ඉදිරි වසර 02 ක් ඇතුළත නෙවිල් ප්‍රනාන්දු රෝහල මුල්ලේරියාව මූලික රෝහල සමග ඒකාබද්ධ කිරිමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඉන්පසු එම රෝහල ශික්ෂණ රෝහලක් බවට පරිවර්ථනය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
[rns_reactions]
මසන්නාගේ මල්කාන්තිට වයස අවුරුදු 19 කි. ඇය 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර සමග පසුගිය දා විවාහයට පත්වූයේ තෙළිගු සම්ප්‍රදායක චාරිත්‍රවලට අනුවය. තෙළිඟු භාෂාවෙන් විවාහය යනු “ පෙන්ලි සේස්තාව්“ නම් වේ. මොවුන්ව රබන් ගසා පිළිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනි. වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කළ මුදු මාරුව සිදු කරයි. මනමාලියගේ ගෙල බැඳෙන්නේ පබළු මාලයකි.
පැරැණි සිරිතට අනුව නිවැරැදිවම සිදුවනවා නම් මොල් ගස් දෙකක් හරහා දමා ඒ මත සිටගෙන සිටින යුවළ ඇඹරූ සුදු හාල් මිශ්‍ර ජලයෙන් නහවා මේ මුදු මාරුව හා මාල බැඳීම සිදුවන බව නොච්චිකුලම ගම්මානයේ ප්‍රධානියෙකු වන ඒ.මසන්නා පවසයි. රත්තරන් මාල බැඳීමක් හෝ මුදුමාරුවක් සිදු නොවේ. වර්තමානයේ සමහර දේවල් දුරස්ව ඇති බව පවසන ඔහු එත් තමන්ට පුළුවන් විදියෙන් පාරම්පරික සිරිත් ඉදිරි පරම්පරාවට ගෙන යාමට උත්සව අවස්ථාවල කටයුතු කරන බවද පැවැසීය.
වවුනියාව දකුණු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නොච්චිකුලම ගම්මානය මේ ජන කොටස ජීවත්වන එකම ගම්මානයයි. පවුල් 54ක් පමණ මේ වන විට ජීවත්වන අතර ඔවුන්ගේ ජාතිය හා භාෂාව තෙළිඟුය . ඇතැමෙක් තමන්ගේ ජාතිය වඩිග බවද කියති.මොවුන් දැන් සම්ප්‍රදායික හැකියාවන් වූ රිළා නැටවීමෙන් නයි නැටවීමෙන් සහ සාස්තර කීමෙන් දුරස් වෙමින් සිටිති. ගෙවතු වගාවට හා මාළු ඇල්ලීම වැනි රස්සාවලට යොමුවනවා මෙන්ම ඇතැමෙක් ඇවිදීමෙන් භාණ්ඩ අලෙවිය වැනි කටයුතුවලද නිරත වෙති.
එහෙත් තවමත් ඔවුන් තම සම්ප්‍රදායන්ට ගරු කරමින් ජීවත් වීමට උත්සහ දරති. වවුනියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්.ජානක මහතා ප්‍රධාන නිලධාරි පිරිසක් මේ විවාහයට සහභාගි වූහ.
විවාහයෙන් පසුව පැල්කොටයට යන මනමාල යුවළට මනමාලියගේ පියා විසින් දෑවැද්ද ලෙස දෙන්නේ හරකාබාන නොව නයෙක් සමඟ නයි පෙට්ටියකි. ඒ ඔවුන්ගේ ජීවිකාව ආරම්භ කිරීමට මඟ පාදා දිමක් බව එම් . තිම්මන්නා පවසයි.
මනමාලයාගේ මව පවසන්නේ මේ විවාහය ගැන හැමෝම සතුටු වන බවයි. මෙය කතාබහ කොට ඇති කරගත් විවාහයක් බවද ආර්. ලලිතා (42) පැවසුවාය.මනමාලියගේ මව මසන්නාගේ මසක්කා (54) පවසන්නේ තමන්ගේ තුන්වන දියණියගේ මංගල්‍ය ගැන රැහේ හැමෝම සතුටෙන් සිටිනවා සේම ඔවුන්ට හැමෝගේම ආශිර්වාදයද ලැබී ඇති බවයි.
