ජාතික නිදහස් පෙරමුණෙන් තවත් කිහිපදෙනකු ඉදිරියේදී ඉවත් වනු ඇති බව එම පක්ෂයේ හිටපු ජාතික සංවිධායක පියසිරි විජේනායක පවසනවා. ඔහු කියාසිටියේ මහලේකම් ධුරයෙන් ප‍්‍රියන්ජිත් විතාරණ ඉල්ලා අස්වීම පිටුපස රහසක් ඇති බවයි.  එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “පක්ෂයේ මහලේකම් තුමාට පක්ෂයේ ඉන්න…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එහි සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) රාත්‍රියේ රැස්වුණා. ඒ  කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදියි. රාත්‍රි 7.30 ට පමණ ආරම්භ වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රී 10.00…

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් තමන්ට දුරකතයෙන් අමතා ඔහුගේ පුවත්පත් ඇතුළු මාධ්‍ය ජාලය භාවිත කර  ප‍්‍රචාරයක් ලබා දීමට සූදානෙම් බව කියා සිටියා යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. තවද වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් ඇතුලත මේ ආකාරයේ…

යහපාලනයේ මෛත්‍රී පාර්ශවය සහ රනිල් පාර්ශවය කෙටවීමට දිය යටින් ගින්දර ගෙනයන පිරිසක් පිළිබඳව හෙලිදරව් වේ. ඔවුන් මහින්ද රාජපක්ෂට හිතැති ජනපති කාර්ලයේ සේවය කරන පිරිසකි. මේ ඒ පිළිබඳ අප කල විශ්ලේෂණයයි. මහින්ද රාජපක්ෂගේ දැවැන්ත පාලනය පෙරලා දමා යහපාලනය ගෙන ඒමට බොහෝ…

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (22) රාත‍්‍රියේ රැස්වනවා. ඒ එළඹෙන පළාත් පාලන මැතිවරණය, බැඳුම්කර කොමිසමේ වාර්තාව හා වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ ප‍්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින්. රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියාසිටියේ බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර…

ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයක් එන බව පැවසීමට අනාවැකිකරුවන් අවශ්‍ය නැත. ඒ තරමට ම දිවයින පුරාවටම මැතිවරණ වේදිකාව උණුසුම් වී ඇත. මහින්දගේ පොහොට්ටු පක්ෂයත් රනිල්ගේ එජාපයත් අතර අතර ද්වන්ද සටනක් ඇරැඹෙන කාලය ලගදීම උදාවනු ඇත. දැනටමත් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට…

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ පැහැදිළි කිරීමක් සිදු කරනවා.  ඔහු සඳහන් කරන්නේ “මම හිතනවා මම යම් තැනක වැඩ කරනවා නම් මගේ කැපකිරීම සහ දායකත්වය උපරිම වශයෙන් ඒ දේ වෙනුවෙන් ලබා දෙන්න පුළුවන්…

ජනාධිපතිවරයාට එරෙහිව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ (21) සිදුකරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලන ලෙස ඒකාබද්ධ විපක්ෂය, කතානායකවරයාගෙන් අද (22) ඉල්ලීමක් කළා. බැඳුම්කර කොමිසම එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කුමන්ත‍්‍රණයක් සිදුකරන බැවින් ජනාධිපතිවරයා පිළිබඳ කළකිරීමෙන් පසුවන බවයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ ඊයේ පැවැති…

සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වසර 37ක සිය පාලනය නිමකරමින්. ලිපියකින් සිය තීරණය ප‍්‍රකාශයට පත්කර ඇති බවයි සිම්බාබ්වේ කතානායකවරයා නිල වශයෙන් ප‍්‍රකාශ කළේ. ඒ සමගම සභා ගර්භයේ සිටි මන්ත‍්‍රීවරුන් ප‍්‍රීතියෙන් ඔල්වරසන් හඬ නැගූ බවයි විදෙස් මාධ්‍යයන්හි…

ජාතික නිදහස් පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණේ නායකයා ලෙස කටයුතු කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශයි. පෞද්ගලික හේතුන් මත සිය දූරයෙන් ඉල්ලා අස්වෙන බවයි ප්‍රියංජිත් විතාරණ සඳහන් කර ඇත්තේ. [rns_reactions]

පළාත් පාලන ඡන්ද කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ ඡන්ද දායකයන් 6 දෙනෙකු ගොනුකළ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි. ඒ අනුව, මෙම අතුරු…

අද(20) බැඳුම්කර කොමිසමට පැමිනි අගමැතිගෙන් ඇසූ ප්‍රශ්න සහ පිලිතුරු කිහිපයක් [rns_reactions]

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් තමන් දැඩි කළකිරීමකින් පසුවන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. ඇතැම් පිරිස්වල උවමනාවට එක්සත් ජාතික පක්ෂයේ තරුණ දේශපාලනය විනාශ කිරීමට ජනාධිපතිවරයා පංගු කාරයෙක් නොවිය යුතු බවද ඒ මහතා කියයි. “මම ඇත්තටම ජනාධිපතිතුමන් ගැන ඉන්නේ…