Blog

  • බ්‍රිතාන්‍යයේ කොටි  හිතවාදීන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් විථි බසී..!

    බ්‍රිතාන්‍යයේ කොටි හිතවාදීන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් විථි බසී..!

    බ්‍රිතාන්‍යයේ සිටින එල් ටී ටී ඊ හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලට විරෝධය පළ කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ලන්ඩන් නුවර අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිටින් හා එරට පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ස්ථාන කිහිපයකින් එම විරෝධතා ආරම්භ කෙරුණා. 
    ඒ පිළිබඳ තොරතුරු ගෙන ආ ලන්ඩන් නුවර නෙත් නිවුස් වාර්තාකරු ජනක අලහප්පෙරුම කියා සිටියේ එල් ටී ටී ඊ හිතවාදීන්ගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරිමට බ්‍රිතාන්‍ය රජය වගබලාගත යුතු බවට විරෝධතා කරුවන් ඉල්ලා සිටි බවයි.
    බ්‍රිතාන්‍ය තුළ තහනම් සෙසු ත්‍රස්තවාදී සංවිධානවලට ලබා නොදෙන පහසුකම් එල් ටී ටී ඊ සංවිධානය වෙත ලබා දෙන බවටයි විරෝධතාවයේ නිරත ශ්‍රී ලාංකිකයින් පවසන්නේ.
  • බොලිවුඩ් සුපිරි තාරකාව ශ්‍රී දේවී මියයයි…

    බොලිවුඩ් සුපිරි තාරකාව ශ්‍රී දේවී මියයයි…

    බොලිවුඩයේ සුපිරි නිලියක් වන ශ්‍රී දේවී හෘදයාබාධයක් හේතුවෙන් අද දින මියගොස් ඇත. චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වන බොනී කපූර් හා විවාහ වී සිටි ඇය මියයන විට 54 වෙනි වියෙහි පසු වූවාය.

    ඒ, ඩුබායිහි රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.

    හෘදයාබාධයක් ඇගේ මරණයට හේතු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    ඇය සහ පවුලේ සාමාජිකයින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ මංගල්‍ය උත්සවයකට සහභාගී වෙමින් සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබෙන්නේ.

    මිය යන විට ශ‍්‍රීදේවි 54 වන වියේ පසුවුණා.

    ඇය සිනමාවට පිවිසෙන්නේ වයස අවුරුදු 12දියි. 

    ඉන්දීය චිත්‍රපටවල රඟ පෑමට පෙර ඇය දමිල,තෙලිඟු සහ මලයාලම් චිත්‍රපටිවලට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.  

    ෆිල්ම් ෆෙයාර් සම්මාන 10කට නිර්දේශ වු ඇය එයින් 5ක්ම දිනාහැනීමටද සමත් වුණ.

    සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ බොනී කපුර්ගේ බිරිඳ වන ඇය ඉන්දීය නිලි කුශී කපූර්ගේ මවද වනවා.

     

     

  • මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

    මෛත්‍රී-රනිල් සත්‍යවාදී නම්, යහපාලනය යුක්තිගරුක නම්; ෆිල්ඩ් මාෂල්ට නිසි බලය දෙනු!

    වත්මන් යහපාලන රජයේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ නිතිය හා සාමය සහ අධිකරණය යන අමාත්‍යාංශ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය යුතු බවට මේ වන විට ජනමතයක් නිර්මාණය වී තිබේ.

    2015 ජනාධිපතිවරණයේ, මහ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවක් සහ ඉල්ලීමක් බවට පත්වූයේ රාජපක්ෂ රෙජීමයේ අයවලුන් විසින් සිදුකළ සොරකම් සහ අපරාධ සොයා එම අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන බවට වූ පොරොන්දුවයි. එහෙත් වත්මන් යහපාලන රජය පත්වී වසර තුනක් ඉක්ම ගොස් තිබුණද එම පොරොන්දුව ඉටුකිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇත. එය ආණ්ඩුව කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය ගිලිහී යෑමට ප්‍රධාන කරුණක් බවට පත්ව ඇත.

    නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සාගල රත්නායක රාජපක්ෂවරුන්ගේ ඥාති සම්බන්ධයක් ඇත්තෙකු වන අතර ගෙවී ගිය වසර තුනහමාර ඇතුලත ඔහු විසින් අල්ලන ලද හොරකු හෝ දඬුවම් කළ අයෙකු නොමැත. වත්මන් රජයේ අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබලයින් රාජපක්ෂවරුන් සමග ඩීල් දැමීම ප්‍රසිද්ධ රහසක් වන අතර එය වත්මන් ආණ්ඩුවේ ජනප්‍රසාදය පිරිහීමට ප්‍රධාන හේතුවක් වූ බවට පැහැදිලිය.

