Blog
-
ආණ්ඩුවේ දේශපාලන සුසානයට ඩලස්ගෙන් කිඩාරම් මල් කළඹක්
ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ සඳහන් කර තිබූ වැදගත් කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත.

දැනට මාස දෙකකුත් මාස හතක් පුරා නිශ්ක්‍රීය කොට තිබෙන ශ්‍රී ලංකාවේ පළාත් පාලන සභාවන් තව දුරටත් අකර්මන්‍ය කිරීම සඳහා ආණ්ඩුව විසින් ගනු ලබන නිර්ලජ්ජිත උත්සාහය , ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එයට උරුම වූ පිළිකුලෙනි.එකී පිළිකුල සහ අප්‍රසන්නතාවය විසින් නිර්මාණය කරනු ලබන “කිඩාරම් මල් කළඹ” ආණ්ඩුවේ දේශපාලන සුසාන භූමිය අභියස තැන්පත් කිරීම සඳහා ද අපි මෙය අවස්ථාවක් කරගන්නෙමු.
මැතිවරණය නිර්වචනය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කළ්‍යාන මිත්‍රයා ලෙසය.එසේම ප්‍රජාතන්ත්‍රවාදයේ පරම සතුරා වනුයේ ත්‍රස්තවාදයයි.පසුගිය මහින්ද රාජපක්ෂ පාළන කාලය තුල මෙම කුරිරු සතුරා පිටුදැක කළන මිතුරා සමීපකරගත් ආකාරය “මුස්තාපා මල්ශාලාවේ සිට” කනත්ත දෙසට ඇදෙන පළාත් පාළන අවමංගල පෙරහැරේ මළබෙර නාදයට ඉහලින් පුරවැසියන්ට දරශනය වනු කිසිවකුට වැලැක්විය නොහැක.
මේ අනුව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් වූ ආණ්ඩුවේ හැසිරීම මුළුමනින්ම අදේශපාලනිකය,අතාර්කිකය, අසම්මතය හෙවුන කාලය තුල ආණ්ඩුවේ ප්‍රකාශයකයින් මැතිවරණය සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රකාශ එකතු කොට පොතක් සකසන්නේ නම් එයට උචිතම නම වනුයේ “නුතන ගජබින්නාලංකාරයයි” දුරකතන ඔස්සේ උපදෙස් ලබා පොත් ලියන අමාත්‍ය වරුන්ට නම් ” අලියා සහ දිවුල් ගෙඩිය “ නමින් එය ලියා පල කිරීමේ හැකියාවද නැත්තේ නොවේ.
පුරවැසියන් ඉදිරිපිට පාලකයන් විගඩමුන් වීම තරම බරපතල ඛේදවාචකයක් කිසිඳු රාජ්‍යකට ස්වභාවික විපතකින් හෝ ඇතිවිය නොහැක.
-
මුහුද යට තනි වුනු 44 දෙනාම අවසන් නින්දේ..!! අතුරුදන් වූ සබ්මැරීනයේ තොරතුරු එළියට.
පසුගිය නොවැම්බර් 15 දා අතුරුදන් වූ ආජන්ටිනාවට අයත් සබ්මැරීනය අඩි 3000 ක් පමණ ගැඹුරු මුහුදේ ඇති බවට ඇමරිකානු අධිතාක්‍ෂණික ගුවන් යානාවක් විසින් සනාථ කරගෙන තිබෙනවා. සැන්ජුමන් නමින් හඳුන්වන මෙම සබ්මැරීනය 1983 වසරේදී නිෂ්පාදය කර ඇති අතර එය දිගින් මීටර් 66 ක් වනවා.
මෙම සබ්මැරීනය අතුරුදහන් වනවිට එහි නාවිකයන් 44 දෙනෙකු ගමන් කර ඇති අතර කාන්තා නැවියෙක් ද ඒ අතර රාජකාරියේ යෙදී තිබෙනවා.එලියානා ක්‍රව්සියාන් නමැති මෙම කාන්තා නැවිය ආජන්ටිනාවේ නාවික හමුදාවේ සිටින එකම සබ්මැරීන් නිලධාරිනියද වෙනවා.
