Blog

  • බැසිල්ගේ කුහක දේශපාලනයට විරුද්ධව යසපාල කෝරලගේත් යහපාලනයට…

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහාය පළ කිරීමට ඊයේ(18) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුව එතුමා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරනු ලැබීය. ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනපති අතින් පිළිගැන්විණි.මෙසේ එතුමා ඒකාබද්ධයෙන් වෙන්ව ආවේ බැසිල් රාජපක්ෂ නැවතත් පෙර ආණ්ඩු සමයේ මෙන් ඔහුගේ කුහක දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට දතකන නිසා බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.

  • ගම්මන්පිලට තියෙන්නේ මොලේ අමාරුවක්… නෙලුම් කුළුණ ගැන ව්‍යාපෘති නිලධාරියා ඇත්ත කියයි..

    ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම උසම කුලුණේ පෙතිවල වර්ණය පිළිබඳව මේ වන විට සමාජය තුල විශාල කතාබහකට ලක්ව තිබෙනවා. මෙලස නෙළුම් මෙලෙහි පෙතිවල වර්ණය දිවා කාලයේදී රතු පැහැයෙන් දිස්වන අතර රාත්‍රී කාලයේ දී නෙළුම් කුලුනෙහි පෙතිවල වර්ණය කොළ පාටෙන් ආලෝකවත් වන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මුද්‍රත මාධ්‍යට ප්‍රකාශ කර තිබුනා.

    එසේම කොළ පාටින් ආලෝකවත් කර තිබෙන ලෝකයේ එකම නෙළුම් මල මෙය බවත්,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ලකුණ පොහොට්ටුව වීම නිසා නෙළුම් කුලුනෙහි මල් පොහොට්ටුව කොළ පාටින් අලෝකවත් කර එමඟින් දේශපාලන වාසියක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය බොළඳ උත්සාහයක නිරත වන බවත්  ඔහු  වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනා.

    මේ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමඟ මෙය  බොහෝ දෙනා මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව විමසා බලන්නට වුනා. 

    පසුව එහි ව්‍යාපෘති අධ්‍යක්ෂ ශාන්ත ගුණනන්දන මහතා අප වෙත ප්‍රකාශ කලේ එහි සත්‍යතාවයක් නොමැති බවයි. නෙලුම් කුලුනේ පෙති වලට යොදා ඇති විදුලි බුබුළු රතු,නිල්,කොළ වැනි වර්ණ රැසකින් යොදා ඇති අතර ප්‍රථමයෙන්ම රතු පැහැති විදුලි බුබුළුවල පරීක්ෂණ කටයුතු කිරීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුල කොළ පැහැති විදුලි බල්බ පරීක්ෂා කර තිබුනා. එසේම ඉදිරියේදී අනෙකුත් වර්ණයන්ද පරීක්ෂා කිරීමට නියමිතව තිබෙනවා.

    එසේම අද (18) දින  පරීක්ෂණ කටයුුතු සඳහා  රතු පැහැති විදුලි බල්බ නැවත දල්වන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලා.

    [rns_reactions]

  • නාමල් අයියා හොදායි.. බොන්නෙත් නෑලු..පෙම් සභදතාවයේ ඇත්ත නැත්ත මාධවී ඇන්තනි හෙළිකරයි .!

    මාධවී ඇන්තනි.. නම කියූ පමණින් රටේ බොහෝ දෙනෙක් ඇයව හදුනනවා. ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනීගේ දියණිය වන ඇය කලා කටයුතු වලටද සම්බන්ධව සිටිනවා, නමුත් ඇය පිළිබදව පසුගිය දිනවල සමාජජාලා වල කතාබහට ලක්වූයේ  කලා කටයුතු පිළිබදව හෝ වෙනත් යමක් නිසා නොවේ. මාධවී හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් , නාමල් රාජපක්ෂ අතර තිබෙනවා යැයි කියූ ප්‍රේම සම්බන්ධයක් පිළිබදව මෙලෙසින් සමාජජාලා වල කතාබහට ලක්ව තිබුණා. පැතිර ගිය කටකතා පිළිබදව පුවත්පතක් සමග සම්බන්ධ වෙමින් මෙලෙසට ඈ පිළිතුරු දී තිබුණා, 

