Blog

  • පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    පෙර භවයේ ලංකාවේ සිටි බව කියන භූතාන් රජ පවුලේ සාමනේර හිමි….

    බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පවසමින් නිරන්තරයෙන් ඇවිටිලි කළ වයස අවුරුදු දෙකේදී පැවිදි බිමටපත් භූතානයේ රැජිනගේ මුණුපුරු සාමනේර හිමියන් ඇතුළු දූතපිරිසක් නිලනොවන සංචාරයකට පැමිණ පසුගිය දා මිහින්තලය රජමහා විහාරය වැදපුදා ගත්හ.

    සිව්වන වියේ පසුවන රැජිනියගේ මුණුපුරා වන සාමනේර හිමියන් වයස අවුරුදු දෙකේදී පැවිදි වී තිබෙන බවත් සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසන ඉතිහාසය පිළිබඳ ඇති දැනීම සම්බන්ධයෙන් මහ රැජිණිය මෙන්ම තමන් වහන්සේද මවිතයට පත්වූ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියයෝ පැවසූහ.

    සාමනේර හිමියන්, භූතාන රැජිනිය සමඟ ඇගේ දියණිය වන සාමනේර හිමියන්ගේ මව සහ පැවිදි වී සිටින මුණුපුරා ගේ විහාරයේ නායක හිමිපාණන්,  හා සාමනේර හිමියන්ගේ සහෝදරයා මෙන්ම ශ්‍රී ලංකාවේ භූතාන තානාපතිවරයා ඇතුළු දූත පිරිස පෙරේදා (31) මිහින්තලය පූජා භූමිය වැදපුදා ගැනීමට පැමිණ සිටියහ.

    දැනට සිව්වන වියේ පසුවන සාමනේර හිමියන් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවට පැමිණිය යුතුබවට ඇවිටිලිකරමින් හඬා වැටීම නිසා නිලනොවන අන්දමින් ශ්‍රී ලංකාවට පැමිණි බව රැජිනිය විහාරාධිපති ධම්මරතන හිමියන්ට පැවසුවාය.

    සාමනේර හිමියන්ට ශ්‍රී ලංකාවේ ශාසනික ඉතිහාස සම්බන්ධයෙන් ඇති දැනීම පිළිබඳව මවිතයට පත්වූ විහාරාධිපති හිමියෝ මෙසේ කීය.

    සාමනේර හිමියන් ලංකාවේ සෑම බෞද්ධ සිද්ධස්තානයක් පිළිබඳවම හොඳින් දන්නවා. කැලණිය විහාරයට වැඩම කළ අවස්ථාවේ එම විහාරයට බුදුන් වැඩිය බවත් පවසා තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ වැදපුදා ගැනීමට ගිය අවස්ථාවෙත් ශ්‍රී මහ බෝධින්වහන්සේ බුදුන්ට බුදුවීමට පිටදුන් බෝධියේ ශාඛාවක් බව පවසා තිබුණා. රැජිනය හා ඇගේ දියණියත් සාමනේර හිමියන්ගේ මේ ප්‍රකාශයන්ට මවිතවී සිටියා.

    උන්වහන්සේ මීටපෙර ලංකාවට වැඩමකර නෑ. උන්වහන්සේට  මෙම දැනුම ලැබුණු ආකාරය පිළිබඳව මටත් හිතා ගන්න බැරුව හිටියේ. මිහින්තලයට වැඩම කිරීමෙන් පසුව මේ විහාරය මිහිඳු මාහිමිපාණන් ලංකාවට බුද්ධාගම රැගෙනා ආ ස්ථානය යනුවෙන් උන්වහන්සේ හඳුනාගත්තා. මිහින්තලා මහා සෑයේ බුදුන්වහන්සේගේ ඌරණ රෝම ධාතුව  තැන්පත්කර තිබෙන බවත් පැවසුවා.

    ඉන්පසුව ධාතුන් වහන්සේලා නැරඹීමට අවශ්‍ය බව පවසා ඒ පිළිබඳව විස්තර පැවසුවා.