මෙම අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනයේ සිටින නැවියන් කණ්‌ඩායම බේරා ගැනීම වෙනුවෙන් විශේෂ ඇමරිකානු යාත්‍රාවක් ලබා දීමට කටයුතු යොදා තිබුනද එමගින් වරකට බේරාගත හැකි නැවියන් ප්‍රමාණය 18 කට සීමා වී තිබුණා. කෙසේ වෙතත් මෙම සබ්මැරීනය තුල ඔක්සිජන් වායුවද අවසන් වී ඇති අතර සබ්මැරීනය තුල පිපිරීමක්ද සිදුව තිබෙනවා.
මේ හේතුව නිසා දැනටමත් සියළුම නැවියන් මියගොස් ඇති බවට ආජන්ටිනා හමුදාව ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.මෙම සබ්මැරීනය කුල ඇතිවූ පිපිරීම පිළිබඳව ඇමරිකාව දැනගෙන සිට එය වසන්කල බවට මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් චෝදනා කර තිබෙනවා.





[rns_reactions]
-
පළාත් පාලන ආයතන 93 ට නාම යෝජනා කැඳවීමට තීරණය කරයි
කිසිඳු ආකාරයේ ගැටලූවක් නොමැති පළාත් පාලන ආයතන 93ක මැතිවරණ පැවැත්වීමට අදාළ නාම යෝජනා කැදවීමේ නිවේදනය නිකුත් කරන ලෙස සියලූම තේරීම්භාර නිලධාරින්ට මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.මැතිවරණ මහලේකම් කාර්යාලයේදී (25) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය කියා සිටියේ.
රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී මැතිවරණ කොමිසමේ නිලධාරින් හා කොමසාරිස්වරයා අතර මෙම සාකච්ඡාව (25) පැවැත්වුණා.
ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව කියා සිටියා.
ඒ අනුව පළාත් පාලන ආයතන 93 ක් සඳහා මෙම මස 27දා සිට දින 14 ක් ඇතුලත නාමයෝජනා භාර ගැනීමට නියමිතයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය කියා සිටියේ එක් දිනයක මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය බව පවසා පළාත් පාලන මැතිවරණය තවදුරටත් ප‍්‍රමාද කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හානි කිරීමක් බවයි.
[rns_reactions]
-
අමාත්‍ය ෆයිසාර් මුස්තාෆාගෙන් ලබන සඳුදාට විශේෂ ප්‍රකාශයක්
සීමානිර්ණ ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ලබන සඳුදා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරනු ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ (25) පාර්ලිමේන්තුවේදී සිදුකළ ප‍්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින්. අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා එහිදී කියාසිටියේ පළාත් පාලන මැතිවරණය තවදුරටත් කල්යාම සහ අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ හැසිරීම සම්බන්ධයෙන් සැකසහිත භාවයක් පවතින බවයි.
පවතින තත්ත්වය පිළිබඳ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට හෝ ජනතාව හමුවේ කිසිදු කරුණු දැක්වීමක් සිදුනොකිරීම අනුමත කළ නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා විදේශ ගතවී ඇත්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණු අතර එයට ප‍්‍රතිචාර දක්වමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඔහු පාර්ලිමේන්තුවට කිසිඳු දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.
[rns_reactions]
-
රට වැනසූ මහ බැංකු හොරු අල්ලන්න – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ජනපතිට..
බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.
ජනාධිපතිවරයා මෙහිදී සාධාරණව කටයුතු කරන බවයි මන්ත‍්‍රී කියා සිටියේ.
[rns_reactions]
-
අම්මපා මුන් රෙදි ඇඳන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද? -ලක්ෂ්මන් සෙනෙවිරත්නගෙන් එජාපයට ටොක්කක්….
