Blog

  • පොහොට්ටුවේ ආධාරකරු එජාපයේ ආධාරකාරිනියට අලි වෙඩිල්ලක් දමා ගහලා

    පොහොට්ටුවේ ආධාරකරු එජාපයේ ආධාරකාරිනියට අලි වෙඩිල්ලක් දමා ගහලා

    කිසියම් පිරිසක් විසින් එක්සත් ජාතික පක්ෂ ආධාරකාරිනියකගේ නිවසට අලි වෙඩිල්ලක් දමා තිබෙනවා.

    සාලියවැව පොලිසිය සඳහන් කළේ නිවසට අලි වෙඩිලක් දමා බියට පත් කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවයි.

    ඊයේ (11) දින සවස මෙම සිදුවීම ඇති වී තිබුණා.

    ඉහළ පුලියන්කුලිම, අළුත්ගම – බුද්ධි ඉදුවර ගම්මනයේ පදිංචි විජයකෝන් මුදියන්සේලාගේ කාංචනා ශලනි යන අය විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලක් අනුව මෙම විමර්ශණය ආරම්භ කර තිබෙනවා.

    තමන් ඇතුළු පවුලේ අය නිවසේ සිටින විට පැමිණි පොදුජන පෙරමුණ ආධාරකරුවෙකු තමාගේ නිවසට මෙලෙස අලි වෙඩිල්ලක් පත්තු කර දමා ගිය බවයි පැමිණිළිකාරිය පොලීසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ.

    සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. 

  • සම්මුතිවාදී රජයේ කිසිදු වෙනසක් නෑ – ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්….

    සම්මුතිවාදී රජයේ කිසිදු වෙනසක් නෑ – ඇමති රාජිතගෙන් ප්‍රකාශයක්….

    2015 ජනවාරි 8 වන දින ජනාධිපතිවරණයෙන් ලද ජන වරම ශක්තිමත් වී ඇති බව මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් ඔප්පු වන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

    එබැවින් ආණ්ඩුවට ඉල්ලා අස්වීමේ හෝ අග‍්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ හෝ අවශ්‍යතාවක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    මෙවර ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී ඇත්තේ ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 45ක පමණ ප‍්‍රමාණයක් බවත් එය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලද ප‍්‍රතිශතයට වඩා අඩු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    ලැබී ඇති ප‍්‍රතිඵලය අනුව, බහුතර ඡන්ද දායකයින් පිරිසක් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට එරෙහිව තම ඡන්දය ප‍්‍රකාශ කර තිබෙනවා.

    මෙම ප‍්‍රතිඵලය පිළිබඳ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග තමන් සාකච්ඡා කළ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න ප‍්‍රකාශ කළේ. පවතින ගැටලූ නිවැරදි කරගෙන ඉදිරියට යාමට අපේක්ෂා කරන බවද එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පවසා තිබෙනවා. 

    පළාත් පාලන මැතිවරණය ජය ගෙන අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට හෝ අග‍්‍රාමාත්‍ය ධුරය දැරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවතින අපේක්ෂාව ඉටු නොවන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේ. 

  • පළාත් පාලන බලය පිහිටුවීම ගැන නිදහස් සන්ධානයෙන් පොදුජන පෙරමුණයට යෝජනාවක්..

    පළාත් පාලන බලය පිහිටුවීම ගැන නිදහස් සන්ධානයෙන් පොදුජන පෙරමුණයට යෝජනාවක්..

    එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

    ඒ අනුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග එක් වී හම්බන්තොට මහ නගර සභාවේ බලය පිහිටුවීමටයි එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇත්තේ.

    එම මහ නගර සභාවේ මෙවර ආසන බෙදී ගියේ එක්සත් ජාතික පක්ෂයට මන්තී‍්‍ර ආසන 9 ක්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට මන්තී‍්‍ර ආසන 7ක් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්තී‍්‍ර ආසන 4ක් ලෙසයි.

    ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරු එක් වී මන්තී‍්‍ර ආසන 11ක් ලබාගෙන එහි බලය පිහිටුවීමට සූදානම් බවයි හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාපති එරාජ් රවීන්ද්‍ර ප‍්‍රනාන්දු  පැවසුවේ.

    මෙම තීරණය පිළිබඳව අප ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් විමසීමක් කළා. හම්බන්තොට මහ නගර සභාව සඳහා එම පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ගාමිණී ශී‍්‍ර ආනන්ද  පැවසුවේ පක්ෂයේ දේශපාලන නායකත්වයෙන් විමසා ඒ පිිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවයි.

  • දැන් ඡන්දෙ ඉවරයි දැන් තියෙන්නෙ වැඩ කරන්නයි    -රවී කරුණානායක (Video)

    දැන් ඡන්දෙ ඉවරයි දැන් තියෙන්නෙ වැඩ කරන්නයි -රවී කරුණානායක (Video)

    එක්සත් ජාතික පක්ෂය විසින් ආසනයක් තුල ලැබූ විශාලම ජයග්‍රහණය තමා සංවිධානය කරන උතුරු කොළඹින් වාර්තා වූ බවත් උතුරු කොළඹ කොට්ඨාශ 9න් ඉදිරිපත්වූ අපේක්ෂකයන් 17 දෙනාම ජයග්‍රහණය කිරවීමට තමන් සමත්වූ බවත් හිටපු ඇමති රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

     දැන් මැතිවරණය අවසන් බවත් ඇත්තේ වැඩකිරීම බවත්  ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

    https://www.facebook.com/supirigossip1/videos/1586840904684843/

     

     

  • හවුල් ආණ්ඩුව මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට ජනපති හා අගමැති එකඟ වේ

    හවුල් ආණ්ඩුව මේ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට ජනපති හා අගමැති එකඟ වේ

    ඊයේ (10) පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව  බහුතර පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද සමස්ථ ප්‍රථිපලය නිරීක්ෂණය කල විට  2015 මැතිවරණයේදී යහපාලනය වෙනුවෙන් පැවති ඡන්ද පදනම එසේම පවතින බවත් මහින්ද රාජපක්ෂ වටා ඇති ඡන්ද පදනම 2015 ට වඩා සපේක්ෂව අඩුවී ඇති බවත් ඒ මගින් වත්මන් රජය කෙරෙහි ඇති ජනපදනම නොඅඩුව පවතන බව නිගමනය කල හැකි අතර පළාත් පාලන ආයතන 100 ක් පමණ ශ්‍රීලනිප සහ එජාප එකඟතාව මත බලය පිහිටුවීමට කටයුතු කරන බවට දෙපාර්ශවමය අද පැවති හදිසි සාකච්ඡාවේදී  එකඟ වී ඇත.

    පළාත් පාලන ආයතන බහුතරයක් පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කලද සම්මුතිවාදී ආණ්ඩුව ඒ අයුරින්ම ඉදිරියටත් පවත්වාගෙන යාමට ජනපති මෛත්‍රි සහ අගමැති රනිල් අතර එහිදී විශේෂ  එකඟතාවක් ඇතිවී ඇත.

    මෙහිදී ජනපති මෛත්‍රී විසින් මෙම ජනබලය  සම්මුති පාලනයට එරෙහිව ලබා දී ඇතැයි සිතන ඕනෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මැති ඇමති වරයෙකුට කිසිම භාධාවකින් තොරව රජයෙන් ඉවත්වී යා හැකි බව අවධාරනය කර ඇති අතර ඉදිරියේ ඉතා දැඩි දේශපාලනමය තීන්දු තීරණ රැසක් ගැනීමට ජනපති හා අගමැති එකඟ වි ඇත.

     

  • රවීගේ බොරු මාට්ටු…  බැඳුම්කර වාර්තාවේ රවීගේ නම තැන් 91ක, පවුලේ නම් 184 තැනක

    රවීගේ බොරු මාට්ටු… බැඳුම්කර වාර්තාවේ රවීගේ නම තැන් 91ක, පවුලේ නම් 184 තැනක

    එක්සත් ජාතික පක්ෂයේ හිටපු උපනායක සහ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ජනාධිපති බැඳුම්කර කොමිසමට හිතාමතා බොරු සාක්ෂි දීමෙන් නොනැවතී,  පාර්ලිමේන්තුවටද බොරු කී බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගිය දිනෙක පැවති මාධ්‍ය හමුවේ සාක්ෂි සහිතව හෙළිදරව් කර සිටියේය.

    බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ කිසි තැනක තමාගේ නම නැතැයි මාධ්‍ය හමුවේ මුසා බස් කීමෙන් නොනැවතී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුව හමුවේද හැන්සාඩ් ගත වන බොරු කියා ඇත. බැඳුම්කර වාර්තාවේ රවි කරුණානායක මහතාගේ නම තැන් 91 කත්, රවි කරුණානායක සහ ඔහුගේ පවුලේ අයගේ නම් තැන් 184 කත් පැහැදිලිව සටහන්ව ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එම වාර්තාව උපුටාදක්වමින් පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා පෙන්වා දුන්නේ, රවි කරුණානායක මහතා මෙම බැඳුම්කර වංචාවට අදාළව මලික් සමරවික්‍රම සහ කබීර් හසීම් යන ඇමතිවරුන්ගේ නම් අවභාවිතා කරමින් රුපියල් බිලියන 75 ක් ඉල්ලා දින රහිත ලිපි යොමු කොට ඇති බවත්, එය බැඳුම්කර කොමිසමේ විනිසුරුවරුන් ප්‍රශ්න කරද්දී “එම ලිපිය මගේ අතින් මඟ ඇරිලා” වැනි සාක්ෂි ලබා දී ඇති බවයි.

    එසේම මෙම රුපියල් බිලියන 75ක මුදල ඉල්ලා ලිපිය යොමු කිරීමට ප්‍රථම මේ පිළිබඳව හිටපු මුදල් අමාත්‍යවරයා වූ රවි කරුණානායක මහතා, අනෙකුත් අමාත්‍යවරුන් වන කබීර් හසීම් සහ මලික් සමරවික්‍රම යන ඇමතිවරුන් සමඟ සාකච්ඡා කළ බව පැවසුවද ඔවුන් එසේ රවී කරුණානායක සමඟ සාකච්ඡාවකට එක් නොවූ බව බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත. ඒ තුළින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා “බැඳුම්කර ජනාධිපති කොමිසම” හමුවේ බොරු සාක්ෂි ලබාදී ඇති බව ඉතා පැහැදිලිව ඔප්පු වී ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා බැඳුම්කර වාර්තාව උපුටා දක්වමින් පෙන්වා දුන්නේය.

  • ඡන්දෙ ඉවර වෙනකල් ජනපතිට,අගමැතිට හෝ කිසිම ලොක්කෙකුට විශේෂ ප්‍රකාශ තහනම්

    ඡන්දෙ ඉවර වෙනකල් ජනපතිට,අගමැතිට හෝ කිසිම ලොක්කෙකුට විශේෂ ප්‍රකාශ තහනම්

    අද පස්වරු 04.00 ට මැතිවරණය අවසන් වන තෙක් ජනාධිපති, අගමැති ඇතුළු කිසිදු නායකයෙකුගේ මාධ්‍ය නිවේදන හෝ ප‍්‍රකාශ පල කිරීමෙන් වලකින ලෙස මැතිවරණ කොමිසමේ සබාපති මහින්ද දේශප‍්‍රිය සියළුම මාධ්‍ය ප‍්‍රධානීන් වෙත දන්වමින් ලිපියක් නිකුත් කර ඇත.

  • 2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    පළාත් පාලන ආයතන 340ක් සඳහා මෙම ඡන්ද විමසීම සිදු කෙරෙනවා. 

