Blog

  • අඩ මාසයක්‌ පෘතුවිය අන්ධකාරයේ – නොවැම්බර අන්ධකාරය ඇත්තටම ඒවිද..?

    මේ වසරේ නොවැම්බර් මස 15 වන දින සිට 29 වන දින දක්‌වා දින 15 ක කාලයක්‌ ලෝකයම මුළුමනින්ම අඳුරේ ගිලී පවතිනු ඇතැයිද, මෙම සිදුවීම වසර මිලියන ගණනකට වරක්‌ සිදුවන අති දුර්ලභ සිදුවීමකැයිද නාසා ආයතනය වාර්තා කරයි.

    නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් පවසනුයේ නොවැම්බර් මස 15 වන දින පාන්දර 3.00 සිට නොවැම්බර් 30 වන දින හවස 4.15 දක්‌වා ලෝකය මුළුමනින්ම අන්ධකාරයේ ගිලී පවතිනු ඇති බවයි. මේ නොවැම්බර් අන්ධකාරය සිකුරු හා බ්‍රහස්‌පති ග්‍රහලෝක අතර ඇතිවන තාරකා විද්‍යාත්මක සිදුවීමක්‌ නිසා ඇතිවන අතුරුඵලයක්‌ බවද ඔවුන් පවසයි. ජනපති ඔබාමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබූ චාල්ස්‌ බෝල්ඩන් විසින් මෙම සිදුවීම ධවල මන්දිරයට පැහැදිලි කර දෙමින් පිටු දහසක ලේඛණයක්‌ ඉදිරිපත් කර ඇත.

    ඉහතින් දැක්‌වෙනුයේ 2015 වසරේ ජූලි මාසයේ වෙබ් අඩවියක පළවූ පුවතකි. මේ පුවත අන්තර්ජාලය පුරා ලැව් ගින්නක්‌ මෙන් පැතිර ගියේය. එහෙත් සැබෑ නාසා ආයතනයේ සේවය කරන චාල්ස්‌ බෝල්ඩන් විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ එවැනි දින 15 ක අන්ධකාරයක්‌ පිළිබදව තම ආයතනය විසින් කිසි දිනක ප්‍රකාශයක්‌ නිකුත් නොකළ බවය. ඉන් පසුව අදාල දින වකවානුවලදී එවැනි අන්ධකාරයක්‌a උදා නොවීමත් සමඟම මෙම පුවත පතුරුවන්නට මුල් වුණු වෙබ් අඩවියද ජනතා අප්‍රසාදයට ලක්‌ විය.

    එහෙත් මේ වසරේදීද, පසුගිය දින කීපය තුළදීද “නොවැම්බර් අන්ධකාරය” ක්‌ ගැන ආරංචිය සමාජ ජාලා වෙබ් අඩවි කලඹවන්නට සමත් වී ඇත. මෙවරද පුවත පැතිර යන්නේ නොවැම්බර් මාසය තුළ දින පහලොවක්‌ පෘථිවිය මුළුමනින්ම අඳුරේ ගිලෙන බවයි.

    සැබවින්ම පෘථිවිය මුළුමනින්ම අඳුරු වීමට නම් සිදුවිය යුත්තේ කුමක්‌ද.?

    එක්‌කෝ හිරු යම් දෙයකින් හිරු මුළුමනින් ආවරණය විය යුතුය. නැතිනම් පෘථිවියට වඩා විශාල ග්‍රහ වස්‌තුවක්‌ පෘථිවියත් සූර්යාත් අතරට පැමිණ දවස්‌ ගණනාවක්‌ රැදී තිබිය යුතුය. එහෙත් හිරුගේ විශාලත්වය අනුව සලකා බලන කල මේ කිසිවක්‌ සිදුවිය හැකි දේවල් නොවේ. ඉතිහාසයේ කිසිදු තැනක එක දිනක්‌වත් මුළු පෘථිවියම අඳුරේ ගිලී තිබුණු බවට සදහනක්‌ නැත්තේ එබැවිනි.

    2017 වසරේ “අන්ධකාර නොවැම්බරය” ගැන ව්‍යාජ පුවතක්‌ පැතිර ගියා සේම 2015 වසරේද, 2014 වසරේද 2011 වසරේද මෙවන් අන්ධකාර දින පිළිබදව මතිමතාන්තර ජනතාව අතර පැතිර යන ලදී. ඒ කටකතා පැතිර ගියද 2011 වසරේවත්, 2014 දී හෝ 2015 දී වත් එකම දිනයක්‌වත් පෘථිවිය මුළුමනින් අන්ධකාරයේ ගිලී තිබුණේ නැත. 2017 වසරේදීද එය එසේම වනු ඇත.

    මෙසේ වරින් වර පැතිර ගිය මේ කටකතා වලදී අන්ධකාර දවස්‌ යෑයි සටහන් වුණු සෑම කාලයක්‌ම වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාස ගැන කියවෙන කටකතා වූයේ ඇයි.?

    darkලෝකයේ උත්තර අර්ධගෝලයේ මේ කාලසීමාවන්හිදී ශීත සෘතු සූර්ය ¨නිවෘත්තිය නම් ස්‌වභාවික සංසිද්ධිය ඇතිවෙයි. එම දිනයන්හිදී දිවා කාලය දිගුය. අන්ධකාර රාත්‍රී කාලය දීර්ඝය. උත්තර අර්ධගෝලයට සූර්යනිවෘත්තිය ඇති වනුයේ දෙසැම්බර් මස මුල් දින කීපය තුළදීය. ඇතැම්විට අන්ධකාර නොවැම්බරයේ කතාව නිර්මාණය වෙන්නට ඇත්තේ මෙකී “ශීත සෘතු සූර්ය නිවෘත්තිය” ආශ්‍රය කරගෙන විය හැකිය.

    කෙසේ වුවද මුළු පෘථිවියම එක වර අඳුරේ ගිලෙන අවස්‌ථාවක්‌ හෝ දින ගණනාවක්‌ අඳුරේ තිබෙන අවස්‌ථාවක්‌ ගැන ඉතිහාසයේ කොතැනකවත් සදහන්ව නැත. අනාගතයට එවන් දවසක්‌ උදාවනු ඇතිදැයි ද සැක සහිතය. ලෝ ප්‍රකට නාසා ආයතනයෙන් පවසනුයේද තම ආයතනය මගින් කිසි දිනක “අන්ධකාර නොවැම්බරය” ක්‌ පිළිබදව කිසිදු ප්‍රකාශයක්‌ නිකුත් කොට හෝ තහවුරු කොට නොමැති බවයි.

    [rns_reactions]

  • උදාරිට නරක කාලයක්‌ තිබුණේම නැතිලු ; සැමියා කියනවා ප්‍රඩියුස්‌ කරන්න කියලා ඒත් මම කැමති නෑ

    මේ ටිකේ ෂූටින් නැද්ද?

    පිනි ටෙලි නාට්‍යයේ ෂූටින් කෙරෙනවා මේ දවස්‌ ටිකේ. පෝරිසාදයා චිත්‍රපටයේ සහ තවත් ළමා චිත්‍රපටයක ෂූටින් සහ ඩබින් ඉවර කළා. තිරගත වේවි ළඟදීම.

    ආයෙත් ෂූටින් පටන් ගත්තේ කවදද ලංකාවට ආවේ?

    පහුගිය ටිකේ නං ලංකාවේ හිටියේ නෑ. බබාගේ ඉස්‌කෝලේ නිවාඩුවක්‌ හම්බවුණ හින්දා සිංගප්පූරු ගිහිං හිටියා. සතියක්‌ එකහමාරක්‌ විතර ඇති ඇවිත්.

    උදාරිගේ දුව දැන් මෙහෙද පාසල් යන්නේ?

    ඔව්… එයාව මෙහෙ බ්‍රිටිෂ් ස්‌කූල් එකට දැම්මා.

    ඇයි එහෙ නේද පාසල් යවන්න සූදානමින් හිටියේ?

    ඔව්. එහෙම තමයි හිතං හිටියේ. ඒත් එහෙ ඉගනීමේ කටයුතු පටන් ගන්නේ අවුරුදු හතෙන් පස්‌සේ. මෙහෙ ඉතිං අවුරුදු පහෙන් පටන් ගන්නවනේ. අපරාදේ කියලා හිතුණා.

    එතකොට එහෙ පාසල් යවන එක අත් ඇරලා දැම්මද?

    නැහැ…. තව ටික කාලෙකින් ඉහළ පංතිවලදී එහෙ පාසලට ඇතුළත් කරන්න අපි හිතුවා.

    නවීන රෝහලක්‌ ආරම්භ කරන්න ඔබේ සැමියා අදහස්‌ කරගෙන හිටියා නේද?

    ඒක අපි තනියෙන් කරන දෙයක්‌ නෙමෙයි. රට රටවල අය කීප දෙනෙක්‌ එකතුවෙලා කරන්න සූදානම් වෙන වැඩක්‌. ඒ කටයුතු සාකච්ඡා මට්‌ටමේ තියෙනවා දැනට.

    දරුවාගේ අධ්‍යාපන කටයුතුවලට විදෙස්‌ ගත වෙන්න හිතුවට පස්‌සේ එතරම් වැඩ භාරගත්තේ නැහැ නේද. දැන් ආයෙත් ලංකාවේ නිසා වැඩිපුර වැඩ කරන්න පටන් අරන්ද?

    බබා ඉස්‌කෝලේ යන්න පටන් ගත්තට පස්‌සේ එයා වෙනුවෙන් කාලය වැය වෙනවා වැඩියි. මම නිර්මාණ භාර නොගෙන ඉන්නේ නැහැ. නමුත් ටිකක්‌ අඩුවෙන් තමයි වැඩ භාර ගත්තේ. මොකද බබාගේ වැඩ අතපසු වෙයි කියලා මට බයයි.

    අංගන්පොර සටන් කලාව පිළිබඳ වැඩමුළු පැවැත්වුවා නේද?

    ඔව්. සෙල්ෆ් ඩිෆෙන්ස්‌ ඇකඩමි එකක්‌ තියෙනවා. ඒක මං සමාජ සත්කාරයක්‌ හැටියට කරන්නේ. කිසිම අය කිරීමක්‌ කරන්නේ නැහැ. අවශ්‍ය ආයතනයකින්, පාසලකින් හෝ සමිතියකින් ඉල්ලීමක්‌ කළොත් අපි ගිහිං වැඩමුළු පවත්වලා අවශ්‍ය දැනුම බෙදා දෙන්න කටයුතු කරනවා.

    මේ කටයුත්තේ මූලිකත්වය දරන්නේ කව්ද?

    මූලිකත්වය දරන්නේ මම. අජන්ත මහාන්තාරච්චි මහතාගේ ගුරුහරුකම් සහ මඟ පෙන්වීම් හා ඔහුගේ ගෝලයෝ පිරිසක්‌ එක්‌ක තමයි මේ කටයුතු කරගෙන යන්නේ.

    මේ වගේ වැඩකට මුල පුරන්න හිතුවේ ඇයි?

    ගමෙත් නගරයෙත් පුංචි දරුවන්ගේ පටන් වැඩිහිටි කාන්තාවන් දක්‌වාම වර්තමානයේ අතවරයට හිරිහැරයට ලක්‌වෙනවා අපි දකිනවා. ඉතිං මේ විෂය හදාරලා යම් පෞරුෂත්වයක්‌ ගොඩනගා ගන්න පුළුවන් වුණොත් බයක්‌ සැකක්‌a නැතුව පාරේ බැහැලා යන්න පුළුවන්කම ලැබෙනවා. මම ඒ දේ ඉගෙන ගත්තා. ඒක තව කාටම හරි ලබා දෙන්න පුළුවන් නං මං කැමතියි. ඒකයි මේ වගේ දෙයක්‌ කරන්න හිතුවේ.

    යම් යුවතියක්‌, කාන්තාවක්‌, මේ සටන් කලාව විෂයක්‌ විදිහට ප්‍රගුණ කරන්න කැමති නං ඇයට අවස්‌ථාවක්‌ දෙන්න ඔබ සූදානම්ද?

    විෂයක්‌ විදිහට ප්‍රගුණ කරන්න කැමති කෙනෙකුව මම අංගම්පොර සටන් කලාව පිළිබඳ ඉගෙන ගත්ත ගුරුතුමා අජන්ත මහන්තාරච්චි මහතාට යොමු කරන්න පුළුවන්. මොකද විෂයක්‌ විදිහට දැනුම ලබා දෙන්න තරම් මං ඒ විෂය ප්‍රගුණ කරලා මදි නිසා.

    කවදාහරි දුවව වෛද්‍යවරියක්‌ කරන්නද රංගන ශිල්පිනියක්‌ කරන්නද කැමති?

    කවදාහරි දුවව රටට බරක්‌ වෙන්නැති කෙනෙක්‌ කරනව මිසක්‌ අපි දෙන්නටම ඕන එයා කාටවත් බරක්‌ නොවී තමාට තමාව ජීවත් කරන්න පුළුවන් කෙනෙක්‌ වෙන්නයි ඕන. අපි එයාට කියන්නේ එයාට ඕනෑම වෘත්තියක්‌ තෝරා ගන්න අම්මයි තාත්තයි උදව් කරනවා කියලයි.

    නිෂ්පාදන කටයුත්තකට අත ගහන්න හිතුවේ නැත්තේ ඇයි තාම?

    මගේ සැමියා සුජිත්ගේ හිතේ එහෙම අදහසක්‌ තියෙනවා. එයා මට කියනවා ප්‍රඩියුස්‌ කරන්න හොඳ පිටපතක්‌ හොයාගෙන කියලා. ඒ වුණාට මට තාම හිතුනේ නැහැ. අනික මං කැමති නැහැ, මං ප්‍රඩියුස්‌ කරලා මමම රඟපාන්න.

    උදාරිගේ ගෙවුන ජීවිතේ නරකම කාලය සහ හොඳම කාලය මොකක්‌ද?

    මට නරකම කිසිම කාලයක්‌ තිබුණේ නැහැ. ගෙවුන හැම කාලයක්‌ම හොඳම කාලයක්‌. අනාගතේ ගෙවන හැම කාලයක්‌මත් මට හොඳම කාලයක්‌. මොකද මගේ ජීවිතේ හැම දෙයක්‌ම අත්දැකීමක්‌ කරගෙනයි මං කටයුතු කරන්නේ. ඒ නිසා මට නරක කාලයක්‌ කියලා දෙයක්‌ නැහැ.

    කලා ජීවිතේ ඔබේ සිහිනය?

    මට හොඳම නිළිය සම්මානය හිමිවෙලා නැහැ. ඉතිං කවදාහරි දවසක අඩුම තරමේ හොඳම නිළිය සම්මානයට නිර්දේශ වෙන්නවත් පුළුවන් වන නිර්මාණයකට දායක වෙන එක මගේ සිහිනයක්‌.

    [rns_reactions]

  • අවුරුදු පහළොවේ දුවත් මහ පාරේ විකුණයි – ශුද්ධ භූමිය පෙනෙන මානයේ කියන්න කැත ගණිකා ඡාවාරම

    දරිද්‍රතාව මහමඟට ඇඳ දැමූ කාන්තාවන්ගේ, දැරියන්ගේ ඛේදවාචකය… – අනුරපුරයට මෙවැනි කතා අමුතු දේවල් නොවේ…

    ඕනෑම සමාජයකදී වැරැදි සිදු වේ. දැන හෝ නොදැන කරන වැරැදි අතර සමාව දිය හැකි වැරැදි තිබේ. එහෙත් මවක්‌ විසින් තම කුඩා දියණියක්‌ සලෙලුන්ට විකිණීම වැනි මතෘත්වයට නිග්‍රහ කරන අශ්ලීල ක්‍රියාවකට කිසිදු සමාජයකදී සමාවක්‌ දිය නොහැකිය. එවැනි කාලකණ්‌ණි ගනුදෙනුවක්‌ අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට ලයිට්‌ කණුවක්‌ යටදී සිදු වේ.

