සයිටම් ප්‍රශ්නය ගැන උද්ඝෝෂණ පැවැත්වීමට පෙර පුළුල් ලෙස සාකච්ඡා පැවැත්වීම වැදගත් බව රජයේ විශ්වාසයයි

දිගු කාලයක් පුරා ඇදි ඇදී යමින් තිබූ සයිටම් ගැටලුව සම්බන්ධයෙන් රජය විසඳුම් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අමාත්‍යවරුන් සූදානමින් සිටින බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් අද (24දා) නිකුත් විය.…
නාමයෝජනා ප්‍රතික්ෂේප වීමට එරෙහිව පොහොට්ටුව දැමූ පෙත්සම් 6ක් ඉල්ලා අස්කර ගනී

මෙවර පළාත් පාලන මැතිවරණයේදී මහරගම පානදුර, මහියංගනය,අගලවත්ත, තිරප්පනේ , වැලිගම , යන පළාත් පාලන ආයතනයන් සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාම යෝජනා පත්‍ර  ප්‍රතික්ෂේප වීම හේතුවෙන්  ඊට එරෙහිව  අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම් 6 ක් එම පක්ෂය විසින්…
දුම්රිය වර්ජනය තව දුරටත්

දුම්රිය සේවකයින් විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රීයෙන්  ආරම්භ කරන ලද මෙම  තිරිංග දෝෂ සහිත චීන මැදිරි  වලින්  යුත් දුම්රිය ධාවනය කිරිමෙන්  වැළකී  සිටිමේ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක කරන බව ලෙකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. …
තේ කුරුමිණියා ගැන පරීක්ෂණ කරන්න රුසියානු කණ්ඩායමක් ලංකාවට

පසුගිය මාසයේ  ශ්‍රී ලංකාවේ තේ තොගයක් සමග කෘමියෙක් සිටීමේ සිද්ධිය පිළිබඳ පරික්ෂණ සඳහා රුසියානු රජයේ නිරෝධායන නිලධාරින් සිව්දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් පෙබරවාරි 3 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර මෙම කණ්ඩායම මෙරට නිරෝධායන නිලධාරින් සමඟ සාකච්ඡා කොට ඉදිරි පරික්ෂණ කටයුතු…
පුංචි ඡන්දයෙන් පසු කැබිනට් සංශෝධනයක්

රටට, ජනතාවට හිතකර ආකාරයට රට පාලනය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එලැඹෙන පළාත් පාළන මැතිවරණයෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට වැඩි ඉඩකඩක් ඇති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ  ක‍ළේය. පක්ෂ…
බැඳුම්කරය ගැන ඇත්ත කියන්න රවීට ඉඩ නොදේ

බැඳුම්කර වාර්තාගේ තමා ගැන සඳහන් තොරතුරු සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා  කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට ඉඩ දිය නොහැකි යයි කතානායක කරු ජයසූරිය මහතා අද (24) පාර්ලිමේන්තුවේදි  පැවැසීය.  කෙසේ වෙතත් අවශ්‍යමනම් වෙනත් දිනයක්…
මම මේ අවුරුද්දෙ විවාහ වෙනවා…. – නෙතූ ප්‍රියංගිකා

ජනප්‍රිය රංගන ශිල්පිණියක් , නිවේදිකාවක් වුනු නෙතූ ප්‍රියංගිකා ලඟදි එයාගෙ ජීවිතේ ලොකුම කඩඉමකට ලංවෙලා කියල අපිට අපිට ආරංචියක් ආව.ඒ නෙතූ ලගදි විවාහ වෙන්න ඉන්නවා කියලයි.ඉතිං සුපිරි ගොසිප් අපි ඒ ගැන අහන්න නෙතූට කොල් එකක් ගත්තා ඉතිං නෙතූ කොහොමද මේ ලබපු…
උසාවි භූමියේ කතකට බරපතල ලිංගික අතවර කල පුද්ගලයෙකුට වැඩ වරදී

නඩු කටයුත්තක් සඳහා කළුතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවකට මෙසේ අතවරයට ලක්විමට සිදුවූයේ මග්ගොන පදිංචිකරුවකු වූ වයස අවුරුදු පනස් හයක පුද්ගලයෙකුගෙනි.   ඉඩකඩ නොමැති බැවින් අධිකරණයේ  දොරටුව අසල රැදී සිටියදී සැකකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන්පසු ඇය ඒ බව අධිකරණ ‍පොලිස්…
අතිරේක ලැයිස්තුවට නීතීඥ බිරිඳගේ නම දැමූ පොලිස් ස්ථානාධිපති මාරු කෙරේ

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ ප‍්‍රධාන පොලිස් පරික්ෂක සුජිව කුමාර මහතා සිය නීතිඥ බිරිඳ වන වන නීතිඥ ස්වර්ණමාලි අනුරාධනායක මහත්මියගේ නම  මෙවර පලාත් පාලන මැතිවරණයට  ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අනුරාධපුර මහ නගර සභාවේ අතිරේක ලැයිස්තුවට  ඇතුලත් කර…
දේශපාලෙක ලොක්කගේ මරණ තර්ජන හමුවේ ගම්පොල පශු වෛද්‍ය කාර්යාලය වැසී යයි

