Blog

  • ඉරාජ්ගේ වීඩියෝව අභිබවා එයට එරෙහි ‘දැනුණා‘ වීඩියෝව යූ ටියුබ් තුළ මුල්තැනට.

    පසුගිය සතියේ කථාබහට ලක්වූ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකට අපහාස වන ‘දැනුණා‘ නමැති මියුසික් වීඩියෝවෙන් පසුව එය නිර්මාණය කළ ඉරාජ් වීරරත්නට එරෙහිව සමාජ මාධ්‍ය තුළ විශාල ප්‍රතිරෝධයක් එල්ලවී තිබුණි. මින් දින දෙකකට පෙර එහි කෙසෙල් කමින් රඟපෑ නිළි පියුමි හංසමාලිට කොරියාවේදී ප්‍රහාරයක්ද එල්ලවූ අතරම ක්ෂෙත්‍රයේ පිරිසක් එක්වී මේ වනවිට ඉරාජ්ගේ රුවට සමාන වෙනත් අයෙකු යොදවා ඒ නමින්ම මියුසික් වීඩියෝවක් නිකුත් කර ඇත්තේඉරාජ්ට කිසියම් පහරක් එල්ල කිරීමේ අටියෙන් බව පෙනී යයි.
    මේ දක්වා යූටියුබ් තුළ ලංකාවේ Trending මුල්තැන දිනා සිටි ඉරාජ්ගේ වීඩියෝව අභිබවා මේ නවතම වීඩියෝව අංක එකේ ස්ථානයටද පත්ව ඇත.
    Danuna – Ft Praj & Kavisara Kodithuwakku නම්වූ එම වීඩියෝව යටින් මෙවැනි සටහනක්ද තිබේ.

    ‘තම අඩුපාඩු දියුණුවට බාධාවක් කර නොගත්, නොහැකියාවම හැකියාව කරගත් තරුණයෙකුගේ අනුවේදනීය මනඃකල්පිත කතා වස්තුව.. මෙහි එන සියලුම දේ මනඃකල්පිතය. කිසිවෙකු ඌයියා කරගැනීමෙන් වලකින්න..’

    [rns_reactions]

     

  • මහින්දගේ ලණු කාලා ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයට කඩාවදින්න හදපු ගෝත්‍රිකයන් අත්අඩංගුවට..

    හම්බන්තොට පිහිටි ඉන්දියානු කොන්සල් ජෙනරාල් කාර්යාලයට ඇතුළුවීමට විරෝධතාකරුවන් උත්සාහ කිරීමේදී එය වලාකාළමින් කඳුළු ගෑස් ප්‍රහාරයක් පොලිසිය විසින් එල්ල කර තිබෙනවා. විරෝධතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    සම්පූර්ණ විස්තරය සඳහා මුල් පුවතට පිවිසෙන්න

    [rns_reactions]

  • මල්ලීගේ කෝටි ගණනක දේපළ අක්කාලට ලැබෙයි.. චන්ද්‍රිකාට හා සුනේත්‍රාට හිමිවූ අනුරගේ දේපළ මෙන්න..!

    අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය හිටපු කතානායක අනුර බණ්ඩාරණායක මහතාගේ රුපියල් කෝටි ගණනක බූදලය හිමිකම් නීත්‍යානූකූලව ලබා ගැනීම සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණඩාරණායක  කුමාරතුංග මහත්මිය පෙරේදා (04) කොලඹ දිසා අධිකරණයට පැමිණියාය.

    අනුර බණ්ඩාරනායක මහතා 2008 මාර්තු 16දින මියගොස් තිබූ අතර ඒ මහතාගේ බූදලයට එකම උරුමක්කුවන් තමන් සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩරනායක කුමාරතුංග මහත්මිය බව සඳහන් කරමින් සුනේත්‍රා බණ්ඩාරණායක මහත්මිය 2009 ජනවාරි 30දා කොළඹ දිසා අධිකරණය හමුවේ අදළා බූදල් නඩුව පවරා තිබිණි.

    අන්තිම කැමති පත්‍රයක් නොබා මියගිය අනුර බණ්ඩරනායක මහතා සතුව රුපියල් 1 183 830 735ක මුදලක් සහ තවත් වත්කම් තිබූ බවත්,එහි උරුමය තමන් හා තම සහෝදරිය වෙත පවරන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය එලෙස නඩු පවරා තිබිණි.

    මෙම බූදල් නඩුව මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පළ වීමෙන් අනතුරුව අනුර බණ්ඩාරනායක මහතාගේ රියදුරු ආරක්ෂක ඇතුලු සමීපව ඒ මහතා ඇසුරු කළ පුද්ගලයන් සිවු දෙනෙක් අදාළ බූදලයට හිමිකම් කියමින් දිසා අධිකරණය හමුවේ මැදිහත් පෙත්සම් ගොනු කළහ.

    අනුර බණ්ඩාරනායක මහතාගේ ආරක්ෂක වසන්ත සමරසේකර සෙනරත් චන්‍ද්‍රසිංහ අර්වින් සපරමාදු සහ රවීන්ද්‍ර ලාල් පෙරේරා එලෙස අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

    [rns_reactions]

  • “හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි” – කූඹියෝ ගැන විචාරයක් මෙන්න..

