බැවින්.

    ජනාධිපතිවරයා මෙලෙස ඉන්දියාව බලා පිටත්ව යන්නේ ඉන්දීය ප‍්‍රංශ ඒකාබද්ධ සූර්ය සන්ධානයේ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීමේ අරමුණින්.

    ඉන්දීයාව සහ ප‍්‍රංශයේ තානාපතිවරුන් කළ ආරාධනයකට අනුව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වන මෙම සමුළුව ආරම්භ වන්නේ මාර්තු 11වැනිදායි.

    ඒ අනුව බොහෝ දුරට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 10 හෝ ඊට පෙර සිදු කරනු ඇති බවයි පැවසෙන්නේ.

    එහිදී ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර හා දුමින්ද දිසානායක ඇතුළු කිහිපදෙනෙකුගේ අමාත්‍යධූර වෙනස් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

  • පටලගත්ත රනිල් නිසා පැය කිහිපයක් තුළ ඇමති අජිත්ගේ දුන් දිවුරුම වෙනස් වූ අයුරු මෙන්න…

    පටලගත්ත රනිල් නිසා පැය කිහිපයක් තුළ ඇමති අජිත්ගේ දුන් දිවුරුම වෙනස් වූ අයුරු මෙන්න…

    නව කැබිනට් සංශෝධනය යටතේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරාගේ විෂය පථය වෙනස් වනු ඇතැයි වාර්තා වනවා. 

    අප මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තමන් අද (26) දිනයේ විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන බවයි.

    එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “මේක රනිල්ට වරදිලා වගේ දීපු එකක්. රනිල් ගොඩක් ඒවා අවුල් කරගෙන තියෙන්නේ..මේක පටලවගෙන දීපු එකක්.” යනුවෙනි.

    නව සංශෝධනයට අනුව අජිත් පී. පෙරේරාට හිමිවූයේ බන්ධනාගාර ප‍්‍රතිසංස්නකරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප‍්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යධූරයයි.

    ඔහු මීට පෙර විදුලි බල හා පුණර්ජනණීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. 

  • ලොවක් හඬවා ජීවන ගමනට සමුදුන් ශ්‍රී දේවී වෙනුවෙන් සුපිරු තරු තැබූ කඳුළු සටහන් මෙන්න…!!

    ලොවක් හඬවා ජීවන ගමනට සමුදුන් ශ්‍රී දේවී වෙනුවෙන් සුපිරු තරු තැබූ කඳුළු සටහන් මෙන්න…!!

    නාගීනා චිත්‍රපටය හරහා ලොවක් වසඟ කල ගත් බොලිවුඩ් සිනමාවේ ප්‍රථම නිළිය ලෙස සැළකෙන  ශ්‍රී දේවී ඊයේ (24) රාත්‍රියේ ජීවන ගමනට සමු දුන්නේ ලොවක් හඬවමින්.

    ඩුබායි රාජ්‍යයේ මංගල උත්සවයකක්  සඳහා සහභාගී වීමට ගොස් සිටියදී ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන් ඇය මරණයට පත්වූ අතර ඇය මිය යන විට 54 වන වියේ පසුවුනා.

    වයස අවුරුදු 4 දී සිටම චිත්‍රපට ක්ෂේත්‍රය තුල මනා දස්කම් පෙන්නූ ඇය දෙමළ, තෙලිගු, මලයාලම් මෙන්ම හින්දි චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ අතර  තම සිනමා ජීවිතය තුල 150 ට අධික චිත්‍රපට සංඛ්‍යාවකට තම රංගන දායකත්වය ලබා දෙන්නට ඇය කටයුතු කලා.

    ඉන්දීය රජය විසින් ලබාදෙන ඉහළම සම්මානයක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් පවා පිදුම් ලැබූ ලොවක් ආදරය කල මේ රංගන ශිල්පිණිය වෙනුවෙන් ලොවපුරා ප්‍රසිද්ධ තරු තම ශෝකය ප්‍රකාශ කර තිබුනේ මෙලෙසින්.

     

     

     

     

     

     

     

     

     

     

     

     

     

  • තරුණයන්ට තැන අහිමි වෙද්දී තරුණ කටයුතු ඇමතිකම ලැබුණු අවුරුදු 69 යේ තරුණයා මෙන්න…!!!

    තරුණයන්ට තැන අහිමි වෙද්දී තරුණ කටයුතු ඇමතිකම ලැබුණු අවුරුදු 69 යේ තරුණයා මෙන්න…!!!

    මෙවර කැබිනට් සංශෝදයේදී තරුණ දේශපාලඥයින් හට ප්‍රභල අමාත්‍යංශ ලබා දෙන බවට රනිල්ගේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ග පසුගියදා සඳහන් කර තිබුණු අතර ඒ අනුව හරීන් ප්‍රනාන්දු,ලකී ජයවර්ධන,සුජීව සේනසිංහ,බුද්ධික පතිරණ යන අයගේද නම් යෝජනා කර තිබූ බවයි වාර්තා වුනේ.කෙසේ වෙතත් අද සිදුවූ නව කැබිනට් සංශෝදනයේදී බලාපොරොත්තු වූ ලෙස තරුණ මන්ත්‍රීවරුන්ට එවැනි අවස්තාවක් නොලැබීම කැපී පෙනුනා.

    එසේම නව නව කැබිනට් සංශෝධනයට අනුව යෞවන කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරය හිමිවුනේ පියසේන ගමගේ අමාත්‍යවරයා වෙතයි. 1949 ජනවාරි මස 10 වන දින උපත ලැබූ පියසේන ගමගේ අමාත්‍යවරයා මේ වන විට 69 වන වියේ පසුවන අතර පියසේන ගමගේ අමාත්‍යවරයාට තරුණ කටයුතු අමාත්‍ය ධූරය ලැබීම සමාජ ජාලා තුල මෙන්ම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

  • රනිල්ගේ පක්ෂයේ කැබිනට් ඇමතිකම් හුවමාරුව ගැන මහින්ද කියපු කතාව මෙන්න….

    රනිල්ගේ පක්ෂයේ කැබිනට් ඇමතිකම් හුවමාරුව ගැන මහින්ද කියපු කතාව මෙන්න….

