Blog

  • වික්ටර් රත්නායක මහතාට අපහස කළ පියුමිට කොරියාවේ ඉන්න ලංකාවේ කොල්ලොගෙන් හොඳ පාඩමක්

    මේ දින වන දකණූ කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයක් සඳහා ලංකාවේ ජනප්‍රිය තරු රැසක් සහභාගී වී සිටිනවා. ඊයේ දිනයේදී පැවත්වූ ප්‍රසංගයකදී නොසිතූ දෙයක් සිදු වූවා ඒ මෙම සංගීත ප්‍රසංගයට සහභාගී වූ එක්තාර නිරූපන ශිල්පිනියක් නිසා,

    ඉරාජ් වීරරත්න නිර්මාණය කළ අන්දොලනාත්මක හේතුවකට තුඩු දුන් වීඩියෝ පටයක් දායක වූ මෙම නිරූපිකාව ව පිළිබඳව පසුගිය දින වල නිතර කතාබහට ලක් වුනා. රටේ සැමගේ විවේචනයට ලක් වුනා ඊට හේතුව වන්නේ ලංකීය සංගීත ක්ෂෙත්‍රයේ ප්‍රවීනයෙකු වන වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට මඩ පහරක් ගැසීමට මෙම වීඩියෝ පටයෙන් උත්සහ දැරීම නිසා.

    කේසේ වෙතත් වීඩියෝ පටයට දායක වූ එම නිරූපීකාව ඊයේ දින ප්‍රසංගය පැවත්වෙන වෙලාවේ වේදීකාවට පැමිණි අවස්ථාවේ,සහභාගී වූ පිරිසගෙන් කෙසෙල්, ගල් මුල් ප්‍රහාර එල්ල වී තිබෙනවා, මේ එම වීඩියෝ පටයයි…

    [rns_reactions]

  • වප්පුර පසළොස්වක පොහොය අදයි

    වප්පුර පසළොස්වක පොහොය අදයි. ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙසටයි වප්පුර පසළොස්වක පොහොය සැලකෙන්නේ.

    වප් පොහොයේ වැදගත්කම පිළිබද ඓතිහාසික දෙවනගල පිං බිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් මෙලෙස කරුණු පැහැදිලි කළා.

    සම්ම් සමබුදු පියානන් තවුතිසාවේ සිට සංකස්සපුර නවරට වැඬඹ කිරිම අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු අතර මෛත්‍රි බෝසතුන් වහන්ස පැවිදි වීම ද අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු බවයි පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් කියා සිටියේ.

    වස් පවාරණය සිදුවන්නේද වප්පුර පසලොස්වක පොහොය දිනයේයි. එමෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් වන ජය ශ්‍රී මහා බොදීන් වහස්සේගේ අංකුරය තැන්පත් කිරිම ද අද වැනි වප්පුර පසළොස්වක පොහොය දිනයක සිදුවු බවයි ඉතිහාස පොත පතේ සඳහන් වන්නේ.

    [rns_reactions]

  • 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය මීගමුවට

    විභාග දෙපාර්ත්තමේන්තුව විසින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඊයේ  (04) නිකුත් කරනු ලැබුවා.

    ඒ අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා හිමි කරගෙන ඇති බවයි විභාග දෙපාර්තමේනතුව පවසන්නේ. 

    එම සිසුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 198ක්.

    මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 2 වන ස්ථාන 2ක් සිසුන් දෙදෙනෙක් විසින් හිමි කරගෙන තිබෙනවා.

    ඒ  ගම්පහ දිස්ත්‍රික්කයේ ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන එම් .ඒ.එම්. ඉඳුමිණි ජයරත්න සිසුවිය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන ටී.එම්.සංජන නයනජිත් තෙන්නකෝන් සිසුවා විසින්. ඔවුන් ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 197ක්.  

    දිවයියේ  3 වන ස්ථානය ලබා ගැනීමට ඩී.ඒ තරුල් සහස් ධර්මරත්න සිසුවා සමත්ව සිටිනවා.

    ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. එම සිසුවා ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 196ක්.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන්  ලබාගැනීමට හැකියාව පවතිනවා.

    [rns_reactions]

  • ‘‘සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ – ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව ..!

    ‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා කියලා මාධ්‍යයට ප්‍රකාශ දෙන්න ලෑස්‌තිවෙන්න එපා. ඔයාලා මාධ්‍යයට මොනවා කිව්වත් අපිට ඇති ප්‍රශ්නයක්‌ නෑ අපිට වැඩකුත් නෑ. කොහොමත් ඉතින් මාධ්‍ය එක එක දේවල් කියන එක සාමාන්‍ය දෙයක්‌නේ‘‘.

    සාර්ථක හදවත් සැත්කමකින් පසු තම දියණිය ජීවිතයේ නව පරිච්ඡේදයක්‌ අරඹණු ඇතැයි මහත් අපේක්‍ෂාවෙන් සිටි අසරණ මාපිය යුවළකට මහනුවර මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමියගෙන් අසන්නට ලැබුණේ හදවතට පිහිපහරක්‌ එල්ල කරනු හා සමාන එවන් වදන් වැළක්‌ බව එම දෙමාපියෝ කියති.

