Blog

  • බල අරගලයෙන් පැරදුණු මහින්දට තවත් දරුණු පරාජයක්; සහයට සිටි තවත් පක්ෂයක් ගැලවෙයි

    කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ තිබූ බල අරගලයෙන් රාජපක්ෂ හිතවාදී කල්ලිය පරාජයට පත්ව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ වාම ව්‍යාපාරයේ බලකණුවක් ව සිට දැනට යම් පසුබෑමක සිටින එම පක්ෂය දිගින් දිගට ම සභාග දේශපාලනයේ යෙදී සිටිය ද පසුගිය සමයේ මහින්ද රාජපක්ෂ සරණ යෑම එහි ප්‍රධාන ලේකම් වන ඩිව් ගුණසේකර ඇතුළු පිරිස ප්‍රතික්ෂේප කිරීම විශේෂයක් විය. ඔවුන්ගේ ස්ථාවරය වූයේ කොමියුනිස්ට් පක්ෂය ස්වාධීන මතයක සිටිය යුතු බව ය. දිගින් දිගට ම මහජන මුදල් අමු අමුවේ කොල්ල කෑ, තම ප්‍රතිවාදීන් ඝාතනය කළ, එසේ ම අතිශය ජාතිවාදී කඳවුරක් වන මහින්ද කඳවුර වෙත කොමියුනිස්ට් පක්ෂය නැවත ළං වන්නේ නම් එය එම පක්ෂයේ අභාවයට පහසු මගක් බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන් දරණ මතය යි.

    කෙසේ වෙතත්, එම පක්ෂය මහින්ද රාජපක්ෂගේ දේශපාලන පෙරමුණට එක් කිරීමට කාලයක් තිස්සේ වලිකමින් සිටියේ එහි සභාපති රාජා කොල්ලුරේ, වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසකි. පසුගිය දා පැවති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේ දී එහි මධ්‍යම කමිටුවේ සංයුතිය කෘත්‍රීම ලෙස වෙනස් කර පක්ෂය තමන්ගේ අත්අඩංගුවට ගැනීමට මෙම පිරිස වලිකෑව ද එම උත්සාහය පරාජයට පත්ව ඇත. නැවතත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස පත්ව ඇත්තේ ඩිව් ගුණසේකර මහතා ම ය. කෘතහස්ත වාම දේශපාලකයෙකු වන ඒ මහතා ඇතුළු පිරිසගේ මතය තවදුරටත් කොමියුන්ස්ට් පක්ෂය කිසිදු ධනපති පක්ෂයක අතකොලුවක් නොවී ස්වාධීනව සිය දේශපාලන කටයුතු කළ යුතු බව යි.

    කෙසේ වෙතත්, රටේ ප්‍රගතිශීලී දේශපාලනයට ලැදි සියලු දෙනා මෙකී තත්වය සැලකිල්ලට ගත යුත්තේ සුබවාදී ව ය. කිසිදු කොන්දේසියකින් තොරව ජාතිවාදයේ සරණින් නැවත බලයට පත්වන්නට අර අඳින මහින්ද රාජපක්ෂ කුප්‍රකට පෙරමුණ ලද අන්ත පරාජයක් ලෙස ද මෙය තවදුරටත් සැලකිය හැකි ය.

    [rns_reactions]

  • පියමග යන ජනපති පුත් දහම්ගෙන් නිවාස අහිමිව කල් ගෙවූ රත්නපුරේ දෙව්මිණි දැරියට නව නිවසක්..

    පසුගිය මැයි මාසයේදී දිවයිනටම බලපෑ අයහපත් කාළගුණය හේතුවෙන් පීඩාවට පත්ව තමන් ජීවත් වූ නිවස අහිමිව කල් ගෙවන දෙව්මිණී නම් දැරියකගේ ප්‍රවෘත්තියක් පිළිබඳව මාගේ අවධානය යොමු වූ අතර එම ප්‍රවෘත්තියේ සඳහන් වූ දැරියට පිහිටක් වීම සඳහා ඇය ජීවත් වන රත්නපුර අයගම පණ්ඩුකඳේ වත්ත ප්‍රදේශයට පසුගිය ජූනි මස 15 බ්‍රහස්පතින්දා ගිය අතර එහිදී නිරීක්ෂනය වූයේ ගංවතුරට හසුව පියාද අහිමිව දිවි ගෙවන මෙම දැරියගේ සම්පුර්ණ නිවෙසම විනාශ වී ඇති ආකාරයයි..දෙව්මිණී නම් මේ දියණිය පාසැල් වැඩ කටයුතුවලටද ඉතා දක්ෂ බව ඇය ඉගෙනුම ලබන කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්‍රකාශ කරන ලදී..කඬාවැටුනු නිවස නීරීක්ෂණය කර එහිදී දෙව්මිණි දැරියට සහ ඇගේ මවට සුදුසු ස්ථානයක නව නිවසක් කඩිනමින්ම ඉදිකර දෙන බවට පොරොන්දුවක් ලබා දුන්නේය.

