Blog

  • බලය තියෙද්දී මගෙන් පළිගත්ත මහින්ද එක්ක මම සාකච්ඡාවලට යන්නෙ නෑ – හිටපු ජනපතිනි චන්ද්‍රිකා

    දෙකඩ වී තිබෙන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නැවත ස්ථාපිත කොට ශක්තිමත් කිරීමේ අරමුණින් පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (03දා) සාකච්ඡාවක් කැඳවා ඇති අතර ඊට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පිරිස් සහභාගි නොවන බවට ලිඛිතව දැනුම් දීමක් කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලනිපයට ද්‍රෝහිකම් කළ පිරිස් එම සාකච්ඡාවට සහභාගි වන්නේ නම් තමා කන පැළෙන්නට පහර දෙන බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කතා බහක් ඇති වී තිබීම නිසා ශ්‍රී ලනිපයේ මැති ඇමැතිවරුන්ගෙන් අපි මෙලෙස අදහස් විමසුවෙමු.

    කවුරු හරි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බේරාගන්න මේ පක්‍ෂයත් කාලා රටත් විනාශ කරලා මිනී මරණ නායකයන් පස්සේ ගිය මිනිස්සු මේකට ආයෙත් ගන්න ඕනේ කියනවා නම් ඒ ගොල්ලෝ පක්‍ෂයට ද්‍රෝහිකමක් කරන්නේ.

    දැන් සාකච්ඡාවලට එනවලු. මම නම් යන්නේ නැහැ ඕවට. ආවා නම් මම ගහනවා කන පැළෙන්න. අපට විරුද්ධව තියෙන නඩු ටික ඉල්ලා අස්කරන්න, ඉන්ක්වයිරි ටික අයින් කරන්න පොලිසියේ අපිට විරුද්ධව කටයුතු කරපු අය අයින් කරන්න. එතකොට අපි පක්‍ෂයට එන්නම්. නැත්නම් මේක කරන්න බැහැ” යැයි හිටපු ජනපතිනිය මේ ප්‍රකාශය කළේ පසුගිය 29 වැනිදා ඇහැලියගොඩ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ අවස්ථාවේදීය.

     [rns_reactions]
  • විදුහල්පතිවරුන්ට මානසික සායනයක් අවශ්‍යද ?

    පොළොන්නරුව හිඟුරක්දමන මහා විද්‍යාලයේ මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යවකට සති දෙකකට බළපැවැත්වෙන පරිදී පන්ති තහනමක් ලබා දීමට එම විද්‍යාලයේ විදුහල්පතිවරයා කටයුතුකර ඇත. පාසලේ විනය මණ්ඩළයේදී ඊට අදාල චෝදනාව වශයෙන් ඔහු දක්වා ඇත්තේ, තමන් මෙකී ශිෂ්‍යාවගේ දෙමව්පියන් හට ඇගේ වෛද්‍ය වාර්තාවක් ගෙන එන්නට යැයි පැවසූ බවත් ඔවුන් එසේ කිරීමට අසමත් වූ නිසා මෙය ප්‍රතික්ෂේප කළ බවත් ය.

    ඉකුත් මස 19 වන දින මෙකී ශිෂ්‍යාව විසින් පාසල් කාලය නිමාවී අමතර නැටුම් පන්තියක් උදෙසා පාසලේ ඇගේ පන්ති කාමරයට වී රැඳී සිට ඇත. මෙහිදී විදුහල්පතිවරයාට මේ සම්භන්ධයෙන් සැකයක් පැමිණ ඇත්තේ පාසල් භූමිය අවට ශිෂ්‍යයන්ද ඒ මොහොතේ රැඳී සිට අති නිසාත්, මීට පෙර ඇගේ ප්‍රේමවන්තයාගෙන් ලැබුණු ලියමනක් ඇය සන්තකයේ තිබී හමුවූ නිසාත් ය. ලියුමක් හමුවීම සහ පාසල් කාලයෙන් පසුව අමතර පන්තියක් සඳහා පාසලේ රැඳී සිටීම හුදෙක් ලිංගික ක්‍රියාවක් සඳහා යොමුවීමක් ලෙස අර්ථගන්වා , එම බොළඳ තර්කය මත පදනම්ව ඇගේ අධ්‍යාපන දිවියම විනාශ කළ මෙකී මොට්ට විදුහල්පතිවරයා යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන බව මගේ හැඟීමයි. එහෙයින් , යෞවනත්වයේ පසුවන දුවා දරුවන්ගේ හැඟීම් තේරුම් නොගෙන , ඒඅනුව යමින් ඔවුන්ගේ සම්පූර්ණ අනාගතයම අඳුරට ඇද දමන වෙවැනි අඳබාල විදුහල්පතිවරුන්ගේ අදූරදර්ශී ක්‍රියාවන්ට විරුද්ධව පරිපාලන මට්ටමින් නීතිය ක්‍රියාත්මක වියයුතු නොවේද ?

    [rns_reactions]

  • ශලනි-දසුන් අනියම් පෙම සහ අසරණ මවකගේ වේදනාව රැගත් චමුශ්‍රිගේ අලුත්ම වීඩියෝව මෙන්න..

    ” මගේ පුතේ , යන්න කලින් එක පාරක් මේ අහිංසක අම්මා මතක් වුනේ නැද්ද මගේ පුතේ… මේ අම්මාගෙ පපුවෙ පිච්චෙන වේදනාව මගෙ පුතා කොහෙ හරි ඉදන් බලාගෙන ඇති….මතු ඉපදෙන ආත්මෙක ජීවිතේට තෝරගන්න කෙනා මේ අම්මා වගේ ආදරේ කරන කෙනෙක් තෝරගන්න පුතේ…”

    [rns_reactions]

  • කළගුණ දන්නා ජනපති මෛත්‍රී පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ නිවසට

    හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් ඊයේ  (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.

    අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    [rns_reactions]

  • පෙට්‍රල් හිඟය උග්‍ර වෙයි! තත්ත්වය සමනය වෙන්න දින කිහිපයක් ගතවෙයි!

    කොළඹ අවට ඊයේ (03) පස්වරුවේ සිට ඇති වූ පෙට්‍රල් හිගය මේ වනවිට තවත් උග‍්‍රවී තිබෙනවා. කොළඹ අවට මෙන්ම පිට පළාත්වල ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන තොග අවසන්වීම හේතුවෙන් වසා දමා ඇති ආකාරය  ඊයේ රාති‍්‍රයේ කළ නිරීක්‍ෂණ චාරිකාවකදී දක්නට ලැබුණා. 

    ඉන්දීය තෙල් සමාගම විසින් ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගයක් ශී‍්‍ර ලංකාවට රැගෙන ඒමත් සමග මෙම පෙට්‍රල් හිඟයක් ඇති වූ බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ. 

    මතුව ඇති පෙට්‍රල් හිගය සම්බන්ධයෙන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර එහි නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ඉන්ධන රැගත් නෞකාවක් දිවයිනට ළගාවීමට නියමිත බවයි.

    අදාළ ඉන්ධන නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව පවතින පෙට්‍රල් හිගය යථා තත්ත්වයට පත් කිරීමට අවම වශයෙන් දින දෙකක්වත් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.

    පවතින පෙට්‍රල් හිගය මගහැරවීමට ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන තොගය බෙදාහැරීමේ සුදානමක් පවතින බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු ඞී ජේ රාජකරුණා  කියාසිටියේ.  

    ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදුකරන මෙම චෝදනාවට නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ පැවසුවේ කිසිදු හේතුවක් නිසා ප්‍රමිතියෙන් තොර තෙල් තොගය නොගන්නා බවය.

    [rns_reactions]

  • බැඳුම්කර මගඩියේ මහා වංචාව හෙළිවෙන අතිශය රහස් දුරකතන ඇමතුම් මෙන්න

    රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුන් මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී සිදුවූ වංචා, දූෂණවලට අදාළ දුරකතන සංවාද සහිත හඬපටයක් දූෂණ විරෝධී හඬ සංවිධානය මඟින් පසුගියදා (01දා) මාධ්‍යයට නිකුත් කෙරිණි.

    එකී හඬපටයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් හා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකු අතර ඇති වූ සංවාද ඊට ඇතුළත්ව තිබිණි.

    මෙම හඬ පටය තම සංවිධානයට විදේශගත පුද්ගලයකු හරහා ලැබුණු බව “දූෂණ විරෝධී හඬ” කැඳවුම්කරු ජ.වි.පෙ. මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ පැවැසීය.

    2015 පෙබරවාරි 27දා දින සිදුකළ මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඉහළ පොලියට බැඳුම්කර මිල දී ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දීම හා බලපෑම් කිරීම බැඳුම්කර වෙන්දේසිය නිමවන වෙලාවට වඩා විනාඩි 10ක් ලබාදෙන්නැයි පර්පචුවල් සමාගම මහ බැංකුවෙන් ඉල්ලීම් කළ ආකාරය, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ විධායක අධ්‍යක්‍ෂ කසුන් පලිසේන 2012න් පසු මෙවැනි ගනුදෙනුවකට අත ගැසූ ආකාරය, 12.5 ඉක්මවූ පොලී අනුපාත ඉහළ දැමීමෙන් වෙළෙඳපොළට බලපෑ ආකාරය ඇතුළු හෙළිදරව් කිහිපයක් මේ හරහා තහවුරු කර ඇත.

    වසන්ත සමරසිංහ මහතා පවසන්නේ මෙවැනි දැවැන්ත වංචාවකට සම්බන්ධ වූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් වෙනත් සොරකම්වලට චෝදනා ලැබ සිරගත වූවන් සියලු දෙනා නිදහස් කළ යුතු බවය.

    තමා මෙම හඬ පටයේ පිටපත් බැඳුම්කර වංචාව පිළිබඳව සොයන ජනපති කොමිසමට නම් ගම් සහිතව ලබන සතියේ ලබා දීමට කටයුතු කරන බවත් එකී සංවාදවලට අදාළ වූවන් කවුරුන්ද යන්න පරීක්‍ෂා කර ඔවුන් කොමිසම හමුවට කැඳවීමට වහාම පියවර ගත යුතු බවත් සමරසිංහ මහතා පෙන්වා දුන්නේය.
    ඒ හරහා වංචාවට අදාළ මහ මොළකරුවන් කවුරුන්ද යන්න මනාව තහවුරු කර ගත හැකි වනු ඇති බව ද ඔහු පැවැසීය.

    කෙසේ නමුත් මෙකී වංචාවට අදාල පුද්ගලයින් කවුරුන්ද යන්න රටට හෙලි කිරීම තම සංවිධානයේ වගකීම බව ඒ මහතා පැවසීය.
    ඒ අනුව විටෙක රාජ්‍ය බැංකු ප්‍රධානී හා මහා භාණ්ඩාගාරයේ නිලධාරිනිය, තවත් විටෙක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ඉහළ නිලධාරීන් හා මහ බැංකු නිලධාරීන් කළ සංවාදයන්ද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම හා ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු නිලධාරියා සමඟ මෙන්ම, මහ බැංකුවේ හා ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු නිලධාරීන් අතර ද සිදුවූ සංවාදයන්ද ඇතුළත් වී තිබිණි.

