Blog

  • ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?

    ජනප්‍රිය “කූඹියෝ” මෙගා ටෙලි නාට්‍යයේ තේමාව හා තිර රචනයේ හදිසි වෙනසක්..?

    මෙරට මෙගා ටෙලි නාට්‍ය කලාවේ මෑතකදී අතිශය ජනප්‍රියත්වයට පත් “කූඹියෝ” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උපයෝගී කර ගනිමින් නිර්මාණය වූ ඉතා ආකර්ශනීය ගීතයක් අපට හමු වුණා. එහි මුල් නිර්මාණයට හානියක් නොවන පරිදි ප්‍රතිනිර්මාණය කර තිබූ මෙම ගීතය අප ඔබට ඉදිරිපත් කරන්නේ මෙය වත්මන් දේශපාලන තත්වය හමුවේ කෙතරම් තාත්විකද යන්න පෙන්වීම සඳහාය.

    මේ අපට අන්තර්ජාලයෙන් හමු වූ එම නිර්මාණයයි.

  • බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම්කර වාර්ථාව හදිසියේම හෙළි කල ඇත්තම හේතුව ජනපතිගේ හඬින් (audio)

    බැඳුම් කර කොමිසමේ වාර්ථාව හදිසියේම හෙළිකරන්නට වූ ඇත්ත හේතුව ජනපති මෛත්‍රී හෙළිකරයි…

    එම හඬපටය පහතින්,

  • ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

    ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන මකරකටට යවන ප්‍රමිතියෙන් තොර නාලිකාවක්!

    සාමාන්‍ය සංඛ්‍යාත හැරුණු විට රැහැන් සහිත තාක්ෂණය හා විද්‍යුත් සන්නිවේදන මෙවලම් ඔස්සේ විවිධ නාලිකා පවත්වාගෙන යාමට දැන් දැන් බොහෝදෙනා පෙළඹී සිටිති. මේ අතරින් ආගමික මුහුණුවරකින් හා අධ්‍යාපනික මුහුණුවරකින් පවත්වාගෙන යන නාලිකා රැසක් දැන් ලංකාවේ ද ඇත.

    බෞද්ධයා නාලිකාවෙන් ආරම්භ වී, එය ආදර්ශයට ගෙන විහාරස්ථාන ආශ්‍රිතව මෙවැනි නාලිකා කිහිපයක් දැනටමත් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. මේ ඇතැම් චැනලයන් ඉතා විශිෂ්ට ගණයේ වැඩසටහන් පවත්වාගෙන යනු ලබන අතර මාධ්‍ය ත්‍රිත්වයම ග්‍රහණය කරගත් උසස් මට්ටමේ නාලිකාවක් ලෙස රංගිරි මාධ්‍ය ජාලය විශේෂය.

    එහෙත් කරන්නන්වාලේ ගොස් දැනුමෙන් සහ අත්තනෝමතිකභාවයෙන් යුතුව, රටට හා සමාජයට බරක් වෙමින් සංස්කෘතික උරුමයන්ද වනසමින් මෙවන් නාලිකා පවත්වාගෙන යන්නේ නම් ඒ පිළිබඳව අවදියෙන් සිට කටයුතු කිරීම බෞද්ධයන්ගේ ද රටවැසියන්ගේද යුතුකමක් වෙයි. අපගේ මේ හෙළිදරව්ව එවන් විනාශකාරී නාලිකාවක් සම්බන්ධයෙනි.

    මේ නාලිකාව පසුගිය වසරේ මැයි මාසයේ සිට පවත්වාගෙන යන්නේ මාතර දිසාවේ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වැවුරුකන්නල විහාරස්ථානයේ ය. ආරම්භයේ යම් ප්‍රමිතියක් හා ගමන්මගක් පෙන්වුවද ඉතාම සුළු කලක දී මාධ්‍ය ආචාරධර්මයන්ද තුට්ටුවකට මායිම් නොකරමින් කටයුතු කරන්නට පටන්ගත් මේ නාලිකාව මේ වන විට ප්‍රදේශයේ පමණක් නොව රට පුරාම බෞද්ධ බැතිමතුන්ද රවටමින් කූට ජාවාරමක් බවට පත්කරගෙන තිබේ.