    මිහිදු හිමියන් ආදාහනය කිරීමට යොදාගත් දැවයන්හි අඟුරු පෙන්වූ අවස්ථාවේ ඒවා සඳුන් දැව බව උන්වහන්සේ පැවසුවා. ධාතු මන්දිරයට ගොස් සියළුම ගාථා හොඳින් සජ්ජායනා කරමින් වැදුම් පිදුම් කළා.

    රැජිනිය ඇතුළු සියළුම දෙනා මවිතයට පත්වී සිටියේ. මාත් මවිතයට පත්වුණා; සාමනේර හිමියන්ගේ දැනුම පිළිබදව. රැජිනිය පවසනවා සාමනේර හිමියන් පෙර භවයන් වල ශ්‍රී ලංකාවේ හරි ඉන්දියාවේ හරි ඉපදිලා උසස් ආධ්‍යාත්මික ජීවිතයක් ගතකරන්න ඇති කියලා. බුදු දහම සම්බන්ධයෙන්ද සාමනේර හිමියන් බොහෝ දේවල් දන්නවා. උන්වහන්සේ ලංකාවට වැඩම කළ පසුව පෙර භවයන් මතකයට එන්න ඇති කියලා මාත් විශ්වාස කරනවා යනුවෙන් නායක හිමිපාණන් පැවසූහ.




    බුද්ධික මහේෂ් විජේසූරිය

  • බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

    බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

    බැදුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා කියවා ඇත්දැයි ප්‍රහ්නයක් පැන නැගෙන අතර ජනපති උපදේශකයින් විසින් හයිලයිට් කර දුන් කොටස් පමණක් බලා කොමිසමේ නිර්දේශ ගැන අවබෝධයක් ලබාගෙන ජනපතිතුමන් විසින් එම ප්‍රකාශය කර ඇති බවක් පෙනී යන බවත් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

    තනි පුද්ගලයකුට වරද පටවා මෙම අති විශාල වංචාවට සම්බන්ධ මහ මොල හා අනෙක් දේශපාලකයින් වසන් කිරීමට මෙම ප්‍රකාශය මගින් සිදුවන බව ඉතා පැහැදිලි බවත් එබැවින් එළැඹෙන ඡන්දයට ප්‍රථමයෙන් මෙම සම්පූර්ණ වාර්ථාව ජනගත කර රටේ මිනිසුන්ට මෙම වංචාව සම්බන්දව වගකිවයුත්තන් එළිකල යුතු බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

    රජිත කීර්ති තෙන්නකෝන් මහතා  වොයිස් ඔෆ් සිලොන් වෙබ් අඩවිය සමග කල සාකච්ඡාවේ හඩ පටය පහතින් …

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/dcL3WYsgk-A” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>

  • කොලොන්නාවේ පොහොට්ටු පිපෙන්න කලින් පරවෙයි.. ප්‍රබලයන් රැසක් අපේක්ෂකයන් සමගින් ශ්‍රීලනිපයට…

    කොලොන්නාවේ පොහොට්ටු පිපෙන්න කලින් පරවෙයි.. ප්‍රබලයන් රැසක් අපේක්ෂකයන් සමගින් ශ්‍රීලනිපයට…

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට සහය පළකිරීමට එක්විය.

    අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ ඔවුහු ජනාධිපතිතුමා සහ කොලොන්නාව ශ්‍රීලනිප සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ නායකත්වයෙන් කොලොන්නාව ආසනය ශ්‍රීලනිපය ජයග්‍රහණය කරවීමට තම උපරිම සහය ලබාදෙන බවට ඔවුන් මෙහිදී පවසා ඇත.

  • බැදුම්කර වාර්තාවත් සමගින්  ‘ජවිපෙ’ සහය කොන්දේසි විරහිතව ජනපති මෛත්‍රීට..

    බැදුම්කර වාර්තාවත් සමගින් ‘ජවිපෙ’ සහය කොන්දේසි විරහිතව ජනපති මෛත්‍රීට..