    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    මැඩම්, ධර්මපාල ඩ්ඥපඥ
    මහා භාණ්ඩාගාරයේ නිලධාරිනිය –
    ආ ධර්මපාල මොකක්ද ප්‍රශ්නේ?
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –

    ප්‍රශ්න නම් නෑ. අපිට අර ඕධදඤ එකේ ධ්දඤඪජචබභඥ තඥමඥත එකක් තියෙනවද?
    මහා භාණ්ඩාගාර නිලධාරිනිය –
    අපි 9.35 වගේ තමයි, මාර්කට් එකත් පොඩ්ඩක් බලලා දාන්නේ. අපිට ඕඪඤ ටිකත් වැඩිපුර දෙන්න. කීයක් විතර දාන්නද හිතාගෙන ඉන්නේ?
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    40 වගේ දැම්මොත්. කලුතර බෝධි කියලා පොඩි ඛ්භඵබධථඥප කෙනෙක් ඉන්නවා.
    මහා භාණ්ඩාගාර නිලධාරිනිය –
    නෑ නෑ මිස්ටර් ධර්මපාල ඔයාට ඕනෑ රේට්ස් දාන්න. මේ පාර ධ්දඤඪජචබඪධද කියලා එකක් නැහැ ඇත්තටම.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    ඡ්ර්ථීජ් එකේ මොනවා හරි බිල් ඇහුවා නේද? (වෙනත් කෙනකුගෙන් ඇසූ ප්‍රශ්නයකට පසු) මිස් ඡ්ර්ථීජ් ඕගොල්ලන්ගේ ඩිරෙක්ටි බිඩ් (ච්ඪපඥජබ ඕඪඤ) කරන්නේ නැද්ද?
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    ඕධ්ච් කරනවා
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා – කට්ටිය හෙන උඩින්නේ මේ එවන්නේ. මං බැලුවේ ඒකයි.
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    කවුද එවලා තියෙන්නේ?

    ලංකා බැංකුවේ ප්‍රධාන නිලධාරියා –
    මේ අපේ කස්ටම කෙනෙක්. එකෙක් එවනවා මිලියන 500ක් 10 ඳභචපබඥප
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    10 ඳභපචබඥප ද? හරි මිස්ටර් ධර්මපාල ඔයා දාන්න දාන විදිහකට.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    බිලියන 3ක් නේ. මේක වැදුණොත් එහෙම මේ මාර්කට් එක දෙයි හාමුදුරුවනේ කොහේ යයිද දන්නේ නෑ.
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය – මොනවා කරන්නද මිස්ටර් ධර්මපාල ඕවට ඹඩචබ බධ ඤධ? ඒ බිඩ් එක දාන්න. මිස්ටර් ධර්මපාල ඊඩචබ’ඵ ධඬ
    ලංකා බැංකු ප්‍රධානියා –
    10 ඳභචපබඥප නම් ධඬ කියමු. 12.5…
    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    කවුද 12.5 දාලා තියෙන්නේ?
    ලංකා බැංකු නිලධාරියා –
    ඛ්භඵබධථඥප කෙනෙක් (සිනා) කියන්නේ නෑ මං මං එවන්නම්කෝ බඩු ටික.

    ණය දෙපාර්තමේන්තු ප්‍රධාන නිලධාරිනිය –
    හරි හරි මිස්ටර් ධර්මපාල දාන්නකෝ අපි බලමු.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    හෙලෝ මැඩම් ලසන්ත
    මහ බැංකු නිලධාරිනිය –
    ඔව් ලසන්ත.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    විනාඩි 10ක් වැඩිපුර දෙන්න පුළුවන්ද?
    මහ බැංකු නිලධාරිනිය –

    විනාඩි 10ක් ද? ආ අපි දාන්නම්. දැන් වෙලාවත් එක්ක තව විනාඩි 12ක් විතර තියෙනවා. තව ඕන වෙයිද?
    පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම –
    ඔව්. මැඩම් 11 පහුවෙලා තව විනාඩි 10ක් දෙන්න පුළුවන්ද?
    මහ බැංකු නිලධාරිනිය – ආ…. හරි … හරි අපි දෙන්නම්.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    ටිකක් වැඩිපුර එකක් ඇවිත් තියෙනවා ඒකයි.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    හලෝ මිස්ටර් ධර්මපාල ට්ධධඤ ර්ධපදදඪදඨ ධ්’ථ කසුන් ඩ්ඥපඥ
    ලංකා බැංකු නිලධාරී – ඩ්ඥතතධ ම්චඵභද
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    සර් මට විනාඩියක් දෙන්න පුළුවන් ද පොඩි දෙයක් අහන්න. මට මේ ඔප්ෂන් බිඩ් (ර්ණීනනබඪධද ඕඪඤ) එකක් දාගන්න පුළුවන්ද?
    ලංකා බැංකු නිලධාරියා –

    පුළුවන්, පුළුවන් එවන්න. ඇයි ඔයගොල්ලෝ දාන්නේ නැද්ද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    අපි දානවා සර්. පොඩ්ඩක් සෙට්ල් වෙන්න ලොකු ගාණක් ආවොත් එහෙම සර්ට දාලා ගන්න පුළුවන්නේ.?
    ලංකා බැංකු නිලධාරියා –
    හරි හරි මං කරලා දෙන්නම්. තහවුරුයි නම් දැනට අචබඥ එක මට කියන්න කෝ. මට බිඩ් එක එහෙම හදාගන්න ඕනනේ. මැනුවල් හදන්න ඕනනේ.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –

    හරි මං සර්ට ටක් ගාලා ඊමේල් එකක් එවන්නද?
    ලංකා බැංකු නිලධාරියා – හරි ඊමේල් එකක් දාන්නකෝ ඉක්මනට.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම – සර් සර්ලත් ලොකු ගාණක් දානවා ඇති නේද?
    ලංකා බැංකු නිලධාරි –
    නෑ බං ඩිරෙක්‍ෂන් එකක් නැතුව කොහේ යන්නද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    නෑ බං කියන්නේ මං හිතුවා සර්ලා ඔක්කොම ටික දැම්මා කියලා.

