Blog

  • සුපර් ස්ටාර් තුලින් මුළු රටේම ආදරය දිනාගත් ශිහාන් මිහිරංගගේ අද තත්වය මෙන්න..

    අපේ රටේ වර්තමාන සංගීත පරපුරේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ගිය තරුවක් තමයි ශිහාන් මිහිරංග කියන්නෙ. යෞවනයේ සිහින කුමරා ලෙසින් හඳුන්වන ශිහාන්ගේ අලුත්ම තොරතුරු ඔහු පහුගිය දවසක මාධ්‍යට කියලා තිබුණා.
     
    ශිහාන් මිහිරංග කියන ගායකයා ජීවිතේ වැඩියෙන්ම සතුටක් ලබන්නේ මොනවගේ දේවල්වලින්ද කියලා මුලින්ම කියන්න?
    නිදහස තුළින්…. මේ හැමදේකින්ම නිදහස් වෙලා ගෙවන තත්පරය පවා මට ලොකු සතුටක්.
     
    එතකොට ඔබ වැඩියෙන්ම දුක් වෙන්නේ…?
    මම ජීවිතය ගොඩනගන විට බිංදුවට වැටුණු අවස්ථා තිබුණා. රැවටීම්වලට ලක්වූ අවස්ථා තිබුණා. වැරදුණු අවස්ථා තිබුණා. ඒවා කියන්න ගියොත් මේ රටේ ප්‍රසිද්ධ චරිත කීදෙනකුට එළියට එන්න වෙයිද දන්නෑ.
     
    ඔබට දුක් දුන්නේ ප්‍රසිද්ධ චරිතද?
    මම කතා කරන්නේ අවුරුදු 19 වෙනකල් ගෙවිලා ගිය සැහැල්ලු ජීවිතේ නමෛයි. කිසිදෙයක් දන්නේ නැති අවුරුදු 19ක පාසල් ශිෂ්‍යයකු විදියට ක්‍ෂේත්‍රයට ඇවිල්ලා මේ අවුරුදු 12 තුළ විඳි අනන්ත අප්‍රමාණ අත්දැකීම් හා ඊට දායක වූ අය ගැන.
     
    ඒවා ප්‍රසිද්ධියේ කියන්න ගියොත් ඇති වන අතුරු ප්‍රශ්න ශිහාන්ට තවත් දුකක් එකතු කරයි කියලා බයක් තියෙනවාද?
    කිසිම බයක් නැහැ. ඉදිරියේදී මම ‍පොතක් විදියට ඒ සිදුවීම්වලට සම්බන්ධ අයගේ නම් ගම් සහිතව ඒ හැමදේම ලියනවා. කලාවට එන අලුත් කොල්ලෙකුට මුහුණ දෙන්න සිදුවන සැබෑම කටුක අත්දැකීම් ඇතුළත් ඒ ‍පොත නිකුත් වුණාට පස්සේ මම ‍නෙවෙයි බොහෝ ප්‍රසිද්ධ, ප්‍රවීණ චරිත නම් බයවෙයි.
     
    කලාව හැරුණාම සමස්ත ජීවිතය තුළදීම විඳි සතුටුදායක හා දුක්බර අත්දැකීම් සිහිපත් කළොත් ?
    අවුරුදු 28 වෙද්දී මම තාත්තා කෙනෙක් වුණා. 30 වෙද්දී දරු දෙන්නෙකුගේ තාත්තා කෙනෙක් වුණා. ඒක තමයි සතුටුම අත්දැකීම. දුක්බර අත්දැකීම මගේ තාත්තාගේ අභාවය. ඇත්තටම තාත්තා නැතිවුණ දා දැනුණු දුකට වඩා දුකක් දැනෙන්නේ අද ජීවිතේ යම් ප්‍රශ්න ආවම “තාත්තා හිටියනම්” කියන හැඟීම හිතට එන වෙලාවටයි.
     
    අද තිස් දෙවැනි වියේ ඉඳන් සුපර් ස්ටාර් තුළින් ආපු 19 වැනි වියේ පසුවූ හුරුබුහුටි ගැටවරයා සිහිපත් කරන කොට දුකක් හිතට එනවාද?
    දුකක් එන්නෙත් නැහැ. සතුටක් එන්නෙත් නැහැ. ලොකු ලැජ්ජාවක් නම් එනවා. (මහ හඩින් සිනාසෙයි)
     
    ඇයි ඒ ?
    මට මතකයි ඒ දවස්වල ගෑනු ළමයිගෙන් මට ලොකු ආකර්ෂණයක් තිබ්බා. ඒවා දකින කොට සමහර කොල්ලෝ කියනවා. “ඇයි මූට මැරෙන්න හදන්නේ… මූට මොනවාද තියෙන්නේ” කියලා. වයස 19-20 මගේ පින්තූර, වීඩියෝ අද දකිද්දී මට පෙනෙන්නේ ඇට සැකිල්ලකට ඇඳුමක් අන්දලා වගේ පෙනුමක්. ඒ පින්තූර දකිද්දී මටත් අද හිතෙනවා “කෙල්ලෝ මූට මැරෙන්න හැදුවේ ඇයි… මූට මොනවද තියෙන්නේ” කියලා.
     
    ඒ කියන්නේ ශිහාන් වඩා සතුටු වන්නේ අද තියෙන පෙනුමට…?
    නෑ. හෙට දවසේ පෙනුමට. රැවුල ටිකක් සුදුවෙලා, කොණ්ඩෙ ලාවට සුදුවෙලා, මූණ ටිකක් වෙනස් වෙලා, ඇඟපතත් වෙනස් වෙලා වැඩිහිටි බවක්, පරිණත පෙනුමක් ලැබෙන තුරු මං ආශාවෙන් බලාගෙන ඉන්නවා.
     
    ශිහාන් තැනකට ගියාම ගෑනු ළමයි පිස්සු වැටිලා වටකර ගත්තු යුගය අද සිහිවන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? 
    සතුටකුත් නමෛයි, දුකකුත් නමෛයි. සාමාන්‍ය හැඟීමක්.
     
    ඔහොම කිව්වට විවාහයත් එක්ක කාන්තා ආකර්ෂණය අඩුවෙලා ගිය එක ගැන නම් පුංචි දුකකුත් හිතේ ඇති?
    (හිනැහී) අවිවාහක තරුණයන්ට ලැබෙන කාන්තා ආකර්ෂණය නම් විවාහයත් එක්ක නැතුව ගියා. හැබැයි ඉතින් විවාහක පිරිමින්ට ආකර්ෂණය වන කාන්තාවෝ පිරිසකුත් මේ රටේ ඉන්න බව ඔයා තවම දන්නේ නැතුව ඇති.
     
