Blog

  • ජනපති මෛත්‍රීගේ නායකත්වයෙන් පංච මහා බලවේග සමගින් මෙවර නිදහස් පක්ෂය කරළියට..

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.  ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ පංච මහා බලවේගය යළිත් ඔප්නැංවීම සඳහා මින් ඉදිරියට පැවැත්වෙන සියලූම මැතිවරණවල දී ‘අත’ ලකුණින් ඉදිරිපත් වීමට එම පක්ෂය  තීරණය කර ඇති බව වාර්තාවේ.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වසර 27 කට පසුව ලබන වසරේ පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අත ලකුණෙන් තරග කිරීමට සැලසුම් කර තිබේ.

    අවසන් වරට  ශ්‍රීලනිපය අත ලකුණින් මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ 1991 පළාත් පාලන මැතිවරණය සඳහාය.මේ අතර තෝරාගත් ප්‍රදේශ සඳහා නිදහස් පක්ෂය සන්ධාන ගතව පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි ද අවධානය යොමුව ඇත.

    [rns_reactions]

  • පොහො­යට මඟු­ල්කෑම.. හොදයිද?නරකයිද? ඔබ නොදත් කතාව මෙන්න..

    මෑතකදී මිතුරකුගෙන් විවාහ ආරාධනා පත්‍රයක් ලදිමි. උත්සවය පවතින දිනය ලෙස පුර පසළොස්වක ත්‍රිථියලත් පොහොය දිනයක රාත්‍රී ලෙස සටහන් වී තිබූ අතර පෝරුවේ කටයුතු අසවල් වේලාවට යැයි ද සඳහනක් ද පැවතිණි. පෝරුයේ චාරිත්‍ර සිදුකිරීම යනු නැකත් අනුගමනය කිරීමකි. ආරාධනා පත්‍රයේ පෝරුවේ චාරිත්‍රය සිදුකරන වේලාවන් ද දක්වා තිබූ පසුබිමක ජොතිෂ්‍ය නැකත් කලාව මේ විවාහ උත්සවයටද අදාළ කර ගෙන ඇති බව සනාථ කළහැකිය. එනම් පුර පසළොස්වක පොහෙය දින නැකත් හෙවත් මුහුර්ත යොදා ගැනීමයි. ⁣ශාස්ත්‍රීය නියමයින් හා සංස්කෘතිකමය නියමයන් අභියෝගයට ලක්වන මෙවන් සිදුවීම් අතිශය විවාදාත්මක බැවින් ඒ සම්බන්ධ සැබෑ තත්ත්වය අවබෝධ කරගතදීමට සිතුවෙමි.

    විවාහ නැකත් සෑදීමේ දී ඒ සදහා සම්මත ක්‍රමවේදයන් ජෝතිෂ ශාස්ත්‍රය තුළ පෙන්වා දී ඇත. හොරාභරණ, මුහුර්ත චින්තාමනිය, නැකත් සිතුරු වන, පුරාණ ඵලදාවලිය ආදී ග්‍රන්ථ සෘජුවමද දෛවඥ කාමධේනුව ආදී ග්‍රන්ථ වක්‍රවද එම නැකත් සාධන ක්‍රම දක්වා ඇති අතර විවාහ නැකත් සෑදීමේ දී අනුගමනයකල යුතු ක්‍රමවවේද ⁣⁣බොහෝමයක් ඒ තුළ අන්තර්ගත ව ඇත.

    විවාහ බන්ධනයක් සිදුකිරීමට හෝ ඕනෑම නැකත් කටයුත්තක් සදහා මුල පිරීමට මූලිකවම සලකා බැලෙන ග්‍රහයා සඳු ග්‍රහයා ගේ ස්වාභාවය යි. “ඛ” ගෝලය සැලකීමේ දී නැකත් තරු පන්ති 27 කින් සහ රාශිතරු පන්ති 12කින් සමන්විතව ඇත. සාපේක්ෂව නැකත් තරු නිශ්චලය . රාශි පන්ති වසරකට කලා 50ක පමණ වේගයකින් නැකත් පංතියෙන් දුරස් වේ. මේ සියල්ලට මැදිව ති⁣බෙන පෘථිවිය ට ආසන්නව පිහිටි ග්‍රහ වස්තූන් තම තමනට අනන්‍ය රටා අනුව භ්‍රමනය වන අතර සඳු ග්‍රහයා එක් එක් නැකත් ඡේ්දනය කරන ආකාරය අනුව ගොඩනැගෙන ශක්ති ස්වාභාවයන් මෙලොව වාසීන් ගේ චෛතසිකය සමඟ බද්ධවන බව ජෝතිෂ්‍යයේ පිළිගැනීමයි .

    උදාහරණයක් ලෙස සඳු කේතුට හිමි අස්විද නැකතේ ගමන් කිරීමේ දී මෙලොව වාසීන් උදාසීන ගති ප්‍රකට කරනයි. ගුප්තමය වූ කේතුගෙන් උදව් ගන්නා සමහරුන් අලුත් කටයුතු, පර්යේෂණ කටයුතු පමණක් ⁣නොව රහස් කුමන්ත්‍රණ කටයුතු ආදිය දියත් කිරීමට යොදාගන්නේ ද එදවස්ම ය. සඳු ග්‍රහයා ජෝතිෂය විෂයේදී මනසට කාරක ලෙස අර්ථදක්වීම කොතරම් සහේතුකද යන්න මේවා අධ්‍යයනය තුළින් මනාව අවබෝධ කරගත හැකිය.එබැවින් පෙරැදුරන් විසින් නියම කරන ලද ශාස්ත්‍රීය නියමයන් තර්කයෙන් තොරව ප්‍රතික්ෂේප කිරීම ශාස්ත්‍රය දන්නා අය නොකළ යුත්තකි.

    විවාහය පිළිබද අර්ථ නිරූපණ බොහෝමයකි. ප්‍රීති ප්‍රමෝදයෙන සහවාසයේ යෙදීම පමණක් විවාහය බවට මතයක් ඇත. එහෙත් එසේනම් ජෝතිෂ්‍ය විෂයේ මුහුර්ත සාදන හොරා කොටස තිරිසන් සතුන්ගේ ද කොටසක් විය යුතුය. චාරීත්‍රානුකූල විවාහ බන්ධනය හුදෙක් මනුෂ්‍ය වර්ගයාට පමනක් අදාළ සංස්කෘතික මය වටිනාකම් බොහෝමයක එකතුවකි. මෙහි ආරම්භය කිනම් කලක සිදුවූවා දැයි නොදන්නා නමුත් නොයෙක් ආකාරායන් සංශෝධනය වෙමින් වර්තමාන යදක්වා විකාශනය වී ඇත. ඒ සදහා ජෝතිෂ ශාස්ත්‍රයෙන් ලැබුණ පිටුබලය අතිමහත් ය.
    විවාහ චාරිත්‍ර පිළිබදව වෙනමම කතාකළ යුතුව ඇත. මුහුර්ත හෙවත් විවාහ නැකත් සාදන පිළිවළට කිසි්සේත් නොගැළපෙන සංස්කෘතියක් වර්තමානයේ දක්නට ඇත. ඒ පසළොස්වක පොහෙය දිනය විවාහ චාරිත්‍ර සදහා නියම කිරීමයි. විවාහ නැකත් චාරිත්‍රයන්හි ප්‍රධාන අංගය පෝරුවේ චාරිත්‍ර සිදුකරන මොහොත ලෙස අර්ථ දැක්වූව ද ජෝතිෂ්‍ය නියමයන්ට අනුව එය ප්‍රථම සංවාසයේ යෙදෙන මොහොත ලෙස පැහැදිලිව දක්වා ඇත. ඒ සමඟම පුරාණාචාර්‍යවරු පෝරුවේ චාරීත්‍ර සදහා ද නැකත් විධි සම්මත කර ඇත්තේ පෙර කීලෙස සංස්කෘතික මය බැදීමද මනුෂ්‍යයා ගේ විවාහ දිවියේ අඛණ්ඩ පැවැත්මට අත්‍යවශ්‍යය බැවින් විය හැකිය.
    පසළොස්වක පොහොය විවාහ නැකත් සදහා අසුබ බව සෘජුව පොත පතේ දක්වා නැතත් ස්ත්‍රී සේවනය පර්ව දිනයන්හිදී අසුබ බව ” නැකත් සිතුරුවන” නම් ග්‍රන්ථයෙහි දක්වා ඇත. පර්ව දිනයන් යනු තුදුස්වක, අටවක, අමාවක, පසළොස්වක, සංක්‍රාන්ති යන දිනයන් 5 යි. නැකත් සම්බන්ධ ලියැවුණු සෑම ග්‍රන්ථයකම සඳු ග්‍රහයාගෙන් 7 වැන්නේ පාපීන් ගමන් කරන දිනයන් මුහුර්ත සඳහා නොගත යුතු යැයි දක්වා ඇත. සප්තම දෘෂ්ටිය අශුභය යන්න මූලික ජෝතිෂ්‍ය නියමයකි. පසළොස්වක පොහොය යනු සඳු රවි හෙවත් සූර්‍යා ගේ සිට අංශක 180ක් දුරින් ගමන් කිරීමයි. එනම් නිරායාසයෙන්ම රවි සඳු සප්තම වීමයි. මෙවිට රවි සඳු සප්තම රාශිවල ද තැන්පත්ය. ආත්ම නිවේදක රවි සහ සිත නිවේදක සඳු තම ස්ථානයන්ගෙන් දුරස්ම ස්ථානයේ පිහිටීම ආත්මය හා සිත වෙන්කිරීමට පහසු බැවින් ලෝකෝත්තර වශයෙන් සුබ නමුත් ලෞකික වශයෙන් ආත්මය, සිත එක්කිරීමට සුබ නැත. එවන් දිනවල අදාළ කාරකත්ව එක් කිරීම පහසු නැත. පුරාණාචාර්‍ය වරුන් ඉහත පර්වයන් ස්ත්‍රී සේවනයට නොහොබිනා බව දක්වා ඇත්තේ ද ඒ නිසා යැයි අනුමාන කළ හැකිය.

