මීගමුව පෝරුතොට ප්‍රදේශයේ රජයේ දේපලක් මේ වන විට නිමල් ලංසා පදනම නමින් කාර්ලයාලයක් පවත්වාගෙන යාමට යොදාගෙන ඇතැයි යන බරපතල චෝදනාවක් එල්ලවි ඇත.
මීට වසර ගණනාවකට පෙර ඒ ප්‍රදෙශය නියෝජනය කළ ඇල්බට් නම් වු නාගරික මන්ත්‍රිවරයා විසින් නගර සභා ප්‍රතිපාදන යටතේ මේ ගොඩනැගිල්ල ඉදිකරන ලද අතර ග්‍රාම නිලධාරි කාර්යාලයත් සමෘද්ධි කාර්යාලයත් මේ ස්ථානයේ සිට ක්‍රියාත්මක විය.
ඉන්පසු නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකුව සිටි සමයේ රජයේ ප්‍රතිපාදන වැය කරමින් යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර තිබුණි.
සමෘද්ධි නිළධාරි කාර්යාලය මේ වන විට ඒ වෙනුවෙන් ඉදිකරනු ලැබ තිබෙන ස්ථානයකට ගෙන ගොස් ඇති අතර ග්‍රාම නිළධාරි කාර්යාලය තවමත් මෙහි ක්‍රියාත්මකය.
තතු මෙසේව තිබියදි නිමල් ලංසා සිය මැතිවරණ කාර්යාලය බවට දැන් පත්කරගෙන ඇත්තේ මේ රජයේ ගොඩනැගිල්ලය.මෙය බරතල නීතිවිරෝධි ක්‍රියාවකි.
මේ ගොඩනැගිල්ල රජයට අයත් එකක් නොවුනේ නම් සමෘද්ධි කාර්යාලයක් පවත්වාගෙන යාම සදහා මෙය කාගෙන් හෝ කුලියක් ගෙවා ගත යුතුව තිබුණි.එහෙත් එය එසේ සිදුව නොමැත.
ඉන් කියැවෙන්නේ මේ ගොඩනැගිල්ලට හිමිකම් කියන කිසිදු පුද්ගලික හිමිකරුවෙකු නොවන බවය.
එනම් මෙය රජයේ ගොඩනැගිල්ලකි.
එසේ නම් නිමල් ලංසා සිය දේශපාලන කාර්යාලය බවට මෙය පත්කරගනිමින් නිමල් ලංසා පදනම මෙහි පවත්වාගෙන යනු ලබන්නේ කෙසේද ?
මෙය පමණක් නොව මේ අකාරයෙන තවත් ඉඩම් රාශියක් නිමල් ලංසා සහ ඔහුගේ ගෝලයන් විසින් මේ වන විට බලෙන් අත්පත්කරගෙන සිටිති.මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට මීගමුවේ රජයේ නිළධාරින් තවමත් අපොහොසත්ව විම ඇත්තටම කණගාටුවකි.
Blog
-