    අද (25) සිදු වූ කැබිනට් සංශෝදනය පිළිබඳව මහින්ද රාජපක්ෂ පලකල අදහස් මෙසේය… සුපුරුදු පරිදිම විහාරස්ථානයක් තම මාධ්‍ය මධ්‍යස්ථානය කරගනිමින්  මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහින්ද කියා සිටියේ එජාප පක්ෂයේ මෙම කැබිනට් සංශෝධනයේ කිිසිඳු වෙනසක් නොමැති බවයි.

    මහින්ද රාජපක්ෂ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේද ප්‍රකාශ කර සිටියා.

    ”අද රනිල් දිහා  බලපුවාම රනිල්ගෙන් පස්සේ රට මෙහෙයවන්න එහෙ නායකත්වයක් නැහැ. රනිල් හින්දා රටම අද අරාජික වෙලා. රනිල්ගේ වටේ ඉන්න අය රට වනසනවා..   ජනාධිපතිතුමා වැඩක් කරනවා උනාට  රනිල් වැඩකරන්නේ ජනපතිව විනාශ කරන්න… 

    රනිල්ගේ පක්ෂේ කැබිනට් සංශෝධනය කියා කිසි වෙනසක් නෑ. දාන්න වෙන මුහුණු නැති නිසා එකම කාඩ් පැක් එක එහාට මෙහාට අනනවා විතරයි. ඒක කිසිම තේරුමක් නැති වැඩක්.

  • පුත්තලමේ අපි බූරුවෝ.. එනිසා අපට ඇමතිකම් නෑ..- රංගේ බණ්ඩාරගෙන් සැර කතාවක්….

    පුත්තලමේ අපි බූරුවෝ.. එනිසා අපට ඇමතිකම් නෑ..- රංගේ බණ්ඩාරගෙන් සැර කතාවක්….

    ‘පුත්තලමේ අපි බූරුවෝ. ඒ නිසා අපට කැබිනට් ඇමතිකම් නෑ’ යයි රාජ්‍ය ඇමති පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

    අද පැවැති කැබිනට් මණ්ඩල සංශෝධනය සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව කීවේය.

  • බ්‍රාහ්මණ කුලයේ උපන් ශ්‍රී දේවි ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව අවසන් ගමන් යන්න සැරසෙයි….

    බ්‍රාහ්මණ කුලයේ උපන් ශ්‍රී දේවි ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව අවසන් ගමන් යන්න සැරසෙයි….

    දකුණු ඉන්දිය සිනමාවේ සිහින රැජින ලෙස වැජඹෙමින් සිනමාවට පිවිස ඉන් අනතුරු බොලිවුඩ සිනමාවේද සිහන රැජින වූ ශ්‍රී දේවිගේ අවසන් කටයුතු ඉස්ලාම් ආගම් චාරිත්‍ර අනුව සිදුකිරිමට නියමිතයි.

    ඒ ඉස්ලාම් ආගමික සම්ප්‍රදායට අනුවයි. ඉස්ලාම් ආගමට අදාළ මුලිඛ චාරිත්‍ර අද (25) පෙරවරුවේ ඩුබාහිදී සිදුකර ඇති අතර ඇයගේ  දේහය අද රාත්‍රී 8.00 විශේෂ ජෙට් යානයකින් ඉන්දියාවට ගෙන ඒමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

    දකුණේ ප්‍රසිද්ධිය සමග උතුරට ගොස් එම ප්‍රසිද්ධිය අදටත් රඳවා ගත් එකම සිනමා තාරකාව ලෙස ශ්‍රී දේවි හැඳින්විය හැකි බවයි ඇගේ පළමු දමිළ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.භාරතිරාජා පවසන්නේ. ඇගේ වියෝවය ඉන්දීය සිනමාවට විශාල පාඩුවක් බවයි සිය ශෝකය පල කරමින් ඔහු පවසා ඇත්තේ.

    කෙසේ වෙතත් ඇයගේ අභාවය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ ඉන්දිය ජනාධිපති රාම්නාත් ගෝවින්ද් සිය ශෝකය පල කර තිබෙනවා.

    සිය ට්වීටරය මගින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී පවසා ඇත්තේ ඉන්දිය සිනමාවේ ශ්‍රේෂ්ඨ නිළියක් වන ශ්‍රී දේවි සිය සිනමා ඉතිහාසයේ චරිත රැසකට පණ පොවා රංගනයෙන් දායක වී ඇති බවයි.

    ඇයගේ අභාවය සම්බන්ධයෙන් තමා ශෝකය පල කරන බවද ඔහු පවසා තිබෙනවා.

    ඉන්දිය ජනාධිපති රාම්නාත් ගෝවින්ද් පවසන්නේ ශ්‍රී දේවිගේ අභාවය ඇසු සැණින් තමා අතිශයෙන් කම්පනයට පත්වූ බවයි.

    දමිළ සිනමාවේ සුපිරි නළුවන් වන රැජිනි කාන්ත් සහ කමල් හසන් ද ශ්‍රී දේවිගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කර තිබෙනවා.

    එමෙන්ම බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුවන් වන අමිතාප් බච්චන් සහ ශාරුක් ඛාන් ද ශ්‍රීදේවිගේ අභාවය වෙනුවෙන් ශෝකය පල කර ඇති අතර ඇයගේ පළමු විවාහක ස්වාමීයා වූ මිතුන්චක්‍රබෝර්ති ද අතිශයෙන් කණගාටු වන බව පවසා තිබෙනවා.

    අභාවප්‍රාප්ත වන විට 54 වන වියේ පසුවු ඇය 1963 වසරේ ආගොස්තු මස 13 වන දින උපත ලැබුවේ තමිල්නාඩුවේ මදුරාසියේ (චෙනායිහි) ශිවකාසි නම් ගම්මානයේ වූ බ්‍රහක්මණ කුලයට අයත් පවුලකයි.

    1967 වර්ෂයේ දී ඇය ළමා නිළියක් වශයෙන් සිය රංගන දිවිය අරඹන්නේ සිව්වැනි වියේ දීයි.

    ඒ තුනෛවන් නම් දමිළ චිත්‍රපටයෙන්. ඉන්පසු ඇය දමිළ ආගමික චිත්‍රපට රැසක ඇය රංගනයෙක් දායක වූ අතර එහිදී ඇය කතරගම දෙවිඳුන්ගේ චාරිතය නිරුපනය කළා.

