Blog

  • මැතිවරණ නීති උල්ලංඝනය කල 352ක් අත්අඩංගුවට…   අපේක්ෂකයින් 40ක් ඒ අතර

    මැතිවරණ නීති උල්ලංඝනය කල 352ක් අත්අඩංගුවට… අපේක්ෂකයින් 40ක් ඒ අතර

    එළැබෙන පෙබරවරෙි 10 දිනට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ ඊයේ (31දා) දිනය වන විට පුද්ගලයන් 352ක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ අතුරින්,193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඡන්ද පෝස්ටර් ඇලවීම හා ළඟ තබා ගැනීමේ චෝදනාව මතය. පෝස්ටර්, බැනර්, ධජ ප්‍රදර්ශනය කරමින් වාහන ධාවනය කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමේ චෝදනාව මත 42ක් අත්අඩංගුවට ගෙන ඇත.

    බැන තර්ජනය කිරීම පිළිබඳ පැමිණිලි 103ක් ඊයේ (31දා) දිනය වන විට ලැබී තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර  පහරදීමේ සිදුවීම් 48ක්, පෝස්ටර් හා කටවුට්වලට හානි කිරීමේ සිදුවීම් 40ක්, රජයේ වාහන හා රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීමේ සිදුවීම් 04ක්ද වාර්තා වී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

    දෙසැම්බර් 09 වන දින සිට ඊයේ (31දා) දිනය දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 126ක් හා මැතිවරණයට සම්බන්ධ සිදුවීම් පිළිබඳ පැමිණිලි 392ක් ලැබී තිබෙන බවත්, ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබෙන බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් 352න් 40ක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

     

  • මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

    මෙහෙයුම පැය 4 යි රථවාහන නඩු 3715 යි

    30 වැනිදා රාත්‍රී 11.00 සිට 31 අලුයම 3.00 දක්වා දිවයිනේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන ආකාරයට සිදුකළ මෙම මෙහෙයුමේදී මාර්ග බාධක 1308ක්  යොදා වාහන 20,913ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබේ.එහිදී රථවාහන නඩු 3715ක් ලබාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

    ඊට අමතරව පුද්ගලයන් 42,673ක් සෝදිසි කිරීම්වලට ලක්කර තිබෙන අතර, මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී මද්‍යසාර ලීටර් 3860ක්, හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 94ක්, කංසා කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 293ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 176ක් අත්අඩංගුවට ගෙන ඇත.

    බීමත්ව රිය පැදවූ රියදුරන් 719ක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, වරෙන්තුකරුවන් 397ක්, විවිධ අපරාධවලට සැකපිට පුද්ගලයන් 554ක් සහ නීති විරෝධී ගිනිඅවි 05ක් අත්අඩංගුවට ගෙන ඇත. මත්පැන් පානය කර බීමත්ව අශෝභන ලෙස හැසිරීම හා දැව වැටලීම් නඩු 46ක්ද ලබාගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

  • ඉදිරියේදී මහින්ද බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණයි… නුදුරේදීම එන අලුත් පණතක් කරලියට…

    ඉදිරියේදී මහින්ද බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණයි… නුදුරේදීම එන අලුත් පණතක් කරලියට…

    නුදුරේදීම දෙවරක් ජනාධිපතිවරුන් ලෙස පත්වූ ජනාධිපතිවරුනට අතහැරීම උගන්වන අලුත් පණතක් පිලිබදව තොරතුරු අපට වාර්තා වේ.. එම පනත අනුව දෙවරක් ශ්‍රි ලංකාවේ ජනාධිපතිවරයෙක් ලෙස පත්ව ධුර කාලය නිමවූ ජනාධිපතිවරයෙක් හට නැවත පාර්ලිමේන්තු මැතිවරණයකට තරග කිරීමට නොහැකි අතර පළාත් සභාව නියෝජනය කිරීමේ හැකියාවක්ද ඔහුට නැත. එහෙත් ඔහුට හෝ ඇයට දිගින් දිගටම දේශපාලනයේ නිරතවීමට අවශ්‍ය නම් ඔහුගේ/ඇයගේ මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම උදෙසා ඔහු හැදුනු වැඩුණු ඡන්දය භාවිතා කරන ප්‍රාදේශීය සභාවේ නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීමට ඔහුට/ඇයට අවස්ථාව සලසා ඇත.

