Blog

  • එජාපයේ මැතිවරණ මෙහෙයුම ගෝඨාභයගේ සම්බන්ධතාවය මත දෙරණේ දිලිත්ට …

    එජාපයේ මැතිවරණ මෙහෙයුම ගෝඨාභයගේ සම්බන්ධතාවය මත දෙරණේ දිලිත්ට …

    එලඹෙන පලාත් පාලන මැතිවරණයයෙහි එජාපයේ මැතිවරණ ප්‍රවර්ධන කටයුතු දෙරණ රූපවාහිණී ආයතනයට අයත් ” ට්‍රයි ඇඩ් ” ආයතනය වෙත භාරදී ඇති බව දැනගන්නට ඇත. ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ මහින්ද පාර්ශවයේ ප්‍රබලයෙකු වන ගෝඨාභය රාජපක්ෂ විසින් බව කරුණු සනාත කරයි.

    මහින්දගේ පාර්ශවයෙන් කොළඹ මහ නගර සභාව සඳහා ඉදිරිපත් වන මිලින්ද රාජපක්ෂද ට්‍රයිඇඩ් ආයතනයේ සේවය කරන්නේකු වන අතර, එජාප මැතිවරණ මෙහෙයුම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් සම්බන්ධීකරණය සිදු කිරීම හරහා ඉදිරියේදී දේශපාලන පෙරළියක පෙරනිමිති පහල වන බව මින් දැනගන්නට ලැබේ. ඒ සඳහා එජාපයට අයත් රජයේ ප්‍රබල අමාත්‍යවරු දෙපලක් ගෝඨාභය සමග සාකච්ඡා කර ඇති බවද, මෙම ප්‍රචාරණ කටයුතු හරහා ගෝඨාභය රාජපක්ෂ හටද අතයට යම් මුදල් ලැබෙන බවද සඳහන්ය.

  • විග්නේශ්වරම්ගේ දෙමළ ජාතික සංසධය කෑලි 4කට කැඩේ

    විග්නේශ්වරම්ගේ දෙමළ ජාතික සංසධය කෑලි 4කට කැඩේ

    දෙමළ ජාතික සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් කොක්අඩිචෝලෙයි ප්‍රදේශයේ පැවැති ජනහමුවකදී 
    මඩකලපුව දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ පට්ටිරප්පු කොට්ඨාස නායක පී.අරියනේන්ද්‍රන් මහතාඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ගත් දෙමළ ජනතා සංසදය මේ වන විට කොටස් හතරකට කැඩී ගොස් ඇතැයි  ප්‍රකාශ කර ඇත. 
    එම ජන හමුවේදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින්, “උතුරු පළාතේ ඇතැම් දෙමළ නායකයින් මුලදී දෙමළ ජාතික සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කළා. මේ වන විට ඔවුන්වෙන් වෙලා තනි තනිව මැතිවරණයට තරග කරනවා. උතුරේ පැවැති යුද්ධයෙන් පසු පැවැති සෑම මැතිවරණයක්ම ජයග්‍රහණය කර තිබෙන්නේ දෙමළ ජාතික සන්ධානයයි. උතුරේ ජනතාවගේ ගැළවුම්කරුව දෙමළ ජාතික සන්ධානය බව ජනතාව පිළිගෙන තිබෙනවා. ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ජයගන්නේද දෙමළ ජාතික සන්ධානයයි” කියා සිටියේය.
  • කතරගමදී කලහකාරීව හැසිරුණු 58ක් අත් අඩංගුවට

     ඊයේ (21) උදෑසන හා දහවල් කාලයේදී  පොලිස් වෙඩි පහරකින් පුද්ගලයෙක් මිය යෑමට විරෝධය දක්වමින් කතරගමදී කළහකාරී ලෙස හැසුරුණු  කාන්තාවන් 13ක් හා පිරිමි පුද්ගලයින් 45ක් මාර්ගයන් අවහිර කිරීම, මාර්ගයන්ට අලාභ හානි සිදුකිරීම,  පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

     

     

  • වසර 151 ක පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් තේමා ගීතය දෙමළ බසින්

    වසර 151 ක පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් තේමා ගීතය දෙමළ බසින්

    මෙතෙක් කල් පොලිස් තේමා ගීතය සිංහලෙන් පමණක් ගැයුණු අතර වසර 151 ක ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට පොලිස් තේමා ගීතය දෙමළ බසින් පරිවර්තනය කොට එම පරිවර්තනය නිල වශයෙන් පෙරේදා (20) වවුනියාවේදී පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙතට බාරදෙනු ලැබිණි.

    මෙම පොලිස් ගීතයේ දමිළ නිර්මාපක කන්දප්පු ජයන්දන් මහතා එය ඇතුළත් සංයුක්ත තැටියක් ඊයේපෙරවරුවේ වවුනියාව පොලිස් සංකීර්ණ භූමියේදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත මෙය පිළිගැන්වූ අතර,එදිනම මුලතිව් නව පොලිස් පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවේදී එය පළමු වරට වාදනය කෙරිණි.

    මෙම අවස්ථාවට වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උතුරු පළාතේ උසස් පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.

  • මහින්දානන්ද කෝටි පහක් කාබාසිනියා කල කැරම් බෝඩ් නඩුව අලුත් වෙයි

    මහින්දානන්ද කෝටි පහක් කාබාසිනියා කල කැරම් බෝඩ් නඩුව අලුත් වෙයි

    අල්ලස් කොමිසම විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පසුගිය සැප්තැම්බර් මස 08 වැනිදා ගොනු කර තිබූ පාසල් සහ ක්‍රීඩා සංගම් සඳහා බෙදාදීමට කැරම් සහ දාම්බෝඩ් දාහතරදහසක් ආනයනය කර, රජයට රුපියල් කෝටි 05කට අධික මුදලක් පාඩු කළ බවට නඩුව තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉල්ලා අස්කරගත් අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා  හමුවේ එම සිද්ධියට අදාළවම අලුතින් නඩුවක් ගොනු කළේය.

    මුල් නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කරනු ලැබ සිටි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගබඩා පාලකවරයකුව සිටි පහළ ගෙදර අජිත් නිශාන්ත ගුණසේකර නමැත්තා නව නඩුවේ සාක්ෂිකරුවෙකු ලෙසින් නම් කරමින් අල්ලස් කොමිසම විසින් අලුතින් නඩුව පවරන ලදී.

