Blog

  • ශ්‍රීලනිපයෙන් කොටසක් එජාපයට ඉතිරිය විපක්ෂයට

    ශ්‍රීලනිපයෙන් කොටසක් එජාපයට ඉතිරිය විපක්ෂයට

    වත්මන් හවුල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමති කණ්ඩායමෙන් බහුතරයක් ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ විපක්ෂයේ වාඩිවීමට තීරණය කර ඇති බව  ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත.

    ඔවුන් මෙසේ විපක්ෂයේ වාඩිවුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට තිරණයක් ගෙන නොමැති අතර අනෙක් පිරිස එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝ්ජනය කරන මැති ඇමති කණ්ඩායම ඊය‍ෙ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මේ පිළිබද සාකච්චා කර ඇති අතර අද දිනයේ තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රීලනිප මූලස්ථාන ආරංචි මාර්ග වල සඳහන් වේ.

     

  • ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක්

    ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ ගින්නක්

    කොළඹ බෞද්ධාලෝක මාවතේ ශ්‍රී ලංකා ඉරාන තානාපති කාර්යාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නක් ඇති වී ඇති වී ඇති අතර ගොඩනැගිල්ලේ ඉහළ මහලේ වර්ග අඩි 200ක ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පවසයි.

    වායු සමන යන්ත්‍රයක ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇති අතර ගිනි නිවන ඒකකය මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇත. 

  • තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්

    තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්

    පසුගිය මැතිවරණ කාලය තුල ඇමරිකාවට ගොස් සිට ඊයේ උදෑසන මෙරටට පැමණි හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් මාධ්‍යට පවසා ඇති  “මම ඇමරිකානු පුරවැසියෙක්. මට ශ්‍රී ලංකාවේ අගමැති වෙන්න බෑ“ යන ප්‍රකාශය නිසා මේ වන විට පොහොට්ටුව ඇතුලත විශාල ප්‍රශ්න රාශියක් ඇතිවී ඇති බව නෙළුම් මාවත කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වල සඳහන් වේ.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයට උරණ වූ බැසිල් රාජපක්ෂ මහතා මේ හේතුවෙන් ගොඨාභය වෙත දැඩි දොස් මුරයක් දමා ඇති බවට ආරංචි ලැබී ඇති අතර බැසිල් විසින් “තමුසෙට බැරිනම් ඇමරිකාවටම වෙලා ඉන්නවා,තමුසෙ විතරක් නෙමේනෙ රාජපක්ෂලා ඉන්නෙ… මං හරි නාමල් හරි ඒ වැඩේ කරන්නම්.. මේ අමාරුවෙන් පාදගත්තු වාසනාව නැතිවෙන විදිහෙ මෝඩ කතා කියන්න එපා  ” යයි පවසා ඇති බව නෙළුම් මාවතේ විශ්ෂ ඔත්තු කරු සඳහන් කරයි.

  • පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

    පරාජයෙන් කුලප්පු වූ පොහොට්ටු අපේක්ෂකයා ගමේ ක්‍රීඩාපිටිය තමාට ඡන්දෙ නොදුන් අයට තහනම් කරයි

     මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට  මනතිව්  කොට්ඨාශයෙන්  තරග කළ අපේක්ෂකයා පරාජයට පත්වීමත් සමඟ කෝපයට පත්ව ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස ඊයේ ( 12 ) තර්ජනය කර ඇත.
     
    මෙම පරාජිත අපේක්ෂකයා මානතිව් ක්‍රිඩා පිටිය තමන්  ප්‍රතිපාදන යොදා ඉදිකර ඇති බවත් තමාට ඡන්දෙ නොදුන් කිසිම කෙනෙක් එහි ක්‍රීඩා නොකරන ලෙසටත්  ගම්මානයට කඩා වැදි තර්ජනය කිරීමත් සමඟ ගම්වාසින් එයට විරෝධය පා තිබේ.
     
    වනාතවිල්ලුව පුත්තලම මාර්ගය මානතිව් මංසන්දියෙන් වසා දැමිමට කටයුතු කිරීමත් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කර වලක්වා අදාල පරාජීත අපේක්ෂකයා සහ ගම්වාසින් පොලිසියට කැඳවා එය විසදන බවට පොරොන්දු විමත් සමඟ තත්වය පාලනය කිරිමට හැකි වු බව පොලිසිය පවසයි.

  • හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට

    හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට තව දඬුවම්… බරපතල වැඩ සහිතව වසර 5ක් හිරේට

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතාට බැණ වැදී මරණීය තර්ජනය කිරීමේ අධි චෝදනාවට වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (12 දා) බරපතළ වැඩ සහිත වසර පහක සිරදඬුවම් නියම කළේය.
     
    එයට අමතරව රුපියල් 25,000 ක දඩයක්‌ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩය නොගෙවන්නේ නම් අමතර එක්‌ වසරක සිරදඬුවම් ලබාදීමටද නියම කළේය. 
     
    පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස රාජකාරි කරමින් සිටියදී තම තනතුරට පහළ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය නොහැකි බව පෙන්වා දුන් විනිසුරුවරයා එම දඬුවම් නියම කළේය.
     
     කෙසේ නමුත් විත්තිකරුට එරෙහිව ඇති සෙසු අධිචෝදනා පහ පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවට නිගමනය කළ විනිසුරුවරයා එම චෝදනාවලින් විත්තිකාර වාස්‌ ගුණවර්ධන මහතා නිදොස්‌කොට නිදහස්‌ කිරීමටද නියෝග කළේය. 
     
     කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීමට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර අත්අඩංගුවට ගත් අවස්‌ථාවේදී එනම් 2013.06.10 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව තුළදී එවකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ලෙස කටයුතු කළ ශානි අබේසේකර, එවකට පොලිස්‌ පරීක්‍ෂකවරුන් ලෙස කටයුතු කළ රංජිත් මුණසිංහ, පොලිස්‌ පරීක්‍ෂක දිසානායක යන නිලධාරීන්ට විත්තිකාර වාස්‌ ගුණවර්ධන මහතා විසින් මරණීය තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සඳහන් විය. 
     
     “ශානි මට තේරුණා උඹලා මට මේ දේ කරනවා කියලා. හැබැයි උඹලාට මාව හැමදාම ඇතුළේ තියාගන්න බෑ. මම මිනීමරුවෙක්‌. එළියට ගියදාට බලාපල්ලා උඹලාට කරන දේ” යෑයි තර්ජනය කිරීම, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු අධි චෝදනා හයක්‌ යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණි.
     