    සැත්කමට දින කීපයක්‌ තබා අසන්නට ලැබුණු එම රළු වදන්වලින් තම දහනව හැවිරිදි සචිනි සෙව්වන්දි කළුපෙරුම දියණියගේ ජීවිතය පිළිබඳව අස්‌ථිරතාවක්‌ මතුවූ නිසාවෙන් ඩබ්. ප්‍රියංකා නිල්මිණි (42) මහත්මියත්, චමින්ද මහේෂ් කුමාර (45) මහතාත් සැත්කම සිදුවන මොහොත දක්‌වා ගෙවුණු සෑම තත්ත්පරයක්‌ම හදවත දැවෙමින් ගත කළ බව පවසති.

    අලුත්ගම, කළුවාමෝදර ප්‍රදේශයේ ජීවත්වන ප්‍රියංකා චමින්ද යුවළට දියණියන් දෙදෙනකු සහ පුංචි පුතකු වෙති. එම සෙනෙහෙබර කැදැල්ලෙහි සතුට වියෑකී යන්නට පටන් ගත්තේ 2012 වසරේදී තම වැඩිමහල් දියණිය වූ වින්ද්‍යා ලක්‌මිණි දියණිය වයස අවුරුදු 16 දී හදවත් රෝගයක්‌ නිසා සදහටම ඔවුන්ගෙන් වෙන්වීම හේතුවෙනි. එතැන් පටන් එක්‌ දියණියකගේ ආදරය පමණක්‌ ලද මෙම මාපිය දෙපළට අද වන විට ඇයගේ සෙනෙහසද අහිමිව ගොසිනි. එය කොතැන, කාගේ හෝ වරදකින් සිදුවූවාද. අසරණ දෙමාපියන්ට අද ඉතිරිව ඇත්තේ අහිමිවි ගිය දියණියන්ගේ සොඳුරු මතක හා මව් ඇකයේ තවමත් වෙළෙන පොඩි පුතු නවෝද් නෙත්සිතුම්ගේ (14) ආදරය පමණි.

    මහනුවර මහ රෝහලේ හදවත් සැත්කම් සාර්ථකව කරනවා කිව්වම මගේ දුවට අලුත් බලාපොරොත්තුවක්‌ ඇතිවුණා. එයා ගොඩාක්‌ සතුටින් ඉන්න පටන් ගත්තා. මීට පෙර හදවත් සැත්කම කරපු කෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ ඉන්න නිසා අපිත් සතුටින් සැත්කමට ලෑස්‌ති වුණා. සචිනි අපි හැමෝටම වැඳලා මේ අවුරුද්දේ මාර්තු 27 ගෙදරින් පිටවුණේ සනීපවෙලා ආපහු එන බලාපොරොත්තුවෙන්. ඒත් සචිනි දුව ආවේ කිසිම හැලහොල්මනක්‌ නැතිව මේ විදියට පෙට්‌ටියකින්.

    සචිනි දියණියගේ වියෝවෙන් කම්පිතව සිටි ප්‍රියංකා නිල්මිණි මහත්මිය එලෙස සචිනිගේ නිසල දේහය අසල හඬා වැටුණා.

    අලුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ සචිනි රෝගී තත්ත්වයෙන් පසු වුවද ඉගෙනීම් කටයුතුවලට දැක්‌වූයේ මනා දස්‌කමකි. අඩි කීපයක්‌ හෝ පයින් යාමට නොහැකි ඇයට වරින්වර දැඩි මහන්සියක්‌ දැනුණු නිසාම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු තම අධ්‍යාපන කටයුතු මගහැරී ගියේ කාලයටත් හොරාය. අධ්‍යාපනය ක්‍රමයෙන් ගිලිහී ගියද ආදරණීය මවත් පියාත් පුංචි මල්ලීත් අතහැර ජීවිතයෙන් ගිලිහී යන්නට අකමැති වූ සචිනි බලාපොරොත්තු දහසක්‌ මැද අනාගතය ගොඩනැඟුවේ කාගේත් ප්‍රාර්ථනා ඉටුකරන ආශාවෙනි. එහෙත් ඇය තුළ වූ අනාගත පැතුමන් සදහටම සඟවාගෙන දැත ළයෙහි බැඳ නිසලව සිටින්නේ හිත මිතුරු සැමගේම ප්‍රාර්ථනාවන්ද සිඳලමිනි.

    මුලින්ම දුව සැත්කමට ලෑස්‌ති කළේ විෂ බීජ නාශකයක්‌ මුසු කළ විශේෂ ශැම්පු වර්ගයකින් නාවලා පිරිසිදු කරලයි. ඒත් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක්‌ නිසා ඒ සැත්කම නැවතුණා. සචිනි දුවට බද්ධ කරන්න තිබුණ හදවතත් ඒ නිසා විනාශ වෙලා ගියා. ඊට පස්‌සේ ගැලපෙන හදවතක්‌ ලැබෙන කල් රෝහලේ සිටියා. අපිට තවත් හදවතක්‌ ලැබුණා. ඒ නිසා හදවත බද්ධ කරන්න වෛද්‍යවරු කටයුතු සූදානම් කළා.

