Blog

  • වැඩ්ඩො වැඩ පෙන්වයි. නිකමෝ දොඩවයි…ලොතරැයි මණ්ඩලයේ අදායම ඉලක්ක ගත ආදායමට වඩා ඉදිරියෙන්

    හිටපු මුදල් අමාත්‍ය සහ වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා යටතට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය පවරාදීමට එරෙහිව දැඩි විවේචන එල්ල වූ අතර එම අභියෝග ජයගනිමින් ඊට එරෙහිව අමාත්‍ය රවි කරුණානායක මහතා තම හැකියාව සහ දක්ෂතාවය තුළින් ඉලක්ක ගත වර්ධනයට වඩා වැඩි වාර්තාගත වර්ධනයක් ගත වූ සීමාව තුළ පෙන්නුම් කර ඇත. 

    සංවර්ධන ලොකරැයි මණ්ඩලයේ ආදායම ඉලක්ක ගත ආදායමට වඩා මේ වන විට 4%ක් ඉදිරියෙන් සිටින බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. එය අවුරුද්ද අවසානයේ 12% ක් වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශය යටතේ තිබියදීත් එහි ආදායම ගියේ මහා භාණ්ඩාගාරයට නොවන බවත් 50% බැගින් ජනාධිපති අරමුදලට සහ මහපොළ ශිෂ්‍යත්වයට බවද රොමේෂ් ජයවර්ධන මහතා පවසයි.

    [rns_reactions]

  • ශ්‍රී ලංකා ක්‍රිකට් සුක්කානම මහේලට! මෙන්න හේතුව(EXCLUSIVE)

    මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

    වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා ගොස් ඇති බවයි අප වෙත වාර්තා වුණේ.

    ඔහුගේ හදිසි නික්ම යාමත් සමග  ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින්.

    මහේල ජයවර්ධන මෙවර අයි පී එල් තරගාවලියේ ශූරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරුද වනවා.

    ග්‍රැහැම් ෆෝර්ඩ් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර ඉකුත් සමයේ මතභේදතාත්මක තත්වයක් උද්ගත වී තිබූ බවද අප වෙත වාර්තා වුණා.

    කෙසේ වෙතත් මහේල ජයවර්ධන සමග කෙරෙන සාකච්ඡාවලින් පසු ඒ පිළිබද අවසන් තීරණයකට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළැඹෙනු ඇති.

    මෙම සාකච්ඡා තවදුරටත් දීර්ඝ වුවහොත් එළැඹෙන සිම්බාබ්වේ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ කටයුතු කරනු ඇතැයිද අප වෙත වැඩිදුරටත් වාර්තා වුණා.

    [rns_reactions]

  • නිදහස් අදහස් කියූ මාලිංගට එරෙහිව විනය පියවර ගැනීමේ සුදානමක්…

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික ගිවිසුම් අත්සන් කර ඇති ක්‍රීඩකයන්ට හිතුමතේ මාධ්‍යට ප්‍රකාශ නිකුත් කළ නොහැකි බව ක්‍රිකට් ආයතනය පවසනවා.

    එහි උප සභාපති කේ. මතිවානන් පැවසුවේ මාධ්‍යයට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඉදිරියේදී කරුණු විමසීමක් සිදුකරනු ඇති බවයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් මේ වන විට සිටින්නේ විදෙස් ගතවයි.

    ඔවුන් දිවයිනට පැමිනීමෙන් මාලිංගගෙන් කරුණු විමසීමක් සිදුකරනු ඇති.

    මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කැදවීමක් කර ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    එහෙත් තමන් තවමත් එවැනි දෙයක් පිළිබදව නොදන්නා බව කේ. මතිවානන් මහතා සඳහන් කළා.

    ක්‍රිකට් බලධාරීන් විවේචනය කරමින් ලසිත් මාලිංග මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත්කර තිබුණා.

    [rns_reactions]

  • රියදුරු සහායකයන් නැතැත් කෝච්චි දුවයි

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරු සහායක සංගමය විසින් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතත් දුම්රිය ධාවනයට ඉන් කිසිදු බලපෑමක් සිදුවී නැතැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් අප  වෙත කීය.
    මේ වන විට සියළුම මගී දුම්රිය සේම ඉන්ධන ප්‍රවාහන දුම්රිය සේවාද ක්‍රියාත්මක වන අතර සේවයෙන් බැහැරව සිටින එන්ජින් රියදුරු සහායකයන් වෙනුවට පුහුණු වන එන්ජින් රියදුරන්, දුම්රිය ධාවනාගාර කම්කරුවන් සහ දුම්රිය ආරක්ෂක සේවා නිලධාරීන් රියදුරු සහායක රාජකාරි සඳහා අනුයුක්ත කොට ඇතැයි ඒම ප්‍රකාශකයා කීය.
    [rns_reactions]

  • අවසන් තරගයේ ඉන්දියාවේ පරාජයට ක්‍රීඩක හරිබජන් හේතු කියයි…

    චැම්පියන්ස් කුසලානයට යන සංචිතය නම් කිරීමට පෙර ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජන් සිං මාද්‍ය වෙත පවසා තිබුනේ චැම්පියන්ස් කුසලානයට ක්‍රීඩා කිරීමේ අවසථාවක් ලැබෙන තුරු තමා බලාසිටින බවයි.නමුත් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට හර්බජන්ට අවස්ථාවක් ලැබුනේ නැත.