    සංස්කෘතික මය හා ආගමික වශයෙන් ගත්තද විවාහ උත්සවයක් සිදුකිරීම යනු බණ භාවනාවේ යෙදීමක් නොවන්නේ ය. ප්‍රධාන ආධ්‍යාත්මික කාරණය සඳහා බුදුරජාණන් වහන්සේ විසින් ද පසළොස්වක පොහොය වඩා වැඩියෙන් යොදාගැනීම ම ⁣එදින ලෞකික කටයුතු සදහා ඇති අයෝග්‍ය තාව පෙන්වීමට හොඳම උදාහරණයකි. කකා බිබී ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කිරීමට සුදුසු අනිකුත් දිනයන් කොතෙකුත් පවතිද්දී අඩුම තරමින් ආගමික අංශයට දක්වන ලැදියාව පෙන්වීමට වත් පසළොස්වක පොහොය විවාහ ආදී කටයුතු සදහා නොයොදා ගන්නේ නම් යහපත් ය. නැකත් චාරිත්‍ර පිළිපදින බහුතරය බෞද්ධයන් ම වන පසුබිමක්දී ඔවුන් අතින්ම මේ වරද සිදුවීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

    අෂ්ට ශීලයම සුරැකිය යුතු දිනයක විවාහ උත්සව සඳහා පැමිණෙන අය අතින් අඩුම කරමින් එයින් සිල්පද 4ක් වත් බි‍ඳෙනවා ඇත. මුසාවාදය, සුරාමේරය, සම්ඵප්‍රලාප දෙඩවීම, උස් ආසන මත උජාරුවට සිටීම, සුවඳවත්ව, මාලා පැලද, නච්ච, ගීත, වාදිත, විසූක දස්සනයේ යෙදෙමින් තම ඥාතී හිතමිත්‍රාදීන් ලෞකිකත්වය වෙත බලෙන් ඇද දැමීමක් මෙදින විවාහක යුවළ විසින් සිදුකරයි. එබැවින් තම ඥාතී හිතමිත්‍රාදීන් ගේ ආශීර්වාදය වාචිකව මිස මානසිකව නම් මෙදින විවාහ බන්ධනයේ යෙ⁣දෙන මෙදින පතීන්ට ලැබෙන්නට ඉඩක් නැත. ස්වභාවධර්මයෙන් එය කිසිසේත් ලැබෙන්නේ නැත. ⁣මෙවන් දිනයන් වලදී මුහුර්ත ලබාදීමෙන් ජෝතීර්වේදීයාත් නැකත් ඉල්ලීමෙන් දම්පති යුවළත් සිදුකරගන්නේ මහත් දෝශයක් ම ය.

    [rns_reactions]

  • ඒකාබද්ධයේ බහුතරය රාජපක්ෂ රෙජීමයෙන් ගැලවෙයි – එජාප-බැසිල්-මහින්ද ගිවිසුම් කොට උඩ (Exclusive)

    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ට යටත් කොට පවත්වාගෙන ගිය ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් ප්‍රමුඛ බොහෝ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් මේ වන විට රාජපක්ෂ රෙජීමයෙන් ගැල වී තම සැබෑ දේශපාලන අරමුණ වෙනුවෙන් තම මව් දේශපාලන පක්ෂය වෙත පැමිණීමට තීරණය කොට ඇතැයි ඉතා විශ්වාසන්ත කටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් ‘රීඩ් ශ්‍රී ලංකා’ වෙත වාර්තාවේ.

    ඒකාබද්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල්ලිය ප්‍රමුඛ අනෙකත් ප්‍රගතිශීලි දේශපාලන පක්ෂවල විශාල මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ මහින්දගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධයෙන් ගැල වී තම මව් පක්ෂයට පැමිණීමට දේශපාලන කරුණු ගණනාවක් බල පා ඇත.

    ඉන් ප්‍රධාන කරුණක් නම් එලඹෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් තරඟ කළ යුතු බවට ඒකාබද්ධය සහ මෛත්‍රී පාර්ශවය නියෝජනය කරන ශ්‍රීලනිපයේ පිරිස් අවංක දේශපාලන අරමුණකින් සාකච්ඡා කරගෙන අය අවස්ථාවේදී එය එළිපිටම කඩා කප්පල් කරමින් එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්කරුවකු වන ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂ විසින් ඔහු යටතේ ක්‍රියාත්මක ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ නොහොත් ‘පොහොට්ටු’ පක්ෂයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම කැපී පෙණුනි.

    මේ හේතුවෙන් මහින්ද රාජපක්ෂ නායකත්වය දරණ ඒකාබද්ධය සහ පොහොට්ටු පක්ෂය යන දෙකම එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඩීල් මත ක්‍රියාත්මක රාජපක්ෂවරුන්ගේ පවුල් සහ එම පවුල්වල සහචරයින් බේරාගැනීම වෙනුවෙන් තමන්ගේ දේශපාලන ජීවිතය පළිහක් කරගනිමින් ගෙන යන ව්‍යාපෘති දෙකක් බවට දේශපාලනිකව පරිණත එහි අතිශය බහුතරයක් අවබෝධ කරගෙන එයින් එළියට බැසීමට තීරණය කිරීම අනෙක් ප්‍රධාන කරුණයි.

    එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කොට රාජපක්ෂවරුන් පමණක් නඩුහබ සහ දූෂණ චෝදනාවලින් මුදවා යළි රජ කරවීම සඳහා සිදුකළ සහ පවත්වාගනිමින් ක්‍රියාත්මක කල දේශපාලන තුප්පහි ක්‍රියාවක් ලෙස මෙය ඒකාබද්ධයේම ප්‍රබල මන්ත්‍රීවරුන් පිරිසක් රාජපක්ෂවරුන්ගේ මුහුණටම දමා හැර බවද වාර්තාවේ.

    කෙසේ වෙතත් මේ වන විට උග්‍ර වී ඒකාබද්ධයේ අභ්‍යන්තර දේශපාලන අර්බුදයත් සමඟ එහි අතිශය බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සහය දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සටනට පණ පෙවීමට නියමිතව ඇත.

    [rns_reactions]

  • කවුරු මොනවා කිවුවත් පුංචි ඡන්දේ ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිපය දිනනවා – ප්‍රසන්න සෝලංගආරච්චි

    පළාත් පාලන ඡන්ද විමසීම ලබන පෙබරවාරි මස මුල පවත්වන බව කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසනවා.ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සංවිධායකවරයා මේ බව කියා සිටියේ.

