Blog
-
මහින්දානන්ද උසාවියෙන් කට්ටි පනී…. – ඇප කරුවන්ව උසාවියට ඉදිරිපත් කිරීමට නියෝග
අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස උපයාගත් රුපියල් මිලියන 27ක මුදලක් වැය කර කොළඹ කිංසි පාරේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විභාග වන නඩුවක් අද(20) කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුගේ ඇප කරුවන් හෙට (21) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණය නියෝග කර තිබේ.එහිදී විත්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වන බැවින් අධිකරණය හමුවට පැමිණීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි.එහිදී විනිසුරු ගිහාන් කුලතුංග මහතා විමසා ඇත්තේ ඇපකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටින්නේ ද යන්නයි.ඇපකරුවන් අද දිනයේ නොපැමිණි බව විත්තියේ නීතිඥවරයා ප්‍රකාශ කර තිබේ.ඒ අනුව විනිසුරුවරයා නියෝග කර ඇත්තේ විත්තිකරු ඉදිරිපත් නොවන්නේ නම් ඇපකරුවන් අනිවාර්යෙන් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවයි.එබැවින් ඔවුන්ට හෙට දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විනිසුරුවරයා සිතාසි නිකුත් කර තිබේ. -
‘X-30 Asia Cup’ ජනවාරි 13-14
සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ්, ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමක් වන ඩේවිඩ් පීරිස් රේසිං ඇන්ඩ් ලෙෂර් (පුද්.) සමාගම එක්ව සංවිධානය කරන ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය 2018 ජනවාරි මස 13 හා 14 යන දෙදින තුළ බණ්ඩාරගම ශ්‍රී ලංකා කාර්ටින් සර්කිට් හිදී පැවැත්වේ.
‘X-30 ගෝ-කාර්ට් තරගාවලියක් අග්නිදිග ආසියාවෙන් පිටත පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර මෙම ජාත්‍යන්තර තරග කාණ්ඩය තුළ ආසියාව සහ යුරෝපය නියෝජනය කරන ධාවන ශූරයන් ‘X-30’ ගෝ-කාර්ට් තරගාවලිය සඳහා එක් වෙති.
වයස අවුරුදු 8 සිට ඉහළට විහිදෙන ධාවන පන්ති ක්‍රමයක්, එන්ජින් මාදිලි 6ක්, ජාත්‍යන්තර ඉසව් 2ක් සහ මහද්වීප මට්ටමේ තරග ඉසව් කිහිපයක් සහිත මෙම තරගාවලිය ලොව වඩාත්ම සාර්ථක සහ විවිධත්වයෙන් සපිරි තරගාවලියක් ලෙස සැලකේ. ඒ අනුව කැඩෙට් පන්තිය (වයස අවුරුදු 8 සිට 12 දක්වා), කනිෂ්ඨ පන්තිය (අවුරුදු 12 සිට 15 දක්වා), ජේයෂ්ඨ පන්තිය (අවුරුදු 14 සිට 30 දක්වා), ප්‍රවීණ පන්තිය (අවුරුදු 30 සිට ඉහළට) සහ සුපර් ෂිෆ්ටර් ලෙස ‘X-30 Asia Cup’ ගෝ-කාර්ට් තරගාවලිය තරග කාණ්ඩ 5 කින් සමන්විත වේ.
ගෝ-කාර්ට් එන්ජින් නිෂ්පාදනය කරන ප්‍රධානතම ජාත්‍යන්තර සමාගම වන සහ කාර්ටින් තරග ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමීන් වන ධ්ඒර්ඡ් හි සංකල්පයක් මත ආරම්භ වූ ‘X-30’ තරගාවලිය මේ වන විට පරිපූර්ණ ධාවන තරගාවලියක් බවට විකාශනය වී ඇති අතර ඒ සඳහා රටවල් 25 කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් ධාවකයෝ තරග වදිති.
-
අනිද්දට වතුර නෑ
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ යන ප්‍රදේශවලට මෙන්ම කටුකුරුන්ද, පයාගල, මග්ගොන යන ප්‍රදේශ වලට හෙට(21) උදේ 8.30 සිට පැය දහය හමාරක කාලයක ජල කප්පාදුවක් සිදු වේ.
මීට අමතරව බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, අලුත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවන බවයි ජලසම්පාදන මණ්ඩලය සඳහන් කළේ.
-
යාපනයේ කඩු කල්ලිය(ආවා) මර්ධනය කිරීම සාගල අතට ගනී…
උතුරු පළාතේ ක්‍රියාතමක ආවා කල්ලිය මර්ධනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන තියෙනවා -නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.
අමාත්‍යවරයා ඒ ගැන පැවසූ අයුරු ඔහු පැවසූ ආකාරයෙන්ම පහත දක්වා ඇත.
” උතුරු පළාතේ ක්‍රියාත්මක ආවා කල්ලිය යලි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්ථාවුණා.ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වල වාර්ථා පවා පළවුණා.නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිඳු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ….
පසුගිය දවස් 2 ඇතුලත මීට අදාල සිද්ධි 8ක් වාර්ථා වුණා.
ඒ සිද්ධි වලට සම්බන්ධ යයි සැක කෙරෙන පුද්ගලයින් 6 දෙනෙකු මේ වන විට අත් අඩංගුවට අරන් තියෙනවා…
ඉතිරි සැක කරුවන් අල්ලන්න මේ වන විට විශේෂ විමර්ශන සිදුකරනවා.ඒ විමර්ශන කටයුත් ඉක්මණින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වන විට යාපනය පොළිස් කොට්ඨාෂයේ නිවාඩු අවලංගු කර තිනෙවා….
යාපනේ විතරක් නෙමේ දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්ධනය කිරීමේ ක්‍රියාවලිය අපි මේ වන විට ආරම්භ කරල ඉවරයි.විදේශ වල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේ වන විටහඳුනගෙන තියෙනවා.ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියළුම පියවර ගැනීම දැන් සිදුකරමින් ඉන්නවා”

-
හොර නායකයා පස්සෙන් යන අනෙක් අයත් හොරුන්ම තමයි – චන්ද්‍රිකා රනිල්/මහින්දගේ පතුරු ගලවයි..
