Blog

  • ගැහැනුන්ට අපහාස කළාට වැඩ වරදී

    කාන්තාවන්ට එරෙහිව සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් ඊජිප්තු නීතීඥවරයෙකු හට වසර තුනක සිර දඬුවමක් එරට අධිකරණය විසින් නියම කරනු ලැබ ති⁣බේ.
    නබී අල් වාෂ් නැමැති අදාළ නීතීඥවරයා හට වසර තුනක සිර දඬුවමට අමතරව ඩොලර් 130ක දඩ මුදලක් ද නියම කර තිබේ.
    ඊජිප්තුවේ ඉරුණු කලිසම් අදින කාන්තාවන් හට ලබාදෙන දඬුවමක් වශයෙන් ඔවුන්ව දූෂණය කළ යුතු බවට පසුගිය ඔක්තෝබර් මාසයේදී පැවති රූපවාහිණී වැඩසටහනකදී අදාළ නීතීඥවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
    කාන්තාවන් විසින් ශරීරය නිරාවරණය වන ලෙස කලිසම් හෝ වෙනත් ඇඳුම් ඇඳ මාර්ග වල ගමන් කිරීම සම්බන්ධයෙන් අදාළ නීතීඥවරයාගෙන් විමසා ඇති අතර එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ එම කාන්තාවන්ව දූෂණය කරන ලෙසට තමන් ජනතාවට ආරාධනා කරන ලෙසයි.

    [rns_reactions]

  • ටජ් මහලත් පරදවා දළදා මාලිගාව මුල් තැනට

    ජාත්‍යන්තර සංචාරක ශ්‍රේණිගත කිරීම් අතර එකසිය හැත්තෑ තුන් වන තැන තිබූ ශ්‍රී දළදා මාලිගාව එම ශ්‍රේණිගත කිරීම් අතර පළමු වන ස්ථානයට මේ වන විට පත් වී ඇති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවා. 

    එම ශ්‍රේණිගත කිරීමෙන් ටජ් මහලද අභිබවා යාමට හැකි වූයේ පරිපාලනය මෙන්ම තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම බවද ඒ මහතා ප්‍රකාශ කළා.

    ශ්‍රී දළදා මාලිගාවට සිය නිල වෙබ් අඩවියේ හිමිකාරිත්වයක් නොතිබුණු යුගය වෙනුවට එවකට පැවැති ජනප්‍රිය වෙබ් අඩවි පරදා අද වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක් නරඹන වෙබ් අඩවිය බවට මෙය පත්ව ඇතැයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පැවසුවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රචාරය කිරීමේදී ශ්‍රී දළදා මාලිගාව වැඩි දායකත්වයක් උසුලන බවත්, එහිදී නව තාක්ෂණය වැඩිවශයෙන් උපකාර කරගන්නා බවද ඒ මහතා සදහන් කළා.

  • සයිටම් ගෞරව උපාධියට සුදුසුකම A/L S 3 යි

    සවුත් ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලජි ඇන්ඩ් මෙඩිසින් ලිමිටඩ් ආයතනය විසින් පවත්වනු ලබන ජෛව පද්ධති පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධි වැඩසටහන සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී අවශ්‍ය අවම සුදුසුකම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාව හෝ ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් එකවර ‘සාමාන්‍ය සාමාර්ථ තුනක්‘ හෝ සමාන සුදුසුකමක් බව ප්‍රකාශ කර ඇත.

    උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල විසින් අත්සන් තබා මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය 2017 නොවැම්බර් මස 28 වැනි දින ප්‍රකාශයට පත් කර තිබේ.

    [rns_reactions]

     

  • පොලිසිය පරාදයි

    ඩයලොග් අන්තර් සමාජ රග්බි තරඟාවලියේ පස් වන සති අන්ත තරඟ වර්ෂාව අතරින් නිමාව දකින විට ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය, හැව්ලොක් සහ මහනුවර යන සමාජ වල කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගත් අතර සී.එච්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම හා පොලිස් කණ්ඩායම අතර තරඟය ජය පරාජයකින් තොරව අවසන් විය.

    ඒ අනුව සිකුරාදා (1දා) පැවැති කොළඹ සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම අතර තරගයේදී දෙපිලම ලකුණු 21ක් බැගින් වාර්තා කිරීම නිසා මෙවර තරගාවලියේදී මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට අපොහොසත්වූ පොලිස් කණ්ඩායමට තම පළමු ජයග්‍රහණය ලබා ගැනීමට තිබු අවස්ථාව මඟහැරී ගියේය. එනම් තරගයේ පළමු භාගයේදී ලකුණු 13-12ක් ලෙස පොලිස් පිල ඉදිරියෙන් සිටියද දෙවැනි භාගයේදීද සටන අත්නොහැර සී.එච්. ක්‍රීඩකයෝ තවත් ලකුණු 9ක් එකතු කර ගන්නා විට පොලිස් කණ්ඩායමට එක් කර ගත හැකිවූයේ තවත් ලකුණු 8ක් පමණි. ඒ අනුව තරගය අවසානයේ කණ්ඩායම් දෙක ඉදිරියේම ලකුණු පුවරුවේ සටහන් වූයේ ගෝල 1ක් , උත්සාහක දිනුම් 1ක් සහ දඬුවම් පහර 3ක් වශයෙනි.