[rns_reactions]
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ප්‍රබල මත ගැටුම් ඇතිවීම නිසා එහි ඉදිරි කටයුතු අර්බුදකාරී තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් වෙනුවෙන් මේ මත ගැටුම් ඇතිව තිබේ.
විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම එක්සත් ජාතික පක්ෂයේ කැමැත්ත බවත් ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමිවන බවත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් ‘ඉරිදා මව්බිම’ ට පැවසීය.
නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කළේ විධායක ජනාධිපති ධුරය රටේ ජාතික ආරක්ෂාව, ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පවත්වාගෙන යා යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බවයි. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම කළ යුතු බවද එම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයා සඳහන් කළේය.
එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයා ප්‍රකාශ කරන ලද්දේ විධායක ජනාධිපති ධුරය අහෝසි නොකර මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා නම් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය එකඟ නොවන බවයි.
මීට අමතරව කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ අතර මෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ අතරද යම් යම් මත ගැටුම් ඇති වී තිබේ
[rns_reactions]
පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ මහජන නියෝජිතයන් සිය ග‍්‍රහණයට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවට තොරතුරු වාර්තාවේ.
බිම් මට්ටමට ගොස් එම පක්ෂයේ ගම්මට්ටමේ නිලධාරීන් හමුවන රවී කරුණානායක මහතා පක්ෂයේ ඉදිරි ප්‍රතිව්‍යහ ගත ක්‍රියාවලිය හා පක්ෂයේ අනාගත දැක්ම පිළිබද ඔවුන් දැනුවත් කරන බවද කියැවේ.
රවී කරුණානායක මහතා ඉදිරි පළාත් පාලන මැතිවරණයට පාක්ෂිකයන් තෝරා ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයෙකුද ලෙස කටයුතු කරයි
ඛනිජ තෙල් ක්‍ෂේත‍්‍රයේ ඇති දුර්වලතා මගහරවාලීම සදහා භාවිත ක‍්‍රමවේද පිළිබද නැවත සලකා බලන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසනවා. නිවැරදි දේ කර අමාත්‍ය ධුරය අතහැරීමට සිදුවුවද ඒ පිළිබද කම්පා නොවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. දයාසිරි යනු තමනට සමාන කල නොහැකි කෙනෙක් බවත් ඒ නිසා දයාසිරි කියන දේවල් වලට තමන් පිළිතුරු ලබානොදෙන බවද ඔහු වැඩිදුරටත් පැවසිය.
[rns_reactions]
දැනට රටේ ක්‍රියාත්මක ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සිංහල හා දෙමළ භාෂාව රාජ්‍ය භාෂාව වන හෙයින් උතුරු නැගෙනහිර පළාත් දෙකේ රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි දෙමළ ජාතික සංධානයේ නායක හා විපක්‌ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පැවැසීය
විපක්‌ෂ නායකවරයා එසේ කියා සිටියේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ පැවැති දිස්‌ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්‌වීම අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ සම්බන්ධන් මහතා මෙසේ කියා සිටියේය. වර්තමානයේ අපි ජාතික සමගිය සංහිඳියාව පිළිබඳව කතාකරනවා. අපි සියලු දෙනාම එක හා සමානයි කියනවා. නමුත් රැකියා අවස්‌ථා ලබා දීමේදී දෙමළ තරුණයන්ට අසාධාරණයක් වනවා. මේ නිසා දෙමළ තරුණයන් කළ කිරීමට පත්වෙලා ඉන්නවා. මේ නිසා තවත් ප්‍රශ්නයක් මතු වෙන්න පුළුවන්. ආණ්‌ඩුව දෙස තරුණයන් වෛරයෙන් බලන්න පුළුවන්. ඒ තත්ත්වය නැති කිරීමට නම් රැකියා ලබා දීමේදී ජන අනුපාතය මත කටයුතු කරන්න වෙනවා.