     විත්තිකරුට එරෙහිව එල්ල වී ඇත්තේ මහෙස්‌ත්‍රාත් අධිකරණයක්‌ හමුවේ නඩු විභාගයක්‌ පැවැත්වීමකින් තොරව සමථ මණ්‌ඩලයකට යොමුකර සමථයට පත්කළ හැකි චෝදනා බැවින් ඔහු සියලු අධි චෝදනාවලින් නිදොස්‌කොට නිදහස්‌ කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අනුර සෙනවිරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
     
     රජයේ නිලධාරියකුට තර්ජනය කිරීම සුළුකොට තැකිය හැකි වරදක්‌ නොවන බැවින් ලබාදිය හැකි උපරිම දඬුවම් නියම කරන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිsඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
     
     කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා කිහිපයකට වරදකරු කර 2016 වසරේ දී මහාධිකරණය විසින් මරණීය දණ්‌ඩනය නියම කර සිටින වාස්‌ ගුණවර්ධන මහතා ඊයේ දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය අමතා ප්‍රකාශයක්‌ කිරීමට සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අධිකරණය එම අවසරය ලබාදීම ප්‍රතික්‌ෂේප කළේය.

    -ඒ. ඡේ. ඒ. අබේනායක

  • කාට වුනත් සහය දෙන්නෙ අපේ ප්‍රතිපත්ති පිළිගත්තොත් විතරයි

    කාට වුනත් සහය දෙන්නෙ අපේ ප්‍රතිපත්ති පිළිගත්තොත් විතරයි

    පෙරේදා (11) නිකුත් වූ ඡන්ද ප්‍රතිඵලවලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් ද පැවති බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ. 
    ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර පැවති ජාතික ආණ්ඩුව සඳහා වූ ගිවිසුම පසුගිය ජනවාරි මස 31 වනදායින් අවසන් වී ඇති බැවින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වහාම තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි එක්සත් ජාතික පක්ෂ ජනතා නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයාට බලකර ඇත.
    මේ කරුණු කාරණා අතර දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාගැනීමට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් වීමත් සමඟ මාධ්‍ය මගින් සේ සම්බන්ධව දෙමළ ජාතික සන්ධනයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජීලිංගම්ගෙන්  විමිසීම් කල විට ඔහු කියා සිටියේ තමන්ගේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට ගරු කරමින් ආරාධනා කරන ඕනෑම පාර්ශ්වයකට ආණ්ඩු බලය පිිහිටුවීම සඳහා දෙමළ ජාතික සන්ධානය සහාය ලබාදීමට කටයුතු කරන බවයි.
    එවැනි කිසිඳු ඉල්ලීමක් මෙතෙක් කිසිඳු පාර්ශ්වයකින් ලැබී නොමැති බවත් එම තීරණයේ කිසිඳු වෙනසක් සිදු නොවන බවත් එම පක්සයේ නායක ආර් සම්බන්දන්  මහතා ද ප්‍රකාශ කර ඇත.
  • “හොරු රැකපු රනිල්ට ජනපතිගෙන් දොස් මුරයක් ” – සිදුවූ සියල්ල ඇමති ඩිලාන් හෙළිකරයි

    “හොරු රැකපු රනිල්ට ජනපතිගෙන් දොස් මුරයක් ” – සිදුවූ සියල්ල ඇමති ඩිලාන් හෙළිකරයි

    පළාත් පාලන මැතිරවණයේ ප‍්‍රතිඵලත් සමග රට තුළ දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඉදිරියේදී කෙසේ කටයුතු කරන්නේදැයි ප‍්‍රධාන දේශපාලන කණ්ඩායම් තවමත් සිටින්නේ සාකච්ඡා කරමින්. 

    එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර පැවැති සන්ධාන ආණ්ඩුවක් සඳහා වන ගිවිසුමද මේ වනවිට කල් ඉකුත් වී තිබෙනවා. එම ගිවිසුම යළි දීර්ඝ කරන්නේද නැතහොත් එක්සත් ජාතික පක්ෂය සහ  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මෙතැන් සිට වෙනවෙනම කටයුතු කරන්නේදැයිද තවමත් ස්ථිර අදහසක් ප‍්‍රකාශ වී නැහැ. 

    ඇතිවී තිබෙන මෙම දේශපාලන ව්‍යාකූලතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අමාත්‍ය ඩිලාන් පෙරේරාගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ කැපීපෙනෙන වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට ජනාධිපතිවරයා ඉදිරයේදී කටයුතු කරනු ඇති බවයි. 

    “වර්තමාන අගමැතිතුමා සහ මැතිවරණ ප්‍රතිඵලය යන කාරණා සැළකිල්ලට අරගෙන ආණ්ඩුව තුළ වෙනස්කම් කළ යුතු බව… ජනාධිපතිතුමා කිව්වේ ඒ වෙනස්කම් ටික අනිවාර්යයෙන්ම කරනවා කියලයි. විවිධ පක්ෂ, දේශපාලන නායකයින් ආදී මේ සියලු දෙනා සමග සාකච්ඡා කරලා රටට දැනෙන වෙනස්කම් කිහිපයක් ජනාධිපතිතුමා කරනවා. අගමැතිතුමාගේ පැත්තෙන් ඒ සඳහා සහයෝගය දුන්නේ නැත්නම් අපිට පුළුවන් අපේ පැත්තෙන් අවශ්‍යකරන තීන්දු ගන්න..”

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා යටතේ තවදුරටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් දැයිද අප මෙහිදී ප‍්‍රශ්ණ කළා. 

    එහිදී “වර්තමාන අගමැතිතුමා සමග ආණ්ඩුව මේ යන ගමන යන්න බෑ. ඒක වෙනස් කිරීමට තීන්දු කරන්න ඕනේ කියලා තමයි ජනාධිපතිතුමා කිව්වේ. එතකොට ප්‍රධාන තනතුරුවල වෙනස්කම් වෙනවා. රටේ නීතියට අනුකූලව.” යනුවෙන් සඳහන් කළා.

     

  • මමත්වය හා අහංකාරය දුරු වේවා – ජනපති මෛත්‍රී ශිව රාත්‍රී පණිවිඩයෙන් කියයි..

    මමත්වය හා අහංකාරය දුරු වේවා – ජනපති මෛත්‍රී ශිව රාත්‍රී පණිවිඩයෙන් කියයි..