    මේ අතර එදිනම වැලිසරදී පැවති ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර ගැටුමේදී ලකුණු 10 (ගෝල 1, දඬුවම් පහර 1ක්) ට 0ක් ලෙස ජයගන්නට නාවික හමුදාව සමත් වූයේ මෙවර තරග වාරයේ සිවුවැනි ජයග්‍රණයද සටහන් කරමිනි. ඒ අනුව මෙවර සිවුවැනි පරාජය වැලඳගන්නට ගුවන් හමුදාවට සිදුවෙද්දී පෙරේදා (2දා) කොළඹ පැවැති තරග දෙකේදී සී.ආර්. කණ්ඩායම පරදා මහනුවර පිලත් යුද හමුදාව පරදා හැව්ලොක්ස් පිලත් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ. මහනුවර හා සී.ආර්. ඇන්ඩ් එෆ්.සී කණ්ඩායම් තරගයේ පළමු භාගය අවසන් වන විට ලකුණු 12-5ක් ලෙස ඉදිරියෙන් සිටි මහනුවර කණ්ඩායම අවසානයේදී ගෝල 2ක් සහ උත්සාහක දිනුම් 2ක් සමඟින් ලකුණු 24ක් ලබා ජයග්‍රහණය සටහන් කරන විට සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණඩායම ගෝල 1ක් හා උත්සාහක දිනුමකින් ලකුණු 12ක් වාර්තා කළේය.

    තවද කොළඹ හැව්ලොක්ස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම් අතර තරගයෙන් ලකුණු 29ට 14ක ජයක් හැව්ලොක්ස් කණ්ඩායමට හිමි විය. හැව්ලොක්ස් කණ්ඩායම ගෝල දිනුම් 3ක් උත්සාහක දිනුම් 1ක් සහ දඬුවම් පහරක් ඇසුරෙන් ලකුණු රැස්කර ගන්නා විට ගෝල 2ක් මඟින් යුද හමුදා පිලට ලකුණු වාර්තා විය. එම තරගයේ පළමු භාගය නිමා වන විටද ලකුණු 21-14ක් ලෙස හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ඉදිරියෙන් සිටි අතර දෙවැනි භාගයේදී කිසිදු ලකුණක් ලබා ගැනීමට ඔවුන් විසින් යුද හමුදා ක්‍රීඩකයන්ට ඉඩ ලබා නොදීමද කැපී පෙනුණි. කෙසේ වෙතත් පසු ගිය සති අන්තයේ පැවැති මෙම තරගවලදී ක්‍රීඩාංගණවල තෙත බරිත තත්වයන් හේතුකොට ගෙන කිසිදු කණ්ඩායමකට තම උපරිම දක්‍ෂතාවන් අතරට යෑමට නොහැකි විය.

  • ආණ්ඩුව තමන්ගේ ජනප්‍රියතාවය බිඳගන්නකොට ඒකෙ වාසිය එන්නෙ විපක්ෂයටයි…(Video)

    මේ ආණ්ඩුව කෙරෙහි මහජනතාවගේ බරපතල නලකිරීමක් තියෙනවා.මේගොල්ලන්ට රට ඉදිරියට ගෙනියන්න සැලසුමක් නෑ.අඩුම තරමේ කැබිනට් මණ්ඩලයේ කට්ටියට එළියට ඇවිත් එක මතයක් ප්‍රකාශ කරන්න බෑ… යනුවෙන් තිස්ස අත්තනායක මහතා මාධ්‍යට අදහස් දක්වමින් ඉතා දැඩිසේ යහපාලන රජය විවේඡනය කරයි.

     

     

  • පිච් එක හදලනම් ටීම් දෙක ඉන්නවනම් ටොස් එක දාලනම් අපිට මැච් ගහන්න පුළුවං… හැබැයි ස්මුග් එක තිබුනොත් නවත්තන්න වෙනව මූන බැඳන් … (Video)

    ඔය එක එක දේශපාලඥයොන්ට ඕන වෙලාවට අපි ඡන්දෙ තියන්නෙ නෑ… ඡන්දෙ තියෙන දවස තීරණය කරන්නෙ මැතිවරන කොමිසම මගින් පමණක් බවත් ගලක් බඩේ බැඳන් වතුරට පැන්නම කොහොමත් යට යනවා ඒක අලුතෙන් කාටවත් කියන්න දෙයක් නෑ යයි ඊයේ(4) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවත් පවත්වමින් මැතිවරණ ප්‍රකාශ කර සිටියහ.

