Blog

  • ප්‍රින්සිපල්ගෙන් සංවර්ධන සමිතියේ ලේකම්ට ගුටි…(Video)

    වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගේ පරක්කු වී සේවයට වාර්ථා කිරීම ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කරන්න ගිය සංවර්ධන සමිතියේ ලේකම් වරයාට කුපිත විදුහල් පති වරයා පහර දුන්නේ මෙහෙමයි….

  • ප්‍රභාකරන් යලි ඉපදේ.. උතුරු පළාත් අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි…(Video)

    උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේස්වරම් අද වව්නියාව ඉරට්ටෙපෙරියකුලම් පැරකුම් මහ විද්‍යාලයේ පැවති උත්සවයකදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කොට ඇති අතර මෙහිදී උත්සවය සංවිධානය කල මංවිධායක මණ්ඩලය දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
    රටේ ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරන මොහු වන් අය මේ ඉල්ලන්නේ ප්‍රභාකරන්ගේ නම් ඒ කෘර ත්‍රස්තවාදියාගේ දෙමල ඊලම නොවේද? එකම රටේ ජාතික ධජය පිළිගන්න බැරි මොවුන් මෙම රටෙන් පිටුවහල් කරන්න වටිනවා නේද?

  • භක්තිය නිසා කොටාගත් බුදුරුවක පච්චයට දඩුවමක් ලෙසින් රටින් පිටුවහල් කළ බ්‍රිතාන්‍ය කතට ලක්ෂ 8ක් වන්දි .

    භක්තිවන්තභාවය නිසා අත්බාහුවෙහි බුදුරුවක් පච්ච කොටාගෙන සිටි තමා අත්අඩංගුවට ගෙන දෙදිනක් සිර අඩස්සියේ තබා රටින් පිටුවහල් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් පොලිසිය විසින් උල්ලංඝනය කරන ලදැයි පවසමින් බ්‍රිතාන්‍ය තරුණියක් විසින් ගොනුකළ අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශේ‍ර්ෂ්ඨාධිකරණය වන්දි හා නඩු ගාස්තු වශයෙන් ඇයට රුපියල් ලක්ෂ 08ක් ගෙවන ලෙස රජයටත් එම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාටත් ඊයේ (15දා) නියෝග කළේය.

    මෙම පෙත්සම ගොනුකොට තිබුණේ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වූ නයෝමි මිචෙල් කෝල්මන් මෙනෙවිය විසින් මෙම පෙත්සම්කාර විදේශික තරුණියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට ඍජුවම ක්‍රියාකොට ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා තම මුදලින්ම එක් අයකු රුපියල් 50,000ක් බැගින් රුපියල් ලක්‍ෂයක වන්දියක්ද රජයේ ආයතනයක් වන පොලිසියේ ක්‍රියාකලාපය තුළ මෙම සිද්ධිය සිදුව ඇති හෙයින් රජය රුපියල් ලක්ෂ 05ක වන්දියක්ද, ඊට අමතරව නඩු කටයුතු සඳහා ඇයට වැයවූ මුදල පියවා ගැනීම සඳහා නඩු ගාස්තු වශයෙන් තවත් රුපියල් ලක්‍ෂ 02ක්ද ගෙවන ලෙසට නියෝගයේ සඳහන් විය.ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර අනිල් ගුණරත්න මහතා, ඊවා වනසුන්දර හා නලින් පෙරේරා යන සෙසු විනිශ්චයකාර දෙපොළගේ අනුමැතියෙන් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

    බෞද්ධ ධර්මය කෙරෙහි පැහැදීමකින් සිටින තමා බෞද්ධ රටවල සංචාරය කිරීමත්, විටින් විට බෞද්ධ භාවනා වැඩසටහන්වලට පවා සහභාගි වීමත් වසර ගණනක සිටම කරගෙන යන බවත්, ශ්‍රී ලංකාවට 2014 අප්‍රේල් මස 05 වැනි දින පැමිණ කටුනායකින් ගොඩබසින ලද අවස්ථාවේදී කැඩිච්ච ඉංග්‍රීසියෙන් කතා කළ රියැදුරකු අසල සිටි පොලිස් නිලධාරියකු සමඟ එක්වී තමා කටුනායක පොලිසියට රැගෙන ගිය බවත්, එහිදී තමා පැහැදිලි කළ කිසිවක් වටහා ගැනීමට ඉංග්‍රීසි භාෂාව නොදත් එහි සිටි නිලධාරීන් දෙදෙනාට නොහැකි බවත් ඔවුන් සිංහල භාෂාවෙන් මොන මොනවාදෝ කියා තමා අත්අඩංගුවට ගෙන පසුව මිරිහාන රැඳවුම් කඳවුරක සිරකර තබා දින 02කට පසු අධිකරණ නියෝගයක් ලබාගෙන රටින් පිටුවහල් කළ බවත් ඇයගේ පෙත්සමෙන් ප්‍රකාශ විය.

