Blog

  • යහපාලන ආණ්ඩුවෙන් මන්ත්‍රී රවිට තවත් කැපිල්ලක්… මස්සිනා රක්ෂණ සංස්ථාවෙන් ඉවතට..

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සම කළමනාකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ටී එම් ආර් බංස ජයා මහතා එම තනතුරින් ඉවත් කළ බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.

    එහි සිටි අනෙක් සම කළමනාකාර අධ්‍යක්ෂවරයා වූ අරුණ සිරිවර්ධන මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ද ඉල්ලා අස්වී ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රතිව්‍යූහ ගත කිරීමකට වෘත්තීමය නිලධාරීන් පත් කිරීමේ අවශ්‍යතාවක් මත අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇතැයි ද, සම කළමනාකාර අධ්‍යක්ෂ බංස ජයා මහතා ඉල්ලා අස්නොවූයෙන් ඔහු එම ධුරයෙන් ඉවත් කළ බව ද දැනගන්නට තිබේ. බංස ජයා මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ඇතත් ඔහු අධ්‍යක්ෂ මණ්ඩලයෙන් තවමත් ඉවත් කර නැත.

    එක්සත් ජාතික පක්ෂය බලයට පත්වීමෙන් පසු දින 100 ආණ්ඩු සමයේ බංස ජයා මහතා එම තනතුරට පත් කරනු ලැබුවේ හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා විසිනි.  එම තනතුරට තවත් පුද්ගලයකු පත් කරනු ලැබූ අතර ඔහු ද ඉල්ලා අස්වීමෙන් පසු අරුණ සිරිවර්ධන මහතා එම තනතුරට පත් කරනු ලැබීය.

    රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමට එකග වෙමින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර ගැනීමට ගත් තීරණය අනුව අරුණ සිරිවර්ධන මහතා පෙරේදා (09) එම තනතුරින් ඉවත් වී ඇත. ඒ සමග අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ද සිය ඉල්ලා අස්වීම් බාර දී තිබෙන බව අමාත්‍යංශ ආරංචි පවසයි. 

    රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හේමක ඩී එස් අමරසූරිය මහතා දිගටම එම තනතුරේ තැබීමට දැනට තීරණය කර ඇතැයි අමාත්‍යංශ නිලධාරියෙක් පැවසීය. 

    ටී එම් ආර් බංස ජයා මහතා හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මස්සිනා වේ.

    [rns_reactions]

  • අත්තනගල්ල බණ්ඩාරනායක පරපුරේ උරුමය සුරකිමින් යලිත් හිටපු ජනපතිනි චන්ද්‍රිකාට

    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.

    [rns_reactions]

  • පිවිතුරු සුදු රෙදි හොරා උදය ගම්මන්පිලගේ පවුලටම ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය.

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් අයථා ලෙස උපයන ලද මුදල් තම හිතවත් වෛද්‍යවරුන් දෙදෙනෙක් වන අංක 03 Austral Court Wheelers Hill Vic 3150 හි පදිංචි වෛද්‍ය සමන් අලූත්බදුගේ සහ වෛද්‍ය අබේකෝන් ගුණරත්න යන අය එක්ව ‘සමන් සහ අබය පුද්ගලික සමාගම’ නමින් සමාගමක් ඕස්ට්‍රේලියාවේ ලියාපදිංචි කර (ලියාපදිංචි අංකය 13/2/14ABN 168039147), එම සමාගම නමින් විශාල දේපල ප‍්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත්, එම දේපලවල වත්මන් වටිනාකම ශ‍්‍රී ලංකා රුපියල් 781,538,385.97ක් පමණ වන බවත් හෙළිදරව් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගියදා (සැප්තැම්බර් 29) පොලිස් විශේෂ විමර්ශන අංශය(SIU) දැනුවත් කරමින් අදාළ තොරතුරු සහ සාක්ෂි ලබාදීමට කටයුතු කළේය.

    මේ පිළිබඳව ප්‍රකාශයක් කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ එය අසත්‍ය පැමිණිල්ලක්  බවත්, මේ සම්බන්ධයෙන් නීතීඥ නාමල් රජපක්ෂ මහතාගෙන් වන්දි ඉල්ලා නඩු පවරන බවයි. එමෙන්ම මේ සම්බන්ධව අනාවරණය කළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට විරුද්ධව නඩු පවරා වන්දි ලබාගැනීමට කටයුතු කරන බවද ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ පවසා තිබුණි.

    කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නීතීඥ නාමල් රාජපක්ෂ මහතා විසින් අද(12) ප්‍රස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

    එහිදී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියේ, ගම්මන්පිල සහ ඔහුගේ හිතවත් වෛද්‍යවරු දෙදෙනෙක් විසින් ඕස්ට්‍රේලියාවේ දේපල මිලදී ගැනීමට අති විශාල මුදලක් වැය කර ඇති අතර, කෙටි කාලයක් තුළ එම මුදල් ඉපයූ ආකාරය පිළිබද සාධාරණ සැකයක් මතුව තිබෙන බවයි. එමෙන්ම එම දේපල මිලදී ගැනීම සම්බන්ධයෙන් වන ඕස්ට්‍රේලියාවේ ඉඩම් ලියාපදිංචි කාර්යාලයේ ලිඛිත තොරතුරුද තමා සතුව පවතින බවත් ඒවා අදාළ පැමිණිල්ල සිදුකිරීමේදී ඉදිරිපත් කළ බවයි.

    එමෙන්ම අධිකරණයට අවශ්‍ය කර සිටින උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිල ඕස්ට්‍රේලියාවේ නතරවී සිටිනුයේද මෙම දේපල මිලදීගැනීමට සම්බන්ධ එක් වෛද්‍යවරයෙකුගේ නිවසේ බවද නාමල් රාජපක්ෂ මහතා හෙළිදරව් කර සිටියේය. තවද, නීතීඥ නාමල් රාජපක්ෂ පෙන්වා දෙන පරිදි උදය ගම්මන්පිලගේ බිරිඳ වන දිනේෂා ගම්මන්පිල සහ දරුවන් දෙදෙනාද මේ වනවිට ඕස්ට්‍රේලියානු පුරවැසියන්ය.

    තමන්ගේ වංචා දූෂණ එකිනෙක හෙළිදරව්වීමත් සමඟ වියරු වැටී සිටින උදය ගම්මන්පිල සිදු කරන ප්‍රකාශ තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බව  සඳහන් කරන නාමල් රාජපක්ෂ මහතා, මීට පෙරද තමා විසින් ගම්මන්පිලගේ වංචා දූෂණ හෙළිදරව්කිරීමකදී තමන්ට විරුද්ධව නඩු පවරන බවට ප්‍රකාශ කළද අද වනතෙක් කිසිදු නඩුවක් පවරා නොමැති බවද සඳහන් කර සිටියේය.

    ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙක්ට අයත් මුදල් හා දේපල කූට ලේඛණ සකස් කර විකුණා කෝටි ගණනක මුදල් වංචා කිරීම පිළිබද උදය ගම්මන්පිලට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින අතර එමගින් ගම්මන්පිලගේ වංචා දූෂණ හෙළිදරව් වෙමින් පවතින බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ‍්‍රයන් ෂැඞ්ඩික් මහතාට අයත්ව තිබූ
    ·         මෙට්ල් රීසයික්ලින් කලම්බු ලිමිටඞ් ආයතනය,
    ·         සිලෝන් ටී ගාර්ඞ්න්ස් ආයතනය,
    ·         ට්‍රිපල් එස් ආයතනය, සහ තවත් ආයතන ගණනාවක්

    වංචනික අයුරින් විකුණා මුදල් උපයාගෙන තිබෙන බව අනාවරණය වී තිබෙන බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

    එමෙන්ම උදය ගම්මන්පිල තම ව්‍යාපාරික සගයා වන සිඞ්නි ජයසිංහ නම් ව්‍යාපාරිකයා සමඟ එක්ව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අසමත් කර තිබූ Anrorchi බුරුතකන්ද හා Irish බුරුතකන්ද යන මෙම සූර්ය බලාගාර ව්‍යාපෘතීන් දෙක පවිත‍්‍රා වන්නිආරච්චි මැතිණිය විදුලිබල ඇමතිනිය ලෙස වැඩ භාරගැනීමෙන් පසුව 2014-03-18 වන දින වංචනික ලෙස අනුමත කරවා ගෙන, 2014-09-24 දින එංගලන්තයේ ලිවේරා හෝල්ඩින්ග්ස් සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 07 කට විකුණා මුද්ල උපයාගෙන තිබෙන බව අනාවරණය වී ඇති බවද නාමල් රාජපක්ෂ මහතා හෙළිදරව් කරයි.

    ගම්මන්පිලගේ මෙවැනි වංචා දූෂණ හෙළිදරව්වීමත් සමඟ ජනතාවට උක්ත දේපල මිලදී ගත් ආකාරය සහ ඒ සදහා යොදාගනු ලැබූ මුදල් පිළිබද සාධාරණ සැකයක් ඇතිව ඇති හෙයින්, ඒ පිළිබද විධිමත් පරීක්ෂණයක් කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසත්, අප රටින් වංචනිකව උපයාගෙන විදෙස් රටවලට යවනු ලැබූ අදාල මුදල් නැවත අයකරගෙන අප රටට ගෙන ඒමට කටයුතු කරන ලෙසත් තමා විසින් පැමිණිල්ලක් මගින් ඉදිරිපත් කළ බවද රාජපක්ස මහතා සඳහන් කර සිටියේය.

    එමෙන්ම පසුගිය සමයේ විවිධ හේතු දක්වමින් උදය ගම්මන්පිල මහතා වරින් වර ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බව වාර්තා වන අතර, ඒ මහතාගේ විදේශ ගමන් බලපත‍්‍රය පරික්ෂා කළහොත් ඒ බව තහවුරු වනු ඇති බවත්, එමෙන්ම අදාල වෛද්‍යවරු දෙදෙනාගේ බැංකු ගිණුම් හා ආයතනවල බැංකු ගිණුම්වල ඉතිහාසය පරික්ෂා කිරීමෙන් මුදල් පැමිණ ඇත්තේ කිනම් මූලාශ‍්‍රයකින්ද යන්න පිළිබදව තහවුරු කරගත හැකිවනු ඇති බවද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    [rns_reactions]

  • අලුතින් මහ නගර සභා හා ප්‍රාදේශීය සභා කීපයක්.

    අලුතින් මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා කිහිපයක් ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා පැවැසීය.

    මේ යටතේ නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය සභා 2, ප්‍රාදේශීය සභා 4 – 5 දක්වා බෙදන බවද කීවේය. එමෙන්ම උතුරු නැඟෙනහිර ඇතුළු ප්‍රදේශ කිහිපයක අලුතින් මහ නගර සභා ස්ථාපිත කරන බවද ඔහු කීවේය.

    වැදගත් ලියවිල්ලක් අද මැ.කො ට

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විම සඳහා වූ ගැසට් පත‍්‍රයට අදාළ දල සටහන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය වෙත අද (13) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්. මැතිවරණ කොමිසම පැවසුවේ අවශ්‍ය මුලික කටුතු අවසන් කිරීමෙන් පසු ලබන වසරේ ජනවාරි 06වනදා හෝ 27වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විමට හැකිවනු ඇති බවයි. 

    මේ අතර, පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සම්මත කරගත් මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශිය සභා සංශෝධන පනත්වලට කතානායක කරූ ජයසූරිය මහතා ඊයේ අත්සන් තැබුවා. රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ පැවසුවේ මෙම පනත් මුද්‍රණය කිරීම සඳහා සියලූ කටයුතු අවසන් කර ඇති බවයි. 

    අද එහි මුල් පිටපත සෝදුපත් බැලීම සඳහා පාර්ලිමේන්තුව වෙත යොමු කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිවරිය කියා සිටියේ. එය අනුමත වූ පසු අදාල පනත් මුද්‍රණය කිරීමට කටයුතු කරන බවද ඇය කියා සිටියා

    [rns_reactions]

  • ප්‍රභල ඇමති ඇසුරුකල සුරූපිනියට සමාජ රොගයක් යන පුවතට මදූෂා කළබල වෙයි

    ප්‍රභල ඇමති ඇසුරුකල සුරූපිනියට
    සමාජ රොගයක් යන පුවතට
    මදූෂා කළබල වෙයි

    මගේ පෙම්වතාට  එහෙම ප්‍රශ්ණයක් නෑ.. 
    ඒකාබද්දෙ කට්ටිය නම් වරද්ද ගන්න එපා.
    – මධූෂා රාමසිංහ

    ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙකු හා ලිංගික සම්බන්ධයක් පැවැත්වූ සුරූපී තරුණියකට HIV නොහොත් ඒඩ්ස් නම් වූ සමාජ රෝගය වැලදී ඇති බවට ගොසිප්99 අප ඇතුලු සමාජ මාධ්‍ය වල දැඩි කතාබහක් ඇතිවී තිබුන.  මෙලෙස පලකර පුවත්  අතර මෙහිදී කිසිවෙකුගේ නම් ගම් සදහන් කොට නැති නමුදු ඒකබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදෙන හිතවත් මුහුණුපොත් සහෝදර සහෝදරියන් කිහිපදෙනෙකුවිසින් මේ පිළිබදව මගෙ හිටපු පෙම්වතා වූ දුමින්ද දිසානායකගේ නාමය සම්බන්ධ කරමින් ඔහුට පුද්ගලිකව නින්දා අපහාසයන් පමුනුවමින් සිටින අතර සමහරු පත්තිනි නාමයද යොදමින් මෙහි කියවෙන තරුණිය මා ලෙස හැගවෙන ප‍රිදි මගේ කීර්ති නාමයද කැලැල් වන අන්දමින් කටයුතු කරමින් සිටින නිසාවෙන් මේ පිළිබදව මෙම සටහන තබමි .
    මා හා දුමින්ද දිසානායක අතර වූ උත්තරීතර බැදීම හදවතේ රදවාගෙන මා ඔහුගේ දේශපාලන මාර්ගයෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමට ගත් තීන්දුව මේ රටේ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයක් කොට සලකා ජනතාවාදී නියෝජිතවරියක් ලෙස මා ලබා ගත් දින පටන් මේ මොහොත දක්වා දුමින්ද දිසානායක කෙදිනකවත් පුද්ගලිකව මට ඒ පිළිබදව බලපෑම් කොට නැත. එසේම මා කිසිවෙකුගේ රූකඩයක් නොවන බැවින් මා ඉතා ස්වාධීනව මාගේ දේශපාලන මතවාදය දැරූ අතර මහින්ද රාජපක්ෂ මැතිදුන් ප්‍රමුක ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු නායකයෙකුගේ කිසිදු විරෝධතාවයක් ඒ පිළිබදව මෙතෙක් එල්ල වූයේද නැත.
    ඕනෑම අයෙකුට තමා කැමති දේශපාලන මතවාදය නියෝජනය කිරීමේ හෝ විවේචනය කිරීමේ හැකියාව සහ නිදහස මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශය තුල ඇති නමුදු එම නිදහස සීමාව ඉක්මවා පාවිච්චි කොට වල්බූරු නිදහසක් කොටගෙන ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කීර්ති නාමයන් කැලැල් කිරීමට පාවිච්චි කරන්නේනම් එය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදැකිය යුතු සාහසික ක්‍රියාවකි.
    දුමින්ද දිසානායකගේ පළමු විවාහයෙන් වෙන්වී වසර හතරකට පසු මා ඔහුගේ පෙම්වතිය බවට පත් වීමි.. එය කිසිවෙක්ට වැදගත් වූ පුවතක් නොවන බැවින් ඒ ගැන තොරතුරු කතා නොකල මුත් මා ඒ පිලිබද කිසිවක් සමාජයෙන් සගවා නැත. පෙම්වතිය සහ බිරිද යනු සබදතා දෙකකි.. මා දුමින්දගේ හිටපු පෙම්වතිය මිස අඹුසැමි බැදීමක් අප අතර නොවීය. ඒකාබද්ධ විපක්ෂයට සහයදෙන සහෝදර සහෝදරියන් වෙබ් අඩවි පුවතට දුමින්දගෙ නම සම්බන්ද කොට ඒ හරහා පත්තිනි නාමය සහ මාගේ නාමය කෙලෙසන්නේ නම් මට ඔවුනට සිහි කරලීමට ඇත්තේ දුමින්ද දිසානායකට එවැනි ලෙඩක් ඇත්නම් පළමුව වෛද්‍යවරු හමුවට යා යුත්තේ ඔහුගේ පෙම්වතිය නොව කාලයක් මහින්දානන්ද අලුත්ගමගේ මැතිදුන් ගේ පෙම්වතිය වී සිට විවාහ දිවියට ඇතුලු වූ දුමින්දගෙ හිටපු බිරිද බවයි.
    කරුණාකර මඩ දේශපාලනයෙන් තොරව, පහත් දේශපාලන ක්‍රමවේදයන්ට එරෙහි මතවාදී වෙනසක් තුලින් මෙරටේ පොදුජනතාවට දේශපාලනය නිසා මෙතෙක් විදීමට සිදුව ඇති අපහසුතාවයන්ගෙන් ලක්මවත් පොදුජනතාවත් මුදාගැනීමට කටයුතුකරන මෙන් සියලු පක්ෂ විපක්ෂ සහෝදර සහෝදරියන්ගෙන් මා ඉල්ලා සිටින අතර නමක් ගමක් සදහන් නොකර ලියා ඇති පුවතකට මාගේ හිටපු පෙම්වතාගෙ නම සහ මගෙ නම සම්බන්ධකරගත් සියල්ලන්ට මාගේ බලවත් අප්‍රසාදය පලකර සිටිමි.
    දුමින්ද දිසානායකගේ වත්මන් දේශපාලන මාවතෙහි මා නොවන නමුදු දුමින්ද දිසානායක නම් වූ පුද්ගල චරිතය මා ආත්මයෙන් අදහමි. ඒ ඔහු ගැන මා තරම් අධ්‍යනයකල වෙනත් තරුණියක් මේ විශ්වය තුල නොවන බව දන්නා බැවිනි. ඔහු උත්තරීතර පියෙකි. එමෙන්ම ඔහු මාහට සසර සරණතෙක් උත්තරීතර පෙම්වතෙකි. ඔහුව ලගින් ඇසුරු කරන සියල්ලන්ට ඔහු උත්තරීතර සොහොයුරෙකි, උත්තරීතර මිතුරෙකි. එබැවින් මිනිසත්කම් පිරි නිහඩ මිනිසුන්ගේ සිත්මල් පයට පෑගීමට තරම් සාහසික නොවන මෙන් මා ඉතා කාරුණිකව සැමට දන්වමි.
    දුමින්ද වන් උත්තරීතර මිනිසෙකුගේ ප්‍රේමය ලැබීමට තරම් වාසනාවන්ත වූ තරුණිය වශයෙන් මා සසර සරණතෙක් ඔහු මිස අන් කිසිවෙකු කිසිදාක නොපතමි . එබැවින් මුලු ලොවින්ම සත් පත්තිනියට ඇද හෙළ සිනමාවේ පත්තිනි ලකුණක් තබා මා මගේ සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් කල සියලු කැපවීම් හමුවේ අදටත් මා පතමි.. මාගේ සත්පත්තිනි මෑණියනේ … මාගේ උත්තරීතර ප්‍රේමය වූ ඔහුගේ ගෞරවය කෙලෙසීමට කිසිවෙකු උත්සාහ කරයිනම් රැකූ පතිදමේ නාමයෙන් ඔවුනට හිමි දඩුවම ලබාදෙන සේක්වා!
    මධූෂා රාමසිංහ

    [rns_reactions]

  • වෙල්ගම සහ අලුත්ගමගේ ආසන වලින් දොට්ට දමයි!

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායක කුමාර වෙල්ගම සහ නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ එම ධූර වලින් ඉවත් කොට ඇති බව වාර්තා වනවා.

    මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව ආසන සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිංහ පත්කර තිබෙනවා.

    මේ සම්බන්ධයෙන්  අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැවසුවේ තමා ඒබව දන්නේ ජනමාධ්‍ය ඔස්සේ බවයි. මෙතෙක් ඒ සම්බන්ධයෙන් තමා නිල වශයෙන් දැනුවත් කර නොමැති බව ඔහු පවසනවා. ඉදිරියේදී තම දේශපාලන කටයුතු දැනටත් වඩා උනන්දුවෙන් කරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

    [rns_reactions]

  • වාහන වලින් යන්නවුන් බිළිගන්නා බව කියන ‘පල්ලමේ මනමාලි ‘

    මනමාලිගෙ පල්ලම’ අපට මේ නම අසන්නට ලැබුණේ පසුගිය දිනක බී 146 දරණ ඌරාපොළ – කිරිඳිවැල – හංවැල්ල මාර්ගය ඔස්සේ එමින් සිටියදී අතරමඟදී හමුවන රතඹලේ ප්‍රදේශයේ ගැමියෙකුගෙනි.

    “ඔය මනමාලිගෙ පල්ලම පහුකරලා ටික දුරක් ගිහම….” ඔහු අප විමසා සිටි ගමනාන්තය දක්වා සිටියේ එලෙසිනි.

    “මොකක්ද මනමාලිගෙ පල්ලම කියන්නේ?”

    විමසූ කාරිය පසෙක තිබිය දී මම ඔහුගෙන් අසා සිටියෙමි.

    “ඔතන මහපාරෙ මිනිස්සු බිලිගන්න තැනකට. අවුරුද්දකට පාරක් අඩුම ගාණෙ කවුරුහරි බිලිවෙනවාම තමයි. සමහර අවුරුදු වල දෙතුන් දෙනෙක් බිළිවෙන අවස්ථාත් තියෙනවා.” හෙතෙම කීය.

    “ඉතිං මොකද ඔතනට මනමාලිගෙ පල්ලම කියන්නේ?”

    “දැන් කාලෙකට ඉස්සර කසාද බැඳලා යන මනමාලියෙක් ඔය පල්ලමේ දී වාහනේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා. ඊට පස්සේ දිගින් දිගටම ඔතන ඇක්සිඩන්ට් වෙනවා. රෑ කාලෙ තමයි වැඩිපුරම ඇක්සිඩන්ට් වෙන්නේ. සමහරු කියන්නේ ඒ මැරිච්ච මනමාලිගෙ අවතාරෙ මහ රෑ එක සැරේටම පාරට පනිනවා. එතකොට ඩ්‍රයිවර්ලට කර කියා ගන්න දෙයක් නැතිව ඇක්සිඩන්ට් වෙනවා කියලයි. එහෙම තමයි ඔතන මිනිස්සු බිලිගන්නේ” හෙතෙම කීය.