    ස්ථීර වශයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය එජාපය සහ සමහර බලලෝභී පරාජිතයන් එක්ව ගොඩනගාගෙන ඇති අටමගල් පරාජය කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

    [rns_reactions]

  • ජනපති සිහිනය සැබෑකරමින් ජනතාවට සෙත සලසමින් මොරගහකන්ද ජලාශය ජල විදුලි උත්පාදනයට සූදානම්

    මොරගහකන්ද ජලාශයේ ජලය විදුලි බල උත්පාදනය සඳහා නිකුත් කිරීම අද (02) දහවල් සිදු කෙරුනා.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

    පවතින වැසි තත්ත්වය සමග මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ජල විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය ඊයේ (01) වනවිට සම්පුර්ණ වී තිබුණා.

    අද (02) දහවල් මොරගහකන්ද ජලාශය වෙත ගිය ජනාධිපතිවරයා එම කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි විදුලි උත්පාදනය සඳහා ජලය නිකුත් කළේ.

    දින 4ක් සිදු කරන පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 25ක ධාරිතාවක් එක් කෙරෙනවා.

    එහිදී අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමන් දීර්ඝ කාලයක සිට දුටු සිහිනයක් බවයි.

    [rns_reactions]

  • ජනපති මෛත්‍රී ශ්‍රීලනිප බලමුළු ශක්තිමත් කරමින් තවත් ප්‍රබලයන් රැසක් සමගින් මැතිවරණයට…

    එක්සත් ජාතික පක්ෂය නියොජනය කරමින්ගම්පොල නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණී හෙට්ටිආරච්චි අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්වුණා.

    ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස පත්කිරීමට ද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන අතර ඊට අදාළ පත්වීම් ලිපිය ද මෙහිදී පිළිගැන්වුණා.

    සරත් ගාමිණි හෙට්ටිආරච්චි පසුගිය වසර කිහිපය තුළ ඒකාබද්ධ විපක්ෂය සමග ද එක්ව කටයුතු කළ ක්‍රියාකාරී සාමාජිකයෙක්.

    මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහා පත් කෙරුණු නව සංවිධායකවරු 19 දෙනෙකු ද අද (02) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්තා.

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

     

    නුවරඑළිය ආසන සම සංවිධායක –        රොෂාන් ගුණවර්ධන මහතා

    මහනුවර දිස්ත්‍රික්කය                             –        සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා

    ගම්පහ දිස්ත්‍රික්ය                         –        ප්‍රදීප් චන්දන පෙරේරා මහතා/නලින් සේනක

                                                              දිසානායක මහතා

    කොළඹ දිස්ත්‍රික්කය                    –        චන්ද්‍රිකා ද සොයිසා මහත්මිය

    ගාල්ල දිස්ත්‍රික්කය                       –        අසාම් හමාඩ් මහතා

    අනුරාධපුර දිස්ත්‍රික්කය                 –        එම්.ආර්.බී. ඥානතිලක මහතා

    පුත්තලම දිස්ත්‍රික්කය                   –        මල්පිනී විතාරණ මහත්මිය

    ගාල්ල දිස්ත්‍රික්කය                       –        පී.එච්.චම්පිකා නිරංජලී මිය/ඩබ්.ඒ.නිලානි මිය

     

    නින්දවූර් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය     –        වයි.එල්.සුලෙයිමා ලෙබ්බේ මහතා

     

    රත්නපුර දිස්ත්‍රික්කය                             –        සමන් ඉන්දික මානවගේමහතා/කේ.එම්.එස්.එස්.

                                                              රත්නායක මහතා

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය                –        එම්.එච්.එම් සහීල් මහතා

     

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ කාර්තිව්

    ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ

    මුස්ලිම් ජන ප්‍රදේශය                             –        අබ්දුල් මජීඩ් ජාහීර් මහතා

     

     

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

    තිරුක්කෝවිල් ප්‍රාදේශිය සභා

    බල ප්‍රදේශය                              –        එස්.විග්නේෂ්වරන් මහතා

    මඩකලපුව දිස්ත්‍රික්කය                 –        එස්.සුජාන් මහතා /ගුණරත්නම් හරිතරන් මහතා

    මහනුවර දිස්ත්‍රික්කය                             –        අලගර් සෙල්වකුමාරන් මහතා

    රත්නපුර දිස්ත්‍රික්කය                             –        නිමල් ගාමිණී වීරසිංහ මහතා       

     

    ජනාධිපති මාධ්‍ය අංශය

    2017-12-02

    [rns_reactions]

  • සියලු විරෝධතා අවසන්.. පුංචි මැතිවරණය පෙබරවාරි මුල.. මැතිවරණ දිනය ලෙස නිදහස් දිනය කරලියට…

    ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉතිරි පළාත් පාලන ආයතන 208 සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය ලබන 4දා නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

    ඒ අනුව මැතිවරණය පෙබරවාරි මාසයේ මුලදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

    පළාත් පාලන ආයතන සීමානිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 04වනදා තෙක් බල රහිත කරමින් අභියාචනාධිකරණය පනවා තිබු තහනම් නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද (30) තීරණය කර තිබේ.

    ඒ, සීමා නිර්ණ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ පෙත්සම්කරුවන් 06 දෙනාගේ නිතිඥවරයා විසින් එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමත් සමගය.

    ඇමැතිවරයා සමඟ ඇතිවු එකඟතාවයට අනුව මෙම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන්නැයි පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නැතැයි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලිකව පෙනී සිටි නිතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

    ඒ අනුව අභියාචනාධිකරණය උක්ත තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

    [rns_reactions]

     

  • පරාජිත මහින්ද මෙවරත් ලනුවක් කයි.. දේශපාලන මතේ වෙනස් කළේ ජෝතිෂ්‍ය?

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එකතුවීම මෙවර වැලැකී ගියේ හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ජෝතිෂ උපදෙස් නිසා බව වාර්තා වේ.

    මේ එකතුව ජයග්‍රහණයට අවාසිදායක බවට රාජපක්ෂ මහතාට මෙහෙණින් වහ්සේ නමක් විසින් ලබාදුන් උපදෙස් අනුව ඔහු කටයුතු කර ඇති බව පැවසේ.

    ඒ අනුව මේ එකතුව සිදු නොවීමට ඒකාබද්ධය එකඟවිය නොහැකි කොන්දේසි ශ්‍රීලනිපයට ලබාදී ඇති බව වාර්තා වේ.

    හිටපු ජනපතිවරයා කලින් ජනාධිපතිවරණය පවත්වනු ලැබුවේද එවකට රාජකීය දෛව්‍යඥයාව සිටි සුමනදාස අබේගුණසේකර මහතා ලබාදුන් උපදේශයකට අනුව බව මේවන විට ප්‍රසිද්ධ රහසකි

    [rns_reactions]

  • බැසිල්ට මහින්දට ටැලිපෝන් විමලේට ටටා බායි කියමින් ඒකාබද්ධ ප්‍රබලයන් හොර රහසේ ජනපති හමුවෙලා.

    ඒකාබද්ධය හා ශ්‍රීලනිප සාකච්ජා කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කණ්ඩායමට එරෙහිව එහි අභ්‍යන්තයෙන් බලවත් විරෝධයක් මතුව ඇති බවත් විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එහි පෙරමුණ ගෙන සිටින බවත් දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    පළාත් පාලන මැතිවරණයට අදාළ අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය මුල්කර ගනිමින් එම විරෝධය මේවනවිට උත්සන්න වී ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

    සෑම කොට්ඨාසය සඳහාම ඒකාබද්ධ විපක්‍ෂයේ අපේක්‍ෂකයින්ගෙන් සියයට 10 ක් තමන්ට ලබාදෙන ලෙසට විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා ඇතත්, බැසිල් රාජපක්ෂ මහතා ඊට අකමැත්ත පළ කර තිබේ.

    මෙම තත්වය තුල ජාතික නිදහස් පෙරමුණේ කිහිප දෙනෙකු ඊයේ (01) රහසිගතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හමුවී ඇති අතර එහිදී ශ්‍රීලනිපයට එක්විම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ජා පවත්වා ඇත.

    ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු මිට අදාළ සම්බන්ධිකරණ කටයුතු සිදුකර තිබේ.

    මේ අනුව ජාතික නිදහස් පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ඊයේ (01) ශ්‍රීලනිපයට එක්වූ අතර එම පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ලබන සතියේ ශ්‍රීලනිපයට එක්වීමට නියමිතය.

    [rns_reactions]

  • දෙසැම්බර් 08 බැඳුම්කර වාර්තාවෙන් පසු එජාපයේ තවත් අභ්‍යන්තර කැරැල්ලක්.

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන සතියේ දී ජනාධිපතිවරයාට භාරදීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද රැසක් ඇතිවිය හැකි බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

    ලබන 08 වෙනිදා දිනයේදි අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතය. 

    කොමිෂන් වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු රැසකට චෝදනා එල්ල වුවහොත් ඔවුන් පක්ෂයෙන් තාවකාලිකව ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. 

    මේ වන විටත් අර්ජුන ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් යන මහතුන් සමඟ දුරකථන සංවාද සිදුකළ බවට එම පක්ෂයේ ඇමතිවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන අයට චෝදනා එල්ල වී ඇත. 

    ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතාට ද චෝදනා එල්ල වීමත් සමඟ ඔහු මුදල් ඇමතිධුරයෙන්ද ඉල්ලා අස්විය.

    බැදුම්කර කොමිසම අගමැති රනිල් වික‍්‍රමසිංහ, පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්‍ය මලික් සමරව්ක්‍රම යන මහතුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත්තේය.

    [rns_reactions]

  • බැසිලෝ තොට ඕනේ මහින්දව හිගන්නෙක් කරන්නද? කාල්ටන් කල්ලියට එකාබද්ධේ ඇතුළෙන්ම ගුටි…

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පවත්වන ලද සාකච්ඡා බිඳ වැටීමට හේතුව බැසිල් රාජපක්ෂ කල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බවට තොරතුරු වාර්තා වී තිබේ.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂියන්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ සාකච්ඡා පැවැත් වූවත් රාජපක්ෂ පාර්ශ්වය සමගියට බාධා කෙරෙන කොන්දේසි ඉදිරිපත් කරමින් සාකච්ඡා පැවැත් වූ බව මේ වන විට තහවුරු වී ඇත.

    කෙසේ වෙතත් සාකච්ඡා සඳහා ඒකාබද්ධ  විපක්ෂයෙන් නම් කරුණු ලැබු සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන හා පවිත‍්‍රා වන්නිආරච්චි යන අය දින 100 ආණ්ඩුවේ ඇමැති ධුර දැරූ සහ ප‍්‍රශ්න ඇති කරගෙන ඉන් බැහර වූවෝ වෙති. නිදහස් පක්ෂය වෙනුවෙන් පත් කර සිටි සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුරයාපා හා ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත සත්භාවයෙන් සාකච්ඡා සිදු කළ ද ඒකාබද්ධයේ නියෝජිතයන් එය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

    මෙම සාකච්ඡා පවත්වන අතර තුර දී මහින්ද රාජපක්ෂට හිතවත් මාධ්‍ය හා හිමිවරුන් දිගින් දිගටම පැවසුවේ නිදහස් පක්ෂය සමඟ එකතු නොවිය යුතු බවය.

    එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මන්ත‍්‍රීවරුන්ගේ පක්ෂ නිදහස් පක්ෂය සමඟ එක්වීම සම්න්ධයෙන් කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ.

     කෙසේ වෙතත් පසුගිය බදාදා පාර්ලිමේන්තු රැස් වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ  ලෙස සාකච්ඡා කර ඇතත් ඊට කාල්ටන් පෙර පාසල් කණ්ඩායම ලෙස ප‍්‍රසිද්ධියට පත්ව ඇති නාමල්, ප‍්‍රසන්න, ජොන්ස්ටන් සහ රෝහිත වැනි අයගෙන් බාධා එල්ල වී ඇත.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක මහතා එහිදී සඳහන් කර ඇත්තේ මැතිවරණයක දී බෙදීම් හා අඩුකිරීම් නොව අඩුකිරීම් හා එකතු කිරීම් පමණක් ඇති  හෙයින් ඒ අනුව කටයුතු කළ යුතු බවයි.

    ඊට නාමල් රාජපක්ෂ මහතාගෙන් බාධා එල්ල  වී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ සිය පවුලට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදු වන බැවින් ඔවුන් සමඟ එක් විය නොහැකි බවයි.

    එහිදී වීරකුමාර දිසානායක මහතා පවසා ඇත්තේ 2005 දී චන්ද්‍රිකා හා එල්ටීටීඊය විරුද්ධ වෙද්දී මහින්ද රාජපක්ෂ සමඟ ජවිපෙ සන්ධාන ගත නොවූණා නම් අද රට කුමන තත්ත්වයක පවතීද යන්නයි.

    ඊට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද පවසා ඇත්තේ නිදහස් පක්ෂය සමඟ එක් නොවුණ හොත් සිය ආසනය ද ජයගත නොහැකි බවයි. එහෙත් එම අදහස්වලට ඉඩ නොදෙමින් කාල්ටන් පෙර පාසල් කණ්ඩායමේ ප‍්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්ත යන අය විරුද්ධව අදහස් ප‍්‍රකාශ කළ අතර ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබී ඇත.

    මේ අතරතුර බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් වුවමනාව මත පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමට විමල් වීරවංශ මහතා නිහඬව සිටි අතර පසුගිය කාලයේ වීරවංශ මහතා නිදහස් මාවතේ දී එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබලයකු හමු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

    කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයට  වෙනම තරග කළොහොත් සන්ධානය යටතේ නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඡන්දය ඉල්ලා ජය ලැබූ මන්ත‍්‍රීවරුන් 45 දෙනාගේ ධුර සම්බන්ධයෙන් ගැටලූ මතුවනු ඇත. වෙනත් පක්ෂ ප‍්‍රවර්ධනයට කටයුතු කරන මන්ත‍්‍රීවරුන්ගේ ධුර සම්බන්ධයට කටයුතු කරන ආකාරය පිළිබඳව 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන්  වේ.

    අතීතයේ සිට රාජපක්ෂ පරම්පරාව නිදහස් පක්ෂයට ද්‍රෝහි ලෙස කටයුතු කළ බවත් 1960 දී ඞී.ඒ. රාජපක්ෂ  මහතා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහජන එක්සත් පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමත් පසුව 1965 දී යළිත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට වැද සමාව ගෙන නිදහස් පක්ෂයට එකතු වීමත් 1985 දී බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව මැතිවරණයට තරග කොට පරාජය වීමත් යන සිදුවීම්වලින් පැහැදිලි වේ. ශ‍්‍රීලනිපය කඩාගෙන  ගිය  සියලූ අවස්ථාවල දී රාජපක්ෂලාට පරාජය අත් වී තිබෙන බව ද ඉතිහාසය සාක්ෂි දරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

    [rns_reactions]

  • කුප්‍රකට බැසිල්ගෙන්, ටැලිපෝන් විමල්ට ‘කොකා’.. වීරකුමාර විමල්ගේ පතුරු ගලවමින් එලියට..

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගිවී සටන් කරන්නැයි ආණ්ඩු විරෝධී බලවේගවලින් හා බිම් මට්ටමේ පක්ෂ නායකයින් ගෙන් එල්ලවූ බලපෑම නොතකා කටයුතු කරන බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ ‘කාල්ටන් කල්ලිය’ට විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ලවී ඇත.

    පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා, ශ්‍රීලනිප – ඒකාබද්ධ සාකච්ජා බිඳ දැමීමේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපිටම පවසා තිබිණ.

    මැතිවරණයකදී අවශ්‍ය අංක ගණිතය ඉතා සරල බවත් එහිදී අවශ්‍ය බෙදීම හෝ අඩු කිරීම නොව, එකතුකිරිම හා වැඩිකිරීම බවත් වීරකුමාර මන්ත්‍රීවරයා එහිදී පැහැදිලි කර දෙමින් සිටියදී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රීලනිපය සමග එක්විම තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

    වීරකුමාර දිසානායක මහතා ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී කල කතාවට එහිසිටි බහුතරයක් මන්ත්‍රීවරුන් රැස්වීමෙන් අනතුරුව ඔහුට ස්තුතිය පළකර ඇත. 