අලුතෙන් හදන ව්‍යවස්‌ථාව පිළිබඳව රටේ කතා වෙනවා. රට බෙදනවා කියනවා පෙඩරල් ක්‍රමයක් දෙන්න යනවා කියනවා. දකුණේ සිංහල ජනතාව විවිධ ප්‍රචාරයන් ගෙනියනවා. නමුත් ව්‍යවස්‌ථාව කෙටුම්පත් කරලාවත් නැහැ. මේවා තියෙන්නේ සාකච්ඡා මට්‌ටමේ විතරයි. හැබැයි බලය බෙදීමක් අවශ්‍යයි. ඒ දෙය සිදුවිය යුත්තේ නොබෙදුණු ඒකීය රටක් තුළයි. එහෙම නැතිව අපි වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නැහැ ජනාධිපතිතුමා අගමැතිතුමා පිළිබඳව අපේ විශ්වාසයක් තිබෙනවා මේ ප්‍රශ්නවලට විසඳුමක් දෙයි කියලා.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළ දෙමළ හා සිංහල භාෂාවන් රාජ්‍ය භාෂාවන් ලෙස පිළිගෙන තිබෙනවා. රටේ සෙසු පළාත් හතේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වන හෙයින් උතුරු නැගෙනහිර පළාතේ බහුතරයක් වෙසෙන දෙමළ කතා කරන අය වෙනුවෙන් ඒ පළාත් දෙකෙහි රාජ්‍ය භාෂාව දෙමළ භාෂාව විය යුතු යෑයි පැවැසීය.
මෙම අවස්‌ථාවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අබ්දුල්ලා මහරුෆ්, ඉම්රාන් මහරුෆ්හා තුරෙයිරත්නසිංහම් යන මහත්වරුද එක්‌ව සිටියහ
දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා ස්වේච්ඡාවෙන් සේවය කරන නීතිඥ කණ්ඩායම් පාසල්වලට යොමු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පොළොන්නරුව විලයාය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
දරුවන් ආරක්ෂා කර ගැනීම දියුණු සමාජයේ වගකීමක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගැනීමට රජය සැලසුම් සහගත වැඩපිළිවෙලක් යොදවා ඇති බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
https://www.facebook.com/maithripalas/posts/10155646842096327
https://www.facebook.com/maithripalas/videos/10155646721141327/
[rns_reactions]
ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුදයට විරෝධය පා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු ගේට්ටුවේ සිට පරිශ්‍රය දක්වා ෆුට් සයිකල් වලින් පැමිණියා.
පෙට්‍රල් නැති නිසා ඔවුන් මෙලෙස පැමිණි බව පැවසුවද ඔවුන් පිටුපසින් පරිවාර රථ විශාල ප්‍රමාණයක් පැමිණීම විශේෂත්වයක්..
මේ වනවිට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටියි.



[rns_reactions]
පසුගියදා පැවති සම්මාන උළෙලේදී හොදම නලුවා ලෙස සම්මාන දිනාගත් දසුන් පතිරණගේ පෙම්වතිය තරමක් අමුතු ෆේස්බුක් සටහනක් තබා තිබේ. එනම් දසුන්ට මත්ද්‍රව්‍ය භාවිතය නවත්වන ලෙසට ප්‍රසිද්ධියේ ඉල්ලීමක් කරමින් ඇය එය සටහන තබා ඇත.
ප්‍රබෝධමත්වීම සඳහා හොදින් ලිංගිකව එක්වෙමු, ආදරය කරමු, ඒත් දරුවන් වෙනුවෙන් මත්‍රව්‍ය වලින් මිදෙමු යනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ එම සටහන තබා තිබෙනවා.
වාර්තා වන අන්දමට දසුන් මත්ද්‍රව්‍ය සඳහා දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අතර පෙම්වතිය එම හේතුව නිසා දැඩි කනස්සල්ලකින් පසුවේ.
ඇය තැබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

[rns_reactions]
රජයේ ඇතැම් ක්‍රියා කලාප සම්බන්ධයෙන් මහාචාර්ය සරත් විජේසූරිය මහතා අද විවේචනාත්මක ලෙස අදහස් පළ කළේ ය.