    ඔහුගේ එම කීම මනඃකල්පිතයක් නොවන බව අපට එත්තු යන ලද්දේ ඉන් කිලෝමීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කිරිඳිවැල ප්‍රදේශයේ අප ගිය නිවසේ හිතවතුන්ද එම ‘මනමාලිගේ පල්ලම’ පිළිබඳව බොහෝ දේ අසා තිබූ බැවිනි.

    “එකම තැනක මේ විදිහට අනතුරු සිද්ධ වෙන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. ඒ වගේම මිනිස්සු තැති ගන්වන දෙයක් ඔතනදී දර්ශනය වෙනවා කියන එක අපිට ‍මුළුමනින්ම බැහැර කරන්නත් බැහැ.”

    අප හිතවත් පවුලේ සමාජිකයෙක් එසේ කීය.

    සාමාන්‍යයෙන් මහා මාර්ගයේ විවිධ ස්ථානයන්හි වැඩිපුර අනතුරු සිදුවීමේ සම්භාවිතාවක් ඇත. අප මෑතක දී කළ විමසුමකට අනුව කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා ඇල පිවිසුමේ ද මෙබඳු අනතුරු බහුල ස්ථානයක් ඇත. වංගු ආදී කිසිවක් නොමැති හා සමතල මතුපිටකින් යුත් එම ප්‍රදේශයේ මේ දක්වා දස දෙනෙකු මරණයට පත්ව ඇති බැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස ජා ඇල සිංහ සමාජය මගින් එහි නාම පුවරුවක්ද සවිකොට තිබේ.

    මෙලෙස හඳුනාගත නොහැකි හේතුවක් මත එකම ස්ථානයක අනතුරු බහුලව සිදුවන විට ඒ සඳහා ගුප්ත අර්ථකතනයක් ලබා දීම ලොව පුරාම සිදුවන්නකි. එම අර්ථකතන වලින් බහුලවම අසන්නට ලැබෙන පොදු අර්ථකතනයක් ද ඇත. එනම් මනාලියක හෝ හෝ සුදු ඇඳගත් කාන්තවක හිටි හැටියේ මහා මාර්ගය ඉදිරියෙන් මතුවීම නිසා බියපත් වන රියදුරන්ට රථය පාලනය කර ගත නොමැකිව මෙම අනතුරු සිදුවන බවකි. ජා ඇල අනතුරු සම්බන්ධයෙන් ඇත්තේද එබඳුම නිදාන කථාවකි.

    මෙසේ මිනිසුන් බිය ගන්වන කාන්තාව ලොව පුරා හැඳින්වෙනුයේ ‘සුදු නෝනාගේ අවතාරය’ (White Lady Ghost) යනුවෙනි.එහෙත් ඇය අත්භූත කාන්තාවක නොවේ.

    බොහෝ වේලාවක් අඛණ්ඩව ඉදිරිය බලා ගනිමින් රිය ධාවනය කරන විට රියදුරන් තුළ ස්වයං මෝහන තත්ත්වයක් ඇති විය හැකි අතර මෙය හැඳින්වෙනුයේ ‘මහාමාර්ග මෝහනය’ (Highway Hypnosis) යන නමිනි. මෙහිදී රියදුරා අර්ධ නිද්‍රාවකට පත් වන අතර රිය ධාවනයට අවශ්‍ය සංවේදීතාව අඛණ්ඩව පැවැතියද ඔහුගේ යටි සිතින් පැන නගින ‘මායා කාරී’ සිතුවිලිද තමන්ගේ නෙත ගැටෙන දර්ශන මෙන් හැඟීයා හැක. අඛණ්ඩව බොහෝ වේලාවක් රිය පදවන රියදුරන්ට තමන් පැමිණි ගමන් මගේ ඇතැම් අවස්ථා මතකයෙන් ගිලිහී යන්නේ මේ මහාමාර්ග මෝහනය නිසාද විය හැක.

    මහාමාර්ග වල ඇති සුදු කඩ ඉරි දෙස බලාත්වනම රිය පදවන විට දෙනෙත නිදි බර වීම නිසා ද මෙවැනි අර්ධ නිද්‍රාවත් සමඟ ස්වයං මෝහන තත්ත්වයක් හටගත හැක. එය හැඳින්වෙනුයේ සුදු ඉරි උණ (White Line Fever) යනුවෙනි.

    එහෙත් මේ මනමාලිගේ පල්ලමේ අනතුරු සිදුවීම සම්බන්ධයෙන් බලපවත්වන වෙනත් විද්‍යාත්මක හේතුවක් තිබේ දැයි අපි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉන්ජිනේරු (අවිස්සාවේල්ල) ඊ.ඒ.එන්.එස්. එදිරිසිංහ මහතාගෙන් අසා සිටියෙමු. එහිදී ඔහු ප්‍රකාශ කොට සිටියේ තමන්ගේ උපන්ගම සමීපයේ පිහිටි එම ස්ථානයේ සිදුවන අනතුරු සඳහා අධික වේගය සහ රියදුරාට නින්දයාම බොහෝ විට ඉවහල් විය හැකි බවයි.

    “ඔය මනමාලිගෙ පල්ලම කියන තැන ඌරාපොළ පැත්තෙ ඉඳලා එනකොට අංශක 100 ක විතර වමට වංගුවක් තියෙනවා; ඒ එක්කම පල්ලමක්. අධික වේගයකින් හෝ නිදිමතින් රිය ධාවනය කරන විට ඒ වංගුව හරි හැටි දර්ශනය වෙන්නේ නැහැ. ඒ නිසා වාහන ඒ වංගුවේ ඇති බැම්මේ ගැටීම ස්වභාවිකයි. සාමාන්‍යයෙන් මේ වගේ වංගුවල මතුපිට කිසියම් ආනතියකින් (Superelevation) සකස්කොට තිබෙනවා. එය රියදුරාට පහසුවෙන් රථය හසුරුවා ගැනීම සඳහා. නමුත් අධික වේගයකින් පැමි‍ණීමේ දී හෝ රියදුරාට නින්ද යාමක දී ඒ වාසිය බුක්ති විඳීමට රියදුරාට අවස්ථාව ලැබෙන්නේ නැහැ.

    නමුත් එක්තරා ස්ථානයක දිගින් දිගටම රිය අනතුරු වලින් මිනිසුන් මිය යන විට ඒ සඳහා ගුප්ත පුරාවෘත්තයක් මතුකරගන්නා අතර ඒ අනතුරු ‘බිළිගැනීම්’ වශයෙන් හඳුන්වන එක අපේ රටේ සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. නමුත් එම ස්ථානයට නොදුරින් වංගුවක් පෙන්නුම් කරන මාර්ග සංඥා අනුව රථයේ වේගය පාලනය කර ගත හොත් කිසිවිටකත් අනතුරක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තමන් අතින් සිදුවන වැරදි අඩුපාඩු නිසා සිදුවන අනතුරු මිය ගිය කාන්තාවකට බැර කිරීමකට සිදුවන්නෙත් නැහැ.” හෙතෙම කීය.

