Blog

  • එක්වනවාද නැද්ද කියලා මහින්ද කියන රැස්වීම අද රෑ.. අාවත් එකයි නාවත් එකයි ශ්‍රිලනිපය කියයි

    ඒකාබද්ධ විපක්‍ෂය, ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් අද දිනයේදී තීරණයක් ගැනීමට නියමිතයි. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (06) රාති‍්‍රයේ පැවැත්වෙන සාකච්ඡාවකදීයි. හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනවා. 

    ඊයේ දිනයේද ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී සාකච්ඡාවට ගැණුනු කරුණු අද සාකච්ඡාවට ඉදිරිපත් කරන බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.

    [rns_reactions]

     

  • ක්‍රීඩා ඇමති හා ක්‍රිකට් ආයතනය කෙහෙවළු පටලගනී…. ක්‍රීඩකයින් ගුවන් යානයෙන් බස්සවයි.. ක්‍රීඩකයින් අනාත වේ

    එළැඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට අදාළව තෝරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් නව දෙනකු (තිසර පෙරේරා, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, සචිත් පතිරණ, චතුරංග ද සිල්වා, දුෂ්මන්ත චමීර, නුවන් ප්‍රදීප් හා අකිල ධනන්ජය)පෙරේදා (4දා) මධ්‍යම රාත්‍රියේ ඉන්දියාව බලා ගුවන් ගත වීමට ආසන්නව සිටියදී ඔවුන්ගේ ගමන අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හදිසියේම තීරණය කලේය. ඕනෑම ජාතික ක්‍රීඩා කණ්ඩායමක් විදෙස් තරගාවලියකට සහභාගි වීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු වුවත් එසේ නොකොට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යෑමට කටයුතු කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ක්‍රිකට් සංචාරයකට සහභාගි වීමට නියමිතව සිටි කණ්ඩායමක් ගුවන්ගත වීමට මොහොතකට පෙර අවලංගු කොට ඇත.

    ක්‍රීඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සමඟ ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් හා ඊයේ සවස විශේෂ සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන්  පැවැත්වීය.එහිදී මෙම සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් අමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්විය.

    මින් පසුව නියමිත වේලාවට පසුව එවන කිසිදු ක්‍රිකට් කණ්ඩායමකට අනුමැතිය ලබා නොදෙන බවත් පෙරේදා රාත්‍රියේ ක්‍රීඩකයන්ගේ ගුවන් ගමන් නතර කිරීමෙන් ගෙවීමට සිදුවන මුදල ක්‍රිකට් ආයතනයේ වගකිවයුතු නිලධාරියකුගෙන් අයකර ගන්නා ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කර සිටියහ.එම  තීරණය ගැනීම සම්බන්ධව වගකීම හා චෝදනාව ප්‍රධාන විධායක නිලධාරි අෑෂ්ලි ද සිල්වා මහතාට එල්ල වී ඇති බවද දැනගන්නට ඇත.

    මේ පිළිබඳව කළ විමසීමකදී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ ඉන්දියාව බලා යෑමට තෝරාගත් ක්‍රීඩකයන්ගේ නම් ලැයිස්තුව අනුමැතිය සඳහා තමන් වෙත ලැබුණේ පෙරේදා (4දා) සවස බවයි. ක්‍රීඩකයන්ට අදාළ යෝග්‍යතාවන් පිළිබඳව වෛද්‍යවරුන්ගෙන් කරුණු නොවිමසා රටින් පිටත් වීමට පැය තුන හතරකට පෙර තමන් වෙත ලැබෙන කණ්ඩායමකට තම අනුමැතිය ලබා දෙන්නේ කෙසේ දැයි පෙරළා විමසා සිටි අමාත්‍යවරයා ‘ගුවන් තොටුපොළට යන තෙක් කණ්ඩායම කවුද? යන්නෙ කවුද? කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ක්‍රීඩා 62ක පරිපාලනය භාරව ඉන්න කෙනෙක්. මට ක්‍රිකට් ආයතනය විතරක් හුරතල් කරන්න අවශ්‍යතාවක් නැහැ. තිසර පෙරේරා පෙරේදා රෑ කටුනායක ගුවන්තොටුපොළේ සිට කතා කළා. සර් අපි දැන් ගුවන් යානයට ගොඩවෙලා අවසන්. එහෙත් මම කීවේ කරන්න දෙයක් නැහැ. එන්න කියලා මම දැනුම් දුන්නා.’ යනුවෙන්ද කීය.එසේම එසේ හොර රහසේම ඉන්දියාව බලා යෑමට තෝරා ගත් එක් දින ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් සමහර ක්‍රීඩකයන් සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයාගේ දැඩි නොසතුට පළකර ඇත.

    ‘මම පැහැදිලිවම කිව්වා ඔයාලා නිසා අපට බැනුම් අහන්න බැහැ හැමදාම. මේකෙ වගකීම කවුරු හරි භාරගන්න ඕන. සමහර ක්‍රීඩකයන් තෝරා ගත්ත ආකාරය ගැනත් මගේ පැහැදීමක් නැහැ. කුසල් ජනිත් තෝරා ගත්තෙ නැත්තෙ පුහුණුවීම්වලට ආවෙ නැති නිසාලු. මම කියන්නෙ ඒක විනය කඩකිරීමක් නම් ඒ හේතුව එළියට දාන්න. නැත්නම් එයා කපලා කියලයි මිනිස්සු හිතන්නෙ. කොහොම වුණත් කණ්ඩායම රාත්‍රියේදී පිටත් වෙනවා’ යනුවෙන්ද පැවැසීය. යනුවෙන් ඊයේ පැවැති රැස්වීම ගැන අදහස් දක්වමින් ඇමැතිවරයා කියා සිටියේය.