    “හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි”

    ජේහාන් ඒසේ කියන්නේ ධනපති පන්තියේයෙහෙලියකටය.
    එතැන ඇත්තේ එක් සංවාදයක පුංචි කොටසකි.මම හැමදාම 
    හැමදෙයක්ම මට දැනෙන තැනින් අල්ලා ගත්තෙමි.මේ කුඹියෝ ටෙලි වෘතාන්තය නැරඹු එකලොස් වන දිග ඇරුමෙහි මම අල්ලා ගත් තැන වෙමි.එනම් අනෙක් සිද්ධින් නොදැනිම නොවන බවද කිව යුතුය.
    මම එහි ආදරය කරන චරිතය ප්‍රියන්ත මහඋල්පත ගම වෙමි.ඔහු මගේ පිළිබිඹුක්ය.හැසිරිම්,කතාව,හිනාව,රැවුල,කොන්ඩය ඒසේමය.
    ඈත දවසක ජාතික රූපවාහිනිය තුල විකාශනය වු “ඒ ලෙවල්
    ඉවරයි” ටෙලි වෘතාන්තය තුල ද ඒසේම මම වැන්නෙකු සිටියෙමි.
    ඒ අජන්ත නමින්ය.කේසේ වුවද මෙම දෙදෙනාම කුරූණෑගලට කිටිටු කමක් ඇත. .
    දුමිදු දොඩන්තැන්න, ජේහාන් ය.කළණ ගුණසේකර ,ප්‍රියන්තය.
    ඒ චරිත දිග හැරෙන විදිහයි.මම කැමති දෙබස උඩ සදහන් “හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න මම කැමතියි” යන වචන ස්වල්පයට වෙමි.
    හැමදාම මට දැනෙන තැනින් අල්ල ගෙන මම රිදවා ගතිමි.
    කොයිතරම් දුක හිතුනත් ඇත්ත ඇසිමට ද කැමතිය.එසේම කිසිම දවසක පොළවක පැල කල නොහැකි කිසිම කලා නිර්මාණයක් නොබලයි.

    ඉතිං කූඹියෝ පටන් අර ගන්නේ මරදාන අහස යට යැයි කිව හැකි
    තැනකිනි.ප්‍රචණ්ඩත්වය ඒ දිග හැරුමේ දිස් විණ.මහ පොළව උඩ
    සිදුවන ඒ සිදු විම මරණය නොපෙන්වා වෙඩි හඩින් අවබොධකර වුයේය.පසුව පෙර කි රංගන ශිල්පින්ට අමතරව විශිෂ්ට රංගන
    ශිල්පින්ගේ නාම ලේඛණය තිරය මත විසි කලේය.
    මට අලුත් අධ්‍යක්ෂක වරයෙක් ඒ තිරය මත ඇද වැටින.ලක්මාල් ධර්මරත්න ය.තිර පිටපතටද ඔහුගේ නම ඈදුන අතර දමිත චන්ද්‍රසිරි ද ඊට එකතුව තිබිණ.
    “මට සාමාවෙන්න මහජන පුස්ථකාලය කොතනද?”ජේහාන් ධනපති
    පන්තියේ හෙවත් පොස් යැයි පෙනුමක් ඇති තැනැත්තියකගෙන් ඉංග්‍රිසි හාෂාවෙන් ප්‍රශ්න කරයි.පසුව ඇයට බංගලාදේශියන් බව ද
    ජේහාන් පවසයි.එතැන දි ජේහාන්ට ප්‍රියන්ත මුණ ගැසෙන්නේ 
    මහජන පුස්ථකාලය පෙන්වන්නට එම කොළඹ ධනපති පන්ති පෙනුමකින් බස් රථයේ හිඳ සිටි තරුණිය භාර කිරිමත් සමගය.ඇය
    ඊට මේහා තැනකින් බැස්ස නිසාය.
    පසුව මේම අහම්බකාර මිත්‍රත්වය ගොඩ නැගෙයි.පසුව ප්‍රියන්ත ජේහාන්ගෙන් අසන්නේ අයියා සිංහලද කියාය.
    ඔව් බං.එකි මම එක්ක සිංහලෙන් කාතා නොකරන නිසා බොරු
    කියු බව සදහන් කරන ජේහාන් “පිටරට එකෙක් කිව්වොත් මැරෙයි.
    බංගලාදේශ කිව්වත් ඇති.මට නම්බර් එකත් දුන්න.”කියා කියද්දි
    ප්‍රියන්ත මරු යැයි කියයි.ඒතැන ඇත්තටම මරුය.ආදාල අයට රිදෙන් වචන හසුරවයි.ප්‍රශ්න කරයි.මෙම ටෙලි වෘතාන්තය එතැන්
    සිට ප්‍රක්ෂකයා වශි කර ගත්තේය.නැත මම වශි විමි.එය අපේ සමාජයයි.බස්වල යනෙන අය එසේය.ඒ අහඹු මුණ ගැසිම් ඇත්තය.ඒ තුල අපි ජිවත්වෙමු. 
    ප්‍රියන්ත ආ ගමන අතැර ජේහාන් සමග බස් රථයන් බැසිමටද තරම්
    ඒ මුණ ගැසිම සොදුරු විය.
    “මරු”
    “හරි චොක්නි මහත්තයා”
    යන වචන ප්‍රියන්ත ගමෙන් ගෙනා වචනය.ඒ හිනාව අහිංසකය.ඉතිං 
    ජේහාන් කැමතිද ඒවාටය.
    නාටකය සිරුවට නිරායාසයෙන් ගලාගෙන යයි.අනවශ්‍ය එක් හසු
    කිරිම් නැත.කතාව ගොඩ නැගිම රංගනය තාත්විකය.පරිසරය සහ අවට ශබිද අප ඇඳ බැඳ ගනි.
    ඔවුන්ගේ ව්‍යාපාරයක් අත් අඩංගුවට පත්වන්නේ ඔය අතරය.එහිදි
    ප්‍රියන්තට වෙඩි තැබිමට යන විට ජේහාන් පැන බේරා ගනි.ඒ මනුෂ්‍යත්වය චරිත වල තවරා ඇති තැන්ය.පසුව උඹ මා දමා
    යන්නේද කියා ජේහාන් ප්‍රියන්තගෙන් අසන විට පිළිතුර හැගුම්
    බරය.
    “අයියා මොනා කලත් මාව බේරා ගත්තනි.මම වැඩ කල
    කිසිම තැනක එහෙම මාව බේරා ගෙන නෑ”
    ඒ වචන හිස්මොළ දක්වා ඇදුම් කයි.
    පසුව ඔවුන් දෙදෙන රැගෙන යන අතර තුර නිලධාරින්ව ප්‍රශ්න කරන ආකාරය පුදුමය.ඒවා ගැලපේ.

