Blog

  • රටවල් 16ක් පරද්දල අන්තර්ජාතික ජල රොකට් තරගයෙන මුල් තැන දිනපු බද්දේගම අපේ බුලට් එක

    ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසදයෙන් මෙහෙයවූ අන්තර්ජාතික ජල රොකට් තරගයෙන් පළමු ස්ථානය හිමිකර ගැනීමට බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ 09 වැනි ශේ්‍රණියේ ඉගෙනුම ලබන කළණ නිම්සර කරුණාරත්න සමත්වූයේ ලොව පුරා රටවල් 16ක තරගකරුවන් 56 දෙනකු පරාජයට පත්කරමිනි.
    මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනයෙන් සංවිධානය කළ රොකට් තරගය සඳහා ඉදිරිපත් වී හයවැනි ස්ථානය දිනාගත් හෙයින් ඉන්දියාවේ පැවති ජල රොකට් තරගය සඳහා ඉදිරිපත්වීමට නිම්සරට හැකියාව ලැබිණි.

    [rns_reactions]

  • මීරිගම රූපලාවණ්‍යාගාරයේ දිනේෂාගේ සිරුර මුලින්ම දැක්කෙ ගුරුවරියක්

    ඇය ගුරුවරියකි. ඇය සේවය කරනු ලබන්නේ මීරිගම ඩී.එස්. සේනානායක විද්‍යාලයේය. විවාහ මංගල උත්සවයකට සහභාගි වීමට යෑමට ඇති නිසා ඇය පාසල නිමවී ලහිලහියේ පැමිණියේ මීරිගම නගරයේ පිහිටි රූපලාවණ්‍යාගාරයකටය.

    තෙමහල් ගොඩනැඟිල්ලක පළමු මහලෙහි මෙම රූපලාවණ්‍යාගාරය පිහිටා තිබිණි.
    තෙමහල් ගොඩනැඟිල්ලෙහි පියගැටපෙළ පියනඟිමින් පැමිණි ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට ඇතුළු වූවාය.
    රූපලාවණ්‍යාගාරය තුළ ඇස් වූ අදහාගත නොහැකි දර්ශනයකින් ඇය නැවත ආපසු හැරී තෙමහල් ගොඩනැඟිල්ලෙහි බිම් මහලෙහි පවත්වාගෙන යන වෙළෙඳසලක් වෙත දිව ගියාය. තමන් දුටු දර්ශනය එහි සේවිකාවකට පැවසුවාය.

    එම පුවතින් කලබල වූ සේවිකාවද, ගුරුවරියද නැවත රූපලාවණ්‍යාගාරය තුළට දිව ගියහ.
    “මේ ඉන්නේ සැලොන් එකේ නංගී” සේවිකාව ගුරුවරියට පැවැසුවාය.
    ‘මේ දරුවා මැරිලා’ ගුරුවරිය කම්පනයට පත් වෙමින් මිමිනුවාය.
    ඇය සිටියේ රූපලාවණ්‍යාගාරයේ රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිත කරන හාන්සි පුටුවක උඩුබැලි අතට වැටීය. ඇයගේ හිස තිබුණේ රූපලාවණ්‍යාගාරය තුළ කොණ්ඩය සේදීමට සවි කර තිබූ ජල බේසම තුළය.

    ජල බේසමෙහි සවි කර ඇති ජල කරාමයද විවෘත කර තිබූ හෙයින් ජල බේසම ජලයෙන් පිරී ඉතිරෙමින් ඉන් දෝරේ ගලනා ජලයෙන් මුළු රූපලාවණ්‍යාගාරයද තෙමී ගොසිනි.
    ජල බේසම තුළ වූයේ විදුලි පේනුවකි (ර්භතබඪ ර්ථීතභඨ). එහි කෙළවර කොටස විදුලිය හා සම්බන්ධ කර තිබිණි.
    මෙම ආරංචියට තෙමහල් ගොඩනැඟිල්ලෙහි සිටින තවත් බොහෝ පිරිසක් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණියහ.
    මේ අතර මීරිගම පොලිසියේ දුරකතනය නාද විය. රූපලාවණ්‍යාගාරයට යාබදව ඇති සතොස වෙළෙඳසලේ සේවකයකු රූපලාවණ්‍යාගාරය තුළ සිදුව ඇති ඛේදවාචකය පොලිස් නිලධාරීන්ට විස්තර කළේය.

    ඉකුත් නොවැම්බර් 13 වැනි දින පස්වරු 2.45ට පමණ මෙම පණිවුඩය මීරිගම පොලිසියට ලද අතර වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම මීරිගම නගරයේ පිහිටි අදාළ රූපලාවණ්‍යාගාරය තුළට පිවිසුණෝය.
    “මේ නැති වෙලා ඉන්නේ මීරිගම පොලිසියේ රාලහාමි මහත්මයෙක්ගේ දුවෙක් “අසල සිටි අයෙක් විමර්ශන කටයුතු සඳහා පැමිණි පොලිස් කණ්ඩායමට කීවේය.
    මෙලෙස අබිරහස් ලෙස මිය ගොස් සිටියේ දිනේෂා චතුරංගනී අමරතුංග නම් තරුණියය. මිය යන විට ඇයගේ වයස 21කි. ඇය පදිංචිව සිටියේ කිතලවලාන, මුට්ටෑවත්ත ප්‍රදේශයේය.

    ඇයගේ අබිරහස් මරණයෙහි විමර්ශන කටයුතු සඳහා පැමිණ තිබුණේද ඇයගේ පියාගේ මිතුරන්ය.
    දිනේෂාගේ පියා මීරිගම පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලෙස රාජකාරි කටයුතු සිදු කරයි.
    දිනේෂාට තව බාල සහෝදරයකු සිටී. උසස් අධ්‍යාපනයෙන් පසු දිනේෂාට අවශ්‍ය වූයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියක් වීමටය.
    කුඩා කල සිට ඇයගේ ජීවිතයේ වැඩි ඉඩක් වෙන් වූයේ රූපලාවණ්‍ය කටයුතු සඳහාය.
    තම සිහිනය සැබෑ කර ගැනීමට ඇය උසස් පෙළින් පසු රූපලාවණ්‍ය පාඨමාලාවක්ද හැදෑරීමට කටයුතු කළාය.
    රූපලාවණ්‍ය පාඨමාලාව හදාරන අතරමඟ ඇය මීරිගම නගරයේ පිහිටි මෙකී රූපලාවණ්‍යාගාරයට සම්බන්ධ වූවාය. ඒ මීට මාස හයකට පමණ ඉහතදීය.
    ඉන් ඇයට සරිලන වැටුපක්ද හිමි වූ අතර රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය වූයේද අවිවාහක තැනැත්තියකි. මීට මාස කිහිපයකට පෙර ඇයට රජයෙන් පත්වීමක් ලැබිණි. ඒ පාසල් සංවර්ධන නිලධාරිනි තනතුරය. එම පත්වීමත් සමඟ රූපලාවණ්‍යාගාර හිමිකාරිනිය සතියේ දිනවල රූපලාවණ්‍යාගාරයට පැමිණෙන්නේ පාසල නිම වීමෙන් අනතුරුවය. ඒ වන තෙක් සියලුම කටයුතු බලාකියා ගන්නේ දිනේෂා චතුරංගනීය.

    ඉකුත් 13 වැනි දිනද සුපුරුදු පරිදි බත් මුළකුත් බැඳගෙන අෑ සිය රැකියාව සඳහා ගෙදරින් පිටත්වූ බව දිනේෂාගේ මව පොලිසියට පවසා තිබිණි. එදින දිනේෂාගේ පියාද පොලිස් රාජකාරියට ගියේ නැත. ඔහු අනුමත නිවාඩු ලැබ නිවෙසට වී සිටියේය.
    “අපේ දරුවට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇය ඉතාම සාමාන්‍ය විදියට තමයි හිටියෙ. හරි සතුටින් තමයි රස්සාවට යන්නේ.’ ඒ ඇයගේ මවුපියන් පොලිසියට කී කතාවය.
    මරණය ආරංචි වූ විගස දිනේෂාගේ මවුපියෝ රූපලාවණ්‍යාගාරයට පිටත් වූහ.

    “දිනේෂා මිය යන විට රූපලාවණ්‍යාගාරය තුළ කවුරුන්ද සිටියේ?” පොලිස් කණ්ඩායම්වල අවධානය යොමු විය.
    රූපලාවණ්‍යාගාර හිමිකාරියද ආගිය අතක් නොමැති බව මුලදී පැවසුවද පසුව දුරකතනය හරහා පොලිස් නිලධාරීහු ඇයව සම්බන්ධ කර ගත්හ.
    තමා භාර ගත් විවාහ මංගල්‍යයක ඇඳුම් ආයිත්තම් සකස් කිරීම සඳහා අවශ්‍ය කරන බඩුබාහිර ආදිය ගැනීමට ඇය නුවරට පැමිණ ඇති බවත් රාත්‍රිය එළැඹීමට ප්‍රථමව නැවත රූපලාවණ්‍යාගාරයට පැමිණෙන බවත් ඇය පොලිස් නිලධාරීන්ට කීවාය.
    එදින සන්ධ්‍යා භාගය වන විට රූපලාවණ්‍යාගාර හිමිකාරිනියද පැමිණියාය.