    ඒ අනුව හිටපු අමාත්‍යවරයා රුපියල්  ලක්ෂ  05ක  පෞද්ගලික  ඇපයක් මත මුදාහැරීමට අධිකරණය නියම කල අතර අලුතින් පත් කරන ලද නඩුවේ විත්තිකරුවන් වශයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කච්චිකඩුගේ නලින් රුවන්ජීව නමැත්තන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදී.

    සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු මහතාට දුරකථනයෙන් කතා කොට  තෝරාගත් පාසල් සහ ක්‍රීඩා සංගම්වලට කැරම් සහ දාම්බෝඩ් දහහතරදහසක් ආනයනය කිරීමට උපදෙස් ලබාදීම, ඒ අනුව අවස්ථා හතරකදී ඒවා ආනයනය කොට රුපියල් 53,113,975. 17ක් රජයට පාඩු කරන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.

    වරායට ලැබුණු කැරම් සහ දාම්බෝඩ් සතොස මැකලම් ගබඩාවේ තැන්පත් කොට තිබූ අතර, එම භාණ්ඩ  ක්‍රීඩා අමාත්‍යාංශයට ඉදිරිපත් නොකොට මාබිම පිහිටි පෞද්ගලික ගබඩාවක තැන්පත් කොට 2015 වර්ෂයේදී දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

    මෙම සිද්ධියට අදාළව නඩු පවරා ඇතත්, තාක්‍ෂණික දෝෂයක් හේතුවෙන් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු අලුතින් ගොනු කළ නඩුව කැඳවීම සඳහා දිනයක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 02 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.

  • බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)

    බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවෙන් අගමැති රනිල් වරදකරුවකු වන හැටි මෙන්න (සාක්ෂි සහිතව සරල සිංහලෙන්)

    හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක නිරතවන නමුත් එම වංචාසහගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ 26වන පරිච්ඡේදය පරීශීලනය කිරීමේදී, මෙම දූෂිත කොල්ලකාරී ගණුදෙනුව පිටුපස ඇති අග්‍රාමාත්‍යවරයාගේ සම්බන්ධතාවය මැනවින් හෙළිදරව් වේ.

    බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.

    බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාව මඟින් ඉතාම පැහැදිලිව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එවක මහ බැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාව පත්කිරීමේ සිට කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලයන් සිදුකර ගැනීම දක්වා පෙර සැලසුම් කර, සිදුකරන ලද්දක් බවට සුපැහැදිලිව අනාවරණය වේ.

    මෙය බැඳුම්කර ජනාධිපති කොමිසම් වාර්තාවේ 26 වැනි පරිච්ජේදයේ පිටු අංක 848 සිට 855 දක්වා විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැක.

    1. මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම;

    කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය මත එතුමන් විසින් ජනාධිපතිවරයාට අර්ජුන මහේන්ද්‍රන් පත්කරලීමට නිර්දේශ කිරීම.

    2. අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව

    කොමිසමේ සොයාගැනීම්: එවැනි විදේශීය පුරවැසිභාවයක් සහිත පුද්ගලයකු නිර්දේශ කරන ලද පුද්ගලයාගේ ප්‍රමුඛත්වයන්ට හෝ හොඳ නරක පිළිබඳ දැක්මට අනුව තීරණය වන්නක්.

    3. මහ බැංකු අධිපතිවරයා ලන්සු තැබීමේ ක්‍රමවේදය වෙනස් කරලීම පිළිබඳ ගැටලුව

    කොමිසමේ සොයාගැනීම් : අග්‍රාමාත්‍යවරයා උපදෙස් පමණක් ලබා දෙන ලදී. නමුත් මහ බැංකු අධිපතිවරයා එම ක්‍රමවේදය ඒකපාර්ශ්වීය ලෙස වෙනස් කරන ලදී.

    4. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර පවතින ඥාති සම්බන්ධය හේතුවෙන් ඇතිවන අභිලාෂයන්හි ගැටුම

    කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයා මත තබන ලද විශ්වාසය වැරදි වීම.

    අග්‍රාමාත්‍යවරයා විසින් ඔහු මහ බැංකු අධිපතිවරයා වෙත තබන ලද විශ්වාසයේ ගෞරවය ආරක්ෂා කරනවාදැයි විමසා බැලීමට සක්‍රිය ලෙස දායක නොවීම පිළිබඳ කොමිසම කනගාටුව ප්‍රකාශ කරන ලදී.

    5. පිටිපන කමිටුව පිළිබඳ ගැටලුව

    කොමිසමේ සොයාගැනීම්: පිටිපන කමිටුව මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගනුදෙනු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් තොරවීම. ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමින් සන්නද්ධ කමිටුවක් පත් කළ යුතුව තිබුණි.

    6. අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්: ‘‘මහේන්ද්‍රන් වෙන්දේසි ක්‍රියාවලියට මැදිහත්වීමක් නොවූ බව”

    කොමිසමේ සොයාගැනීම්: සාක්ෂි ඊට විරුද්ධ කරුණක් ඔප්පු කර පෙන්වා තිබීම. අග්‍රාමාත්‍යතුමා විසින් මෙම ප්‍රකාශය වඩා හොඳ උපදෙස් ලබාගෙන කළ යුතුව තිබුණි. අර්ජුන මහේන්ද්‍රන් හා නියෝජ්‍ය අධිපතිවරයා වන සමරසිරි අග්‍රාමාත්‍යවරයාව නොමඟ යැවීම. මෙවැනි ප්‍රකාශයක් සිදු කර ලීමට පෙර මහ බැංකුව තුළ කුමක් සිදු වුනි දැයි ස්වාධීනව විමර්ශනය කළ යුතුව තිබුණි.

    7. දූෂණ චෝදනාවක් පළමු වරට එල්ල වූවාට පසු ද අර්ජුන මහේන්ද්‍රන්ට තම ධුරයේ කටයුතු කිරීමට ඉඩ සැලසීම.

