Blog

  • ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය අද

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය පිල අතර පළමු ටෙස්්ට් තරගය අද …

    තරඟය පැවැත්වෙන්නේ කොල්කටාහි ඊඩන් ගාඞ්න් ක්‍රීඩාංගයේදී. 

    ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 9.30 ට ඇරඹීමට තිබුනත් මේ වන විට වර්ෂාවෙන් බාධා ඇති වී තියෙනවා

    දෙරට අතර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග 3 බැගින් පැවැත්වෙනවා. 

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තරගාවලියට සහභාගිවීමට පෙර අදහස් දක්වමින් කියා සිටියේ කණ්ඩායම යහපත් මානසික මට්ටමක මේ වනවිටත් පසුවන බවයි.

    මේ අතර අද තරඟයට බොහෝදුරට ක්‍රීඩා කළ හැකි බවට අනුමාන කෙරෙන කණ්ඩායම් විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුනා.

    India (probable): 

    1 KL Rahul, 
    2 Shikhar Dhawan, 
    3 Cheteshwar Pujara, 
    4 Virat Kohli (capt.), 
    5 Ajinkya Rahane, 
    6 Rohit Sharma, 
    7 Wriddhiman Saha (wk), 
    8 R Ashwin/ Ravindra Jadeja, 
    9 Bhuvneshwar Kumar, 
    10 Mohammed Shami, 
    11 Umesh Yadav.

    Sri Lanka (probable): 

    1 Dimuth Karunaratne, 
    2 Sadeera Samarawickrama, 
    3 Dhananjaya de Silva, 
    4 Dinesh Chandiwal (capt.), 
    5 Angelo Mathews, 
    6 Niroshan Dickwella (wk), 
    7 Lahiru Thirimanne/ Dasun Shanaka ,
    8 Dilruwan Perera, 
    9 Suranga Lakmal, Rangana Herath, 
    11 Lahiru Gamage/ Vishwa Fernando

  • බුදුරුවක් උරහිසේ පච්චකොටාගෙන ආ බ්‍රිතාන්‍ය කාන්තාවට රජයෙන් ලක්ෂ 7 ක වන්දියක් ගෙවන ලෙස ලංකාවේ උසාවියෙන් තීන්දු කරයි…

    ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම උරහිසේ බුදුන්ගේ රුව සහිත පච්චයක් කොටා තිබීම හේතුවෙන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික සංචාරක කාන්තාවක් විසින් ගොනු කොට තිබු මූලික අයිතිවාසකිම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයගේ නඩු ගාස්තු හා වන්දි වශයෙන් රුපියල් ලක්ෂ අටක මුදලක් ඇයට ගෙවන ලෙස නියෝග කෙළේය.

    කටුනායක පොලිසිය විසින් 2014 දී ඇය ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් ලබාගැනීමෙන් පසු පිටුවහල් කොට ඇත.ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කොල්මන් මහත්මිය ගොනුකළ පෙත්සම මගින් කටුනායක පොලිසියේ නිළධාරීන් දෙදෙනකු වගඋත්තර කරුවන් වශයෙන් නම්කොට තිබුණි.

    Image result for naomi coleman

     

    මෙම පෙත්සම විභාග කළ අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ නලින් පෙරේරා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව තීරණය කොට රජය මගින් ඇයට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද රුපියල් ලක්ෂ 2ක් වූ ඇයගේ නඩු ගාස්තු ද පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගෙන් රුපියල් 50,000 බැගින් වන්දි මුදලක් ද පෙත්සම්කාරියට ගෙවන ලෙස නියෝග කෙළේය.

    Related image

     

    පෙත්සම්කාර නයෝමි කෝල්මන් මහත්මිය වෙනුවෙන් ජනාධිපති නිතීඥ ජේ.සී වැලිඅමුණ මහතා ද රජය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ෆාරින්ද රණසිංහ මහතා ද පෙනී සිටියහ.