    ඒ වන විටත් මෙම අබිරහස් මරණය පරීක්ෂා කිරීම සඳහා පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් (ඉර්ණීඛ්ර්ණී), ඇඟිලි සලකුණු නිලධාරීන් රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඒ අතර මරණය සම්බන්ධයෙන් වූ මහෙස්ත්‍රාත් පරීක්ෂණයද සිදු කෙරිණි.
    පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දිනේෂාගේ නිසල දේහය සුදු රෙද්දකින් ඔතා වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යෑම සඳහා රූපලාවණ්‍යාගාරය තුළින් පිටතට ගනු ලැබුවේ ඇයගේ මවුපියන්, ඥාතීන් සහ මීරිගම වෙළෙඳ ප්‍රජාවද හඬවමිනි.

    මීරිගම නගරයම මවිත කළ මෙම අබිරහස් මරණය සෙවීම සඳහා බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල, සහකාර පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා යන නිලධාරීන්ගේ අධීක්ෂණය මත මීරිගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංගගේ උපදෙස් හා මෙහෙයවීම මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ, පොලිස් සැරයන් ආනන්ද (30497) ඇතුළු පොලිස් කණ්ඩායම විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.
    දිනේෂාගේ මරණය සිදුවූ දින මධ්‍යාහ්න 12.00ට පමණ රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව රූපලාවණ්‍යාගාරය තුළට පැමිණ තිබිණි. ඇය මීරිගම නගරයට ඇයගේ අවශ්‍යතාවකට පැමිණි මොහොතක එලෙස රූපලාවණ්‍යාගාරයටද ගොඩවී ගොස් තිබුණාය.

    ඒ මොහොත වනවිටත් දිනේෂා චතුරංගනී සුපුරුදු පරිදි රූපලාවණ්‍යාගාරය තුළ සිටි බවද තමා සමඟ ඉතා කුලුපඟව වෙනදා සේ කතාබහ කළ බවද රූපලාවණ්‍යාගාර හිමිකාරියගේ මව පොලිසිය වෙත දන්වා තිබුණාය.

    ඉන් ඉක්බිති දිනේෂාව දැක තිබුණේ පාසල් ගුරුවරිය ය. පාසල් ගුරුවරිය ඇයව දකින විට ඇය මෙලොවින් සමුගෙන ගොස් සිටියාය. එම ගුරුවරිය රූපලාවණ්‍යාගාරය තුළට රූපලාවණ්‍ය කටයුත්තක් සිදුකර ගැනීම සඳහා පැමිණ තිබුණේ පස්වරු 2.45ට ආසන්න වේලාවක් තුළය. මෙම කාලසීමාවන් අනුව පොලිසිය නිගමනය කරනුයේ දිනේෂා චතුරංගනීට කරදරයක් සිදු වන්නට ඇත්තේ මධ්‍යහ්න 12.00ත් පස්වරු 2.45ත් අතර කාලය තුළ බවය.

    එහෙත් ඇයගේ මරණය ඇසින් දුටුවකු නොමැත.රූපලාවණ්‍යාගාර හිමිකාරිය විසින් දිනේෂාටද රූපලාවණ්‍යාගාරයේ යතුරු කැරැල්ලක් දී ඇත.
    ඒ අනුව සුපුරුදු පරිදි එදිනද දිනේෂා විසින් පෙරවරු 9.00ට පමණ රූපලාවණ්‍යාගාරය විවෘත කරනු ලැබ තිබිණි.
    එදින දිනේෂා රූපලාවණ්‍ය කටයුතු සඳහා පැමිණි තැනැත්තියන් කී දෙනකුට සිය සේවය ඉටු කර ඇතිද යන්න සොයා ගැනීම පොලිස් කණ්ඩායමේ ඊළඟ කාර්යය විය.
    නමුත් පොලිස් විමර්ශකයන් හට එම කරුණ සොයා ගැනීමට නොහැකි වූයේ රූපලාවණ්‍යාගාරයේ ගනුදෙනු සටහන් කිරීමට ඇති පොතෙහි පිටු දින දෙක තුනක පමණ සිට අවසන් වී තිබූ නිසාය.

    ඒ අනුව දිනේෂා දින දෙක තුනක පමණ සිට ගනුදෙනු සටහන් කර නොමැත.
    පොලිස් පරීක්ෂණවල සහාය සඳහා අදාළ රූපලාවණ්‍යාගාරයද අධිකරණ නියෝග මත මුද්‍රා තැබීය.
    පොලිසියේ ඊළඟ අවධානය යොමු වූයේ දිනේෂාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ගැනය. එම මරණ පරීක්ෂණයද ඉකුත් 14 වැනි දින පස්වරුවේ සිට රාත්‍රිය දක්වා රාගම රෝහලේදී පවත්වනු ලැබීය.

    අනතුරුව සිදු කළ එම පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව ලබාදුන්නේ විවෘත තීන්දුවක් ලෙසටය.
    එනම් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් මරණයට හේතු වූ කරුණු නිශ්චිතව නොදැක්වූ අතර දිනේෂාගේ ඇතැම් ශරීර කොටස් ඉදිරි විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකට යොමු කළේය.

    මරණයට අදාළ ප්‍රකාශද පොලිස් කණ්ඩායම විසින් සටහන් කරගත් අතර දිනේෂාගේ මව, පියා, අසල්වාසීන්, මිතුරන් ප්‍රකාශ ලබා දෙමින් පවසා සිටියේද ඇයට සිත්තැවුල් වීමට කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවය.
    එසේම දිනේෂාගේ ෆේස්බුක් ගිණුම ගැනද වැඩි අවධානය යොමු කළ පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ දිනේෂා තනිවම රූපලාවණ්‍යාගාරයේ සිටින විට ඇය විසින්ම විවිධ රූපලාවණ්‍ය නිර්මාණ කරගෙන එම ඡායාරූප මුහුණු පොතෙහි පළ කර ඇති බවය.
    ඒ අනුව ඉකුත් 13 වැනි දිනද ඇය විසින් කොණ්ඩය සෝදා ගැනීමක් සිදු කළාද? යන ප්‍රශ්නය පොලිස් කණ්ඩායම හමුවේ ඉතිරි විය.
    එසේ නම් ජල බේසමට වැටුණු විදුලි පේනුව හරහා ඇයට විදුලි සැර වැදුණාද? යන ප්‍රශ්නයද පොලිස් විමර්ශකයන්ගේ අබිමුව වේ.
    නමුත් මේ සියල්ල තවමත් හුදු ප්‍රශ්නාර්ථ පමණි.

    මෙම අබිරහස් මරණය සම්බන්ධයෙන් කිසිදු සාර්ථක තොරතුරක් හෝ විද්‍යාත්මක සාක්ෂියක් හෙළි කර ගැනීමට නොහැකි වී තිබේ.
    දිනේෂා චතුරංගනී සැවොම හඬවමින් ඉකුත් 16 වැනි දින අවසන් ගමන් ගියාය.
    තවමත් පොලිස් රාජකාරි හමාර නැත. ඉදිරියේදී දිනේෂාගේ මරණයේ අබිරහස විසඳෙනු ඇත.

    [rns_reactions]

  • තම දේශය සුද්දාගෙන් මුදාගෙන අනතුරුව ඒකාධිපතිමය මමත්වය මත යැපුනු ඇන ගත්තු මුගාබේ

    වසර 37ක් එක දිගට සිම්බාබ්වේ දේශය පාලනය කළ වයස අවුරුදු අනූතුනක් වූ මහලු ‘රොබට් මුගාබේ’ නම් පාලකයා දැන් නිවාස අඩස්සියේය. එරට හමුදාව රාජ්‍ය බලය අල්ලාගෙනය. රාජ්‍ය මාධ්‍ය, ගුවන්විදුලිය, රූපවාහිනි ඇතුළු තීරණාත්මක ස්ථාන හමුදාවේ අණසක යටතේය.

    බටහිර මාධ්‍ය මේ පුවත පසුගිය 15දා සිට ප්‍රචාරය කළේ මහත් උනන්දුවෙනි. සිම්බාබ්වේ නායක මුගාබේ සිටින ස්ථානය හරිහැටිම කියන්නට බැරි වුවද සිදුවීම වූ 15දා ඔහුගේ හිතවන්ත දකුණු අප්‍රිකානු නායක ජේකොබ් සුමෝ මුගාබේට දුරකතනයෙන් කතා කළ බවත්, ඔහු නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවත්, ජීවිතයට හානියක් නැති බවත් අදහස් කෙරෙන ප්‍රකාශයක් කළේය. දකුණු අප්‍රිකානු මාධ්‍ය එය ප්‍රචාරය කළේ තත්ත්වයේ උණුසුම මැකී යන්නටත් පෙරය.

    “මුගාබේ පණ පිටින්, දරු පවුලත් එක්ක කොටුවෙලා. එයාගේ පාලනය ඉවරයි වගේ. ආයේ නැඟිටින්න වෙන්නෙ නෑ. හමුදාව මේ තාක් ඉවසගෙන හිටියා. මෙහෙම වෙන්න ඉඩක් තිබුණේ නැති වුණත් හමුදාව අතට ගත්තේ නිකමට නොවේ.”
    ඊඩඥ ධ්දඤඪනඥදඤඥදබ පුවත්පත කියා සිටියේ එසේය.