නායකයා සොරකම් කිරීම් සිදු කරන්නේනම් සෙසු පිරිසද සොරුන් බවට පත් වන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
සොරකම් හා සම්බන්ධ පිරිස් හෙළිදරව් වන පසුබිමක් වත්මන් ආණ්ඩුව මගින් ආරම්භ වී ඇති බවද ඇය කියා සිටියා.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩල රැස්වීමට එක් වෙමින් මෙම අදහස් පළ කළා.
[rns_reactions]
-
එජාපයේ රනිල් අද නීතිවේදී ලිවේරා නැති බැඳුම්කර කොමිසමට.. සැකකරුවෙක්ගේ ආගමනයක් බවට රාවයක්..
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය පිිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමසම හමුවේ අද (20) පෙනී සිටීමට නියමිතයි.
ඉකුත් බ‍්‍රහස්පතින්දා කොමිසම අගමැතිවරයාට දැනුම් දුන්නේ අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසටයි.
ඕනෑම අවස්ථාවක බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට තමන් සූදානම් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබුනත් මෙය තම සහචරයන් ආරක්ෂාකිරීමට කරලියට පැමිණෙන තවත් සැකකාර නායකයෙකුගේ ආගමනයක් බවයි සමාජ ජාල වෙබ් අඩවි වල සදහන්ව ඇත්තේ.
2015 වසරේ පෙබරවාරි මස පළමුවැනිදා සිට 2016 වසරේ මාර්තු මස 31වැනිදා අතර කාලය තුළ සිදුවූ බව කියන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ විමර්ශනය කිරීමටයි ජනාධිපතිවරයා මෙම කොමිසම පත් කළේ.
මේ අතර, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් බැඳුම්කර කොමිසමේදී සාක්ෂි විමසන අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන යසන්ත කෝදාගොඩ හා දප්පුල ද ලිවේරා අද දිනයේ බැඳුම්කර කොමිසමට නොපැමිණෙන බවටද වාර්තා වනවා. අද දිනයේදී නීතිපතිවරයා කොමිසමට පැමිණෙන බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.
[rns_reactions]
-
පරාජිත කඩාකප්පල්කාරීන්ගේ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා – රටේ කිසිදු තෙල් හිගයක් නෑ..
ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණා. බොහෝ පිරිස් පැවසුවේ ප‍්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවට රාවයක් පැතිර යන බවයි. යළි ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ ලබන බදාදා බවටත්, ඒ දක්වා රටේ ඉන්ධන නොමැති බවටත් කටකතා ඔස්සේ රාවයක් පැතිර ගොස් තිබුණා.
එහෙත් එම සියලූ රාවයන් අසත්‍ය බවයි ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ අවධාරණය කළේ.
ඒ අනුව රට තුළ කිසිඳු ඉන්ධන හිඟයක් නොමැති බව ඛණිජ තෙල් අමාත්‍යංශය අවධාරණය කරනවා. එබැවින් අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නැයි අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් පමණක් මෙටි‍්‍රක් ටොන් 27,497ක් මුතුරාජවෙල හා කොලොන්නාවේ ගබඩා සංකීර්ණවල ගබඩා කර තිබෙනවා. රට පුරා ඇති ඉන්ධන ගබඩා සංකීර්ණ 11ම මේ වනවිට පිරී පවතින බවයි ප‍්‍රකාශ කෙරුණේ.
ඉන්ධන හිඟයක් ඇති බවට වැරදි ප‍්‍රචාර පැතිරවීම බරපතල ගැටළුවක් වී ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා. මෙරට දෛනික පෙට‍්‍රල් අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 2500ත් 2700ත් අතර වනවා.
[rns_reactions]
-
ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය ඔසවන්න බෑ කියූ අමනයා ඇමතිකමින් දොට්ට – ආර්.සම්බන්ධන්ගෙන් ප්‍රකාශයක්.
ශ‍්‍රී ලංකාවේ ජාතික ධජය පිළිගැනීමට සූදානම් නොමැති බවට කළ ප‍්‍රකෘශය සම්බන්ධයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන්ට එරෙහිව විනය පියවර ගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.
එහි නායක සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ ජාතික කොඩිය පිළිනොගැනීමට අමාත්‍යවරයාට කිසිදු හැකියාවක් නොමැති බවයි.
වව්නියාව ඉරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඉකුත්දා පැවැති උත්සවයකදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් ජාතික ධජය එසවීම ප‍්‍රතික්ෂේප කළා.
ඔහු කියා සිටියේ ජාතික ධජයේ නිරූපිත සිංහයාගෙන් සිංහල ජාතියේ වීරත්වයත් සෙසු බොහෝ සංඛේතවලින් බුදු දහමත් පිළිඹිබු වන බැවින් මෙය ජාතික ධජයක් නොව සිංහල බෞද්ධ ධජයක් පමණක් බවයි.
[rns_reactions]
-
ලියන උන්ට හෙන හත වදීවා ” බුකියේ ශෙයා වෙන බැදුම්කර අර්ජුන් කෝල් කතාවට ඇමති අජිත් හෙන ඉල්ලයි .!
මහා බැංකු මූල්‍ය වංචාව පිළිබදව විමර්ෂණය කෙරෙන බැඳුම්කර කොමිසමේදී හෙළිව තිබූ කරුණු කිහිපයක් පසුගිය දිනවල කතාබහට ලක් වුණා.
එනම් ආන්දෝලනාත්මක පර්පචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග , දූෂණ වංචා පිළිබද පරීක්ෂණ කිරීමට පිහිටුවා ඇති පාර්ලීමේන්තු කෝප් කමිටුවේ සාමාජිකයින් පස් දෙනෙකුම දුරකතන සංවාද පවත්වා තිබෙන බවයි.කෝප් කමිටු සමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා වන පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනා මෙලෙසට අර්ජුන් ඇලෝෂියස් සමග දුරකතන සංවාද පවත්වා තිබුනා.
ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේ බවද බැදුම්කර කොමිසමේදී හෙළිදරවු වී තිබුනා.