    1976 වසරේ දී මූන්ඩෘ මුඩිච්චි යන දමිළ චිත්‍රපටයෙන් ඇය ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දාය වූ අතර 1977 වසරේ කේ.භාරතිරාජාගේ තවත් දමිළ චිත්‍රපටයක් වූ පදිනාරු වයදිනිලේ (16 වන වියේ ) හිද ප්‍රධාන නිළිය ලෙස රඟපෑවා.

    එම චිත්‍රපටය ඇයව දමිළ සිනමාවේ උච්චතම ස්ථානයට ගෙන ගිය අතර දමිළ සිනමාවේ ප්‍රධාන නළුවන් වන සිවාජි ගනේෂන්, රැජිනි කාන්ත්, කමල් හසන් වැනි අය සමග සිය රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.

    තෙළිඟුමලයාලම් චිත්‍රපටවල ද රඟපෑ ශ්‍රී දේවි 1975 වසරේ දී ජුලි නම් හින්දි චිත්‍රපටයෙන් ළමා චරිතයක් නිරුපනය කළ අතර ඉන් අනතුරුව ඇයව දමිළ සිනමාවේ ඉහළට ඔසවා තැබු පදිනාරු වයදිනිලේ (16 වන වියේ ) නම් චිත්‍රපටය හින්දි චිත්‍රපටය සෝල්වා සාවන් ”නමින් හින්දියෙන් නිෂ්පාදනය කෙරුණා.

    එහි ප්‍රධාන චරිතය නිරුපනය කළේ ද ඇයයි. එහිදී ඇය හින්දි රසිකයන් අතර විශාල ප්‍රසිද්ධියක් ලබාගත්තා.

    ඇයගේ මුල්කාලේ අවසන් දමිළ චිත්‍රපටය වන මූන්රාමි පිරයි  සත්මා නමින්  හින්දි බසින් නිෂ්පාදනය වූ අතර එහි ප්‍රධාන චරිතය රඟපෑ ශ්‍රී දේවි දමිළ සිනමාවට සමුදී හින්දි සිනමාව සඳහා සිය දායකත්වය ලබාදුන්නා.

    එහිදී ඇය විවිධ බාධක හමුවේ සිය ප්‍රසිද්ධි රඳවා ගත් අතර හින්දි සිනමාවේ චිතපට 300ට පමණ දායකත්වය ලබාදුන්නා.

    අනතුරුව හින්දි සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වූ මිතුන් චක්‍රෙබෝර්ති සමග ඇති වූ පෙම ඇය අවසන් කළේ කාටත් හොරා සිදුකර ගත් විවාහකයෙන්.

    පසුව ඔහුගෙන් වෙන් වූ ශ්‍රී දේවි විරාමයකින් පසු නැවත  වේදම් නම් දමිළ චිත්‍රපටයෙන් දකුණු ඉන්දිය සිනමාවට සම්බන්ධ වුණා.

    ඉන්පසු ඇය 1996 වසරේ දී ප්‍රවීන හින්දි නළු අනිල් කපුර්ගේ සොහොයුරා වූ බෝනි කපූර් සමග විවාහක වුයේ බෝනි කපූර්ගේ පළමු විවාහක බිරිඳට විශාල වන්දියක් ද ලබාදෙමින්

  • කැබිනට් සංශෝධනයෙන් පසු එළියට ආපු ඇමතිවරු කිව්ව දේ මෙන්න… (Video)

    කැබිනට් සංශෝධනයෙන් පසු එළියට ආපු ඇමතිවරු කිව්ව දේ මෙන්න… (Video)

    අද දහවල් සිදු කළ කැබිනට් සංශෝධන සැසිය අවසානයෙන් පසු එළියට පැමිණි මැති ඇමතිවරුන් මාධ්‍ය  ඉදිරියේ ඒ සම්බන්ධයෙන් පලකල අදහස් මෙන්න….

  • අද කැබිනට් වෙනස කොමඩියක් පමණක් බව ප්‍රසිද්ධියේ කියූ එජාපයේ ඇමති මෙන්න…

    අද කැබිනට් වෙනස කොමඩියක් පමණක් බව ප්‍රසිද්ධියේ කියූ එජාපයේ ඇමති මෙන්න…

    අද දහවල් සිදු කළ කැබිනට් සංශෝධන සැසිය අවසානයෙන් පසු එළියට පැමිණි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතා මාධ්‍ය  ඉදිරියේ ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළේය.

    ඔහු මෙසේ කිව්වේය.
    ‘මේ කොමඩි නාට්‍යයක් තමයි ආණ්ඩුව නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි කොටස තමයි අද ප්ලේ කළේ. දෙවෙනි කොටස ඊළඟ දවසේ ප්ලේ කරාවි. මේකට හැබයි ජනතාව හිනාවෙයිද අඬයිද ගල්ගහයිද මම දන්නෙ නෑ.

    ඔබ කලකිරීමෙන්ද කථාකරන්නෙ?
    ‘මම කලකිරීමෙන් නෙමෙයි ඉන්නෙ. ඒත් මං හිතන්නෙ ජනතාව බලාපොරොත්තුවූ වෙනස්කම කොහෙත්ම සිදුවෙලා නෑ කියලා.‘

    ඒ කියන්නේ අගමැති ධූරය වෙනස්වෙයි කියලද ඔබේ ස්ථාවරය?
    ‘මගේ කටට වචන දාන්න එපා.. මම කියන්නෙ පැහැදිලි වෙනසක් වෙන්න ඕන කියල. මේවගේ විහිළු කරල ජනතාව රවට්ටන්න බැරිවෙයි කියලයි මම හිතන්නේ.

    ඒ කියන්නේ අගමැති ධූරයේ වෙනසද ඇමතිතුමා?
    ‘ඒ වෙනස වෙයි… හොඳින් හෝ නරකින්‘

  • නීතිය හා සාමය රනිල් ගත්තෙ සති 2කට? එම තීරණයට බලපෑ හේතුව මෙන්න….

    නීතිය හා සාමය රනිල් ගත්තෙ සති 2කට? එම තීරණයට බලපෑ හේතුව මෙන්න….

    නීතිය හා සාමය අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇත්තේ සති දෙකක කාලයකට බව විශ්වාසකටයුතු ආරංචි මාර්ග සනාථ කරයි….

