රැකියාව කරන අතරතුර, තම ප‍්‍රධානියා වන උප තැපැල් ස්ථානාධිපතිවරයාට ඡන්දය දෙන්නැයි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත  මැතිවරණ කොමිෂන් සභාවෙන් කළ නියෝගයක් අනුව ඉඳුරුව ගෝනගල්පුර තැපැල් ස්ථානයේ සේවය කරන තැපැල් සහායිකාවගේ වැඩ තහනමට ලක් කළ බව තැපැල් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

තැපැල් කාර්යාලයේ කටයුතු පවත්වා ගෙන යාම සඳහා බෙන්තොට ප‍්‍රධාන කාර්යාලයෙන් නිලධාරියෙක් යැවූ බව ත් මැතිවරණයෙන් පසු මේ පිළිබඳව තැපැල් දෙපාර්තමේන්තුව මඟින් විධිමත් පරික්ෂණයක් පවත්වන බවත් පසුව විනයානුකූල පියවර ගන්නා බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.