කෙසේ වෙතත් බැඳුම්කර කොමිසමේදී හෙළිදරවූ වී තිබුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක් ෆේස්බුක් සමාජජාලයේ හුවමාරු වෙමින් පවතිනවා,
ඒ අර්ජුන් ඇලෝසියස් සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අතර සිදු වුනා යැයි පැවසෙන දුරකථන සංවාදයක්,ෆේස්බුක් පරිශීලකයෙකු පළකර තිබූ එම සංවාදය පහතින්
// කෝප් කමිටුවේ සාමාජිකයින් පර්පෙචුවල් ට්‍රෙසරීස් සමාගමේ අයිතිකරුවන් වන අර්ජුන් ඇලෝසියස් මහතා සමග දුරකථන සම්බන්ධකම් පවත්වා ඇත්දැයි සොයා බැලීම සඳහා රහස් පොලිස් උප පොලිස් පරීක්‍ෂක යසාන්ත ජයසිංහ මහතා කළ පරීක්‍ෂණයේ වාර්තාවක් ඊයේ (16 දා) බැඳුම්කර ජනාධිපති කොමිසමට ඉදිරිපත් කෙරිණි.
අජිත් පී පෙරේරා මහතා ලබා ගත් දුරකථන ඇමතුම් දෙකෙන් එකක් ලබාගෙන තිබුණේ කෝප් කමිටුව යන අතර වාරයේදී ස්ථාවර දුරකථනයෙන් වන අතර, රහස් පොලිසිය විසින් එය පටිගත කරගෙන තිබුණි. එසේ පටිගත කරගෙන තිබුණේ කෝප් කමිටුවේ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරීසේන මහතාගේ නියෝගයෙන් රහස් පොලිසිය විසින් ඒ ගැන පරීක්ෂණ ආරම්භ කර තිබූ බැවිනි. එම හඬ පටය කොමිසම ඉදිරියේ වාදනය වුවද මාධ්‍යවේදීන්ට පටිගත කිරීමට අවසර නොතිබූ නිසා එහි සිටි නීතීඥයෙක් එය සටහන් කරගෙන මාධ්‍ය වෙත ලබා දී තිබුණි. එම දුරකථන සංවාදය පහත දැක්වේ.
Ajith: Arjun you free to talk?
Aloysius: I was about to call you. Any news?
Ajith: Difficult to tackle these guys. Only UNPers at COPE are with us.
Aloysius: Doesn’t look good. You have to help me out here. PM and HE both promised nothing would happen.
Ajith: HE is the problem. Bugger seems to be working against PM and UNP
Aloysius: Machan you have to do something. Didn’t see this coming. Ask PM to intervene. Use Viber next time when you talk. Inform others too.
Ajith: Ok Arjun let’s try that. Talk later.එහි සිංහල පරිවර්තනය මෙලෙසයි.
අජිත්: අර්ජුන්, ඔබට නිදහසේ කතා කරන්න පුලුවන් ද?
ඇලෝසියස්: මම ඔබට කතා කරන්න හිටියේ. ආරංචි මොනවා ද?
අජිත්: මේ මිනිස්සු එක්ක බේරගන්න අමාරුයි. කෝප් එකේ සිටින එජාපයේ අය අපි සමගයි.
ඇලෝසියස්: පේන විදිහ හොඳ නෑ. ඔබට මා හට උදව් කරන්න වෙනවා. PM සහ HE දෙන්නම පොරොන්දු වුණ දේවල් කිසිවක් වෙන එකක් නෑ.
අජිත්: HE තමයි ප්‍රශ්නය. මේ කරදරකාරයා PM ට සහ UNP යට එරෙහිව කටයුතු කරනවා.
ඇලෝසියස්: මචන් ඔබට යමක් කරන්න සිද්ධ වෙනවා. මේ දේවල් වෙන බවක් පෙනුනේ නෑ. PM ගෙන්මැදිහත් වෙන්න කියල ඉල්ලන්න. ඔබ ඊළඟ වතාවේදී වයිබර් භාවිතා කරන්න. අනිත් අයටත් දන්වන්න
අජිත්: හරි අර්ජුන් අපි උත්සාහ කරමු. පසුව කතා කරන්න.එම සංවාදයේදී PM ලෙස හැඳින්වූයේ අගමැතිවරයා වන අතර HE ලෙස හැඳින්වූයේ ජනාධිපතිවරයා බව කොමිසමේදී පැහැදිළි කෙරුණි.
// උපුටා ගැනීම: ෆේස්බුක් වෙබ් අඩවිය //
කෙසේ වෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා එම චෝදනා වලට අපූරු පිළිතුරක් දී තිබුනා,
එනම් ” පට්ටපල් බොරැ ලියන උන්ට හෙන හත වැදේවා “ ලෙසය.

[rns_reactions]
-
වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි…
වෛද්‍ය ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරයා ලෙස වෛද්‍ය සේනක බිබිලේ තබා තිබූ වාර්තාව අවුරුදු 59 කට පසු වෛද්‍ය චන්න ජයසුමන විසින් බිඳියි…

රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා එම විශ්ව විද්‍යාලයේ භිෂග්වේදය (ඖෂධ විද්‍යාව) පිලිබඳ මහාචාර්ය ධුරයට පත්ව ඇත. ඒ අනුව දැනට ක්‍රියාවට නැංවෙන මහාචාර්යවරයකු තෝරා පත් කර ගැනීමේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති රීති අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයේ අඩුම වයසකින් මහාචාර්ය ධූරයකින් පිදුම් ලබන්නේ ජයසුමන මහතාය. එම ධුරයට පත්වන විට ඒ මහතාගේ වයස අවුරුදු 36 කි. මේ සමග 1958 වර්ෂයේ දී වෛද්‍ය සේනක බිබිලේ මහතා වයස අවුරුදු 38 කින් භිෂග්වේදය පිලිබඳ මහාචාර්ය ධුරයට පත්වෙමින් අඩුම වයසකින් එම එම ධුරයට පත්ව තබා තිබූ වාර්තාව ද අවුරුදු 59 කට පසු බිඳ වැටේ.
වෛද්‍ය ජයසුමන රජරට පළාත්වල පැතිර යන කෘෂිකාර්මික වකුගඩු රෝගය පිලිබඳ ප්‍රමුඛ පර්යේෂකයකු ලෙස ද ක්‍රියා කරයි. කළුතර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබා රජරට සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලවලදී පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සිදු කළේය.