    මම ඕක ඔය විදියටම ලියන්නම්. හැබැයි ඔබේ බිරිඳ මේ පුවත්පත් ලිපිය කියවීමෙන් ඇතිවන ප්‍රතිඵල ඔබට ලොකු දුකක් ඇති කරන්න බැරි නැහැ.?
    මගේ බිරිඳට කලා ලෝකයේ ස්වභාවය ගැන හොඳ වැටහීමක් තියෙනවා. අදටත් මගේ කාමරේ බිත්ති පුරා ඉන්නේ කාජල්. ඒත් කාජල් බැඳලා ළමයිනුත් ඉන්නවා. මට අද කාජල්ව බඳින්න ලැබුණොත් මම මෙයාව බඳිනවා කියලා මම බිරිඳට දැනටත් කියන අවස්ථා තියෙනවා. අදත් ශිහාන් මිහිරංගට ආදරේ කරන කාන්තාවෝ ඉන්න බව බිරිඳ දන්නවා. ඒත් ඇය ඒ ගැන කලබල වෙන්නේ නැහැ.

    [rns_reactions]

  • එංගලන්තේ රැජිනගෙනුත් සම්මාන අරගෙන ලංකාවේ නම ඉහලින් තැබූ නුවර අවුරුදු 22 සුරූපී තරුණිය.

    ජීවිතය, ගලන ගඟක් දිගේ යන පුංචි බෝට්ටුවක් වගේ. බාධක එමටයි. දිය වැල්, ගල්පරවලට අහුවෙලා, තැලෙන පොඩිවෙන වාර අනන්තයි. දිය ඇලි දිගේ පල්ලම්වලින් ඇදගෙන වැටෙනකොට දැනෙන ගැස්ම, රිදුම කොයිතරම්ද කියන්න බැරි තරම්. හැබැයි සුමට ව, නිසල ව ඔහේ සතුටින් ජල තලේ දිගේ පාවෙලා යන මොහොතකුත් තියෙනවා.නමුත් ජීවිතය දිගේ හුස්ම ගණන් කර කර ගිහින්, දවසක ලස්සන විල් තෙරක් ගාව අපූරු අන්තයක් වන අය අපිට හමුවෙනවා. එහෙම ගලාගෙන යන ජීවිතයක උරුමකාරියක්ව අපිට හමුවෙනවා. ඇය කාවින්ද්‍යා තෙන්නකෝන්. තාම අවුරුදු 22ක් වුණාට ජීවිතේ මහා අත්දැකීම් ගොඩක් සහ වටිනාකම් රැසක් එකතු කර ගත්තු යුවතියක්.

    මේ ඇය කියන ඇයගේ ජිවිත කතාවයි.
    මම ඉපදුණේ නුවර. මගේ තාත්තා තමයි වැලිකඩ බන්ධනාගාරේ ප්‍රධාන ජේලර් විදිහට කටයුතු කරේ. එයා නීතිය අකුරට ම කරපු කෙනෙක්. ඒ නිසා ම මට අවුරුදු දෙකක් වෙද්දී තාත්තාව වෙඩි තියලා මරලා දානවා.ඊට පස්සේ අම්මා මාව අරන් අම්මගේ ගම වන, දැරණියගල ටික කාලයක් ජීවත් වෙලා කොළඹට එනවා. ඒත් මට ඉස්කෝලයක් හොයාගන්න බැරි වෙන නිසා මාව ඇතුළු කරන්නේ ලයිසියම් එකට. ඉස්කොලෙන් අවුට් වෙලා, කැම්පස් යන්න මං බලාගෙන හිටියේ. ඒත් ශිෂ්‍යත්වවලට ඉල්ලුවාට ලොකු සපෝර්ට් එකක් හම්බුණේ නැහැ.

    පස්සේ මම ඉගෙන ගෙන නැවතත් දැරණියගල අම්මගේ ගමට ගියා.පුංචි කාලේ ගමේ මං එක්ක සෙල්ලම් කරපු මගේ යාළුවා ඒ වෙද්දී බැඳලා ගාමන්ට් යන්න පටන් අරගෙන තිබුණා. එයා මට වැඩිය ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට අවුරුදු 17යි එතකොට. මට ඒ වෙලේ හිතුණා ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට ඕනි වෙනවා මේ ක්‍රමේ වෙනස් කරන්න. මං ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක කතා කරලා, පොඩියට ඉංග්‍රීසි පංතියක් පටන් ගන්නවා. එහෙම තමා 2014 දී “without boarders”පළවෙනි පියවර බිහි වෙන්නේ.

    පුංචි කාලේ ඉඳන් මගේ අම්මා මට තනියම ජීවත් වෙන්න හුරු කරා. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙලා, මට අවුරුදු 17ක් විතර කාලේදී අම්මා කියනවා, අම්මා ආපහු දැරණියගල පදිංචියට යනවා. ඔයා තනියම දැන් කොළඹ ජීවත් වෙන්න පටන් ගන්න ඕනි කියලා. ඉතින් මං තනියම කාමරයක් අරගෙන, රස්සාවක් කරගෙන, උයාගෙන කාලා, ජීවත් වෙන ගමන් මගේ යාළුවෙක් වුණ සකි ආරියවංශ එක්ක “without boarders”හරහා ඈත ගම්වලට ගිහින් පුංචි දරුවන්ට උදව් කරනවා. එයාලට උගන්නනවා.

    අධ්‍යාපනය, නිර්මාණශීලීත්වය එක්ක ඉස්සරහට යන්නේ කොහොමද? ජීවිතය, ප්‍රශ්න, හැමදේම එයාලට කියලා දෙනවා. ඒ අතරේ UN එකේ වැඩ කරනවා. බාලදක්ෂිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ කාලෙදියි එංගලන්තයේ මහා රැජින විසින් දෙන Queen’s Young Leaders – 2015 සඳහා මාව තේරෙන්නේ. ඒ හරහා සම්මානයකට වඩා එහා ගිය දැනුමක්, අත්දැකීමක් මට ලැබෙනවා. සම්මානය ලැබෙද්දී රැජින මගෙන් අහනවා, මං ලංකාවේ කරන දේවල්. මට කියන්න පුළුවන් වුණා මං කරන අධ්‍යාපනය සම්බන්ධ ව්‍යාපෘති ගැන. රැජින එහෙම හැමෝමට ඇහුම්කන් දුන්නා.