    මේ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට පමණක්ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට පමණක්ද තරග කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

  • හැට පැනපු කොලොන්නාවේ බැනට් කුරේ පොහොට්ටු පුප්පන්න හේතුව සෝලංග හෙළිකරයි…

    හැට පැනපු කොලොන්නාවේ බැනට් කුරේ පොහොට්ටු පුප්පන්න හේතුව සෝලංග හෙළිකරයි…

    හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන නාවලගේ බැනට් කුරේ වර්තමානයේ කවදාවත් පිපෙන්නේ නැති පොහොට්ටුව පස්සේ යන්නේ ඇයි? ඊයේ මුල්ලේරියාවේ පැවති ජනහමුවක් අමතමින් ප්‍රසන්න සෝලංගආරච්චි පල කල අදහස් මෙන්න…

    ජනාධිපතිවරණය දිනුවට පස්සේ ඔය නාවලගේ බැනට් කුරේ ආවා මාව හම්බවෙන්න.. අනේ පුතේ මම දැන් වයසයි.. මට තවදුරටත් දේශපාලනය කරන්න අමාරුයි. අපි දැන් අයින් වෙන්න ඕනේ කාලේ.. පුතා තමයි දැන් සංවිධායකකමට හොදටම ගැලපෙන්නේ. මම ලෑස්තියි පුතාට උදවු කරන්න. .පුතාට පුලුවන්ද මට ජපාන තානාපතිකම අරන් දෙන්න.. 

    ජනාධිපතිතුමා මට හිතවත් නිසා මම එක්කගෙන ගිය බැනට් කුරේව ජනාධිපතිතුමාව හම්බවෙන්න.. එතනදී ජනාධිපතිතුමා ඔහුට සංස්ථා සභාපතිකමක් දුන්නා.. දීලා ඉවරවෙලා කිවුවා සෝලංගට උදවු කරන්න කියලා. එත් මෙයා මොකද කලේ? පහුගිය මැතිවරණයේදී මෙයා කඩේ ගියේ දිනේෂ් ගුණවර්ධනට.. උදය ගම්මන්පිලට.. විමල් වීරවංසට.. උන් නිදහස් පක්ෂේද? නෑ.. මොකක්ද මේ දේශපාලනය? දෙබිඩ්ඩෝ වගේ වැඩ කරලා අන්තිමට පස්ස බිම ඇනුනට පස්සේ දැන් යනවා පොහොට්ටු පුප්පන්න..

    බැනට් කුරේට අමතක වෙලා එයාව කනින් අල්ලලා දොට්ට දැම්මේ මහින්ද කියලා.. අද ඔය කඩේ යන්නේ එයාලගේ පුද්ගලික අවශ්‍යතා වෙනුවෙන්. අපේ මිනිස්සු ඒවාට රැවටෙනවා.. මම අභියෝග කරනවා මේ කියන ඒවා බොරුනම් බැනට් කුරේ මහත්තයෝ එන්න විවාදෙකට.. පුලුවන්නම් එන්න… අපි ලෑස්තියි ඔක්කොම එලි කරන්න…

  • ජනපති සුරතින් කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව තැන්පත් කිරීම

    ජනපති සුරතින් කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව තැන්පත් කිරීම

    කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පෙරහැරේ සධාතුක කරඩුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් ඊයේ (30) රාත්‍රියේ දී සිදුවිය.

    කැලණිය පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගැනීමෙන් අනතුරුව පංචතූර්ය වාදන හා පිරිත් සච්ජායනා මධ්‍යයේ සධාතුක කරඩුව මංගල හස්තිරාජයා මත තැන්පත් කළේය.

    කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේ, ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඛෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැලණිය ආසන සංවිධායක තිලක් වරාගොඩ සහ කොළොන්නාව ශ්‍රීලනිප ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද මෙම පූජනීය අවස්ථාවට එක්වූහ.

  • සටන කෙතරම් උණුසුම් උනත් මෙවර සෝලංග ජයගන්නවා… සමීක්ෂණ වාර්තාවක් හෙළිකරයි…

    සටන කෙතරම් උණුසුම් උනත් මෙවර සෝලංග ජයගන්නවා… සමීක්ෂණ වාර්තාවක් හෙළිකරයි…

    කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බලය ලබාගැනීම සදහා ප්‍රධාන පක්ෂ සියල්ලම ගෙන යන මැතිවරණ ව්‍යාපාරය මේ වන විට මුළු රටේම අවධානයට ලක්ව ඇත.. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මනුෂ්‍ය ඝාතන 04ක් සිදුවූ මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මෙවර මැතිවරණය සාමකාමී වුවත් ඉතා උණුසුම් වී ඇත්තේ මරික්කාර් සහ සෝලංග මැතිවරණ ව්‍යපාරය මෙහෙයවන ආකාරය නිසාවෙනි. දිගු කාලයක සිට ඉතා හොදින් මෙම මැතිවරණය සදහා සුදානමින් සිටි සෝලංග මේ වනවිටත් මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති බව විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සිදුකල සමීක්ෂණයකින් තහවුරු වී ඇත.  සෝලංග මේ වනවිටත් එජාප අපේක්ෂක අපේක්ෂිකාවන් කිහිපපොළක්ම ශ්‍රීලනිපයට එක්කරගැනීමට සමත්වූ අතර එය මරික්කාර්ගේ දේශපාලන පරාජයට හේතුවක් වූ බව සදහන්…

    ඒ අතරවාරයේ පොහොට්ටුවද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල දැඩි පසුබෑමකට ලක්ව ඇති බව සදහන්. ආරම්භයේදී ඔවුන් ලබාගත් ගැම්ම ඔවුනගේ ලයිස්තුවේ සිටින හොරුන් වංචාකාරයන් නිසා ඔවුනට අහිමි වී ඇති අතර පසුගිය දිනෙක පොහොට්ටුවේ සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරන නාවලගේ බැනට් කුරේ නැමැත්තා මග දිගට කදුළු සලමින් පොහොට්ටුවට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටීම ඔවුනගේ බංකොලොත් බව මැනවින් ප්‍රදර්ශනය කරන බව දේශපාලන විචාරක අදහස වී ඇත…

    පසුගිය දින කිහිපයේ එජාපයේ සහ පොහොට්ටුවේ ක්‍රියා කලාපය ගැන කලකිරී ශ්‍රීලනිපයට එක්වූ අපේක්ෂක සහ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ තොරතුරු මෙන්න..

    http://supirigossip.com/archives/13478

    http://supirigossip.com/archives/13662

    http://supirigossip.com/archives/13644

    http://supirigossip.com/archives/13627

    http://supirigossip.com/archives/13713

    http://supirigossip.com/archives/13720

  • කුප්‍රකට මරික්කාර්ගේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ පළමු මුස්ලිම් මන්ත්‍රී කරලියට…

    කුප්‍රකට මරික්කාර්ගේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ පළමු මුස්ලිම් මන්ත්‍රී කරලියට…

    කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර් යනු දිව දෙකේ සර්පයෙක් බව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පළමු ශ්‍රීලනිප මුස්ලිම් ජාතික මන්ත්‍රීවරයා වන අලියාර් සනිර් මහතා පවසයි.. පසුගිය සමයේ තමන්ද මරික්කාර් සමගින් එක්ව කටයුතු කල අතර එහිදී ඔහුගේ දෙබිඩි පිළිවෙත තමන් ඉතා හොදින් වටහාගත් බව ඔහු පසුගිය දා පැවති ජනහමුවකදී පැවසිය…