    SHARE

    Facebook
    Twitter
  • කොලොන්නාව ශ්‍රිලනිප ජයග්‍රහණය කරවන බල කදවුරේ ඉතිහාසය මෙන්න..

     වසර තිස්පහකට ආසන්න කාලයක් කොළොන්නාවේ ආසනය තුල විවිද දේශපාලකයින් සිටි නමුත් ඔහුන් සියල්ලොම කලේ කොළොන්නාවේ අහිංසක දිලිදු ජනතාවගේ හැගිම් සමග ක්‍රීඩා කිරිමයි.

    විශේෂයෙන්ම කොළොන්නාවේ හිටපු දේශපාලනඥයෙකු වු වීරසිංහ මල්ලිමාරච්චිගේ ආශිර්වාදයෙන් 1987 වකවානුවේ ආරම්භවු කොළොන්නාවේ මීතොටමුල්ල පොතුවිල් කුඹුරේ පිහිටි කසල අංගනය හේතුවෙන් කොළොන්නාවේ සමස්ථ ජනතාවට විශාල පිලිකාවක් විය.

    අනතුරුව කොළොන්නාවේ කුණු කන්ද තම දේශපාලන ඉත්තක් කරගත් කාලකණ්ණි දේශපාලනඥයින් ජනතාව හමුවේ ප්‍රකාශ කලේ මෙම කුණු කන්ද කෙසේ හෝ ඉවත්කිරිමට කටයුතු කරන බවත් ඒ සදහා ජන්දය තමන්ට ලබාදෙන ලෙසත් පසුව කොළොන්නාවේ ජනතාවගේ ජන්දයෙන් බලයට පත් නාවලගේ බැනට් කුරේ අශෝකා ලංකා තිලක රේණුක පෙරේරා එක්සත් ජාතික පක්ෂයේ කලක් කොළොන්නාවේ ආසන සංවිධායක ලෙස කටයුතු කළ කරුණාසේන කොඩිතුවක්කු වැනි මහජන ජන්දයෙන් පැරදිච්ච බංකොලොත් අමන දේශපාලනඥයින් සිදුකලේ කොළොන්නාවේ මිනිසුන්ට කොකා පෙන්වීම හැරෙන්න කොළොන්නාවේ ජනතාවට හෝ කොළොන්නවේ නගරයටත් කල සේවයක් නොවිය.

    සත්‍ය වශයෙන් ගතහොත් එම අසුචි තවරකර ගත් දේශපාලනඥයින්ට අවශ්‍ය වුයේ ගමට වැඩක් කරන පුද්ගලයෙකුට වැඩ කිරිමට ඉඩනොදි වලකැපිමයි. අනතුරුව මහින්ද රාජපක්ෂ කාළ පරාසය තුල කොළොන්නාව ආසනය තුල යහපත්සි සහ අයහපත් දෙපසටම වෙනසක් සිදුවිය. ප්‍රසන්න සෝලංගආරච්චි රවීන්ද්‍ර උදයශාන්ත වැනි තරුණයන් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාව සහ කොලොන්නාව නගර සභාවේ ප්‍රධානීන් බවට පත්වීම ඉතා යහපත් ප්‍රවණතාවයක් වන අතර කුඩු රජෙක් ලෙස කිරුළු පලන් දුමින්ද සිල්වා ආසන සංවිධායක බවට පත්වීම එහි අයහපත්ම සිදුවීම විය. මේ අයහපත් සිදුවීම නිසාවෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නැමති දේශපාලණයේ පතාක යෝධයාට ජිවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවිය.

    ප්‍රසන්න සෝලංගආරච්චි නැමති ජන හිතකාමි නායකයා තමන් වෙත එන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට කිසිදු පාට පක්ෂ ජාති ආගම් කුල භේදයකින් තොරව ජනතා සේවය සපයන නායකයෙකු බව මුළු කොලොන්නාවම දන්නා ප්‍රසිද්ධ කරුණකි.  රවින්ද්‍ර උදය ශාන්ත දේශපාලනයට පැමිණිමට පෙර තම පෞද්ගලික ව්‍යාපාර වලින් කොටසක් ලංකාවේ මායිම් ගම්මාන වලට සහ අහිංසක දුගි දුප්පත් ජනතාවට පාසල් යන දූ දරුවන්ට අවශ්‍ය කරන පාසල් උපකරණ නිවසක් නොමැති මිනිස්සුන්ට නිවසක් සාදා ගැනිමට උපකාර කිරිම ඔහුගේ පුරුද්දක් විය.

    එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබු ප්‍රාදේශිය සභාව ජයග්‍රහණය කර එහි කටයුතු විධිමත් කර ජනතාවට උපරිමයෙන් සේවාවන් සපයමින් මංමාවත් ප්‍රතිසංස්කරණය කරමින් ප්‍රසන්න සෝලංගආරච්චි ජනතා සේවයේ නියලෙද්දි. පුරා වසර තිස් හයකට ආසන්න කාලයක් එජාපය යටතේ පැවති කොළොන්නාව ආසනය ශ්‍රීලනිපයට ජය අත්කර දුන් රවින්ද්‍ර උදය ශාන්ත කොළොන්නාවේ ජනතාවටත් එජාපය යටතේ කොළොන්නාවේ අබලන්වු පාර තොටවල් සාදා ප්‍රතිසංස්කරණය කොට කොළොන්නාව ලස්සන නගරයක් බවට පත්කර දීමට කටයුතු කළේය.

    එමෙන් එදා අප්‍රේල් 14වැනිදින මීතොටමුල්ලේ පොතුවිල් කුඹුර කසල අංඝනයේ කොටසක් කඩාවැටිම හේතුවෙන් විශාල ජීවිත හානියක් සිදුවෙද්දි එජාපයේ වත්මන් ආසන සංවිධායක ලෙස කටයුතුකරන එස් එම් මරික්කාර් ඇතුළු ඔහුගේ මඩ ෆේස්බුක් බලකාය පෙරටුගාමි පක්ෂයේ නුවන් බෝපගේ, විසින් ප්‍රසන්න සෝලංගආරච්චි මැතිතුමාගේ නායකත්වය යටතේ රවින්ද්‍ර උදයශාන්ත කොළොන්නාවේ කුණු කන්දෙන් අගතියට පත් ජනතාව වෙනුවෙන් යුුතුකම් ඉටුකරද්දි කප්පම් ගත් පවසමින් විශාල මඩ ප්‍රචාර දියත් කරමින් ඔවුන්ගේ ජනතා සේවය අඩපණ කිරිමට උත්සහ කලද ඒ කිසිදු දෙයකට  නොසැලි මුහුණ දීමට තරම් සෝලංගආරච්චි සහ රවින්ද්‍ර ශක්තිමත් විය. 

    ඇතැම් පිරිස් ඔවුන්ව පැහැර ගෙන ගොස් ඝාතනය කිරිමට සැලසුම් කෙරුනද ඒවා සියල්ලම් ව්‍යාර්ථ වුනේ කොළොන්නාවේ ජනතාවගේ ආශිර්වාදය සෝලංගආරච්චිට සහ රවින්ද්‍රට කොළොන්නාවේ මිනිස්සු අතර තිබෙන බැදිම  කැඩිමට  කිසිවෙකුට නොහැකි විය.

    කොළොන්නාවේ මීතොටමුල්ල කසල කන්ද ඉවත්කිරීමට සටන් කළ සෝලංග-රවීන්ද්‍ර නායක දෙපළ සිය උපන් ගමවු මීතොටමුල්ලේ ජනතාව කුණු කන්දෙන් යටවී මියයද්දි ඒ සදහා සටනට පැමිණි මේ නායක දෙපල ‍ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළොන්නාව  ජයග්‍රහණය කිරිමට එක්ව සිටිම ජනතා ජයග්‍රහණයකි.

    [rns_reactions]

  • මේ වසරේ මාස 9 ට ආනයන වියදම 9.7% කින් ඉහළට

    මේ වසරේ (2017) පළමු මාස නවයේදී සමස්‌ත ආනයන වියදම සියයට 9.7 කින් ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකුව කියයි.

    මේ අනුව ගිය වසරේ මුල් මාස නවයේ ඇමරිකානු ඩොලර් මිලියන 13911.1 ක්‌ වූ මුළු ආනයන වියදම මේ වසරේ (2017) මුල් මාස නවයේදී ඇමරිකානු ඩොලර් මිලියන 15263.7 ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ තිබේ.

    මේ කාලයේදී මුළු ආනයන වියදම නියෝජනය කරන පාරිභෝගික භාණ්‌ඩ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3279 ක්‌ දක්‌වා සියයට 2.5 කින්ද, අන්තර් භාණ්‌ඩ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 8221.2 ක්‌ දක්‌වා සියයට 16 කින් සහ ආයෝජන භාණ්‌ඩ ආනයන වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3623.6 ක්‌ දක්‌වා සියයට 0.2 කින්ද ඉහළ ගොස්‌ ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ. මේ අතර වර්ග නොකළ ආනයන වියදම් මේ කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 9.8 සිට ඇමරිකානු ඩොලර් මිලියන 139.9 දක්‌වාද ඉහළ ගොස්‌ තිබේ.

    [rns_reactions]

  • නීති විරෝධී මහජන උද්ඝෝෂණවලට පොලිස්‌ සුනඛයන් කරපටි නොමැතිව යැවීමේ තීරණයක්

    මහජන උද්ඝෝෂණ විසුරුවා හැරීම සඳහා යොදාගන්නා පොලිස්‌ සුනඛයන් පොලිස්‌ ඉතිහාසයේ ප්‍රථම වතාවට කරපටිය (දම්වැල) නිදහස්‌ කර එම පෙළපාලිවලට යවන බව පොලිස්‌ ආරංචි මාර්ගවලින් හෙළිවී තිබේ.

