Blog

  • මහේල යලිත් ලකුණු අතරට… සුපිරි ශතකයක්…

    https://www.facebook.com/1691057367588763/videos/1784595298234969/

    [rns_reactions]

  • ඇමති දයාසිරිට ධනුෂ්ක ගුණතිලකගෙනුත් පිළිතුරක්…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස්  සිය පෞද්ගලික ඉන්ස්ටාග්‍රැම් ගිණුමට එක් කළ විඩීයෝවක් ඊයේ දිනයේදී  කතාබහට ලක්වුණා.

    එහි දැක්වුනේ ඇන්ජලො මැතිවුස් ව්‍යායාම කරන අයුරුයි.

    අදාළ විඩි‍යෝවට පෙරවදනක් එක්කොට තිබෙන මැතිවුස් පවසා තිබුනේ ලොව කු‍රිරු විය හැකි බවත් නමුත් තමන්ට අවශ්‍ය ජයග්‍රහණය ලබා ගැනීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත්ය. එමනිසා මහන්සි වී සිය සිහින සැබැ කර ගැනීමට උත්සාහ කරන ලෙසත් එහි සඳහන් වුණා.

    මේ අතර ශ්‍රීලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකද මේ වන විට සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා වීඩියෝවක් සහ ඡායාරූපයක් පලකොට ඇති අතර ඔහු ව්‍යායාම් වල නිරත වන අයුරු එහි දැක්වෙනවා.

    පසුගිය දිනෙක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශරීර සුවතාවය සහ උදරය ගැන විවේචනාත්මක ප්‍රකාශයක් කළ අතර මැතිව්ස් සහ ගුණතිලක පලකොට ඇති මෙම වීඩියෝ ක්‍රීඩා ඇමතිට ලබාදුන් පිළිබතුරක් විය හැකි බව බොහෝ දෙනා අදහස් පල කරනවා.

    [rns_reactions]

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ෆිට්නස් ටෙස්ට් එකෙන් එක සහ දෙක දැක්කොත් ඔබ පුදුම වෙයි.

    ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ඔවුන් කනස්සල්ලට පත් කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ඉවත් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක් වෙනවා.

    එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වී ඇති ප්‍රබල චෝදනාවක් වන්නේ ඔවුන්ගේ ශාරීරික යෝජ්‍යතාවය පිළිබඳවයි.

    මේ අනුව කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂා කර බැලීමේ ඉසව්වක් ඊයේ පුහුණුවීම් අතර තුර පැවැතුණා.

    එහිදී සියලු දෙනා පුදුම කරමින් පළමු සහ දෙවන ස්ථාන හිමි කර ගත්තේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් දෙපලක්.

    මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ද සිය අදහස් පළ කර තිබුණා.

    (එම වාර්තා පහතින් දැක්වෙයි)







    [rns_reactions]
  • රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට උදේ 8.00 සිට වැඩ වරති..

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩවර්ජනයකට සුදානම්ව සිටි.

    හෙට(22) දහවල් පැවතෙන මධ්‍යමකාරකසභා රැස්වීමෙන් පසුව දින නියමයක් රහිතව අකන්ඩ වැඩ වර්ජනයක් දක්වා  යන බවට වැඩි දුරටත් සඳහන් කර සිටියා. ඒ අද(21) විශ්වවිද්‍යාල සිසුන් හට  පහර දීම මුල්කරගෙනයි.

    [rns_reactions]

  • සුසන්තිකාගෙන් ඇනගත් දයාසිරිට රිලව් කතාවකින් මාලින්ග පිළිතුරු දෙයි.