    “ගමේ කොල්ලෝ අපි.සර් මම ඔක්කොම.ගමේ ඉදල කොළඹ ඇවිත් කට්ටක් කලා ලයිෆ් එක ගොඩදාන්න හදනකොට අපි කෙලවන්නේ ගමේම අය”
    “සර් කුරුදුවත්තේ පොමනේරියන් බැල්ලියෝ දන්නවනම් ගමේ එකෙක්මයි ගමේ එවුන්ට කෙලවන්නේ කියල උන් සතුටුවෙයි”

    මේ ප්‍රශ්න කිරිම් පපු කුහර රිදවා තබනවා.ඒවා ඇහෙන්නේ අපේ පපු කැවුත්තෙනි.
    “සර් අපි ගත්තේ සියයට දහයයි’එත් කාසද බඳින්න කියද?උප්පැන්නේ ලියන්න කියද?එවට නඩු නැද්ද?”මේ මට මතක හාරා
    දමන දෙබස්ය.මම නැවත කියන්නේ ප්‍රියන්තට මම ආදරය බවය.
    ඒසේම ජේහාන්ගෙ වචන වල ගැඹුරට ආදරය කරන බවය.

    ඉතිං ඔබටද මතක ඇති විදිහට සිද්ධි මතක් කර ගත හැකිය.පසුව
    එවා විචාරය කල හැකිය.එනම් දේවේශය අත් හල යුතුය.කුඹියෝ ගිතයද එසේය.ගැලපිම් අතින් වෙන කිසිම ආදේශකයක් අවැසි
    නැත.පාතාලයේ සම්බන්ධතා මනාවට හසුරවා ගනි.ඔහු අනේකා
    ගැන සිතයි.මෙය දිගටම පවත්වා ගැනිමට ප්‍රියන්ත ඉතා සරලව නිර්ව්‍යාජව ගමේ ගැමි කම විසි කරයි.
    නැවත මා එන්නේ සමස්ත කතාවටය.දුසිමක කොටස් ඉවර වු කුඹියන්ටය.එනම් මේ පවතින මොහොත කලාවක් ඇතුලේ ප්‍රශ්න
    කරන ආකාරයටය.ආදරය ලැබිම නොලැබිම සහ ලැබි කල් ගිය
    පසුව එහි විග්‍රහයටය.
    ජේහාන්ට සාගර ලෙස අමතන ධනපති යෙහෙලි අංජනා මුණ ගැසුණ තැන සිට නැවත අලුත් වුන යහලුකම
    නිසා ඇති වු දෙවන මුණ ගැසිමෙනි.
    ඒ තම සැමියා අවිශ්වාස කරන මොහොතය.ඒ තුළ අනෙක් සියළු
    මෙගා නාටක තුළ ඇති කරන සැකය ගැටලු නිවන අවස්ථාවය.ජේහාන් ඒවාට මේ පොළවේ ක්‍රියාත්මක කල හැකි උත්තර දෙයි.
    “දැන් උඹට මම සියල්ල හොයල දුන්නහම මොකද කරන්නේ”
    ජේහාන් අසයි.
    “මම නොදන්නවා වගේ වෙනදටත් වැඩියෙන් ආදරය පෙන්නල
    ඒ ගැනිගෙන් බේර ගන්නව”අංජනා කියයි.
    මේ සැමියාගේ කාර්යාලයට අලුත් සෙකටිරි බඩ්ඩ පැමිණිම නිසා
    ඇති වු සැකය තහවුරු කර ගැනිමට ගත් උත්සහයයි.
    “එහෙනම් උබ දැන් ඉඳල ඒක කරපං.යකෝ මිනිහට එහෙම සම්බන්ඳයක් නැ.”ජේහාන් කිවේය.
    “ඒ කියන්නේ කොහොමඳ”ඇය අසන්නිය. 
    “යකෝ ඇයි උබ ඔය මගුල හෙව්වත් නොදන්නවා වගේ නම් ඉන්නේ ආයි හොයල ඇයි.දැන් ඉඳලම ආදරෙන් ඉඳපං”
    මරුය.මරු කියන තැනට වෙන පද වැඩක් නැත.ඇත්තටම මරුය.
    ජිවිතයට පාඩම් ගෙනෙන්ට මේ තරම් සුලු වචනයකට පුලුවන්
    බව ඇත්තය.මම හැමදාම නතර වන්නේ ආරය ලග වෙමි.ඒ නිසා
    කෙලව ගෙන ඇත.මම ආදරය කල දේවල් අහිමි කර ගෙනද ඇත්තෙමි.එහෙත් අනෙකා ආදරය කරන ලෙස හැඩ වුනේය. එ කැප කිරිම්ය.ඉවසිම්ය.හිත අසනි වැසි වස්සවද්දි දාරා ගැනිම්ය.