    මේ ඔහුගේ වදන්…

    මරික්කාර් කියන්නේ දිව දෙකේ සර්පයෙක්.. එයා සිංහල මිනිස්සු ඉන්න තැන කියනවා එයාට මුස්ලිම් අය අදාළ නෑ මම ඔයාලගේ නායකයා.. මගේ අම්මා සිංහල කියලා. එත් ඒ කියපු කෙනාම මුස්ලිම් ජනතාව හමුවෙලා කියනවා කොලොන්නාවේ මම ඉන්නේ මුස්ලිම් ඔයාලා වෙනුවෙන් මිසක් සිංහල අය වෙනුවෙන් නෙමෙයි කියලා.. මොකද්ද මේ දෙබිඩි ගතිය.. සංවිධායක විදියට එයා කාටවත් වැඩක් කරලා නෑ.. කට නම් කියවනවා සිරසක් නැතිව.. මේකද දේශපාලනය කියන්නේ… 

  • පොහොට්ටුවේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ හිටපු මන්ත්‍රී නිදහස් පක්ෂයට එක්වෙයි..

    පොහොට්ටුවේ නිරුවත හෙළිකරමින් කොලොන්නාවේ හිටපු මන්ත්‍රී නිදහස් පක්ෂයට එක්වෙයි..

    පොහොට්ටුව කිසිදිනෙක බලයට එන්නේ නෑ.. එයාලට ඕනේ නිදහස් පක්ෂය විනාශ කරන්න.. හිටපු ජනාධිපතිතුමාව ගොනාට ඇඳගෙන කරත්තේ දක්කාගෙන යන මේ උදවිය අවසානයේ නවතින්නේ මහින්ද නායකතුමාව දේශපාලන ඉතිහාසේ කුණු කුඩයට ඇද දාලා.. මේ වදන් අන් කිසිවෙකුගේ නොව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ රන්ජිත් සුරියආරච්චිගේය.. පසුගිය සමයේ නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර සාමය ඇතිකිරීමට තම උපරිමයෙන් කටයුතු කල මොහුට අවසානයේ එහි ප්‍රතිපලයක් ලෙස නාම යෝජනා අහිමිවිය.. එහෙත් ඒ මොහොතේ නිවැරදි දේශපාලන මතවාදය තෝරාගත් එතුමා පොහොට්ටුවේ ඇතුලාන්තය දිගහැරීමට උත්සුක විය…

    වීඩියෝව පහලින්..

    https://www.facebook.com/supirigossip1/videos/1575445052491095/

  • එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    එජාප උපනායක ධූරයෙන් රවීව ඉවත් කරනවා කියන පුවත බොරුවක්… මාරපන වාර්ථාවෙ රවීගෙ නම සඳහන් වෙලා නෑ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බැඳුම්කර ගණුදෙණු ගැන සෙවීමට පත්කල බැදුම්කර කොමිසම මගින් ඉදිරපත් කල වාර්ථාව  ගැන විමර්ෂණය සදහා පත්කල අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට භාරදෙනු ලැබූ වාර්තාවේ රවී කරුණානායක මහතාගේ නම සදහන් නොවන බවත් රවී කරුණනායක මහතා මෙම බැඳුම්කර සිද්ධියට කිසිසේත්ම වග කිවයුතු නොවන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග වල සඳහන් වේ. ‍

    මේ දිනවල විපක්ෂයේ අයවලුන් හා බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පක්ෂයේම කහිප දෙනෙක් රවී කරුණානායක මහතා මත වැරැද්ද පටවා ඔවුන්ගේ ගැලවිජිජාව සඳහා ඒ මහතා  පක්ෂයේ  දරන උපනායකධූරයෙන් ඉවත් කලයුතු යැයි පවසමින් ගෙන යන මාධ්‍ය ප්‍රචාරයන් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් රවී කරුණනායක මහතා ඒ වකවානුවේ සිටි මුදල් ඇමති වශයෙන් පැවති ඡෝදනා හමුවේ සිය ඇමති කමෙන් ඉල්ලා අස්වී ලාංකීය දේශපාලන ප්‍රවාහයට මනා ආදර්ශයක් දුන් බවත් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු  ප්‍රකාශ ඇත.