    එමෙන්ම ඊට අදාල ඉඩමක් ලබා ගැනීම සඳහා එම දිනයේම (ජූනි 15 බ්‍රහස්පතින්දා) කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේ හඳපාන්ගොඩ මහින්ද නායක ස්වාමින් වහන්සේ සහ හිටපු ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නායක ස්වාමින්වහන්සේ මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කරනු ලැබූ අතර එහිදී නායක ස්වාමින් වහන්සේලා නිවෙසක් සෑදීම සඳහා අවශ්‍ය ඉඩමක් ලබා දෙන බව සඳහන් කරන ලදී.

    ඒ අනුව ජූනි මස 22 වෙනිදා අවට විහාරස්ථාන වල ස්වාමින් වහන්සේලාගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ උදෑසන 10.15ට යෙදුන සුභ නැකතින් නව නිවෙස සෑදීම සඳහා මුල් ගල තැබූ අතර මාගේ අරමුණ වූයේ මාස 3කින් පමණ නව නිවෙස ඉදිකර දෙව්මිණී දැරියට ලබා දීමය. නව නිවෙසට අවශ්‍ය ඉඩම පොරොන්දු වූ පරිදි කිරිඇල්ල නැඳුන් රජමහා විහාරස්ථානය විසින් පරිත්‍යාග කල අතර නිවෙස ගොඩනැගීම සඳහා රජයේ කිසිඳු ප්‍රතිපාදනයක් ලබා නොගෙන මාගේ පෞද්ගලික දැන හැඳුනුම්කම් මත ආධාර උපකාර ලබාගෙන ගොඩනැංවීමට අදහස් කලෙමි.

    ඉක්මනින්ම සියලු පහසුකම් වලින් පරිපූර්ණ වූ නව නිවෙස ඉදිවූ අතර එය දෙව්මිනී දැරියට ලබා දීම කැටේපොල ශ්‍රී අභිනවාරාමාධීපති හිම්මන්තුඩාවේ සිරි රතන ස්වාමින්වහන්සේගේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ කැටේපොල විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුලු ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ දින (ඔක්තෝම්බර් මස 06) උදෑසන 10.06ට යෙදුන සුභ නැකතින් සිදු කරන ලදී.

    මෙහිදී මට අසන්නට ලැබුන සුභදායක පණිවිඩය වූයේ දෙව්මිනී දැරිය තම නිවෙසද අහිමිව කල් ගෙව්වත් පසුගිය පාසැල් වාර විභාගයෙන්ද වැඩිම ළකුනු ලබා පන්තියේ පළමු තැන ලබා ගැනීමට සමත් වී ඇති බවයි. දෙව්මිනී දැරියගේ අනාගතයට මාගේ සුභාශිංසනය පල කර සිටිමි..

     

    https://www.facebook.com/media/set/?set=a.1705253019487723.1073741862.976832158996483&type=3

    [rns_reactions]

  • සල්ලි වලට ආත්මය පාවාදෙන පින්පොන් යලිත් කරලියට.. ඉරාජ්ගේ සල්ලි හමුවේ පින්පොන් සමාව අයදී…

    ඉරාජ් වීරරත්න සහ පියුමි හංසමාලිගෙන් රංගන ශිල්පී පින්පොන් හෙවත් රාජිත හිරාන් සමාව අයද සිටිනවා.ඒ ඉකුත් දා ඔහු කළ ප්‍රකාශයක් හේතුවෙන්. ඉකුත්දා කොරියවේදී පියුමි හංසමාලි හට ප්‍රහාරයක් එල්ල වුණා.ඒ සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි තුල දැඩි කතාබහක් ඇති වුණා. ඒ සමග කලාකරුවෙකු මෙන්ම විකට රංගන ශිල්පියෙක් ලෙස කටයුතු කරන රාජිත හිරාන් ෆේස්බුක් ඔස්සේ සජීවීව කියා සිටියේ එලෙස කිරීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් තමන් ඒ පිළිබද ආඩම්බර වන බවයි.

    එමෙන්ම එලෙසම ඉරාජ් වීරරත්න හට ද එම ආකාරයෙන්ම සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව රාජිත වැඩිදුරටත් පැවසුවා.එසේ තිබියදී හිරාන් යලිත් අද ෆේස්බුක් ඔස්සේ සජීව එක්වෙමින් පවසා ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් තමන්ගෙන් කියවුණු වචන සම්බන්ධයෙන් කණගාටු වන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව දෙන ලෙසත් ඉල්ලා සිටියා.එම වීඩියෝ පටය පහතින් බලන්න.

    [rns_reactions]

  • විවාහකයෙකු වූ දසුන්ට අකමැති උන ශලනිත් විවාහකයි… පැටිකිරිය දැනගන්න සියල්ල කියවන්න…

    සිරස කුමරිය ලෙස කිරුළු පැළදූ ශලනි තාරකා දක්ෂ රංගන ශිල්පනියක් වූයේ පසුවටයි. කාගේත් ආදරය දිනාගත් ශලනි මේ වන විට ඇතැමුන්ගේ දෝශාරෝපණයට පත්ව ඇත්තේ රංගන ශිල්පියෙකු වූ දසුන් නිශාන්ගේ ගෙල වැළලා මිය යාමත් සමගයි.