    [rns_reactions]

  • දේශපාලන කුමන්ත්‍රණය සාර්ථකයි. මහින්දගේ බලපෑමෙන් ගෝටාභය කොළඹ නගරාධිපති අපේක්ෂකත්වයට

    ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා බලාපොරොත්තු වන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. ඒ අනුව ප්‍රධාන පක්ෂ මේ වනවිට සිය අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

    පළාත් පාලන මැතිවරණයේදී නිතැතින්ම කොළඹ නගර සභාවට වැදගත් ස්ථානයක් හිමිවන අතර මෙවර ප්‍රධාන පක්ෂවලින් කොළඹ නගර සභාවේ පුරපතිධූරය සඳහා ප්‍රබල අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මියට පුරපති අපේක්ෂකත්වය ලබාදීමට සූදානම් වන අතර ඒ සම්බන්ධයෙන් කලෙක පටන් කතාබහට ලක්විය. මීට අමතරව ශ්‍රීලනිපයෙන් හිටපු ඇමතියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට සූදානම් වේ. ඒ සම්බන්ධයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා වෙත ඉල්ලීම් ගණනාවක් ලැබී තිබේ. කෙසේ වෙතත් හිටපු ආරක්ෂක ලේකම්වරයා නගරාධිපති අපේක්ෂකධූරය භාරගැනීමට එතරම් කැමැත්තක් නොදක්වන අතර එයට හේතුවී ඇත්තේ කොළඹ නගර සභාවේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැතිවීමයි.

    කොළඹ නගර සභාව එජාප බලකොටුවක් ලෙස සැලකෙන අතර ආණ්ඩු බලය ද එජාපය සතුවන නිසා කොළඹ නගර සභාව ජයග්‍රහණය කිරීම ඔවුන්ට එතරම් අභියෝගයක් නොවනු ඇත. එසේම කොළඹ නගර සීමාවේ සුලු ජාතීන් බහුතරයක් ජීවත් වීම ද ගෝටාභය රාජපක්ෂ මහතාට අවසියක් වනු ඇත.

    මීට පෙර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නගරාධිපති අපේක්ෂකයා ලෙස, හිටපු නගරාධිපතිවරයෙකු ද වන ඕමාර් කාමිල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානම්ක පැවති අතර ගෝටාභය රාජපක්ෂ මහතා ද පවසන්නේ ඔහු නගරාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළයුතු බවයි. එය බොහෝදුරට තමන් ලබන නියත පරාජයෙන් ගැලවීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කරන යෝජනාවක් වියහැකිය. කෙසේ වෙතත් රාජපක්ෂ හිතවාදීන්ගේ අදහස වී ඇත්තේ ගෝටාභය රාජපක්ෂ මහතා අනිවාර්යෙන් ඉදිරිපත් වියයුතු බවයි. ඕමාර් කාමිල් මහතා එජාප හිතවාදියෙකු බවත් එය මැතිවරණයේදී තමන්ට අවාසියක් වියහැකි බවත් ඔවුන්ගේ අදහස වී තිබේ..

    [rns_reactions]

  • අධිකරණ නියෝග කඩකරමින් ජනතාව කුපිත කල අන්තරේ ලොක්කා ලබන 26 දක්වා ඇතුලට..

    අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අද (12) නියෝග කළා.

    ඒ අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් පොලිසිය කළ කරුණු වාර්තා කිරීමකට අනුවයි.

    ඉකුත් ජුනි මස 21 වැනිදා කොළඹදී පැවැති සයිටම් විරෝධී පාගමනකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වෙන නඩුවකින් ඔවුන් ඇප මත මුදා හැර තිබුණා.

    [rns_reactions]

  • ‘‘මං කරපු වැඩ නිසා කෙල්ලට දොස් කියන්න එපා.‘‘ ගාල්ල මහින්දයේ සිසුවෙක් වෙඩි තබාගෙන දිවි නසාගනී

    ගාල්ල මහින්ද විදුහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු පෙරේදා (10 වැනිදා) රාත්‍රී ලිපියක්‌ ලියා තබා පියාට අයත් බලපත්‍ර සහිත පතරොම් තුවක්‌කුවෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගෙන තිබේ.
     
     මෙසේ දිවි නසාගෙන ඇත්තේ වටරැක නැගෙනහිර පදිංචිව සිටි කුමුදිත ආදිත්‍ය ලොකුකරවිට හෙට්‌ටිආරච්චි නමැති මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි 16 හැවිරිදි සිසුවෙකි.
     
     ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකු වන අතර මව ගුරුවරියකි. මියගිය සිසුවා පවුලේ දෙවැනි දරුවාය. ඔහු. පෙරේදා (10 වැනිදා) රාත්‍රී අටයයි දහයට පමණ නිවස පිටුපස ගසකට හේත්තුවී වෙඩිතබා ගෙන ඇති බවත් ඒ සමගම නිවැසියන් විසින් බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ගෙන ගොස්‌ ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස්‌ සිටි බවත් පොලිසිය පවසයි.
     
     තමාගේ මරණයට කිසිවකු වගකිවයුතු නැති බවත් තමා කරන දේවල් නිසා පවුලේ අය ගොඩාක්‌ දුක්‌ වින්ද බවත් මෙම සිද්ධිය කෙල්ල නිසා කරගත් දෙයක්‌ කියලා නොකියන ලෙසත් එය මෙයට සම්බන්ධ නැති බවත් සාමාන්‍ය පෙළ ලිව්වත් මේ වගේ පීඩනයක්‌ යටතේ ලැබෙන ප්‍රතිඵලය දන්නා බවත් එම ලිපියේ සඳහන් වේ.
     
     මියගිය සිසුවාගේ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ අතර ගාල්ල පොලිස්‌ අධිකාරී වී. ඩබ්ලිව්. ගිනිගේ මහතාගේ උපදෙස්‌ පරිදි පෝද්දල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


     




    [rns_reactions]

     

  • සල්ලි වලට බොරු කියන උබේ තුන පන නැද්ද මිනිහෝ? – උරණ වූ පියුමි පිං පොන්ට ප්‍රසිද්ධියේ අමතයි..

    පිම පොන් , නැතිනම් රජිත හීරාන් විසින් ඉරාජ්ගේ වීඩියෝවට කල ප්‍රකාශය කර දිනක් ඇතුලත එය මහත් ආන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් දිනක් ගතවන විට ඊට සමාව ගනිමින් රජිත වීඩියෝවක් නිකුත් කිරීනත් සමගම සමාජ ජාලා හරහා ඔහුට ප්‍රහාරය එල්ල වන්නට වුනේ රජිත ඉරාජ්ගේ හා පියුමුගේ බලය හරහා තම මතය ඉවත් කල බවටය.

    එය හොඳින්ම පැහැදිලි කරමින් රජිත තවත් වීඩියෝවක් අන්තර්ජාලයට පසුගියදා මුදා හැර තිබුනා. මෙයින් පසු වැඩිදෙනා පින් පොන්ට චෝදනා කරන්නේ මේ සියලු ප්‍රකාශ ඉරාජ් සමග කලින් සැලසුම් කරමින් සිදු කල ප්‍රකාශ ලෙසය. පහතින් එම ප්‍රකාශය.