    [rns_reactions]

  • දරුවන් පතමින් භාවනා කරන තරුණියන්ව කපුවෙක්ට බිලිදෙන්න රැගෙන යන අනුරපුර ගණිකාවෝ…

    අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුදබිම අප කාගේත් වන්දනාවට ලක්වන උතුම් පුදබිමක්. බොහෝ බෞද්ධයින් තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්නට රුවන්වැලි සෑ සමිඳුන්ට විවිධ පුද පූජාද පවත්වනවා. එලෙස රුවන්වැලි සෑ පුදබිබේ දරුවන් ප්‍රාර්ථනා කරමින් භාවනාවේ යෙදුනු විවාහක තරුණියන්ට දරුඵල ලබා දෙන බව පවසා අමුතු විදියේ ප්‍රතිකාරයක් කල නොච්චියාගම ප්‍රදේශයේ කපුමහතෙකු ගැන තොරතුරු නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

    මහා බලසම්පන්න දේවාලයක් තිබෙන බව පවසමින් විවාහක තරුණ කාන්තාවන් රවටා ‍නොචියාගම ‍පොලිස් වසමේ සිටින කාමාතුර කපුවෙකුගේ කාමාශාව සංසිඳුවා  ගැනීමට රැගෙනයන සංවිධානාත්මක කාන්තාවන් පිරිසක් සිටින බව පසුගියදා අනාවරණය වී තිබුණා.

    ඒ අනුව ඉතාමත් බලගතුයැයි කියන මෙම කපුවා සිටින දේවාලයට රුවන්වැලි සෑ සමිඳුන් අභියස දරුඵල පතා භාවනා කරන තරුණියන් සංවිධානාත්මක පිරිසක් විසින් රැගෙන ගොස් තිබෙනවා.ඒ දරුඵල ලබාදෙන බවට පොරොන්දු වෙමින්. ඉන් අනතුරුවයි මෙම රැගෙන යන පිරිස විසින් මෙම තරුණියන්  කපුවාගේ කාමාශාව සංසිඳුවා ගැනීම සඳහා ලබාදෙන්නේ.

    මීට දින කිහිපයකට පෙරද දරුඵල අපේක්ෂාවෙන් සිටින තරුණියක් එම සිද්ධියට මුහුණ පා තිබෙනවා. එසේම මෙම දේවාලය පවත්වාගෙන යන මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති බවද වාර්තා වෙනවා.

    මෙහි ආසන්නම සිදුවීම පසුගියදා වාර්තාවුනා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටි තරුණියක් තවත් කාන්තාවක් විසින් මෙම දේවාලය පිළිබඳව බවසා ඇයව එම දේවාලයට රැගෙන ගොස් තිබෙනවා. එහිදී මෙම දේවාලයේ සිටින වංචනික කපුවා විසින් ඇයට සුළු වේලාවක් භාවනා කරන ලෙස පවසා තිබෙනවා.

    ඇය භාවනා කරන අතරතුරේ මෙම වංචනික කපුවා විසින් මෙම තරුණියගේ තෙල් වැනි යමක් ආලේප කර තිබෙනවා. සුළු මොහොතකට පසු ඇයව සිහිසුන් වී තිබෙනවා. ඉන් අනතුරුව මෙම  කපුවෙක්යැයි කියාගන්නා කාමාතුරයා විසින් ඇයව තමන්ගේ ගොදුරක් බවට පත්කරගෙන සිටිනවා.