” මලහත්තිලවුවේ මුං කෝල් 300-400 දීලා තියෙනවනේ.දැන් මුං රෙද්දක් ඇදන් පාර්ලිමේන්තු එන්නේ කොහොමද?ඔහොම පොත් ලියපු අයියල ඉස්සරත් හිටිය. පොතෙන් වහන් වෙන්නෙ නෑ මේ ගමන නම්……”
–ඇමති ලක්‍ෂමන් සෙනෙවිරත්න විසින් කරන ලද ඉහත ආන්දෝලත්මක ප්‍රකාශයත් සමඟ එජාපයේ මැති ඇමතිවරු මේ දින වල ඉතාමත් කුපිතව පසුවෙන බව දේශපාලන ආරංචි මාර්ග වල දැක්වේ..
-
තනි එජාප ආණ්ඩුවක් හදන්න සියල්ල සූදානම්…. ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කියා නලීන් බණ්ඩාර කියයි….
මේ වනවිට මන්ත‍්‍රීවරුන් 126 දෙනෙකු සහිතව නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එක්සත් ජාතික පක්‍ෂයට ඇති නිසා කරුණාකර ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉල්ලා සිටින බවට එක්සත් ජාතික පක්‍ෂ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
එසේ පිහිටුවන නව ආණ්ඩුවේ 2/3 බලයක් නැති විය හැකි වුවත් සරල බහුතරය සම්පූර්න කිරීම සදහා තවත් පක්‍ෂ සහ පුද්ගලයින් දැනටමත් සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටී.
යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙනයාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට උවමනාවක් නැති බවක් තමන්ට පෙනෙන නිසා එක්සත් ජාතික පක්‍ෂයට තනි ආණ්ඩුවක් හදන්නට ඉඩ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බව ඔහු කියා සිටියේය.
-
අත වෙනස් කරන්න ගිහින් ලොකු අවුලක්
• ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරම්භක ඡන්ද සලකුණ වන අත ලකුනේ හැඩය වෙනස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලනිපය මැතිවරණ කොමිසමෙන් කරන ලද ඉල්ලීමක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.
[rns_reactions]
-
මා කිසිවිටෙක අගමැති තනතුර හෝ පක්ෂ නායකකම ඉල්ලුවේ නෑ.. ඕවා යු.ඇන්.පී කාරයෝ පතුරන බොරු..
• පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලනිප සමඟ එක්ව තරග කිරීමට ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍ය තනතුර ඉල්ලා කිසිවිටකත් කොන්දේසියක් නොදැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂය අගමැති තනතුර ඉල්ලා සිටි බවට පළවන ඇතැම් වාර්තා සත්‍යයෙන් තොර බවද හෙතෙම බ්‍රහස්පතින්දා (23දා) කොළඹ නව නගර ශාලාවේදී පැවැති ඩී.ඒ. රාජපක්ෂ ගුණ සමරුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අදහස් දැක්වීය.
මේ අතර ශ්‍රී ලනිපය ඉදිරිපත්කොට තිබෙන යෝජනා අධ්‍යයනය කිරීමට කමිටුවක් ඒකාබද්ධ විපක්ෂ විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.
[rns_reactions]
-
දෙසැ. 8-9 ආණ්ඩුවට තීරණාත්මකයි.. එජාපයේ රනිල් බහුතරය අහිමිව අගමැති පුටුවෙන් විසිවීමේ අවදානමක..
දෙසැම්බර් 8 සහ 9 යන දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ යම් යම් පෙරළි සිදුවීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිතය.2018 අය – වැය විවාදයේ අවසන් ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 9 වැනිදාය.
දෙසැම්බර් 8 වැනිදා භාරදීමට නියමිත බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අනුව යම් යම් දේශපාලන පෙරැළි සිදුවීමට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨ සාමාජිකයකු ඉරිදා ‘මව්බිම’ට ප්‍රකාශ කළේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඩිනමින් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවයි.
ඊට අමතරව මෙම ජනාධිපති කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රණාමය පුද කළ බවද එම ජේයෂ්ඨ නියෝජිතයා සඳහන් කෙළේය.මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයන් එකිනෙකාට ප්‍රබල විවේචන ප්‍රසිද්ධියේ එල්ල කරගන්නා තත්ත්වයකට පත්ව ඇති අතර මේ වි්‍යාකූලත්වයන් ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වීමේ සූදානමක් පවතින බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.