    කෙසේවුවද විමල් විරවංශ මහතා එහිදී මුනිවත රැකීම ඔහුගේ පක්ෂයේ නායකයින්ට විශාල ගැටළුවක් වී ඇත.

    විමල් වීරවංශ මහතා එජාපයේ ප්‍රබලයෙකු මෙන්ම එජාප නායකයාගේ කිට්ටුවන්තයකු සමඟ නිදහස් චතුරස්‍රය ආසන්නයේ මෝටර් රථයක් තුළ පසුගියදා සිදුකල රහස් සාකච්ඡාව ඊට හේතුවී ඇත්දැයි ද සැකයක් මතුව තිබේ.

    අපේක්ෂක ලැයිස්තු ?

    මේ අතර,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ බලවත් අසාධාරණයක් සිදුව ඇතැයි ද වාර්තාවේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ වගකීම බාරව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, විමල්ගේ පක්ෂයේ අපේක්ෂකයින් විශාල ප්‍රමාණයක් කපා හැරීම ජාතික නිදහස් පෙරමුණේ විරෝධයට හේතුවී ඇත.

    මෙම තත්ත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා ඉදිරිදින කිහිපය තුලදී තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

    [rns_reactions]

  • 2025 වන විට සම්පූර්ණයෙන් ණය ගෙවා දානවා … – අගමැති රනිල්

    රට තුළට විශාල වශයෙන් ආයෝජන ගෙන එමින් 2020 වසර වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත් 2025 වන විට කිසිඳු ගැටලුකින් තොරව ණය සම්පූර්ණයෙන් පියවීමට හැකි ආර්ථිකයක් ඇති වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

    බිඳවැටී තිබූ මෙරට අපනයන ආර්ථිකය පසුගිය වසර දෙකක කාලය තුළ දී අපනයන දෙගුණයක් දක්වා වර්ධනය වූ අතර දළ ජාතික නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි වූ බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.අම්පාර බස් නැවතුම්පොළ විවෘත කිරීම වෙනුවෙන් එම පරිශ්‍රයේ සංවිධානය කොට තිබූ උත්සවයේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසිය.

    අගමැතිවරයා සිදු කළ කතාව පහත සඳහන් වේ.

    “අද මම අම්පාර ප්‍රදේශයට පැමිණ ප්‍රාදේශීය සභා කාර්යාලයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවා. ඒ වගේම අම්පාර නව ආර්ථික මධ්‍යස්ථානය, නව බස්නැවතුම්පොළ සහ වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට කටයුතු කළා. 
    මා ප්‍රථම වතාවට 1953 අම්පාර ප්‍රදේශයට පැමිණෙන විට මෙහි බස්නැවතුම්පොළක් හෝ වෙනත් කිසිඳු පහසුකමක් තිබුණේ නැහැ. එකල දැකගත හැකි වූයේ පොළව හාරමින් තිබූ බුල් ඩෝසර් කිහිපයක් සහ පැරණි කාර් හා ජීප් රථ කිහිපයක් පමණයි. ඔබේ ප්‍රදේශයේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ උත්සාහය මත මෙම ප්‍රදේශය අද සංවර්ධනය වී තිබෙනවා. 
    මෙම විවෘත කිරීම් සඳහා මා සමග ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා ද සහභාගි වීමට නියමිතව සිටියත් ජනාධිපතිතුමා සමඟ හදිසි සාකච්ඡාවකට සහභාගි වීමට සිදුවීම හේතුවෙන් එතුමාට මේ අවස්ථාවට සහභාගි වීමට නොහැකි වුණා. එම නිසා මෙම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එතුමාගේ සුභපැතුම් පිරිනමන්නැයි අමාත්‍යතුමා මගෙන් ඉල්ලා සිටියා. 
    අම්පාර ආසනය, අම්පාර දිස්ත්‍රික්කය වගේම, නැගෙනහිර පළාත දියුණු කිරීම සඳහා දයා ගමගේ අමාත්‍යතුමා විශාල උත්සාහයක් දරමින් සිටිනවා. දයා ගමගේ අමාත්‍යතුමා එම වැඩ කටයුතු  සිදු කරන අතරතුර මෙම ප්‍රදේශයේ සිට ඒ සියලූ කටයුතු මෙහෙය වන්නේ අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යවරියයි. 
    ඒ අනුව මේ ප්‍රදේශයේ සීඝ්‍ර දියුණුවක් ඇති වී තිබෙනවා. මීට පෙර විපක්‍ෂයේ කටයුතු කරන කාලයේ මා මෙම ප්‍රදේශයට කිහිප වරක් පැමිණියා. එදා තිබුණාට වඩා වැඩි දියුණුවක් අද මම මේ ප්‍රදේශයේ දකිනවා. ඒ සියලූ සංවර්ධන කටයුතු වෙනුවෙන් සහ මේ ප්‍රදේශයේ ආර්ථිකය සංවර්ධනය කිරීම වෙනුවෙන් දයා ගමගේ අමාත්‍යතුමාටත්, අනෝමා ගමගේ නියෝජ්‍ය අමාත්‍යතුමියටත් මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි වැඩ කටයුතු ද සාර්ථක  වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අම්පාර ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් දයා ගමගේ අමාත්‍යතුමා සිදු කරන වැඩ කටයුතු සඳහා අපගේ සහයෝගයත් ලබාදෙනවා. 
    මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට ගෙන එන විශාලම සංවර්ධනය ඇති කරන්නේ අපගේ ජාතික ආණ්ඩුව යටතේ බව මම කියන්න කැමතියි. අප රටට නිදහස ලබා ගැනීමට පෙර අම්පාර ප්‍රදේශය පැවතුණේ වනාන්තරයක් ලෙසයි. නමුත් මේ ප්‍රදේශය සංවර්ධනය කළ හැකි ප්‍රදේශයක් බව ඩී.එස්. සේනානායක මැතිතුමා අවබෝධ කර ගත්තා. ඒ අනුව ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කිරීමට එතුමා කටයුතු කළා. 
    ගල්ඔය ව්‍යාපාරය සඳහා අප යෙදවූයේ අප රටේම මුදල් බව කිව යුතුයි. එම ව්‍යාපාරයට යෙදවූ මුදල්වලින් ඉතිරි වූ ප්‍රමාණය ණය මුදලක් වශයෙන් එංගලන්තයට ලබා දුන්නා. යුද්ධයෙන් පසුව එංගලන්තයට මුදල් අවශ්‍යතාවයක් ඇති වී තිබූ අතර ගල්ඔය ව්‍යාපාරයෙන් ඉතිරි වූ මුදල් ලබා දුන්නේ ඒ අනුවයි. ඒ වගේම ගල්ඔය ව්‍යාපාරය සාර්ථකව නිම කිරීමටත් අපට හැකි වුණා. එකල ශ්‍රී ලංකාව පැවැතියේ එවැනි දියුණු මට්ටමකයි. 
    එකල මා කුඩා අවදියේ පසු වූ අතර මගේ දෙමව්පියන් සමගින් මේ ප්‍රදේශයේ සංචාරයක් සඳහා මා මෙහි පැමිණියා. ගල්ඔය ව්‍යාපාරය හරහා අම්පාර ප්‍රදේශය දියුණුවට පත්වූ අතර මහවැලි ව්‍යාපාරයෙන් අම්පාරට ගල්ඔය ව්‍යාපාරයට නොදෙවැනි සංවර්ධනයක් ඇති වුණා. එකල අම්පාර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළේ පී. දයාරත්න මැතිතුමායි. එදා අම්පාර නගරය මීට වඩා කුඩා නගරයක්… දෙහිඅත්තකණ්ඩිය දක්වා තිබුණේ වනාන්තරයයි. ජීප් රථයකින් හැර වෙනත් වාහනයකින් ඒ ප්‍රදේශයට යාමට හැකියාවක් තිබුණේ නැහැ. දෙහිඅත්තකණ්ඩිය, ගිරාඳුරුකෝට්ටේ පැවතියේ නමට පමණයි. නමුත් ඒ සියලූ ප්‍රදේශ දියුණු කිරීමට අපට හැකි වුණා.

