එහෙත් ඒ සඳහා ඇතුළත්ව සිටියේ එක් ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු පමණයි.
තොරතුරු වාර්තා වෙන අන්දමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය තවත් සති දෙකකින් සිදු කිරීමට නියමිත බවයි සඳහන් කෙරුණේ.

එහෙත් ඒ සඳහා ඇතුළත්ව සිටියේ එක් ශ්‍රීලනිප අමාත්‍යවරයෙකු පමණයි.
තොරතුරු වාර්තා වෙන අන්දමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය තවත් සති දෙකකින් සිදු කිරීමට නියමිත බවයි සඳහන් කෙරුණේ.

නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ඊයේ (24) රාත‍්‍රියේ ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වුණා.
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගේ මතය වී තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි කළ යුතු බවටයි. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයින් තවදුරටත් ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාමට ගත් තීරණයට තිලංග සුමතිපාල ප‍්‍රමුඛ මෙම ජ්‍යෙෂ්ඨයින් විරුද්ධත්වය ප‍්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව නව කැබිනට් සංශෝධයට විරෝධය දැක්වීමක් ලෙසයි තිලංග සුමතිපාල හා සුසිල් පේ‍්‍රමජයන්ත් විදේශගත වීමට තීරණය කර ඇත්තේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම එක් කිරීම සඳහා තිලංග සුමතිපාල විසින් ප‍්‍රමුඛ කාර්යයක් ඉටු කළ බවයි දේශපාලන ආරංචි පැවසුවේ.
ඒ අතරම
අමාත්‍ය අර්ජුන රණතුංග අද (25) දින අලුයම 3.00 ට කටාර් ගුවන් සේවයේ Q.R. – 669 දරන ගුවන් යානයෙන් දෝහා බලා පිටත්ව ගොස් තිබෙනවා..
අමාත්‍ය සරත් අමුණුගම අද (25) දින දහවල් 2.35 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L. – 406 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් වෙත පිටත්ව යෑමට නියමිතයි.
රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර අද (25) දින දහවල් 12.50 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ U.L.- 503 දරන ගුවන් යානයෙන් ලන්ඩන් බලා පිටත්ව යෑමට නියමිතය බවත් සඳහන්.

රවීන්ද්‍ර සමරවීර තිරසාර හා වනජීවි කැබිනට් අමාත්‍ය.
සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය.
ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන කැබිනට් අමාත්‍ය.
කබීර් හෂීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය.
හරීන් ප්‍රනාන්දු ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය.
අජිත් පී පෙරේරා පුනරුත්තාපන හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය.
පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.
ජේ. සී. අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.
හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.
නව කැබිනට් සංශෝධනයන්ට අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වෙත පැවරී තිබෙනවා.

ශ්රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් සිය කාය ශක්තියෙන් ගිනස් වාර්තා පිහිටුවන අපූරූ තරුණයෙක් පිළිබද වාර්තා වෙනවා. හඟුරන්කෙත කිතුල්පේ ප්‍රදේශයේ පදිංචි ඔහු නමින් ජනක කාංචන මුදන්නායක. සිය කාය ශක්තියෙන් මින් පෙරද ගිනස් වාර්තා තබා තිබෙන ජනක මිලි මීටර් දොළහක ඝනකමින් යුත් දඟර කම්බි විසිදෙකක් තත්පර හතළිස් අටක් තුළ හිසෙන් නවා නව ගිනස් වර්තාවක් පිහිටුවීමට උත්සාහ කළේ ඉකුත් දා මහනුවරදී ය.
මෙම ලෝක වාර්තාව ආමේනියානු ජාතිකයකු වන ආමේන් ඇඩම්ස් විසින් මෙයට පෙර පිහිටුවා තිබිණි. විනාඩියක් තුළ මිලිමීටර් දොළහක ඝනකමින් යුත් කම්බි දහඅටක් නවා ලොව ප්‍රථම වාර්තාව තබන්නට ඔහුට හැකි විණි.
ජනක පාසල් සිසුවකුව සිටියදී වයස අවුරුදු දහසයේදී ඇඟිලි තුඩු වලින් ටොන් නවයහමාරක බරින් යුත් කෝච්චි පෙට්‌ටියක් සැතපුම් එකහමාරක දුරක් ඇදගෙන යැමෙන් අනතුරුව ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබීය. ගිනස් ලෝක වාර්තා හතරක් තබා ඇති ජනක මෙවරද සිය ශක්‌තිය මෙහෙයවීමෙන් කටයුතු කළේ ලෝකයේම අවධානය දිනා ගැනීම පිණිසය.
ලෝක වාර්තා දහඅටක් තබා ලෝකයේ වැඩිම ලෝක වාර්තා තැබූ මිනිසා බවට පත්වීම තම මූලික අරමුණ බවත් මේ වන විට ඉන් හතරක් සම්පූර්ණ කර තිබෙන බැවින් ඉතිරි වසර දෙක තුළ තවත් ලෝක වාර්තා දහහතරක් තැබීමට අපේක්‌ෂා කරන බවත් මාධ්‍යයට ප්‍රකාශ කළේය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසූවේ
“මට ඕනෑ වුණා මගේ තාත්තාගෙ අඩිපාරේ යන්න. ඔහු තමන්ගේ කාය ශක්‌තියෙන් නැඟී සිටි පුද්ගලයෙක්. මම පල්ලේපොල මහා විද්‍යාලයටත් පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයටත් යමින් අධ්‍යාපන කටයුතු කළා. ඒ පාසල්වලදී මම හෙල්ල සහ යගුලිය විසිකිරීමේ ක්‍රීඩා ඉතාම ආසාවෙන් කළා. මගේ මේ ගමනේ ඇරඹුම එතන. වයස අවුරුදු දොළහෙ ඉඳන් උදේ පැය දෙකක් සහ හවස පැය හතරක් පුහුණු වෙනවා. පුංචි කාලේ ඉඳන්ම මම බැලුවේ කායශක්‌තිය විදහාපෑ හැකි යමක් කරන්න…. දැන් මම ඒ අරමුණ සාක්‌ෂාත් කළ තැනට ආවා කියලා මට හිතෙනවා…” ලෙසය.



ජනප්‍රිය රංගන ශිල්පිණි නිල්මිණි තෙන්නකෝන් සති අන්ත පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් සිය ජීවිතයේ ආදරය ගැන හෙළිකර තිබුනා. එම සංවාදය පහතින් ,
පාසල් වියේ ඔබගේ හිත මත දග කළ ආදර මතකයට යමුද ?