    දසුන්ගේ මරණයට හේතුව ශලිනි තාරකා සමඟ පැවැති අනියම් ඇසුරබවත් ඔහු විවාහකයෙකු වීම හේතුකොට ගෙන ශලනි තාරකා ඔහුගෙන් වෙන්වීමට උත්සාහගත් බවත් වාර්තා විය.

    එමෙන්ම මිය යාමට පෙර දසුන් ඇයගේ බිරිඳගෙන් ශලිනි තාරකා විවාහ කරගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටි බවත් සඳහන්විය.

    කෙසේ වෙතත් දසුන්ගේ සියදිවි හානිකරගත් පසුව ශලනි තාරකා විසින් ඔහු මිය යාමට හේතුව ඔහුගේ බිරිඳ සහ මව බව නොකියා කියමින් මුහුණු පොතේ සටහන් දමමින් සිටියි. වරද පවුලේඋදවියගේ ද , ශලනි තාරකාගේ ද යන්න දැනගැනීමෙන් කිසිදෙයක් සිදුවන්නේ නැත. වරද කාගේ වුවත් මේ වනවිට දසුන් මිය ගොස් හමාරය.

    කෙසේ වෙතත් මේ වන විට හුවමාරුවෙමින් තිබෙන් ඡායරූප කිහිපයක් මඟින් නිගමනය කළ හැක්කේ ශලනිතාරකා ද විවාහක යුවතියක් බවයි.

    ඒ බව ඇතැම් අදහස් මඟින්ද තහවුරුකරගත හැකිය. කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත තවමත් හෙළි වී නැත. කෙසේ වෙතත් ශලනි තාරකා විවාහක යුවතියක් බව දසුන් දැන සිටියානම් ඔහු සියදිවි හානිකර නොගැනීමට ඉඩ තිබිණි. ඇතැම්විට ඔහු ඒ බව දැනසිටියාද අප නොදනී,

    යම් වැරැද්දක් මෙම ඡායරූප සතුව ඇත්නම් ඔහුගේ බිරිද සහ මවගේ ක්‍රියා කලාපය විවේචනය කරමින් මුහුණු පොතේ සටහන් දැමීමට ගතකරන කාලයෙන් මිනිත්තු කිහිපයක් වැය කර වැරැද්ද නිවරදිකරන ලෙසත් අපි සටහන් කරන්නෙමු.

    එම ඡායරූප පහතින්,

    lankawire.com

      

    [rns_reactions]

  • ඇමති රාජිත/සංවිධායක සොලංගගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර”

    ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ රෝහල් සංවර්ධන කම්ටුව සංවිධානය කළ “අගයමු ඩෙංගු සත්කාර මෙහෙවර” උත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොටිකාවත්ත “සණස” සංගම් ශාලාවේ දී අද (07) පස්වරුවේ පැවැත්විනි.

    මෙහිදී රෝහල් කමිටුව විසින් සකස් කරන ලද සම්මාන සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිමුතු රත්නායක මහත්මිය, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම මහතා ඇතුලු වෛද්‍යවරුන්ට, හෙද හෙදියන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලදි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්ච්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල,  සෞඛ්‍ය ලේකමි ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, හිටපු සෞඛ්‍ය ලේකමි අනුර ජයවික්‍රම, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස් යන මහත්වරු සහ රෝහල් අධ්‍යක්ෂිකා දිමුතු රත්නායක මහත්මිය ඇතුලු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

    [rns_reactions]

  • හම්බන්තොට දී පොලිස් අධිකාරිවරයකු පුද්ගලයකුට පහරදීම ගැන වාර්තාවක් කැඳවයි

    හම්බන්තොට ඊයේ (06) පැවැති විරෝධතාවය අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් පුද්ගලයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැවා තිබෙනවා.

    පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ වාර්තාව ලැබීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා (12) ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද සිදුකරන බවයි.

    හම්බන්තොට ඊයේ 906) පැවැති විරෝධතාව අතරතුර සහකාර පොලිස් අධිකාරිවරයකු විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට පහරදෙන වීඩියෝවක් මාධ්‍ය මගින් ප්‍රචාරය වී තිබුණා.

    පහරදීමෙන් අනතුරුව අදාල පුද්ගලයා රෝහල්ගත කෙරුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

    [rns_reactions]

  • පට්ටපල් බොරුවක්! මත්තල විකුණන්නේ නැහැ! සන්ධාන මහලේකම්

    ඇතමුන් චෝදනා කරන පරිදි මත්තල ගුවන් තොටුපොල විකුණා දැමීමට කිසිදු සූදානමක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මත්තල ගුවන් තොටුපොල බදු දීමට හෝ මේ දක්වා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත්ව නොමැති බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

    “ජනතාවට අපි කියන්නේ හම්බන්තොට කිසිදු දේපලක් විකිණීමට තියන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ජනාධිපතිතුමා රාජ්‍ය දේපල විකිණීම කරන්න දෙන්නේ නැහැ. එතුමා පහුගිය අපේ ආණ්ඩු සමයේම විකුණල තිබිච්ච පෝර්ට් සිටිය බදු පදනම දක්වා ආපස්සට පවා ගෙනාව නායකයෙක්. රාජ්‍ය දේපොල විකුණන්න දේනනේ නහැ.”