    සියලුම ආකාරයේ මාධ්‍ය ආචාරධර්ම බිඳ හෙළමින් අවරගණයේ වැඩසටහන් විකාශය කරන මේ නාලිකාවට වරින්වර සේවයට බඳවාගත් සියලුම දෙනා කිසිදු වගවිභාගයකින් තොරව අවස්ථා ගණනකදීම සේවයෙන් පහකර ඇත. මේ වෙනුවෙන් මාධ්‍ය ඇමති මංගල සමරවීර, හිටපු ඇමති මර්වින් සිල්වා සහ දේශපාලකයින් ගණනාවකගේ නම් පාවිච්චි කොට ඇත.

    මේ ආකාරයට සේවා අයිතිවාසිකම් අහිමිකරගත් තරුණ තරුණියන් කිහිපදෙනෙකුට ප්‍රදේශයේ මැරයින් යැයි හඳුන්වාගත් පිරිසක් ලවා තර්ජනය කොට එලවා දැමීමට ද විහාරාධිපති හිමි විසින් කටයුතු කොට තිබේ. මේ වෙනුවෙන් දේශපාලන හයියද උපයෝගී කරගන්නා බව පවසමින් දික්වැල්ල පොලීසියේ ද සහාය ලබාගෙන ඇත. මෙවර පලාත්පාලන මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින නදුන් නමැත්තෙක් ද මේ කණ්ඩායමට එක්වෙමින් සේවකයින් එලවා දැමීමට කටයුතු කර තිබේ. තවද සේවකයින් එළවා දැමීමට මාධ්‍ය ඇමති මංගල සමරවීර, හිටපු ඇමති මර්වින් සිල්වා, දෙවිනුවර එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරික එච් ආර් විමලසිරි, චතුර ගලප්පත්ති යන අයගේ සහායද ලැබුණු බව විහාරාධිපති හිමියෝ ප්‍රකාශ කර ඇත.

    කෙසේ වෙතත් ප්‍රදේශයේ ජනතාව රවටමින් ලබාගත් විශාල මුදලක් මේ වනවිට මේ වෙනුවෙන් කාබාසිනියා කර ඇත. එය රුපියල් මිලියන 25 ක් තරම් වන බව දැනගන්නට තිබේ.

    මේ නාලිකාවට මුවා වී විවිධ පුද්ගලයින්ගේ යටි මඩි ගැසීම් හා ජනතාව රැවැටීම් දිගින් දිගටම සිදුකරමින් ප්‍රමිතියෙන් තොර වැඩසටහන් විකාශය කරමින් සිටී. මේ සම්බන්ධයෙන් විමසීමට අප විසින් නාලිකාවේ ප්‍රධානියෙක් සම්බන්ධකර ගැනීමට උත්සාහ දැරුවද ඒ හැමවිටකම අපට පිළිතුරු දෙනු ලැබුවේ විහාරාධිපති දික්වැල්ලේ තිස්ස හිමි ය. ඔහු මාධ්‍ය පිළිබඳ කිසිවක් නොදන්නා අතර අප ඇසූ කිසිදු පැනයකට පිළිතුරු දුන්නේ ද නැත. එහෙත් ඔහු විසින් අප සම්බන්ධ කරගත් සෑම විටකම ධර්ම දේශනාවක් විකාශය කිරීමට රුපියල් තිස් දහසක මුදලක් අපගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව අප මේ විහාරස්ථානයට ගොස්ඒ පිළබඳව විමසුවත් නිශ්චිත ක්‍රමවේදයකට මුදල් බාරගන්නා තත්ත්වයක් ද නොතිබුණි.

    මෙහි විකාශන තත්ත්වයන්ද ඉතා දුර්වල වන අතර, ජනතාව රවටමින් මුදල් ලබාගැනීමට පුද්ගලයින් කිහිපදෙනෙක්ම යොදවා තිබෙනු දක්නට හැකිවීය.

    මේ පිළබඳව සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ, මේ වනවිට ඩයලොග් ආයතනයට මාසිකව රුපියල් ලක්ෂ 12ක් පමණ ගෙවන බවත්, දුරකථන සම්බන්ධතා වෙනුවෙන් ටෙලිකොම් ආයතනයට රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද මාසිකව ගෙවනු ලබන බවත් ය. මෙතරම් මුදලක් විනාශ කරමින් ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරස්ථානයක් මකර කටට ඇද දමන්නේ ඇයිද යන පැනය අප ගම්වාසීන්ගෙන් ඇසුවේය. එවිට ඔවුන් ඇතැමෙක් ලබාදුන් පිළිතුරු හාස්‍යයට හේතුවීය.