    මෙම තත්වය තුළ සිදුවන කැබිනට් සංශෝධනයේදී නිතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත් කරන ලෙසට දැවැන්ත සමාජ මතවාදයක් ගොඩ නැගී ඇත. එම ජන මතයට අනුව දූෂකයින්ට වංචාකරුවන්ට එරෙහිව වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අවංක හා සත්‍යවාදී ලෙස කටයුතු කරන බවට ඔප්පු කර පෙන්වීම සඳහා නිතිය හා සාමය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදිය යුතු බව ජනතා මතයයි.

    එසේම මේ සම්බන්ධයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමාට මෙම අමාත්‍යධූරය සහ නිසි බලය නිසි පරිදි ලබා දෙන්නේ නම් මාස හයක් ඇතුළත සියලු අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන බවට වන සහතික සහ වගකීම තමන් විසින් භාරගන්නා බවයි.

    එසේනම් වත්මන් යහපාලන ආණ්ඩුව ජනතාව හමුවේ තමන්ගේ පාරිශුද්ධත්වය පෙන්වීම සඳහා කදිම අවස්ථාවකි. මෙය ඉටුවේදැයි අප ජනමතය සමඟ යහපාලන ආණ්ඩුව දෙස බලා සිටිමු.

  • මේ පාරත් මහින්දගෙ හෙනේට ඉන්නෙ බැසිල්ම තමයි

    මේ පාරත් මහින්දගෙ හෙනේට ඉන්නෙ බැසිල්ම තමයි

    දේශපාලනයේ අලුයට ගිනි නැංවෙමින් ඇත. පලාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හිස උදුම්මාගත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ බැසිල්ගේ වන්දිභට්ඨයින් විසින් ඒකාබද්ධ ජනරැල්ලට උරදුන් පක්ෂ නායකයින් හට කැපිල්ලක් ක්‍රියාත්මක කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

    එහි පළමු ප්‍රහාරය එල්ල වූයේ පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිලටයි. ඊයේ (23) දින පැවති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පක්ෂ නායක හමුව සඳහා පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිලට ආරාධනා කර නොමැති බව වාර්තා වේ. ඒ අනුව ගම්මන්පිල විසින් බැසිල් රාජපක්ෂ හට දුරකථනයෙන් අමතා සිය පක්ෂයට ආරාධනා නොකලේ ඇයි දැයි විමසා ඇත. එයින් උරණ වූ බැසිල් මෙසේ පවසා ඇත.

    ” මේකට ආරාධනා කලේ නැහැ කාටවත්, ඉල්ලීම් කරපු අයට විතරක් අවස්ථාව දුන්නා. අනික ආරාධනා කරන්න ඔයා කවුද ? ” යනුවෙන් විමසා ඇත.

    එවිට ගම්මන්පිල විසින් පෙන්වා දී ඇත්තේ තමන් එම කමිටුවේ සභිකයෙකු බවත් ඒ නිසා ආරාධනා කල යුතු නමුත් අවම වශයෙන් දැනුම් දීමට හෝ තිබුනු බවයි.  එවිට බැසිල් විසින් උස් හඬින් පවසා ඇත්තේ ..

    ” ඔයා මම කවුරු කියලද හිතාගෙන ඉන්නෙ. මම එක එකාට දෙකට නැවෙන්න යන්නෙ නැහැ. ඒ මගේ හැටි. වැඩක් බලාගෙන ඉන්න, බැරිනම් යන්න. ” යනුවෙනි.

    එවිට උදය පවසා ඇත්තේ ” ඇයි ඔයා ඔච්චර සද්දෙන් කතා කරන්නෙ. අපි මොකක්ද කරපු වරද  ” යනුවෙනි. එවිට නැවතත් බැසිල් පවසා ඇත්තේ ” ඔය සුලු පක්ෂවල අය මොනවද කලේ. මේක පොදුජන පෙරමුණේ ජන රැල්ල. අන්න ඒක තේරුම් අරගෙන වැඩ කරගෙන ඉන්නවා. ඔයාගේ නායකයටත් ඕක කියනවා ” යනුවෙනි

    එවිට නැවතත් ගම්මන්පිල පවසා ඇත්තේ ” කවුද මගේ නායකයා. මම පිවිතුරු හෙළ උරුමයේ නායකයා ” එවිට උරණ වූ බැසිල්  ” විමල් වීරවංශ ” යනුවෙන් පවසා දුරකථනය විසන්ධි කොට ඇත.

    මේ සිද්ධිය පිළිබඳව ගම්මන්පිල විසින් දැඩි කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ. මේ සිද්ධිය හිටපු ජනපතිවරයා දැනුවත් කිරීමට ඔහු උත්සාහ කලද, එයද ව්‍යර්ථ වූ බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරණයෙන් පරාජය වූ මොහොතේ බැසිල් සිය බිරිඳද කැටුව මෙරටින් පලා ගිය අතර, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නැවතත් ජනරැල්ලක් ගොඩනගා ජයග්‍රාහී මාවත දක්වා ගෙන ආවේ විමල්, දිනේෂ්, වාසු, උදය වැනි සෙසු පක්ෂ නායකින්ය. මේ ආකාරයට බැසිල්ගේ ඒකාධිපති ස්වරූපය හරහා බැසිල් ගමන් කරන්නේ කොතනටද යන්න නැවතත් විමසා බැලිය යුතුය.

    http://lankaenews.me අඩවියෙන් උපුටා ගත්තකි

  • රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන අලුත්ම සෙල්ලම මෙන්න…

    රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් නොකළ, එහෙත් ගෝඨාභය සිදු කරන අලුත්ම සෙල්ලම මෙන්න…

    රාජපක්ෂ රෙජීම රජයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා ලෙසද රෙජීමයේ ආරක්ෂක අංශ ප්‍රධානියා ලෙසද කටයුතු කළ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ තමාට එරෙහිව ඇති නඩුවලින් කට්ටි පැනයාම සඳහා අපුරු මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනීයයි.