    කොමිසමේ සොයාගැනීම්: මෙම කාලවකවානුව තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දක්ෂ, සුදුසු සහ දැනුවත්භාවයකින් යුක්ත කමිටුවක් පත් කළේ නම් තත්ත්වය මීට වෙනස් වනු ඇත. අර්ජුන මහේන්ද්‍රන් වැරදි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඔහු මහ බැංකු අධිපති ධුරයෙන් ඉත් කරන තෙක් එහි සේවය කරන ලදී.

    අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ අවසන් නිර්දේශය:
    අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ නිර්දේශයක් නොමැත.

    මෙහි සංක්ෂිප්තය 26 වන පරිච්ඡේදයේ අග්‍රාමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳ දීර්ඝ වශයෙන් කවරක් සාකච්ඡා වූවේදැයි ප්‍රකාශ නොකරයි.

    1. විශ්ලේෂණය
    අර්ජුන මහේන්ද්‍රන් ආණ්ඩුකාරවරයකු ලෙසින් සිතාමතාම තම පුද්ගලික වාසිය තකා හෝ තව පුද්ගලයෙකුගේ වාසිය තකා මහජන අරමුදල් හෝ ඔහුගේ භාරකාරත්වය යටතේ වූ අරමුදල් තම ධුරය භාවිතා කරමින් අවභාවිතයට ලක් කර ඇති බවට සාක්ෂි ඇති බව සනාථ වී ඇත.

    2. නිර්දේශය 17: අප කල්පනා කරන පරිදි 2015/2/27 දින පැවති බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සිද්ධියේ දී අර්ජුන මහේන්ද්‍රන්ගේ මැදිහත් වීම එනම්, පර්පචුවල් ට්‍රෙෂරීස් සහ ටෙන්ඩර් මණ්ඩලය වෙත වෙන්දේසියේ මිලියන දහයක් පිළිගත යුතු බවට දුන් උපදෙස් හේතුවෙන් ඔහු මෙම පාඩුව සඳහා වගකිව යුතු බව අප විසින් නිශ්චය කරන ලදී.

    3. නිර්දේශය 20 : 2016 මාර්තු 29 දින වූ බැඳුම්කර වෙන්දේසියේ දී නිත්‍ය භාරකරුවන් විසින් තොරතුරු ලබාගැනීම සහ භාවිතා කිරීම.

    4. නිර්දේශය 21: නිත්‍ය භාරකරුවන් ඇතුළාන්තයේ තොරතුරු භාවිතා කරමින් ද්විතීය වෙළෙඳපොළෙහි වෙළෙඳාම හැසිරවීම හරහා නිත්‍ය භාරකරුවන් විශාල වශයෙන් ලාභ අත්පත් කොටගෙන ඇත.

    5. නිර්දේශය 19 : ඉහත සඳහන් කරන ලද හැසිරීම් රටාවන් දූෂ්‍ය ක්‍රියාදාමයන් සඳහා හේතු සහගත වන්නේද යන වග පරීක්ෂණයකට බඳුන් කිරීමට බැඳුම්කර කොමිසමට නිර්දේශ කිරීම.

    6. දූෂණයට එරෙහි වූ එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි ක්‍රියාපටිපාටීන් උල්ලංඝනය කිරීමේ නිර්වචනයට අනුව අග්‍රාමාත්‍යවරයාගේ වගකීම් කාර්යශූරව ඉටු කිරීමේ නොහැකියාව සිතාමතාම ඇති කිරීම. එනම්, මහබැංකු අධිපතිවරයාගේ ක්‍රියාපටිපාටීන් සහ නිලයෙහි බලය හෝ අනෙකුත් ශක්‍යතාවයන් පවතින නීතිවලට පරයා හැසිරවීම. එනම්, තමා වෙත හෝ තව පුද්ගල කොටසකට වාසි ලබාගැනීම පිණිස කටයුතු කිරීම.

    7. කොමිසම දක්වන පරිදි අග්‍රාමාත්‍යවරයා විසින් එක් වරක් නොව අවස්ථා ද්විත්වයකදීම හිටපු මහ බැංකු අධිපතිවරයාගේ නීති විරෝධී ක්‍රියාකලාපය තම නිරීක්ෂණයෙන් බැහැර කොට ඇත.
    හිටපු මහ බැංකු අධිපතිවරයා පත්කිරීම අගමැති එකඟත්වය මත සිදුවූවකි. පාර්ලිමේන්තුවේදී එක් අවස්ථාවකදී පමණක් නොව, අවස්ථා ත්‍රිත්වයකදීම අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටීම. (ප්‍රථමයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම, කෝප් වාර්තාව 1 සහ කෝප් වාර්තාව 2) එලෙසම ගැටලුව යට ගැසීම සඳහා අනු කමිටුවක් පත් කිරීමට සිදු විය. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු මහ බැංකු අධිපතිවරයාට සිය අශෝභන ක්‍රියාවේ නිරත වන්නට හැකි පරිදි පාර්ලිමේන්තුවත්, මහජනතාවත්, නොමඟ යැවීමට කටයුතු සිදු කොට ඇත.

    8. එලෙසින්ම අග්‍රාමාත්‍යවරයා විසින් ජනපති නියමය වූ හිටපු මහ බැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ තීරණයට ද විරෝධය ප්‍රකාශ කළේය.

    9. මේ අනුව විචක්ෂණ පුද්ගලයෙකුගේ මතය වනුයේ ද අග්‍රාමාත්‍යවරයා විසින් ස්වකීය නිලය සතු රාජකාරි මඟහරිමින්, තම හෝ අන්‍ය පුද්ගල ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටත් අමාත්‍යවරයා ලෙස තම රාජකාරිය සිදු කිරීමට අපොහොසත් හෝ මඟහැරීම කර ඇති බවයි.

    10. ශ්‍රී ලංකා නීතියට අනුව නෛතික වරදක් සිදු නොවී තිබුණ ද ජාත්‍යන්තර අල්ලස් හෝ දූෂණ විරෝධී සම්මුතිය යටතේ නීතිය කඩවීමක් සිදුවී ඇත.

    11. එසේ නමුදු, මෙම ක්‍රියා කලාපය නිසාවෙන් අග්‍රාමාත්‍යවරයා හා මහජනතාව අතර පැවති සමාජ සම්මුතිය පලුදු වී ඇති අතරම මෙම යහපාලන සංකල්පයන් වන විනිවිදභාවය, වගකීම සහ වගවීම හා කාර්යක්ෂමතාව පලුදු කිරීමකි.