    අනුරාධපුර නගරයේ බහුතරය මේ හිරිකිත ගනුදෙනුව ගැන දැනුවත්ය. අනුරාධපුර නගරයම ආවරණය වන පරිදි රහස්‌ කැමරා පද්ධතියකින් සමන්විත නගරයේ ප්‍රධාන බස්‌ නැවතුම්පළ ඉදිරිපිට කෙරෙන කාලකණ්‌ණි ගනුදෙනුව ගැන පොලිසිය නොදැනුවත්ව සිටී නම් එය ද ගැටලුවකි. නීතියේ

    දෙනෙත්හි නොරැදුණු, දැක අහක බලාගෙන සිටින්නේ ද මේ පහත් නීච ක්‍රියාව දැනුදු කළුවර හැන්දෑවට ප්‍රසිද්ධියේ අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිටදී සිදු වේ. සිද්ධිය ගුජුප්සාජනකය. සිරිමා බෝධීන් වහන්සේගේ පහස ලබන උතුම් නගරයේදී මෙවැනි හිරිකිත, අප්‍රසන්න ක්‍රියාවකට ඉඩදීම බෞද්ධ සමාජයට කරන අගෞරවයකි. එහෙයින් අපේ වෑයම ඒ අප්‍රසන්න කතාවත් සමඟ නීතියේ වැට පනින අනුරාධපුර ගණිකා ව්‍යාපාරයේ අලුත් විත්ති ගැන රට්‌ටු දැනුවත් කිරීමය.

    n1 1තම දියණිය සලෙලුන්ට විකුණන මේ කාන්තාව අනුරාධපුරයේ පදිංචිකාරියක්‌ නොවේ. ඇය දඹුල්ල ප්‍රදේශයේ සිට අනුරාධපුර නගරයට පැමිණ ඇත්තේ මුදලට ඇඟ විකිණීම වෘත්තිය කරගෙනය. අනුරාධපුරයට පැමිණෙන විට ද ඇය විවාහක එක්‌දරු මවකි. ඇයගේ සැමියාට ස්‌ථිර රැකියාවක්‌ නැති කුලිකරුවෙකි. පසුව ඇය අනුරාධපුර නගරයේ ‘චරිතයක්‌’ වන විට තම සැමියා සහ දියණියව ද අනුරාධපුරයට කැඳවාගෙනැවිත් නුවර වැව් කණ්‌ඩිය ආසන්නයේ පැලක්‌ අටවාගෙන ජීවත් වූහ.

    කාලය ගෙවී යන විට ආරවුලකට මැදි වූ ඇයගේ සැමියා ආබාධිතයෙක්‌ විය. අනතුරුව නගරයේ රස්‌තියාදු වූ තවත් අපතයෙක්‌ ඒ ගුබ්බෑයමට රිංගන්නට පටන් ගත්තේය. ඒ අතර කාලයේදී ඇයට තවත් දරුවන් දෙදෙනෙක්‌ ලැබිණි. ඔවුන් දෙදෙනාම පිරිමි දරුවන් විය. කාලයත් සමඟ ඇයගේ කය වැහැරිණි. ඇයට තිබූ ඉල්ලුම හීන විය. අවසානයේ වෘත්තියේ රසය දන්නා ඇය තම වැඩිමහල් සහ එකම දියණිය පාරට දකකාගෙනැවිත් සලෙලුන්ගේ කෙළි භාණ්‌ඩයක්‌ කළාය. තවමත් ඇඟ පත හෝ නොවැඩුණු පුංචි දැරිවියට සලෙලුන්ගේ ඉල්ලුම ඉහළය. අවලම් අම්මණ්‌ඩිය දියණිය හරහා අසහනකාරයනව තම ගුබ්බෑයම තුළට ගෙන්න ගන්නීය. ඇඟේ වස්‌ත්‍ර ගලවන අසහනකාරයා අවසානයේ ගුබ්බෑයමෙන් එළියට යන්නේ යට ඇඳුම පිටිනි. ඉතිරි සේසතම ඒ සල්ලාල කාන්තාව, හොර මිනිහා සහ දුව විසින් කොල්ලකා ගන්නාහ. එම ගුබ්බෑයම අවට වැසියන්ට මේ අවලම් කොල්ලකෑම් සාමාන්‍ය දෙයකි. දරුවන් තිදෙනාගෙන් කිසිවකු අකුරක්‌ ඉගැනීමට පාසලකට නොයන ගෝත්‍රිකකමින් නොමිදුණු මේ පවුල අනුරාධපුර නගරයට මහා පිළලයක්‌ වී අවසානය.

    ඒ කාලකණ්‌ණි කතාව අවසාන වන විට අනුරාධපුරය කළුවර වෙලාය. ඉදිකටු වැස්‌සක්‌වත් නොවැටෙන අනුරාධපුර නගර මධ්‍යයේ මල් කුඩ ඉහළා ගත් රෑ මනමාලියන් එහා මෙහා යති. හැන්දෑවට අනුරාධපුර නගරයේ මෙවැනි දසුන් සාමාන්‍යයි. එමෙන්ම අනුරාධපුර නගරය රාත්‍රියට විසූක දස්‌සනවලින් පිරුණු නගරයක්‌ බව මෙරට ප්‍රසිද්ධය. නගරයට එන ඕනෑම කෙනෙකුට පසුම්බියේ ප්‍රමාණයට සම්බාහනය වෙන්න ඕනෑතරම් ‘තැල්මට්‌’ කඩ තිබේ. මධු විතෙන් සප්පායම් වී ගෑනු පරාණයක්‌ තුරුලු කරගෙන නැටුම් නටා, සතුටේ අනන්තයට යැමට අවැසි නම් සුපිරි රාත්‍රි සමාජශාලාවක්‌ තිබේ. එහෙත් දවස තිස්‌සේ හේන් තඩි ගහන ගොවියෙක්‌ට, වන්දනාවේ පැමිණි ගමේ සිරිසේන කෙනෙකුට සහ ඩියුටි මාරුවන හමුදා සොල්දාදුවකුට ඒ ලොවේ සරන්නට පසුම්බිය බර මදි නම් වැව් පිටියකට, ලඳු කැලෑවකට වහං වී තම ලිංගික අවශ්‍යතා ඉටුකරගැනීමට අවශ්‍ය වීදි ගණිකාවන් ද අනුරාධපුර නගරය පුරා බුරුතුපිටින් සිටිති. ඒ අතර හිරිමල් ගැටිස්‌සියන්, විසේකාර තරුණියන්, මැදිවියේ අම්මණ්‌ඩිලා, සම හැළෙන, සුදු කෙස්‌ සඟවාගත් ආච්චි අම්මලාද සිටින්නාහ. අනුරාධපුර අලුත් බස්‌ නැවතුම්පළ ඉදිරිපිට මවක්‌ කුඩා දියණිය විකුණන්නේ විවිධාකාර වූ මේ නගර සෝබනියන් අතරය.

    අනුරාධපුර නගරය ගණිකාවන්ගේ තිප්පොළක්‌ බවට පත්වන්නේ ත්‍රස්‌තවාදී යුද්ධයේ ආරම්භයත් සමඟය. එනම් උතුර, නැගෙනහිර ප්‍රදේශවලට ගමන් කරන මාර්ග වැසී යැමත් සමඟ එම ප්‍රදේශවල ක්‍රියාන්විත රාජකාරිවල නියෑළුණු හමුදා සාමාජිකයන් ප්‍රවාහනය කරනු ලැබුවේ ගුවන් සහ මුහුදු මාර්ග ඔස්‌සේය. එකල බොහෝදුරට උතුරු, නැගෙනහිර ප්‍රදේශවලට ගුවන් ගමන් ආරම්භ කරනු ලැබුවේ අනුරාධපුරයේ සිටය. රාජකාරියට යන සහ නිවාඩු එන හමුදා සාමාජිකයන්ගේ අවසාන නවාතැන්පොළ වූයේ අනුරාධපුර අතරමැදි කඳවුරය. රාජකාරියට යන හමුදා සාමාජිකයන් ගුවන් ගමන් ප්‍රමාද වීම නිසා දවස්‌ ගණන් අනුරාධපුරයේ රැඳුණු අවස්‌ථා තිබිණි. නිවාඩු එන සෙබළු අනුරාධපුරයෙන් ගොඩ බහින්නේ මාස ගණන් කැලේ දුක්‌විඳ හාමතේය. ඔවුහු නිවසට යැමට පෙර අනුරාධපුර නගරයේදීම හාමත් වූ සිතට, ගතට යුතුකම් ඉටු කිරීමට පසුබට නොවූහ. නිවාඩු නිමා කොට නැවත ක්‍රියාන්විතයට යන හමුදා සාමාජිකයෝ ද කල්තියා අනුරාධපුරයට ගොස්‌ මාස ගණනකට සෑහෙන්න සතුටු වී යැමට පුරුදු වී සිටියහ. එවැනි සෙබළුන්ට බඩ පුරා කෑමට කෑම කඩ, සිත විකල්වන තරමට මත්වීමට අරක්‌කු තැබෑරුම් සහ ලිංගික අසහනය නිවෙන තුරු සන්තර්පනය වීමට මුදලට විකිණෙන කාන්තාවන් ද ඕනෑතරමට සිටියහ. එසේ කාලයක්‌ ගත වන විට අනුරාධපුර නගරය මෙරට අංක එකේ ගණිකා තිප්පොළ බවට පරිවර්තනය විය. අනුරාධපුර නගරයට යාබද ප්‍රදේශවල කාන්තාවන් මෙන්ම ගාල්ල, මාතර, නුවර, කොළඹ විවිධ ජාති ආගම්වල කාන්තාවන් රෑ මනමාලියන් ලෙස අනුරාධපුර නගරයේ වීදිවල සරන්නට වූහ.

    දැන් අප අසල සිටින වියපත් කාන්තාවද වසර තිහකට වැඩි කාලයක සිට අනුරාධපුර නගරයේ ලොව පැරැණිම වෘත්තියේ යෙදුණු රෑ මනමාලියකි. ඇයට අපි සීතා යෑයි කියමු. පදිංචිය නුවරය. අනුරාධපුර නගරයේදී දැනහැඳින ගත් ත්‍රිරෝද රථ රියෑදුරෙකු මාර්ගයෙන් අපට මුණුගැසුණු සීතා ප්‍රථමයෙන් අප සමඟ වෘත්තීය ජීවිතය ගැන කතා කිරීමට මැලි විය. එහෙත් අපගේ පෙරැත්ත කිරීම මත ක්‍රමයෙන් ඇයගේ මුව විවර විය.

    ”මම කසාද බැන්දේ අවුරුදු දාසයෙන්. අවුරුදු විස්‌ස වෙනකොට මට දරුවෙකුත් හිටියා. මිනිහත් දාලා ගියා. මම ඉගෙනගෙනත් නෑ. ජීවත් වෙන්න විදිහක්‌ නැති වුණා. පස්‌සේ දුව අම්මට භාර දීලා මම නුවර තේ කඩේක වැඩට ගියා. ඒකෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නෑ. පස්‌සේ දැන හඳුනගත්ත අයියා කෙනෙක්‌ මාර්ගයෙන් අනුරාධපුරය නගරයේ තේ කඩේක වැඩට ආවා. ඒ කඩේ රෑටත් ඇරලා. රෑට නගරයේ ඇවිදින ගෑනු වැඩිපුරම කන්න, බොන්න ආවේ අපේ කඩේට. ඒ ආපු අය කියන දේවල් එක්‌ක මටත් මේ ජොබ් එකට බහින්න හිතුණා. මට ආරක්‍ෂා කරගන්න දේකුත් නෑ. මාව ආරක්‍ෂා කරන්න කෙනෙකුත් නෑ. මම කැමැත්තෙන් මේ රැකියාවට බැස්‌සා…”

    ”පොත්ත රතු නොවුණාට මටත් හොඳට විසේ තිබුණා. පාරට බැස්‌ස අලුත හොඳට බිස්‌නස්‌ තිබුණා. ඒ කාලේ අනුරාධපුර නගරය හමුදා කෑම්ප් එකක්‌ වගෙයි. දහයක්‌ කතා කළොත් අටක්‌ ආමි එකේ. නිවාඩු ඉඳලා එන කොල්ලො බැස්‌ස ගමන් දුවන්නේ ටවුන් එකේ බැංකුව ළඟට. සල්ලි අතට ගත්තා. ත්‍රිරෝද රථකාරයෙක්‌ එක්‌ක චැට්‌ එකක්‌ දාලා ඊළඟට යන්නේ ගෑනියෙක්‌ ළඟට. සමහර ගෑනු කැලේ දුක්‌විඳලා එන කොල්ලන්ගේ සබ්බසකලමනාවම සුද්ද කරගෙන ගෙදර යන්න සතේ නැති කරනවා. ඒ කාලේ එහෙම දේවල් කරපු ගෑනුන්ට කොහෙන්හරි රිටන් එකත් ලැබුණා. හිටි ගමන් සමහර ගෑනුන්ගේ රහ සඟ, බෙලි කපලා ගිය අවස්‌ථා ඕන තරම් තිබුණා. රවට්‌ටගෙන ගිහින් කොල්ලො හතර, පස්‌දෙනා දවස්‌ ගණන් තියාගෙන බාගෙට මරලා පාර අයින්වල දාලා ගිය අවස්‌ථා තිබුණා. හමුදා කොල්ලො එක්‌ක ගනුදෙනු කරනකොට පරිස්‌සම් වෙන්න ඕනා. කැලේ ඉඳලා එන කොල්ලො වනසත්තු වගෙයි. මම නම් ජීවිතේට කාගෙන්වත් රුපියලක්‌ කඩා වඩාගෙන නෑ. මා ළඟට එන ආමි කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා මිසක්‌ රුපියලක්‌වත් වැඩිපුර අරගෙන නෑ. හැබැයි ආමි කොල්ලො අපි කියන ගානට වඩා කීයක්‌ හරි වැඩිපුර දීලා යන්නේ. හිත හොඳ කොල්ලො. සමහර ආමි කොල්ලො එක්‌ක මම සති ගණන් ඉඳලා තියෙනවා. තේ කඩේ මාසේම වැඩ කරලා ගන්න පඩිය දවස්‌ දෙකෙන් හෙව්ව අවස්‌ථා තියෙනවා…”

    ”අපි ජීවත් වෙච්ච කටු මැටි ගේ පුංචියට සිමෙන්ති ගඩොලෙන් හදාගත්තා. දරුවා ඉල්ලන දේ අරගෙන දුන්නා. උගන්වන්න උත්සාහ කළා, ඒත් ඉගෙනගත්තේ නෑ. දැන් එයත් කසාඳ බැඳලා ගියා. අම්මත් නැති වුණා. මම ගෙදර තනි වුණා. ජීවත් වෙන්න මම තවම මේ රස්‌සාව කරනවා. තරුණ කාලේ වගේ දැන් රෑට ඉන්නේ නෑ. උදේට නුවර ඉඳලා අනුරාධපුරයට එන බස්‌ එකේ ඇවිත් හවස අන්තිම බස්‌ එකේ ගෙදර යනවා. දැන් ඉස්‌සර වගේ අපිට බිස්‌නස්‌ නෑ. අපි පරණයි. පොෂ් නෑ. මූණේ තවරගෙන ඉන්න ලාටු ටික ඉවත් කළාට පස්‌සේ ගන්න දෙයක්‌ නෑ. තව ටික දවසක්‌ ගිහිල්ලා ආයෙමත් මම තේ කඩේක වැඩට යනවා. නැති නම් මේ නගරයේ මුල්ලකට වෙලා බුලත්විට ටිකක්‌ විකුණනවා. ඉස්‌සර මේ නගරේ වන, වන ගිය හුඟ දෙනෙක්‌ දැන් පැත්තකට වෙලා බුලත්විට විකුණනවා…”

    ”ඒ කාලේ වගේ නෙමෙයි දැන් බිස්‌නස්‌ අඩුයි. උතුරට, නැගෙනහිරට යන ආමි එකේ දැන් කොල්ලො අනුරාපුරයේ බහින්නේ කලාතුරකින්. අපේ වෘත්තියේ යෙදෙන ගෑනුත් දැන් අඩුයි. දැන් ඉන්න සමහර අම්මණ්‌ඩිලා මහා රෑ වෙනකොට රුපියල් සීය, දෙසීයටත් යනවා. ඒ යන්නෙත් කාමරයකට නෙමෙයි, වැවක්‌ අයිනකට, ලඳු කැලෑ රොදකට. ඔය රුපියලට, දෙකට නිදාගන්න උන් තමයි මේ වෘත්තියත් නන්නත්තාර කරලා තියෙන්නේ. ඒ කාලෙත් කොල්ලො පස්‌හය දෙනා එක්‌ක කැලෑ පඳුරුවලට ගිය උන් හිටියා. හැබැයි උන් එළියට එනකොට දාහ පහළොස්‌දාහක්‌ ගෙවනවා…”

    ”මේ අවලම් රස්‌සාව වඳ වෙලාම යන්න ඕනා. ගොඩක්‌ අය හිතන්නේ අපි මේ රස්‌සාව කැමැත්තෙන් කරනවා කියලා. නෑ… මේක කිසිම තෘප්තියක්‌ නැති රස්‌සාවක්‌. මම කියනවා බොරු ද බලන්න මහත්තෙලා ඔය නගරයේ ඉන්න තව ගෑනු දෙතුන් දෙනෙක්‌ එක්‌ක කතා කරලා බලන්න.. ‘කරන්න දෙයක්‌ නැතිකමට කරනවා’ කියලා නොකිව්වොත් මට ඇවිත් බැණලා යන්න…” ආයාසයෙන් එළියට ගත්ත කතාවේ අවසානයට මහත් වේගයක්‌ තිබිණි. වැඩ කරන වේලාව නිකරුණේ ගත වුවද ඒ පිළිබඳ ඇය නොතැවිණි. ජීවිතයේ අගහිඟකම්වලින් මිදෙන්නට සහ නරක පූර්වාදර්ශයන් මත වීදියට වැටුණු සීතාට නැවත ගොඩ ඒමට නොහැකි විය. ඇය තවම නරකාදියේය.