    “ජනතාව කලකිරිලා හිටියෙ. මුගාබේ ග්‍රාමීය පළාත්වල තවමත් ජනප්‍රිය නායකයෙක් වුණාට මේ කලකිරීම යට පැසවමින් තිබුණා. ඒ බව හමුදාවත් දැනගෙන හිටියා. හමුදාව මෙහෙම මැදිහත් වුණේ පළමු වතාවටයි. ඊට හේතුව හමුදාවෙනුත් බහුතරයක්ම මුගාබේට හිතවත් පක්ෂපාත අයයි. එහෙම නම් මේ නැඟිටීම ටිකක් විවාදාත්මකයි.”
    ඊඩඥ ඤචඪතර ර්චඪත පැවසුවේ එවැන්නකි. එසේ නම් ‘රොබට් මුගාබේගේ පාලනය හිටි ගමන් නතර කරවන සිදුවීමක් හිටි ගමන් මතු වුණේ කොහොමද?’ කෙනකුට විමසන්නට සිත් වන්නේය.
    සැබැවින්ම මුගාබේ කවුද? ඔහු රට තුළ මෙතෙක් කාලයක් පාලන බලය රඳවාගෙන සිටියේ කොහොමද? ඔහු ගැන රට කලකිරුණාද? ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කළාද? ජනතාවගේ පිටින් දමා හමුදාව බලය අල්ලාගෙන වෙනත් රූකඩයක් බලයට ගෙන එන්න හදනවාද? මෙවැනි ගැටලු රාශියක් පැනනඟින්නේය.
    රොබට් ගේබි්‍රයෙල් මුගාබේ උපත ලැබුවේ 1924 පෙබරවාරි 21දා පැරැණි රොඩේෂියාවේ කටුමා හිදීය. ඔහුගේ පියා වඩු ශිල්පියෙකි. ඔහුගේ මව සිම්බාබ්වේහි ප්‍රකට ‘ෂෝනා’ ජනවර්ගයට අයත් කාන්තාවකි.

    දකුණු රොඩේෂියාව වශයෙන් තිබුණු මේ රට සිම්බාබ්වේ රොඩේෂියාව ලෙස නම් වී 1980 බි්‍රතාන්‍යයන්ගේ නිදහස ලබාගත් පසු ‘සිම්බාබ්වේ’ ලෙස නම් විය. වසර 1220 සිට 1480 තෙක් මේ රට පාලනය කළේ ‘ෂෝනා’ නම් මුගාබේගේ මවගේ පරපුරට අයත් ජන වර්ගයේ නායකයෝය. මවු පාර්ශ්වයේ මේ ඓතිහාසික සබඳතාව උරුමයක් කරගන්නට මුගාබේ සිතුවා දැයි කියන්නට දන්නේ නැත.

    කටුමාහි ශාන්ත ෆ්‍රැන්සිස් ෂේවියර් විදුහලෙන් ඉගෙනුම ඇරැඹූ මුගාබේ රොඩේෂියාවෙන්, ඝානාවෙන් අධ්‍යාපනය ලැබ දකුණු අප්‍රිකාවේ හරාරේ සරසවියෙන් ඉගෙනුම අවසන් කළේය. 1960 ඔහු නිදහස් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට බැඳී ජනප්‍රිය දේශපාලන චරිතයක් බවට ටික කලෙකින්ම පත් වන්නේය. එහි ලේකම් වන ඔහුගේ දේශපාලන ක්‍රියාකාරකම් තම රටට එරෙහි පාලක සුදු පාලකයන් ස්වකීය දේශයෙන් පලවා හැරීම සඳහා වූයේය. ඒ නිසාම ඔහු සිරගත කෙරුණේය.

    ඔහු ඉන් නිදහස් වනුයේ හොඳින් ඉංග්‍රීසි ඉගෙන ගෙන 1977 වනවිට තම රටේ නිදහස පතා අවි අතට ගත්තේය. සන්නද්ධ ව්‍යාපාරයකට නායකත්වය දෙන්නේය. බටහිර රටවල්ද මනාව කළමනාකරණය කරගනිමින් ඔහු අරගලයට පණ දෙන්නේය. එහි අවසානය වන්නේ සුදු අධිරාජ්‍යයෙන් තම රට නිදහස් කරගන්නා අරගලය ජයග්‍රහණය කර ගැනීමෙනි.
    එවන් පසුබිමකින් බලයට පත් රොබට් මුගාබේ තුළ සිටි රටට ආදරය කරන නායකයා කෙමෙන් දියවන්නට පටන් ගත්තේ ඔහුගේ කල්ක්‍රියාවම නිසාවෙනි. එක දිගට බලයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා පාලකයන් විනාශයෙන් තම පාලනය හමාර කර ගන්නා බවට හොඳම උදාහරණයන් සපයමින් මුගාබේ බලය රැකගන්නටම දිගින් දිගටම සිත යොමු කිරීම නිසාවෙන් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන්ගෙන් බැහැරව සියුම්, සැඟවුණු ඒකාධිපතිමය මමත්වය මත යැපෙන්නට පෙලැඹෙන්නේය.

    බලය රැක ගන්නට වැඩි වුවමනාවක් ඇති වූ මොහොතේ පටන් ඔහු වටා රැස්වුණු, රැස්කරවාගත් සගයන්, නෑ හිතවතුන්, මැති ඇමැතිවරුන් හා බැඳුණු ජන බලවේගයක් ස්ථාපිත කර ගත්තේය. එය නීතියට පිටින් ගිය ජාවාරම්කරුවන් හා ව්‍යාපාරික පැලැන්තියෙන් පෝෂණය විය. මැතිවරණ දිනන යාන්ත්‍රණය හා ඒ වෙනුවෙන් ක්‍රියාධරයන් පෙළ ගැස්වූයේ මේ කියන ශක්තිමත් ‘මුගාබේ හිතවාදී කණ්ඩායම’ ය.

    “මුගාබේ පිරිහිලා” ඡන්දයෙන් පරාද වේවි. ගෙදර යන්න වේවි. දිනන්නේ අපි ය කියා සෑම මැතිවරණයක් අභිමුව විපක්ෂ බලවේග ඔල්වරසන් දුන්නද අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව අදහා ගන්නට බැරි තරම් ප්‍රතිශතයකින් රොබට් මුගාබේගේ හිතවතුන් රොද බැඳී පක්ෂයත්, මුගාබේත් ඉහළින්ම ජයග්‍රහණය ලබා ගත්තේය.
    “මුගාබේ රටට ආදරය කරන හැබෑම නායකයෙක්. වට්ටන්න බැරි ඒකයි” කියා ජනමාධ්‍ය කොතෙක් ඔහුව පතුරු ගැසුවත් ජයග්‍රහණය සමරද්දී ජනතාව පෙරට ඇවිත් කියන්නට පටන් ගත්තේය.

    ජීවත්වීම අමාරු වුවත් ඔහු පිනවූ ජනතාවට එය තේරුණේ නැත. බහුතරයක් ජනතාව ආර්ථික පීඩාවන්ගෙන් මිරිකුණහ. උද්ධමනය ඉහළ නැග්ගේ හිතාගන්නවත් බැරි තරමටය. එරට මුදල් අගය ලොව නරකම පහත්ම වටිනාකම් දක්වන ආදර්ශකයක් හැටියට ගන්නා තරමට බාල්දු වී ගියේය.

    එහෙත් දැන් සියල්ල හමාරය. ඔහු හා ඔහුගේ පවුලද සහචරයෝද කොටු වී ඇත. තමන් දිගු කලක් බලයේ එල්ලී සිටින බව අමතක කළ ඔහු තමන්ට අභියෝගයක් වූ උප ජනාධිපති ඉවත් කළේය. තම බිරිය ඒ තනතුරට පත්කොට දිගටම බලය අල්ලාගෙන ඉන්න සිහින මැව්වේය.
    ‘තමන්ගේ තරමක් පමණක් දැන සිහිනුවණින් රට පාලනය කළ යුතුය’ යන්න පාලකයන්ට හොඳින් සිහි ගන්වන්න මුගාබේගේ ඇද වැටීමේ කතා පුවත හොඳ සාක්ෂියක් වන්නේය.

    [rns_reactions]

  • බැඳුම්කර කොමිසමෙන් හෙළිවුණු දේශපාලකයන්ට තරු පෙනුණු මරු කෝල් ටික

    බැඳුම්කර මගඩිය පිළිබඳව එතෙක් මෙතෙක් හෙළිවූ කුප්‍රකට තොරතුරු සමුදායට අමතරව තවත් රහස් තොරතුරු රැසක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂකවරයෙකු ඉකුත් බ්‍රහස්පතින්දා (16දා) කොමිසම හමුවේ හෙළිකර සිටියේය. ඒ කිසිවකුටත් ප්‍රතික්‍ෂේප කළ නොහැකි විද්‍යාත්මක හා පරිවේශනාත්මක දත්ත සටහන් ද සමඟිනි.

    ඒ වෝහාරික විද්‍යා (ඡ්ච්අඡ්ව්ඉධ්ඛ් ඉඛ්ධ්ඡ්ව්ඛ්ඡ්) පරීක්‍ෂණ හරහා රහස් පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කරගත් තොරතුරු අතර ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනු පැවැති දිනවලදී අගමැතිවරයාත් හිටපු මහ බැංකු අධිපතිවරයාත් අතර සිදුව ඇති දුරකතන සංවාදද ඇතුළත් විය.
    තවත් පරීක්‍ෂණයකදී අනාවරණය කර ගත්තේ වත්මන් යහපාලන පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු මහ බැංකු බැඳුම්කර වංචා විමර්ශනය සම්බන්ධයෙන් වූ කෝප් (ඛ්ර්ණීර්ථීඡ්) කමිටු විභාගයේදී එම කමිටුවේ සාමාජික මැති ඇමැතිවරුන් 05 දෙනකුම චූදිතයා වූ අර්ජුන් ඇලෝසියස් සමඟ එම පරීක්‍ෂණ පැවැත්වෙන අතරතුර කාලයේදීම සිදුකර ඇති දුරකතන සංවාද ගැනය. එවැනි සංවාද 122ක් පිළිබඳව තොරතුරු රහස් පොලිසිය අධිකරණයට වාර්තා කළේය.

