Blog

  • තමන් නිසා අකාලයේ මියගිය දසුන්ට මඩගසා පත්තිනි අම්මා වෙන්න හදන නිළියගේ අමුතු සංගීත වීඩියෝව…

    දසුන් නිශාන්ගේ මරණය ශ්‍රී ලංකාව මහත් කම්පනයට ලක් කල සිදුවීමක්. එම සිදුවීම සමඟ බොහෝ දෙනෙකු රංගන ශිල්පිණී ශලිණි තාරකා සම්බන්ධ කරමින් චෝදනා නැගු අතර එහි සත්‍යයක් නැතුවාද නොවේ. විවාහක අයෙකු බව දැන දැනම දසුන් සමග හාදකමක් ඇතිකරගැනීමට තරම් ශලනි පහත තත්වයට පත්වුනේද? නැත්නම් දසුන් එයාව රවටාගත්තේද? ශලනි පාර්ශවය සදහන් කරන පරිදි දසුන් විසින් තම්න්ට කල රැවටීම පිළිබඳව හැගීම් සියල්ල කැටි කර ශලිනි තාරකා විසින් රචනා කල ගීතයක වීඩියෝවක් සහ එහි පසුබිම් කතාව මේ වනවිට දැඩි කතාබහට ලක්ව ඇත. දැන් දසුන් මියගොස් කාලයක් ගතව ඇත. මැරුණ මිනිහට මඩගහන පහත් නිලියක් නොවී තමන්ගේ පාඩුවේ සිටියා නම් එය තමන්ගේ නමට යහපත් බව කලාවට හිතැති ජනතාවගේ අදහස වී ඇත. ශලනි පාර්ශවය සදහන් කරන පරිදි දසුන්ගේ හදිසි මරණයට සති කිහිපයකට පෙර ඇය මෙම ගීතය නිර්මාණය කර ඇති අතර එය දසුන්ට ඇසෙන්නට සැලැස්වීම ඇගේ අරමුණ වී ඇත. නමුත් අද මේ ගීතය එළිදැක්වෙන මොහොත වන විට දසුන් සියලු දේ අතහැර නික්ම ගොස් අවසන්ය.

     

    [rns_reactions]

     

  • කටමැත දෙඩු ගීතාගේ මන්ත්‍රීකම අහෝසියි – සුවිශේෂි තීන්දුවක් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..!

    ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි..

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද (02) ප‍්‍රකාශයට පත් කළා.

    ඒ අනුව ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ.

    ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ මන්ත‍්‍රී ධුරය නීත්‍යනුකූල නොවන බව අභියාචනාධිකරණය තීන්දු කළේ ඉකුත් මැයි මස 03වැනිදායි. ඇය ශ‍්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයකු බැවින් ඇගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ ඡන්ද දායකයින් සිව්දෙනකු පෙත්සමක් ගොනුකළා. ඒ 2015 වසරේ මාර්තු මාසයේදීයි.

    එහි තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය නියෝග කළේ ගීතා කුමාරසිංහට මන්ත‍්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බවයි.

    අනතුරුව ඇය අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළා.

    ගීතා කුමාරසිංහ මන්ත‍්‍රීවරිය පිළිබඳ කතාබහක් මතුවීමත් සමග පාර්ලිමේන්තුවේ සෙසු මන්ත‍්‍රීවරුන්ටද ද්විත්ව පුරවැසිභාවය තිබේදැයි සොයාබැලීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කළා.

    ඒ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් කරන ලද ඉල්ලීමකට අනුවයි.

    එහිදී පාර්ලිමේන්තුවේ කිසිඳු මන්ත‍්‍රීවරයකුට ද්විත්ව පුරවැසිභාවය නොමැති බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකින් හෙළිවුණේ.

    [rns_reactions]
  • ජනපති මෛත්‍රීගේ සංකල්පය ක්‍රියාවට නංවමින් මෙවර අය-වැයෙන් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්?

    ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා වන යෝජනාව මෙවර අය – වැය ලේඛනයටත් ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. අය – වැය ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පසුගිය කාලය තුළ අදහස් ලබා ගැනීම සිදු කළ අතර එහිදී ඉදිරිපත් කර ඇති අදහස් හා යෝජනා අනුව ජනපති මෛත්‍රීගේ උපදෙස් පරිදි මෙලෙස පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

    [rns_reactions]

  • ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් අද උදේ වහන කොළඹ පාරවල් මෙන්න..