    පසුගිය දවසක ඔයාලට මතක ඇති, අපේ ක්‍රීඩා ඇමති විදිහට කටයුතු කරන දයාසිරි ජයසේකරා කිව්වා, ලංකාවේ කොල්ලෝ ටික මැච් පරදින්න හේතුව ඔවුන්ට නිසි වියායම් නොලැබීම හා බද වැඩිවීම හේතුවෙන් බවයි. ඔහු මෙයට විසඳුමක් වශයෙන් පැවසුවේ අපේ ජාතික පිලේ ක්‍රීඩකයන්ට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවයි. හැබැයි මේ පිළිබඳව මාලිංගගේන් අසු විට ඔහු දැක්වුයේ මෙවන් අදහසක්,

    ” දැන් යුද්ධ කාලේ ඉවරයි, දැන් ඉතින් ඇත්තටම ආමි එකට යන්න අවශ්‍යතාවයක් නෑ කාටවත්. ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොකක්ද කියන එක. ගිරවා තමයි බෙනේ හදා ගන්නේ. ගිරවට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒකට රිලව් රිංගලා ඒ ගැන උත්තර දෙන්න ගියහම වෙන වෙන වැරදි වෙන්න පුළුවන්. අපි ඉන්දියාවට එරහි තරඟය දිනුවා, එතකොට අපි ඔක්කොම හොඳයි, ඔක්කොම ෆිට්. මැච් එකක් පැරදුනහම ඔක්කොම ෆිට් නැහැ ”

    [rns_reactions]

  • පළමු තරඟයේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට ලකුණු 53 ක පරාජයක්..

    නේපාලයේ පැවැත්වෙන අල්ටිමේට් ස්පෝර්ට්ස් මැනේජ්මන්ට් ආයතනය සංවිධාණය කරන ඒෂියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ   ශ්‍රී ලංකා ලයන් කණ්ඩායම සහ ඉන්දියා ස්ටාර් කණ්ඩායම් අතර  තරඟය     ලකුණු 53 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමත් වී ඇත.

    තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම තම පන්දුවාර 20 තුල 154-7 ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ඉන්දියා ස්ටාර්   කණ්ඩායමට ලබාගැනීමට හැකිවී ඇත්තේ පන්දුවාර 15 ක්  තුල සියලුදෙනා දැවී   ලකුණු 101ක් පමණි.

    ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් Samarakkody ලකුණු  59 පන්දු   44 තුල ලබාගත් අතර   Vishva Gayashan (33) සහ  Dinesh Nakrani (30) බැගින් ලබාගැනීමට සමත් විය.

    ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ Amar Karanwal පන්දු 19ක් තුල ලකුණු 20 ක් ලැබීමට සමත් විය.තරඟයේ වීරයා බවට පත්වූ සමරක්කොඩි ඉන්දීය කඩුලු 3ක් ලකුණු 15 කට  බිඳ දැමීමට සමත් විය.

    තරඟාවලියේ ඊයේ පවතී අනෙක් තරඟයේ ජය ඇෆ්ගන් බුල්ස් කන්ඩායම ලකුණු 3කින් පරාජය කල බංගලි ටයිගර් කණ්ඩායමට හිමි විය.

    [rns_reactions]

  • අසාර්ථක යුවරාජ් සහ දෝණි නිසා ඉන්දියාවට ප්‍රශ්නයක්…

    චැම්පියන්ස් කුසලාන තරඟාවලිය අවසානය සමඟ අනුශූරථාවය දිනු ඉන්දීය කණ්ඩායම කොදෙව් දේශයේ සංචාරය කරන අතර චැම්පියන්ස් කුසලානයට සහභාගී වූ ඉන්දීය සංචිතයෙන් වෙනස් වී තිබෙන්නේ රෝහිත් ශර්මාගේ ස්ථානය රිශාබ් පාන්ට් ලබාගැනීම සහ ජශ්පිට් බුම්රගේ තැනට කුල්දීප් යාදව් කැඳවීමයි.