    2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (10) පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර  ඡන්දය ප‍්‍රකාශ කළයුතු ආකාරය පිළිබදවද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය  කරුණු පැහැදිලි කළා. එහිදී පැහැදිළි කෙරුණේ ඡන්ද පොළේදී එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්ද පත්‍රිකාවක් පමණක් නිකුත් කෙරෙන බවයි. එහි සඳහන් වන්නේ තරග කරන දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල නම් සහ සළකුණු වන අතර ඡන්දය දීමේදී ඔබ කැමැති පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායම ඉදිරියේ ඇති හිස් කොටුවේ එකම එක කතිරයක් (x) පමණක් යෙදිය යුතු බවද සඳහන් කෙරුණා.

    කිසිඳු බලපෑමකට යටත් නොවී තම අභිමතය පරිදි ඡන්දය භාවිත කරන ලෙසයි මැතිවරණ කොමිසමේ සභාපති වැඩි දුරටත් සඳහන් කළේ.

    පළාත් පාලන ආයතන 340ක් සඳහා සභිකයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම අද උදෑසන 7.00 ට ආරම්භ වී පස්වරු 4.00ට අවසන් වීමට නියමිතයි.

    නාමයෝජනා සම්බන්ධයෙන් පවතින ගැටලුවක් හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් මත ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා පමණක් අද ඡන්ද විමසීම පැවැත්වෙන්නේ නැහැ.

    මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග වදින මුළු අපේක්ෂකයින් සංඛ්‍යාව 57, 252 ක්. 

  • මහා බැංකුව සුද්ද කල අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි

    මහා බැංකුව සුද්ද කල අලියාට ගහපු හොර ඡන්ද තොගයක් පුත්තලමෙන් මතුවෙයි

    පළාත් පාලන මැතිවර්ණය වෙනුවෙන් ජනතාවට බෙදා දීමට සුදානම් වූ නිළ ඡන්ද පතිකාවට සමාන නිර්මාණය කරන ලද ව්‍යාජ ඡන්ද පත්‍රිකා තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.

    පොලිස් ජංගම රථය ගමන් කළ නිලධාරින් පිරිසක් මේ පුද්ගලයා අද (09) තිල්අඩිය ප්‍රදේශයේදී ජනතාවට මෙම ව්‍යාජ පත්‍රිකා බෙදමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

    පුත්තලම නගර සභාව තරග කරනු ලබන පක්ෂ හා සලකුණු මෙම ව්‍යාජ ඡන්ද පත්‍රිකාවේ ඇතුලත්ව එක් පක්ෂයකට පමණක් කතිරය යොදා තිබේ.

    ව්‍යාජ ඡන්ද පත්‍රිකා අත් අඩංගුවට ගත් පුද්ගලයා ලග තිබී පොලිස් නිලධාරින් සොයා ගෙන ඇත. ඔහු වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට පුත්තලම පොලීසියට භාර දී තිබේ.

    මෙම පුද්ගලයා (10) වැනිදා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  • වෙන්නප්පුවේ ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදහන්.. පොහොට්ටුවේ ක්‍රියාවක් බවට සැකයක්….

    වෙන්නප්පුවේ ශ්‍රීලනිප අපේක්ෂිකාවක් අතුරුදහන්.. පොහොට්ටුවේ ක්‍රියාවක් බවට සැකයක්….

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂිකාවක් අතුරුදහන් වී ඇති බව ඇයගේ සැමියා විසින් වෙන්නප්පුව පොලීසියට පැමිණිල්ලක් කරමින් සදහන් කර තිබෙනවා.

    දෙදරු මවක් වන ඇය 38 හැවිරිදි කාන්තාවක්. ඇය වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතිරේක ලැයිස්තුවෙන් තරග කරන අපේක්ෂිකාවක් වනවා.

    පසුගිය ජනවාරි මස 05 වැනිදා කිසියම් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබුණා.

    ජනවාරි මස 08 වැනිදා දහවල් කාලයෙන් පසුව ඇය අතුරුදහන්වී ඇති බව සැමියා විසින් කර ඇති පැමිණිල්ලේ සඳහන්.

    සිය බිරිඳ අතුරුදහන්වීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති සැමියාද වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග කරන අයෙක්.

  • මැතිවරණයේදී ඔබ දකින දුෂණ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම මේ අංකවලට අමතා කියන්න..