    මහවැලි ව්‍යාපාරය යටතේ ගාමිණී දිසානායක මැතිතුමා මේ ප්‍රදේශයට විශාල සංවර්ධනයක් ගෙන ආවා. අපේ ප්‍රදේශවලින් ද ජනතාව පැමිණ මෙහි පදිංචි වුණා. මේ ප්‍රදේශයට එම දියුණුව ගෙන ඒමට පී. දයාරත්න මහතා එකල විශාල උත්සාහයක් දැරුවා. ඒ වගේම නෙල්සන් ඇමැතිතුමාත්, මහියංගනය ප්‍රදේශයෙන් සී.පී.ජේ. සෙනෙවිරත්න ඇමැතිතුමාත් එම දියුණුව ලබා ගැනීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කළා. අද අම්පාර – කල්මුණේ ආදී ප්‍රදේශවලට ලැබී තිබෙන්නේ එදා ඔවුන් ගොඩනැගූ ආර්ථිකයේ වාසියයි. 
    මේ ප්‍රදේශයේ තවමත් පවතින්නේ කෘෂි ආර්ථිකයක් බව කිව යුතුයි. වර්තමානයේ අප ගෙන එන සංවර්ධනය හරහා අම්පාර ප්‍රදේශයේ මිශ්‍ර ආර්ථිකයක් ඇති කිරීමට කටයුතු කරනවා. සේවා අංශයෙන්, වෙනත් කෘෂි භෝග, පශු සම්පත් අංශවලින් එම සංවර්ධනය ඇති කරමින් අම්පාර ප්‍රදේශය දියුණු කිරීමට යහපාලන ආණ්ඩුව යටතේ දයා ගමගේ ඇමැතිතුමා කටයුතු කරමින් සිටිනවා.
     
    මෙම සංවර්ධන කටයුතු මීට වසර දෙකකට පෙර ආරම්භ නොකළේ ඇයිදැයි සුළු පිරිසක් අපෙන් ප්‍රශ්න කරනවා. නමුත් එදා අප බාරගත්තේ කුමන ආකාරයේ රටක් ද? අප මේ රට බාර ගන්නා විට රට විශාල ණය බරක සිරවී තිබුණා. පසුගිය බ්‍රහස්පතින්දා දින මා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ ආකාරයට කිසිඳු අනුමැතියකින් තොරව, පැවැති පාලනය විසින් රුපියල් බිලියන 4000 ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා. අඩුම වශයෙන් එම ණය ලබා ගැනීම සඳහා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය හෝ ලබා ගෙන නැහැ. ලබාගත් රුපියල් බිලියන 4000 ක ණය මුදල සඳහා පොලී මුදල් වශයෙන් පමණක් රුපියල් බිලියන 3000 ක් ගෙවීමට සිදුවෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන් ගෙවීමට තිබෙන මුදල රුපියල් බිලියන 7000 ක් වනවා.

    පැවැති පාලනයට මුදල් නොමැති වීම නිසා මෙසේ විශාල වශයෙන් ණය මුදල් ලබා ගත් අතර එම ණය පියවීමටත්, ඔවුන්ට නැවත ණය ලබා ගැනීමට සිදු වුණා. එය බංකොළොත් වූ මූල්‍ය ආයතනවල පිරමීඩ ක්‍රමයට සමාන ක්‍රමයක් වුණා. මේ සියලු ණය මුදල් ගෙවා අවසන් කිරීමට නම් අඩුම වශයෙන් රුපියල් බිලියන 10,000 ත් 12,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වනවා. ඒ වගේම මීට අමතරව පැවැති පාලනය විසින් ලබාගත් විදේශ ණය ගෙවීමටත් අපට සිදුව තිබෙනවා. මෙවැනි ණය කන්දක සිර වූ රටක් බාරගත් විට ජාතික ආණ්ඩුවක් ඇති කර නොගෙන ඉදිරියට යන්නේ කෙසේදැයි මා ප්‍රශ්න කරනවා.

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ තවත් පක්‍ෂ කිහිපයක් ඒකරාශී කර ගෙන ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට අප කටයුතු කළා. එම ජාතික ආණ්ඩුව යටතේ වසර දෙකක් රට ඉදිරියට ගෙන යාමට අපට හැකි වුණා. අපි ජාතික ආණ්ඩුවක් ඇති කර නොගත්තා නම් 2016 වසර වන විට ණය ගෙවා ගත නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.

    එම ණය මුදල් ගෙවීම සිදු කරන අතරම 2015 වසරේ දී ජනතාවට සහන ලබා දෙමින් ඉන්ධන මිල පහත දැමීමටත්, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමටත්, සෑම ගමකටම සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 බැගින් වෙන් කිරීමටත් අප කටයුතු කළා. විශාල ණය මුදලක් ගෙවන අතරතුර මෙවැනි සහන රාශියක් අප ජනතාවට ලබා දුන්නා නම් ආණ්ඩුවකින් මීටත් වඩා බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද ? 
    ඒ අනුව 2016 වසර වන විට ආර්ථිකයේ ස්ථාවර භාවයක් ඇති කිරීමට අපට හැකි වුණා. රටේ ආර්ථිකය ස්ථාවර මට්මටකට පත් කර නොගෙන ඉදිරියට යා නොහැකියි. පක්‍ෂයක් ලෙස පාර්ලිමේන්තුව තුළ තනිව කටයුතු කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව ද අපට තිබුණේ නැහැ. ඒ අනුව ජාතික ආණ්ඩුවක් ඇති කර ගනිමින් අප එම වැඩ කටයුතු ඉදිරියට ගෙන ගියා. 
    අප රට බාර ගන්නා විට ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සීඝ්‍ර ලෙස බිඳ වැටී තිබුණා. නමුත් වසර දෙකක අපගේ පාලන කාලය තුළ දී අපගේ අපනයන දෙගුණයක් දක්වා වර්ධනය වූ අතර දළ ජාතික නිෂ්පාදනය පස් ගුණයකින් වැඩි වුණා. නමුත් පසුගිය පාලන කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයනය වර්ධනය වී තිබුණේ දෙගුණයකින් පමණක් වන අතර එම කාලයේ බංග්ලාදේශයේ අපනයනය පස් ගුණයකින් වැඩි වී තිබුණා. වැඩි කල් යාමට පෙර ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ද මුදල් ණයට ලබා ගැනීමට සිදුවන තත්ත්වයක් එකල උද්ගත වී තිබුණා. පසුගිය පාලන කාලය තුළ අපේ රට පත්ව සිටියේ එවැනි තත්වයකටයි.