    ලංකා බැංකු නිලධාරියා – අපි නෙමෙයි ඡ්ර්ථීජ් ඉන්නවනේ ඒකට. 9.35 දුන්නා කියලා තමයි කියන්නේ.
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    මෑන් කතා කළානේ. ඊයේ කතා කරලා කිව්වා අවුරුදු දෙකකට පස්සේ තමයි ඔය කතා කළේ. බොන්ඩ් එක ගන්න 9.35 වගේ දෙනවා කිව්වා.
    හෙට ඔප්ෂන් එකට යනවා නම් ගන්නවා කියලා කියන්න. එහෙම කළේ 2012න් පස්සේ පළමුවෙනි වතාවට.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    ර්ථීතචජඥථඥදබ ර්ණීටටඥප කරපු එකද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –

    නෑ. මං කියන්නේ කතා කරලා බොන්ඩ් ගන්න ඔප්ෂන් එකට දාන්න කියලා කිව්වා.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරි –
    ඔයා එහෙනම් මට බිඩ් එක ටක් ගාලා එවනවද?
    පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම –
    මං සර්ට ඊමේල් එකක් දාන්නම්.
    වහ කුප්පි කතාව
    මහ බැංකු නිලධාරිනිය – හෙලෝ මිස්ටර් ධර්මපාල.
    ලංකා බැංකු නිලධාරියා – වහ කුප්පියකුත් එවන්න අපිට.
    මහ බැංකු නිලධාරිනිය – ආ….. (සිනා)
    මිස්ටර් ධර්මපාල ඒකයි මම කිව්වේ. අපි රේටින් ඉන්ඩිකේෂන් (අචබඪදඨ ධ්දඤඪජචබඪධද) දෙන්නේ නැහැ. මේකට ඕන ගාණක බිඩ් කරන්න කියලා අපි කිව්වනේ.
    ලංකා බැංකු නිලධාරියා – නෑ. නෑ. අපි දකින විදිහට නම් ඒක සදාචාරාත්මක නෑ. 9.35නේ.
    මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල ඔයා මාව විශ්වාස කරන එකක් නෑ. අධිපතිතුමා කෙළින්ම දෙපාර්තමේන්තුවට ආවා. ඇවිත් කිව්වා ලංසුව මේ ප්‍රමාණයෙන් තියා ගන්න කියලා.
    ලංකා බැංකු නිලධාරියා – ඉතින් බලන්න. ඔයා කියන්නේ මට කතා කරගන්න බැරුව ඉන්නේ.
    මහ බැංකු නිලධාරිනිය – අපි දන්නවා මිස්ටර් ධර්මපාල
    ලංකා බැංකු නිලධාරියා – 9.35 අඩුම ලන්සුව අපි 12.5 එකත් එක්කනේ යන්නේ. ඒ කියන්නේ 315ට වැඩි අචදඨඥ එකක්.
    බිලියන එකක් දාපු ඔෆර් එකකට ඕගොල්ලෝ බිලියන 10ක්. මොකක්ද.? දැන් අපි අනිවාර්යෙන්ම අපේ රේට්ස් එහෙම වැඩි කරනවා.
    මහ බැංකු නිලධාරිනිය –
    ඔව්. මේක මාර ෂෝක් එකක් මාර්කට් එකට.
    ලංකා බැංකු නිලධාරියා – ඇයි එහෙම කරන්නේ ඉතින්?

    මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල අපි කොච්චර කිව්වත් තීරණ ගන්නේ එයානේ.
    ලංකා බැංකු නිලධාරියා – නෑ නෑ අපිට තේරෙනවා. ඒත් මොකක්ද මේකේ පිටුපස තියෙන අරමුණ.
    මහ බැංකු නිලධාරිනිය – (සිනාසෙමින්) එයාගෙන් තමයි අහන්න ඕනේ. අපි මේක නැෂලයිස් කළා. ඒත් එච්චර ඇහුම්කන් දුන්නේ නෑ.
    ලංකා බැංකු නිලධාරියා – අපි ඇවිල්ලා රාජ්‍ය බැංකුනේ. අපිට තියෙනවා වගකීමක්. ජනතාව ආරක්‍ෂා කරන්න. ජනතාවගේ මුදල් ආරක්‍ෂා කරන්න.
    මහ බැංකු නිලධාරිනිය – මිස්ටර් ධර්මපාල. ඔයා විශ්වාස කරන එකක් නෑ. අපිවත් හිතුවේ නෑ මෙච්චර යයි කියලා. අපි මේකට වඩා අඩුවෙන් තමයි ෆික්ස් කරලා තිබුණේ. එයා ආවා දෙපාර්තමේන්තුවට මොනවද මේ කරන්නේ? බිඩ් එක මේ ගාණට තියන්න කිව්වා. එයාට ඕන වුණේ ඒ සියලුම ලංසු අපිට ගන්නයි. මං කිව්වා සර් ඔහොම කරන්න එපා. එතකොට ඔක්කොම යයි. ඒත් අපි මොකද කරන්නේ?
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    අපේ මුළු බැංකුවම අඥචතතර ඉඩධඬ. මාර්කට් එකම ෂොක්. මට මෙහෙම කටකතාවක් ආවා. ඊයේ මහ බැංකුවේ එක්කෙනෙක් ආවා මෙතැනට. එයා ඇවිත් මෙතැනට එයාට ඕන වුණේ. 750,000ක් ආයෝජනය කරන්න. එයාට වුවමනා වුණා ඒ බැඳුම්කර ගන්න. මං කිව්වා 750,000ක් දෙන්නේ නැහැ කියලා.
    මිලියන 5ක් වෙන්න ඕනෑ. සර් මෙහෙම කරන්න අපි බිඩ් එකක් දාන්නම්. වන් මිලියන් වගේ ඔයාට අරන් දෙන්න පුළුවන් කියලා. එයා කිව්වා නැහැ නැහැ කූපන් රේට් එක 12.5නේ. කුපන් රේට් එකට උඩින් ඔය බොන්ඩ් එක දානවා හෙට සෙන්ට්‍රල් බෑන්ක් එකෙන් කියලා.
    මහ බැංකු නිලධාරිනිය –
    නෑ.