නිමල් ලංසාගේ මැතිවරණ කාර්යාලය රජයේ ගොඩනැගිල්ලක – ඇත්ත මෙන්න..
-

මුදල් වංචා කල රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග…..
ජනප‍්‍රිය ගායක රජිව් සෙබස්තියන් පිළිබඳව අද බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ මාරවිල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනසුරු කේමින්ද පෙරේරා මහතා විසින් රජිව් සෙබස්තියන් වහාම අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට පසුගියදා නියෝග කිරීමත් සමඟයි.
සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීමට රුපියල් ලක්ෂ තුනක අත්තිකාරමක් ලබාගෙන එම ප‍්‍රසංගය නොපවත්වා මුදල් වංචාවක් සිදුකළ බවට වෙන්නප්පුව පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් දිසා විනසුරුවරයා මෙම නියෝගය නිකුත් කර තිබුණා.
පසුගිය වසරේ අගෝස්තු 04 වැනිදා වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි හෝටලයක ”සරඹ” නමින් සංගීත ප‍්‍රසංගයක් පැවැත්වීම සඳහා සුනිල් පෙරේරා, ඇනස්ලි මාලේවන හා ඩෙස්මන් සිල්වා යන ප්‍රවීන ගායන ශීල්පීන් සහභාගී කරගන්නා බවට පොරොන්දු වී රුපියල් ලක්ෂ 03 ක මුදලක් ලබාගෙන ප්‍රසංගය පැහැර හැරිය බවට ප්‍රසංගයේ සංවිධායකවරයෙකු වන ක‍්‍රිස්ටි රත්නප‍්‍රිය විසින් වෙන්නප්පුව පොලිසියට පැමිණිලි කර තිබුණා.
එසේම මුදල ආපසු ගෙවීම සඳහා රජිව් සෙබස්තියන් විසින් රුපියල් ලක්ෂ තුනක චෙක්පතක් සංවිධායකවරයාට ලබා දී තිබුණද එය අගරු වූ චෙක්පතක් බවයි සඳහන් වන්නේ.
ෙඒ අනුව මුදල් වංචාව, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධී සාවද්‍ය මුදල් පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ණය අයකිරීමේ පනතේ 25 x 1 වගන්තිය යටතේ ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොණු කල බවයි වෙන්නප්පුව පොලිසිය සඳහන් කරන්නේ.
-

පැවති නීති වෙනස් කරමින් රට වැනසූ බැදුම්කර හොරුන්ට නඩු පැවරෙන අයුරු…
බැඳුම්කර කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.
ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම කටයුතු සිදු කරනු ඇති. ඒ, අවසන් වාර්තාවේ යෝජනා කි‍්‍රයාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු සොයා බලමින්.
බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප‍්‍රධාන වශයෙන් කොටස් 4කට අයත්. වැඩිදුර විමර්ශනය, නීතිය කි‍්‍රයාත්මක කිරීම, නීති සංශෝධනය මෙන්ම නව නීති සකස් කිරීම සහ අනාගතයේදී මෙවැනි අක‍්‍රමිකතා, දූෂණ හෝ අපරාධ සිදු වීම වළක්වා ගැනීමට ගතයුතු වෙනත් කි‍්‍රයාමාර්ග එම කොටස් 4යි.
ඒ අනුව සිදු කර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම සිදු වනු ඇති. රජයට සහ සේවක අර්ථසාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම හා නීතිවිරෝධී කටයුතුවල යෙදුනු අයට සිවිල් නඩු පැවරීමද සිදු කිරීමට නියමිතයි.
සිවිල් නඩු සඳහා දිගු කාලයක් ගතවන බැවින් සිවිල් නඩු විධිවිධාන පටිපාටිය සංශෝධනය කිරීමටද නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාලය පැවසුවා. අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා සහ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කරනු ඇති.
බැඳුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් කර ඇති සාක්ෂි සහ සිදු කළ විමර්ශනයේදී අනාවරණය වූ කරුණු වලින් හෙලිවන වැරදි සිදු කළ පුද්ගලයින්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගැනීමටද නිර්දේශ කර තිබෙනවා. ඒ සඳහා නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කරනු ඇති.
ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් විමර්ශනාත්මක ද්‍රව්‍ය හා සාක්ෂි ඍජුව සලකා බැලීමට හැකි වන පරිදි අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමටද නිර්දේශ වී තිබෙනවා. සමාගම්වල සිදුව ඇති අපරාධ පිළිබඳ නෛතික වගකිම සලකා බැලීම ද නිර්දේශ වී ඇති තවත් කරුණක්.
දැනට පර්පචුවෙල් ටේරෂරීස් සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල මෙන්ම වෙනත් පුද්ගලයින් බැඳුම්කර ගනුදෙනුව හරහා නීතිවිරෝධීව එකතු කළ දේපළ කඩිනමින් තහනම් කිරීමටද නීතිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා. රජයට සහ අර්ථසාධක අරමුදලට අයවිය යුතු මුදල් පියවා ගැනීම සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන පරිදි පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමට ද කොමිසම නිර්දේශ කළ තවත් කරුණක්. ඒ, නඩු කි‍්‍රයාමාර්ගවලදී සිදුවන ප‍්‍රමාදය සැලකිල්ලට ගනිමින්.
සේවක අර්ථසාධක අරමුදලේ ස්වාධිනත්වය ද තහවුරු කළ යුතුයි. එමගින් එහි දායක ප‍්‍රජාවගේ උපරිම සුභසිද්ධිය සඳහාම පමණක් එම අරමුදල පවත්වාගෙන යා යුතු වනවා. ඊට එහි ඉහළ කළමනාකාරීත්වය හා මහ බැංකුව අතර ඇති සම්බන්ධය ප‍්‍රතිව්‍යූවගත කිරීමටද කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා.
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාවිත කර 2008/2014 කාලසීමාවේදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් පැවැත්විමද කොමිෂමේ තවත් නිර්දේශයක්.
කෝප් කමිටුවේ සාමාජිකත්වය දරණ ඇතැම් මන්තී‍්‍රවරුන් බැඳුම්කර විමර්ශනය සිදු කරන කාලයේදී එම සමාගමේ ප‍්‍රධානී අර්ජුන් ඇලෝසියස් සමග සන්නිවේදනය කර ඇති බව ද හෙළිවී තිබෙනවා. එම විෂමාචාර හැසිරිම් සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට කථානායකවරයාගේ අවධානය යොමු කර ඇති බවයි ජනාධිපති කාර්යාලය පවසන්නේ.
එම කමිටුවේ මන්තී‍්‍රවරුන්ට විශේෂ ආචාර ධර්ම පද්ධතියක් පැනවීම කෙරෙහි කථානායකවරයාගේ අවධානය යොමු කිරීමට ද බැඳුම්කර කොමිෂමෙන් නිර්දේශ කර තිබෙනවා.
-