    ඊළඟට ඇමරිකාවේ බොස්ටන්වල චෙල්සි කොලේජ් එකේ අවුරුදු දෙකක් ඉගෙනගෙන, තුන්වෙනි අවුරුද්ද සම්පූර්ණ කරන්න මං එංගලන්තේ ඔක්ස්පර්ඩ් සරසවියට එනවා. ඒ මානව විද්‍යාව ගැන උපාධිය හදාරන්න. ඒ කිසිම දෙයක් ලේසි වුණේ නැහැ. මොකද මගේ ළමා කාලය, පාසල් ගාස්තු පවා හරි වෙලාවට ගෙවන්න අසීරු වුණ කාලයක්. අපිට තිබුණෙ තාත්තාගේ පෙන්ෂන් එක විතරයි. ඒ කාලේ දවසකට කෑම වේල් දෙකක් හම්බෙනවා කියන්නේ ලොකු දෙයක්. අපිට ලොකුවට දේපල, බැංකුවල සල්ලි තිබුණෙ නැහැ. ගොඩක් ආර්ථික අපහසුතා මැද්දේ මගේ අම්මා එක්ක ගෙව්ව ජීවිතෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.

    නුගේගොඩ ඉඳන් ඉස්කොලේ ඇරිලා, බස් එකේ යන්න සල්ලි නැති කාලේ ජනක ඉනිමන්කඩ අංකල්ගේ බුක්ෂොප් එකට ගිහින් පොතක් කියවන්න මං පුරුදු වෙලා හිටියා. ජනක අංකල් ඒ දුන්නු අවස්ථාව මගේ ජීවිතේට කියාගන්න බැරි තරම් වටිනාකමක් එකතු කරා. ජීවිතේට ගොඩක් දේවල් එකතු වුණේ මං ලබාගත්තු දැනුමෙන්, අත්දැකීම්වලින්. මට තාම අවුරුදු විසි දෙකයි. ඒත් ප්‍රශ්න දිහා, සමාජේ දිහා මං දැක්ක විදිහ අවුරුදු 16,19,22 දී එකිනෙකට වෙනස්. මම සමහර වෙලාවට චිත්‍ර ඇඳලා ප්‍රශ්නවලට උත්තර හොයන ජාතියේ කෙනෙක්.
    මම කිසි ම දෙයක් නැතිව පටන් ගත්තු කෙනෙක්. හැබැයි මට තීරණ ගන්න නිදහස තිබුණා. ඒ වගේ ම දෙයක් වෙනුවෙන් කතා කරන්න, පෙනී සිටින්න අපිට පුළුවන්කම තියෙන්න ඕනි කියලා මගේ අම්මයි තාත්තයි මට පුංචි කාලේ ඉගැන්නුවා. මගේ තාත්තා වුණත් එදා වැරැද්ද වෙනුවෙන් කතා නොකර හිටියා නම් අද ජීවතුන් අතර. අපිට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. ඒත් හරි දේ කරන එකයි මගේ අරමුණ.

    පුංචිකමට කාවින්ද්‍යා වචන ගලපන විදිහට මමත් ආසාවෙන් ඇහුම්කම් දුන්නා. ඇත්තට ම ඇය වයසට වැඩිය හිතන, අත්දැකීම්වලින් පරිණත, දක්ෂ ගෑනු ළමයෙක්. හැමෝටම ආදර්ශයක් දෙන්න පුළුවන් කෙනෙක්. ජීවිතේ හම්බුණ විදිහට භාරගෙන, වෙන දෙයක් බලාගෙන ඉන්නවට වැඩිය… විඳවන ජීවිත විඳින්නේ කොහොමද කියලා අත්දැකීමෙන් දැන අඳුර ගත්තු කෙනෙක්. අපූරු චරිතයක්. වටිනා හදවතක්. අන්න ඒ නිසයි, ඇය ගැන මං සටහනක් තියන්නෙ.

    පහතින් එම තරුණියගේ පින්තුර සහිත වීඩියෝවක් පහතින්.

    [rns_reactions]

  • රවී චම්පිකට ‍නෙලයි – Exclusive

    මේ පවසන්න යන්නේ ඉතාම ගුජුප්සායජනක කථාවකි. කථානායක මෙගා පොලිස් ඇමති චම්පික රණවකය. තවත් ඉත්තෙක් සිටී. එනම් පසුගිය රජය සමයේ නිවාස සංවර්ධන අධිකාරියට රිංගවූ ගෝඨාගේ ගෝලයා බ්‍රිගේඩියර් සමරසිංහයි. වත්මන් රජයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදෙන වැඩපිලිවෙල යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාවට නිවාස 281 ලබාදීම වෙනුවෙන් උත්සවයක් පැවැත්වුනි. මෙය ජනතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත විය.

    ඉන් අනතුරුව නිවාස ව්‍යාපෘතිය ඉදිකරන ලද භූමියේ සිටි කලින් පදිංචි ජනතාව නොසන්සුන් විය. හේතුව නම් ඔවුනට නිවාස ලබාදෙන පොරොන්දුව පිට ඔවුන්ගේ පැරණි නිවෙස් කඩා දමා අලුතින් නිවෙස් ඉදිකරන තුරු ඔවුනට රජයෙන් කුළී ගෙවා නිවාස ලබාදෙන ලදී. නමුත් ව්‍යාපෘතිය අවසන් විය. නිවාස අහිමි වූ මෝදර මට්ටක්කුලිය වින්දිතයන් හට එම නිවාස ලැබී නැත. නිවාස ලබාදී ඇත්තේ ප්‍රදේශයෙන් පිටස්තර ජනතාවටය. එම නිවාස ලබා දී ඇත්තේද රුපියල් ලක්ෂ 6ක මුදලක් ලබාගැනීමෙන් අනතුරුවය.

    නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් තම ඉඩම් සහ නිවාස ලබාදුන් මෝදර සහ මට්ටක්කුලිය ප්‍රදේශයේ ජනතාවට තාවකාලික පදිංචිය සඳහා රජයෙන් කුලී ගෙවීමද නතර කරන ලද්දේ නිවාස ව්‍යාපෘතිය අවසන්ව ඇති නිසාය. නමුත් ඔවුන්ට නිවාස ලැබී නැත. මෙහි ගුජුප්සායජනක කථාව මෙයයි. අහිංසක අසරණ ජනතාව එලවා දමා මුදල් ඇති අයට නිවාස ලබාදීමට ඇමති චම්පික හා විශ්‍රාමික බ්‍රිගේඩියර් සමරසිංහ කටයුතු කර ඇත. මෝදර මට්ටක්කුලිය ප්‍රදේශයේ නිවාස සහ ඉඩම් අහිමි ජනතාවට නිවාස සඳහා ලක්ෂ 6 බැගින් ලබාදීමට වත්කමක් නැත. ඒ බව දැනගත් චම්පික ඇමතිවරයා සහ නිවාස සංවර්ධන අධිකාරියේ බ්‍රිගේඩියර් සමරසිංහ නැමති ගෝඨාභයගේ චග්ගෝල හිතවතා මුදල් වත්කම් ඇති පිටස්තර අය හට එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 6 බැගින් ලබාගෙන නිවාස ලබාදී ඇත. ඉන් ලක්ෂ 5ක් චම්පික ඇමතිවරයාටත් රුපියල් ලක්ෂයක් බ්‍රිගේඩියර් සමරසිංහ හටත් පෞද්ගලික පරිහරණය සඳහා ලබාගෙන ඇත. මෙයින් අසාධාරණයක් සිදුව ඇත්තේ අහිංසක ජනතාව නොවේද ?

    මේ පිළිබදව ඊයේ පැවති උත්සවයකදී එජාප කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක සහ පාඨලී චම්පික අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. එම වේදිකාවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිටි අතර, ඒ අවස්ථාවේ රවී විසින් චම්පිකගෙන් විමසා ඇත්තේ ” මේ ගෙවල් දුන්නු විදිය වැරදියි, ඉඩම් නිවාස අහිමි උන මිනිස්සුන්ට නෙමෙයි ගෙවල් දීල තියෙන්නෙ. හොයල බැලුවෙ නැත්ද ගෙවල් දෙනකොට. මෙහෙම කලාම මේ මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවා, අනික ඇයි සල්ලි ගත්තෙ මිනිස්සුන්ගෙන්. ප්‍රොජෙක්ට් එකට රජයෙන් සල්ලි වෙන් කරනවනෙ ” යැයි පවසා ඇත. ඒ බැව් සිය කථාවේදීද රවී කරුණානායක මහතා ජනතාව ඉදිරියේ සඳහන් කොට ඇත. මෙම ගැටලුව පිළිබදව රනිල් වික්‍රමසිංහ මහතාද අදහස් දක්වා ඇති අතර අවසානයේ චම්පික රණවක අගමැතිවරයාටද යන බව නොපවසා ජනතාවගේ හූ හඬ මධ්‍යයේ එතැනින් පලාගොස් ඇත.

    [rns_reactions]

  • ජනප්‍රියත්වයට හානියක් වේ යැයි සිතා දෙවනි ඉණිමේ අනුහස් කාටත් හොර රහසේම යුගදිවියට!

    මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන දෙවන ඉණිම නාට්‍යයේ අනුහස් නම් ප්‍රධාන චරිතයට පණ පොවන රවීන් කණිෂ්ක පසුගියදා යුග දිවියට පිවිස තිබෙනවා. ඔහුගේ විවාහය අතිශය රහසිගතව සිදුව ඇත්තේ කළක් ඔහු සමඟින් ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වූ පෙම්වතිය සමඟින්.

    රවීන්ගේ විවාහය සඳහා පවුලේ ළඟම ඥාතීන් පමණක් සහභාගී වී ඇති අතර ඔහු සමඟින් ක්ෂේත්‍රයේ එදිනෙදා වැඩකටයුතු කරගෙන යන සමීපතමයින් කිහිදෙනෙකුට විවාහය සඳහා ආරාධනා කර තිබෙනවා.

    රවීන්ගේ විවාහය සඳහා සහභාගී වූ පිරිසට ස්තූති පත්‍රිකාවක් හෝ ලබාදීම මෙහිදී සිදුකර නැති බවත් විවාහයේ මංගල ඡායාරූපය පවා ප්‍රින්ට් නොකොට තැබීමට ඔවුන් තීරණය කර තිබූ බවයි අපවෙත තොරතුරු වාර්තා වන්නේ.

    පසුගිය 26 වනදා වෝටර්ස් ඒජ් හිදී මෙම විවාහය සිදුව ඇති අතර එහි පැමිණ සිටි පිරිසගෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර රවීන් පවසා ඇත්තේ විවාහයේ කිසිදු ඡායාරූපයක් සමාජජාලවලට එක් නොකරන ලෙසටයි. එලෙසින් මෙම විවාහය රහසිගතව සිදුකර ඇත්තේ ඔහුගේ ජනප්‍රියත්වයට විවාහය ප්‍රසිද්ධ කිරීමෙන් යම් ආකාරයක බලපෑමක් වේයැයි සිතූ නිසා බවටයි ක්ෂේත්‍රයේ පිරිස් පවසා සිටින්නේ.

    මේ අතර පසුගියදා රවීන් හා නයනතාරා එක්ව මංගල ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුණු අතර රවීන්ගේ සැබෑ ජීවිතයේ විවාහයට සමගාමීව එම ඡායාරූප ප්‍රසිද්ධයට පත්කර තිබුණේ එම විවාහය පිළිබඳව ඔහුගේ රසිකයින්ගෙන් සඟවා සිටින්නට බවටයි මේ වන විට තොරතුරු දැනගන්නට ලැබෙන්නේ.

    [rns_reactions]

     

  • නායකත්වය විවේචනය කළ රංජන්ව දිවුලපිටියෙන් ඉවතට…! දිවුලපිටියේ වාසිය ගෙඩිපිටින් ඉන්දික අනුරුද්ධට!

    අමාත්‍ය රංජන් රාමනායක මහතා දිවුලපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකදූරයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වනවා.

    පසුගිය සමය පුරා එක්සත් ජාතික පක්ෂ නායකත්වය සහ දූෂණ වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ එජාප මන්ත්‍රීවරු පිළිබඳව දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් යුතුව රංජන් රාමනායක මහතා විසින් අදහස් පළකරනු ලැබුවා. යහපාලනය වෙනුවෙන් කැපවූ එකම එජාප අමාත්‍යවරයා ලෙස ජනතාව හැදින්වූයේද රංජන් රාමනායකයි.

    මෙම ඉවත්කිරීමත් සමඟ දිවුලපිටිය ආසනය ජග්‍රහණය කිරීමට එජාපයට තිබූ හැකියාව සම්පූණයෙන්ම අහිමි වී යන අතර එහි පූර්ණ බලය පොදුජන පෙරමුණු සංවිධායක ඉන්දික අනුරුද්ධට හිමිවනු ඇත.