    එම සංවාදය පහතින් 

    මේ දවස්වල මාධවී කාර්යබහුල වෙලා වගේ?
    ඔව්. මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි. මම වැඩිපුරම කාර්යබහුල වෙන්න කැමති නැහැ. මටම කියලා තනියෙන් ඉන්න කාලයකුත් මට ඕන. හැබැයි මට වැඩවල අඩුවකුත් නෑ. මම දැන් බාහිර කථිකාචාර්යවරියක් විදියට වැඩ කරනවා. පෞද්ගලික විශ්ව විද්‍යාලයක. මගේ පශ්චාත් උපාධියේ වැඩත් කරනවා. නිවේදන, රංගන කටයුතුත් කරනවා. ජිම් යනවා. ඒවගේම මම උයන්නත් ගොඩක් කැමතියි. ඒක මගේ විනෝදාංශයක් වෙලා තියෙන්නේ.

    අලුත් ටෙලි නිර්මාණවලට සම්බන්ධ වුණාද?
    නාට්‍ය කිහිපයකට දින දීලා තියෙනවා. හරි අමාරුවෙන් ඒ වැඩවලට දින දුන්නේ. රංගනයේදී මොහොතකට හරි මට තවත කෙනෙක් වෙන්න පුලුවන්. ඒ සුවිශේෂීත්වයටත් මං ආසයි.

    අප්පච්චිගේ නිර්මාණවලට විතරද රංගනයෙන් එහෙම සම්බන්ධ වෙන්නේ?
    එහෙම සීමාවක් නෑ. වෙනත් අධ්‍යක්ෂවරු කිහිපදෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. අප්පච්චිගේ වැඩවල විතරක් ඉන්නවා කියලා නැහැ. නමුත් ගුණාත්මකභාවය සහ මගේ රංගනය දැකලා මට තෘප්තිමත් වෙන්න පුළුවන් නම් මට ඒ චරිතය ගැලපෙනවා නම් මම ඒ චරිත තෝරගන්නවා.

    දැන් එහෙම තෝරාබේරා ගැනීමක් කරන්න පුළුවන් හොඳ පිටපත් ලැබෙනවාද?
    ඔව්. දැන් කළින්ට වඩා හොඳ පිටපත් තියෙනවා. හොඳ නිර්මාණ ලංකාවේ බිහිවෙනවා. ගුණාත්මකභාවනේ වැඩි තරුණ අය කරන නිර්මාණ අපි දකිනවා.

    අප්පච්චි මාධවීට සීමා පනවලා තියෙනවාද?
    නැහැ. අප්පච්චි කවදාවත් මට සීමා පනවලා නැහැ. නිර්මාණයකට මම කැමති නම් මට චරිතය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් මම අප්පච්චිට කියනවා ඒ චරිතයට මම කැමතියි කියලා. අප්පච්චි කවදාවත් මාව හිර කරලා සීමා කරලා හදලා නෑ.

    මල්ලිලා දෙන්නයි ඔබයි අතර වැඩවලදී තරගයක් නැද්ද?
    නැහැ. හේතුව අපි තුන්දෙනා තුන් විදියක්. අපි හැඩ තුනක්. අප්පච්චිගේ හැඩය තුළ පිහිටපු පුංචි පුංචි චරිත තුනක් තමයි අපි තුන්දෙනා. අපි තාම වර්ධනය වෙමින් ඉන්නවා. අපි තුන්දෙනාටම හොඳට සිංදු කියන්න පුළුවන්. රඟපාන්න පුළුවන්. නමුත් අපි තුන්දෙනා හැඩ තුනක්. ඒ නිසා තරගයක් නැහැ.

    පසුගිය කාලේ මාධවීගෙයි නාමල් රාජපක්ෂගෙයි ඡායාරූපයක් සමාජ මාධ්‍යවල හරි හරියට සැරි සැරුවා?
    ඒ ෆොටෝ එක විතරක් අරගෙන ගොසිප් ගැහුවේ ඇයි කියලා මම දන්නේ නැහැ. මම මගේ යාළුවෝ එක්ක ඕන තරම් ෆොටෝ දාලා තියෙනවා. මට හිතාගන්න බෑ එයාගෙයි මගෙයි ඡායාරූපය විතරක් ඒ අතරින් ගත්තේ ඇයි කියලා.