    අදාළ අමාත්‍ය ධූරය ලබාදීමට අගමැතිවරයා යෝජනා කර ඇත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට බවත්, එම ධූරය ඔහුට ලබාදීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය රනිල් අමතමින් කරන ලද ඉල්ලීමක් නිසා එම ගැටලුව විසඳාගන්නා තෙක් අගමැතිවරයා එම අමාත්‍යංශය බාරගෙන ඇති බව පැවසේ.

    කෙසේවුද, ෆොන්සේකා මහතාට අදාළ අමාත්‍ය ධූරය ලබා නොදෙන්නයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

    ජනපති සුබ පතයි !

    අලුතින් පත් කරන ලද කැබිනට්, රාජ්‍ය හා නියෝජ්ය ඇමතිවරුන්ට සුබ පතමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍ය මණ්ඩලයේද ඉතා ඉක්මන් වෙනස්කම් සිදුවනු ඇතැයි පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නික්තුකර තිබේ.

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වෙනස්කම් තවත් සති දෙකකින් සිදුවන බව මේ අතර ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

  • ලසන්ත ඝාතනයේ සැලසුම් එළියට. ලසන්තගේ සටහනකින් එලියට ආපු ඝාතනයේ අභිරහස මෙන්න..

    ලසන්ත ඝාතනයේ සැලසුම් එළියට. ලසන්තගේ සටහනකින් එලියට ආපු ඝාතනයේ අභිරහස මෙන්න..

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සාක්කි වසන් කළේයැයි කියන සිද්ධියට හිටපු පොලිස් ලොක්කන් කිහිප දෙනකුට මාංචු වැටෙන අයුරු පසුගිය සති දෙකේ දක්නට ලැබිණි. ඒ අතර නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ද විය. ඒ සමඟ ‘ලසන්තගේ සැකකරුවන් අල්ලලා.‘ යැයි කියමින් සමහරු කතා බහ කරනු පෙනිනි.

    ලසන්තගේ මරණය සම්බන්ධයෙන් මේ ලිපිය ලියන මොහොත වන තෙක් එකදු සැකකරුවකු හෝ අත්අඩංගුවට ගෙන නැත. කිසිවකු අත්අඩංගුවට ගෙන ඇත්තේ නම් ඒ ඝාතනයෙන් පසු එහි සාක්කි විනාශ කිරීම සම්බන්ධයෙන් පමණි.

    මෙවර සත්‍ය ගවේෂණ විශේෂාංගයෙන් ඉදිරිපත් කරනුයේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය ගැන සහ මෙතක් විමර්ශන අනුව රහස් පොලිසිය අධිකරණයට කළ කරුණු වාර්තාකිරීම් සම්බන්ධවයි.

    2009 වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය විය. එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වූයේ ලසන්ත වික්‍රමතුංග මහතා ය. ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළි කරමින් සිටියේය. මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ඔහු කළ හෙළිදරව්වකට නඩුවක් ද වැටී තිබුණු අතර ජනවාරි මස දෙවැනි සතියේ එළඹෙන නඩු දිනයක දී එම ගනුදෙනුව ගැන වැදගත් තොරතුරු හෙළි කරන බවට ඔහු සිය සගයන් සමඟ කියා තිබිණි.

    ලසන්ත ඝාතනය

    එදා 2009 ජනවාරි අට වැනි දා ය. වේලාව උදේ 8.10ට පමණ ඇත. පූර්වාරාම පාරේ කන්දේවත්ත ටෙරන්ස් පාරේ ලසන්තගේ නිවසට මදක් නුදුරින් පිහිටි සිල්ලර බඩු කඩයක් අසල ත්‍රීරෝද රියක් නතර කර තිබිණි.

    එය එහි නිතර තිබෙන ත්‍රීරෝද රථයකි. රියදුරු පත්තරයක් බලමින් සිටියේය. ත්‍රිරෝද රියට ඉදිරියෙන් යතුරුපැදියක් නතර කර තිබුණු අතර ෆුල්ෆේස් හෙල්මට් පැළැඳි පුද්ගලයෙක් යතුරුපැදියටම වී සිටියේය. තවත් පුද්ගලයෙක් හිස් ආවරණය අතට ගෙන සිගරට්ටුවක් බොමින් පාර දෙස බලා සිටියේය.

    උදෑසන 8.20ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතා ටෙරන්ස් පාරේ නිවසින් පිටත් විය. වංගුව හැරී කඩය පාස් වෙනවාත් සමඟම ‘අන්න එනවා.. අන්න එනවා..‘ යැයි සිගරට්ටුව අතේ තියාගෙන සිටි පුද්ගලයා කී අතර ඒ සමඟම ඔහුද යතුරු පැදියට නැඟ වික්‍රමතුංග මහතාගේ වාහනය පසුපස යන්න විට. මෙම සිදුවීම ගැන සැක සිතුණු ත්‍රීරෝද රියේ රියදුරා ඒ ගැන කඩයේ සිටි පිරිසට දැන්වීය. ලසන්තගේ රියදුරු එම කඩයට නිතර ආව ගිය නිසා රියදුරුගේ අංකය කඩයේ මුදලාලි ළඟ විය. ඔහු රියදුරට ඇමතුමක් ගත්තත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ වන විට රියදුරුගේ ජංගම දුරකතනය තිබුණේ ලසන්තගේ වාහනයේය. රියදුරු නිවසේ සිටියදී වාහනය පදවාගෙන ගියේ වික්‍රමතුංග මහතාමය.

    ඉන් මිනිත්තු කිහිපයකට පසු යමක් ගැනීමට ලසන්තගේ රියදුරා කඩයට පැමිණියේය. කඩයේ පිරිස සිද්ධිය විස්තර කළ පසු ඔහු වහාම වික්‍රමතුංග මහතාගේ සන්ඩේ ලීඩර් ආයතනයට ගියත් ඔහු පැමිණ සිටියේ නැත. වාහම ඔහු සිද්ධිය ආයතනයේ කළමනාකරුවකුට කීවිට ඔහු ලසන්තට දුරකතන ඇමතුමක් ගෙන රියදුරාට දුන්නේය. ‘බයික්එකේ අංකේ හොයා ගන්න බලන්න.‘ ලසන්ත රියදුරට කීවේය.