    ඔපරේෂන් එකෙන් පස්‌සේ මගේ දුව හුස්‌මගන්න වේගය ගොඩාක්‌ වැඩිවෙලා තිබුණා. ඒ වගේම අත යටින් ලේ ගොඩක්‌ යනවා මම දැක්‌කා. ඒ ගැන වෛද්‍යවරුන්ට කිව්වම ඒ අය දුවගෙන ආවා. පස්‌සේ කිව්වා ඒක සාමාන්‍යයි කියලා. දොස්‌තරලා සාමාන්‍යයි කියපු මගේ දරුවා සැත්කමෙන් දවස්‌ දෙකකට පස්‌සේ අප දාලා යන්න ගියා.

    දරුවා නැති වුණාට පස්‌සේ මහනුවර මහ රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය කිව්වා සැත්කමට පස්‌සේ බෙහෙතක්‌ ගෙන්වලා දෙන්න තිබුණා. ඒත් ඒ බව අපිට දන්වන්න සැත්කම කරන දවස හරියට දැනගෙන හිටියේ නෑ කියලා. ඒත් සැත්කම කරපු වෛද්‍යවරයා කියන්නේ සැත්කම අති සාර්ථක නිසා එවැනි බෙහෙතක්‌ අවශ්‍ය වුණේ නෑ කියලයි. මමත් කියන්නේ සැත්කම සාර්ථකව සිදුවුණා කියලයි. මොකද සැත්කම කළාට පස්‌සේ දරුවා හොඳට හිටියා. දරුවා ගැන දැඩිසත්කාර ඒකකයේ කිසි කෙනෙක්‌ සැලකිලිමත් වුණේ නෑ. මගේ අහිංසක දරුව පැත්තකට දාල තිබුණේ සාමාන්‍ය රෝගියෙක්‌ ගාණට.

    මෙම මරණය නිසා තමන්ගේ තර්කය නිවැරැදි බව පෙන්වන්න රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමියයි සැත්කම කරපු වෛද්‍යවරුයි දෙපැත්තට බෙදිලා කඹ ඇදිල්ලක නිරත වුණා. අන්තිමට ඒකේ ප්‍රතිඵලය වුණේ මගේ අසරණී මට නැතිවුණ එක විතරයි. මගේ දරුවගෙ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ කරන්න කියලා මම සෞඛ්‍ය ඇමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මේ වෛද්‍යවරුන්ටත් ළමයි ඇති. ඒ අයට මොනවහරි වුණොත් ඒ අයට වේදනාවක්‌ නැද්ද? ඒ වේදනාවම තමයි අපිටත් තියෙන්නේ. මගේ දරුවා නිකරුණේ මියගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලයි. අහංකාරකම හින්දයි. මේ සිද්ධිය පිටිපස්‌සේ සැඟවුණු දේවල් ටිකක්‌ තියෙනවා. පිංසිදුවෙයි වගකිවයුතු අය මැදිහත්වෙලා මට ඒ දේවල් සොයා බලා දීලා මගේ දුවට සාධාරණය ඉටුකරලා දෙන්න.

    සචිනි දියණියගේ අකල් මරණය පිළිබඳව වාවාගත නොහැකි සොවින් චමින්ද මහේෂ් කුමාර මහතා එලෙස මෙම සිද්ධිය පිළිබඳ අනාවරණය කළේය.

    [rns_reactions]

  • වැරදුන හදවත් සැත්කම ගැන විශේෂ පරීක්ෂණයක්! වරදකරුවන්ට දෙන දඬුවම ඇමති කියයි!

    මහනුවර ශික්‍ෂණ රෝහලේදී ඉකුත්දා සිදු කෙරුණු හදවත් බද්ද සැත්කම අසාර්ථකවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. එහිදී කිසියම් අයෙකු වරදකරුවෙකු බව අනාවරණ වුවහොත් දැඩි දඩුවම් ලබාදෙන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ. ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. 

    මෙය කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි මාධ්‍යවේදීන් මෙහිදී ප‍්‍රශ්න කළා.”කඩාකප්පල් ක්‍රියාවක් නෙවෙයි. සැත්කම හොඳින් කෙරුන. විෂ බීජයක් ඇතුළුවීම කියලයි අපි සැක කරන්නේ. සැත්කමෙන් පසුව ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් නිසි සැලකිල්ල ලැබිල නැහැ. මේක වෛද්‍යමය ක්‍රියාදාමයේ නොසැලකිල්ලක් මිසක් කඩාකප්පල් ක්‍රියාවක් නම් නෙවෙයි”

    මෙම සැත්කමට ලක් කෙරුණේ අලූත්ගම, කළුවාමෝදර ප‍්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සචිනි සෙව්වන්දි නමැත්තියක්. සැත්කම සිදුකර දින 4 කට පසු ඇය ජීවිතක්‍ෂයට පත් වුණා. කෙසේවෙතත් ඇගේ පියා සදහන් කළේ තම දියණියගේ මරණය සැක සහිත බවයි. ඒ අනුව රෝහල් බලධාරීන් විසින්ද මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. 

    මීට පෙර මහනුවර ශික්‍ෂණ රෝහලේ සිදුකළ පළමු හදවත් බද්ද සැත්කම සාර්ථකව සිදු කෙරුණා. ඒ, මීට මාස දෙකකට පමණ පෙරයි.