මම ඉස්‌කෝලෙදී ප්‍රසිද්ධ වෙලා හිටියේ ක්‍රීඩිකාවක් විදිහට. නර්තනය හැදෑරුවා. ඒ පැත්තෙන් මගේ දක්‌ෂතා ඉහළින් තිබුණා. නිළියක් වීම ගැන නම් හිතුවේ නැහැ. මගේ පාසලේ වගේම ගෙදරත් නීතිරීතිවලින් වටවෙලා තිබුණේ. මම අපේ තාත්තට හරිම බයයි. ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගන්න මේ වාතාවරණය තුළ කොහොමවත් ඉඩක් තිබුණේ නැහැ.
ආදර හැඟුම් නොදැනුන යෞවනයක්‌ද තිබුණේ?
ආදරය කරන්න හිතේ ආසාවක් තිබුණා. ඊට වඩා තාත්තාට තිබුණ බය බලවත් වෙලා තිබුණා කීවොත් හරි. පිරිමි ළමයෙක් ගැන හිත නොගියා කියන්න බැහැ.
ඒ ප්‍රේමය ඔබට හමුවන්නේ ඔබේ පාසලෙන්මද ?
ඒ පිරිමි ළමයගේ නංගිලා දෙන්නත් හිටියේ මගේ පන්තියේ. එයාලා කතෝලික ආගමේ. මම බෞද්ධ. මම නැටුම් ඉගෙන ගන්න පල්ලියේ ගොඩනැඟිල්ලක පන්තියකට යනවා. එතැනදී තමයි මම ඒ ළමයාව දැක්‌කේ. අපි අතරේ ආකර්ෂණයක් තිබුණා. ඒත් ඒක ප්‍රේම සම්බන්ධයක් විදිහට දුරදිග ගියේ නැහැ.
ඔබ ජනප්‍රිය කෙනෙක් වූ කාලයේ නැවත ඔබට ඔහු හමුවෙලා තියෙනවාද ?
නැහැ. ඒ කාලයෙන් පසු මට කවදාකවත් ඔහු හමුවුණේ නැහැ.
දැනුම් තේරුම් වයසට ඇවිත් නිලමිණි ආදරය හොයන්න පටන් ගන්නේ ?
ඇත්තටම මම හිතන්නේ මම හිතපු පතපු ආදරය මට ලැබුණේ නැහැ. තවමත් මම පතන විදිහේ ආදරේ මම හොයනවා. මේ කියන්නෙ මම පෙම්වතෙක් හොයනවා කියන එක නෙවෙයි. අපි තරුණ වියට පත්වෙද්දී අපේ යටි හිතේ ඇදෙනවනේ මම ලබන්න ඕනෑ මෙහෙම කෙනෙක් කියලා. අන්න ඒ විදිහට මගේ හිත පතන ආදරයක් මට ජීවිතයේ කොතැනකදීවත් තවම මුණගැහිලා නැහැ.
ජීවිතයේ එක දවසකවත් ඔබ සිතූ ආදරය ඔබට ලැබිලා නැතිද ?
අපි කසාදයක් බදින්නේ ආදරය කරලානේ. මේ තමයි මට ලැබුණ හොදම ආදරය කියන හැගුමත් එක්‌කනේ. ඒත් ඒ ආදරය ඇතුළේ ලොකු රැවටීමක් තියෙනවා කියලා දැනුනට පස්‌සේ කලකිරීමක්‌නේ ඇති වෙන්නේ. ඒ කලකිරීම මටත් ඇතිවුණා. ආදරය වෙනස් වූ දෙයක්. ඒක හැමෝටම එක වගේ ලැබෙන්නේ නැහැ. ඒක තමන්ගේ පින පව අනුව ලැබෙන දෙයක්. මට නම් මම හිතූ ආදරය ලැබිලා නැහැ.
ආදරය වෙනුවෙන් නිල්මිණි ලද සිහිවටන තිළිණත් අද ආදරය වගේම දුරස් වෙලාද ?
එක කාලයක ඒ දේවල් වල වටිනවා කියල හිතුණා. දැන් ඒවා මතකයෙන් මකල දාලා ඉවරයි. අපි හිතාගෙන ඉන්න ආදරේ බොරුවක් කියලා දැනුන කල සිහිවටනවලට තියෙන වටිනාකම මොකක්‌ද.
නිල්මිණි ආදරය වෙනුවෙන් මග බලනවාද ?
එහෙම දේවල් ඕනෑම කෙනෙකුගේ යටිහිත්වල ඇති. මගේ යටිහිතෙත් ඇති. එහෙම කෙනෙක් මගේ ජීවිතයට හම්බ වෙන්නත් පුළුවන්. අපිට අපි හිතන විදිහට කිසි දෙයක් හමුවෙන්නේ නැහැනේ.
අද දවසේ නිල්මිණිගේ ලෝකය ප්‍රේමයෙන් හිස්‌වුණ එකක්‌ද ?
අද මගේ ජීවිතය ඇතුළේ ආදරයක් නැහැ. මේ රටේ කොතැනක හෝ කෙනෙක් මට ආදරය කරනවා ඇති. ඒ ආදරය ලබන්නවත් ඒ කෙනාට ආදරය දෙන්නවත් පුළුවන් තැනක නෙවෙයි මම දැන් ඉන්නේ. කවද හරි මම තනිවෙනවා කියලා මම දන්නවා.
හිත ඇති ආදරයක් ප්‍රකාශ කරන්න ඒ ආදරය විදින්න අද ඔබ මැළිවෙන්නේ ඇයි ?
කෙනෙකුට ආදර කරන්න පුළුවන් නම් ඒ කෙනා ආදරය කරනවා නම් ඒ දිහා වැරදි තැනක ඉදල බලන්න හොද නැහැ. ඕනෑම කෙනෙකුට සහකරුවෙක් සහකාරියක් අවශ්‍යයි. ඒත් අපේ රටේ දෙන්නෙක් ආදරය කරනවා නම් බලන්නෙ හරිම වැරදි ඇහැකින්. මේ පසුබිම අද මා මෙවැනි තැනක නතර කර තබනවා වෙන්නත් පුළුවන්.
ජීවිතය ගැන අත්දැකීම් ඇති කෙනෙක් විදිහට ඔහු ඔබට ආදරය ප්‍රකාශ කළොත්. ඔබ ඒ ආදරය පිළිගන්නවද ?