    අද උදෑසන කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා.

    බේස්ලයින් පාර, හෝර්ටන් පෙදෙස, කොල්ලුපිටිය සහ ගාලුමුවදොර අවට මාර්ගවල මෙලෙස රථ වාහන ධාවනය සීම කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

    උදෑසන 7.15 සිට උදෑසන 7.45 දක්වා කැළණි පාලම අසල සිට බේස්ලයින් පාර, බොරැල්ල ඩී. එස්. හන්දිය සහ එතැන් සිට හෝර්ටන් පෙදෙස, ආනන්ද කුමාරස්වාමි මාවත, ශාන්ත මයිකල් පාර, කොල්ලූපිටිය හංදියේ සිට ගාලුමුවදොර දක්වා රථ වාහන මෙලෙස ධාවනය සීමා කරනු ඇති.

    යළිත් එම මාර්ගවලම උදෑසන 9.15 සිට උදෑසන 9.45 දක්වා මෙම රථ වාහන ධාවන සැළැස්ම කි‍්‍රයාත්මකයි.

    ඕස්ටේ‍්‍රලියානු අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් මෙම විශේෂ රථ වාහන සැළැස්ම ක්‍රියාත්මක කෙරෙනවා.

    [rns_reactions]

  • හෙට රැස්වීමට එන්නේ නැති සියලු ශ්‍රීලනිප මන්ත්‍රීන් පක්ෂයෙන් මෙන්ම මැතිසභයෙන් දොට්ට..

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් හෙට (03) දිනයේ කැඳවා තිබූ හමුවකට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙන  අතර ඊට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට සහභාගි වන ලෙසයි දන්වා ඇත්තේ.

     

    ජනාධිපති මන්දිරයේදී හෙට පැවැත්වෙන එම සාකච්ඡාවට ජාතික ආණ්ඩුව සමග එක්ව සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් 41 ක් දෙනෙකු සහභාගිවීමට නියමිතව තිබෙන අතර හෙට සහභාගී නොවන සියලු මන්ත්‍රීවරුන්ව පක්ෂයෙන් මෙන්ම මන්ත්‍රීධුරයෙන්ද ඉවත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිටත් තීරණය කර ඇත.

    [rns_reactions]

     

  • දිවුලපිටියෙන් ඉවත් කළ රන්ජන් සියලු කුමන්ත්‍රණ පරදවමින් මුළු ගම්පහටම

    දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ සමාජ සවිබල ගැන්වීම් සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක ධුරයට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කරනු ලැබ තිබේ.

    එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඔහුට වැඩි වගකීමක් පැවැරීමට පක්ෂය තීරණය කර තිබේ.

    [rns_reactions]

  • අබුද්ධස්ස කාලේ පෙම් පලහිලව්වකට සිසුවියන් හතර දෙනකු සිසුවකුට මරණ තර්ජන කරලා

    සබරගමුවේ ප්‍රකට බාලිකාවක ශිෂ්‍යාවන් හතර දෙනකු තම නිවෙසට පැමිණ තමාට පහරදී ඝාතනය කරන බවට තර්ජනය කළා යැයි ශිෂ්‍යයෙක් කෑගල්ල පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. මෙලෙස පැමිණිල්ලක් කර ඇත්තේ ප්‍රදේශයේ පිරිමි විදුහලක 11 වැනි ශේ‍ර්ණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි ශිෂ්‍යයෙකි.

    ඔහු මාස කිහිපයක සිට බාලිකා විද්‍යාලයක 11 ශේ‍ර්ණියේ සිසුවියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන ඇත. එහෙත් මොහු මීට දින කිහිපයකට පෙර එම පාසල් ශිෂ්‍යාව සමඟ අමනාප වී ප්‍රේම සම්බන්ධතාවය අතහැර දමා තිබේ. සිත් වේදනාව නිසා එම ශිෂ්‍යාව දින කීපයක් පාසල් පැමිණ නැත. පසුව තම පන්තියේ හොඳම මිතුරියන් හතර දෙනාට මේ බව දන්වා ඇත. ඇගේ මිතුරියන් හතර දෙනා පසුගිය දිනක සිසුවාගේ නිවෙස සොයා ගෙන ගොස් තම යෙහෙළිය කනස්සල්ලෙන් සිටින බවත් නැවත ප්‍රේම සම්බන්ධතාව ගොඩනඟා ගන්නා ලෙසත් දන්වා තිබේ. නැවත ඇය සමඟ යහළු නොවුණොත් තරුණයන් පිරිසක් යොදවා පහර දී ඝාතනය කරන බවත් එම සිසුවියන් හතරදෙනා ඔහුට තර්ජනය කර ඇත.