    මෙසේ කරපටිය නිදහස්‌ කර ඉදිරියට යවන පොලිස්‌ සුනඛයා පොලිසියට අවශ්‍ය කරන සැකකරුවන් ඉදිරියට ගොස්‌ බිරීමට පුරුදු කරන අතර යම් හෙයකින් එම සුනඛයාට කිසිවකු ගල්මුල්වලින් පහරදීමට උත්සාහ ගන්නේ නම් එම පුද්ගලයා හෝ පුද්ගලයන්ගේ කලිසමෙන් අල්ලාගැනීම සඳහා සුනඛයන් ක්‍රියා කරන බව පොලිසිය කියයි.

    මෙම සුනඛයන් කොටස්‌ වශයෙන් මේ සඳහා පුහුණු කරන බව කී පොලිස්‌ නිලධාරියා මෙම සුනඛයන් 160 දෙනකු මේ සඳහා මනාව පුහුණු කර අදාළ සුනඛයාගේ පුහුණුව අනුව ඌට බලපත්‍රයක්‌ නිකුත් කරන බව පොලිසිය කියයි.

    [rns_reactions]

  • කරන්ට් එක නැතිව සංගක්කාරට කේන්ති ගිහින්…

    පහුගිය දවස් වල ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වල විදුලිය බිඳ වැටුනා .ඔය අතරෙ සංගක්කාරටත් කරන්ට් එක නැතිවෙලා.ඉතිං සංගක්කාර විදුලිබල මණ්ඩලේට කොල් කරල.සෑහෙන උත්සාහ කරත් සම්බන්ධ කර ගන්න බැරි වෙලා තියෙනවා

    ඉතින් සංගක්කාර 30 වෙනිද තමන්ගේ ට්විටර් ගිණුමේ මෙන්න මෙහෙම පණිවිඩයක් තියල.

    මේ පණිවිඩයට ගොඩක් කට්ටිය ප්‍රතිචාර දක්වලා තියෙනවා..අන්තිමේ කොහොම හරි 4 වෙනිද කරන්ට් එක ලැබිල තියනවා.ඊට පස්සෙ මෙන්න මේ විදිහට විදුලිබල මණ්ඩලයට ස්තූති කරන්නත් සංගක්කාර අමතක කරල නෑ…

  • මුහුණු පොතේ රුව ගිය; ව්‍යාජ මුදු දමා රන්මුදු සොරකම් කරන හෙර මාට්‌ටු

    විවිධ නගරවල ස්‌වර්ණභරණ වෙළෙඳසල්වලට ගොස්‌ රන්භාණ්‌ඩ මිලදී ගන්නා මුවාවෙන් රන්භාණ්‌ඩ සොරා ගන්නා කාන්තාවකගේ ඡායාරූපයක්‌ මුහුණු පොතට එක්‌කර තිබියදී ගම්පොළ පුස්‌සැල්ලාව නගරයේ රණ්‌භාණ්‌ඩ වෙළෙඳසල්වල ගැවසුණු එම කාන්තාව හඳුනාගෙන පුස්‌සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    22 හැවිරිදි එක්‌ දරු මවක්‌ වන ඇය මාවනැල්ල උස්‌සාපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වන අතර ඇගේ සැමියා හා ඇය තදින්ම හෙරොයින් පානයට ඇබ්බැහි වී ඒ සඳහා මුදල් සොයා ගැනීමට මේ ආකාරයට සොරකම් කිරීමට පුරුදු වී ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

    රන්භාණ්‌ඩ වෙළෙඳසැල් වලින් මුදු පමණක්‌ සොරා ගැනීමට පුරුදු වී ඇති මෙම කාන්තාව පළමුව තනියම එම වෙළෙඳසල්වලට ගොස්‌ ඒවාට ඇති නිර්මාණ බලා (ඩිසයින්) පසුව ඒ ලෙස ඇති ඉමිටේෂන් මුදු (ව්‍යාජ) රැගෙන තම අත දරුවාද වඩාගෙන ගොස්‌ අත දරුවාගේ මුවාවෙන් රන්මුදු පැළඳ ව්‍යාජ මුදු එහි දමා මෙම සොරකම ඉතා සූක්‍ෂම අයුරින් සිදු කරන බව අනාවරණය වී ඇත.

    මේ ලෙස ගම්පොළ වෙළෙඳසලකින් සොරා ගන්නා රන් මුදු දෙකක්‌ මෙම කාන්තාව අත පළදා ව්‍යාජ මුදු තබා යන අයුරු වෙළෙඳසලේ රහස්‌ කැමරාවල සටහන්ව තිබී එම වෙළෙඳසල් හිමියන් මෙම කාන්තාවගේ ඡායාරූප මුහුණ පොතට එක්‌කර තිබේ.

    මෙම සොරකම් පිළිබඳව ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි ලැබී තිබිණි.

    අත්අඩංගුවට ගත් කාන්තාව ගම්පොළ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඇය හඳුනාගැනීමේ පෙරට්‌ටුවක ඉදිරිපත් කරන තුරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්‌ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය නියෝග කළාය.

    මෙම කාන්තාව විසින් සොරකම් කරන ලද රන් මුදු වැලිමඩ නගරයට උකස්‌කර ඇති බවට ලද තොරතුරකට අනුව පරීක්‍ෂණ පැවැත්වීමටද නියමිතය.