    ලංකා බැංකු නිලධාරියා –
    ඔව්. එයා එහෙම කිව්වනේ අපිට. මං කිව්වා මේ පිස්සෙක් වෙන්න ඇති යන්න කියන්න අපි ආවොත් අරන් දෙන්නම් කියන්න කියලා. ඒක හරි වුණා නේද? ඇත්තටම මේ ජොබ් එක දාලා යන්න හිතලා තියෙන්නේ.
    මහ බැංකු නිලධාරිනිය –

    ඔයා දන්නේ නෑ. මිස්ටර් ධර්මපාල, අපි කොච්චර පැහැදිලි කරන්න හැදුවද? මේක බෑ. අරක බෑ… එයාට කියලා. ඔයයි මායි අතරේ විතරයි මිස්ටර් ධර්මපාල. කාටවත් කියන්න. එපා. එයා ඉන්නේ අර ඉන්ටර්නැෂනල් අවබෝධයකින්. ජාත්‍යන්තර වෙළෙඳ අදහස්නේ. ඒකනේ මිස්ටර් ධර්මපාල. එයාට අපේ වෙළෙඳපොළ ගැන අදහසක් නෑ. අපි දන්නවනේ මෙහෙම දුන්නම මොකද වෙන්නේ කියලා.

    ලංකා බැංකු නිලධාරියා –
    සර්
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    අද වැදුනා නේද හොඳම බොන්ඩ් එකෙන්.
    ලංකා බැංකු නිලධාරියා –

    වැදුණා කියන්නේ අපි පොඩ්ඩයි දැම්මේ. ඒ වුණාට ඉතින් අචබඥඵ උඩ ගිහිල්ලනේ.
    සර් මේක නම් විනාශයක්.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    ඔව්. මං දැන් ච්ප. සමරතුංගටයි දෙන්නටම කිව්වා. රජයේ බැංකු ඕගොල්ලන් උදවු කරනවා. හැමවෙලේම ඕගොල්ලො….
    ලංකා බැංකු නිලධාරියා –
    සර් විශ්වාස කරන්න මට කතා කරගන්න බෑ. ඒ කියන්නේ කළුතර බෝධි එක කියන්නේ අපේ හොඳ ඛ්භඵබධථඥප නේ. ගිය සැරෙත් සර් ඔය බොන්ඩ් එක දීලා තිබුණා. මේ අය ඉබචබඥථඥදබ එකක් විදිහට 9.35 මෙහෙමයි 9.25 විතර වගේ තියලා අපි දාමු කියලා මං කිව්වා. මිලියන 8ක් වගේ තමයි දැම්මේ. කළුතර බෝධි. ඉතිං 9.35 බිඩ්. එක මං දැම්මා. ඊට පස්සේ පර්පචුවල් එකෙන් ආවා බිඩ්. ආවේ 12.50, 12.75, 13 වගේ. මං කිව්වා මල්ලි මේවා නම් වදින්නේ නෑ නිකම් දාලා වැඩක් නෑ කියලා. හරියට සර් පොඩි ඒවා නෙමේ. 12.5 බිලියන 3කට. ඊට යටින් තිබුණ ඔක්කෝම අරගෙන. මං සෙන්ට්‍රල් බෑන්ක් කතා කරලා කිව්වා මොකක්ද මේ කරපු වැඩේ කියලා. වහ බෝතලයක් එවන්න කියලා.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    මං කිව්වා ඕගොල්ලන්ට උදවු කරන්නේ රජයේ බැංකු, පහර වදින්නෙත් රජයේ බැංකුවලට කියලා.
    ලංකා බැංකු නිලධාරියා –

    ඉතින් අරගොල්ලෝ කියනවා අධිපතිතුමා කිව්වලු තියන ඔක්කොම බිඩ්ස් ගන්න කිව්වා කියලා. 12.5 විතරක් නෙමේ. ඊට උඩ තියෙන ඔක්කෝම බිඩ්ස් ගන්න කිව්වලු. පස්සේ කන්වෙන්ස් කරන්නම බැරි වුණාලු.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –
    ඊට පස්සේ අපි අපේ අචබඥඵ වලට ගැහුවම ඉවරයි.
    ලංකා බැංකු නිලධාරියා –
    ඔව් සර්. මං කතා කළෙත් ඒක තමයි. ලබන සැරේ ගහන කොට 10% විතර ගහමු. ඔක්කොම කතා කරලා ගැහුවම ඉවරයි.
    ලංකා බැංකු ප්‍රධාන නිලධාරියා –

    ඔව්. ධර්මේ. අනිත් එක තමයි බිලියන 5ක් මාස 3කට මෙහා දෙන්න බෑ නේද?
    ලංකා බැංකු නිලධාරියා –
    3 ථධදබඩඵ වලට බලන්න ඕනා. අද ර්ණීමඥප දඪඨඩබ ර්ණීනනබඪධද වලටත් 6.9 ලැබුණා. ර්ණීමඥප දඪඨඩබ ර්ථීධඵඵඪබඪධද එක ඩොලර් 10ක් වගේ තියෙන්නේ. අපි ච්චඪතර ඉභනනධපබ කරන්නම්.