මේ අතර මේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවැත්වීමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨයෝ පිරිසක් සූදානම් කරති.
දෙසැම්බර් 8 හා 9 දිනවලට පෙර මේ තීරණාත්මක දේශපාලන හමුව පැවැත්වීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.
[rns_reactions]
-
ගැටලු නැති පැතිවල ජනවාරි 27 ඡන්දෙ පවත්වන්න සුදානමක්…
සීමා නිර්ණ ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතනවල ජනවාරි 27 වැනිදාට පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවට ස්වාධීන මැතිවරණ කොමිසමෙන් නිල නොලත් ආරංචියක් අපට ලැබි ඇත.
දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ඡන්ද අයිතියට බරපතළ හානියක් සිදුවන බවත් එම නිසා අවම වශයෙන් දැනට සීමා නිර්ණය ගැටලු අදාළ නොවන පළාත් පාලන ආයතන 80කට ආසන්න සංඛ්‍යාවේවත් ජනවාරි 27 වැනි දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහි නිලධාරීන් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
[rns_reactions]
-
පුංචි ඡන්දෙ ගැන අවසන් තීන්දුව අද….
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා / මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයා ද සහභාගී වී ඇති ඊයේ(24) පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වීමත් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතව ඇත.මෙය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේහප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වේ.එහිදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් පසුගියදා ලබා දුන් අධිකරණ නියෝගය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත. -
සියදිවි නසාගැනීම් වලින් ලංකාව ලෝකයෙන්ම පළමුතැනට එයි..!
මිනිස් ආත්මයක් ලබා ගැනීම කණ කැස්‌බෑවා විය සිදුරකින් අහස බැලීම හා සමාන ඉතාම දුර්ලභ අවස්‌ථාවක් බව අපේ ජනවහරෙහි අදහසකි. එම අදහස එන්නට ඇත්තේ මිනිස් ආත්මයෙහි වැදගත්කම හුවා දැක්‌වීමට විය හැකියි කෙසේ වුවද අප කවුරුත් වෙහෙස වන්නේ අපට ලැබී ඇති ජීවිතය විඳින්නට විනා විඳවන්නට නොවෙයි. නමුත් කාටත් පොදු එදිනෙදා ජීවිතයේ ඇති නොයෙක් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි. සමහරු නොයෙක් දුෂ්කරතා මැද මේ ගැටලු සාර්ථකව විසඳා ගෙන ජීවිතය ජය ගනී. එහෙත් සමහරු ප්‍රශ්න වලට විසඳුම ලෙස තෝරා ගන්නේ සියදිවි නසා ගැනීමයි. බලාපොරොත්තුවක් ඉටු නොවීම බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දීමට සිදු වීම ක්‌ෂණික කෝපය ජීවිතය හැරදැමීමට තරම් මානසික කඩා වැටීමක් වන්නේ කෙසේද?
සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි.ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම සමීක්ෂණයන්ට අනුව ලොව වැඩිම සියදිවි නසාගන්නන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණ තිබේ.එම වාර්තාවන්ට අනුව ලංකාවේ සෑම පුද්ගලයන් ලක්ෂයටම 34 දෙනෙකු දිවි නසා ගනී. ඉන් වැඩි ප්‍රතිශතය පිරිමින් වෙයි.එම අගය 58.8කි.මෙම ලැයිස්තුවේ දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් ගයනා රාජ්‍යට හා මොන්ගෝලියාවට හිමිව ඇත.