    ගම්පොළ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී නුවන් මෙන්ඩිස්‌, සහකාර පොලිස්‌ අධිකාරී චන්ද්‍රසේන බණ්‌ඩාර, පුස්‌සැල්ලාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සරත් බණ්‌ඩාර පලිපාන, ගම්පොල මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපාලි සෙනරත් යාපා යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත පො. ප. කපිල බණ්‌ඩාර මහතා ප්‍රමුඛ පොලිස්‌ කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

    [rns_reactions]

  • ලෝකේ පළවෙනිම SMS එකේ තිබ්බේ මොනවාද?

    අද කාලේ ගොඩක් අයට නැතුවම බැරි දෙයක්නේ SMS. එහෙමත් නැත්නම් කෙටි පණිවුඩ. ඒ තරම්ම SMS මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරලා තියෙනවා.

    ඉතින් අපි මේ කියන්න යන්නේ SMS ගැන කතාවක්.

    කෙසේවෙතත් SMS දෙසැම්බර් 03 වෙනිදා 25 වෙනි සංවත්සරය සැමරුවා.

    මුල්ම SMS එක විදියට යවලා තියෙන්නේ ” Merry Christmas ” කියලා. ඉංජිනේරුවක වුන නීල් පැප්වෝර්ත් 1992 දී අත්හදා බැලීමක් විදියට තමයි පළවෙනි SMS එක යවලා තියෙන්නේ. නීල්ගේ මිත්‍රයෙක්ට තමයි පරිගණකය හරහා ඔහු මේ SMS එක යවලා තියෙන්නේ.

    කොහොමවුනත් නීල්ගේ ඒවෙනකොට වයස 22 ක්.

    නීල් ආඩම්බරයෙන් කියලා තියෙන්නේ “මම ඒ වෙලාවේ හිතුවේ නෑ මම මේ කරන්නේ ලෝකයටම වැදගත් ලොකු දෙයක් කියලා”.

    ඒ දවස්වල දුරකථනයෙන් යවන්න පුළුවන් වුනේ ශබ්දය විතරයි. ඒ නිසා දුරකථනයෙන් කෙටි අක්ෂර පණ්විඩ යවන්න පුළුවන් වීම දුරකථනයේ ලොකු පිම්මක් වුණා. ස්මාර්ට් ෆෝන් සදහා පළවෙනි පියවර විදියට සැලකෙන්නෙත් SMS. දත්ත වලට අනුව අවුරුද්දකදී ලෝකය පුරා SMS පණිවිඩ ට්‍රිලියන 8.9 විතර යවනවාලු.

    ඉතින් මින් පස්සේ තමන්ගේ පෙම්වතාට පෙම්වතියට SMS යවද්දී නීල් පැප්වෝර්ත්ට ස්තූති කරන්න අමතක කරන්න එපා.

    [rns_reactions]

  • පොළොන්නරුවේ වකුගඩු රෝහලට ජනපති අතින් අද මුල්ගල තැබේ

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉල්ලීම පරිදි චීන රජයෙන් ලැබුණු මිත‍්‍රශීලි පරිත්‍යාගයක් අනුව පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා මුල් ගල් තැබීම අද(06) පෙරවරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරේ.
     
    වකුගඩු රෝගයෙන් පීඩාවිඳින ජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා තුළ තිබූ දිගුකාලීන අපේක්ෂාවක් ඉටුකරමින් ඉදිකෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස ඉදි කෙරෙනු ඇත. 
     
    පොළොන්නරුව මහ රෝහලට නුදුරින් 28 කණුව ප‍්‍රදේශයේ ඉදිකෙරෙන ජාතික වකුගඩු රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 කි. මෙම සම්පූර්ණ මුදලම චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබීම විශේෂත්වයකි.
     
    උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකෙරෙන අතර, ලොව නවීනතම පරික්ෂණාගාර සහ අධිතාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විතය. වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම, රුධිර කාන්දුකරන සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ආදී සියලු සේවාවන් මෙම රෝහල මගින් සැපයෙන අතර මූලික ප‍්‍රතිකාර ඒකකයක් සහිත බාහිර රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, ඇඳන් 200 කින් යුත් නේවාසික රෝගී ප‍්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දුකරණ ඇඳන් 100 ක් සහ නවීන තාක්ෂණික පහසුකම්වලින් යුත් ශල්‍යාගාර, දැඩි  සත්කාර ඒකක දෙකක් සහ ලේ බැංකුවක් මීට ඇතුළත්ය.
     
    ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග අතර ප‍්‍රධානත ම රෝගයක් වන වකුගඩු රෝගය මේ වන විට ප‍්‍රබල සමාජ ගැටළුවක් බවට පත්ව ඇත. ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව තිබෙන අතර වකුගඩු රෝගය පාලනය සහ නිවාරණය වෙනුවෙන් මෙන්ම ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමට ද ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකය.
     
    මීට සම්බන්ධ විවිධ ආයතන සම්බන්ධීකරණය වෙනුවෙන් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටුවීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය. මෙම වැඩපිළිවෙළට ජාත්‍යන්තර සහය ද පුළුල් ලෙස ජනාධිපතිතුමා වෙත හිමිව තිබෙන අතර, මෙම රෝගයට මූලික හේතුව සොයාගැනීම ඉලක්ක කරගත් පර්යේෂණ සඳහා ශ්‍රී ලංකා රජයට සහයවීමට  ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා සහ තාක්ෂණ සංවිධානය ඉදිරිපත්වී සිටී.
     
    පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාරයේදී පෝස්ටර් සහ කටවුට් සඳහා ලැබුණු පරිත්‍යාග තැන්පත් කරමින් ආරම්භ කළ වකුගඩු අරමුදල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බලයට පත්වීමත් සමග ජාතික වකුගඩු අරමුදල බවට ප‍්‍රකාශයට පත්කෙරුණු අතර ඒ සමග ද මේ වන විට දෙස් විදෙස් පරිත්‍යාගශීලින් රැසක් අත්වැල් බැඳගෙන සිටි.
     
    වකුගඩු රෝගය පවතින ප‍්‍රදේශවල ජනතාවට ජල පෙරණ යන්ත‍්‍ර ලබාදීම, වකුගඩු රෝගයෙන් මව හෝ පියා අහිමි වූ පාසල් දරුවන්ට තම අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, වකුගඩු රෝගින්ගේ භාරකරුවන් වෙනුවෙන් අනුරාධපුර මහනුවර සහ ගිරාඳුරුකෝට්ටේ රෝහල්වලට අනුබද්ධ නේවාසිකාගාර සංකීර්ණ ඉදිකිරීම, වකුගඩු රෝගයට ගොදුරු වූ පවුල්වල ජීවනෝපාය මාර්ග නගා සිටුවීම වැනි සුබසාධන වැඩසටහන් මෙම අරමුදල හරහා සිදු කෙරේ. එමෙන්ම වකුගඩු රෝගින් වෙනුවෙන් මසකට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදීමට ද රජය පියවර ගෙන ඇත. මෙම රෝගය ව්‍යාප්තව ඇති ප‍්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් රජය ශ්‍රී ලංකා නාවික හමුදාව සමග එක්ව පුළුල් වැඩසටහනක් ක‍්‍රියාත්මක කර තිබේ.
     
    මූලය හඳුනා නොගත් වකුගඩු රෝගය මුලිනුපුටා දැමීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ගෙන යන සංග‍්‍රාමයේදී සෞඛ්‍ය අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා පසුගිය කාලය තුළ සුවිශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ යටතේ ලංකාවේ මුල්ම වකුගඩු රෝහල වන මාලිගාවත්ත ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපතිතුමා පෞද්ගලිකවම මැදිහත්වී කටයුතු කළේය. 
     
    එමෙන්ම යාපනය ශික්ෂණ රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල  මහ රෝහල සහ හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල්වල වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරු සහිත වකුගඩු ඒකක පිහිටුවීම සඳහා සැලසුම් කර තිබේ. වකුගඩු සායන, රුධිර කාන්දුකරණ මධ්‍යස්ථාන, වෛද්‍ය විශේෂඥයන්, ගිලන් රථ සේවා, සාත්තු සේවා, වකුගඩු බද්ධ කිරීමේ මධ්‍යස්ථාන, වකුගඩු රෝගින් පිළිබ`ද තොරතුරු එක්රැස් කිරීම වැනි කරුණු කෙරෙහි මේ වන විට විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරයි.
    [rns_reactions]
  • අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක්

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව පොල්, පරිප්පු, ආනයනික අර්තාපල් සඳහා මෙලෙස උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි සඳහන් කෙරුණේ.

    අදාළ නියමයන් අනුව පොල් ගෙඩියක මිල රුපියල් 75ක් ලෙසත් පරිප්පු කිලෝ එකක මිල රුපියල් 130ක් ලෙසත් උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අතර ආනයනික අර්තාපල් කිලෝ එකක මිල වන්නේ රුපියල් 76ක්.

    මෙම ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල ඇතුලත් ගැසට් නිවේදනය අද (06) නිකුත් කෙරෙන බවද සඳහන් .

    [rns_reactions]

  • මෛත්‍රී මහින්ද එකතු කරන්න අලුත් කපුවෙක් එයි

    රටේ ඉදිරි ගමනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ සමඟිය අත්‍යවශ්‍ය නිසා එම පාර්ශ්ව දෙක සමඟි කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ…තමා කඩිනමින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක  ප්‍රකාශ කළේය.

    රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීම රටේ ආර්ථිකය විජාතිකකරණයෙන් වළක්වා ගැනීම යන ප්‍රධාන කරුණු දෙක වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් සමඟි විය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.