     

  • HNDA සිසුනට පහරදුන් නඩුව කැදවූ අවස්ථාවේ කුරුදුවත්ත පොලිසියට අධිකරණයෙන් දොස්

    අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවට (HNDA) පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමය තුල අහිමි කල උපාධි සමානතාවය යලි ලබා ගැනීම සදහා පසුගිය 2015 වසරේ ඔක්තෝබර් මස 29 වන දින සමස්ත ලංකාවේ HNDA සිසුන් එක්ව පැවැත්වු සාමකාමි විරෝධතාවයට උසස් අධ්‍යාපණ අමාත්‍යවරයාගේ නියෝගයකට අනුව යැයි පවසමින් පොලිසිය එල්ල කල ප්‍රහාරයට එරෙහිව අගතියට පත් සිසුන් ගොනු කළ ‍නඩුව අද යලිත් කැදවු අතර එහිදි අධිකරණය විසින් පොලිසිය දැඩි ලෙස දෝෂ දර්ශණයට ලක් කල බව අප අධිකරණ වාර්තාකරු පැවසීය..

    මෙම නඩුවේ අගතියට පත්වු පාර්ශවය ලෙස අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර, දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ HNDA ශිෂ්‍ය එකමුතුවේ කැදවුම්කරු, උප ලේකම් ඇතුළු  ශිෂ්‍ය ශිෂ්‍යාවන් 20ක් පමණ අද නඩුව කැදවු අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි අතර විත්ති පාර්ශවය වෙනුවෙන් කුරුදුවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ…

    2015 වසරේ සිදුවු මේ සිදුවීම පිළිබදව පොලිසිය ඉතා මන්දගාමීව කටයුතු කරන බව පැවසු විනිසුරුවරයා මේ සිදුවීම පිළිබදව පොලිසියෙන් කඩිනම් වාර්තාවක් බලාපොරොත්තුවීම හුදෙක් කාලය කා දැමීමක් පමණක් බව ප්‍රකාශ කිරිම සමස්ත පොලිස් දෙපාර්තුමේන්තුවට එල්ල වු කළු පැල්ලමක් ලෙස සදහන් කල හැක. සරසවියේ ඉගෙනුම ලබන සිසුනගේ කාලය කා නොදමන ලෙසත් හැකි ඉක්මණින් මෙහි විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළ විනිසුරුවරයා සිසුනඅධ්‍යාපණ කටයුතු වලට බාධාවක් නොවන පරිදි අවශ්‍යතාව මත පමණක් පදනම්ව සිසුන්ව අධිකරණයට කැදවන ලෙසත් නියෝග කරනු ලැබුවා.

    නැවත පෙබරවාරි 19 ඉහත නඩුව යලි කැදවීමට නියෝග කළ විනිසුරුවරයා එදිනටවත් සියළු විමර්ශන නිමාකොට සම්පුර්ණ වාර්තාවක් සැපයීමට කටයුතු කරන ලෙස කුරුදුවත්ත පොලිසියට නියෝග කල බව සදහන්…

    සරසවි සිසුනට පහරදීමේ සිදුවීමට අදාල ඡයාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.

    [rns_reactions]

  • පාසැල් හොකී තරඟාවලිය දෙසැ.8-10

    නොවැම්බර් 29න් අයදුම්පත් භාර ගෙන අවසන් වූ පාසැල් හොකී සංගමය විසින් සංවිධානය කරන අවුරුදු 14න් පහල බාලක/බාලිකා හොකී තරඟාවලිය දෙසැම්බර් 8, 9, 10 යන තෙදින මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. 

    මෙය කාණ්ඩ 3ක් යටතේ ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතය.

  • රංජන් ආණ්ඩුව ගැන හොඳටම කලකිරීමෙන්… (Video)

    “ආණ්ඩුව ආපු ගමන් දෙපැත්තෙම අය කරේ හොරකම් කරන්න පටං ගත්තු එක. ආණ්ඩුවේ ඉන්න හොරු නිසා මට දිවුලපිටිය ආසනය නැති වුනා… තව ටික දවසකින් බෙල්ලත් නැතිව යයි…” කියමින් මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙමින් පසුගිය දිනකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පවසන ලදී.

  • “මමයි බන්දුලයි එකතු වෙලා තමයි වැඩේ කරේ” – ජනපති මෛත්‍රී සියල්ල හෙළිකරයි(Video)

    උත්සවයකදී හමුවුන ජනපති ,බන්දුල හා රිෂාඩ් සතුටු සාමීචියේ යෙදී සිටින අතර රිෂාඩ්ගේ උපදේශක ලෙස බන්දුලව ගන්න කියා ජනපති පවසයි.. එහිදී රිෂාඩ් කියා සිටියේ ඉදල හිටල මං බන්දුලගෙන් උපදෙස් ගන්නවා ඒත් මෙයා සමහර වෙලාවට අනං නං කරනවනේ කියලයි… මොනව උනත් රිෂාඩුයි මායි හොද යාළුවෝ කියල බංන්දුල කියයි…

    එස සංවාදය පහතින්

    ජනපති – කෝ පිඟානෙ නෑනෙ මොකුත් .මොනවහරි දාගෙන කන්න එපෑ..

