Blog

  • නාකි විසේ ඉහට ගහලා සාරිප්පුගේ මොහාර් “ධාරුන් නුස්රා” ළමා නිවාසයේ ළමුන් 18 ක් දුෂණය කරලා

    දැන් අපේ රටේ වාර්තා වන පුවත් අතරින් වැඩියෙන්ම වාර්තාවෙන්නේ ළමා අපයෝජන සිද්ධීන් කිවුවොත් ඔබත් ඊට එකඟ වෙයි.

    ඒ තරමටම අපේ රටේ අනෙක් සිද්ධීන්වලට වඩා ළමා අපයෝජනයන් වැඩිවෙලා තියෙනවා.

    අපි මේ කියන්න යන්නේ තවත් මේ වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධියනම් බොහෝ තැන්වල වාර්තාවුණේ ඉතාමත් අඩුවෙන්.

    දෙහිවල පිහිටි ළමා නිවාසයක සිටි බාලවයස්කාර දැරියන් 18 දෙනෙක් එහි සේවකයෙක් වරින්වර අපයෝජනයට ලක්වෙලා තියෙන සිද්ධියක් අපට අහන්න ලැබුණා.

    මේ සිද්ධිය වෙලා තියෙන්නේ දෙහිවල ධාරුන් නුස්රා නම් ළමා නිවාසයකයි.

    මේ අනාත නිවාසයේ පාලිකාව වශයෙන් සේවය කරන්නේත් මේ සේවකයාගේ බිරිඳ. අදාළ දරුවන් මේ ගැන පාලිකාවට පැමිණිලි කළත් පාලිකාව ඒ සම්බන්ධයෙන් තැකීමක් කර නැහැ. ඒවගේම තමයි පොලිසියට දැනුම් දුන්නොත් මේ ළමා නිවාසය වැසීමට සිදුවන බවත් මේ දරුවන්ට තර්ජනය කරලා තියෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට පසුගිය ජුලි මාසයේ 22 වනදා නිර්නාමික දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී තිබෙනවා. ඉන් අනතුරුව ළමා ආරක්ෂණ අධිකාරියෙන් කොහුවල පොලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව මේ නිර්නාමික දුරකතන අංකය ඔස්සේ පොලිස් පරීක්ෂණ පවත්වා මේ ස්ථානය සොයා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරු පොලිස් අත්අඩංගුවට අරන් තියෙනවා.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 62 හැවිරිදි සාරිප්පුගේ මොහාර් නැමැති පුද්ගලයෙකුයි.

    කෙසේවෙතත් දිගින් දිගටම කළ පරීක්ෂණවලින් හෙළිව ඇත්තේ මේ දැරියන් 18 දෙනාගෙන් එක් ළමයෙකු බරපතල ලෙස අපයෝජනයට ලක්වෙලා තියෙනවා කියලායි.

    අදාළ සේවකයා අවුරුදු 09ක් පමණ එම ළමා නිවාසයේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අතර පාසල්වලට මෙම දරුවන් රැගෙන ගොස් ඇත්තේ මොහුයි. එමෙන්ම ලිංගික හිංසනය වැඩිවශයෙන් වී ඇත්තේ වාහනය ඇතුලතදී බවත් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් දරුවන් කිහිප දෙනෙක් අදහස් දක්වා ඇත්තේ මෙලෙසයි.

    01. මේ මනුස්සයා මාව හැමදාම ඉස්කෝලෙට අරන් යනවා. ඒ අතරතුර ඔහු මට අතවර කරනවා. ඒවගේම අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කරනවා.

    02. මං මේ ගැන පාලිකාවට කිව්වම ඒක වැඩිය ගණන් ගන්නෙපා කියලා කිව්වා. පැමිණිලි කරපු හැම වේලාවකම මට හොඳටම බැන්නා. ඒ වගේම මේ මනුස්සයා මාව දවසක් ගබඩා කාමරයට එක්ක ගිහින් අනවශ්‍ය විදියට මාව ස්පර්ශ කළා.