    [rns_reactions]

  • ඒකාබද්ධයේ 2.50 ලියමනට පිළිතුරු නොදෙන්න ජනපති ප්‍රමුඛ ශ්‍රී ලනිපය තීරණය කරයි

    පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලනිප සමඟ එක්වීමට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට පිළිතුරු ලබා නොදීමට පෙරේදා (3දා) පැවැති ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් විශේෂ රැස්වීමේදී තීරණය කොට තිබේ.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මේ රැස්වීම පැවැත්වීමට කලින් යොදා ගෙන තිබුණේ ජනාධිපතිවරයාගේ නිල නිවෙසය.

    ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටද ඒ සඳහා ලිඛිතව ආරාධනා කොට තිබිණි.
    පළාත් පාලන මැතිවරණයට දෙපාර්ශ්වය එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ ආරාධනය කර තිබිණි.
    එහෙත් ඊට සහභාගි වීමට නම් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප කණ්ඩායම කොන්දේසි 7ක් ඉටු කළ යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් 42 දෙනකු අස්සන් කොට පසුගිය බ්‍රහස්පතින්දා (2දා) ශ්‍රී ලනිප මහ ලේකම් වෙත ලිපියක් යොමු කොට තිබිණි.
    සිකුරාදා පැවැති සාකච්ඡාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන් සහභාගි නොවුණද ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලනිප මන්ත්‍රි කණ්ඩායම පමණක් සහභාගි විය.

    ශ්‍රී ලනිපයේ අපි සියලු දෙනා එකතු වනු දැකීම සාමාජිකයන්ගේත් ජනතාවගේත් ඉල්ලීමක් බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කොට ඇත. පාර්ශ්ව දෙකම එකතු වී යා යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනෙක් තමන්ට වරින් වර පැවැසූ බවද එහෙත් විස¼දා ගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබෙන බව ඔවුන් දැනුම්දීමක් කර තිබෙන බවද සිහිපත් කළ ශ්‍රී ලනිප නායක මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්දය නොඉල්ලන, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන කිහිප දෙනෙක් දෙපාර්ශ්වයේ එක්වීමට බාධා කරන බවටද චෝදනා කොට ඇත.

    පැය දෙකකට අධික කාලයක් පැවැති එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කළ යුතු ආකාරය සම්බන්ධයෙනි.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ යුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ. ඒ ඒ දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු කොට ඇති අතර දුර්වල දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතු වේගවත් කිරීමටත් ඇතැම් දිස්ත්‍රික්කවලට සංවිධායකවරුන් පත් කිරීමේ අවශ්‍යතාවත් එහිදී සාකච්ඡාවට ලක්වී තිබේ.
    මේ අතර බෙදී සිටින ශ්‍රී ලනිපය යළි සමඟි කරවීම සඳහා වන සාකච්ඡා තවදුරටත් සිදුවෙමින් තිබෙන බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    [rns_reactions]

  • මහින්ද මවිබිම පර සුද්දන්ට පවාදෙයි – මහින්දගේ චෝදනා සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සොයන්න සුද්දෝ ලංකාවට..

    කු.පා.ම මහින්ද රාජපක්ෂගේ චෝදනා පත්‍රයක් අධ්‍යයනය කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ආණ්ඩුවෙන් සිදු වන බව කියන හිරිහැර, එල්ලවන පීඩන සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සොයා බැලීමක් කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධානීන් පිරිසක් ලබන 11 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    ඒකාබද්ධ විපක්ෂය, පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය වෙත කළ පැමිණිල්ලට අදාළව කරුණු දැක්වීම සඳහා දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ දිලුම් අමුණුගම ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන් පිරිසක් පොදු රාජ්‍ය මණ්ඩලයේ රැස්වීමක් පැවැත්වෙන බංග්ලාදේශයට යෑමට සිටියද ඔවුන්ට එහි නොඑන ලෙසත්, මේ සම්බන්ධයෙන් සොයා බැලීමට එම සංගමයේ ප්‍රධානීන් පිරිසක් මෙරටට පැමිණෙන බවත් දැනුම්දී තිබේ.

    හොරුන් අත්අඩංගුවට ගැනීම සහ රිමාන්ඩ් භාරයට පත් කිරීම, විදේශ ගමන් තහනම් කිරීම,  ඇතුළු කරුණු පිළිබඳව මහින්ද ප්‍රමුඛ විපක්ෂය එම සංගමයට ලිඛිත පැමිණිල්ලක් කොට තිබිණි.

    පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය මෙවැනි කාරණාවක් සම්බන්ධව සොයා බැලීම පිණිස ශ්‍රී ලංකාවට මෙසේ පැමිණීම විශේෂත්වයකි.

    [rns_reactions]

  • ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය නවත්වන්න කටයුතු කරනවා – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්..

    ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වීම සඳහා පිටරැටියනට ලැබෙන අවස්ථාවක් වන ග්‍රීන් කාඩ් ලොතරැයි වැඩසටහන (Green Card Lottery Program) නවතා දමන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලීමට අදහස් කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

    ට්‍රක් රථයක් පාපැදි ධාවන පථයට ධාවනය කරවමින් අට දෙනකුට මරු කැඳවූ ත්‍රස්ත ක්‍රියාවෙන් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ප්‍රකාශය කළේ එම ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් සිය කෝපය පළ කරමිනි.

    ත්‍රස්ත ක්‍රියාව කළ බවට සැකකරන උස්බෙකිස්තාන් ජාතික සායිෆුල්ලෝ සායිපොව් (Sayfullo Saipov) සතෙක්
    (an Animal) ලෙසද ජනාධිපති ට්‍රම්ප් විසින් හඳුන්වන ලදී.

    අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අමතමින් මෙම අදහස් ප්‍රකාශ කළ ට්‍රම්ප් ජනාධිපතිවරයා ග්‍රීන් කාඩ් ලොතරැයි පත් ක්‍රමය අවසන් කිරීමේ කටයුතු එදින සිටම පටන් ගන්නා බව පැවැසීය.
    ග්‍රීන් කාඩ් ලොතරැයිය හොඳ නැති බව පැවැසූ ජනාධිපති ට්‍රම්ප් ‘අපි එයට එරෙහිව සිටියා’ යනුවෙන්ද පැවැසීය.

    ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය අවසන් කොට ලකුණු ලබාදෙන ක්‍රමවේදයක් මත (Merit-based Program) සංක්‍රමණිකයන්ට ඇමෙරිකාවට ඇතුළු වීමට ඉඩකඩ ලබාදීමට තම පරිපාලනය කටයුතු යෙදීමට බලාපොරොත්තු වන බවද පැවැසීය.

    ට්‍රක් රථ අනතුර මඟින් ත්‍රස්ත ක්‍රියාවක නිරතවූ සැකකරුව කියුබාවේ ගුවන්තනාමෝ බේ (Guantanamo Bay) හි පිහිටි හමුදාවේ රැඳවුම් කඳවුරට යැවීම ගැනද තමා අවධානය යොමු කරන බවද ජනාධිපති ට්‍රම්ප් මෙහිදී පවසා ඇත.

    ගුවන්තනාමො කඳවුර කෘෘර වධහිංසාවන්ට සිරකරුවන් බඳුන් කිරීම සම්බන්ධයෙන් අපකීර්තියක් ලැබූ රැඳවීමේ කඳවුරක් වෙයි.

    [rns_reactions]

  • නව පරිසර නිලධාරීන් 156 දෙනෙකුට ජනපති මෛත්‍රී අතින් පත්වීම්.

    මධ්‍යම පරිසර අධිකාරිය යටතේ බදවාගත් පරිසර නිලධාරින් 156 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(01) පස්වරුවේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේදී සිදු විය.

    සංකේතාත්මකව පත්වීම්ලාභීන් 25 දෙනෙකුට ජනාධිපතිතුමා අතින් මෙහිදී පත්වීම් ලිපි පිළිගැන්විණි.

    මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    [rns_reactions]

  • සීමා නිර්ණය සඳහා මහජන අදහස් ලබා ගැනීම නොවැ: 9දා සිට

    පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම නොවැම්බර් 9 සිට දෙසැම්බර් 8 දක්වා සිදු කිරීමට පළාත් සභා මැතිවරණ සීමා නිර්ණය කමිටුව කටයුතු යොදා ඇත.

    දිවයින පුරා පිහිටි සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පිරිදි එම මහජන අදහස් ලබා ගැනීමට නියමිතය. එම කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සිදු කෙරෙන බව එම කමිටුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

    [rns_reactions]

  • මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබු ඉල් පුර පසළොස්වක පොහොය අදයි

    ඉල් පුර පසළොස්වක පොහොය අද (03)ට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී ඇති බවයි මහා සංඝරත්නය සිහිපත් කළේ. 

    මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹිම, කඨින පූජෝත්සව පැවැත්වෙන අවසන් පොහොයද ඒ අතර වනවා.

    බෞද්ධ ඉතිහාසයේ මෙම වැදගත් සිදුවීම් ද සිහියට නගා ගනිමින් අද පිංකම්හි යෙදෙන්නැයි බෞද්ධ සැදහැවතුන්ගෙන් මෙහිදි ඉල්ලීමක් ද කෙරුණා. 

    [rns_reactions]

  • මොකද උනේ කියලා ඇත්ත දැනගන්න අගමැති බැඳුම්කර කොමිසම හමුවට ගෙන්වීමට තීරණය කරයි!

    අගමැතිවරයා බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා  ඉදිරියේ දී කැඳවීමට බලාපොරොත්තු වන බවත්, අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු පවසයි.
     
    බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා සූදානමින් සිටින බව පසුගිය දිනෙක අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

     

    [rns_reactions]

  • පර්පෙචුවල් ට්‍රෙෂරීස් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි!

    අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ හා නලීන් පෙරේරා යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළි ගනිමිනි.

    පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේ ‍ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගනුදෙනුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ලබාදී තිබු ව්‍යාපාරික බලපත්‍රය මාස 6 කට අත්හිටුවීමට එරෙහිවයි.

    මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් පසුගිය ජුලි 6 වන දා ගත් එම තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට එම මුලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබී ය.

    එහෙත් එය සලකා බැලීමකින් තොරව අද ප්‍රතික්ෂේප කළේ එවැනි මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමේ නීතිමය අයිතියක් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනි.