    මේය කාලා කෘතියක් නොවන්නේය.මේය ටෙලි වෘතාන්තයක් නොවන්නේය.ඇත්තටම රඟ දක්වන්නක් නොවන්නේය.සැබැවින්ම
    මා ජිවත්වන ලොකයේ ප්‍රතිබිම්බයක් වන්නේය.මම අත් විදින දේ 
    නිරෑපණය කරන්නකි.
    ආදරය කරන්නට දුප්පත් එවුන්ට බැරිය.මන්ද ප්‍රග්ධනය විසින්
    ඒ ආදරයන් මිලදි ගන්නා නිසාය.ඒවගේම මිල කිරිම් වලට හසු නොවන ආදරයන් ද ඇත.ඒ ජේහාන්ය.ප්‍රියන්තය.ප්‍රියන්ත යනු මමය.ඔවුන්ට ආදරය කොතරම් තිබුණද අවභාවිතා නොකරයි.
    නමුත් ඒ ආදරය අල්ලාගෙන රවටා විනාශ කිරිමට ගොඩක් අය කැස කවයි.
    ඒ ආදරය ගැන විග්‍රහය.මම ලියන්නේ දැනෙන දේ වෙමි.එහෙත්
    තමන් ඉපැදුනු හැදුන තැන්,ආර්ථිකය,දේශපාලනය,මනුස්ස තෙත සහ වියළි බව,බොරුව තුල ඇති රැවටිම සහ සත්‍ය,සියල්ල කතා
    කරයි.
    දැන් මම කියන්නේ මේ මම බලන එකම කතාවයි.ඊට පෙර මා
    සතියක් තිස්සේ අඬවා තැබුයේ “ගොළු තාත්තා” ය.ඒසේම “කවිය නුඹ”,බැද්දේ කුලවමිය”,”බොහිමියානුවෝ”ද මා ඔහේ ඇවිද්දේව්වේය.
    මම හැමදාම හිත රිදවා ගතිමි.සමහරු එය දැනගෙන උඩ පැන පැන ලොකු උල් වලින් ඇණ රිදවති.තැලෙන යකඩ උඩ පැන පැන තලන්නා සේය.මම කරබාගෙන සිටින්නේ ඔවුන්ගේ සතුට එය නිසාමි.රුවටිම,ඇන්දිම,වංචාව,ආනාදරය ලෙස විවිධ උල් ඒ අතර ඇත.
    කේසේ වුවත් මාත් හිත රිදුනත් ඇත්ත උත්තරය අහන්න කැමතිය.
    ඒ තුල රැවටිමට මම තේරුම් නොගැනිම යැයි කියා වෙනස් කරමි.ආදරයට ජිවිතය යැයි කියා වෙනස් කරයි.
    කුඹියන්ට මගේ කතාව යැයි කියා කියයි.

    “අයියා තමයි අයියේ දවසකට හරි මිනිහ.රස්නෙවත් යන්න උනේ නැ.තව එකක්.ගල් ඉබ්බා” ප්‍රියන්තගේ වචන නොව මගේය.
    කුරුම්බා කැඩිම,ක්‍රිකටි ගැසිම්,අඩියක් ගැසිම්,කුණුහරපෙන් බැනිම අමතක නොවන්නේය..ඒ අපේ ජිවිතය.

    තව කොටස් ඉදිරියට තිබියදි මේසේ ලිවිම ගැටලු සහිත විය හැක.මන්ද මෙතෙක් ජනප්‍රිය සියලු නිර්මාණ මාගල් සේ දිගට අදින්නට ගොස් අනා ගත් නිසාය.ඉතිහාසය වෙනස් විම් මා මෙම
    ලියමන තුල වග නොකිය යි.නමුත් මා ඇත්තට කැමතිය.