    “අවාසනාව කියන්නේ මේ රටේ ජනමාධ්‍යවත් මේ සම්බන්ධයෙන් හරි හැටි ජනතාව දැනුවත් කරන්නේ නැහැ. ඔය පිරිස කරන කියන එක පමණක් පලකරනව. ඇත්ත හරියට හොයල බලන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක්වත් ඉදිරිපත් වෙලා නැහැ”

    මෙරට කිසිදු රාජ්‍ය දේපලක් විකුණා දැමීමට ඉඩ නොදෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.

    [rns_reactions]

  • ලෝක ප්‍රකට බිල් ගේට්ස් හා සුව ඇමැති රාජිත අතර හමුවක්

    මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහාය.

    බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

    මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන ජිමී කාටර් (Mr. Jimmy Carter) මහතා ද සහභාගීවීමට නියමිතය.

    104651357-GettyImages-490199644.1910x1000 copy

    [rns_reactions]

  • හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහින්ද සහ එකාබද්ධයව අන්දලා – ඇත්ත මෙන්න…

    හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ඒකාබද්ධ විපක්ෂයේ පිරිස බොරු නඩුවක් දමමින් අන්දවා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

    හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා විසින් පසුගියදා පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අතර එමඟින් පළාත් සභා මැතිවරණ පනත් කෙටුම්පතට අලුතින් එක් කළ සංශෝධන ක්‍රියාත්මක කිරීම වලක්වාලීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා දැනට පවතින නීතිය යටතේ විසුරුවාහරිනු ලබන පළාත් සභා සඳහා මැතිවරණ පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් පනවන්නැයි සරත් එන්.සිල්වා මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණ.

    එහෙත් මේ සඳහා හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට නීතියෙන් හැකියාවක් නොමැති බව නීති විශාරදයෝ පවසති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීති විශාරදයින් පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 110 වන වගන්තිය යටතේ අගවිනිසුරුවරයෙකුට විශ්‍රාම යෑමෙන් පසු නැවත නීතිඥයෙකු ලෙස කටයුතු කිරීම හෝ නඩු පැවරීමේ හැකියාවක් නොමැති බවයි.

    ඔහු එසේ පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කරන්නේ නම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගෙන් අවසර ලබාගත යුතු වන්නේය.

    එසේම ඒකීය රාජ්‍යය විශ්වාස කරනු ලබන අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ උත්තරීතත්වයට ගරු කිරීම ප්‍රදර්ශනය කළ යුතු අතර එම නිසා 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පශ්චාත් පනත් අධිකරණ විමර්ශන බලය ඉවත් කර තිබෙන බව තහවුරු කොට තිබීමයි.

    මෙම නීතිමය රාමු තුළ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා තම අවශ්‍යතාවයක් ඉටු කරගැනීම වෙනුවෙන් හිටපු මහින්ද රාජපක්ෂ සහ නඩය ගොනාට අන්දවමින් යළි මාධ්‍ය ජවනිකාවක් ඔස්සේ ලාභයක් උපයාගැනීමට සිදුකළ සන්දර්ශනයක් බව පැහැදිලි වේ.

    මේ වන විට පරාජිතව කල්ගෙවන ශ්‍රී ලංකාවේ ප්‍රථම පරාජිත විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කාලය ගෙවනමින් තම පිරිස් වලට මානසික අස්වැසිල්ලක් ලබාදීමට මෙවැනි ජවනිකා සඳහා අනුග්‍රහය දක්වමින් සිටින බවක් වැඩිදුරටත් පෙනීයයි.

    [rns_reactions]

  • මේ සමාජේ විකිණෙන්නේ කුණු ගොඩවල් – ඉරාජ්ගේ ජීවිත කතා වීඩියෝවේ හිමිකරු වන වූ තිවංක කතා කරයි.!

    ශ්‍රී ලංකාවෙන් බිහිවූ අග්‍රගණ්‍ය කලාකරුවෙකුගේ පෞද්ගලික ජීවිතයට අපහාස කරමින් යුටියුබ් ඔස්සේ මුදල් ඉපැයීම සදහා වීඩියෝවක් නිර්මාණය කළා යැයි කියමින් චෝදනා එල්ල වූ අසහනකාරී ගායකයෙකු පිළිබදව පසුගිය දිනවල කතා බහට ලක් වුනා. ඉන්පසුව ‍යම් කිසි තරුණ පිරිසක් මෙම අසහනකාරී ගායකයාගේ ජීවිත කතාවද විඩීයෝවක් මගින් යුටියුබ් වෙබ් අඩවියට එක්කර තිබු අතර එම නිර්මාණය බොහො දෙනාගේ පැසසුම් මැද ‍යුටියුබ් ට්‍රෙංඩින් ලයිස්තුවේ ප්‍රමුඛස්ථානය හිමිකර ගැනීමටද සමත්ව තිබෙනවා.