    සිසුවා කළ පැමිණිල්ලෙන් පසු පෙරේදා (31දා) එම සිසුවාත් තර්ජනය කළ සිසුවියනුත් පොලිසියට ගෙන්වා සිද්ධිය සමථයකට පත් කර ඇත.

    [rns_reactions]

  • රෝසි කොළඹ පුරපති සටනට.. නියත වශයෙන්ම රෝසි විපක්ෂ නායක බවට ශ්‍රීලනිපයෙන් ප්‍රකාශයෙන්

    අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී රෝසි සේනානායක මහත්මිය එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ එ.ජා.ප. පුරපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

    කාන්තා හා ළමා රාජ්‍ය ඇමැතිනිය ලෙස කලක් කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය මැලේසියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය වන අතර නැඟෙනහිර කොළඹ එ.ජා.ප. ආසන සංවිධායකවරියද වෙයි.

    කෙසේවෙතත් මැතිවරණය අවසානයේදී රෝසිට සිදුවන්නේ විපක්ෂ නායක පුටුවට වී සුසුම් හෙලීමට පමණක් බව මේ පිලිබදව විමසු විට අදහස් දක්වමින් ශ්‍රීලනිප ප්‍රබලයෙක් පැවසිය. විශේෂත්වය වන්නේ ඔහුද කොළඹ පුරපති සිහිනය දකින්නෙකු වීමයි..

    [rns_reactions]

  • උතුම් ජාතික ගීයට ගරු නොකරන එජාප නායක රනිල්ගේ අජුත වීඩියෝවක් කරලියට..

    අගමැති රනිල් ජාතික ගීයට ගරුකරන අපුරුව…

    https://www.facebook.com/NewsfirstSL/videos/1718967691496815/

    [rns_reactions]

  • ”මගේ තාත්තා පොල් ලෙලි ගහලා තමයි මාව පාසල් යවන්නෙ”ඔයාලා ඇයි මට මෙහෙම කලේ..?

    2017 වසරේ දිවයිනේ පාසල් රැසක තරඟකරුවන් අභිබවා යමින් සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලියකදී සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය හිමිකරගත් පුත්තලම කල්අඩිය විද්‍යාසාගර විද්‍යාලයේ කසුනි දේශානි නම් දියණියකගේ  රන් පදක්කම සහ ඇයගේ සියළු සහතික පසුගිය 29 වන දින කිසියම් පිරිසක් විසින් සොකම් කර තිබුනා. 

    පාසලට ඉමහත් ගෞරවයක් එක්කර දුන් මෙම සම්මාන සහ සහතික පත්‍ර පාසලේ ආරක්ෂක කැබිනට්ටුවක තිබියදී මෙම පිරිස විසින් සොරා ගෙන තිබෙන්නේ. පාසලට ඇතුලත් වූ මෙම කණ්ඩායම පාසලේ වහලයේ උළු ඉවත් කරමින් පසුව සිවිලමද කඩා පාසල් ප්‍රධාන කාර්‍යාලයට ඇතුලත් වී තිබෙනවා. එහිදී කාර්‍යාලයේ තිබූ සියළුම කබඩ්වල ඉබි යතුරු කඩා දමා මෙම පදක්කම් සහ පාසලේ තිබූ රුපියල් 4000 ක පමණ මුදලක්ද රැගෙන ගොස් ඇති බව පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා.

    තම සහජ කුසලතාවයෙන් පාසලට විශාල ජයග්‍රහන තොගයක් අත්කර දුන් මෙම දැරියගේ කතාවනම් ටිකක් සංවේදියි. තමන්ට අහිමි වුන දේ ගැන ඇය කිවුවෙ මේ විදියට.

    මගේ තාත්තා පොල් ලෙලි ගහලා තමයි මාව පාසල් යවන්නෙ. එහෙම තත්වයක් තුල තමයි මම මේ ජයග්‍රහනය ලැබුවෙ. මේ ජයග්‍රහනය මටයි පාසලටයි ගොඩක් වැදගත්. කවුරු හරි කාත් එක්ක හරි තරහකට මේ දේ කරානම් අනේ ඔයාලට වැඩක් නැහැ. අනික ඒවා රත්තරං වලින් හදපු ඒවත් නෙමෙයි. ඒ හින්දා කරැණාකරලා මට ඒවා ගෙනත් දෙන්න නැත්තම් පාසලට ගෙනත් දාන්න.