    “අනේ මහත්තයෝ.. මේකෙ හිටිය ලොකු හාමුදුරුවෝ තමයි විමලතිස්ස හාමුදුරුවෝ. උන්වහන්සේ අපවත්වුණාට පස්සේ මේකට පත්වෙච්චි කෙනා තමයි ඔය දැන් ඉන්න තිස්ස හාමුදුරුවෝ. හාමුදුරුවෝ කිව්වට එයාගෙ ඇති සීලයක් නැහැ. සීලයක් ඇති අයට මේකෙ ඉන්නත් බැහැ. මේ පන්සලට ලැබෙන ආධාර ඔක්කොම වගේ මේ හාමුදුරුවන් අතපතගාන ගෑනු කිහිපදෙනෙක් ගසාගෙන කනවා. දැන් තොළඹ මාතර දුවන බස් එකකුත් තියෙනවා. ඒක පන්සලට අයිති නැහැ. නමුත් මිනිස්සු කියන්නේ පන්සලේ බස්එක කියල. ඒකෙන්ම වැඩේ තේරුම් ගන්න පුළුවන් නේ.” අවට ජනතාවගේ අදහස් එසේ වීය.

    මේ පිළිබඳව මාධ්‍ය අමාත්‍යංශයට මෙන්ම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටද පැමිණිලි කරන්නට තමන් බලාපොරොත්තුවන බව විහාරස්ථානයේදී ම අපට හමුවූ විදුහල්පතිවරයෙක් හා ගුරුවරයෙක් අප සමග පැවැසීය.

    එමෙන්ම, ප්‍රමිතියෙන් තොර වැඩසටහන් හා කාර්ය පටිපාටියක් නැති මෙවන් ගසා කෑම්වලට ඩයලොග් වැනි ආයතනයක් ද හවුල් වී සිටීම පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.

    ලක්ෂ 15 ක් 20 ක් වැනි විශාල මුදලක් මෙසේ කාබාසිනියා කිරීම පිළිබඳව බෞද්ධ කටයුතු බාර ඇමතිවරයා සේම බෞද්ධ කටයුතු කොමසාරිස් වරයාද තම අවධානය යොමු කළ යුතුව ඇත.

    මෙයට ,
    අගතියට පත් සේවක පිරිසක් හා බෞද්ධ දායකයින් පිරිසක්

    මේ නාලිකාවේ නම “දම් සතර” යි – ඩයලොග් 28 ඔස්සේ ය.

  • FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    FBI ප්‍රශ්න කිරීම් වලට මං බය නෑ… – ට්‍රම්ප්

    පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප්ට වාසි ගෙනදෙන අයුරින් රුසියානු අතපෙවීමක් සිදුව ඇති බවට කෙරෙන චෝදනාව මැතිවරණය අවස්ථාවේදී පවා පැවතුණු අතර  ඩිමොක්‍රටික් පක්ෂයෙන් එම චෝදනාව දැඩිව නැගුණි.එම ඡෝදනා වලට පිළිතුරු වශයෙන් හා වත්මන් තත්වයන් හේතුවෙන් 2016 ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේ සිදුවූයේ යැයි කියන රුසියානු අතපෙවීම සම්බන්ධයෙන් FBI ආයතනය සිදුකරන පරීක්ෂණයේදී තමන් ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලට මුහුණදීමට සූදානමින් සිටින බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

     

  • GMOA දොස්තරලා  දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

    GMOA දොස්තරලා දීප ව්‍යාප්ත වර්ජනයකට සැරසෙයි

    සයිටම් ආයතනය අහෝසි නොකිරීම, වැඩි වූ මුලික වැටුපට අනුව දීමනා ඉහළ නොදැමීම ඇතුළු ගැටලු ගණනාවක් මුල්කර ගනිමින් ජනවාරි 30 වන දින උදේ 8.00 සිට දීපව්‍යාප්ත  වැඩවර්ජනයක් සිදුකිරීමට රජයේ වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර තිබෙන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

    මෙම දිනට පෙර ගැටලු විසඳීමට නොහැකි වුවහොත් වැඩවර්ජනය සිදුකිරීම වළක්වා ගැනීමට නොහැකි වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කරයි.

  • බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    බැසිල්ගේ බට නඩුව ජූනි 5 දා සිට

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා වලට ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් කෝටි 3 1/2 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන ජුනි මස 04 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා අද (25දා)නියම කළේය.

    2014 ඔක්තෝබර් 31 වැනිදාත්, දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී ජනාධිපතිවරණය ආසන්න අවස්ථාවේදී ප්‍රාදේශීය සභා අතර රුපියල් 36,509,127.78ක් වටිනා ජී.අයි. යකඩ බට බෙදාහැර රජයට රුපියල් 36,509,127.78ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති අතර මෙලෙස චෝදනා ලබා සිටිනු‍යේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධක්‍ෂක ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

  • පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් එක ගෙදරක

    මුලතිව්, පුදුකුඩිඉරිප්පු, විශ්වමඩු උපතැපැල් කාර්යාලයෙන් පුදුකුඩිඉරිප්පු තේරාවිල්හි පවුල් 137කට බෙදා දීමට නියමිතව තිබූ නිල ඡන්ද පත්‍රිකා 288ක් පුද්ගලයෙකු හරහා ඡන්ද හිමියන්ට ලබාදීමට නියමිතව තිබුණද, එම ඡන්ද පත්‍රිකා මුලතිව් විශ්වමඩු තේරාවිල් ප්‍රදේශයේ නිවසක දමාගොස් තිබියදී පුදුකුඩිඉරිප්පු පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අද (25දා) සොයාගෙන ඇත.

    මේ සම්බන්ධයෙන් අදාළි නිවසේ හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට පොලීසිය කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ උතුරු පළාත් නිලධාරීන් හා පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

  • මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

    මංගලගෙන් රවීට පත්තරයක්! (Exclusive)

    මංගල සමරවීරගේ පිහිටෙන් සහ විවිධ පුද්ගලයින් බ්ලැක්මේල් කිරීමෙන් ජීවිකාව සරිකරගත් අයෙකු ලෙස නම්දරා සිටින මංගල සමරවීර අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් අද වන විට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක වෙනුවෙන් මාධ්‍ය බර කරට ගැනීමට සියලු වෙර යොදමින් සිටින බව වාර්තා වෙයි.

    මෙතෙක් දවසක් රවී කරුණානායක මන්ත්‍රීවරයාට පට්ට පතුරු යනතුරු අසත්‍යය පතුරුවාහරිමින් සිටි රුවන්ට මේ කොන්තරාත්තුව බාරදී ඇත්තේ මංගල සමරවීර මහතාගේ ද අනුදැනුම මතබවත් දැනගන්නට තිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සීතල යුද්ධය රාජ්‍ය බලය හෙබවීමත් සමගම යම් පමණකට සමහන් වී ඇති බවක් දිස් වුවද, අලුයට ගිනි පුපුරු සිහින් සළගටත් දැල්වෙමින් තිබේ. එහි කුප්‍රකට ගොදුර බවට පත්කර ඇත්තේ රවී කරුණානායක මන්ත්‍රීවරයා ය. කෙසේ වෙතත් කපන්න බැරි අත සිඹින්නා සේ දැන් දැන් රවී කරුණානායකගේ අසරණබවෙන් ප්‍රයෝජන ගනිමින් වෙනත් වටයකින් රවී කරුණානායක බිලීබා ගැනීමට හෝ නිහඩ කරවීමට හෝ එක්සත් ජාතික පක්ෂය තුල හුදෙකලා කිරීමට හෝ මේ වනවිට මෙහෙයුම් කිහිපයක්ම ක්‍රියාත්මක වෙමින් පවතී.

    කෙසේ වෙතත් අවසානයේ රවී කරුණානායක හුදෙකලා කොට නිහඩකරවීමේ අදිසි හස්තයක් ලෙස නිහඩ චරිතයක් ලෙස කටයුතු කිරීමට මංගල සමරවීර ඇමතිවරයා කැමැත්ත පලකර තිබේ. ඒ අනුව ඔහුගේ සමීපතමයෙක් වන රුවන් ඉතිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් යොදවා ගැනීමට ද මංගලට දැන් අවස්ථාව උදාවී ඇත. ඒ අනුව රුවන්ට ද තම සුපුරුදු කප්පම් සහ ඩීල් යාන්ත්‍රණය ක්‍රියාවට යෙදවීමට සුදුසු ම පුද්ගලයා හමු වී ඇති සෙයකි.

