Blog
-
විස්සයි විස්සෙන් සුපිරි පිතිකරු ඉවතට
සංචාරක ශ්‍රී ලංකාව සමග ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සදහා මහේන්ද්‍ර සිං දෝණි සහාභාගි නොවනු ඇති බව ඉන්දිය ක්‍රිකට් විචාරකයින් පවසනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ නිමාවු නවසිලන්ත පන්දුවාර විස්ස තරගාවලියේදී මහේන්ද්‍ර සිං දෝණි දක්ෂතා අතරට නොපැමිණීම සහ තරුණ ක්‍රිඩකයින්ට අවස්ථාව ලබාදීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පන්දුවාර විස්ස තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් මස 20 වනදා ආරම්භ වනවා.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට්, විස්සයි විස්ස, එක්දින තරඟ තුන බැගින් පැවත්වෙන අතර එම තරඟාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.
ශ්‍රී ලංකා කණ්ඩායමක් විදේශ සංචාරයක් සඳහා ගුවන් තොටුපොල වෙත පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත් වල නිරත වීමත්, ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ට ක්‍රීඩකයන්ගෙන් අදහස් විමසීමට අවස්තාව ලබා දීමත්, වසර ගණනාවක් පුරා පැවති ක්‍රමවේදයක්.
නමුත් ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම පිටත්ව ගියේ අද උදෑසන වුවත්, ඔවුන්ගේ සමූහ ඡායාරූපය ගැනීම සහ ආගමික වතාවත් ඊයේ පස්වරු 4ට පවත්වන්නට කටයුතු යොදා තිබුණා.
කෙසේ වෙතත් පස්වරු 3 පසුවන තෙක්ම මේ පිලිබඳ මාධ්‍ය ආයතන දැනුවත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය අංශය පැහැර හැර තිබුණේ, එය තමන්ට අදාළ රාජකාරියක් බව අමතක වීම නිසාද නැතහොත් හිතාමතාම මාධ්‍යයෙන් සැඟවීමට ද යන්න ප්‍රශ්නාර්ථයක්.

අවසානයේ අදාළ වැඩකටයුතු ආරම්භ කිරීමට මිනිත්තු 35කට පෙර ලැබුණු ඊ මේල් පණිවිඩයකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගිය මාධ්‍යවේදීන්ට සිය රාජකාරි නිසි අයුරින් ඉටු කර ගන්නට ද ඔවුන් ඉඩ ලබා දුන්නේ නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැටුප් ලබන උපදේශකවරයෙක් ඔහු විසින්ම නායකයාගෙන් අසන ලද ප්‍රශ්න දෙකකින් සෑහීමකට පත් විය යුතු බවට නොයෝග කළේ ක්‍රීඩකයන්ගෙන් අදහස් විමසීමට ජනමාධ්‍යට ඇති අයිතියද උදුරා ගනිමින්.
ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය උපදේශකවරයකු බව පැවසෙන මේ පුද්ගලයා කලක් අන්වර්ථ නාමයකින් පුවත්පතකට ක්‍රීඩාවේ අඩුපාඩු පිලිබඳ ලිපි ලියූ හිටපු මාධ්‍යවේදියකු වීම කණගාටුවට කරුණක්.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කටයුතු සඳහා මෑත කාලීනව විශාල පිරිසක් සම්බන්ධ වනවා.
විදෙස් තරග සංචාර වලට සහභාගී වෙමින් ක්‍රිකට් ආයතන වෙබ් අඩවියට ලිපි සපයන්නන්ගේ සිට මාධ්‍ය උපදේශකවරුන් දක්වා පිරිසක් ඊට ඇතුලත්.