  • රාජපක්‍ෂ ආණ්ඩුවෙන් සෙවණ දුන්නේ ජනතාවට නොව රජ පවුලටයි

    පසුගිය ආණ්ඩු සමය තුළ රටේ උදා ගම්මාන, ආදර්ශ ගම්මාන ඉදි වුණේ නැහැ. ඔවුන් රටේ අසරණ ජනතාවට සෙවණක් ලබා දුන්නේ නැහැ. ඔවුන් සෙවණ ලබා දුන්නේ රජ පවුලට පමණයි. පාලකයන්ගේ ගෝල බාලයන්ට පමණයි. එදා පාලකයන් පොඩි මිනිසාට නිවාස ඉදිකර දුන්නේ නැහැ. අද යහපාලන රජයේ පාලකයන් නිවාස ඉදිකර දෙන්නේ අසරණ පොඩි මිනිසාට මිස, රටේ පාලකයන්ට හෝ ඔවුන්ගේ ගෝලබාලයන්ට නොවේ.මෙවර අය වැය ලේඛනය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට ඉතාම වැදගත් වෙනවා. ඒ මන්ද මුදල් ඇමැතිතුමා මෙවර අය වැයෙන් අප අමාත්‍යාංශයට පසුගිය වසරට වඩා 66%කට වැඩි මුදල් ප්‍රතිපාදන වෙන් කොට තිබීම නිසයි. මංගල සමරවීර ඇමැතිතුමන්ගේ එම ක්‍රියාදාමය හේතුවෙන් වසර 2025දී සැමට සෙවණ ලබාදීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කර ගැනීමට හැකි වෙනවා.

    මේ නිසා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට මෙවර අයවැය තුළින් මුදල් ප්‍රතිපාදන වැඩි වශයෙන් වෙන් වීම පිළිබඳ පරාජිතයන් පිරිසක් අපට අය වැයෙන් මෙලෙස මුදල් ප්‍රතිපාදන වැඩිපුර හිමිවීම පිළිබඳව අකුල් හෙළමින් සිටිනවා.

    අද අපට චෝදනා කරන පිරිසගේ පාලන කාලය තුළ රටේ නිවාස අවශ්‍යතාව පිළිබඳව කිසිදු සංඛ්‍යා ලේඛනයක් ඔවුන් සතුව තිබුණේ නැහැ. මොවුන් වසර ගණනාවක් සිදු කළේ බොරුවයි. නිවාස අවශ්‍යතාව පිළිබඳව එදා ඔවුන් ඉදිරිපත් කළේත් බොරු සංඛ්‍යා ලේඛනයි. 2025 දී සැමට සෙවණ ලබාදීමට නම් දිනපතාම යම් නිවාස ප්‍රමාණයක් ඉදිවිය යුතු බවට ඔවුන් අද ප්‍රකාශ කරනවා. නිවාස සංගණනයක් සිදුකර රටේ නිවාස අවශ්‍යතාව හඳුනා ගත්තේ යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව බව අපි ප්‍රකාශ කරන්නට කැමැතියි.

    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා ‘සොඳුරු පියස නිවාස ණය’ නමින් ජනතාවට ණය ආධාර ලබාදීමේ වැඩසටහනක් මේ වන විට ආරම්භ කොට තිබෙනවා. මෙම ණය ආධාර මුදල් අමාත්‍යාංශය හරහා ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මඟින් ලබා දෙනු ලබනවා. මෙහිදී එක් ප්‍රතිලාභියකුට රුපියල් ලක්ෂ 2ක සහන පොලී ණය මුදලක් අප ලබා දෙනවා.

    පසුගිය රජය සමයේදී රාජ්‍ය මූල්‍ය ආයතන මඟින් සහන පොලියට ණය ලබා දුන්නේත් පොදු ජනතාවට නොව, රටේ නායකයන්ගේ ගෝලබාලයන්ටයි. පසුගිය රජය සමය සහ යහපාලනය අතර පවතින වෙනස එයයි. එය අද ජනතාවට ඉතා පැහැදිලිවම දැකගත හැකියි.

    [rns_reactions]

  • බැඳුම්කර වංචාකරුවන්ට අලුත් ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු

    මහ බැංකු බැඳුම්කර කොමිසමේ වාර්තාව අනුව එම දූෂණ හා වංචාවලට අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයාගේ නිර්දේශ මත අලුතෙන් පිහිටුවන ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩු පැවැරෙනු ඇතැයි ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

    දැනට පවතින ක්‍රමවේදය යටතේ මහාධිකරණයක නඩුවක් විභාග කර අවසන් කිරීමට වසර 10ක්ද, අභියාචනාධිකරණයේ සහ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අභියාචනයක් අවසන් කිරීමට වසර 7ක් වශයෙන් වසර 17ක් ගතවන බවත් නඩු පැවැරීම ප්‍රමාදවීම හා නඩු විභාග ප්‍රමාදවීම වැළැක්වීමට රජය ගෙන යන නව වැඩපිළිවෙළ අනුව කෙටි කාලයක් තුළ නඩු කටයුතු නිම කිරීමට හැකිවනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

    සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (15දා) දහවල් පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.