    රාජපක්ෂ රෙජීම පාලනයට මුවා වී ජාත්‍යන්තර අවි ජාවාරම් ඇතුළු විවිධ ජාවාරම් සහ පැහැර ගැනීම්, මිනී මැරීම් ඇතුළු දරුණු ගණයේ අපරාධ සිදුකොට මේ වන විට ඒවාට එරෙහිව අධිකරණයේ විභාගවන නඩුවලින් බෙදී පලායෑම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් අමුතුම ආකාරයේ සෙල්ලමක් සිදු කරමින් සිටී.

    එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශන අංශ විසින් පරීක්ෂණ පවත්වා රජය විසින් අධිකරණය හමුවේ ගොනු කරන නඩුවලින් තමන් නිදහස් කරන මෙන් ඉල්ලා අභියාචනා දමමින් කාලය කා දැමීමේ අලුත්ම ආකාරයේ සෙල්ල්මකි.

    මෙය ගෝඨා විසින් සිදුකරන්නේ ඔහු අත් අඩංගුවට පත්වීමෙන් සහ විභාග වන නඩුවලින් ඔහු බේරී පැනයාම වෙනුවෙන් බව ඉතාම පැහැදිලිය.

    මේ වන විට රාජපක්ෂ රෙජීමය විසින් සිදුකරන ලද මිනීමැරුම්, ඝාතන, ජාවාරම්, කොල්ල කෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ගෝඨාභය මෙම එක් දිනක් හෝ අත් අඩංගුවට පත් නොවී, ඇප පිට නොරැඳී, ගුවන් ගමන් බලපත්‍ර අධිකරණය සන්තකයේ නොතබා තමා හිරවන මොහොතක තමාට රිසි පරිදි පලායෑම වෙනුවෙන් වූ කූට කුප්‍රකට සැලැස්මක් මේ සමඟ වන බවට පැහැදිලිවෙමින් තිබේ.

    මාධ්‍ය ඉදිරියේ වීරයෙකු මෙන් කට මැත දෙඩවුවද මෙම කූට මෙහෙයුම සඳහා ගෝඨා විසින් මිලියන ගණනන් කළු සල්ලි වියදම් කරමින් සිටින අතර ගෝඨා එක් දිනක් හෝ තමා අත් අඩංගුවට පත්වේවි යැයි නිරන්තර බියකින් පසුවන අමුතුම ආකාරයේ මානසික රෝගයකින් පෙළෙන අයෙකු බවටත් වාර්තාවේ.

    මේ වන රාජපක්ෂ රෙජීමයට අයත් රාජපක්ෂ පවුලේ නාමල්, බැසිල්, යෝෂිත ඇතුළු පිරිස් සිරගතව සිට ඇප මත එළියේ සිටියදී, රටත්, ලෝකයාත් දන්නා මිනිමරු ගෝඨා ලෙස කුප්‍රකට ගෝඨාභය රාජපක්ෂ මෙසේ නිදැල්ලේ හැසිරෙන්නේ කාගේ උවමනාවටද..? කාගේ බලයෙන්ද..? කාගේ ඩීල් මතින්ද..?

  • කොලොන්නාවේ ප්‍රචණ්ඩත්වය ඉහලට… ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට දරුණු ප්‍රහාරයක්…

    කොලොන්නාවේ ප්‍රචණ්ඩත්වය ඉහලට… ශ්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපතිට දරුණු ප්‍රහාරයක්…

    පසුගිය පළාත් පාලන මැතිවරණය අවසාන වීමත් සමගින් සමස්ත දේශයේම ප්‍රචණ්ඩත්වය වාර්තාගත ලෙස ඉහල යාමට හේතුව මහින්ද රාජපක්ෂයන්ගේ සහය ලත් අපරාධකරුවන්ගෙන් සහ දුෂකයන්ගෙන් සැදුම්ලත් පොහොට්ටුව ලැබූ ජයග්‍රහණය බව මුළු රටම දන්න කරුණකි.. මෙහි ආසන්නතම සිදුවීම කොලොන්නාව මානික්කමුල්ල ප්‍රදේශයෙන් ඊයේ දින වාර්තා විය…

    කොලොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපතිවරයා වන ප්‍රවීණ දේශක මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාද වන ප්‍රසන්න මඩවල මහතාට ඔහුගේ නිවස ආසන්නයේදීම පොහොට්ටුවේ මැරයන් විසින් පහරදී ඇත..