මහාචාර්යවරයා එලෙස අදහස් පළ කළේ, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත මහ නා හිමියන්ගේ දෙවන ගුණසමරු උත්සවයේ විශේෂ දේශනයක් සිදුකරමිනි.
ගුණ සමරු උත්සවය පැවැත්වුණේ, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ය.
ජනවාරි 8 වෙනිදා පත්කල ආණ්ඩුවේ ශේෂ පත්‍රය දිහා බලන විට එය ඉතා නරක තත්ත්වය ඇති බැව් ප්‍රකාශ කල සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, වර්තමාන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඉතා උපහාසාත්මකව විවේචනයට ලක් කලේ මෙරටේ සේනාධීනායක මෙන්ම විධායක ජනාධිපතිවරයා ඉදිරිපිට ය.
මෙම උත්සවයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, කථානායක ඇතුළු මැති ඇමතිවරුන් රාශියක් සහභාගි වී සිටියේ ය.
එමෙන්ම මෙහිදී පොලිස්පති දැඩි අපහසුතාවට පත්ව සිටි අයුරු මෙම විඩියෝව නැරඹීමෙන් දැකගත හැකිය.
උපුටා ගැනීම – අපේ රට
[rns_reactions]
දසුන්ගේ අභාවය සහ අනියම් සබදතාව බිදී යාම නිසා ජනප්‍රිය නිළි ශලිනි තාරකා දැඩි අපවාදයට සහ මානසික පීඩනයකට ලක්ව සිටි බව නොරහසක්. සියලු දේ අමතක කර ඇය දැන් ජීවිතයට මුහුණ දිය යුතුයි. ඒ සදහා ඇය තෝරාගෙන ඇත්තේ තවත් කසාදය කුරුටු ගෑමට ආසන්නයේ සිටින සාරංග දිසාසේකරව බවට දැඩි රාවයක් පැතිර ගොස් ඇත. එයට හේතුව පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මෙහෙයවීමකින් සංවිධානයක කල ඩුබායි සංචාරයක් සඳහා සාරංග සමග ඇය මේ දිනවල එක්වී සිටිමය.
ඔටුවන් පැදීම, කාන්තාරයේ බයිසිකල් පැදීම සහ නගරයේ සංචාරය කිරීම වැනි විනෝද ජනක අවස්ථා රැසකටම ඇය එහිදී සහභාගී වී තිබේ.
මෙම සංචාරය සඳහා සාරංග දිසාසේකර, ෂනුද්‍රි ප්‍රියසාද් ඇතුලු පිරිසක් එක්ව සිටින අතර එහි ජායාරූප පහතින් දැක්වේ.


https://www.facebook.com/sarangadisasekaraofficial/posts/1716588945032224
[rns_reactions]

2002 වසරේ අතුරුගිරිය, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සම්බන්ධ දිගු දුර විහිදුම් බළකායේ ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මහනුවර හිටපු පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවක් ජනවාරි මස 26දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (9දා) නියෝග කළේය.
මෙම නඩුවට සම්බන්ධ ඇතැම් සාක්ෂිකරුවන් මියගොස් ඇති නිසාත් තවත් සමහරුන් විදේශ ගතවී ඇති නිසාත් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති හෙයින් විත්තිකරු නිදහස් කරන්න යැයි ඔහුගේ නීතිඥවරු මීට පෙර නීතිපතිවරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.
එහෙත් මෙම නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා නියෝජනය කළ රජයේ නීතිඥවරයා සඳහන් කළේ විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම නීතිපතිවරයා විසින් සලකා බැලූ බවයි. එහෙත් මෙම නඩුව ඉදිරියටත් විභාග කළ හැකි බවට නීතිපතිවරයා තීරණය කර ඇති නිසා නඩුව විභාගය සඳහා දිනයක් නියම කරන මෙන් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීය.
ඉල්ලීම පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා නඩුව ජනවාරි මස 26දා විභාගයට ගැනීමට නියම කළ අතර එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කළේය.