    සීතා රැකියාවේ යෙදෙන අනුරාධපුර පොදු වෙළෙඳපොළ තුළ තවත් ගණිකාවන් රැසකි. ඒ ආසන්නයෙන් යනෙන පිරිමින්ට ඇතැම් ගණිකාවන් විසිල් කර කතා කරන්නට, ළඟින් යන විට නිරුවත් කකුල් දමා මග අහුරන තරමට ඔවුහු පොදු වෙළෙඳපොළ තම ආධිපත්‍යයට ගෙන ඇති අයුරු ද අපි දුටුවෙමු. එමෙන්ම අනුරාධපුර නව නගරය, පැරැණි බස්‌ ටෑන්ඩ් එක ගණිකාවන්ගේ රාජධානි බවට පත්ව ඇත. නුවර වෑවේ වෑකන්ද, මෛත්‍රිපාල සේනානායක මාවතේ සියලු අතුරු මාර්ග රාත්‍රි කාලයට ගණිකාවන්a සහ සල්ලාලයන් එකතුවන එළිමහන් නාඩගම් පිටි බවට පත්ව ඇත. එකී ප්‍රදේශවලදී ලයිට්‌ එළි වදින විට අඩනිරුවත් සිරුරු ක්‍ෂණයෙන් ලඳු කැලෑවලට වහං වීම සුලබ දර්ශනයකි. මේ ගණිකා ආදිපත්‍යයට අනුරාධපුර නගරයේ බොහෝ ත්‍රිරෝදකරුවන්, ව්‍යාපාරිකයන් විරුද්ධය. එහෙත් බුද්ධි අංශ නිලධාරීන් නිරන්තරයෙන් ගැවසෙන සහ නීතිගරුක අනුරාධපුර පොලිසිය ගණිකාවන් අත්අඩංගුවට නොගැනීම නගරවාසීන්ට මහත් ගැටලුවකි. එමෙන්ම රාත්‍රි මුර සංචාරයේ යෙදෙන පොලිස්‌ නිලධාරීන් රෑ මනමාලියන් සමඟ සතුටු සාමීචියේ යෙදෙන අවස්‌ථා ද අනුරාධපුර නගරයේ සුලබ දර්ශනයක්‌ බව වාර්තා වේ. පොලිස්‌ නිලධාරීන් විසින් ඉඳහිට වීදි දිගේ ඇවිදින ගණිකාවන් කුදලාගෙන ගියද අධිකරණයේ ඇප පිට නැවත ඔවුහු පාරට එති. එම කාන්තාවන්ට ඇප තැබීමට ඕනෑතරම් අය සිටිති. එමෙන්ම කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන ඇතැම් පුද්ගලයන් සහ කණ්‌ඩායම් ද අනුරාධපුරයේ එමටය. ඒ කාන්තාවට ඇති ආදරයට හෝ හිතවත්කමට නොවේ. මුදල් ඉපැයීමට ඔවුන්ව ඉත්තන් කරගැනීමටය. එහෙත් එම පිම්පියන්ගේ කාරුණාව පහළ වන්නේ ද පොත්ත රතු, සහ ඉඟ සුඟ හැඩ වැඩ ගැටිස්‌සියන්ට සහ රූපත් කාන්තාවන්ට පමණි.

    සීතා වැනි සම හැළෙන, හකුඇට ඉලිප්පුණු, කෙස්‌ පැසුණු කාන්තාවන්ට පිම්පි කරුණාව ද පහළ නොවේ. ගණිකා වෘත්තියේදී වයසට යැම යනු අවලංගු කාසියක්‌ වැනිය. තරු හෝටල්වල සුපිරි මිලට විකිණෙන කාන්තාවන්, සමාජශාලාවල නළඟනන් මෙන්ම දූවිලි වීදියේ සොච්චම් මුදලට විකිණෙන ඕනෑම කාන්තාවකගේ සම රැලි වැටී, රූපය විරූපී වන විට අත්වන ඉරණම සීතාගේ වීදි ජීවිතයට සමානය. එහෙත් සල්ලි කොළවලින් අන්ද වී සිටින කාන්තාවන්ට ලොව පැරැණිම වෘත්තියේ අනන්තය නොපෙනේ. පෙනෙන විට ආපසු හැරෙන්නට කාලයක්‌ ඉතිරි වී නැත. දැන, දැනම තම දියණියන් ද ඒ අපායටම ඇද දමන අවලම් හැතිරියන්ට නීතියේ දෑස්‌වලින් සැඟ වී සිටියද එලොවදී නම් කිසිදු ගැලවීමක්‌ නැත.

    එමෙන්ම නීතියේ වැට කඩුළු ශක්‌තිමත් නම් මුදලට, සිතුවිලිවලට වැට මායිම් එහා මෙහා නොවෙන්න මේ රටේ අම්මලා තම දියණියන්ව අසහනකාරී අපතයන්ට විකුණන්නේ නැත. මහ මඟ විකිණෙන නගර සෝබනියන්ද අඩුවේ. ඒ හැරෙන්නට මේ කාලකණ්‌ණි රැකියාව සමාජයෙන් අතුගා දැමීමට නොහැකිය. සම්පූර්ණයෙන් අතු ගා දැමීමට කතා කිරීම ද විහිළුවකි.

    [rns_reactions]

  • රනිල්ගේ ආශිර්වාදයෙන් සෙවනගල යළිත් දයා ගමගේට

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කරගන්නා ලද 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායකයන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට අය වැයෙන් යෝජනාකර තිබේ.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබූ සීමාසහිත සෙවනගල සීනි සමාගම එම පනත යටතේ පවරා ගනු ලැබූ අතර පනත අහෝසි වීමෙන් පසුව නැවත එම කෝටි ගණනක් වටිනා දේපොළ දයා සමූහ ව්‍යාපාරයට අයත්වනු ඇතැයි පැවසේ.

    [rns_reactions]

  • “ඇමෙරිකාවේ ජනපතිවරු විපතේදී එක්වෙති” ඇමෙරිකාවේ එහෙම වුණත්  ලංකාවේ එහෙම වෙන්නේ නෑ !

    ඇමෙරිකානු ජනාධිපතිවරුන් පිළිවෙළින් වමේ සිට : ජොර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ්, බැරක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, බිල් ක්ලින්ටන් සහ ජිමී කාටර්​

    [rns_reactions]

  • හෝටල් කාමර ඇතුළේ ජවනිකා පෙන්වා මුදල් ගරන නරුමයෝ – යතුරු හිලේ අභිරහස එලියට…

    හුදකලාව ප්‍රේමවන්තයන්ගේ එකම රජදහනය. ඔවුන් හැමවිටම උත්සහ ගන්නේ සමාජය ඉදිරියෙන් හුදෙකලා වන්නටය. මේ නිසාම මල් උයනේ පඳුරු අසල සිට හෝටලයක කාමරයක් දක්වා ඒ හුදෙකලාව ඔවුහු විඳගැනීමට උත්සාහ කරති. එසේ උත්සාහ කිරීම ද වරදක් නැත. එහෙත් ඊට වයස සහ සීමාව හඳුනාගෙන ක්‍රියාකිරීම ප්‍රධාන වශයෙන් වැදගත් කරුණක් බව අප ප්‍රථමයෙන්ම කිව යුතුය.

    කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ ප්‍රේම කරන ආකාරය ගැන නොවේය. ප්‍රේම කරන හැටිද නොවේය. මේ කියන්නට යන්නේ ලාංකීය ප්‍රේමවන්තයන් (විවාහක ප්‍රේමවන්තයන් ඇතුළත්ව) මුහුණ දෙන අභියෝග සහ ලාංකීය ප්‍රේමවන්තයාගේ ජීවිත අවදානම ගැනය.

    මේ කතාව ලියුම්කරුගේ අත්දැකීමකින් ආරම්භ කිරීමට කැමතිය. දිනක් ලියුම්කරු තවත් පිරිසක් ද කැටුව මහනුවර ප්‍රදේශයේ සංචාරයකට ගිය අවස්ථාවක දහවල් ආහාරය ගැනීම සඳහා මහනුවර නගරයේ පිහිටි එක්තරා උද්‍යානයක් වෙත ගියේය. ඒ උද්‍යානයට ඇතුළු වු තැන සිට කෙළවර තෙක් සිටින්නේ පෙම්වතුන්ය. පිටින් එන කිසිවකුට එහි ගත කිරීම සඳහා කිසිදු ඉඩක් නැත. සිමෙන්ති බංකු පමණක් නොව ගස් ගල්, පඩිපෙළවල් මත පවා පෙම්වතුන් පෙම් සුව විඳිති. එතන අපට ඉඩක් නොමැති නිසා අපි නැවත හැරී එන්නට වීමු. එසේ එන විට තැන් කිහිපයක තරමක් වැඩිමල් පිරිමි පුද්ගලයන් වාඩිවී සිටින අයුරු දැකගත හැකිවිය. ඔවුන් එක එකා තනිව සිටි අතර ඔවුන්ගේ ඇස් එල්ලවී තිබුණේ නිදහස් පෙම්වතුන්ගේ හැසිරීම් දෙසය. එය දුටු සැණින් සැකයක් උපදවන්නට විය. පසුව ලියුම්කරු ඇතුළු පිරිස එළියට පැමිණ ත්‍රීවිල් කිහිපයක නැගී මහනුවර නගරයට එමින් සිටියහ. එසේ එන අතරතුර ත්‍රීරෝද රථ රියදුරු සමඟ ලියුම්කරැ කතාවට වැටුණේය. මෙහිදී ලියුම්කරු ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීය .එකක් මෙතරම් පෙම්වතුන් එහි සිටින්නේ ඇයිද කියාය. දෙවැනි කාරණය හුදකලා වූ පිරිමින් එහි කුමක් කරන්නේ ද යන්නය. ඔහු දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේ සටහන් කරමි.

    “ඔය ළමයි පහුගිය කාලේ හිටියේ වැව රවුමේ. එළියේ. ඊට පස්සේ කවුරු හරි ගොනෙක් කියලා තිබ්බා මේ පූජා භූමිය අවට ඉන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ වැව රවුමේ ඉන්න ඔක්කොම එළෙව්වා ඔය ගුබ්බෑයමට. ඉස්සර ඔතන පොඩි ළමයි හිටියේ. දැන් ඔන්චිල්ලාවල පවා කපල්. එන්න එන්න දවසට කපල් වැඩි වෙනවා. ඊට පස්සේ ඔතන ටිකට් කඩන්න හිටිය තරුණ පහේ උන්ව එළවලා නාකි උන්දෙන්නෙක් ගෙනත් දැම්මා. උන් දෙන්නා පට්ට හොරු. පරණ ටිකට් එකක් දීලා සල්ලි ගහනවා. ඒ විතරක් නම් කමක් නෑ සමහර අසහනකාරයෝ ඉන්නවනේ මහත්ත‍යා බලලා සැනසෙන උන්. ඔය උන් පෝලිමේ ඕකට රිංගනවා. නිල වශයෙන් ටිකට් එකක් ගන්නවා නම් රුපියල් 30යි. ඒත් උන්ගෙන් ගන්නවා 150 – 200 වගේ ගාණක්. ටිකට් දෙන්නේ නෑ. උන් ඇතුළට ගිහින් වාඩිවෙලා අර ළමයි කරන දේවල් බලාගෙන ඉන්නවා. සමහර උන් වීඩියෝ කරනවා. ගොඩක් එන්නේ අවුරුදු 40 ට වැඩි උන්. ඒ ළමයිනුත් ඉන්නේ වෙනමම ලෝකයකනේ. ඒ අය කරන දේවල් අරුං බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙනවා. සමහර උන් වීඩියෝ කරනවා. අනික ඔය ළමයි අර වැව රවුමේ හිටියා නම් ඔයිට වැඩිය විනීතව හැසිරෙනවා.”

    මෙතනින් එහාට මේ ගැන කියන්නට දෙයක් නැත. එවැනි අසහනකාරීන් වෙසෙන රටක පෙම්වතුන්ගේ ආරක්ෂාව ගැන කුමන කතාදැයි අපට ඇසීමට ඇත. ඒ කතාව එසේ තබා අප දෙවැනි කතාවට එන්නෙමු.

    පසුගිය සතියේ දිනෙක මාධ්‍ය තුළ කතාබහට ලක්වන පුවතක් ප්‍රචාරය විය. ඒ කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයකදී විවාහක යුවලක් මුහුණ දුන් සිද්ධියක්ය. ඔවුන් මධුසමය සඳහා තෝරාගෙන තිබුණේ කුලියාපිටිය ප්‍රදේශයේ හෝටලයකි. මධුසමය ගතකර ඊට පසුදින එන්නට සූදානම් වෙද්දී ඔවුන්ට දැක ගැනීමට හැකිවුයේ එම කාමරයේ දොරෙහි සිදුරු දෙකකි. ඇහැ තබා බැලිය හැකි එම සිදුරු එල්ල වී තිබුණේ ඔවුන්ගේ සයනය දෙසටය. මේ නිසා කැළඹීමට පත් යුවළ පොලීසියට දැනුම් දුන්නේ කවුරුන් හෝ අයකු ඔවුන්ගේ මධුසමය වීඩියෝ ගතකර ඇති බවට චෝදනා කරමිනි. ඒ අනුව පොලීසිය පැමිණ අදාළ හෝටලයේ පරීක්ෂණ පැවැත්වූ අතර එවැනිම සිදුරු දොරක් සහිත කාමරයක් ඊට යාබද දුරින් පිහිටා තිබුණේය. එම කාමරයේ ද සිදුරු අතරින් බැලූ පසු දිස් වූයේ එහි සයනයයි. කෙසේ වෙතත් මේ පිළිබඳව හෝටලයට චෝදනා එල්ලවූ අතර හෝටලයේ පිරිස් නව යුවළට චෝදනා කළේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බව පවසමිනි. එහෙත් හෝටලයට එම වැරැද්දෙන් ගැලවෙන්නට නොහැක. ඒ කාරණා කිහිපයක් නිසාය.

    එසේ නොවේනම් එවැනි සිදුරු සහිත දොරවල් තබාගන්නේ ඇයි? එවැනි සිදුරු සහිත දොරක් ඇති කාමරයක් මේ නව යුවළට දුන්නේ ඇයි? එම සිදුරු සයනය වෙතම එල්ලවී තිබුණේ කෙසේ ද යන්නය. ඒ නිසා මේ සිදුවීම් එකක්වත් අහඹුවා විය නොහැක. එය හිතා මත කළ දෙයක් නොවේ නම් එසේ අවදානම් සහිත කාමර පවත්වාගෙන ගියේ ඇයි ද යන්න හෝටලය වගකීම බාරගත යුතුව ඇත. ඒ නිසා කවුරැ හරිද කවුරු වැරදිද යන්න ඉදිරියේ බලාගත හැක.

