Blog

  • මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…

    මහේස්ත්‍රාත් තුමන්ට පාරෙ කුණුහරුපෙන් බැන්න 3 දෙනාට වැඩ වරදී…

     

    අනුරාධපුර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන පුද්ගලයන් තිදෙනෙේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් සර්වන රාජා මහතා ගමන් ගත් නිල රථය මරදන්කඩවල අසලදි හරස් කරමින් අසභ්‍ය සහ පරුෂ වචනයෙන් බැන වැදී ඇති අතර ඔවුන් තිදෙනා අද(25) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි. මොවුන් මාතලේ සහ ගලේවෙල පදිංචිකරුවෝ වෙති.

    නොච්චියාගම ප්‍රෙද්ශයේ නිවසක පැවති අවමගුල් උත්සවයකට සහභාගිවි ආපසු හැටන් බලා යමින් සිටියදි මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට මුහුණ දී තිබූ අතර කරමින් අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවට මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂක නිලධාරිවරයා එදින කැකිරාව පොලිසියට කළ පැමිණිල්ල මත කැකිරාව පොලිසිය විසින් මෙසේ පරික්ෂණයක් ආරම්භකොට සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ.

  • මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…

    මේ අවුරුද්දෙ මේ වෙනකල් ලංකාවෙ FACEBOOK ගිණුම් 3000 ක් අයින් කරලා…

    ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යාම, ෆේස් බුක් ගිණුම් යොදා ගනිමින් මුදල් වංචා කිරීම ඇතුළු සිද්ධීන් මුල් කරගෙන වසරේ මේ දක්වා කාළය තුල මෙරට ෆේස් බුක් ගිණුම් 3000කට ආසන්න සංඛ්‍යාවක් භාවිතයෙන් ඉවත් කිරීමට ෆේස් බුක් ආයතනය පියවර ගෙන ඇත.

    මේ වසරේදී ෆේස් බුක් සම්බන්ධ පැමිණිලි 3400ක් පමණ තම ආයතනයට ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ෆේස් බුක් ආයතනයට කරන ලද දැනුම් දීම මත  ෆේස් බුක් සමාගම මෙම පියවර ගෙන ඇති බවත්  පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදයේ ප‍්‍රධාන තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

     

     

  • තේ තහනම දෙසැම්බර් 30න් අවසන්…

    තේ තහනම දෙසැම්බර් 30න් අවසන්…

    තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන්  සමග පැවති සාකච්ඡාවෙන් පසු රුසියාව විසින් අප රටට පනවා තිබූ තේ තහනම දෙසැම්බර් 30 වැනිදාට පසු ඉවත් කරන්නට කටයුතු කිරීමට එකඟ වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටී.

    ඒ අනුව දැනට රුසියාව වෙත යැවීමට සූදානම් කර ඇති  තේ කොළ සහිත කන්ටේනර් බහාලූම් ලබන 30 වැනිදායින් පසු රුසියාව වෙත යැවීමට අදාළ බළධාරීන් වෙත උපදෙස් ලබා දෙන බවද ඒ මහතා පැවසීය.

     

  • ඡන්දෙන් පස්සෙ ජාතික ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියල තීරණයක් ගන්නවා..

    ඡන්දෙන් පස්සෙ ජාතික ආණ්ඩුවේ ඉන්නවද නැද්ද කියල තීරණයක් ගන්නවා..

    පළාත් පාළන මැතිවරණයේ කටයුතු අවසන් වූ විගස ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුස්වී තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවත් දෙසැම්බර් 31 වනදාට පෙර මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණද පළාත් පාළන මැතිවරණයට මුලික අවධානය යොමු කිරීම හේතුවෙන් ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම පසුවට කල්තැබූ බවත් කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍ය ඩබ් ඩී ජේ සෙනෙවිරත්න මහතා කියා සිටී.

  • පොහොර බෙදල පොහොට්ටුවට ඡන්ද ගන්න හදපු හැටි මාට්ටු වෙයි….

    පොහොර බෙදල පොහොට්ටුවට ඡන්ද ගන්න හදපු හැටි මාට්ටු වෙයි….

    අනුරාධපුර දිස්ත්‍රිකයේ කැබැතිගොල්ලැව ප්‍රාෙද්ශිය සභාවේ වාහල්කඩ කොට්ඨාශයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂිකවකගේ නිවස ඉදිරිපිටදි ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට අයත් පොහොර මිටි 62 ක් තෝරා ගත් පිරිසකට බෙදා දෙමින් සිටියදි කැබිතිගොල්ලැව පොලිසිය මගින් පොලිසිය  භාරයට ගෙන ඇත.

    මෙම පොහොට්ටු අපේක්ෂිකාවගේ සැමියා ගොවිජන සේවා දෙපාර්ථමේනුතුවේ කෘෂි පර්යේෂණ නිලධාරියෙකි.මේ දිනවල රජරට පවතින දැඩි පොහොර හිගය නිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොහොර සහනාධාරය වෙනුවට ඝෘජුවම ගොවිජන සේවා මධ්‍යස්ථානයට පොහොර ලබා දිමට පියවර ගෙන ඇති අතර එසේ රජය මගින් සැපයු මෙම පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථානය තුලදි නොබේදා සිය නිවසේ තබා ගෙන තෝරාගත් ගොවියන්ට පමනක් පොහොර බෙදිමට මෙම කෘෂි පරියේෂණ නිලධාරිවරයා ක්‍රියාකර ඇති බැවින් ඔහුට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක කිරීමට අදාල අංශ වෙත දන්වා ඇති බව වාර්ථ වෙයි.

     

  • මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් ඡන්දෙ ඉල්ලන්න බෑ…

    මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් ඡන්දෙ ඉල්ලන්න බෑ…

    මැතිවරණවලදී අපේක්ෂකත්වය බලාපොරොත්තු වන්නන් ගෙන් පොලිස් වාර්තා ලබාගැනීම අනිවාර්ය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තුවන බව පැෆරල් සංවිධානයයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.මේ සම්බන්ධව මැතිවරණ කොමසාරිස්වරයා මෙන්ම රජයේ බලධාරින් සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

    පවතින නීතිය අනුව මාස තුනකට වැඩි සිර දඬුවමක් විඳ ඇත්නම් මැතිවරණයකට ඉදිිරිපත් විය නොහැකි වේ.
    එවැනි තත්ත්වයක් යටතේ මෙවර මැතිවරණයටත් චෝදනා ලැබුවන් සැලකිය යුතු පිරිසක් ඉදිරිපත් වී ඇති බවත් පවතින මැතිවරණ ක්‍රමය යටතේ එවැන්නන් ඉදිරිපත් කළ විට ඡන්දදායකයන්ට විකල්ප තෝරාගැනීමට අවස්ථාවක් නොවන  බැවින් චෝදනාවලින් තොර දූෂණවලට හවුල් නොවූ පුද්ගලයින් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් ලෙස මැතිවරණයක නාම යෝජනා ලබා ගැනීමට ඉදිරිපත්වීමේ දී  පොලිස්වාර්තාව ඉදිරිපත් කිරීම අනිවාර්ය කීරීම කෙරෙහි අවධානය යොමු කරවන  බව ද හෙතෙම සඳහන් කළේය.මෙවර මැතිවරණයේ දී ඉදිරිපත්වී ඇති එවැනි දූෂිත පුද්ගලයන් පිළිබඳ පොලිස් වාර්තා හා නඩු වාර්තා ලබා ගෙන තහවුරු  කර ගත් පසු මැතිවරණයට පෙර හෙලි කිරීමට බලාපොරොත්තු වන බව හෙට්ටිආරච්චි මහතා වැඩි දුුරටත් සඳහන් කළේය.

  • ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!

    ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා!!!

    nattala

    නත්තල් උත්සවය සේ සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතයි. එහෙත් වර්තමානයේ දී මෙය වරදවා වටහාගෙන ප්‍රීති උත්සවයක් සේ පමණක් සිතා සමරනු ලබයි. එය බලවත් වරදකි. නත්තලේ සැබෑ අරුත වටහා ගත යුතුය.

    සත්‍ය ලෙස ම පවසතොත් නත්තල යනු ලෝකය වෙනස් කළ දිනයකි. යුධ ගිනි අතර පිපි සාමයේ කුසුමක් වන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එම උත්පත්තිය සමරන්නේ මේ දිනයේ දී ය. ජීවිතය අත්හැර යන්නට සිටි මිනිසුන්ට ජීවිතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු ඇති වූ දිනය යි. ලෝකයට සාමයේ පණිවුඩය ලබා දුන් දිනය යි.

    කෙසේ වුව ද කිතු උපත සැමරීමේ සිරිත උන්වහන්සේ උපන් දා පටන් ම හෝ යටත්පිරිසෙයින් උන්වහන්සේ ධරමාන කාලයේ හෝ සිදුවූවක් නොවේ. උපන්දින සමරන්නන් මිථ්‍යාදෘෂ්ඨියක් සේ ජුදා වරුන් විසින් විශ්වාස කිරීම ඊට හේතුව යි. කතෝලික සභාව පිළිගත්තේ ද මේ මතය යි. සරලව ම හා ඍජුව ම කිවහොත් කිතු උපතින් සියවස් කිහිපයක් යනතුරුත් කිතුණු සමාජයේ මේ උත්සවය උත්සවාකාරයෙන් සැමරූයේ නැත. එහෙත් කාලය සමග සියල්ල වෙනස් විය. ක්‍රිස්තියානිය යුරෝපයේ පැතිර යාම වේගවත් වීමත් සමග, ඒ වන විට යුරෝපයේ පැවති සෙසු ආගමික උත්සවවල ද ආභාසය ලබා නත්තල් උත්සවය බිහි විය.

     

    නත්තල් වදන-

    මෙය රෝම බසෙහි නතාලිස් (Natalis) යන වදන හා ඉංග්‍රීසියෙහි නතාල්(Natal) යන වදන අනුව නිපන්නකියි විශ්වාස කෙරේ.

     

    නත්තල් සමරුව ඇරඹීම-

     

    නත්තල් සමරුව ඇරඹීමේ කතාව සමග දැඩි සබඳතාවක් පෙන්වන්නේ ස්කැන්ඩිනේවියානුවන්ගේ යූල්(Yule) උත්සවය යි. ( යූල් උත්සවය යනු කිතු උපතට සියවස් ගණනාවකට පෙර පටන් පැවති ශීත ඍතු උත්සවයකි. මේ උත්සවයේ දී සමරනු ලැබූයේ තෝර් නමැති දෙවියන් ය. තෝර් දෙවියා ගිගිරුමට අධිපති දෙවියා යැයි ස්කැන්ඩිනේවියානුවන් තුළ විශ්වාසයක් පැවතුණි. පිරිමි සතුන් හා වහල් මිනිසුන් බිලි දෙමින් යූල් කඳන් පිළිස්සීම මේ උත්සවයේ දී සිදු විය. උත්සවය අවම වශයෙන් දින 12ක් වත් පැවතුණි. මේ ගිනි තැබීම්වල දී ඇති වන සෑම ගිනි පුළිඟුවකින් ම අලුතෙන් ඌරු පැටවෙකු හෝ වසු පැටවෙකු උපදින බවට ඔවුන් තුළ විශ්වාසයක් පැවතුණි). යුරෝපයේ කිතු සමය පැතිර යාමත් සමග ස්කැන්ඩිනේවියානුවන්ගේ ආගමික විශ්වාස තරමක් දුරට යටපත් වුව ද ඔවුන්ගේ ආගමික උත්සව හා බැඳි ඇවතුම් පැවතුම් හි විශාල වෙනසක් වූයේ නැත. ඒ වෙනුවට ඒ ඇවතුම් පැවතුම් කිතු දහම හා සම්බන්ධ වී නව මුහුණු වරක් ගත්තේය. එහෙත් නත්තලේ උපතට සපුරාම බලපෑවේ යූල් උත්සවය නොවන බව ද සිහි තබි ගත යුතු වේ. අරුත් සුන් උත්සව පවත්වනු වෙනුවට ලෝකයට නව දර්ශනයක් හඳුන්වා දුන්, මිනිසුන්ට නව බලාපොරොත්තු සපයා දුන් උත්තමයෙකුගේ උපතක් සැමරීමේ වැදගත්කම මෙහිදී මුල් වී ඇත.

     

    දෙසැම්බර් 25 නත්තල් සැමරීම-

     

    කිතු සමිඳාණන් උපන්නේ නිශ්චිත වශයෙන් ම දෙසැම්බර් මස විසි පස්වන දින යැයි මතයක් බහුතරයක් ලෝ වැස්සන් අතර දැන් ඇතත් මේ වනාහි අතිශය විවාදයට තුඩු දුන් මතයකි. ශුද්ධ වූ බයිබලයේ පවා මේ පිළිබඳ පැහැදිලි අදහසක් නැත. කිතු උපත සම්බන්ධව ශුද්ධ බයිබලයේ මතෙව් හි ලූත් ගේ සාක්ෂිවල පරස්පරතා පවතී. එය කිතු දහමේ මුඛ්‍ය ඉගැන්වීම්වලට තදින් අදාළ නොවන නිසා මේ පිළිබඳ විග්‍රහ කෙරී නැත. සාමය, සමානාත්මතාව හා සහජීවනය පදනම් කරගත් කිතු සමය තුළ කිතු උපත පිළිබඳ දැඩි තර්කයක් නැත. අනෙක් කරුණ නම් ලෝකයේ සෑම ආගමක ම, දර්ශනවාදයක ම, ඇදහිල්ලක ම, විශ්වාසයක ම ඓතිහාසික තොරතුරුවල සදොස් තැන් තිබේ. ඒවා ද මේ ලෙස ම ඒවායේ මුඛ්‍ය අරමුණට අදාළ නොවන නිසා තර්කයට බඳුන් කිරීමේ ඵලක් නැත.