-
සැප වාහන වල මිල වැඩි කලේ පාර්ලිමේන්තු මැති – ඇමති වරුන්ගේ වාසියටයි…
සැප වාහන වල මිල අධික ලෙස වැඩි උන එකට ඔබ සැම අමන්දානන්දයට පත් වුනා නේද? සල්ලි කාරයන්ගෙන් බදු ගත්තට කමක් නෑ කියල සාමාන්‍ය ජනතාව සතුයු වුනාට ඒක එහෙම නෑ කියල කිව්වොත් ඔබ පිළිගන්නවද? මේ ඔක්කොම දේශපාලකයාගේ වාසියට මවපු දේවල් කියල ඔබට කිව්වොත් ඔබ පිළිගන්නවද?
ඔන්න එහෙනම් සැප වාහන වල මිල අධික ලෙස ඉහල ගියේ ඇයි කියන එකට ඇත්තම හේතුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා පෙන්වල දීල තියෙනවා. ඒ කොහෙමද කියල සරලවම කියන්නම් ඒ දැන් හිතන්න ලෑන්ඩ් කෘසර් එකක මිල රු.ලක්ෂ 230කින් විතර වැඩිවුනානෙ
ඉතින් අපේ මෛත්‍රී වරුන්ට පුළුවං බදු නැතිව මේ රළු ලංකාවට ගෙන්නන්න ඊට පස්සෙ ඒක විකුණනව ලොකු සල්ලි කාරයන්ට පනතින මිලය වඩා පොඩි ගානක් අඩුවෙන් ඉතින් මේ වැඩෙන් ගොඩ යන්නෙත් අපේ ජනතා සේවකයොම තමයි නේද? අයවැයට අත් දෙකම උස්සන්නෙ ඒ නිසා නේද?ජනතාවට සේවය කරන්න කියල මැති සබේට ගිහින් ජනතාවගෙන් සේවය ලබාගන්නා ජනතා සේවකයින්ට උපහාරයක්ම වේවා!!!


-
බැඳුම්කරයට මුවාවී ඇලෝෂියස්ගේ ගතමන්ට් එකෙන් කම්සැප ගත් දේශපාලකයෝ..
මේ දින වල ලංකාවේ වැඩිපුරම කියවෙන වචනය නම් ” ඇලොසියස් කෝල් ” ය. ඒ ගැන රූපවාහිනියේ , පත්තර වල සහ වැඩිපුරම සමාජ ජාලයන් තුල නොයෙක් නොයෙක් ආකාරයෙන් පුවත් මැවී ඇත.
මේ ජරමර අස්සේ අපේ පාරලිමේන්තු මැති ඇමති වරුන් ටික දෙනෙක් හා මහ ඇමති වරයෙක් මේ දිනවල ඉතාමත් බියෙන් පසුවන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ සනාථ වී ඇත.ඒ මක් නිසාද යත් පහුගිය මාස හතරක පහක කාලයක සිට බොහෝ මැති ඇමති වරු රජ්‍ය තාන්ත්‍රික හා නොවන ලෙස කොයි වෙලෙත් පිටරට ගිය ගමන්ය… ඒ ගිය බොහොමයක් අතරින් 9 දෙනෙක් මේ දින වල ඉතා කණස්සෙල්ලෙන් සිටී.
මෙයට හේතුව වෙන මොකුත් නොව පැහැදිලි සරල භාශාවෙන්ම කිව්වොත් ගත්ත ආතල් දැන් වමාරන්න වෙලා නිසාය.ඇලෝසියස්ගේ මුදලින් පිටරට වල ක්ලබ් ගානේ ගිහින් අත්දෙකට සුරූපිනියන් දෙන්නා තුන්දෙනා ගානේ අරං සුපිරි සැප ගත්තු අපේ මේ ජනතා පුත්‍රයින් මේ යන විදිහට ඒවාත් එළිවේදැයි බයෙන් මේ වන විට පූස් පැටවු වගේ හරි අහිංසක ලීලාවෙන් කාලය ගත කරයි. කොමිසමේ වාර්ථාව එළිවීමටත් ප්‍රථම දුරකථන ඇමතුම් ගැන මාධ්‍යට දීම ගැන වැඩිපුරම විරෝධය දක්වන්නන් අතර මේ අය ඉහලින්ම සිටින බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ….
-
ශ්‍රීලනිප ධජයට මුවාවී වෙන පක්ෂ දිනවන්න වැඩ කරන කල්ලතෝනින්ව පක්ෂයෙන් නෙරපනවා..
එළැඹෙන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු නොකර වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කිරීමට කටයුතු කරන ඕනෑම ශ්‍රී .ල.නි.පක්ෂ මැති ඇමැතිවරයකුට එරෙහිව පක්ෂය දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
මහලේකම්වරයා මේ බව පැවැසුවේ මේ වනවිට ශ්‍රී .ල.නි.පක්ෂය නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පුළුල් සන්ධානයක් ලෙස එළැඹෙන මැතිවරණයට මුහුණ දීමට තීරණය කර ඇති බවත් කිසිදු විටෙක ශ්‍රී .ල.නි.පක්ෂය සමඟ එකතු නොවන බවටත් අපට දැනගන්නට ලැබුණු පුවත පිළිබඳව මහලේකම්වරයාගෙන් විමසූ අවස්ථාවේදීය.
මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී .ල.නි.පක්ෂය නියෝජනය කරන කවර හෝ අමාත්‍යවරයෙක්, මන්ත්‍රිවරයෙක් වෙනත් පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරයි නම් ඔවුන්ව පක්ෂයෙන් ඉවත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇති බවයි.
එවැනි අයකු සිටී නම් පක්ෂයෙන් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පෙර පක්ෂයෙන් ඉවත් වී තමන් කැමැති පක්ෂයක් ජයග්‍රහණය කරවීමට කටයුතු කරන ලෙස මහලේකම්වරයා එවැනි මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටී.
[rns_reactions]
-
පිටකොටුවේ පේව්මන්ට් භුමිකාවේ බැසිල්. මහින්දගේ ඉත්තා නාමල්.ගෝඨා ජාතිවාදය අවුලනවා.- එස්.බි කියයි
ඔබ දේශපාලනයේ ආව වේගය වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
වේගය වැඩියි කියලා නෙවේ හිතෙන්නේ. මගේ තිබ්බ හැඟීම්බරකම නිසා වැරැදි දේශපාලන තීන්දු කිහිපයක් ගත්තා.94 ආණ්ඩුවක් හදලා ඒකේ කැබිනට් ඇමැති කෙනෙක් වෙන ඔබට වගකීම් බර වැඩි වුණේ නැද්ද?