    අපට වාර්තාවන පරිදි සිදුවීම මෙසේය…

    මඩවල තම රාජකාරිමය කටයුතු නිමකර තම පුද්ගලික මෝටර් රථයෙන් නිවස බලා පැමිණෙද්දී ඔහු පසුපසින් ඔහුව හබාගෙන පැමිණි යතුරුපදිකරුවෙක් ඔහුව ගැටුමකට සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව මාර්ගයේ තම මෝටර් රථය ධාවනය කර ඇත. එහිදී බොහොම අසීරුවෙන් රිය අනතුරු වලක්වාගනිමින් තම මෝටර් රථය නිවස කරා මඩවල රැගෙන යද්දී පසුපසින් පැමිණි යතුරුපැදියේ සිටි මැරවරයා විසින් මඩවල රථයෙන් ඉවතට පැමිණෙනවාත් සමග ඔහුට පහරදී ඇත. මෙහිදී මඩවල වෙත පහර පිට පහර එල්ල වෙද්දී මඩවල උපකාර ඉල්ලා කෑගසා ඇති අතර එහිදී ප්‍රදේශවාසින් විසින් යතුරුපැදිකරුට පහරදී ඇත.

    තෝ දන්නවද  *සිගේ පුතෝ අපි කවුද කියල? අපි තමයි *තතෝ මෙහෙ දිනුවේ.. අපි මහින්දගේ *රියෝ යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් පලාගිය යතුරුපැදිකරු සුළු මොහොතකින් කැති මන්න පොලු රැගත් මැරයන් පිරිසක් සමගින් පැමිණ එම ස්ථානයේ සිටි සියලුදෙනාට පහරදී ඇත. එම පහරදීමෙන් දරුණු ලෙස තුවාල ලැබූ මඩවල සහ ඔහුගේ මෑණියන් ඇතුළු පිරිසක් මුල්ලේරියාව දිසා රෝහලට ඇතුලත් කර ඇත..

    මේ වනතුරුත් මුළු ප්‍රදේශයම පිඩාවට පත්කළ මේ සිදුවීමට අදාළ කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිසිය සදහන් කලේ පහරදුන් මැරයන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක වගයි..

     

  • හෙට කැබිනට් වෙනසේදී ඇමති තනතුරු බෙදෙන්නේ වෙනස් වෙන්නේ මෙහෙමයි..(Update)

    හෙට කැබිනට් වෙනසේදී ඇමති තනතුරු බෙදෙන්නේ වෙනස් වෙන්නේ මෙහෙමයි..(Update)

    යෝජිත කැබිනට් සංශෝධනයේදී අමාත්‍යංශ කිහිපයක සුහද මාරු සිදු වීමටද නියමිතව තිබෙනවා. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා වෙත පැවරෙනු ඇතැයිද ඔහු විසින් මෙතෙක් කටයුතු කළ ආපදා කළමනාකරණ අමාත්‍යංශය අමාත්‍ය දුමින්ද දිසානායකට පැවරෙනු ඇතැයි  සඳහන්.

    අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතේ ඇති උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද අමාත්‍ය කබීර් හෂීම් යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අනුයුක්ත ආයතන වෙනස් වනු ඇතැයි ද වාර්තා වනවා. මීට අමතරව එස් බී දිසානායක, මලික් සමරවික‍්‍රම, දයාසිරි ජයසේකර, හරීන් ප‍්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ විෂයන් ද වෙනස් වනු ඇති බවයි පැවසෙන්නේ.

    තිලක් මාරපන අමාත්‍යවරයා යටතේ ඇති විදේශ අමාත්‍යංශය වෙනත් අයෙකුට පැවරෙනු ඇතැයි ද සඳහන්. ගාමිණි ජයවික‍්‍රම පෙරේරා අමාත්‍යවරයාගෙන් වනජීවි අමාත්‍යංශය ඉවත් කිරීමට ද යෝජනා වී තිබෙනවා.

    කෙසේ වෙතත් පාඨලී චමිපික රණවක, වජිර අබේවර්ධන, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම් සහ මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ වෙනස් නොවනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, පාඨලී චම්පික රණවක මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දැනට කටයුතු කරනවා. වජිර අබේවර්ධන ස්වදේශ කටයුතු අමාත්‍යවරයායි. අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්, නවීන් දිසානායක වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කරනවා.

  • මෙවර ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ඇමති වර්ග හතරක්… සත්‍යය ප්‍රථමයෙන් අපෙන්…

    මෙවර ඇමති මණ්ඩල සංශෝධනයෙන් පසු ඇමති වර්ග හතරක්… සත්‍යය ප්‍රථමයෙන් අපෙන්…

    සංශෝධිත නව කැබිනට් මණ්ඩලය හෙට (25) පෙරවරුවේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි පවසනවා. 