    බැඳුම්කර ගනුදෙනුවෙන් සිදුව ඇති පාඩුව අයකර ගැනීමට ජනපති මෛත්‍රී ගෙන යන වැඩපිළිවෙලට සහය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක පැවසුවේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගනු ලැබූ ක‍්‍රියාමාර්ග තම පක්ෂය අගය කරන බවයි. 

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (03) සිදු කළ විශේෂ ප‍්‍රකාශයේ දී පැවසුවේ මහා පරිමාණයේ වංචා පිළිබඳ සොයා බැලීමට පත් කළ කොමිසමේ වාර්තා 34ක් මේ වනවිට තමන් වෙත භාරදී ඇති බවයි.

    මෑතක දී වාර්තා 17ක් තමන් වෙත ලැබුණු බවත්, ඊට පෙර තවත් වාර්තා 17ක් ලැබුණු බවත් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. ඒ අනුව කලින් ලැබුණු වාර්තා 17 මේ වනවිටත් නීතිපතිවරයා වෙත භාරදී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. 
     

  • කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….

    කසිප්පු පෙරමින් සිටි සන්ධාන අපේකෂකයා පොලීසියට කොටු වෙයි….

    පළාත් පාලන මැතිවරණයේදි වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කරන අපේක්ෂකයෙකු  කනංකේ කඩවීදිය ප්‍රදේශයේ ලදු කැලෑවක මහා පරිමාණයෙන් කසිප්පු පෙරමින් සිටියදී මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
     

     ඔවුන් සන්තකයේ තිබී කසිප්පු ලීටර් 25.25ක් සීනි කරිඤ්ඤං ලීටර් 50ක් කසිප්පු බැරල් දෙකක් හා කසිප්පු පෙරීමට ගන්නා දගරයක් ඇතුළු උපකරණ තොගයක් පොලීසිය භාරයට ගෙන තිබේ.සැකකාර මැතිවරණ අපේක්ෂකයා හා ඔහුගේ සහෝදරයා හෙට දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

  • බැඳුම්කරේ නිසා ‘එජාපයේ කීර්ති නාමයට’ යම්තාක්දුරකට හානියක් වුණා.. – හර්ෂද සිල්වා කියයි..

    බැඳුම්කරේ නිසා ‘එජාපයේ කීර්ති නාමයට’ යම්තාක්දුරකට හානියක් වුණා.. – හර්ෂද සිල්වා කියයි..

    බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා (03) ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් තමන් එකග වන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. මෙම වාර්තාව මගින් එක්සත් ජාතික පක්ෂයේ කීර්තිනාමයට හානියක් සිදුව ඇත්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. ඊට ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වුවා.

    එහිදී සඳහන කෙරුණේ, “හොරකම් කරන මිනිස්සුන්ට පක්ෂයක්..පක්ෂ භේදයක් නෑ.. මොනා හරි දේශපාලන පක්ෂයකට මේ මිනිස්සු අයිති වෙනවා.. මෙම කරුණේදී දේශපාලන පක්ෂයකට වඩා මේකට සම්බන්ධ වෙච්ච පුද්ගලයින්ටයි ඇඟිල්ල දිගු කරන්න ඕනේ. ඔවුනුයි ඔවුන්ට ඕන දේශපාලන පක්ෂය හොයාගෙන එන්නේ.” යනුවෙනි

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට මෙම වාර්තාව මගින් එල්ල වී ඇති චෝදනා පිළිබඳ තමන් කණගාටුවන බව නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටියා. 

  • රනිල්ගේ ගෝලයන් බැඳුම්කර කොල්ලයෙන් කොල්ල කා ඇති මුදල රු.මිලියන 11,145 ඉක්මවයි..

    රනිල්ගේ ගෝලයන් බැඳුම්කර කොල්ලයෙන් කොල්ල කා ඇති මුදල රු.මිලියන 11,145 ඉක්මවයි..

    ඓතිහාසික මහ බැංකු කොල්ලයෙන් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇතිබව ජනාධිපති බැඳුම්කර කොමිසමෙන් තහවුරු වී තිබේ.

    මෙලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 11,145 ඉක්මවන බවත් එම වාර්තාවේ සඳහන්.