අනූ හතරේ අපි පිහිටුවපු ආණ්ඩුවේ ඉතාම සතුටින් වැඩ කළා. ඇමැතිවරයෙක් විදියට සෑහෙන්න මම සාර්ථකයි. ඒ කාලේ සියයට 28ක් තිබ්බ දුප්පත්කම අද සියයට 6යි. ආසියාවේ කොහේවත් නැති මූල්‍ය ආයතනයක් අපි සමෘද්ධිය හරහා හදනවා. ඔලිම්පික් දින්නා. වර්ල්ඩ් කප් ගත්තා. තුරුණු ශක්ති කළා. කෘෂිකර්මයෙන් අතිරික්ත අස්වැන්නකට ගියා.මුලින්ම වරද්දා ගත්තේ කොතැනද?
පක්ෂ මහ ලේකම්කමට ඉල්ලපු එක ලොකු වරදක්. එදා ඒක මංගලට දෙන්න චන්ද්‍රිකා මැතිනියට ඕන වුණා. මටත් ඕනකම තිබ්බේ මංගලව ගේන්න. ඒ වෙලාවේ මහින්ද මහත්තයත් තරග කරන්න සූදානමක් තිබ්බා. ඒ වෙලාවේ මංගල පස්සට කරලා මම ඉදිරිපත් වුණා.ඔබ ඔහොම කීවට එදා ඉදිරිපත් වෙන්නේ මෛත්‍රිනේ?
ඔව්, මම එන නිසා මහින්ද මහත්තයා පස්සට වෙලා මෛත්‍රි මහත්මයාව ඉස්සරහට දැම්මා.
පස්සේ ඔබ පක්ෂය මාරු කරලා එක්සත් ජාතික පක්ෂයට එනවා. ශ්‍රී ලංකා එකේදී මනාප 70,000ක් විතර ගන්න ඔබ එජාපයෙන් මනාප ලක්ෂ දෙකකට කිට්ටුව ගන්නවා. බැලුවම එජාප පාක්ෂිකයෝ ඔබට සෑහෙන්න සලකලා?ඔව්, එක්සත් ජාතික පාක්ෂිකයෝ එහෙමයි. බලන්න ගිය වතාවේ රාජිත කළුතර පළමු වැනියා. චම්පික කොළඹින් ඉහළින් දිනනවා. ඒ ඒකේ පාක්ෂිකයන්ගේ ලිබරල් මානසිකත්වය.
පාක්ෂිකයෝ ආගන්තුකයන්ට සලකනවා, පක්ෂය එහෙම කරන පාටක් නැති නිසාද ඔබ නැවත මහගෙදර එන්නේ?
පක්ෂය ඇතුළේ ගමනක් යන්න ඉඩකඩ තියෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒක ටික කලකට පෙර අපේ පක්ෂෙත් තිබ්බා. ධාතුසේනට පස් ගහලා මරන්න කාශ්‍යප තීරණය කරන්නේ ඒ බලය කියන කාරණය නිසා.ආණ්ඩුවට දැන් අවුරුදු තුනයි, හැම අතින්ම චෝදනා නේද?
මතක තියාගන්න මේ තමයි ඉතිහාසයේ බිහිවෙච්ච අමාරුවෙන්ම ඉස්සරහට යන ආණ්ඩුව. එකිනෙකට වෙනස් දේශපාලන දර්ශන තියෙන්නේ. 2010න් පස්සේ රාජපක්ෂලා මේ රටේ විකෘතියක් වෙනවා. ඒ විකෘතිය වෙනස් කරන්න මෛත්‍රි ජනාධිපතිතුමා උත්සාහ කරනවා. 77 ඉඳලා පටන් ගන්න රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා උත්සාහ කරනවා. මේ දෙකක්. ලිබරල් සහ මිශ්‍ර ආර්ථික දෙකක් එකට ගැටගැහිලා. හැබැයි සියල්ලට වඩා ජාත්‍යන්තර ජයග්‍රහණ අපි ලැබුවා. මොකද මේ තියෙන්නේ අන්ත දෙකක යන පක්ෂ දෙකක එකතුවක්. ඉතිං ගැටුමක් එක්ක තමයි යන්නේ. හැබැයි ජනාධිපතිතුමා මේ ආණ්ඩුව හදලා මහ විශාල අනතුරකින් අපේ රටත්, අපේ පක්ෂයත් බේරා ගත්තා.
ඔය දෙපැත්තට යන ගමනේදී ආණ්ඩුව එන්න කලින් දුන්න මූලික පොරොන්දුවත් ඉටු කරන්න බැරි වෙනවනේ?පැහැදිලිවම. අනෙක් අතට එක පාර්ශ්වයක් දුර්වල වෙනවට අනෙක් පාර්ශ්වය කැමැතියිනේ. අපේ පක්ෂය බෙදිලා ඉන්නවට එක්සත් ජාතික පක්ෂය කැමැතියි. ඉතිං එහෙම වුණාම ඔය දුන්න එකක්වත් ඉටුකර ගන්න බැරි වෙනවා.
විධායක ජනාධිපතිධුරය හඳුන්වා දුන්න දවසේ ඉඳලා ශ්‍රී ලනිපය හිටියේ ඒක අහෝසි කරනවා කියලා නේද?
ඔව්.එහෙනම් ඇයි දැන් ඒක ආරක්ෂා කරන්න කතා කරන්නේ?