    ඇත්තටම නාමල් එක්ක මාධවීගේ යාළුකමට එහා ගිය විශේෂ සම්බන්ධයක් නැද්ද?
    එයා මගේ හොඳ යාළුවෙක්. තව මට හොඳ යාළුවෝ ගොඩක් ඉන්නවා. එහෙම ජෝඩු කරන්න ගියොත් ඉවරයක් නැතිවෙනවා. ඒක ඔය දේශපාලන වුවමනාවන්ට ගහපු මඩක් වෙන්න ඇති. ඒක තවත් එක ෆොටෝ එකක් විතරයි. ඒ ඡායාරූපයට කතා හදනවා නම් අනෙක් ඡායාරූපවලටත් කතා හදන්න ඕන. එහෙනම් මට කතා හදලා ඉවරයක් නැති වෙනවා. එහෙම සම්බන්ධයක් තිබුණා හෝ නැතා හෝ ඒක මගේ පෞද්ගලික කාරණාවක්. ඒක කාටවත් වැඩක් නෑ.

    එතකොට මේ පැතිරෙන කතා බොරු?
    ඔව් නාමල් අයියා බීලා හිටපු නිසා ගෙදරට ඇරලවන්න මම ගියා කියලත් ගොසිප් දාලා තිබුණා. ඒක මොන තරම් හාස්‍යජනකද කියලා දන්න මිනිස්සු දන්නවා. මොකද නාමල් අයියා මත්පැන් බොන්නේ නැහැ. මස් මාළු කන්නෙත් නෑ. එයා පාටිවලට ගියාම බොන්නේ ග්‍රීන් ටී. මං ගැන එහෙම කතාවක් හදලා දාලා තිනේනේ මං ගැන කතා එන්නේ නැති නිසා වෙන්න ඇති.

    එහෙනම් මාධවී දැන් කාගේ හෝ පෙම්වතියක්ද?
    මම පෙම්වතියක්. පොඩි කාලේ ඉඳන්ම පෙම්වතියක්. මගේ අප්පච්චීගේ පෙම්වතිය මම. මගේ මල්ලිලා දෙන්නාගේ ආදරය මම ලබනවා. ආදරය නැතුව ජීවත්වෙන්න බෑ. ආදරය කියන දේ ජීවිතයට අවශ්‍යයි. ආදරය නැත්නම් මිනිස්සු වේලිලා යනවා. මම ජීවිතයේ මුහුණ දුන්න හැම සිද්ධියක්ම සහ පසුකරපු හැම කඩඉමක් එක්කම අද වෙනකොට පන්නරය ලබලා අද යම් තැනක ඉන්නවා නම් ඒ ආදරය නිසා. ආදරය තමයි අපිව ජීවත් කරවන්නේ.

    මාධවීගේ ජීවිතේ සුවිශේෂී දවසක් ලඟදීම උදාවෙයිද?
    විශේෂ දවසක් එයි. ළඟදී කියලා සැලසුමක් නෑ. එවැනි දවසක් එන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

     



    [rns_reactions]

  • පරාජයේ අදුරු සෙවනැලි මතුකරමින් ගම්පහ එජාපය නාය යාමක… ප්‍රබලයන් පිරිසක් ශ්‍රීලනිපයට..

    ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබාගනිති…….

    එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රාදේශීය සභා නියෝජිත පිරිසක් ද ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් අද (18) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ගනු ලැබූහ.

    අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම, මීරිගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ගාමිණි තෙන්නකෝන්, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී සුනිල් ශාන්ත නවරත්න, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී කීර්ති කොරතොට, නලීන් පීරිස් යන මහත්වරුන් ඇතුථ දීර්ඝ කාලයක් පුරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ ප්‍රබල ක්‍රියාකාරින් රැසක් මේ අතර වේ.

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

    [rns_reactions]

  • නොමග ගිය යසපාල කෝරලගේත් ජනපති මෛත්‍රී සමගින් හරි අතට….