    එසේම බැඳුම්කර කොල්ලයේදී කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රාජ්‍ය ආයතනවලින් කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 8528 ඉක්මවන බවත් සඳහන්.

  • රනිල්ගේ ගජමිතුරු අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු කොල්ලයට ආධාර අනුබල දුන් බවට තහවුරු වෙයි

    රනිල්ගේ ගජමිතුරු අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු කොල්ලයට ආධාර අනුබල දුන් බවට තහවුරු වෙයි

    කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මං කොල්ලය සඳහා එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආධාර අනුබල දී ඇති බවට ‘ජනාධිපති බැඳුම්කර කොමිසම’ මඟින් තහවුරු කරගෙන ඇත.

    ඒ බව (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනාවරණය කර සිටියේය.

    සිංගප්පුරු ජාතිකයෙකු වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම සහ සහතික කිරීම මත පත්කළ බවත් ඔහු සුපැහැදිලිව මෙම බැඳුම්කර මංකොල්ලය සිදුකිරීම සඳහා ඔහුගේ බෑනා වූ කුප්‍රකට ව්‍යාපාරික අර්ජුන් ඇලෝසියස්ට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සකසා දී ඇතිබවත් බැඳුම්කර විමර්ශන තුළින් තහවුරු කරගෙන ඇත.

    එපමණක් නොව මෙම බැඳුම්කර කොල්ලය සිදුකිරීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු නිලධාරීන්ව අක්‍රීයශිලී කොට ඇති අතර එතුළින් සාවාද්‍ය ස්ථාවරයන් පොළඹවා ඇති බවත් සඳහන්. එසේම ඔහු විසින් මහ බැංකුවේ අභ්‍යන්තර තොරතුරු පිටතට ලබා දී ඇති බවද අනාවරණය වී ඇත.

    මේ අනුව රටේ රාජ්‍ය අංශයේ ආයතන වලට රුපියල් මිලියන 8529 ක අලාභයක් සිදුකරමින් මහ බැංකු බැඳුම්කර කොල්ලය හරහා කුප්‍රකට බෑනාගේ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 11,145 ක මහජන මුදල් මහ දවල් කොල්ල කා ඇති බව ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් දැඩිව තහවුරු කොට ඇත.

  • කිරි සහ කැ#රි මාරුකරගත් සී.බී. පජාත වුණු හැටි… (Video)

    කිරි සහ කැ#රි මාරුකරගත් සී.බී. පජාත වුණු හැටි… (Video)

    මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී සීබී රත්නායක හිටපු අමාත්‍ය තුමන් කිරි සහ කැ#රි යන වචන පැටලී මහත් අකරතැබ්බයකට පසුගිය දිනකදී පත්ව ඇත.එම වීඩියෝව නැරඹීමට පහත ලින්ක් එක ක්ලික් කරන්න…

    <iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/iZv2W_Yjz9U” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>

  • ජනපති නිසා බලයට පැමිණි රනිල්ට තරු පෙන්වන්න අපි සුදානම් – නිශාන්ත මුතුහෙට්ටිගම

    ජනපති නිසා බලයට පැමිණි රනිල්ට තරු පෙන්වන්න අපි සුදානම් – නිශාන්ත මුතුහෙට්ටිගම

    මේ දිනවල තරු ගණන් කරමින් සිටින රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇතුළු එජාපයට පෙබරවාරි 11 වැනිදා එළිවෙනකොට තරු පෙනීමට සලස්වන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. පෙරේදා (1දා) ගාල්ලේ පැවැති ජන හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

    කට්ටිය හිතන් ඉන්නවා මේක ආණ්ඩුව පෙරළන මැතිවරණයක් කියලා. මේකෙන් පෙරළෙන ආණ්ඩුවකුත් නෑ, වෙනස් වන දේශපාලනයකුත් නෑ. මේකෙන් අන්තිමට වෙන්නේ ගම හදන කණ්ඩායමක් ශ්‍රී ලනිපයෙන් බිහිකිරීම බව විශ්වාසයෙන් කියනවා.