    යොෂුවා- බෙන්- යෙසුෆ් (Yehoshua Ben Yosef)හෙවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ලෝකයේ අති බහුතරයක් කිතුණුවන් සමරන්නේ දෙසැම්බර් විසිපස්වන දිනයි. උන්වහන්සේ උපන්නේ දෙසැම්බර් විසි හතරවැනි දින මධ්‍යම රාත්‍රියේ දී ය. ඊට අනුව විසිපස්වන දිනය සමරු දිනය සේ සලකයි. එහෙත් මේ පිළිබඳව ලෝකයේ විවිධ ජාතීන් අතර තවත් මතවාද පවතී. ඒ දින මෙසේ ය.

     

    ජනවාරි 6-

    ආමේනියානුවන් ඇතුළු සුළුතරයක් මේ මතයේ හිඳිති. ඔවුන් මේ දිනයේ කිතු උපත සමරන අතර තවත් පිරිසක් මේ දිනය කිතු සමිඳාණන් බව්තීස්මය ලැබූ දිනය සේ සලකා ස්මරණය කරති. තවත් පිරිසක් කියන්නේ ශ්‍රාස්ත්‍රවන්තයන් කිතුසමිඳාණන් වහන්සේ බැහැ දුටුයේ මේ දිනයේ දී බවයි.

     

    මාර්තු 21-

    ක්‍රි.ව. 243 දී ලතින් බසින් ලියූ ග්‍රන්ථයක මේ දිනය දක්වා තිබුණි.

     

    අප්‍රියෙල් 18 හෝ 19 –

    සුළු පිරිසකගේ අනුමානයකි.

     

    මැයි 20-

    ක්‍රි.ව. 150-215 අතර කාලයේ සිටි කිතුණු දේවධර්මාචාර්යවරයෙකු වූ ටයිටස් ප්ලේවියස් ක්ලෙමන්ස් මේ මතය විශ්වාස කළේ ය.

     

    මේ කෙසේ වුවත් සැබෑ නත්තල හෙවත් කිතු උපත සිදු වූයේ දෙසැම්බර් මස විසි පස්වන දිනයේ දී ය යන්න නිල වශයෙන් ම ප්‍රකාශයට පත් කරන ලද්දේ ක්‍රි.ව.දෙසිය හැත්තෑතුනේ දී පමණය. මේ දිනය නත්තල සේ ප්‍රකාශ කළේ ඒ වන විටත් යුරෝපයේ මේ දිනයේ ම තවත් උත්සව දෙකක් ද පැවතීම නිසාය. ඒවායින් සූර්යයාගේ උපත හා මිත්‍රා දෙවඟනගේ උපත සමරන ලදී. මේ මිථ්‍යා වන්දනාවන්ගෙන් ඈත් වී ජනයා කිතුතුමා සැමරීමට යොමු කිරීම මෙහි අරමුණ විය. එහෙත් මේ දිනයට නිත්‍යානුකූල අවසරයක් ලැබෙන්නේ ක්‍රි.ව. තුන්සිය දහතුනේ දී කොන්ස්ටන්ටයින් නිකුත් කළ නිකොමීඩියාආඥාවෙනි. (Edict of Nicomedia) මේ ආඥාවෙන් රෝමයේ එතුවක් තිබූ සෙසු ආගම්වලට ද සහනයක් හිමි වූ අතර කිතු සමයට විශේෂත්වයක් හිමි විය. ඊට අනුව දෙසැම්බර් විසි පහ දින කිතු උපතත්, සූර්යදේව උපතත් යන සමරු දෙක ම පැවත්වුණි. සැටනේලියා උත්සවයත් (සැටනේලියා උත්සවයේ දී සෙනසුරු දෙවියන් වන්දනාවට පාත්‍ර වූ අතර එය දෙසැම්බර් 17 දිනට යෙදී තිබුණි.) , කාලෙන්ඩිස් උත්සවයත් (කාලෙන්ඩිස් උත්සවය මාසයේ ඇරඹුම් දින පූජාවයි.ජනවාරි පළමු දින පැවත්වුණි.) අතරතුර දිනයක නත්තල් උත්සවය සැමරීම නිසා කිතුණුවන්ට සෙසු ආගමිකයන්ට සේ ම නිදහසේ නත්තල සැමරීමට අවස්ථාව උදා විය. මන්දයත් මේ කාලය ම උත්සව සමයක් සේ පිළිගැනුණු හෙයිනි. ක්‍රි.ව. 336 දී පිලෝක්ලියන් කැලැන්ඩරය මගින් ද ක්‍රි.ව. 354 දී ලයිබිරියස් පාප්තුමා විසින් පිළිගැනීම මගින් ද නත්තල් දිනය තවදුරටත් ස්ථාවර විය. එහෙත් ඉතිහාසඥයෙකු හා දේශ සංචාරකයෙකු ද වූ සෙක්ස්ටස් ජුලියන් ඇප්‍රිකානුස් විසින් ක්‍රි.ව. 221 දී පමණ සිට මේ දිනය වඩාත් ජනප්‍රිය කරවීමේ නිරත විය.

     

    Christmas හා Xmas –

    ග්‍රීක බසෙහි එන X අක්ෂරය රෝම බසෙහි එන Chi අක්ෂරවලට සමාන අරුතක් දෙයි. මේ නිසා ක්‍රිස්තුස් වහන්සේ හැඳින්වීමේ දී බයිබලයේ ග්‍රීක පිටපත්වල Chi වෙනුවට X අක්ෂරය යොදා ඇත. මේ යෙදුම මුල් කරගෙන Xmas යන ව්‍යවහාරය එන්නට ඇත.

     

    ගවලෙන හා නත්තල-

    යේසුස් වහන්සේ උපන්නේ බෙත්ලෙහෙම් හි ගවලෙනක යැයි පිළිගත් මතයක් ඇත. එහෙත් බයිබලයේ මේ පිළිබඳ පැහැදිලි අර්ථ දැක්වීමක් නැත. කෙසේ වුව ද ක්‍රි. ව. 1498 වන විට මේ මතය යම් ස්ථාවර තත්ත්වයකට පත්ව තිබූ බව මේ කාලයේ ඇඳි සිතුවම් මගින් වටහා ගත හැක.

     

    නත්තල් ගස-

    xmastree

     

     

     

    මෙය පුරාණ මිනිසුන් අතර පැවති වෘක්ෂ වන්දනයෙන් ප්‍රභවය වූවකි. ක්‍රිස්තුන් වහන්සේ හා නත්තල් ගස සේ යොදා ගන්නා ගස අතර සබඳතාවක් නැත. 1835 වර්ෂයට අයත් ලියවිල්ලක Christmas Tree යන වදන මුල් වරට හමු වේ. නත්තල ඇරඹීමට පෙර පටන් පැවති යූල් උත්සවයේ දී යූල් ගසට විශේෂත්වයක් හිමි වීම ද මේ නත්තල් ගස නත්තලට විශේෂ වීම කෙරේ බලපාන්නට ඇත.