අපිට බොන්න දෙන්න – සිංහල සංස්කෘතියට එරෙහිව සමනලී ෆොන්සේකා අධිකරණයට…
කාන්තාවන්ට මත්පැන් අලෙවිසැල්වල සේවය කිරීමට සහ මත්පැන් මිලදී ගැනීමට අවසරය ලබා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදන අවලංගු කිරීමට ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධීකරණයට අද මූළික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. ඒ, ජනපි‍්‍රය නිළි සමනලී ෆොන්සේකා ඇතුළු කාන්තාවන් 11දෙනෙකු විසින්. එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගැසට් නිවේදන, කාන්තාවන්ට සමාන ලෙස සැලකීමට ගත් පියවරක් බවයි. ඒ තුළින් නිසි වයස සම්පූර්ණ කළ කාන්තාවන්ටද නිදහසේ තම වෘත්තීය සිදු කර ගැනීමේ අයිතිවාසිකම හිමිවන බවද පෙත්සමේ සඳහන්.
කැබිනට් මණ්ඩලය ගත් බව කියන තීරණයකට අනුව එම ගැසට් නිවේදන අවලංගු කළ හොත් එමගින් කාන්තාවන් වශයෙන් සමානව සැලකීමේ මූලික අයිතිවාසිකම උල්ලංඝණය වන බවයි ඔවුන් සඳහන් කර ඇත්තේ. අදාළ පෙත්සම මගින් මුදල් අමාත්‍යවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
-

ටයිකෝට් හොරුන්ව රටට හෙලිකල බැඳුම්කර වාර්තාව මෙන්න! මෙතනින් බලන්න
මහ බැංකුවේ සිදුව ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව මහජනතාව වෙත අන්තර්ජාලය ඔස්සේ නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ www.presidentsoffice.gov.lk නිල වෙබ් අඩවියේ එය පලකොට තිබෙනවා.
අදාල වාර්තාව මෙතනින් බලන්න
-

ගිහින් වැදලා සමාව ගනින් – ජනපති මෛත්‍රීට අපහාස කල මරික්කාර්ට රනිල් කියයි..
පසුගියදා බැදුම්කර පරීක්ෂණ නිසා කෝපයට පත්ව ජනපති මෛත්‍රීට අපහාස වන අයුරින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර්ට ජනපති දෙපා නැමද ජනාධිපතිවරයාගෙන් සමාව අයැදින මෙන් අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා.16 කැබිනට් රැස්වීම අතරතුර ජනපති මෛත්‍රීගේ වාග් ප්‍රහාරය හමුවේ භීතියට පත්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය (17) රැස්වූ අවස්ථාවේ වික්‍රමසිංහ මහතා ඉතා අවධාරණයෙන්ඒ යුතුව ඒ බව ප්‍රකාශ කර ඇත.. මරික්කාර්ට තනිවම යා නොහැකි නම් තමා විසින් මරික්කාර් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා වෙත කැඳවාගෙන ගොස් දෙපා නැමද සමාව ගැනීමට සලස්වන බවද ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.
-