    එම කතාවද පැත්තකින් තබා පොදු කතාවකට දැන් එළඹෙමු.

    අවුරුදු 18කට වැඩි ඕනෑම කෙනකුට ඕනෑම අයුරකින් පෙම්සුව විඳීමට නීතියෙන් බාධාවක් නැත. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේම කියා තීරණ ගත හැක. එසේ තීරණ ගන්නා වුන් ඇතැම් විට නවතින්නේ හෝටල් කාමරයක් තුළය. එය නීතියෙන් වරදක් නැත. එහෙත් සංස්කෘතියෙන් දැඩි දෝෂදර්ශනයට ලක්වන වරදකි. එසේම එය සදාචාරයට පිටින් ගිය ක්‍රියාවක් ලෙස ද සමාජය හඳුන්වති.

    එසේ කාමර තුළ පෙම්සුව විඳින බොහෝමයක් දෙනා කෝටිපතියෝ නොවෙති. ඒ නිසාම ඔවුන් තෝරාගන්නේ අඩුම මිල ගණන් සහිත තැන්ය. විශේෂයෙන් සමාජයට නිරාවරණය නොවු තැන්ය. මේ තත්වය තේරුම් ගන්නා ඇතැම් තක්කඩි ව්‍යාපාරිකයෝ ලෑලි කාමර සාදා හෝ ඉතා අඩු මුදලට පෙම්වතුන්ට විකුණති. ඒ බව හලාවත සිට ගාල්ල තෙක් මුහුදු සීමාව තුළත්, එසේම ගම්පහ, කළුතර, නුගේගොඩ, කුරුණෑගල ආදී ප්‍රධාන වශයෙන් ටියුෂන් පන්ති පැවැත්වෙන ස්ථානයන් තුළත් හොඳ හැටි දැක ගත හැක. අවම පැයකට රුපියල් 500 සිට උපරිමය රුපියල් 1500 දක්වා මිල ගණන් එම කාමර වලට නියම කර ඇත. කිසිඳු ආරක්ෂාවක් නොමැති අවදානමක්ම පමණක් ඇති කාමර ඇති තරම් මෙහි වෙති. කිසිදු පහසුකමක් නොමැති එම කාමර බොහෝ විට ලබාදෙන්නේම දෙවැනි ව්‍යාපාර කටයුත්තක් සඳහාය. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එම කාමර තුළ ඉතා සූක්ෂම ලෙස රහස් කැමරා සවිකර තිබූ අවස්ථා අනන්ත අප්‍රමාණ ඇත. විශේෂයෙන් පොලීසියට කොටුවූ අවස්ථා ද ඇත.

    කාමරයේ විදුලි සැපයුම් ලබා දෙන ස්ථාන (ප්ලග්) තුළ, විදුලි පංකා අසල, නැත්නම් විශේෂයෙන් එළියට නොපෙනෙන ස්ථාන තුළ මෙවැනි කැමරා සවිකරනු ඇත. එසේ සවිකරණ කැමරා යොදා ගනිමින් සුක්ෂම ලෙස කාමරය තුළ සිදුවන දේවල් නිරීක්ෂණය කළ හැක. විශේෂයෙන් ඇතැම් ජාවාරම්කාර ව්‍යාපාරිකයන් එවැනි සිද්ධි බැලීම සඳහා ද තවත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන අවස්ථාව දුන් සිද්ධි මෙරට ආරක්ෂක අංශ වලට පවා දැන ගන්නට හැක. බලා සැනසෙන ඔවුන් බොහෝ විට එම අවස්ථාව උදාකරගන්නේ වැඩි මුදල් ලබාදෙමින්ය. එහෙත් ඒ බව පෙම්වතුන් දන්නේ නැත. එය වීඩියෝ ගත නොකර පෙන්වා පමණක් වැඩේ අවසන් කිරීමට මෙම පිරිස් පුරුදුව සිටිති. මෙවැනි දෑ විශේෂයෙන් මුහුදු ආසන්නයේ පිහිටි කාමර කෑලි තුළ බහුලව සිදුවෙයි.

    එසේම කබානා මොඩලයට ලබාදෙන ස්ථාන ද එවැනිම දේ කරති. කුඩා ඉඩ ප්‍රමාණයක ඇඳක් දමා ඇති අතර එය ආවරණය කොට ඇති ලෑලි අතරින් ඕනෑම අයකුට ඇතුළත, සිදුවන දෑ දැක බලාගත හැක. මෙය ලිංගික අසහනයෙන් පෙළෙන බොහෝ දෙනාගේ සෙල්ලමක් වී ඇත. මේ නිසා ඔවුන්ගෙන් වැඩි මුදලක් ගෙන පෙම්වතුන්ගේ හැසිරීම් පෙන්වීම අලුත් ව්‍යාපාරයක් බවට පත්ව ඇත. එහෙත් මේ බව නොදත් පෙම්වතුන් රිසිසේ නිදහසේ හැසිරෙති. ඇතැම් අවස්ථාවල එසේ ලබාගන්නා වීඩියෝ පට විදෙස් රටවල ඇති අසභ්‍ය වෙබ් අඩවි වලට පවා විකිණීමට අවස්ථාව උදාවනු ඇත. එයට ඩොලර් වලින් මුදල් ලැබෙනු ඇත.

    විශේෂයෙන් මේ කාමර සිදුරු තුළින් පෙන්නීමේ ජාවාරමේදි වැඩි ලෙස විදේශිකයන්ට ද අවස්ථාව ලබාදෙන බවට ආරක්ෂ අංශ වෙත තොරතුරු ලැබී ඇත. මෙවැනි සිදුවීම් නිසා බොහොමයක් පෙම්වතුන් අන්ත අසරණ වී ඇත. ඒ බව පොලීසියට හෝ පැමිණිල්ලකින් ඉදිරිපත් කිරීමට නොහැකිව ලත වෙති. ඒ සමාජයෙන් එන ගැරහුම් නිසාය. එසේ නම් මෙරට පෙම්වතුන්ට ඇති නිදහස කුමක්ද? වීදියක නතර වී කතා කිරීමට නොහැකි නම්, ප්‍රසිද්ධ ස්ථානයන් වල සිටියදී බැණ එළවීමටත්, උද්‍යානයකට ගිය පසු එහි ආරක්ෂක අංශ විසිල් ගසා ඔවුන්ව ඈත් කරන්නත් එසේම ඔවුන්ගේ පෞද්ගලිකත්වය වෙනත් අයකුට මුදලට විකුණන විටත්, කාමරයකට ගිය පසු ඔවුන් වටකොට කැමරා කාච යොමු කරන්නත් ඇති නම් ඔවුන්ගේ ආදරයට ඇති අවදානම ගැන කවර කතාද. ඒ නිසා ඔවුන්ව එළවා දමනවා සේම ඔවුන්ට පෙම්සුව විඳින්නට අයිතියක් රජය තුළින් සකසා දියයුතුව ඇත. ඔවුන් පමණක් නොව විවාහක යුවලකට පවා නිදහසේ අවදානමක් ඇත්නම් ආදරවන්තයන් යායුත්තේ හඳටදැයි අපට ඇසීමට ඇති ප්‍රශ්නයකි.

    [rns_reactions]

  • කෝච්චියේදී සුද්දය දාන ප්‍රේම කුරුල්ලෝ

    ලංකාවේ බොහෝ දෙනෙක් වැඩට යන්න එන්නේ පොදු මගී ප්‍රවාහන සේවයේය. එයද බස් සහ දුම්රිය ලෙස බෙදෙන අතර එයිනුත් දුම්රිය හරහා වැඩට යන එන අය බොහෝය. එසේ යන එන ඔබත් මමත් මේ කෝච්චිය තුළ විඳ ඇති අත්දැකීම් බොහෝය. ඉන් වැඩිපුරම සොරකම්ය. මේ සොරකම් නිසා කෝච්චිය තුළ අපහසුතාවයට ලක්වූවෝ බොහෝ වෙති.

    මේ කතාව පටන් ගන්නට යන්නේ ලියුම්කරුට දුම්රියේදීම හමුවූ අයකු විසින් කී කතාවක් හරහාය. මේ කතාව අසන ඔබට යම් ආකාරයක සැකයක් ඇති විය හැක. ඒ සත්‍යද අසත්‍යද කියාය. ලියුම්කරුටද එය පළමු අවස්ථාවේ සිතිනි. එහෙත් මෙය සොයා බැලූ පසුව දැනගන්නට හැකිවූයේ එය සත්‍ය සිද්ධියක් කියාය.

    මේ සිද්ධියේ කතානායකයා නුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාව සිදුකළ අතර නැවතී සිටියේ කොළඹට නුදුරු ප්‍රදේශයකය. සතියට සැරයක් එනම් සිකුරාදා සවස ඔහු ගම රට බලා පිටත් වන්නේය.

    ඒ අනුව එක් දිනක් ඔහු සවස නුවර කෝච්චියට ගොඩවුණේ ගමේ යාම සඳහාය. ඔහු කොළඹ දුම්රියපොළෙන් නැග අසුන්ගත් අතර ඒ අසල තරුණියක්ද සිටියාය. දුම්රිය ක්‍රම ක්‍රමයෙන් නුවර බලා ඇදෙන්නට විය. මඳදුරක් යමින් සිටියදී අසල සිටි තරුණිය ඉංග්‍රීසි මුසු සිංහලෙන් තරුණයාව ඇමතුවේය. “අයියා මේ ට්‍රේන් එක ලේට්ද” තරුණයා නැත යනුවෙන් පිළිතුරු දුන්නේය. තවත් මඳ දුරක් ගියපසු එම තරුණිය “අයියා මේ ට්‍රේන් එක යනකොට ගොඩක් රෑ වෙනවද?” එම තරුණියගේ හැසිරීම තේරුම් ගත් තරුණයා විමසුවේ “මීට කලින් මේ කෝච්චියේ ගොස් නැති”දැයි විමසුවේය. තරුණිය ඔන්න කතාව කියන්නට පටන් ගත්තාය. “නෑ අයියා. මම නුවර යන්නේ තනියම පළවෙනි වතාව. අපේ ලොකු අම්මලගේ ගෙදර. අයියා එනවා කිව්වා ස්ටේෂමට. මට ටිකක් බයයි. දන්නෙත් නෑනේ. කළුවරත් එක්ක. ඒකයි අයියගෙන් ඇහුවේ…”

    ඈ එලෙස කතා කරනවිටත් හැඟුම්බරවී සිටියේය. මේ කතාව අසා සිටි තරුණයා කීවේ තමනුත් නුවර යන නිසා බය නොවී සිටින ලෙසය. මඳදුරක් ගිය පසු තරුණයා රාත්‍රී ආහාරයට ගත් බනිස් ගෙඩියක්ද ඇයට දුන්නේය. ඇය බෑ බෑ කියමින් එය අතට ගෙන කෑවේය. තැනින් තැන නවත්වමින් යන කෝච්චිය මේ දෙදෙනා තව තවත් ළං කරන්නට සමත් විය. කඩුගන්නාව කන්ද නගින විට දෙදෙනා ඇමතුවේ දෙදෙනාගේ නම් වලිනි. ඒ තරම් සමීප වී සිටියේය. එපමණක් නොව නැවත හමුවීමටද දෙදෙනා තීරණය කළෝය. පේරාදෙණිය ළං වනවිට තරමක ආදරයක්ද තරුණයාට තරුණිය කෙරෙහි හටගෙන තිබුණේය.

    නුවරට ළං වනවිට ඇගෙන් දුරකථන අංකයද ඉල්ලා ගත් තරුණයා ඈ කෙරෙහි විශ්වාසය තබා ගත්තේය. දෙදෙනාම නුවරින් බැසගත් අතර දුම්රියපොළ ඉදිරිපිටට පැමිණි පසු තරුණිය තරුණයාගෙන් ඇසුවේ අයියා එනතෙක් සිටිනවාද යන්නය. ඊට එකඟවුණු තරුණයා ඈත් සමඟ එහි රැඳී සිටියේය.

    මඳ වෙලාවක් ගිය පසු තරුණිය අයියාට කියා ඇමතුමක් ලබාගත් අතර ඈ දුරකථනය කනේ තබා ගනිමින්ම තව පැයක් යනවද කියා ඇසුවේය. ඒ තරුණයා දෙස බලාය. අවසානයේ පැයක් සිටින්නට සිදුවන නිසා තරුණයාට ඒ බැව් දැන්වීය. මේ අතර තරුණිය විසින් අපි වැව රවුමට යමුදැයි ඇසුවාය. තරුණයා එයට එකඟ වූ අතර ඒත් සමඟ ඔවුන් අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් කැඳවා එයට තරුණිය හදිසියේ ගොඩ විය. මඳ දුරක් යනවාත් සමඟ තරැණිය බෑගය ඇද්දේය. එහි තිබූ වතුර බෝතලය දැක “අයියෝ මට අමතක වුණානේ අම්මා හදලා දුන්න දෙහි එක බොන්න” යැයි ඇය කීවාය.

    එසේ කියමින් ඈ එහි මූඩිය ඇර “ආ ඔයා බොන්න” යැයි කියා දිගු කළේය. ඇයට බෑ කීමට නොහැකි නිසා ඔහු උගුරු දෙකක් කටේ හලා ගත්තේය. ඉන්පසුව ඈ බෝතලේ ගෙන “ඉන්න මම අයියට කියන්නම් නුවර වැව ගාවට එන්න කියලා” යැයි කියමින් ඈ ඇමතුම ගනිමින් බෝතලේ මූඩිය වසා දැමුවේය. ඒ වනවිටත් වැව රවුම අසලට පැමිණි සිටි දෙදෙනා ත්‍රීරෝද රථයෙන් බැස ගත්තේය. ඔවුන් ඇවිද ගොස් සිමෙන්ති බංකුවක වාඩිවිය. එහෙත් තරුණයට විනාඩි කිහිපයක් යනවිට කරකැවිල්ලක් එන්නට විය. ඔහු එම තරුණියට ඒ බව කියනවා මතක තිබුණේය.

    ඇඟේ තෙහෙට්ටුවක් සමඟ තරුණයා ඇස් අරින විට සිටියේ රෝහලක සයනයේය. ඔහු සමීපයේ සිටි තරුණියද නැත. ඒ වෙනුවට වෙනත් අයෙක් ඇත. බියවූ තරුණයා මේ ගැන විමසුවේය. එවිට එහි සිටි පුද්ගලයා කීවේ මඟ වැටී සිට දැක රැගෙන ආ බවය. කෙසේ වෙතත් මේ සිද්ධිය පුදුම සහගත බව තරුණයාට සිතුණේය. එහෙත් කරුමය නම් ඒ වනවිටත් ඔහු අතේ වූ බ්‍රේස්ලට් එක, පවුම් තුනක රත්තරන් මාලය, මුද්දක් හා මුදල් පසුම්බිය නැති වී තිබීමය. හැමතැනම බැලුවත් ඒ කිසිවක් තිබුණේ නැත. ඒ අනුව මඟ හමූවී හඳුනාගත් තරුණිය මෙය සිදුකර ඇති බව ඔහු දැන ගත්තේය.