    බන්දුල – ආ මේ මේ..

    ජනපති – හිස් පිඟානක් තියාගෙන

    රිෂාඩ් – ස්ර් බන්දුල මගේ මිනිට්‍රි ඩිබෙට් එකට හොඳ යෝජනා කිහිපයක් දුන්නා

    බන්දුල – අපි අතරෙ පරණ මිතුදමතක් තියෙනවා

    ජනපති – හා

    බන්දුල – මං කිව්වා රිෂාඩ්ට මගෙන් උපදෙස් ගන්න කියල

    රිෂාඩ් – රෑට යන්න ඕන පොළට

    ජනපති – රිෂාඩ් ඔයා බන්දුලව උපදේශක විදිහට ගන්නකෝ… ඇඩ්වයිසර් විදිහට

    රිෂාඩ් – ඉඳල හිටල මං ගන්නවා … හොඳ ඇඩ්වයිස් විතරයි ගන්නේ … සමහර වෙලාවට මෙයා අනං මනං කරනවනේ

    ජනපති – අමාරුවේ දාන ඒවත් තියෙනවා බලාගෙන ..

    රිෂාඩ් – මෙයා තමයි සතොසට මෙයාගෙ කාලෙ තමයි 150 දක්වා වැඩි වුනේ…

    බන්දුල – වෙළද ඇමති වෙලා හිටිය කාලෙ

    රිෂාඩ් – කෝප් සිටිත් මෙයාගෙ කාලෙ හොඳට වැඩ කරා….

    ජනපති – අපි දෙන්න තමයි එකතු වෙලා

    බන්දුල – වැඩේ කරේ….

    බන්දුල – අල හැදෙනකොට ළුනු හැදෙනකොට

    රිෂාඩ් – දැන් වැට් එක දාලනෙ සර්…

    ජනපති – ඔව්… ඒක තමා වැට් එක…

     

  • 2020 ගෝඨාභය දිනනවා කියපු බොරුව මාට්ටු වෙයි…

    ඉරිදා මව්බිම කතෘ මණ්ඩල අධ්‍යක්ෂ වෙත ලිපියක් නිකුත් කරනු ලබන කොළඹ විශ්ව විද්‍යාලයීය ජනමාධ්‍ය අංශයේ  ජනසන්නිවේදන අංශයේ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් මහතා‍ තම ජන මාධ්‍ය අංශය මගින් හෝ කොළඹ විශ්ව විද්‍යාලය මගින් හෝ එවැනි අධ්‍යනය සමීක්ෂණයක් සිදුකොට නොමැති බව කියා සිටින අතර  කොළඹ විශ්ව විද්‍යාල උපකුලපතිවරයා ජනසන්නිවේදන අංශ ප්‍රධානී හරහා යොමුකල ලිපිය මගින් මෙම සාවද්‍ය පුවත වහාම නිවැරදි කරන ලෙසත් එකී සාවද්‍ය ප්‍රවෘත්තියට ලබාදුන් ප්‍රතිචාරයම මේ සදහාද ලබාදෙන ලෙසත් දන්වා ඇත. එසේ නොවුන හොත් විශ්ව විද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් නෛතික ක්‍රියා මාර්ග ගන්නා බවටද එම ලිපියේ වැඩිදුරටත් සදහන්වේ.

    ඒම ලිපිය හා පුවත් පතේ පලවූ ප්‍රවෘත්තිය පහත දැක්වේ

  • කිරි බබ්බුන්ගේ දේශපාලනය

    රටේ ඉදිරි පැවැත්ම සඳහා අපි අයත් දිස්ත්‍රික්කයෙන් ජනතා නියෝජිතයින් දියවන්නාව තරණය කරවනු ලබන්නේය. ජනතා පොරොන්දු පත්‍රය තුල ඔවුන් ලියනු ලබන තිර නාටකය බොහෝ සෙයින් වර්ණවත්ය. හරිද දැකුම්කළුය. කණට මිහිරිය. තාප්ප පුරා ඇලවුනු වෛවාරණ පෝස්ටර් තුල අප්පච්චිගේ පින්තූරය ලොකුවට ගසා තමන්ගේ පින්තූරය පොඩියට ගසා ඉල්ලකම ලොකුවට ලියන්නෙ අප්පච්චී විකුණා හෝ දියවන්නාවේ වරප්‍රසාද භුක්ති විඳීමටයි.