දිනෙන් දින වැඩිවන මැතිවරණ උණුසුම අතරතුර ඩෙංගු මදුරුවා මන්ත්‍රී දියණියක් බිලිගනී..
පොළොන්නරුව දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ වැඩිමහල් දියණිය වන රංජලා ගම්ලත් ඉලේපෙරුම (16) අළුයම හදිසියේ මියගොස් තිබෙනවා.
ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු කොළඹ පුද්ගලික රෝහලකට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගය උත්සන්න වී ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියයන විට 35 වැනි වියේ පසුවූ ඇය දෙදරු මවක් වන අතර දේහය කොළඹ සිට (16) පස්‌වරුවේ පොළොන්නරුවට රැගෙන ගොස් තිබෙනවා.
-

‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අගමැතිගෙන් උපදෙස්…ඉදිරි දින කිහිපය තුලදී නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි බාරගන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාචිකව දැනුම් දුන් බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපය ඇතුළත දී පත්වනු ඇති බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(17) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
“ ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉදිරි දින කිහිපයේදී පත්වේවි. ඒ සම්බන්ධ ක්‍රියාවලිය මේ වනවිට සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම කිව යුතු දෙයක් තිබෙනවා. අපි ශ්‍රී ලන්කන් විකුණනවා, රජයේ බැංකු විකුණනවා කියලා කතා යනවා. කිසිවක් විකුණන්නේ නැහැ. අපි කරන්නේ කළමනාකාරීත්වය බාර දීම පමණයි. අපි පසුගිය වසරේදී රාජ්‍ය බැංකු සංවර්ධනය කිරීම සඳහා එම බැංකුවවල ප්‍රාග්ධනයට පමණක් රුපියල් බිලියන 10ක් යෙදෙව්වා.ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ කළමනාකාරීත්වය සම්බන්ධයෙන් කටාර් ගුවන් සේවය, ෆ්ලයි එමිරේට්ස් යන සමාගම් මෙන්ම ජපාන, චීන සහ ඉන්දුනීසියානු ගුවන් සමාගම් අවධානය යොමු කර තිබෙනවා. අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා සහ ඉදිරියේදීත් සාකච්ඡා පවත්වන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
-

පාර්ලිමේන්තු / පළාත් සභා මන්ත්‍රීන්ගේ තැපැල් පහසුකම ඩබල් වේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබාදෙන නිදහස් තැපැල් පහසුකම 100% කින් ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසරකට රුපියල් 175000ක නිදහස් තැපැල් පහසුකමක් ලබාදෙන අතර එය මින් ඉදිරියට රුපියල් 350000ක් දක්වාත් පළාත් සභා මන්ත්‍රීවරයකුට වසරකට ලැබෙන රුපියල් 24000ක නිදහස් තැපැල් පහසුකම රුපියල් 48000 දක්වා ඉහළ නංවා තිබේ.
-

සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නෙමෙයි යුධ අපරාදයක්… විග්නේශ්වරම් අපේ රණවිරුවන් අපරාධ කාරයින් කරයි
2015 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සෙසු රටවල අනුග්‍රහය ඇතිව ශ්‍රීලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව ලක් රජය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් යුද සමයේ මෙරට සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර නීතීන්ට අනුකූල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට දඩුවම් දිය යුතු බවත් යුද්ධ වකවානුවක සාපරාධි මනුෂ්‍ය ඝාතන සිදුකිරීම,මානව හිමිකම් කඩකිරීම හා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම යුද්ධයක් නොව යුද අපරාධයක් බවත් මීට සම්බන්ධ සියල්ලන්ටම දඩුවම් දිය යුතු බවත් ඒ සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවත් උතුරු මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා අවදාරණය කළේය.
දෙමළ ජනතා සංසදය සංවිධානය කළ ආණ්ඩුක්‍රම මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මහ ඇමතිවරයා මේ බව කියා සිටියේය.මෙම වැඩසටහන යාපනය වීරසිංහම් ශාලාවේදී ඊයේ (17) පැවතිණි.
-