    ඕපාදූප වෙබ් අඩවි සහ කිඩාරම් මල් වැනි පුවත්පත් අටවමින් ඊට තම සහචරයන් යොදවමින් සහ මුදල් යටිමඩි ගසමින් ගෙනගිය ව්‍යාපාර කිහිපයක්ම යටයාමෙන් අනතුරුව රුවන් මේ දිනවල ගත කරන්නනේ මාධ්‍ය අමාත්‍යාංශයේ වුවත් සුපුරුදු කාර්යයන්ට ඔහු නිරායාසයෙන්ම පෙළඹෙන බවක් පෙන්වයි. ඒ අනුව රුවන්ගේ අලුත්ම ගේම වී ඇත්තේ, රවී කරුණානායක අන්දවා පුවත් පතක් වෙත යොමුකරවීමයි.

    මේ වනවිට තමන් විසින් ඇටවූ ආයතන කිහිපයකටම මුදල් යෙදවීම ඒ ඒ අය විසින් ප්‍රතික්ෂේපකිරීම හේතුවෙන් රුවන් සහ ගෝලපිරිස දැඩි අසීරුතාවන්ට පත්ව සිටිති. සත් හඩ පුවත්පතද පසගිය සති කිහිපයේ සිට වසා දැමීමට තීරණය වී තිබේ. එහි සේවය කළ ඇතැමෙක්ට මංගලගේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල රැකියා සදහා යොමුකර ඇති අතර මේ අයද තවත් ඉතිරි අයද යොදවාගෙන රවී කරුණානායක වෙනුවෙන් අලුත් පුවත් පතක් මුදුණය කරවා ඩීල් දැමීම දැන් පෙරට විත් තිබේ.

    මේ තත්ත්වය රවී කරුණානායක මන්ත්‍රීවරයා කෙසේ ග්‍රහණය කරගෙන ඇද්ද යන්න තවම පැහැදිලි නැතිනමුත්, රුවන් විසින් කරවන පුවත්පත් අලෙවිය අතින් අවම මට්ටමක පැවැතීමත් වැඩිකල් නොපැවැතීමත් යන කරුණු මෙහිදී සැලකිල්ලට ගැනීම වටී. කෙසේ වෙතත් පුදපුගමන් කාපි යකා යැයි කීවා සේ පුවත්පත එළියට ඒමට පෙරම එය කාගේ වුවමනාවක් දැයි කරලියට පැමිණ ඇත. ඒ අනුව පුවත්පතේ ආයුෂද, ආකර්ෂණය ද දැන්මම බිදවැටෙනවාට සැක නැත.

    කෙසේ වෙතත් මංගල සමරවීර ඇමතිවරයා සහ රවී කරුණානායක යන දෙදෙනාගේම අගේ සිට කණකන්නන් මේ මගින් හෙළිදරව්වීම පාඨක ජනයාට වාසිදායක වනු ඇත.

  • සහෝදර එජාප අපේක්ෂකයාගේ අවමංගල්‍ය නිවස ඉදිරිපිට මරික්කාර් රෝඩ් ෂෝ ගහලා..

    සහෝදර එජාප අපේක්ෂකයාගේ අවමංගල්‍ය නිවස ඉදිරිපිට මරික්කාර් රෝඩ් ෂෝ ගහලා..

    31 වැනි වියේදී හදිසියේ අභාවප්‍රාප්ත වූ මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ කොලොන්නාව නගර සභා අපේක්ෂක සුජීව ධරමවික්‍රම මහතාගේ අවමංගල්‍ය කටයුතු ඊයේ දින සිදුකෙරිණි.. කොලොන්නාව එජාප සංවිධායක මරික්කාර්ගේ පහත් දේශපාලන ව්‍යපාරයේ තරම ජනතාවට ඉතා හොදින් වටහාගැනීමට ඒ අතරවාරයේ සිදුවූ සිදුවීමක් ඊයේ දින දක්නට ලැබිණි..