කෙසේවෙතත් දිනේෂ් චන්දිමාල් තම පෞද්ගලික විශ්වාසයන් පිලිබඳ සිදුකළ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කළ විදෙස් මාධ්‍ය, පාකිස්තාන ටෙස්ට් තරගාවලි ජය සඳහා ශ්‍රී ලංකාව මායාකර්ම භාවිත කළ බවට පුවත් පල කරමින් ලොව පුරා ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කරන විට එය නිවැරදි කරන්නට හෝ
මේ මාධ්‍ය විශාරදයන් කිසිවෙකුට උවමනාවක් තිබුණේ නැහැ.මේ කරුණු හරහා පැනනගින ගැටලුව වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ රාජකාරිය තම වේතනය රැකගැනීම සඳහා මාධ්‍ය මර්ධනය කරමින්, බලධාරීන්ගේ සට කපට ක්‍රියා සියල්ල සැඟවීම ද යන්නයි.
-
සහන රැසක් රැගත් යහපාලන රජයේ තෙවන අය වැය අද පාර්ලිමේන්තුවට
2018 වසර සඳහා වූ අය – වැය කතාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවිර විසින් අද පස්වරුවේ අය – වැය කතාව ආරම්භ කිරීමට නියමිතයි.
ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 3982ක්.
සියලු ප‍්‍රදානයන් ද සහිතව එම වසරේ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් බවයි විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ.
ඒ අනුව බිලියන 1807ක් වූ අය – වැය හිඟය පියවා ගන්නා ආකාරය අද ඉදිරිපත් කෙරෙන අය – වැය වාර්තාවෙන් විස්තර කෙරෙන බව මුදල් රාජ්‍යවරයා පැවසුවා. අද ඉදිරිපත් කෙරෙන අය – වැයෙන් අධ්‍යාපනයට මුලික තැනක් ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේ.
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ආණ්ඩුව අය – වැයට පෙර ද ජනතාවට සහන රැසක් ලබා දී ඇති බවයි.
ජංගම දුරකතන බදු අඩු කිරීම, ඖෂධ මිල අඩු කිරීම, වාහන මිල අඩු කිරීම හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩු කිරිම ඒ අතරින් කිහිපයක් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව අය – වැය කතාවෙන් සිදු කෙරෙන්නේ පුද්ගල ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම බව ද සදහන්
[rns_reactions]
-
රටක් බලාසිටි තෙල් නැව පැමිණෙයි – ඉන්ධන බෙදා හරින වෙලාව කියයි
පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් හතලිස් දහසක් රැගෙන මෙරටට පැමිණි ‘නෙවස්කා ලේඩි’ නෞකාවේ ඉන්ධන බෙදා හැරීම අද (09) දහවල් 2.00 පමණ වනවිට ආරම්භ කරන බව ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් උපාලි මාරසිංහ කියාසිටියේ පවතින ඉන්ධන අර්බුදය නිමා කිරීම සඳහා කඩිනමින් කටයුතු කිරීමට සිය කාර්ය මණ්ඩල සූදානමින් පසුවන බවයි.
ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදයක් ඇති නොවනු ඇතැයිද අමාත්‍යාංශ ලේකම්වරයා කියාසිටියා. ඔහු සඳහන් කළේ ඉන්දියාවෙන් ඇණවුම් කළ පෙට‍්‍රල් රැගත් තවත් නෞකාවක් අද (09) රාති‍්‍රයේ දිවයිනට පැමිණීමට නියමිත බවයි.
පෙට‍්‍රල් හිඟය හේතුවෙන් දිවයින පුරා ජනතාව දින හයක් පමණ විවිධ ගැටළුවලට මුහුණ දුන්නා. කොළඹ මෙන්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවලද ඉන්ධන පිරවුම්හල් ආශි‍්‍රත දිගු පෝලිම් දක්නට ලැබුණා.
රට තුළ ඇති වූ පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් සොයා බලා ඊට වගකිවයුතු පිරිස්වලට එරෙහිව නීතිමය පියවර ගතයුතු බවයි ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද අවධාරණය කෙරුණේ.
[rns_reactions]
-
පිට රටිත් ගෙනත් හඬ කවලා පෙන්වන ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට ජනපති නියමයෙන් බදු වැඩිවෙයි..
ලංකාවේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට බොහෝමයක් විදෙස් රටවලින් ආනයනය කර සිංහලෙන් හඬ කවා ප්‍රචාරය කරනු ලබනවා. මේ හේතුව නිසා ලංකාවේ බිහිවන අග්‍රගන්‍ය නිර්මාණ වලටද එතරම් ඉල්ලුමක් නොලැබීම කණගාටුවට කරුණක්. එසේම පාසල් යන වයසේ දරුවන් පවා ඇතැම් ටෙලි නාට්‍ය වලට ඇබ්බැහිවීම නිසා විවිධ ගැටළු වලට මුහුණ දුන් අවස්ථා අපේ සමාජයේ කතා බහට ලක්වුනා.
මේ තත්වය අවම කරගැනීම සඳහා පිටරටින් ආනයනය කර හඬකවා විකාශය කරන ටෙලිනාට්‍ය චිත්‍රපට සහ වාණිජ වැඩසටහන් සඳහා මෙතෙක් අය කල රුපියල් 90,000 මුදල 150,000 දක්වා වැඩි කර තිබෙනවා. මෙලෙස මුදල් ප්‍රමාණය වැඩි කිරීමට හේතුව කලා ක්ෂ්‍රේත්‍රයේ පිරිසකගේ ඉල්ලී්මකට අනුව සිදු කල බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ. මෙම පිරිස අතිගරු ජනාධිපතිතුමාගෙන් මීට පෙර මේ පිළිබඳ ඉල්ලීමක් කර තිබෙනවා.
නමුත් සිංහල දෙමළ ඉංග්‍රිසී භාෂාවෙන් නිෂ්පාදනය කරන චිත්‍රපට හා ටෙලිනාට්‍ය වල මුල් පිටපත හඬකවා නොමැතිනම් ඒ සඳහා මෙම ගාස්තුව අය නොකරන බවද සඳහන් වෙනවා. මින් පෙර තිබූ ගැසට් නිවේදන 03 ක් අවලංගු කරමින් මෙම නීතිය ඇතුලත් නව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ අනුම මෙම නීතිය ඊයේ (7) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙනවා.
[rns_reactions]
-
රටේම සෙනග එක්ක අපි ඉන්නවා මග බලන්.. තෙල් හිඟය නැවතත් බුකිය කළඹයි (PHOTOS)
මේ දවස් වල ලංකාවම කතාවෙන්නේ තෙල් හිඟය ගැන.මේ නිසා බොහෝ රථ වාහන හිමියන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දැඩි අපහසුතාවට ලක්වෙලා තිබෙනවා.බාල තෙල් නැවක් ආපහු හරවලා යවපු නිසා මේ තත්වය ඇතිවුණා කියලයි ආණ්ඩුව නම් කියන්නේ.
ඒත් එක් තෙල් නැවක් ප්‍රතික්ෂේප කළ පමණින් රටටම තෙල් නැතිවෙනවා නම් ඒක පිළිගන්න බැරි තත්වයක් කියලයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.රටටම බලපාපු මේ ප්‍රශ්ණය මුහුණු පොතෙත් ප්‍රධාන මාතෘකාව වෙලා.මේ ඒ ගැන මුහුණු පොතේ අය කියපු කතා ටිකක්..
-
අය වැයට කලින් අත්‍යාවශ්‍ය ආහාරවල මිල පහලට! මිල අඩුවන බඩු මෙන්න
අත්‍යාවශ්‍ය ආහාර කිහිපයක මිල අද (08) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙනවා. අදාල ගැසට් නිවේදනයට අනුව හාල්මැස්සන්, පරිප්පු, අරතාපල්, ලොකු ලූණු, කරවල ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ඒ අතර වනවා.