    2018 වර්ෂය රටට සුබදායි වර්ෂයක් වෙද්දී අපි 2018 වර්ෂය ලබන්නේ මැතිවරණ සටනක උපරිම ජයග්‍රහණය පෙනි පෙනී. අපි තනි රේස් එකක් දුවලා ජයගන්නවා. හිටපු ජනපතිතුමා කියනවා මේක ජනමත විචාරණයක් කියලා. නමුත් මේක ජනමත විචාරණයක් වුවත් නැතත් මේකෙන් ජයගන්නේ ශ්‍රී ලනිපයයි.

    අපිට ගමට වැඩ කරන්න මන්ත්‍රිවරුන් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් මේ ඡන්දෙන් පස්සේ එනවා.

    රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්ක කට්ටියක් ලෑස්ති වෙනවා එජාපයේ හයිය බලන්න. පෙබරවාරි 11 වැනිදා පාන්දර වන විට එජාපයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට තරු පෙනෙනවා. සමහර පසුපෙළ මන්ත්‍රිවරු කියනවා එජාප ආණ්ඩු හදනවා කියලා. මේ මැතිවරණයේ ජනතා මතය තුළ ශ්‍රී ලනිපයේ තනි ආණ්ඩුවක් අපි හදනවා. ඒක එජාපයට බෑ. අපි 2020දී ඒ තනි ආණ්ඩුව හදනවා. ඒක ශ්‍රී ලනිප ආණ්ඩුවක්.

    මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලබන අවුරුදු දෙක ඇතුළත හොරු යන්න ඕන තැන්වලට යාවි. ඒකේ වගකීම අපේ ජනාධිපතිවරයා සිදුකරන බව වගකීමෙන් කියනවා. 2018 වර්ෂය හොරු අල්ලන වර්ෂයක්. අද සිට පොලිතින් තහනම් වගේම අද සිට හොරකම වංචාව දූෂණයත් තහනම් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා.

  • රටක් බලා සිටි බැඳුම්කර හොරු ඇත්ත රටට හෙළිකරන ජනපති මෛත්‍රීගේ විශේෂ ප‍්‍රකාශය අද

    රටක් බලා සිටි බැඳුම්කර හොරු ඇත්ත රටට හෙළිකරන ජනපති මෛත්‍රීගේ විශේෂ ප‍්‍රකාශය අද

    ආන්දෝලනාත්මක බැඳුම්කර ගණුදෙණුවට අදාළව සිදුකළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (03) විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

    අදාළ කොමිසමේ සාමාජිකයින් විසින් ඉකුත් 30 වැනිදා මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාරදුන්නා. පිටු දහසකට වැඩි සංඛ්‍යාවකින් එය සමන්විතයි. 

    මහබැංකු බැඳුම්කර සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන සඳහා ඉකුත් වසරේ ජනවාරි මස 27 වන දින ජනාධිපතිවරයා විසින් අදාළ කොමිසම පත් කරනු ලැබුවා. එහි නිල කාලය අවස්ථා 4 කදි දීර්ඝ කෙරුණු අතර බොහෝ පිරිසක් එහිදී සාක්‍ෂි ලබාදුන්නා.

    මෙහිදි විමර්ශනය කෙරුණේ 2015 පෙබරවාරි මස 27 වැනිදා සිදුකළ බැදුම්කර නිකුතුව පිළිබඳවයි. ඒ පිළිබදව විගණකාධිපතිවරයා ඉදිරිපත් කළ විගණන වාර්තාවක සඳහන් වුයේ බැදුම්කර නිකුතුවේදී රජයට සිදුව ඇති රුපියල් බිලියන 1.6 ක පාඩුව වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවයි.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවද විමර්ශනයක් සිදුකළේ අදාළ විගණන වාර්තාව පදනම් කර ගනිමින්. ජනාධිපතිවරයා මෙම ජනාධිපති කොමිසම පත් කළේ ඉන් පසුවයි. එහි පළමු රැස්වීම පෙබරවාරි 6 වැනිදා සිදුවුණා. කොමිසම සාක්‍ෂි විභාග කළ දින ගණන 123 ක්. 