     

    කැරොල්-

     

    xmaskarol1

     

    ග්‍රීකයන් රවුම සෑදී සංගීතයක් නොමැතිව ම ගැයූ කෝරස් (Choros) ගායනයෙන් කැරෝල් බිහි වන්නට ඇති නමුදු මුල් කාලීන පල්ලිය විසින් මෙය තහනම් කරන ලදී.විවිධ මතවාද, මතභේදවලට තුඩු දුන් කැරොල් 17 වන සියවසේ ඇමරිකානු රටවල දී දැඩි බාධකවලට ලක් විය. මේ කාලයේ මේ රටවල දී නත්තල හා නත්තලට සම්බන්ධ සෙසු උත්සව ද අභියෝගයට ලක් විය. එහෙත් මහා ගත්කරු චාල්ස් ඩිකන්ස් විසින් Christmas Carol කෘතිය කර 1843 දී ප්‍රකාශයට පත් කළ පසු කැරොල් යළි ජීවය ලැබීය. දැනට පවතින කැරොල් ගායනා රැසක් ම මේ කාලයෙන් පසු නිර්මාණය වූ ඒවා සේ පිළිගැනේ.

     

    නත්තල් කාඩ්-

     

    1stxmas card

    ලොව ප්‍රථම නත්තල් සුභ පැතුම්පත

     

    දිගු ඉතිහාසයක් නැත. ලන්ඩනයේ වික්ටෝරියා හා ඇල්බර්ට් කටුගෙයි නිර්මාතෘ ශ්‍රීමත් හෙන්රි කෝල් සිය මිතුරන් නත්තල පිළිබඳ දැනුවත් කිරීමට තීරණය කළේය. සත්‍ය ලෙස ම කිවහොත් ඔහුට අවශ්‍ය වූයේ නත්තල් දිනය දා දුප්පතුන්ට උපකාර කරන්නැයි සිය මිතුරන්ගෙන් ඉල්ලා සිටීමට ය. මේ කාර්යය ඔහු විසින් ජෝන් කැල්කොට් හා හෝර්ස්ලි යන නිර්මාණ ශිල්පීන් දෙදෙනාට පවරන ලදුව ඔවුන් විසින් නිර්මාණය කළ මුල් කාඩ්පත් නත්තල් කාඩ්පතට උපත ලබා දුනි. (පින්තූරය බලන්න) වයින් පානය කරන පවුලක රුවක් හා දුප්පතුන්ට උපකාර කරන අයගේ රූපසටහන් සමග සුභ නත්තලක් හා සුභ නව වසරක් වේවා යන වැකිය ද එහි සටහන් කර තිබුණි. කුඩා දරුවෙකු වයින් පානය කරන දසුන නිසා මේ කාඩ්පත විවේචනයට බඳුන් වුව ද 1875 වර්ෂයේ දී ලුවිස් ෆ්‍රෑන්ක් විසින් ලිතෝග්‍රාෆ් මුද්‍රණයන්ත්‍රය සොයා ගැනීමෙන් පසු නත්තල් කාඩ් පත් ලෝ පුරා ශීඝ්‍ර‍යෙන් ජනප්‍රිය විය.

    -අනතර්ජාලයෙන්

     

  • මුදලට ජනප්‍රියකමට චරිතය පාවාදෙන නිලියක් තමයි රිද්මා.. පෙම්වතා යටගිය සියල්ල හෙළිකරයි..

    මුදලට ජනප්‍රියකමට චරිතය පාවාදෙන නිලියක් තමයි රිද්මා.. පෙම්වතා යටගිය සියල්ල හෙළිකරයි..

    තිළිණ චතුරංග , ඔහු ප්‍රසිද්ධ චරිතයක් නොවේ. නමුත් එක්තරා ප්‍රසිද්ධ චරිත කිහිපයක් පිළිබදව පසුගිය දිනවල ප්‍රසිද්ධ වූ කතාවක ඔහුද චරිතයක් .  රොෂාන් පිලපිටිය, රිද්මා පිලපිටිය පෙම් කතාවේ තෙවන චරිතය තිළිණ චතුරංග තමන්ගේ කතාව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුණා,

    එම සංවාදය පහතින්,

    තිළිණ චතුරංග අපිට එකපාරටම අහන්න ලැබුණේ පසුගිය දවසක නවක නිළියක් එක්ක ඡායාරූප පලවෙලා යම් සිද්ධියක් කියවුනා නේද ?

    මම ඔය කියන කෙනාව දැනගෙන අවුරුදු 3ක් වෙනවා. එයා පොළොන්නරුවේ. එයාගේ ගම් පළාතත් මම රාජකාරි කරන පළාතේ.

    ඒ කියන්නේ දෙන්නා අතර සම්බන්ධයක් තිබුණද ?

    අපි දෙන්නා අඳුනගත්තෙ එතකොට. අපි දෙන්නා අතර අවුරුදු 3ක සම්බන්ධයක් තිබුණා. ප්‍රශ්නය වෙන කාලේ වෙනකන් ඒක තිබුණා. ලබන අවුරුද්දේ බඳින්න ගෙවල්වලිනුත් කැමති වුණා.

    එයා රංගනයට කැමැත්තෙන් හිටියද ?

    එයාගේ ආසාවක් තිබුණා. එයාගේ පළමුවැනි නිර්මාණාත්මක වැඩෙත් අවිස්සාවේල්ලේ කළේ. ඒකටත් එක්කන් ආවේ මම.

    ඔයාද එයාට උදව් කළේ ?

    අගෝස්තු මාසේ මේ කියන නළුවා අලුත් නාට්‍යයක් පටන් ගන්නවා එන්න කියලා තිබුණා. මමයි ඇයයි ඒ නළුවව කොළඹ හෝටල් එකකදී හම්බවුණා. ඒ වැඩවලට ලේසි වෙන්න පන්නිපිටියේ මගේ නමට කුලියට ගෙයක් අරන් ඇයව නැවැත්තුවා.

    මේ නාට්‍යය මොකක්හරි කතාවක් පදනම් වුණු එකක්ද ?

    මමයි එක අරන් දුන්නේ. කාන්තාරයේ පිපි කුසුම හරි කාන්තාරයේ දරුවෝ වගේ නමක් තියෙන්නේ.

    ඔයාට එයාව මඟහැරෙන්නේ කොහොමද ?

    මම එයාව නැවැත්තුවේ එයාගේ ලොකු අම්මා එක්ක. දවසක් මම කෝල් කරද්දී ලොකු අම්මා නැතිව එයා අර නළුවා හම්බෙන්න තනියම ගිහින්. ඒ වගේම අපේ ෆේස්බුක්වල පාස්වර්ඩ් තිබුණා. එකපාර එයාගේ ෆේස්බුක් පාස්වර්ඩ් මාරු කරලා තිබුණා. සති තුනකට පස්සේ එයා කිව්වා අරයා එක්ක සම්බන්ධයි කියලා.

    ඔයා ඒකට හේතුව ඇහුවද ?

    හේතුව පිළිගන්න බෑ. ඇය කළින් කොරියාවේ තරුණයෙක් එක්ක විවහා වෙලා පස්සේ අයින් වෙච්ච කෙනෙක්. . කර්මය හැමදේම තීරණය කරයි. එයා මගේ පෙම්වතියට මං ගැන බොරු වැරදි කියලා තිබුණා.

    ඔයාට නොපෙනුන, දැන් ඔයාට පෙනෙන තැන් තියෙනවද ?

    ලංකාවේ නිළියක් වෙන්න හදන අය තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.