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

    අද (18) පස්වරුවේ ජනාධිපතිතුමා හමුවූ ඒ මහතා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට මෙලෙස සහය පළකරනු ලැබීය.

    ඒ මහතා වෙත හොරණ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධූරය ද පිරිනමා තිඛෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය මෙහිදී ජනාධිපතිතුමා අතින් පිළිගැන්විණි.

    [rns_reactions]

  • ශ‍්‍රීලනිප සභාපතිධුරය පවා ලබාදෙන්න ජනපති මෛත‍්‍රී සූදානම් උණා.. ඇමතිවරයෙක් හෙළිකරයි..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සූදානම් වූ බව ඇමති සරත් අමුණුගම මහතා පවසයි.

    ජනාධිපතිවරයා මෙම කැපකිරීම සිදු කරනු ලැබවේ ශ‍්‍රීලනිපයේ සමගිය වෙනුවෙන් යයිද ඇමතිවරයා සදහන් කලේය.

    ජනාධිපතිවරයා සේම ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව ද ඒ සදහා විශාල කැපකිරීමක් කිරීමට සූදානමින් සිටි බවද ඔහු පැවසීය.

    කෙසේ වෙතත් අවසානයේ ඒ සියල්ල ව්‍යවර්ථ වී ගිය බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

    ඇමතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමිනි.

    [rns_reactions]

  • තැපෑල වර්ජනයකට ලෑස්ති වෙයි…

     


    සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු බවට පත්කිරීමට රජය ගෙන ඇති තීන්දුව තැපැල් සේවාව සඳහාද ක්‍රියාත්මක කළ යුතුව ඇති බවද එසේ තැපැල් දෙපාර්තමේන්තුවත් සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරනය කරයි.
      
     තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත්කර තම ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසට විෂය භාර අමාත්‍යවරයා දැනුවත් කිරීමට පියවර ගෙන  ඇති බවද ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද මහතා පැවසීය 

  • ඖෂධ සංස්ථා සේවක වැටුප ඩබල් වෙයි…


    මේ වසරේ ජූලි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මාස හයක හිඟ වැටුපද සමඟ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සේවක සේවිකාවන්ගේ වැටුප සියයට පනහකින් ඉහළ නැංවීමට පියවර ගත් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.  ඒ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ දළ වැටුප සියයට 55කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41කින් ද වැඩි කෙරෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

  • කෝටි 44ක් වැඩිහිටි ලේකම් කාර්යාලයේ පුස්කයි…

    අඩු ආදායම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලබා දෙන මුදලින් රුපියල් 100ක මුදලක් ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ ගිණුමට බැර වන අතර එමගින් වැඩිහිටි ලේකම් කාර්යාලය ලබා ගත් කෝටි 44ක මුදලක් සුබසාධන වැඩවලට යොදවා නැතැයි රාජ්‍ය ගිනුම්කාරක සභාව පාර්ලිමේන්තුවට දන්වා ඇත.එම මුදල හරියටම රුපියල් 443,445,900ක් ලෙස ගිණුම් කාරක සභා වාර්තවේ දැක්වේ.

  • පළාත් පාලන ආයතන 248ක නාමයෝජනා කැඳවීම අද සිට

    ඉතිරි පළාත්පාලන ආයතන 248 සඳහා ද නාමයෝජනා කැඳවීම අද (18) ආරම්භ වනවා. එය අවසන් වන්නේ ලබන බ‍්‍රහස්පතින්දා දහවල් 12.00 ටයි.

    මෙම පළාත් පාලන ආයතන 248 සඳහා ඇප තැන්පත් කිරීමට ලබාදි තිබූ කාලය ලබන බදාදා දහවල් 12.00ට අවසන් වනවා. 

    මීට පෙර පළාත්පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරගැනීම ඉකුත් බ‍්‍රහස්පතින්දා දහවල් 12.00න් අවසන් වුණා. එහිදී භාරදුන් නාමයෝජනා කිහිපයක් ප‍්‍රතික්‍ෂේප වුණා.