    වත්මන් මහබැංකු අධිපතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, කෝප් කමිටුවේ සභාපතිවරයා, විගණකාධිපතිවරයා සහ හිටපු මහබැංකු අධිපතිවරයාද කොමිසම හමුවේ පෙනී සිටියා. එමෙන්ම බැදුම්කර ගණුදෙණුවට සම්බන්ධ වූ පර්පචුවල් ටෙ‍්‍රසරිස් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන්ද කොමිසම හමුවේ පෙනී සිටිමින් සාක්‍ෂි ලබාදුන්නා.

    එම සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් අවස්ථා රැසකදී මෙම කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීම සිදු කළා. හිටපු අමාත්‍ය රවී කරුණානායක මෙන්ම කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන්ද කොමිසම හමුවේ පෙනී සිටි පිරිසට අයත්. අගමැතිවරයාද කොමිසම හමුවේ පෙනී සිටියා.

    හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේද බැඳුම්කර කොමිසමේදී අනාවරණ වූ සාක්‍ෂි පදනම් කර ගනිමින්. එම විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුණා. 

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය දයාසිරි ජයසේකර කියාසිටියේ ද කොමිසමේ වාර්තාවේ ඇති කිසිඳු කරුණක් සැඟවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය නොවන බවයි.

    ජනාධිපතිවරයා අද දිනයේදී අදාළ වාර්තාව පදනම් කර ගනිමින් සිදුකරන ප‍්‍රකාශය ඉතා වැදගත් එකක් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

  • පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි

    පැමිණිලි ගැන තීරණයක් ගැනීමට කොමිසම අද රැස්වෙයි

    මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්විමට නියමිතයි.

    එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් එහිදී තීන්දු තීරණ කිහිපයකට එළැඹිමට නියමිත බවයි.

    එමෙන්ම එළැඹෙන මැතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් ගතහැකි කි‍්‍රයාමාර්ග පිළිබදව එහිදී වැඩිදුරටත් සාකච්ඡාවට ගනු ඇති.

  • මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…

    මැතිවරණ අල්ලස් ලෙස බුදු පිළිම බෙදු පොහොට්ටු අපේක්ෂකයාට වැඩ වරදී…

    මැතිවරණ නිති  උල්ලංඝණය කරමින් මාතලේ ප්‍රාදේශීය සභාව තුළ බුදු පිළිම බෙදූ පොදුජන පෙරමුණේ අපෙක්ෂකයකු පිළිබදව පැමිණිලලක් ලැබුණු බව මාතලේ සහකාර මැතිවරණ කොමසාරිස් ශානික රූපසිංහ මහතා පැවසුවේය.මාතලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවත්වන අතර මැතිවරණය ප්‍රචාරණ කාල සීමාව තුල මෙසේ බුදු පිළිම බෙදා තම ඡන්ද ගෙඩ වැඩි කරගැනීමට කටයුතු කිරීම  ඉතා කණගාටුදායක තත්වයක් බව බොහෝ ගිහි පැවිදි උතුමණ්ගේ අදහසයි…

  • රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

    රගර් මැච් එකේ වලිය දා ගත්තු යෝෂිතගේ සහයට නාමල් මැද්දට… ජනපති පුතා උෂ්නය තවමත් (Video)