    ලසන්ත වික්‍රමතුංග මහතා ගියේ බත්තරමුල්ලේ නිවසටය. එම නිවසේ සේවකයකුට අසනීප වි තිබුණු අතර ලසන්ත හිතවත් වෛද්‍යවරයකුගෙන් බෙහෙත් අහගෙන බිරිය සමඟ බෙහෙත් මිලදී ගැනීමට ගියේය. යද්දී සහ එද්දී යතුරු පැදි හඹා එන අයුරු ඔවුහු දුටහ. වහාම වාහනය ගේට්ටුවෙන් ඇතුළට දැමූ අතර යතුරු පැදි ලසන්තගේ ගේට්ටුව පසුකරගෙන ගියේය. මද වේලාවක් එහි සිටි ලසන්ත යළි වාහනයට නැංගේ සන්ඩේ ලීඩර් ආයතනයට යෑමටය. ඒ අතර මඟ දී අසාත් සාලි, මලික් සමරවික්‍රම ඇතුළු පුද්ගලයන් විවිධ වැඩ සඳහා ලසන්තට ඇමතුම් ගත් අතර තමා පසු පස යතුරු පැදි ලුහුබඳින බව ඔහු කීවේය. වහාම ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දුරකතන ඇමතුම් දුන් පුද්ගලයෝ ලසන්තට දැනුම් දුන්හ.

    සන්ඩේ ලීඩර් ආයතනයට යන අතරතුර ජපන් මිත්‍රත්ව පාරට ගොස් නීතීඥවරයෙකු හමු වූ වික්‍රමතුංග මහතා ඉන් පිටත්වී ආපසු යද්දී සුපුරුදු පරිදි යතුරු පැදි දෙකක් ඔහු ලුහුබැඳ එනු දැක්කේය. ලසන්ත පසුපස යතුරු පැදි ලුහු බඳින බව කී නිසා මලික් සමරවික්‍රම මහතා වරින් වර ඔහුට කතා කරමින් ආරක්ෂිත ස්ථානයකට යන ලෙස දැනුම් දුන්නේය. උදේ 10.21ට පමණ ලසන්තට යළිත් කතා කළ මලික් සමරවික්‍රම මහතාට තමා පසුපස ලුහු බදින යතුරු පැදි ගැන ලසන්ත දැනුම් දුන් අතර ලසන්ත, සමරවික්‍රම මහතා සමඟ කතා කරමින් වාහනය පදවාගෙන ගියේය.

    අත්තිඩිය මලගල කණිෂ්ඨ විද්‍යාලය අසල කහඉරට ඔබ්බෙන් බස් රථයක් කතර කළේය. එනිසා ලසන්තගේ වාහනයද එතැන මඳක් නතර කරන්න සිදු විය. මාරයාගේ හෝරාව එළඹ තිබිණි. යතුරු පැදි දෙකක් ලසන්තගේ වාහනය හරස් කර නතර විය. තවත් යතුරු පැදි දෙකක් පැත්තෙන් නතර විය. ඉන් බැසගත් පිරිස ලසන්ත වෙත ගොස් යමකින් ඇන පළා ගියහ. ඒ සමගම ලසන්ත හා මලික් සමරවික්‍රම අතර දුරකතන සංවාදයද නිමා විය. යතුරු පැදි දෙකක් මලගලින් පිළියන්දල දෙසටත් අනිත් යතුරු පැදි දෙක ගල්කිස්ස දෙසට විදුලි වේගයෙන් ගොස් නොපෙනී ගියේය.

    ‘බයික්වලින් ආපු කට්ටියක් කූරු දෙකකින් වගේ අනිනවා දැක්කා. ඉන් පස්සේ එයාලා ගියා.‘ එලෙස කීවේ සිද්ධිය ඇසින් දුටුවෙකි. ඉන් පසු ඒ අසල මුද්‍රණ ආයතනයක පුද්ගලයෙක් හා තවත් පුද්ගලයෙක් පැමිණ වෑන් රථයක් නවත්වාගෙන ලසන්ත ඊට පටවා ගත්තේය. මුද්‍රණ ආයතයේ පුද්ගලයා වාහනයේ ඇතුළේ සිටි අතර අනිත් පුද්ගලයා ලසත්නව තම ඔඩොක්කුවේ තබාගෙන පිටුපස සිටියේ.

    මද දුරක් වාහයෙන් ලසන්ත ගෙනයද්දී ලසන්තගේ දුකරකතනය යළින් නාද වූ අතර ලසන්ත ඔඩොක්කුවේ තබාගෙන සිටි පුද්ගලයා ඊට ප්‍රතිචාර දැක්වීය. ලසන්තට වූ දේ ඔහු ඇමතුම දුන් පුද්ගලයාට විස්තර කළේය. ඇමතුම දී තිබුණේ මලික් සමරවික්‍රම මහතාය. ‘වහාම කළුබෝවිලට මෙයාව ගෙනියන්න.‘ යැයි උපදෙස් දුන් මලික් සමරවික්‍රම අනිත් අයට පණිවිඩය ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය මොහාන් සිල්වා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් ඒ මොහොතේම කළුබෝවිල රෝහලට පැමිණි අතර ලසන්ත ගෙන ආ ගමන් ප්‍රතිකාර ආරම්භ කළේය. තත්ත්වය දරුණු නිසා මහාචාර්යවරයා ප්‍රමුඛ කණ්ඩායම ශල්‍යකර්මයක් ද සිදු කළත් සාර්ථක වූයේ නැත. එදින දහවල් ලසන්ත වික්‍රමතුංග මහතා මිය ගියේය.

    වෙඩි තැබීම සහ ඇනීම

    ලසන්තගේ ශල්‍ය කර්මය කළ මහාචාර්යරවයා සිය මතය සඳහන් වාර්තාවක් 2009 ජනවාරි 12 වැනි දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍යවරයාට යොමු කළේය. එමගින් මහාචාර්යවරයා ප්‍රකාශ කර තිබුණේ ශරීරයේ උණ්ඩ කොටස් තිබුණේ නැති බවයි. වෙඩි පිටවූ තැනක් ද නොතිබූ බවත්, වෙඩි තැබීමක සලකුණක්වත් නැති බවත් සඳහන් කළ මහාචාර්යවරයා මෙය වෙඩිතැබීමකින් සිදුවී නැති බව සිය වාර්තාවේ සඳහන් කළේය.