    එසේම මේ සිදු වීම නිසා පාසලේ විදුහල්පතිතුමා ඇතුලු ගුරුමණ්ඩලයද දැඩි ලෙස කම්පාවට පත්ව සිටින අතර මෙම දැරියගේ මානසික මට්ටම යහපත් තත්වයේ තබා ගැනීම සඳහා ගුරුවරුන් දැඩි කැපවීමකින් ක්‍රියා කරන බවද සඳහන් වෙනවා.

    [rns_reactions]

  • හොඳම ක්‍රීඩකයා රංගන- වැඩිම සම්මාන තවත් ක්‍රීඩකයෙකුට – සම්මාන ගත් ක්‍රිකට් තරු මෙන්න

    වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිිමි සම්මානයෙන් පිදුම් ලැබීමට රංගන හේරත් ඊයේ (31) රාත‍්‍රියේ සමත් වුණා.

    ඒ, ඩයලොග් ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේදීයි. 2016 වසරේ  දක්ෂතා පදනම් කර ගනිමින් මෙම සම්මාන ප‍්‍රදානය සිදු කෙරුණා.

    එහිදී වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ද හිමි වූයේ රංගන හේරත්ටයි.

    මෙම සම්මාන රාත‍්‍රියේ වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලැබූ ක‍්‍රීඩකයා බවට පත්වීමට තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න සමත් වුණා. ඔහුට හමිවූ සම්මාන සංඛ්‍යාව 04ක්.  ඒ අතරට පන්දුවාර විස්සයි විස්ස හොඳම පිතිකරු, විස්සයි විස්ස හොඳම තුන් ඉරියව් ක‍්‍රීඩකයා, එක්දින හොඳම තුන් ඉරියව් ක‍්‍රීඩකයා සහ මතු බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩකයාට හිමි සම්මාන අයත්. 

    වසරේ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරා සම්මාන දිනා ගත්තා.

    හොඳම ටෙස්ට් පිතිකරු ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ධනංජය ද සිල්වායි. හොඳම එක්දින පිතිකරු කුසල් මෙන්ඩිස්. සුරංග ලක්මාල් හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

    පන්දුවාර විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංගයි.

    වසරේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා. 

    [rns_reactions]

  • සියළු චෝදනා වලට පිළිතුරු දෙමින් අද සිට නව මැතිවරණ ක්‍රමයට ඉඩ…

    දිනෙන් දිනම කල්යමින් ඇති පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනයට විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද (01) අත්සන් තබනවා.

    ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ ඉදිරියේදී මැතිවරණය පැවැත්වීමට පහසුකම් සැලසෙනු ඇති.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් කමල් පද්මසිරි සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය අද දිනය තුළ ප‍්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි. 

    නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ පළාත් පාලනය සම්බන්ධයෙන් පැවැති ගැටලූව ද ඊයේ (31) අවසන් වුණා. ඒ මෙතෙක් පළාත් පාලන ඒකක දෙකක් ලෙස පැවැති නුවරඑළිය දිස්ත‍්‍රික්කය ඒකක 6කට බෙදා වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමගයි.

    ඒ අනුව නුවරඑළිය බලප‍්‍රදේශයට කොටගල සහ ආගරපතන ලෙස අලුතින් ප‍්‍රාදේශීය සභා දෙකක් එක්වනු ඇති. නොර්වුඩ් සහ මස්කෙළිය ලෙස අලුතින් බලප‍්‍රදේශ දෙකක් එක්වන්නේ අඹගමුව බල ප‍්‍රදේශයටයි.

    කෙසේවෙතත් මෙතෙක් බහුතර බෞද්ධ ජනතාවක් ජීවත් වන අඹගමුව ප‍්‍රාදේශීය සභා බලප‍්‍රදේශයට අයත්ව තිබූ ශ‍්‍රී පාදස්ථානය මේ හේතුවෙන් තම ප‍්‍රදේශයෙන් ඉවත්ව ගොස් ඇති බව පවසමින් ප‍්‍රදේශවාසීන් ඊයේ දිනයේ ද විරෝධතාවල නිරත වුණා. 