    ඉන් 6 ක්ම අයත් වුණේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණටයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඉදිරිපත් කළ නාමයෝජනා පත‍්‍ර දෙකක්ද එහිදී ප‍්‍රතික්‍ෂේප වුණා. 

    මෙවැනි තත්ත්වයන් හමුවේ නිවැරදි ලෙස නාමයෝජනා භාරදිමට ගතහැකි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශී‍්‍ර රත්නායක කරුණු පැහැදිලි කළා.

    එහිදී “දින තුනහාමාරක් තියෙනවා. ඒක නිසා අවසන් දිනය දක්වා ඉන්න එපා..අවසන් මොහොතේ කඩිමුඩියේ ඇවිත් නාමයෝජනා භාරදීමෙදී ඔබ අතින් අතපසුවීම් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා කල්වේලා ඇතිව සකසා නිවරැදිව නාමයෝජනා භාරදීමට කටයුතු කරන්න..” යනුවෙන් සඳහන් කෙරුණා.

    නාමයෝජනා භාරදීමෙන් පසුව නිත්‍යානුකූලව සියලූ කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    නාමයෝජනා භාරගන්නා සමයේ මැතිවරණ නීතිය අකුරටම කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා.

    [rns_reactions]
     

  • එක්සත් ජනතා නිදහස් සන්ධානය කදුකරයට තරග වදින්නේ මෙහෙමයි…

    මෙවර පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන කිහිපයක් වෙත කුකුළා ලකුණෙන් තරගවැදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව පැවැත්වීමට නියමිත මැතිවරණයේදී නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන කිහිපයකට එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග‍්‍රසයේ කුකුළා ලකුණෙන් තරග වැදිමට සන්ධානගත වි තිබෙනවා.

    ඊට අදාළ නාමයෝජනා අත්සන් තැබීම සිදු කෙරුණේ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග‍්‍රස් කාර්යාල මූලස්ථානයේදීයි. 

    මෙලෙස කුකුළා ලකුණෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, කම්කරු කොංග‍්‍රසය සමග සන්ධානගතව තරග වදින්නේ දික්ඔය නගර සභාව මෙන්ම මස්කෙළිය, නෝර්වුඞ්, කොටගල, ආගරපතන හා නුවරඑළිය යන ප‍්‍රාදේශීය සභාවලටයි.

    එහෙත් ලංකා කම්කරු කොංග‍්‍රසය අඹගමුව ප‍්‍රාදේශීය සභාවට කුකුළා ලකුණෙන් තනිව තරග කිරීමටයි තීරණය කර ඇත්තේ. 

    කෙසේවෙතත් කොත්මලේ, හගුරන්කෙත හා වලපනේ යන ප‍්‍රාදේශීය සභා සඳහා කම්කරු කොංග‍්‍රසය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව තරග වදින්නේ බුලත්කොලය ලකුණෙන්. 

    මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායක පෙරියසාමි ප‍්‍රදිපන් පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගත් මෙම තීරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට අවාසියක් සිදුවන බවයි. 

    කුකුළා ලකුණෙන් තරග වදින පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවට කිසිඳු නිදහස් පක්‍ෂයේ දෙමළ අපේක්‍ෂකයෙකු ඇතුළත් කර නොමැති බවද ඔහු පවසනවා. 

    ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නුවරඑළිය සංවිධායකවරයා මෙම අදහස් පළ කළේ හැටන් නගරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    [rns_reactions]

  • උපුල් තරංග ශ්‍රී ලංකාවේ පළමු සහ එකම පිතිකරුවා වී ලොවේ තුන්වැන්නා වෙයි

    2017 වසරේ එක්දින ලකුණු දහසේ සීමාව පසුකළ පළමු සහ එකම ශී‍්‍ර ලාංකික පිතිකරුවා බවට පත්වීමට උපුල් තරංග  සමත් වුණා.

    ඒ, ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවතී එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයේදීයි ලකුණු 95ක් රැස්කර ගැනීමත් සමගයි.

    උපුල් තරංගට අමතරව මේ වසරේදී මෙම දස්කම දක්වා තිබුණේ විරාත් කෝලි සහ රෝහිත් ශර්මා පමණයි. 