    එම සංවාදවලට සම්බන්ධව ඇති මැති ඇමැතිවරුන් අතරින් “කුසලානය” දිනා ගෙන ඇත්තේ රාජ්‍ය ඇමැති එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහය.
    ඇලෝසියස් සමඟ දුරකතන සංවාද 62ක්ම පවත්වා ඇත්තේ ඔහුය. එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන හර්ෂණ රාජකරුණා සංවාද 23ක් ද හෙක්ටර් අප්පුහාමි සංවාද 43ක්ද, නියෝජ්‍ය ඇමැති අජිත් පී.පෙරේරා සංවාද 02 ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අමාත්‍ය දයාසිරි ජයසේකර දුරකතන සංවාද 02ක් ද චූදිතයා වූ අර්ජුන් ඇලෝසියස් සමඟ එම කාලය තුළ පවත්වා තිබුණු බව හෙළි විය.
    ඔවුනොවුන් අතර කිසිදු ගනුදෙනුවක් හෝ කතාබහක්වත් සිදු නොවන්නේ යැයි ජනාධිපති කොමිසම හමුවේ මුසාවක් නොපවසන බවට දිවුරුම් දෙමින් ප්‍රකාශ කර සිටි හිටපු ඇමැති රවි කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රනුත්, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියසුත් එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේනත් යන අයවලුන් අතර ප්‍රශ්න ගත බැඳුම්කර වෙන්දේසි සිදුවූ දිනයන්හිදීත් ඒ ආසන්න දිනයන්හිදීත්, දිවා කාලයේ පමණක් නොව ඉන් අනතුරුව රාත්‍රි 8ත් පසුදින උදේ 8ත් අතර කාලය තුළත් සිදුව ඇති දුරකතන සංවාද ගණන 10ක් 15ක් නොව දහස් ගණනක් පිළිබඳව කොමිසම හමුවේ කරුණු අනාවරණය විය.

    “විදුනෙත” හරහා රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇති තොරතුරු හමුවේ ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරය මහ දවල් කොල්ල කෑමේ යෙදුණු හිටපු මහ බැංකු අධිපතිවරයා ඇතුළු මහ මොළකරුවන්ටත් ඊට සම්බන්ධ වෙමින් මල්ල තර කරගත් දේශපාළුවන්ටත් “තරු” පෙනෙන්නට පටන් ගෙන ඇති බව නම් කිව යුතුමය.
    ප්‍රථම ආන්දෝලනාත්මක බැඳුම්කර මගඩිය වාර්තා වූ 2015 පෙබරවාරි 27 වැනි දිනය කළ පමණක් අර්ජුන් මහේන්ද්‍රන්ද්‍ර ගේ දුරකතනය හරහා ආ ගිය දුරකතන පණිවුඩ අතුරින් 08ක්ම අගමැති රනිල් වික්‍රමසිංහ සමඟය.

    අගමැති උපදේශක ආර්. පාස්කරලිංගම්, එවකට මුදල් ඇමැති රවි කරුණානායක, ඇමැති සාගල රත්නායක, තම බෑණා වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකාර අර්ජුන් ඇලෝසියස්, මහේන්ද්‍රන්ගේ කටයුතුවලට සහාය වූ බවට ප්‍රකාශ වී ඇති නියෝජ්‍ය අධිපති පී. සමරසිරි, ඇලෝසියස්ගේ දුරකතනයේ නිතර සිටි මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එස්. පදුමනාදන්, මහ බැංකුවේ සේවක අර්ථසාධක අංශයේ බැඳුම්කර ගනුදෙනු මෙහෙයවන්නා වූ ඉන්දික සමන්කුමාර, පර්පචුවල් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන යනාදීන් බැඳුම්කර වෙන්දේසිවලදී පර්පචුවල් සමාගම සමඟ හවුල් වී විවිධ අක්‍රමිකතාවන් සිදුකළ බවට කොමිසම හමුවේ ප්‍රකාශ විය. මේ බොහෝදෙනකු සමඟ අර්ජුන මහේන්ද්‍රන් පවත්වා ඇති දුරකතන සංවාද රාශියකි. රහස් පොලිස් පරීක්‍ෂකවරයා දත්ත වාර්තා ඉදිරිපත් කරමින් ඒ බව තහවුරු කර සිටියේය.
    රවි කරුණානායක බිරිය වන මෙලනි කරුණානායක හා අර්ජුන් ඇලෝසියස් අතර ඉතා කෙටි කාලයක් තුළ හුවමාරු වූ දුරකතන සංවාද 320ක් හා කෙටි පණිවුඩ 12ක් ගැන ද අනාවරණය විය.

    ප්‍රශ්නගත එකී බැඳුම්කර වෙන්දේසියක් පැවැති 2016.04.01 දින පමණක් අර්ජුන මහේන්ද්‍රන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක පලිසේනට දුරකතන ඇමතුම් 07ක් හා කෙටි පණිවුඩ (ඉර්ඉ) 07ක් යොමුකර ඇති බව ද රහස් පොලිස් පරීක්‍ෂක යසංක යෙහාන් ජයසිංහ කොමිසම හමුවේ තහවුරු කර සිටියේය.
    එදින එක දිගට තත්පර 199ක් පුරා මහේන්ද්‍රන් කසුන් පලිසේන සමඟ සංවාදයක යෙදී ඇති බව ද ඔහු තහවුරු කළේය.
    ඒ මේ තොරතුරු හෙළි වෙද්දී කොමිසම අගමැති වික්‍රමසිංහ මහතා කොමිසම හමුවට කැඳවා වාචිකවම ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට තීරණය කළේය. ඒ අනුව හෙට සඳුදා (20දා) කොමිසම හමුවට අගමැතිවරයා කැඳවනු ලබන්නේය.

    [rns_reactions]

  • බැඳුම්කර බෝම්බයෙන් ආණ්ඩුව පුපුරයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයාබලන ජනාධිපති කොමිසම හමුවට අගමැතිවරයා කැඳවීමට වාතාවරණයක් උදා කිරීමත් කෝප් කමිටුවේ ඇතැම් සාමාජිකයන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ අය සමඟ දුරකතන සංවාද පවත්වා තිබෙන බවට කොමිසම හමුවේ තොරතුරු අනාවරණය වීමත් සමඟ යහපාලන ආණ්ඩුවේ දැඩි මතභේදයක් මෙන්ම අර්බුදකාරී තත්ත්වයක් ප්‍රබල ලෙසම මතුව තිබෙන බව එජාප – ශ්‍රී ලනිප දෙපාර්ශ්වයේම ආරංචි මාර්ග කියයි.
    ජනපති කොමිසම මඟින් එජාපය දේශපාලන වශයෙන් විනාශ කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බවට එජාපයේ ජේ‍යෂ්ඨයන් කිහිපදෙනකු පෙරේදා රැස්වී දීර්ඝ සාකච්ඡාවක් කළ බවද වාර්තා වේ.

    ලබන සතියේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්කර මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට එජාප පසුපෙළ මන්ත්‍රින් පිරිසක් නායකත්වයෙන් ඉල්ලීමක් කිරීමටද සූදානම් වෙන්.

    අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාද පැවැත්වූ බවට කොමිසමේදී නම් හෙළිවුණු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ප්‍රකාශ කර තිබෙන්නේ කිසිදු පදනමක් නොමැතිව මෙම තොරතුරු මාධ්‍ය මඟින් ප්‍රචාරයට පත්වීම නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බවයි.
    මේ අතර කෝප් කමිටුව නියෝජනය කරන ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මේ දුරකතන සංවාදවල හඬපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් බැඳුම්කර කොමිසමට ලබාදිය යුතු බවයි. එවිට නියම සත්‍ය සොයාගත හැකි බවද ජයසේකර අමාත්‍යවරයා පවසයි.

    බැඳුම්කර කොමිසමෙන් දැනට හෙළිවෙමින් පවතින තොරතුරු හා ඉදිරියේදී තවදුරටත් හෙළිවීමට නියමිත තොරතුරු අනුව එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් සාපක්ෂය අතර ප්‍රබල මතභේද ඇතිවීමට ඉඩ තිබෙන බවත් එයින් සම්මුතිවාදී ජාතික ආණ්ඩුවට යම් අනතුරුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් දේශපාලන ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙයි.

    මේ අතර කෝප් කමිටුවේ සාමාජිකයන් කිහිපදෙනකුට අර්ජුන් ඇලෝසියස් දුරකතනයෙන් කතාකර උදවු උපකාර ඉල්ලා සිටියේ නම් ඒ මන්ත්‍රිවරුන් ඒ අවස්ථාවේදීම කෝප් කමිටුව දැනුවත් නොකළේ මන්දැයි නීති අංශවලින් ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ. එම මන්ත්‍රිවරුන්ට මේ සම්බන්ධයෙන් බලපෑමක් කළේ නම් එය පාර්ලිමේන්තු වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වීමක් බැවින් එය දඬුවම් ලැබිය යුතු වරදක් බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කිහිපදෙනෙක්ම “ඉරිදා මව්බිමට” පැවැසූහ. එවැනි තත්ත්වයක් තිබියදී එම මන්ත්‍රිවරුන් නිහඬව සිටීමද සැකයට තුඩු දෙන්නක් බවද ඔවුහු පවසති.