මරුණත්කමක් නෑ කියල බෙල්ල දෙන්න ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ගහන්නෙ කලගුණ දන්නැති අයයි
නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද (17) අත්තනගල්ල ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය…
” මරුණත්කමක් නෑ කියල බෙල්ලදෙන්න ආපු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිතුමාට ගහන්න එපා කියල මම අපේ මන්ත්‍රීවරුන්ගෙන් හා ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ කෙළෙහි ගුණ තියන්න. අපේ පක්ෂයට පොඩ්ඩක් කෙළෙහිගුණ අඩුගතියක් තියෙනවා. අමාරු අවස්ථාවක උදව්වට ආපු එකාට ගහන්න එපා.අපට ජනාධිපති අපෙක්ෂකයෙක් නැතිවෙලාවේ ඒ මනුස්සයා අපේ පිහිටට ආවේ නැද්ද. එයා ආවට පස්සේ එයාව ජනාධිපති කරල එයා මාර්ගයෙන් අගමැති පුටුවත් අරගෙන අපට 41යි තිබුණේ එයා මාර්ගයෙන් ආණ්ඩවත් හදාගෙන දැන් කියනවා පික් පොකැට් කාරයාලු හොඳද වැඩේ. ඒක හොඳ නෑනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බැඳුන්කර හොරු අල්ලන එක වැරැදිදි හරිද. රංජන් රාමනායක බැඳුන්කර හොරකම කළා නම් රංජන් රාමනායකත් ඉන්න ඕනේ ඇතුළේ “
-

පොලීසියෙන් ගුටි දුන්නැයි කියා ලංකාවෙම විදුලි සේවකයෝ වර්ජනයක
ඊයේ(17) විදුලි බල මණඩල මූලස්ථානය ඉදිරිපිට දී වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහපයක් මුල් කරගනිමින් පැවති විරෝධය අතරේ විදුලි සේවකයන්ට පොලීසිය කළ පහර දීමට විරෝධය පළ කර අද(18) සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා පැවසීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්. බී ගනේගල මහතා ඔහුගේ නිල කාමරයේ හිර කර තබා ගනිමින් විරොධතාවය පළ කළ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. ඒ අවස්ථාවේදී එහි පැමිණි පොලිස් නිළධාරීන් පිරිසක් තමන්ට පහර දුන් බවට විදුලි බල මණ්ඩල සේවකයෝ චෝදනා එල්ල කළහ.
-

ඔපරේෂන් 1 ඉවරයි මං අද ඔපරේෂන් 2 පටං ගත්තා
බැඳුම්කර වංඡාව ගැන සෙවීමට පත්කල කොමිසමේ නිර්දේශ ලැබිමත් සමගම පාර්ලිමේන්තුවේ සහ ඉන්පිටතත් මහජනයා අතරත් ඇත්තේ දැඩි නොසන්සුන්තාවයකි.ඒ අතර අද(17) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් මෙසේ කියා සිටියේය.
‘‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද(17) ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘
-

ඡන්දය ඉවර වෙනකල් විතරක් කසිප්පු වඩියක් පෙරා ගන්න ඉඩ දෙන ලෙස අපේක්ෂකයෝ පොලීසියෙන් ඉල්ලයි
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කරන අවස්ථාවේදී තමන් කිසිදා කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක් කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.
රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව් උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ.
එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලවා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය.
එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති.
-

ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් විශේෂ සැමරුම් ප්‍රසංගයක්
ශ්‍රී ලංකා සහ ඉන්දියානු තානාපති සබඳතා වල හැත්තෑවෙනි වසර සපුරාලීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් ප්‍රසංගයක් අද (17) ප:ව 6.30 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
-