    චැම්පියන්ස් කුසලානයට සහභාගී වූ ඉන්දීය කණ්ඩායම සෑම තරඟයකම පාහේ තම පිතිකරුවන් 7 දෙනෙකු සහ පන්දු යවන්නන් හතර දෙනෙකු සමඟ ක්‍රීඩා කරන ආකාරය අපට දක්නට ලැබිණි.මෙලෙස ඉන්දීය නායකයා වැඩිපුර පිතිකරුවෙකු තරඟ සඳහා යොදා ගැනීමට හේතුව ලෙස ක්‍රීඩා විචාරකයන් පවසන්නේ ඉන්දීය පිතිකරණ ලයිස්තුවේ අංක 4 සහ 5 පිතිකරුවන් දෙදෙනා ගැන කණ්ඩායම තුල විශ්වාසයක් නොමැති වීමයි.

    ඉන්දීය කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් ලෙස ධවාන්,රෝහිත් සහ කෝලි දක්ෂතා දැක්වුවද අංක 4 සහ පහ ස්ථානවල ක්‍රීඩා කරන කණ්ඩායමේ ප්‍රවීනම ක්‍රීඩකයන් දෙදෙනා වන යුවරාජ් සිං සහ MS දෝණි ගේ දක්ෂතා වල පැහැදිලි පහල වැටීමක් දක්නට ලැබීම ඉන්දියාවේ සෙසු පිතිකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

    එංගලන්ත තරඟාවලියේ ඉහල දක්ෂතා දැක්වූ කෙදාර් යදව් පිතිකරණ අනුපිලිවලේ පසුපසට යැවීමද ප්‍රවීණ ඉන්දීය ක්‍රීඩකයන් වන රාහුල් ද්‍රාවිඩ් සහ අජිත් අගාකාර් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බවද වාර්තා වේ.

    2019 ලෝක කුසලානය කරා කණ්ඩායම යන ගමනට යුවරාජ්ගේ සහ දෝණිගේ පිතිකරණ ස්ථාන දැඩිව බලපාන නිසා,දැන් වයස 37 පසු කර තිබෙන මෙම ක්‍රීඩකයන් දෙදෙනා ගැන ඔවුන් තීරණයක් ගන්නට පෙර ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණයක් ගත යුතු බව ද්‍රාවිඩ්ගේ මතයයි.

    මොවුන් දෙදෙනාට අමතරව රවීන්ද්‍ර ජඩේජා සහ රවිචන්ද්‍රන් අශ්වින් දෙදෙනාම ඇඟිලි උපයෝගී කරගෙන දඟ පන්දු යවන ක්‍රීඩකයන් වීම නිසා තරඟයේ පන්දුවාර 20-40 අතර පන්දුවාර වල ඔවුන් ප්‍රහාරයකට ලක් වීමේ හැකියාව ගැනද සකලා බැලීමෙන් අනතුරුව කුල්දීප් යාදව්ට වැඩි අවසථාවක් හිමිවිය යුතු බවද ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයන්ගේ මතයයි.

    [rns_reactions]

  • සරසවි සිසුන් අදත් මහ පාරේ… සෞඛ්‍ය අමාත්‍යංශයට දැඩි හානී….

    සෞඛ්‍ය අමාත්‍යංශයේ සුවසිරිපාය ගොඩනැගිල්ලේ මහල් 04ම අත්පත් කරගෙන සිටි සරසවි සිසුන්  ගොඩනැගිල්ල පුරා සිය සටන් පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ අතර එම කටයුතු නිසා අමාත්‍යංශයට දැඩි හානී සිදුව ඇත.

    සරසවි සිසුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ ඇති විවිධ පුවරු හා දැන්වීම් ගලවා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවද ඒවා ගිනි තබා විනාශ කිරීමද සිදු කරන බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (21) මෙම විරෝධතා පාගමන සංවිධානය කළේ සයිටම් ආයතනයට විරෝධය පාමින්.

    කෙසේවෙතත් මේ වන විට සරසවි සිසුන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක්ද සිදු වෙමින් තිබෙනවා.