    මේ දරුවන් 18 දෙනාම පවසා ඇත්තේ එම දරුවන් පාසලට රැගෙන යන අතරතුරදී මෙන්ම ඇතැම් විට ළමා නිවාසයේදීද අපයෝජනයට ලක්ව ඇති බවයි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ළමා නිවාසයේ පාලිකාව කියා ඇත්තේ මෙහෙම කතාවක්. “මාගේ ස්වාමි පුරුෂයා වන මොහාර් ගැහැණු දරුවන්ට හරිම ආදරෙයි. ඒවා කරලා තියෙන්නේ හිරිහැරයක් වශයෙන් නෙවෙයි”

    ඒවගේම තමයි මේ ළමා නිවාසයේ හිමිකාරිය වශයෙන් කටයුතු කරන්නේ වෛද්‍ය මරීන් රිෆායි මහත්මියයි. මේ සම්බන්ධයෙන් ඇය කියා සිටියේ මෙවන් කතාවක්.

    “වෛද්‍ය වාර්තාවන්ට අනුව කිසිදු දැරියක් අපයෝජණය වෙලා නෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒවගේම මේ ළමා නිවාසය මගෙන් ගන්න සේවකයන් පිරිසක් විසින් කරන කුමන්ත්‍රණයක් හැටියට තමයි මං මේක දකින්නේ. මේ ගැන මාස 03ක් තිස්සේ පරීක්ෂණ සිදු කළත් කිසිදු සාක්ෂියක් මේවනතුරු ලැබිලා නැහැ. ඒවගේම තමයි මොහාර්ව ඇප මත නිදහස් වීම මගින්ව තහවුරු වනවා මෙහි කිසිම ලිංගික හිංසනයක් සිදුවෙලා නෑ කියලා. ඒවගේම තමයි මේ වෙනකොට අදාළ පාලිකාව සහ සිද්ධියට සම්බන්ධ බව කියන ඇගේ ස්වාමිපුරුෂයාද අයින් කරලා තියෙනවා.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මේ ළමා නිවාසයේ සෑම තැනකම සීසීටීවී සවිකර ඇති අතර අදාළ දැරියන්ගේ කාමරවලද සීසීටීවී කැමරා සවිකර ඇති බවයි.

    [rns_reactions]

  • දුර්වල මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් දොට්ට .!

    අයි.පී.එල්. පන්දුවාර විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි ඉන්දියන්ස් කණ්‌ඩායමේ නිත්‍ය සාමාජිකයෙක්‌ වූ ලසිත් මාලිංග, ලබන වසරේ පැවැත්වෙන තරගාවලියේදී නිදහස්‌ කර දැමීමට මුම්බායි කළමනාකාරීත්වය තීරණය කොට තිබෙන බව සදහන් .

    ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ ආරම්භයේ පටන් වෙන්දේසියට නොදමා , රදවා ගත් එකම ක්‍රීඩකයා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගයි.
    තවද ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම හොදම පන්දු යවන්නා ලෙසද සැලකෙන්නේ ලසිත් මාලිංගයි,
    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ද්විත්වයක ශූරතාවය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් හිමිකර ගත් අතර , එම තරගාවලි දෙකෙහිම ලසිත් මාලිංගගෙන් සිදුවූ සේවය අතිවිශිෂ්ඨයි,
    මීට අමතරව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියාට ලබා දෙන දම් පැහැති හිස් ආවරණය 2011 වසරේදී දිනා ගත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දවා ගෙන තිබෙන කඩුලු ගණන 154ක්.

    කෙසේ වෙතත් ලසිත් මාලිංග ගේ වර්තමාන දක්‍ෂතා සැලකිල්ලට ගනිමින් සහ ඔවුන්ට නිත්‍ය සාමාජිකයන් 4-5 ක්‌ පමණක්‌ රඳවා ගැනීමට සිදුවීමෙන් මාලිංගව නිදහස්‌ කිරීමට තීරණය කළ බව මුම්බායි කණ්‌ඩායම් කළමනාකාරීත්වය ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් ඉවත් කිරීමේ තීරණය දැනුම් දෙමින් මෙලෙස පවසනවා.

    ඒ අනුව ව එළැඹෙන අයි.පී.එල්. තරගාවලියේදී ලසිත් මාලිංගව ප්‍රසිද්ධ වෙන්දේසියකින් කණ්‌ඩායම්වලට අවශ්‍ය නම් තෝරා ගැනීමට හැකි වන අතර , කිසිදු කණ්ඩායමක් විසින් හෝ ඔහුව මිලදී නොගතහොත් ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියෙන් ඉවතට විසි වනු ඇති.


    කෙසේ වෙතත් ලසිත් මාලිංග මින් පෙර ඉන්දීය පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා තිබුනේ ” ක්‍රිකට් ක්‍රීඩාවේ දෙවියන් එවකට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක සචින් තෙන්දුල්කාර් බවත් , තමන්ගේ ප්‍රියතම නගරය මුම්බායි නගරය බවත් ය”.