    [rns_reactions]

  • නව ව්‍යවස්ථා කෙටුම්පත හදද්දි සියළු මතවලට අවස්ථාව ලැබෙනවා! ජනපති මෛත්‍රී කියයි

    නව ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සඳහා සියලූ පාර්ශ්වයන්ගේ මත නියෝජනය වන ආකාරයේ සම්ප‍්‍රදායෙන් ඔබ්බට ගිය අලූත් ක‍්‍රමවේදයක් හඳුන්වා දුන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසනවා. සාර්ක් කලාපීය කතානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ  8 වැනි සැසිවාරය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ. 

    ” නව ව්‍යවස්ථාවක් සැකසීමේදී පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ක‍්‍රමවේදය තමයි තේරීම් කාරක සභාවක් මගින් එම කටයුතු සිදුකිරීම. නමුත් අපි මෙහිදී අලූත් ක‍්‍රමවේදයක් හඳුන්වා දුන්නා. ඒ තමයි නව ව්‍යවස්ථාවකට අවශ්‍ය යෝ්ජනා පිළිබඳ මුලින් ජනතාවගෙන්, විද්වතුන් ආදි සියලූ පාර්ශ්වවලින් අදහස් විමසීම. ඉන්පසුව පාර්ලිමේන්තුවේ සියලූම මන්ත‍්‍රීවරුන් සියලූ දේශපාලන පක්ෂවල මත ඉදිරිපත් කෙරෙන ආකාරයට ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කි‍්‍රයාවලියක් සකස් කිරීම. මේ සියලූම අදහස් විමසා අතුරු වාර්තාවක් සකස් කරලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අතුරු වාර්තාව අවසන් වාර්තාව නොවෙයි. එහි අන්තර්ගතය හා තවත් යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී මත විමසීම් මෙන්ම පාර්ලිමේන්තුවේ දීර්ඝ විවාදයක් පවත්වන්න කටයුතු කරනවා. සියලූම පාර්ශ්වවල දායකත්වයෙන් සහ එකඟත්වයෙන් තමයි අවසානයේ නව ව්‍යවස්ථාව සකස්වෙන්නේ.” 

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සමාරම්භය ප‍්‍රකාශයට පත්කරමින් අද (04) පෙරවරුවේ ආරම්භ වූ මෙම සමුළුවට සාර්ක් රටවල් නියෝජනය කරමින් කතානායකවරුන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියා. 8වැනි සමුළුව වෙනුවෙන් සැමරුම් මුද්දරයක් ද මෙහිදී නිකුත් කරනු ලැබුවා. සමුළුව හෙට සහ අනිද්දා දිනයන්හිදීත් පැවැත්වීමට නියමිතයි. 

    මීට සමගාමීව සාර්ක් රාජ්‍යවල කාන්තා පාර්ලිමේන්තුවරින්ගේ කමිටුවේ රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි. ‘දරිද්‍රතාවයෙන් මිදී තම ප‍්‍රජාව සඳහා වඩා යහපත් අනාගතයක් ගොඩනැංවීමට කාන්තාවන්ට සහාය වෙමු’  යන්න මෙවර එහි තේමාව වනවා.

    මීට සමගාමීව තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ කමිටුවේ රැස්වීමක් ද පැවැත්වෙනවා. සාර්ක් ධජය යටතේ තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ රැස්වීමක් මෙලෙස පැවැත්වෙන්නේ ප‍්‍රථම වතාවට වීම  විශේෂත්වයක්. ‘ත‍්‍රස්තවාදය වැලැක්වීම සඳහා තරුණයන් අතර ප‍්‍රචණ්ඩ අන්තවාදයට එරෙහි වීම හා මිනිස් ජාවරම, නවීන වහල්භාවය සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනයට එරෙහිව සටන් වැදීමට තරුණයන් සවිබල ගැන්වීම’ යන්න එහි  තේමාවයි.

    [rns_reactions]

     

  • කිසිම රෝගයක් නෑ – සේරම බොරු – දුමින්දයි වාසුයි බන්ධනාගාර රෝහලෙන් එලවයි..!

    වැලිකඩ බන්ධනාගාරයේ රෝහලේ රඳවා සිටි මරණීය දණ්ඩනය නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා දෙවන වතාවටත් ඊයේ (3) රෝහලෙන් පිටකර ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග අණවරණය කරයි.

    රෝහලේ නව වැඩ බලන වෛද්‍ය නිළධාරි ජගත් මල්වත්ත මහතා විසින් වැඩ භාරගත් (28) දිනයේ සිට එහි අංක 3 වාට්ටුව දැඩි පරීක්ෂාවට ලක්කල අතර එහිදී කිසිදු රෝගී තත්වයක් නොමැතිව දිගු කලක් තිස්සේ රුඳීසිටි රැඳවියන් කිහිපදෙනෙකුම රෝහලෙන් පිටකර යවා ඇතැයිද පැවසේ.

    ඒ අනුව හිටපු නියෝජ්‍ය පොලිස්පත් වාස් ගුණවර්ධන හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා යන දෙදෙනාද බන්ධනාගාරය වෙත මාරුකර යවා ඇතැත් එම දෙදෙනොම හිසේ අමාරුවක් බව කියමින් බන්ධනාගාර නිළධාරීන්ගේ මාර්ගයෙන් නැවතත් රෝහල් ගත වී ඇතැයි කියති.