    12. මේ සියල්ල හැරුණුකොට අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇත.

    ——————–මෙය 26 වැනි පරිච්ඡේදයේ අන්තර්ගතයි.———————-
    රනිල් වික්‍රමසිංහ අගමැති සහ මහෙන්ද්‍රන් පවුල අතර ඇති දැඩි සම්බන්ධය ද, අගමැති විසින්, මහේන්ද්‍රන් එම තනතුරට පත් කිරීම ද, වැරදි පෙනි පෙනී ඔහු නිර්දෝශී බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම ද, දැනුමක් හෝ හැකියාවක් නැති කමිටු පත් කරමින්, කරුණු වසං කිරීමට තැත් කිරීම ද සැලකූ විට, අගමැතිතුමා, තමා නිර්දෝෂී සහ සිදු වූ ගනුදෙනුව ගැන කිසිත් නොදන්නා බව ප්‍රකාශ කිරීම අසත්‍ය බව පෙනී යයි.
    —————————————————————————————————————

    සම්පුර්ණ “බැඳුම්කර ජනාධිපති කොමිසමේ” වාර්තාව පරිශීලනය සඳහා පිවිසීමට මේ මත ඔබන්න.

  • හොර අත්සන් ගැසූ පොහොට්ටු අපේක්ෂකයා රිමාන්ඩ්

    හොර අත්සන් ගැසූ පොහොට්ටු අපේක්ෂකයා රිමාන්ඩ්

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් පසුගිය 17 වැනි දින සවස 2.00 සිට රාත්‍රි 8.00 දක්වා වරල්ල පැලවත්ත ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක ඡන්ද ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම සදහා ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම වෙනුවෙන් ඉඩමේ හිමිකරුගේ කැමැත්ත සදහන් කර ලිපියක් ජනවාරි මස 5 වැනිදා මොරවක පොලීසිය වෙත ඉදිරිපත් කර තිබුණු අතර නැවත පසු දිනක ඔහු මොරවක පොලීසිය වෙත පැමිණ අදාල ප්‍රචාරක රැස්වීම සමග සංගීත ප්‍රසංගයක්ද පැවැත්වීම සදහා සවස 2.00 සිට රාත්‍රි 10.00 වන තෙක් අවසරය ඉල්ලා තිබේ. සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා ඉඩමේ හිමිකරුගෙන් අවසර ලිපියක් රැගෙන එන ලෙසට පොලීසිය දැනුම් දී තිබෙන අතර පසුගිය 12 වැනිදා ඔහු එම ලිපියද ඉදිරිපත් කර ඇති නමුත් අදාල ලිපි දෙකේ අත්සන් එකිනෙකට වෙනස් වීම හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මාතර කොට්ඨාස වංචා විමර්ශන ඒකකයට බාර කෙරිණි.

    ඒ අනුව සිදු කළ විමර්ශනයේ දී ශබ්ද විකාශන බලපත්‍රය ලබා ගැනීම සදහා මොරවක පොලීසිය වෙත ලබා දුන් දෙවැනි ලිපියේ ඉඩමේ හිමිකරු ලෙස සැකකාර අපේක්ෂකයාම අත්සන යොදා ඇති බව හෙළිවී ඇති අතර ඉඩමේ හිමිකරු ද එය තම අත්සන නොවන බවට පොලීසිය වෙත ප්‍රකාශයක්  ලබා දී තිබේ.

    ඒ අනුව අත්සන හොරට යොදා කූට ලේඛනයක් සාදා එය සැබෑ ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරිමේ වරදට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කොටපොළ ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු වන ඉන්දික කුමාර විජේසිංහ හෙට (22) දක්වා රිමාන්ඩ් කරන ලෙස මොරවක වැඩබලන මහේස්ත්‍රාත් අජිත් අබේසේකර මහතා නියෝග කළේය.

     

     

     

     

  • දනගැසූ විදුහල්පතිණිය මානසික වෛද්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කෙරේ…. බදුල්ල පොලීසියේ මහා කලබලයක්

    දනගැසූ විදුහල්පතිණිය මානසික වෛද්‍ය වරයෙක් වෙත ඉදිරිපත් කෙරේ…. බදුල්ල පොලීසියේ මහා කලබලයක්

    පසුගිය දිනකදී ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා විසින් ඔහුගේ නිවසට ගෙන්වා දණ ගැස්වූ බව කියන බදුල්ල ප්‍රදේශයේ දෙමළ විදුහලක විදුහල්පතිනියව අදාල සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තර ලබාගැනීමට අදාළ විදුහල්පතිනිය බදුල්ල පොලිසියට කැඳවා ඇති අතර එහිදී ඇයට මානසික රෝගී තත්ත්වයක් ඇතැයි පවසමින් පොලිසිය ඇය මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේදී විදුහල්පතිනිය ඊට විරෝධය පෑම නිසා පොලිස් ස්ථානයේ මහා කලබලයක් හටගෙන ඇත.

  • ඌව මහ ඇමති චාමර, අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    ඌව මහ ඇමති චාමර, අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

    තමාට එල්ල වී ඇති බදුල්ල දෙමල මහා විද්‍යාලයේ විදුහල්පතිනිය තම නිල නිවසට කැදවා දණ ගැස්වූවා යයි කියන චෝදනාව සම්බන්දයෙන් සිදු කරන පරීක්‍ෂණය සඳහා සහයෝගය දැක්වීමක් ලෙස එම පරීක්‍ෂණය අවසන් වන තෙක් තමන් ඌව පළාතේ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක මහතා ප්‍රකශ කර ඇත.

     

     

  • හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට! (Exclusive)

    හිටපු අමාත්‍ය රවී කරුණානායක අත්අඩංගුවට! (Exclusive)

    කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ “බැඳුම්කර ජනාධිපති කොමිසම” මඟින් වරදකරුවකු කොට ඇති එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතාව අත් අඩංගුවට ගැනීමට නියමිත බවට විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු සාක්ෂි ලබාදීමේ වරද මත මෙසේ අත් අඩංගුවට ගැනීමට නියමිත බවට වැඩිදුරටත් වාර්තාවේ. පූර්ණ අධිකරණ බලතල සහ බලය ඇති ජනාධිපති කොමිසමක් හමුවේ බොරු සාක්ෂි ලබාදීම බරපතළ වරදක් වන අතර එය දෙවැනි වන්නේ මරණයක් සිදුකිරීමට පමණක් බවත් සඳහන්. එසේම එය අවමය මාස 03 ක් වත් ඉක්මවන තුරු ඇප ලබා නොදිය හැකි තරමේ වරදවල් ගණයට වැටෙන බවද සඳහන්.