    ලසිත් මාලිංග 2011 වසරේ අයි.පී.එල් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදි ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එංගලන්ත සංචාරයක් යෙදුනු අතර , ඉන් පසුව 2011 වසරේදී ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තා.

    [rns_reactions]

  • මුහුණු පොතෙන් ජාතිවාදය වපුරන අයව අත්අඩංගුවට ගන්න පොලිස්පතිගෙන් සීඅයිඩී යට නියෝග…!

    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතිවාදය වපුරන සහ ජාතිවාදය ඉස්මතු වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර පතුරුවන අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    ඉකුත් 17 වැනි දින ගාල්ල, ගිංතොට ඇතිවූ සිද්ධිය පිළිබඳ නොයෙකුත් අන්තවාදී පුද්ගලයන් විසින් අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවමින් සිටින බවට තොරතුරු වාර්තා වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. 

    එවැනි අන්තවාදී පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවද පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

    [rns_reactions]

  • ඇමති බලතල වලට මුවාවී වීරවංශගේ බිරිඳ හැඳුනුම්පත ගත් හැටි අධිකරණයේදී හෙළි වෙයි

    මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයාව සිටි විමල් වීරවංස මහතාගේ බිරිඳ වන ශෂී වීරවංස මහත්මියට හැඳුනුම්පතක් සකස් කරගැනීම සඳහා ඇමති බලතල යොදාගෙන කටයුතු කර ඇති ආකාරය ඊයේ(20) අධිකරණයේදී හෙළි වී තිබේ.

    හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව ඇතැම් ලිපි ලේඛන පසුව ලබාදෙන පදනම මත හැඳුනුම්පත නිකුත් කරන ලෙසට හිටපු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරිවරයා සාක්ෂි ලබා දෙමින් අද අධිකරණයේදී පවසා ඇත.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඉදිරියේ පැවති නඩු විභාගයේදි මෙලෙස සාක්ෂි ලබා දෙනු ලැබුවේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තුමෙන්තුවේ බලාත්මක නිළධාරී පැලැද ලියනගේ ප්‍රභාත් රාජේන්ද්‍ර පෙරේරා මහතාය.

    ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩුවේ හරස් ප්‍රශ්න සඳහා නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා තෙක් කල් තැබිණි.

    කූඨ ලේඛන ඉදිරිපත් කර ව්‍යාජ හැඳුනුම්පත් සහ ව්‍යාජ පාස්පෝට් සකස් කළ බවට ශෂී වීරවංස මහත්මියට චෝදනා එල්ල වී ඇත.

    [rns_reactions]

  • එජාපයේ සල්ලි මැෂිම ඇලෝසියස්.. මටත් සල්ලි දුන්නා – සරත් ෆොන්සේකා සියල්ල හෙළිකරයි

    මැතිවරණ ආධාර වශයෙන් අර්ජුන් ඇලෝසියස් මහතා විසින් තමාට මුදල් ලබාදුන් බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කැළණිය, දළුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මේ අතර කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් විස්තර රහසිගතව සටහන් කෙරුණේ කවරෙකුගේ උපදෙස් මත ද යන්න පිළිබඳ අනාවරණය කළ යුතු බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද(20) පාර්ලිමේන්තුවේදී වරප්‍රිසාද ප්‍රශ්නයක් මතුකරමින් ප්‍රකාශ කළේය.

    ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී වැඩිදුරත් පෙන්වා දුන්නේ මන්ත්‍රී වරප්‍රසාද කඩවී ඇත්තේ තොරතුරු ලබා ගැනීම මත නොව එම තොරතුරු ප්‍රසිද්ධ කිරීම මඟින් බවයි.

    මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේ අදාළ තොරතුරු අනාවරණය වී ඇත්තේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන මඟින් ද නැතහොත් අර්ජුන් ඇලෝසියස් මහතාගේ දුරකථනය මඟින්ද යන්න පිළිබඳ පැහැදිලි කළ යුතු බවයි.

    මේ අතර මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන සබඳතා අනාවරණය වීම මඟින් මන්ත්‍රීවරුන්ගේ කිසිඳු වරප්‍රසාදයක් බිදවැටී නොමැති බවයි.