    මැතිවරණයේදී ඔබ දකින දුෂණ ප්‍රචණ්ඩ ක්‍රියා වහාම මේ අංකවලට අමතා කියන්න..

    හෙට (10) පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් දැනුම්දිය යුතු නිරීක්ෂණ හෝ පැමිණිලි ඇතොත් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට ජාතික පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානයක් මැතිවරණ මහලේකම් කාර්යාලය ස්ථාපිත කර තිබෙනවා.

    මෙය හෙට පෙ.ව 6.00 සිට ක්‍රියාත්මක වන අතර පහත සඳහන් දුරකතන හා ෆැක්ස් අංක වෙත අදාළ දැනුම්දීම් සිදු කළ හැකියි.

    අදාළ දුරකථන අංක පහත පරිදි වෙයි.

  • ලන්ඩන් කොටි රැළට සිංහ තේජස පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර පළමු වරට කතා කරයි (PHOTOS)

    ලන්ඩන් කොටි රැළට සිංහ තේජස පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර පළමු වරට කතා කරයි (PHOTOS)

    පසුගිය දවස් වල ලංකාවම වගේ කතා වුණේ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු ගැන. පෙබරවාරි 04 දා ලන්ඩනයේ මහ කොමසාරිස් කාර්යාලයේ පැවති නිදහස් සැමරුම වෙලාවේ උද්ඝෝෂණය කරපු කොටි හිතවාදීන් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් සිංහ කොඩිය පෙන්වා අතින් ගෙල සිඳ දමන ආකාරය නිරූපණය කිරීම මේ කතාබහට හේතු වුණා.

    මේ අවස්ථාවේ වීඩියෝව ප්‍රචාරය වුණාට පස්සේ  ඔහුගේ සේවය අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා.කොහොම වුණත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ඔහු සේවයේ පිහිටුවන්න කටයුතු කළා.ජනාධිපතිවරයගේ නියෝග මත නැවත සේවයේ පිහිටුවනු ලැබූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව යුද හමුදාවෙන් හෝ කිසිදු ආයතනයකින් පරීක්ෂණයක් සිදු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පසුව කියලා තිබුණා.

    බ්‍රිතාන්‍යයේ ඇති වූ සිද්ධිය ගැන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු  පුවත්පතක් සමග පළමු වරට අදහස් දක්වලා තිබුණේ මේ විදියට..

    “බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනාව මත නිදහස් සැමරුම් උළෙලට සිංහල, දෙමළ, මුස්ලිම් දෙසිය පනහක් විතර සහභාගි වෙලා හිටියා. මම කල්තියාම බුද්ධි තොරතුරුවලින් දැනුම් දුන්නා එල්ටීටීඊ හිතවාදීන් විරෝධතාවකට සූදානම් වනවා කියලා. ඒ අනුව තානාපති ‍පොලිසිය ආරක්ෂාව සපයා තිබුණා.

    අපි නිදහස් උත්සවේ ඉවර වුණාට පස්සේ උද්ඝෝෂකයෝ ඉන්න නිසා ඇතුළේ හිටපු ද්‍රවිඩ ජාතිකයන්ගේ ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කළා. ඒ අය ආරක්ෂාව ගැන බලා ගන්න කියලා මගෙන් ඉල්ලුවා. එළියට යන්න බයෙන් ඉද්දී මම එයාලාට පසුපස දොරෙන් එළියට යන්න සැලැස්සුවා. සිංහල කොල්ලෝ මුන්ට බය වෙන්නේ මොකටද කියලා ඉස්සරහා ගේට්ටුවෙන් එළියට ගියා. මෙතැන ජාතිවාදයක් නැහැ. ශ්‍රී ලංකාවේ නිදහස සමරන්නේ කියලා මම උද්ඝෝෂකයන්ට කියලා ජනාධිපතිතුමා දෙමළ භාෂාවෙන් එවූ නිදහස් දින පණිවුඩය උද්ඝෝෂකයන්ට දුන්නා. උද්ඝෝෂකයන් අතරේ හිටපු නායකයෙක් ඒවා උදුරලා ගිනි තියද්දී බ්‍රිතාන්‍ය තානාපති ‍පොලිසිය ගිනි තියපු කෙනාව අත්අඩංගුවට ගත්තා. ඒ සමග කලබල වුණු උද්ඝෝෂකයන් මහ කොමසාරිස් කාර්යාලය ළඟටම දුවගෙන ආවා.