    අධිකරණයක් හමුවේ බොරු සාක්ෂි ලබාදෙමින් අධිකරණය නොමඟ යැවීම යන මෙම බරපතළ චෝදනාව යටතේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාව නුදුරේදීම අත් අඩංගුවට ගැනීමට නියමිත බව අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තාකරයි. රවී කරුණානායක මහතාට බැඳුම්කර කොල්ලයේ චෝදනා එල්ල වීමත් සමඟම ඔහු සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්විය.

    එසේම මෙම අත් අඩංගුවට ගැනීමට පෙර හෝ පසු ඊට ප්‍රචාර දැක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ සහ ප්‍රබල ඇමතිවරයෙකු පරණ නඩු හුටපට කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට සැලසුම් කොට තිබෙන බවටද විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

  • විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු

    විදුහල්පතිණිය දණගැස්සූ මහඇමතිට වැඩ වරදින ලකුණු

     

    නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ(20) පැවති මාධ්‍ය හමුවේදී පක්ෂයේ ජාතික සංවිධායකවරයා වන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් මහතාගේ එම ක්‍රියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් තරයේ හෙළා දකින බවත් චෝදනා එල්ලවෙන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පක්ෂය පරීක්ෂණයක්ද සිදුකරන බව‍‍  බවත්ය.

     

  • පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට

    පොහොට්ටුවේ තවත් පෙති දෙකක් ගැලවී මෛත්‍රීගේ අතට

    මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා මහරගම නගර සභාවට පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ  අපේක්ෂක මංජුල ජයශාන්ත පෙරේරා සහ අපේක්ෂිකා හීනටිගල මාදින්නාගේ රසිකා මහත්මිය ඊයේ (20) පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී  වංචාව, දූෂණය පිටුදකිමින් පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් සහ යහපත් රටක් ගොඩනැගීමට ජනාධිපති ගෙනයන වැඩපිළිවෙළට සිය උපරිම සහය ලබාදෙන බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් සඳහන් කරමින් ජනපති සමඟ එක්වූ බව බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි්‍රය මහතා ද මෙම  අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහරගම නගර සභාවට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ඉදිරි වැඩපිළිවෙළ ඇතුළත් මැතිවරණ ප්‍රකාශය ද බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙහිදී ජනාධිපති වෙත පිළිගැන්වීය.

  • ඇත්තටම මට හරිම දුකයි අපේ හිටපු ජනාධිපති මහින්ද මහත්තය ගැන… එස්බී ගෙන් හැඟුම්බර ප්‍රකාශයක් (Video)

    ඇත්තටම මට හරිම දුකයි අපේ හිටපු ජනාධිපති මහින්ද මහත්තය ගැන… එස්බී ගෙන් හැඟුම්බර ප්‍රකාශයක් (Video)

    මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හඟුරන්කෙත පැවති රැස්වීමට 500ක් වත් සෙනග නොසිටි බවත්  ඉන් දැඩි සේ අපහසුතාවයට පත් මහින්ද රාජපක්ෂ මහතාට පැය දෙකක් මාදන්වල පංසලට වෙලා ඉඳල විනාඩි 5ක් රැස්වීම අමතල යන්න වුනු එකට තමාට ඉතා දැඩි දුකක් ඇතිවූ බව එස් බී දිසානායක මහතා ජන රැළියක් අමතමින් ඉතාමත් හැඟුම්බරව ප්‍රකාශ කර ඇත.එම වීඩියෝව පහතින්,

    https://www.facebook.com/supirigossip1/videos/1564597286909205/

  • වැරදි කරපු බූරුවන් හිරේ දායි…

    වැරදි කරපු බූරුවන් හිරේ දායි…

    මිනිසුන් පෘථිවි තලය වනසද්දී 2017 වසරේ නොවැම්බරයේ ඉන්දියාවේ බූරුවන් රංචුවක් උත්තර ප්‍රදේශයේ සිර කඳවුර අසල තිබූ ඉතා වටිනා පැළෑටි රිසිසේ කා දැමීමේ වරදට සිරගත කෙරිණි. උන් කෑ පැළවල වටිනාකම ඉන්දියානු රුපියල් 60,000කි. උන් සිව් දිනක් ඔරායි සිරගෙදර සිරගතකර තිබූ අතර අවසානයේ අයිතිකරු කමලේෂ්ට ගොවිපොළ සත්ත්වයන් ලැබිණි. ඒ භාරතීය ජනතා පක්ෂ‍යේ දේශපාලනඥයෙක් උන්ගේ දඩය ගෙවාදැමීම නිසාය . කමලේෂ් තම සතුන් නිදහස් කර දෙන මෙන් කොතෙක් ඉල්ලා සිටියත් කිසිවකු ඊට සවන් දී නැත. දේශපාලන මැදිහත්වීම සිදුවූයේ ඉන් අනතුරුවය.සිරගෙදර අධිකාරි කියා සිටියේ මෙය අතිසංකීර්ණ ගැටලුවක් බවය.

    “බූරුවෙක් හිරේ දමන්නනීතියක් නැහැ. ඒත් අයිතිකරුට පාඩමක් උගන්නනයි මෙහෙම කළේ. කීපවතාවක්ම අවවවාද කළත් ගණන් ගත්තේ නෑ. අධිකාරිවරයා පැවසුවේය. පැළෑටි කෑ බූරුවන්ට සිව් දිනක සිර දඬුවමක් ලැබිණි.

  • ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”

    ට්‍රම්ප්ගේ හිස ගිනිගත් “ගින්දර සහ කෝපය”

     ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනපති ලෙස දිවුරුම්දී අදට හරියටම වසරකි. ජනපති ධුරයේ වැඩ භාරගත් දින සිට විවිධ ආන්දෝලනයන්ට මැදිවූ ට්‍රම්ප්ගේ ධුරකාලයට වසරක් සපිරුණද ඔහු ගැන කතා කිරීමට ඇති දේවල අඩුවක් වී නැත. ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පූර්ණයට සමගාමීව ඇමරිකානු ජාතික මාධ්‍යවේදියකු වන මයිකල් වුල්ෆ් ලියා පළකළ කෘතියක් නිසා ට්‍රම්ප් මේ දිනවල සිටින්නේ ගිනිගොඩක ය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරි – ඉන්සයිඩ් ද ට්‍රම්ප් වයිට් හවුස්‘ නමැති මෙම ආන්දෝලනාත්මක කෘතිය ට්‍රම්ප් හා ඔහුගේ සමීපතමයන් ඇඳාගනිමින් ධවල මන්දිරයේ බිත්තිවලින් මෙතෙක් කල් පිටතට නොගියාවූ රහස් රාශියක් ප්‍රසිද්ධියට පත්කරන්නකි. ෆයර් ඇන්ඩ් ෆියුරිහි අන්තර්ගතය සැබවින්ම ‘වහා ගිනිගන්නාසුලුය’. ට්‍රම්ප් සම්බන්ධයෙන් සතුටු වීමට හැකි ස්වල්ප වූ හෝ යහපත් දෙයක් ඉතිරිව තිබුණා නම්, එයද දවා හළු කිරීමට මෙම පොත සමර්ථ ය. ධවල මන්දිරය ඒ ගැන කෙතරම් කබලවූවාද යත් පොත ප්‍රකාශයට පත් කිරීම අත්සිටුවන ලෙස බලකරමින් ට්‍රම්ප්ගේ නීතිඥයා එහි ප්‍රකාශකයා වන ‘හෙන්රි හෝල්ට්‘ සමාගමට එරෙහිව නීතිමය පියවර ද ගත්තේය. නමුත් එකම ප්‍රතිඵලය වූයේ නියමිත දිනයටත් පෙරම පොත ප්‍රකාශයට පත්කිරීමට ප්‍රකාශකයා කටයුතු කිරීමය. හෙන්රි හෝල්ට් සමාගම මෙම පොත හඳුන්වා දුන්නේ ‘ඇමරිකාවේ ජාතික තත්වයට අසමසම දායකත්වයක් ලබාදුන් නිර්මාණයක්‘ ලෙසය. ට්‍රම්ප් ඇතුළු ඔහුගේ ධවල මන්දිර නීතිඥයින් විසින් මෙම පොත තොටිල්ලේදීම මරා දැමීමට උත්සාහ ගත්තේ ජාතික ආරක්ෂාව පදනම්කරගෙන නොවීමද කැපී පෙනෙන්නෙකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට එරෙහිව ට්‍රම්ප් පරිපාලනයෙන් ගෙනයන මර්දනකාරී පිලිවෙත ට්‍රම්ප්ගේ ආත්ම අභිමානය හා ප්‍රතිරූපය පළුදු වනු ඇතිය යන බිය පදනම් කරගත්තකි.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ප්‍රකාශයට පත්වීම නිසාවෙන් ට්‍රම්ප් හැරුණු කොට බරපතළම ප්‍රතිවිපාක ලැබුවේ ට්‍රම්ප්ගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයා වන ‘ස්ටීව් බැනන්ය‘. ඒ මයිකල් වුල්ෆ්ගේ ගින්දර මෙන් දවන සුලු හෙළිකිරීම් රාශියකටම පදනම් වී ඇත්තේ බැනන්ගේ ප්‍රකාශ නිසාය. ‘ෆයර් ඇන්ඩ් ෆියුරිහි‘ කොඳු නාරටිය සකස්ව තිබෙන්නේ ට්‍රම්ප් සම්බන්ධයෙන් බැනන් විසින් කළ ගිනි පුපුරු වන්වූ ආන්දෝලනාත්මක ප්‍රකාශවලිනි. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ අදටත් උණුසුම පහව ගොස් නැති 2016 වසරේදී ට්‍රම්ප් ටවර්හිදී රුසියානු නියෝජිතයින් සමඟ කළ සාකච්ඡා ය. ට්‍රම්ප්ගේ වැඩිමහල් පුතු සමඟ බෑණනුවන් ජෙරාඩ් කුෂ්නර්ද සහභාගී වූ මෙම හමුව, ට්‍රම්ප් ජනපති ධූරයට පත්කිරීමට රුසියාව මැදිහත්වූ බවට චෝදනා එල්ලවීමට මුල් විය. ෆයර් ඇන්ඩ් ෆියුරි හි බැනන් විසින් මෙම හමුව හඳුන්වා දෙන්නේ ‘ජාති මාමක නොවූ දේශ ද්‍රෝහී කුණුහරුපයක්‘ ලෙසය. කලකදී ට්‍රම්ප් ගිනි සිලුවේ භාරකරු වූ බැනන් පසුගිය සතිය වන විට ඇමරිකානු දේශපාලන කරළිය තුළ සිය තත්ත්වය රැක ගැනීම සඳහා පණ අදිමින් සිටියේ ‘දේශපාලනික දිවි සුරැකුම් යන්ත්‍රයක‘ පිහිට ලබමිනි. බැනන් සමඟ වූ සියලුම සබඳතා කපා හැරියා පමණක් නොව, ‘හෙළි නොකරන ලද එකඟතාවයක්‘ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සියලු සේවා අත්හිටුවීමේ ලිපියක්ද ට්‍රම්ප් පරිපාලනයෙන් ඔහුට යවා තිබේ. ඒ අනුව ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ට්‍රම්ප් පමණක් නොව බැනන්ද සිටින්නේ ගිනි ගොඩක ය.