  • පෝය දවසේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට කුණු වතුර.. අවධානයට…

    පෝය දවසේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට කුණු වතුර.. අවධානයට…

    ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් පෝය දිනයේ කොලොන්නාවේ ප්‍රදේශ ගණනාවකට මඩ පැහැති ජලය ලබාදී ඇති බවට අද උදෑසන සිටම අපට පැමිණිලි ලැබී ඇත.. අද උදෑසන 6 සිට ජල කරාම තුලින් පැමිණි ජලයේ වර්ණය පිලිබදව විමසිලීමත් වූ ප්‍රදේශවාසින් මේ පිලිබදව ජලසම්පාදන මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

     

  • ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

    ඇල්පිටිය ඡන්දය අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

    එළැබෙන පෙබරවාරි 10ට යෙදී ඇති පළාත් පාළන මැතිවරණයේ ෙඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය පැවැත්වීම  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 
    එම අතුරු තහනම් නියෝගය වහාම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා වෙත යැවීමටද බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, හා කේ.ටී. චිත්‍රසිරි යන ත්‍රිපුද්ගල විනිසුරු  මඬුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කළේය. 
    ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ විතානගේ ආරියරත්න, ඩී.කේ.ඕපාත, හා ඒ. දිසානායක යන තිදෙනා විසින් මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගය ගෙන අවසන් වන තුරු බලපැවැත්වෙන පරිදි එම අතුරු තහනම නිකුත් කළේය. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කොට තිබූ මැතිවරණ  කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයන්ට හා ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු වගඋත්තරකරුවන්ට ලබන 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය. ‍ෙ
  • නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි….

    නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි….

    නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (31) යෙදී තිබෙනවා.

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙසටයි නවම් පොහොය සැලකෙන්නේ.

    බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා වහන්සේලා වෙනුවෙන් ඕවාද ප‍්‍රාතිමෝක්ෂය දේශනා කළේ අදවන් පොහොය දිනකයි.

    සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුර පිරිනැමුවේ ද අදවන් නවම් පොහොය දිනයක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

    බුදුරජාණන් වහන්සේ භික්ෂු සමූහයා එක්රැස් කොට පළමු වරට සංඝ සම්මේලනයක් පැවැත්වීම ද අදට යෙදෙන පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිද්ධියක්.

    බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියේ ද අදවන් පොහොය දිනකයි.

  • වෙළද ගැටවලට රැවටෙන්න එපා.. අලුතින් හමුවූ ශ්‍රී පාදයේ ශිව පාදය පට්ටපල් බොරුවක්..

    වෙළද ගැටවලට රැවටෙන්න එපා.. අලුතින් හමුවූ ශ්‍රී පාදයේ ශිව පාදය පට්ටපල් බොරුවක්..

    ශ්‍රී පාද රක්ෂිතයේ ඇති තවත් අප්‍රකට පා සටහනක් පිළිබඳ පුවතක් මේ වසර ආරම්භයත් සමඟම මාධ්‍ය මගින් දසත පැතිර යන්නට විය. ශ්‍රී පාද රක්ෂිතය නොදුරේ ඇති කලු ගල් තලාවක එබී ගිය මිනිස් පා සටහන් දෙකක සලකුණු බොහෝ දෙනෙ‍කුගේ අවධානයට ලක් වූ අතර එය දැක ගැනීම පිණිස දස දහස් ගණන් එහි ඇදී එන්නට වූහ.

