මේ කියන්න යන්නෙ අපේ අල්ලපු රටේ ඉන්න ධනවත්ම පුද්ගලයින් දහ දෙනාගෙ ලස්සන දියණියන් ගැන. ගෑනු ළමයින්ගෙ නම වයස එහෙම දැනගන්න ගොඩක් පිරිමි ළමයි ආසයිනෙ නේද..? ඒ හින්දා ඔන්න ඔක්කොම විස්තරේ තියෙනවා.
[rns_reactions]
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රුහුණ විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද පැවැත්වූ විරෝධතාවයකදී සිසුන්ගේ ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් සැරයන්වරු දෙදෙනෙක් මාතර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මෙම සැරයන්වරුන් දෙදෙනා සිසු උද්ඝෝෂණය වීඩියෝ කරමින් සිටිය දී ඔවුන් අල්ලාගෙන පහර දී ඇති සිසුන් කැමරා ආම්පන්න හා පොලිස් හැඳුනුම්පත ද ඔවුන් බාරයට ගෙන තිබේ.
පසුව කැමරාවේ මෙමරි කාඩ්පත හා බැටරිය හැර පැහැරගන්නා ලද සෙසු දේපොළ පොලීසිය වෙත යළි භාර දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
[rns_reactions]
පහන් විජේසේකර, උපතිස්ස පෙරේරා
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් එක්කරන මොරගහකන්ද ජල විදුලි බලාගාරයේ සියලු පර්යේෂණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් වී තිබේ.
ඉදිරි වැසි සමයත් සමඟ ජලාශයේ ජල ධාරිතාව ඉහළ යෑමෙන් පසු එහි විදුලි උත්පාදන කටයුතු සාර්ථකව ආරම්භ කළ හැකි බව විදුලි ඉන්ජිනේරුවෝ පවසති.
ලංකාවේ කෙටිම කාලයකින් ඉදිකෙරුණු විදුලි බලාගාරය වන්නේ මොරගහකන්ද ජලවිදුලි බලාගාරයයි.
මොරගහකන්ද ජලාශයේ කොන්ක්‍රීට් ආස්ථරණය කරන ලද වේල්ලට යාබදව මෙම ජල විදුලි බලාගාරය ඉදිකර තිබෙන අතර ජලයේ අධි පීඩනය මත ක්‍රියාත්මක වන ටර්බයින් යන්ත්‍ර 4කින් විදුලිය නිපදවයි.
මෙය මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද මෙගාවොට් 5ක ටර්බයින් යන්ත්‍ර දෙකකින් ද සමන්විතය.
මෙගාවොට් 7.5ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසු නිකුත් කරන ජල ධාරාව ඉහළ ඇළහැර ඇළ මාර්ගය ඔස්සේ මහකනදරාව ජලාශය දක්වා ගෙන යන අතර මෙගාවොට් 05ක ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක වීමෙන් පසුව නිකුත් කරන ජල ධාරාව අඹන් ගඟට මුදාහැර ඉන්පසුව පැරණි ඇළහැර ඇළ ඔස්සේ ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ ජලාශවලට මුදාහැරේ.
මොරගහකන්ද ජලාශය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 132ක් උසකිනි. ජලාශයේ ජල ධාරිතාව මුහුදු මට්ටමේ සිට මීටර් 165 දක්වා ඉහළ ගිය විට ජලවිදුලි බලාගාරය ක්‍රියාත්මක වන අතර මුහුදු මට්ටමේ සිට මීටර් 185ක් දක්වා එනම් උපරිම මට්ටම දක්වා විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව මෙය සතුව පවතී.