    මෙලෙස මෙම කාමාතුර කපුවාගේ ගොදුරට ලක්වන තරුණියන් ලජ්ජාව නිසා මේ පිළිබඳව කිසිවෙකුට නොකියන නිසා මොහු බොහෝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව ජයටම කරගෙන ගොස් තිබුනා. කෙසේ වෙතත් මෙවැනි වංචනික මිනිසුන් නිසා  ඉතා කල්පනාකාරීව සහ විමසිලිවත්ව වත්මන් සමාජයතුල ජීවත් වීයයුතු වෙනවා.

    [rns_reactions]

  • රනිල්ට වැඩ වරදින ලකුණු… බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හදිසි දැනුම්දීමක්

    බැඳුම්කර ගනුදෙනු පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අද (16) එම කොමිසම දැනුම් දී තිබෙනවා. 

    ලබන සදුදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ.

    [rns_reactions]

  • ඇමතිවරු හා ඇලෝසියස්ගේ දුරකථන සාකච්ඡා එළියට

    කෝප් කමිටු සාමාජිකයින් පස් දෙනෙකු පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සබඳතා පවත්වා ඇතැයි බැඳුම්කර කොමිසමේදී අද (16) අනාවරණ වුණා. 

    අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි සහ හර්ෂණ රාජකරුණා එම පස්දෙනා වනවා.

    ඔවුන් සහ ඇලෝසියස් අතර මෙම දුරකථන සංවාද ඇති වී තිබුණේ මතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිලිබඳ විමර්ශනය කරන සමයේදී බවද වැඩිදුරටත් හෙළි වුණා. 

    ඊට අදාළ ලේඛනයක් නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසමට අද ඉදිරිපත් කරනු ලැබුවා. 

    [rns_reactions]

  • මීතොටමුල්ල නායයාමෙන් විපතට පත් පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව

    මීතොටමුල්ල නාය යාමෙන් විපතට පත් පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීමේ “මෙත්සරණ ශිෂ්‍යත්ව” වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනට අත්වැලක් සපයමින් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ්‍ය, ජාතික ඉතිරිකිරිමේ බැංකුව සහ AIA ලංකා රක්ෂණ සමාගමේ අනුග‍්‍රහයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

    වයස අවුරුදු 18 ට අඩු දරුවන් වෙනුවෙන් රුපියල් විසි පන්දහසක් බැගින් වූ ශිෂ්‍යත්ව 107 ක් මෙහිදී පිරිනැමුණු අතර, එය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් ශිෂ්‍යත්ව 10 ක් ප‍්‍රදානය කෙරිණි.

    කේසර චමිදු හේවාසිංහ දරුවා විසින් රචිත “සත්සරගේත් දම්සරගේත් අලුත් අවුරුදු ගමන” නම් වූ ග‍්‍රන්ථය ද මෙහිදී එම දරුවා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

    මේ අවස්ථාවට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ, අමාත්‍යාංශ ලේකම් සරත් චන්ද්‍රසිරි විතාන යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    [rns_reactions]

  • අයවැය දෙවැනිවර කියවීම ඡන්ද විමසීම අදයි

    2018 වසර සඳහා වන අයවැය පිළිබඳ ,දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (16) පස්වරු 5.00 ට සිදුකෙරේ.

    වත්මන් යහපාලන ආණ්ඩු‍වේ තෙවන අයවැය මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගිය (09) වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කළේය.

    2018 වසර සඳහා වන අයවැය 09 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව පසු දින සිට එනම් 10 -16 දක්වා අයවැය ‍පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය පැවැත්විණ.අයවැය දෙවනවර කියවීමෙන් පසුව අද (16) පස්වරු 5.00 ට ඡන්ද විමසිම සිදුකිරීමට නියමිතය.

    2018 වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තෙවන වර කියවිම හෙට (17) සිට ආරම්භ වේ.

    ‍අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වේ.මෙහිදි ඒ ඒ අමාත්‍යාංශ වල වැය ශීර්ෂ පිළිබදව විවාද කෙරෙන අතර කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 වැනිදා පස්වරුවේ සිදුකිරිමට නියමිය.