    මිනිසා තුළ නිධන්ගතව ඇති  මමත්වය හා අහංකාරය දුරු වේවායි යන ප්‍රාර්ථනයෙන් යුක්තව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමස්ථ ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවාස සීලය සමාදන් වන්නා වූ මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් යොමු කර තිබෙනවා.

    මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමටද එවැනි වත් පිළිවෙත් හේතුවක් වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    අද මහා ශිව රාති‍්‍රය සමරන හින්දු භක්තිකයන් සියළු දෙනාට සුභාශිංසන පළ කරන බවද මෙම නිවේදනයේ දැක්වෙනවා. 

    (එම නිවේදනය පහතින්)

     

  • පැලකරගෙන යන තනි ආණ්ඩු සංකල්පය ස්වයං උඟුලක්….

    පැලකරගෙන යන තනි ආණ්ඩු සංකල්පය ස්වයං උඟුලක්….

    තම ආණ්ඩු බලයක් යටතේ පැවති පළාත් පාලන ඡන්දයේ පරාජිත ප්‍රතිඵලයත් සමඟ අරාජික වූ එක්සත් ජාතික පක්ෂය මේ වන ඉන් ගොඩ ඒමට මං පෙත් සොයමින් සිටී. දිනකට සාකච්ඡා වට 4, 5 පවත්වන්නේ නිදි නැතිව රැය පහන් කරමින් බව එම පක්ෂයේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    කෙසේ හෝ මෙම පරාජය වසාගෙන පක්ෂිකයින්ගෙන් සැඟව යෑම සඳහා එක්සත් ජාතික පක්ෂය මේ වන විට විවිධ උපක්‍රම සොයමින් සිටින අතර එහි උපක්‍රමයක් ලෙස මේ වන විට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මාධ්‍ය හරහා “එජාප තනි ආණ්ඩුවක්” පිහිටුවන බවට වූ පුවතක් පැල කරමින් සිටී.

    මෙය පරාජයෙන් කලකිරීමකට පත් එජාප පාක්ෂිකයා අන්දවන ස්වයං වින්දනාත්මක ප්‍රවෘත්තියක් බවට පත්වන්නේ එය ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් මෙන්ම වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීම තුලිනි.

    පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති එක්සත් ජාතික පක්ෂයට තවත් පක්ෂයක හෝ වෙනත් පක්ෂවල මන්ත්‍රීවරුන් බිලි බා ගැනීම සිදුකළ යුතුව ඇත.

    එසේ සිදුකරන්නේ නම් ඔවුන්ට ඇමතිකම් ඇතුළු වරදාන වරප්‍රසාද රාශියක් පිළිගැන්විය යුතුව ඇත.

    එහෙත් මෙයද ප්‍රායෝගිකව සිදුකළ නොහැකි වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 වන වගන්තියට අනුව කැබිනට් මණ්ඩලය 30 ට වඩා වැඩි කළ හැකිවන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගත් පක්ෂය සහ ඊට දෙවනුව ගත් පක්ෂයයි අතර සන්ධානයක් වුවහොත් පමණි. 46 (5) වගන්තියෙන් මෙය අර්ථ ගන්වා ඇත.

    රනිල් වික්‍රමසිංහ මහතා තනි ආණ්ඩු සංකල්පයට පිවිසීම යනු මෙම 46(5) වගන්තියෙන් බැහැර වන බව වන අතර එහිදී ඔහුට ඉතිරිවන්නේ කැබිනට් ඇමතිවරුන් 30 ක්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 40 ක් පමණි. එනම් මුලු ඇමතිවරුන් ප්‍රමාණය 70 නොඉක්මවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(1) වගන්තියෙන් දක්වා ඇත.

    රනිල් වික්‍රමසිංහට එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධ කරගැනීමට ශ්‍රීලනිපයේ එකඟතාවය හිමි නොවන අතර එසේ වුනහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු බිලි බා ගැනීමට සැලසුම් කරමින් සිටින බවද වාර්තාවේ. එජාපයේ මෙම මෙහෙයුමට බිලි බා ගැනීම සඳහා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් වන මනූෂ නානයක්කාර , ඉන්දික බණ්ඩාරනායක සහ ශ්‍රීලනිපයේ ප්‍රධානියෙකු සමඟ එජාපයේ ඉහළින්ම ආරාධනා කොට ඇති අතර ඔවුන් එය ප්‍රතික්ෂේප කොට ඇති බවද සඳහන්.

    එහෙත් ශ්‍රීලනිපයෙන් හොරෙන් මන්ත්‍රීවරුන් බිලි බා ගෙන ආණ්ඩු පිහිටුවීමට ගියහොත් එය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ඇති අතර, එසේ ප්‍රතික්ෂේප කිරීමේත් ඇමතිවරුන් පත්කිරීමේත් පූර්ණ බලය පවතින්නේද ජනාධිපතිවරයා අතෙහි වීම සුවිශේෂීය.

    අනෙක් කරුණ නම් මෙවැනි තත්වයක් යටතේ එසේ පත්කිරීම සඳහා එජාපයට ඇමතිධුර නොමැති අතර, තිබෙන ඇමතිධුරවලින් එජාපයේ ඇමතිවරුන්ට ඉවත් වී යාමට සිදු වීමයි. ඊට මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් රැසක් තම බලවත් අප්‍රසාදය පළකොට ඇත.

    එජාපයේ මෙම දැවැන්ත පරාජයත් සමඟ ආණ්ඩු බලය පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව එජාපය ඊයේත්, අදත් අභ්‍යන්තර සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලද අතර ඊයේ එම පක්ෂයේ නායක වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැය ගණනාවක සාකච්ඡාවක්ද සිදුකරන ලදී.

  • මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා

    මම ජනාධිපති වුනොත් හැම වැඩකරන පුද්ගලයෙකුටම ජීවන වියදමට සරිලන ගෙවීමක් ලැබෙන්න සලස්වනවා

    ඔන්න අපි අද, මේ දවස් වල පුංචි තිරයෙ සහ රිදී තිරයෙ ඒත් එක්කම බොලිවුඩ් සිනමාවෙත් කැපී පෙනුන ලාංකික කලාකාරිණියක් එක්ක  එයා ගැන කතා කරන්න හිතුවා.තවත් කියනවනම් කලාකාරිණියක් කිව්වාම මෙයා රංගන ශිල්පිණියක් විතරක්ම නෙමෙයි ලාංකීය කලා පරපුරට නව සංගීත පරපුරක් බිහිකරන ආචාර්ය්‍ය වරියක් කියලත් හදුන්වන්න පුළුවං.. ඉතිං වැඩි වර්ණනා ඕන නෑනෙ ඒ වෙන කවුරුත් නෙමේ ඒ තමයි ගයා ක්‍රිෂානි… ගයා ක්‍රිෂානි අපිට එයා ගැන කිව්වෙ මෙන්න මෙහෙමයි…

     කොහොමද මේ දවස් වල – ම් … හෙඳින් ඉන්නවා.අලුත් ටෙලිනාට්‍යකට සමබන්ධ වෙලා ඉන්නවා දන්කුඩ බන්ඩා කයල ඒකෙ ෂූටිං වලට යනවා තවත් ටෙලි නාට්‍යකටත් සම්බන්ධ වෙලා ඉන්නවා.

    ගයා ක්‍රිශානිව අපි දැකල තියෙන්නෙ සහය නිළියගේ චරිතයෙන් – ඔව් තාම ප්‍රධාන චරියක් නම් ලැබුනෙ නෑ … ඒත් උප ප්‍රධාන නළියගෙ චරිත නම් ලැබිල තියෙනව.

    ඒකට හේතුව ගයා ක්‍රිශානිට ක්ෂේත්‍රය තුල කැපිලි හින්ද කිව්වොත් – මම දන්න තරමින් මට එහෙම කැපිලි මොකුත් නෑ…ඒකෙ මෙහෙම දෙයක් තියෙනවා ප්‍රධාන චරිතයක් ලැබෙන්නත් වාසනාව තියෙන්න ඕන. සාමාන්‍යයෙන් මුලින් එක ඩ්‍රාම එකක ප්‍රධාන චරිතෙට හිටපු කෙනාව තමයි අනිත් ඩ්‍රාම වලත් ප්‍රධාන චරියට ගන්නෙ.මොකක් නිසාද දන්නෙ නෑ මට ලැබුනෙ සෙසු චරිත ඒත් ඒ හැම චරිතයක්ම කතාවෙ හොඳින් ඉස්මතු වෙලා පෙනෙන චරිත ඒ නිසා මං සෑහීමකට පත්වෙනවා.

    අපි දන්නවා ඔබ දක්ෂ රංගන ශිල්පිනියක්.ඒත් ඔබ කියන්නෙ‍ෙ දක්ෂතාවය විතරක් මදි වාසනාවත් තියෙන්න ඕන කියලද? අනිවාර්යෙන්ම දක්ෂතාවය විතරක් තිබුනට මදි වාසනාවත් තියෙන්න ඕන.දක්ෂතා තියෙන කීයෙන් කී දෙනාටද අවස්ථා හම්බවෙන්නෙ.මම ගැන කියනවනම් මට හිතෙන්නෙ මටත් ඒ වගේ මගෙ දක්සෂතා පෙන්වන්න තාම හරිහමන් අවස්ථාවක් ලැබුනෙ නෑ කියලයි.

    ගයා ක්‍රිෂානි කලාවට අවතීරණය වෙලා දැන් කොච්චර කල්ද? වසර 15ක් විතර වෙනවා මට එක දිගටම රංගන කටයුතු වලට සම්බන්ධ වෙන්න බැරි වුනා ඒ මම සංගීත කටයුතු වලටත් සම්බන්ධ වෙලා හිටපු නිසා.

    ඒ කියන්නෙ රංගන ශිල්පිණියකට අමතරව ගයා ක්‍රිශානි කියන්නෙ හොඳ සංගීත වේදිනියක් – ඔව් ඇත්තටම එහෙම කිව්වොත් හරි මොකද මම වැඩිපුරම මහන්සි වුනේ සංගීත් නිපුන් විභාගයටයි. ඒ විභාගය ඉහලන්ම සමත් වෙලා තමයි මම ගිය ජනවාරි වල ලංකාවට ආවෙ.මම හිතන විදිහට සංගීත් නිපුුන් විභාගය ජයගත්තු ක්ෂේත්‍රයේ ඉන්න එකම රංගන ශිල්පිණිය මම වෙන්න ඕන.

    සිනමාව ගැන මොකද කියන්නේ – මම සිනමා නිර්මාන පහකට වගේ දැනට සම්බන්ධ වෙලා තියෙනවා ඊට අමතරව බොලිවුඩ් නිර්මානයකටත් දායක වුනා රන්වීර් කපූර් එක්ක බොම්බේ වෙල්වට් කියල ඒ වගේම මේ අවුරුද්දෙ රිලීස් වෙන්න තියෙන හිතුවක්කාර කියල ෆිල්ම් එකටත් දායක වුණා.

    ඉතිං කියන්න ගයාගෙ පවුල් ජීවිතේ ගැන විස්තර ටිකක් – මට බබාල දෙන්නෙක් ඉන්නවා. මට මගෙ මහත්තයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව මගෙ කලා කටයුතු වලට සමහර වෙලාවට වැඩ ගොඩක් තියෙද්දි ඒ තියෙන පීඩනය නිසා මට කම්මැලි හිතුනම එයා තමයි මාව උනන්දු කරන්නෙ නෑ ඔයා කරන්න ඔයාට පුළුවං කියල.

    රංගනය විතරද එතකොට වෘත්තියක් විදිහට කරන්නෙ – නෑ මගෙ සංගීත ඇකඩමියක් තියෙනවා ඒකෙදි මම විශාරද විභාගය වෙනකල් ළමයින්ට සංගීතය උගන්වනව.ඒ අතර රඟපෑමේ කටයුතු වලත් යෙදිල ඉන්නවා ඉතිං.

    අද ලංකාවෙ කලා ක්ෂේත්‍රයේ සාධාරණියත්වය ගැන ඔබ සතුටුයිද ? – ඇත්තම කියනවනම් ක්ෂේත්‍රය ගැන කලකිරීමක් තියෙනවා.මම හිතන විදිහට ලංකාවෙ දක්ෂයාට වඩා තැන තියෙන්නෙ ඇඳුනුම් කම් මත හා වෙන වෙන දේවල් මත ඊටත් වඩා ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ මුදල් මත තීරණය වෙන එක.ඒ කිව්වෙ ලොකු මුදලක් දීල දක්ෂයෙක් අරගෙන වැඩ කරනවට වඩා පොඩි මුදලකට ඉන්න කෙනෙක්ව අරගෙන මොකක් හරි නිර්මාණයක් එළියට දාන ප්‍රවනතාව වැඩි වෙලා තියෙනව.ඒකෙන් වෙන්නෙ ක්ෂේත්‍රය පරිහානියට පත්වෙන එකයි.