    [rns_reactions]

     

  • ඔබත් ලිංගික උත්තේජන පෙති ගන්නවානම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න…

    පසුගිය දිනවල හෘදයාබාධ වලින් මිය ගිය තරුණයන් කිහිප දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ගිය පොදු රාවයක් වූයේ ඔවුන් මෙම ලිංගික උත්තේජන පෙති පානය කිරීම නිසා  හෘදයාබාධ වලට ලක් වී මිය ගිය බවය.

    මේ තත්ත්වය යටතේ මෙහි විද්‍යාත්මක සත්‍යය අනාවරණය කරගනු පිණිස අපි රත්මලාන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හෘද රෝග විශේෂඥ වෛද්‍ය නාමල් විජයසිංහ මහතා වෙත මෙම ප්‍රශ්න කිහිපය යොමු කළෙමු.

    • පුරුෂයන්ගේ ලිංගික උත්තේජනය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාව මඟින් නිර්දේශ කළ පෙති වර්ග තිබෙනවාද?

    ඔව්; ඒ සඳහා Sidenafil, Tadalafil වැනි ඖෂධ වර්ග තියෙනවා.

    Image result for sildenafil pills for sale

    Image result for Tadalafil pills for sale

     

    • මේ දෙකෙහිම ක්‍රියාකාරීත්වය එක හා සමානද?

    මුල් ඖෂධයේ ක්‍රියාකාරීත්වය පැය ගණනක් දක්වාත්, දෙවෙනි ඖෂධයේ ක්‍රියාකාරීත්වය දින ගණනක් දක්වාත් බලපැවැත්වෙනවා. මේ අතරින් බහුලවම භාවිතා වන්නේ මුලින් සඳහන් කළ ඖෂධයයි.

    • Sidenafilයන ඖෂධය මෑතක සිට ජනප්‍රිය වූවක් නේද?

    මේ ඖෂධය මුලින්ම නිෂ්පාදනය වී ඇත්තේ 1989 වසරේ; ඒ අධික රුධිර පීඩනය, පපුවේ ඇන්ජයිනා කැක්කුම ආදී රෝග වලට ප්‍රතිකාරයක් වශයෙන්. නමුත් එය භාවිතයට ගැනීමෙන් පසුව එහි අතුරුඵලයක් ලෙස එමගින් පුරුෂයන් හට ලිංගික උත්තේජනයක් ලැබෙන බව අනාවරණය වුණා. පුරුෂ ලිංගික බෙලහීනතාව මැඩලීම සඳහා නිර්දේශ කරන ඖෂධයක් ලෙස මෙය භාවිතයට ගැනුණේ ඊට වසර දහයකට පමණ පසුවයි.

    • එහෙත් මෙවැනි ඖෂධ වලින් පුද්ගලයන්ට මරු කැඳවන බවට සමාජය පුරා පැතිර යන රාවය කුමක්ද?

    මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වය මත ඒවා භාවිතා කරන පුද්ගලයන්ගේ රුධිර ගමනාගමනය ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා එවැනි අන්තරාකාරී තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන්.

    • සියළුදෙනා කෙරෙහි ඒ අවදානම බල පෑ හැකිද?

    බොහෝවිට සුළු වෙහෙස මහන්සියක දී ඇන්ජයිනා කැක්කුම ඇතිවන්නවුන් නයිට්රේට් (Nitrate) ගණයේ ඖෂධ ලබාගන්නවුන් මෙම අවදානමට වැඩිපුර ලක් විය හැකියි.

    • හෘදයාබාධ සඳහා බයිපාස් සහ ඇන්ජියෝ ප්ලාස්ටි සැත්කම් වලට ලක් වූවන් මෙම පෙති පෙති පාවිච්චි කිරීම සුදුසුද?