මට ගොඩක් ආදරය කරන කෙනෙක් මගේ රසිකයෙක් හෝ වෙනත් පුද්ගලයෙක් බොහොම ආයාචනාත්මකව මට ආදරය ප්‍රකාශ කළත් දෙන්නෙකුට ඒ සිතුවිල්ල විතරක් මදි එක්‌වෙලා ජීවත් වෙන්න. ඒ ගැන දහ වතාවක් විතර හිතල බලන්න ඕනෑ. ඒ පුද්ගලයගේ ආදරය මට ලබන්න පුළුවන්ද? ඔහුට පෙම්වතියක් හෝ බිරිදක් ඉන්නවාද? බාධාවකින් තොරව ඒ ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන්ද කියලා හොයලා බලන්න ඕනෑ. ආදරය කාටවත් බෙදල දෙන්න බැහැනේ. ඒ නිසා අපි ආදරය කරනවා නම් අතරමැදියෙක් නොවී ආදරය කරන්න හා ලබන්න පසුබිමක් තියෙන්න ඕනෑ.
නිල්මිණිගේ ලෝකයේ ආදරය වෙනුවෙන් කළ කැපකිරීම් ?
කැපවීම් ගොඩක් කරලා තියෙනවා. කෙනෙක්‌ට ආදරය කරල විවාහ වෙන එකම කැපවීමක්. පවුල් ජීවිතයකදී මොනතරම් හිත් රිදුම් අඩත්තේට්‌ටම් තිබුණත් ඒ දේවල් සගවා ගෙන ඔහුගේ ගෞරවය ආරක්‌ෂා කරන එකත් කැපවීමක්‌නේ.
නිල්මිණිට අද ආදරය ගැන අවිශ්වාසද ?
අවංක ආදරය කියලා දෙයක් කොතැනකවත් නැහැ කියලයි මම හිතන්නේ.
ජනප්‍රියත්වය නිල්මිණිගේ ආදර හිතට තහංචි දැමූ සාධකයක්‌ද ?
මම ආදරය කරන්න කැමැතියි. ආදරය කරන්න කැමැති වුණත් මට බැදීම් ගොඩයි. මම රටේ ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසා ඉතා සූක්‌ෂමව මම මගේ නම ආරක්‌ෂා කරගන්න ඕනෑ.

ඒ, කොළඹ කොටුව, කොල්ලූපිටිය හා බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප‍්‍රදේශ ආවරණය කරමින් පැවැත්වෙන ජාත්‍යන්තර තුන් ඉරියව් ක්‍රීඩා තරගාවලියක් හේතුවෙන්.
ඒ අනුව අලුය5.00 සිට දහවල් 12.00 දක්වා කොළඹ කොටුව චෛත්‍ය පාර, ගාලූ මුවදොර මැද පාර, ගාලූ පාරේ කොල්ලූපිටිය මංසන්ධිය දක්වාත්, කොල්ලූපිටිය දුම්රියපොළ මාර්ගය සහ මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත දක්වාත් වාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.
එම මාර්ග වෙනුවට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.

කැබිනට් සංශෝධනය අද දිනයේදී සිදු කෙරෙනු ඇති බවට වාර්තා වනවා. අද (25) පෙරවරු 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට සියලු ඇමතිවරු කැඳවා ඇති බව සඳහන්. අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන ඉරිදා දින සිදුවනු ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න (23) පැවසීය. සේනරත්න මහතා එලෙස කීවේ කළුතර මහ රෝහලේ පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
ඒ සම්බන්ධයෙන් ඊයේ දිනයේද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.
අද (25) දින කැබිනට් සංශෝධනයක් වෙන බවත් අද ඇමති හෙට මන්ත්‍රී විය හැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ (24) දින අගුණකොළපෑලැස්සේ පැවති උත්සවයකදී පැවසීය.දක්ෂයන්ට තැනක් හිමි වෙන කැබිනට් සංශෝධනයක් සිදු වෙනු ඇති බවට රටේ ජනතාව බලා පෙරොත්තු වෙන බවත් ඒ අනුව කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.
මේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කළ අමාත්‍ය මනෝ ගනේෂන් මහතා කියා සිටියේ 25 උදෑසන 11ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබෙන බවයි. සිදුවන සංශෝධනයන් මොනද යන්න තමා නොදන්නා බවත් එය දන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බවයි ඔහු කියා සිටියේ. එසේම පසුගිය මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට කණේ පහරක් එල්ල කර ඇති බවට පාඨලි චම්පික රණවක මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පිලිගන්නා බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. එම නිසා කැබිනට් සංශෝධනය කිරීමේදී මූණු මාරු කරලා, ඔළුගෙඩි මාරු කරලා ෂේප් න්‍යායෙන් කටයුතු කළ නොහැකි බවත් සැබෑ ලෙසම කැබිනට් සංශෝධනයක් කළ යුතු බවයි ඔහු පවසන්නේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අවදානයට ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද අමාත්‍යවරයා කියා සිටියා.
බලංගොඩ ප්‍රදේශයේදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණ විතාන මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් කියා සිටියේ කැබිනට් සංශෝධනය හෙට සිදුවන බවත් තමාටද පැමිණෙන ලෙසට ආරාධනා කර ඇති බවයි ඔහු කියා සිටියේ. අමාත්‍ය ධුරයේ වෙනසක් වන්නේදැයි කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා සිටියේ එය කෙසේ වන්නේදැයි නොදන්නා බවත් ඕනෑම අමාත්‍යංශයක වැඩ කිරීමට කැමති බවද ඔහු කියා සිටියා. තමා නියෝජ්‍ය අමාත්‍යවරයකු බවත් ඇමැතිකම් ඉල්ලන්නේ නැති බවත් නියෝජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු ලෙස සිටීමට කැමැත්තෙන් පසුවන බවයි ඔහු කියා සිටියේ. අධිකරණ අමාත්‍ය ධුරයට කරු පරණවිතාන මහතාගේ නම යෝජනා වී ඇතැයි ඇති ආරංචි සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වූවා. එහිදී ඔහු කියා සිටියේ තමාට වඩා සුදුසුකම් සහිත අයවළුන් සිටින බවත් තමා නිලධාරියෙක් ලෙස එහි සේවය කර ඇති බවත්ය.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේදීයි. බැඳුම්කර කොමිසමේ වාර්තාව සහ බරපතල වංචා දූෂණ විමර්ශන කොමිසමේ වාර්තා පිළිබඳ එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන් දැනුවත් කෙරෙන බවයි වාර්තා වුණේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේදී අද රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් එය පැවැත්වෙන බවයි අප වෙත වාර්තා වුණේ.
මේ අතර ජනතා මතයට හිස නමා මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ඉල්ලා එ්කාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන රැළි මාලාවේ පළමු වැන්න ලබන 06 වැනිදා නුගේගොඩින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඊට අමතරව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා විරෝධතා මාලාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. එම කටයුතු සංවිධාන කිරීම සඳහා මන්තී‍්‍රවරුන් 5දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබෙනවා. මහින්දානන්ද අළුත්ගමගේ, ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු යන මන්ති‍්‍රවරුන් එහි සාමාජිකයින්.