     

    [rns_reactions]

  • අසිරිමත් තන්තල උදා වෙයි

    අසිරිමත් තන්තල උදා වෙයි

    අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයෙන් උදා වුණා.

    ඒ, පේ‍්‍රමයේ අගය ලොවට කියාදුන් ජේසු බිළිදාගේ උපත සමරමින්.

    නත්තලේ උදාව වෙනුවෙන් සෑම කතෝලික දේවස්ථානයකම පාහේ ඊයේ මධ්‍යම රාත‍්‍රියේ දේව මෙහෙයන් පැවැත්වුණා. මෙරට පැවති ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වුණේ රාගම ශාන්ත පීතර හා ශාන්ත පාවුළු දේවස්ථානවලදීයි.

    ඒ, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන්.

    ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ලොව පුරා කිතුනු බැතිමතුන් විසින් ද මෙවර නත්තලේ උදාව මහත් හරසරින් සමරනු ලැබුවා. ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී විශේෂ දේව මෙහෙයක් ද පැවැත්වුණා.

    එහිදී පාප් වහන්සේ විසින් සංක‍්‍රමණිකයින් වෙනුවෙන් යාඥාවක් ද සිදු කළා. එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේම නිජ බිමක අපේක්ෂාවෙන් පෙළෙන මිලියන ගණනක සංක‍්‍රමණිකයින් ලෝකය විසින් ප‍්‍රතික්ෂේප නොකළ යුතු බවයි.

    අමෙරිකාව, චීනය, ප‍්‍රංශය, එංගලන්තය, ග‍්‍රීසිය, රුසියාව මෙන්ම මැදපෙරදිග කලාපයේ සහ ඉන්දියාව ප‍්‍රමුඛ ආසියානු කලාපයේ ද නත්තල සමරමින් විශේෂ උත්සව රැසක් සංවිධාන කර තිබුණා.

    [rns_reactions]
  • නාමල් උඩුගම අක්මාව දන්දුන් අහිංසකයාට කළ තිරිසන් වැඩේ මෙන්න…

    නාමල් උඩුගම අක්මාව දන්දුන් අහිංසකයාට කළ තිරිසන් වැඩේ මෙන්න…

    මට උඹ මුලින්ම හමිබ වෙන්නේ ඒ 93, 94, කාලවල…..!…… අමිබලන්ගොඩ නගර සභා පිටිටනියේ ” සදර්න් රෙකොර්ඩි බාර් ” එකෙන් කරපු……සංගීත ප්‍රසංගයෙදී….!…

    ඒක කරේ…… සදර්න් එකේ….ජිනසිරි අංකල්…..!! මගේ මාමා…..!

    උඹ එතකොට මියුෂික් පීල්ඩි එකේ මහා ලොකු පොරක් නෙමී…..මුල්ම කැසටි එක ගැහුවා විතරයි…..!

    උඹට…..එදා සිංදු කියන්න දුන්නෙත්…..පරන ප්‍රවීණයෝ කියලා ඉවර වෙලා අන්තිමටම……!!!

    උඹට…..එදා සිංදු කියලා ඉවර වෙලා..ජිනසිරි මාමා දුන්න රැපියල් දාහට….උඹ ගොඩාක් ස්තූති කරා කියලා..තාව..උන්දෑ කියනවා……

    ෂෑක්…..: දැක්ක ගමන් මට උඹ මහා පොරක් උනා….!

    රතු පාට ස්කිනි එකියි..රතු..කලිසමයි….සුදු පාට සපත්තු දෙකයි… නඑ මුහුනයි මාව පිස්සු වැටිටුවා…..!

    ඒ කාලේ..තමයි…….අපිත්….X-Ray කාර්ඩිස් වලින්….ඩ්‍රමි සෙටි හදන්….. බොක්ස් ගිටාර්….දෙක තුනකුත්……පුංචි Casio ඔර්ගන් එකක්තු හොයන්..බෑන්ඩි පිස්සුවට…..වැටුනු..කාලේ……!!

    අමිමපා…උඹ අපට වීරයෙක් වුනා…..!!

    ඉස්සර…..අපි කිවිවෙම…උඹෙ සිංදු…. මොකද ඒවා බොක්කටම වැදුනා….!!

    ……………………………

    ඉතින්…කාලය…..දිඩි බිඩිස් ගාලා..යද්දි……. උඹ වෙදිකාවෙ නැතුවව බැරි චරිතේ උනා……

    උඹ…..එකදවසට…ෂෝ…හත..අට සිංදු කිවිව…ස්වර්ණමය කාලයක් තිබිබා…..!!

    ………….

    ඉතින්…… ඇස්රේ…පෙටිටි වලට තඩි බාපු අපිත්….ටිකෙන් ටික ස්⁣ෙිජ් වල….ගිටාර් උස්සන්….රඟදක්වන කාලයක් ආවා….

    ……………….

    එ කාලෙදි……අපි..උඹට….තවත් සමීප වුනා…..!!

    කොටින්ම…… ලංකාවෙ….කොහේ හරි අස්සක..මුල්ලක…..සතියට දවස් තුන හතරක් අපි ස්ටෙජ් වලදි හමු උනා…..!!

    ………………………

    වීරයෝ…….කවදාවත්….ලංවෙලා..බලන්න හොඳනෑ……!!

    එතකොට…..ඒ වීරයෝ..අපේ ඇස් ඉස්සරහම….දිය වෙලා මැරිලා යනවා…

    ……….

    උඹටත්…ඒක…..උනා……!!

    ………………

    මම දැක්කා…..මගේ වීරයා……සිංදු කියලා…ඉවර වෙලා….ස්ටෙජ් එක පිටිපස්සේ….. පුංචි..අඩුපාඩුවකට….සංවිධායක එක්ක මරා ගන්නවා…..!!

    …………………..

    දවසකට….ලක්ෂ ගානක් හොයන….මටිටමකට ආවට…පස්සෙත්…..සංවිධායක..අඩුවෙන් දුන්න..රැපියල් පන්සියටත්..උඹ ගේම ඉල්ලනවා මම දැක්කා…..!!!

    ……………….

    කුණු වෙන්න…බීලා….උඹ…ස්ටෙජ්..වල….අවුටි සිංග් කරද්දි……අපි මියුෂික් වලින් ඒවා…අහක බලන්…කවර්..කරා…..!!!

    ……………..

    කොටින්ම….උඹ..උඹෙම…සිංදු..පවා..ස්ටෙජ්….එකේදි…පටිට අවුටි…කියනවා….ලයිවි…අමාරැවෙන්..කියනවා…කියලා…..හැම..බෑන්ඩි එකේම…කොල්ලො..අතරෙ රහසක් නෙමි….!!

    …………………………..

    ඉතින්……මගේ…වීරයා……ඇස් පනා පිටම…..චොර උනා….දිය උනා…..!!

    උඹ…… මහා ගොඩාක් සල්ලි හමිබ කරා……අනෙක් උන්ට…සාපේකෂව……….,,,,

    බොන….එක…..ගෑනු එක්ක යන එක…..උඹෙ පුද්ගලික..දෙයක්……!!

    ……………….

    ………………..