    2018 වසර සඳහා වන සමස්ත වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තොම්බර් 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ වන හෙට (17) දිනයේදී ජනාධිපති, අගමැති, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,අමාත්‍ය මණ්ඩල කාර්යාල,රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු කොමිෂන් සභා පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කා‍ර්යාලය,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය, විපක්ෂනායක කා‍ර්යාලය ඇතුළු වැය ශීර්ෂ 27ක් පිළිබඳ විවාදය පැවැත්වෙයි.

    [rns_reactions]

  • එජාපයට පැන්න ප්‍රබලයෝ පිරිසක් යළි පනින්න සැරසෙති

    පසුගිය මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිට දේශපාලන පිහිට පතා එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධවී ‘අලියා’ ලකුණින් තරඟ වැඳුණු පිරිසක් යළි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැනීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

    ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් සිව් දෙනෙකු ලඟදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීමට සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඒ අනුව එක්සත් ජාතික පෙරමුණේ කටයුතු කරන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග යන ඇමැතිවරුත් එජාපයේ මහරගම සංවිධායක, හිටපු ඇමැති විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රීලනිපයට එක්වීමට කැමැත්ත පළකර ඇති බවත් තවත් එජාපයේ ප්‍රබලයෙකු ස්ථීර ප්‍රකාශයක් සිදු කර නොමැති බවත් වාර්තා වේ.

    රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග අමාත්‍යවරුන් සහ විජේදාස රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාද මේ සම්බන්ධව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්භවයක් ඇති තවත් එක් මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා එක්වීමට එකඟතාවය පල කර ඇත.

    මේ අනුව ඉදිරි දිනවලදී ප්‍රබල දේශපාලන පිල්මාරුවක් සිදුවන බව එම ආරංචි මාර්ග පවසයි.

    [rns_reactions]

  • එජාප සහ ජවිපෙ සාමාජිකයින් පිරිසක් ශ්‍රීලනිපයට

    ජනතා විමුක්ති පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිමුතු අබේකෝන් මහතා ඇතුළු මහනුවර මහ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (15) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් විය.

    මහනුවර ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළට සිය උපරිම සහය පළ කරන බව ඔවුහු ප්‍රකාශ කළහ.

    මධ්‍යම පළාත් අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා සමග පැමිණ මෙම පිරිස ජනාධිපතිතුමා හමුවූ අතර, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    [rns_reactions]

  • පුංචි ඡන්දයට එරෙහි පෙත්සමේ තීන්දුව 22දා

    පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් අභියාචනාධිකරණයේදී අද කැඳවනු ලැබුවා. අදාළ ගැසට් පත‍්‍රය සඳහා පෙත්සම්කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළිබඳ සිය තීන්දුව ලබන 22 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බවයි අභියාචනාධිකරණය එහිදී කියාසිටියේ. 

    අභියාචනාධිකරණයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

    එහිදී මැදහත්කාර පාර්ශ්ව ලෙස එක්සත් ජාතික් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පොදුජන පෙරමුණ සහ පැෆරල් සංවිධානය පෙත්සම්වලට විරෝධය පළකළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ. අදාළ පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පැවසුවේ මෙම පෙත්සම් මගින් පළාත් පාලන මැතිවරණය අනවශ්‍ය ලෙස කල් දැමීමට පෙත්සම්කරුවන් උත්සහ කරන බවයි. ඒ හේතුවෙන් ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය උල්ලංගනය විය හැකි බව ද ඔවුන් පෙන්වා දුන්නා. මීට අමතරව නීතිපතිවරයා ද මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ගොනු කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පවසන්නේ. 

    ප‍්‍රශ්නගත ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මෙම වසරේ පෙබරවාරි මස 17 වැනිදායි. මේ වනවිට ඊට මාස 9ක් පමණ ගතවී ඇතැයි ද ඒ අනුව ගැසට් නිවේදනයට එරෙහිව පෙත්සමක් ගොනු කළ හැකි කාලය ඉක්මවා ඇතැයි ද නීතිපතිවරයා ගොනු කළ විරෝධතාවේ දැක්වුණා. මෙම පෙත්සම මැතිවරණයක් සම්බන්ධයෙන් එකක් බැවින් එය විමසීමට බලය ඇත්තේ අභියාචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට බව නීතිපතිවරයා ගොනු කළ විරෝධතාවල සඳහන්. 