අද සිදු කරන කැබිනට් සංශෝධනයේදී ඔහුට අමාත්‍ය ධූරයක් පිරිනැමීමට නියමිත වුවද ඔහු එය භාර නොගැනීමටයි තීරණය කර ඇත්තේ.

මෙම කැබිනට් සංශෝධනයේ දී කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කාණ්ඩ 04කින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා.
ඉකුත් දිනවල දී දීර්ඝ ලෙස කතා බහට ලක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග‍්‍රාමාත්‍යවරයා යටතේ පවත්වා ගැනීමට කටයුතු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතික පක්ෂය මුලින් යෝජනා කළේ මෙම අමාත්‍යංශය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමටයි. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඊට විරෝධය පල කළා.
මේ දක්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ සාගල රත්නායකයි. අද සිදු කෙරෙන කැබිනට් සංශෝධනයේ දී ඔහුට සංචාරක අමාත්‍යංශය හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මෙම සංශෝධනයේදී කෘෂිකර්ම අමාත්‍යංශය, අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා වෙත පැවරෙනු ඇතැයිද ඔහු විසින් මෙතෙක් කටයුතු කළ ආපදා කළමනාකරණ අමාත්‍යංශය අමාත්‍ය දුමින්ද දිසානායකට පැවරෙනු ඇතැයි ද සඳහන්.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ ඇති උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත ආයතන වෙනස් වනු ඇතැයි ද වාර්තා වනවා.
මීට අමතරව එස්. බී. දිසානායක, මලික් සමරවික‍්‍රම, දයාසිරි ජයසේකර හා හරීන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ විෂයන් ද වෙනස් වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.
තිලක් මාරපන අමාත්‍යවරයා යටතේ ඇති විදේශ අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද සඳහන්. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යවරයාගෙන් වනජීවි අමාත්‍යංශය ඉවත් කිරීමට ද යෝජනා වී තිබෙනවා.
මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ හා රවීන්ද්‍ර සමරවීර යන අයට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුට ද එලෙස කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි වාර්තා වනවා. බුද්ධික පතිරණ, නලීන් බණ්ඩාර සහ ලකී ජයවර්ධන යන මන්ත‍්‍රීවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි ද සඳහන්.
ඉකුත් සමයේ අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායකට මෙවර කැබිනට් සංශෝධනයේදී ද අමාත්‍ය ධූරයක් හිමි නොවනු ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ධූරයෙන් ඉවත්වූ හිටපු අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂට මෙම සංශෝධනයේදී අමාත්‍ය ධූරයක් හිිමිවනු ඇති බවට වාර්තා පළ වුණා. ඔහු ඉකුත් සතියේදී අග‍්‍රාමාත්‍යවරයා සමග රහස් සාකච්ඡාවක්ද පවත්වා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ.
රාජිත සේනාරත්න, පාඨලී චමිපික රණවක, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යංශ වෙනස් නොවනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා.

පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් පවතින බව දේශපාන ආරංචි මාර්ග පවසනවා.
රාජ්‍ය අමාත්‍යවරයා ලබන 26 වනදා ආණ්ඩුවෙන් ඉවත් වන බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ආනමඩුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාලිත රංගේ බණ්ඩාර පසුගියදා එම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දුන්නා.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඡ්‍යෙශ්ටයින් තමාව ඝාතනය කිරීමට පවා උත්සහ දැරූ බව කියමින් ඔහු පසුගිය දා නිවේදනයක් ද නිකුත් කළා.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා දිවයිනට කැඳවූයේ ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලීමට බව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක පවසයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ ඇමති තනතුරට පත් වුවහොත් තමන් පැය විසි හතරක් ඇතුළත පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස් වන බව පූජිත් ජයසුන්දර මහතා ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. ඉහළ පොලිස් නිලධාරීන් නම් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා පැය විසි හතරකට හෝ නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයට පත් කළ යුතු බවත් පූජිත් ජයසුන්දර පොලිස්පති තනතුරින් ඉවත් කරවා ගැනීමට ඇති එකම ක්‍රමය එය බවත් ය.
සරත් ෆොන්සේකා මහතා ඉන්දුනීසියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර ජනාධිපතිවරයා ඔහුව කැඳවා “ඔන්න මම තමුන්නාන්සෙට නීතිය හා සාමය බාර දෙනවා, මට අවුරුද්දක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඕනේ” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. ඒ මොහොතේ සරත් ෆොන්සේකා පිළිතුරු දී තිබුණේ “මට අවුරුද්දක් ඕනෙ නෑ සර්, මට මාස හයක් ඇති. මම මාස හයෙන් වැඩ කරලා පෙන්නන්නම්” යනුවෙනි. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳව පැයක පමණ සාකච්ඡාවක් දෙදෙනා අතර සිදුව ඇති අතර තනතුර පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීම ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබ ඇත. අග්‍රාමාත්‍යවරයා තමන්ගේ පාර්ශ්වයෙන් කටයුතු සිදු කළ ද දැන් වන විට යළි වැනෙන සුළු ස්වභාවයකට පත්ව සිටී.
සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන නියම මානුශික මෙහෙයුම ආරම්භ වීමට තිබුණේ මෙම තනතුර ලැබීමෙන් අනතුරුවය. රටේ ජීවනාලිය බඳු ආර්ථිකය විනාශ කළ දූෂිතයින්, හොරුන්, වංචාකරුවන් අල්ලා කූඩු කිරීමටත් සොරාගත් ජාතික ධනය ඔවුන් වෙතින් යළි අය කරගැනීමටත් නායකත්වය දීමට සරත් ෆොන්සේකා මහතා සැදී පැහැදී සිටියේය.
පසුගිය සතිය වන විට ආණ්ඩු පිහිටුවීමෙහිලා උත්සුක වූ රාජපක්ෂ පාර්ශ්වය ද මේ වන විට එම උත්සාහය අතැර දමා ඇත. මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වීම වැළැක්වීමය. පොලීසියේ සිටින දූෂිත නිලධාරීන් ද හෙල්ලුම් කා සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයට පත් වෙතැයි බියෙනි.
මේ වන විට සියළුම දූෂිත බලවේග සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත් කිරීමට එරෙහිව බලමුළු ගැන්වී ඇති සැටියකි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය පිළිබඳ ඇමති තනතුරට පත් වුවහොත් තමන් පැය විසි හතරක් ඇතුළත තනතුරෙන් ඉල්ලා අස් වන බව ඉහළ ඉහළ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ඇතැම් ඉහල පොලිස් නිලධාරීන් නම් පවසන්නේ සරත් ෆොන්සේකා මහතා පැය විසි හතරකට හෝ නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයට පත් කළ යුතු බවත්ය.
සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය හිමිවීම දැනට නම් පවතින්නේ අඩමාන තත්වයකය. ඔහුට එම තනතුර හිමිවීමේ සම්භාවිතාව මීට සතියකට පෙර 80% මට්ටමේ පැවතුණ ද දැන් වන විට එය 50% තරම් පහළ බැස ඇත.
සරත් ෆොන්සේකා මහතා ඉන්දුනීසියාවේ සංචාරය සඳහා පිටත් වීමට පෙර රටේ ඉහල බලධාරියෙක් ඔහුව කැඳවා “ඔන්න තමුන්නාන්සෙට නීතිය හා සාමය බාර දෙනවා, මට අවුරුද්දක් ඇතුළත හොඳ ප්‍රතිඵලයක් ඕනේ” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.
ඒ මොහොතේ සහ ඊට පසුවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පිළිතුරු දී තිබුණේ “මට අවුරුද්දක් ඕනෙ නෑ, මට මාස හයක් ඇති. මම මාස හයෙන් වැඩ කරලා පෙන්නන්නම්” යනුවෙනි. ඉන් අනතුරුව අමාත්‍යාංශයේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් කර ඇත.
සරත් ෆොන්සේකා මහතා නායකත්වය දෙන නියම මානුශික මෙහෙයුම ආරම්භ වීමට තිබුණේ මෙම තනතුර ලැබීමෙන් අනතුරුවය. රටේ ජීවනාලිය බඳු ආර්ථිකය විනාශ කළ දූෂිතයින්, හොරුන්, වංචාකරුවන් අල්ලා කූඩු කිරීමටත් සොරාගත් ජාතික ධනය ඔවුන් වෙතින් යළි අය කරගැනීමටත් නායකත්වය දීමට සරත් ෆොන්සේකා මහතා සැදී පැහැදී සිටියේය.
පසුගිය සතිය වන විට ආණ්ඩු පිහිටුවීමෙහිලා උත්සුක වූ රාජපක්ෂ පාර්ශ්වය ද මේ වන විට එම උත්සාහය අතැර දමා ඇති අතර, මේ වන විට රාජපක්ෂ පාර්ශ්වයේ මූලික බලාපොරොත්තුව වී ඇත්තේ කෙසේ හෝ සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත්වීම වැළැක්වීමය. පොලීසියේ සිටින දූෂිත නිලධාරීන් ද හෙල්ලුම් කා සිටින්නේ සරත් ෆොන්සේකා අමාත්‍ය ධුරයට පත් වෙතැයි බියෙනි. මේ වන විට සියළුම දූෂිත බලවේග සරත් ෆොන්සේකා නීතිය හා සාමය අමාත්‍ය ධුරයට පත් කිරීමට එරෙහිව බලමුළු ගැන්වී ඇති සැටියකි.

අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට රටේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට බලයක් තිබේද යන්න අද රට තුළ අර්බුදයක් බවට පත්ව ඇති ප‍්‍රශ්නයක් වී ඇත. නීතිඥවරුන් ඇතුළු සමාජ ක‍්‍රියාකාරීන් බොහෝ දෙනෙක් මේ කාරණය පිළිබඳව විවිධ මත හා අදහස් පළ කර ඇතත් මේ දක්වාම පැහැදිලි ලෙසින් එබඳු බලයක් පවතින බව නිශ්චිතව පෙන්වා දී නැත. 19 වන සංශෝධනය මගින් ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධිත වගන්ති අනුව මෙම ව්‍යාකූලත්වය පැන නැගී ඇති බවත් විධායක ජනාධිපති බලතල එමගින් අඩු වීමත් මෙම තත්ත්වය උදා වීමට හේතු වී තිබේ.
අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් කිරීම ප‍්‍රශ්නයක් හැටියට ඉස්මතු වූයේ පළාත් පාලන මැතිවරණයේ දී එ.ජා. පක්ෂයට අත්වුන විශාල පරාජය නිසාය. බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එ.ජා. පක්ෂ නායකත්වය සහ ඇතැම් පාක්ෂිකයන් කටයුතු කළ ආකාරය ජනතා අප‍්‍රසාදයට සහ සැකයට භාජනය වී පැවති බවය. වංචනිකයින් හෙළිදරව් කර ගැනීමට වඩා ඔවුන් ආරක්ෂා කිරීමට පියවර ගත් බවටත් වංචනිකයන්ට එරෙහිව රාජ්‍ය යාන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වීමට බාධා කළ බවටත් ඔවුනට චෝදනා එල්ල වී තිබුණි. අවසානයේදී ජනාධිපති වරයාගේ මැදිහත්වීමෙන් විමර්ශන කොමිෂන් සභාවක් පත් නොකරන්නට සිද්ධිය මුළුමනින්ම යට ගැසීමට විවිධ ප‍්‍රයෝගකාරී උපක‍්‍රම යොදා තිබුණ බවත් සමාජයේ පිළිගැනීම වී තිබුණි. ජනාධිපති කොමිෂන් සභාවේදී හෙළිදරව් වූ තොරතුරු අනුව මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් එ.ජා.ප. නායකයාද වන අගමැතිවරයා බරපතල වගකීමකට බැඳෙන බව ඉතා හොඳින් ජනතාව අවබෝධ කරගෙන සිටියහ.
අගමැතිවරයා පිට පැවරෙන සදාචාරාත්මක වගකීම
ශ‍්‍රී ලංකාවේ පුරවැසි බවක් නොමැති සිංගප්පූරු පුරවැසියෙකු, ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් හා වෙනත් බොහෝ දෙනෙකුගේ විරෝධතා පවා නොතකමින්, මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීමට අගමැති රනිල් වික්රමසිංහ මහතා කටයුතු කළ ආකාරය.
බැංකු අධිපතිගේ දියණිය විවාහ කරගෙන සිටි පුද්ගලයා මහ බැංකු බැඳුම්කර ගණුදෙනු සඳහා ලියාපදිංචි වූ සමාගම් කීපය අතරින් එකක් වූ පර්පෙචුවල් ටේරසරීස් සමාගමේ අයිතිකරු වීම නිසා නිසැකයෙන්ම උද්ගත විය හැකිව තිබුණ ‘‘බැඳියා පිළිගැටුම’’ පිළිබඳව දැන දැනත් ඒ ගැන නිසි ආරක්ෂක පියවර නොගැනීම.