    එම ස්ථානයට රජයේ රස පරීක්ෂකද පැමිණ පරීක්ෂණයක් සිදු කළ අතර ඔහුද වාර්තා කළේ මෙය වෙඩි තැබීමක් නොවන බවයි. මේ දෙදෙනාම මෙය වෙඩි තැබීමක් නොවන බව කියද්දී සහ ලසන්තට යමකින් අනින බව ඇසින් දුටුවන් කියද්දී පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලැබුණේ මෙය වෙඩි තැබීමකින් වූ මරණයක් ලෙසයි. ඒ අතරතුර කාලයේ එම වාර්තාව දුන් අධිකරණ වෛද්‍යවරයාට පැමිණි දුරකතන ඇමතුම් ගැන මෙහි සඳහන් නොකරමු. මෙම පශ්චාත් මරණ පරීක්ෂණයත් සමඟ වාර්තා පරස්පර වීම නිසා පරීක්ෂකයෝ අවුලෙන් අවුලට පත්වූහ.

    විමර්ශන ආරම්භය

    ලසන්ත ඝාතනය වූ ස්ථානයෙන් වෙනත් රාජකාරියකට යමින් සිටි බොරලැස්ගමුව ස්ථානාධිපති ඇපලකොටුව මහතා මෙය දැක වහාම ගල්කිස්ස පොලිසිය දැනුම්වත් කළේය. එවකට පොලිස්පතිවරයා ලෙස කයුතු කළේ ජයන්ත වික්‍රමරත්න මහතාය.

    ගල්කිස්ස දිසාව භාර නියෝජ්‍යෙ පොලිස්පති ලෙස කටයුතු කළේ ප්‍රසන්න නානායක්කාර මහතාය. ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ලෙස හේමන්ත අධිකාරී මහතා කටයුතු කරද්දී සහකාර පොලිස් අධිකාරී එල් සී ගුණවර්ධන මහතා ගල්කිස්ස පොලිසිය අධීක්ෂණය කළේය. ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මහතා ද ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස හෙට්ටිආරච්චිගේ තිස්සසිරි සුගතපාල මහතා කටයුතු කළහ.

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරන ලද ස්ථානය අයත් වන්නේ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශයට බැවින් එහි අපරාධ අංශයේ ස්ථානාධිපති සිත්තසිරි සුගතපාල මහතා විමර්ශන ආරම්භ කළේය. ඔහු එම ස්ථානයට ගොස් පරීක්ෂණ සිදු කළ අතර පොලිස් පරීක්ෂක ලලිත් වීරසිංහ මහතා ද සාක්කි සටහන් කර ගනිමින් විමර්ශනයට සම්බන්ධ විය. ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ තිබූ ඔහු භාවිත කරන ලද ක්ෂේත්‍ර සටහන් පොත ඇතුළු දේපොළ සොයා ගත් පොලිස් පරික්ෂක වීරසිංහ සකකරු දේපොළ කුවිතාංසි අංත 101/09 යටතේ එය ඇතුළත් කළේය.

    උප පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල මහතා එම සටහන් පොත පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ එම සහන් පොතේ පිටු 160කින් පිටු 126කම ලසන්ත වික්‍රමතුංග මහතා ඉංග්‍රීසියෙන් යම් යම් දේ සටහන් කර ඇති බවයි. පොතේ ඉස්සරහ පිටුවේ සහ පසුපස පිටුවේ වාහන අංක දෙකක් තිබූ අතර පවුලේ උදවියගෙන් කියැවුණු දෑ සමඟ මෙම අංක දෙක ලසන්ත ලුහු බැඳ ආ යතුරුපැදි අංක බවට සුගතපාල මහතා සැක කළේය. ඒ අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතේ ඒ බව සටහන් තබීය. ඉන් පසු නඩු භාණ්ඩ කුවිතාංසි ලේඛණයට අංක 154/09 යටතේ සටහන් පොත ඇතුළත් කළ සුගතපාල මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් එම අංක ගැන විමසීය. ඉන් එක යතුරු පැදි අංකයක් බොරලැස්ගමුවේ බවත් අනික ජා-ඇල බවත් තහවරු කර ගත් සුගතපාල මහතා මුලින්ම බොරලැස්ගමුවට ගියේය.

    සටහන් විනාශ කිරීම

    එසේ යද්දී ඔහුට දුරකතන ඇමතුමක් ලැබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි ඒ කතාව මෙසේය. ඒ දුරකතන ඇමතුම එන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙනි. ඔහු කියන්නේ වහාම නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු හමුවීමට එන ලෙස දැනුම් දුන් බැවින් එහි යෑමට පැමිණෙන ලෙසයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සහ උප පොලිස් පරීක්ෂක සුගතපාල අදාල නියෝජ්‍ය පොලිස්පති හමුවීමට ගියහ. ඔහු ලසන්තගේ සටහන් පොත බලා එහි තිබූ දෑ එවකට පොලිස්පතිට දුරකතනයෙන් දැන්වීය. පොලිසිය සැක කරන අන්දමට එහි තිබී ඇත්තේ ඉදිරි නඩු වාරයකදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට තිබූ තොරතුරුය.

    ඉන් පසු ටික වේලාවකින් නියෝජ්‍ය පොලිස්පති උප පොලිස් පරීක්ෂකට කියා ඇත්තේ ලසන්තගේ සටහන් පොත තමාට ලබා දෙන ලෙසයි. සටහන් පොත ගැන බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බව උප පොලිස් පරීක්ෂක කියද්දී ඒවා ඉරා තමාට දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පති ඉල්ලා ඇතැයි පැවසේ. මේ අනීතික ක්‍රියාව කිරීමට මුලින් උප පොලිස් පරීක්ෂක සුගතපාල අකමැති විය.

    ‘මේවා ලියලා හොයන්න ගිහින් මැරුම් කන්නද හදන්නේ? තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවා නේද? අරුන්ගෙන් මැරුම් කන්නේ නැතුව තමුසේගේ සටහනුයි නොට් පොතයි මට දීපන්.‘ යනුවෙන් එම නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකට කියා ඇති බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරයා බල අපරාධ සටහන් පොතේ අදාළ පිටුවල මෙන්ම ලසන්තගේ නෝට් පොතේ මුල් සහ අවසන් පිටුවල ඡායා පිටපත් ගෙන ඒවා සඟවා තබා මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඉදිරිපිට නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දී ඇත.