[rns_reactions]
දගලේවෙල ප්‍රදේශයේ හරි අපුරු සිද්ධියක් වාර්තා වුණා එක තමයි ප්‍රයිවට් චැනල් එකක ඉඳල අහුවුණු වෛද්‍යවරයෙක් තමන්ගේ සෙරෙප්පු දෙකවත් නැතුව මහපාරේ දුවපු සිදුවීමක්. සිදුවීම මෙසේයි…
දඹුල්ල – ගලේවෙල රෝහල ඉදිරිපිට තියෙන පුද්ගලික චැනල් මධ්‍යස්ථානයක මෙම වෛද්‍යවරයා මුදලට රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිට තිබෙනවා ඒ ඔහුගේ රෝහල් රාජකාරි කාල සීමාව තුලදී. අද දින වෛද්‍යවරුන් වර්ජනයක නිරත වන අතර තුර මෙසේ රාජකාරි කාලය තුල මුදලට ප්‍රතිකාර කිරීම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුවකුට ආරංචි වීම නිසා ඔහු එය සොයා බැලීමට එම ප්‍රතිකාර කරන ස්ථානයට ගොස් තිබෙනවා. ඒ වෙලාවෙත් ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරයා තම හොර වැඩේ හසු වූ බව දැනගත් විගස කලබල වී තිබෙනවා.
ඔහුගේ කලබලය කොතරම්ද යත් තම පාවහන් දෙකවත් දමා ගැනීමට අමතකව පාවහන් නොමැතිව දඹුල්ල- කුරුණෑගල මහා මාර්ගයේ දිව ගොස් ගලේවෙල රෝහලට ඇතුළු වි සැඟවී ගොස් තිබෙනවා.
එම සියලු සිද්දිය මාධ්‍ය වේදියා පටිගත කර ඇති අතර එය පහතින් ඔබටත් නැරඹිය හැකියි.
[rns_reactions]
ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ බිරිඳගේ කලින් විවාහයේ දරුවා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකු බව මේ දිනවල සමාජජාල මාධ්‍ය වල දැඩි සේ කතා බහට ලක්වනවා.
අප මේ හෙළිදරව් කරන්නේද එවන් එක් කරුණක් පිළිබඳවයි.
ඊයේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර හැදින්වෙන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහි සටනේ ප්‍රධාන නියමුවා ලෙසයි. කලින් කලට සයිටම් විරෝධී උද්ගෝෂණ වල ජායාරූප හරහා ඔහු දැවැන්ත චරිතයක් ලෙස හුවා දැක්වීමට අන්තරේ සාමාජික්යින් උත්සාහ කරනවා. එසේම ඔහුගේ නායකත්වයෙන් සිදුකල පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සටන් වලින් අපේ රටට අහිමි වූ ධනය සහ මිනිස් පැය ගනන ඉතා විශාලයි.
මෙසේ අරගල කරන ලහිරුගේ එක කුස උපන් සහෝදරිය වන තිලිණි වීරසේකර මහත්මිය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT පෞද්ගලික විශ්ව විද්‍යාලයේ 2010 කණ්ඩායමේ ඉගෙනුම ලැබූ තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගෙන ඇති බව අපට වාර්තා වී තිබේ.
ඇයගේ උපාධි ප්‍රධානෝත්සවයට පවා ලහිරු වීරසේකර සහභාගී වූ බවට ඔවුන්ට සමීප ආරංචිමාර්ග අප වෙත ප්‍රකාශ කල බව සදහන් කල යුතුමය..
ලහිරු වීරසේකරගේ සහෝදරිය පවා ඉගෙනගන්නා පෞද්ගලික විශ්ව විද්‍යාල තහනම් කරන ලෙසට ඉල්ලමින් ඒ අක්කාගේ මල්ලීම විශ්ව විද්‍යාල සිසුන් කුලප්පු කිරීම කෙතරම් විහිලුවක්ද?
සිය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් සිසුන් කුලප්පු කරන දේශපාලන ව්‍යාපාර වල පාහර ජඩ නායකයින් සිය දරුවන් සහ පවුල් වල සාමාජිකයින්ට යෙහෙන් වැජඹීමට අවශ්‍ය පරිසරය සකසා දී තිබේ.
තව වසර පහකින් ළහිරුගේ තනතුරට තවත් එක් නරියෙකු පත්වනු ඇත. ලහිරු සහ පවුලේ අය උගත් ධනවත් සමාජයේ වැජඹෙමින් අර නරියා පෙරටු කරගත් හරක් රැළ කෑගසන අයුරු දෙස බලා සිනා සෙනු ඇත.
මහා ගිරි වංක ගිරි තරණය කරන අපි
දැක කුමට සැලෙමුද ඉපනැලිත් නැති වෙල් ගැටි
එහෙම නොව නුබ කිව්වෙ අරගල කරන හැටි
අමාරුම මොහොතෙදි දරාගෙන ඉන්න හැටි..’