මහ බැංකුවේ පවතින සම්ප‍්‍රදායයන්, නීති රෙගුලාසි සහ පරිචයන් පිළිබඳව කිසිම තැකීමක් නොමැතිව නව ක‍්‍රමවේද මගින් බැඳුම්කර නිකුත් කිරීමට මහ බැංකු විෂයභාර ඇමති වශයෙන් අගමැතිවරයා බලකර ඉල්ලා සිටීම සහ එම හේතුව මෙම වංචාව මේ ආකාරයෙන් සිදු වීමට සෘජුව බලපෑම.
පළමු වරට වරද හෙළිදරව් වීමෙන් පසුව, අගමැති වරයා පාර්ලිමේන්තු ප‍්‍රකාශයක් මගින් බැංකු අධිපති වරදක් කර නොමැති බවට සහතික වීම සහ එනිසාම යළිත් වරක් ඊටත් වඩා බරපතල වංචාවක් කිරීමට ඉඩ ලැබීම.
සුදුසු හා පරිමිත පුද්ගලයන් ලවා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවට විෂය පිළිබඳ නිපුණතාවක් තබා මනා දැනුමක්වත් නොමැති එ.ජා.ප. නීතිඥයින් 3 දෙනෙකුගේ කොමිටියක් පත් කිරීම. එම කාරණය එසේ නොකළ යුතුව තිබුණු බව ජනාධිපති බැඳුම්කර කොමිසම විසින් සිය වාර්තාවේද දක්වා ඇත.
එම ත‍්‍රිපුද්ගල කොමිටි වාර්තාව අනුව කිසිම සාධනීය පියවරක් ගැනීමට අගමැතිවරයා කටයුතු නොකිරීම හා අපොහොසත් වීම.
පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කළ අවස්ථාවේදී එහි සාමාජිකයින් වශයෙන් නම් කරන ලද එ.ජා.ප. මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රශ්නගත ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂ නායකයා, රටේ අගමැතිවරයා සහ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කිසි පියවරක් නොගෙන සිටීම.
පළමුවන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට තිබියදී එය කළ නොහැකිවන අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට ජනාධිපතිවරයාට උපදෙස් දීම, එමගින් ඉන් පසුව පැවැත්වීමට නියමිත මහා මැතිවරණයේදී නිසැකයෙන්ම තම පක්ෂයට අත්වීමට ගිය අපවාදය මග හැරීමට උපක‍්‍රමශීලීව කටයුතු කරමින් සිදු වූ වංචාව හෙළිදරව් කර ගැනීමට උනන්දුවක් නොදැක්වීම.
දෙවන කෝප් කාරක සභාව අතරතුරදී එහි සාමාජිකයන් වූ ඇතැම් එ.ජා.ප. මන්ත‍්‍රීන්ගේ බාධාකාරී සහ කලහකාරී ක‍්‍රියා පිළිවෙත හමුවේ පක්ෂ නායක වශයෙන් නිහඬතාවය රැුකීම සහ එම ක‍්‍රියා වැලැක්වීමට කිසිම පියවරක් නොගැනීම.
දෙවන කෝප් වාර්තා විභාගයේදී පවා එවකට ඔප්පු වී තිබූ වංචනික තත්ත්වය නොතකමින් බැංකු අධිපති යළිත් වරක් එම තනතුරට පත් කිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම.
අවසානයේදී ජනාධිපතිවරයා එම ඉල්ලීම ඉවත දැමීමෙන් පසුව, අර්ජුන මහේන්ද්‍රන් අරලියගහ මන්දිරයේ අගමැති කාර්යාලයේත් මුදල් අමාත්‍යංශයේත් විවිධ නිල කටයුතු සඳහා යොදවා ගැනීම.
ත‍්‍රිපුද්ගල කොමිටියක්, කෝප් පරික්ෂන දෙකක් සහ විගණකාධිපති විසින් මහ බැංකුවේ සිදුකළ විගණන පරික්ෂණයක් සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමට කරන ලද මහජන පැමිණිලි කීපයක් පවතිද්දී දිගින් දිගටම අර්ජුන මහේන්ද්‍රන් බැංකු අධිපති හැටියට රාජකාරි කටයුතු වල යොදා ගැනීමෙන්, අතිශයින් හිතුවක්කාරී රාජ්‍ය පිළිවෙත් විරෝධී ලෙසින් සහ එල්ල වී පැවති මහජන හා සමාජ විරෝධය නොතකා කටයුතු කර තිබීම.
තමා විසින් ඒකපාක්ෂික ලෙසින් බැංකු අධිපති තනතුර සඳහා පත්කර ගත් පුද්ගලයාට එරෙහිව බරපතල තීරණ කොමිෂන් සභාව විසින් ගැනීමට නියමිත බව දැන දැනම ඔහුට රටින් පැන යාමට පැවති ඉඩකඩ අවුරා දැමීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු නොකර සිටීම.
දැනටත් අධිකරණය ඉදිරිපත් වන ලෙසට කර ඇති නිවේදන හමුවේ අර්ජුන මහේන්ද්‍රන් වසන් වී සිටීම සම්න්ධයෙන්, මහ බැංකුවේ අධිපති ලෙස පත්කළ පුද්ගලයා හැටියට රනිල් වික්රමසිංහ මහතා නිහඬව බලා සිටීම.
මෙබඳු කරුණු කාරණා ගණනාවක් සඳහා අගමැති හා විෂය භාර ඇමති හැටියට සදාචාර සම්පන්න, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, රාජ්‍ය සම්ප‍්‍රදායට අනුකූල පියවරක් වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීම රටේ බහුතරයක් අපේක්ෂා කළහ. එවැනි පියවරක් ඔහු නොගත් නිසා පළාත් පාලන ඡුන්දයේදී සිය විරෝධතාවය පල කිරීමක් වශනේ එ.ජා. පයට අන්ත පරාජයක් අත්වෙන ආකාරයට ප‍්‍රතිඵලයක් ලබා දුන්හ. එමගින් ඡන්ද දායකයින් අපේක්ෂා කළේ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතාව හමුවේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉවත් විය යුතු බවයි.