    සිරිපා සලකුණ වශයෙන් සැලකෙනුයේ එක් පා සටහනක් වුව මෙහි මිනිස් පා සටහන් දෙකක්ම එක සමීපයේ දක්නට ලැබීම විශේෂත්වයකි. එමෙන්ම මෙය ප්‍රමාණයෙන් අඩි එකහමාර බැගින් වුවද සාමාන්‍ය මිනිසෙකුගේ පා සටහනකට සමානය. මෙය කලු ගලක එරීයාම නිසා මෙය කිසියම් ගුප්ත අද්භූත බවක් ඇතැයි යන්න බොහෝ දෙනාගේ විශ්වාසය විය. එහෙත් මේ පා සටහන් පිළිබඳ සැඟවුණු ඇත්ත කතාවක් තිබේ. රසවත් බවින් ද අනූන එයට මුල පිරෙන්නේ මෙලෙසිනි.මෙම පා සටහන පිහිටා ඇත්තේ මස්කෙළිය – සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ග්ලැනුජි මංසන්දියෙන් හැරී ගාඩ්මෝර් මාර්ගයේ යනවිට හමුවන ගාඩ්මෝර් කඩමණ්ඩියෙන් කිලෝමීටර් 06 ඔබ්බෙහි පිහිටි තේ වතු යායක් මැද්දෙහිය. ෆෝක්මෝර් වතුයායේ නව ෆෝක්මෝර් කොටසට අයත්‍ මෙය ශ්‍රී පාද රක්ෂිතය මායිමේම පිහිටි ගල්පොත්තක් මත පිහිටා තිබේ. මෙම ගල්පොත්ත බෑවුම් ස්වබාවයකින් යුතුය.

    ග්ලැනුජි මංසන්ධියේ සිට ගාඩ්මෝර් දක්වා සාමාන්‍ය වාහනයකින් යා හැකි වුවද එතැන් සිට ෆෝක්මෝර් දක්වා ඇති කිලෝමීටර් 06 වාහනයකින් යාම තරමක් දුෂ්කරය.මෙම අද්භූත පා සටහනේ කථාව ඇරඹෙනුයේ එහි වතු සේවකයෙකු වන පරමනාදන් හෙවක් කාමරාජ් ජනවාරි 01 වෙනිදා මධ්‍යම රාත්‍රියේ දකින සිහිනයකිනි. ඔහු පවසන පරිදි එම මධ්‍යම රාත්‍රියේ දී සුදු තලප්පාවක් බැදගත් සැරයටියක් අතැති තාපසයෙකු වැනි පුද්ගලයෙකු පැමිණ අසවල් ස්ථානයේ ‘රාම දෙවිදුන්ගේ’ පා සටහනක් ඇති බවත් එයට නිසි පුද පූජා වත්පිළිවෙත් පවත්වා ආරක්ෂා කරන ලෙසත් පවසා තිබේ. ඉන්පසුව එම තාපසයා සැනෙකින් අතුරුදන් වූ බව පරමනාදන් කියයි. ඉන්පසු තම සිරුරම දහඩියෙන් තෙත්වී නින්දෙන් පිබිදුණු බවත් ඉන්පසු පසදා පහන්වනතුරුම තමන්ට නින්ද නොගිය බවත් පරමනාදන් කියා සිටී.

    ඉන්පසුව පසුදා අලුයමින් තමන් එම ප්‍රදේශයේ කෝවිලක පූසාරි කෙනෙකු හමුවී එම පුවත සැලකොට ඔහුද සමගින් එම ස්ථානය පරික්ෂා කිරීමේ දී මෙම පා සටහන් දැකගත හැකි වූ බවත් ඉන් පසු එමගින් ලැබුණු ප්‍රසිද්ධිය මත බොහෝ දෙනෙකු පැමිණ එය රාම දෙවිදුන්ගේ පා සටහනක් වශයෙන් සලකා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත් බවත් පරමනාදන් පවසයි.