පොල් තෙල් සහ ෆාම් ඔයිල්ද ඒ අතර වනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මේ බව පැවසුවේ මුදල් අමාත්‍යංශයේ දී අද (08) පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
[rns_reactions] -
මහ බැංකු විනාශයට වගකිවයුත්තෝ වග කියන්න ඕන! ජනපති යළි සිහිපත් කරයි
ඇතමුන් විවේචන එල්ල කළද තමන් බැදුම්කර කොමිසම පත් කළේ වංචා දූෂණ පිටුදැකීම සදහා ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල, අපේගම පරිශ‍්‍රයේ පැවති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණ සමරුවට අද පෙරවරුවේ එක්වෙමින්.
මහ බැංකු සිද්ධිය වෙනකොට ආණ්ඩුව හදල මාස 03යි. මහා විනාශයක් කළා. මේවට වගකිවයුත්තෝ වගකියන්න ඕන යැයිද තමන් ජනාධිපති ධුරයට පත්වූයේ ඕනෑම මොහොතක එම ධුරයෙන් ඉවත්ව යාමට සූදානමින් බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්්ට සිදුකළ හැකි ඉහළම උපහාරය වන්නේ උන්වහන්සේගේ අපේක්‍ෂාව වූ සාධාරණ සාමාජයක් ගොඩනැගීමට සියළු දෙනා කැපවීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.
[rns_reactions]
-
සයිටම් දෙසැම්බර් 31 වනතුරු පමණයි!
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අවසන් කිරීමට පියවර ගන්නා බව ඒ පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ පාර්ලිමේන්තුවේදී අද (08) විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින්.
[rns_reactions]
-
“මගේ කෑලි ගලවනවා..ෂෙඩ්වල තෙල් බෙදන්නේ මමයි කියලා හිතලා..” – ජනපති කියයි
මේ වනවිට මතුව ඇති පෙට්‍රල් ප්‍රශ්ණයෙන් තමන් හොඳටම බැණුම් අසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවැනි ගුණ සමරු උත්සවය අද (08) පෙරවරුවේ බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේ පැවැත්වුණු අතර එය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ඇතැමුන් තමන්ගේ කෑලි ගලවන බවයි.
තමන් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන පුරවන බවට ඇතැමුන් සිතා සිටින බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පෙන්වා දුන්නේ.
ජනතාව එසේ සිතීම වරදක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
පාර්ලිමේන්තු වටරවුමේ ඉදිකෙරෙන පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පිළිරුව සඳහා මුල්ගල් තැබීමද මෙහිදී සිදු වුණා.
කෝට්ටේ ශ්‍රි කළ්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පෑලියගොඩ විද්‍යාලංකාරාධිපති ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඛෙල්ලන්විල විමලරතන, පූජ්‍ය තීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, කථානායක කරු ජයසූරිය ඇතුළු මැති ඇමතිවරුන් ද සිිවිල් සංවිධාන නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ජනාධිපතිවරයා මෙහිදී කළ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.
https://www.facebook.com/maithripalas/videos/10155641911996327/
[rns_reactions]
-
තාජුඩීන් සිද්ධියේ සැක සහිත දුරකථන අංක කිහිපයක් හඳුනාගෙන
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව සැක කටයුතු දුරකතන අංක කිහිපයක් හඳුනාගෙන ඇති බවත් එම අංක හිමි සැකසහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට රාජ්‍ය ආයතන කිහිපයකින් විස්තර ලබාගෙන විමර්ශන ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(8) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු වාර්තා කළේය.අනාවරණය වී ඇති සැක සහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය සහ ක්‍රියාකාරකම් තහවුරු කරගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන්, පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන්, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් හා මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් ද එම විස්තර ලබාගෙන විමර්ශන කටයුතු කරගෙන යන බව ඔවුන් වැඩිදුරටත් දැන්වීය
-
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි…
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (8) මලයාසියාවට
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කමිදු මෙන්ඩිස් වන අතර
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස ජෙහාන් ඩැනියල් කටයුතු කරනවා.