ඇත්තෙන්ම සියදිවි නසාගැනීම සංකීර්ණ මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව සිහි තබාගත යුතුය. සියදිවි නසාගන්නා තැනැත්තන් සියයට 90%ක්ම මානසික රෝගවලින් පෙළෙන්නන් බවද හෙළි කරගෙන ඇත. මතුපිටින් පෙනෙන කරුණට වඩා ප්‍රශ්න වැලකින් මේ තැනැත්තන් පීඩනයකට යටත්ව සිටින බව තහවුරු වී ඇත. සියදිවි නසාගැනීම්වලට පෙලඹී දිවි බේරාගත් අයගෙන් ලබාගත් තොරතුරුවලින් බහුතරයක්ම මේ ආකාරයේ ප්‍රශ්න වැලකින් පීඩනයට පත්ව සිටි අය බවත් අවසානයේ ඇති වූ සිදුවීම පමණක් ජනමාධ්‍ය විසින් හෙළි කර දැක්වීම නිසා සුළු ගැටලුවකට විසඳුම පවා ජීවිතය නැති කරගැනීම බව මාධ්‍ය මඟින් පෙන්වා දීමක් ලෙස සමාජයේ වැරැදි වටහාගැනීමකට ලක් කරගෙන ඇත. විශේෂයෙන්ම එයින් පසුව ගැටලුවක් ඇති නොවන බව මේ ක්‍රියාවට පෙලඹෙන්නන් තුළ වැරදි මත ආරෝපණය වන තත්ත්වයක් දක්නට තිබේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය සහ මත්වතුරවලට ගොදුරු වීමද සියදිවි නසාගැනීමට ප්‍රධාන හේතුවක්ව ඇත. මානසික අවපීඩනයකදී යම් පුද්ගලයකුගේ මොළයේ සතුට ගෙන දෙන රසායනික ක්‍රියාවලියේ අසමතුලිතතාවක් ඇති වන අතර, ඒ සමඟම සියදිවි නසාගැනීමේ මානසික ආශාවක් ඇති වන බව වෛද්‍ය මතයයි.
දිගින් දිගටම මත්වතුර පානය කිරීමද සියදිවි නසාගැනීමට ප්‍රධානතම හේතුවක් වන අතර, මෙරට තුළ සියදිවි නසාගෙන ඇති පුද්ගලයන්ගෙන් 30%ක් පමණ දිගින් දිගටම මත්වතුර පානයට ඇබ්බැහි වී සිටි අය බවද මේ වන විට සමීක්ෂණයන්ගෙන් හෙළිව ඇත.ඊතයිල් මධ්‍යසාරය අඩංගු මත්වතුර ලබාගත් විට ඒ තැනැත්තාට දිවිය සම්බන්ධව ඇති වන ආසාවක් නැතිව යන බවද මේ වන විට හෙළි කරගෙන ඇත.
මානසික අවපීඩනය ඇති වූ අයවලුන් හඳුනාගැනීම අපහසු නැත. සුළු දෙයකට පවා තරහා යෑම, ස්වාමියා හෝ බිරිය සමඟ නිතර දබර කරගැනීම, රාත්‍රියේ නින්දෙන් අවදි වීම. දීර්ඝ කාලයක් තිසසේ පවතින හිසරදය, කම්මැළිකම, ලිංගික ආශා අඩු වීම, කෑම අරුචිය, සියලු දෙයම කෙරෙහි අසුභවාදි ලෙස බැලීම මේ ක්‍රියාවන්ගේ මූලික ලක්ෂණ ලෙස හට ගනී.
තමාගේ දිවියේ කිසිදු හරයක් නැත යන සිතිවිල්ල ඇති වීම හා අවසානයේ ‘දිවිය නැති වනවා නම් මීට වඩා හොඳයි’ යන සිතිවිල්ල ඇති වීම සියදිවි නසාගන්නා පුද්ගලයන්ගේ මූලික සිද්ධාන්තයි.
මේ තත්ත්වයන් ඇති වන පිරිස් රැසක් අප සමාජයේ සිටින අතර, පෙර සඳහන් කළ පරිදි මාධ්‍ය මඟින් සියදිවි නසාගැනීම් පිළිබඳව වාර්තා කිරීමේ ක්‍රමවේදය නිසාද සියදිවි නසාගැනීම පිළිබඳව මනසේ ඇති වන දෙගිඩියාව පහව ගොස් සියදිවි නසාගැනීම වීරත්වයක් ලෙස ඇතැමුන්ට අදහසත් ඇති වන තත්ත්වයක්ද දක්නට ඇත.
[rns_reactions]