    [rns_reactions]

     

  • සසර දුක් ගිනි බිය නිසා, මම හිතුවා හැරයන්න, සැපෙන් පිරුණු ගිහිගෙය අම්මේ…

    සසර දුක් ගිනි බිය නිසා,
    මම හිතුවා හැරයන්න,
    සැපෙන් පිරුණු ගිහිගෙය අම්මේ……❤️❤️

    ඇලෙන,ගැටෙන විදින,
    කම් සැපෙන් පිරි ජීවිතය,
    මට රහක් නෑ…….
    මට වැඩක් නෑ…..
    මට අරුතක් එහි පෙනෙන් නෑ…..
    මගෙ අම්මේ…….❤️❤️

    ඉපිද,ඉපිද දුක් පිරුණු සයුරේ,
    මම කොතෙක් ආවද අම්මේ……..❤️❤️
    අර්ථයක් නැති,
    තේරුමක් නැති,
    අපව රවටන මේ සසරෙන්,
    එතෙරව යන්න මා හැර ගියේ,
    නුඹව අම්මේ………❤️❤️

    නුඹේ අවසන් හුස්ම ගිය දා,
    මම අසරණ වුණා අම්මේ……..
    තවම සසරෙන් එතෙර වන්නට,
    පෙරුම් පුරනා නිසා වෙන්නැති………
    අම්මේ…….❤️❤️.
    අම්මා නිදන අවසන් යහන ළග,
    වැතිරුණේ මම එදා,
    අම්මගේ පොඩි පුතුම ලෙසිනේ.!!!!

    මේ උතුම් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට හා
    උතුම් චතුරාර්‍ය්සත්‍ය අවබෝධයෙන් උතුම් වූ
    නිවන් මග ළගා කරගැනීම උදෙසා,මගේ
    ශාසනයට,බුදු පුතෙකු පූජා කළ මහත් උතුම්
    වූ පිනෙන්……
    මවුතුමියනි ඔබට අමා මහ නිවන් සුව
    ඒකාන්තයෙන්ම ළගා වේවා.!!!!!!!!!!!!!!

    [rns_reactions]

  • ”එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු ” – ජනපති නායකත්වයෙන් ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද ඇරඹෙයි

    ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය අද (6) ආරම්භ කෙරෙනවා. ඒ, ”එක්වෙමු නැගිටිමු අටුකොටු පුරවමු ” තේමාවෙන්. දේශගුණික විපර්යාසයන් හමුවේ අභියෝගයට ලක්වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන අඛණ්ඩව නව ජවයකින් ඉදිරියට ගෙනඒමයි අරමුණ. කැකිරාව තිබ්බටුවැව ජලාශය අසලදී පෙරවරු 8.30 ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජාතික වප් මගුල් උත්සවය පවත්වා මෙම වැඩසටහනේ සමාරම්භය සිදුවන බවයි ජනාධිපති කාර්යාලයසදහන් කළේ. ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාම සතිය ලබන 12 වනදා දක්වා ක‍්‍රියාත්මක වනවා. අද ගොවි දිනය ලෙසයි නම්කර තිබෙන්නේ. දිවයින පුරා ගොවීන්ට බීජ වී ලබාදීම , පොල් අක්කර දෙදහසක් පුනරුත්ථාපනය ඇතුළු වැඩසටහන් රැසක් අද (6) සිදුකෙරෙන බවයි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප‍්‍රකාශ කළේ.


    ගෙවතු සංවර්ධන විශේෂ වැඩසටහන් ආරම්භ කිරිම , මහවැලි කලාපයේ ඉඩම් ඔප්පු 2500 ක් ලබාදීම, රුක් රෝපණ වැඩසටහන් , නව කෘෂි තාක්ෂණය පිළිබද පුහුණු වැඩමුළු සහ කාබනික පොහොර නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට උපකරණ ප‍්‍රදානය ද අද (6) වැඩසටහන් අතරට ඇතුළත්. භෙට (7) ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ සිසු දිනය ලෙසයි නම්කර තිබෙන්නේ.

    [rns_reactions]

  • කලක් නිහඩව සිටි ජනපති ජයග්‍රහණයේ පෙරගමන්කරුවෙක් වන සෝලංගආරච්චි යලි වැඩ කටයුතු අරඹයි..

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ දිවයින පුරා සියළුම ආසනවල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ වු අතර  කොලොන්නාව ආසනයේ ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස විශේෂ ක්‍රියාකාරී හමුවක් 2017.10.05 දින කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක Prasanna Solangaarachchi නිවහනේදී පැවැත්විණි..

     

    [rns_reactions]

     

  • වාසුගේ නෑකම බැසිල් උඩින් තියයි.. විග්නේෂ්වරන් උතුරේ ජනතාවගේ හදවතේ නායකයාලු

    උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා තවමත් උතුරේ ජනතාවගේ හදවතේ තැන්පත්වී සිටින නායකා යැයි බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 01වෙනිදා උතුරේ සිදුකළ සංචාරයක් අතරතුර දී මාධ්‍ය වේදීන් අමතමින් ප්‍රකාශ කර තිබේ.

    විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයේ ඉන්නා සමයේ මහ ඇමති ධුරයට පත් වූ විග්නේෂ්වරන් මහතා සම්බන්ධයෙන් නිතර නිතර සාකච්ඡා සිදු වන්නේත් ඒ මහතාට විවේචන එල්ලවන්නේත් කුමක් නිසාදැයි එහිදී එක් මාධ්‍ය වේදීයෙකු බැසිල් රාජපක්ෂ මහතාගේ විමසන අතර එයට පිළිතුරු දෙමින් බැසිල් රජපක්ෂ මහතා පවසන්නේ “දැන් මන්ගැනත් වැඩියෙන් කතා කරනවනේ විරුද්ධ පැත්තේ කට්ටිය. ඉතින් ඒක හන්ද එයා වෙන්න ඇති වැඩියෙන්ම අනිත් අයට පේන්නේ. කොහොම වුනත් එක අතකින් අපි සන්තෝස වෙනවා ඔහු තාමත් උතුරේ ජනතාවගේ හදවතේ තරමක ඉන්නවා අනික් අයට වැඩිය.” යනුවෙනි.