    අප මේ කතා කරන්නේ එවන් ආකාරයට තමන්ගේ පියාගේ ජනප්‍රියත්වය විකුණා දියවන්නාව තරණය කල පුතෙක් සහ ඔහුගේ පසුපස යමින් සිඟිති ආතල් ගන්නා තවත් පුතෙකුගේ සිඟිති ආතල් එකක් ගැනය. පසුගිය දිනක රටේ ජනපතිවරයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය වැඩසටහනකට සහභාගී වී ” මයිලෝ ” නැමති ක්ෂණික දියර පානයක් ගෙන එහි ඇති සීනි ප්‍රථිශතය වැඩි බවත්, එම නිසා එහි සීනි ප්‍රථිශතය අවම කර වෙළඳපලට නිකුත් කරන ලෙසත් එම කිරිපිටි සමාගම දැනුම් දුන්නේය. ඒ හරහා ඔහු සිදුකලේ තරවටුවකි. අද ලංකාවේ අධික රුධිර සීනි තත්වය නිසා පීඩා විඳින රෝගීන් බොහොමයක් සිටිති. ” මයිලෝ ” නැමති පානය බහුල වශයෙන් ක්‍රීඩාවන් සඳහාද අනුග්‍රහයක් දක්වන ආයතනයක් සේම ක්‍රීඩකයන් අතරද ජනප්‍රිය පානයකි. එවන් නිෂ්පාදනයක් සිදුකරනා සමාගමක් එහි ඇති ගුණාත්මක භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ජනපතිවරයා සිදුකලේ තරවටුවක් සේම සමාජයට යහපත් ක්‍රියාවකි.

    නමුත් මෙම කරුණ හාස්‍යට ගෙන ප්‍රථිවිරුද්ධ පාක්ෂිකයන්, විශේෂයෙන්ම ඒකාබද්ධ විපක්ෂයට හිතවත් මතධාරීන් සමාජජාලා ඔස්සේ මෙම ක්‍රියාව දැඩි උසුළු විසුදුළුවට ලක් කලේය. නමුත් ජනපතිවරයා සිදුකල මෙම කාර්ය සමාජයට යහපත් ආකල්පයකින් සිදුකල ක්‍රියාවක් මිස ඔහුට පෞද්ගලික ලාභප්‍රයෝජනයක් නැත. මේ ආකාරයෙන් ආදර්ශවත් අයුරින් හැසිරෙන ජනපතිවරුන් මෙම සමාජයේ සිටියාදැයි සැකයක් පවතී.

    පසුගිය දිනක හිටපු ජනපති පුත් පා.ම. නාමල් රාජපක්ෂ සහ පා.ම. ඩී.වී. චානක විසින් ” මයිලෝ ” පැකට් දෙකක් අතට ගෙන ඡායාරූපයක් සමාජ ජාලා වෙත එක්කර තිබුනි. මීට ප්‍රථම ඔවුන් මෙවැනි ක්‍රියාවකට පෙලඹී තිබුනේ නැත. එසේම ජනපතිවරයාගේ මයිලෝ විරෝධය හරහා වෙනත් කිසිඳු දේශපාලනඥයෙකු මෙම ක්‍රියාව පිළිබඳව අවඥාවට ලක්කලේ නැත. කිසිසේත්ම මේ ආකාරයට ඡායාරූප ගෙන සමාජ ජාලා වලට එක් කලේ නැත. එවැනි ක්‍රියා නුසුදුසු බව වැදගත් සහ මහත්මා ගතිගුණ ඇති දේශපාලඥයන් දනී. සමාජයට යහපක් සිදුවේ නම් ඒ සඳහා ඔවුන් විරෝධයක් දක්වන්නේ ඇයි දැයි ගැටලුවක් පැනනගී. නාමල් රාජපක්ෂ රගර් ක්‍රීඩකයෙකි. ඔහුගේ කාල්ටන් ක්‍රිඩා සමාජයට මයිලෝ සමාගම කෝටි ගණනින් අනුග්‍රාහකත්වයන් දක්වා ඇත. සමහර විට ජනපතිවරයා විසින් සිදුකරන ලද සමාජයට යහපත් ක්‍රියාව නාමල්ට හිතවත් සමාගමට බලවත් පාඩුවක් සිදුවන්නට ඇත. නමුත් නාමල් රාජපක්ෂ සහ චානක යන මන්ත්‍රීවරුන් තමන්ගේ පුග්ගලික වරදානයන් උදෙසා ජනපතිවරයා විසින් සිදුකල ප්‍රකාශය අවඥාවට ලක්කර ඇත.