වර්තමාන අර්බුදය හටගෙන ඇත්තේ මෙම පසුබිම තුළය. අගමැතිවරයා එම ජන මතයට දක්වන ප‍්‍රතිචාරය අතිශයින් විශ්මයජනක වූවකි. ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ඔහු පවසා ඇත්තේ ව්‍යවස්ථාවට අනුව තවදුරටත් තමාට අගමැති ධුරයේ රැුඳී සිටීමට ඉඩ තිබෙන බැවින් ඉල්ලා අස්වීමට හේතුවක් නැති බවය. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වංචාව සම්බන්ධයෙන් මහ බැංකුව භාර අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්රමසිංහ මහතා පිට පැවරෙන වගකීම ගැන ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැත. ඔහුගේ ක‍්‍රියා කලාපයට විරෝධය පලකිරීමක් වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල සංඛ්‍යාවක් ඡන්දය දීමෙන් වැලකී සිටි බවත්, තවත් බොහෝ දෙනෙක් එම විරෝධය පොහොට්ටුවට ඡන්දය දීමෙන් පළ කළ බවත් ව්‍යවස්ථාවක සඳහන් වන්නේ නැත. එමනිසා තමාගේ මූලිකත්වයෙන් සංශෝධනය කරගත් ව්‍යවස්ථාව මෙබඳු අවස්ථාවකදී තමාට එරෙහිව එල්ල වන ජනතා විරෝධයට එරෙහිව ආරක්ෂ බැම්මක් හැටියට යොදා ගැනීමට උත්සාහ දරණ බවක් පෙනී යන බැවින් එ් පිළිබඳව ජනතාව විමසුම් ලෙස සොයා බැලීම සාධාරණය.
එනිසා මෙම 19 වන සංශෝධනය ඇතුළත් ව්‍යවස්ථාව ඕනෑම ජන මතයක් පිටු දැකීමට රැකවරණ සලස්වන එකක්ද යන වග විමසා බැලීමට සිදුව තිබේ.
අප රටේ අද විවාදයට භාජනය වී පවතින්නේ 2015 ආණ්ඩු පෙරලියෙන් පසුව සිදුකරන ලද 19 වන සංශෝධනයට අදාල ව්‍යවස්ථාවයි. විධායක ජනාධිපති ක‍්‍රමයක පැවති ඇතැම් අයහපත් ලක්ෂණ ඉවත් කරලීම සඳහා එම සංශෝධන ගෙන එන ලදි. එමගින් ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තුවේ ධුර කාලයත් වසර 5 දක්වා අඩු කිරීමත්, විධායක බලය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිබූ බලතල සීමා කිරීමත් සිදුවී ඇත. මෙම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ වෙනත් කරුණු අතර ප‍්‍රධාන වෙනස් කිරීම සිදුකර ඇත්තේ ජනරජ ව්‍යවස්ථාවේ ඩසසස වන පරිච්ෙඡ්දයේ ‘‘විධායකය’’ යන ශීර්ෂය යටතේ අමාත්‍ය මණ්ඩලය යනුවෙන් නම් කර තිබූ කොටස මුළුමනින්ම ඉවත්කර අළුත් පරිච්ෙඡ්දයක් ඇතුලත් කිරීමෙනි. දැනට පැන නැගී තිබෙන අර්බුදකාරී තත්ත්වයටද අදාල වන්නේ මෙම සංශෝධිත කොටස බව පෙනී යයි. එම නිසා එම අළුත් සංශෝධිත වගන්ති මගින් හඳුන්වා දී ඇති වෙනස්කම් අතර ඇති උද්ගත වී පවතින තත්ත්වයට අදාල ප‍්‍රතිපාදන කවරේද යන්න සලකා බැලීම මෙම ලිපියේ අරමුණ වන්නේය.
කලින් පැවති ව්‍යව්සථාවේ 43 (2) වගන්තිය පරිදි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද, අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ද වන්නේය.
* එසේ වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය විසිර ගියද ජනාධිපතිවරයා තවදුරටත් තම ධුරය දරන්නේ ය.
ඉහත මුල් කොටස එසේම තවදුරටත් සංශෝධිත ව්‍යවස්ථාවේ ද පවතින අතර * ලකුණෙන් දක්වා ඇති කොටස ඉවත්කර ඇත.
අගමැතිවරයා පත් කිරීම
නව ව්‍යවස්ථාවේ 42 (2)
ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග‍්‍රාමාත්‍යවරයා ලෙස පත්කරනු ලැබිය යුත්තේය.
මේ අනුව අගමැති වශයෙන් පත් කිරීමට තෝරා ගැනීම ජනාධිපති වරයාගේ මතයට අනුව සිදු වන්නකි. එසේ තෝරා ගනු ලබන මන්ත‍්‍රීවරයාට පාර්ලිමේන්තුවේ විශ්වාසයක් තිබේද යන්න නිගමනය කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වේ. එහිදී බහුතරය හෝ වැඩි ඡන්දය යන්න අදාල නොවන්නේය.
2015 ජනවාරි 09 වනදා ජනාධිපතිවරයා විසින් රනිල් වික්රමසිංහ මහතා අගමැති වශයෙන් පත්කළ අවස්ථවේදී ද බල පැවැත්වෙමින් තිබුණේ මෙම ව්‍යවස්ථා ප‍්‍රතිපාදනමය. ඒ වන විට රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොවීය.
අදාල කාරණය වන්නේ මෙම බලතලය යටතේ ජනාධිපතිවරයාට තම මතය පරිදි ඕනෑම මන්ත‍්‍රීවරයෙක් අගමැති වශයෙන් පත්කළ නොහැකි ද යන්නයි. දැනට සිටින අගමැතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දී සිය බලතල යටතේ ජනාධිපතිවරයාට වෙනත් අගමැතිවරයෙකු පත් කළ නොහැකිද? එසේ පත් කිරීමම කලින් කර තිබූ පත් කිරීම අවලංගු කිරීමක් නොවන්නේ ද?
නව 43 (3) යටතේ
‘‘ජනාධිපතිවරයා විසින් කවර අවස්ථාවකදී වුවද අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂයය හා කාර්ය වෙනස් කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීමද කරනු ලැබිය හැක්කේය’’ යනුවෙන් දක්වා ඇත.
මේ අනුව සංයුතිය, විෂය හා කාර්යන් වෙනස් කිරීම මුළු කැබිනට් මණ්ඩලයටම අදාල වන පරිදි සිදු කළහොත් එය කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමක් හා නව කැබිනට් මණ්ඩලයක් ප‍්‍රකාශයට පත් කිරීමක් නොවන්නේ ද?
නව සංශෝධිත 46(5) අනුව ජාතික රජයක් පිහිටුවා ගත හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්ෂයට පමණක් වීමද විශේෂයෙකි.
මෙම වගන්තිය අනුව එක් පක්ෂයක් ලබා ගන්නා වැඩිම ආසන සංඛ්‍යාවකට වඩා විශාල සංඛ්‍යාවක් අන් සියලූම පක්ෂ හෝ කණ්ඩායම් දිනා සිටියද ඔවුන්ට එකතු වී ජාතික රජයක් පිහිටුවා ගත නොහැකිය.
මේ අතර 46(2) හි අග‍්‍රාමාත්‍යවරයාගේ ධුර කාලය පිළිබඳව මෙසේ සඳහන් වේ.