    [rns_reactions]

  • නඩු බඩු විඳිහට අල්ලන “කොන්ඩම්” වලට අද සිට වෙන දේ මෙන්න!

    ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථාන වලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී ඇත.

    ගණිකා වෘත්තියේ යෙදුන කාන්තාවක් උපත් පාලන කොපු සමග අත්අඩංගුවට ගත් බවට ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් කෙරෙහි අවධානය යොමුවීමෙන් පසු මෙම නියෝගය පනවා ඇති බවද පොලීසිය පවසයි.

    නියෝජ්‍ය පොලිස්පති (නීති දිසාව), විනය හා කල් කිරීම් අංශය විසින් මෙම නියෝගය පනවා ඇත. රටපුරා පිහිටි පොලිස්ථාන වලින් ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පාදඩ හා අයාල ආඥා පනත්වලට අදාළව චෝදනා ගොනු කරනු ලබයි.

    එහිදී සැකකාරියන් එම වෘත්තියේ නියැළුන බව සනාථ කිරීමට ඔවුන් සන්තකයේ උපත් පාලන කොපු සහ වෙනත් ලිංගික උපකරණ ඔවුන්ට එරෙහි සාක්කි ලෙස සහ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් කිරීම කරනු ලබයි.

    [rns_reactions]

  • රජයේ මැදිහත් වීමෙන් ශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කරයි!

    ශ්‍රී පාදස්ථානය “ගෞතම ශ්‍රී පාදස්ථානය” ලෙස නාම ගත කොට ඇති අතර එය රජයේ ගැසට් පත්‍රයයේ පළ කොට එමගින් ප්‍රකාශයට පත් කිරිමට සියළු කටයුතු යොදා ඇතැයි ගෞතම ශ්‍රි පාදස්ථානාධිපති, අතිපූජ්‍ය බෙංගමුවේ ධම්ම දින්න නා හිමියන් පැවසූහ.
     
    උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ එළබෙන ශ්‍රී පාද වන්දනා වාරයේ සමාරම්භක දිනයේදී සිදු කිරිමට නියමිත සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ඵෙතිහාසික ශ්‍රි පාදස්ථානය(ගෞතම ශ්‍රී පාදස්ථානය) දක්වා වැඩම කරවීමේ රිය පෙරහැර සංවිධානය කිරිම වෙනුවෙන් පැවැති රැස්වීමට සහභාගි වෙමිනි.
     
    මෙම රැස්වීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ කැඳවීමෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදි පැවැතිණි.

    [rns_reactions]

     

  • නයිට් ක්ලබ් ගිහින් නටපු පිස්සුව නිසා ධනුෂ්ක ගුණතිලකට තරඟ තහනමක්!

    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට මාස හයක තරග තහනම් පැනවීමට හේතු වූ කරුණු අනාවරණ වී තිබෙනවා. ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අදහස් දක්වමින් පැවසුවේ රාතී‍්‍ර සමාජ ශාලාවක රැය පහන් කිරීම නිසා ඔහු පසුදා පැවැති පුහුණු සැසියට සහභාගි නොවූ බවයි.

    මේ පිළිබඳව කණ්ඩායම් කළමනාකරු අසංග ගුරුසිංහ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය දැනුවත් කිරීමෙන් පසු ධනුෂ්ක ගුණතිලකට මෙම තරග තහනම පැනවීමටකටයුතු කළ බවයි ඔහු කියා සිටියේ. එ් අනුව ඉකුත් සැප්තැම්බර් මස 30 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි ඔහුගේ කොන්ත‍්‍රාත් මුදලින් සියයට විස්සක මුදලක්ද දඩ වශයෙන් අය කර ගැනීමටද ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

    මේ හේතුවෙන් පාකිස්තානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන එක්දින තරගාවලියට නම් ශී‍්‍ර ලංකා සංචිතයෙන්ද ධනුෂ්ක ගුණතිලක ඉවත් කිරීමට තේරීම් කමිටුව පියවර ගත්තා.

    [rns_reactions]

     

  • දින 12ක පුංචි බිලිඳිය කැලෑවේ දමා ගිය වෛද්‍ය සිසුවියක් – ඇතුලාන්තය මෙන්න

    දින 12ක් වයසැති තම බිලිදු දරුවා රාත්‍රී කාලයේ අනුරාධපුර සාලියපුර රජයේ  සායන මධ්‍යස්ථානය පිටුපස ලඳු කැලෑවක අතහැර දමා ගොස් කෘරත්වයට පත් කිරීමේ චෝදනාව යටතේ සැකකාරියට එරෙහිව නඩු පැවරීම සඳහා පොලීසිය නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර ගෙන යයි.

    පොලීසියට භාරගත් බිලිදු දරුවා දැනට අනුරාධපුර ශික්ෂණ රෝහලේ රැකවරණය ලබමින් නිරෝගීව පසුවෙයි.අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට වාර්තා කළ අන්දමට සිද්ධිය මෙසේය.