    සියලු විප්‍රයෝගවල නිර්මාතෘ වන මයිකල් වුල්ෆ් සියල්ලේ අවසන් ගෞරවයද තමාටම පිරිනමා ගනිමින් බැනන් හා ට්‍රම්ප් අතර වන සමානකම හුවා දක්වා තිබුණේ මෙලෙස ය. “ ජනපතිවරයකුට සුදුස ලෙස කතා කිරීමට ට්‍රම්ප් නොදන්නවා නම්, බැනන් උපදේශකයා ලෙස ට්‍රම්ප්ටම ගැලපෙනවා. ජනපති උපදේශකයකුට ඔබින ලෙස කතා කිරීමට ඔහුද නොදත් නිසාය.“ට්‍රම්ප්ගේ යුදෙව් ආගමික බෑණනුවන් වන කුෂ්නර් හා බැනන් අතර පැවති යුදෙව් හා යුදෙව් නොවන්නන් මුල්කර ගත් ආකල්පමය ගැටුමක්ද ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ හෙළි වේ. දැනට මරිකාව වෙළාගෙන තිබෙන වාර්ගික හා ආගමික ගැටුම් ධවල මන්දිරයටද ව්‍යාප්තව ඇති බව හෙළි කිරීමට වෙනත් නිදසුන් අවශ්‍ය නැත. ට්‍රම්ප්ගේ සමීපතමයින් හා විවිධ ධවල මන්දිර කාර්ය මණ්ඩල සාමාජිකයින් ට්‍රම්ප්ගේ අදක්ෂකම හුවා දක්වමින් අපහාසාත්මක යෙදුම්වලින් ඔහුව හඳුන්වා ඇති ආකාරද ෆයර් ඇන්ඩ් ෆියුරි හී දැක්වේ. සැකෙවින් ගතහොත් මේ දක්වා ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ඇතුළත වසන් කරමින් ඇද තිබූ තිරය ෆයර් ඇන්ඩ් ෆියුරි විසින් ඔසවා තිබෙන්නේ ට්‍රම්ප් හොඳින්ම හඳුනන පුද්ගලයන්ට ඔහු ගැන කතා කිරීමට ඉඩ හැරීමෙනි. තමා කිසිදිනක වුල්ෆ්ට කතා කර නැති බව කියන ට්‍රම්ප්, එහි ඇතුළත් සියල්ල ‘පට්ටපල් බොරු හා වැරදි අර්ථකථන‘ ලෙස පවසමින් සාවඥ ලෙස බැහැර කොට තිබේ. එබඳු මත ගැටුම් හා ආන්දෝලනාත්මක සිදුවීම් පාඨකයින් පොත මිලදී ගැනීමට උනන්දු කිරීමට මිස අධෛර්යවත් කිරීමට හේතුව නැත. පොත උණු කැවුම් මෙන් අලෙවි වන්නට වූයේ හෙන්රි හෝල්ට් ප්‍රකාශන සමාගමේ වසර එකසිය පනස් එකක ඉතිහාසයේ වැඩිම වේගයකින් අලෙවි වූ ‘ප්‍රබන්ධ නොවන‘ පොත ලෙස වාර්තාවක්ද පිහිටුවමිනි. ධවල මන්දිරය එලෙස ගිනි ගනිද්දී සිනහ උපදවන සිදුවීමක්ද වාර්තාව තිබිණි. ඒ ට්‍රම්ප්ගේ රහස් හෙළි කරන පොත මිලදී ගැනීමට පාඨකයින් අතර හටගත් උමතුවක් බඳු උද්වේගයේ ද එනමින්ම යුතු වෙනත් පොතක් වැරදීමකින් මිලදී ගැනීමට බොහෝදෙනකු පෙළඹවයි. ට්‍රම්ප්ගේ අපවාදයෙන් එලෙස වාසි ලැබුවේ කැනේඩියානු ජාතික ලේඛකයකු මෙන්ම ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයකුද වන ‘රැන්ඩල් හැන්සන්ය.‘ 2009දී ප්‍රකාශයට පත්වූ ඔහුගේ ‘ෆයර් ඇන්ඩ් ෆියුරි‘ කෘතිය දෙවන ලෝක යුද සමයේදී ජර්මනියට බෝම්බ හෙළීම පාදක කර ගත්තකි. සිදුවු පටලැවිල්ල නිසා රැන්ඩල්ගේ පොත එක් රැයකින් ‘බෙස්ට්සෙලර්’ ලැයිස්තු තුනකම අංක එකට පත්ව තිබිණි. පොත් දෙක පටලවා ගත්තවුන් රැන්ඩල්ගේ පොත කියවා පුදුමය පළ කර තිබුණේ ඒ ගැන ධවල මන්දිරය මෙතරම් කලබලව සිටින්නේ මන්දැයි සිතාගත නොහැකි වූ නිසාය. ඒ අතර ට්‍රම්ප්ව ප්‍රිය කරන ඇතැම් පාඨකයින් කියා තිබුණේ ඔවුන් ඕනෑකමින්ම රැන්ඩල්ගේ පොත මිලදී ගත්තේ වුල්ෆ්ගෙන් පළිගැනීමට බවයි. ෆයර් ඇන්ඩ් ෆියුරි අලකලංචියෙන් වැඩිම වාසි ලැබූ රැන්ඩල් පටලැවිල්ල ගැනත්, ට්‍රම්ප් අපවාද ගැනත් චෝදනා නඟන්නේ නැත.