    ඊයේ නැවත සිදුකළ පරීක්ෂාවකදී ඔවුනට කිසිදු රෝගී තත්වයක් නොමැති බවට නිර්දේශ කර ආපසු වැලිකඩ බන්ධනාගාරය වෙත යවා ඇතැයි දැනගන්නට ලැබේ.

    වාස් ගුණවර්ධන රෝහලේ රැඳී සිට ඇති කාලය වාසර 3 හමාරකට ආසන්න බවද වාර්තා වෙයි.

    [rns_reactions]

  • දේශපාලනය තුළ “තනි පුද්ගලයෙක් අත ඇති බලයට විය යුතු දෙය” ජනපති කියයි

    නොඛෙදුණු ඒකීය රාජ්‍යයක සියලූ ජනතාවගේ අයිතිවාසිකම් ශක්තිමත් වූ පසුබිමකින් ගොඩනැගෙන ව්‍යවස්ථාවක් මගින් පාර්ලිමේන්තුව තව තවත් ශක්තිමත් කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෙන්වා දෙනවා.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් අද (03) පස්වරුවේ පැවති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරය අමතමිනි.

    පාර්ලිමෙන්තුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකම සහය ඒ සඳහා අපේක්ෂා කරන බව ද කියා සිටියා.

    “තනි පුද්ගලයෙක් අත ඇති බලය සාමුහිකත්වයට යොමුවිය යුතු බැවින් එම දේශපාලන න්‍යාය ධර්මය තුළ කටයුතු කරමින් රටේ ආර්ථීක සමෘද්ධිය ඇති කිරීමට කැපවෙමු” යනුවෙන් ද ජනාධිපතිවරයා මෙහිදී සියලූදෙනාට ආරාධනා කළා.

    එමෙන්ම ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ගැටුම් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය සඳහන් කළ ජනාධිපතිවරයා ජනතා පරමාධිපත්‍ය ශක්තිමත් වූ උත්තරිතර ආයතනය ලෙස පාර්ලිමේන්තුවට ලැබී ඇති ව්‍යවස්ථාදායක බලය කිසිසේත් කිසිවෙකුට අභියෝගයක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම විධායකයේ තිබිය යුතු ක්‍රමිකබව සහ විධිමත්බව තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් ශක්තිමත් කරමින් නීතියේ ආධිපත්‍යය ද තහවුරු කළයුතු බව කියා සිටියා.

    නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ දී අධිකරණයට ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කිරීමේ අයිතිය තහවුරුකර දියයුතු බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කළා.
     
    70 වසරක කීර්තිමත් පාර්ලිමේන්තු ඉතිහාසය තුළ සුවිශේෂී මෙහෙවරක නිරතවූ සියලූ දේශපාලන නායකයින් ද මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලැබුවා.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුථ දේශපාලන නායකයින් විසින් සභාව ඇමතූ අතර සාර්ක් රාජ්‍යයන් හි සියලූ පාර්ලිමේන්තුවල කතානායකවරු, නියෝජ්‍ය කතානායකවරු ඇතුථ දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මීට එක්ව සිටියා.

    [rns_reactions]

  • ඉන්නකොට රැකගන්න බැරිවුණු ආදරය සොයා ශලනි දින 7කට පසු දසුන්ගේ සොහොනට…

    ජනප්‍රිය නළු දසුන් නිශාන් ද සිල්වා අවාසනාවන්ත ලෙස සිය දිවි නසාගෙන මිය යාමේ සිදුවීම සමාජයේ ප්‍රවෘත්ති මැවීමට සමත් විය.
    ඒ අතරින් ඔහුගේ පෙම්වතිය වූ ජනප්‍රිය නිළි ශලනි තාරකා වෙතද විශේෂ අවධානයක් හිමි වුනා. කෙසේ වෙතත් දසුන් ගේ අවමංගල්‍යයට සහභාගී වීමට නොහැකි වූ ශලනි දසුන් මිය ගොස් දින 07ක් ගතවීමෙන් අනතුරු ව ඔහුගේ සොහොන වෙත ගොස් තිබෙනවා. ඉන්පසුව ඇය සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ අදහසක් සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

    ශලනි තැබු සටහන පහතින්….

    ”අදට ඔයා ගිහින් දවස් 7යි..
    ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..,
    හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා call කරයි කියලා
    තාම මේක හීනයක් වගේ
    හැබැයි අපි ආයේ හමුවෙනවාමයි..
    ඉන්න තැනක සතුටින් ඉන්න…,
    -ඔයාගේ ආදරේ-”
     

    [rns_reactions]

  • බුදු දහම සම්බන්ධයෙන් කිසිම වගන්තියක් වෙනස් කරන්නේ නෑ – ජනපති අවධාරණය කරයි

    රටේ ඒකීයභාවයට හානි වන කිසිදු ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට තමා ඉඩ නොතබන අතර, දැනට පවතින ව්‍යවස්ථාව තුළ බෞද්ධාගම සම්බන්ධයෙන් සඳහන්වන කිසිදු වගන්තියක් ඉවත් කිරීමට හෝ බාල කිරීමට ඉඩ නොතබන බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