    තම ගම් ප්‍රදේශයේ ජන නායකයෙක් මියගිය සොවින් මුළු ගමම දුකින් බරව සිටිද්දී හදිසියේ එතනට පැමිණි රෝඩ් ෂෝ ප්‍රසංග කණ්ඩායමක් නිසා මුළු ගමම කුපිත විය.. අලියාගේ ලකුණ ගහගත් මේ පිරිස මහා හඩින් බජවු දාන්න පටන් ගත්තේ තම සහෝදර අපේක්ෂකයාගේ අවමංගල්‍ය නිවසට යාර කිහිපයක් ඈතින් සිටිමිනි..

    මේ මොහොත වෙද්දී කුපිත වූ ගමේ සිටි ප්‍රබල එජාප පාක්ෂික තරුණයන් කිහිපපොලක්ම බජවු කාරයන්ගේ අම්මා තාත්තා මතක් කරමින් ගුටි ඇනීමට සුදානම් වූ අතර එහිදී බජවු කාරයන් විසින් තමන් අතින් සිදුවූ වරද වටහාගෙන ඇත.. අනේ අයියේ සමාවෙන්න.. අපි මෙහෙ නෙමෙයිනේ.. අපිට අපේ සර් (මරික්කාර්) කිවුවා මේ ඒරියා එකේ අද ෂෝ එක ගහන්න කියලා.. අපි දන්නේ නෑ මරණයක් වෙලා කියලා..

    මේ සිදුවීමත් සමගින් කුපිත වූ එජාප පාක්ෂිකයන් විසින් මරික්කාර්ගේ අම්මා තාත්තා මතක් කරමින් ජාතිය අමතා ඇති බවද සදහන්..

  • මරික්කාර් කියන්නේ කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක්  – හිටපු බ.ප.ස.ම සුනිල් ලෙස්ලි..

    මරික්කාර් කියන්නේ කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක් – හිටපු බ.ප.ස.ම සුනිල් ලෙස්ලි..

    කොලොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරයා වන මරික්කාර්ව කොලොන්නාව ගෙන ආවේ තමන් බවත් තමන් සමග ගම බලන්න ගිය ළදරුවා මේ වෙද්දී කටින් කයිවාරු කියවන වැඩ බැරි ටාසන් කෙනෙක් බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී දින කිහිපයකට කලින් ජනපති මෛත්‍රී සමගින් එක්වූ සුනිල් ලෙස්ලි මහතා පවසයි…

    .ගම හදන්න රජයෙන් එවපු කෝටි 04ක් ආයෙත් හරවලා යවපු මේ අන්දමන්ද සංවිධායකවරයා අන්තිමේදී අපෙන් අහනවා ඇයි එහෙම සල්ලි ආයෙත් රජයෙන් ගත්තේ කියලා.. අන්න එහෙම තොත්ත බබෙක් මෙයා.. මෙයා මොනවද ගමට කලේ? තටමලා තටමලා පාරවල් 02ක් හැදුවා.. මාස 02 ගියේ අන්න පාරේ කාපට් එක ගැලවිලා ගිහින්.. එතනටම ගිහින් මේ මෝඩයා කියනවා ඒක ආයෙත් හදලා දෙනවලු.. මිනිස්සු හු කිවුවා මිනිහට.. මාර නායකයෙක් එයා..

    අද වෙද්දී ගම් පෙරලියක් කරන්න යනවලු එයා.. ගම පෙරලන්න කොහොමවෙතත් ගමේ එක්සත් ජාතික පාක්ෂිකයා මේ වෙද්දී ශ්‍රීලනිපයට සහය පලකරනවා මරික්කාර්ව පලවා හරින්න.. කොලොන්නාවට ඕනේ කොලොන්නාවේ කෙනෙක් මිසක් අම්මා තාත්තා අදුරන්නේ නැති හැංගිලා දෙහිවල ජීවත්වෙන හෙලිකොප්ටර් මිනිහෙක් නොවන බවද ඊයේ ගල්වාන ප්‍රදේශයේ සංවිධානය කරන ලද ජන හමුවක් අමතමින් සුනිල් ලෙස්ලි මහතා වැඩිදුරටත් සදහන් කළේය..

     

  • දේශපාලන ගුරු භාරත ජන්ම දිනය සමරා ජනවාරි 26 සෝලංගආරච්චිගෙන් වැඩසටහන් රැසක්..