    ඉන් පසු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පරීක්ෂණ දිගටම කරගෙන ගිය අතර ඒ ගැන සදහන් කිරීමට පෙර පරීක්ෂණ රහස් පොලිසියට පැවරීම ගැන කතා කළ යුතුය. ලසන්තගේ මරණයෙන් පසු එම පරීක්ෂණ විධිමත් කරන ලෙස රජයට දිගින් දිගටම බලපෑම් පැමිණි අතර 2009 නොවැම්බර් 25 වැනි දා පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. රහස් පොලිසියට පරීක්ෂණ කර ගෙන යෑමට හැකි වූයේ මාස කිහිපයක් පමණි. එවකට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා 2010 පෙබරවාරි හත් වැනි දා පරීක්ෂණ රහස් පොලිසියෙන් ඉවත් කර නියෝජ්‍ය පොලිස්පති වාකිෂ්ඨ මහතාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් සිදු කරන ලෙස දැනුම් දුන්නේය. ඒ වන විට සීඅයිඩියෙන් කළ විමර්ශන ද ත්‍රස්ත විමර්ශන අංශය සැලකිල්ලට ගෙන තිබිණි.

    පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන අංශයට

    ලසන්ත වික්‍රමතුංග මහතාගේ ගමන් මග ඔස්සේ දිගින් දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව විමර්ශන කණ්ඩායම සොයා ගත්හ. 811, 812, 831, 861 සහ 951 අංකවලින් අවසන් වන එක ළඟ අංක ටිකක් නිසා මේ ගැන සැක සිතී ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ විය. ඒවා මිලදී ගෙන තිබුණේ 2018 නොවැම්බර් 12, 13 සහ දෙසැම්බර් පළමු වැනි දා ය. ඕල්කට් මාවතේ කමියුනිකේෂන් එකකින් එම සිම් කාඩ් ලබාගෙන තිබුණේ නුවරඑළියේ ජේසුදාසන් නම් පුද්ගලයකුගේ හැඳුනුම්පතකටය. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 වැනි දා ජේසුදාසන් අත්අඩංගුවට ගත්තේය.

    රැඳවුම් නියෝග මත ඔහුගෙන් ප්‍රශ්න කළ ත්‍රස්ත විමර්ශන අංශය ඊළඟට අත්අඩංගුවට ගන්නේ යුද හමුදා බුද්ධි නිලධාරියෙකි. ඔහු සේව කර තිබුණේ ට්‍රිපෝලි කඳවුරට අනියුක්තවය. ජේසුදාසන් යනු ගරාජ් වැඩපොළක සේවකයෙකි. ඔහුට බොන්නට දී ඔහුගේ හැදුනුම්පත ලබා ගෙන එම සිම් කාඩ් මිලදීගත්තේයැයි අනාවරණය වුවත් ජේසුදාසන් මුදා හැරියේද නැත. ඒ අහිංසකයා අවසානයේ මරුමුවට පත් විය. එය ස්වභාවික මරණයක්ද නැතහොත් මරා දැමීමක්ද යන්න තවමත් අබිරහසකි.

    2010 ජනාධිපතිවරණය පැවැතියේ ද මේ අස්සේය. ජනාධිපතිවරණය නිමවීමත් සමඟ 2010 පෙබරවාරි මස 26 වැනි දා ලසන්ත ඝාතනයට යැයි කියමින් කොහුවල යුද හමුදා කඳවුරේ 11ක් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. යළිත් පහුවැනිදා තවත් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. මේ සියලු දෙනා එවකට සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂක රාජකාරියේ ආවේක්ෂණ රාජකාරි කළ පිරිසකි. රජය පෙරළීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට රැඳවුම් නියෝග ගත්තතද මේ පිරිසෙන් නව දෙනෙක් දින හයකට පසු පොලිස් ඇප මත මුදා හැරිණි. ඉතිරි අට දෙනා දින 11කට පසු පොලිස් ඇප පිට මුදා හැරිණි. ට්‍රිපෝලි කඳවුරේ යුද හමුදා බුද්ධි සාමාජිකයා නීතිපති උපදෙස් පිට නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

    පරීක්ෂණ යළි රහස් පොලිසියට

    වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම සිද්ධියේ පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස හතර අතින් ආ බලපෑම් සමඟ 2015 පෙබරවාරි 25 වැනි දා යළිත් පරීක්ෂණ රහස් පොලිසියට පැවරිණි. ඒ අනුව රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ එවකට අධ්‍යක්ෂ දැන් නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් එවකට සහකාර පොලිස් අධිකාරී දැන් රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහත්වරුන්ගේ උපදෙස් පරිදි සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිසක් විමර්ශන ආරම්භ කළහ.

    පරීක්ෂකයන්ට මුලින්ම ගැටළුව වූවේ ලසන්ත මරණයට පත්වූ ආකාරය ගැන ඉදිරිපත් වූ පරස්පර අදහස්ය. ඒ අනුව අධිකරණ නියෝගයක් මත ලසන්තගේ දේහය 2016දී යළි ගොඩ ගත් අතර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් ඇතුළු අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් යළි දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කළහ. එහි නිගමනය වූයේ ලසන්ත මරා දමා ඇත්තේ වෙඩි තැබීමකින් නොවන බවයි. හිසට එල්ල කළ ප්‍රහාරයකින් (ඇනීමකින්) ලසන්ත මරා දමා ඇති බව නිගමනය විය. එම වාර්තාව සහ ලසන්ත මිය ගිය අවධියේම රස පරීක්ෂක දුන් වාර්තාවත්, ශල්‍යකර්මය කළ මහාචාර්යවරයා දුන් වාර්තාවත් සමානය විය. ලසන්ත මැරීමට යොදා ගෙන තිබුණේ වෙනත් රටවල බැටළුවන් මැරීමට යොදා ගන්නා නවීන උපකරණයක් බවට දැන් සැක කරයි. එම උපරණය හිස මත තබා බොත්තම තද කළ විට උල් කටුවක් හිස පසාරු කරගෙන ගොස් නැවත ආයුධය ඇතුළට එයි.