    කවුරුන් හෝ මෙම පෙති භාවිතයට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්. එහිදී වෛද්‍යවරයා රෝගියාගෙන් කරුණු විමසා අවශ්‍ය නම් අදාල පර්යේෂණද සිදුකොට ඒ පෙති සහ ඒවා භාවිතයට ගත යුතු මාත්‍රාව නිර්දේශ කරනු ඇති.  එසේ නොමැතිව තමන්ගේ හිතුමනාපයට මෙවන් පෙති භාවිතා කිරීමේ දී කිසියම් අවදානමක් තිබෙනවා.

    • මෙම පෙති භාවිතයෙන් හෘදයාබාධයකින් කිසිවෙකු මිය ගිය විට එම හෘදයාබාධයට මෙම පෙති ඉවහල් වූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය කර ගත හැකිද?

    මූලික පශ්චාත් මරණ පරීක්ෂණයක දී විමසා බැලෙනුයේ මරණයට ආසන්න සහ දෘශ්‍යමාන හේතු පමණයි. එහෙත් එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරුවූ සොයාගැනීමට (Finding) අමතරව වැඩිදුර සොයාගතයුතු යමක් ඇතැයි හැගේ නම් මිය ගිය තැනැත්තාගේ රුධිර සාම්පල් මරණය සිදුවී පැය දහයක් ඇතුළත රසායනාගාර පරීක්ෂණ සඳහා යොමු කළ යුතු වෙනවා. එවිට මිය යන අවස්ථාවේ ඒ තැනැත්තාගේ රුධිරයේ ඇති රසායනිකයන් වෙන්ව හඳුනාගත හැකියි. ඒ අනුව හෘදයාබාධයකින් මිය ගිය තැනැත්තෙකු වුව මිය යන මොහොතේ මේ ඖෂධය භාවිතා‍ කොට තිබිණිද යන්න එම රසායනාගාර පරීක්ෂණ මගින් මනාව තහවුරු කර ගත හැකියි.

    • ලිංගික උත්තේජනයක් වශයෙන් නොමැතිව වෙනත් රෝග සඳහාත් තවමත් මේ ඖෂධය භාවිතා වෙනවාද?

    ඔව්; පෙනහළු රුධිර පීඩනය(Pulmonary Hypertension) සහිත රෝගීන්ට මෙම ඖෂධයෙන් සුළු මාත්‍රාවක් ලබා දෙනවා.

    • මෙම ඖෂධය වැඩි මාත්‍රාවකින් ගැනීමෙන් සිදුවිය හැකි වෙනත් හානි මොනවාද?

    ප්‍රධාන වශයෙන් රුධිර පීඩනය පහළ බැසීම නිසා සිදුවන හානි ඒ අතරින් ප්‍රධානයි. විශේෂයෙන් මෙය සිට්රේට් (Sitrate) සහිත ඖෂධයක් නිසා නයිට්රේට් (Nitrate) සහිත ඖෂධ භාවිතා කරන රෝගීන් මෙම පෙති භාවිතයේ දී වැඩි අවදානමකට ලක්වෙන්න පුළුවන්.

    • ඒ හැරුණු කොට මෙම පෙති අධිමාත්‍රාවක් ගැනීමෙන් ලිංගික ප්‍රාණවත් වීම පාලනය නොවන තත්ත්වයක් ඇති බවට සමහරුන් මත පළ කරනවා මෙහි සත්‍යයක් තිබේද?

    ඔව්; එසේද සිදුවිය හැකියි.

    • ඒ සඳහා වන ප්‍රතිකර්මය කුමක්ද?

    ඒ සඳහා ඇති පහසුම ප්‍රතිකර්මය වන්නේ රෝහලක දී ලිංගේන්ද්‍රිය පද්ධතිය තුළ ගලා යන අධික රුධිරය ඉදිකටුවක් වැනි ශෛල්‍ය උපකරණයක් මාර්ගයෙන් ශරීරයෙන් ඉවත් කිරීමයි.

  • මහින්ද ඇතුළු ඒකාබද්දේ සියළු දෙනාගේම මන්ත්‍රී ධූර අහෝසි කරනවා… -සංධාන මහලේකම් ගර්ජනා කරයි

    ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන් වෙනත් දේශපාලන පක්‍ෂයක් ප‍්‍රවාර්ධනය කිරිමට කටයුතු කලහොත් ඔවුනගේ මන්ත‍්‍රී ධුර ගැන තීරණයක් ගැනීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

    ඔවුනට වෙනත් පක්‍ෂයක් දිනවීමට අවශ්‍යනම් එයට කිසිම බාදාවක් නැති අතර පක්ෂයේ රැදී සිටිමින්  එසේ කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ඔවුන්ට අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී එසේ කිරීමට හැකියාව අති බව සදහන් කරන ලදී. ඒසේ නොමැතිව පක්ෂයේ සිටිමින් වෙනත් කුමන හෝ පක්ෂයක් දිනවීමට කටයුතු කරන්නේ නම් හිත මිත්‍ර කම් , තරාතිරම් නොබලා පක්ෂයෙන් ඉවත් කරන  බවත් ඔහු පැවසීය.