2002-01-02දා සහ එම වසරේ සැප්තැම්බර් 3දා දක්වා කාලසීමාව තුළ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය යුද හමුදා බුද්ධි අංශයට අයත් දිගදුර විහිදුම් බළකායේ ආරක්ෂක නිවස්නයක් වටලා එහි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය නිල රහස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් විත්තිකාර සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

අද රට පාලනය කරන්නේ අමාත්‍ය මණ්ඩලය නෙමෙයි, FCIDඑක බැදුම්කර කොමිසම වගේ ආයතනයි රවී හෙළිකරයි..
ඔවුන් දඩ බල්ලන් වගේ ලිහලා හතර අතේ දසයමේ යවනවා. එහෙම උනාබ දේශපාලකයින් වගේම අවංක රාජ්‍ය නිලධාරීද තම සේවය ජනතාව වෙනුවෙන් ඉටු කරන්න මැලි කමක් දක්වනවා. මොකද කොයි මොහොතේ කාගේ වුවමනාවට තමන්ව දඩයම් කරයිද නොදන්නා නිසා. අමාත්‍යවරයා මේ අදහස් පල කර සිටියේ කොළඹ පැවැති ජන හමුවක් අමතමිණි.
https://www.facebook.com/FutureSriLanka1/videos/510660315966233/
බංග්ලාදේශ පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කිරීමට ඉඩ තියෙනවා කියලා ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය කියනවා

හතුරුසිංහ මෙරට ක්‍රිකට් පුහුණුකරු ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දැඩි අවධානයක් යොමුව ඇති බව ඒ වාර්තා වල සඳහන් වන්නේ.
ඊට අමතරව එම තනතුර භාර ගැනීම පිලිබඳ, ඕස්ට්‍රේලියාවේ ජෙෆ් මාෂ්, ඩීන් ජෝන්ස් සහ එංගලන්තයේ පෝල් ෆාබ්‍රේස් යන පුහුණුකරුවන් ගෙන්ද විමසීම් සිදුකරලා තියෙනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල නිලධාරියෙක් කිව්වේ මෙම සියලු පුහුණුකරුවන් අදාළ තනතුර භාර ගැනීමට පෙර තමන්ට අවශ්‍යතාවක් ඇති වූ විට ගිවිසුමෙන් ඉවත් වෙන්න කොන්දේසියක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්ථිර ප්‍රධාන පුහුණුකරු පුරප්පාඩුව ලබන ජනවාරි මාසය වන විට පිරවීමට නියමිතයි
බංග්ලාදේශ පිලේ දකුණු අප්‍රිකානු චාරිකාවේදී හතුරුසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ

කොහොම උනත්, නොවැම්බර් 15 වැනිදායින් පසු බංග්ලාදේශයට පැමිණ ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි හතුරුසිංහ දැනුම් දීලා තියෙන්නේ
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ඊයේ දිනයේ විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ගැන එරට ක්‍රිකට් බලධාරීන් මේ වෙනකන් තීරණයක් අරගෙන නැහැ කියලයි

ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් වන චමින්ද වාස් කියන්නේ හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා.
ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම විවාහයෙන් වෙන් වුණු චමින්ද වාස් ආයෙමත් විවාහ වුණා කියලා.
ඔහු මෙසේ විවාහ වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේදී හමුවූ බර්නි ද අල්විස් නම් කාන්තාවක් සමගයි.
2015 විනාශව තිබූ ආර්ථිකය ගොඩගෙන රට නිවැරදි මාවතට ගෙන ගියේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමයි. එතුමා ඒ වෙනුවෙන් කල මෙහෙවර මා මේ අවස්ථාවේ අගය කරන ගමන් වත්මන් මුදල් අමාත්‍යවරයා විදියට මාගේ ගෞරවය හා ප්‍රණාමය ගරු රවී කරුණානායක මැතිතුමාට පුද කරනවා. 2018 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙලෙස ප්‍රකාශ කලේය
වීඩියෝව පහතින් නරඹන්න
https://www.facebook.com/FutureSriLanka1/videos/510819032617028/