    අවසානයේ තරුණයා පොලීසියට පැමිණිල්ලක් දැමූ අතර පොලීසිද කීවේ අපූරු දෙයකි. එනම් මෙවැනි පැමිණිලි නිතර ලැබෙන බවය. මෙය සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන බවද කියවිණි. කෙසේ වෙතත් මෙවැනි සිද්ධි නිතර දුම්රිය තුළ සිදුවන බවත් එහෙත් ඒ සැමදේම පොලීසියට වාර්තා නොවන බවත් සඳහන් වේ. හේතුව ඇතැම් අවස්ථාවල කාන්තාවන් තරුණයන් රැගෙන කාමරවලට ගොස් සිදුකළ කොල්ලකෑම් නිසාය. ඒ නිසා එවැනි සිදුවීම් පොලීසියට වාර්තා වෙන්නේ ඇත. මේ අතර පිරිමින්ද කාන්තාවන් රවටා කොල්ලකෑම් සිදුකරන බව සඳහන් වේ. හොඳට ඇඳ පැළඳ එන ඔවුන් රටේ ඉහළ තැන්වල රැකියා කරන බවත් නිවාඩුවට ගමේ යන බවත් පවසා මිතුරු වී දුරකථන අංක ලබා ගනිමින් කාන්තාවන් කොල්ලකෑම් සිදුකරන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් දැනට ලැබී තිබෙන තොරතුරු අනුව මොවුන් වැඩිපුරම සැරිසරන්නේ දුර ගමන් සේවා දුම්රිය තුළය. ඒ අදාළ පුද්ගලයන් ගැට ගසා ගැනීම සඳහා කාලය ලබා ගැනීමටය. එසේම ඔවුන් එලෙස දුම්රියේ යනවිට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා කණ්ඩායමේ තවත් දෙදෙනකු එම කෝච්චි පෙට්ටියේ ගමන් කරන බව සඳහන්ය. ඒ උන්ගේ ආරක්ෂව සඳහාය. ඇතැම් අවස්ථාවල අදාළ කොල්ලය සැලසුම පරිදි සිදු නොවුණහොත් පිහියක් පෙන්නා හෝ එය සිදුකිරීමට ඔවුන් පෙළඹී සිටිති. එයට හේතු වී ඇත්තේ මෙහි ඉන්නා පුද්ගලයන් බොහෝදෙනා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසාය. මේ නිසා කෙසේ හෝ මුදල් සොයා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇත. ඒ නිසාම අතේ පයේ දේ සූරගෙන යාමට ඔවුන් පෙළඹී ඇත.

    කෙසේ වෙතත් හැමෝටම සිහි නැතිවෙන්න බොන්න දෙන්නේ නැත. ඇතැම් අය ආහාරයකට දමා දෙති. ඒ නිසා විවිධ ක්‍රම භාවිතාකොට සිහි නැතිකිරීම ඔවුන්ගේ අරමුණ වී ඇත.

    පොකට් ගසන උන්, චේන් කඩන උන්ට වඩා ඉතා සූක්ෂමව සිදුකෙරෙන මෙම කොල්ල කෑම් නිසා බොහෝ දෙනෙක් අසරණ වෙති. නීතියේ පිහිට පැතීම අත්හරිති. ඒ ලජ්ජාව නිසාය. මේ හේතුවෙන් හොරුන් සදාකල් දිනනු ඇත. ඒ නිසා දුම්රියේ ගමන් ගන්නා මගීන් ලෙස මීට වඩා අවධානයෙන් සැලකිලිමත් ලෙස හැසිරිය යුතු බව සිහි කිරීමට කැමැත්තෙමු. පොලීසියටවත් පැමිණිලි නැති මේ අපරාධකරැවන් අත්අඩංගුවට ගැනීම අසීරුවන්නේ වෙන කිසිදෙයක් නිසා නොව ඔබේ අඩුපාඩු නිසාය. ඒ නිසා දුම්රියේ හමුවන ප්‍රේමකුරුල්ලන් කිරිල්ලියන් ඔබේ දේපලට අත තබනා තවත් වෙනස් ආකාරයේ මංකොල්ලකරැවන් පිරිසක් බව අමතක නොකරන්න.

    [rns_reactions]

  • ‘‘ලස්සන කපල් දාන්නෙ ඒ කාමරේට – ‘‘ ලංකාවේ කපල් නොදැනුවත්වම අරාබියට විකිණෙන හැටි.

    මේ කියන්න යන කතාව එ් තරම් සුන්දර කතාවක්නම් නෙමෙයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන්, අනියම් සබඳතා පවත්වන පුද්ගලයන් මේ වෙද්දි ලංකාව පුරාම ගමක් නගරයක් ගානේ ඉදිවෙලා තියෙන ලැඟුම් හල් මෙන්ම ඉතා අඩු මුදලක සිට වුවද ගන්න පුළුවන් කාමර නිසා තමන්ගෙ වටිනා ජීවිතයට බොහෝ අමිහිරි අත්දැකීම් එකතු කරගන්නවා.මේ දේවල් පිටිපස්සෙ ඉඳගෙන බොහෝ දෙනා තමන්ගෙ අතමිට සරුකරගන්නෙත් බොහොම සූක්ෂම විදියට.

    මේකත් කොළඹ නගර සීමාවේ තියෙන කුඩා ළැගුම්හලක්.කාමර හතකින් සමන්විත මේ ලැඟුම්හලේ කාමර බොහොම අඩුමිලට ගන්න පුළුවන් වීම සහ නාගරික පරිසරය මැද පිහිටා තිබෙන නිසා නොදන්නා පුද්ගලයන්ගෙන් නිරන්තරයෙන්ම මේ කාමර පිරී පවතිනවා. කොළඹින් මෙන්ම කොළඹින් පිටස්තර පුද්ගලයින්ගෙන්ද මේ කාමර පිරී යන්නේ රැයක් දවාලක් නොමැතිවයි.

    එසේම අරාබි භාෂාවට නෑකම් කියන මේ පුද්ගලයාගේ රහස් කාමරයක නිරන්තරයෙන්ම කිහිපදෙනෙකු ගැවසෙනවා. ඔවුන් කරන්නේ මොනවාද..? මොහු ගැන තොරතුරු සොයන අතරතුරේ මොහුට දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඉන් අනතුරු මේ සිදුවීම සිදුවන්නේ වෙනස්ම විදියකට‍

     ‘‘ෂරි ෂරි අද ෂෝ දෙකක් රෑට අප්ලෝඩ් කරනවා.“
    සල්ලි දැම්මද..?
    ඕ කේ..

    කතාව අවසන් විය.හිමිකරුගේ මේ භාෂාව දැන් අපට හුරුය. සතියකට දෙතුන් වතාවක් එම ස්ථානයට ගිය ඔහු අප සමග ඉතාමත් මිත්‍රවිය. අප මේ පිළිබඳව ඔහුගෙන් හිමින් සීරුවේ විමසුවේ සිදුවන ඇත්ත කතාව හරිහැටි දැනගැනීමටය. මේ ව්‍යාපාරයේ හිමිකරුට අපි අස්වර් යැයි කියමු.

    අස්වර් ඇත්ත කියපං..

    මාත්තියලට බොරු මොකටද..? මාත්තයලට පෙන්නන්නම්.

    අස්වර් අපව රහස් කාමරයට රැගෙන ගියේය. 

    මාත්තයා අද කාමර 7 ම පිරිලා. මේකෙන් හය වෙනි කාමරෙ අපි  තියාගෙන ඉන්නෙ වීඩියෝ වලට.අරාබියෙන් ගෙනාපු පුංචි කැමරා එකක් තියෙන්නෙ. බිත්තියට තියලා හයි කරලා. අපි හොයන විදියෙු  දෙන්නෙක් ආපු ගමන් අපි දෙන්නෙ හය වෙනි කාමරේ. මේ සේරම වැඩ හරි රහස්.කිසිම දෙයක් ලංකාවට අදාල නෑ මාත්තයා.

    ඒ කිවුවෙ..

    මේ වීඩියෝ රෙකෝඩ් අපි ගන්නවා තමයි. ලස්සන කපල් ආවම අපි පොඩි වීඩියෝ එකක් දා ගන්නවා. ඒවා අපි කොළඹ මාකට් වලට දාන්නෙ නෑ. ඉල්ලන අයට දෙන්නතේ නෑ. ඇහුවට කියන්නෙත් නෑ. කාටවත් පෙන්නන්නෙත් නෑ.

    ඒ කිවුවෙ…

    අපි මේවා ගන්නෙ වෙනමම වැඩකට..

    දැන් අස්වර්ගෙ ළඟ මේ වගේ හයවෙනි කාමරේ වීඩියෝ කීයක් විතර තියෙනවද..?

    දැන් මාත්තයා වීඩියෝ 100 ක් විතර මේ බලන්න.

    තරුණ,ලාබාල ජෝඩු මෙන්ම කාර්යාල සේවයේ නිරත තරුණියන්ද අනියම් සබඳතාවල නියලෙන වීඩියෝ පට අස්වර්ගේ ලඟ දිගහැරෙයි.

    හොඳයි නේද..? සල්ලි තමා මාත්තයා.. ඔය තමා සල්ලි.

    එ් කොහොමද ලංකාවේ මාර්කට් එකේ නැත්තම්…?

    අරාබියෙ එංගලන්තයේ අපේ කස්ටර්මලා ඉන්නවා. දැන් ඉතිං ඉන්ටර්නෙට් දියුණුයිනෙ. ස්කයිප්,ෆේස්බුක්,වට්ස්ඇප් තියෙනවා. මොනවද කරන්න බැරි. අපේ අය එහේ ඉඳන් ඩොලර් 40-50 දීලා කස්ටර්මලා හදා ගන්නවා. දැන් එහෙම කස්ටර්මලා 100 විතර ඉන්නවා. එයාලා හරි ආසාවෙන් මෙහේ සීන් බලනවා. සමහරු කතා කරලා කියනවා එයාලා වැඩිපුර සල්ලි දෙන්නම් මේ වගේ අයගේ ෂෝ එකක් පෙන්නන්න කියලා. අර ඉස්සෙල්ලා කතා කලේ.

    එතකොට මාත්තයා එයාට ගැලපෙන විදියෙ නෝනා කෙනෙක් අපි හයේ කාමරේට දානවා. එයා කැමතා කළු කෙට්ටු කෙනෙක්ටනම් එහෙම, සුදු මහත කෙනෙක්නම් එහෙම, එතකොට සිංහල,දෙමළ,මුස්ලිම් නම් ඒ විදියට එයාගෙ කැමැත්ත අනුව දෙනවා. එයාලගෙ කැමැත්ත අපි ඉක්මනින්ම  ලබා දෙන හින්දා අපේ කස්ටර්මලා අපිට කට්ටිය හදලා දෙනවා. ඒ රටවල අඩු වයස්වල අයත් ගොඩක් අපිත් එක්ක ඉන්නවා.

    මාත්තයා මේ ෂෝ බලන්නෙ පිටරට ඉන්න අරාබි මහත්තුරු, සුදු මහත්තුරු නෝනලා. ඒ නිසා හයේ කාමරේට කවදාවත් හානියක් වෙන්නෙ නෑනෙ. ඇයි මාත්තයා මේවා ලංකාවෙ කවුරුවත් බලන්නෙ නෑනෙ.

    මේ දේවල් හෙලිකර ගත වූයේ කෙටි කලකි.අස්වර්ගේ රහසිගත ජාවාරමේ කරුණු එකින් එක අනාවරණය වන්නට විය. දැන් හයේ කාමරයේ දර්ශනය අවසන්ය. අස්වර් නීතිය හමුවේය.නමුත් මේ රට පුරා තවත් හයේ කාමර තිබිය හැක. දෙස් විදෙස් වෙළඳපොල තුල කාමය විකුණන්නට බොහෝ උගුල් අටවා තිබිය හැක.අද ඔවුන්ට සිදු වූ දේ හෙට ඔබට, ඔබේ ඥාතියෙකුට,මිතුරෙකුට සිදුවිය හැක. 

    [rns_reactions]

  • මටත් හොඳට විසේ තිබුණා, කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා ” අනුරපුර ගණිකා ජාවාරම

    අනුරාධපුර නගරයම වෛශ්‍යාවන්ගේ හා නගර සෝභනියන්ගෙන් පිරි තිබෙන බව පසුගිය දිනවල විවිධ පුවත් පල වුනා. ඒත් සමගම අනුරාධපුර පොලීසිය මගින් පූජා නගරය හා ඒ ආශ්‍රීතව සිදු කළ විවිධ වැටලීම් පිළිබදව නිරන්තරයෙන් අසන්නට ලැබුනා.

    කෙසේ වෙතත් අනුරාධපුර නගරයේ සිට කලක තිස්සේ ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවකගේ පාපොච්ඡාරණයක් මුද්‍රිත මාධ්‍ය විසින් පළ කර තිබුනා. එහිදි ඇය ප්‍රකාශ කර තිබුනේ තමන් සිය කැමැත්තෙන්ම ගණිකා වෘත්තිය තෝරාගත් බවටයි. 

    ඇය සමග සිදු කළ සම්පූර්ණ සංවාදය පහතින්,

    ”මම කසාද බැන්දේ අවුරුදු දාසයෙන්. අවුරුදු විස්‌ස වෙනකොට මට දරුවෙකුත් හිටියා. මිනිහත් දාලා ගියා. මම ඉගෙනගෙනත් නෑ. ජීවත් වෙන්න විදිහක්‌ නැති වුණා. පස්‌සේ දුව අම්මට භාර දීලා මම නුවර තේ කඩේක වැඩට ගියා. ඒකෙන් ලැබෙන පඩිය අපිට ජීවත් වෙන්න ප්‍රමාණවත් වුණේ නෑ. පස්‌සේ දැන හඳුනගත්ත අයියා කෙනෙක්‌ මාර්ගයෙන් අනුරාධපුරය නගරයේ තේ කඩේක වැඩට ආවා. ඒ කඩේ රෑටත් ඇරලා. රෑට නගරයේ ඇවිදින ගෑනු වැඩිපුරම කන්න, බොන්න ආවේ අපේ කඩේට. ඒ ආපු අය කියන දේවල් එක්‌ක මටත් මේ ජොබ් එකට බහින්න හිතුණා. මට ආරක්‍ෂා කරගන්න දේකුත් නෑ. මාව ආරක්‍ෂා කරන්න කෙනෙකුත් නෑ. මම කැමැත්තෙන් මේ රැකියාවට බැස්‌සා…”

    ”පොත්ත රතු නොවුණාට මටත් හොඳට විසේ තිබුණා. පාරට බැස්‌ස අලුත හොඳට බිස්‌නස්‌ තිබුණා. ඒ කාලේ අනුරාධපුර නගරය හමුදා කෑම්ප් එකක්‌ වගෙයි. දහයක්‌ කතා කළොත් අටක්‌ ආමි එකේ. නිවාඩු ඉඳලා එන කොල්ලො බැස්‌ස ගමන් දුවන්නේ ටවුන් එකේ බැංකුව ළඟට. සල්ලි අතට ගත්තා. ත්‍රිරෝද රථකාරයෙක්‌ එක්‌ක චැට්‌ එකක්‌ දාලා ඊළඟට යන්නේ ගෑනියෙක්‌ ළඟට. සමහර ගෑනු කැලේ දුක්‌විඳලා එන කොල්ලන්ගේ සබ්බසකලමනාවම සුද්ද කරගෙන ගෙදර යන්න සතේ නැති කරනවා. ඒ කාලේ එහෙම දේවල් කරපු ගෑනුන්ට කොහෙන්හරි රිටන් එකත් ලැබුණා. හිටි ගමන් සමහර ගෑනුන්ගේ රහ සඟ, බෙලි කපලා ගිය අවස්‌ථා ඕන තරම් තිබුණා. රවට්‌ටගෙන ගිහින් කොල්ලො හතර, පස්‌දෙනා දවස්‌ ගණන් තියාගෙන බාගෙට මරලා පාර අයින්වල දාලා ගිය අවස්‌ථා තිබුණා. හමුදා කොල්ලො එක්‌ක ගනුදෙනු කරනකොට පරිස්‌සම් වෙන්න ඕනා. කැලේ ඉඳලා එන කොල්ලො වනසත්තු වගෙයි. මම නම් ජීවිතේට කාගෙන්වත් රුපියලක්‌ කඩා වඩාගෙන නෑ. මා ළඟට එන ආමි කොල්ලන්ව උපරිමයෙන් සතුටු කරලා ඇරියා මිසක්‌ රුපියලක්‌වත් වැඩිපුර අරගෙන නෑ. හැබැයි ආමි කොල්ලො අපි කියන ගානට වඩා කීයක්‌ හරි වැඩිපුර දීලා යන්නේ. හිත හොඳ කොල්ලො. සමහර ආමි කොල්ලො එක්‌ක මම සති ගණන් ඉඳලා තියෙනවා. තේ කඩේ මාසේම වැඩ කරලා ගන්න පඩිය දවස්‌ දෙකෙන් හෙව්ව අවස්‌ථා තියෙනවා…” 

    ”අපි ජීවත් වෙච්ච කටු මැටි ගේ පුංචියට සිමෙන්ති ගඩොලෙන් හදාගත්තා. දරුවා ඉල්ලන දේ අරගෙන දුන්නා. උගන්වන්න උත්සාහ කළා, ඒත් ඉගෙනගත්තේ නෑ. දැන් එයත් කසාඳ බැඳලා ගියා. අම්මත් නැති වුණා. මම ගෙදර තනි වුණා. ජීවත් වෙන්න මම තවම මේ රස්‌සාව කරනවා. තරුණ කාලේ වගේ දැන් රෑට ඉන්නේ නෑ. උදේට නුවර ඉඳලා අනුරාධපුරයට එන බස්‌ එකේ ඇවිත් හවස අන්තිම බස්‌ එකේ ගෙදර යනවා. දැන් ඉස්‌සර වගේ අපිට බිස්‌නස්‌ නෑ. අපි පරණයි. පොෂ් නෑ. මූණේ තවරගෙන ඉන්න ලාටු ටික ඉවත් කළාට පස්‌සේ ගන්න දෙයක්‌ නෑ. තව ටික දවසක්‌ ගිහිල්ලා ආයෙමත් මම තේ කඩේක වැඩට යනවා. නැති නම් මේ නගරයේ මුල්ලකට වෙලා බුලත්විට ටිකක්‌ විකුණනවා. ඉස්‌සර මේ නගරේ වන, වන ගිය හුඟ දෙනෙක්‌ දැන් පැත්තකට වෙලා බුලත්විට විකුණනවා…”

    ”ඒ කාලේ වගේ නෙමෙයි දැන් බිස්‌නස්‌ අඩුයි. උතුරට, නැගෙනහිරට යන ආමි එකේ දැන් කොල්ලො අනුරාපුරයේ බහින්නේ කලාතුරකින්. අපේ වෘත්තියේ යෙදෙන ගෑනුත් දැන් අඩුයි. දැන් ඉන්න සමහර අම්මණ්‌ඩිලා මහා රෑ වෙනකොට රුපියල් සීය, දෙසීයටත් යනවා. ඒ යන්නෙත් කාමරයකට නෙමෙයි, වැවක්‌ අයිනකට, ලඳු කැලෑ රොදකට. ඔය රුපියලට, දෙකට නිදාගන්න උන් තමයි මේ වෘත්තියත් නන්නත්තාර කරලා තියෙන්නේ. ඒ කාලෙත් කොල්ලො පස්‌හය දෙනා එක්‌ක කැලෑ පඳුරුවලට ගිය උන් හිටියා. හැබැයි උන් එළියට එනකොට දාහ පහළොස්‌දාහක්‌ ගෙවනවා…”

    ”මේ අවලම් රස්‌සාව වඳ වෙලාම යන්න ඕනා. ගොඩක්‌ අය හිතන්නේ අපි මේ රස්‌සාව කැමැත්තෙන් කරනවා කියලා. නෑ… මේක කිසිම තෘප්තියක්‌ නැති රස්‌සාවක්‌. මම කියනවා බොරු ද බලන්න මහත්තෙලා ඔය නගරයේ ඉන්න තව ගෑනු දෙතුන් දෙනෙක්‌ එක්‌ක කතා කරලා බලන්න.. ‘කරන්න දෙයක්‌ නැතිකමට කරනවා’ කියලා නොකිව්වොත් මට ඇවිත් බැණලා යන්න…” 

    [rns_reactions]

  • රටම සයිටම් ගැන කතා වෙද්දී මනුස්සකම දන්නා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් කල සමාජ සත්කාරය මෙන්න..

    දුෂ්කර ප්‍රදේශයක, දුප්පත් පාසලක් තෝරා ගෙන එම පාසලට සිය වියදමින් හා ශ්‍රම දායකත්වයෙන් පරිගණක විද්‍යාගාරයක් ලබා දුන් කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමක් පිළිබදව වාර්තා වෙනවා.

    මේ උතුම් සත් ක්‍රියාව සිදු කර තිබෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනයේ  Exploration Club සංගමයේ විසිනුයි.
    කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයනායතනය විසින් සංවිධානය කරනු ලබන “ශිල්ප යාත්‍රා” අධ්‍යාපනික සත්කාරක වැඩසටහන වසරක් පාසා ක්‍රියාත්මක වෙයි .

    වසරක් පාසා සිය උතුම් අරමුණ වෙනුවෙන් එක් වෙන සිසුන් ඈත දුෂ්කර පාසලක් තෝරාගෙන එයට අවශ්‍ය අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් පරිත්‍යාග කරයි.

    මෙවර මේ සිසුන්ගේ නවාතැන වී තිබුනේ මහියංගණ මැදයාය නම් වූ අති දුෂ්කර පාසලයි.

    කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යාපන ආයතනයේ ආචාර්ය හර්ෂ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු ශිෂ්‍ය ප්‍රජාවගේ අතිමහත් කැපවීමෙන් යථාර්තයක් බවට පත් වන මැදයාය පාසලේ පරිගණක විද්‍යාගාරය සැදීම සදහා සිසුන් අරමුදල් සොයාගෙන තිබුනේ නින්නාද” නමින් පැවැත්වූ සංගීත ප්‍රසංගයකිනි.

    සිසුන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස අවසානයේ මැදයාය විදුහ‍ලේ පරිගණක විද්‍යාගාරය ඉකුත් දිනෙක විවෘත විය. මේ පිළිබදව අදහස් දැක්වූ කොළඹ සරසවියේ පරිගණක අධ්‍යනායතනයේ Exploration Club සංගමයේ සභාපති සහිරු සසංක මාධ්‍යයට පැවසුවේ “අපි මෙතැනින් නතර වන්නේ නැහැ. අපේ ඉගෙනීමේ කටයුතු අතරතුරදී ලබන අවුරුද්දේත් මෙවැනි දුෂ්කර පාසලක් සොයාගෙන යනවා. අපේ මහන්සියෙන් ශ්‍රමයෙන් එකමුතුවෙන් තවත් මෙවැනිම විද්‍යාගාරයක් ගොඩනංවා තවත් අති දුෂ්කර විදුහලකට භාර දෙනවා ” ලෙසය.

     


  • මේ පින්බිම යළි ගොඩනැංවීමට ඔබේ ආධාරය දෙන්න – 071 1447733 පූජ්‍ය කෝන්වැවේ චන්ද්‍රනන්ද හිමි

    මහින්දාගමනයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ සම්බුද්ධ ශාසනය ස්ථාපිත වීම සඳහා පළමු අඩිතාලම වැටුණේ දෙවන පෑතිස්ස රජුට ඉතාම සමීපව සිටි අරිට්ඨ කුමාරයා පැවිදි බිමට ඇතුළත්වීමත් සමඟය. අරිට්ඨ කුමරු යනු රිටිගල පර්වතයෙහි පිහිටි මාලිගයක ජීවත් වූ දෙවන පෑතිස් රජුගේ පාලනයට සහාය දැක්වූ රජපෙළපතකින් පැවත එන කුමාරයෙකි. ලංකාවේ පළමු පැවිදි උතුමන් වූයේ අරිට්ඨ නාහිමියෝය. රිටිගල භික්ෂු පරපුරේ ආරම්භය සිදුවූයේ එලෙසිනි.

    රිටිගල පරපුරේ භික්ෂූන් වහන‍්සේ, එම ප්‍රදේශයේ ජනාවාසව පැවති ගම්මානවල සිටි ප්‍රභූ පාලකයින් විසින් ඉදිකර පූජා කරන ලද වෙහෙර විහාරස්ථානව වැඩ වසමින් ප්‍රදේශ‍යේ ජනතාවට බුදු දහමින් පෝෂණය වූ සංස්කෘතිය පෙන්වා දෙන්නට වූහ; ඔවුනට බණ දහම් කියා දෙන්නට වූහ.
    එම පුරාණ ආරණ්‍ය සේනාසනය පුරාණ විහාරස්ථාන පසුකාලීනව විනාශ මුඛයට පත්විය. නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්විය. එසේ වුවද රිටිගල ආසන්න ප්‍රදේශයන්හි පවතින ඉපැරණි විහාරස්ථාන ප්‍රදේශයේ ප්‍රභූවරුන්ගේ සහ බෞද්ධ ජනතාවගේ උපකාරය මත පුනර්ජීවය ලබමින් පවතී. කොළොන්ගස්යාය ගල්කැටියාව අශෝකාරාම පුරාණ විහාරස්ථානය එලෙස නැවත පිබිදෙන පුරාණ විහාරස්ථානයකි. අතීතයේදී මෙම විහාරස්ථනය බෞද්ධ ජනයාගෙන් පිරි පින්බිමක් විය. එම පුණ්‍යවන්ත බව මෙම පුදබිම වෙත නැවත ළඟා වෙමින් පවතී. අමුණු කොලේ, කොළොන්ගස්යාය, ගල්කැටියාව යන ගම් තුනෙහි බෞද්ධ ජනතාව මීට කලකට පෙර මෙම පුදබිමෙහි බෝධි අංකුරයක් රෝපණය කරවීය. බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර මල් අසුනක් ද සකස් කර ගත්හ. පෝය දිනයට පමණක් මානන්කට්ටිය ශ්‍රී සුදර්ශනාරාම රාජ මහා විහාරස්ථානයෙන් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා සිව්පසෙන් උපස්ථාන කරමින් ධර්ම දේශනයන්ට සවන් දුන්හ.

    මෙම ගම් තුනෙහි ජනයාට මීළඟට අවශ්‍ය වූයේ මෙම විහාරස්ථානය තෙරුවන් වැඩ හිඳින විහාරස්ථානයක් බවට පත්කර ගැනීමටය. ඒ සඳහා මෙම විහාරස්ථානයට ස්ථිර වශයෙන් ම වැඩහිඳින අයුරින් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා ගැනීම අවශ්‍ය විය. ගම්වාසීන් ඒ බව දන්වා සිටියේ මානන්කට්ටිය ශ්‍රි සුදර්ශනාරාමයේ විහාරාධිපති යකල්ලේ ධීරානන්ද නායක ස්වාමීන්වහන්සේටය. උන්වහන්සේ තම ශිෂ්‍ය හිමිනමක වන කෝන්වැවේ චන්ද්‍රනන්ද හිමියන්ට එම වගකීම පැවරූහ. වන අලින් අරක්ගෙන සිටින මෙම පුදබිම වෙත වැඩීමට චන්ද්‍රනන්ද හිමියන් තීරණය කළේ දුප්පත් ගම්වාසීන්ගේ සැදැහැති බවත් තම ගුරුදේවයනාණන් වහන්සේගේ ඉල්ලීමත් නිසාය. වසර කීපයක් ම චන්ද්‍රනන්ද හිමියන්ට රාත්‍රී කාලයේදී ධර්මය දේශනා කරන්නට සිදු වූයේ ලන්තෑරුම් එළියේ උපකාරය ඇතිවය.

    චන්ද්‍රනන්ද හිමියෝ ප්‍රදේශවාසීන් එක්රැස් කර ගෙන දායක සභාවක් පිහිටුවා ගත්හ. විහාරස්ථානය සහ ප්‍රදේශය දියුණු කිරීමේ වැඩපිළිවෙළ චන්ද්‍රනන්ද හිමියන් විසින් ආරම්භ කළේ එලෙසය. එහි ප්‍රතිඵලයක් ලෙස ගමේ විදුලිය මංමාවත් දියුණු විය. දහම් පාසලක් පටන්ගෙන ප්‍රදේශයේ දරුවන්ගේ නැණැස පෑදුවේය.

    එසේ ම ප්‍රදේශවාසීන්ගේ උදව් උපකාර ඇතිව කුඩා ධර්ම ශාලාවක් ද ඉදිකළේය. ගම්වාසීන් විසින් විහාරස්ථාන භූමිය තුළ ‍ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට මෑතදී කළ කැණීමකදී ඉපැරණි විහාරස්ථානයේ නටබුන් හමුවී ඇත. එමඟින් පැහැදිලි වන්නේ අතීතයේදී අශෝකාරාමය ප්‍රදේශවාසීන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් විරාජමානව වැජඹී ඇති බවය.

    එම තත්ත්වය නැවත මෙම විහාරස්ථානය වෙත ළඟා කර ගැනීම සඳහා චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීමේ කටයුතු චන්ද්‍රරත්න හිමියන්ගේ අනුශාසකත්වයෙන් මේ වන විට ආරම්භ වී ඇත. ගැටලුවකට පවතින්නේ ආරම්භකොට ඇති චෛත්‍යරාජයාණන් වහන්සේගේ වැඩ කටයුතු නිම කර ගැනීමට මේ වන විට ගම්වාසීන්ට ආර්ථික සවියක් නොමැති වීමය. චෛත්‍යයේ ඉදිකිරීම් මඟ නැවතී ඇත්තේ එබැවිනි. මෙම ඓතිහාසික විහාරස්ථානය නැවත ගොඩනැඟීමේ කාර්යයට ඔබටත් දායක විය හැකිය. ඒ සඳහා 071 1447733 අංකයෙන් පූජ්‍ය කෝන්වැවේ චන්ද්‍රනන්ද හිමියන් ඇමතිය හැකි අතර කොමර්ෂල් බැංකුවේ අංක 8110913249 ට මුදල් ආධාර බැර කිරීමෙන් ඔබටත් මෙම පුණ්‍ය කර්මයට දායක විය හැකිය.

    [rns_reactions]

  • දරුවා මා අතට විසි කළේ නැත්නම් ඒ දරුවාත් ඉවරයි – රටක් හැඬවූ තෙල්ගමුව ඔයේ ඛේදවාචකය

    * උපන්තේකට මේ ඇල්ලේ මෙහෙම ඛේදවාචකයක් වෙලා නෑ
    * උඩහට වැස්සාම ඔයේ වතුර වැඩි වෙන වෙලාව කියන්න බැහැ

    එක දිගට නිවාඩු දවස් දෙක තුන යෙදෙන විට විනෝදයට විවේකයට කැමැති කාගෙත් බලා පොරොත්තුව කලබලකාරී පරිසරයෙන් මිදී සිතට සැනසිල්ලක් විනෝදයක් දැනෙන ගමනක් යෑමටය. ගමෙන් බැහැර සුන්දර පරිසරයක ඇවිදින්නට යෑමට, එහෙමත් නැත්නම් දිය ඇලි බැලීමට, සතුන් බැලීමට මෙන්ම කඳු නැගීමට යෑම ඇතැමුන්ගේ පුරුද්දකි. මේ කැමැත්ත නිසාම ගිය එවැනි ගමන්වලදී වූ අතපසුවීම් හා දුර දිග නොබැලීම් නිසා සිදු වූ ඛේදවාචක ඕනෑතරම්ය. ගෙවී ගිය හතර වැනිදා ද එවැනිම සිදුවීමක් මාතලේ ප්‍රදේශයේ දී සිදු වූයේ රටක්ම හඬවමිනි.
    දිනය හතර වැනිදාය. නාත්තණ්ඩියේ පදිංචි රත්නායක පවුල සහ රවින්ද්‍ර ලසන්ත පවුලේ සාමාජිකයෝ විවේකී දවසේ මාතලේ තෙල්ගමුව ඔය ආසන්න ප්‍රදේශයට යන්නට තිරණය කළේ විනෝදයෙන් දවසක් ගත කිරීමටය. ඔවුන් ඒ ප්‍රදේශයට යෑමට ආසන්නම හේතුව වුයේ ව්‍යාපාරිකයකු වු කිංස්ලි රත්නායක තෙල්ගමුව ඔය ආසන්නයේ හෝටලයක් ඉදිකරමින් සිටින බැවිනි. කෙසේ හෝ පවුල් දෙකේම වැඩිහිටියන් සහ දරුවන් මේ ගමනට සහභාගි වුයේ බොහෝ අාශාවෙනි.

    ඔවුහූ නාත්තන්ඩියේ සිට ඉකුත් සිකුරාදා මාතලේ තෙල්ගමු ඔය ආශ්‍රිතව ඉදි කරමින් පවතින කිංස්ලි රත්නායකට අයත් හෝටලයට පැමිණියෝ ය. පිරිස එදා රාත්‍රිය එහි ගත කළහ. කිංස්ලි ඇතුළු පිරිස පැමිණි ගමන ගැන හෝටලයේ සිටින සමරවික්‍රම පවසන්නේ හැඬු කඳුළෙනි.

    “මහත්තයා පිරිසත් එක්ක එදා මෙහෙ ආවා. මම තමයි කෑම උයලා පිහලා දුන්නේ. පොඩි බබාලා ටික සෙල්ලම් කරකර හිටියා. එදා රෑ හැමෝම බොහෝම විනෝදයෙන් හිටියේ. කොහොම හරි පහුවදා උදේ පොඩි අය තමයි මේ ගමන යන්න ලෑස්ති වුණේ. හැමෝම එකතු වෙලා තෙල්ගමු ඔයේ නාන්න ගියා. සිද්ධිය වෙලා ගම්මුන් කෑගහන්න ගත්තම තමයි මමත් ගිහින් බැලුවේ. දෙයියනේ ඒ වෙලාවේ තමයි දැන ගත්තේ අපේ මහත්තයා ඇතුළු පිරිස මේ විපතට පත්වෙලා ඉන්නේ කියලා…කවුද හිතුවේ සතුටින් හිටිය මේ අයට මෙහෙම විපතක් වේවි කියලා.”

    හෝටලයේ සේවක සමරවික්‍රම පවසනනේ ඔවුන්ට නාන්නට අවශ්‍ය නම් හෝටලය ආසන්නයේම ඊට අවශ්‍ය පහසුකම් තිබූ බවය. නමුදු රුදුරු මරුවා එන්නේ කලින් දැනුම් දී හෝ අනතුරු අඟවා නොවේ. ගම්මුන් පවසන්නේ තෙල්ගමු ඔයේ මින් පෙර මෙවැනි ඛේදවාචකයක් ‍සිදු නොවූ බවය. විටෙක තෙල්ගමු ඔයේ ජල මට්ටම කෙනෙකුගේ දණ හිස පොව්වන තරමටවත් නැති තරම්ය. එසේ නිසසලව ගලා යන තෙල්ගමු ඔය විටෙකදි දරුණු වූයේ ගමක් හඬවමිනි.

    ලග්ගල නිශ්ශංක කෝනාර මහතා තමා උපන් දා සිට දන්නා මේ ඔය ගැන පවසන්නේ මෙවැනි කතාවකි.

    “මියගිය කිංස්ලි රත්නායක මහත්මයා මම හොඳින් දන්නවා. ඔහු හෝටලය හදන්නේ මගෙන් මිලට ගත් ඉඩමක. ඒ අවට පරිසරය බොහෝම ලස්සනයි. වැද්දා පැනි ඇල්ලට උඩින් තමයි මේ සිද්ධිය වුණේ. අපි උපන්තේකට මෙහෙම ඛේදවාචකයක් සිදුවුණා කියලා මේ පළාතේ අහලා නැහැ. උඩහට වැස්සාම ඔයේ වතුර එකපාරටම වැඩි වෙනවා. මේ පළාත බොහෝම ‍ඓතිහාසික පළාතක්. මේ ඔයේ තැන් තැන්වල ගල් ළිං කිහිපයක් තියෙනවා. එක් ස්ථානයක් තියෙනවා අසරණ සරණ සංඝරාජ ස්වාමීන් වහන්සේ ස්නානය කරපු තැන. මේ ඔයේ ටිකක් එහාට වෙන්න තියෙනවා විශාල කළු ගල්. මට මතකයි අපි පුංචි කාලේ ඔයේ මේ පැත්තේ ඉඳලා ඔයේ අනික් පැත්තේ තියෙන කුඹුරු වැඩකරන්න ගැමියන් ගවයන් ඔය හරහා දක්කනවා. වේවැල්වලින් කඹ වගේ හදලා අර ගල්වල පටලවලා තමයි මී ගවයන් ‍ඔයේ එහා මෙහා ගෙනියන්නේ. අපි පුංචි කාලෙවත් අහලා නැහැ මේ විදිහට පවුල් පිටින් මේ ස්ථානයේ මැරුණා කියලා. මොකද ගැමියො මේ ඔය ගැන දැනුවත්. වතුර බොහෝම අඩු වෙලාවක තමයි මේ පිරිස ඔයට බැහැලා එහා ඉවුරේ ‍රෙදි තියන්න ගිහිල්ලා තියෙන්නෙ. මීට ටිකක් එහායින් පාලමක් හදනවා . එදා සෙනසුරාදා නිසා පාලම හදන අය ඉඳලත් නැහැ. උඩහට වැස්සාම ඔයේ වතුර වැඩි වෙන වෙලාව අපට කියන්න බැහැ. එකත් එකටම එදා උදේ කබරගල, නෙල්ලිමලේ, වල්පොලමුල්ල හා රිවස්ටන් පැතිවලටවලට වහින්න ඇති. ඒකයි එක පාරටම ඔයේ වතුර වැඩි වුණේ.” කෝනාර පවසන්නේ ගමේ ස්වාභාවික පරිසරය හා තෙල්ගමු ඔයේ ක්ෂණිකව සිදුවන වෙනස්කම් ගැනය.
    නමුදු මෙවැනි සුන්දර පරිසවල සිරි නැරඹීට බාහිරින් එන පුද්ගලයෝ කිසිවිටෙක මේ තොරතුරු නොදනිති. නොසොයති. නාත්තණ්ඩියේ සුමිතුරන් හා ඔවුන්ගේ පවුල්වල අය ගේ ජීවිත තෙල්ගමු ඔය බිලිගත්තේ එබැවිනි.
    එදින සිදු වූයේ කුමක්ද යන්න හරියටම දන්නේ ගමන ගියවුන්ය. ඒ ග‍මට සහභාගි වූවන්ගෙන් අද ජීවතුන් අතර සිටින්නේ කිහිප දෙනෙකු පමණි. සිය සැමියා දියණියන් දෙදෙනා මෙන්ම තම මව අහිමි වීමෙන් පටාචරාවක වූ දුලීකා මාරසිංහ සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ පවසන්නේ බොහෝ වැර වෑයමෙනි.

    “එක දිගට ආව නිවාඩුව නිසා අපි ඔක්කොම ලග්ගල ගියේ අපි හදන හෝටලය ගැන බලන්නත් එක්කයි. අපි ඔයට බහිනකොට ඔයේ ඒතරම් වතුර තිබුණේ නැහැ. ඒ නිසා බයක් සැකක් නැතිව පොඩි අයත් එක්කම අපි වතුරට බැස්සා. වතුරට බැහැලා ලොකු වෙලාවක් ගත වුණේ නැහැ එක පාරටම ලොකු ජල කඳක් ආවා. වුණේ මොකක්ද කියලාවත් හිතා ගන්න බැරිව ගියා. වතුර පාර එනකොට මම සෙරෙප්පු දෙක ගන්න ගියා. අනිත් අය ඔක්කෝම මගේ ඇස් දෙකට පෙනී පෙනී වතුරේ ගහගෙන ගියා. අනිත් අය ඔක්කෝම ගහගෙන යන කොට මගේ මහත්තයා වැලක එල්ලුණා. කවුරු හරි මහත්තයා දිහාට කම්බියක් දික් කළා. නමුත් ඒක කොටයි. ඒක අල්ලා ගන්න මහත්තයා හුඟක් උත්සාහ කළා. එත් බැරි වුණා. අම්මා දරුවෝ හැමෝම ගහගෙන ගියා. තාත්තා විතරයි බේරුණේ. මොන පවක් කළාට ද දෙවියනේ මට මෙහෙම දුකක් උරුම වුණේ.”
    නාත්තණ්ඩියේ සිට ලග්ගලට කිංස්ලි හා ඇතුළු පිරිස ගිය වාහනයේ රියැදුරා ගාමිණි සිල්වාය. ඔහු මේ ඛේදවාචකය සියැසින් දුටුවේය. ඔය ළඟට පිරිස සමඟ ගියද ඔහු දියට නොබැස්සේය.

    “මට හිතාගන්න බැහැ මේ මොකක්ද වුණේ කියලා. අපි ඔය ගාවට එනකොට ඒ තරම් වතුරක් තිබුණේ නැහැ. මහත්තයා සෙරෙප්පු දෙක හෝටලේ දාලා ඇවිල්ලා. ඒ ගමන හෝටලයට ‍කිව්වා මහත්තයාගේ සෙරෙප්පු දෙක ත්‍රීවිල් එකක එවන්න කියලා. ත්‍රීවිල් එක එනතුරු මම ගොඩට වෙලා හිටියේ. ත්‍රීවිල් එක ආවාම මම සෙරෙප්පු දෙක අරගෙන හැරෙනවත් එක්කම තමයි දැක්කේ ලොකු ජල කඳක් ඇවිල්ලා ඔයේ වතුර වැඩි වෙනවා. හිතා ගන්න බැරි වුණා මොකක් කරන්නද කියලා. ඔය අතරෙ තමයි මහත්තයා පුංචි දරුවා මං දිහාට වීසී කළේ. මං දරුවා අල්ලා ගත්තා. ඒකෙන් දරුවා බේරුණා. කොහොම මේ සිද්ධිය අමතක කරන්න ද කියලා හිතා ගන්න බැහැ. ”

    රවීන්ද්‍රගේ පවුලේ ඉතිරිව සිටින එකම සාමාජිකයා වන්නේ මෙත්සර පුංචි පුතු පමණි. අප එහි යන විට ඔහු සිටියේ ඥාති සොයුරෙකු විසින් කරපින්නා ගෙනය. අසරණව බලා සිටින ඒ පුංචි පුතුට මේ සිදු වූයේ කුමක්දැයි යන්න ගැන වැටහීමක් නොමැත. ඒ පුතු පසුවන්නේ මේ සිදු වූ සියල්ල හරිහැටි තේරෙන වයසක නොවේ. “දරුවෝ හැමෝම අපිව දාලා ගියා. ඉතිරි වුණේ මේ පුංචි පුතා විතරයි. පුතාගේ යාළුවගෙ පවුලේ නෝනයි තාත්තායි හැර අනෙක් අය ඔක්කොම ඉවරයි.” පුංචි පුතුගේ සීයා පවසයි.

    සිද්ධියෙන් මිය ගිය එක් පවුලක ව්‍යාපාරික කිංස්ලි රත්නායක තිස් නව වැනි වියේ පසු වූයේය. ඔහු ගේ දියණියන් වූ එකොළොස් හැවිරිදි වන්දිනා රත්නායක නාත්තණ්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය. වයස අවුරුදු හතරක් වූ හිරුණි දිල්හාරා සිඟිත්තිය පෙර පාසල් යමින් සිටියාය. ඔවුන්ගේ මිත්තණිය වූ චන්ද්‍රා කාන්ති පනස් නව වැනි වියේ පසු වූවාය.

    අනෙක් පවුලේ මිය ගිය ව්‍යාපාරික රවින්ද්‍ර ලසන්ත තිස්නව වැනි වියේ පසු වූයේය. ඔහුගේ බිරිය වන රුවිනි දිල්රුක්ෂි තිස් අට වැනි වියෙහි පසු වූවාය . ඔවුන්ගේ දියණියන් වන දොළොස් හැවිරිදි රිශාදි වගීෂා නාත්තන්ඩිය ධම්මිස්සර විද්‍යාලයේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවාය. ඇගේ සොයුරිය වූ අට හැවිරිදි දිමාෂි විදූෂා ද ඉගෙනුම ලැබුයේ එම විද්‍යාලයේම තුන්වැනි ශ්‍රේණියේය. මේ සියල්ලන්ගේම සුසුම් තෙල්ගමු ඔයේ සැඟව ගියේය. මේ මරණවල වේදනාව දැනෙන්නේ මිය ගියවුන්ට නොව ජීවත්ව සිටින්වුන්ටය. මුළු රටක්ම ඒ මරණ නිසා දුක් වූයේය. තෙල්ගමු ඔයේ ගසාගෙන ගිය සිරුරු සොයා ගැනීමට ශ්‍රි ලංකා නාවික හමුදාව, ශ්‍රි ලංකා පොලීසියේ ජිවිතාරක්ෂක භට කණ්ඩායම මෙන්ම ප්‍රදේශවාසීහූ අපමණ වෙහෙස වුහ. තෙල්ගමු ඔයේ ඛේදවාචකය කන වැකීමෙන් කඳුළක් නොසැලූ සුසුමක් නොහෙළු කෙනකු නොමැති තරම්ය. දැන් සියල්ල සිදු වී හමාරය. මේ ලිපිය පළවන විට සියලු කටයුතු සිදුකර හමාරය. තවත් දින සති මාස කීපයක් යන විට මේ ඛේදවාචකය කාටත් අමතකව යනු ඇත. එය ස්වභාවයයි. මීට පෙරද ගංගා දිය ඇලි ආශ්‍රිතව මෙවැනි ශෝකාන්ත අනන්තවත් සිදුවී ඇත්තේය. නමුදු එකම පවුලේ මෙතරම් පිරිසක් මිය ගිය පළමු අවස්ථාව මෙය වනු ඇත . අවාසනාව නම් අපේ සමාජය මෙවැනි සිදුවීම් පාඩමකට නොගැනීමය. ලැබෙන විවේකය විනෝදයෙන් ගතකිරීම හොඳය. නමුදු නාන්නාඳුනන ප්‍රදේශවල දියඇලි ගංගා ඇළ දොළ ආශ්‍රිත ජලාශ්‍රිත පරිසරවලදි ආරක්ෂාව ගැන සැලකිලිත් වන්නේ නම් මෙවැනි ඛේදවාචක මින් ඉදිරියේදීවත් වැළකෙනු ඇත.

    [rns_reactions]

  • නීරෝගී දිවියකට නීරෝගී සැලැස්මක් – පියවර 10 සැලසුමක් මෙන්න..

    නීරෝගී දිවියකට, නීරෝගී ජීවන රටාවකට මෙම පියවර 10 ඔබට මහඟු රුකුලක් වනු ඇත. මුලින්ම ඔබ කළ යුතු වන්නේ, දවසේ වැඩ කටයුතු සැලැසුම් කිරීමය.

    දවසේ ඔබ කිරීමට සූදානම් සියලුම වැඩ සවිස්තරාත්මකව සටහන් කරන්න.

    එදින ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවද සටහන් කරන්න. ප්‍රධාන කෑම වේලවලට අමතරව ඔබ කෑමට බලාපොරොත්තු වන්නේ මොනවාදැයි කල්පනා කර බලන්න. ඒවාද සටහන් කර ගන්න. ඔබේ සැලැස්මට නොගැලපෙන හෝ අහිතකර හෝ ආහාර පාන ගැනීමෙන් වැළැකිය යුතුය. ක්‍රියාවන්ගෙන් ද වැළැකිය යුතුය. එසේ නොකිරීමට ඔබ ඔබටම උපදෙස් දෙන්න.

    සෑම දිනකම ඔබ කිරීමට සූදානම් වන සියලු දේ එසේ සැලැසුම් කළ පසු, නින්දෙන් අවදි වූ වේලාවේ සිට යළි රාත්‍රී නින්දට යනතෙක් ඔබ ඔබේ සැලැස්මට අනුව කාර්ය බහුල වනු ඇත.

    ඔබේ සිතේ වැඩ කරනු ඇත්තේ ද එම සැලැස්ම පමණි. එවිට, ඔබේ බර ගැන හෝ ඔබේ වෙනත් අසනීප තත්ත්වයන් ගැන හෝ මනසට වදයක් නොවනු ඇත. ඔබ වඩ වඩාත් ක්‍රියාකාරී වනු ඇත. නොකරන දේවල් හෝ කළ දේවල් ගැන යළි සිතමින් පසු තැවෙනවාට වඩා සැලැස්මකට අනුව එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කිරීම නීරෝගී දිවියකට පළමු පියවර වේවි.

    දෙවැනි පියවර වන්නේ, එදිනෙදා ඔබට ඇති ‘ඉලක්ක’, එසේත් නැතිනම් ඔබේ බලාපොරොත්තු සහ සිහින කෙසේ විය යුතුදැයි ලියා තැබීමය. ඔබට අමතක වී ගිය, ජීවිතේ ඔබ කළ යුතු දේ ලියා තැපිය යුතුය. සමහරවිට ඔබට ඒවා කර ගන්න අමාරු වෙන්න පුළුවනි. එසේත් නැතිනම් ඒවා විකාර යැයි ඔබට සිතෙන්නටත් පුළුවනි. ඔබ කළ යුතු වන්නේ ඒකාකාර දෛනික ජීවන රටාවෙන් මිදීමය. පවතින ජීවන රටාව අලුත් කර ගැනීම ඔබ කළ යුතුය. සමහරවිට ඔබේ සමහර බලාපොරොත්තු උදා කර ගැනීම මේ ජීවිතයේ දී කර ගැනීමට නොහැකි වේවි.