    ඒත්…….කවදාවත්…..නොමිලේ මින්ස්සුන්ට..සිංදු නොකියපු….උඹ……. අසනීප…..උනාම…….. එ මිනිස්සුන්ටම…..ආයාචනා…කරා…..උඹට..ජීවත් වෙන්න..උදවි…කරන්න…කියලා………!!

    උඹෙවචන වලින්ම කියනවා නමි…” මගේ…අක්මාවෙ…රෝගයට හේතු වී තිබුනේ….නරක…ඇබිබැහී වීමි…….”

    (2015 ජුනි 07 එහෙම කිවිවෙ )

    =====================================

    දන්නවද…..?

    ස්වභාව දර්මය හො…..කරැමය..හො…දෙවියන් වහන්සේ…. උඹටත් දෙනවා…පහර…..!!

    මුලින්ම….උඹෙ….උඬගූ……ආඩමිබර….. පොර චරිතේ…… නිසාම…උඹ ටිකෙන් ටික……හුලගේ දිය වෙලා…..යනවා…..!!

    කොටින්ම….උඹ අවලංගු කාසියක්..වෙනවා……!!!

    පොලොවෙ…..පය….ගහලා……මිනිස්සුත් එක්ක…..ජීවත් වෙන්න තරමි. අව්‍යජ උන..අලුත් කොල්ලෝ…..ඉදිරියේ..උඹලගේ පරමිපරාව…හැලිලා යනවා….

    …………………….

    කාලයක් එනවා……උඹට…..මාස ගානකට ෂෝ එකක් නැති……

    කොටින්ම…..උඹ…..නරක..ඇබිබැහී වීමි වලට…..වැඩි වැඩියේන ගිලෙන්නත්…එ..කඩා වැටීමි හේතු වෙන්නැති…..!!!

    ……………………

    …………………….

    ක්‍රිෂාන්ත සමිපත් සිංහලගේ ………!!!!

    එ…කවුද…..????????

    ඌ තමයි……..උඹට ජීවත් වෙන්න අක්මාවෙ කොටසක් දීපු…….ගමෙ අහිංසකයා…….

    තඹුත්තෙගම……පදිංචි…..උඹෙ…සිංදු වලට ආදරෙ කර…..උඹට ආදරෙ කරෙ…..ගමෙ පුංචි අහිංසක ගැමියෙක්………!!

    ලෝකේ..කාලා…වතුර බීලා..හිටපු…උඹත්…රැවන්තිත්….. අර දුප්පත් අසරණයව මහා ජරා විදිහට රවටිටනවා……

    පොඩි දරැවෝ දෙන්නෙකුත්…එක්ක අමාරැවෙන්…ජීවත් වෙචිච ඌ….උඹට…අක්මාව…දෙන්න ආවෙ…..සල්ලී බලන්…නෙමී….බං…!!

    ලංකාවෙ…මිනිස්සුන්ගේ තාම..මනුස්සකම..තියෙනවා…..!!!

    විශේෂයෙන්ම ගමෙ…එවුන්ගේ…ඒක…තාම…තියෙනවා…….!!!

    උඹලා…….සේරම ලියවිලි පවා හැදුවෙ හොරට……!

    මොකද…අක්මාවක් දෙන්න පුඑවන්……ලේ ඤතියෙකුට විතරමයි…නීතිය…අනුව…..!

    තොපී කර…පරම…..බලු……ජරා වැඩෙ….තමයි…..අර අහිංසකයට කිවිවෙ…” අක්මාවෙන් ගන්නේ….10 % කොටසක්….පමණයි…….කියලා……ඉංදියාවෙදි…….ක්‍රීෂාන්තගේ….අක්මාවෙන්….68 % ක කොටසක්…තිරිසන් විදිහට…..හොරකමි කරා…..

    ඒක..කරේ…ඉංදියාවෙ….ග්ලෝබල් හොස්පිටිල්…..එකේ…..එමි..එප්..ඒ…රියාස් කියන තක්කඩියත් එක්ක එකතු වෙලා…….!!

    2015 මාර්තු 27 එ සැත්කම කරන්නේ………ගෝමදී…..ආර්ද්වාල් කියන ඉංදියානු වෛද්‍යවරිය…..!

    රැවන්ති……..!!

    තමන්ගේ මිනිහා…බෙර ගන්න…….අර අහිංසකයගේ අක්මාව…..හොරකමි කරවනවා……!!

    සැත්කමෙන්…පස්සේ……. ” හොස්පිටිල් චාරුජස් වැඩියි……ඉක්මනින් සනීප වෙලා යන්න…….” කියලා..රැවන්ති අර අහිංසකයා…..රෝහලෙන් එලියට දාන්න උත්සහා කරනවා……!!!

    ක්‍රිෂාන්ත……යථා තත්වයටත් එන්න කලින්….ඉංදි⁣යාවෙ…ඉස්පිරිතාලෙන්…..ලංකාවට එන්න ට්‍රයි කරන්නේ….රැවන්තිකාගේ…… හිත් කලකිරවන කුඩමිමගේ හැසීරීමි නිසා…..

    ……………

    ක්‍රිෂාන්තට……ලංකාවට එන්නවත් රැවන්තිකාලා…..සල්ලි දෙන්නැ…..!!!

    කටුනායක….එයාර් පොර්ටි එකේ….ආරක්ෂක.අංශේත්…පොලීසියෙත්..මහත්වරැ කිහිප දෙනෙක් එකතු වෙලා…..තමයි….තඹුත්තෙගම ගෙදර යන්න සල්ලි ටික පවා හදලා දෙන්නේ…..

    ………………………

    ………………………

    නාමල්ට……කෝටී හතරහමාරකට වඩා වැඩිය….ආධාර ලැබිලා තිබුනා…….!!

    එ කියන්නේ…ලංකාවෙ තාම …..හිත උණු වෙන මිනිස්සු කියලා…..කොටිඨාශයක් ජීවත් වෙලා තිබුනා……!!!

    නාමල්……..හොඳටම සනීප වෙලා ලංකාවට එනවා……!!!

    ක්‍රිෂාන්ත….ඒක දන්නෙත්…දකින්නෙත්…..ස්වර්ණ වාහිනියෙන්…..!!

    අක්මාවෙන්……68 % ක. කොටසක් පරිත්‍යාග කරපු ක්‍රිෂාන්ත …..අසනීපෙන්….එ දිහා බලන් ඉන්නවා…….

    පස්සේ දවසක නාමල්ගේ නොමිමරේට කොල් එකක් ගන්නවා…..!

    කොල් එක කටි කරලා….. ” ඔයා කවුද ? ” කියලා මැසේජ් එකක් එවනවා…..

    ” මම..ක්‍රිෂාන්ත…… මතක නැද්ද සෑර්……? ” කියලා එ අහිංසකයා …..මැසේජ් එකක් යවනවා……

    එදා ඉඳලා අද දක්වා…….නාමල්ට……. තමන්ගේ බඩ ඇතුලේ……හුස්ම ගන්නා අක්මාවෙ……අයිතිකාරයා……අමතකයි……!!

    =============================================

    ( නාමල්……..!!!!

    උඹලා මොන……පුකේ කලාකාරයොද..බං…..??