    නමුත් අප රට බාර ගැනීමෙන් පසු රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කළ නිසා 2017 වන විට රටේ ජනතාවට නිදහසේ හුස්ම ගැනීමට හැකි වාතාවරණයක් ඇති වුණා. අපේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන ගියේ ඉන් පසුවයි. යුරෝපය ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා දුන්නා. චීනය, ඉන්දියාව, ජපානය සමඟ අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ආරම්භ කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මුදල් ලබාදීමට එකඟ වුණා. ඒ අනුව දැන් ඉතිරි වී තිබෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ රටේ සංවර්ධන කටයුතු වේගවත් කිරීමයි. 
    රටක් ලෙස අප ලබාගත් ණය ගෙවීමට අපට සිදුවෙනවා. ඒ වගේම රටේ ජනතාව වෙනුවෙන් වැඩි ආදායම් සහිත රැකියා අවස්ථා ඇති කිරීමත් අප සිදු කළ යුතු කාර්යයක්. ඒ සඳහා රටේ වේගවත් ආර්ථික දියුණුවක් ඇති කළ යුතුයි. රටේ දළ දේශීය නිෂ්පාදනය වැඩි වන විට ක්‍රමානුකූලව ණය බර ද අඩු වෙනවා. අප ඒ ආකාරයට කටයුතු කළොත් මේ ණය පියවීමට තවත් වසර 40 ක් පමණ බලාසිටීමට අවශ්‍ය වන්නේ නැහැ. 
    රට තුළට විශාල වශයෙන් ආයෝජන ගෙන එමින් 2020 වසර වන විට ණය පියවීමට ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම අපේ අරමුණයි. එවිට 2025 වන විට කිසිඳු ගැටලූකින් තොරව ණය සම්පූර්ණයෙන් පියවීමට හැකි ආර්ථිකයක් ඇති වෙනවා. අපි රටේ සංවර්ධනය ආරම්භ කළේ පළමුවෙන් රටේ පැවැති තුවාලවලට අවධානය යොමු කරමිනුයි. 
    හම්බන්තොට නැව් නැති වරායක් ඉදිකර තිබුණා. එම වරායේ නඩත්තු කිරීම් සිදු වුණේ කොළඹවරායේ ආදායම් මතයි. ඒ වගේම මත්තල ප්‍රදේශයේ ගුවන් යානා නොමැති ගුවන් තොටුපොළක් ඉදිකර තිබුණා. කටුනායක ගුවන් තොටුපොළේ ආදායම් මත මත්තල ගුවන් තොටුපොළ නඩත්තු කළා. ගුවන් යානා පැමිණියේ නැතත් ඒ ප්‍රදේශයේ මොණරුන් නම් මත්තල ගුවන් තොටුපොළ භාවිතා කළා. අඩුම වශයෙන් එවැනි ප්‍රයෝජනයක් හෝ මත්තල ගුවන් තොටුපොළෙන් ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. 
    අප පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව යටතේ චයිනා මර්චන්ට් සමාගම සමග සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ වරාය අධිකාරියත් සමග හවුල් ව්‍යාපාරක් ආරම්භ කිරීමට අපට හැකි වුණා. ඒ වගේම හම්බන්තොට වරාය වෙනුවෙන් ගෙවීමට ඇති ණය මුදලත් මෙම හවුල් ව්‍යාපාරය හරහා එකවර ලබා ගැනීමට අපට හැකිව තිබෙනවා. හවුල් ව්‍යාපාරය වෙනුවෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.1 ක මුදලක් ලබා දීමට නියමිතයි. මෙම හවුල් ව්‍යාපාරයේ කටයුතු මෙම මාසයේ දී ආරම්භ වෙනවා. 
    එම ලැබෙන මුදල අප මහ බැංකුවේ තැන්පත් අරමුදලකට බැර කරනවා. ඒ අනුව වසර 10 කට පසු ශ්‍රී ලංකාවේ පළමු වතාවට මහබැංකුව තුළ විදේශ විනිමය සංචිතයක් ඇති වෙනවා. එය වෙනත් රටකින් ණයට මුදල් ලබාගෙන සංචිතගත කිරීමක් නොවෙයි. එම මුදල මහ බැංකුවේ තැන්පත් කරන්නේ ශ්‍රී ලංකාවට අයිති විදේශ විනිමය සංචිතයක් ලෙසයි. 
    ඒ වගේම ඉන්දියානු සමාගමක් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව මත්තල ගුවන් තොටුපොළ වෙනුවෙන් තවත් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එම හවුල් ව්‍යාපාරය හරහා ඩොලර් මිලියන 200 – 300 ක මුදලක් අපට ලැබෙනවා. එමෙන්ම දැනට අඩක් නිම කර, අත්හැර දමා ඇති විශාල හෝටල් ව්‍යාපාර ආදිය විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාර වෙනුවෙන් ලබාදීම හරහා ද අපට මුදල් ලබාගත හැකියි. ඒ අනුව වඩාත්ම වැදගත් කාරණය වන්නේ අපේම නමට මහබැංකුව තුළ ඩොලර් බිලියන 1.1 ක් සංචිතගත වීමයි. එය වෙනත් රටකින් ණයට ලබාගත් මුදලක් නොවෙයි. මෙම ව්‍යාපෘති දෙකේම වැඩ කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිතයි. 
    අපේ ආණ්ඩුවේ එක් සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක වන්නේ නුවර සිට කොළඹ හරහා හම්බන්තොට දක්වායි. කොළඹ නගරය ශ්‍රී ලංකාවේ වාණිජ මධ්‍යස්ථානයයි. ජපාන රජයේ ආධාර යටතේ මහනුවර නගරය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. ඒ වගේ මධ්‍යම අධිවේගී මාර්ගය හරහා කුරුණෑල ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති වෙනවා.
    ඉදිරියේ දී මහ නගර සංකල්පය හරහා කොළඹ– කලූතර – ගම්පහ විශාල නගරයක් බවට පත් කරනවා. ඉදිවෙමින් පවතින මූල්‍ය නගරය ශ්‍රී ලංකාවේ මූල්‍ය මධ්‍යස්ථානය බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. කොළඹවරාය තවත් සංවර්ධනය කිරීමට, නව ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. මේ වන විට කලූතර දිස්ත්‍රික්යේ, බණ්ඩාරගම ප්‍රදේශයේ වෙළෙඳ කලාපයක් ඇති කිරීම සඳහා අක්කර 800 ක භඣමි ප්‍රමාණයක් තායිලන්ත සමාගමකට බදු ක්‍රමයට යටතේ ලබා දී තිබෙනවා. වෙළෙඳ කලාපයට අවශ්‍ය ව්‍යාපාර ඒ ප්‍රදේශයට ගෙන එනවා. 
    නව සංචාරක කලාපයක් ඇති කිරීම සඳහා ගාල්ල ප්‍රදේශයේ අක්කර 3000 ක පමණ භඣමි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. මාතර ප්‍රදේශයේත් සංචාරක කර්මාන්තය හරහා විශාල දියුණුවක් ඇති කරනවා. හම්බන්තොට වරාය ආශ්‍රිතව තවත් විශාල දියුණුවක් ඇති වෙනවා. වෙළෙඳ කලාප හරහා එම ප්‍රදේශයට විදේශ ආයෝජන රැගෙන එනවා. 
    මේ සියලූ කටයුතු වෙනුවෙන් ආයෝජකයන්ට දිරිගැන්වීම් ලබාදීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම දේශීය ආයෝජකයන් වෙනුවෙන් නව සංවර්ධන බැංකුවක් ඇති කරනවා. වර්තමානයේ රැකියා බිහි කළ යුත්තේ පුද්ගලික අංශය මූලික කර ගෙනයි. වැඩි ආදායම් සහිත රැකියා විශාල ප්‍රමාණයක් බිහි වන්නේ පුද්ගලික අංශය තුළයි. 
    මේ වැඩ කටයුතු සිදු කරන අතරම ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශ අමතක නොකිරීමට අප වගබලා ගන්නවා. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීම සිංගප්පූරුවේ සුබානාජුරොං ආයතනයට බාර දී තිබෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි භාවිතා කරමින් ශ්‍රී ලංකාවටත්, ඉන්දියාවටත් අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමටත්, අවශ්‍ය නම් තෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටත් කටයුතු කරනවා. ඒ හරහා එම ප්‍රදේශයටත් විශාල දියුණුවක් ගෙන එනවා. 
    සංචාරක කර්මාන්තය වෙනුවෙන් හිඟුරක්ගොඩ ගුවන් තොටුපොළ තවත් විශාල කිරීමට පියවර ගන්නවා. ත්‍රිකුණාමලයේ සිට ආරුගම්බේ දක්වා සංචාරක කලාප ඇති කිරීමට අවශ්‍ය ඉඩම් වෙන් කර දෙනවා. මේ සෑම ව්‍යාපෘතියක් හරහාම අම්පාර දිස්ත්‍රික්කයේ විශාල දියුණුවක් ඇති වෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පමණක් නොව, හම්බන්තොට ප්‍රදේශයේ දියුණුව හරහා ද අම්පාර සංවර්ධනය වේගවත් වනවා. අපේ සංවර්ධන කටයුතු අවසන් වන විට මත්තල  සිට අම්පාරට පැය 2 ක පමණ කාලයකින් පැමිණීමට හැකි වනු ඇති බව අපේ විශ්වාසයයි. ඒ වගේම හම්බන්තොට වරායේ සිට ඉතා පහසුවෙන් අම්පාර පැමිණීමේ හැකියාව ඉදිරියේ දී ඇති වනු ඇති.  
    මේ වන විට නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට අවශ්‍ය වැඩ කටයුතු පිළිබඳව අප සාකච්ඡා කරමින් සිටිනවා. මේ ප්‍රදේශයේ පශු සම්පත් දියුණු කිරීම පිළිබඳව පී. හැරිසන් අමාත්‍යතුමා එතුමාගේ කතාවේ දී සඳහන් කළා. සත්ව පාලනය, නව භෝග වගාව ආදිය අම්පාර ප්‍රදේශය ගෙන ඒමේ විශාල වැඩසටහනක් සිදු කිරීමට නියමිතයි. මේ ප්‍රදේශයට අවශ්‍ය රැකියා හා ආදායම් මාර්ග ඒ හරහා නිර්මාණය වෙනවා. 
    ඒ වගේම මේ ප්‍රදේශයේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. රැකියා අවස්ථා ලබා දෙන්නේ කෙසේදැයි තරුණ තරුණියන් අපෙන් විමසනවා. රටක් දියුණු වන්නේ රාජ්‍ය අංශයේ රැකියාවලින් පමණක් නොවෙයි. පෞද්ගලික අංශයේ හොඳ රැකියා තිබෙනවා නම් ඕනෑම රටක් දියුණු වනවා. ඒ ආකාරයට හොඳ රැකියා ලබා ගැනීමට නම් මේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට හොඳ ශිල්පීය දැනුම ලබාදිය යුතුයි. ඒ සඳහා යොවුන් සේනාංකය ප්‍රතිසංවිධානය කර තරුණ තරුණියන්ට හොඳ ශිල්පීය දැනුම ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එය අපේ ආණ්ඩුවේ ප්‍රධාන බලාපොරොත්තුවක්. අනාගතයට අවශ්‍ය ශිල්පීය දැනුමෙන් පිරිපුන් සමාජයක් අපි ඇති කළ යුතුයි.  
    ඒ වගේම විවිධ ස්වභාවික ගැටලූවලට ද රටක් ලෙස අපට මුහුණදීමට සිදු වෙනවා. මේ වසරේ ජල ගැලීම් ඇති වුණා. නියගයකට මුහුණ දුන්නා. ඩෙංගු උවදුරට, කුණු කන්ද නායයාමේ ඛේදවාචකයට රටක් ලෙස අප මුහුණ දුන්නා. මෙවැනි අර්බුද හේතුවෙන් රටක ආර්ථිකය කඩා වැටීමට හැකියාව තිබෙනවා. නමුත් අපේ ආණ්ඩුව යටතේ ගනුලැබූ පියවර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමකට ලක් වුණේ නැහැ. නමුත් ආර්ථික වර්ධන වේගයේ යම් අඩුවක් ඇති වුවත් අපට ඉදිරියට යාමට හැකි වුණා. 
    නියඟය හේතුවෙන් රටේ සහල් නිෂ්පාදනය අඩු වුණා. වෙනත් රටවල් ද නියගයට මුහුණපෑම හේතුවෙන් ඔවුන්ගේ ද සහල් නිෂ්පාදනවල අඩුවක් දක්නට තිබුණා. එම නිසා මේ වන විට සහල් මිල මෙන්ම පොල් මිල ද ඉහළ ගොස් තිබෙනවා. අප ඒ සඳහා අවශ්‍ය විසඳුම් ගනිමින් සිටිනවා. දේශගුණික හේතඣන් මත වැඩි වී තිබෙන ජීවන වියදම පාලනය කිරීමට අප පියවර ගන්නවා. 
    ඒ වගේම ළෙඟම පාසල හොඳම පාසලෙ යන වැඩසටහන යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මුදල් වෙන් කිරීමටත්, ගම්මාන දියුණු කිරීම සඳහා මුදල් ලබාදීමටත් අප කටයුතු කරනවා. ස්වශක්ති වැඩසටහන යටතේ කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබාදීමට කටයුතු කරනවා. ඒ ආකාරයට රටේ සංවර්ධනය වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා. 
    මෙය අපේ ආණ්ඩුවේ සංවර්ධනයේ ආරම්භය පමණයි. එලැඹෙන වසරේ මම මේ ප්‍රදේශයට පැමිණ ඔබ අමතා කතා කරන විට මීටත් වඩා වැඩි ප්‍රතිඵල පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මට හැකියාව ලැබේවි. 
    ශ්‍රී ලංකාවේ දියුණුව මහනුවරට, කොළඹහෝ ගාල්ලට පමණක් සීමා කළ නොහැකියි. එම දියුණුව මෙම ප්‍රදේශ දක්වා ද අප රැගෙන එනවා. හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයන්වල දියුණුව අම්පාර ප්‍රදේශයේ දියුණුවට ප්‍රධාන හේතුවක් වෙනවා. මේ ප්‍රදේශවල දරු දැරියන්ට තොරතුරු තාක්‍ෂණ දැනුම ලබා දී මේ ප්‍රදේශවලම රැකියා කිරීමට අවශ්‍ය පසුබිම සකසා දෙනවා. 
    අපට අවශ්‍ය වී තිබෙන්නේ අම්පාර සංවර්ධනය කිරීමේ තුන් වන යුගය ආරම්භ කිරීමටයි. දයා ගමගේ අමාත්‍යවරයා දේශප්‍රේමියෙක්. නමුත් එතුමා හොරකම් සහ වංචා කිරීමට දේශප්‍රේමය ගැන කතා කරන්නෙක් නොවෙයි. අපි සියලූ දෙනාම මේ රටට ආදරෙයි. අප සියලූ දෙනා හොරකම් නොකරන නිසා දේශප්‍රේමීන් ලෙස ලේබල් ගසා ගෙන නැහැ. අප තුළ යම් යම් අඩුපාඩු තිබෙනවා. ඒවා නිවැරදි කර ගනිමින් ඉදිරියට යා යුතුයි. 
    එදා අම්පාරේ පැවැති තත්වය කුමක්දැයි දයා ගමගේ මහතා හොදින් දන්නවා. මෙවැනි විශාල දියුණුවක් මේ ප්‍රදේශයට ඇති කරනවා යැයි සිතා ගැනීමටත් අපහසුයි. නමුත් අපි එය කෙසේ හෝ සිදු කරනවා. මේ ප්‍රදේශය දියුණු කිරීමේ වගකීමෙන් අප බැහැර වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මහවැලි ව්‍යාපාරයෙන් පසුව අම්පාර ප්‍රදේශයට උදාවන දැවැන්තම දියුණුව අපේ රජය යටතේ ආරම්භ කර තිබෙන බව මම ඔබට අවසාන වශයෙන් පවසන්න කැමතියි.”