    උත්සවයට ආපු සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව මගේ අතේ තිබුණේ. නිල ඇඳුමක් ඇඳගෙන මට ඒ අයට බාධාවක් වෙන්න දෙන්න බැහැ. ප්‍රභාකරන් අවර් හීරෝ කියලා කෑගහන කොටි හිතවාදීන්ට සියල්ල අවසානයි කියලා තමයි මම හැඟෙව්වේ.

    තමිල් ඊළාම් අවර් ලෑන්ඩ් කියලා කෑගහද්දී දීස් ඉස් යුවර් ලෑන්ඩ් කියලා සියලු දෙනාටම පේන්න තමයි මම ශ්‍රී ලංකා ධජය පෙන්නුවේ.

    මම ඇඟිල්ලෙන් එකපාරක් පෙන්නපු ඉඟිය කිහිප වතාවක් පෙන්වමින් වීඩියෝවක් හදලා ජාත්‍යන්තරයට මුදාහැර තිබුණේ එල්ටීටීඊ හිතවාදී දෙමළ මාධ්‍ය ආයතන විසින්.නමුත් උතුරේත්, වන්නියේත් වගේම බ්‍රිතාන්‍යයේත් දෙමළ ජනතාව මම එයාලට කොතරම් සේවයක් කළාද කියලා දන්නවා.

    මම නිල ඇඳුම මාරුකර උද්ඝෝෂකයන් ළඟට ගිහිල්ලත් කිව්වේ ඔබලා ශ්‍රී ලංකාවට යන්නේවත් නැතිව එකිනෙකා කියන දේවල් ගැන චෝදනා කරන්න එපා. ඔබලා ලංකාවට ගිහින් සහජීවනයට ගෙනයන වැඩපිළිවෙළ බලන්න කියලා කිව්වා. මම ඒ මොහොතේ ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කළ ආකාරය ගැන මම ආඩම්බර වෙනවා.

    ‘තමාට පෙර රට’ කියලා මම ඉගෙන ගත්ත ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ලබාගත් ආදර්ශය මතයි මම හැමදාමත් කටයුතු කරන්නේ.” යැයි ද බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු පැවසුවේය.





  • ඡන්දදායකයින්ගේ දූෂණ විරෝධී ජන මතය 78% යි – ජනපති මෛත්‍රීට සුපිරිසිදු ජයක්…

    ඡන්දදායකයින්ගේ දූෂණ විරෝධී ජන මතය 78% යි – ජනපති මෛත්‍රීට සුපිරිසිදු ජයක්…

    රටේ ඡන්දදායකයින් සංඛ්‍යාවෙන් 78% ක් විශ්වාස කරන්නේ අල්ලස් දූෂණ විරෝධී දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා ඉදිරි මැතිවරණයේ දී ප්‍රමුඛත්වය දිය යුතු බවයි. රාජ්‍ය නොවන සංවිධාන 3 ක් ඒකාබද්ධව සිදුකළ සමීක්ෂණයකට අනුව දූෂණ විරෝධය සඳහා 78% ක් ප්‍රමුඛත්වය දෙන අතර 9% ක් සඳහන් කර ඇත්තේ ඊට වඩා ප්‍රමුඛත්වය දිය යුතු කරුණු තිබෙන බවය. ඉතිරි 13% කිසිඳු මතයක් ප්‍රකාශ කර නැත.