    මේ අතර ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට බලකර සිටින්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ වී තිබෙන බවට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සාක්කි කොමිසම ඉදිරියේ දිවුරුම් දී කරන ප්‍රකාශවලින් තහවුරු වී තිබෙන බැවින් යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වී ශ්‍රී ලනිපය ප්‍රමුඛව රටට හිතවත් ප්‍රගතිශීලී ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කළ යුතු බවයි.
    කොමිසමෙන් අනාවරණය වී තිබෙන තොරතුරු අනුව බැඳුම්කර මගඩියට සම්බන්ධ සියලු දෙනා ඉවත්කොට අලුත් ආණ්ඩුවක් පිහිටුවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාට බල කරන බවද ඉදිරි සතියේදී මේ පිළිබඳව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර පවත්වමින් ජනතාව දැනුවත් කිරීමට ක්‍රියා කරන බවද ඒකාබද්ධ විපක්ෂයේ මුල්පෙළ නායකයෝ කිහිපදෙනෙක්ම “ඉරිදා මව්බිම”ට පැවැසූහ.

    මේ අතර භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධව කෝප් කමිටුව පරීක්ෂණ සිදුකරන අතරතුර එහි සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පස්දෙනකු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් සමඟ දුරකතන සංවාද පැවැත්වීම ගැන පරීක්ෂණයක් කිරීම කෙරෙහි කතානායක කරු ජයසූරියගේ අවධානය යොමු වෙයි.
    ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් සී.බී. රත්නායක මන්ත්‍රිවරයා පෙරේදා (17දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් කෝප් කමිටු සාමාජික මන්ත්‍රිවරුන් පස්දෙනාගේ දුරකතන ගනුදෙනු සිදුකිරීම ගැන වෙනම පරීක්ෂණයක් පවත්වනවාදැයි ප්‍රශ්න කළ අවස්ථාවේ කතානායකවරයා ඒ ගැන අවධානය යොමු කරන බව පැවැසීය.

    [rns_reactions]

  • ගාල්ල ගැටුමට සම්බන්ධ සියළු දෙනා බේද නොතකා අත්අඩංගුවට ගන්නවා

    ගාල්ල ගිංතොට ප්‍රදේශයේ ඇති වූ සුළු සිද්ධියක් දුරදිග යාමෙන් එය කලබලකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වීම පිළිබඳ රජය වෙනුවෙන් තමන් බලවත් සේ කණගාටුව ප්‍රකාශ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    ඒ මහතා පවසන්නේ මෙම ගැටම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සියළු වගකීම තමන් විසින් භාරාගෙන කටයුතු කරන බවයි.

    තත්ත්වය පාලනය කිරීම සඳහා  අවට සියලු ම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවූ බව අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන් ම එම ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය යොදීමට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර තීරණය කළ බව ද අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    සුළු සිද්ධියක් ජාතිවාදී කලබලයක් දක්වා වර්ධනය කිරීමට පටු දේශපාලන වාසි අපෙක්ෂා කරන සීමිත කොටසක් දැඩි උත්සාහයක නිරත වී සිටින බැවින් ඔවුන්ගේ උසි ගැන්වීම්වලට නොරැවටෙන ලෙස ද අමාත්‍යවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

    ගැටුමකට මැදි වීමෙන් තම ජීවිතයත්, දරුවන්, බිරිඳ, ඥාතීන් අනතුරට ලක්විය හැකි බවත් සියළු දේපල මොහොතකින් විනාශ වී යා හැකි බවත් පවසන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි අවස්ථාවක ආරක්ෂා සහිතව තම නිවසටම වී සිටීම වඩාත් සුදුසු බවයි.

    කෝලාහලවලට සම්බන්ධවන සියළු දෙනා කිසිදු බේදයක් නොතකා අත්අඩංගුවට ගෙන දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද පොලිසියට උපදෙස් දී තිබේ. එමෙන් ම ඔවුන්ට නිසි දඬුවම් ලබාදීමට ද රජය පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    [rns_reactions]

  • නාමල්ගෙන් අර්ජුන් ඇලෝසියස්ට ඇමතුම් 806ක්.. රෙදි ගලවාගත් සුචරිත ලැයිස්තුව මෙන්න..

    බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උප පොලිස් පරීක්ෂක යසන්ත ජාසිංහ මහතා පප්‍රචුවල් සමාගමේ හිමිකරු අර්ජින් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතාකල පාලිමේන්තු මන්ත්‍රීන් පස් දෙනෙකුගේ හා තවත් සිවිල් පුද්ගලයින් තිදෙනෙකුගේ නම් අනාවරණය කලේය. ඒ සියළු දෙනා එක්සත් ජාතික පක්ෂය සෘජුව හා වක්‍රව සම්බන්ධතා ඇති පුද්ගලයින්වේ.

    ඒ අනුව බලන කල බැදුම්කර කොමිසම ස්වාධීනයැයි පෙන්වමින් ගමන් කරන්නේ කුමන ඉසව්වටද යන්න අපට ඉතාමත් පැහැදිලිය. හැරෙන ගොනා පොල් පැලය කෑමට මත්තෙන් අර්ජුන් ඇලෝසියය් සමග දුරකතනයෙන් කතා කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති නමුත් හෙළි න්කරන ලද නම් VOC ගවේෂක කණ්ඩායමට ලබා ගැනීමට හැකිවිය. ඒ රටට ඇත්තටම ආදරය කරන දේශපාලන ඩීල් නොදමන අවංක නිලධාරියෙකුගේ මාර්ගයෙනි.

    බැදුම්කර ගණුදෙනුවේදී සිද්දවූයේ කුමක්ද යැයි සමස්ත රට වැසියාම බලාන ඉන්න මෙසමයේ උප පොලිස් පරීක්ෂක යසන්ත ජාසිංහ හෙළි නොකරන ලද නාම ලේඛණය ඉතා වගකීමකින් යුක්තව සමාජයට හෙලිදරව් කිරීමර අප තීරණය කලෙමු. පහත දැකිවෙන්නේ අර්ජුන් ඇලෝසියස් සමග දුරකථනයෙන් කතාකල මෙතෙක් හෙලි නොවූ පුගහල නාම හා කතා කල අවස්ථාවන් ගණන වේ.

    01 . නාමල් රාජපක්ෂ අවස්ථා 806කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    02. අරුන්දික ප්‍රනාන්දු අවස්ථා 23කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    03.රෝහිත අබේගුණවර්ධන අවස්ථා 103කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    04. කාංචන විජේසේකර අවස්ථා 78කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    05.කෙහෙළිය රඹුක්වැල්ල අවස්ථා 27කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    06.ලක්ෂ්මන් යාපා අබේවර්ධන අවස්ථා 629කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    07. පසද යාපා අබේවර්ධන අවස්ථා 51කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    08. කබීර් හෂීම් අවස්ථා 34කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    09. මහින්ද රාජපක්ෂ අවස්ථා 08කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    10.හරීන් ප්‍රනාන්දු අවස්ථා 13කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    11. ඉරාන් වික්‍රමරත්න අවස්ථා 73කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    12. මහින්දානන්ද අළුත්ගමගේ අවස්ථා 309කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    13.එස්.බී.දිසානායක අවස්ථා 04කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    14.රිෂාද් බදුර්දීන් අවස්ථා 217කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    15.චමල් රාජපක්ෂ අවස්ථා 18කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    16. නවීන් දිසානායක අවස්ථා 85කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    17.වජිර අබේවර්ධන අවස්ථා 71කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    18.දුමින්ද දිසානායක අවස්ථා 41කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    19.මහින්ද සමරසිංහ අවස්ථා 15කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    20.නිරෝෂන් ප්‍රේමරත්න අවස්ථා 04කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    21. නිමල් සිරිපාල ද සිල්වා අවස්ථා 67කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    22. එස්.එම්,මරික්කාර් අවස්ථා 19කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    23.රංජිත් සොයිසා අවස්ථා 02කදී අර්ජුන් සමග කතා කොට ඇත.
    24.නලින්ද ජයතිස්ස අවස්ථා 39කදී අර්ජුන් සමග කතා කොට ඇත.

    මොවුන් අර්ජුන් ඇලෝසියස් සමග කතා කලේ කුමක් අරඹයාද යන්න අපට තොරතුරු ලබාදුන් පුද්ගලයා නොපැවසූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව සතුව ඒ සියළු හඩ පට ඇති බව පමණක් අවධාරණය කර කියා සිටියේය.

    බැදුම්කර කොමිසම සත්‍යයය වශයෙන්ම ස්වාධීනව මෙම ගනුදෙනුව ගැන පරීක්ෂණය කරන්නේ නම් මෙම දුරකතන ඇමතුම් සියල්ලම සවන් දිය යුතුව ඇතැයි අප විශ්වාස කරමු. මෙපමණ මහජන නියෝජිතයින් ප්‍රමාණයක් එකම කාලපරාසහකදී අර්ජුන්ගේ මිතුරු ලැයිස්තුවට ඇතුලත් වූයේ කුමක් සදහදැයි දැන් ගැනීමට සමස්ත රට වැසියන්ට අයිතියක් ඇතිබව පමණක් අවසාන වශයෙන් මෙහි සදහන් කරන්නෙමු.