    2020 ජනාධිපතිවරණය ජයගැනීමට නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් අනිවාර්යයෙන්ම සමඟි විය යුතු බවත් පළාත් පාලන මැතිවරණයට වෙන්ව තරග කර ඉන් පසුව එක්වීම අපහසු නිසා එම මැතිවරණයට පෙර මෙම කණ්ඩායම් දෙක එක්වී එක් කණ්ඩායමක් බවට පත්විය යුතු බවත් දෙපාර්ශ්වයටම සාධාරණ ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු ලබාදිය යුතු බවත් වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

    මෙම සමඟි වීම සඳහා දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වී ඇති කොන්දේසි ගැන යළිත් වරක් තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් සමඟ සාකච්ඡා කර කෙසේ හෝ මෙම සමඟිය සිදුකරන බවත් ඒ ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාටද දැනුම් දෙන බවත් වීරකුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

    මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා තමන් උපරිම උත්සාහයක් ගන්නා බවත් එය සාර්ථක කරගැනීමට නොහැකි වුවහොත් රටේ ජාතික ආරක්ෂාව සහ රටේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් තමන් තීරණයක් ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

    මේ අතර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දිසානායක මන්ත්‍රිවරයා පවසන්නේ ජයග්‍රහණයේ මෙන්ම දේශපාලනයේ කිසිම ස්ථානයකට බෙදීමේ ලකුණු හෝ අඩු කිරීමේ ලකුණු අදාළ නොවන බවයි. ජයග්‍රහණයේ මෙන්ම දේශපාලනයේ ලකුණු වන්නේ එකතු කිරීම සහ වැඩි කිරීමයි.

    සැබෑ ජනතා නායකයන්ට ජනතාවගේ ජයග්‍රහණ වෙනුවෙන් කළ නොහැක්කක් තිබිය නොහැකි බවත්, යන්නට බැරි තැනක් තිබිය නොහැකි බවත්, නමන්ට බැරි හිසක් නොතිබෙන බවත් එමෙන්ම හොඳ කොන්දක් තිබිය යුතු බවත් මන්ත්‍රිවරයා නිකුත් කළ දීර්ඝ නිවේදනය අවසානයේ සඳහන් කරයි.

    [rns_reactions]

  • සුපිරි ක්‍රිඩක සනත් අළුත් ඉනිමක් අරඹයි…

    සනත් ජයසූරිය මෙරට ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සළකුණක් තැබූ ලෝක පූජිත ක්‍රිකට් තරුවකි.

    ඔහුගේ ආදර ලෝකය විටින් විට බිඳ වැටුණු අතර එය ජනතාව අතර ද විවිද අයුරින් කතාබහට ලක් වුණා.

    අප මේ කතා කරන්නේ ඔහුගේ පැරණි ආදර කතාන්දර පිළිබඳව නොවේ..ඔහුගේ අලුත්ම ආදර කතාව පිළිබඳවයි.

    සබීනා මනිකු නම් වන ඇය මාලදිවයිනේ ජනප්‍රිය තරුණියක වන අතර ඇගේ පියා එරට මුල් පෙළේ ව්‍යාපාරිකයකු වනවා.

    එම පවුලේ එකම දරුවා වන ඇය අධ්‍යාපනය ලැබුවේ ස්විට්සර්ලන්තයේයි.

    [rns_reactions]
  • පුංචි ඡන්දය දිනන්න අපිට ඒකාබද්ධ විපක්‍ෂය අවශ්‍ය නැහැ – මහින්දගෙන් ප්‍රකාශයක්

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය එකට එක් නොවුණද, පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කරන බව එම පක්ෂයේ උප ලේකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවැසීය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
    මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් 95 දෙනාම එකට එක්වන්නේ නම් මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බවද සමරසිංහ මහතා අවධාරණය කළේය.

    එහිදී මහින්ද සමරසිංහ මහතා මෙසේද පැවැසීය.
    පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් පමණක් මැතිවරණයක් ජයග්‍රහණය කරන්න බැහැ. ඒක හැම පක්ෂයකටම පොදු කාරණයක්. මම එකක් කියන්න කැමැතියි සුළු ජනකොටස්, මධ්‍යස්ථ මතධාරීන්, පාවෙන ඡන්ද නැතිව මැතිවරණයක් දිනන්න බැහැ. අද වනවිට මේ හැම කොටසක්ම මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඒකරාශීවෙලා තිබෙනවා. ඒ නිසයි කියන්නෙ මේ මැතිවරණයේදී නිදහස් පක්ෂය දිනනව කියලා. ඒකාබද්ධ විපක්ෂයත් එක්ව තරග කරමින් ඒ සඳහා පූර්ණ ශක්තියක් ලබාගත හැකියි.

    13 වැනි ව්‍යවස්ථා රාමුව තුළ සිට බලය බෙදීම ගැන නිදහස් පක්ෂයට විරෝධයක් නැහැ. පොලිස් සහ ඉඩම් බලතල ලබාදීම ගැන තවදුරටත් සාකච්ඡා කළ යුතුයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන අපි එකඟ නැහැ. 1987දී පළාත් සභා සම්බන්ධයෙන් ශේ‍ර්ෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් තමයි, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමේදී විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යා යුතුයි කියන එක. විධායක ජනාධිපති ධුරය අහෝසි කළොත් ඒක ශේ්‍රෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝගයක්. 13 වැනි සංශෝධනය හරහා විශාල බලතල ප්‍රමාණයක් තිබෙනවා. හැබැයි කිසිම පළාත් සභාවක් ඒ ගැන කල්පනා කරල නැහැ. ඒ නිසා මෙතෙක් යොදා නොගත් බලතල ගැන කල්පනා කළ යුතුයි. ඒ අයට පුළුවන් එවැනි බලතල යොදාගෙන පළාත් සංවර්ධනය කරන්න.