දඹුල්ලේ තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ එක වසරට ඇතුළත් වු දරුවන්ට පාසල් දිවියේ පළමු දිනම මඩුවක ඉගෙන ගන්න වෙයි
පළමු වසරේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන වසර 1000 පමණ පැරණි දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රාථමික විදුහලේ ඇති ගොඩනැගිලි 2 ප්‍රමාණවත් නොවීම සහ අබලන් වීම නිසා පාසලට ඇතුළු වු 2018 පළමු වසරේ දරුවන්ට මව්පියන් විසින් ඉදිකළ තාවකාලික මඩුවකට සිට පන්ති පැවැත්වීම සිදුව ඇත.
මෙම දරුවන්ගේ මව්පියන් හඬා වැටෙමින් කියා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙන මඩුවකට දරුවන් ඇතුළත් කිරිමට ලැබීම පිළිබඳව කණගාටුවන බවයි. තාවකාලිකව මඩුවේ දුවිලි කෘමි සතුන් සිටින බවද ඔවුහු පෙන්වා දුන්හ.
1 වසරේ සිට පස්වැනි වසර දක්වා ළමුන් සියයක් පමණ ඉගෙන ගන්නා මෙම පාසලේ ගුරු හිඟයක් නැතත් ගොඩනැගිලි හිඟය නිසා මේ තත්ත්වය උදා වී තිබේ. මෙදින අලුත් ඇඳුම් ඇඳගෙන ජිවිතේ පළමුවැනි දින පාසලට පැමිණි දරුවන්ට තාවකාලිකව මඩුවක සිටිමට සිදුවීම සිසු දරු දැරියන්ට නොතේරුණ ද මව්පියන්ට එය වේදනාකාරි සිද්ධියක් බව අමුතුවෙන් කිව යුතු නැත.
මේ පිළිබඳව විදුහල්පති ඩී.මැණිකේ මහත්මියගෙන් විමසු විට ඇය කීවේ මීට පෙර පළමු ශ්‍රේණියේ පන්ති පැවැත්වුයේ විද්‍යාලයේ පැරණිම ගොඩනැගිල්ලේ පිහිටි සිසු දරු දැරියන් රංගන ඉදිරිපත් කරන උස් වේදිකාවේ ස්ථානයක බවයි. එම ස්ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙමව්පියන් මෙවර එම ස්ථානයේ පන්ති පවත්වනවාට අකමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ තමන්ට දෙම්පියන්ගේ හඬට සවන් දීමට සිදු වු බවත් මීට පෙර පාසලේ සිටියේ ඉතා සීමිත ළමුන් ප්‍රමාණයක් බවත් ගුරුවරුන්ගේ දක්ෂතා නිසා දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ යාමත් සමඟ ගම්මානයේ සියලුම දුවා දරුවන් පාසලට ඇතුළත් වීමෙන් ඉඩකඩ ප්‍රශ්න මතුවු බවයි.
ශිෂ්‍යත්ම විභාගයෙන් මෙන්ම විවිධ තරග විභාගවලින් භාෂා ත්‍රිත්වයෙන්ම දක්ෂ දරුවන් බිහි කිරිම නිසා දෙමව්පියන් පාසලට තම දරුවන් ඇතුළත් කිරිමට පෙළඹී සිටින බවද ඇය වැඩිදුටත් සඳහන් කළාය.
පවතින ගොඩනැගිලි හිඟය පිළිබඳව තමන් අදාල බලධාරීන්ට දැනුවත් කර තිබෙන බවත් ඉදිරියේ දී ගොඩනැගිල්ල ලබාදීමට පොරොන්දු වී තිබෙන බවත් ඇය කීවාය.
අලුතින්ම ඇතුළු වු පාසල් සිසු දරු දැරියන්ව තාවකාලිකව මඩුවේ ඉගෙනීම් කටයුතු සිදු කරද්දී කුහුඹුවන් දෂ්ට කරන ආකාරය අපට දැකගැනීමට හැකිවිය. දෙමව්පියන් කියා සිටියේ කවුරුන් හෝ ඉදිරිපත් ව තම පාසලට කුඩාවට හෝ පන්ති කාමරය සකසා දෙන ලෙස ඉල්ලීමක් කරන බවය.