  • යාපනයේ යළිත් කඩු කල්ලියක්

    යාපනයේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයන් 7 දෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.

    යාපනය – මනිපායි – සංගුවේලි උතුර ප්‍රදේශයේ, කෝපායි – මුකමඩම් සහ කොණ්ඩාවිල් බස් නැවතුම ඉදිරිපිට ඊයේ රාත්‍රියේ මෙම පහරදීම් සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

    යාපනය මනිපායි – සංගුවේලි උතුර ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස පහරදී ඇත්තේ යතුරුපැදි 5කින් පැමිණි පුද්ගලයින් 10 දෙනෙකු විසින්.

    ඔවුන් නිවස ඉදිරිපිට නවතා තිබු ත්‍රීරෝද රථයකට සහ යතුරු පැදි දෙකට ද අලාභ හානි සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා.

    පසුව මොවුන් යාපනය මාණිපායි අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටද තියුණු ආයුධවලින් පහරදී තිබෙනවා.

    තුවාල ලැබූවන් යාපනය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ආවා කල්ලියට සම්බන්ධ පිරිසක් විසින් මෙම පහරදීම් සිදුකරන බවයි.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මක බව යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

  • කිසිසේත්ම බියර් ආයි වැඩි කරන්නේ නෑ… මංගලගෙන් සහතිකයක්

    2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

    මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඒක හැමෝම පිළිගන්න ඕන අපි ලෝකය සමග ඉදිරියට යන්න නම් ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කරන්න ඕන.මේ වගේ ක්‍රමවේදයන් වලින්  රාජ්‍ය බදු ආදායමද ශක්තිමත් වන බව සදහන් කරයි.2018 අයවැය මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල වෙමින් ඇති අතර ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මීට විරුද්දව ප‍්‍රසිද්ධියේ අදහස් පල කර තිබේ.

  • මහින්ද අප්පච්චි වුණාම චන්ද්‍රිකා අම්මා වෙලා…

    ළබන මැතිවරණය සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති තුමිය අත්තනගල්ලෙන් තරඟ වදිනවා යන්න මේ දින වල කරළියේ පවතින මාතෘකාවකි.ඒ හේතුවෙන් මේ දින වල Face Book සමාජ ජාලය තුල ඒ පිළිබද නොයෙක් නොයෙක් පිංතූර සංසරණය වනවා දුටුවෙමු…

    ඉන් කිහිපයක් පහත දක්වා ඇත…

     

  • නෙළුම් කුළුන ඉදිවෙන හැටි…(Video)

    මෙම ගොඩනැගිල්ලේ සැලසුම නෙළුම් මලක ආකාරයට සකස් වී ඇත. නෙළුම් මල්  
    නෙළුම් මල් ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ පාරිශුද්ධ භාවය සංකේතවත් කරන අතර 
    රටේ දියුණුව වර්ධනය කිරීම සංකේතවත් කරයි. 
    කුළුණ 350 m (අඩි 1,150) උසින් යුක්ත වන අතර එහි වර්ග අඩි 32,600,000 (අඩි 329,000) 
    කට වැඩි ප්රමාණයක් ඇත. 
    
    නෙළුම් කුළුනේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ 
    1.සංචාරක කර්මාන්තය
    2.ඇන්ටනා ලීසිං- * රූපවාහිනී සේවාවන් 50 ක් , FM රේඩියෝ ස්ටේෂන් 20 ක් හා විදුලි සංදේශ 
                       සේවා සපයන්නන් 20 ක් සඳහා ගුවන් විදුලි සහ රූපවාහිනී විකාශන 
                       ඇන්ටෙනාවක් ISDB-T සහ යෝජිත DVB-T2 ආධාරක ව්යුහය ලෙස කටයුතු කරනු ඇත.
    