    මෙම නිර්මාණයට පද රචන‍යෙන් , අධ්‍යක්ෂණ‍යෙන් ඇතුලු බොහෝ දායකත්වයක් ලබා දුන් නිර්මාණය පසුපස සිටි මහ මොළකරු නෙත් ගොසිප් අප සම්බන්ධ කර ගත්තා. ඔහු නමින් තිවංක මිහි‍රාන්

    අප සමග ඔහු සිදුකළ සංවාදය පහතින්

     

    තිවංක ඔබගේ නිර්මාණය යුටියුබ් ට්‍රෙංඩින් ලයිස්තුවේ අංක එක වෙලා , මොකක්ද හිතෙන්නෙ ?

    සතුටුයි , ඒත් මේක අපිට තවත් එක නිර්මාණයක් විතරයි , අපි දිගින් දිගටම මේ වගේ නිර්මාණ කරමින් හිටියා , නමුත් ප්‍රසිද්ධ වුනේ මේක. 

    ඒ කියන්නේ තිවංක මෙවැනි නිර්මාණ මීට පෙරත් කරලා තියෙනවා , ඒ ගැනත් කියන්න ?

    ඔව් මම දිගින් දිගටම කෙටි චිත්‍රපට කළා , මම නිර්මාණය කරපු කෙටි චිත්‍රපට තුනක් ජනාධිපති සම්මාන පවා දිනා ගත්තා , ඒත් ඒ එක නිර්මාණයක්වත් මේ විඩීයෝව තරම් ජනප්‍රිය වුනේ නෑ.

    මේ විඩියෝව ගැන තිවංකට අදහස ආවේ කොහොමද ?

    ඇත්තටම දැන් මේ රටේ කලාවේ වැජබෙන්නෙ කලාකාරයො නෙවෙයි , බිස්නස් කාරයෝ. කලාකාරයෝ නිහඩයි. ප්‍රසිද්ධ වෙන්නේ මේ පරම්පරාවේ වැජබෙන්නෙ බිස්නස් කාරයෝ . ඉතින් ඒ ගැන දෙයක් කරන්න ඕන වෙලා හිටියේ කාළයක ඉදන්, පහුගිය දවස් වල සිදුවීම් එක්ක අපි තීරණය කළා මේක කරන්න.

    හිතුවද ඒ නිර්මාණය මේ තරම් ජනප්‍රිය වේවි කියලා ?

    නැහැ ඇත්තටම නැහැ, කළින් කිව්වා වගේ මේක තවත් එක් නිර්මාණයක් විතරයි, ඒත් මේක ජනප්‍රිය වීමත් එක්ක අපිත් පාඩමක් ඉගෙන ගත්තා , කොච්චර හරවත් නිර්මාණ කළත් මේ රටේ ප්‍රසිද්ධ වෙන්නෙ , විකිණෙන්නෙ කුණුගොඩවල් කියලා. අපිට අවශ්‍යත් අන්න ඒ කුණු රසය වෙනුවට හරවත් රසවින්දනයක් තියෙන රසිකයො පිරිසක් , කලාවක් ගොඩනගන්න . ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් පුංචි දෙයක් හරි අපි කරනවා

    බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ තිවංක මිහිරාන් ඇතුලු පිරිස නිර්මාණය කළ විඩීයෝව පහතින්

     

     

     


    තිවංක මිහිරාන්

    [rns_reactions]

  • තිලංගගේ මග යමින් තරඟ පාවාදීම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට එංගලන්තයෙන් කෝටි 33ක නිවසක්?

    පසුගිය වසරේ එංගලන්තය සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියක් පාවා දීම හරහා උපයා ගන්නා ලද මුදලින් හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එංගලන්තයේ ලන්ඩන් නගරයෙන් රුපියල් කෝටි 33 පමණ වටිනා නිවසක් මිලදී ගෙන ඇති බවට චෝදනා කරමින් වෙබ් අඩවියක් විසින් ලිපියක් පළ කර තිබේ.

    මෙම චෝදනාව පිළිබඳව වහාම ක්‍රියාත්මක වන පරිදි විමර්ශණය කොට එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරන ලෙස අප කාරුණිකව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිමු.

    මෙම ලිපිය වැරදි නම් එය පළ කරන ලද වෙබ් අඩෙවියට එරෙහීව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස අප හිටපු ක්‍රිකට් නායකයාගෙන් ඉල්ලා සිටිමු.

    එම ලිපිය පහතින් දැක්වේ.

    ” ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකුගේ සහ ඔහුට හිතවත් ක්‍රිඩකයන් කිහිපදෙනෙකුගේ සැක සහිත හැසිරීම් පිළිබදව පසුගිය සමයේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක් වුනි. මේ පිළිබදව ක්‍රිඩා විචාරකයන් , හිටපු ක්‍රීඩකයන් මෙන්ම තරග පාවා දීම් වලට සම්බන්ධ නොවූ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් පවා අදහස් දක්වා තිබුනා.