    එය දේශපාලනඥයන්ට නුදුසුදු ලඳ බොළඳ ක්‍රියාවකි. වයසින් මුහුකුරා නොගිය ලපටි පැටවුන් ජනප්‍රියත්වය නිසා පාර්ලිමේන්තු පැමිණි පසු මාන්නය වැඩිවීම නිසා මෙවැනි ක්‍රියාවන් සිදුවේ. ඒවැනි උන්ගේ මුල් ළමාවිය සංවර්ධනය වී නැති බව කිව යුතුය. නොඑසේ නම් ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු එකතුවී මොවුන්ගේ මොලය වර්ධනය කල යුතුය. අඩුම තරමේ නිවසෙහි පවත්වාගෙන යන කාල්ටන් පෙරපාලට හෝ ඇතුලු කල යුතුය. රටක දේශපාලනයට උචිත අන්දමට හැදියාව සකස් කල යුතුය. නාමල්ලා එදා පටන් කලේ තමන්ගේ පියාගේ චරිතය කෙලෙසන වැඩ බව අතීත කරුණු ගෙනහැර පායි. මහින්ද ජනපති වී සිටින අවධියේ ඩිලන්ත මාලගමුවගේ ලැම්බෝගිනි මෝටර් රථය පැදීම සඳහා කොල්ලුපිටිය සිට ගාලු මුවදොර අවට ප්‍රදේශයේ මාර්ගය හිතුමතේ වසා කාර් පැද රටේ ජනතාව අපහසුතාවයට ලක්කර සිය ආශාව සංසිඳුවා ගත්තේය. එතැනින් නොනැවතී මහින්දගෙන් පොලු පාරක්ද කෑවේ ” උඹ මට ගෙදර යන්න වැඩ කරනවා” දැයි අසමිනි. ඒ දෙය ඒ අයුරින්ම සිදුවිය. පුත්තුන්ගේ මෙවැනි ලඳ බොළඳ ක්‍රියා නිසා මහින්ද ජනතා උදහසට ලක්වී ගෙදර ගියේය. පුත්තු හැංගුණහ. දැන් නැවතත් කරළියට පැමිණ රඟමින් සිටී. ඒ තමන්ගේ ළඳ බොළඳ බව නැවතත් සමාජයට පෙන්වීම සඳහාය. නාමල්ගේ පසුපස වැටී තමන්ගේ අනාගතය අඳුරු කරගන්නා චානක මන්ත්‍රීවරයාට නම් අනුකම්පා කල යුතු බව සඳහන් කරමි.

    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුණි, හිටපු ඇමතිවරුනි, ඔබලාට අද විපක්ෂයට වී සිටීමට සිදුව ඇත්තේ නාමල්ලා එදා කරපු වැරදි නිසාය. ඔබලාගේ වරදාන වරප්‍රසාද නොමැතිව අද පාරක් පාරක් ගානේ රස්තියාදු වන්නේ නාමල්ලා කරපු වැරදි නිසාය. අවසානයේ ඔබලාට සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට කිවයුතු දෙයක් ඇත.

    ” මේ ගොනා බැඳදමන්න “

  • ගාල්ලට ටොනාඩෝවක්…( Video)

    ගාල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ටොනාඩෝ තත්වයක් ඇතිවී ඇති අතර එහි දර්ශන  සමාජජාල වල තිබුණා…

     

  • හිටපු ආරක්ෂක ලේකම් ගෝටා සිරගත කල යුත්තේ ඇයි? වංචා දුෂණ මිනීමැරුම් වාර්තා සියල්ල මෙන්න..

    ගෝටාභය ගේ මව්පියන් වෙනුවෙන් ජනතා මුදලින් කෞතුකාගාර ගොඩනැගීම සඳහා වියදම් කල මිලියන 90 ළුණු සිවියක් බවට පත්වන්නේ පහත සඳහන් තොරතුරු දෙසට නෙත යොමු කිරීමෙනි.

    මේ රටේ සිදුවූ මහා පරිමාන ගසාකෑම් අතරින් ප්‍රධාන සිදුවීමක් වන්නේ මිග් යානා ගණු දෙනුවයි . එම ගනුදෙනුව කිසිදු අතරමැදියෙකුට අත පෑමට නොහැකි පරිදි ගෝටාභය රාජපක්ෂගේ බලයෙන් ක්‍රියාත්මක වූ අන්ත දුෂිත මගඩියක් ලෙස වාර්තා විය. මිග් යානා ගනුදෙනුව පිලිබදව පන්න පන්නා තොරතුරු සොයා ඒවා රටට හෙළිදරව් කල මාධ්‍යවේදින් වුයේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ඉක්බාල් අතාස් හා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග යන දෙදෙනාය. ජනතාවගේ පාර්ශවයේ සිට ඔවුන් තම පෑන මෙහෙය වුයේ මහා පරිමාන ජනතා මුදල් ගසා කෑමක් රටට හෙළි කිරීමටය. 2006 වසරේදී සිදු වූ මේ මහා පරිමාන ගසාකෑමට පදනම වැටුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබුණු මිග් ප්‍රහාරක යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමේදී හා තවත් මිග් – 27 ගුවන්යානා හතරක්‌ යුක්‌රේනයෙන් මිලදී ගැනීමට අවශ්‍ය බව එවකට ආරක්ෂක ලේකම් වූ ගෝටාභය විසින් දැනුම් දීමත් සමගය. එම කාලවකවානුවේ මේ රටේ සියලුම හමුදාපති වරුන් ඔහුගේ නිවට ගෝල බාලයන් බවට පත් කර තිබුණි. මහින්ද දේශපාලන බිමේ “රජෙකුට “අඳින විට මලයා සකල ආරක්ෂක බලමුළු තමන්ගේ පහත් උවමනාවන් වෙනුවෙන් දඩමීමා කරගත්තේය. ඔවුන්ගේ අණට කීකරු වී ගසාගෙන යන පල් වතුර පහරින් දෝතක් බී සැනසීමට සියල්ලන්ටම සිදු විය. ප්‍රශ්න කිරීම , සොයා බැලීම යනු මරණ වරෙන්තුව ඉක්මන් වීම බව දැනගත් ඔවුන් , ඒ වෙනුවට නිල ඇඳුමේ තරුපටි ගණන වැඩි කර ගැනීමට ඕනෑම ජඩකමක් කිරීමට සෑදී පැහැදී සිටියේය.