    ඒ කියෙන්නෙ ගයා ක්‍රිශානිට තක්සේරුවක් තියෙනවා – ඔව් මම වැඩ කරන ගානක් තියෙනවා ඒ ගානට ආවොත් විතරයි මම භාරගන්නෙ

    ටෙලි නාටයක් හෝ චිත්‍රපටියක් භාරගද්දි තොරා බේරාගෙනද භාරගන්නෙ – අනිවාර්යෙන්ම ඔව් සිනමාවෙදි නම් මුළු පිටපතම බලල තමයි භාර ගන්නෙ.ඒත් ටෙලිනාට්‍ය  වල විශේෂයෙන්ම දැන් තියෙන මොගා නාට්‍ය වල  අපිට පිටපත හම්බෙන්නෙ සෙට් එකට ගියහමයි.ඒත් චරිතය භාර ගන්න කලින් ඒ චරිතයේ ස්භාවය මොන වගේ එකක්ද කියල හරියට දැනගෙන තමයි භාරගන්නෙ

    ගායා ක්‍රිෂානාගෙ ගම කොහෙද? මගෙ උපන් ගම රත්තපුරේ ඒත් රත්නපුරේ ඉඳල නෑ පෙඩි කාලෙ ඉඳන්ම අවිස්සාවේල්ලෙ තමයි හිටියේ.

    නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට මොනාද කරන්නෙ – වැඩිපුරම කරන්නෙ සිංදු අහන එක තමයි… ඊට අමතරව ඔය මොකක් හරි සංගීත භාණ්ඩයක් වාදනය කරනවා.. ඒ වගේ මොකක් හරි සංගීත වැඩක් තමයි ඉතිං

    ගිය අවුරුද්ද කොහොමද? මට පුද්ගලිකව ඉතාම සුභ විදිහට ගෙවුන අවුරුද්දක් කියල හිතන්න පුළුවං මොකද මම සංගීත් නිපුන් විභාගයෙන් ඉතාමත් විශිෂ්ඨ ලෙස සමත් වුනා ඒක මං දැකපු හීනයක් සැබෑ වුනා කියල කියන්න පුළුවං… හැබැයි ඒ නිසා මට ලංකාවෙ වැඩිය ඉන්න හම්බුනේ නැති නිසා වැඩිය රංගන කටයුතු වල යෙදෙන්න වුනේ නෑ

    2018 මොනවද කරන්න හිතන් ඉන්නෙ? මේ අවුරුද්දෙ වැඩිපුරම බර දෙන්නෙ මගෙ සංගීත ඇකඩමිය දියණු කරන්න තමයි ඊට අමතරව හොඳ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනවා

    ගයා ක්‍රිශානි දේශාලනය දකින්නෙ කොයි විදිහටද? මම දේශපාලනට කිසිම කැමැත්තක් නෑ..

    එතකොට දැන් මේ පවතින ආර්ථිකමය සමාජීය තත්වයන් ඔබට ගැටළුවක් නැද්ද? තියෙනව ඒත් ඒක මේ ආණ්ඩුව හෝ පහුගිය ආණ්ඩුව කියල වෙනසක් නෑනෙ කොයි ආණ්ඩුව ආවත් ඒ පොදු ප්‍රශ්න ටික වෙනස් වෙන්නෙ නෑනෙ

    පසුගිය දිනවල අපි දැක්කා කලාකරුවන් දේශපාලන වේදිකාවල නොයෙක් අදහස් දරනවා ඔබ ඒ සම්බන්ධයෙන් කොතනද ඉන්නෙ – ඔව් මටත් ලොකු ලොකු ආරාධනා ගෙඩක් ආව ඒත් මම ඒ කිසිම දේකට සම්බන්ධ වුනේ නෑ

    හරි අපි හිතමු අහම්බෙන් හරි ගයා ක්‍රිෂානි මේ ජනාධිපති වෙනවා … එතකොට – ම් … එහෙම උනොත් මම කරන්නෙ අපේ රටේ තියෙන මූලිකම ප්‍රශ්නය වන ජීවන වියදම අඩු කරන එක.. එතෙන්දි භාණ්ඩ හා සේවා වලට අපි ගෙවන මුදලට සරිලන වැටුපක් එහෙමත් නැත්නම් ගෙවීමක් සෑම වැඩ කරන පුද්ගලයෙකුටම ලැබෙන්න සැලැස්වීම තමයි මගෙ මූලිකම අභිප්‍රාය වෙන්නෙ.

    ගයා ක්‍රිෂානිට ගයා ක්‍රිෂානිගෙ ප්‍රේක්ෂයින්ට මොවෙද කියන්න තියෙන්නෙ? මගෙ අලුත් ටෙලි ඩ්‍රාම දෙකක් එන්න තියෙනවා තව චිත්‍රපටියකුත් එන්න තියෙනවා ඉතිං ඒව බලල මගෙ අඩුපාඩු තියෙනවද මගෙ රඟපෑම හොදඳ කියල මට කියන්න කියල තමයි කියන්න තියෙන්නෙ ඊට වඩා විශේෂයෙන්ම කියන්න ඕන මගෙ රසිකයින්ට මම ගොඩක් ආදරෙයි ඒ හැමෝටම සුභ අනාගතයක් වේවා කියල පතනවා…

     

  • පූර්ණ එකඟතාවයෙන් කරු අග්‍රාමාත්‍යධුරයට! පක්ෂ දෙකේම දැවැන්ත වෙනසක්!

    පූර්ණ එකඟතාවයෙන් කරු අග්‍රාමාත්‍යධුරයට! පක්ෂ දෙකේම දැවැන්ත වෙනසක්!

    එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායකයෙකු වන කරු ජයසුරිය මහතා වත්මන් යහපාලන රජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟතාව හිමිව ඇති බවට වාර්තාවේ.

    මේ සමබන්ධයෙන් ඊයේ රාත්‍රීයේ සිට අද අලුයම දක්වා සාකච්ඡා පැවති අතර අවසානයේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තම ධුරයෙන් ඉවත්ව එය කරු ජයසුරිය මහතා අගමැතිවරයා ලෙස පත්කිරීමටත් සම්මුති වාදී ආණ්ඩුව තුල දැනෙන දැවැන්ත වෙනසක් සිදුකිරීමටත් එකඟතාවයකට පැමිණ ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

    මෙම දේශපාලන වෙනස සිදුකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කරු ජයසුරිය මහතා අතර සාකච්ඡා වට කිහිපයක්ද පවත්වා ඇති අතර එහිදී මෙම වෙනස සිදුකිරීමට පූර්ණ එකඟත්වයකට පැමිණ ඇත.