    මෙම කුලුනේ දොරටු හතරක් ඇති අතර ඉන් එකක් ප්‍රභූවරුන් (ප්රධාන ආරාධිත අමුත්තන් සහ රාජ්ය නායකයින්) 
    යන අයගේ ප්‍රවේෂයන් ලෙස භාවිතා කරනු ලැබේ. විදුලි සංදේශ කෞතුකාගාරය සහ ආපනශාලාව 
    බිම් මහලේ පිහිටා ඇත. කුලුනේ පීඨය මහල් 6 කින් සමන්විත වේ. වේදිකාවේ පළමු මහලේ 
    කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශන ශාලා දෙකක් ඇත. දෙවන මහල 500 කට වඩා වැඩි ආසන පහසුකම් 
    සහිත සම්මන්ත්රණ ශාලා කිහිපයක් සඳහා යොදා ගැනේ. අවන්හල්, සුපිරි වෙළඳසල් සහ ආහාර උසාවි 
    තුන්වන මහලේ පිහිටා ඇත. සිව්වන මහලේ දී 1000-ආසන ශ්රවණාගාරයක් පිහිටා ඇති අතර එය 
    බෝල්රාගාරයක් ලෙසද භාවිතා කරනු ඇත. පස්වන මහලට සුඛෝපභෝගී හෝටල් කාමර, විශාල නාන කාමර,
     සහ හත්වැනි මහලේ නිරීක්ෂණ පුස්තකාලය ලබා දෙනු ඇත. භූමි අලංකරණය විශාල ජල උද්යානයක් 
    ලෙස සැලසුම් කර ඇත.
    
    
  • මෛත්‍රි ජනපතිට අවලාද නගමින් වලිගේ නැති බල්ලා වෙන්න එපා – ඇමති ඩිලාන් රනිල්ට කියයි

    ජනාධිපතිවරයාට අවලාද නැගුව හොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකං නොසිටින බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා.

    ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට වලිගේ නැති බල්ලා වෙන්න එපා යයි තමන් කීමට කැමති බවයි.

    රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.

    [rns_reactions]

  • අට වසරේ සිසුවා විරුද්ධ පද වලට ලියපු අමුතු උත්තරේ . අම්මා – තාත්තා. පන්තියම හොල්මන්

    පාසල්වල උගන්වන ගුරුවරුන්ට බොහෝ අවස්ථාවලදී අපූරු අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ කියන්න යන්නෙත් එවැනිම කාරණයක් ගැන. පසුගියදා වයඹ පලාතේ එක්තරා ග්‍රාමීය පාසකල සිදුවුන මෙම සිදුවීම නිසා ගුරුවරිය මෙන්ම පංතියේ සිසු සිසුවියන්ද සිනහව නවතාගෙන ඇත්තේ ඉතාමත් අපහසුවෙන්.

    මෙම සිදුවීම සිදුවන දින ගුරුවරිය විසින් 8 ශ්‍රේණියේ‍ෙ සිසු සිසුවියන්ට සිංහල විශයට අදාලව විරුද්ධාර්ථ පද පිළිබඳ උගන්වා තිබුනා. එහිදී ගුරුවරිය විසින් දරුවන්ට විරුද්ධ පද සඳහා උදාහර කිහිපයක් කියා දීමෙන් පසු දරුවන්ටද එවැනි විර්ධ පද කිහිපයක් ලියාගෙන හන ලෙස පවසා තිබුනා.

    සුළු මොහොතකට පසුව ගුරුවරිය විසින් දරුවන්ගේ පොත් පරීක්ෂා කර තිබුනා. එහිදී එක සිසුවෙකු උඩ-යට, අහස,පොළව – කළු – සුදු වැනි විරුද්ධ පද අතර අම්මා – තාත්තා යන වචන යුගලයද ලියා තිබුනා. පසුව ගුරුවරිය විසින් අම්මා සහ තාත්තා යන වචනය විරුද්ධ පද නොවන බවත් එය ස්ත්‍රී ලිංග,පුරුෂ ලිංග වචන බවත් දරුවාට පැහැදිලි කර තිබුනා.