     

    [rns_reactions]

  • ඉන්දියාවම පැවිලියන් එකේ

    ඊයේ පැවති ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයේ පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 172ක් ලබාගැනීමට ඉන්දියාව සමත් වුනා.

  • ගාල්ලේ සිදුවීම ගැන ෆේස්බුක් හරහා යන ‘වීඩියෝ සහ පුවත් පිළිබඳ’ රතු නිවේදනයක්

    ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක සඳහන් කර තිබෙනවා.

    එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය පුදකරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ  නිවේදනයේ සඳහන් වනවා.

    ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් සිටින බවත්  මේ කටයුතු වහාම නවත්වන ලෙස තමන්  ඔවුන්ට දැනුම් දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කල බව එහි දැක්වෙනවා.

    එම නිවේදනය පහතින් සම්පුර්ණයෙන්ම කියවිය හැකියි.

    [rns_reactions]
  • නුවර සම්බාහන මධ්‍යස්ථානයකදී 21 යුවතියක් සමග බිරිඳට හසුවී බිරඳගෙන් ගුටි කෑ ආණ්ඩුවේ වයසක ඇමති ලොක්කා කවුද ?

    ඔන්න එක ඉරිද දවසක හැන්දෑවෙ 2ට විතර මේ ලොක්ක කෝල් එකක් ගන්නව ගෙදර ඉදං.. ඉතිං ඒක මහ ලොකු දෙයක් නෙමේනෙ ඒ ලොක්කට කොයි වෙලෙත් කෝල්.. හැබැයි ලොක්කගෙ කරුමෙ කියන්නේ මේ වෙලාවෙ ලොක්කගෙ ජංගම දුරකතනයේ බැටරි බැහැල නිසා ලොක්ක ගන්නෙ ගෙදර දුරකතනයෙන්… ඒකත් ඉතිං මේ ලෙක්කගෙ බිරින්දෑට ඒ හැටි ප්‍රශ්නයක් නෙමේ මොකද ලොක්ක ගෙදර ඉන්න දවසට ලොක්කගෙ ජංගම දුරකතනයට විතරක් නෙමේ ගෙදර එකටයි අර ආරක්ෂාවට දීල ඉන්න අයගෙ ජංගම දුරකතන වලටයි නිතරම කොල් එනවනේ… ඒ විතරැක්යෑ මේ කියන බිරින්දෑගෙ ජංගම දුරකතනයටත් ලගම අය කතාකරනවනේ ලොක්කව අල්ලගන්න… ඉතිං ඒ බිරින්දෑට ඒක එච්චර ගානක් ගියේ නෑ…..

    Image result for man calling clip art

    ඔහොම යද්දි ඉතින් හවස තුනට විතර මේ ලොක්ක ප්‍රිය බිරිඳ විසින් දුන්න තේ එකක් එහෙම කාරය බීල “මේ ____ (බිරිඳට ගෙදරට ආරේට කියන නමෙන්) අඬගහල මට හදිසියේම මලගෙදරකට ගොඩ වෙන්ට ඕන ඒයි.. මං පැය දෙක තුනක් යද්දි එන්නම් අද රෑට කන්න මට කරවල තෙල් දාල පරිප්පුවක් හදල සම්බෝලයක් එක්ක කැකුළු බත් ටිකක් හදන්නකෝ ” කියල ආදරෙන් කියල ගෙදරින් එළියට බැහැල තියෙනවා….

     

    ඔන්න ඉතින් මහත්තයගෙ වැඩ රාජකාරි එක්ක වැඩිය ගෙදරින් කන්න වෙන්නෙ නැති නිසාත් අද කටින්ම ආසම කෑම ඉල්ලුව නිසාත් ඒ ලොක්කගෙ ප්‍රිය බිරිඳ, ගෙදර උයන්න හිටිය කුස්සි අම්මට පැත්තකට වෙන්න කියල ඒ ලොක්කගෙ ආරක්ෂාවට හිටපු ආරක්ෂක මහත්තයෙක්ව ළඟ තියෙන සුපර් මාකට් එකට ඒ ස්කොඩ් ඒකේ ඩිෆෙන්ඩරේම යවල( ආ කලින් කියන්න අමතක උනා ලොක්ක අර හදිසියේ මල ගෙදරක යනව කියල ගියේ තමන්ගෙ අංගාරක්ෂකයො නැතිව රජයෙන් දුන්න වාහනෙත් තැතිව ගෙදර තිබ්බ පුද්ගලික වාහනයක තමයි ගියෙත් නිල රියදුරා එක්ක නෙමේ ගෙදර හිටපු අනෙත් රියදුරා එක්ක කියල තමා ආරංචිය)

    හරි ඉතිං ඒ ඩිෆෙන්ඩරේ යවල ඒ ලොක්ක කන්න ආසම මෝර කරවල ගෙන්නලා ඒව බඳින්න හදද්දිම ගෙදර දුරකතනය නාද වෙන්න පටං අරං… ඉතිං මේ නෝන කරවල බදින එක කුස්සි අම්මට දීල ගිහින් දුරකතනය උත්තර දෙද්දි නෝන හලෝ කියන්නත් කලින් එහා පැත්තෙන් කිව්වලු අනේ සර්,සර් ඉල්ලපු අවුරුදු 19 එක්කෙනාව කන්ටෑක් කරගන්න බෑ සර්… 21කේ එක්කෙනෙක් ඉන්නවා එයා දෙන්නම් කියල…

    Image result for woman calling land phone clipart

    ඔන්න ඉතිං මේ නෝන ඒ ලොක්කගෙ පරණ පැටිකිරිය හොදට දන්නව උනත් ඒ වයසටත් වඩා වැඩිමල් දුවල ඉන්න මේ ලොක්ක මේ වගේ එකක් කරයි කියල නම් කවදාවත් හිතල නෑළු… කකුල් දෙකත් පණ නැති උන මේ නෝන මොකුත් නොකිය ෆෝන් එක එහෙමම තියල ටික වෙලාවක් ඉදල ඒ නොම්බරයට ආයෙ කොල් එකක් ගත්තලු… ඔන්න ඒ වෙලාවෙ එහා පැත්තෙන් කියාපි_______ “අහවල් මසාජ් සෙන්ටර් එක වට් කැන් අයි ඩූ ෆො යූ සර් කියල”

    Image result for woman calling land phone clip art

    ඔන්න ඉතින් මේ නෝනගෙ රතු කට්ට වට දෙක තුනක් කැරකිලා ඉදින් හොද වැඩක් කරන්නම් කියලා ඒ ලොක්කගෙම ස්කොඩ් එකේ කොළුවෙකුට කතා කරල මේ නොම්බරේට කතා කරල තැන අහගන්න කිව්වලු… ඉතිං ඒ කොළුව කියල මොකක් කරන්නද නේද ඔය 225හේම අංගාරක්ෂකයො කරන්නෙ අදාල පුද්ගලයට වඩා පවුලෙ අයව රැක බලා ගන්න ඒකනේ.. ඉතිං ඒ කොළුවත් කොල් එක අරං තැන ඒම අහගෙන නෝනට දුන්නලු…

    ඔන්න ඊට පස්සෙ තමා යමර යුද්දෙ වෙලා තියෙන්නේ නෝනත් ඒ තැනට ලොක්ක දාල ගිය ස්කොඩ් එකේ වාහනේ කට්ටියත් එක්ක ඉස්සරහ සීට් එකේ නැගලම ගියලු.. මෙන්න බොලේ ලොක්ක අරං ගිය ගෙදර වාහනේට හේත්තු වෙලා රියදුරු මහත්තයා බුලත් විටක් කකා ඉන්නව දැක්කම නෝනගෙ ඇඟේ මාළු ගඟේ නටන්න ගත්තලු… කෙලින්ම අන්න ඒ මසාජ් ක්ලින්ක් එක ඇතුලට පිරිවර එක්ක ගිය නෝන ලොක්කගෙ බෙල්ලෙන්ම අල්ලගද්දි ඒ ලොක්කට කට උත්තර නැති උනාළු…. තූ නොදකින් වනචර බල්ලා මුන්ට වඩා වයස ගෑණු දරුවො බොට ඉන්ටවා නේද කියල මේ නෝන සෙරෙප්පුවේ අඩිය ගැලවෙනකල් ඒ ලෙක්කට පතබාල වර යන්ට ගෙදර කියල ඇදන් හිටපු සාළු කොටේ පිටින්ම ගෙදර අරං ගියා කියල තමා ආරංචිය…

    ආ ඔන්න ඉඟියක් දෙන්නම්කෝ මේ ලොක්ක ගැන මෙයා ඉන්නේ නුවර පැත්තේ… මෙයා ආණ්ඩුවේ ඇමති කෙනෙක් වගේම නායකයෙක්…. ගොඩක් මිනිස්සු මෙයට ආදරේට ගොනා කියල කතාකරනවා මෙයාගෙම කතාවක් නිසා….දැන් ඉතිං දන්නවනේ කවුද කියල…

    ඔන්න ඔහොමයි පිංවතුනෙ තොරණෙ විස්තරේ————
    ______________________________________________________________________________________________________

     

  • දැන් උපවාස නවත්තමු කියලා අට්ටාලේ හිටපු දෙමවුපියෝ මට හෙන ඉල්ලුවා – ලහිරු වීරසේකර ඇත්ත කියයි…

    නොවැ:08 හර්ෂ දුන්න විසදුම ගැටලු සහගත නිසා මරාන්තික උපවසය නතර නොකර තව බලපෑම වැඩි කරමු කියල ලහිරු, රයන්, නිදහස් අද්‍යපනය සදහා වෘතීය වේදීන්ගෙ කුමුදු බන්ඩාර, පෙ.ස.ප දුමින්ද නාගමුව සහෝදරවරු දිගටම කියද්දි ඉල්ලීම ලැබිල තියෙන්නෙ උපවසය දැන් නතර කල යුතුයි කියල කිව්වෙ කවුද?