වෙලා තියෙන්නේ මේකනේ. ඔව්. අපි එහෙම කීවා. හැබැයි අමතක කරන්න එපා 13 ව්‍යවස්ථාවෙන් පසුව ඇති වෙච්ච තත්ත්වය. ඒ ගැන අපේ පක්ෂයේ මත කිහිපයක් තියෙනවා. ඒ නිසා විධායක ජනාධිපති ධුරය පැවැතීම අවශ්‍යයි. 13න් පස්සේ ඉන්දියාවේ තියෙන බලතලවත් අපේ මධ්‍යම ආණ්ඩුවට නෑ. ඉන්දියාවේ තියෙනවා මධ්‍යම රජයේ බල තලවලට යටත්ව කියලා වගන්තියක්. අපේ එහෙම නෑ. 13ගේන කොට ශේර්ෂ්ඨාධිකරණය හරියටම දෙකට බෙදුණා. සමහරු කීවා රට ෆෙඩරල් වෙනවා කියලා. අනෙක් අය කීවා විධායක ජනපති ඉන්න නිසා එහෙම වෙන්නේ නෑ කියලා. අන්තිමට ජේ.ආර්. තව කෙනෙක් පත් කරලා 5ට 4 තීන්දුවක් ගත්තා.එහෙනම් ඇයි පක්ෂ නායකයා වන මෛත්‍රි එය අහෝසි කරන්න පොරොන්දු දුන්නේ?
එතුමා ඒක කළා. එතුමා ඡන්දෙට කලින් පොරොන්දු වුණේ ව්‍යවස්ථාවේ තිබෙන ජනමතවිචාරණයකට යන්න තියෙන කාරණාවලට අත තියන්නේ නෑ කියලයි. එතුමා කීවටත් වඩා කළා. සමහර දේවල් කරන්න එපා කීවේ උසාවිය. ඊට පස්සේ මහ මැතිවරණය ආවා. එක්සත් ජාතික පක්ෂය කීවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා, විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා. අපි එහෙම දෙයක් කීවේ නෑ. අහෝසි කරනවා කීව එක්සත් ජාතික පක්ෂෙට ලැබුණද ජනවරමක්, නෑ. ලැබුණේ නෑ. අපට ලැබුණෙත් නෑ. එහෙම බැලුවම මේ ආණ්ඩුවේ කාටවත් සම්පූර්ණ ජනවරමක් නෑ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න.
94 එන ඔබතුමන්ලා, ලියනවා පොතක් බලය බෙදීම ගැන. ඒ වෙනකොටත් 13 ක්‍රියාත්මකයි. විධායක ජනපති ධුරය අහෝසි කරන බවත් 94 දී ඔබ කියනවා. එදා ඔය කියන අනතුර දැක්කේ නැද්ද?
අනතුර දැක්කා. අපි ආවේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න. අපි මීට වඩා ඉදිරියට ගිය එකක් කරන්නයි ගියේ. මම අදත් කියනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන එක. හැබැයි ඒකට ජනවරමක් මේ පාර්ලිමේන්තුවේ නෑ.
94 ආණ්ඩුව දශකයක් විතර ඇදගෙන එන්නේ ‘කවදාවත් නොකෙරුණ’ ‘පැකේජය’ පෙන්නමින්. මේ වෙන්නෙත් ඒකමද?
මේ ආණ්ඩුව හැදුවේ අපි නෙවේනේ. අපි හිටියේ මහින්ද දිනවන වැඩකනේ. ආණ්ඩුව ගේන්න කැප වෙච්ච අය කියනවා ජනවරම ලැබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට කියල. එතැන ෆෙඩරල් ප්‍රාර්ථනා කරන අයත් ඉන්නවා. හැබැයි හැමෝම මෛත්‍රිපාල සිරිසේන මහතා රටට කීව දේ අමතක කරනවා. එතුමා කීවේ, ජනමත විචාරණයකට යන කිසිවකට අත තියන්නේ නෑ කියලා.සෝභිත හාමුදුරුවන්ගේ දේහය ඉදිරියේදී ජනාධිපතිවරයා පොරොන්දු වෙනවා විධායකය අහෝසි කරනවා කියලා?
එතුමා ඒක කරලා ඉවරයි. එතුමා යාහැකි උපරිමයටත් එහා ගියා.ඒ කියන්නේ 94 ඔබතුමන්ලා විධායක ජනපති ධුරය අහෝසි කරනවා කියලා කීවෙත් ඔය ටික අහෝසි කරන එකද?
පැහැදිලිවම ‘ඔව්’ අපි බණ කියනවා වගේ කීවේ අත්තනෝමතික බලය ඉවත් කරනවා කියලයි. අපි ලේවලින් ඒකීය රටක් පතන මිනිස්සු.ව්‍යවස්ථාව ගෙනාව එජාපය අලුත් ව්‍යවස්ථාවක් ගේමු කියනවා. ඒක නරකයි කීව ඔබේ පක්ෂය දැන් ඒක රකිනවා?
ඕක පුද්ගලබද්ධ කාරණයක්. එයාලගේ ව්‍යවස්ථාවෙ 94න් මෙහාට හැමදාම හිටියේ අපේ පක්ෂයේ නායකයෙක්. ජනාධිපතිවරණයක් එනකොටම එයාලගේ පක්ෂේ අයම වික්‍රමසිංහ මහත්තයාට කියනවනේ ඔබතුමා පස්සට වෙන්න කියලා.ඒ කියන්නේ ජනාධිපතිකම ගන්න බැරි නිසා විධායක අගමැතිකම ගන්න හදනව..?
ඒක නේද පේන්න තියෙන්නේ.ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විවේචනය කරනවා. ඒ නිසා ශ්‍රී ලනිපයත් වැඩෙන් පස්සට ගියාවත්ද..?
නෑ.නෑ. අපි කොහොමත් නව ව්‍යවස්ථාවක් ගේන්න එකඟයි. හැබැයි ඒකීය රටක්.පක්ෂ දෙක මත දෙකක, කොහොමද ව්‍යවස්ථා හදන්නේ..?
ඒක තමයි කියන්නේ. මේ අමුඩ ගැහුවට, එකඟතාවක් තියෙන්න එපාය. අපි විතරක් නෙවේ උතුරෙත් බෙදිලනේ. එහේ මහ ඇමැති ප්‍රභාකරන්ගේ කිරි අප්පච්චි වෙලානේ. මිනිහා ප්‍රහාර උගන්වන සයිස්. මේ ගෙවන්නේ ගන්ධබ්බ වෙලාවක්. හැබැයි මේ තියෙන සංවාදය මරු. අපේ පක්ෂ දෙක කලබල වෙන්න ඕන නෑ.මේ ගමන කොච්චර කල් යයිද..?