මේ කවිපද සටහන්වී ඇත්තේ මීට දින දෙකකට පෙර සරසවි සිසුවෙකුගේ ෆේස්බුක් ගිණුමේයි.
මේ වනවිට ඔහු සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ යකඩ කූරු අතරයි.
අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලහිරු වීරසේකර සමගින් ඊයේ (23) අත්අඩංගුවට ගැනුණු ඔහු ෆයිසාන් අහමඩ් නම් වනවා.
ඔහු තබා ඇති සටහන පහතින් දැක්වෙනවා.
රජයේ රෝහල්වල වර්ජනයේ නිරතවී පෞද්ගලික රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
දකුණු අප්‍රිකා කණ්ඩායම සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන T20 තරඟයෙන් ලකුණු 3ක තියුණු ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
මේ තරඟයේදී එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයි පන්දු රකින්නනට බාදා කිරීම නිසා දැවී ගිය අතර ක්‍රිකට් ඉතිහාසයේ T20 තරඟයක ඒ ආකාරයෙන් දැවී ගිය පළමු පිතිකරුවා ලෙස රෝයි ඉතිහාසගත වූ අතර රෝයි දැවී නොයන්නට එංගලන්තයට ජය හිමිවන්නටද වැඩි ඉඩක් තිබිණි.
තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 තුල ලකුණු 174 ක් ලබාගැනීමට සමත් වුනේ නායක ඩිවිලියස් සහ ආරම්භක පිතිකරු ස්මුට් ලබාගත් වේගවත් ඉනිම් සමඟය.පන්දු යැවීමේදී ටොම් කරන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු 174 හඹා යාමට පැමිණි එංගලන්තයේ මුල් පෙළ පිතිකරුවන් හොඳ ආරම්භයක් ලබාගැනීමට සමත් විය.අන්තරජාතික ඉනිම 11 කට පසුව ජේසන් රෝයි අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර ජොනී බ්‍රස්ටෝ අර්ධ ශතකය පෙනී පෙනී දැවී ගියේය.
අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 12ක් අවශ්‍ය වුවද එංගලන්තයට ලබාගැනීමට හැකි වුනේ ලකුණු 9ක් පමණි.තරඟයේ අවසන් පන්දුවාරයේ 5වන පන්දුවට හතරේ පහරක් එල්ල කිරීම සමඟ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා ලකුණු 4ක් අවශ්‍ය වුවද අන්ඩෙල් පිෂකොලොවා අවසන් පන්දුව ලකුණු නොදී යොමු කිරීම සමඟ දකුණු අප්‍රිකාවට ජය හිමි විය.


ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන සීකුගේ ප්‍රසන්න පුහුණු වීම් අතර තුර ආබාදයකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඔහුට එළබෙන සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලිය අහිමිව යාහැකි බව පැවසේ.
ප්‍රසන්නගේ තැනට තෝරා ගැනීම සඳහා තේරීම් කමිටුවේ අවධානය තවත් නවක ක්‍රීඩකයකු වෙත යොමුව තිබෙනවා. ඒ වනිදු හසරංගයි. මේ අනුව බොහෝ විට ප්‍රසන්න වෙනුවට හසරංග කණ්ඩායමට එක් වීමේ අවස්තාවක් ඇත.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වීම හේතුවෙන් නවක ක්‍රීඩකයකු අත්හදා බැලීමට මෙය අවස්තාවක් කර ගන්නවා නම් වැදගත් වේ.
හසරංග ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ අතර ඉන් පසුව ක්‍රිකට් ආයතනය චැම්පියන්ස් කුසලානය සඳහා සංචිතය තෝරා ගැනීමට පැවති එක්දින තරඟාවලියදීද කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.
තවමත් 19 වන වියේ සිටින මේ තරුණ ක්‍රීඩකයා මෙතෙක් සහභාගී වී ඇති තරඟ වලදී පිතිකරුවකු සහ පන්දු යවන්නකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා තිබෙන්නේ ක්‍රිකට් තරුවක් වන පෙරනිමිති පහල කරමිනි.