    කෝප් කමිටු සාමාජිකයින්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත්තේ රහසිගත ලෙස සවන්දීමෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ බැඳුම්කර වංචාව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වූ බවයි

    [rns_reactions]

  • පියාගේ සොහොනින් මිලියන 90ක් පිල්ලි ගැසු ගෝඨා ළගදීම ඇතුළට – දේශපාලන ආරංචි මාර්ග කියයි

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඪාභය රාජපක්ෂ මහතා ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

    ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරා රුපියල් මිලියන 90ක පාඩුවක් රජයට කැළැයි යන චෝදනාව යටතේ මෙම අත්අඩංගුවට ගැනීම කිරීමට යන බව පැවැසේ.

    ශ්‍රි ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 90ක මුදලක් අවභාවිතා කර ඇතැයි ලැබුනු පැමිනිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ තවත් පුද්ගලයින් කීප දෙනකුගෙන් මීට පෙර ප්‍රකාශ ලබාගෙන තිබුණි.

    නීතිපතිවරයාද මෙම අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය දී ඇති බව ආරංචි මාර්ග කියයි.

    [rns_reactions]

  • තම විධායක බලය යොදාගනිමින් නීතිය හා සාමය අමාත්‍යංශය ළගදීම ජනපති යටතට….

    ගිංතොට සිදුවීම හා ඒ සම්බන්ධයෙන් රජයට එල්ල වූ චෝදනාවලට වගකිව යුත්තේ නීතිය හා සාමය අමාත්‍යංශය බව වාර්තාවක් ලබා දෙමින් ශ්‍රීලනිප අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි ප්‍රකාශකයෙකු සඳහන් කලේ දිගින් දිගටම සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා සහ ජාතිවාදී ස්වාභාවයේ සිදුවීම් යම් දේශපාලනික මැදිහත්වීමක් සහිතව සිදුවන බවට තමන් ඇතුලු කණ්ඩායමේ මතය වූ බවත් එහිදී නීතිය හා සාමය අමාත්‍යංශයට දැඩි වගකීමක් දැරීමට සිදුවුවද ඔවුන් එය පැහැරහැර ඇති බවත් ඒ අනුව තම කණ්ඩායම විසින් වාර්තාවක් පිළියෙල කරමින් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බවයි.

    එහිදී ඉදිරි මැතිවරණ කාල සීමාවද සළකා බලා සිදුවිය හැකි සිදුවීම් අවම කර ගැනීම වෙනුවෙන් නීතිය හා සාමය අමාත්‍යංශය ජනාධිපතිවරයා වෙත පවරා ගන්නා ලෙස ඔවුන් යෝජනා කර තිබෙනවා. මෙවැනි යෝජනාවක් මීට පෙරද ඉදිරිපත් වූ අතර එම අවස්ථාවේදී එය වළක්වා ගැනීමට එජාපය ජනාධිපතිවරයාට මාධ්‍ය ඔස්සේ චෝදනා කරමින් කටයුතු කළ ආකාරයද එම වාර්තාවට ඇතුළත් කර ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කලේය.

    මේ අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා හා අමාත්‍යවරයා අතර ඇති විරසකය හේතුවෙන් පොලීසිය අමාත්‍යංශය සමග ඇති සම්බන්ධය බොහෝ සේ අඩුවී ඇති බවද එම වාර්තාව අවධාරණය කර තිබේ.

    එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ව ගොඩ නැගූ ජාතික ආණ්ඩුවේ වැඩි බලයක් සහිත අමාත්‍යධූර එජාපයට හිමිව ඇති බවද පෙන්වා දී ඇති එම අමාත්‍යවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ වසර 2 1/2 කින් පසු එවැනි වටිනාකමක් ඇති අමාත්‍යංශ හුවමාරු කර ගත යුතු බව ගිවිසුමේද දක්වා ඇති බව සිහිපත් කරමිනි.

    [rns_reactions]

  • ලංකාදීප පුවත මුල් පුවත ටොම් පචයක් – පච පතුරන අගමැති මාධ්‍ය ඒකකයේ අතේ රෝල හෙළිවෙයි

    අද (20) ලංකාදීප පුවත්පතේ ප්‍රධාන ශිර්ෂය ලෙස පළ කර තිබෙන “මහින්දත් එක්ක හවුලක් නෑ, ජනපති එජාප ඇමතිවරුන් දෙදෙනෙකුට කියයි” යන පුවත සම්පූර්ණයෙන්ම ගොතන ලද පුවතක් බව ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු තහවුරු කර සිටී.