    පසුගිය සෙනසුරාද (30) අන්තර් සමාජ ලීග් රග්බි තරඟාවලියේදී නාවික හමුදාව සමඟ CH & FC කණ්ඩායම අතර තරඟය වැලිසරදී පැවති අතර එම තරඟය ලකුණු 27ට 24ක් ලෙස නාවික හමුදා කණ්ඩායම ජයගත්හ.තරඟයෙන් පසුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් අතර සිදුවූ බහින්බස් වීම ගැටුමක් දක්වා දුරගිය අතර යෝශිත ගැටුමට මැදි වූ බැවින් අසල හිටි නාමල් ද තම සොහොයුරා වෙනුවෙන් ඉදිරිපත් වී ඇත.පසුගිය රජය මසයේ සිය පියා ජනාධිපති වීම හේතුවෙන් රගර් කණ්ඩායම් වල බලය මේ සොහොයුරන් දෙපල දරා සිටි අතර අනෙක් දක්ෂ ක්‍රීඩකයින් මේ හේතුවෙන් ඉතා දැඩි කනස්සල්ලෙන් සිටි බව නොරහසකි. සිය පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ දෙවරක්ම ලැබූ දැඩි පරාජයත් සමග මේ සොහොයුරන්ගේ බලයද බිඳී සාමාන්‍ය ක්‍රීඩයිකයින් බවට පත්වුද තවද ජනපති පුතා යන උශ්නය මොවුන්ගේ හිත් වලින් තුරන් වී නොමැති බව පෙනී යයි….

  • ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ පවට මහින්ද කර ගසයි…

    ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ පවට මහින්ද කර ගසයි…

    අද 2018 ජනවාරි 02 ඒ කියන්නෙ ලැබුවා වූ 2018 නව වසරේ වැඩ කරන පළමු දිනය(පළවනදා එනම් ඊයේ පොහොය දිනයක් නිසා) ඉතින් ඔන්න 2018 වසරේ වැඩකරන පළමු දිනයේම අපේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඝ , වෙද , ගුරු , ගොවි හා කම්කරු කියන පංච මහා බලවේග එකතු කොට හැදූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් අයුරකින් කිවුවහොත් 2005 එවකට හිටි හොඳ කම්කරු නායකයෙක් වූ මහින්ද රාජපක්ෂට ජනපති වරම් හිමිකරදුන් පක්ෂය දෙකඩ කිරීමේ මහත් වූ පාප කර්මයට උරදෙන්න යන බවට ආරංචි ලැබී ඇත.

    ඒ, අද ඔහු සුගතදාස ක්‍රීඩාංගනයේ පොහොට්ටුව නමින් තමන්ව හදුන්වාගන්නා බැසිල් ප්‍රමඛ දේශපාලන අනාතයන් සුළුතරයක් සමඟ අත්වැල් බැඳගෙන නාමල්ව 2025 වනවිට ජනපති අපේක්ෂකයා ලෙස කල එළි දැක්වීමට ඇති පටු දේශපාලන කොණය නිසා පමණක් බව උගත් බුද්ධිමත් පාඨක ඔබ සැමට අලුතින් කියන්න දෙයක් දෙයක් නැත.

     

  • ශ්‍රීලනිප – එජාප ජාතික ආණ්ඩුවේ ආයු කාලය පෙබරවාරි 11 අවසන්… මහින්දගෙන් ප්‍රකාශයක්..

    ශ්‍රීලනිප – එජාප ජාතික ආණ්ඩුවේ ආයු කාලය පෙබරවාරි 11 අවසන්… මහින්දගෙන් ප්‍රකාශයක්..

    වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව සම්බන්ධයෙන් වන අවසන් තීරණය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ‘මව්බිම’ට පැවැසීය.
    එක්සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්
    පක්‍ෂය එක්ව පිහිටුවා ඇති සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය පෙරේදා (31දා) අවසන් වූ අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට රැගෙන යනවාද නැද්දැයි ‘මව්බිම’ කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

    ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම අවසන් වීමත් සමඟ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ස්ථාවරයේ සිටින අතර සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවට තවත් පාර්ශ්වයක් පවසති.

    එළැඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කෙළේ පළාත් පාලන මැතිවරණයෙන් පොහොට්ටුව පරාජය වූ පසු ඊට සහාය දෙන ශ්‍රී ලනිප කණ්ඩායම ආණ්ඩුවට සහයෝගය ලබාදෙනු ඇති බවයි.
    කෙසේ වෙතත් ශ්‍රී ල.නි.ප.යේ සිටිමින් වෙනත් පක්‍ෂයකට සහාය පළ කරන්නන් පිළිබඳ
    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනය ක්‍රියාමර්ග ගැනීමට අනිවාර්ය බවද අමරවීර මහතා වැඩිදුරටත් පැවැසුවේය.