    දේශපාලන ගුරු භාරත ජන්ම දිනය සමරා ජනවාරි 26 සෝලංගආරච්චිගෙන් වැඩසටහන් රැසක්..

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ 62 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් තමන් ඇතුළු භාරත හිතැති ජනතාව විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසනවා.. තමන්ගේ දේශපාලන ගුරුවරයා පසුගිය මහින්ද රජය විසින් ඉතා කුරිරු අන්දමින් මහමගදී ඝාතනය කල බවත් ඊට සාධාරණය ඉටුකරවා ගැනීමට තමා සමත් වූ බවත් සදහන් කරන එතුමා මෙවර භාරත ජන්ම දින සැමරුම සදහා භාරත හිතැති සියල්ලන්ටම ආරාධනා කරන බවත් ප්‍රකාශ කළේය…

    වැඩසටහන් පෙළගැස්ම පහතින්…..

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/903954149764625/?type=3

  • කුප්‍රකට බැදුම්කර මගඩිය නිසා එජාපය දෙන්න බැරි නම් ශ්‍රීලනිපයට දෙන්න.. රන්ජන් කියයි..

    කුප්‍රකට බැදුම්කර මගඩිය නිසා එජාපය දෙන්න බැරි නම් ශ්‍රීලනිපයට දෙන්න.. රන්ජන් කියයි..

    බැදුම්කර මගඩිය නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න බැරිනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඡන්දය දෙන්න. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මොරටුවේ පැවැති ජන හමුවක් අමතමින් එසේ කීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමතිවරයා මෙසේ ද කීය. මේ වගේ ජනාධිපති කෙනෙක් අපිට ආයි හම්බුවෙන්නේ නැහැ. ඒ නිසා ඔහුව අපි රැකගන්න ඕනේ..

    මම කියන්නේ නෑ මේ ආණ්ඩුවේ හොරු නෑ කියලා. කවදාවක්වත් මේ ලෝකෙ හොරු නැතුව යන්නේ නැහැ. ඒත් හොරු අල්ලන; හොරුන්ට විරුද්ධව කොමිෂන් තියන; හොරකම් අවම කරන ආණ්ඩුවක් මේක. ඒ කාලේ ජනාධිපතිවරයා මොකද කළේ; හොරකම් අඩුකළාද? නැහැ; හොරුන්ගේ ෆයිල් හැංගුවා. ඒහින්දයි මම කියන්නේ ආයෙත් අර “පෝරිසාදයට” නම් එන්ඩ දෙන්න එපා කියලා.

  • අධිකරණ නියෝග නොසලකා අන්තරේ අවතාර කොළඹ වනසන සැලසුම මෙන්න…

    අධිකරණ නියෝග නොසලකා අන්තරේ අවතාර කොළඹ වනසන සැලසුම මෙන්න…

    අධිකරණ වාරණයක් පැවතියද සයිටම් විරෝධී සිය පාගමන අද (25) සැලසුම් කළ පරිදීම සිදු කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

    පොලීසිය කළ ඉල්ලීමක් සලකා බලමින් අදාළ වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ කොටුව සහ ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණ විසින්.

    විරෝධතාකරුවන්ට කොළඹට ඇතුළුවිම එමගින් තහනම් කර තිබෙනවා.

    කෙසේ වෙතත් සිය විරෝධතාව නතර කිරීමට නම් කළ යුත්තේ මෙලෙස වාරණ නියෝග ලබා ගැනීම නොව සයිටම් ආයතන සැබෑ ලෙස අහෝසි කිරීම බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පැවසුවේ.

    සයිටම් විරෝධී මෙම පාගමන ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කිරීමට නියමිතයි. 

  • පාදෙණිය පිලට සුවිශේෂී ජයක් හිමිකරදෙමින් වෛද්‍ය සභා නිලවරණය අවසන් වෙයි…

    පාදෙණිය පිලට සුවිශේෂී ජයක් හිමිකරදෙමින් වෛද්‍ය සභා නිලවරණය අවසන් වෙයි…

    ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාව සඳහා සභිකයින් 4 දෙනෙකු තෝරා පත් කර ගැනීමට පැවැති ඡන්ද විමසීමෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කැපී පෙනෙන ජයග‍්‍රහණයක් හිමි කර ගෙන තිබෙනවා.