    කන්ද උඩරට ප‍්‍රගතිශීලී ජනතා ව්‍යාපාරය මෙම උද්ඝෝෂණයේදී ඉල්ලා සිටියේ ශ‍්‍රී පාදස්ථානය අඹගමුව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයටම ඇතුළත් කරන ලෙසයි.

    නව තීරණයට විරෝධය පළකරමින් පිරිසක් ඉදිරියේදී අධිකරණ කි‍්‍රයාමාර්ග ගැනීමට ද සූදානම් වනවා. එසේ වුවහොත් යළිත් පළාත් සභා මැතිවරණය කල්යාමට ඉඩ ඇත්දැයි නෙත් නිවුස් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිගෙන් විමසීමක් කළා.

    අධිකරණ කි‍්‍රයාමාර්ගයකට එළඹුණහොත් එහි ප‍්‍රතිඵල ලැබෙන කාලය පිළිබඳ නිශ්චිතව කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

    මේ අතර අම්පාර කල්මුණේ සයින්දමර්දු ප‍්‍රදේශයට ප‍්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන හර්තාල් ව්‍යාපාරය දෙවන දිනටත් ඊයේ කි‍්‍රයාත්මක වුණා.

    1987 වසරේදී කල්මුණේ නගර සභා බල ප‍්‍රදේශයේ පිහිටුවූයේ සයින්දමර්දු ඇතුලූ ප‍්‍රදේශ කිහිපයක් සම්බන්ධ කරමින්. හර්තාලයට එක්වූවන් පවසන්නේ තමන්ට කල්මුණේ නගර සභා බල ප‍්‍රදේශයෙන් වෙන්වීමට අවශ්‍ය බවයි.

    මේ අතර පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී කල්පිටියේ ජනතාව වෙත අසාධාරණයක් සිදුව ඇති බවට ද චෝදනා එල්ල වෙනවා. 

    https://www.facebook.com/nethnewsofficial/videos/1461448223952835/

    [rns_reactions]

  • කළුතර – අළුත්ගම බස්‌ රථවලදී කාර්යාල නිළධාරිනියන්,සිසුවියන් කතුන්ට ලිංගික හිංසා…!

    මාර්ග අංක 400 ඔස්‌සේ කළුතර සිට අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල කාන්තාවන් අපහසුතාවට ලක්‌කරන විකෘති ලිංගික ආශාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් වැඩි වශයෙන් සිටින බවට එම බස්‌රථවල ගමන් ගන්නා මගීහු පවසති. දහවල් කාලයට වඩා සවස 5.00 න් පසු මෙම බස්‌රථවල මෙවැනි පුද්ගලයන් රංචු ලෙසින් ගමන් ගන්නා බවට තොරතුරු ලැබී තිබේ.
     
     කාර්යාල නිලධාරිනියන්, ඇඟලුම් ආයතනවල සේවිකාවන් මෙන්ම පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වූ සිසුවියන් ඇතුළු විශාල කාන්තාවන් පිරිසක්‌ සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළින් අළුත්ගම දක්‌වා ධාවනය වන බස්‌රථවල ගමන් කරති. කෙසේ හෝ රෑබෝවීමට පෙර තම නිවෙස්‌ බලා යැමට බස්‌රථ තුළ සිටගෙන සිරවී ගමන් කරන ඕනෑම තරාතිරමක කාන්තාවන් හා තරුණියන් මෙම විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන්ගේ තාවකාලික වින්දනයන්ට ගොදුරු වේ.
     
     සෑම දිනකම සවස්‌ කාලයේදී කළුතර බස්‌නැවතුම්පළ තුළ නිකරුණේ රැඳී සිටිමින් දිනයේ අවසන් වරට ධාවනය වන බස්‌රථවලට ගොඩවී තම පහත් ආශාවන් සන්තර්පනය කරගැනීමට මෙම පුද්ගලයන් ලබා ඇත්තේ මනා පුහුණුවකි. බසයේ පිටුපස දොරටුවෙන් ඇතුළුවන මොවුන් බසයේ ඉදිරිපස දොරටුවට ළඟාවනතෙක්‌ කාන්තාවන් හා තරුණියන් කීප දෙනෙකුම තම බාල ආශාවන් සන්සිඳුවා ගැනීම සඳහා රහසේ ග්‍රහණයට ලක්‌කර ගන්නා බව පාසල් සිසුවියෝ පවසති.
     