    වාර්තා වන පරිදි අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා එක්ව පළාත් පාලන ඡන්ද වීමසීමට තරඟ කිරීමට තීරණය කළහොත් එජාපයට අත්වන දැවැන්ත පරාජය හේතුවෙන් එය වැළැක්වීම උදෙසා මෙම මෙහෙයුම දියත් කර තිබේ. ඒ අනුව ඉදිරියේදීද එවැනි පුවත් නිර්මාණය කර මාධ්‍ය වෙත මුදාහැරීමට එජාපයෙන් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති අතර අගමැති මාධ්‍ය ඒකකය ඊට නායකත්වය දී ඇති බවද වාර්තා වේ.

    මේ අතර එක්ව තරඟ කිරීම පිළිබඳ ශ්‍රීලනියේ දෙපාර්ශවය අතර මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන අතර ඒවා සාර්ථක අදියරක ඇති බවත් ක්‍රියාත්මක අදියරට පැමිණීමට පෙර අතිගරු ජනාධිපතිතුමන් හා හිටපු ජනාධිපතිතුමන් අතර රහස් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහිදී අවසන් තීරණය ගනු ලබන බවත් වාර්තා වේ.

    දෙපාර්ශවය එක් කිරීමට දැඩි විරෝධයක් පළ කරමින් සිටි විමල් වීරවංශ මහතාද තම ස්ථාවරය වෙනස් කරගනිමින් ප්‍රකාශ කර ඇත්තේ මෙලෙස බෙදී වෙන් වී සිටීමෙන් එජාපය තවත් ප්‍රබල වන බැවින් රට ගැන සිතා එක්වන්නේ නම් තමන්ගේ සහය ලැබෙන බවයි.

    [rns_reactions]

  • එජාප මඩකරි කල්ලියේ අපේක්ෂා බිඳ වැටේ – පුංචි ඡන්දට ජනපති මෛත්‍රී සමගින් මහින්ද එක්වෙයි

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග සන්ධානගත වීමට ඒකාබද්ද විපක්‍ෂයට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් තමන් කටයුතු කරන්නේ මධ්‍යස්ථව යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගාමිණි සෙරනත් මහතාගේ සුවදුක් බැලීම සදහා එහි ගොස් ආපසු එන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියේය. එවන් යෝජනාවක් ඉදිරිපත් වුවහොත් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට එම යොජනාව ඉදිරිපත් කරන බවත් ඔවුන් ගන්නා තීන්දුව අනුව ඉදිරි කටයුතු කරනා බවත් ඔහු සදහන් කලේය.

    ලබන පළාත් පාලන මැතිවරණයට තමා හෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් නොවන නිසා අදාළ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට තමන් කැමැත්ත පරිදි තරග කිරීමට අවස්‌ථාව සැලසීම වැදගත් යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා ‘දිවයින’ පුවත්පතට පවසා තිබිණ.

    මෙම මැතිවරණයට පංගු පේරු බැලීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දුර්වල වීම බවද ඔහු එහිදී පෙන්වා දී තිබිණ.

    [rns_reactions]

  • මහරගම ඉන්නව නම් ඒ විදියට හිටපන් “ප@#$” – මිහිරි හඬින් වැසියෝ අමතන මහරගම පොලිස් වස්සෝ

    නැවතත් රටතුල ඉන්ධන හිඟයක් ඇතිවෙන බවට පැතිර යන කටකතා නිසා ඊයේ (20) කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්වල්වල දිගු පෝලිම් දකින්නට ලැබුනා. ඒ අනුව මහරගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකද ඉතා දිගු පෝලිමක් දකින්නට ලැබුනා. මෙලෙස පැය ගණනක් තිස්සේ පෝලිම් වල සිටි සාමාන්‍ය ජනතාව පිළිබඳව නොතකා යතුරු පැදියකින් පැමිණ තෙල්ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එහි සිටි පුද්ගලයෙකු ඊට විරුද්ධව තිබුනා.

    කෙසේ වෙතත් මෙම සිද්ධිය වූ අවස්ථාවේදී දෙපාර්ෂවයම ඉතා අසභ්‍ය වචන භාවිතා කර තිබුණා. මෙම පොළිස් නිළධාරීන් දෙදෙනා මහරගම පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව රාජකාරි කටයුතු කරනා දෙදෙනෙක් බව පැවසෙන අතර ප්‍රසිද්ධ ස්ථානයක මිනිසුන්ගේම ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන නිළධාරීන් මෙසේ හැසිරීම ශිෂ්ඨසම්පන්න නොවන බව බොහෝ සමාජ මාධ්‍යයන්හි කතාබහට ලක්වුනා.