    [rns_reactions]

  • පකිස්තානයට ගියේ නැති උන්ට බෝනස් සත පහක් දෙන්නේ නෑ…- බුකි තිලංග මාරා වේශයෙන් කියයි…

    ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ජය ගැනීමෙන් පසුව මුහුණ දුන් එක්දින තරඟාවලිය සහ T20 තරඟාවලිය සම්පුර්ණයෙන්ම පරාජයට පත් වුවද ත්‍රස්ත ප්‍රහාර මැද T20 තරඟාවලියට සහභාගී වූ ජාත්‍යන්තර අත්දැකීම් අඩු ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩකයන්ගේ නිර්භීතබාවය එක්දින කණ්ඩායමේ ක්‍රීඩකයන්ට වඩා ප්‍රබල බව පාකිස්තාන ක්‍රීඩා විචාරක රමිස් රාජා පවසනවා.

    මෙම තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුයේ සුළුපටු වගකීමක් නොවේ. තිසර පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම T20 තරඟාවලියේ අවසන් තරඟයට පාකිස්ථානයට ගියේ ශ්‍රී පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක්ම අතීතයේ මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීමක් නිසා පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හුදකලා වී සිටි යුගය නිමා කරමින් පාකිස්ථානයට නැවත ක්‍රිකට් වසන්තය උදා කිරීමේ අරමුණෙනි.

    මෙම තරඟයට පෙර පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් පාකිස්ථාන ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා තිබුනේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයගෝෂා කරන ලෙසය. ඒ අනුව තරඟය නැරඹීමට පැමිණි බොහෝ ක්‍රීඩා ලෝලීන් අත ශ්‍රී ලංකා ජාතික කොඩිය සහ ශ්‍රී ලංකාවට ස්තුතිය පල කරන පුවරු දැකගත හැකි විය.

    තරඟය පාකිස්ථානය ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා ලෝලීන් ඔල්වරසන් දෙන ආකාරය දැකගත හැකි වූ අතර,තරඟයෙන් අනතුරුව පාකිස්ථාන නායකයා පැවසුවේ සහෝදර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තම රටට ක්‍රිකට් තරඟ ලබා ගැනීමට තිබු බාදාවක්ව තිබු දොර හැර දුන් බවය.

    තරඟාවලියේ වීරයා වූ ෂොහිබ් මලික්ද මේ තරඟාවලියේ සුවිශේෂ ක්‍රීඩකයෙක් බවට පත්වුණේ අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කල අවාසනාවන්ත සිදුවීම සිදුවූ තරඟාවලියට සහභාගී වූ ක්‍රීඩකයන් අතරින් මේ තරඟාවලියට සහභාගී වී තිබුනේ ඔහු පමණක් වූ නිසාවෙනි.

    තරඟයේ ප්‍රතිපලය සමඟ පාකිස්තානයේ ප්‍රවීණ ක්‍රීඩකයන් පාකිස්ථානයට සුභ පතන අතරම ශ්‍රී ලංකාව කල මෙහෙය පිළිබඳව තම ප්‍රණාමය පුද කර තිබුණා.

    පාකිස්ථාන සුපිරි වේග පන්දු යවන්නෙකු වූ ෂොහිබ් අක්තාර් පවසා තිබුනේ පාකිස්ථානය තරඟාවලිය දිනුවද හදවත දිනාගත්තේ ශ්‍රී ලංකාව බවයි. මෙම ඉතිහාස ගත සංචාරයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදා අමතක නොවන බව පාකිස්ථාන ප්‍රහාරාත්මක පිතිකරු අර්ෆෙඩ් පවසා තිබුණා.

    ජය පැරදුම සමව බාරගත යුතු ක්‍රිකට් ක්‍රීඩාවේ ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත ලෝකවාසී ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ ලබාගත් ජය කිසිදා නොමැකෙනු ඇති බව පාකිස්තාන ක්‍රීඩක හසන් අලී පවසා තිබුනා.

    මේ අතර මෙම තරගාවලිය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පාකිස්තාන රුපියල් කෝටී දොලහක ත්‍යාග මුදලක් පාකිස්තානයෙන් ලැබි තිබෙනා අතර එම මුදල් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට යෙදවීමට තමන් බලාපොරොත්තු වන බවත් ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා කියා සිටියා.

    මෙම සංචාරය සදහා සහභාගී වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදලක් ලබා දෙන බවත්, සංචාරය සදහා අකමැති වූ ක්‍රීඩකයන්ට බෝනස් මුදල් නොලැබෙන බවත් තිලංග පවසා සිටියා.

    [rns_reactions]

  • අල්ලස් ගෙන මාට්ටු වූ හිටපු නි.අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්නට වසර 4ක සිරදඬුවම්

    ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව පවසා කාන්තාවකගෙන් රුපියල් 50000/-ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු නියෝජ්‍ය ඇමති ශාන්ත ප්‍රේමරත්න මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත අවුරුදු 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

    ඊට අමතරව විත්තිකරුට රු. 10000/- ක දඩයක්ද කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා විසින් නියම කරන ලදි.

    2007.11.01 දින සහ 2007.12.26 දින අතර කාල සීමාව තුළදී ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියාවක් ලබා දෙන බව පවසා අම්පාර ප්‍රදේශයේ පදිංචි ජී. පුංචිනෝනා නැමති කාන්තාවකගෙන් රු. 50000/-ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විත්තිකාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව නඩු පවරා තිබුණි.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා තීන්දුව ප්‍රකාශ කරමින් මෙම විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. ඒ අනුව විත්තිකරුට මෙම දඬුවම ප්‍රකාශයට පත්කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කර තිබෙනවා.

    [rns_reactions]