(අ) ස්වකීය අත්සන යටතේ ඉල්ලා අස් වුවහොත්
හෝ
(ආ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුනහොත්
මිස
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.
මේ අනුව අගමැති ධුරය පවතින්නේ කැබිනට් මණ්ඩලය පවතින තාක් පමණකි. එය අහෝසි වුවහොත් අගමැතිවරයාට සියු ධුරය දැරිය නොහැක. එසේම පූර්ණ කැබිනට් සංශෝධනයක් සිදුවන අවස්ථාවකදී ද නැවත කැබිනට්ටුවක් පත්වන තෙක් අගමැති ධුරය අහෝසි වන්නේය.
මෙහිදී අවධානය යොමු විය යුතු තවත් වැදගත් කාරණයක් වන්නේ සංශෝධනයට කලින් පැවති ව්‍යවස්ථාවේ අගමැති ධුර කාලය අහෝසි වීම පිළිබඳව සඳහන්ව ඇති ආකාරයයි.
එහි ඇතුළත්ව තිබුණේ …
47 – අග‍්‍රාමාත්‍යවරයා
අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත් හෝ
ආ) ධුරයෙන් ඉල්ලා අසුවුවහොත්
ඈ) තවදුරටත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු නොවුවහොත් මිස යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේද, එ් තාක් කල් ස්වකීය ධුරය දරන්නේය යනුවෙනි.
එසේ වුවද 19 වන සංශෝධනයේ 46 (2) හි ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය අගමැතිවරයා සම්බන්ධයෙන් පමණක්ඉවත් කර තිබෙන අතර, ඇමතිවරු, කැබිනට් නොවන ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සම්බන්ධයෙන් පමණක් එය වලංගු වන පරිදි ඉතිරි කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විසිරීම
නව 48 (1) වගන්තිය පරිදි ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්’’ හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යආකාරයකින් හෝ අග‍්‍රාමාත්‍ය වරයා ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ ය.
48 (2) පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය හෝ විසර්ජන පනත් කෙටුම්පත ප‍්‍රතික්ෂේප කළහොත් එවිටද, ආණ්ඩුව කෙරෙහි විශ්වාස භංග යෝජනාවක් සම්මත කළහොත් එවිටද අමාත්‍ය මණ්ලය විසිරෙන්නේ ය.
මේ අනුව
48 (1) දැක්වෙන පරිදි අග‍්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් කිරීම මගින්ද කැබිනට් මණ්ඩලය විසිරෙන්නේය.
ඉන්පසුව නව කැබිනට් මණ්ඩලයක්ද අග‍්‍රාමාත්‍යවරයෙක්ද ජනාධිපතිවරයාට පත් කළ හැකිය.
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් ඇත.
එනම්, 48(1) ඉංග‍්‍රීසි පිටපත මෙයට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් පේන්නුම් කරන බවයි.
එනම් – අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වීමේ හේතු වශයෙන් එහි දැක්වෙන්නේ
1. මරණය
2. ඉල්ලා අස්වීම
3. අන්‍ය ආකාරයකින් යන කාරණා පමණකි.
ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීම යන වගන්තිය ඉංග‍්‍රීසි ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. තවද මරණය යන හේතුව සිංහල ව්‍යවස්ථාවේ ඇතුළත් වී නැත. මෙය අතපසු වීමක්ද? මුද්‍රණ දෝෂයක්ද? එසේ නැත්නම් අනාගතයේදී උද්ගත වියහැකි ආකාරයේ අර්බුදයක් කල් ඇතිව දකිමින් සිතා මතා ඉතිරි කළ දෝෂයක් ද? යන්න තීරණ කිරීම විද්වතුන්ට භාර කරමු. කෙසේ වුවද පවතින සත්‍ය තත්ත්වය නම් මෙයයි. එය කිසිම විද්වතෙකුට එසේ නොවේ යැයි කිව නොහැක.
කෙසේ වුවද ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණය සම්බන්ධයෙන් වූ 48 වන වගන්තිය අනුව, පනතේ සිංහල භාෂා පාඨය කිසියම් ව්‍යාකූලත්වයකදී බලපැවැත්විය යුතුය.
එසේ නම් 48 (1) සිංහල වගන්තිය අනුව අගමැතිවරයාගේ ධුර කාලය අවසන් වන හේතුන් අතර සඳහන් වන ‘‘ධුරයෙන් ඉවත් කරනු ලැබීම’’ යන කොටස බල ගැන්වුවහොත් අගමැති තනතුරෙන්, කැබිනට් මණ්ලයෙන් ඉබේම අහෝසි වී යන්නේය. එය බලගැන්විය හැක්කේ සහ බලගැන්විය යුත්තේ ජනාධිපතිවරයා විසින්මය. එ් සඳහා කිසිම වෙනත් වැඩිදුර අර්ථ කථන අවශ්‍ය වන බවක්ද නොපෙනේ.
එය පැවති ව්‍යවස්ථාවේද ඉතා පැහැදිලිව සඳහන් වී තිබුණ වගන්තියක් බව ඉහතින් පෙන්වා දී ඇත. තවද අමාත්‍යවරු ඉවත් කිරීම සම්බන්ධයෙන්ද එම ප‍්‍රතිපාදන තවමත් වලංගුව පවතින නිසා අගමැතිවරයා සම්බන්ධයෙන් ද එය එසේම ඇතුලත් වී ඇත. දෝෂය සිදු වී ඇත්තේ එය ඉංග‍්‍රීසියට ඇතුළත් නොවීම පමණක් ය. වලංගු පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා ධුරයෙන් ඉවත් කළ හැකිය.
එමනිසා රටේ උද්දගත වී ඇති තත්ත්වය ජන අරගලයක් හෝ සාමය කඩවීමක් දක්වා වර්ධනය වන අර්බුදයක් බවට පත් වන්නට ඉඩ නොදී පළාත් පාලන මැතිවරණ ප‍්‍රතිඵල කුමක් වුවත් ඊට කලින් මහ බැංකු බැඳුම්කර සිද්දිය සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් ජනතාව අපේක්ෂා කළ වගවීම වගකීම හා සම්ප‍්‍රදාය හා ආචාර ධර්මවලට අනුව සිදුවිය යුතුව තිබුණ දෙයක් වූයේ අගමැතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමයි. එම නිසා අගමැතිවරයා ඉවත් කරන තෙක් නොසිට ධුරයෙන් ඉල්ලා අස්වී සිය පක්ෂයේ වෙනත් කෙනෙකුට එම තනතුරට පත්වීමට අවස්ථාව සලසා දීම අවස්ථාවෝචිත ක‍්‍රියාවක් වනු ඇත.