ගම්පොල ප‍්‍රදේශයේ දේශපාලනඥයකු ගම්පොල රජයේ පශු වෛද්‍ය කාර්යාල ඉඩමේ කොටසක් ප‍්‍රජා ශාලාවක් ඉදිකිරීමට යයි  පවසා අත්පත් කරගැනීමට දරන උත්සාහයට විරුද්ධ වූ එම කාර්යාලයේ ස්ථාන භාර පශු වෛද්‍යවරියට සහ කාර්ය මණ්ඩලයට  එම දේශපාලනඥයා ඇතුළු 20 ක පමණ කණ්ඩායමක් පැමිණ  මරණ තර්ජන කළේ යැයි…
තවත් පොහොට්ටු අපේක්ෂකයෙක් අත්අඩංගුවට

නවගත්තේගම – ගාමිණීපුර ප්‍රදේශයේදී නවගත්තේගම ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටියදී   නවගත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 58 ක් තිබී ඇති අතර  නවගත්තේගම – ගාමිණීපුර පදිංචිකරුවෙකි්…
බඩු බෙදල, වන්දනා ගමන් එක්කන් ගිහින් ඡන්දයේ වටිනාකම හෑල්ලු කරන්න එපා

එළැඹෙන පළාත් පාළන මැකිවරණය වෙනුවෙන් බඩු බෙදාදීම හෝ වන්දනා ගමන් ලබාදීම හරහා ඡන්දයේ වටිනාකම හෑල්ලු නොකරන ලෙස පැෆරල් සංවිධානය සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. එවැනි දේ තුළින් සිදුවන්නේ තම පක්ෂයට පක්ෂයේ නායකයාට නිග්‍රහ කිරීමත් මෙන්ම ඡන්දදායකයන්ගේ ඡන්දයේ වටිනාකමට අවමන් කිරීමක් බව…
ඉදිරි දෙසතිය ඇතුලත ප්‍රමිතිගත ලන්ච් ශිට් හා ෂොපින් බෑග් වල මිල පහතට

ලන්ච්ෂීට්  සහ ෂොපින් බෑග්  නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය කන්ටේනර් 40 කට අධික ප්‍රමාණයක් මේ සතිය තුළ දී කොළඹ වරායට පැමිණීම මත ඒවායේ නිෂ්පාදන පිරිවැය බොහෝදුරට අඩුවන නිසා දැනට වැඩි මිලක් යටතේ අළෙවි කෙරෙන නියමිත ප්‍රමිතීන් වලට අනුව සැකැසුණු ලන්ච්ෂීට්  සහ ෂොපින්…
ලංකාවේ නීති ක්ෂේත්‍රය දූෂිත යයි රංජන් පැවසූ විඩියෝ පටිය ශ්‍රේෂ්ඨාධිකරනයට

රංජන් රාමනායක නියෝජ්‍ය ඇමති තුමන් විසින්  ශ්‍රී ලංකාවේ අධිකරණය, විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට  කර ඇතැයි කියන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටයේ පිටපත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලයේ අධ්‍යයනය සඳහා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ටාර්වරියට නියෝග කළේය. එහි පිටපත්…
ලංකාවේ සෑම පවුලකටම ඉදිරි සතිය ඇතුළත ශ්‍රීලනිපයෙන් කරුණු 20 ක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්

ගමේ දිළිඳුකම පිටුදැකීම, ගම නගරය, රට එකතු කරන ආර්ථික දම්වැලක් සකස් කිරීම, ගමට හා නගරයට පිරිසුදු කාර්යක්‍ෂම පාලනයක් ඇති කිරීම, කැළිකසළ නව ක්‍රමයකට කළමනාකරණය කිරීම, නගරයේ සහගමේ මාර්ග පද්ධති නවීකරණය හා තාරුණ්‍ය මුල්කරගත් පිළිවෙතක් යන මූලික කරුණු පදනම් කරගෙන ශ්‍රී ලංකා…
පොලිස් නිළධාරීන් 105 ක් හා සහයකයින් 3 කට තාවකාලික ස්ථාන මාරු

එලැඹෙන පළාත් පාලන මැතිවරනයට ඉදිරිපත් වන අපේක්ෂක අපේක්ෂිකාවන් ගේ ඥාතීන් වන පොලිස් නිලධාරීන්  105 කට හා පොලිස් ආරක්ෂක සහයකයින් 3 කට තාවකාලික ස්ථාන මාරු වීම්. මෙම නිලධාරීන් හා සහයකියන් මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ඉදිරිපත්ව සිටින කොට්ඨාසයේ පොලිස් ස්ථානවල සේවය කිරීම නිසා…