    අනවසර පස් කැපීම සහ කප්පම් ගැනීම වැනි විශමාචාර හේතුවෙන් පසුගිය සමයේදී ඉන්දික අනුරුද්ධට එරෙහිව රංජන් රාමනායක මහතා ප්‍රදේශයේ ජනතා සහයෝගයද සහිතව විශාල විරෝධයක් ගොඩනැංවීමට සමත්වූ අතර මෙම ඉවත්කිරීම නිසා ඉන්දික අනුරුද්ධ දැඩි ලෙස සතුටට පත්ව ඇති බවටද වාර්තා වනවා.

    [rns_reactions]

  • පළමුවරට ලසිත් මාලිංග දග පන්දු යවයි – තරගය තුල කඩුලු 03ක් ගනියි

    ශ්‍රී ලංකාවේ සීමිත පන්දුවාර තරගාවලි අතුරින් ප්‍රධාන තැනක් උසුලන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ 25 වැනි දිගහැරුම  (29) නිමාව දුටුවේ, ටීජේ ලංකා සමාගමට ශූරතාවය හිමිකර දෙමිනි.

    එහි අවසන් මහා තරගයේ දී ඩක්වර්ත්-ලුවිස් න්‍යාය අනුව ඔවුන් හමුවේ ලකුණු 82කින් පරාජයට පත්වූයේ LB ෆිනෑන්ස් කණ්ඩායමයි.

    අවසන් මහා තරගයේ දී සචිත්‍ර සේනානායක, ශාලික කරුණානායක සහ ලසිත් මාලිංග දැක්වූ සුපිරි දස්කම් හොඳින් කැපී පෙනුණි.

    මෙහිදි ලසිත් මාලිංග දග පන්දු යැවීම විශේෂයත්වයක් විය

    [rns_reactions]

  • ගවමස් කඩයේ අයිතිය ඥානරතන හිමිට” – සැපයුවේ නැත්නම් ටෙන්ඩරය අවලංගු කරනවා , ප්‍රාදේශීය සභාව..

    මතුගම නගරයේ ගව මස් වෙළදසැළේ  2018 වර්ෂය සඳහා ටෙන්ඩරය බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබාගෙන ඇති බවට වන පුවතක් වාර්තා වනවා. 

    මතුගම ප්‍රාදේශීය සභාවේ ගව මස් කඩය 2017 වර්ෂය සඳහා ටෙන්ඩර් මුදල රුපියල් 22,60,150ක් වූ අතර 2018 වර්ෂයේ අවම ටෙන්ඩර් මුදල රුපියල් 24,86,165ක් විය යුතු බව ප්‍රාදේශීය සභාව නිවේදනය කර තිබුනා. ඒ අනුව දැනට මස් කඩය පවත්වාගෙන යන මොහොමඩ් ෆාසී මොහොමඩ් පබ්ලිස් හා මාවිට ඥානරතන හිමි ගව මස් වෙළදසැළ සදහා ටෙන්ඩර් ඉදිරිපත් කර තිබුනා. පසුගිය 27දා ටෙන්ඩර් විවෘත කිරීමේදී මොහොමඩ් ෆාසී  27,16,000ක් ලංසු තබා තිබූ අතර මාවිට ඥානරතන හිමියන් රුපියල් 32,25,622ක මුදලකට ලංසු තබා ඇත. ටෙන්ඩර් පත් අනුව 2018 ජනවාරි සිට මතුගම ගව මස් කඩය ඉතිහාසයේ ප්‍රථම වරට බෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට හිමිව ඇත.

    ගව මස් කඩ ටෙන්ඩරය ලබාගත් මාවිට ඥානරතන හිමියෝ ප්‍රකාශ කරන්නේ මතුගම ගවමස් කඩය වසා දමන්නැයි 2015 වසරේදිත් ඊට පසුවත් කිහිප අවස්ථාවකදී ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලීම් කළත් නීතිමය ගැටලු නිසා එය ඉටුකළ නොහැකි බව ප්‍රාදේශීය සභාව ප්‍රකාශ කළ බවයි. ඒ අනුව 2018 වර්ෂයේ මස් කඩ ටෙන්ඩරය ලබාගෙන සභාවට බදු මුදල් ගෙවා මස් කඩය වසා දැමීමට පියවර ගන්නා බව මාවිට ඥානරතන හිමියෝ පවසනවා. දකුණු ආසියාවේ උසම හිටි පිළිමය පිහිටි මතුගම ඓතිහාසික පූජනීය නගරයක් බවත් සතිපොළ පැවැත්වෙන ඉරිදා හා බදාදා දිනවලදී දිනකට ගවයන් දෙදෙනකුගේ මස් අලෙවි කරන තත්ත්වයක් ඇති නිසා මෙම පියවර ගත් බවත් මේ සඳහා මහා සංඝරත්නයේත් බෞද්ධ ජනතාවගේත් විශාල ඉල්ලීමක් හා සහයෝගයක් ඇති බවත් ඥානරතන හිමියෝ මාධ්‍යයට පවසා තිබුනා.

    කෙසේ වෙතත් මේ පිළිබඳව  මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම් අසෝක රණසිංහ පවසා සිටියේ වැඩිම ටෙන්ඩර් මුදලට මස් කඩය හිමිවන නමුත් ටෙන්ඩර්කරු ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු බවයි. ඒ අනුව දින හතකට වඩා මස් කඩය වසා තැබිය නොහැකි බවත් ගිවිසුමේ නීති කඩකළහොත් අදාළ ටෙන්ඩරය අවලංගු වන බවත් අසෝක රණසිංහ වැඩි දුරටත් සදහන් කර තිබුනා.

    [rns_reactions]

  • විමල් අගමැති සමඟ ඩිල්

    ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට සිදු කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් එම පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.

    ඔහු ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තම පක්ෂයේ නායකයා මෙවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ තමන්ට දුන් බලය අත්හැරීමට සිදුවීම නිසා බවය.

    එමෙන්ම සිය පක්ෂයේ නායකයාගේ කටයුතු සහ ප්‍රකාශයන් අනුව ඔහු පිළිබඳ සැකයක් තමන්ට මතුවන බව ද ඔහු එහිදී අනාවරණය කළේය.

    එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

    “මහ ලේකම් තුමා කිව්වා අද මෛත්‍රීපාල ජනාධිපතිතුමා හම්බ වෙන්න විමල් විරවංශ නායක තුමයි අපි කට්ටිය යනවා ඔයා එන්න කියලා.මන් කිව්වා මන් එන්නේ නෑ කියලා.ඇයි කියල ඇහුවා.පාර්ලිමේන්තුව මඟ හැරලා අලුත් ව්‍යවස්ථාවට පස්සේ දොරෙන් වෙන යෝජනා දෙන්න ඕනේ නෑ. අපිට තිබුණා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒක පිළිගන්නේ නැත්තම් ජනාධිපතිතුමාට බල කරන්න මේවා පිලි නොගෙන රට බෙදනවා නම් ඒකට අපි විරුද්ධයි කියන්න අයිතිය තිබුණා.හැබැයි එතැනට ගිහින් ඒක පැහැදිලි කරන්න ගියේ නෑ.මාත් මඟ හැරියා,අත්හැරියා.ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න නායකයෝ දේශපාලනය ඉතා ඉහළින් තේරුම් ගත්ත නිසා තමයි මහින්ද රාජපක්ෂ,දිනේෂ් ගුණවර්ධන,වාසුදේව නානායක්කාර වැනි දීර්ඝ කාලයක අත්දැකීම් ඇති නායකයෝ කිව්වා මේකෙන් ඉවත් වෙන එක වැරදියි.”

    “මේක ඇතුළේ ඉඳගෙන පරාජය කරන්න ඕනේ අපි ජනතාවගේ නියෝජිතයෝ විදියට.ඒ නිසා අද වෙනකොට ජාතික නිදහස් පෙරමුණ අන්ත අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා.මේ ආණ්ඩුවේ අපට චන්දේ දීපු ජනතාවගේ මතය කියන්න තැනක් නෑ.පාර්ලිමේන්තුවෙන් 30,31 සහ පළවෙනිදා ඉන්න ඕනේ එළියේ.පාර්ලිමේන්තුවේ කතා කරන්න බලය නැති කර ගත්තා.ඒ නිසා තමයි කල්පනා කරන්න ඇත්තේ බෝම්බ ගහන්න.එතකොට මේක පරාජය කරන්න තියන මාවත අත්හැරලා බොරුවට කෑගහන එක කරන්නේ කවුද?අපේ නායක තුමන්.එතකොට අපේ නායකතුමන් මට හිතෙනවා මෙතුමාත් එක්ක ඩිල් එකක් හින්දා තමයි මේ කරන්නේ.ඒ නිසා මන් අහනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වුවමනාව ඉෂ්ඨ කරන්න විමල් විරවංශ මැතිතුමා මේ ව්‍යවස්ථාදායක කමිටුවෙන් මඟහැරලා ගියා කියලා” එහිදී ඒ මහතා මෙසේද අදහස් දැක්වීය.

  • සදාකාලික නොවූ ලෝකේ සදාකාලික ජනාධිපතිකම් නෑ – සෝලංගආරච්චිගෙන් මහින්දට කනේ පහරක්..

    සදාකාලික නොවූ ලෝකේ සදාකාලික වූ ජනාධිපතිකම් නැත. බල තන්හාවෙන් මුලාවෙලා මිරිගුවක් සොයා යන මහින්ද ලෝකෙට බෞද්ධකම පෙන්නුවට වැඩක් නෑ බුදුදහමේ මුලික සංකල්පයක් වන අතහැරීම කරන්න බැරිනම්. නාරාහේන්පිට හාමුදුරුවනේ මහින්දට අතහැරීම උගන්වන්න යයි කොලොන්නාවේ ප්‍රසන්න සෝලංගආරච්චි ඇහැලියගොඩ නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය ජනසතු කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසිය.

    https://www.facebook.com/PrasannaSolanga/videos/861956650631042/

    [rns_reactions]

  • සංවර්ධන ව්‍යාපෘතියක් නිසා පීඩා විදින අපේම ජනතාවක් ගැන ඇත්ත කතාවක්…

    මහාමාර්ග ප්‍රතිසංස්කරණයේදි ඇතිව තිබෙන දුර්වලතාවයක් නිසාවෙන් පිඩා විදින ජනතාවගේ ගැටළුව විසදීම සදහා නිසි බලධාරීන්ගේ අවධානය හැකි ඉක්මණින් යොමුවිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු..

    https://www.facebook.com/supirigossip1/videos/1485736164795318/

    [rns_reactions]

  • ” පාර්ලීමේන්තුවට බෝම්බ ගහන්න ඕන ” කතාවෙන් විමල්ට එරෙහිව සටනට ඒකාබද්ධයත් එක් වෙලා .!

    විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් රචනා කළ යදමින් බැදි අක්ෂර ග්‍රන්ථය ජනගතකිරීමේ උත්සවය පසුගිය සතියේදී පැවැත්වුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය. 
    එහිදි විමල් මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට ලක්වූ අතර ” පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බවට” ප්‍රකාශයක් මන්ත්‍රීවරයා විසින් සිදු කළේ එහිදීය.

    මන්ත්‍රීවරයාගේ මේ කතාවෙන් පසුව කථානායක කරු ජයසූරියට දුරකතන ඇමැතුම් රැසක් ලැබෙන්නට විය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද දුරකතන ඇමතුම් ලබාදුන් අතර විමල්ගේ ප්‍රකාශය පිළිබදව ඔවුන් සිටියේ කණස්සල්ලෙනි.

    “මේ ප්‍රකාශය සුළුවෙන් තකන්න එපා. මේක අපි අනුමත කරන්නෙත් නෑ” ඒකාබද්ධ විපක්ෂය මෙන්ම ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ම කතානායකවරයාට කියා තිබුණි.
    “මම මේ ගැන පාර්ලිමේන්තුව රැස්වෙන පළමු දිනයේදීම ප්‍රකාශයක් කරනවා” යනුවෙන් එම පිරිසට කතානායකවරයා පිළිතුරු දී තිබුනා.

    [rns_reactions]

  • හිටපු ජනපතිවරයා මට ලිංගික අතවර කළා – ජනප්‍රිය නිළියගෙන් ලිංගික අතවරයක් ගැන චෝදනා.!

    නිළියකට ලිංගික අපහාස කළ බවට චෝදනා එල්ලව සිටින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) එම නිළියගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

    93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් “ස්‌පර්ශ කළ” බවට හෙදර් ලින්ඩ් නැමැති නිළියක විසින් හිටපු ජනපතිවරයාට මින් පෙර චෝදනා කර තිබුනා. ඒ ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම හරහා.
    එහිදි ඇය විසින් සදහන් කර තිබුනේ හරිකේන් කුණාටුවලින් විපතට පත් වූවන් වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයකදී හිටපු ජනාධිපති බරක්‌ ඔබාමා හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ අතින් අල්ලා ගෙන සිටින අවස්‌ථාව දුටු විට තමන් කම්පනයට පත් වූ බවයි. 