    ජනාධිපතිවරයා ඒ බව අවධාරණය කළේ ගිරාඹේ මංගල නායක ස්වාමින්වහන්සේ වෙත උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාවේ මහානායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් පසුගියදා (29) පස්වරුවේ අම්පාර ගැමුණුපුර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති පුණ්‍යෝත්සවය අමතමිනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳ ඉදිරිපත් කර ඇති වාර්තාව තුළ කිසිදු ආකාරයෙන් සන්ධිය රාජ්‍ය සංකල්පයක් අර්ථ නිරූපණය නොවන බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳ ඉදිරිපත්වී ඇති යෝජනාවලිය තුළ කිසිදු ආකාරයේ රට කඩන හෝ රට බෙදන කරුණක් ඇතුළත් නොවන බවද මෙහිදී මහා නායක හිමිවරුන් ඉදිරියේ අවධාරණය කළ ජනාධිපතිවරයා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම කෙරෙහි කිසිදු දළ කෙටුම්පතක් හෝ මේ වන තෙක් සකස් කර නොමැති අතර සියලූදෙනාගේ අදහස් සහ යෝජනා ලබාගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන වාර්තාව ද සියලූ ක්ෂේත්‍රවල සාකච්ඡාවට, සංවාදයට මෙන්ම සංශෝධනවලට ඉඩ ලබාදෙමින් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

    උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දී තිබෙන ගැටලූවලට විසදුම් ලබාදීම, ස්ථිර සාමයක් රට තුළ පවත්වාගෙන යාම, නැවත යුද්ධයක් ඇති නොවන ආකාරයෙන් සියලූ ජන කොටස් අතර සහජීවනය සහ සංහිඳියාව ගොඩනැගීම යන කරුණු කෙරෙහි රජය ප්‍රමුඛ අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    නැවත රට තුළ යුද්ධයක් ඇතිවන බවට අදහසක් හෝ රටේ ජනතාව තුළ ඇතිවුවහොත් යළිත් රට අදුරු ප්‍රපාතයකට ඇද වැටෙන බව ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අදහසක් හෝ ජනතාව තුළ ඇති වීමට ඉඩ නොතබා සියලූ ජන කොටස් අතර සහජීවනය සහ විශ්වාසය ගොඩනැගීමට රජය කැපවී සිටින අතර මෙම සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා එකම මේසයකට රැස්ව සාකච්ඡා කරන ලෙස තමා මහානායක හිමිවරුන්ගෙන් මෙන්ම හින්දු, ඉස්ලාම්, කතෝලික සියලූ ආගමික නායකයින්ගෙන් නැවතත් ඉල්ලා සිටින බව ද ප්‍රකාශ කළේය.

    අභිනව මහානායක ධූරයෙන් පිදුම් ලද පූජ්‍ය ගිරාබේ මංගල මහානායක ස්වාමින් වහන්සේගේ ශාසනික සහ සාමාජයීය මෙහෙවර මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා යහපත් මෙන්ම හරවත් සමාජයක් ගොඩනැගීමට මෙන්ම ආදර්ශමත් රටක් ගොඩනැගීමට උන්වහන්සේ සිදුකරන කැපවීම ඇගයීමට ලක් කළේය.

    [rns_reactions]

  • ජයන්ත විජේරත්න ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ධුරයට.. ජනපති පත්කල අලුත් පත්වීම් සියල්ල මෙන්න..

    අමාත්‍යාංශ 04 ක් සඳහා නව ලේකම්වරුන් පත් කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

    ඒ අනුව විදේශ රැකියා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා ද, කී‍්‍රඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජයන්ත විජේරත්න මහතා ද, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීල් රංජිත් අශෝක මහතා ද, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.ඒ සිසිර කුමාර මහතා ද ජනාධිපතිතුමා විසින් පත් කර තිබේ.

    [rns_reactions]

  • මහා රාවණා රජුට අවමන් කල නරේන්ද්‍ර මෝදිට මහ සභාවක් මැද සිදුවූ දේ මෙන්න

    රාවණා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල හමුවන බලසම්පන්න මෙන්ම වැදගත් රජතුමෙක්.නමුත් අසල්වැසි ඉන්දියාවනම් රාවණා රජතුමාට සලකන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහටයි.ඔවුන්ට අනුව නම් රාවණා යනු යක්ෂයෙකු මෙන්ම මිහිමතින් තුරන්කල යුතු පුද්ගලයෙකුද වෙනවා.වාර්ෂිකව ඔවුන් රාවණා විනාශ කිරීමේ උත්සවයක්ද පවත්වන්නේ එම නිසයි.මෙම උත්සවය සඳහා ඉන්දීය නායකයින්ද සහභාගී වෙනවා. පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රාධානත්වයෙන් එවැනි උත්සවයක් පැවති අතර එහිදී රාවණාට දුන්නෙන් විදීමට දුන්නක් සහ ඊතලයක් උත්සවයේ සංවිධායකයින් විසින් එතුමාට ලබා දී තිබුනා.