    නමුත් මෙම සිසුවා ගුරුතුමිය දැක්වූ අදහස් ප්‍රතික්ෂේප කරමින්  “ නෑ මිස්, අම්මා, තාත්තා නියම විරුද්ධාර්ථ පද. හොඳටම වෙනස්. ඕන දේකට හැම තිස්සෙම ගහමරාගන්නවා. අද උදෙත් ඇර ගත්තා‘‘ යනුවෙන් පවසා තිබුනා.

    පසුව මෙම සිදුවීම පිළිබඳව පාසලේ ගුරු විවේකාගාරයතුලදී මෙම ගුරුතුමිය විසින් මේ පිළිබඳ අනෙත් ගුරුවරුන්ටත් කියා තිබුනා. එහිදී පාසලේ බුද්ධ ධර්මය විෂය උගන්වන ගුරුතුමිය මෙම තමන්ගේද ජීවන අත්දැකීම් ඇසුරින් නිවැරදි කලා කියලා තමයි අපට දැනගන්න ලැබෙන්නෙ

     

    [rns_reactions]

  • ‘‘ඇයට බලයක් – රටට වෙනසක්‘‘ ජනපතිගෙන් කාන්තාවන්ට ලැබෙන වරම

    වත්මන් රජය යටතේ කාන්තා නියෝජනය වෙනුවෙන් නිති සම්පාදනය කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලොව සංවර්ධිත රටවල බොහෝ අංශයන්හි කාන්තා නියෝජනය වැඩි වශයෙන් හා සම වශයෙන් පවතින බවයි. 

    රාජ්‍ය සේවය තුළ කාන්තාවට නිසි තැන ලබාදීමට මේ වනවිටත් සිදුව ඇතැයි පවසන ජනාධිපතිවරයා සෙනෙහෙබරවූ ආදරය පිරි ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් සමාජයක ප්‍රමුඛත්වය සඳහා කාන්තා නියෝජනය වැදගත් බවයි පෙන්වා දෙන්නේ. 

    ‘‘ඇයට බලයක් – රටට වෙනසක්‘‘ තේමාව යටතේ පලාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබ`ද දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ පස්වරුවේ එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා. බණ්ඩාරනාක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම වැඩසටහනට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරියන් ද එක්ව සිටියා.

    [rns_reactions]

  • තෙල් අර්බුධය රහස් පොලිසියට! මැති ඇමතිවරු ගැටෙයි! කැබිනෙට්ටුව උණුසුම්

    රට තුළ මතු වූ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (14) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති කැබිනට් රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ, ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ අනු කමිටු වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමත් සමගයි. ඉකුත්දා ඇති වූ පෙට‍්‍රල් අර්බුදයත් සමග ඛනිජ තෙල් සංස්ථාව තුළ සිදුවූ හැසිරීම් රටා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි විෂයභාර අමාත්‍ය අර්ජුණ රණතුංග මෙහිදී සඳහන් කළේ. ඊට ජනාධිපතිවරයාද සිය එකඟත්වය පළ කර තිබෙනවා. 

    මෙහිදී හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අමාත්‍ය චන්දිම විරක්කොඩි කියා සිටියේ අමාත්‍ය අර්ජුණ රණතුංග සිදු කරන ප‍්‍රකාශය සමග තමන් එකඟ නොවන බවයි. මෙම ගැටලූව සම්බන්ධයෙන් තමන්ට චෝදනා එල්ල වීමට ඉඩ ඇති බවයි චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ. ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුණ රණතුංග කියා සිටියේ මේ සම්බන්ධයෙන් මතුව ඇති අසත්‍ය ප‍්‍රචාර නිවැරදි කිරීමට තමන් කටයුතු කරන බවයි. 

    වෙළඳ නෞකා මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් රැස්වීමේ දී වරාය අමාත්‍ය මහින්ද සමරසිංහ සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර අතර කතාබහක ඇති  වී තිබෙනවා. එහිදී මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර වෙළඳ නෞකා වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් මෙරට නැව් සමාගම් සහ හා විදේශීය නාවික ඒජන්තවරුන් සමග සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බවද මෙහිදී මුදල් අමාත්‍යවරයා පැවසුවා.

    අය වැයෙන් යෝජනා වූ මෙම නව තීරණයත් සමගම දේශීය නැව් සමාගම් යම් අර්බුධයකට පත්ව ඇති බවද සඳහන් වුණා.

    කෙසේවෙතත් ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද සමරසිංහ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන්ගෙන් ද විමසා කටයුතු කළේ නම් එය වඩාත් යෝග්‍යවනු ඇති බවයි. ඊට මැදිහත් වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බවයි.