    ගෝටාභයට ලැබුණු අසීමාන්තික නිදහසින් පල ප්‍රයෝජනය ගෙන මිග් යානා ගනුදෙනුව ක්‍රියාත්මක කරමින් ප්‍රකෝටි ගණනක ජනතා මුදල් පිල්ලි ගැසීම සිදු කළේය. එය සිදු වූ ආකාරය මෙසේය. 2000 මැයි 25 වෙනි දින MiG-27 යානයක් රුපියල් මිලියන 189 කට ( ඩොලර් මිලියන 1.75 ) තක්සේරු කරමින් යානා හතරක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිලදී ගෙන තිබුණි. එම යානාවන් 1982 සිට 1985 අතර කාලයේ නිෂ්පාධනය කල යානා විය. නැවතත් 2002 ඔක්තෝබර් 24 වෙනිදින එවැනිම තවත් යානා දෙකක් මිලදී ගෙන ඇත.එහි එක් යානයක වටිනාකම රුපියල් මිලියන 172.8 (ඩොලර් මිලියන 1.6)ක් ලෙස තක්සේරු විය. එම යානා ද නිෂ්පාධනය කර තිබුනේ 1984 වසරේදීය . 2006 වසරේ ජුලි මස 26 වෙනි දින ගෝටාභය හා යුක්රේනයේ Bellimissa Holdings සමාගම සමග අත්සන් කල ගිවිසුමට අනුව 1980 නිෂ්පාධනය කල යල් පැනගිය එක් යානාවක මිල ලෙස ඇමෙරිකන් ඩොලර් 2,462,000 ( රුපියල් 1,063,584,000 ) ක් ලෙසට තක්සේරු කලේය. එම ගනුදෙනුවේ ලේඛන කටයුතු වෙනුවෙන් අමතරව ඩොලර් 712,000 (රුපියල් 76,896,000) ගෙවා ඇත. 1985 වසරේ නිෂ්පාධනය කල යානාවකට ඩොලර් මිලියන 1.75 ක් ගෙවන ලද්දේ 2000 වසරේදීය. ගෝටාභයගේ ඒකමතික තීරණයට අනුව 2006 වසරේදී එම යානාවම මිලට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2,46 කටය. ප්‍රශ්නය වන්නේ එම යානාවට අධික මිලක් තක්සේරු කලද නිෂ්පාදන වර්ෂය ලෙස සටහන් වී ඇත්තේ 1980 වසරයි. ගසා කෑමේ තරම මැන බැලීමට නම් මෙම මිල ගණන් දෙක අතර ඇති වෙනස හතර ගුණයකින් ගණනය කල යුතුය. එක් යානාවක් මිලදී ගැනීමෙන් අවම වශයෙන් ඩොලර් 712000 ක් අයථා ලෙස උපයා ගැනීමට දේශප්‍රේමී ආරක්ෂක ලේකම් වරයාට හැකි විය. එය හතර ගුණයෙන් වැඩි කල විට ඩොලර් මිලියන 2,84 ක දැවැන්ත ධනස්කන්ධයක් උපයාගැනීමට ඔහුට හැකි විය.

    මෙම ගිවිසුම යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් ලෙස හුවා දැක්වුවද අවසානයේදී එවැනි සමාගමක් ලොවේ කිසිදු තැනක නැති බව විමර්ශන වලදී හෙළි විය. මෙම ගණුදෙනු වේ සියලු තොරතුරු ඉක්බාල් අතාස් හා ලසන්තට ලැබුණු අතර , එය සවිස්තරාත්මක සන්ඩේ ලීඩර් පුවත් පතේ පළවීමට සුදානම් වනවාත් සමගම 2009 ජනවාරි මස 9 වන දින වෙඩි තබා මරා දමන ලදී. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසු කලෙක අධිකරණයට දැනුම් දී තිබේ. මෙම කල්ලිය විසින් මේ සම්බන්ධව වාර්තාකරණයේ නිරත වූ කීත් නොයාර් , උපාලි තෙන්නකෝන් යන අයටද පහර දී තිබුණි. , ඉක්බාල් අතාස් මරා දැමීමට ගත් උත්සාහයන් ව්‍යවර්ථ වන්නේ ඔහු රහසි ගතව ශ්‍රී ලංකාවෙන් පලායාමත් සමගය. ලසන්ත මිය යන්නේ මේ රටේ ජනතාවට මහා පරිමාන වංචාවක් හෙළි කිරීමේ වරදට ගෝටාභයගේ නියෝගයකට අනුව මහා මග තිරිසන් සතෙකු ලෙස මරා දමමිනි. එයට යුක්තිය ඉටු නොවුනේ මේ රටේ අධිකරණය මුදලට යට වූ නිසාවෙන් බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලි වී ඇත.