    නව වෙනස්කම් සිදුකිරීම සඳහා ජනවාරි 08 යහපාලනයක් වෙනුවෙන් වූ සිවිල් සංවිධාන නියෝජිතයින් සහ සාධාරණ සමාජයක් වෙනුවෙන් වූ මහජන ව්‍යාපාරද අදාළ පාර්ශව වෙත මේ සඳහා බලපෑම් කොට ඇති බවත් සඳහන්.

    මීට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිය වෙනුවෙන් වත්මන් නියෝජ්‍ය නායකවරයා වන සජිත් ප්‍රේමදාස නායකත්වයට පත්කිරීමටත් කතිකා වී ඇත. එසේම ඊට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද දැනෙන වෙනස් කම් සිදුකිරීමට තීරණකොට ඇතැයි එම පක්ෂයට සම්බන්ධ ආරංචි මාර්ගද වාර්තා කරයි.

    මේ අනුව ඉදිරි පැය 48 මෙරට දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇත.

     

  • කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

    කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය තුලදී පසුගියදා තමාට සිදු වූ පහරදීම පිළිබඳ රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය, නීතීඥ ෆාතිමා හෆ්සා මාධ්‍යට හෙළිකරයි (audio)

    පසුගිය 9 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තමාට පහරදී තර්ජනය කළ බවට රාජ්‍ය ඇමති A. H. M. ෆව්සිගේ මිනිබිරිය වන නීතීඥ ෆාතිමා හෆ්සා විසින් දැනටමත් අැප මත නිදහස්ව සිටින ඇගේ හිටපු ස්වාමිපුරුෂය වන මොහොමඩ් ශසිල්ට විරුද්ධව පැමිණිලි තුනක් සටහන් කර ඇත.

    මොහොමඩ් ශසිල් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී තම බඩට පහරදී නැවත සාක්ෂි දීමට නොපැමිණෙන ලෙස මරණිය තර්ජනය සිදුකල බවට ඇය විසින් අධිකරණ පොලිසියේ, කාන්තා හා ළමා කාර්යාංශයේ සහ සාක්ෂිකරුවන් හා වින්දිතයින් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියේ මෙලෙස පැමිණිලි සටහන් කර ඇති අතර මෙම සිදුවීම වහා මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට ගෙන ඒමටද කටයුතු කර ඇත.

    ඇයට මෙම සිද්ධියට මුහුණ පෑමට සිදුවූයේ ඇයගේ සේවාදායකයා වන වසීර් අහමඩ් නැමැත්තාගේ නඩු කටයුත්තකදීය. එම සිද්ධි දාමය ගැන පසුගිය දිනවලදී මාධ්‍ය වලින් හා සමාජ ජාලා වල ඉතා දැඩි කතාබහකට ලක්වී තිබූ අතර ඒ ගැන සමාජ ජාලා වෙබ් අඩවි කිහිපයකම පලවූ පුවත් ඇසුරින් එම සිද්ධි දාමය ගැන පලවූ ලිපියක කොටසක් පහතින් උපුටා දක්වන අතර පසුගිය 9 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්නය තුලදී හෆ්සා මහත්මියට සිදුවූ පහර දීම හා තරජණය කිරීම ගැන ඇයගෙන් දුරකථනයෙන් විමසූ විට ඇය ලබා දුන් පළිතුරේ හඩපටය මේ සමග ඉදිරිපත් කර ඇත.

    “යහපාලන රජයේ කාලසිමාවෙන් තුන් වසරක් ගෙවී යන මේ කාලසීමාවේදී, යහපාලන රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ A. H. M. ෆව්සි ඇමති තුමාට අයත් ව්‍යාපාරයක අධ්‍යක්ෂක වරයෙකු වන වසීර් අහමඩ් මහතා විසින් ඇමති තුමාගේ පව්ලේ උදවිය විසින් තමන් වෙත අපහස කර මරණිය තර්ජන සිදුකළ බවටත්, මේ සම්බන්දව පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරීන් හට ඔවුන්ගේ රාජකාරි සිදුකිරීමට බධා සිදුකර ඇති බවට ප්‍රකාශ කර සිටි.

    අහමඩ් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, යහපාලනයේ ගුණත්මකබාවය සහ නිතිය අවතක්සේරුවට ලක්වෙමින් කැළැ නිතිය රජයන සමයක පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ඔහුට සෑහීමකට පත්විය නොහැකි බවත්, මෙම සංසිද්දියේදී නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයා මුහුණපෑ අසරණබාවය ඇසින් දුටුවයින් පසු පොලිසියෙන් මිට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිබවයි.

    ඔහුගේ නීතීඥවරයා ෆාතිම හෆ්සා (ෆව්සි ඇමතිවරයාගේම මිණිබිරිය) නැවත නැවත සිදුවන අසාධාරණයන් සහ තර්ජනය කිරීම් සම්බන්දව වසර දෙකක් තිස්සේ කිහිපවරක්ම පැමිණිලි කළද, එම පැමිණිලි යහපාලන ඇමති A. H. M. ෆව්සි ඇමති වරයාගේ පුතාට සහ දියණියට විරුද්දව පවරා ඇති බැවින් පොලිස් නිලදරින්ට නිතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.

    ෆාතිම හෆ්සා ඇයගේ මාමා වන නමාස් ෆව්සි විසින් පොලිස් නිළදාරින් හට තමන්ට හා අහමඩ් වෙත සාධාරණය ඉෂ්ට ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී තර්ජනය කර බලපෑම් සිදුකල බවට 2017 ජනවාරි 12 වන දින නාරාහේන්පිට පොලිසියේ පැමිණිලි අංක CIB 179/64 යටතේ පැමිණිල්ලක් සිදුකර ඇත.