    කෙසේ වෙතත් මේ පිළිබදව කිසිදු පරීක්ෂණයක් හෝ නිතීමය ක්‍රියාමාර්ගයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ලබා ගත්තේ නැහැ. ක්‍රිකට් තරග වලට මෙන්ම තුරග තරග සදහාද ඔට්ටු දැමිය හැකි බුකි ව්‍යාපාර හිමි ක්‍රිකට් සභාපතිවරයා , තමන් හා තමන්ගේ ව්‍යාපාරික සහකරුවන් වන ඉන්දීය බුකිකරුවන් හා එක්ව තරග පාවාදීමේ යෙදුනු ක්‍රීඩකයන් ආරක්ෂා කරන බවටද චෝදනා එල්ල වූවා. කෙසේ වෙතත් මෙම චෝදනා වල උච්ඡස්ථානය ලෙස අන්තර්ජාතික ක්‍රිකට් ආයතනයේ (ICC) දූෂණ මර්ධන ඒකකයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිදුව ඇති තරග පාවා දීම් හා ක්‍රිකට් පරිපාලනයේ අනෙකුත් දූෂණ පිළිබදව පරීක්ෂණයක් පවත්වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් දූෂීත ක්‍රිඩකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා විය හැක.

    පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිනෙන ඔස්ට්‍රේලියා සංචාරයේ එක්දින තරගාවලියේදී මෙම තරග පාවාදීමේ චෝදනා එල්ල වුනා. ඒ කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් ඇතුලු තවත් ක්‍රීඩකයන් දෙදෙනෙකුටයි. මෙහිදි පසුව අල්ලස් හා දූෂණ වංචා විමර්ෂන ඒකකයෙන් සිදු කෙරුනු අභ්‍යන්තර පරීක්ෂණයකින් අදාල ක්‍රිඩකයන් තිදෙනා තරග පාවා දීමේ චෝදනාවට වැරදි කරුවන් වුවත් ක්‍රිඩා අමාත්‍යවරයාගේ සහ ක්‍රිකට් සභාපතිවරයාගේ මැදිහත් වීමෙන් එම පරීක්ෂණය පිළිබදව ප්‍රසිද්ධ නොකර මෙම ක්‍රිඩකයන් තිදෙන කිසිදු දඩුවමකින් තොරව නිදහස් කරනු ලබනවා.

    මෙහිදි අල්ලස් හා දූෂණ වංචා විමර්ෂණ ඒකකයේ පරීක්ෂණයෙන් හෙළි වූයේ ඕස්ට්‍රේලීයාව සමග තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ආන්ජලො මැතිවුස් එංගලන්තයේ , ලන්ඩන් නගරයේ අති සුඛෝපභෝගී නිවසක් මිළට ගෙන ඇති බවයි.
    හරියටම 2016 සැප්තැම්බර් මස 28දා ස්ටර්ලින් පවුම් 1,65,000ක මුදලකට ආන්ජලො මැතිවුස් මෙම නිවස මිළදි ගෙන තිබෙනවා.
    ඒ අසංක විජේවර්දන නම් බ්‍රෝකර්වරයෙක් හරහා. අසංක විජේවර්දන යනු ධණුෂ්ක ගුණතිලක හා කුසල් මෙන්ඩිස් යන ක්‍රිඩකයන් දෙදෙනාගේ කළමණාකරු වන අතර , අසංක විජේවර්දන ආන්ජලෝ මැතිවුස්ගේ හා ඔහුගේ සොහොයුරාගේ සමීපතම මිතුරෙකි , ව්‍යාපාර සහකරුවෙකි. එංගලන්තයෙ ජීවත් වූ සාමාන්‍ය රියදුරෙක් වූ අසංක විජේවර්දන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කළමණාකරුවෙක් කොට , ධණුෂ්ක ගුණතිලක ට හා කුසල් මෙන්ඩිස්ට අසංක විජේවර්දන සමග ගිවිසුම් ගත වන ලෙසට බලපෑම් කලේද ආන්ජලො මැතිවුස් විසින් ය.

    කෙසේ වෙතත් එංගලන්තයේ ජීවත් වන අසංක විජේවර්දන හරහා 70 , Abbotsbury Road , London W14 8EP දරන ලිපිනයේ යුතු ඉඩම හා සුපිරි නිවස ආන්ජලො මැතිවුස් විසින් 2016 සැප්තැම්බර් මස 28 වන දින මිලට ගෙන තිබෙන්නෙ ස්ටර්ලින් පවුම් එක් මිලියන හය ලක්ෂ පනස් දහසකටය. එය ශ්‍රී ලංකාවේ මුදලින් තිස් තුන් කෝටී එකොලොස් ලක්ෂයකට අධික මුදලකි. එක්වරම ලන්ඩන් නුවරින් මෙම සුපිරි නිවස මිළදි ගැනීමට මුදල් සපයා ගත්තේ කෙලෙසදැයි පිළිතුරු දීමට ආන්ජලො මැතිවුස්ට නොහැකි විය. මෙම ගණුදෙනුව පිළිබදව ආන්ජලො මැතිවුස් ආදායම් බදු දෙපාර්තමේන්තුවද දැනුවත් කර තිබුනේ හා නියමිත බදු ගෙවා තිබුනේද නැත. ඉතින් මෙම ගනුදෙනුව සරලවම වැටෙනුයෙ කලු සල්ලි සුදු කිරීම නොහොත් “මනි ලොන්ඩ්‍රිං” ඝණයටය.