    නමුත් ඊතලය විදීමට උත්සාහ කිරීමේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතින් දුන්නේ නූල කැඩී ගිය අතර මෙම සිදුවීම ඉන්දීය මාධ්‍ය ඇතුලුව ජාත්‍යන්තර මාධ්‍ය විසින්ද වාර්තාකොට තිබුනා.

     

     

    [rns_reactions]

  • අනුරාධපුරයේ ඥානම්මා හමුවී පූජාවක් තියා හිටපු ජනපති මහින්ද ගියේ කොහෙද?

    හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජපනයේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ.

    ඒ මහතා සමග ඔහුගේ පුත් යෝෂිත රාජපක්ෂ ද ගොස් ඇති බව පැවසේ.

    කෙසේවුවද, පෙර දැනුම්දීමකින් තොරව හිටපු ජනපතිවරයා විදෙස්ගතවීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලට සැක පහළවී ඇති බව  වාර්තා වේ.

    හිටපු ජනපතිවරයා එසේ විදෙස් සංචාරවලට සහභාගි වීමෙන් පසුව එම රටවල ජනතාව ලබාදුන් ආධාර ලංකාවට ගෙනඒම සාමාන්‍ය දෙයක් වන අතර අදාළ ආධාර හරහා එම රටවල ඔවුන් විසින් රාජපක්ෂ පාලන සමයේ තැන්පත් කළ ධනය රැගෙන එන්නේද යන සැකය හේතුවෙන් ආරක්ෂක අංශ මෙසේ සෝදිසියෙන් පසුවන බව පැවසේ.

    එසේම, කළු සල්ලි සුදුකරන ව්‍යාපාරයක නිරතව සිටින බවට සැකකරන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා හිටපු ජනපතිවරයා හා ඔහුගේ පවුලේ අය මුණ ගැසෙන්නේද යන්න පිළිබඳව සොයා බැලීමට ද ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

    රාජපක්ෂ මහතා ජපානයේ සංචාරයට එක්වීමට පෙර පසුගිය සති අන්තයේ ප්‍රකට සාස්තරකාරියක වන අනුරාධපුරයේ වෙසෙන ඥානම්මා නැමැත්තිය හමුවී විශාල පූජාවක් කළ බවද මේ අතර වාර්තා වේ.

    [rns_reactions]

  • ගල්කිස්සේ සිද්ධියට ‘දයාරතන හිමියන්’ අත්අඩංගුවට (UPDATE)

    පොලිස් අපරාධ කොට්ඨසයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අක්මීමන දයාරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ පසුගිය දා ගල්කිස්සේ රෝහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි නිවාසය අසල කළහකාරී ලෙස හැසිරීම පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන්.

    අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අක්මීමන දයාරතන හිමියන් අද(02) පෙරවරුවේ පොලිස් අපරාධ කොට්ඨාසයට පැමිණීයා.

    [rns_reactions]

  • වරදක් කළා වුණත් තාත්තට කවුරු වුණත් මඩ ගහනවට දරුවෝ වුණු අපි කැමති නැහැ

    ඉරාජ් වීරරත්න විසින් වික්ටර් රත්නායක මහතා අපහසුතාවයට පත්වන අයුරින් නිර්මාණය කර තිබූ වීඩියෝව සම්බන්ධයෙන් සමාජජාලවල මේ දිනවල දැඩි විරෝධයක් එල්ල වනවා.

    ශ්‍රී ලංකීක සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවකු වන වික්ටර් රත්නායක මහතාගේ පෞද්ගලික ජීවිතයට මඩ පරහක් ලෙස ඉරාජ් මෙම වීඩියෝව සිදු කොට තිබුණා.
    ඒ තුලින් වික්ටර් රත්නායකයන්ට කැළලක් ඇති කීරීමට උත්සහය ගැනීම ගැන වික්ටර් රත්නායකගේ පුත් ජයන්ත රත්නායක දැඩි විරෝධයක් එල්ල කර තිබුණේ මෙලෙසින්.

    ඉරාජ් කියන්නේ සංගීතඥයෙක් නෙමෙයි. බිස්නස්මන් කෙනෙක්. මම අපේ රටේ මධ්‍යයේ දකින දුර්වලතාවක් තමයි සංගීතය ගැන කතා කරන්නේ සංගීතය ඉගෙන ගෙන නැති සංගීතය කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති අය.
    ඉතිං ඒ වගේ අයත් ඉරාජ්ල වගේ අයට හොඳ හිට් එකක් දෙනවා.

    ඇත්තටම ඉරාජ්ට ඕනි මොකක්හරි වීඩියෝවක් කරලා එක youtube දාලා ඇමරිකාවෙන් ලැබෙන සල්ලි ගන්න. 
    එයාට සංස්කෘතිය අදාළත් නැහැ. හිට් වෙන වීඩියෝ කරනන් ඕනෑ දෙයක් කරන්න සූදානම්. youtube එකෙන් අප්ලෝඩ් කළාම, නරඹන ප්‍රමාණයට අනුව ලොකු ගානක් ලැබෙනවනේ. 
    අද අපේ රටේ පාර්ලිමේන්තුවවේ ඉන්න සමහරු ඡන්ද පැරදුනු අය. අද සින්දු කියන්නේ මියුසික් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ අනති අය.