    මිග්යානා මගඩියට අමතර හිරගෙවල් සියයක යැවිය යුතු චෝදනා මේ දේශප්‍රේමියාට ඇත. ඉන් කිහිපයක් මෙසේ කෙටි කර දක්වන්නෙමු

    2012 වසරේ සිට 2015 වසර දක්වා වු කාල සීමාව තුළ ඇවන්ගාඩ් නමැති පෞද්ගලික සමාගමකට පාවෙන අවි ගබඩාවක් පත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4ට අධික පාඩුවක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී දී තිබුනද යුක්තිය ඉටු වී නැත.

    Jagath Nishantha Weerasinghe ගේ ඡායාරූපය
    Jagath Nishantha Weerasinghe ගේ ඡායාරූපය
    Jagath Nishantha Weerasinghe ගේ ඡායාරූපය
    [rns_reactions]
  • “උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි”

    ව්‍යවහාර වර්ෂයෙන් අවසාන පසළොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික අපට විශේෂයෙන් වැදගත් වන්නේ අප රටේ භික්ෂුනී ශාසනයේ ආරම්භය සහ අසදෘෂ බෝධිරාජයාණන් වහන්සේගේ ආගමනය සිදුවු නිසාවෙනි. 

    ඒ නිසා අපගේ ජය ශ්‍රී මහා බෝධියේ වැදගත්කම අතිශයන් වැදගත්ය. මේ පුවත් දෙක නිසාම උඳුවප් පුර පසළොස්වක පොහොය ශ්‍රී ලාංකික බෞද්ධයන් වන අපට අතිශයින් වැදගත්ය. 

    එපමණක් නොව උඳුවප් පෙහෝ දිනයේ සිට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය දක්වා උදාවන කාලය තුළදී අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය සලකුණු කොට ඇති ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වන්නේද අද වන් “උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනයක” සිට බව බෞද්ධ ශිලා ලේඛනවල සඳහන් වෙයි.

    ඔබ සැමට පින්බර උඳුවප් පුන් පොහෝ දිනයක් වේවා ….!

    [rns_reactions]

     

  • දැයේ බලාපොරොත්තු සැබෑකළ ජනපති මෛත්‍රීගේ මොරගහකන්ද ජලාශයෙන් විදුලිය උත්පාදනය කරයි..

    රජරට ජනතාවගේ සිහිනයක් මල් ඵල ගන්වමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ක්‍රියාත්මක කරන ලද මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සදහා ද දායකකර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සදහා ජලය නිකුත් කිරීම  (02) දහවල් යෙදුණු සුබ මොහොතින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු විය. පවතින අධික වැසි තත්ත්වයත් සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 178ක ප්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී තිබුණි.

    අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා එම කටයුතු නිරීක්ෂණය කළ අතර, අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂා කිරීම සදහා ජලය නිකුත් කිරීම සිදු කරන ලදී.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමා ද දිගු කලක සිට දුටූ සිහිනයක් බවයි. එම සිහිනය මල් ඵල ගැන්වෙන තවත් සුවිශේෂී දිනයක් වූ අද දින උදාවන තුරු තමා බලා සිටී බව ද ජනාධිපතිතුමා පැවසීය.නකල්ස් කදු වැටියේ වාරි විශ්මිතය බවට පත්වන මොරගහකන්ද ජලාශය මගින් ගොවී ජනතාවට අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක විදුලි ධාරිතාවක් එක් කරයි.

    අද සිට දින 04 ක් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව පැය 72 ක් අඛණ්ඩව විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කරමින් විදුලි උත්පාදන කටයුතු පරීක්ෂා කරනු ලැබේ. ඉන් අනතුරුව ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 25 ක ධාරිතාවක් එක් කිරීමේ විදුලි උත්පාදන කටයුතු ආරම්භ කෙරෙණු ඇත.

    ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර හතරකින් මෙහි විදුලිබලය නිපදවෙන අතර ඒවා මෙගාවොට් 7.5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද, මෙගාවොට් 5 ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.

    මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටේ සිට මීටර් 132 ක මට්ටමේ උසකිනි. ජලාශයේ ජල ධාරිතාවය මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජල විදුලිබලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185 ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතී. මෙමගින් වාර්ෂිකව ඉතිරි කෙරෙන ඉන්ධන පිරිවැය රුපියල් මිලියන 336 ක් පමණ වේ.

    නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න, මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක එච්.සී.එම්. සුරුකාන් සහ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය පළ කරමින් ජනාධිපතිතුමා සමග එක් වූ ගම්පොළ හිටපු නගරාධිපති සරත් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගෝඨාභය ජයරත්න මහතා ඇතුළු නිලධාරින් ද මීට එක්ව සිටියහ.

    [rns_reactions]