    දෙමාපිය සන්ගමේ කිව්වා දැන් උපවාසය නතරකල යුතුයි කියල. ඒත් ඒක තනි කැමැත්තට කරන්න බැහැ කියල අනිත් අයගෙ අදහස් ඇහුව මට මතකයි. එතකොට ලාල් කාන්ත සහෝදරයා කිව්වෙ හර්ෂ ද සිල්වා එවල තියෙන ලිපිය අනුව” සයිටම් අහෝසි කිරීම කියල සටන් පාටයක් තවත් නැහැ, මේක අනුව සයිටම් අහෝසි වෙනව, තවත් සයිටම් අහෝසි කරනු කියල අපි කිව්වොත් ආණ්ඩුව කියයි දැන් සයිටම් එකක් නැහැ කියල, ඒනිසා උපවාසය දැන් නතර කල යුතුයි” කියල.

    ලහිරු දිගටම මේ ලියවිල්ල 10/29 නිවේදනය එක්ක සම්බන්ද කරල තියෙන එක ගැටලුවක් බව කිව්වා. දුමින්ද සහෝදරයා කිව්වා මේ ලියවිල්ල 10/29 නිවේදනය එක්ක සම්බන්ද කිරීම වගේම දෙවැනි කරුනින් සයිටම් එකේ දැනට ඉන්න ලමයින්ගෙ ප්‍රශ්නය විසදීම හර්ෂගෙ කමිටුවට බාර දීමත් ගැටලුවක් ඒ නිසා උපවාසය නතර නොකර බලපෑම තවත් වැඩිකල යුතුයි කියල.

    ඔය අතරෙ විශ්වවිද්‍යල ශිෂ්‍යයෙක් කිව්වා “අද උපවාසය නතර නොකර හෙට වෙනකනන් යනවනම් මීට වඩා දෙයක් ලබාගත යුතුයි නැත්නම් මෙතනින් උපවාසය නතරකල යුතුයි” කියල. ඔහු වෙනත් විදියකින් කිව්වෙ මීටවඩා දෙයක් ගන්න අමාරුයි ඒ නිසා උපවාසය නතරකල යුතුයි කියල.

    දුමින්ද සහෝදරයගෙන් ඇහුවම ඒ කවුද කියල ඒ රාගම කසුන් කියල දුමින්ද කිව්වා. “අපි ඉල්ලුව ඉල්ලීම් ලැබිල තියෙද්දි කවුරුහරි බලවේගයක් අපේ ලමයි තවත් මහපාරේ තියගෙන ඉන්න හදනවනන් උන්ට හෙනගහන්න ඕන” කියල දෙමපිය සන්ගමේ කන්දවත්ත මහත්තය කිව්වෙ ඔය අතරෙ.ඒ නිසා ලොකු බහින්බස් වීමකුත් උනා.

    අවසානෙ මෙතනින් උපවාසය නතර වෙන්න යනකොට මට අන්තරේ කැදවල තීරනයක් ගන්න ඕන ඒකට වෙලාව දෙන්න කියල ලහිරු කිව්ව මට මතකයි. රයනුත් කිව්වා මට ඇක්ෂන් එක අරගෙන තීරනයක් ගන්න ඕන කියල. ඒකට පැය කීයක් ඕනද කියල කීපදෙනෙක් කියනකොට එහෙම කලබල වෙන්න එපා රෑ අන්තරේ අරන් උදේ වෙනකොට කියන්නම් කියල ලහිරු කියනව ඇහුන. කලබලෙන් මාරාන්තික උපවාසය නතර කරන්න කරුනු පෙලගැහුනෙ ඔය විදියට.

    ටිකවෙලාවකට පස්සෙ හර්ෂ ද සිල්වා උපවාසය අගට එනව කියල පනිවිඩයක් ආවම පුදුමත් හිතුන. මොකද ඒ වෙනකම් මොනම වෙලාවකවත් මේ වගේ අරගල බිමකට ආණ්ඩුවෙ ඇමති වරයෙක් ඇවිත් නැති නිසා. කවුද ඒකට හර්ෂට විශ්වාසය හැදුවෙ කියන පැනය මගේ හිතේ හොල්මන් කලා.

    පස්සෙ හර්ෂත් එක්ක කල සාකච්චාවෙදි දුමින්දත්, ලහිරුත්, කුමුදු බන්ඩාරත් පමනක් මේ ලිපියෙ ගැටලු මතුකලා. ඒනිසා දැනට ඉන්න සයිටම් සිසුන්ගෙ ගැටලුව විසදන්න හදන ආයතනක් ඒ සිසුන්ගෙ ගැටලුව විසදීමෙන් අවසන් වෙනව කියන වාචික පොරොන්දුව හරි ගන්න පුලුවන් උනා.

    නැත්නම් ඒකත් නැතිව වැඩේ ඉවරවෙන්න තිබුන. මාරාන්තික උපවාසයක් වගේ කියාමාර්ගයකින් උඩටම එසවෙන සටනක් පහලට වැටෙන්නෙත් ඒවගේම වේගයකින්. එවැනි කියාමාර්ගයක් සටනක කිසියම් අවසානයක් සටහන් කිරීම වලක්වන්න බැහැ. ඒනිසා තමයි උපවාසය තවත් ඉදිරියට ගෙනගොස් ඒතුලින්ම පැහැදිලි විසදුමක් ගන්න අපි උත්සාහ කලේ.

    බාග උත්තරයකින් උපවාසය නතර කලාම සටන කලින් ගෙනගිය රිද්මයෙන්ම ඉදිරියට ගෙනයන්න බැහැ. අනික මේකෙ කිසියම් ජයග්‍රහනයක් තියෙනව. ඒකත් සලකන්න ඕන. ඒක ආපස්සට හරවන්න්න යොදා තියෙන සමහර වගන්ති සටන තවත් උස්සල වෙනස් කරගන්න අවස්තව ඕනතරම් තිබුනා. සාකච්චා දුන්න වේගය බැලුවම ඕනම කෙනෙකුට ඒක වැටහෙනව. අණ්ඩුවට ලොකු බලපෑමක් උන නිසා ඉක්මනින් මේකෙන් නිදහස් වෙන්නත් උවමනා වෙන්න ඇති. ඒ නිසා බලපෑම තවත් වැඩි කරල විසදුම පැහැදිලි, ආපස්සට හරවන්න බැරි කරගන්න තිබුන.

    ඒත් සටන අතරමෑද නතර කරන්න ලාල් කාන්තලාටත්, ශිෂ්‍යයො කිහිප දෙනෙකුටත් තිබ්බ හදිසිය හිතාගන්නවත් බැහැ. දෙමපිය සන්ගමේ වගේ අත්දැකිම් අඩු සන්විදානයක හැසිරීම තේරුම් ගන්න පුලුවන්. මේ සමස්තය නොසලකා පන්‍තිවර්ජන ගැන කතා කරල වඩක් නැහැ. හිතේ හයියට විතරක් අරගල කරන්න බැහැ.

    [rns_reactions]

  • බුකිය ගැන නෑසූ කතා

    “ෆේස්බූක්” කියපු ගමන් ඔලුවට එන ඒ සමාජ ජාල සේවාව ගැන නොදන්න කෙනෙක් නැති තරම්. කෙනෙක්ට බිය ඇති කරන අඳුරු ගුහාවක්, තව කෙනෙක්ට මල් පිපුන පාරාදීසයක්, දැනුම පිරුන ආකාරයක්. එහෙමත් නැත්තන් අදහස් බෙදන වේදිකාවක් වෙන්නත් පුළුවන්.

    අපි මේ කවුරුත් දන්න මුහුණු පොත නැත්තන් බුකිය ගැන නොදන්න දේවල් ටිකක් දැන ගමු.

    අදින් අවුරුදු 13 කට පෙර එනම් 2004 පෙබරවාරි 4 වැනිදා මාර්ක් සකර්බර්ග්, එඩුවාඩෝ සැවරින්, ඇන්ඩෲ මැකොලම්, ඩසටින් මොස්කොවිට්ස් සහ ක‍්‍රිස් හග්ස් යන අය එකතු වී ආරම්භ කළ මෙහි වර්තමාන ප‍්‍රධානියා වන්නේ මාර්ක් සකර්බර්ග්. සාමාන්‍ය පරිශීලකයන් තමන්ගේ අන්තර්ජාල දත්ත වියදම් කරමින් මෙය භාවිත කරන අතරේ 2016 වසර වන විට ෆේස්බුක් සමාගම එ් පරිශීලකයන් බිලියන 2 හරහා ලබා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 27,638ක් වෙනවා. මේ අතරින් ශුද්ධ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 10,217ක් වෙනවා. 2017 ජුනි 30 වැනිදා වෙද්දී මෙහි සේවය කළ සේවකයන්ගේ සංඛ්‍යාව 20,658ක්. ඉන්ස්ට‍්‍රග‍්‍රැම්, මෙසෙන්ජර්, වටස්ඇප්, ඔකුලස් වී.ආර් යන එ්වා මෙහි උප සමාගම් විදියට හඳුන්වා දෙන්නට පුළුවන්. මෙහි මුලස්ථානය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ මෙන්ලෝ උද්‍යානයේ ය. 