ගාලු දිස්ත්‍රික් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සහ දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලීන් හේවගේ මහතා අතර හමුවක් අද (23) ජනතා විමුක්ති පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පවත්වා ඇත.
එම හමුව සඳහා වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමව්පිය සංගමයේ නිලධාරීන් සහ වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාද සහභාගී වී තිබේ.
සයිටම් අර්බුදයේ වත්මන් තත්වය සහ සයිටම් විරෝධී සටන ජයග්‍රහණයෙන් කෙලවර කරගැනීට අවශ්‍ය බව එහිදී සාකච්ඡා වී තිබේ.
විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් පෙරේදා (22 දා) දිනයේ ආරම්භ කරන ලද වැඩ වර්ජනය ඊයේ (23 දා දිනයේදී) ක්‍රියාත්මක කෙරිණ. මේ හේතුවෙන් රෝහල්වල බාහිර රෝගී අංශ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවීය. මේ නිසා රෝගී ජනතාව ඊයේ (23 දා) දැඩි අසීරුතාවට පත් වූහ. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ බාහිර රෝගී අංශය දිස් වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වෙයි.
රටේ ජල සම්පතට වගකියන තනි ආයතනයක් නොමැතිවීම ජල කළමනාකරණයේදී බරපතළ ගැටලූවක් බවට පත්ව ඇති බව ජනාධිපතිතුමා පවසයි.භෞතික වශයෙන් අපේ භූමියට ලැබෙන ජල ප‍්‍රමාණය, අපේ රට මෙන් දස ගුණයක භූමියකට ප‍්‍රමාණවත් වුවද එය නිසි කළමනාකරණයකට ලක් නොවීම හේතුවෙන් ජල ගැටලූවලට මුහුණදීමට සිදුව තිබෙන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (23) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවති ‘සුපැන් ප‍්‍රජා අභිමානී සංසද සමුළුව’ අමතමිනි.
ශී‍්‍ර ලාංකීය ග‍්‍රාමීය ජනතාවගේ පිපාසය සංසිදුවන ප‍්‍රජා මූල සංවිධාන බලසතු කොට නියාමන යාන්ත‍්‍රණය සැකසීම, ජනගත කිරීම හා ඇගයීම වෙනුවෙන් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාතික ප‍්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජලයට තනි අයිතිකරුවෙක් නොමැතිවීම මෙන්ම සාමාන්‍ය ජනතාව සහ රාජ්‍ය නොවන ආයතන ජල කළමනාකරණය, සුරක්ෂිතතාවය සහ අරපිරිමැස්ම පිළිබද අඩු වගකීමකින් කටයුතු කිරීම ජල කළමනාකරණයේ මූලික ගැටලූ බවට පත්ව ඇති බවයි. ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම, ජල සුරක්ෂිතතාවය සහ, පාරිසරික සංරක්ෂණය පිළිබද සියලූදෙනා සිය වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
ප‍්‍රජා ජල සංවිධාන විසින් විශේෂ සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර එහි ඇති කරුණු අමාත්‍ය මණ්ඩලයට යෝජනා කර අවශ්‍ය ආයතනවල සහයෝගය ලබා ගනිමින් ඒවා ඉටුකිරීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා සදහන් කළේය.
පසුගියදා සිදුවූ ආපදා තත්ත්වයෙන් විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා කොලොන් ග්ලෝබල් කොරියන් ආයතනය මගින් රුපියල් මිලියන 02 ක චෙක්පතක් ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදීම ද මෙහිදී සිදු විය.
වකුගඩු රෝගය පවතින දිස්ති‍්‍රක්ක සදහා ප‍්‍රතිආශ‍්‍රැත උපකරණ 70 ක් ලබාදීම, යුනිසෙෆ් ආධාර යටතේ ජල ටැංකි 100 කට අධික ප‍්‍රමාණයක් ප‍්‍රජා ජල සංවිධාන වෙත ලබාදීම, ලෝක ජල දිනය නිමිත්තෙන් පැවති තරගවලින් ජයග‍්‍රහණය කළ අය සදහා ත්‍යාග සහ සහතික පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා සංකේතාත්මකව ඊට එක් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලිය මෙම මස 30 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක්දින තරඟයෙන් ආරම්භ වීමට නියමිතය.මෙම තරඟාවලියට සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ස්කොට්ලන්තය සමඟ සහ නෙදර්ලන්තය සමඟ එක්දින තරඟාවලි දෙකකට සහභාගී වීමෙන් අනතුරුවය.