    [rns_reactions]

  • නාමල් උඩුගම – දුලාජ් ධනුෂ්ක ගැටුමේ අලුත්ම තත්වය මෙන්න…

    ජනප්‍රිය ගායක නාමල් උඩුගම විසින් ගායනා කරන ලද “අප හමුවීම” නම් ගීතයේ නැවත ගායනා කරමින් නිර්මාණය කල හේතුවෙන් නාමල් සහ දුලාජ් ධනුෂ්ක නමැති තරුණ ගායකයා අතර ගැටුමක් නිර්මාණය වී ඇති බව වාර්තා වී තිබේ.

    සිය නිර්මාණ කිසිදු අවසරයකින් තොරව ගායනා කිරීම පිළිබඳව නාමල් උඩුගම විසින් මෙම තරුණ ගායකයාට අවස්ථා කිහිපයකදී දෝශාරෝපනය කර තිබේ.

    ෆේස්බුක් හරහා පණිවිඩයක් එවමින් නාමල් උඩුගම විසින් එම ගීතය සියලු සමාජජාල මාධ්‍යයන්ගෙන් ඉවත් කරන ලෙසත් එසේ නොවුනහොත් නඩු පවරන බවටත් ප්‍රකාශ කල අයුරු දුලාජ් ධනුෂ්ක විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබේ.

    නාමල් උඩුගම අසනීපව රෝහල්ගත කර සිටි සමයේදී දුලාජ් ධනුෂ්ක විසින් කිසිදු අයකිරීමකින් තොරව ගීත ගායනා කොට ඒ මුදල් නාමල්ට ලබාදුන් බවටද ඔහු ප්‍රකාශ කර ඇත.

     

    [rns_reactions]

  • හාර කෝටිය 120වන දිගහැරුම මෙන්න….

    https://www.youtube.com/watch?v=HSNhxtcsLlg

    https://www.youtube.com/watch?v=Eu_5p_mJ68Y

    https://www.youtube.com/watch?v=Wvsw_v5Hfbc

    [rns_reactions]

  • ඥානසාර හිමිට යළිත් ඇප – පොලිසියට බැණුම්

    අත්අඩංගුවට පත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් වෙත ඇප ලබා දී තිබෙනවා.

    කොළඹ අතිරේක මසේත්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් සඳහා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මතයි.පොලිසිය ඇප දීමට විරුද්ධ නොවූ අතර මෙහිදී පොලිසිය සම්බන්ධයෙන් කණගාටු වෙන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ.ඒ ඥාණසාර හිමි සම්බන්ධයෙන් බී වාර්තාවෙන් පොලිසිය දැඩි චෝදනා එල්ල කර තිබියදී ඇප ලබා දීමට විරුද්ධ නොවීම සම්බන්ධයෙන්. අද (21) දහවල් ප්‍රකාශයක් ලබාදීම සඳහා සංවිධානාත්මක අපරාධ මැඩලීමේ ඒකකයට ගිය අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මෙලෙස අත්අඩංගුවට පත් වුණා.

    [rns_reactions]

  • පොලිසියේ පොත් වල සටහන් තබා අවලම් ගමනක් ගිය පොලිස් සැරයන්ට වැඩ වරදී…

    කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකුට එම කාන්තාව පොල්ලකින් පහරදී ඇති අතර බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

    දැනට ඔහු පොලිස් ආරක්ෂාව සහිතව ප‍්‍රතිකාර ලබයි.සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

    කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේය.

    හදගල රලපනාවේ කාන්තාවක පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී ඇත. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා තිබේ.

    ඉන්පසුව එම කාන්තාවගේ නිවසට අද (21) ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර ඇත.
    සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.

    පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

    තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දන්වා තිබේ.

    පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත් හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතාගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි  විජිත් අල්විස් මහතා කටයුතු කර තිබේ.

    රාජකාරියකට යන බවට පොලිසියේ පොත් වල සටහන් තබා මෙම සැරයන්වරයා  පොලිසියෙන් පිටව ගොස් ඇත්තේ නිල ඇදුමින් බව මූලික විමර්ශනවලදි හෙළි වී ඇතැයි කියැවේ.

    [rns_reactions]