    ඇයට අනුව OHS හෝල්ඩිංස් පුද්ගලික සමාගමේ කොටස්කරුවෙක් සහ අධ්‍යක්ෂක වරයෙක් වන අගේ හිටපු ස්වාමිපුරුෂය දොස්තර මොහොමඩ් ශසිල් මව්ජූඩ් ඔවුන්ගේ පුතාව රැගෙනයාමට සවස 1.00 ට පමණ අගේ නිවසට පැමිණ ඇත. (උසාවියෙන් නියම කර ඇති වෙලාවට පැය 2ක් පමණ පසුව) එසේ පැමිණ නිවාස ඉදිරියෙන් වහනය ඉවත් කරගත නොහැකි බව පවසමින් OHS හෝල්ඩිංස්හී සම අධ්‍යක්ෂක වසීර් අහමඩ් සමග කලහයක් ඇතිකරගන්න ලදී. අහමඩ්ට වාචිකව නින්දා කිරීමෙන් අනතුරුව ඔහු නිවසට පැමිණ බඩු පොලේ ගසා අනතුරුව ඇයට (ෆාතිමාට) පහර දී ඇත.

    මෙහි විශේෂතම සිදුවීම වන්නේ පසුව එම ස්ථානයට පැමිණි පොලිසිය නිවසේ සිදුවී තිබුණු දෙය සහ ෆාතිමාගේ මුහුණේ සහ ඇගේ තිබුණු තුවාල දුටු නමුත් ෆව්සි ඇමතිවරයාගේ පුතාගේ හා ෆාතිමාගේ මාමා – නාමාස් ෆව්සිගේ බලපෑම් හමුවේ නාරාහේන්පිට පොලිසිය ඒ සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමට ඉදිරිපත් නොවීමයි.

    අහමඩ් පවසා සිටියේ පොලිස්පති පුජිත ජයසුන්දර මැදිහත් වන තෙක් පොලිසිය මෙම සිදුවීම සම්බන්දව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන සිටි බවයි. පසුව අවසානයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක MC 75737/03/17 යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබී ඇත. එසේ තිබියදීත් ඇමතිවරයාගේ පව්ලෙන් වන බලපෑම්වල අඩුවක් නම් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.”

    උපුටා ගැනීම අවසානයි…  අදාල සිද්ධිය සම්බන්ධව නීතීඥ හෆ්සා සමග සිදුවූ දුරකතන සංවාදය පහතින්

    https://www.facebook.com/supirigossip1/videos/1587397237962543/

     

  • මෙවර මැතිවරණයේදී බාප්පාගේත් පුතාගේත් ඡන්ද සමාන වීමෙන් කුසපත් ඇදීමක්…

    මෙවර මැතිවරණයේදී බාප්පාගේත් පුතාගේත් ඡන්ද සමාන වීමෙන් කුසපත් ඇදීමක්…

    මෙවර පළාත් පාලන මැතිවරණයට පක්ෂ දෙකකින් තරග වැදි සමාන ජන්ද සංඛ්‍යාවක් ලබාගත් එකම පවුලේ බාප්පා හා පුතා වූ දෙදෙනෙකු වෙනුවෙන් කුසපත් ඇදීමට සිදුවූ පුවතක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවේ.

    එසේ සිදුවී ඇත්තේ පලාගල ප්‍රාදේශීය සභාවට අයත් දඹුලු හම්මිල්ලෑව කොට්ඨාසයේ එජාප අපෙක්ෂක සුරංග රත්නායක හා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපෙක්ෂක අනුර ප්‍රභාත් රත්නායක යන අපේක්ෂකයින්ටයි.

    මේ දෙදෙනාම ඡන්ද 1681 බැගින් ලබාගෙන තිබිණි.

    සුරංග මහතා ප්‍රථම වරට ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වූ අතර වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.අනුර මහතා එම සභාවේම හිටපු සභාපතිවරයෙකි. ඇති වූ සමාන තත්ත්වය මත අදාළ කොට්ඨාසයේ මන්ත්‍රිවරයා තේරීම සඳහා අනුරාධපුර තේරීම් බාර නිලධාරී ආර්.එම්.වන්නිනායක මහතා අදාල පක්ෂවලින්  බලය පැවරූ නායකයින් හා සාකච්ඡා කර කුසපත් අදින ලදී.  

  • කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බල පෙරළියක සලකුණු කරලියට…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බල පෙරළියක සලකුණු කරලියට…

    පළාත් පාලන මැතිවරණයේදි කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රාදේශිය සභාවේ ලැබි ඇති ප‍්‍රතිඵල අනුව බලය පිහිටවීමේදි අර්බුදකාරි තත්ත්වයක් ඇති වන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 16 දෙනකු සහ එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 12 ක් ශ්‍රීලනිපයෙන් 04ක් ජවිපෙන් 03ක් සහ රාජලියාගෙන් 01ක් ලෙස තේරි පත් වි ඇති අතර ප්‍රධාන පක්ෂ දෙකටම බහුතරය වන ආසන 19ක් නොලැබීම නිසා නියත වශයෙන්ම ශ්‍රීලනිපය මෙවර තීරණාත්මක සාධකය බවට පත්ව ඇත..

    ඒ අනුව එජාපයෙන් සහ පොහොට්ටුවෙන් කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි සමගින් සාකච්චා කිරීමට දැඩි උත්සහයක නිරතවන නමුත් තමන් ජනපති මෛත්‍රී ගන්නා ඕනෑම දේශපාලන තීන්දුවක් සමගින් සිටගන්නා බව සෝලංගආරච්චි පවසා ඇත..

     

  • සමස්ත ප්‍රතිපලයෙන් මහින්දට එරෙහිව බලවේගයේ වර්ධනයක්! ලක්ෂ 8කින් මහින්දට පසුපසට…

    සමස්ත ප්‍රතිපලයෙන් මහින්දට එරෙහිව බලවේගයේ වර්ධනයක්! ලක්ෂ 8කින් මහින්දට පසුපසට…

    ජනවාරි 08 ප්‍රතිඵලය සමඟ ඊයේ(10) දින මැතිවරණයේ මේ වනවිට නිකුත් කර ඇති මැතිවරණ ප්‍රතිඵල සංසන්දනය කිරීම මගින් මැතිවරණයේ ජනතා හැසිරීම පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇතැයි විශ්වාස කරමු. ජනවාරි 08 මෛත්‍රිපාල සිරිසේන නම් පොදු අපේක්ෂකයා දිනවීම සඳහා පෙළගැසුණු එක්සත් ජාතික පක්ෂය, මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පොදු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිතා කරන ලද සන්ධාන සෙසු පාක්ෂිකයින් ගේ ඡන්දය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය මෙවර මැතිවරණයේ ලබාගත් ඡන්ද ප්‍රතිශතය එකතුකර බැලූ විට සමස්ත ප්‍රතිශතය 54.25% කි. මහින්ද රාජපක්ෂ මෙවර (පොදුජන පෙරමුණ) ලබා ගත් ඡන්ද ප්‍රමාණයේ සමස්ථ ප්‍රතිශතාත්මක අගය 42.36% කි. ඉහත ගණනය කිරීම සඳහා එදා මහින්ද රාජපක්ෂ කඳවුර සමඟ සිටි එහෙත් අද මෛත්‍රී කඳවුර සමඟ සිටින තොන්ඩමන් මහතාගේ කම්කරු කොංග්‍රසය ලබා ගත් 3.39% ක ප්‍රතිශතය එකතු කර නොමැත. එය අද මෛත්‍රී කඳවුර සමඟ පැහැදිලිව සිටින කඳවුරක් නිසා රාජපක්ෂ විරෝධී කඳවුර අද මැතිවරණයේ ලබා ඇති සමස්ත ප්‍රතිශතය 57.64 % වේ.