    පන්දු 82කදී ලකුණු 95ක් ලබා සිටි තරංග ස්ටම්ප් කිරීමකට හසුව දැවී ගියා. ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් සහ හයේ පහර 3 ක් ඇතුළත් වුණා. ඔහු සහ සදීර සමරවික‍්‍රම සමග එක්ව දෙවන කඩුල්ල සඳහා ලකුණු 121 ක සබඳතාවක් ගොඩනැගුවා. 

    [rns_reactions]

  • පොලෝසියට වගේම මැති සබේටත් භාවනා පංති

    ඉදිරියේදී පොලීසියේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා භාවනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් පසුගියදා පවසන ලදී.

    හිටපු අධ්‍යාපන ලේකම් තාරා ද මැල් මහත්මිය සහ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම කටයුත්තට මුල පුරා ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

     

  • රුසියාට යැවූ තේ වල කුරුමිණියෙක්…. රුසියාව අපේ නිශ්පාදන ආනයනය තහනම් කරයි…

    ශ්‍රී ලංකාවේ තේ ඇතුළු කෘෂිකාර්මික වැවිලි නිශ්පාදන ලබන සඳුදා සිට ආනයනය තාවකාලිව තහනම් කිරීමට රුසියාව තීරණය කර ඇත.මෙරටින් යවන ලද තේ බහාලුමක තිබී එක් කුරුමිණියෙක් හමුවීමත් සමග එම පියවර ගැනීමට රුසියාව කටයුතු කර ඇත.උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් රුසියානු රජය සමග සාකච්චඡා කිරීම සඳහා වැවිලි කර්මාණ්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව වැවිලි කර්මාණ්ත අමාත්‍යංශයේ ආරංචි මාර්ග වල සඳහන් වේ..

  • ඡන්දෙට කලින් ඒකාබද්දෙන් 4ක් එජාපයට…

    එපාපයේ සිට මහින්දගේ සැලුන් දොරින් සංධානයට පැමිණි ප්‍රභල මෛත්‍රී වරු 4 දෙනෙක් එළැබෙන පළාත් පාලන මැතිවරණයට පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එන බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.පොහොට්ටුව පුප්පන්න වලි කන බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට ඔවුන් ඉඟි පල කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසි අමනාපයක් නැති මුත් නාමල් වැනි ලඳ බොළද තරුණයන් හමුවේ තමන්ගේ ආත්මගෟරවය රැක ගැනීමට සිදුවීම තවත් එක් හේතුවක් බව ඔවුන් ඉඟි පල කර ඇත.

     

  • සංගීත වීඩියෝවේ අසභ්‍ය ලෙස පෙනී සිටි ගායිකාවයි අධ්‍යක්ෂකයි දෙන්නම හිරේ ….

    අසභ්‍ය ලෙස ගීත වීඩියෝ පටයකට පෙනී සිටි ඊජිප්තු ජාතික පොප් ගායිකාවක වන  ශයීමා අහමඩ්ට එර⁣ට අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවම් නියම කර ඇත.ඇය යට ඇඳුම් වලින් සැරසී අදාළ වීඩියෝ පටයේ පෙනී සිට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.රටේ ජනතාව තුළ කෝපය ඇති කරවමින් අසභ්‍ය වීඩියෝ පටයක් මාධ්‍යට මුදාහැරීමේ චෝදනාව යටතේ ඇය පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ දිනයේ අධිකරණය හමුවේ ඇය වරදකරු කර තිබේ.කෙසේවෙතත් 21 හැවිරිදි ෂායිමා අහ්මඩ් නැමැති ඇය අත්අඩංගුවට ගැනීමට පෙර ඇයගේ ෆේස්බුක්  පිටුවෙහි සටහනක් තබමින් රටේ ජනතාවගෙන් සමාව ගෙන ඇති අතර වැඩි ආකර්ශනයක් දිනාගැනීම සඳහා අදාළ වීඩියෝ පටය නිර්මාණය කළ බව එහිදී ඇය පවසා ඇත.අදාළ වීඩියෝ පටය අධ්‍යක්ෂණය කළ පුද්ගලයා ද වසර දෙකක සිර දඬුවම් ලබා ඇති බව සඳහන්ය.