    මේ තුවෙනි වීඩියෝව දැක්ක පියුමි මෙදා සැරේ නම් කට වහගෙන හිටියේ නැහැ. පියුමි කෙලින්ම පැවසුවේ තමන් කොහෙත්ම පිං පොන්ට සමාව ගන්නා ලෙස පැවසූ නොමැති බවත්, මොහු බොරු කාරයෙක් බවත්, ඔහු කතා කරපු වෙලාවේ සිදුවූ සංවාදයේ සියලුම රෙකොඩ්ස් ඈ ළඟ තියන බවත්ය.
    මේ පියුමි ඇයගේ බුකියේ තබා තිබු සටහනයි,

    පිං පොං…ඔබේ තත්වේ ඉතාමත් දරැනු අතට හැරි ඇත.වාහාම ගොස් වෛද්‍යය වරයෙකු මුන ගැහෙන්න.පිරිමි කම කියන්නෙ ඔකට නොවෙයි.ඔබට මම කොල් කර.ඔබ දැමු ව්ඩ්යොව ඉවත් කරන ලේස කිසිසෙත් කිවෙ නැත.ඔබ සමග කතා කර සියල්ල මාගේ ජංගම දුර කතනයේ record වි ඇත.

    මෙතේක් වෙලා මෙ සියල්ල බලා සිටියේ ඔබට බයේ නොව.ඔබවැනි ගොං ⁣ජොක් face book හරහා දෙන මිනිසෙකු සමග වාද වි මාගේ කාලය නාස්ති කරිමට ම⁣ා අකමැති නිසාය.ඔබ face book විරයේක් වෙන්න ගිහින් මෙ වන විට බලු වි ඇති බව ඔබ හෙදොකාරවම දන්නා කරැනකි.මද වෙලවෙක් ඉවසන්න සිංහ නාද බලු කෙදිරි සියල්ල.ම⁣ා තව සුලු වෙලාවකින් අන්තර්ජාලයට මුදා හරිනවා.රටෙ සිටින මාගෙ සිසලු රසික රසිකාවින් මෙ සැම දෙම දැන ගත යුතුයි.

    මා යනු ඔබ වාගේ අනුන්ගෙන් ජිවත් වන කෙනෙකු නොව.මෙය පවසන්නේ මාගෙ අදහස නොවෙයි.ඔබ කත⁣ා කරන ලද Video එකෙ ඔබ සදහන් කර ඇත.ඔබට කන්න බොන්න,අදින්න ඇදුම් පැලදුමි,වාහන සියලු දෙ දුන්නෙ ඔබෙ යහලුවන් බව.මා සමග ඔබට විසදා ගැනිමට දෙයක් ඇතිනම් facebook හරහා public videos නොදා කොන්ද පන ඇති පිරිමෙක් ලේස මා මුන ගැසි.සියලු දෙ විසදා නිරාකරනය කිරිමට.මා ඔබට ආරාදනා කරමි!!!! Thank you ( Piumi Hansamali )

    [rns_reactions]

  • දෙවෙනි ඉනිමේ නොලැබෙන ආදරයක් සොයන දෙව්මිට සැබෑ ජිවිතයේ අනුහස්ගේ ආදරය ලැබිලා..

    අද වෙන විට නයනතාරාව දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි රවීන්වත්.

    පුංචි තිරය හැඩ කරන මේ අපූරු යුවල කෙතරම් ගැලපෙනවාදැයි කෙනෙකුට සිතෙන්නට ඇති. ඔන්න අපේ රට අපි අද මේ ගෙනෙන්නට යන්නේ තවත් අපූරු පින්තූර කිහිපයක්.
    ඒ තමයි නයනතාරා සහ රවීන් කණිෂ්ක මනාල යුවලක් ලෙසින් හැඩගැන්වුනු හරිම ආදරණීය පින්තූර කිහිපයක්.
    බලනකෝ ඔයාලා කොහොමද මේ දෙන්නා ගැලපෙනම ජෝඩුවක්ද කියලා..

    මේ සොඳුරු අයුරින් නයනතාරාව හැඩගන්වලා තිබ්බේ අද වන විට ඉතා දක්ෂව හා සුන්දරව මනාලියන් හැඩගන්වනු ලබන චන්දිමාල් ජයසිංහ විසිනුයි.

    [rns_reactions]

  • මුදල් ඉදිරියේ ඉරාජ්ගේ ප* බවට පත්වූ නොක් අවුට් කරු මාධ්‍ය ඉදිරියේ බබා වෙන්න හදලා නෝන්ඩි වෙලා..

    ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරින් නිපදවූ බව කියන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ රංගනයට දාකය වුණු ජනප්‍රිය මෙන්ම ජ්‍යෙෂ්ඨ සටන් නළු විල්සන් කරුණාරත්න මහතා සතිඅන්ත පුවත්පතක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසන්නේ මෙම වීඩියෝවේ රඟ පෑමෙන් තමන් විශාල වැරැද්දක් සිදු කරගත් බවයි.

    ඉතින් කොහොමද?

    අපේ සැපදුක සොයන්න එන්නේ අපිට ඉතින් මඩක් වැදුනොත් තමයි නේද?…

    මොනවද මේ දවස්වල අලූත් තොරතුරු?

    අප්පේ අර ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාල බැණුම් කෝටියක් අහගෙන ඉන්නවා.

    ඔබ වැනි සිනමාවේ ආදරය දිනාගත්ත කලාකරුවෙක් මේ වගේ මියුසික් වීඩියෝවල රඟපාන්න ගියේ ඇයි?

    ඇත්තටම ඔය වීඩියෝ එක ප‍්‍රචාරය වෙනකම් මම ඔහොම දෙයක් දැනගෙන හිටියේ නැහැ.

    ඉරාජ් මාස ගාණක්ම ඕකට නළුවෙක් සොයලා තියෙනවා. ඉරාජ්ම තමයි ගායකයට කියලා තියෙන්නේ අපි මේකට කරු අයියව ගමු කියලා.

    මට කතාකළාම එතනට යනකම් මේක ඉරාජ් කරන වීඩියෝ එකක් කියලා මම දැනගෙන හිටියේ නැහැ.

    රූගතකිරීම් කරන කොට මමත්මොකද්ද මේ වෙන්නේ කියලා බලාගෙන හිටියා. මම එතකොටත් කිව්වා අර කේස් එකනේ මේ යන්නේ මට නරක නාමයක් ඒවිද දන්නේ නැහැ කියලා.

    ඉරාජ් කිව්වා කාගෙවත් නමක් සඳහන් වෙන්නේ නැහැ බය නැතුව කරු අයියා රඟපාන්නකෝ කියලා.

    ඒ කියන්නේ රෝල් එක කරන්න ඔබ බය වුණා?

    බයකට මම එහෙම කිව්වෙ නැහැ. නමුත් මේ සිංදුවෙන් නිගාවෙන්නේ මම ළඟින්ම ඇසුරු කරපු මගේ මිත‍්‍රයෙකුට මේ වීඩියෝ එකක් නිසා ඔහු මාත් එක්ක අමනාප වේවි කියලා පොඩි චකිතයකුත් හිතේ තිබුණා.

    ඒත් එයාට නෙමෙයි මේ විඩියෝ එක හදන්නේ කියලා ඉරාජ් කියපු නිසා මමත් එච්චර හිතුවෙ නැහැ.

    මම රඟපෑවා. අන්තිමට හෙන අවනඩුවක්නේ මට වුණේ.

    වීඩියෝ එක ප‍්‍රචාරය වුණාට පස්සේ ඉරාජ් ඔබට කතාකළාද?

    නැහැ. තවම කතා කළේ නැහැ. මාත් ඉන්නේ කතා කරනකම් “මොකද්ද යෝධයෝ උඹ මට මේ කළේ” කියලා අහන්න.

    වුණේ වැරැද්දක් ඒකට මම දැන් කණගාටු වෙනවා.