    “මමත් ඒ වගේම ෆොටෝ එකකට පෙනී හිටපු වෙලාවේ එයා මට ලිංගික අතවර කළා. එයා මට අතට අත දුන්නේ නෑ. ඒ වෙනුවට එයාගේ බිරිඳ බාබරාත් ලඟින් ඉන්න අතරේ පිටිපස්‌සෙන් අත දාල මාව ස්‌පර්ශ කළා, එයා මට කැත විහිළු කළා. ඊට පස්‌සේ අපි ෆොටෝ එකක්‌ ගන්න කොට එකපාරටම ආයෙත් මාව ස්‌පර්ශ කළා.” යනුවෙන් හෙදර් සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුනා.

    කෙසේ වෙතත් ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් සටහනෙන් පසුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශයෙක් සිදුවීම සම්බන්ධයෙන් හෙදර් ගෙන් සමාව ගෙන තිබුනා. එම ප්‍රකාශයා මාධ්‍යයට පවසා තිබුනේ හිටපු ජනාධිපතිවරයා ඒ අවස්‌ථාවේ විහිළුවක්‌ කිරීමට උත්සාහ කළ බවයි.

    “ජනාධිපති බුෂ් කිසිදු අවස්‌ථාවක – කුමන තත්වයක්‌ යටතේ වුවත්, කිසිවකුටත් දැනුවත්ව සිත් තැවුලක්‌ ඇති නොකරන” බවත් “විහිළුවක්‌ කිරීමට ඔහු දැරූ උත්සාහය මගින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක්‌ වූයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින” බවත් හිට්‍රපු ජනපතිවරයාගේ ප්‍රකාශකයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා

    1989 සිට 1993 දක්‌වා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙබවූ ජ්‍යෙෂ්ඨ ජෝර්ඡ් බුෂ්, 2001 සිට 2009 දක්‌වා දෙවතාවක්‌ම ජනපති පදවිය දැරූ ජෝර්ඡ් ඩබ්ලිව් බුෂ්ගේ පියාය. මේ වන විට පාකින්සන් රෝගයෙන් පෙළෙන ඔහුට ඇවිදීම අපහසු බැවින් රෝද පුටුවක්‌ භාවිත කරයි. 

     

    [rns_reactions]

  • ඩබල් ගේම් ගසමින් නිදහස් පක්ෂය විනාශ කරන්නට වෙර දැරු ඩුලිප් විජේසේකර ඉවතට.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරන තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි. 

    මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.

    [rns_reactions]

  • ‘ගොඨාගේ එළිය අදුරු වෙයි’ – මැදගොඩ අභයතිස්ස හිමි මෛත්‍රීට විශ්වාසය පලකරයි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එලිය’ නැමති වැඩසටහනේ ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන හිමි නමක් වන පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී පැයකට වැඩි කාලයක් තිස්සේ යෝජිත ව්‍යවස්ථා කමිටු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයාට විශ්වාසය පලකර ඇතිබව වාර්තාවේ.

    රටට නිදහස ලැබුණු දා සිටම සුළු ජනවර්ග හා මහ ජනවර්ග අතර ගැටුම් අවුලවනුයේ අවස්ථාවාදී දේශපාලනඥයින් බවත්, එසේ ඇවිලවිය හැකි යම් මූල බීජයක් පවතින්නේ නම් එය ඉවත් කොට සියලූ ජාතීන්ට සමගියෙන් ජීවත්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම තම ඒකායන අරමුණ බවත් ජනාධිපතිතුමා තමා සහ පිරිසට සඳහන් කළ බව ද අභයතිස්ස හිමියෝ සිහිපත් කළහ.

    මෑතකදී ජනාධිපතිතුමා මුණගැසී දීර්ඝ වේලාවක් තමන්ගේ අදහස් පළකළ බව සිහිපත් කළ අභයතිස්ස හිමියෝ, ඒ සා දීර්ඝ වේලාවක් ඉතා සන්සුන්ව තමාට සහ තම පිරිසට ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා අවසානයේ ස්ථිරසාර ලෙස සිදුකළ ප්‍රකාශයෙන්, එතුමාට මේ රටත් මහජනතාව සම්භන්ධයෙනුත් ඇති හැඟීම ඉතා ගැඹුරින් තමන් වහන්සේට අවබෝධ කළ බව ද සඳහන් කළේය.

    මෙහි තවත් පියවරක් ලෙස උන්වහන්සේ වැඩඩිටින පැපිලියාන සුනේත්‍රාදෙවි විහාරයේ කඨින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස (29) පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වී ඇති අතර මෙම තත්වය දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක්වි ඇත.

  • ” පාකිස්තානයේ සැබැ මිතුරා ශ්‍රී ලංකාවයි ” – තර්ජන හමුවේ ලාහෝර් ගිය අපේ ක්‍රීඩකයන්ට ඉහළ පිළිගැනීමක්

    වසර අටකට පසු පාකිස්තානයට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරවමින් පාකිස්තානයේ ලාහෝර් ගඩාෆී අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (29) විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කරනවා. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රධාන ටෙස්ට් කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කරන පළමු අවස්තාව ලෙස මේ අවස්ථාව සටහන් වෙනවා.

    එලෙස පාකිස්තානයේ සංචාරය කරනා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ පිළිගැනීමක් ලබා දීමට පාකිස්තාන බලධාරීන් ක්‍රීයා කර තිබුනා. එහිදි ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුභ පැතුම් එක්කරමින් විදී දෙපස විශාල පුවරු සවිකර තිබුනා,

    එම ඡායාරූප පහතින්






    [rns_reactions]

  • ලබන පරාජයට විසඳුම් දෙන වගකීම පාලකයන්ගේ – ක්‍රිකට් පරිපාලනයේ රහස් සියල්ල මුරලි හෙළිකරයි .!

    ශ්‍රී ලංකා ක්‍රිකට් දිනෙන් දිනම පරිහානියට පත්වෙමින් තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ලොවම භීතියට පත් කරවමින් ක්‍රීඩාවේ රජ කෙරු යුගයක්ද තිබුනි. එකල ශ්‍රී ලංකා පන්දු බළඇණිය සවිමත් කළ මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව එදා මෙදා බිහිවූ හොදම පන්දු යවන්නා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට මහා සේවයක් සිදු කළ මුරලි පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් වත්මන් ක්‍රීඩාවේ පරිහානිය පිළිබදව අදහස් දක්වා තිබුනා. එම සංවාදය පහතින්

    ප්‍රශ්නය – මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එක දිගටම පරදිනවා. ශ්‍රී ලංකාවේ බිහිවු සුපිරිම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස මේක ඔබ දකින්නේ කොහොමද?