    කෙසේ හෝ මෙම පා සටහනේ කිසියම් පුරාවිද්‍යාත්මක අගයක් තිබේ දැයි විමසා බැලීම පිණිස මධ්‍යම පළාතේ පුරාවිද්‍යා නිලධාරීන් එහි ගොස් ඇති අතර ඒ වන විටත් ‍එම සලකුණු සුවඳපැනින් නාවා  මල් සුවඳ දුම් ආදිය ඊට පුදා ඇති බව නිරීක්ෂණය විය. එහෙත් ඒ පිළිබඳව වැඩිදුරටත් විමසීමේ දී ඔවුනට වැටහී ගියේ එය එම ගලෙහි ඇති ස්වභාවික පිහිටීමක් පසුව කෘත්‍රිමව පාදයක් සේ සකස් කොට එහි ඇඟිලි සලකුණු පවා කෘත්‍රිමය නිර්මාණය කොට ඇති බවකි.එමෙන්ම අක්කරයක් පමණ වන මෙම පර්වතය ‘කුඩු ගල්’ පාෂාණයක් වන අතර නියනකින් හෝ උල්කටුවකින් එම පාෂාණයෙහි යම් යම් වෙනස්කම් කළ හැකි බව අඹගමුව ප්‍රාදේශීය ලේකම් ආර්.පී.ජී. සුමනසේකර මහතා කළ නිරීක්ෂණයකින් තහවුරු විය. ඒ අනුව මෙය කිනම් හෝ අරමුණක් මුල්කොට පසුගිය කාලයේ කෘත්‍රිමව සකස් කරන ලද පා සලකුණු දෙකක් බව පුරාවිද්‍යා නිලධාරීන්ගේ නිගමනය වී ඇත. මෙහි දකුණු පා සටහන ලෙසින් දැක්වෙන පිහිටීමෙහි ඇඟිලි වශයෙන් සැලකිය යුතු කොටස ඉතා පැහැදිළි ලෙස කෘත්‍රිමව නිර්මානය කොට තිබූ අතර වම් පාදය ලෙසින් සැලකෙන කොටසද පාදයක් බව ඒත්තු යාම සඳහා අවශ්‍ය හැඩතලය කෘත්‍රිමව සකස්කොට තිබුණි.
    මේ සම්බන්ධයෙන් එම පාසලකුණු පිහිටි මෝකා වසමේ ග්‍රාම නිලධාරිනී ආර්.එම්.සිසිකුමාරි මහත්මිය පවසන්නේ මෙම සියළු මතයන් සම්පිණ්ඩනය කළ විට මෙහි කිසිදු පුරාවිද්‍යාත්මක වටිනාකමක් හෝ අද්භූත ස්වභාවයක් නැති බව මනාව තහවුරු වී ඇති බවය.

    එමෙන්ම බුදුන්ගේ සිරිපා සලකුණට පහලින් ශ්‍රී පාද රක්ෂිතයට යාබදව රාම දෙවිදුන්ගේ ද පා සටහනක් ඇතැයි යන පුවත රට පුරා ප්‍රචාරය වීමත් සමඟ ගාඩ්මෝර් කඩමණ්ඩියේ වෙළඳ ව්‍යාපාර වලට වැඩිපුර වාසි සැලසෙන්නට වූ අතර එම කඩමණ්ඩියේ සිට ෆෝක්මෝර් වතුයාය දක්වා වූ කිලෝ මීටර් 06 ක දුර සඳහා ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 1000/- දක්වා වැඩිකොට ඇති අතර මල් සුවඳ දුම් ආදී පූජා භාණ්ඩ සහිත තාවකාලික වෙළඳසැල් කිහිපයක් ද ඒ අවට ඉදිව ඇත. එහෙත් මෙහි සත්‍යතාව තහවුරුවීමෙන් පසුවද තවමත් මෙය රාම දෙවිදුන්ගේ පාද සටහනක් සේ සලකා එයට වැඳුම් පිඳුම් කරන්නවුන් දක්නට ලැබීම අප රටේ ජනතාවගේ අන්ධ මානසිකත්වය මැනවින් හුවාදක්වන්නකි.