    මේ අතර යෝජිත මෙම කැබිනට් සංශෝධනයේ දී කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස කාණ්ඩ 04කින් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි කියා සිටියා. ඉකුත් දිනවල දී දීර්ඝ ලෙස කතා බහට ලක්වූ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය අග‍්‍රාමාත්‍යවරයා යටතේ පවත්වා ගැනීමට මෙහිදී කටයුතු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

    මෙම අමාත්‍යංශය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය මුලින් යෝජනා කළා. එහෙත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු ඊට එකග වී නැහැ. දැනට ඇති සංයුතියට අනුව ශ‍්‍රී ලංකා පොලිසිය පාලනය වන්නේ ද නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය යටතේයි. මේ දක්වා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස සාගල රත්නායක කටයුතු කළා. හෙට සිදු කෙරෙන කැබිනට් සංශෝධනයේ දී ඔහුට සංචාරක අමාත්‍යංශය හිමි වනු ඇති බවයි වාර්තා වන්නේ.

  • විජේදාසට ලැබෙන්න යන ඇමතිකම මෙන්න….

    විජේදාසට ලැබෙන්න යන ඇමතිකම මෙන්න….

    හෙට සිදුවන බව කියන කැබිනට් සංශෝධනයේ දී හිටපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂට ද අමාත්‍ය ධුරයක් ලබාදීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. ඉකුත් සතියේ දිනෙක විජයදාස රාජපක්ෂ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර රහසිගත හමුවක් සිදු වී ඇතැයි ද සඳහන්.

    විජයදාස රාජපක්ෂ මීට පෙර යහපාලන ආණ්ඩුවේ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයේ කටයුතු කළා. ඔහු එම ධුරයෙන් ඉවත් වුයේ යහපාලන ආණ්ඩුවේම මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින්ම විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කර තිබියදීයි.

    මේ අතර ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ හා රවීන්ද්‍ර සමරවීර යන අයට කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි ද ස`දහන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිහිපදෙනෙකුට ද එලෙස කැබිනට් නොවන අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි වාර්තා වනවා.

    බුද්ධික පතිරණ, නලීන් බණ්ඩාර සහ ලකී ජයවර්ධන යන මන්ත‍්‍රීවරුන්ට නියෝජ්‍ය අමාත්‍ය ධුර ලැබෙනු ඇතැයි ද සඳහන්.

  • මට ලැබුනේ බෝඩ් ලෑල්ලක් විතරයි.. රනිල් කෙරෙහි කලකිරීමෙන් එජාප ප්‍රබලයෙක් කියයි…

    මට ලැබුනේ බෝඩ් ලෑල්ලක් විතරයි.. රනිල් කෙරෙහි කලකිරීමෙන් එජාප ප්‍රබලයෙක් කියයි…

    මට වැඩ කරන්න ලැබුනේ බෝඩ් ලෑල්ලක් විතරයි…. කලකිරුණු ප්‍රබලයා කියයි…

    https://www.youtube.com/watch?v=onltFeGWVLQ

  • ඉරිදා කැබිනට් ඇමතිධුර වෙනස් වන්නේ මෙහෙමයි… ඇත්ත පළමුවෙන්ම අපෙන්…

    ඉරිදා කැබිනට් ඇමතිධුර වෙනස් වන්නේ මෙහෙමයි… ඇත්ත පළමුවෙන්ම අපෙන්…

    රජයේ යෝජිත කැබිනට් සංශෝධනයට අදාළ එක්සත් ජාතික පක්ෂයේ ලැයිස්තුව 23 වනදා සන්ධ්‍යාවේ ජනාධිපතිවරයා වෙත යොමුකළ බව එම පක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

    එජාප ආරංචිමාර්ග හරහා වාර්තා වන ආකාරයට කැබිනට් සංශෝධනයට අදාළ අවසන් ලියවිල්ල සැකසීම එක්සත් ජාතික පක්ෂයට ද අභියෝගයක් වී ඇති අතර ඒ මෙතෙක් අමාත්‍යංශ දරමින් විවිධ දුෂණ අක්‍රමිකතා සහ අක්‍රීය ලෙස අමාත්‍යංශ හසුරවන ලද අමාත්‍යවරුන් වෙත එම අමාත්‍යධුර නැවත ලබානොදීමට කටයුතු කිරීමට සිදුව තිබු නිසාය.

    එසේම එම තීරණයට ජනාධිපතිවරයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා පොදු එකඟතාවක් පලවී තිබු මුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව එජාපය තුළ ඇතිවූ මතගැටුම් හේතුවෙන් මෙම ඇමති විෂය නම් කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වූ බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

    SF ට පොලීසිය

    එසේම සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වෙත මෙතෙක් ලබාදී තිබූ ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍යධුරය වෙනුවට නීතිය හා සාමය අමාත්‍යාංශය ඔහුට පිරිනමන්නට එජාප නායකත්වය තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

    සරත් ෆොන්සේකා අමාත්‍යවරයා නීතිය හා සාමය විෂය තුළ උස් පහත් භේදයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සඳහා එම අමාත්‍යංශය මෙහෙයවනු ඇති බවය. එසේම ඒ හරහා පසුගිය පාලක රෙජීමයේ දුෂිතයන් සහ විවිධ අක්‍රමිකතා වලට සම්බන්ධ චෝදනා ලැබුවන්ට අදාළව නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවීම සම්බන්ධව ආණ්ඩුවට එල්ලවී ඇති චෝදනා සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බවය.