    මීට සමාන සිදුවීමක් පසුගිය තෙල් අර්බුධය පැවති අවස්ථාවේද කළුතර ප්‍රදේශයේදී සිදුවුනා.

    මෙම සිදුවීමට අනුව පොලිස් නිලධාරීන් පැමිණි යතුරු පැදිය පොලිසියට අයත් එකක් නොවන බව පවසා එහි සිටි පුද්ගලයෙකු පොලිස් නිළධාරීන්ට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා. පසුව එයින් කුපිතයට පත් පොලිස් නිළධාරියෙක් මෙම පුද්ගලයාට ප්‍රථමයෙන්ම අසභ්‍ය වචනයක් පවසා බැන වැදී තිබෙනවා. ඒ බොහෝ දෙනෙකු මේ සිදුවීම දෙස බලාගෙන සිටිද්දී.

    එතනින් ආරම්භ වන මෙම සිදුවීම බොහෝ දුරදිග යන්නේ දෙනෝදාහක් මැද ඉතා අශීලාචාර ලෙස හැසිරෙමින්. මෙම සිදුවීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන වීඩියෝව පහතින්.

    [rns_reactions]
  • තෙල් පෝළිමෙන් මතුවූ මහරගම යුනිෆෝම් චන්ඩි…(Video)

     

    රට තුල නැවතත් තෙල් අර්බුදයක් ඇතියි නිර්මාණය වුන කටකතා හේතුවෙන් රෑ වැටුන වලේ දවල් වැටීමට ඇති නොකැමැත්ත නිසා මිනිසුන් කඩිමුඩියේ තෙල් ගසා ගැනීමට පොදිකන්න වුණා… ඉතිං මහරගම පෙට්‍රල් ෂෙඩ් එකක පෝලිමේ ඉදපු මිනිස්සු අස්සෙන් ඇවිත් යුනිෆොම් දා ගත්තු මේ නිලධාරීන් දෙන්න එතන හිටපු අය එක්ක වාදයක් ගියා… අන්න ඒ වෙලාවෙ මේ යුනිෆොම් දා ගත්තු නිළධාරීන් දෙන්න හැසිරුන විදිහ ඉතාමත් අශෝබනයි… 

    වීඩියෝව පහතින් නරඹන්න… (අසභ්‍ය වචන ඇතලත්ය)

     

  • 11 හැවිරිදි දරුවා අකුණුසරින් මරුට…

    කට්ටෙයි අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි නිත්‍යානන්දන් රස්කින් මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී කුඹුරේ වැඩ කරමින් සිටි අයට දහවල් ආහාරය රැගෙන යමින් සිටින අතර තුර පැවති වර්ෂාපතනය හමුවේ ඇති වූ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.මෙම සිදුවීම පෙරේදා(19) දින සිදුව ඇත.අකුණ සැර වැදීමත් සමග ප්‍රදේශවාසීන් එක්ව දරුවා මුරුන්ගන් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තද ඒ වන විටත් දරුවා මිය ගොස් තිබුණි.

  • චානකගෙන් සුජීව කන පැලෙන්න අසා ගත් හැටි…(Video)

    බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන් ඇලෝසියස් සමග විශලා දුරකතන ඇමතුම් ප‍්‍රමාණයක් ලබා ගත්තේ යයි හෙලිව සිටින රාජ්‍ය ඇමති සුජීව සේනසිංහට පාර්ලිමේන්තුවේදී ප‍්‍රබල විවේචනයකට ලක් වන්නට සිදු විය.පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී. චානක එක හුස්මටම ඇමති සේනසිංහට චෝදනා එල්ල කලේ කිසිවක් කීමට ඉඩක් නොතබමිනි.එල්ල වන චෝදනාවන්ට රාජ්‍ය ඇමතිවරයා සුළ මැදිහත්වීම් කරන්නට උත්සාහ කලද මන්ත‍්‍රී චානකගේ දැඩි ප‍්‍රහාරය වලකන්නට හෝ බාධා කරන්නට ඒ ප‍්‍රමාණවත් නොවීය.එම වීඩියෝව පහතින්…

    https://www.youtube.com/watch?v=vHcH9vhAfWU&feature=youtu.be&t=11

  • ඉෂිකා සේරම්ගේ අලුත්ම Photos

    ඉෂිකා සේරම් ගැන ඔබ අහල ඇති.උසින් අඩි 5 අඟල් 3ක් වන ඇය ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක්.ඇය ගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහලින්