Blog

  • දුම්රියේ අනවසර වෙළදාම් තහනම් කරයි

    දුම්රියන් ඇතුලත සිදු කරන වෙළඳාම් තහනම් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.

    දුම්රිය ඇතුලත සිදුවන වෙළඳාම් නිසා දුම්රිය මගීන්ට වන අපහසුව සහ එම ආහාර ද්‍රව්‍ය අනාරක්ෂිත බවට ලැබුණු පැමිණිලි මත ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එම් අබේවික්‍රම මහතා අවධාරණය කර සිටියි.

    කෙසේ වෙතත් මෙම වෙළදුන්ගේ දෛයිනික ආදායම අහිමිවීම සැලකිල්ලට ගනිමින් ප්‍රධාන දුම්රිය ස්ථාන වල හැර අනෙකුත් දුම්රිය ස්ථානවල වෙළඳාම් කිරීමට බාධාවක් නොමැති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    දුම්රිය තුළ වෙළෙඳාම් කිරීම තම ජීවිකාව ලෙස පවත්වාගෙන යන 3200 ක් පමණ සිටින බවත් මේ ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියි.

    [rns_reactions]

  • නව ක්‍රීඩා ලේකම්තුමාගේ ඉල්ලීමකට අනුව හතුරුසිංහට හදිසියේම ජනපති මෛත්‍රීගෙන් ඇරයුමක්

    දැනට බංගලාදේශයේ ක්‍රිකට් පුහුණුකරු ලෙස සේවය කරන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නුදුරේදීම එක්වීමට නියමිත බව වාර්තා වේ.

    හතුරුසිංහ මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලද ඇරයුමක් අනුව ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත භාර දුන් බව බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තහවුරු කරයි.

    හතුරුසිංහ මහතා නව පුහුණුකරු ලෙස 2019 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවට විශ්වාස කෙරේ.

    මීට පෙර බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර මහතාද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස එක් වීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

    [rns_reactions]

  • තෙල් අර්බුදය ඉවරෙටම ඉවරයි.. තවත් තෙල් නැව් 2ක් ලංකාවට..

    ඉන්ධන රැගත් තවත් නෞකා දෙකක්  මෙරටට පැමිණීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි. ඒ අනුව පළමු නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000ක් ද අනෙක් නෞකාවේ කිලෝ ලීටර් 21,000ක් ද අඩංගු බව වාර්තා වේ. නෙවෙස්කා ලේඩි නෞකාවෙන් රැගෙන ආ පෙට්‍රල් දිවයින පුරා බෙදා හැරීම සිදු කිරීමත් සමඟ පෙට්‍රල් සම්බන්ධයෙන් එතෙක් පැවැති ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳුන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    මේ අතර පසු ගිය දින කිහිපය තුළ පෙට්‍රල් අර්බුදයක් ඇති වූ අවස්ථාවේ ජනතාව තව දුරටත් පීඩාවට පත් කරමින් සමහර පිරිවුම් හල් ඩීසල් නිකුත් කිරීම පවා නවතා තිබූ බවත් එම පිරවුම් හල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය අවධාරණය කරයි.

    [rns_reactions]

  • මැදමුලන බද්ද ජනතාව මත පටවන්නේ නෑ – ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

    * පොල් අරක්කු රු. 20කින් වැඩිවෙයි
    * ලංකා විස්කි රු. 125කින් අඩුවෙයි
    * බියර් අඩු සැර රු.75කින් වැඩි සැර 100කින් පහළට

    ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද හෙවත් මැදමුලන බද්ද කිසිසේත් ජනතාව මත පැටවීමට කටයුතු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ඊයේ (10) පැවැසීය.

    පසුගිය රජය මීතොටමුල්ල කුණු කන්දට වඩා ණය කන්දක් උරුම කරදී ඇති බැවින් 2018 වසරේ පමණක් රුපියල් බිලියන 1970ක ණයක් ගෙවිය යුතු බවත් ඇමැතිවරයා පැවැසීය.

    ඒ අනුව රටේ සංවර්ධනය, ආයෝජනය අඩු නොකර බැංකු මඟින් සිදු කරන සියලු ගනු-දෙනු සඳහා රුපියල් 1000කට ශත විස්සක් වන අනුපාතයක් නැතහොත් දස දහසකට රුපියල් දෙක බැගින් විශේෂ බද්දක් අය කිරීමට යෝජනා කළ බවත් ඇමැතිවරයා පැවැසීය.

    2018 අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත මේ විශේෂ බද්දේ බර ජනතාව මත නොපටවා එය බැංකු මඟින් අය කර ගැනීමට විශේෂ නියාමන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත්, බැංකු සඳහා ආදායම් බදු නිදහසක් ලබාදෙන බවත් ඇමැතිවරයා පැවැසීය.

    ඇමැති මංගල සමරවීර මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

    මෙරට බැංකු පාලනය මහ බැංකුව විසින් සිදුකර ඇති බැවින් එම ක්‍රියාවලිය නිවැරැදිව සිදුකළ හැකි බවත් පැවැසූ ඇමැතිවරයා සියලු අය-වැය යෝජනා ක්‍රියාත්මක කිරීමට වෙනම ඒකකයක් පිහිටුවන බවත් සඳහන් කළේය.

    රුපියල් බිලියන 7000ක ණය ආපසු ගෙවීමට සිදුව ඇති බැවින් ඉදිරි වසර තුන ඉතා අසීරු බවත් මේ විශේෂ බද්ද ඉදිරි වසර තුනක කාලයකට පමණක් සීමා වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

    රටේ අධ්‍යාපනයට හා තරුණ තරුණියන් වෙනුවෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට පෙර නොවූ විරු අවධානයක් මෙවර අය-වැයෙන් යොමුකර ඇති බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.‍

    විශ්වවිද්‍යාලවල දොරටුව ඉදිරියට ඇවිත් ඇතුළුවීමට නොහැකිව වාර්ෂිකව නතරවන තරුණ තරුණියන්ට ඉදිරියට යාහැකි පරිදි රටේ අධ්‍යාපනය දියුණු කිරීමට මෙවර අය-වැය මඟින් මාවත විවර කර ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

    එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමැති මංගල සමරවීර මහතා මෙසේ ද පැවැසීය.

    උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් තිස්දහසක් පමණයි විශ්වවිද්‍යාලවලට ඇතුළු වන්නෙ. ඒ ඔවුන්ගේ වරද නිසා නෙවෙයි. ක්‍රමවේදයේ වරද නිසයි. ඒ නිසා අපි ක්‍රමවේදය වෙනස් කරනවා. ජාත්‍යන්තර මට්ටමේ කාර්මික පුහුණු මධ්‍යස්ථානය පිහිටුවීමට අපි කටයුතු කරනවා.

    මධ්‍යසාර, හොර සුරා, කසිප්පු හා වල් රා හෙවත් කෘත්‍රිම රා රටට ප්‍රශ්න ඇති කර ඇති බැවින් සුරා බද්දක් පැනවීමට යෝජනා කළා.

    මේ රටේ මධ්‍යසාර භාවිත කරන්නන්ගෙන් සියයට අසූ හතරක් සැර මධ්‍යසාර භාවිත කරනවා. සැර අඩු මත්පැන් භාවිත කරන්නේ සියයට දහතුනක් පමණයි. නමුත් ලෝකයේ අනෙක් රටවල ඒකේ අනිත් පැත්තයි වෙන්නෙ. අපි කසිප්පු කාරයන්ගෙන් රට බේරාගත යුතුයි. මේ අනුව මධ්‍යසාර සැර අනුව බදූ සූත්‍රයක් මත බදු අය කිරීම සිදු කරනවා. පානීය නොවන මධ්‍යසාර ලීටරයක් සඳහා රුපියල් 15ක සුරා බද්දක් පැනවීමටත් කටයුතු කරනවා.

    මේ බදු ක්‍රමයෙන් බියර්වල බදු අඩු වුවත් බීර හිතූ හිතූ ආකාර‍යෙන් තැන තැන තියා විකිණීමේ පරිසරයක් උද්ගත වෙන්නෙ නැහැ.

    මේ සුත්‍රයට අනුව පොල් අරක්කු බෝතලයක මිල රු. 20කින් වැඩිවෙයි. ශ්‍රී ලංකාවේ සාදන විස්කි රු. 125කින් අඩුවෙයි. වයින් බෝතලයක මිල රු. 50කින් වැඩි වෙයි. අඩු සැර බියර් රු.75කින් ද සැර බියර් රු.100කින් ද අඩුවෙයි.

    අපේ රටේ පැරැණි මුතුන් මිත්තන්ගේ හැකියාවන් දක්ෂතාවන් යළිත්වරක් නූතන පරම්පරාවට ලබාදීම නීල හරිත අය-වැයේ අරමුණ වන්නේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ රන්වන් යුග තිබිලා තිබුණේ ලෝකය සමඟ සිටින අවස්ථාවක. ශ්‍රී ලංකාව ලෝකය සමඟ ගනු-දෙනු කළ රටක්. යළි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය වීමට නම් තරුණ තරුණියන්ගේ හැකියාවට පණ දෙන්න ඕන. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකාව කියන සංකල්පයේ අරමුණ, මහා පරිමාණ වෙළෙන්දාත්, කුඩා වෙළෙන්දාත්, නව නිපැයුම් කරන තරුණයා අරගෙන අඩු පොළියට ණය ලබාදීලා, මේ මහා යාන්ත්‍රණයේ දායකත්ව කොටස්කරුවන් බවට පත් කිරීම කළ යුතුයි.

    [rns_reactions]

  • පුටුවෙන් යන දත් ගලවන රූප සුන්දරී

    ඉන්දියාවේ ‍බෙංගාලුරූස්හි ජීවත්වන රාජාලක්ෂ්මීට උපතින් ම සුන්දර රූ සපුවක් සහ තියුණු බුද්ධියක් හිමි විය. ඇගේ අනාගත බලාපොරොත්තුව වූයේ දන්ත වෛද්‍ය විශේෂඥවරියක් වීමය. ඇය පාසැල් කාලයේ සිටම උනන්දුවෙන් එම විෂය ක්ෂේත්‍රය පිළිබඳව අධ්‍යනය කළා ය. එහෙත් අවාසනාවකට අවුරුදු 21 වන විට ඇය දරුණු රිය අනතුරකට ගොදුරු වුවා ය. අනතුරින් පසුව ශල්‍ය කර්ම කිහිපයක්ම කළ ද ඇගේ සුසුම්නාවේ ආබාධිත තත්ත්වය සුව කළ කොහැකි විය. ඒ හේතුවෙන් ඇය ජීවිත කාලය රෝද පුටුවේ ගත කිරීමට සිදු විය. ඒ වුවත් රාජාලක්ෂ්මී දන්ත වෛද්‍ය විශේෂඥවරියක වීමේ සිහිනය අමතක නොකළා ය. ආබාධිත ජීවිතය පිළිබඳ පසුතැවිලි නොවී ධනාත්මකව සිතා කටයුතු කළ ඇය මේ වන විට දී තමන්ගේම දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයේ දන්ත වෛද්‍ය විශේෂඥවරිය ලෙස කටයුතු කරන්නී ය. ඊට අමතරව ඇය සතුව විවිධ දක්ෂතා රැසකි.

    වෘත්තීමය උපදේශිකාවක් මෙන් ම පරිසර ගවේෂිකාවක්, අසරණයින්ට පිහිටවන දානපතිනියක් මෙන් ම මෝස්තර නිරූපිකාවක් ලෙස ඇය වර්තමානයේ දී රෝද පුටුවකට වී ජීවිතය දිනු ඉන්දියාවේ ප්‍රසිද්ධතම කාන්තාව වශයෙන් හඳුන්වති. ඇය ආබාධිත කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ පදනමේ සභාපති වශයෙන් ද කටයුතු කරන්නී ය. තමන්ගේ ජීවිත කථාව ආදර්ශයක් ලෙස ගෙන ඇය අනිකුත් කාන්තාවන්ට ද තමන්ට හිමිව ඇති දෑ තුළින් ජීවිතය ජයගන්නා ආකාරය කියා දෙන්නීය.

    රාජාලක්ෂ්මීට 2014 වර්ෂයේ දී Miss Wheelchair India තරගාවලියෙන් ජයග්‍රහණය හිමි කර ගත්තා ය. එමෙන් ම 2015 වර්ෂයේ දී Orion මෝස්තර නිර්මාණ සතියට සහභාගී වූවාය. ඇය 2014 වර්ෂයේදී රූ රැජීණික් වී ලබා ගත් අත්දැකීම් 2015 වසරේ තරඟාවලියට සහභාගී වු යුවතියන්ට ද කියා දුන්නේ සමාජ මෙහෙවරක් ලෙසිනි. අබාධිත තත්ත්වය කොතරම් දරුණු වුවද ඇය හා සමාන සුන්දර එහෙත් ආබාධිත නොවූ යුවතියන්ට ද ඇය කිසිඳු උපදෙස් දෙන්නීය.

    ගෟහ නිර්මාණකරණය,ගායනය,චිත්‍ර ඇදීම,පිහිනීම වැනි විවිධ අංශයන්හි තරග සඳහා සඳහා රටවල් 11 කට පමණ ගොස් ඇතැම් තරගවලින් ජයග්‍රහණය හිමි කර ගෙන ඇත. ඉන්දියාවේ යටිතල පහසුකම් පිළිබඳව සොයා ලබා ඒ පිළිබඳව මිනිස් ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇය විසින් මෙහෙය වන්නේ සාමාන්‍ය කාන්තාවක පරිද්දෙනි. බාහිරින් ඇය රෝද පුටුවකට වී සිටිය ද ඇගේ සිත ශක්තිමත්ය.

    “මම කැමතියි මගේ මෝටර් රථය පඳවා ගෙන ගොස් මගේ එදිනෙදා රාජකාරී කරන්න. ඒක මට ලොකු සතුටක්. මම මගේ දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයේ රෝගීන් පැමිණෙන තෙක් සිටින විට බො‍හෝ රෝගීන් මා දෙස පුදුමයෙන් බලනවා. ඔවුන් හිතන්නේ මමත් රෝගීයෙක් කියලා.” යනුවෙන් ඇය ප්‍රකාශ කළා ය.

    අහිමි වු දෑ පසුපස ගොස් නිකරුණේ ජීවිතය විනාශ කර ගන්නා තරුණ පරම්පරාවට රාජාලක්ෂ්මී ආදර්ශයකි. මිනිසුන්ගේ දත් හා සම්බන්ධ ගැටලු විසඳාලීමට ඇය විවිධ ප්‍රදේශවලට ගොස් වැඩමුළු පවත්වයි.

    පොතපතින් ලබා ගන්නා දැනුමටත් වඩා රාජාලක්ෂ්මීගේ ජීවිතයෙන් සෑම කාන්තාවකටම ගත යුතු යමක් අන්තර්ගතව ඇත. ඇගේ ජීවිතයෙන් එක් පුද්ගලයෙකුට වුව ද තම ජීවිතය ධනාත්මකව ජය ගැනීමට අස්වැසිල්ලක් වන බව මාධ්‍ය වර්තා කරයි.

    [rns_reactions]

  • දිල්ලි නගරය ගෑස් කුටියකි

    ඝන මීදුමක් හට ගැනීම හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නුවර ජන ජීවිතය මේ වන විට අඩාලව ඇත. මීදුම ඇති වී තිබෙන්නේ දිල්ලි නගරය කේන්ද්‍ර කරගත් වායු ගෝලයෙහි ඇති දූෂ්‍ය අංශු හේතුවෙන් බව තහවුරු කරගෙන තිබේ. මේ නිසා දිල්ලි නගරය ආශ්‍රිත වායුගෝලයේ ගුණාත්මකභාවය බෙහෙවින්ම පහත වැටී ඇති බව මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥයෝ පෙන්වා දෙති. ඒ නිසාම මහජන සෞඛ්‍යය ආපදා තත්ත්වයක ද එහි ප්‍රකාශයට පත් කර තිබේ. දිල්ලි නගරයේ ජීවත් වන ජනයාට තම නිවෙස්වලින් බැහැරට නොඑන ලෙස සෞඛ්‍යය බලධාරීහු පසුගියදා උපදෙස් ලබා දුන්හ. එකී වාතාවරණය යටතේ පාසල් ආදිය වසා දමන්නට ද තීරණය කෙරිණ. මීදුම දිගින් දිගටම පැවතියහොත් දිල්ලි නගරයේ ජන ජීවිතය අන්තරාදායක තත්ත්වයකට පත් වනු ඇති බව දිල්ලි ප්‍රධාන අමාත්‍යය අරවින්ද් කෙජ්රිවාල් පසුගියදා ප්‍රකාශ කළේය. මේ වනවිට දිල්ලි නගරය “ගෑස් කුටියක්”බවට පත්ව ඇති බවත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර තිබිණ.

    දිල්ලි නගරය තුළ දැනට පවතින්නේ සෙමෙන් හමා යන සුළං සහිත ශීතල කාලගුණ තත්ත්වයකි. එනිසා වායු ගෝලයේ ඉහළ ස්ථරවල පවත්නා දූෂ්‍ය අංශු පොළොව ආසන්නයට පැමිණේ. එම කාලගුණ තත්ත්වය තුළ මීදුම තවත් කොපමණ කාලයක් එහි පවතිනු ඇත්දැයි කියා කිව නොහැකිය. දිල්ලිය ආශ්‍රිත වායුගෝලයෙහි පවත්නා දූෂ්‍ය කොටස් ප්‍රමාණය සම්බන්ධයෙන් පරික්ෂා කර බැලීම් මේ වන විටත් නිරන්තරයෙන් සිදු කෙරේ. දැනට කර ඇති පරික්ෂා කර බැලීම්වලින් තහවුරුව තිබෙන්නේ දිල්ලි වායු ගෝලයේ ඝන මීටරයක සරියක් තුළ දූෂ්‍යය අංශු මයික්‍රෝග්‍රෑම් 710ක් අඩංගු බවකි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වායු ඝන මීටරයක් තුළ මයික්‍රෝන 2.5ක විශ්කම්භය සහිත අංශු මයික්‍රෝග්‍රෑම් 35ක් අන්තර්ගත වීම පවා බරපතල සෞඛ්‍යය ගැටලු ඇති කරවන්නට හේතුවක් වන බවකි. එනිසා වායු ඝන මීටරයක අඩංගු එම අංශු ප්‍රමාණය සාමාන්‍යයෙන් මයික්‍රෝග්‍රෑම් 10ක මට්ටමෙන් පැවතිය යුතුය යන්න එම සංවිධානයේ නිර්දේශයයි. හිතකර මට්ටමට වඩා කොපමණ ගුණයක් දූෂ්‍ය අංශු දිල්ලි වායු ගෝලයේ මේ වන විට අඩංගුද යන්න ඔබට ගණනය කරගන්නට අපහසුවක් නැත.

    වායුගෝලයක අඩංගු මයික්‍රෝන 2.5හෝ එයට වඩා කුඩා ප්‍රමාණයේ හෝ අංශුවල සාන්ද්‍රණය මිනිස් සෞඛ්‍ය කෙරෙහි තීරණාත්මක සාධකයක් බැව් විද්‍යාඥයෝ පවසති. ප්‍රමාණයෙන් ඉතාමත් කුඩා එම අංශු මනුෂ්‍යය ශරීරය තුළට ඇතුළු වී ශරීරයේ පවත්නා ස්වභාවික පෙරීමේ යාන්ත්‍රණයට හසු නොවී සිරුර තුළ සංසරණය වන්නට පටන් ගනී. මේ තත්ත්වය මොළය ආදී වැදගත් ඉන්ද්‍රියයන්ට රුධිරය සංසරණය වීමේ ක්‍රියාවලියට බාධාවක් වනු නිසැක බව විද්‍යාඥයෝ පවසති. අනෙක් භයානක තත්ත්වය මතු වන්නේ එවැනි ක්ෂුද්‍ර අංශුවල පිළිකාකාරක රසායනිකයන් අඩංගුව පැවතීමට බෙහෙවින්ම ඉඩකඩ තිබීමය. එවැනි රසායනිකයන් අතර ඊයම්, ආසනික්, කැඩ්මියම් සහ රසදිය ඇත.

    පවත්නා වාතාවරණය තුළ ක්ෂණිකවම දිල්ලි වැසියන් පිළිකාවලට ගොදුරු වන්නේ නැත. එසේ වුවත් කාලයත් සමඟ පිළිකා සහ වෙනත් බරපතල සෞඛ්‍ය ගැටලුවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවනු ඇති බවට තර්කයක් නැත. දිල්ලියේ ශ්‍රීමත් ගංඟා රාම් රෝහලේ ළය රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යය අරවින්ද් කුමාර් පවසන්නේ දිල්ලියේ දැනට පවත්නා වායුගෝලීය තත්ත්වය මනුෂ්‍ය ශරීරයේ සෑම කොටසකටම දැඩි අයහපත් බලපෑම් එල්ල කරනු ඇති බවකි. මෙය පුද්ගලයකු දිනකට දුම්වැටි 50ක් භාවිතයට ගන්න තත්ත්වයකට සමාන බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.

    “… මේ දවස්වල මෙහි සෑම රෝහලකම දැඩි සත්කාර ඒකක නියුමෝනියා රෝගීන්ගෙන් පිරි ඉතිරී ගොස් තිබෙනවා. ප්‍රතිකාර සඳහා පැමිණෙන හුඟක් රෝගීන්ට කැස්ස සහ ශ්වසන අපහසුතා තිබෙනවා. මේ පාරිසරික තත්ත්ව දිගින් දිගටම පැවතියහොත් මිනිසුන්ට ඇදුම ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම අනාගතයේදී ඔවුන් පෙනහළු පිළිකාවලට ගොදුරු වීමේ අවදානමකුත් තියෙනවා. …” යැයි කියා හෙතෙම පවසයි.

    වෛද්‍යය අරවින්ද් කුමාර් පවසන අන්දමට මීදුම නිසා වඩාත්ම පීඩාවට පත්වන්නේ එළිමහනේ රැකියාවල නියුතු පිරිසයි. ඒ අතර කම්කරුවෝත් රික්ෂා පදවන්නෝත් සිටිති. දූෂ්‍යය කොටස් සහිත වාතය ආඝ්‍රාණය කිරීම වයස්ගත උදවියටත්, කුඩා දරුවන්ටත් රෝගී අයවලුන්ටත් අයහපත් ප්‍රතිඵල අත් කර දෙනු ඇති බව මේ වන විට එහි ප්‍රචාරය කර හැර තිබේ. එනිසා එවැනි අයට නිවෙස් තුළටම වී සිටින ලෙස උපදෙස් ලබා දී ඇත. ඒ හැරුණු විට අනෙක් අය වුව මුහුණු ආවරණයක් රහිතව එළිමහනේ ගැවසීම හිතකර නොවන බව ප්‍රකාශයට පත් කර තිබේ. දූෂ්‍යය වාතය ආඝ්‍රාණය කිරීමෙන් ශරීරයට ඇතුළුවන කරදරකාරී අංශු ශරීරයෙන් යළි ඉවත් කරගැනීමට ක්‍රමයක් නැත. එම අංශු ශරීයෙන් පහ වේයැයි සිතා වැඩියෙන් ජලය පානය කිරීම මිථ්‍යාවක් බව වෛද්‍යවරු පෙන්වා දෙති. කෙනෙකුට දිනකට ජලය ලීටර 2ත් 4 ත් අතර ප්‍රමාණයකට වඩා පානය කරන්නට පුළුවන්කමක් නැත. නමුත් දිල්ලියේ දවසක් සිටින කෙනෙකු ආශ්වාස ක්‍රියාවලිය හරහා සිරුරට ඇතුළු කරගන්නා විෂ සහිත වායු ප්‍රමාණය ලීටර 16,000ක් පමණ වන බව ගණන් බලා ඇත. මේ අනුව පැන නැඟී ඇති තත්ත්වය සිතා ගැනීම ඔබට අපහසු නොවනු නිසැකය.

    විෂ්කම්භය මයික්‍රෝන 2.5 හෝ එයට වඩා කුඩා අංශු ප්‍රමාණය දිල්ලි නගරය කේන්ද්‍ර කරගෙන මේ සා ඉහළ යෑමක් සිදු වුෙය් හදිසියේම ය. එසේ නොවූවත් දිල්ලි නගරයේ වායුගෝලය පිරිසිදු එකක් හැටියට හඳුන්වන්නට ඉඩක් නැත. නමුත් ලොව වායු දූෂණය ඉහළම නගරය හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙන්නේ ඉරානයේ සබෝල් නගරයයි. මේ නගරය එසේ නම් කර තිබෙන්නේ මුළු මහත් වසර පුරාම එහි වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ යටකී ප්‍රමාණයේ ක්ෂුද්‍ර අංශූන් මයික්‍රෝග්‍රෑම් 217ක පමණ සාමාන්‍යයක් පවතින බැවිනි. දිල්ලි වායු ගෝලයේ දූෂ්‍යය අංශු ප්‍රමාණය දැනට මේ අන්දමට ඉහළ ගොස් තිබුණ ද වසර පුරාම එහි වායු ගෝලයේ වායු ඝන මීටරයක් තුළ යටකී ප්‍රමාණයේ ක්ෂුද්‍ර අංශූන් සාමාන්‍යයෙන් පවතින්නේ මයික්‍රෝග්‍රෑම් 122ක පමණ ප්‍රමාණයකි. අද මේ වනවිට දිල්ලිය නම් කෙරෙන්නේ වායු දූෂණය අතින් ඉහළම තැනට පත් නගරය හැටියටය. එසේ වුවත් වායු ගෝලයේ වසර පුරා දැකිය හැකි ක්ෂුද්‍ර අංශුවල සාමාන්‍ය අනුව දිල්ලි නගරය දූෂණය අතින් ලොව 11 ස්ථානයේ පසුවන නගරයයි. කෙසේ වුවත්, දිල්ලිය වායු ගෝලීය දූෂණය අතින් දිගින් දිගටම අවදානම් මට්ටමක ඇති නගරයක් ලෙස නම් කරන්නට පුළුවන. ගල් අඟුරු බලාගාර, කර්මාන්ත පුර, රථවාහන ආදියෙන් නිකුත් වන දූෂ්‍ය අංශු නිසා දිල්ලි වායු ගෝලය එලෙස අපවිත්‍ර වී තිබේ. වගා බිම්වල කෙරෙන පුළුස්සා දැමීම්, උත්සව සමයේදී දල්වන රතිඥ්ඥා සහ ගිනිකෙළි නිෂ්පාදන ආදිය නිසාත් දිල්ලි වායු ගෝලයේ ගුණාත්මකභාවය පහළ වැටේ.

    දූෂණය සහ සෞඛ්‍ය පිළිබඳ ලන්සෙට් කොමිසම් වාර්තාව පසුගිය මාසයේදී නිකුත් කෙරිණ. මේ වාර්තාව පෙන්වා දෙන කරුණු අනුව පරිසර දූෂණය නිසා ඉන්දියාවේ පමණක් වසරකට ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 2.5ක් පමණ වේ. එය ලොව සෙසු රාජ්‍යයන් අභිබවා යන තත්ත්වයක් බැව් එහි වැඩි දුරටත් සඳහන් වේ.

    [rns_reactions]

  • පරිගණකය සුද්ද කරන හැටි

    දූවිලි, මකුළු දැල් කියන්නේ අපේ ජීවිතේට නැතුවම බැරි දේවල් දෙකක්. කවුරු අපිට අකමැති වෙලා දාලා ගියත් දූවිලි නම් එහෙම ලේසියෙන් දාලා යන ජාතියේ එකක් නෙවෙයි. මකුළුවොත් කොච්චර මකුළු දැල් කැඩුවත් “ඔබ සොයා එන්නෙමි මා හදේ මකුළුවා”කියලා ආයෙත් ඇවිත් බූත ගුහාවක් වගේ වෙන්නම ආයෙ සැරසිලි ටික කරලා දෙනවා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මෙහෙම කළාම ඒක අපේ ඉලෙක්ට්‍රොනික බඩුවලට විශේෂයෙන් පරිගණකයට වාවන්නේ නැහැ. එහි තිබෙන කවුළු අවහිර වුණාම ඇතුළේ ජනනය වන මහා රස්නය පිට කරගන්න බැරුව අමුතු සද්දවලින් කෑ ගහන්න සහ පරිගණකයේ වේගය අඩු වෙන්නත්, ඉක්මණින් ම තිබෙන කොටස් පිච්චෙන්නත් ඉඩකඩ ලැබෙනවා වැඩියි. මේ නිසා අපි බලමු අපිට පුළුවන් හැටියට සහ පරිගණකයට හානියක් නොවෙන්න එය සුද්ද බුද්ද කරගන්නේ කොහොමද කියලා.

    හැබැයි ඔක්කෝටම කලින් මතක තියාගන්න ඕන දෙයක් තමයි ඩෙස්ක්ටොප් කම්පියුටරේ හෝ ලැප්ටොප් එකේ කෑලි ගලවලා සුද්ද කරද්දී එහි වගකීම් සහතියකට හානි වෙනවා කියන එක. බොහෝ වෙලාවට ඉතින් කම්පියුටරේට දූවිලි එහෙම බැඳිලා එනකොට වගකීම් සහතිකේ මකුළු දැල් බැඳිලා කල් ඉකුත් වෙලා ගසුත් පැළවෙලා. හැබැයි ඉතින් සේරටම කලින් ඒ ගැන කල්පනාකාරී වෙලා ඉන්න. මොකද, මේ කියන කිසිම දෙයක් නිසා ඔබේ පරිගණකයේ වගකීම් සහතිකයට හානි සිදු වුණොත් අපිට එයට වග කියන්න බැහැ. මෙහි තිබෙන පියවර ඉතා ආරක්ෂාකාරී ඒවා තමයි. හැබැයි ඔබේ අත් වැරැද්දක් නිසා මොනවා හරි පරිගණකයට වෙනවා නම් එයටත් අපිට වගවෙන්න බැරි බව මුලින්ම කියන්න ඕන.

    අපි ඩෙස්ක්ටොප් පරිගණකයක් සුද්ද කරන හැටි බලමු. මුලින්ම පද්ධති ඒකකයේ ඒ කියන්නේ ස්ක්‍රීන් එක හැරුණාම ඇතැම් ඒවායේ කණුවක් වගේ තිබෙන බොහෝ දෙනෙක් වරදවා කියන CPU එක. CPU කියන්නේ පද්ධති ඒකකය හෙවත් සිස්ටම් යුනිට් එක ඇතුළේ තිබෙන කුඩා කොටසක් විතරයි. දැන් එහි තිබෙන සියලුම සබඳතා එනම්; මොනිටරය, මූසිකය, යතුරු පුවරුව ආදී වූ වයර්වලින් ඉවත් කර හොඳින් ඉඩ තිබෙන ස්ථානයකට සිස්ටම් යුනිට් එක ඉවත්කර ගන්න. ගෙදරින් එළියට වගේ නම් තවත් හොඳයි. එතකොට අස්කරන දූවිලි ආයේ අතුගාන්න වෙන්නේ නැහැ.

    දැන් මේක ගලවමු. මෙහෙම ගලවන්න කලින් ගැලවීම වළක්වාලමින් පරිගණකය විකිණීම සිදු කළ ආයතනය විසින් වගකීම් සහතිකය රැක ගැනීම සඳහා ස්ටිකර අලවා ඇති දැයි සැලකිලිමත් වෙන්න. බොහෝ සිස්ටම් යුනිට් ඉස්කුරුප්පු නියන් නැතිවම අතින් ගැලවිය හැකි විධියට ඇණ දාලා පිට කවරය සවිකර තිබෙනවා. සමහර ඒවායේ නම් බොත්තමක් එබීම මඟින් සම්පූර්ණ පිටත කවරයම විවෘත කරන්න අවකාශ සලසා තිබෙනවා. පියන ඉවත් කිරීමෙන් පස්සේ එහි දුහුවිලි වැඩිපුර තිබෙන ස්ථානවල මෘදු කෙඳි තිබෙන බුරුසුවකින්, යන්තමින් අභ්‍යන්තර කොටස්වලට හානි නොවන සේ පිරිසිදු කරන්න. විශේෂයෙන් ෆෑන්වල බැඳී ඇති දුහුවිලි හොඳින් ඉවත් වන සේ පිස දමන්න. එහිදී පරිගණකයෙන් ඉවතට එම දූවිලි ඉවත් වන සේ පිස දාන්න.

    ඊට පස්සේ අත්වැසුම් දාගෙන හෝ ඉතා අවම වශයෙන් ද අත් දෙක ගෑවෙන අාකාරයට RAM කාඩ් ගලවලා ඒවා සවි වී තිබූ කුහර බුරුසුව ආධාරයෙන් පිරිසිදු කරන්න. RAM කාඩ් ගැලවීමේ දී ද ඒවායේ දෙපස ඇති pinවලින් නිදහස් කරලා ප්‍රවේශමෙන් ගලවන්න අමතක කරන්න එපා. ඒවා ඉතා සියුම් නිසා අතේ තිබෙන ස්ථිති විද්‍යුත් ආරෝපණවලින් පවා හානි සිදු වෙන්න පුළුවන්. දැන් අත් වැසුම් එක්කම මකනයක් හෝ මෘදු රබර් කැබැල්ලක් ආධාරයෙන් එහි යට කොටසෙහි ඇති ලෝහමය ඉරි වැනි කොටස් පිස දමන්න. එහෙම කළාම ඒවායේ බැඳී තිබෙන මලින වීම් ඉවත් වෙලා විද්‍යුත් සබඳතාවය ඇති වෙනවා. දැන් හැමදේම කලින් තිබුණු විධියටම සවි කරලා කවරයත් ඇණ සවි කිරීම හෝ ක්ලික් හඬ නැගෙන සේ තද කර ලොක් කරගන්න.

    මොනිටරය පිරිසිදු කිරීමේදී ගෙදර තිබෙන්නේ CRT හෙවත් පිටිපස්සේ ගෙඩියක් වගේ දිගට තිබෙන ආකාරයේ එකක් නම් එතරම් බය වෙන්න දෙයක් නැහැ. එය ආස්‍රැත ජලයෙන් හෝ රුපියල් පන්සියයකටත් අඩු මිලකට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි කම්පියුටර් ස්ක්‍රීන් ක්ලීනින් කිට් එක්ක ලැබෙන දියර භාවිතයෙන් ඒ එක්කම ලැබෙන රෙදි කැබැල්ලකින් පිස දැම්මාම ඇති. ඒ වගේම එහි පිටුපස තිබෙන වායු කවුළුත් බුරුසුවකින් සුද්ද කරන්න. හැබැයි කුණු එළියට වැටෙන්න. නැත්නම් ඒවා තව ඇතුළට ගිහින් ඔක්කොම පිච්චිලා යන්නටත් පුළුවන්. මේ කාලේ LCD මොනිටර බහුලයිනේ. ඒ කියන්නේ ගොඩක් සිහින් ස්ක්‍රීන් තිබෙන ඒවා. මේවාට නම් පිසදැමීමෙදී අත තද නොකර කරන්නට වග බලා ගන්න ඕන. නැත්නම් ස්ක්‍රීන් එක උඩ නොමැකෙන පැල්ලම් ඇති වෙනවා.

    මුලින්ම මෘදු කෙඳි බුරුසුවකින් එහි තිබෙන ලොකු දූවිලි කැබලි ඉවත් කරගන්න. ඊට පස්සේ තිර පිරිසිදු කිරීමේ දියරවලින් ටිකක් ස්ප්‍රේ කරන්න. ඉන්පසු මෘදු රෙදි කැබැල්ලකින් සෑම දාරයක්ම ආවරණය පිසදා ගන්න. හැම විටම රෙදි කැබැල්ලේ එක් තැනකින්ම පිහදාන්න එපා. එතකොට මුලින් තිබුණු දූවිලිවලින් වෙනත් තැනක් සීරී යන්න පුළුවන්.

    මේ ටික හරියට කර ගත්තොත් පරිගණකය අලුතින් ගත්තා වගේ පෙනුමක් වගේම වේගයත් ටිකක් වැඩි කරගන්න ඔබට හැකියාව ලැබේවි. මාසෙකට සැරයක් වත් ස්ක්‍රීන් එකත්, වැඩිය දූවිලි වදින්නේ නැති තැනක පරිගණකය තිබෙනවා නම් මාස දෙක තුනකට විතර සැරයක් පද්ධති ඒකකයත් මෙහෙම පිරිසිදු කරන්නට පුළුවන් නම් පරිගණකයේ දිගු කල් පැවැත්මට ඒක විශාල පිටිවහලක් වේවි.

    [rns_reactions]

  • යහපාලනය ඉදිරියේ ඇති මඟහැර යා නොහැකි වගකීම

    පූජ්‍යපාද මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ අපවත් වී, මේ වන විට වසර දෙකකි. මෑත යුගයට අදාළව සැලකීමේ දී ශ්‍රී ලාංකේය ජනසමාජය කෙරෙහි තීරණාත්මක සාධනීය බලපෑමක් සිදු කළ සංඝපිතෘවරයාණන් වහන්සේ නමක ලෙස අවිවාදිත මාදුළුවාවේ සෝභිත හිමිපාණන් පිළිබඳ මෙන්ම උන් වහන්සේ විසින් රෝපණය කරන ලද දේශපාලනික සමාජ මතවාදය ශ්‍රී ලංකා ජනසමාජය කෙරෙහි කොතරම් දුරකට බලපෑමක් ඇති කර ඇත්ද යන්න පිළිබඳවද විමසා බැලීම සඳහා මෙය සුදුසු අවස්ථාවකි.
    මාදුළුවාවේ සෝභිත හිමිපාණන් හැම විටම පෙනී සිටියේ සිය පූර්වගාමී යතිවරුන් පෙන්වා දුන් අනාගතවාදී දැක්මකය. ‘භික්ෂු ජීවිතයට කැළැලක් නොවන පරිද්දෙන් අපේ රටවැසියාගේ යහපතට හේතු වන යම් වැඩපිළිවෙළක් වේ නම් එහි නම දේශපාලනය හෝ වේවා වෙන කුමක් හෝ වේවා එය බෞද්ධ භික්ෂුවකට සුදුසුය’ යන විද්‍යාලංකාර ප්‍රකාශනයේ සමස්තාර්ථයට අනුව එය උන් වහන්සේද තම පිළිවෙත බවට පත් කරගත්හ.

    ‘භික්ෂුවගේ උරුමය’

    එකී අරුතින්ම උන් වහන්සේ පිළිපන් මාර්ගයද හඳුනාගත හැකිය. ශ්‍රී ලංකාව නිදහස ලබාගත් මුල් අවධියේ මේ රටේ සපුරාගත යුතු අභියෝග පිළිබඳ සක්‍රීය සංවාදයක් ජනිත කළ විද්‍යාලංකාර පිරිවෙන මූලික කරගත් ප්‍රගතිශීලි භික්ෂු පරම්පරාවට නායකත්වයක් දී ඇති කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, වල්පොල ශ්‍රී රාහුල වැනි මහා යතිවරයාණන් වහන්සේ පෙන්වා දුන් භික්ෂූ දේශපාලනයේ මාවත උන් වහන්සේ තරණය කළේ එකී මුල් අරුතට කිසිදු නිගරුවක් ඇති නොවන ආකාරයටය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මේරටේ ප්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් එකී මහ මැතිවරණයට තරග කරමින් මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ අවස්ථාවක ඒ පිරිස සමඟ එක් නොවූයේ ඇයිද යන ප්‍රශ්නයට මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ දී ඇති පිළිතුර මඟින්ම ඒ බව සනාථ වේ.

    “මටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තරග වදින්න ඇරියුම් ලැබුණා. ඒත් මම ඒ සියල්ල ප්‍රතික්ෂේප කළා. මොකද: මම විශ්වාස කරන දෙයක් තමයි භික්ෂූන් වහන්සේ පක්ෂ දේශපාලනයට නොයා යුතුයි කියන-එක. අපට ඊට වඩා පුළුල් දේශපාලනයක් තිබෙනවා. ඒ තමයි වල්පොල රාහුල හාමුදුරුවෝ තමන්ගේ ‘භික්ෂුවගේ උරුමය’ පොතෙන් පෙන්වපු, යක්කඩුවේ හාමුදුරුවෝ විද්‍යාලංකාර ප්‍රකාශනයෙන් පෙන්වපු දේශපාලනය. අපේ දේශපාලනය තමයි පරාර්ථ චර්යාව. ඒත් අපි පක්ෂ දේශපාලනයට කොටු වුණොත් අපි එක කඳවුරකට කොටු වෙනවා. එහෙම නැතිව අපි ප්‍රතිපත්ති එක්ක වැඩ කළොත් කවුරු කළත් හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදියටත් දකින්නට පුළුවන්.” ඒ අනුව උන් වහන්සේ නියැලී සිටියේ එක් පක්ෂයක එක් ජනවර්ගයක හෝ සමාජ කුලකයක අභිවෘද්ධිය පිණිස නොවේ.

    මඟහැරුණු වගකීම

    නූතන ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලනික හා ආර්ථික ප්‍රතිසංස්කරණ අරමුණු කරගත් සමස්ත ක්‍රියාවලිය තුළ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ට සුවිශේෂ වූ භූමිකාවක් නිර්මාණය වූයේ එම පදනම තුළය. එකී ක්‍රියාවලිය තුළ විවිධාකාරයෙන් ඊට සම්බන්ධව සිටි සෑම පාර්ශ්වයකටම ඊට දායක නොවී සිටිය නොහැකි විය.

    අමද්‍යප ව්‍යාපාරයට පුනර්ජීවනයක් ගෙන-දෙමින් ආරම්භ කරන ලද උන් වහන්සේගේ පරාර්ථ චර්යාව සිංහල බල මණ්ඩලය, මවුබිම සුරැකීමේ ජනතා ව්‍යාපාරය, ජාතික සංඝ සභාව, ජාතික වීර පදනම වැනි විවිධ සංවිධාන හා ඒවා මඟින් සිදු කරන ලද සමාජ මැදිහත්වීම් තුළ බොහෝ දුර ගමනක් සටහන් කර තිබේ. නිස්සාර පුරුෂාර්ථයන් පෙරටු කරගත්, ආත්ම ලාභය පමණක් ඉලක්ක කරගත් බල දේශපාලනයට එරෙහිව අප රටේ දැනුවත් සමාජය බලමුළු ගන්වමින් උන් වහන්සේ පෙරට ආයේ ඉන් අනතුරුවය. ඒ සඳහා වන පෙනී සිටීම තුළ වරෙක සිරබත් කන්නටද තවත් විටෙක මැර ප්‍රහාරයන්ට ලක් වන්නටද උන් වහන්සේට සිදු විය; චරිත ඝාතනයන්ට, මරණ තර්ජනවලට මෙන්ම ඝාතන ප්‍ර‍්‍රයත්නයන්ටද මුහුණ දෙන්නට සිදු විය. එහෙත් ඒ සියල්ලට උන් වහන්සේ පිළිතුරු දී ඇත්තේ සිය අහිංසාවාදී ප්‍රතිපදාව තවදුරටත් ප්‍රගුණ කරමිනි. අතිශය දුෂ්කර වූ තත්පරයේ දී පවා බුදුදහමෙන් උගන්වන අහිංසාවාදී මාවතින් උන්වහන්සේ බැහැර නොවූහ.

    දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවට විනාශය අත් කරමින් පැවැති ත්‍රස්තවාදී අභියෝග හමුවේ ප්‍රාණ පූජා කරමින් සටන් කළ අපගේ ආරක්ෂක හමුදා ත්‍රස්තවාදය සපුරා පරාජය කරමින් රටට උදා කර දුන් නිදහස පිළිබඳව අප්‍රමාණ සතුටට පත් මාදුළුවාවේ සෝභිත හිමියන් එම අවස්ථාව සැලකූයේ ශ්‍රී ලංකාව ස්වර්ණමය මාවතකට යොමු කළ හැකි මොහොතක් ලෙසය; මේ රටේ ජීවත් වන සියලු ජනවර්ගයන්හි සාධාරණ අපේක්ෂා මෙන්ම දුක් ගැනවිලි පිළිබඳද සලකා බලමින් රට තුළ ස්ථීරසාර සාමයක් ගොඩනැඟිය හැකි මොහොතක් ලෙසය; යුද මානසිකත්වය හේතුවෙන් හා මේ රටේ පාලකයන්ට ආවේණික වූ ඇතැම් ක්‍රියාමාර්ග තුළ දුර්වල කර පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කරමින් රටේ ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවගේ නිදහසද ගොඩනැඟීමට හැකි අවස්ථාවක් ලෙසය. අවාසනාවකට මෙන් මේ රටේ එක්තරා පිරිසක් යුද ජයග්‍රහණය තමන් හට හිමි වූ සදාකාලික ජයග්‍රහණයක් ලෙස සලකමින් ක්‍රියා කිරීමට පෙලඹීම තුළ එකී ස්වර්ණමය අවස්ථාව මඟහැරෙමින් පැවැති ආකාරය දුටු උන් වහන්සේ නැවත වරක් පෙරට ආවේ රට හමුවේ ඇති දැවැන්ත වගකීම පිළිබඳ සමාජයට සිහිපත් කරන්නටය.

    සාධාරණ සමාජයක්

    එය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ සිය ජීවිත කාලය තුළ මුහුණ දුන් දැවැන්තම අරගලයට පිවිසීමක් බඳුය. ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ වූ සියලු බලතල සංකේන්ද්‍රණය කරගත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම සඳහා සමාජය තුළ මතයක් ගොඩනැඟීමද ඒ සඳහා වන සක්‍රිය සමාජ දේශපාලන සංවාදයක් නිර්මාණය කරගැනීමද එහි පළමු පියවර විය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනැඟීම එහි ප්‍රතිඵලය වූයේය. ඒ තුළ උන් වහන්සේ අපේක්ෂා කළේ හුදු බල මාරුවක් සඳහා වන ක්‍රියාවලියක් පමණක්ම නොවේ. මුළු මහත් සමාජ ආර්ථික හා දේශපාලන දේහය පුරා පිළිලයක් මෙන් ඔඩුදුවා පැවැති දූෂණය, භීෂණය හා අවනීතිය මත පදනම් වූ බලකාමිත්වයෙන් රට මුදාගෙන මහජනතාවට වගකියන යුක්තිගරුක, සාමකාමී මෙන්ම සමෘද්ධිමත් අනාගතයක් උදෙසා පිවිසිය හැකි සාර්ථක මාවතක් විවර කරගැනීම උන් වහන්සේගේ ඒකායන අභිලාෂය විය. ඒ සඳහා වන පළමු පියවර ජයග්‍රහණය කරවීමට තරම් උන් වහන්සේ වාසනාවන්ත වූහ. එහෙත් ඒ අතර දෛවයට ඉඩ දී උන් වහන්සේට සමු දීමට මුළුමහත් ජාතියටම සිදු විය. මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ අපවත් වී වසර දෙකක් සපුරා ඇති අවස්ථාවක,
    දැන් අප සලකා බැලිය යුත්තේ උන් වහන්සේගේ අරමුණ හා ප්‍රාර්ථනාවන්ට කෙතෙක් දුරට සාධාරණත්වයක් ඉටු කර ඇත්ද යන්නය. එහි දී පසුගිය 08 දා පැවැති මාදුළුවාවේ සෝභිත මාහිමි ගුණසැමරුම් උත්සවයේ සමරු දෙසුම කළ මහාචාර්ය සරත් විජේසූරිය මහතාගේ සමස්ත දේශනය තුළම හඬනඟා මතු කරන ලද කරුණු මේ රටේ සමස්ත ජනතාවගේම අවධානයට ලක් විය යුතුය. සත්‍ය වශයෙන්ම මේ රට පිළිබඳව යම් හෝ අපේක්ෂාවක් ඇති කරගත හැක්කේ එහි දී මතු කළ කරුණු පිළිබඳ රට තුළ හරවත් සංවාදයක් සිදු වුව හොත් පමණකි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා මුල පිරීමද එහි දී ඉතා වැදගත් කරුණක් විය. ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කළේ සරත් විජේසූරිය මහතා සිය දේශනය මඟින් මතු කළ සියලු කරුණුවලට තමා සියයට සියයක්ම එකඟ වන බවයි. සාධාරණ සමාජයක් පිළිබඳ අපේක්ෂාසහගතව සිටින පිරිසකගෙන්ද සැදුම්ලත් එම සභාව එකී කරුණු යෝජනාවක් ලෙස සලකා ඉදිරිපත් කරන්නේ නම් තමන් එක් අතක් පමණක් නොව, අත් දෙකම ඔසවා එය අනුමත කරන බවය.

    කිසියම් සාධාරණත්වයක්

    එහි දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම පෙන්වා දුන්නේ මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මගින් පසුගිය ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයා නියෝජනය කළ දේශපාලන බලවේගය වෙත ඉදිරිපත් කරන ලද යෝජනා දහය ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතු බවය. යහපාලන රජය බලයට පත් වීමෙන් පසු රටට හඳුන්වා දුන් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ සාර්ථක කරගන්නා ලද ඇතැම් කරුණු පිළිබඳ සැලකීමේ දී සෝභිත මාහිමිපාණන් වහන්සේ අපේක්ෂා කළ ඇතැම් කරුණුවලට අදාළව සාධාරණත්වයක් ඉටු කිරීමට තම රජයට හැකියාවක් ලැබුණ බව ද ජනාධිපතිතුමා එහි දී පෙන්වා දුන්නේය. ඒකාධිපතිත්වයක් කරා විධායක ජනාධිපතික්‍රමය තවදුරටත් ශක්තිමත් කළ 18 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම, ස්වාධීන කොමිෂන් සභා ඇති කිරීම වැනි කරුණු ඒ සඳහා වන උදාහරණයි.

    එහෙත් මාදුළුවාවේ සෝභිත හිමිපාණන් අද දිවමන්ව සිටියේ නම් උන් වහන්සේ නඟන ප්‍රශ්නයද සාධාරණ සමාජයක් පිළිබඳ අපේක්ෂා දල්වාගෙන සිටින මේ රටේ ජනතාව අද නඟන ප්‍රශ්නයද වන්නේ එයින් සෑහිමකට පත් විය හැකිද යන්නය. ඒ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය මේ රටේ ජනාධිපතිවරයා විසින්ද එම ප්‍රශ්නයම නැඟීමයි. එහි දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ ප්‍රධානම කරුණක් වූයේ පොදු ජනතාවගේ අපේක්ෂා ඉටු කරන රජයක් ලෙස කටයුතු කරන්නේ නම් සම්මුතිවාදී ආණ්ඩුවක් ලෙස කටයුතු කරන්නේ නම් රටක් ලෙස අප කතා කරන යහපාලනය, සමාජ සාධාරණත්වය, නීතියේ ආධිපත්‍යය යන කරුණු සියල්ල සපුරාගැනීම උදෙසා අප කැප විය යුතු බවය. වැරදි කරන ඕනෑම බලවතකුට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක විය යුතු බවය. වැරැද්දට ලබාදෙන දඬුවම්වලට එරෙහිව කිසිවකු බාධා නොකළ යුතු බවය. එහෙත් එය හරියටම ක්‍රියාත්මක වන්නේද යන්න ගැන මුළු සමාජයම නගන ප්‍රශ්නයම අද මේ රටේ ජනාධිපතිවරයාද මතු කර පෙන්වීම විශේෂ තත්ත්වයකි. එසේ නම් මේ රටේ සබුද්ධික ජනතාව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පිරිසුදු පාලන ක්‍රමයක් අපේක්ෂා කරන සියලු දෙනාද ගැඹුරින් විමසා සිටිය යුත්තේ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපේක්ෂාවන්ට එරෙහිව කඳවුරු බඳින්නන් එසේ කරන්නේ කාගේ ඉඩම්වලද යන්නය.

    ඒ සමඟම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි දී සිදු කළ කතාවේ හරය තුළ ඒ සෑම පාර්ශ්වයකටම වැදගත් පණිවිඩයක්ද ලබා දී තිබේ. එනම්: සිදුව ඇති එවැනි වැරදි නිවැරදි කරගැනීම සඳහා තවමත් කල් ඉකුත් වී නැති බවයි. අද පවතින්නේ සම්මුතිවාදී පාලනයකි. ඒ අනුව එකී සම්මුතියට එකඟත්වයක් පළ කර ඇති සෑම පාර්ශ්වයකටම ඒ පිළිබඳ වන බලවත් වගකීමක් තිබේ. එහි දී සම්මුතිබද්ධ පාලනයකට එකඟ වී ඇති ප්‍රධාන පක්ෂ දෙකම ගැඹුරින් තේරුම්ගත යුතුව ඇති කරුණ වන්නේ එකිනෙකා අතර වන එම එකඟත්වය 2020 දක්වා රට පාලනය කිරීමට පමණක් සීමා නොවන බවයි; යහපාලනය ගොඩනැඟීම උදෙසා උර-දුන් සියලු බලවේග සමඟ ඇති කරගත් එකඟත්වය සම්පූර්ණ කිරීමේ වගකීම අන් සියල්ලටම වඩා එහි දී ප්‍රමුඛ වන බවයි; එමෙන්ම වැදගත් වන බවයි; එකී එකඟතා ඉටු කිරීම සඳහා දක්වන උනන්දුව හා කැප වීම යහපාලන රජයේ අනාගතය පිළිබඳවද තීරණාත්මක වන බවයි. මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ‘සාධාරණ සමාජයක් සඳහා වූ අපේක්ෂා’ මඟහැර කිසිවකුට ඒ ගමන යා නොහැක්කේ ඒ නිසාය.

  • රනිල්ගේ නියෝගයෙන් ජනපති මෛත්‍රීට මඩ ගහන එජාප මඩ බලකා මෙහෙයුමක සියලු තතු එලියට..

    බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ඉදිරියට කෙරීගෙන යන පරීක්ෂණ අඩපන කිරීම සඳහා එකසත් ජාතික පක්ෂය සහ එහි සන්නිවේදන බලකායට සම්බන්ධ පිරිස් සමාජ ජාලා හා වෙබ් අඩවි මඟින් ජනාධිපතිවරයාට එරෙහිව මඩ ප්‍රචාරයක් ආරම්භ කර ඇති බවට බුද්ධි අංශ මගින් අනාවරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ.

    එහි දී ජනාධිපතිවරයාට හිතවත් බව පෙන්වමින් හා අගමැතිවරයාට හිතවත් බව පෙන්වමින් පවත්වාගෙන යන වෙබ් හා සමාජ ජාලා මාධ්‍ය සඳහා අවැසි මුදල් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පිරිස් විසින් ලබා දෙන බව වාර්තා වේ.

    ඒ සඳහා කටයුතු කරනු ලබන්නේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා වූ දේශපාලනඥයෙකි.

    පවුම් ගණනින් කප්පම් !

    එහි දී එක් පුවත් වෙබ් අඩවියකට බැඳුම්කර සිද්ධිය ට සම්බන්ධ දේශපාලනඥයා පවුම් 5000ක් ලබා දෙන බවට තොරතුරු හෙළි කර ගෙන ඇත.

     

    [rns_reactions]

  • බැසිල්/රණතුංග විරෝධය කුණුකුඩයට දමා පළාත් පාලනයට ශ්‍රීපනිපය හා ඒකබද්ධය පුටුවෙන් එයි !

    ඉදිරියේ පැවැත් වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එකාබද්ධ විපක්ෂය නිතරග ගිවිසුමක් මඟින් පත්ව තරග කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.

    ඒ පිළිබඳ සාකච්ඡ කිරීමට දෙපාර්ශ්වයෙන් කණ්ඩායම් දෙකක් පත් කිරීමට සූදානම්වන බවත්, එකාබද්ධ විපක්ෂයෙන් ඒ සඳහා මහින්දානන්ද අලූත් ගමගේ, සී.බී. රත්නායක හා ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් සූදානම්කර ඇති බවත් පැවසේ.

    ශ්‍රීලනිප කමිටු ප්‍රධානියා ජෝන් – ඉසුර

    Isuru Devapriya e1451388585754

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය වෙනුවෙන් ආමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කර ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා කියා සිටී.

    ඒ සම්බන්ධයෙන් දේවප්‍රිය මහතා මෙසේද කියා සිටී.

    “දෙගොල්ල දෙපැත්තට වෙලා හිටියොත් අවාසියක් වෙන්නෙ. මේකෙන් වෙන්නෙ නිදහස් පක්ෂ පාක්ෂිකයන් ඡන්ද මධ්‍යස්ථානයට නොයන එකයි වෙන්නෙ. නිතරග ගිවිසුම ගැන මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා. මේකට ගමේ පාක්ෂිකයන්ගේ ලොකු පිබිදීමක් තියෙනවා. ගිය වර මහා ඡන්දයේ සිදුවීම ගැන බය තමයි තියෙන්නෙ. මෙවර එහෙම නොවෙන්න ගිවිසුමක් අත්සන් කරලා ඡන්දෙට ගියානම් ඉවරයි”

    ඒ අනුව පොදු ලකුණක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තරග කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි ද වාර්තා වේ.

    පොදු ලකුණ ලෙස පොදුජන එක්සත් පෙරමුණේ පුටුව යොදාගනු ඇතැයි ද පැවසේ.

    [rns_reactions]

  • සයිට්ම් වෛද්‍ය පීටය වසාදමන්නේ රජයේ ප්‍රමිතියට අනුගත වන තෙක් පමණයි. – හර්ෂ ද සිල්වා..

     

    දීර්ඝ කාලයක් මුළුල්ලේ මහපාරට බට පෙරටු අන්තරේ සාමාජිකයන් ලෙස මාලඹේ සයිටම් අහෝසි කිරීමේ ජය සමරමින් සිටියදී  සිවිල් සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සහ හර්ෂ ද සිල්වා අතර විශේෂ සාකච්චාවක් පාර්ලිමේන්තු කමිටු කාමරයක් තුළදී පැවති අතර ඒ සදහා සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, වික්‍රමබාහු කරුණාරත්න, සමන් රත්නප්‍රිය සහ එජාප මන්ත්‍රී ආශු මාරසිංහ ඇතුළු පිරිසක්  සහභාගී වී ඇත.

    එහිදී ඔවුන්ඊ විමසා ඇත්තේ සයිට්ම්යේ අහෝසි කිරීම පිලිබදව වන අතර එය තමන්ගේ නිර්දේශයක් පමණක් වන බවත් සයිට්ම් ආයතනය රජයේ පිළිගත් ප්‍රමිතීන් වලට අනුගත නොවන්නේ නම් පමණක් එම ආයතනයේ වෛද්‍ය පිටය වසාදැමීමට තමන් නිර්දේශ කල බවත් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසා ඇත.

    ජනවාරි 01 දින වන විට ප්‍රමිතිය සකස් කිරීමට ඔවුන් අපොහොසත් වුවහොත් සයිට්ම් ආයතනයේ වෛද්‍ය පිටය තාවකාලිකව වසාදමන අතර ඔවුන් නිසි ප්‍රමිතියට අනුගත වූ පසුව විශේෂ ප්‍රමිති පරීක්ෂාවකින් පසුව යලිත් ඔවුනට තම ශිෂ්‍ය ලියාපදිංචිය ආරම්භ කිරීමට අවසර ලබාදෙන බවයි හර්ෂ ද සිලවා වැඩිදුරටත් පවසා ඇත්තේ.

    [rns_reactions]

  • ජැකීගෙන් අර්ජුන් විරෝධයක්

    ජැකලින් ෆර්නැන්ඩිස් සහ අර්ජුන් රම්පාල් ප්‍රධාන චරිත රඟපෑ ‘රෝයි’ චිත්‍රපටය තිරගත වුණේ 2015 දී. බොහෝ දෙනකුගේ බලාපොරොත්තු බිඳ දමමින් මේ චිත්‍රපටය අසාර්ථක වුණා.‍ එය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ නැහැ. මේ අසාර්ථකත්වයට හේතුව ජැකලින් ගේ හෝ අර්ජුන්ගේ දුර්වල රඟපෑම් ද? ඒ ගැන නම් හරියටම කියන්න බැහැ. නමුත්, ජැකලින් මේ වනවිට තීරණය කර ඇත්තේ යළි අර්ජුන් රම්පාල් සමඟ වෙනත් කිසිම චිත්‍රපටයක රඟ නොපාන්නලු. මෙය ඇගේ වෘත්තීය ජීවිතයට අයත් තීරණයක් යැයි කවුරුත් හිතුවා.

    නමුත්, ජැකලින්ගේ ‘අර්ජුන් විරෝධය’ පෞද්ගලික මට්ටමිනුත් ක්‍රියාත්මක වන බව පසුගියදා පැවැත්වුණු ප්‍රදර්ශනයකදී තහවුරු වුණා. මේ ප්‍රදර්ශනයට ජැකලින් ද ඇරයුම් ලබා සිටියා. එහි ළඟාවන විට අර්ජුන් ද පැමිණ සිටිනු දුටුවා. ඒ සමඟම සංවිධායකයන් ඇමැතූ ජැකලින් පැවසුවේ අර්ජුන් ඉවත්ව නොගියොත් තමන් එම ප්‍රදර්ශනයට නොඑන බවයි.

    ඉන් පසුව ඇතිවූ නොයෙකුත් තර්ක විතර්ක මැද සංවිධායකවරුන්ට සිදුවුණේ අර්ජුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි. ජැකලින් ප්‍රදර්ශනය නරඹන්න පැමිණියේ ඉන් පසුවලු

  • දේදුණු ආකාසේ වාර්තාගත අදායමක් ලබයි.

    ආදරණීය කතාවක්‌’ නිසා පසුගිය වතාවේදී අපේ සිනමාව වෙත, සිනමා ශාලා වෙත ප්‍රේක්‌ෂකයා රොද බැඳගෙන ඇදී ආ අයුරු අමතක නැත. හරියටම ඉන් වසරකට පසුව මේ දවස්‌වල අපේ සිනමාවට ‘දේදුණු අකාසේ’ පායා ඇත. ‘ආදරණීය කතාවක්‌’ හා සමානවම ‘දේදුණු ආකාසේද’ අපේ සිනමාවට ප්‍රේක්‌ෂකයා කැන්දාගෙන එන චිත්‍රපටයක්‌ බවට මේ වන විට පත්ව ඇත.

    මේ චිත්‍රපට දෙකේම අධ්‍යක්‌ෂවරයා ප්‍රියන්ත කොළඹගේය. ප්‍රියන්ත 1998 වසරේ සිට ‘දේදුණු ආකාසේ’ දක්‌වා චිත්‍රපට පහක්‌ අධ්‍යක්‌ෂණය කර ඇත. දැහැන (98), විමුක්‌ති (98) සහ අරුමෝසම් වැහි (2003) ප්‍රියන්තගේ අධ්‍යක්‌ෂණයන්ය. මේ චිත්‍රපට වගේම තිරරචනාද ප්‍රියන්තගේය. ‘ආදරණීය කතාවක්‌’ සහ ‘දේදුණු ආකාසේ’ නිෂ්පාදනයටද ප්‍රියන්ත දායක වී ඇත.

    දේදුණු ආකාසේ’ මේ වන විට ඉතා සාර්ථක ලෙස ඊ. ඒ. පී. මණ්‌ඩලයේ සිනමා ශාලාවල තිරගත කෙරේ. චිත්‍රපටය ස්‌වර්ණවාහිනී නිෂ්පාදනයකි. අපි ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටය ගැන අධ්‍යක්‌ෂ ප්‍රියන්ත කොළඹගේ සමඟ සාකච්ඡා කළෙමු.

    ‘දේදුණු ආකාසේ’ ප්‍රදර්ශනය සාර්ථකද?

    අති සාර්ථකයි. දින විසිතුනකදී ලක්‌ෂ 500 ක ආදායමක්‌ ලැබුවා. එය මෑත කාලයේ තැබූ වාර්තාවක්‌. ඇත්තටම චිත්‍රපටය ගැන සතුටක්‌ දැනෙනවා. ඉන්දියානු අධ්‍යක්‌ෂවරුන් කරන චිත්‍රපට සමඟයි අපට තරග කරන්න ලැබුණේ. ‘දේදුණු ආකාසේ’ සම්පූර්ණයෙන්ම සිංහල චිත්‍රපටයක්‌. එවන් චිත්‍රපටයකට ප්‍රේක්‌ෂකයන් සිටීම හොඳ දෙයක්‌.

    චිත්‍රපටයට ප්‍රධාන කාන්තා චරිත ලෙස එක්‌වන්නේ නවක නිළියන් දෙපළක්‌. ඔවුන්ගේ රංගනය ගැන?

    මම තෘප්තිමත්. මගේ උත්සාහය සාර්ථකයි. සිංහල සිනමා කර්මාන්තය රැඳී තිබෙන්නේ ප්‍රේක්‌ෂකයා මතයි. ප්‍රේක්‌ෂකයා චිත්‍රපට නොබලනවා නම් කර්මාන්තයකුත් නෑ. කලාවකුත් නෑ. මම සතුටු වෙනවා සිනමා කර්මාන්තයට යමක්‌ කළා කියලා. ප්‍රේක්‌ෂකයා අලුත් මුහුණු, නැවුම් රංගනයන් අපේක්‌ෂා කරනවා. ඔවුන් දෙදෙනාට දැන් අභියෝගයක්‌ තියෙනවා. ඒ අයගේ ඉදිරි ගමන දැන් ඔවුන් තීරණය කළ යුතුයි. මා කළේ හඳුන්වාදීම් පමණයි. ඒ ගැන සතුටුයි.

    හේමාල් රණසිංහ ප්‍රමුඛ අනෙක්‌ ශිල්පීන්

    මම ‘ආදරණිය කතාවක්‌’ කළේ ‘අරුමෝසම් වැහි’ කරලා අවුරුදු දහතුනකට පසුවයි. ‘ ආදරණීය කතාවක්‌’ චිත්‍රපටයට සම්බන්ධ කරගත් ශිල්පීන්ම තමයි ‘දේදුණු ආකාසේ’ චිත්‍රපටයටත් සම්බන්ධ කර ගත්තේ. මේක ප්‍රියත්ත කොළඹගේ ගෙ තනි නිර්මාණයක්‌ නොවේ. සියලු දෙනාගේම සාමූහික ප්‍රයත්නයක්‌. මේ අය මට යෝධ ශක්‌තියක්‌ වුණා. ඊළඟ චිත්‍රපටයටත් මේ පිරිසම තමයි.

    ඔබ ඊළඟ නිර්මාණයට සූදානම්

    ඔව්. මේ වසර අවසානයේ හෝ ඊළඟ වසර මුලදී මීළඟ චිත්‍රපටයේ වැඩ අරඹන්න සූදානම් බොහෝ විට ‘ආදරණීය කතාවක්‌’ නිෂ්පාදක චමින්ද ගමගේ අලුත් චිත්‍රපටයේත් නිෂ්පාදන කටයුත්ත භාර ගනීවි.

    [rns_reactions]

  • “බෞද්ධාගමට ප්‍රමුඛත්වයක් ලබාදීය යුතුයි” – සුමන්තිරන්

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ උපදෙස්වලට දෙමළ පක්‍ෂවල එකඟතාවය පලකරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත. 

    “බෞද්ධාගමට ප්‍රමුඛත්වයක් ලබාදීම සම්බන්ධයෙන් අපට කිසිඳු ගැටළුවක් නොමැත. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්‍ෂ එයට එකඟතාවය පලකර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව ඉදිරිපත් කර ඇති බොහෝ උපදෙස් සහ ජනවාර්ගික ගැටළුව සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම කටුක වූවත්,වත්මන් වතාවරණයට එය ඉතා වැදගත් වනු ඇත. එකඟතාවයකට පැමිණීමේ අරමුණින් මූලික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අප සුදානමින් සිටින්නෙමු.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන විටදී, ගැටළු ඇතිවූවත් ඒ සියල්ල මැතිවරණයේදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට පොරොන්දුවී ඇත්තෙමු. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බව මහින්ද රාජපක්‍ෂ පවා මැතිවරණ කාලයේදී ප්‍රකාශ කර තිබුණි. පාර්ලිමේන්තුව ව්‍යවස‍්ථාදායක සභාවක් ලෙස වෙනස් කර ඇත. මහින්ද රාජපක්‍ෂද පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් ලෙස වෙනස් කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

    ඒ හේතුවෙන්, මෙරටේ ජනගහණයෙන් 97%ක පිරිසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇත. ව්‍යවස්ථාදායක සභාව නීති විරෝධි බව ප්‍රකාශ කරන්නේ කෙසේද? මෙම ප්‍රකාශයේ කිසිඳු අර්ථයක් නොමැත. සියළු ජනතාවට සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුය. සියළු ප්‍රජාවන්ට එක හා සමානව ගරු කිරිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව තේරුම් ගත යුතුය” යනුවෙන් එම් ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

    ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

  • සියල්ල අනිත්‍යය බව දේශනා කරමින් නිවන් මග යන්න ලොකු ෆෝන් මිලදී ගන්න ස්වාමීන් වහන්සේලාගේ කථාව

    ලෝකයේ මිල අධිකම ජංගම දුරකතනයක් ලෙස සැලකෙන අයිෆෝන් මාදිලියේ නවතම ජංගම දුරකතනය, Iphone X මිලදී ගත් ස්වාමීන් වහන්සෙ කෙනෙකුගේ ජායාරූපයක් අදාළ ආයතනය විසින් අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර එය මේ වනවිට ෆේස්බුක් සමාජජාලය තුල වේගයෙන් හුවමාරු වනවා.

    ගිහි ගෙය කළකිරී සියලු දේ අතහැර මහන වන බොහෝ ස්වාමීන් වහන්සේලා ගිහියන්ටත් වඩා සුපිරි, සුඛෝපභෝගී ජීවිත ගතකරන අයුරු සහ ඉතා ආශාවෙන් යුතුව ඒ දෙවල් රැස් කරන අයුරු වර්ථමාන සමාජයේ ඉතා සුලභ සිදුවීමක්.

    පස්කම් සැප විදිමින්, මිලාධික සන්නාම සහිත භාන්ඩ භාවිතා කරමින්, දරු පවුල් නඩත්තු කරමින් ජීවත් වන ස්වාමීන් වහන්සේලායැයි කියාගන්නා චීවරධාරීන් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.

    ගාල්ල නගරයේ ඇති මෙම දුරකතන අලෙවිසලෙන් ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් ඉතා මිල අධික ජංගම දුරකතන වරින් වර පැමිණ මිලදී ගන්නා බවද වාර්තා වී තිබේ.

    රැකියාවක් නොකරන, ආදායම් මාර්ග නැති, දායකයින් පින් පිණිස ලබා දෙන ආහාර පාන වලදා ජීවත්වන පූජ්‍ය පක්ෂයට ලක්ෂ එකහමාරත් දෙකත් අතර මුදලක් වියදම් කර ජංගම දුරකතන මිලදී ගත හැක්කේ කෙසේද යන්න වෙනමම කල්පනා කල යුතු/සොයා බැලිය යුතු ගැටලුවකි.

    (අල්පෙච්ච ජීවිතයක් ගතකරමින් නව තාක්ෂණය කිසිදු ඇලීමකින් තොරව භාවිතා කර ධර්මය ප්‍රචාරණය කරමින් සිය වගකීම් ඉටුකරන ස්වාමීන් වහන්සේලාට මෙය අදාළ නොවේ.)

    [rns_reactions]

  • සෙනග නැති නිසා පොහොට්ටුවේ මංගල රැලිය ඒකාබද්ධ රැලිය ලෙස වෙනස් වෙලා.(Exclusive)

    හෙට දිනයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත පොදුජන පෙරමුණේ මංගල රැලිය අවමංගල රැළියක් බවට පත්ව ඇති බව අපට වාර්තා වේ . කුරුනෑගල ප්‍රබල මහින්ද හිතවාදියෙක් වන ජොන්ස්ටන් ඇතුළු මන්ත්‍රීන් පිරිසකට රැස්වීමට ගෙන ඒම සදහා ජනතාව එක්රැස් කරගැනීම අපහසු වී ඇත. ඔවුන් කිසිවෙක් මෙම රැස්වීම සදහා වගකීමකින් කටයුතු නොකිරීම මේ තත්වයට හේතුවී ඇත. මේ වනවිටවත් අදළ ක්‍රීඩාංගනය වෙතට මහින්ද පිලේ කිසිවෙක් පැමිණ නැති බව සදහන්. විමල් වීරවංස අද සවස් යාමයේ එහි ගොස් තත්වය සොයා බැලුවද ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් ඔහුද එම ස්ථානය මගහැර ගොස් ඇත. බස් වලින් ජනතාව රැගෙන ඒම භාරගත් ඇතැම් මන්ත්‍රීන් මේ වනවිට දුරකථන පවා අක්‍රිය කරගෙන සිටින බව සදහන්..

    ජනතා සහභාගිත්වය අවම වීම නිසාවෙන් වේදිකාව ක්‍රීඩාපිටියේ මැද පෙදෙසට ගෙන ඒමට අදාළ බලධාරීන් විසින් තීරණය කර ඇති අතර විමල් වීරවංස මහතා එහි මතුව ඇති තත්වය පිලිබදව කු.පා මහින්ද රාජපක්ෂව දැනුවත් කර ඇති බව සදහන්.

    පොහොට්ටුව ජනගත කරන රැලිය ලෙස මුලදී හැදින්වූ අනුරාධපුර ජන එකතුව සුපුරුදු  ඒකාබද්ධ විපක්ෂයේ රැළියක් බවට පත්වීම දේශපාලන වේදිකාවේ වඩාත් කතාබහට පත්වන මාතෘකාවක් බවට පත්ව ඇත.

    [rns_reactions]