    අලුත් ඇමතිධුර 5ක්

    මීට අමතරව අමාත්‍යධුර 05ක් විශේෂ අධීක්ෂණ අමාත්‍යවරුන් ලෙස පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය නිර්දේශ කර ඇති බවත් ඒ තුළ එජාපය නියෝජනය කරමින් හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේමසිංහ, රවීන්ද්‍ර සමරවීර යන 4 දෙනා යෝජනා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඉතිරි එක් අමාත්‍යධුරය වෙන්කර ඇති බවත් වාර්තා වෙයි.

    ලක්ෂ්මන් – කබීර් සුහද මාරුවකලු

    මේ අතර එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ අදාළ අමාත්‍ය මණ්ඩල විෂය මාරුව හමුවේ ඇතැම් එජාප අමාත්‍යවරුන් අතර ඇමති විෂය සුහද මාරුද සිදුවූ බවය. එහිදී උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ලගේ එම විෂය කබීර් හෂීම් අමාත්‍යවරයා වෙතත් මෙතෙක් කබීර් හෂීම් අමාත්‍යවරයා දැරූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විෂය ලක්ෂ්මන් කිරිඇල්ල වෙතත් හුවමාරු කරගෙන තිබෙන බවය.

    මංගල, චම්පික සහ රාජිතගේ වෙනසක් නෑ

    එසේම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ අමාත්‍යධුරවල කිසිඳු වෙනසක් නොකළ යුතු බවටද එජාප නායකත්වය තීන්දු කර ඇති බව වාර්තා වෙයි.

    හරීන්ට අලුත් කොටසක්

    තවද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එම විෂයට අමතරව විදේශ රැකියා අමාත්‍යධුරය ලබාදීමටද කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

    දුමින්දගේ ඇමතිකම යාපාට

    මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මෙතෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායකගේ එම අමාත්‍යංශ විෂය යෝජිත කැබිනට් සංශෝධනයේදී වෙනස් වීමට නියමිත බවය.

    ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශය අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා වෙත පවරා ප්‍රියදර්ශන යාපා දරන ආපදා කළමනාකරණ අමාත්‍යංශය දුමින්ද දිසානායක වෙත ලබාදීමට යෝජනා වී ඇති බව එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

  • රනිල්ගේ බල තණ්හාව නිසා එජාපය ඇතුලේ ඇතිවෙච්ච අලුත්ම අර්බුදය මෙන්න..!

    රනිල්ගේ බල තණ්හාව නිසා එජාපය ඇතුලේ ඇතිවෙච්ච අලුත්ම අර්බුදය මෙන්න..!

    දිගින් දිගටම පාවාදීම් කළ කරූ ජයසූරිය වෙනුවට බිය වැද්දීම් වලට බයේ සිටින සජිත් ප්‍රේමදාසවත් පසෙකට තල්ලු කර එජාපයට පිටින් පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම යෝජනා වි ඇති අතර ඒ සදහා කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් එකඟතාව පලකර තිබේ.

    එක්සත් ජාතික පක්ෂය ඇතුළේ කැබිනට් සංශෝධනයට බාලගිරි දෝෂය සැදිමත් සුපුරුදු පරිදි රනිල්ගේ හෙන්චයියන් එම අමාත්‍ය ධූර වල රඳවා ගැනීමට වික්‍රමසිංහ විසින් කටයුතු කිරීමත් නිසා නැවත වතාවක් සියුම් කුණාටුවක් එජාපය තුල නිර්මාණය වෙමින් ඇත.

    මේ අතර මෙම කුණාටුව මැද්දේ එක්සත් ජාතික පක්ෂයේ දේශීයත්වය අගය කරන මන්ත්‍රීවරු පිරිසක්ද පෙර සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව 2011 වර්ෂයේ සිට පක්ෂයේ ප්‍රතිසංස්කරණයට අරගල කරපු කණ්ඩායමක්ද සාකච්ඡා ආරම්භ කොට තිබේන බව lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටි.

    ඒ සඳහා මූලික සාකච්ඡා වට 2ක් පෙරේදා(21) රාත්‍රියේදී බත්තරමුල්ල වෝටර්ස් ඒඩ්ජ්හි (Waters Edge)දී පැවැත් වුණු අතර තවත් පිරිසක් කින්ග්ස්බරි හෝටලයේ (Kingsbury Hotel)දී මුණගැසී ඇත.