    එම සමීක්ෂණයේදී චන්දය ප්‍රකාශ කිරීමේ දී ගන්නා තීරණය සම්බන්ධයෙන් යොමු කළ දෙවන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් 36% ක් සඳහන් කර ඇත්තේ දූෂණ විරෝධී සංස්කෘතියක් සඳහා ඡන්දය ප්‍රකාශ කරන බවය. ඒ අතර 24% ක් සඳහන් කර ඇත්තේ උද්දමනය, බඩුමිල ඉහල යාම වැනි ජනතාවට සෘජුව බලපාන කරුණු වලට ප්‍රමුඛත්වය දී ඡන්දය දිය යුතු බවය.18% ක් සඳහන් කර ඇත්තේ ගමට නගරයට වැඩි සේවයක් කළ හැකි පුද්ගලයාට ඡන්දය දෙන බව ය.

    ඒ අතර 11% ක් කියා සිටින්නේ දේශපාලන පක්ෂය මත සිය ඡන්දය දෙන බව ය. ඉතිරි 11% කිසිඳු මතයක් ඉදිරිපත් කර නැත.

  • පක්ෂ අදාළ නෑ.. ඡන්ද පොළ සද්ද දැම්මොත් පොලිසියෙන් වෙඩි… පොලිස්පතිගෙන් නියෝග..

    පක්ෂ අදාළ නෑ.. ඡන්ද පොළ සද්ද දැම්මොත් පොලිසියෙන් වෙඩි… පොලිස්පතිගෙන් නියෝග..

    ඡන්ද මධ්‍යස්ථාන අසළ හෝ ඡන්ද මධ්‍යස්ථානවල යම් කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරතවීමට යම් කිසිවෙකු උත්සාහ කළහොත් එවැනි ප්‍රචන්ඩ ක්‍රියාවල නරතවන අයට වෙඩි තැබීමට පවා පොලීසියට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද දෙරණ ප්‍රවෘත්ති මැදිරියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්ය.

  • ජනපති මෛත්‍රීට එරෙහිව කළු කඩ මුදලාලිලා කුප්‍රකට බැසිලා සමග එක්වෙයි…

    ජනපති මෛත්‍රීට එරෙහිව කළු කඩ මුදලාලිලා කුප්‍රකට බැසිලා සමග එක්වෙයි…

    මැතිවරණය සමීපයටම පැමිණ තිබේ පක්ෂ විපක්ෂ විවිද මත සහ විවේචන හමුවේ මහජනතාව 2018 පළාත් පාලන මැතිවරණය සඳහා තම මතය ප්‍රකාශකිරීමට සිතමින් සිටින අවසාන මොහොත ලඟා වෙමින් පවතී. මෙවන් කාලසීමාවක අප තවත් හෙලිදරව්වකට සුදනාම් වන්නේ අපේ රටේ මජර දේශපාලනයට උල්පන්දම් දෙන ජනතාවගෙන්ම ගොඩනැගුනු මහා ව්‍යාපාරිකයින් ජනතාවටම එරෙහිව සිදු කරන ආත්මාර්ථකාමී ක්‍රියාදාමයක් සම්බන්ධවයි.

    ජනාධිපති මෛත්‍රි ගෙනයන වංචා හා දුෂණ වලට විරෝධී ජනතාවාදී වැඩපිළිවෙල නිසා වඩාත්ම සිත් තැවුලට හා අපහසුතාවයට පත්ව සිටින්නේ වංචා දුෂණ වලට හවුල් වූ දේශපාලකයින් වන අතර ඔවුන් විවිධ කුමන්ත්‍රණ කරමින් දිවා රෑ උත්සාහ දරන්නේ තම වංචා දුෂණ යටපත් කිරීමට අවශ්‍ය පාලනයක් පත් කර ගැනීමටයි.