    අලුත උපන් බිලිදෙකු සුදුරෙදි කැබැල්ලක ඔතා අනුරාධපුර සාලියපුර රජයේ සායන මද්‍යස්ථානය පිටුපස ලඳු කැලෑවේ දමා ගොස් ඇති බවට අනුරාධපුර පොලීසියට දැනුම් දීමක් ලැබී ඇත.ඒ අනුව පොලීසිය එහි ගොස් බලන විට අලුත උපන් බිළිඳෙකු සුදුරෙදි කැබැල්ලක ඔතා එම ස්ථානය බිම දමාගොස් තිබෙනු දක්නට ලැබී ඇත.

    දරුවා ඔතා තිබූ සුදුරෙදි කැබැල්ලෙහි බල්ලෙකු අත් සහ කකුල් තබා ආපස්සට ගෙන ඇති බවට සළකුණු දකින්නට තිබූ අතර එම බල්ලා දරුවාට කිසිදු හානියක් සිදු නොකර තිබීම පිලිබඳවද පොලීසිය විමතියට පත්ව ඇත.

    පසුව දරුවා සිය භාරයට  ගෙන ඇති පොලීසිය මේ සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශණයේදී අණාවරණය වී ඇත්තේ දරු ප්‍රසූතියක් අපේකෂාවෙන් පුලියන්කුලම සාලියපුර ප්‍රදේශයේ කූලී නිවාසයක නවාතැන ගෙන සිටි විශ්ව විද්‍යාල සිසුවියක මීට දින කිහිපියක සිටි අනුරාධපුර රෝහලට ඇතුළත් වී දරුවෙකු ප්‍රසූත කර එම දරුවාද රැගෙන යලි කුලී නිවසකට පැමිණ ඇති බවයි.ඇය පදිංචිව සිටි කූලී නිවසේ හිමිකාරිය සොයාගොස් ඇති පොලීසිය ඇගේ දුරකථන අංකය සොයාගෙන එම දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තතද දුරකථනය ක්‍රියා විරහිත කර තිබිණි.

    පසුව අධිකරණයෙන් නියෝගයක් මත පොලීසිය අදාළ දුරකථන අංකය පිළිබඳව විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවා දුරකථන අංකයේ හිමිකාරිය පොලනේනරුව ප්‍රදේශයේ පදිංචිකාරියක බව හඳුනාගෙන ඇත.

    ඒ අනුව පොලිස් නිළධාරීන් හා නිළධාරියන් කණ්ඩායමක් සැකකාරියගේ පොලොන්නරුවේ නිවසට ගොස් ඇට අතංඅඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමේදී දරුවා ප්‍රසූත කර දින 12 පසුව මෙලෙස දරුවා අතහැර දමා පැනගොස් ඇත්තේ ඇය බව තහවුරු වී තිබේ.පොලීසිය කළ ප්‍රශ්ණ කිරීම් වලදී තවදුරටත් අණාවරණය වී ඇත්තේ අය වෛද්‍ය සිසුවියක බවය.

    ස්වකීය විමර්ශණ වලදී පොලීසිය තවදුරටත් අණාවරණ කරගෙන අත්තේ ඇය තමා පදිංචි ප්‍රෙද්ශයේ තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමෙන් පසුව ගැබිණියක බවට පත්ව ඇති බවත් ඒ බව ඇගේ මවට හෝ පියාට හෝ පවුලේ කිසිවෙකුටත් පවසා නැති බවය.

    තමා දරුවෙකු ප්‍රසූත කළ බව මවුපියන් දැනගතහොත් පියා තමා මරා දමනු ඇතැයි යන බිය නිසා දරුවා මෙලෙස අතහැර දමා පැන ගිය බවද සැකකාරිය පොලසියට පවසා ඇත.සැකකාරිය අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ආ අවස්ථාවේ සිය කුසින් බිහි කළ දරුවා දෙස බැලීමිට පව ඇය අකමැත්තක් දැක්වූ බව පොලිස් ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවෙයි.

    දරුවා ප්‍රසූත කරන තුරු අනුරාධපුර පුලුයන්කුලම ප්‍රෙද්ශයේ කුලී නිවාසයක පදිංචිව සිට ඇති ඇය ගෙහිමි කාන්තාවට පවසා ඇත්තේ තම සැමියා ජපානයේරැකියාවක් කරන බවය.අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය සිද්ධිය පිලිබඳව වැඩිදුර විමර්ශණ සිදුකරයි.

    [rns_reactions]

  • ආදරය වෙනුවෙන් දිවි පිදු දසුන් වෙනුවෙන් ශලනි ලියු යලි හමුවෙමු ගීතය මෙන්න..

    ආදරය වෙනුවෙන් දිවි පිදු දසුන් වෙනුවෙන් ශලනි ලියු යලි හමුවෙමු ගීතය මෙන්න

    https://www.facebook.com/ctunes.lk/videos/120511935282415/

    [rns_reactions]

  • දවස් 15යි දානේ ලැබෙන පින් පෙට්ටිය වෙනුවට මිනී පෙට්ටියක් ඇති දඹුල්ලේ අරුම පුදුම පන්සල…

    පින් පෙට්ටියක් වෙනුවට මිනී පෙට්ටියක් තැන්පත් කර ඇති අපූරු විහාරස්ථානයක් ගැන දඹුල්ල වෑවල වැව මොරගොඩ මූකලාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    සාමණේර හිමිවරු තුන්නමක් වැඩ සිටින ‘ශ්‍රී සුගතාභිනවාරාම’ නම් එම විහාරස්ථානයේ මිනී පෙට්ටියක් තැන්පත් කර තැබීමට හේතුව කුමක් දැයි විහාරාධිපති කොස්ගහහින්නේ ජිනානන්ද හිමියන්ගෙන් ඊයේ (5දා) කළ විමසීමේදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