     කළුතර – අළුත්ගම බස්‌රථවල ගමන් ගන්නා කාන්තාවන් අපහසුතාවට පත්කරන විකෘති ලිංගික ආශාවන් ඇති නොමිනිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශ කීපයකම කාන්තාවෝ වගකිවයුතු ඉහළ පොලිස්‌ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

    [rns_reactions]

  • අධික ලාභය ජනතාවට හිමිකරදෙමින් පෙට්‍රල් හා ඩීසල් මිල අද හෙටම අඩුවන ලකුණු..!

    ඉදිරි දින කිහිපයේදී  තෙල් මිල අඩු කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

    පසුගිය මාස කිහිපයේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති ප්‍රගතිය සහ අයවැය ඉලක්ක කර මෙම තීරණය ගෙන ඇති බවද වාර්තා වේ. 

    ඊයේ (31දා) ඛනිජතෙල්  අමාත්‍යාංශයේදී තොග සමාලෝචන කමිටුව රැස්වී ඇති අතර, එහිදීද මේ බව සාකච්ඡා වී තිබේ.

    ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය අගෝස්තු මාසයේදී රුපියල් මිලියන 7,729ක්ද, සැප්තැම්බර් මාසයේදී රුපියල් මිලියන 9,630ක්ද වූ බව පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අණාවරණය  විය.

    ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඩීසල් සහ පෙට්‍රල් මිල සැලකිය යුතු මට්ටමින් අඩු කිරීමට තීරණය වී ඇති බව වාර්තාවෙයි.

    [rns_reactions]

  • මෙවර අය වැයෙන් සහන රැසක් අත්වන ලකුණු – සම්පූර්ණ විස්තරය මෙන්න

    2018 අය වැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක  මිල ගණන් අඩු කෙරෙනු ඇතැයි දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි. 

    මෙම භාණ්ඩ දැනට රජයේ මිල පාලනයට යටත් කර ඇති භාණ්ඩ වර්ග බවද කියැවෙයි.

    මේ හැර සී.සී 1000ට අඩු කාණ්ඩයේ කුඩා වාහන වර්ගවල මිල ඉතා සුළු වශයෙන් අඩුවීමට ඉඩ ඇතැයිද කියවේ.

    බොහෝවිට වාහන සඳහා නියම කෙරෙන බදු ඉදිරියේදී කිසියම් මිල සූත්‍රයක් අනුව අය කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට පැවසීය.

    මේ අතර පෙට්‍රල් හා ඩීසල් මිලද සැලකිය යුතු ප්‍රමණයකින් අඩු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.පසුගිය සමය තුළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ ලාභය මීට හේතුවී තිබේ.

    මුදල් අමාත්‍යවරයා නොවැම්බර් මස 9 දා අය-වැය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    [rns_reactions]

  • ඒකාබද්ධ මුසා බස් වලට රැවටී නොමග ගිය නිදහස් පාක්ෂික ප්‍රබලයන් යලිත් මෛත්‍රී සෙවනට..

    ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රචාරක ව්‍යාපෘති සමඟ සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් යළිත් ජනාධිපතිවරයා සමඟ දේශපාලන කටයුතු කිරීමට එකගතාව පළ කර ඇත. මේ පිරිස ඉදිරි සතියේ දී ජනාධිපතිවරයා මුණගැසීමට අවස්ථාවක් ඉල්ලා ඇති බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අනාවරණය වේ. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සුළු පක්ෂ නායකයන් හැර අනෙකුත් කණ්ඩායම් සමඟ ආණ්ඩුවට එකතු වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට ද මේ පිරිස සූදානම් වේ. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ කණ්ඩායමක් ලෙස නැවත ශ‍්‍රීලනිපය සමඟ එක්වීම ය. මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යෙෂ්ඨයකු සමඟ මේ පිරිස සාකච්ඡා කර ඇති අතර, අදාළ ජ්‍යෙෂ්ඨයා විසින් ජනාධිපතිවරයා සමඟ මොවුන්ගේ පණිවුඩය පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. එහි දී අදාළ පිරිස විශේෂයෙන් අවධාරණය කර ඇත්තේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ශී‍්‍රලනිප පාක්ෂිකයන් ළගට නොගියහොත් තමන්ගේ අනාගත දේශපාලනයට තිත තැබෙන බවයි.

    [rns_reactions]