    මජර දේශපාලකයින්ට අමතරව ජනාධිපතිතුමන්ට එරෙහිව නැගී සිටින්නේ ජනතාව හුරාගෙන කමින් මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් පාවාදීමට සමත් ජනතාවට විෂ පොවන ව්‍යාපාරිකයින් පිරිසකි. එයට ප්‍රධාන හේතුව මෛත්‍රී ජනාධිපතිවරයා පාලනයට ආ සැනින් ක්‍රියාත්මක කරන ලද අහිංසක ජනතාවට සෙත සලසන ව්‍යාපෘති වන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන, පරිසර සංරක්ෂණ වැඩසටහන, වකුගඩු නිවාරණ වැඩසටහන, ආහාර සුරක්ෂිතතා වැඩසටහන ආදිය ක්‍රියාත්මක කිරීමයි. මේවා හේතුවෙන් නීතිවිරෝධී ලෙස ජනතාවට වස විස කවන්නට කටයුතු කරන කිරිපිටි සමාගම්, මාෆියා ඖෂධ සමාගම්, මෙන්ම පලිබෝධනාශක හා කෘමිනාශක සමාගම් සමගින් සිගරට් හා මත්ද්‍රව්‍ය,එතනෝල් නිෂ්පාධන, රසායනික පොහොර සමාගම් මේ වන විටත් ප්‍රමුකතාවය ගෙන ඇති බව වාර්තා වනවා.

    මෙම කුප්‍රකට සමාගම් හිමිකරුවන් බිලියන ගණනින් රාජපක්ෂලාගේ දේශපාලන මෙහෙයුමට උපකාර කොට ඇති බවට ලිඛිත සාක්ෂි මේ වනවිට හෙළිදරව් වී පවතිනවා මෙම සමාගම් හිමිකරුවන් බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මෙන්ම නාමල් හා ශිරන්ති රාජපක්ෂලා හරහා මෙම මුදල් ලබා දී ඇති අතර පොහොට්ටුවේ අපේක්ෂකයින් 9,000කට අධික පිරිසකට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් බෙදා දීමටත් ප්‍රධාන මැතිවරණ රැලි 22 කට එකකට රුපියල් ලක්ෂ 70ක් පමණ වියදම් කිරීමටත් අනෙකුත් කුඩා රැලි සහ අනෙකුත් වියදම් ලෙස තවත් ලක්ෂ ගණනාවකුත් වියදම් කොට ඇති බවට සාක්ෂි සමග හෙළිවී තිබේ. මේ සඳහා ලක්ෂ 15,000ක් පමණ වියදම් කර සියලු දෙනා ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් මෛත්‍රිපාල සිරිසේන ගෙදර යවා තම ව්‍යාපාර කටයුතු නිදහසේ කරගෙන යාමට අවස්තාව උදා කර දෙන ලෙසයි. 2020 දී මෛත්‍රී නැවත බලයට පත් වුවහොත් ඔවුන්ගේ නීති විරෝධී ව්‍යාපාර හා වත්කම් පවත්වාගෙන යාමට නොහැකිවන බව ඔවුන් පේනවා දී තිබේ.

    මෙය කියවූ සැනින් දේශපාලකයින්ට කඩේ යන සමහරුන් දේශපාලනය ඉදිරියට දමා මෙය විවේචනය කරන්නට ඉඩ තිබුනත් මෙහි ඇත්ත නැත්ත දන්නෝ දනිති කියමින් මෙය අවසන් කරන්නේ මහින්දලා කොහොමත් ජනතාව ගැන හරි අමාරුවෙන් කතා කරත් ඇත්තටම ඔවුන් බලය වෙනුවෙන් ජනතාව උගසට තබා ගන්නා බව හා ජනතාව මුලා කරමින් ඕනෑම ජඩ වැඩකට සුදානම් බවට තව තවත් බුද්ධිමත් ජනතාවට අවබෝධ කරවමිනි…

  • දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා

    දිස්ත්‍රික්ක දෙකක ඡන්ද පෙට්ටි හා ලියවිලි ලබා දීම පරක්කු වෙලා

    මහනුවර ගන්නොරුව රණබිම රාජකිය විද්‍යාලයේ පිහිටි මහනුවර දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානයේ සහ ගම්පහ වේයන්ගොඩ සියනෑ විද්‍යා පීඨයේ පිහිටුවා ඇති ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථාන වල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රමාදයක් හේතුවෙන්  ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් ඇතුළු මැතිවරණ රාජකාරියේ නියුතු නිලධාරීන් හට ඡන්ද පෙට්ටි සහ අදාල ලේඛන ලාබාදීමේ ප්‍රමාදයක් වාර්ථා වී ඇත.