නෑ. මේ දීර්ඝකාලීන ගමනක් යන වැඩක් නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන රටේ තියෙන තත්ත්වය. මහින්ද මහත්තයා, අවුරුදු දෙකක් තියෙද්දි ඡන්දෙට ගියේ නිකං නොවේ. ඔහු දන්නවා අපි ගත්ත ණයවල ගෙවීම් පටන් ගන්නේ 2017 ඉඳලා කියලා. ඒ එක්කම 2015 මාර්තු 23 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අපට එරෙහි වාර්තාවක් එවනවා. ඒ වාර්තාවේ තිබුණේ අපි ම්ලේච්ඡයෝ කියලා. අපි යුද අපරාධකාරයෝ කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදියට යුරෝපීය ආර්ථික තහංචියකට ගියොත් අපි අමාරුවේ වැටෙනවා.ශ්‍රී ලනිපයෙන් වෙන් වෙච්ච පාර්ශ්වය මේ වෙලාවේ ප්‍රබලයි නේද..?
මොන පිස්සුද..? එයාලා අන්ත ජාතිවාදී, ආගම්වාදී, කුලවාදී, ගෝත්‍රවාදී පිරිසක්.හැබැයි එතැන ඉන්නේ ප්‍රබලයෝ තුන්දෙනෙක්..?
කවුද ඔය ප්‍රබලයෝ..?මහින්ද, බැසිල්, ගෝඨා කියන ප්‍රබල චරිත ඒ පැත්තේ ඉන්නවා?
අයියෝ මොන ප්‍රබලද. රාජපක්ෂලානේ. මේ ලංකාවේ දේශපාලනය දන්න, හොරකමට දූෂණයට, වංචාවට එරෙහි ජනතාව මෙයාලා ගැන දන්නවා. ඒ පවුල දිහා ඒ අය බලන විදිහක් තියෙනවා. හැබැයි චමල්ට එහෙම චෝදනා නෑ.බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණ ශක්තිමත් කරනවා?
ඒක වෙළෙඳ භූමිකාවක්නේ. පිටකොටුවේ පේව්මන්ට් එකේ ප්ලාස්ටික් බඩු විකුණනවා වගේ වැඩක් ඔහු කරන්නේ.ඔබතුමා බැසිල් මහත්තයත් එක්ක විරසකේක වගේ?
අනේ නෑ. මට එතුමා එක්ක තරගයක් තිබ්බේ නෑ. එතුමා ඉතින් පක්ෂයේ හිටියේ සර්වබලධාරී දෙවියෝ වගේනේ. අඩුතරමේ සමෘද්ධියට කරපු මේ මහා විනාශ නවත්වන්න කියලවත් කියාගන්න මට බැරි වුණානේ. බැසිල් තමා ගම විකෘති කළේ. සමෘද්ධියට එහි යුතුකම කරන්න බැසිල් ඉඩ දුන්නේ නෑ. එයා සමෘද්ධිය ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ක්ෂුද්‍ර මූල්‍ය කියන්නේ මොකක්ද කියලවත් එයා දන්නේ නෑ. කියවලත් නෑ. ඒ නිසා ගම අද ගිනිපොලී මාෆියාවක හිරවෙලා
දැන් සමෘද්ධිය ඔබේ අතේ?
පසුගිය කාලේ මට සමෘද්ධි අමාත්‍යාංශයේ බොහෝ අඩුපාඩු හදාගන්න අවස්ථාව තිබ්බේ නෑ. මට දැන් ඒ අවස්ථාව තියෙනවා.ඔය මොනවා කීවත් එස්.බී. දැන් හරිම අක්‍රිය වෙලා වගේ නේ?
නෑ නෑ. එහෙම නෑ. දැන් පරිණත වෙලා.සමහරු කියනවා මෛත්‍රි පක්ෂය දෙකඩ කරනවා කියලා?
අපි එකක් තේරුම් ගන්න ඕන. අපි සිරිසේන ජනාධිපතිතුමා එක්ක හිටියේ නෑනේ. අපි හිටියේ වෙනම. හිටපු ජනාධිපතිතුමාට ඕන වුණා වත්මන් ජනාධිපතිතුමා හමු වෙන්න. අපි එතුමා එක්ක කතානායකතුමාගේ නිවසට ආවා වත්මන් ජනාධිපතිතුමා හමු වෙන්න.එහෙම හමු වෙලා එළියට ආව ගමන් මහින්ද මහත්තයා කියනවා ” මම පක්ෂය මෛත්‍රි ජනාධිපතිතුමාට බාර දෙනවා ඔයාලා උදවු කරන්න කියලා. එහෙම දීලා ඉවර වුණාමත් අපි වත්මන් ජනාධිපතිතුමාට කියනවා අපි විපක්ෂයේ ඉඳන් ඔබතුමාට උදවු කරන්නම් කියලා. ඒ වෙලාවේ මහින්දානන්ද, ලොහාන්, ඩිලාන්, මහින්ද අමරවීර එහෙමත් හිටියා.
මධ්‍යම කාරක සභාව කැඳවලා අපි ආපහු මෛත්‍රි ජනාධිපතිතුමාව පක්ෂ සභාපති කරද්දීත් ඔය අය එතැන ඉන්නවා. සියලු දෙනාම එකතු වෙලයි සභාපති කළේ. ඇමැතිකම් ගන්නත් එයාලා එකඟ වෙනවා. එහෙම කරගෙන යනකොට දැන් මේ පක්ෂයේ කෑල්ලක් කඩාගෙන, අපේ පක්ෂය දුර්වල කරමින්, ඒ අය ශක්තිමත් කරමින් හිටපු ජනාධිපතිතුමා මොකක්ද මේ කරන්නේ. පක්ෂය කඩලා දුර්වල කරලා තාවකාලිකව කවුරුහරි බලයට ගෙනැල්ලා තමාගේ ඉලක්කයට අලුත් අපේක්ෂකයාගේ කාලය පිරෙනකම් විපක්ෂයේ ඉන්නවා. මේක අපේ පක්ෂය හිතාමතා විනාශ කරන වැඩක්. දැන් කරන්නේ ඒක.එයාලම ඉල්ලලා තමයි විපක්ෂෙට ගියේ. එහෙම ගිහින් මොනවද මේ කරන්නේ. මහින්ද මහත්තයා මේ යන්නේ තමන්ගේ ඉත්තාව ගේන්න.