මෙවර ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන 9 වනදා සිට 20 වනදා දක්වා මලයාසියාවේ දී පැවැත්වීමට නියමිතයි.තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුනද පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තම ක්‍රීඩකයන් ඉන්දියාවයට යැවීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන මලයාසියාවේ පැවැත්වීමට නියමිතය.
නම් කර ඇති ශ්‍රී ලංකා යොවුන් සංචිතය
කවිදු මෙන්ඩිස් (නායක), ජෙහාන් ඩැනියෙල් (උපනායක), අශේන් බණ්‌ඩාර, ධනංජය ලක්‌ෂාන්, නිශාන් මධුෂංක, නිපුන ධනංජය, හසිත බෝයගොඩ, ක්‍රිෂාන් සංජුල, නුවනිදු ප්‍රනාන්දු, ආර්.රණසිංහ, තිසුරු රශ්මික, නිපුන් රන්සික, පී. ජයවික්‍රම, කලන පෙරේරා, කේ.කේ.කෙවින්

-
කුසල් මෙන්ඩිස් ඉවත් කරපු හේතුව ලැබ්රෝයි කියයි
මෙම මස 16 වන දින ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය සංචාරයේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඉදිරිපෙළ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුළත් නොකිරීමේ තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි සාධාරණීකරණය කරනු ලැබීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අනාගත තරුව ලෙස සැලකුණු 22 හැවිරිදි කුසල් මෙන්ඩිස් සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව ක්‍රීඩාලෝලීන්ගේ ද විරෝධතාවය එල්ල විය. මෙම වසරේ මුල භාගයේ දී ද මෙන්ඩිස් මේ ආකාරයට ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වූ අවස්ථාවේ දී එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් ෆෝඩ් මහතා ඔහුව සංචිතයෙන් ඉවත් නොකර ඔහු හට තවදුරටත් අවස්ථාව ලබා දීමට කටයුතු කළේය
කෙසේ නමුත් තේරීම් කමිටුවේ සභාපති ලැබ්රෝයි, මෙන්ඩිස්ව සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කරමින්, ‘Cricbuzz’ වෙබ් අඩවිය සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ;
“අපිට ඔහුව සම්පූර්ණයෙන්ම අයින් කරන්න හරි, ඉන්දියාවට ඔහුව අරන් ගිහින් ක්‍රීඩා නොකර නිකං තියන්න හරි ඕන වුනේ නැහැ. අපි උත්සාහ කරන්නේ ඔහුට දේශීය තලය තුළ ක්‍රීඩා කරන්න ඉඩ ලබා දීලා, ඔහු ක්‍රීඩා කරන ආකාරය හදා ගන්න දීලා, නැවතත් ඔහුගේ විශ්වාසය ගොඩනංවගන්න අවස්ථාවක් දෙන්න.”
එමෙන්ම ඔහු වැඩිදුරටත් පවසා සිටියේ;
“ඔහු ගොඩක් විශ්වාසය තුළින් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඔහුගේ ක්‍රීඩා විලාශය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ ඔහුගේ විශ්වාසය මත. ඔහුට ඉහළ දක්‍ෂතා දක්වන්න අවශ්‍ය හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. ඔහු තව ඉනිම් දෙකක් ක්‍රීඩා කරලා, එහි දී අඩු ලකුණු ලබාගෙන, එවිට ඔහුව කණ්ඩායමෙන් ඉවත් කරලා ඔහුගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ දමන අවස්ථාවක් හදන්න අපිට ඕනේ නැහැ. ඔහුට තවමත් වයස ඉතිරි වෙලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි ඉදිරියේ දී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් වෙනවා දකින්න. තවත් අවුරුදු 10කට ඔහු ක්‍රීඩා කිරීම අපිට අවශ්‍යයි.”