    අර අහිංසකයගේ ගැහැනී….. ඩුබාය් වල වැඩ කාරකමකට ගියේ…….අර අහිංසකයට වැඩක් පලක් කරගන්න බැරි තරමි…..ඔත්පල නිසයි…..

    එ..අහිංසකයා…පුංචි පැටවු දෙන්නෙක් එක්ක අසනීපෙන්……!!

    කවදාවත්……කූලී වැඩක් වත් කරගන්න ඌට…බෑ……

    මොකද…….ඌ දේවත්වයෙන්…කලා කාරයෙක් කියලා….තමන්ගේ අක්මාව දීලා තියෙන්නේ……. තිරිසනෙකුටත් අන්ත…වංචාකාරයෙක්ට……!!!

    ලැජ්ජයි…බං……..!!!!!

    මෙ……තරමි……වංචාකාරයෙක්…… තිර්සනෙක් නෙවී….. උඹ අක්මාවක් නැතුව මැරිලා ගියා නමි……උඹෙ සිංදු අහපු අපටත් ආඩමිබරයි……!!

    දැන්….උඹ ජීවත් උනාත් මැරිලා වගේ තමයි…)

    ආ……..

    මම පිටරටවල…කකුස්සි හොදලා..කුලී වැඩ කරලා ඉතුරැ කරපු පොඩි ගානක් මගේ ලග තියේ…… මම මැරැනම වල කපන එවුන්ට දෙන්න…..

    කමක් නෑ……

    මම දවස් ගානකින් ක්‍රිෂාන්තට ඒක හරි දෙනවා……!!

    මුහුනු පොතේ …කවුරැ හරි කැමති උනුත් උදවි කරයි………!!

    උඹ වගේ පොෂ් අයට විතරක් නෙමි……. දුප්පත් අහිංසකයන්ටත් ආදරෙ කරන්න මින්ස්සු තාම ලංකාවෙි ඉන්නවා..!

    [rns_reactions]

  • නාම යෝජනා කමිටුවේදී මධුශා එක්ක සයනේ සිහිනේ දැකපු සල්ලාලයන් දෙදෙනා මෙන්න…

    නාම යෝජනා කමිටුවේදී මධුශා එක්ක සයනේ සිහිනේ දැකපු සල්ලාලයන් දෙදෙනා මෙන්න…

    රාජපක්ෂලාගේ පොහොට්ටු පක්ෂයෙන් නාම යෝජනා ඉල්ලූ විට නාම යෝජනා ලබා දීම සඳහා මධුෂා රාමසිංහ නමැති නිළිය ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ කව්දැයි ලංකා ඊ නිව්ස් වෙත හෙළි වී තිබේ. ඇය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව පැමිණිලිද කර ඇත.

    ප්‍රථමයෙන්ම මධුෂා රාමසිංහගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත්තේ නාම යෝජනා කමිටුවේ සිටි රේණුක පෙරේරා නමැති හිටපු පළාත් සභා මන්ත්‍රී වරයා ය. රේණුක පෙරේරා මහින්ද රාජපක්ෂගේ දැඩි හිතවතෙකු වන බැවින් නාම යෝජනා කමිටුවට නම් කර තිබිණ.

    රේණුක පෙරේරාගේ අවලම් ක්‍රියාව සම්බන්ධයෙන් මධුෂා රාමසිංහ මහින්ද රාජපක්ෂට පැමිණිලි කිරීමට ගිය විට ඇයව හමුවී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් උදිත ලොකු බණ්ඩාර ය. මධුෂාගේ චෝදනාව අසා සිටි උදිත ලොකු බණ්ඩාර ද නාමයෝජනා ලබා දීම සඳහා ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලා ඇත. වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටීමෙන් කුපිත වූ මධුෂා මේ පිලිබඳව මැතිවරණ කොමසාරිස් වරයාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

    ගැහැණියක් සම්බන්ධතා පවත්වන්නේ කා සමග ද යන්න තීරණය කිරීම ඇයගේ අයිතියක් මිස ඊට කවරාකාරයේ හෝ බලපෑමක් කිරීම, හිරිහැරයක් කිරීම ලංකාවේ නීතිය අනුව බරපතල වරදකි. ලිංගික අල්ලස් ඉල්ලීම වැන්නක් නොව අඩුම ගණනේ එක් කම්මුලක් පුම්බා පිරිමින් කාන්තාවන්ට කරන අවලම් සහගත ඉඟිය පවා කිරීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදකි. එවැනි වරදකදී අතවරයට ලක්වන කාන්තාව පැමිණිලි නොකළද ඒ ගැන දුටු, දන්නා වෙනත් අයෙක් පැමිණිලි කිරීම පවා වරදකරුවන් අත් අඩංගුවට ගැනීමට සෑහෙන බව ලංකාවේ නීතියේ දැක්වේ.

    ඒ අනුව රේණුක පෙරේරා සහ උදිත ලොකු බණ්ඩාර දෙදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස ලංකාවේ කාන්තාවන් සියළුම දෙනා බලා සිටිනු ඇත. ලංකාවේ ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් ඉන්නේ කාන්තාවන් ය. ලිංගික අල්ලස් නොව බස් රථයක යෑමේදී පවා විඳින්නට වෙන ගැහැට ගැන එකී කාන්තාවෝ බහුතරයක් ඉතා හොඳින් දනිති.

    උපුටාගැනීම ලංකා ඊ නිවුස්

    https://www.facebook.com/supirigossip1/videos/1534018963300371/

    [rns_reactions]

  • අක්බාර් ටවුන් යලි එඩේරමුල් කරනවා… – ෆයිසර් මුස්තාෆා

     

    එඩේරමුල්ල අක්බාර් ටවුන් ලෙස නම් කිරීම හේතුවෙන් පසුගිය දින වල මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුණකි.එබැවින් ප‍්‍රදේශවාසින්ගේ අත්සන් සහිත සංදේශයක් රැගෙන අමාත්‍යවරයා හමුවට පැමිණි එඩේරමුල්ල ජනතා උරුමයන් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයින් පිරිසක් හමුවේ මහර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි වසම් හතරක් එකතු කළ අක්බාර් ටවුන් බල  ප‍්‍රදේශය එඩේරමුල්ල 2 ලෙසින් නම් කිරීම අදාල අංශ  සමඟ සාකච්ඡා කොට කමිටු නිර්දේශය ලබාගෙන වහා සංශෝධනය කරන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප‍්‍රකාශ කළේය.
     
    එම නියෝජිත පිරිස හමුවූ අවස්ථාවේ දී  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා දුරකථනයෙන් ඇමතූ අමාත්‍යවරයා එම කොට්ඨාසය එඩේරමුල්ල ලෙස නම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අදාල කමිටු නිර්දේශය ලබාගෙන ඒ පිළිබඳව වන සංශෝධනය ඉක්මණින් ඉදිරිපත් කරන බව ද පැවැසී යැයි හෙතෙම සඳහන් කළේය.
     