සිම්බාබ්වේ කණ්ඩායම දක්වන දක්ෂතා මේ වන විට තරමක පසුබෑමක සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අනතුරු ඇඟවීමට සමත් වී ඇති අතර,නෙදර්ලන්තය සමඟ තරඟාවලිය තරඟයක් ඉතිරිව තිබියදී ජයගැනීමට සිම්බබ්වේ කණ්ඩායම සමත් වී ඇත.
තරඟාවලියේ පළමු තරඟයේ සිම්බාබ්වේ වේගපන්දු යවන ක්‍රීඩක චාතුර්යා කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර දෙවන තරඟයේ නෙදර්ලන්තය ලබාගත් ලකුණු 291 හඹාගිය සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු හයකින් තරඟාවලිය ජයගැනීමට සමත් වුනේ වර්ෂාව නිසා ඉලක්කය පන්දුවාර 37 කදී ලකුණු 230 කිරීමෙන් අනතුරුවය.
මෙම තරඟයේ සුපිරි පිතිහරඹයක නිරත වූ සොලමන් මීරා සහ ක්‍රෙග් අර්වින් අර්ධ ශතක ලබාගැනීමට සමත් විය.ශ්‍රී ලංකාවට එන ආසන්නම ප්‍රතිවාදීන්ගේ ආසන්නම දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මේ වන විටත් හොඳ අවබෝදයකින් සිටීනම් සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය පහසු එකක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ලෝක කුසලානය දිනාගන්නා අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පුහුණු කරු ලෙසින් කටයුතු කල ඩේව් වට්මෝර්, කුම්බ්ලේ කෝලි ගැටුම පිළිබඳව අදහස් දක්වා ඇත.
වට්මෝර් විරාත් කෝලි ගැන හොඳ අවබෝදයක් ඇති පුද්ගලයෙකු වන්නේ කෝලි 19 න් පහළ කණ්ඩායමට නායකත්වය දෙමින් ලෝක කුසලානය ඉන්දියාවට ලබාදෙන විට ඉන්දීය 19 පහල කණ්ඩායම පුහුණු කලේ වට්මෝර් වීම නිසාය.
වට්මෝර් පවසන්නේ කුම්බ්ලේ සහ කෝලි එකම ජාතියේ බඩු දෙකක් බවයි.දෙදෙනාම තමන්ගේ මතයේ දැඩිව සිටින පුද්ගලයන් දෙදෙනෙකු බව වට්මෝර් පවසා ඇත.
“ඇත්තටම ඒ ප්‍රශ්නය ටිකක් අසාමාන්‍ය දෙයක්,මට පේන විදියට මේ දෙන්න අතර වැරදි වැටහීමක් වගේම හොඳ සන්නිවේදනයක් නැති එක තමයි ප්‍රශ්නේ.මේ වගේ ප්‍රශ්න වලින් ක්‍රීඩකයන් ට වත් පුහුණු කරුවටවත් වාසියක් වෙන්නේ නෑ,අනික මේ වගේ ප්‍රශ්නයකට මේ තරම් ප්‍රසිද්දියක් ලැබෙන එක ඒ තරම් හොඳ දෙයකුත් නෙවෙයි.”
“කුම්බ්ලේ කියන්නේ ගොඩක් දුරට තමන්ගේ මතයේ දැඩිව ඉන්න කෙනෙක් කොලිත් ඒ වගේම තමයි,මම කොලිගේ හැටි හොඳට දන්නවා මොකද කෝලි 19 පහල නායකත්වය දරද්දී මම තමයි පුහුණු කරු,ඒ විදියට දැඩි මත දාරියෝ ඉන්නවා එයාල එක්ක වැඩ කරන්නත් ක්‍රමයක් තියනවා ඒක තේරුම් අරගෙන වැඩ කරනවානම් ඇත්තටම මේ ප්‍රශ්න එන්නේ නෑ.කෝලි කියන්නේ හරි කෙලින් මිනිහෙක් ඒ වගේ කෙනෙක් එක්ක වැඩ කරන එක අමාරු දෙයක් නෙවෙයි.”