    දැන් චැම්පියන්ස් කුසලානය පරාජයට පත්වී සිටින අවස්ථාවේ හර්බජන් නැවතත් මාද්‍ය වෙත වාර්ථාවක් ඉදිරිපත් කර ඇත.එහිදී ඔහු පරාජයේ වගකීම ඉන්දීය පන්දු යවන්නන් වෙත බාර කර ඇත.

    “තරඟාවලිය පුරාම අපි හොඳටම කලා.අපි පැරදුනේ ලංකාවට විතරයි.අපේ කණ්ඩායම පරාජය කරන්න ලේසි නෑ.විශේෂයෙන්ම අපේ පිතිකරණය තරඟවලියේ හොඳටම තිබුනා.”

    “කවුරුත් හිතුවේ නෑ,බංගලාදේශය අර්ධ අවසන් පුර්ව තරඟ වෙනකන් එයි කියල,අපි ලේසියෙන්ම එයාල පරාජය කරලා අන්තිම තරඟයට ආව හැබැයි අවාසනාවන්ත විදියට අන්තිම තරඟය පරදින්න වුනා.’

    “අපි අන්තිම තරඟය පරදිද්දී ආරම්භක පන්දු යවන්නන් ගෙන් අපිට ඕන දේ වුනෙත් නෑ.අනික මැද පන්දුවාර වල අපි දීපු ලකුණු ගොඩක්ම වැඩියි,ඒ පන්දුවාර යවපු අය හොඳට කලේම නෑ.ලකුණු 339 ක් ලබාදුන්නම අන්තිම තරඟයක තියන පීඩනය එක්ක තරඟයක් දිනන්න පිතිකරුවන්ට ලේසි වෙන්නේ නෑ.”

    [rns_reactions]

  • පුහුණුකාර කුම්බ්ලේ නායක කෝලි ගැටුමෙන් නායක කෝලි ජයගනී…

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ අළු යට ගිනි පුපුරු නංවමින් තිබු නායක කෝලි සහ ප්‍රදාන පුහුණුකරු අනිල් කුම්බ්ලේ ගැටුමේ ප්‍රතිපලයක් ලෙස,ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට ඉන්දීය හිටපු දග පන්දු ක්‍රීඩක අනිල් කුම්බ්ලේ තීරණය කොට තිබෙනවා.

    මෙයට හේතුව වී ඇත්තේ ඔහු විසින් පනවන නීති වලට ඉන්දීය නායක විරාත් කෝලි දැඩි ලෙස විරුද්ධ වීමත් සමගය.

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම චැම්පියන්ස් කුසලාන ගමන ආරම්භ කලේ අර්බුද ගණනාවක් මැද අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවයි.

    කෙසේ නමුත් චැම්පියන්ස් කුසලානය ආරම්භ වන මොහොත වන විටත් ඉන්දීය කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් උපරිමයට පත්ව තිබුණි.

    මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය ප්‍රධාන පුහුණු කරු අනිල් කුම්බ්ලේගේ ක්‍රියා කලාපය බවයි වාර්තා වුයේ.

    අනිල් කුම්බ්ලේ පනවන දැඩි නීති නිසා නායක කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසතුටෙන් සිටින බවට වාර්තා පලවුනු අතර කෝලි ,දෝනි වැනි ඉහල ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇති ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් පාසලක විදුහල්පති වරයෙකු සිසූන් පාලනය කරන ලෙසින් කුම්බ්ලේ පාලනය කිරීමට යාම නිසා මේ අර්බුදය ඇතිවී තිබුනා.

    කෙසේ වෙතත් කුම්බ්ලේ පුහුණුකරු ලෙස පත්වූ දා සිට ඉන්දියාව ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නායක කෝලි පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයේ හේතුව එක පුද්ගලයකු නිසා සිදු නොවන බවත් එය සමස්ත කණ්ඩායමේම කැපවීම නිසා ලබාගත් දෙයක් බවත්ය.