    [rns_reactions]

  • බුදුන් වහන්සේට අවමන් කරමින් ජාති භේද අවුස්සන අන්තවාදී තවුහිද් ජමාද්ට CIDයෙන් රතු එළියක්

    බුදුන් වහන්සේට අපහාස කළේ යැයි සැකපිට අධිකරණය හමුවට ඉදිරිපත් කර සිටින ශ්‍රී ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික් ඇතුළු සැකකරුවන් 06 දෙනා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇතැයි කොළඹ අපරාධ කොට්ටාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැන්විය.

    එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කර වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති ගන්නා බවයි.

    ඒ අනුව පැමිණිල්ල පෙබරවාරි මස 22 වනදා කැඳවීමට නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා එදිනට මෙම කටයුතු වල ප්‍රගතිය වාර්තා කරන්නයැයි පොලිසියට නියෝග කළා.

    මෙම නඩුව කැඳවූ අවස්ථාවේ මොහොමඩ් නියාස් නැමති සැකකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.

    2014 වසරේ මාලිගාවත්ත ප්‍රදේශයේ රැස්වීමකදී බුදුන් වහන්සේට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තවුහිද් ජමාද් සංවිධානයේ සාමාජිකයින්ට එරෙහිව පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

    [rns_reactions]

  • අම්මා අප්පා නැති එවුන් ඕවා හදන්නේ – ඉරාජ්ගේ සොසේජස් වීඩියෝවට මේ අය කිව්ව කතා මෙන්න

    සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ පුද්ගලික ජීවිතය පදනම් කරගෙන ඉරාජ් විසින් මියුසික් වීඩියෝවක් නිර්මාණය කර ඇතැයි සමාජයේ විශාල කතාබහක් ඇතිවී තිබෙනවා. මේ ගැන කලා ක්ෂේත්‍රයේ කිහිපදෙනකුගෙන් අප අදහස් විමසුවා.

    අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක් – ජයන්ත රත්නායක

    ඉරාජ් කියන්නේ මට නම් සංගීතඥයෙක් ‍නෙවෙයි. ඒ විදිහට මඩ ගහනවට මම විරුද්ධයි. අපේ තාත්තා පූජනීයත්වයෙන් සලකපු කලාකරුවෙක්. තාත්තා ඒ වගේ දෙයක් කළ නිසයි ඔය වගේ මියුසික් වීඩියෝවක් හැදෙන්නේ. මේ වෙද්දි තාත්තා එක්ක සම්බන්ධවෙලා ඉන්න කාන්තාව සූක්ෂ්මව අපව පවුලෙන් අයින් කරලා තියෙන්නේ. තාත්තට අනුකම්පාවක් හිමිවෙලා තියෙනවා ළමයි සලකන්නේ නෑ කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම කියන්නේ අපි ගැන හරියට නොදැනයි. මාධ්‍යයට තමයි මම බණින්නේ, ඉරාජ්ලා වගේ අයව පුම්බනවාට. ඉරාජ් ඔය දේවල් කරන්නේ සල්ලි හොයන්න. ඔහු මේ වනවිට යූටියුබ්වලින් සිල්වර් මෙඩ්ල් එකක් අරන් තියෙනවා. වැඩිම හිට් ගිය ආසියානු අපේක්ෂකයා ලෙස. ඔහු දඟලන්නේ ගෝල්ඩ් මෙඩ්ල් එකක් අරගන්න. ඒ නිසා මේ වගේ මියුසික් වීඩියෝ කරන්නේ. මාධ්‍යය ඔහු ගැන කතා කරන නිසා හිතෙන්නේ ඉරාජ් ඔවුන්ට සල්ලි ගෙවනවද කියලත්.

    අපේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. ඔහුව මුල් කරගෙන මේ වීඩියෝව කරපු එක වැරදියි කියලා මම හිතන්නේ. අපි මියුසික් කරන අය මිසක් වීඩියෝ අධ්‍යක්ෂවරු ‍නෙවෙයි. මගේ අතිජාත මිත්‍රයෙක් තමයි ඉරාජ් කියන්නේ. තාමත් ඒ යාළුකම තියෙනවා. වැරදි දේට මම වැරදියි කියනවා. අද ඉරාජ් විතරක් ‍නෙවෙයි අනිත් අය කරන දේවල් ගැනත් දකින විට කලකිරෙනවා. අද ඔවුන් නිල් චිත්‍රපට අධ්‍යක්ෂවරු වගේ තමයි ගීත රූප රචනා කරන්නේ. සංගීතය කියන්නේ වෙනම කලාවක්. මියුසික් වීඩියෝවක් විකුණාගන්න ඕන කියලා තියෙන ජහජරාව ඔක්කොම දැම්මට වැඩක් නැහැ. අපට කාගෙවත් පුද්ගලික ජීවිතේ වැඩක් නැහැ.

    හරිම පහත් වැඩක් – කේ. සුජීවා

    අම්මා කෙනෙක් විදිහට කතා කළොත් කියන්න තියෙන්නේ අද ළමයෙක් අන්තර්ජාලයට යනවා කියන්නේ බයක් දැනෙනවා. අනවශ්‍ය දේවල් දකියි කියලා. අපේ රටට අනන්‍ය වූ සංස්කෘතියක් තියෙනවා. සල්ලි ඕන නිසා කලාකරුවෝ දාලා ඔය වගේ දේවල් කරනවා කියන්නේ බොහොම කනගාටු දෙයක්. කාගෙවත් පුද්ගලික දෙයක් කාටවත් වැඩක් නැහැ. වෘත්තිය සම්බන්ධයෙන් අඩුපාඩුවක් වුණා නම් ඒක වැරදියි. ලංකාවේ ප්‍රවීණයන් අතර උඩින්ම ඉන්න චරිතයක් තමයි වික්ටර් රත්නායක කියන්නේ. ඒ වගේ අයගේ චරිතය ඝාතනය කිරීම හෙළා දකිනවා. අද චරිත ඝාතනය කිරීම පහසු දෙයක් වෙලා තියෙනවා. කලාකාරිනියක් විදිහට ඉරාජ්ගේ මේ වැඩේ ගැන හරියට කනගාටු වෙනවා. හරිම පහත් වැඩක් විදිහටයි අපි දකින්නේ. අද මේ ක්ෂේත්‍රය ගැන හරි දුකයි. කාලයක් රිගින් ටෝන් තිබුණා. අද සල්ලි හම්බ කරන්න නොකරන දෙයක් නැහැ. මෙහෙම කලාකාරයෙක්ට කැළලක් ඇති කරන්න දෙන්න බැහැ කියලයි මම කියන්නේ.

    මේවා හදන්නේ මානසික ලෙඩ්ඩු – ජින්ජර්

    ඔය වගේ සින්දු හැදෙන්නෙ යූටියුබ් එකට. රූපවාහිනිය හරහා විස ‍පොවන්න බැරි නිසයි එහෙම වෙන්නේ. සීමාව පැනලා බැරියල් කඩාගෙන ඔවුන් අපායට යන්න පාර හදාගෙන යනවා. රුපියල් සතවලට ලෝභවෙලා තමයි මේ වගේ මියුසික් වීඩියෝ කරන්නේ. මියුසික් ‍නෙවෙයි ඔවුන්ට සල්ලියි ඕනවෙලා තියෙන්නේ. ඔය වගේ මියුසික් වීඩියෝ හදන අය දෙමව්පියන්ට ගෞරව කරනවාද කියන ප්‍රශ්නය තියෙනවා. වික්ටර් රත්නායක මහත්මයාගේ පුද්ගලික ජීවිතය අපට වැඩක් නැහැ. මේ මියුසික් වීඩියෝවලින් කාමයට ලොකු තැනක් දෙනවා. මේවා බලන්නේ, හදන්නේ මානසික ලෙඩ්ඩු. මේවා හදන මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ. ඉරාජ්ගේ මියුසික් වීඩියෝව නොබලා කියන්න පුළුවන් මොකක්ද කියලා. මේක තමයි රැල්ල කියලා ඔවුන් හිතන්නේ. ප්‍රසංග වේදිකාවෙත් අපිට සීමාවල් තියෙනවා. මේ වගේ දේවල්වලින් වෙන්නේ ඔවුනුත් නැතිවෙලා යන එකයි. එවැනි වැඩවල පැවැත්ම අඩුයි. යූටියුබ් රැල්ල ඔය වගේ ගායකයන්ට ලොකු තෝතැන්නක්.

    අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නෑ – කොරින් අල්මේදා

    අපට කෙනෙක්ගේ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ. ඔහුගේ වෘත්තීය ජීවිතය විතරයි අපට අදාළ වෙන්නේ. පුද්ගලික ජීවිත අලලා ඔය වගේ දෙයක් කිරීම මම පිළිකුලෙන් හෙළා දකිනවා. අපි ගෞරව කරන්න ඕන ගායකයෙක්ට ඔහොම දේවල් කරන එක පිළිකුල් සහගතයි. ඔය දේවල් කරන අයගේ දෙමව්පියන් දැනුවත්ද කියලා බලන්න ඕන.

    [rns_reactions]

  • එජාපය ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත්තෙ නෑ ” – රනිල්ගේ නියෝගයෙන් නිරුවත් වූ කබීර් කියයි

    රජයේ කඩිනම් මුදල් අවශ්‍යතාවය ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවෙන් සපයා ගැනීමට උපදෙස් ලබා නොදුන් බව මලික් සමරවික්‍රම මහතා සහ කබීර් හෂීම් මහතා යන අමාත්‍යවරුන් ඊයේ (11) බැඳුම්කර කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

    ඒ ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති හමුවක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමිනි.

    සාක්ෂි කූඩුවට නැගී මලික් සමරවික්‍රම අමාත්‍යවරයා පැවසුවේ 2015 පෙබරවාරි මස 26 වැනිදා මහ බැංකුවේ පැවති හමුවකට අග්‍රාමාත්‍යවරයාගේ ජේෂ්ඨ උපදේශකයෙකු ලෙස තමන් සහභාගී වූ බවයි.

    මාර්ග සංවර්ධන ව්‍යාපෘති යලි ක්‍රියාවට නැංවීමට අවශ්‍ය රුපියල් බිලියන 15ක් සපයා ගැනීම පිළිබඳව මහ බැංකුව සමඟ සාකච්ජා කරන ලෙසට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අමාත්‍යවරයා සඳහන් කළහ.

    ඔහු පැවසුවේ එම අරමුණෙන් එවක මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක යන අය සමඟ පැවති හමුවේදී බැඳුම්කර වෙන්දේසියෙන් අදාළ මුදල් සපයා ගැනීම පිළිබඳ සහතික ලෙසම සාකච්ජා නොකළ බවයි.

    එද්චිනට පසු ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිය පැවැත්වුණු අතර මෙම හමුවෙන් පසුව දුරකථනයෙන් හෝ හිටපු මහ බැංකු අධිපතිවරයා ඇමතුවේ දැයි මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන ලදී.

    ඔහුගේ පිළිතුර වුයේ එවන් මතකයක් නොමැති බවයි.

    මිනිත්තු 10කට පමණ සිමා වූ මලික් සමරවික්‍රම අම්ත්යවරයාගේ සාක්ෂියේදී සියලු ප්‍රශ්න කොමිසමේ විනිසුරුවන් විසින් විමසීමද විශේෂත්වයකි.

    ඉන් අනතුරුව සාක්ෂි ලබා දුන් කබීර් හෂීම් අමාත්‍යවරයා පැවසුවේ එවක මහාමාර්ග අමාත්‍යවරයා ලෙස තමන්ද අදාළ සාකච්ජාවට සහභාගී වූ බවයි.

    ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවෙන් රජයේ කඩිනම් මුදල් අවශ්‍යතාව සපයා ගැනීම සම්බන්ධයෙන් එම සාකච්ජාවේදී තීරණයක් නොගත් බව පිළිබඳව අමාත්‍යවරයා ප්‍රශ්න කළහ.

    ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හා මහ ලේකම් ලෙස කටයුතු කරන අමාත්‍යවරුන් දෙදෙනාම ප්‍රකාශ කර ඇත්තේ 2015 හා 2016 වර්ෂවලදී අර්ජුන් අලෝසියස්ගෙන් ඔහුගේ සමාගමකින් හෝ ඔහුගේ පවුලේ ඥාතීන් කිසිවෙකුගෙන් සිය පක්ෂයට අරමුදල් නොලැබුණු බවයි.

    අර්ජුන් අලෝසියගේ පෞද්ගලික ලේකම් ස්ටීව් සැමුවෙල් ඊයේ කොමිසම හමුවට කැඳවා තිබුණද ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළේ හදිසියේ පපුවේ ඇති වූ වේදනාවක් හේතුවෙන් සිය සේවාදායකයා ඊයේ පෙරවරුවේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බවයි.

    ඒ.එම් සහ ආර්.කේ යනුවෙන් පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගම පවත්වාගෙන ගිය ලිපි ගොනු ලබා ගැනීමට ඔහු කැඳවූ බව කොමිසම ප්‍රකාශ කළේය.

    එම නිසා අදාළ ලිපි ගොනු ඊයේ භාරදෙන ලෙස කොමිසම නියෝග කළ අතර එවන් ලිපි ගොනුවක් සිය සේවාදායකයා සතුව නොමැති බවට ඔහුගේ නීතිඥවරයා ප්‍රකාශ කළ අවස්ථාවේදී කොමිසම පැවසුවේ ඒ.එම් සහ ආර්.කේ යනු කවුරුන්දැයි දැන ගැනීමට තමන්ට අවශ්‍ය බවය.

    අර්ජුන් ඇලෝසියස් සහ ඔහුගේ පියවන ජෙෆ්රි ඇලෝසියස් යන අය සොයාගත නොහැකි නිසා එම ලිපිගොනු ලබා දෙන ලෙස ඔවුන්ටද දැන්විය නොහැකි බව කොමිසම සඳහන් කළේය.

    කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා මාධ්‍ය වෙත අදහස් පල කරමින් මෙසේ පැවසීය.

    “මට හරි පුදුමයි.සමහර හිටපු ඇමතිවරු චෝදනා කරලා තිබුණා ඊයේ මලික් සමරවික්‍රම ඇමැතිතුමයි මමයි ජනාධිපතිතුමා ළඟට ගිහිල්ලා වැදලා මේක කල් දාන්න කියලා ඉල්ලීමක් කරයි කියලා.මම කියන්නේ ජනාධිපති කාර්යාලයට ගිහිල්ල පොත බැලුවානම් ඇතුළත් වෙන පිටත්වෙන වෙලාවල් ලියනවා ඇතිනේ.මම ඊයේ කැබිනට් රැස්වීමට ගියේ පැය භාගයක් පරක්කු වෙලා.ඒ නිසා මේ සමහර අය එයාලා තීන්දුව දෙනවා අපි අපේ ප්‍රකාශයන් කරන්න ඉස්සෙල්ලා ඒක වැරදියි.අද කොමිෂන් සභාවට එන්න කිව්වා.අපි බොහොම සතුටෙන් ආවේ.පරීක්ෂණයක් කරනවා නම් ඒ පරීක්ෂණයට අපේ සහයෝගය ලබා දීම අපේ යුතුකමක්.”

    [rns_reactions]