    මෙම ගණුදෙනුව පිළිබදව අප නිත්‍යානූකූල ලියාපදිංචි කිරීමේ ලිපි ගොණු අමුණා ඇති නමුත් තහවුරු කර ගැනීමට අවශ්‍ය අයෙකුට මෙම ගනුදෙනුවෙ ලියාපදිංචි ලියවිල්ලේ අංකය AD111851 බව කියා සිටිමු. එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමේ දත්ත ගබඩාවෙන් ඕනෑම අයෙකුට මේ පිළිබදව පරීක්ෂා කර ගත හැකිය.
    මෙම සුපිරි නිවස සහිත ඉඩම මිළදි ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ පදිංචි ආන්ජලො ඩේවිස් මැතිවුස් බව එංගලන්ත ඉඩම් ලියාපදිංචි කිරීමෙ දත්ත පද්ධතිය සහිත වෙබ් අඩවිය තහවුරු කරනු ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව , අනෙකුත් වෙළද දැන්වීම් , තරග ගාස්තු හා සියලූම ක්‍රීඩා තරගාවලි වල කොන්ත්‍රාත්තු සහ ව්‍යාපාර වල ලාභාංශ ආන්ජලෝ ගේ ආදායම් නම් ඒ සියල්ල එකතු කළ පසුවද ආන්ජලෝගේ වාර්ෂික ආදායම කෝටි 33 නොඉක්මවන බව මින් පෙර සිදු කළ පරීක්ෂණ වලින් හෙළිව තිබුනි. ඇන්ජලෝගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව ඇමෙරිකානු ඩොලර් 125,000 කි.

    ආන්ජලො මැතිවුස් කුමන රටකින් කුමන දේපළ මිළදි ගත්තද අපට කම් නැත. කෙසේ නමුත් කෝටී ගණනින් සුපිරි නිවාස හා දේපළ මිළදි ගත් විට ඒවා සදහා මුදල් සපයා ගත් අයුරු පැහැදිලි කිරීමට ඔහුට හැකි විය යුතුය. ක්‍රීඩාවෙන් කෝටී ගණන් ආදායම් උපයා , එම මුදල්ද ප්‍රමාණවත් නොවි තරග පාවා දීම කිසිම ලෙසකට අනුමත කළ හැකි නොවේ. ආන්ජලො මැතිවුස් ඕස්ට්‍රේලියා සංචාරය අවසන් වූ වහාම එංගලන්තයෙන් සුපිරි නිවසක් මිළදි ගත් මුදල් අයුරු ක්‍රිකට් ක්ෂෙත්‍රයම දනි. ඔහු සමග මෙම ක්‍රියාවල නිරත වූ ක්‍රිඩකයන් කිහිප දෙනෙක්ද එක් වරම නුවරඑලියෙ සුපිරි හෝටල් ව්‍යාපෘති ආරම්භ කිරීමද රසිකයන් නොදන්නවා වුවද ක්ෂෙත්‍රයම දනි.

    දැන් බලධාරීන් මේ පිළිබදව ස්වාධීන පරීක්ෂණයක් අරඹා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන තෙක් අප බලා සිටිමි. ආන්ජලො මැතිවුස් ගේ සුපිරි නිවස ලියාපදිංචි කල ලියවිල්ලේ නිල උපුටන පහතින්.

    උපුටා ගැනීම – Cricketlk.com

    [rns_reactions]

     

  • සුන්දර ලංකාවේ ඉදන් PHOTO ගන්න දීපිකා පදුකෝනි අද ලංකාවේ! (PHOTO)

    ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනි අද(07) ශ්‍රී ලංකාවේ රැදි සිටින බව වාර්තා වී තිබි.

    සුප්‍රකට ෆිල්ම් ෆෙයාර් සඟරාවේ නොවැම්බර් කලාපය සඳහා ජායාරූප ලබා ගැනීමට ඇය මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

    ශ්‍රී ලංකාවේ ස්වභාව සුන්ද්‍රත්වය පිළිබඳව ලෝකම දැනුවත් කිරීමට මෙය අවස්ථාවක් වනු ඇත.

    [rns_reactions]

  • රතුපස්වල මිනි මරපු රජකුමාරයාට කදුළු ගෑස් පහරවත් ඉවසන්න බෑලු… (Photos)

    මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ඊයේ (06) හම්බන්තොට දී විරෝධතාවයක් පැවැත්වුණා.

    මෙම විරෝධතාවය දැඩි උණුසුම්කාරී වූ අතර එය පාලනය කිරීම සඳහා පොලිසියට කඳුළු ගෑස් මෙන්ම ජල ප්‍රහාරද එල්ල කිරීමට සිදු වුණා.

    මේ අතර එහිදී 28 දෙනෙකු පමණ පොලිස් අත්අඩංගුවට පත් වුණා.

    එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාටද කදුලු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක්වීමට සිදුවූ අතර එම අවස්ථාවේ ජායාරීප කිහිපයක් පහතින් දැක්වේ.