    ෆයර් ඇන්ඩ් ෆියුරි කරන හෙළිකිරීම් අතරින් වඩාත්ම කතා බහට ලක්ව ඇත්තේ ට්‍රම්ප්ගේ තෙවැනි හා වත්මන් බිරිය මෙලානියා සම්බන්ධ සිදුවීමකි. මයිකල් වුල්ෆ්ට අනුව ඇය සිය සැමියා ජනපතිවරණයෙන් ජයග්‍රහණය කළ බව දැනගත් විට හඬා තිබේ. ඒ සතුටට නොව ශෝකයටය. ට්‍රම්ප් ජනපතිවූ විට තමාටද ජනපති ආර්යාව ලෙස ධවල මන්දිරයේ ඔහු සමඟ විසීමට සිදුවීම ගැන හටගත් ශෝකය ඇයට ඒ මොහොතේ ප්‍රබලව දැනුණු බවට වුල්ෆ් කරන ප්‍රකාශය විවාදාත්මකය. කොහොමටත් ජනපති ට්‍රම්ප් හා මෙලානියා අතර වන සම්බන්ධය සමීප වූවක් නොවන බව රහසක් නොවේ. ජෝන්. එෆ්. කෙනඩිගෙන් පසු සිය බිරියගෙන් වෙන්ව නිදන කාමරයක නිදන්නට පටන්ගත් ජනපතිවරයා ට්‍රම්ප් ය. ඔහු සිය කාමරයට අගුලක් මෙන්ම අමතර රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද ඔහු ලබාගෙන තිබීමද අසාමාන්‍ය වූවකි. වුල්ෆ් කරන අනාවරණවලට අනුව සිය පෞද්ගලික බඩු බාහිරාදිය ඇල්ලීමට ට්‍රම්ප් කිසිවකුට ඉඩ දෙන්නේ නැත. ඔහු මෙම නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්නෙ සිය දත් බුරුසුව සම්බන්ධයෙනි. පෞද්ගලික බඩු ස්පර්ශ කිරීමට එරෙහිව දැඩි නීති පැනවීමට ට්‍රම්ප් පෙළඹී ඇත්තේ තමාට වස දෙනු ඇත යන සිටින අනියත බිය නිසාය. ඔහු මැක්ඩොනල්ඩ් අවන්හලෙන් පමණක් ආහාර ගන්නේද එම බිය නිසාම ය. එසේ මයිකල් වුල්ෆ්ට අනුව ට්‍රම්ප් පිරිමින්ට වඩා කාන්තාවන් කෙරෙහි විශ්වාසය තබන්නෙකි. හොඳම නිදසුන ඔහුගේ සමීපතම සහායකයින් දෙදෙනා දියණිය ඉවැන්කා හා කෙලී ඈන් කොන්වේ ය. ට්‍රම්ප්ගේ, එම තෝරා ගැනීමට හේතුව පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් වඩාත් පක්ෂපාතී හා විශ්වාසනීය බවට ඔහු තුළ වන පිළිගැනීමයි.

    ජෙරාඩ් කුෂ්නර් හා ඉවැන්කා ට්‍රම්ප් හිටපු එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ජේම්ස් කෝමි ධුරයෙන් ඉවත් කිරීමට ට්‍රම්ප් පෙළඹවු බව තවත් ආන්දෝලනාත්මක චෝදනාවකි. ෆයර් ඇන්ඩ් ෆියුරි කෘතියට අනුව රුසියාවේ මැදිහත්වීම් ගැන එෆ්.බී. අයි ආයතනය විසින් සිදුකළ විමර්ශනවල අවසානය කෙබඳු වනු ඇත්ද කියා ඉවැන්කා හා කුෂ්නර් සිට ඇත්තේ දැඩි බියකිනි. පවුලේ ආදායම්ද විමර්ශනයට ලක්වනු ඇතැයි බියවු කුෂ්නර් කළ පෙළඹවීම් හමුවේ ට්‍රම්ප් කෝමි ඉවත් කිරීමට තීරණය කොට ඇත්තේ කිසිවකුගේ අදහස් විමසීමකින් තොරවය. දේශපාලන විචාරකයින්ට අනුව කෝමි එෆ්.බී.අයි. අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කිරීම වූකලී ජනපති ධුර ඉතිහාසයේ තනි කැමැත්තට ගත් වැදගත්ම ක්‍රියාමාර්ගයකි.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ඔස්සේ සාකච්ඡාවට ලක්කරන තවත් විවාදාත්මක සිදුවීමක් වන්නේ සෞදි අරාබියේ මෑතභාගයේදී සිදුවූ බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයයි. ඊට මුල්වුයේ ට්‍රම්ප් හා කුෂ්නර් බවට වුල්ෆ් චෝදනා කරන්නේ ට්‍රම්ප් කළැයි කියන ප්‍රකාශයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කරමිනි. ජනපති ධුරයට පත්ව කළ පළමු විදේශ සංචාරයේදී සෞදි අරාබිය බලා ගිය ට්‍රම්ප්, ඇමරිකාව වෙනුවෙන් ඩොලර් බිලියන එකසිය දහයක අවි ගිවිසුමකට අත්සන් කර තිබේ. එකල සෞදියේ ආරක්ෂක ඇමැති ‘මොහොමඩ් බින් සල්මාන්‘ කුමරු සෞදියේ ඔටුන්න හිමි කුමරු බවට පත්වීමට ආධාර කර ගත්තේ ට්‍රම්ප් පවුල සමඟ ගොඩනඟාගත් එම මිත්‍රත්වයයි. හිටපු ඔටුන්න හිමි කුමරු වන ‘මොහොමඩ් බින් නායෙෆ්‘ අත්අඩංගුවට ගනිමින් බලය අල්ලා ගැනීමට කළ මෙම කුමන්ත්‍රණය පිටුපසින් ක්‍රියාත්මක වූයේ ට්‍රම්ප්ගේ අදිසි හස්තය බවට වුල්ෆ් කරන හෙළිදරව්ව, සෞදිඅරාබියේ දේශපාලනික කුණාටුවක් ඇති කිරීමට හේතුවී තිබේ. මිට අමතරව ට්‍රම්ප්ගේ සමීපතමයින් හා ඔහුගේ කාර්ය මණ්ඩල නිලධාරීන් ට්‍රම්ප් යනු,‘මෝඩයෙක්‘, ‘පිස්සෙක්‘,‘වැඩකට නැති අඥානයෙක්‘ලෙස හඳුන්වනු ලැබූ අවස්ථා ලැයිස්තුවක්ද මෙහි ඇතුලත්ය.

    ෆයර් ඇන්ඩ් ෆියුරි ( ගින්දර හා කෝපය ) යන්නට වඩා හොඳ නමක් ඊට දිය නොහැක. ෆයර් ඇන්ඩ් ෆියුරි නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් සිටින්නේ ගිනි පුපුරුවලට මැදිවය.

    රුක්ලන්ති පෙරේරා

  • වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට

    වසර 13 කට පසු සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට

    සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සෙයින් ලූන් මහතා 22 දා දිවයිනට ළගාවීමට නියමිත ඔහු 23දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතය. ජනපතිවරයාගේ ආරාධානාවක් මත අගමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයට එක්වෙන අතර ජනපතිවරයා හා පැවැත්වෙන සාකච්ඡාවලදී සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් අත්ස් කිරීමට නියමිතය.

    ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වෙයි. ඔහු නැවතත් 24 දා දිවයිනෙන් නික්ම යෑමට නියමිතියි.

    මොසේ සිංගප්පූරු රාජ්‍ය නායකයෙක් ලංකාවට පැමිණෙන්නේ වසර 13කට පුසුව වීම විශේෂත්වයකි.