ඇලෝසියස්‌ හා පලිසේනගේ සිර මැදිරි අසලට ගොස්‌ ඔවුන් සමඟ කතාබස්‌ කිරීමට බන්ධනාගාර නිළධාරීන්ට තහංචි

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව රිමාන්ඩ් භාරයේ පසුවෙන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන සැකකරුවන් දෙදෙනාට බන්ධනාගාරයෙන් විශේෂ සැලකිලි, පහසුකම් ලැබෙනවා යෑයි කියමින් ඇතැම් පිරිස්‌ හා මාධ්‍ය මගින් කරන විවිධ ප්‍රකාශ…
උදයංග රැගෙන ඒමට හත්දෙනෙකුගේ කණ්ඩායමක් අද දිවයිනෙන් පිටත් වේ

පසුගිය දිනකදී ඩුබායිහිදී අත්අඩංගුවට පත්  හිටපු රුසියානු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා නිලධාරීන් 7 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අද (7) දිවයිනෙන් පිටත්ව යන බවත් එම නිලධාරීන් කණ්ඩායමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 3 ක්, මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක්. නීතිපති…
ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් වගන්තිය සංශෝධනය කරීම ගැන සභාවේ අවධානයට

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ටද චෝදනා එල්ල වී ඇති බැවින් දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව සභාවේ අවධාණය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ…
පුංදි ඡන්දය වෙනුවෙන් වැසෙන පාසල් හා විද්‍යාපීඨ

පෙබරවාරි 10දා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් මේ මස 9වැනි සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. මීට අමතරව මැතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදා ගන්නා මතු දැක්වෙන පාසල් 19 සහ අධ්‍යාපන විද්‍යාපීඨ දෙක හෙට (7) සිට…
ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලට නොවැනුවොත් අපි අපේ කඩු වනන්න පටං ගන්නවා

ඇලෝසියස්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ බිලියන 12ක චෝදනාවකට බවත් ගෝටාභය රාජපක්‍ෂටද ඇවන්ගාඩ් නඩුවෙන් බිලියන 12ක චෝදනාවක් ඇති බවත් ,එබැවින් අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝටාභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි හෝමාගමදී පැවති ජනහමුවකදී ඇමති චම්පික රණවක මහතා පවසයි. ඇලෝසියස්ට වැනූ කඩුව රාජපක්‍ෂලාට, රත්වත්තේලටද…
චීන ජනපති ෂී ජින්පින් මහතාගෙන් ජනපති මෛත්‍රීට ලිපියක්

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මෙරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස් දිනය පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ සුබපැතුම් පළ  කර ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත. ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට පූර්ණ සහය ලබාදීමට චීන…
ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රන් පදක්කම් 1ක් හා ලෝකඩ පදක්කම් 3ක් ලංකාවට

ඉරානයේ ටෙහෙරාන්හිදී පසුගියදා (3දා) අවසන් වූ ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 1500 කාන්තා ඉසව්වට සහභාගි වූ ගයන්තිකා අබේරත්න විනාඩි 4යි තත්පර 26.83ක කාලයක් සටහන් කරමින් නව ගෘහස්ථ වාර්තාවක්ද සහිතව රන් පදක්කම දිනා ගත්තාය. ගයන්තිකා අබේරත්න ලැබූ රන් පදක්කම මෙන්ම නිමාලි, උපමාලිකා…
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් හෙට(7) වැඩවරයි

මෙරට රජයේ විකිරණ තාක්ෂණවේදී සේවාව තුළ 1200කට ආසන්න පිරිසක් සේවය කළ යුතු වුවත් මේ වනවිට සේවය කරන්නේ නිලධාරීන් 550ක් වැනි ප්‍රමාණයක් බැවින් සේවාව පවත්වාගෙන යෑමේදී බරපතළ ගැටලු ප්‍රමාණයක් ඇතිවී තිබෙන බවත් මෙම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් සකස් කර නොමැති බවත් …
පුංචි ඡන්දය නිරීක්ෂණයට විදෙස් නියෝජිතයින් 10 ක්

පළාත් පාලන ආයතන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් දස දෙනෙකු ගෙන්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ඉන්දියාවෙන් නිරීක්ෂකයන් හතර දෙනෙක්, කොරියාවෙන්, මාලදිවයිනෙන් හා ඉන්දුනීසියාවෙන් නිරීක්ෂකයන් දෙදෙනා බැගින් කැඳවීමට නියමිතය. මෙම පිරිස් ඡන්ද විමසීම් සිදුවන…
අප්‍රෙල් සිට පාසල් වලට නොමිලේ WiFi

පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කිරීහට තිබූ පාසල් වෙත වයිෆයි පහසුකම නොමිලේ ලබාදීම ලබන අප්‍රේල් මාසයේ දී  ආරම්භ කිරීමට කටයුතු සලසා ඇති බවත් එසේ පසුගිය වසරේ එම ක්‍රියාවලිය ඉටු කිරීමට නොහැකි උනේ ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් නිසා බවත් ග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීගමුව ප්‍රදේශයේ පැවති…
ඇලෝසියස් හා පලිසේන ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

ඊයේ (4) අත්අඩංගුවට ගත් ප්‍රිපැචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා ඒහි විධායක නිළධාරී කසුන් පලිසේන යන අයවලුන් මෙම මස 16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොලඹ කොටුව මහේස්ත්‍රාත් වරයා විසින් නියෝග කර ඇත.
70 වන නිදහස් උත්සවය වෙනුවෙන් අතිගරු ජනාධිපති තුමන්ගේ පණිවුඩය

අප රටට නිදහස ලැබී වසර 70ක් සපිරෙන අද දිනට ඒ උදෙසා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රට වැසියන් වුදෙසා පණිවිඩයක් නිකුත් කරඇත.
අපේක්ෂිකාවට අතවර කල ආධාරකරුවා පලායයි

එළැබෙන 10 වෙනි දිනට යෙදී ඇති මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂිකාවකට ලිංගික අතවර කළ වැලිකන්ද පොලිස් වසමේ දී ඡන්ද ආධාරකරුවෙකු ප්‍රදේශයෙන්  පළා ගොස් අති අතර  සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ඉකුත් 02…
බෙල්ලන්විල විමලරතන හිමිගේ ආදාහන පූජෝත්සවය 08 වන බ්‍රහස්පතින්දා

අපවත්වී වදාළ මහාචාර්ය, බෙල්ලන්විල විමලරතන නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියේදී එළැඹෙන 08දා පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතය. 
අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිහේන අත්අඩංගුවට

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පෙචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පළිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්, කසුන් පළිසේන හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සැකකරුවන් ලෙස නම්කර තිබූ…