    තවදුරටත් මහජන මතය නොසළකා හරිමින් රනිල් වික්‍රමසිංහ කටයුතු කරන්න සූදානම් වෙමින් සිටිනවා නම්, අවම වශයෙන් එකඟ වූ කැබිනට් සංශෝධනය සහ පක්ෂයේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ නැත්නම් නායකත්වය වෙනුවෙන් අලුත් නායකයෙක් ඉදිරියට ගේන එම සදහා කටයුතු කිරිමට මෙම කණ්ඩායම් අතර සාකච්ඡා සිදුව තිබේ.

    දිගින් දිගටම පාවාදීම් කළ කරූ ජයසූරිය වෙනුවට බිය වැද්දීම් වලට බයේ සිටින සජිත් ප්‍රේමදාසවත් පසෙකට තල්ලු කර එජාපයට පිටින් පැමිණි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නම යෝජනා වි ඇති අතර ඒ සදහා කණ්ඩායම් දෙකෙම සාමාජිකයන් එකඟතාව පලකර තිබේ.

    යූ.එන්.පී.ය අලුත් මාවතකට යනුවෙන් මෙම සංග්‍රාමය නම්කර ඇති අතර ඒ වෙනුවෙන් පුළුල් මෙන්ම සංවිධානාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටද එකඟතාව පලවි තිබේ.

    මේ අතර පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදියට පාඨලී චම්පික රණවක මහතාගේ නම යෝජනා වි ඇති අතර පක්ෂයේ මහ ලේකම්වරයා විදියට යෝජනාවි ඇත්තේ රංජිත් මද්දුමබණ්ඩාරගේ නමයි.

    පක්ෂයේ නියෝජ්‍ය නායක විදියට සජිත් ප්‍රේමදාසගේ නම,පක්ෂයේ සභාපති විදියට ඉම්තියාස් භාකීර් මාකර්ගේ නමද යෝජනා වි ඇති අතර ඊට අමතරව පක්ෂයේ සහකාර ලේකම්වරු 5දෙනෙකු ද ඔවුන් යෝජනා කරගෙන ඇති බවයි lankaleaks දේශපාලන වාර්තාකරු අනාවරණය කර සිටියේ.

    මිට අමතරව යොවුන් පෙරමුණ,වෘත්තීය සමිති ,සහ කාන්තා කණ්ඩායම් මෙහෙයවිම් සදහා අලුතින් නම් යෝජනා වි ඇති අතර ඔහුන් හරහා පක්ෂය පුලුල් ලෙස ගොඩනැගිමට අවශ්‍ය නායකත්වයන් හැසිරිමට් මෙන්ම විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කීරිමටද මෙහිදි යොජනා වි තිබේ.

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ලංකාවට පැමිණි විගස ඔහුව හමුවීමටත් ,පාඨලී චම්පික රණවක හමුවීමටත් මෙම කණ්ඩායම් දෙකම තින්දුකර තිබේන අතර ඉදිරි දින කිහිපය තුල සක්‍රියව ඒ සදහා දායක විමටද ඔහුන් තින්දුකර තිබේ.

    මේ අතර මේ වනවිට පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සමග සිටින කිහිපදෙනෙක්ම මේ අදහස පැළ කර ඇති බවත් ඒ අනුව ඉතා ඉක්මණින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගන්නා ලෙසත් ඔවුන් පාඨලී චම්පික රණවකට යෝජනා කර තිබේන බවද දැන ගන්නට තිබේ.

  • මෙවර ලංකා බැංකුවේ තනතුරු 1500 පුරවන්නේ එජාප මන්ත්‍රීලාගේ ලැයිස්තුවලින්….

    මෙවර ලංකා බැංකුවේ තනතුරු 1500 පුරවන්නේ එජාප මන්ත්‍රීලාගේ ලැයිස්තුවලින්….

    ලංකා බැංකුව සඳහා බැංකු සහකාරවරුන් 1500ක් බඳවා ගැනීමට කටයුතු සම්පාදනය කරමින් පවතී. මෙම නව රැකියා අවස්ථා ප්‍රමාණය එක් අයකුට 50 බැගින් වශයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර බෙදා ගෙන ඇතැයි වාර්තා වේ. ඒ අනුව බැංකු සහකාර තනතුරු පිරවෙනු ඇත්තේ එජාප මන්ත්‍රීවරුන් විසින් ලබා දෙන නම් ලැයිස්තු අනුවය.

    ලංකා බැංකුවේ පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ ලංකා බැංකුවෙන් ම නමුත් මෙම පත්වීම් සඳහා සම්මුඛ පරීක්ෂණ කැඳවා ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අමාත්‍ය තනතුර දරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයෙනි.

    මෙම රැකියා අවස්ථා ලබා දීම සඳහා අමාත්‍යාංශ නිලධාරීන් සහ මන්ත්‍රීවරුන්ගේ නිලධාරීන් එකතුව එක් අයදුම්කරුවකුගෙන් රුපියල් ලක්ෂ තුනත් පහත් අතර මුදලක් බැගින් අල්ලස් ලෙස ලබාගෙන ඇතැයි ද වාර්තා වේ. මේ සම්බන්ධ පැමිණිලි මේ වන විට ලංකා බැංකුවට දිගින් දිගට ම ලැබෙමින් පවතී.