    පිළිතුර – මේකට ඉතිං මට කියන්න දෙයක්‌ නැහැ. දැන් ක්‍රිකට්‌ බෝඩ් එකක්‌ තියෙනවානේ. ඒ අය ඡන්දෙන් ඇවිල්ලා ඉන්නවා. මට ගෙදර ඉඳන් අරම කරන්න මෙහෙම කරන්න කියන්න බැහැ. දැන් ඉන්න ක්‍රිකට්‌ ආයතනයෙන් තමයි මේකට විසඳුම සොයාගන්න වෙන්නෙ.

    ප්‍රශ්නය – ඔබ දකින විදිහට මෙතන මොකක්‌ හරි වරදක්‌ තියෙන්න පුළුවන්. ඒ දේ කියන්න.

    පිළිතුර – ක්‍රිකට්‌ ආයතනයේ ඉන්න කට්‌ටියගේ ජොබ් එක හරියට කරන්න ඕන. එහෙම කරන්නෙ නැතිනම් ඊට උඩින් ඉන්න ක්‍රීඩා ඇමැතිවරයා ඒ ගැන හොයන්න ඕන. මෙහෙම වෙන්නෙ ඇයි කියල රිපෝට්‌ එකක්‌ බෝඩ් එකෙන් ඉල්ල ගන්න ඕන. ඇමැතිතුමා ඒක කරන්නෙ නැතිනම් රටේ ඉහළම තැන්වලින් මේ ගැන හොයන්න ඕන. එහෙම තමයි ප්‍රශ්නයක්‌ තියෙනවනම් විසඳ ගන්න වෙන්නෙ.

    ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා කරන කාලයේ මෙහෙම එක දිගට පරාජය වුණේ නැහැ. මොකක්‌ද ඒකට හේතුව ?

    පිළිතුර – මම කියන්නෙ නැහැ කවදාවත් අපි මේ රටේ ක්‍රිකට්‌ උඩට ගෙනාවා කියලා. ඒ කාලයේ හොඳ ක්‍රීඩකයන් හිටියා. 1970-80 දශකයේ ආපු ක්‍රමවේදය නිසා හොඳ ක්‍රීඩකයන් බිහි වුණා. ඒ නිසා අපිට 1994 ඉඳන් 2014 විතර වෙනකම් හොඳ තැනක අපේ ක්‍රිකට්‌ තිබ්බා. ඒ කාලයෙත් තරග පැරදුන අවස්‌ථා තිබ්බා. නමුත් මේ වගේ පරදිනවා මම කවදාවත් දැකලා නැහැ. ඒ නිසා සැලසුමක්‌ තමයි හදන්න ඕන. අපි කවදාවත් කියන්නෙ නැහැ ලංකාවෙ ක්‍රිකට්‌ එක අපි උඩට ගෙනාවා කියලා. කාටවත් එහෙම කියන්නත් බැහැ. එහෙම කවුරු හරි කියනවනම් ඒක පට්‌ටපල් බොරුවක්‌. ඒ කාලයේ ක්‍රිකට්‌ දියුණු වුණේ එදා තිබුණ ක්‍රමවේදය නිසා.

    ප්‍රශ්නය – ඔබ හැමදාම කියනවා පළමු පෙළ තරග සැලැස්‌ම හරි නැහැ කියලා. ඒකත් එක හේතුවක්‌ද?

    පිළිතුර – පළමු පෙළ ක්‍රිකට්‌ එක හරියට හදන්නෙ නැතිව මේකට විසඳුම් හොයන්න බැහැ. දැන් මහේලලා සහ සංගක්‌කාරලා කමිටුවකට දීලා තියෙනවනේ ප්ලෑන් එකක්‌ හදන්න. ඉතිං ඊට පස්‌සෙ බලමු.

    ප්‍රශ්නය – ඔබට ක්‍රිකට්‌ හදන්න යෝජනාවක්‌ නැද්ද?

    පිළිතුර – මම නෙමෙයි යෝජනා දෙන්න ඕන දැන් ඉන්න කට්‌ටිය. මේ වගේ පසුබෑමකට හේතුව හොයන්න ඕන. අපි යෝජනා දුන්නත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙත් දැන් ඉන්න කමිටුවනෙ. ඒ කට්‌ටිය හරි නැතිනම් වෙන කට්‌ටියක්‌ දාන්න බලය ක්‍රීඩා ඇමැතිවරයාට තියෙනවා. ඒ නිසා අපි යෝජනා දීලා බොරුවට වැඩක්‌ නැහැ ඒවා ක්‍රියාත්මක කරන්නෙ නැති වුණාම අපේ නමත් සවුත්තු වෙනවා.

    ප්‍රශ්නය – ඔබ දැන් පාසල් ක්‍රිකට්‌ හදන වැඩකට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා ?

    පිළිතුර – ඔව් අධ්‍යාපන ඇමැතිතුමා ආරාධනා කළා. අපි කට්‌ටිය පාසල් ක්‍රිකට්‌වල තියෙන අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒවා වෙනස්‌ විය යුතු ආකාරය කිව්වා. ඉතිං මම දන්නෙ නැහැ ඒවා ක්‍රියාත්මක වෙයිද කියලා.

    ප්‍රශ්නය – ඔබ දැන් පුහුණුකරුවෙක්‌ නේද?

    පිළිතුර – මට සම්පූර්ණයෙන්ම ක්‍රිකට්‌වලට කාලය වැය කරන්න වෙලාවක්‌ නැහැ. ඒ නිසා අයි.පී.එල්. සහ කල්කටාවල පුහුණුකරුවෙක්‌ ලෙස වැඩ කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර බලාගෙන ඉන්නවා.

    ප්‍රශ්නය – ඔබේ පදනමෙන් ක්‍රිකට්‌වලටත් ලොකු සේවයක්‌ වෙනව නේද?

    පිළිතුර – අපේ පදනමක්‌ තියෙනවා. ඒක ක්‍රිකට්‌වලටම නෙමෙයි. ඒකේ කාණ්‌ඩ 120 ක්‌ විතර තියෙනවා. ධීවරයාගේ ඉඳලා තව බොහෝ දේවල් තියෙනවා. ක්‍රිකට්‌ කියන්නෙ එකක්‌ විතරයි. ඒකෙන් කරන්නෙ නැති බැරි අයට උදව් කරන එක. රස්‌සා හොයල දෙන එක. එතනදි හොඳ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුණ ගැසුනහම උපරිම උදව් කරනවා.

    [rns_reactions]