       

     

    [rns_reactions]

  • ලහිරුගේ අන්තරේ මොලේ නැති එහෙයියෝ කැලණිය සරසවියේ දාපු ගොන් පාට් එක මෙන්න..

    කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට වසර පනහක් පිරීම නිමිත්තෙන් එම විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨ විසින් “විද්‍යා” නමින් ප්‍රදර්ශනයක් සංවිධානය කළ අතර එයට විරෝධය දැක්වූ කැළණිය විශ්ව විද්‍යාලයේම මහා ශිෂ්‍ය සංගමය ප්‍රදර්ශනයට කඩා වැදි එය කඩාකප්පල් කර තිබු අතර ප්‍රදර්ශනය සදහා සම්පත් දායකයන් ලෙස පැමිණි නාවික හමුදාවේ ඉංජිනේරු කණ්ඩායම් වලට විරෝධය පා ඔවුන් හරවා යවා තිබීමද විශේෂත්වයක්.

    මෙහිදි කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මතය වූයේ මෙම ප්‍රදර්ශනය නිසා සයිටම් ගැටලුව යටපත් වී නිදහස් අධ්‍යාපනය විනාශ විය හැකි බවයි. මෙලෙස කැළණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයෙන් සිදු වූ කඩාකප්පල්කාරී ක්‍රීයාවට සමාජජාලා වලින් දැඩි විරෝධයක් එල්ල වී තිබුනු අතර බොහෝ සමාජජාලා ක්‍රියාකාරීකයන් කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හාස්‍යයටද ලක් කර තිබුනා. 

    යම්කිසි සිසුන් පිරිසක් ප්‍රදර්ශනයට බාධා පමුණුවන අයුරු විඩීයෝව පහතින් (වීඩියෝව යුටියුබ් අඩවියෙ පළකර තිබෙන්නකි)

     

    මේ පිළිබදව සමාජජාලා පිටුවක පළවූ අදහසක් පහතින්

     

    සිදුවීම පිළිබදව අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් සජිත් දිල්ශාන් දක්වන අදහස් පහතින්

     

     

    කෙසේ වෙතත් මෙලෙස සිදුවූ කඩාකප්පල්කාරී ක්‍රියා හා පහර දීම් නිසා අතර මග නවතා දැමූ විද්‍යා ප්‍රදර්ශනය අද සිට (07) විශේෂ ආරක්ෂාවක් යටතේ නැවත ආරම්භ කරන බව කැළණිය විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය පවසනවා.

    ප්‍රදර්ශනය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කරන විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ කසුන් මුදිත දක්වන අදහස් පහතින්

     

    [rns_reactions]

  • පරාජිත මහින්දගේ ලනුකාලා චන්ඩිපාට් දාලා හම්බන්තොටදී අත්අඩංගුවට ගත් 28ක් රිමාන්ඩ්!

    මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවට බදුදීමට එරෙහිව හම්බන්තොට ඊයේ (06) පැවති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් 28 දෙනා මේ මස 16 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, හම්බන්තොට මහේස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න හමුව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

    සැකකරුවන් මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණේ ඊයේ රාති‍්‍ර 10.30 ට පමණය. සැකකරුවන් වීරවිල පොලීසියට රැගෙන ගොස් ප‍්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට හම්බන්තොට රෝහලට රැගෙන ගොස් තිබෙනවා. එහෙත් එම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා නොසිටි හේතුවෙන් සැකකරුවන් යළි තිස්සමහාරාම රෝහල වෙත රැගෙන ගොස් එහි ශල්‍ය වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කෙරුණා.

    පසුව මහේස්ත‍්‍රාත්වරයාගේ නිල නිවස වෙත ගෙන ගොස් අදාළ නීතිමය කටයුතු සිදුකර අවසන්වනවිට රාතී‍්‍ර 11.30 පමණ වූ බවද නෙත් අප වාර්තාකරු පැවසුවා. ඉන්පසු මෙම සැකකරුවන් තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

    [rns_reactions]

  • කොලොන්නාව වෙනුවෙන් දිවිපිදු භාරතගේ ගුණ සමරන්න දේශපාලන පුතු සෝලංග සුදානම්.. (Photos)

    කොලොන්නාව නිදහස වෙනුවෙන් දිවිපිදු තම දේශපාලන ගුරුවරයා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට මෙවරත් ප්‍රසන්න සෝලංගආරච්චි විසින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අපට වාර්තා වේ.

    උපුටාගැනීම මුහුණුපොතෙන් 

    කොලොන්නාවේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඔක්තෝබර් 08 ලකී අයියාට ආදරය කරන ඔබත් සවස 06.30ට වල්පොල අංගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය අසල ඇති දිවංගත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පිළිරුව අසලට ඇවිත් යන්න එන්න..

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/849373201889387/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/851110348382339/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/851099355050105/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/850947115065329/?type=3

    https://www.facebook.com/PrasannaSolanga/photos/a.169657953194252.1073741826.169656823194365/850936065066434/?type=3

    [rns_reactions]