    මෙම පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට විධායක බලය ඇත්තේ බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයාට ය. ලංකා බැංකුවේ සාමාන්‍යධාරීවරයා ලෙස ඊයේ (22) වැඩ භාර ගත්තේ සෙනරත් බණ්ඩාර මහතාය. ඔහු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහගේ ඥාතියෙකි. බණ්ඩාර මහතා හදිසියේම සාමාන්‍යාධිකාරී තනතුරට පත් කරවා ගත්තේම ඉහත කී පැමිණිලි යට ගැසීම සඳහා ම බව ද කියවේ. බණ්ඩාර මහතාට පෙර මෙම තනතුර සදහා ජ්‍යේෂ්ඨතම සහ නිර්දේශිත වී සිටියේ සුදත් ගුණසේකර මහතාය. ඔහු රාජපක්ෂ හිතවාදියෙකැයි පවසා කබීර් හෂීම් අමාත්‍යවරයා විසින් කපා හැර ඇත.

    දැනට ලංකා බැංකුව තුළ කටයුතු කෙරෙමින් පවතින්නේ බැංකු සහකාර තනතුරු 1500ක් සඳහා අල්ලස් ලබාගත් බවට වන පැමිණිලි යට ගැසීම සඳහා ය.

    ලංකා බැංකුව තුළ පසුගිය වකවානුවේ ඉහළ සිට පහළට බොහෝ දූෂණ සිදුව ඇති බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වී ඇත. අපි ඒවා එකින් එක හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

    ලංකා බැංකුවේ සභාපති තනතුර සඳහා ද අලුතින් පත් කිරීමක් ළඟදීම කිරීමට නියමිත බැව් ලංකා බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

  • ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා : CPC අවධාරණය කරයි.

    ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා : CPC අවධාරණය කරයි.

    ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවට අසත්‍ය වාර්තා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි.

    මේ වනවිට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර, ඉන්ධන බෙදාහැරීම කිසිදු බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වේ.

    ජනතාව කලබලයට පත්කරමින් රටේ ඉන්ධන හිඟයක් ඇතිකිරීම සඳහා ඇතැමුන් දරන මෙම උත්සාහයන්ට නොරැවටෙන මෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

  • පාතල නායක මංජු මැරුවට පස්සෙ ඔහුගෙ මව ඇවිත් STF භටයන්ට කරපු දේ මෙන්න..

    පාතල නායක මංජු මැරුවට පස්සෙ ඔහුගෙ මව ඇවිත් STF භටයන්ට කරපු දේ මෙන්න..

    පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් වත්තල ප්‍රදේශයේදී  අද උදෑසන මිය ගියා.

    විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කර පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් ඇත.

    අදාළ පාතාල නායකයා කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව ලබමින් සිටින බව මීට පෙර සති අන්ත පුවත්පතකින් අනාවරණය කර තිබිණි.
    එම අමාත්‍යවරයා මේවන විට විදෙස්ගතව සිටින බවද මේ අතර වාර්තා වේ.

     සිය පුත්‍රයාට වෙඩි තබා ඝාතනය කර ඇතිබව දැනගත් පසු දඩල්ලගේ මංජුගේ මව එම ස්ථානයට පැමිණ හඬා වැටෙමින් සිය ශෝකය පළකලා. 

  • ජනප්‍රිය පාසලක් සිසුවියක් ඩැහැගෙන ගොස් ලිංගික අතවර කළ පොලිස් නිලධාරියා මෙන්න

    ජනප්‍රිය පාසලක් සිසුවියක් ඩැහැගෙන ගොස් ලිංගික අතවර කළ පොලිස් නිලධාරියා මෙන්න

    ජනප්‍රිය පාසලක් ඉදිරිපිට සිටි රථවාහන පොලිස් නිලධාරියෙක් (හයිවේ ට්‍රැෆික්) අදාළ පාසලට පැමිණෙමින් සිටි සිසුවියක් නවතා පොලිස් රථවාහන අංශයේ කාමරයට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් පොළොන්නරුව නගරයෙන් වාර්තා වුණා.

    වයස අවුරුදු 15ත් 16ත් අතර පසුවූ එම සිසුවියව මෙම නිලධාරියා විසින් පොලිස් රථවාහන අංශයේ කාමරයට රැගෙන ගොස් ඇයට ජංගම දුරකතනයෙන් අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වා ඇයව සිප ගෙන ඇති බවයි පැවසෙන්නේ.

    පසුව සිසුවියව මුදා හැර ඇති අතර ඇය යළි පාසල වෙත ගොස් ගුරුවරියකට මේ බව පැවසීමත් සමග සිහිසුන් වී තිබෙනවා.

    පසුව පාසලේ ගුරුවරුන් සහ අදාළ සිසුවියගේ දෙමාපියන් මේ පිළිබඳව පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව චෝදනා ලත් පොලිස් රථවාහන අංශයේ නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

    අද (23) දින ඔහුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු යළි නඩුව එළඹෙන මාර්තු මාසය දක්වා කල් තබා තිබුණා.