    සමහරු කියනව නිදහස් පක්ෂය එජාපය කරන සියලු දේවලට එකඟ වෙලා කියලා. අපේ පක්ෂය එහෙම පක්ෂයක් නොවෙයි. අය වැය යෝජනාවල තිබෙන ඇතැම් දේවල් ගැන අපේ පක්ෂය කතා කළා. සටන් කරල ඉතිහාසයේ ඉඳල දිනාගන්න පැය 8ක වැඩමුරය නැවත ආපස්සට හැරවීමට ඉඩ දෙන්නේ නැහැ. මෙවර අය වැයෙන් කාර්යාල සහ කඩ සාප්පු පනත සංශෝධනය කිරීම හරහා මතුවන ගැටලු ගැන මම පෞද්ගලිකවම කතා කළා.

    බැඳුම්කර කොමිසම ගැනත් යමක් කිව යුතුයි. යහපාලනයේ සහ යමපාලනය අතර සැබෑ වෙනස මේ කොමිසම හරහා දැක බලාගන්න අවස්ථාව උදා වුණා. ජනාධිපතිවරයා කොමිසමට කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදුකළේ නැහැ. 8 වැනිදා කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට ලැබුණු පසු එතුමා ඉදිරි පියවර ගන්න සූදානම්.
    ජනාධිපතිවරයා පසුගියදා සාර්ථකව විදෙස් සංචාරයක් නිමා කළා. දකුණු කොරියානු සංචාරයේදී රටට ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාකර ගත්තා. ලෝකයේ කිසිම රටක් ලබානොදෙන අඩුම පොලියක් යටතේ ඇමරිකන් ඩොලර් 300ක මුදලක් ලබාදුන්නා. ජනාධිපතිවරයාගේ සංචාරයෙන් පසුව එම මුදල ඩොලර් 500 දක්වා වැඩිකරගන්න සමත් වුණා.

    [rns_reactions]

  • පොහොට්ටු රැස්වීමකට නැග්ගොත් මන්ත්‍රීකම් නැතිකරනවා… – මහින්ද සමරසිංහ

    පක්‌ෂ ව්‍යවස්‌ථාව අනුව කිසිදු සාමාජිකයකුට වෙනත් පක්‌ෂයක්‌ දිනවීමට අනුබල දිය නොහැකියි බවත් නීති විරෝධී ක්‍රියාවක්.එසේ කරන ඕනෑම කෙනෙක්ව පක්ෂයෙන් නීත්‍යානුකූලව ඉවත් කරන්න පුළුවන් බව  බව වරාය හා නාවුක ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.ඒ අනුව ඒකාබද්ධ විපක්‌ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්‌ෂයක්‌ ජයග්‍රහණය කරවීමට ක්‍රියා කරන්නේ දැයි ගම් මට්‌ටමට ගොස්‌ සොයා බලන බවද ඇමතිවරයා වැඩිදුරටත් පවසන ලදී. 

    “මේ මැතිවරණයේදී අපි නිකං ඉන්නෙ නැහැ. ඡන්දෙ පටන් ගත්තම පොහොට්‌ටු පක්‌ෂයේ ප්‍රධාන රැලි වගේම ගමේ රැස්‌වීම්වලදී මොවුන් කතා කරන දේ නවීන තාක්‌ෂණය යොදා ගෙන අපි සොයා බලනවා. එමගින් අපට අවශ්‍ය සියලු සාක්‌ෂි සපුරා ගෙන පසුව නීත්‍යානුකූලව ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වගේම පළාත් සභා මන්ත්‍රීවරු ගැනත් සොයා බලනවා. පක්‌ෂයේ ඉහළ මට්‌ටමේ සිට පහළ මට්‌ටම දක්‌වා ශ්‍රීලනිප අය ගැන සොයනවා” යෑයිද ඊයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

  • නැඳුන්ගමුවේ ඇත් රජුටත් අනතුරක්

    මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණක් යැයි බෞද්ධයන් අතර විශ්වාසයක් පවතිනවා.

    ඒවගේම තමයි හැමෝගෙම වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බව හැමෝම දන්නා කරුණක්.

    එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ රාජා ය.

    ඒත් රාජා මෙවර අසනීප තත්වයක් නිසා පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහභාගි නොවිණි.

    නැඳුන්ගමුවේ සද්දන්තයා නොසිතූ ලෙස අනතුරකට මුහුණ දී තිබෙනවා.

    පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හැරීම සඳහා නතර වී තිබෙනවා.

    එම ස්ථානයේ තිබූ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කැබැල්ලක් හැපීම නිසා ඇතාගේ මුඛය තුවාල වී තිබේ .

    ඉන් පසු වහාම ඇත් රජුට ප්‍රතිකාර ලබා දී එම ස්ථානයෙන් පිටත් වූ බවටද වාර්තා වනවා.

    [rns_reactions]

     
  • ගෝඨාභය සිරගත කිරීම ලබන 15 දක්වා කල් යයි

    පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින්  ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසු අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් නියෝග කළ අතුරු තහනම් නියෝගය ලබන 15 දක්වා දීර්ඝ කර තිබේ.
     අදාළ පෙත්සම අද යළි කැඳවීමට නියම කළ අභියාචනාධිකරණය විරෝධතා ඇත්නම් අද දිනයේ ඉදිරිපත් කරන ලෙසද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දී ඇත.