    [rns_reactions]

  • ශ්‍රීලනිපය ඒකාබද්ධය සමග පුංචි ඡන්දයට? කපුකමට ඇමතිවරු 03ක්

    එළඹෙන මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සමග සන්ධාන ගතවී තරග වැදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානම් වන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතා සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් තිදෙනෙකු ද පත් කර ඇති බවයි වාර්තා වන්නේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න එම තිදෙනායි.

    මෙම යෝජනාව ඉදිරිපත්කර ඇත්තේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය විසින්.

    පුළුල් සන්ධානයක් යටතේ එළඹෙන පළාත් පාලන මැතිවරණය ට තරග වැදීමේ දී දෙපාර්ශවය අතර ඇති කරගන්නා කොන්දේසි කිහිපයක් සම්බන්ධයෙන් ද මේ වනවිටත් සාකච්ඡා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. දෙපාර්ශවය විසින් තෝරාගත් පළාත් පාලන ආයතන 50ක් සඳහා සිය නියෝජතයින් පත් කර ගන්නා බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ඒ අනුව, ඉදිරි මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය බුලත් කොළය ලකුණින් තරග වැදීමට ද යෝජනා වී තිබෙනවා.

    [rns_reactions]

  • හැංගිමුත්තන් කරන අතරේ දහසය හැවිරිදි සිසුවා දස හැවිරිදි සිසුවිය දූෂණය කරලා…

    හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

    අතවරයට පත්ව ඇති දැරිය සහ සැකකරු අසල්වැසියන් බව ද පොලීසිය කියයි. සිද්ධිය වූ දින දැරිය, සැකකරු සහ තවත් දරුවන් කීප දෙනෙකු හැංගි මුත්තන් සෙල්ලම් කර ඇත. එසේ සෙල්ලම් කරමින් සිටින අතරතුර දැරිය ඇදක් යට සැගවී තිබේ. එම අවස්ථාවේදී සැකකරු විසින් ඇඳ යටට විත් දැරියට අතවර කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇත.නමුත් ඒ බව ඇය මුලදී කිසිවෙකුටත් පවසා නැත.

    මේ අතර දැරිය අධ්‍යාපන ලබන පාසලේම වෙනත් සිසුවියක්ද පසුගිය දිනක අතවරයට ලක්ව ඇත. ඒ සම්බන්ධයෙන් සැකකරුවෙකු හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    එම සිද්ධිය දැන ගෙන ඇති දැරිය තමන්ට ද සිදුව ඇත්තේ මෙවන් සිද්ධියක් බව වටහා ගෙන එම අතවරය සම්බන්ධයෙන් පාසලේ ගුරුවරියක් දැනුවත් කර තිබේ. එම ගුරුවරිය දැරියගේ මව්පියන් කැදවා මේ බව දැනුම් දීමට කටයුතු කර ඇත. ඒ අතර සිද්ධිය දැන ගෙන ඇති දැරියගේ ඥාතියෙකු මේ බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර තිබේ.

    ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් කරන ලද දැනුම් දීමක් මත සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – මුගුණුවටවන, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකි.

    මේ අතර, හලාවත පොලීසියේ නිලධාරීන් පිරිසක් පසුගියදා මුගුණුවටවන – මාලිගාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත් පැන් තොගයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී එහි සිටි කීප දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇත. පාසල් දැරියට අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පාසල් සිසුවාද ඒ අතර සිට තිබේ.

    තමාව පරීක්ෂා කළ පොලිස් නිලධාරියා  තමන් ඇඳ සිටි සරම කඩා දැමූ බව පවසමින් සැකකාර සිසුවා පාසල් යාම ප්‍රතික්ෂ්ප කර ඇත. නමුත් පොලිස් නිලධාරියෙකු සැකකාර සිසුවාගේ සරම කඩා දමා නොමැති බවත්, සිසුවා පාසල් යාම ප්‍රතික්ෂේප කර ඇත්තේ දැරියට අතවර කිරීමේ සිද්ධියෙන් පසුව බවත් විමර්ශණ වලදී අනාවරණය වී ඇති බව හලාවත පොලීසියේ නිලධාරියෙක් පැවසීය.අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.සැකකාර සිසුවා හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    [rns_reactions