  • ශ්‍රීලනිපය දෙකඩ කරන්න එජාපයයි ඒකාබද්දයයි ඩීල් කියල දැන් පැහැදිලියි…(Video)

    ඉදිරි පළාත් පාලන මැතිවණයට එක්ව තරග කිරීම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ද විපක්‍ෂය අතර පැවති සාකච්ඡා  ඒකාබද්ද විපක්‍ෂය හරියටම බඩ මැදින් මස් රාත්තලම ඉල්ලා සිටි බැවින් බිඳ වැටුනු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ බෙදීම සදහා වන එක්සත් ජාතික පක්‍ෂ බලාපොරොත්තුව මේ මොහොතේ ඉටු කරනු ලබන්නේ ඒකාබද්ද විපක්‍ෂය බවත් ඔවුන් අතර ඩීල් එකක් ඇති බව ඉන් ඉතා පැහැදිලි වන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.ඒ අනුව ඉදිරි මැතිවණය අත ලකුණින් හෝ බුදල් කොලයෙන් තරග වදින බවත් ස්ථිර වශයෙන්ම ජයග‍්‍රහණය කල හැති බවත් ඇමති අමරවීර විශ්වාසය පල කරයි.

     

  • දළ පූට්ටුවා මරා දැමූ බව කියන 5ක් අත්අඩංගුවට

    දල පූට්ටුවා යන නමින් හැඳින්වූ ගල්ගමුවේ හස්තියා මරා දැමීමට සැක පිට පුද්ගලයින් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

    නිකවැරටිය ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    [rns_reactions]