    ගාමිණී බණ්ඩාර ඉලංගන් තිලක

    YOU MAY ALSO LIKE

  • හිටපු එජාප සංවිධායක ශ්‍රීලනිප සංවිධායක වෙයි

    හිටපු එජාප සංවිධායක ශ්‍රීලනිප සංවිධායක වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයෙකු වශයෙන් නීතිඥ සම්පත් සුජීව රුවන්පුර පත්කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (30) පෙරවරුවේ ලබාගත්තා.

    2015 වසරේදී රත්ගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළ සම්පත් සුජීව රුවන්පුර, 2000 වසරේ සිට මේ දක්වා රත්ගම ආසනයේ එක්සත් ජාතික පක්ෂ නීති ලේකම්වරයා ලෙස කටයුතු කරනවා. 

    ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වශයෙන් සනත් හේමචන්ද්‍ර විතානාච්චි පත්කර තිඛෙන අතර, ඔහුද  අද ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබාගත්තා.

     

  • ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    ජනපතිට ජයක්.. අගමැති අවසානයේ එකඟවෙයි; මැතිවරණයට පෙර බැඳුම්කර විවාදය තීන්දුයි

    බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

    පළාත් පාලන ඡන්ද විමසීමට පෙර බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය හැකි ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් 30 කැඳවා තිබුණි.

    ඒ අනුව පළාත් පාලන ඡන්ද විමසීමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම හා බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා විවාදය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයකින් තොරව පක්ෂනායක රැස්වීම අවසන් වුණි.

    ඒ සඳහා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකුද සම්බන්ධ වී සිටි අතර එහිදී මැතිවරණයට ආසන්න දිනයක් වන පෙබරවාරි 08 දින පාර්ලිමේන්තු විවාදයක් පැවැත්මේ ප්‍රායෝගිකත්වය හා නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කර තිබේ.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පෙබරවාරි මස 8 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය ඊට පෙර එනම් 5 හෝ 6 දින කැඳවීමට හැකිද යන්න පක්ෂ නායකයින් විසින් කථානායකවරයාගෙන් විමසා තිබුණි.

    ඒ අවස්ථාවේදී ඒ මහතා කියා ඇත්තේ ඒ සම්බන්ධයෙන් කථානායකවරයා හා අගමැතිවරයා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළබඳව අවසන් තීරණයක් දැනුම් දෙන බවයි.

    ඒ අනුව බැඳුම්කර සහ බරපතළ වංචා දූෂණ ජනාධිපති කොමිෂන් වාර්තා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පෙබරවාරි 6 දින පෙ.ව.10ට පැවත්වීමට තීරණය කර තිබේ.

  • මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..

    මෙගොඩ කොලොන්නාවේ අපේක්ෂක එජාප මන්ත්‍රී හර්බට්ගේ මුළු පවුලම ශ්‍රීලනිපයට…..

    මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වදින හර්බට් හෙට්ටිආරච්චිගේ සොහොයුරා ඇතුළු පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් පසුගිය දිනෙක මෙගොඩ කොලොන්නාවේ පැවතී එජනිස ජන හමුවේදී ප්‍රසන්න සෝලංගආරච්චි හමුවී ඔහුට සහය පළකරමින් ශ්‍රීලනිපයට එක්විය…

    දිනෙන් දින මරික්කාර් නිසා වලපල්ලට යන එජාපය මෙවර කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේදී පෙර නොවූ විරු අන්ත පරාජයක් ලබන බව මේ වන විට සියලුම පාක්ෂිකයන් වටහාගෙන ඇති අතර ඔවුන්ගෙන් බහුතරය මේ වනවිටත් ශ්‍රීලනිපය සමගින් එක්වෙමින් සිටින බව එම ප්‍රදේශවල සංචාරය කල අපට දැනගන්නට ලැබිණි…