    මේ අතර ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූ තනතුර සඳහා හිටපු ටෙස්ට් ක්‍රීඩක විරේන්ද්‍ර ෂෙවාග් අයඳුම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

    ඒ අනුව නව පුහුණුකාරධුරය  ටොම් මූඩි, රිචඩ් පේබස්, ඩොඩා ගනේෂ්, ලාල්චන්ද් රාජ්පුත් යන අයද නාමයෝජනා ලබාදි ඇති බව වාර්තා වනවා.

    සචින් ටෙන්ඩුල්කාර්, සව්රොව් ගංගුලි සහ වීවී එස් ලක්ෂ්මන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් මඟින් නව පුහුණුකරු කවුරුන්ද යන්න තීරණය කිරිමට නියමිතයි.

    [rns_reactions]

  • තුවාල ලැබූ STF සෙබළුන්ට ප්‍රතිකාර නොකළ අමුතු පන්නයේ නොමිනිසුන් ගැන පුවතක් කරලියට..

    සයිටම් විරෝධි සිසුන්ට ඊයේ (21) එල්ල වූ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ සිසුන් 70 දෙනෙකු පමණ තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.

    පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ද මෙහිදී තුවාල ලැබුවා. තුවාල ලැබූ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තිදෙනෙකුට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඔවුන් පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බවයි  අප  වෙත වාර්තා වුණේ.

    මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ප‍්‍රධානී නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්ගෙන් කළ විමසීමක දී ඔහු ඒ බව තහවුරු කරනු ලැබුවා.

    කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ එවැනි කිසිදු සිදුවීමක් තමන් වෙත වාර්තා නොවූ බවයි. 

    තුවාල ලැබූ විශේෂ කාර්ය බලකා නිලධාරීන් තිදෙනාට වෛද්‍යවරුන් නිසි ප‍්‍රතිකාර සිදු නොකිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ද විමසීමක් කළා.

    ඊට ප‍්‍රතිචාර දැක්වූ එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ වෛද්‍යවරයෙකුට සෑම රෝගියෙක්ම එක සමාන බවයි

    [rns_reactions]

  • අධ්‍යාපන අයිතිය ඉල්ලු සරසවි සිසුන්ට පොලිසියෙන් කුරිරු ප්‍රහාරයක්… නොදුටු දසුන් මෙන්න…

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාව විසිරුවා හැරීමේදී තුවාල ලැබූ 87 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රොහල් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

    ඒ අතර පොලිසියේ පස් දෙනෙක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

    රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවද සඳහන්.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව  සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටිමින් විරෝධතා දැක්වූවා. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.

    https://www.facebook.com/media/set/?set=a.1021510701322711.1073742133.739746236165827&type=3

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021378101335971

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021344231339358/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021316954675419/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/videos/1021299588010489/

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021279648012483

    https://www.facebook.com/MAHAWEDAMAHATHTHAYA/posts/1021218378018610

    [rns_reactions]

  • වර්ගීකරණය අනුව ශ‍්‍රී ලංකන් ගුවන් සේවය තවත් පසුපසට

    ජාත්‍යන්තර Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව 2017 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවය 81 වන ස්ථානයට පත්වී තිබෙනවා.

    වාර්ෂිකව පවත්වන මෙම වර්ගීකරණයේ පළමු ස්ථානය හිමිව ඇත්තේ කටාර් එයාර්වේස් ගුවන් සේවයටයි.

    සිංගප්පූරු ගුවන් සේවය දෙවන ස්ථානයට පත්ව ඇති අතර තෙවන ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ‘‘ ජැපෑන්  ඕල් නිපොන් ’’ ගුවන් සේවයයි. 

    Skytrax ගුවන්සේවා වර්ගීකරණය අනුව ඉකුත් වසරේ දී ශ‍්‍රී ලංකාවට හිමිව තිබුණේ 67 වන ස්ථානයයි. 2015 වසරේ දී ශ‍්‍රී ලංකාව 73 වන ස්ථානයේ පසු වුණා. කෙසේවෙතත් 2013 වසරේදී ශ්‍රී ලංකාව මෙ වර්ගීකරණය අනුව පැවැතියේ 68 වැනි ස්ථානයේයි.

    මෙම වර්ගීකරණයන් සඳහා ගුවන් සේවාවේ නම්‍යශීලිත්වය, පහසුකම්, ආරක්ෂාව, ගාස්තු අයකිරීම්, භාෂා භාවිතය වැනි කරුණු රැසක් පිළිබඳව අවධානයට ගනු ලබනවා.

    Skytrax ආයතනය 1989 වසරේ පිහිටුවා ඇති අතර එය බ්‍රිතාන්‍ය මූලික කරගනිමින් ක්‍රියාත්මක වෙනවා. ලොව හොඳම ගුවන් තොටුපළවල් පිළිබඳවද මෙම ආයතනය විසින් වර්ගීකරණය කරනු ලබනවා. 

    [rns_reactions]