    සභික ධූර 4ම හිමි කර ගෙන ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් තරග කළ අපේක්ෂකයන් විසින්. ඒ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නලින්ද හේරත්, වෛද්‍ය හැරිස් පතිරගේ සහ වෛද්‍ය නවීන්ද සොයිසා යන අයයි.

    ඊයේ (24) සහ පෙරේදා (23) පැවැති මෙම ඡන්ද විමසිමේදී වෛද්‍යවරුන් 13 දෙනෙකු තරග වැදුනා. එහිදී ඡන්දය ප‍්‍රකාශ කළේ රට පුරා වෛද්‍යවරුන් 8,000 කට ආසන්න පිරිසකුයි.

    විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 6,254ක්. වෛද්‍ය නලින්ද හේරත් ඡන්ද 5,676 ක්ද, වෛද්‍ය හැරිස් පතිරගේ ඡන්ද 5,250ක් සහ වෛද්‍ය නවීන්ද සොයිසා ඡන්ද 5, 117 ක්ද ලබා ගෙන තිබෙනවා. මෙම සභිකයන් සඳහා හිමිවන ධූර කාලය වසර 5ක්. 

    මේ අතර වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප‍්‍රමිතීන් ලබන 27 වනදා ගැසට් කරන බව රජය ඊයේ නිවේදනය කළා. කෙසේ වෙතත් එම අවම ප‍්‍රමිතීන් පිළිබඳ තමන් තවමත් දැනුවත්ව නොමැති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. ඊට අදාළව සිය මතය ඉදිරියේදී ප‍්‍රකාශ කරන බවද එහි නිලධාරීන් පැවසුවා.

    සයිටම් ආයතනය අහෝසි කිරීමෙන් අනතුරුව පිහිටුවන ලබන විකල්ප ආයතන 2 සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇතැයිද රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එම ආයතන දෙකෙන් පළමුවැන්න සයිටම් ආයතනයේ දැනට ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් පමණක් පිහිටුවනු ලබනවා. අනෙක් ආයතනය පිහිටුවනු ලබන්නේ රාජ්‍ය නොවන සහ ලාභ නොලබන උපාධි ප‍්‍රධානය කිරීමේ බලය සහිත එකක් ලෙසයි. ලබන වසරේ සිට එහි මෙහෙයුම් ආරම්භ කරන බවද රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

  • සයිටම් ගැන රජයේ අවසාන විසදුම මෙන්න..

    සයිටම් ගැන රජයේ අවසාන විසදුම මෙන්න..

    සයිටම් ආයතනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලු විසඳීම සඳහා රජය තිරසාර විසඳුමක් යෝජනා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

    ඒ අනුව එහි දක්වා ඇත්තේ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව පිළිබඳ අවම ප්‍රමිතීන් 2018 ජනවාරි 27 වැනිදා ගැසට් කරනු ඇති බවයි.

    එය පහත පරිදි වෙයි,

  • සල්ලි එකතු කරල දීලත් ගෙන්න ගන්න බැරිව හිටපු පෙට් ස්කෑනර් එක ගෙන එයි

    සල්ලි එකතු කරල දීලත් ගෙන්න ගන්න බැරිව හිටපු පෙට් ස්කෑනර් එක ගෙන එයි

    අපේ රටේ කාරුණික ජනතාවගේ ධන පරිත්‍යාගයෙන් මහරගම අපේක්ෂා රෝහල තුළ ස්ථාපිත කිරීමට නියමිත පෙට් ස්කෑනර් යන්ත්‍රය ගුවන් මගින් ශ්‍රී ලංකාවට රැගෙන ආ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන අතර මෙම යන්ත්‍රය අප්‍රේල් මාසයට ප්‍රථම මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ස්කෑන් පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    රුපියල් මිලියන 202ක් වැය කරමින් ජර්මනියේ ‘සීමන්ස්’ වෙළෙඳ සමාගමෙන් මෙම යන්ත්‍රය මිලදී ගෙන ඇති මෙම යන්ත්‍රයෙන් පිළිකා රෝගය සියුම්ව හඳුනාගත හැකි අතර, මසකට ස්කෑන් 100 කට වැඩි සංඛ්‍යාවක් සිදුකළ හැකිය.