    ‘‘මහත්තයෝ, මේ මිනී පෙට්ටිය පන්සලට ගේන්න කරුණු දෙකක් හේතු වුණා. එක් කරුණක් තමයි පසුගිය වකවානුවේ ගංගොඩේ මහා පරිමාණයෙන් නිෂ්පාදනය වුණ මත්ද්‍රව්‍ය (කසිප්පු) නිසා තරුණ පරපුර විනාශ වුණා. මේ අය රැකගන්න කියලා පොලිසිය ඉස්සරහා උද්ඝෝෂණය සංවිධානය කළා. මත්ද්‍රව්‍ය විකුණන උදවිය පොලිසියට අල්ලලා දුන්නා. ඒ වැඩ නිසා මත්ද්‍රව්‍ය නිෂ්පාදයෙන් ප්‍රතිලාභ ලබන ගමේ උදවිය දානේ දීමෙන් වැළකී හිටියා. දැන් මාසෙකට දින 15ක් විතරයි දානේ ලැබෙන්නේ. මාසේ ඉතිරි දින ගණන් නිරාහාරව ඉන්න වෙලා. හදිසියේ අපවත් වුණොත් මිනී පෙට්ටියක් ගන්න ගමේ උදවියට වත්කමක් නෑ.

    මහත්තයෝ, දෙවැනි කාරණය තමයි මමයි තවත් භික්ෂුන් වහන්සේ නමකුයි අපවත් වුණාම අපේ මෘතදේහ පේරාදෙණිය වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මගේ මෑණියන් මියගිය පසුත් මෘතදේහය වෛද්‍ය විද්‍යාලයට දෙනවා. මේ කාරණා තුනටම මිනී පෙට්ටියක් මිලදී ගන්න ගියොත් විශාල මුදලක් යනවා. ඒ නිසා මේ මිනී පෙට්ටියේ මෘතදේහ තැන්පත් කරගෙන ගොස් වෛද්‍ය විද්‍යාලයට භාරදීලා ආපසු මිනී පෙට්ටිය පන්සලේ තැන්පත් කරන්න පුළුවන්. එතකොට මිනී පෙට්ටියකට මුදල් වැය වෙන්නේ නෑ.මහත්තයෝ මේ මිනී පෙට්ටිය පිටරටක හදපු එකක්. හරිම සවිශක්තිමත්. මෘතදේහ ප්‍රවාහනය කරන්න හදපු මිනී පෙට්ටියක්. ඒ නිසා ඕනෑම කෙනකුට මියගිය උදවියගේ මෘතදේහ ප්‍රවාහනය කිරීමේ කාරණය ඉටුකරගත් පසු මේ මිනී පෙට්ටිය ආපසු පන්සලේ තැන්පත් කරන්න පුළුවන්.

    [rns_reactions]

  • කෙසෙල් කෑ පියුමිට කැන් පිටින් කවන්න කොරියාවේ කොල්ලෝ සූදානම්ලු

    දකුණු කොරියාවේ පැවැති සංගීත ප්‍රසංගයකදී ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකට එල්ලවූ කෙසෙල් හා ගල් මුල් ප්‍රහාරය පිළිබඳ මේ වන විට බොහෝ දෙනා අතර කතා බහට ලක්වනවා.

    ප්‍රවීණ ගායන ශිල්පියෙකුට අපහාස වන අයුරින් පසුගියදා මහත් ආන්දෝලනයට තුඩුදුන් ගීත වීඩියෝවක පෙනී සිටි ඇයට විරෝධය පෑමක් ලෙස මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තාවනවා.

    මෙරට කලා ක්ෂේත්‍රයට අති විශාල මෙහෙයක් කළ එවැනි මිනිසෙකුගේ පෞද්ගලික ජීවිතය අලලා නිර්මාණය වූ එම වීඩියෝවට සමාජයේ දැඩි විරෝධයක් එල්ල වුණා.

    කෙසේ වෙතත් මෙම ප්‍රසංග මාලාවේ තවත් ප්‍රංසග දෙකක් පැවැත්වීමට නියමිත බවත් එම ප්‍රංසග වලදී එම ශිල්පිණියට දැඩි විරෝධය පාන්නට බොහෝ දෙනා සූදානමින් සිටින බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

     

    [rns_reactions]

  • මෙරට සංගීත කලාව කෑ සක්කිලියෙකුටත් එහා ගිය අපතයෙකු ගැන කතාවක් (වීඩියෝ)

    මෙරට සංගීත කලාව විනාශ කරමින් තම බඩගෝස්තරය වෙනුවෙන් වෙනුවෙන් අනුන්ගේ ඇඟවල් සහ ජීවිත විකුණනු ලබන කුප්‍රකට අපත සක්කිලි චරිතැති වසලයෙකුගේ සත්‍ය ජීවිත කථාව කියවෙන නිර්මාණයක් මේ වන විට සමාජ ජාල මාධ්‍යවල සැරිසමින් තිබේ.

    මේ එම වීඩියෝවයි.

    [rns_reactions]