ඇත්තටම පුහුණුකරුවකු ලෙස ක්‍රීඩකයන් සමඟ ගනදෙනු කල යුතු ආකාරයද මෙම ප්‍රවීණ පුහුණු කරුවා පැහැදිලි කර ඇත.
“හැම වෙලාවකම හොඳ පුහුණු කරුවා හොඳ නායකයෙක් වගේම හොඳ කළමනාකරුවෙක් වෙන්න ඕන.විවේකාගාරය හරි සුහදශීලී තැනක් කරන්න ඕන.කණ්ඩායම ඇතුලේ හැම කෙනාටම තමන්ගේ අදහස් කියන්න පුළුවන් පරිසරයක් හදන එකත් පුහුනුකරුවගේ වගකීමක් වෙන්න ඕන.”
ඉන්දීය කණ්ඩායමේ පුහුණු කරුවා වීමට වට්මොර්ගේ කැමැත්තක් නැති නිසා ඔහු එම තනතුරට ඉල්ලුම් කලේ නැති බවත් එම තනතුරට රවී ශාස්ත්‍රී සුදුසුම පුද්ගලයා බවත් වට්මෝර් වැඩි දුරටත් පවසා ඇත.
ලේක් හවුස් ආය්තනයේ සභාපති ඇමැති සාගල රත්නායකගේ සොහොයුරා වන කාවන්තිස්ස රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැතිවරයා දැනුම් දී තිබුණද ඔහු ඉන් ඉවත් නොවෙන්නට තීරණය කර ඇති බව දැන ගැනීමට තිබේ. ජනමාධය ඇමැතිවරයා ලෙස මංගල සමරවීර මහතා පත් වීමෙන් අනතුරුව රජයේ මාධ්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබු අතර ඒ අනුව එම ඉල්ලා අස්වීම් සිදුව තිබිණි.නමුත් රත්නායක මහතා ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත.
මේ හේතුව නිසා ලේක්හවුස් ආයත්නය තුල ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අපේක්ෂා කරන වෙනස්කම් සිදු කිරීම හැකියාවක් නොමැති බව වාර්තා වේ. මංගල සමරවීර මහතා විසින් ලේක් හවුස් හී නව සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා හා නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට තීරණය කර තිබේ.
විවිධ චෝදනාවන් කිහිපයකටම ලක්ව හා අකාර්යක්ෂමභාවය නිසා කාවන් රත්නායක මහතා හා එම අධ්‍යක්ෂ මණ්ඩලය සම්බන්ධයෙන් පසුගිය කාලයෙහි පැමිණිලි ගනනාවක් ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට එම ආයතන සේවක සේවිකාවන් කටයුතු කර තිබුණු බවත් වාර්තා වී තිබු අතර ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක්ද පත් කර තිබිණි. එම කමිටු වාර්තාවෙන්ද ආයතනයේ දෝෂ ගනනාවක් හඳුනාගෙන තිබිනි. ඒ අනුව සැක සහිත මුල්‍ය ගනු දෙනු කිහිපයක් සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් කිරීමට ජනාධිපති විමර්ශන අංශය සුදානමක සිටින බවද වාර්තාවේ.
කෙසේ නමුත් කාවන් රත්නායක ඇතුළු එම අධ්‍යක්ෂ මණ්ඩලය තුල වන ඇන කොටා ගැනිම් හේතුවෙන් ඔවුන් මාස ගනනාවකින් රැස්වී නැති බවත් රත්නායක මහතා විසින් හිතු මතේ තීන්දු ගෙන කටයුතු කරමින් සිටින් බවත් ලෙක්හවුස් සේවකයන් පෙන්වා දෙයි.
මේ වන විටත් කාවන් රත්නායක විසින් තමන්ට හිතවත් පුද්ගලයන් රැසකට ආයතනය තුල උසස් වීම් ප්‍රදානය කරමින් සිටින බවද එම සේවක සේවිකාවන් සඳහන් කරයි. එහෙත් එහිදී නිසි සුදුසුකම් රහිත පුද්ගලයන් කිහිප දෙනෙකුටම නව තනතුරු ලබා දී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.