    අපේ තාත්තගේ සිද්ධිය විතරක් නෙවෙයි ඕනෑම සිද්ධියක් මුල් කරගෙන විඩියෝස් හදල මුදල් ඉපයීමේ පරමාර්ථයයි ඔහුට තිබෙන්නේ.

    ඒ වගේ අය කලාකරුවන් නෙවෙයි. එවැනි අයට කලාකරුවන් කියනවට මම කැමති නැහැ. මෙහෙම දෙයක් තියෙනවා
    සමහර මිනිස්සු කියනවා අපි තාත්තට සැලකුවේ නැති නිසා තාත්තා ඒ වගේ කෙනෙක්ගේ ආදරය පැතුවා කියලා. 
    එක සම්පූර්ණ බොරුවක්. අමූලික බොරුවක්. එක තාත්තා නිර්දෝෂී වෙන්න කරන දෙයක් වෙන්න ඇති.

    මොනවා වුණත් ඒ මගේ තාත්තා. තාත්තා වරදක් කළා වුණත් මගේ තාත්තට කවුරු වුණත් මඩ ගහනවට දරුවෝ වුණු අපි කැමති නැහැ. තාත්තා ලොකු වරදක් කර ගත්තා. එත් එක ඉරාජ්ලට හොඳ මාතෘකාවක් සල්ලි හම්බ කරගන්න.

    [rns_reactions]

  • සිහිනයකි රෑ පොලිස්පතිවරයාගේ තේරීමකට යටත් වෙයි

    ‘පොලිසිය’ යන නම ඇසූ සැණින් මෙරට බහුතරයක් වූ ජනතාවගේ මනසේ ඇති වන්නේ බිය මුසු තත්ත්වයකි. ‘පොලිස් නිලධාරියකු’ අපි සමාජය හඳුන්වන්නේ හිතක් පපුවක් නැති, දරදඬු නීතිය පමණක් විමසන පුද්ගලයකු ලෙසයි.

    නමුත් ශ්‍රී ලංකා පොලිසිය තුළද සුන්දර මිනිස්සු නැතුවාම නොවෙති. මේ අතර සින්දු කියන, නර්තනයේ යෙදෙන, චිත්‍ර අඳින පොලිස් නිලධාරීන්ද සිටී.

    මා මේ කියන්න යන්නේ එවැනි පොලිසියේ සුසංයෝගයක් ගැනය.

    මේ දිනවල රූපවාහිනියේ අංක එකේ ගීතමය වැඩසටහනක් වන ‘සිහිනයකි රෑ’ වැඩසටහනට ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා පැමිණියේය.

    පූජිත් ජයසුන්දර වන ඔහු මෙම වැඩසටහනේ ගීත 10ක් තෝරන අතර ඊට ගීත විචාරයක්ද ලබා දීමේ සුන්දරතම කර්තව්‍යයට අත ගසා තිබුණේය. එහිදී සිය පෞද්ගලික ජීවිතය, රාජකාරි ජීවිතය විවර කළ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මවුගුණ ගී ගයද්දී සංවේදී වන අවස්ථාද කැමරා කාචයේ සටහන් වී තිබිණි.

    පොලිස්පතිවරයා තෝරන ගී ගයන්නේද ශ්‍රී ලංකා පොලිසියේම දෙදෙනෙකි.

    ඉන් එක් අයකු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. අනිත් තැනැන්තිය කාන්තා පොලිස් කොස්තාපල්වරියකි.

    නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මේ වනවිට මාතර සහ හම්බන්තොට දිසාව භාර නිලධාරියා ලෙස රාජකාරි කටයුතු සිදු කරමින් සිටී. ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශේ‍ර්ණියේ ගායකයකුද වීම විශේෂත්වයකි. මෑතකදී ඔහුගේ සංයුක්ත තැටියක්ද නිකුත් වීමට නියමිතය.

    කාන්තා පොලිස් කොස්තාපල් අනුෂා පෙරේරා කළුතර පොලිස් විද්‍යාලයේ රාජකාරි කටයුතු සිදු කරමින් සිටින්නියකි.

    පොලිස් උත්සව ගණනාවකදී ඇගේ ගී හ¾ඩින්, පැමිණිය වුන් රස ගන්වන්නටද ඇය දක්වන දායකත්වය අපමණය.

    මෙම සුන්දර හඬ මුසු වූ ‘සිහිනයකි රෑ’ වැඩසටහන අද (01) රාත්‍රි 10.10ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වීමට නියමිතය.

    වැඩසටහන ඉදිරිපත් කිරීම මහේෂ් නිශ්ශංක විසින් සිදු කරනු ලැබේ.

    එහි සංගීත මෙහෙයවීම විශාරද අජිත් දර්ශන ජයවීර විසින් සිදු කරනු ලබන අතර ශබ්ද පරිපාලනය මිලින්ද ප්‍රියදර්ශන විසින් සිදු කරනු ලබයි.

    ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනා ගත් ‘සිහිනයකි රෑ’ වැඩසටහන මෙවර පවත්වන ලද 22 වැනි සුමති සම්මාන උළෙලේදී හොඳම සංගීතමය වැඩසටහනට හිමි සම්මානය හිමි කර ගැනීමද එහි සුවිශේෂත්වයකි.

    [rns_reactions]