    අලුතින් පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය මුලින්ම කළේ පොලිසියේ උදවියගේ සාක්කි සටහන් කර ගැනීමයි. 2015 ඔක්තෝබර් 12 වැනි දා සහ 2015 නොවැම්බර් 04 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගත්තේය. එම ප්‍රකාශ සහ අනෙක් පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවල පරස්පරතා තිබුණු අතර ඔහුගේ ප්‍රකාශය අසත්‍ය බව දුරකතන විශ්ලේෂණ වාර්තා අනුවද පෙනී ගියේය. ඒ ගැන යළිත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පසුගිය ජනවාරි 31 වැනි දා උප පොලිස් පරීක්ෂක සුගතපාල කැඳවනු ලැබීය. ප්‍රකාශය අඩක් ලබා ගෙන සුගතපාලට දහවල් ආහාරයට ආපන ශාලාවට යෑමට ඉඩ දුන් අතර ඉන් ප්‍රයෝජන ගත් උප පොලිස් පරීක්ෂක රහස් පොලිසියෙන් පැන ගොස් තිබිණි.

    සැකකරුගේ පැන යෑම ගැන සැක සිතුණු රහස් පොලිසිය එදින මධ්‍යම රාත්‍රියේ කළුතර පොලිසියේද සහාය ඇතිව කලුතර කටුකුරුන්දේ සැකකරුගේ නිවසක සිටිය දී අත්අඩංගුවට ගත්තේය. ඉන් පසු පෙබරවාරි පළමු වැනි දා රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාගේ ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශය අධිකරණයෙන් ඉල්ලා සිටියේ වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා පැය 48ක කාලයක් සැකකරු රදවා සඳහා ගැනීමට අවසර දෙන ලෙසයි. ඊට අධිකරණයෙන් අවසර ලැබිණි.

    ඒ අනුව සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගය අනුව පොලිස් බල අපරාධ තොරතුරු පොතෙන් ඉරා ගත් පිටුවල ඡායාපිටපත් වසර නවයකට පසු රහස් පොලිසිය සොයා ගත්තේය. ඒ සැකකාර උප පොලිස් පරීක්ෂකගේ නිවසේ සඟවා තිබියදීය.

    යතුරු පැදි නාටකය

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇලේ ඇති බවට එවකට පොලිස්පතිට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබිණි. එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලීය. 26 වැනි දා කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමු නොවීය. ඉන් පසු 27 වැනිදා සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ.‘ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබේ. එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි දෙක සොයා ගෙන ඇත.

    ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනී ගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්‍රන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි. එම දෙවැනි ගැනුම් කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබිණි. ඒඅනුව කතාවක් ගෙතිනි. ඒ යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවයි. මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත.

    රහස් පොලිසිය විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගියේය. දෙවැනි හිමිකරු විශ්නු කුමාර් පූන්තොට්ටම් ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙක් විය. ඔහු එල්ටීටීඊට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙකි. 2009 ජනවාරි 18 වැනි දා ඔහු සහ මිතුරකු යතුරු පැදියෙන් යද්දි කොළපාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරු පැදියට ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්කි හමු විය. ඊට පසු දින එනම් ජනවාරි 19 වැනි දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයා ගෙන තිබිණි. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තබාය.

    එනම් ලසන්ත ඝාතනයට යොදා ගත්තේයැයි කී යතුරු පැදිය වවුනියාවෙන් පැහැරගෙන තිබුණේ ලසන්ත වික්‍රමතුංග මරා දමා දින 10කට පසුවය. එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග මැරීමට යොදා ගත් යතුරු පැදියක් නොව ලසන්තගේ පරීක්ෂණ වෙනතකට යොමු කිරීමට උපයෝගී කර ගත් යතුරු පැදියක් බව අනුමාන කළ රහස් පොලිසිය පොලිස්පතිට ලැබුණු පෙත්සම ගැන සොයා බැලීය. පෙත්සම ලැබී තිබුණේ 2009 ජනවාරි 26 වැනි දාය. නමුත් යතුරු පැදිය සොයාන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25 වැනි දාය. ඒ අනුව යතුරු පැදි නාටකය එයින් නිමා වූයේ තවත් අපරාධයක (යතුරු පැදි හිමිකරු සහ සගයා ඝාතනය) තොරතුරු හෙළිදරව් කරමිනි.

    ලසන්ත නඩුවේ දැන් සැකකරුවෝ තිදෙනෙක් සිටිති. ඒ යුද හමුදා සාමාජිකයෙක් සහ පොලිසියේ දෙදෙනෙකි. මේ තිදෙනාම ලසන්ත ඝාතන සැකකරුවෝ නොවෙති. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සාක්කි වසන් කිරීමට හෝ සාක්කි කරුවන්ට බලපෑම් කිරීම යටතේය. එසේ නම් ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

    ලසන්ත ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු නොවන්නේ සාක්කි රැසක් විනාශ කර ඇති නිසාය. මෙතරම් අමාරු වාතාවරණයක මෙතෙක් දුර විමර්ශන සාර්ථකව සිදු කරීම ගැන රහස් පොලිසියට තුති පිදිය යුතු අතර විමර්ශන කඩිනම් කර ලසන්ත ඝාතකයන් අත්අඩංගුවට ගැනීම රහස් පොලිසියේද වගකීමකි. ඊට අවශ්‍ය සහාය ලබා දීම සහ අවශ්‍ය වටපිටාව සැකසීම දේශපාලන අධිකාරියේ මෙන්ම සියලු පුරවැසියන්ගේ වගකීමකි. එසේ නොවුණහොත් ලසන්ත ඝාතනයද අපරාධකරුවන් නැති තවත් එක් මරණයක් වනු ඇත.

  • ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොලැබීම ගැන මහින්ද කියපු කතාව මෙන්න…

    ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය නොලැබීම ගැන මහින්ද කියපු කතාව මෙන්න…

    කැබ්නට් මණ්ඩලය සංශෝ්ධනය කිරිමෙන් රට තුළ කිසිඳු වෙනසක් සිදු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

    අද (25) සිදුවන කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන්  විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට නොලැබීම සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා අදහස් දැක්වූවා. 

    “මම දන්නවා එයාට දෙන්නේ නෑ කියලා… අගමැති රනිල් මෝඩ නෑ..   ෆොනේසේකා හොඳයි. පොලිසියයි හමුදාවයි භාර දුන්නාම අපිට හොඳයි.. රනිල් ආපු එකනම්  කියලවත් කර ගන්න බැරි වැඩක්.  “