    මහින්ද නායකත්වය දෙමින් ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගත් මුළු ඡන්ද ප්‍රමාණය 4,941,952 කි. මෙය 2015 දී මහින්දට තිබූ 58 ලක්ෂයක ඡන්දදායකින් ප්‍රමාණයෙන් ගෙවී ගිය වසර තුනක් තුල මහින්දට ඡන්දයට පාවිච්චි කළ ලක්ෂ 08 ක ජනතාවක් මහින්දව ප්‍රතික්ෂේප කොට අවසන් බව මෙම ඡන්ද ප්‍රථිපලය මනාව සාක්ෂි සපයයි.

    මේ මොහොතේ තනි බලවේගයක් ලෙස වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ඇත්තේ රාජපක්ෂ බලවේගයට බව නිහතමානීව පිළිගත යුතුය. එය ඔවුන් ලබාගෙන ඇත්තේ ව්‍යාජ දේශප්‍රේමය, අනියත භීතිකාවන් සහ දූෂිතයින් විසින් නඩත්තු කරන ඊනියා මානසික අල්ලස් නිසා බව වෙනම කතාවකි. එදා මහින්ද පැරදුන 2015 දී ද ලංකා සිතියමේ දකුණේ මැතිවරණ කොට්ඨාශ ජයග්‍රහණය අතින් මහින්ද ඉදිරියෙන් සිටියා මතක ඇත. මෙවර මැතිවරණයේ ස්වභාවය අනුව බැලූ විට කොට්ඨාශ මැතිවරණයක ස්වභාවය අනුවම වැඩිම තනි ජනපදනමක් ඇති පක්ෂය හෝ බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීම සාමන්‍ය ස්වභාවයයි.

    එහෙත් අප තේරුම්ගත යුතු සරල සත්‍ය වන්නේ එය නොවේ රටේ වලංගු ප්‍රකාශිත ඡන්ද වලින් 57.64 % ක් රාජපක්ෂ බලවේගයට විරුද්ධ බවය. ජනාධිපතිවරණයක්, ජනමතවිචාරණයක් වැනි රටම තනි ඡන්ද කොට්ඨාශයකට පත් වන මැතිවරණයකදී බහුතර මතය රාජපක්ෂ කඳවුරට විරුද්ධව ඇති බව සිහිතබා ගැනීම වටී.

    දැන් රාජපක්ෂ විරෝධී කඳවුර තේරුම්ගත යුත්තේ ඉදිරි වසර දෙකක කාලය 2015 එකඟ වූ යහපාලන අපේක්ෂා යථාර්තයක් කිරීමට නොවෙහෙසුනහොත් මෙම ලබා ගත් ප්‍රතිඵලය අනුව හිමිවූ සමස්ත ප්‍රතිඵලය පවා දිනා ගැනීමට නොහැකිවනු ඇති බවයි. යම් හෙයකින් එසේ වුවහොත් 2020 රාජපක්ෂ කඳවුරෙන් දරුණු සිංහල බෞද්ධ ඒකාධිපතියකු පැමිණිය හැකි අතර එම නිසා ලාංකේය ජනතාවට ගෙවීමට සිදුවන ලේ වන්දිය සහ මිල ඉතා අධික විය හැකිය. එම සංඥාව තේරුම්ගෙන 2015 බලවේගයන්ට එකඟ වූ වෙනස කිරීමට දැන් වත් රාජපක්ෂ විරෝධී බලවේගය කටයුතු කලයුතුය. එයින් ප්‍රධානම කරුණ වන්නේ මේ රජයේ සිටින හොරුන් සහ ඩීල් කරුවන් පන්නා දමා ඉන් අනතුරුව ගිය ආණ්ඩුවේ හොරු සහ වංචා කරුවන් ද පන්නා යුක්තිය ඉටුකිරීමේ ක්‍රියාදාමයට පණ පෙවීමය.

  • ලත් පසුබෑම හමුවේ ජනපති මෛත්‍රීගෙන් තද තීරණයක් – වෙනස්කම් රැසක් කිරීමට යයි .!

    ලත් පසුබෑම හමුවේ ජනපති මෛත්‍රීගෙන් තද තීරණයක් – වෙනස්කම් රැසක් කිරීමට යයි .!

    පළාත් පාලන මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී ඇති අතර , එහිදි 44%ක ඡන්ද ප්‍රතිශතයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන බහුතරයක බලය ලබා ජයග්‍රහනය කොට තිබෙනවා. එජාපය 32%ක පමණ ප්‍රතිශතයක් ලබා දෙවන ස්ථානයේ පසුවන අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙහෙය වූ එක්සත් ජනතා නිදහස් සංධානය 8.94%කුත් , ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 4.44%ක ප්‍රතිශතයක්ද ලබා තෙවන ස්ථානයේ පසු වෙනවා.

    කෙසේ වෙතත් මෙම මැතිවරණයේ ලැබූ පසුබෑම සැලකිල්ලට ගෙන ජනපතිවරයා විසින් රජයේ ප්‍රබල වෙනස්කම් රැසක් කිරීමට සුදානම් බව වාර්තා වෙනවා. ඊයෙ දින සිය පක්ෂයේ ඇමතිවරුන් කැඳවූ ජනපතිවරයා ඔවුන් සමග විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණා.

    මේ අතර ශ්‍රී ලනිපය නියෝජනය කරන රජයේ තවත් ඇමතිවරයෙක් ප්‍රකාශ කලේ මේ පිළිබදව අවසාන තීරණය ජනපතිවරයාට ලබා ගැනීමට ඉඩ දීමට පක්ෂය තීරණය කළ බවයි.