    මෙම බල ප‍්‍රදේශය අක්බාර් ටවුන් ලෙස නම් කිරීම තමන් විසින් හෝ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය විසින් ගත් තීරණයක් නොවන බවත් එය දිස්ති‍්‍රක් ලේකම්වරයාගේ නිර්දේශ සහිතව අශෝක පීරිස් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු අභියාචනා විමර්ශන කමිටුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් කර ඇති බවත් පැවැසී යැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

  • සංහිඳියාවේ නාමයෙන් උතුරට නව රූපවාහිනී නාලිකාවක්…

    උතුරු නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාව සඳහා “සංහිඳියාවේ නාලිකාව” නමින් නව රූපවාහිනි නාලිකාවක් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මගින් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
     
    ඒ සඳහා වෙනම සංඛ්‍යාතයක් ද ලබාදී ඇති අතර නව නාලිකාවට අවශ්‍ය තාක්ෂණික උපකරණ මේ වන විටත් ඇනවුම් කොට ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පැවසීය.
     
    මෙම නාලිකාව සඳහා උතුරු පළාතේ මැදිරි සංකීර්ණයක් ඉදිකිරීම පිණිස චාවකච්චේරිය ප්‍රදේශයේ මීසාලෛයි වීරසිංහම් මධ්‍ය විද්‍යාලය පවත්වාගෙන යනු ලබන ඉඩමෙන් පර්චස් 100ක භූමි ප්‍රමාණයක් යාපනයේ දිස්ත්‍රික් ලේකම්වරයා විසින් වෙන්කර දී ඇත. එම භූමි ප්‍රමාණය ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව වෙත පවරාගැනීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවද අමාත්‍යවරයා පැවසීය.
     
    ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ දී පිටිවහලක් වන බැවින් “සංහිඳියාවේ නාලිකාව” ආරම්භ කිරීමට රජය තීරණය කළ බවද තවදුරටත් පැවසීය.
  • නාමයෝජනා ඉල්ලු මධූෂාව මහින්දගේ සහචරයින් සමූහ දූෂණයට සැරසිලා!

    ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි සහ රංගන ශිල්පිනියක් වන මධූෂා රාමසිංහ ප.ප.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දේශපාලන කටයුතු සිදුකළ අතර ඇය මෙවර පළාත් පාලන මැතිවරණයට පොදු ජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා සුදානමින් සිටියාය.

    එහෙත් ඇයට නාම යෝජනා ලබාදීම සඳහා ඇගෙන් ‘ලිංගික අල්ලස්’ ඉල්ලූ බවට ඇය පසුගියදා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණාය. එමඟින් ඇය පවසා සිටියේ, මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපව ඔහු සමඟ ගැවසෙන ඔහුගේ පෞද්ගලික ලේකම්වරයෙකු ඇයගෙන් ලිංගික අල්ලස් ඉල්ලන බවයි. එහෙත් ඇය ඔවුන්ගේ නම් අනාවරණය කර නොතිබූ අතර අප වෙත ඉතා විශ්වාසනීය ආරංචි මාර්ගවලින් දැන ගන්නට ලැබුණේ, ඒ මහින්දගේ සරමේ පොට කොට වූ විට පොට දිග්කරන බක වංශයෙන් වැඩ කරන මහින්දගේ පෞද්ගලික ලේකම්වරයෙකු වන උදිත් ලොකුබණ්ඩාර බවයි.

    එසේම අනෙක් පුද්ගලයා මහින්ද ලග දැවටෙමින් සිටින වද බැස ගිය ඇට ගැසුණු රේනුක නැමැති අයවලෙකු බවයි. මෙම කුකුල් හැඩැති රේනුක නැමත්තා මිට පෙර මහින්ද රාජපක්ෂ පාලනය සමයේදි දේශපාලන යට පිවිසි හිරුණීකාටද අනවශ්‍ය ලෙස කරදර කිරිමට ගොස් රාජ්‍ය උදහසට ලක්ව සිය සභාපති කමද අහිමී කර ගත් අයෙකි.

    කෙසේ වෙතත් නාමයෝජනා ලබාදීමට තමාගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සිදුවීමට විරෝධය පළ කරමින් මධුෂා අද මැතිවරණ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූවාය.

    ඇය පවසන්නේ නව මැතිවරණ ක්‍රමය තුලින් කාන්තා නියෝජනය 25% ක් කළද ඒ සඳහා ලිංගික අල්ලස් දීමට සිදුවන්නේ නම් පලක් නොවන බවයි. ඇය මේ පිළිබඳව මහින්ද රාජපක්ෂව දැනුවත් කළද එය මහින්ද නොසලකා හැරි බවද මධූෂා පැවසුවාය. මේ සම්බන්ධයෙන් ඇය මැතිවරණ කොමසාරිස්වරයාට සහ පොලිසියට පැමිණිලි කර ඇති බව සඳහන්.

  • විස්සයි විස්ස අද සිට

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය අදින් ආරම්භ වෙයි.
    පළමු තරඟය අද රාත්‍රී 07.00 ට ඉන්දියාවේ ඔදිසා ප්‍රාන්තයේ බාරාබාති ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
    දෙරට අතර තරඟ 03 කින් සමන්විත ටෙස්ට් තරඟාවලිය එකට බින්දුවක් ලෙස සහ එක්දින තරඟාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.
  • ශ්‍රීපනිපයේ මන්ත්‍රීන් පොහොට්ටුව දිනවීමට කටයුතු කරනවාදැයි බැලීමට සෑම දිස්ත්‍රික්කයකටම නියෝජිතයෙක්…

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙන මන්ත්‍රීවරුන් පක්‌ෂයෙන් නෙරපා හැරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇති අතර පොහොට්‌ටුව පුම්බන ශ්‍රීලනිප මන්ත්‍රීන් ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ විශේෂ නියෝජිතයකු සෑම දිස්‌ත්‍රික්‌කටම පත් කිරීමට පියවර ගෙන ඇති බව ඊයේ (19 දා) කොළඹ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ  පැවැති මාධ්‍ය හමුවකදී වරාය හා නාවික කටයුතු ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

    ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්‌ෂවල ප්‍රචාරක කටයුතු මෙන්ම එම පක්‌ෂවල අපේක්‌ෂකයන් දිනවීමට මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්ව ඇති මොහොතේ කටයුතු කරන්න බැහැ. එය පක්‌ෂ ව්‍යවස්‌ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කිරීමක්‌. මැතිවරණය වන තෙක්‌ එම පිරිස නිදහස්‌ පක්‌ෂය සමඟ එකතු වෙයි කියලා ජනාධිපතිවරයා ඉවසාගෙන හිටියා. ඒත් මේ මොහොතේ පක්‌ෂය දෙකඩ කරන පක්‌ෂය විනාශ කරන මෙම මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය අධ්‍යයනය කරලා සාක්‌ෂි සහිතව ඔවුන් පක්‌ෂයෙන් ඉවත් කරන්න මධ්‍යම කාරක සභාව තීරණයක්‌ ගත්තා.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ඉන්නේ. පොදුජන පෙරමුණට අයිතියක්‌ නැහැ එතුමාගේ ඡායාරූප මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදවීමට. ඒ පිළිබඳවත් ඉදිරියේදී තීරණයක්‌ ගන්නවා.”