කවුද ඉත්තා?
නාමල්සමහරු කියනවා මේ ආණ්ඩුව පරණ පව් ගෙවනවා කියලා. ගුවන්තොටුපොළ, වරාය, සයිටම් වගේ ඒවා ලොකු අර්බුද වෙනවා නේද?
ඒවා හදපු එක හොඳයි. අපි ඒවා නිසි පරිදි කළමනාකරණය කරලා ආදායම් උත්පාදන මාර්ග බවට පත් කළ යුතුයි. අද ලෝකයේ කියුබාවයි උතුරු කොරියාවයි හැර හැම රටකම පෞද්ගලික සරසවි තියෙනවා. චීනයේ පවා තියෙනවා. සයිටම් එපා කියන මහාචාර්යවරුන්ගේ, ජේවීපී අයගේ දරුවෝ පිටරට පෞද්ගලික සරසවිවල ඉගෙන ගන්නවා.ඔබට හිතෙන්නේ නැද්ද බොහෝ තැන් මේ ආණ්ඩුව වරද්දාගෙන කියලා?
ඔව්. බොහෝ තැන් වරද්දාගෙන ඉන්නේ. බැඳුම්කරය බලන්න. ඒක හොරකමක්. මංකොල්ලයක්. ඒක රකින්න මේ ආණ්ඩුවේ සමහරු දඟලපු හැටි ඉතාම බරපතළයි. පාරිශුද්ධ යහපාලනයේ තිබ්බ හොරකමට, වංචාවට එරෙහි සංකල්පයට ඒක ලොකු කැළලක්. මේක ඉතිහාසයේ ලොකුම හොරකම. ඒ හොරකමට මේ ආණ්ඩුව සම්බන්ධයි. හොරකම් කළා මදිවට දුවලා ගිහින් ඒ හොරු සුද්ද කරන්නත් දඟලනවා. ඒක තමයි මේ ආණ්ඩුවෙන් වෙච්ච බරපතළම වරද.
ඔය කීවට කෝ දඬුවම්?
ඔව්. මේ චෝදනා බරපතළයි. එළියට නොපෙනුණාට අපි ඒ වෙනුවෙන් සටන් කරනවා. එහෙම කරද්දී පවා යම් යම් දේ වෙනවා. මේවයින් අපි නිදහස් වෙන්න ඕන. අනික සංවර්ධන වැඩ වේගවත් කරන්න ඕන. ආණ්ඩු ඇතුළේ දූෂණ ගොඩක් වෙනවා. එජාපය හදන්නේ සේරම විකුණන්න. අනික අවුරුදු 20ක් විතර විපක්‍ෂයේ හිටපු අයට ක්‍ෂණික වුවමනාවලුත් ඇතිනේ. ඉතින් අපි ඉන්න නිසයි මෙහෙමවත් රැකිලා තියෙන්නේ. එකතු වෙච්ච වෙලාවේ රට ඉදිරියට ගෙනියන්න ඕනෑ.ඒකාබද්ධ විපක්‍ෂය ‘සාමාජිකත්ව ප්‍රවර්ධන’ පටන් අරන්? රැළි පවා තියනවා?
නෑ. අපිත් අපේ ප්‍රවර්ධන කටයුතු කරනවා.පක්‍ෂය දෙකඩ වෙලා, කොහොමද ඡන්දයක් දිනන්නේ?
නියමිත වෙලාවේ පාක්‍ෂිකයෝ හරිතැන හිට ගනියි. එදා මහ මැතිවරණය වෙලාවේ හිටිය තැන නෙවේ අද අපි ඉන්නේ. පාක්‍ෂිකයෝ දැන් පක්‍ෂයට එනවා. අදත් මහින්දට පක්‍ෂ දේහයේ හයියක් තියෙනවා. ඒ හයියෙන් එතුමා මේක විනාශ කරනවා.අන්තිමට එක්සත් ජාතික පක්‍ෂය තනි අශ්වයකුගේ ගේමක් ගහයි?
ඔව්, ඒක වළක්වන්න අපි ඉතසිතින් වැඩ කරනවා. අපි නිතර ඒ වෙනුවෙන් සාකච්ඡා කරනවා.ඒකාබද්ධය කියන්නේ එජාපයෙන් වෙන්වෙලා ආවොත් එකතු වෙනවා කියලා?
මොන විකාර කතාද ඒ කියන්නේ. ඔය එතැන ඉඳන් කෑ ගහන එකොළොස් දෙනෙක් පියෝ යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදන්න ගියපු අය. කෙහෙළියලා හිටියේ එජාපයේ ෙදාරකඩට ගිහින්. දැන් ඔය කෑ ගැහුවට හිටියේ එහෙම. දැන් ඔය කොන්දේසි දාන්නේ හෙලුවෙන්. සිරිකොත ෙදාරකඩ හිටපු උන් තමයි අද ඔය කුණුහරුප කියන්නේ. අද ඒකාබද්දේ ඉන්නේ පියෝ යූ.ඇන්.පී. ආණ්ඩු හදන්න ගේම් ගහපු උන්.ඡන්දෙන් මොනවා වෙයිද?
පළමුවැනි පළාත් සභා ඡන්දෙට අපි තරග කළේ නෑ. තරග කළේ ශ්‍රී ලනිපයේ 3/4ක් කඩාගෙන ගියපු මහජන පක්‍ෂය. එයාලා කරටකර සටනක් දුන්නා. ඡන්දෙන් පස්සේ මහජන පක්‍ෂය හෝදගෙන ගිහින් ශ්‍රී ලංකා එකට ආවා. එජාපයේ ලලිත්ලා, ගාමිණිලා රාජාලියා හැදුවා. අන්තිමට කෝ රාජාලියා.
දැන් එස්.බී. මෙතැනින් එහාට කොතැනටද යන්නේ?
විශ්‍රාම යනවා.පොත් බොහොමයක් ලීවනේ. ඊළඟ පොත මොකක්ද?
කිහිපයක් ලියනවා.දැන් හරි තැන්පත් වෙලා වගේ?
අම්මෝ, දැන් මට හැටහතක්. දරුවොත් ලොකුයි. මම දැන් වයසට ගිහින්.[rns_reactions]