    එසේ වුවත්, ඒවා ලියා තැබීම ඔබ කළ යුතුය. එසේ කළ විට, ඒවා කරා ළඟා වීමට ඔබට ධෛර්යය ලැබෙනු ඇත. ඒ සඳහා ඔබේ සිත පෙළඹෙනු ඇත.

    තෙවැනි පියවර වන්නේ, ඔබේ අනාගත සැලැසුම්වලට මඟ පාදා දෙන එක දීර්ගකාලීන ක්‍රියාකාරකමකට අත ගැසීමය. එසේ නොකරන්නේ නම්, ඔබ සැමදා ඒකකාරී වේවි. ඒකාකාරී ජීවන රටාවෙන් මිදී, අලුත් දෙයක් එසේත් නැතිනම් වෙනස් දෙයක් ඔබ කළ යුතුයි. එසේ කටයුතු කළොත්, සතිය අවසන් වෙද්දී ඔබේ ප්‍රධාන අරමුණ කරා ටිකෙන් ටික ඔබ ළං වනු ඇත.

    සිවුවැනි පියවර වන්නේ, ආපසු හැරී නොබැලීමය. කිසිවක් ගැන පසුතැවෙන්නේ නැතිව ඔබ කළ යුත්තේ ඉදිරියට යෑමය. අතපසුවීම්, දුක් දොම්නස් ගෙන දෙන සිදුවීම් ගැන පසුතැවෙමින් සිටීමෙන් ඔබ වැළැකිය යුතුය. දුක්මුස් වේදනාකාරී මතකයන් ඇතිනම් ඒවා අමතක කර, සිතට මෙන්ම ගතට ද සහනයක් සතුටක් ගෙනෙන අලුත් මතකයන් ඇති කර ගත යුතුයි. ‘අයියෝ, මං එහෙම නොකර සිටියා නම්’ ‘ඇයි මං එහෙම කළේ’ ආදී ප්‍රශ්න අසන්න යන්න එපා. එවැනි ප්‍රශ්න අසමින් මනසට වද දෙන්න එපා. මඟ හැරුණු සියල්ල අමතක කර, ජීවිතේ අර්ථවත් කර ගත යුතුය. රැකියාව දියුණු කර ගන්නේ කෙසේද ? සැමියාට හොඳ බිරියක, බිරියට හොඳ සැමියකු වන්නේ කෙසේදැයි සිතිය යුතුයි. ඔබ ඔබේ අරමුණු කරා යා යුතුයි. ඊයේ දිනය ඔබට අමිහිරි වුවත් අද හෙට දිනය සොදුරු දිනයක් බවට පත් කර ගැනීම කළ හැක්කේ අන් කිසිවකුට නොව, ඔබටම පමණි.

    පස්වැනි පියවර වන්නේ, හේතු ඉදිරිපත් කිරීමෙන් වැළැකීමය. අපට අපේ අරමුණු කරා යෑමේදී බාධා එල්ල වෙයි. එම බාධාවලට හේතු ඉදිරිපත් නොකර බාධක ජය ගැනීම ඔබ කළ යුතුය. එම බාධා ඔබේ ජීවිත ගමනට හේතුවක්, එසේත් නැතිනම් සමාව දිය හැකි කරුණක් නොකර ගත යුතුයි. බාධක එකිනෙක ජය ගනිද්දී, ඔබ තව තවත් ශක්තිමත් වනු ඇත.

    නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය වන සය වැනි පියවර වන්නේ, ඔබ කරන කියන හැමදේකම වගකීම ඔබ බාර ගැනීමය. ඔබට සිදුවන දේවල් සම්බන්ධයෙන් වරද වෙන අයට පැටවිය යුතු නැත. වෙන අයට දොස් පැවැරිය යුතු වන්නේ ද නැත. ඔබ සම්බන්ධයෙන් කරන කියන සහ සිදුවන සියලුම දේට වගකිව යුත්තේ ඔබම පමණි. එහෙයින්, දෛනික සැලැස්මකට ඔබ කටයුතු කළ යුතු වෙයි. දිනපතා ව්‍යායාම ගත යුතුය. ඔබේ ජීවිතය ක්‍රිකට් ක්‍රීඩාවක් යැයි සිතන්න, එහිදී ඔබ සිටින්නේ ප්‍රේක්ෂකාගාරයේ හෝ ඔල්වරසන් දෙන්නන් අතරේ හෝ නොවේ. පුහුණුකරු ඔබ නොවේ. ඔබයි පිටිය මැද සිටින පිතිකරු හෝ පන්දු යවන්නා. ඔබ ඔබට ඕනෑ විදියට ක්‍රීඩාව වෙනස් කර ජය ගත යුතුයි. කරන කියන හැමදේකම වගකීම බාර ගනිමින් යන්න ඉදිරියට.

    සත්වැනි පියවර වන්නේ, ඔබට ඔබේ අරමුණු කරා යන ගමනේදී එල්ල වන බාධා සහ බාධා කරන්නන් මඟ හැරීමය. එම බාධා තේරුම් ගන්න. බාධා කරන පුද්ගලයන් හඳුනා ගන්න. උදෑසන නීරෝගී ආහාර වේල අමතක කර කඩචෝරු කෑමෙක් වළකින්න. එසේ නොකරන්නැයි ඔබ ඔබටම විධානයක් දෙන්න. නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය විදියට ඔබ ජීවත් විය යුතුයි. ඔබ රේස් අශ්වයකු යැයි සිතන්න. රේස් අශ්වයකුට ඇස් ආවරන පළදවන්නේ අවට කිසි දෙයක් නොපෙනී, ඉදිරිය පමණක් පෙනෙන ලෙසිනි. ඔබත් ඉදිරිය පමණක් බලන්න, ඔබේ අරමුණු කරා යන ගමනේ දී, වටපිට නොබලන්න. එසේ යද්දී ඔබට සුළු සිත් තැවුල් ඇතිවේවි. අපහසුතා ඇතිවේවි. එහෙත් හෙට දවස යහපත් වේවි. ඔබ ඔබටම ස්තුති කර ගනු ඇත.

    අට වැනි පියවර නම්, අනාගතය ගැන සිතීමයි. සිතන්න අදින් තව වසර 20 කින් ඔබ කොතැන සිටීවි ද ? කොහොම කෙනෙක් වේවිද ? වසර 20 කින් ඔබ මහල්ලකු වී සිටීවි. අරමුණු කරා ගොස් ඒවා ඉටු කරගත් කෙනෙකු ලෙස ඔබට ඔබ දැකිය හැකිදැයි සිතා බලන්න. ඒ අනුව ඉදිරියට යන්න උත්සහ ගත යුතුය. නව වැනි පියවර වන්නේ, ඔබ ළං කර ගත යුත්තේ ඔබ මෙන් ධනාත්මක දැක්මක් ඇති පුද්ගලයන්ය. ඔබ ස්ථුල පුද්ගලයකු නම්, ඔබ සමීපව ඇසුරු කර ගත යුත්තේ, ඔබට ඔබේ අධි බර අඩු කර ගැනීමට උපදෙස් දෙන සහ සහාය දෙන අවංක පුද්ගලන් පමණි. ‘අයියෝ මොනවා කරත් බර අඩු කර ගන්න බැහැ’ යැයි මැසිවිල නගන මිතුරන් ඇසුරු කිරීමෙන් වැළකිය යුතුය. ධනාත්මක චිත්තනය ඇති ඔබට නිවැරදි උපදෙස් ලබා දෙන මිතුරු මිතුරියන් පමණක් නොව, නෑදෑයින් පවා ඔබ ඇසුරු කළ යුතුය. ඔබේ අරමුණුවලට සමාන අරමුණු ඇති අය ඇසුරු කිරීමෙන් ඔබට ඔබේ අරමුණු වෙත යෑමට ශක්තිය සහ ධෛර්යය වැඩි වැඩියෙන් ලැබෙනු ඇත. එවැනි පුද්ගලයන් ඇසුරු කරන්න, එකිනෙකාට උදවු කර ගන්න.

    දස වැනි පියවර වන්නේ, ව්‍යායාමවලට ආදරේ කිරීමය. ව්‍යායාම කිරීම සතුටින් කළ යුතු දෙයකි. එය මනසට හෝ සිරුරට වදයක් හෝ කරදරයක් හෝ නොවිය යුතුය. මානසික සංවර්ධනය ද එසේමය. ව්‍යායාම නොකර සිටීමට හේතු ඇති කර ගත යුතු නැත. උදෑසන හෝ සැවන්දෑවේ ඇවිදීමට ඔබ ප්‍රිය කරන තැනක් තෝරා ගැනීම කළ යුතුය. සුන්දර නැවුම් වාතයෙන් පිරිසරයක් ඒ සඳහා තෝරා ගත යුතුය. එසේ ඇවිදින විටදී, ව්‍යායාම සඳහා ඇවිදිනවා යැයි සිතන්න. වටපිට බලමින් නොයන්න. ඇවිදීම පමණක් නොව, ක්‍රීඩා කරන්න, ඇරොබික්ස් සහ යෝග ව්‍යායාම ද ඔබ නිරෝගීව තැබීමට උපකාරී වෙයි. ඔබ නර්තනයේ යෙදෙන්නකු නම්, ගෙවතු අලංකරණය කරන්නකු නම්, වත්තේ වැඩපල කරන්නකු නම් එය ද ව්‍යායාමයක් වනු ඇත. ව්‍යායාම කිරීමට නොහැකි නම්, පා පැදියක් භාවිතා කරන්න. එවිට ඔබට ව්‍යායාම උපකරණ අවශ්‍ය වන්නේ ද නැත. ඔබට සතුට ගෙන දෙන විදියේ, ක්‍රියාකාරකම් තෝරා ගැනීම ඔබ කළ යුතුවෙයි.

    අවසන් වශයෙන්, නීරෝගී ජීවන රටාවකට අවශ්‍ය අමතර කාරණාවක් වන්නේ, ඔබට කළ හැක්කේ දැනට ඔබ කරන ප්‍රමාණය පමණක් යැයි කිසිම විටෙක සිතන්න යන්න එපා. ඔබට කළ හැකි දේ බොහොමයි. ඔබට බැරි දෙයක් නැතැයි යන සිතුවිල්ල සහ අධිෂ්ඨානය පමණක් ඔබට ප්‍රමාණවත් වෙයි. නීරෝගී ජීවන රටාවක් සඳහා ඔබ සකස් කරන මඟ එළිපෙහෙළි කර දීමට එම අධිෂ්ඨානයට හැකි වනු ඇත. ඔබ අවංකවම ඒ ගැන සිතන්න, එවිට ඔබට කරන්න බැරි දෙයක් නැත. ළඟා වීමට බැරි තැනක් නැත.

    [rns_reactions]

  • ක්‍රිකට්‌ පිටියෙන් ගිය රොෂාන් මහානාමගේ අගය කල යුතු දෙවැනි ඉනිම

    පුරා වසර 36 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දෙමාපිය රැකවරණය අහිමිව ගිය දරුවන් රැක බලා ගනිමින් නිහඬ සේවයක යෙදී සිටින SOS ළමා ගම්මානය නැරඹීමට වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග තීරකයෙක්‌ වශයෙන් කටයුතු කරනු ලබන රොෂාන් මහානාම මහතා පැමිණ තිබේ.

    ඉකුත්දා පිහිටි SOS ගම්මානය වෙත පැමිණි ඒ මහතා එදින උදැසන වරුවම එහි රැඳී සිටින දරුවන් හා ඔවුන්ට මව් සෙනෙහස ලබාදෙන මව්රුවන්ගේ සුවදුක්‌ විමසමින් කාලය ගතකර තිබේ. රොෂාන් මහානාම මහතා දරුවන් සමග ක්‍රිකට්‌ ක්‍රීඩාකළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

    [rns_reactions]

  • මෙලානියා තනිවම චීන මහා ප්‍රාකාරයේ

    ආසියා පැසිෆික් ආර්ථික සමුළුව හෙවත් ඇපෙක් සමුළුවට සහභාගීවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් වියට්නාමය බලා යද්දී, චීනයේ නතර වුණු බිරිය මෙලානියා ට්‍රම්ප් චීන මහා ප්‍රාකාරය නැරැඹීමට ගියාය.

    ලෝකයේ පුදුම අතරට ද එක් වී ඇති චීන මහා ප්‍රාකාරය පිහිටා ඇත්තේ බීජීං අගනුවරට ඔබ්බෙනි. තමා ඇපෙක් සමුළුවට සහභාගී වීමට වියට්නාමය බලා යන්නේ තනිවම බවත්, මෙලානියා තමා සමඟ පැමිණෙන්නේ නැති බවත් ට්‍රම්ප් නිවේදනය කළේ ට්විටර් පණිවුඩයකිනි.

    [rns_reactions]

  • ලොවම පුදුමයට පත්කළ ට්‍රම්ප් පුටින් හමුව

    වියට්නාමයේ පැවැත්වෙන ‘ඇපෙක්’ හෙවත් ආසියා පැසිෆික් රටවල ආර්ථික සමුළුවේදී ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එකිනෙකා හමුවූහ.

    ‘ඇපෙක්’ සමුළුවේ සම්ප්‍රදාය වන්නේ, සමුළුවට සහභාගී වන ජනපතිවරුන් සමුළුව පැවැත්වෙන සත්කාරක රටේ විශේෂ ඇඳුමින් සැරැසී සමුළුවට ඉදිරිපත් වීමය.

    ඒ අනුව, වියට්නාම් බලධාරීන් විසින් නිර්මාණය කළ නිල් පැහැති සාම්ප්‍රදායික සිල්ක් රෙද්දෙන් මැසූ ඇඳුම් කට්ටලයෙන් සැරැසීමට සමුළුවට සහභාගී වුණු රාජ්‍ය නායකයෝ කටයුතු කළහ.

    ට්‍රම්ප් සහ පුටින් මෙසේ එකිනෙකා හමුවූයේ දෙවැනි වරටය. දෙදෙනා සමූහ ඡායාරූපයට පෙනී සිටියේ ද එක ළඟ සිට ගනිමිනි.

    ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති වූයේ, පසුගිය නොවැම්බරයේ පැවැති ඇමෙරිකන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීම රුසියානු පරිගණක හැකර්වරුන් කටයුතු කළ නිසා යැයි චෝදනා එල්ල වී ඇත.

    එම හැකර්වරුන් මෙහෙයවීම සිදු කළේ පුටින් බව ද පැවැසෙයි.

    ඇමෙරිකාවේ ජනපති වෙන්න ට්‍රම්ප්ට පුටින්ගේ සහාය හිමිවුණු බව ද පැවැසෙයි.

    ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලය මැතිවරණයට පෙර රුසියානු නියෝජිතයන් සමඟ සබඳතා පැවැත්වූයේ යැයි මේ වනවිට තහවුරු වී තිබේ.

    ට්‍රම්ප් සහ පුටින් අතර වියට්නාමයේ මෙම හමුව පැවැත්වෙන්නේ මෙවැනි වාතාවරණයක් යටතේය.

    මීට පෙර දෙදෙනා ජර්මනියේ හැම්බර්ග් නුවර පැවැති ජී 20 සමුළුවේදී මේ අයුරින්ම හමුවිය.

    එම අවස්ථාවේදී ට්‍රම්ප් පුටින්ගෙන් කෙළින්ම විමසා සිටියේ, තමා ඇමෙරිකන් ජනාධිපතිවරණයට මැදිහත් වුණාද නැද්ද කියාය. එහිදී පුටින් කෙළින්ම කියා සිටියේ එසේ මැදිහත් වීමක් නොකළ බවය.

    මීට අමතරව සමුළුවට සහභාගී වුණු සෙසු රාජ්‍ය නායකයන් සමඟ ද ට්‍රම්ප් සුහදත්වයක් වාර්ධනය කර ගත්තේය. වියට්නාම් ජනපති ට්‍රාන් දායි ක්වංග් සහ බිරියගෙන් ඇමෙරිකන් ජනපති ට්‍රම්ප්ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

    [rns_reactions]