    [rns_reactions]

     

  • කාසියේ වාසිය ශ්‍රී ලංකාවට… වාසියෙන් කඩුලු දෙකක් බිඳ වැටේ – තරගයට වැස්සෙන් බාධා

    සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර කොල්කටා නුවර ඊඞ්න් ගාර්ඞ්න් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයට මේ වන විට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පැමිණි ඉන්දියාවේ කඩුළු 02ක් දැවී ලකුණු 17ක් රැස්කර සිටින්නේ පන්දුවාර 8යි පන්දු 2ක් හමුවේයි.

    [rns_reactions]

     

     

  • පුංචි ඡන්දයට ශ්‍රීලනිපය එන “ඡන්ද සළකුණ” ගැන මහ ලේකම් කියන කතාව

    එළඹෙන පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ කුමන ලාංඡනයකින්දැයි තවමත් තීරණය කර නැතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. සන්ධානගත වන පක්ෂ සමග ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවයි එහි මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ. 

    ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනකු ළඟදීම ඒකාබද්ධ විපක්ෂයට එක්වන බවට කෙරෙන ප‍්‍රකාශ සම්බන්ධයෙන් ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. තැනැත්තකු ජනප‍්‍රිය වූ පමණින් ඔහුට මැතිවරණයක් ජයගත නොහැකි බව ද අමාත්‍ය දුමින්ද දිසානායක කියාසිටියා.

    [rns_reactions]

     

     

  • හතුරුසිංහගේ පැමිණීම ස්‌ථිරයි… දයාසිරි කියයි

    හිටපු ප්‍රවීණ ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක හා බංගලාදේශ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගන්නා බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසනවා.

    චන්දික හතුරුසිංහ මහතාගේ පැමිණීම අපි ඉතා ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නා බවද ඇමැතිවරයා ඊයේ (15 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටි අතර බංග්ලාදේශයේ ලබාදී තිබු අධික වැටුප හා පහසුකම් සියල්ල දමා ආපසු පැමිණීමට ඔහු ගත් තීරණය අගය කළ යුතු බවද ප්‍රකාශ කළා.

  • පුංචි ඡන්දයට එරෙහිව ඉදිරිපත් කල පෙත්සමේ තීන්දුව 22 දා…

    පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඡන්ද කොට්ඨාශ සීමා නිර්ණය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම අද(16) විභාගයට ගත් අතර එම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ කැදවූ මෙම පෙත්සමේ එම ගැසට් පත්‍රය සඳහා පෙත්සම් කරුවන් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය පිළබඳ
    තීන්දුව ලබන 22 දා ලබාදෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර ඇත.

    එහිදී මැදහත්කාර පාර්ශව ලෙස එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , පොදුජන පෙරමුණ සහ පැෆරල් සංවිධානය මෙම පෙත්සම් වලට සිය විරුද්ධතාවය පලකරන ලදී. මෙම පෙත්සම් මගින් පළාත් පාලන මැතිවරණය අනවශ්‍ය ලෙස කල් තැබීමට මෙම පෙත්සම් මගින් උත්සාහ දරනවා යැයි එම පාර්ශව වලින් පෙනී සිටි නීතීඥවරු පැවසන ලදී.ඒ හේතුවෙන් ජනතාවගේ උත්තරීතර අයිතියක් වන ඡන්ද බලය උල්ලංඝනය වන බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා අතර මේ හේතුවෙන් නීතිපති වරයාද මෙම පෙත්සම සම්බන්දව මූලික විරෝධතා ගොණු කර ඇති බව අධිරකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම ගැසට් නිවේදනය මෙම වසරේ පෙබරවාරි 17 වනදා නිකුත් කර ඇති අතර මේ වන විට ඊට මාස නමයකට යැඩි කාලයක් ගත වී ඇති නිසා ඒ අනුව එයට එරෙහි වීමට කාලය ඉක්මවා ඇති බව නීතිපති වරයාගේ විරෝධතාවයේ දැක්වේ.මෙම පෙත්සම මැතිවරණ සම්බන්ධව බැවින් එය විමසීමට බලය ඇත්තේ අභියායචනාධිකරණයට නොව ශ්‍රේෂ්ඨාදිකරණයට බවත් නීතිපති වරයා ගොණු කල විරෝධතාවයේ සඳහන් බව අධිකරන ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් වේ.