එමෙන්ම කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් මහතා කෞෂාල් සිල්වා පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැනි ක්‍රීඩකයින් කණ්ඩායම තුළ සිටීම අතිශය වැදගත් බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ද ඔහුව සංචිතයට ඇතුළත් නොකිරීම පුදුමය දනවන කරුණක් විය. පසුගිය මාසයේ දී පාකිස්තාන කණ්ඩායම සමඟ ටෙස්ට් තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කරනු ලැබූ ඉනිම් 4 තුළ ඔහු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලකුණු 27ක් වුවත්, නික් පොතාස් මහතා ඔහුව සාධාරණීකරණය කිරීම නිසා බොහෝ දෙනා අනුමාන කළේ ඔහුව ඉන්දියානු සංචාරය සඳහා ද ඇතුළත් කෙරෙනු ඇති බවයි.
“අපි හිතන්නෙත් නික් හිතන විදිහටම තමයි. කොහොම වුනත් අවසානයේ දී වැදගත් ක්‍රීඩකයෙක් ලකුණු අතරට එන එක. චරිතය, ආකල්ප, කණ්ඩායම් හැඟීම; මේ හැම දෙයක්ම ඔහු සතුව තියෙනවා. නමුත් අපි පිතිකරණයේ දී ඔහුගෙන් ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා.” යැයි ලැබ්රෝයි පැහැදිලි කර සිටියේය.


-
තෙල් නිසා කැබිනට් එක පිච්චෙයි
ඛනිජතෙල් අර්බුදය හේතුවෙන් ඊයේ දහවල් පැවැති කැබිනට් රැස්වීමද දැඩි උණුසුම්කාරී වී ඇත.ඛනිජතෙල් අර්බුදය පිළිබඳව ඇමැති අර්ජුන රණතුංග මහතා ඇමැති මණ්ඩලයට කරුණු පැහැදිලි කළ අවස්ථාවේ ඇමැතිවරුන් කිහිප දෙනකු ඊට පක්ෂව හා විපක්ෂව අදහස් දැක්වීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිව තිබේ.
දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි යන ඇමැතිවරුන් අර්ජුන රණතුංගට එරෙහිව අදහස් දක්වා ඇති අතර දයා ගමගේ ඇමැතිවරයා අර්ජුන රණතුංග ඇමැතිවරයාට පක්ෂව අදහස් දැක්වූ බව වාර්තා වේ.
පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අදහස් දක්වමින් මෙය මාෆියාවක් බවත් මේ ගැන වහාම සොයා බැලිය යුතු බවත් සඳහන් කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදහස් දක්වමින් මේ ගැන වහා පරීක්ෂණයක් කළ යුතු බවත්, වගකිවයුතු අයට දඬුවම් දිය යුතු බවත් සඳහන් කර තිබේ.
ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සෙවීමට ඇමැතිවරුන් සිව් දෙනකුගෙන් යුත් කමිටුවක් ද කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇත.
-
පිරිමියෙක්, ගැහැණියක් වෙන හැටි….(Video)
සමහර අය පිරිමි විදියට උපත ලැබුවට, හැගීම් ගතිගුණ හැසිරීම් සියල්ල කාන්තාවකගෙ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ගැහැණියක් විදියට උපන්නත් පිරිමි සිතුම් පැතුම්, ගතිගුණ පිහිටන අයත් ඉන්නව.
එහෙම අය තමන්ගෙ ලිංගික අවයව පවා සැත්කම් මගින් වෙනස්කරගන්න දැන් දැන් යොමු වෙලා තියෙනව. මේ පිරිමියෙක් ගැහැණියක් කරන සැත්කමක් සිදුවන අයුරු දැක්වෙන එක්තරා වෛද්‍ය ආයතනයක් විසින් සැකසු අධ්‍යාපනික විඩියෝවකි.
සංවේදී අය නැරඹීමෙන් වලකින්න.





