    කොහොම වුණත් මෙහි සාමාජික වෙන සෑම කෙනෙකුටම තමන්ගේ මුහුණේ පැහැදිලි පින්තූරයක් මෙයට දැමීමේ අවස්ථාව තිබෙනවා. මේ විදියට මුලින්ම මුහුණක් දාපු කෙනා තමයි ‘අල් පැසිනෝ’ කියන්නේ. ඔහු ඇමෙරිකානු රංගන ශිල්පියෙක්. නමුත් එ් පින්තූරය දැම්මේ ඔහු නෙවෙයි. එ්ක කළේ ෆේස්බුක් සමාගමින්මයි.

    ෆේස්බුක් ලාංඡනය, ලයික් බොත්තම සහ වර්ණය

    Image result for facebook\

    මේ ලාංඡනය නිර්මාණය කළේ මාර්ක් සකර්බර්ගේ මිතුරකු වගේම මෙහි ආරම්භයට දායාක වුණු ඇන්ඩෲ මැකලම්

    ෆේස්බුක් එකේ ආරම්භකයා වගේම වර්තමාන ප‍්‍රධානියා වන මාර්ක් සකර්බර්ග් වර්ණ අන්ධතාවයෙන් පෙළෙන්නෙක්. ඔහුට රතු – කොළ කියන වර්ණ හොදින් පෙනෙන්නේ නැහැ. මේ නිසා ඔහුට හො`දින් පැහැදිලිව පෙනෙන නිල්, මෙහි මූලික වර්ණය ලෙස යොදාගෙන තිබෙනවා. එ් වගේම විශ්වාසය සහ සුරක්ෂිතභාවය නිරූපණය කරන්නට ලොව පුරා භාවිත වන වර්ණයක් තමයි නිල් කියන්නේ. මේ නිසා මාර්ක් සකර්බර්ගේ වර්ණ අන්ධතාවය පැත්තකින් තිබ්බත් මේ පාට ෆේස්බුක් එකේ මූලධර්ම එක්ක හොදින් ගැළපෙනවා.

    ෆේස්බුක් හි කවුරුන් හෝ දමන ලද දෙයකට අපගේ කැමැත්ත පළ කරන්නේ ‘ලයික්’ (Like) බොත්තමෙන්. කොහොම වුණත් ෆේස්බුක් හි මෘදුකාංග ඉංජිනේරුවකු වූ ඇන්ඩෲ බොස්වර්ත් මෙය මුලින්ම නිර්මාණය කළේ වෙනත් නමිකින්. එය හ`දුන්වනු ලැබුණේ ‘ ඕසම්’ (Awesome) නමින්. අනෙක් මෘදුකාංග ඉංජිනේරුවන් ද මෙයට මහත් කැමැත්තක් පළ කළා. නමුත් 2007 වසරේ දී මාර්ක් සක්ර්බර්ග් එය නිෂේධ කරමින් ‘ලයික්’ බොත්තම හඳුන්වා දුන්නා. අද එය ෆේස්බුක් පරිශීලකයන් මහත් කැමැත්තකින් භාවිත කළත්, එදා මාර්ක් ගත්තු තීරණය ගැන ෆේස්බුක් ආයතනයේ බොහෝ දෙනෙක් එ් තරම් කැමැත්තක් දැක්වූයේ නැති බව ඇන්ඩෲ බොස්වර්ත් පවසනවා.

    ෆේස්බුක් දත්ත සහ පරිශීලකයින් වර්ධනය

    Image result for facebook crowd

    සෑම මිනිත්තු 15කටම වරකත් ෆේස්බුක් සමග එකතු වන පරිශීලක සංඛ්‍යාව 7,246ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා. 

    ෆේස්බුක් වෙබ් අඩවියට හැම මොහොතකම එකතු වන පින්තූර, වීඩියෝ ආදියේ ප‍්‍රමාණය මෙතෙකැයි කියා කියන්න බැහැ. එ් සියල්ල ෆේස්බුක් ආයතනයේ දත්ත සේවා පරිගණකවල තැන්පත් වෙනවා. මේ වන විට මේ පරිගණකවල තැන්පත්ව ඇති පරිශීලක දත්ත ප‍්‍රමාණය ‘පෙටාබයිට්’ 300ක් පමණ වෙනවා. පෙටාබයිට් එකක් කියන්නේ ගිගාබයිට් මිලියන 1ක ප‍්‍රමාණයක්. ලෝකයේ භාවිත වන භාෂාවන්ගෙන් වගේම පැරණි, අභාවිත භාෂාවන් පවා මෙහි අඩංගුව පවතිනවා. මේ නිසා සමස්ත මිනිස් වර්ගයාගේ විශාලතම ලේඛන එකතුව ෆේස්බුක් ලෙසත් ඇතැමුන් හඳුන්වනවා.

    Image result for facebook server

    පෝස්ට් දමන්න හොඳම වෙලාව 
    ෆේස්බුක් භාවිත කරන ඔබට එයට පෝස්ට් එකක් දමන්න වෙලාවක් කලාවක අවශ්‍ය නැති බව ඇත්ත. නමුත් ෆේස්බුක් ආයතනයම කියන විදියට එ්ක එහෙම නෙවෙයි. ඔවුන් පවසන්නේ රෑ 10ත් 11ත් අතර කාලයේ දමන පෝස්ට්වලට 88% ක වැඩි අවධානයක් ලැබෙන බවයි. එ් වගේම ප‍්‍රශ්නාර්ථයකින් අවසන් වන පෝස්ට්වලට 162% ක වැඩි අවධානයක් ලැබෙන බවත් ඔවුන් සොයාගෙන තිබෙනවා.
     
    වැඩියෙන්ම බෙදාහදා ගැනීම් 
     
    ෆේස්බුක් වෙබ් අඩවියේ වැඩියෙන්ම හුවමාරු වෙන්නේ මොනවාද? පින්තූර කියා බොහෝ දෙනෙක් හිතුවොත් ඇත්තටම එ්ක එහෙම නෙවෙයි. වැඩියෙන්ම හුවමාරු වෙන්නේ වීඩියෝ. එ් වගේම 2014 වසරේ දී පමණක් ෆේස්බුක් පරිශීලකයන් දිනකට වීඩියෝ බිලියන 1 කට වඩා නරඹා තිබෙනවා. වර්තමානයේ එම ප‍්‍රමාණය දිනකට බිලියන 4කටත් වඩා වැඩියි.
    සකර්බර්ගේ බොරුව 
    ෆේස්බුක් නිර්මාණය කළ මාර්ක් සකර්බර්ගේ විස්තර තියෙන තැන සඳහන් වෙන්නේ ඔහු හාවර්ඞ් සරසවියේ පරිගණක විද්‍යාව හදාරා උපාධියක් ලබා ගත් ශිෂ්‍යයකු බවයි. නමුත් එ්ක බොරු කතාවක්. ඇත්තටම ඔහු එයින් උපාධියක් ගත්තේ නැහැ. ෆේස්බුක් ආයතනයේ වැඩකටයුතු අධික වීම නිසා ඔහුට එයින් ඉවත් වන්නට සිදු වුණා.
    ෆේස්බුක් හොරකම් 
    ෆේස්බුක් නිසා සොරකමකට ලක් වූවන්ගේ සංඛ්‍යාව බොහොමයි. බොහෝ දෙනෙක් තමන් එ් මොහොතේ සිටිනා ස්ථානය දක්වා ‘ස්ටේටස්’ යාවත්කාලීන කරන්නට පුරුදුව සිටිනවා. මෙයින් ප‍්‍රයෝජනය ගන්නා සොරු එම පුද්ගලයන්ගේ නිවාස කොල්ල කනවා. ලොව පුරා මංකොල්ලකරුවන්ගෙන් 80%ක්ම ෆේස්බුක් ස්ටේටස් පරීක්ෂා කරන බව සොයා ගෙන තිබෙනවා.
    ෆේස්බුක් අපරාධ 
    Related image
    ලොව වටා සිදුවන අපරාධවලින් 40%ක්ම ෆේස්බුක් සමග සම්බන්ධයක් ඇති බවට සොයාගෙන තිබෙනවා. ෆේස්බුක් නිසා හ`දුනාගත් පුද්ගලයන් අතින් මිය යන සංඛ්‍යාව ද දිනෙන් දින වැඩි වන බවට වාර්තා ලැබෙනවා. මිනිසුන් ඝාතනය කිරීමේ මානසික උන්මාදයකින් පසුවන්නන් එ් සඳහා ගොදුරු සොයාගැනීමේ ඉල්ලමක් ලෙස ෆේස්බුක් භාවිතා කරනවා.
    තහනම් රටවල් 
    ඇතැම් රටවල් ස්ථිර ලෙසත්, ඇතැම් රටවල් තාවකාලික ලෙසත් ෆේස්බුක් තහනම් කොට තිබෙනවා. චීනය, ඉරානය, උතුරු කොරියාව ආදිය ස්ථිර ලෙසම ෆේස්බුක් තහනම් කොට තිබෙනවා. ඊට අමතරව බංග්ලාදේශය, ඊජිප්තුව, ජර්මනිය, ඉන්දියාව, මැලේසියායාව ආදී තවත් රටවල් ගණනාවක් වරින් වර තාවකාලිකව ෆේස්බුක් තහනම් කොට තිබෙනවා.