Blog

  • අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට එරෙහිව එජාපයෙන් චන්ඩි පාට්…

    අගුණකොළපැලැස්ස ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නව බන්ධනාගාරය විවෘත කිරීමට ඉඩ ලබානොදෙන බව රාජ්‍ය  අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ මෙම බන්ධනාගාරය ස්ථාපිත කිරීම තුළින් තංගල්ල ප්‍රදේශයේ ජනතාව ගැටළු රැසකට මුහුණ දෙනු ඇති බවය.

    එහිදී අමත්‍යවරයා වැඩිදුරටත් දැක්වූයේ මෙවන් අදහසක්,

    පසුගිය රජය මගින් මිලියන 7000 ක පමණ වියදමින් ඉදිකර ඇති මෙම හිර ගෙදර රැදවියන් 4000 කට අධික ප්‍රමාණයක් රැදවිය හැකි මෙම බන්ධනා ගාර පරිශ්‍රය තුළ නේවාසිකා ගාරයක් , මුරකරු බැරැක්ක 30 ක් 200 කට එකවර භාවිතා කළ හැකි ආපන ශාලාවක් , ක්‍රීඩාංගනයක් ,පිහිනුම් තටාකයක් , රැදවියන්ට සිටිය හැකි ශාලා පහක් , අංග සම්පුර්න තට්ටුදෙකේ රෝහලක් , ඇතුළු තවත් විශාල පහසුකම් ප්‍රමාණයක් මේ සදහා ලබා දීලා තිබෙනවා .

    අගුනුකොළපැලැස්සේ මේ බන්ධනාගාරය දැම්මට පස්සේ වැලිකඩට උන දේ තමයි මෙහාට වෙන්නේ. කුඩු කාරයෝ කුඩු මුදලාලිලා මෙහෙ ඇවිත් පදිංචි වේවි මේවල ඉන්න අහිංසක තරුණ තරුණියන් හට තමයි එක බලපාන්නේ .

     තංගල්ල රෝහල අවුරුදු ගානකින් ගොඩනැඟිල්ලක් හදලා නෑ එකේ ලෙඩ්ඩු ඉන්නේ ඇදන් යට ඒ වගේම තංගල්ල බන්ධන ගාරයේ ඉන්නේ රැදවියන් 300 ක් 400ක් විතර ඒ ටික දෙනාට මෙච්චර ලොකු බන්ධනා ගාරයක් ඕන නෑ එනිසා මෙම නව බන්ධනා ගාරය සැදූ තැන රෝහලක් හෝ විශ්වවිද්‍යාලයක් දැමීමට කට යුතු කරන්න කියලා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා වන මහින්ද අමරවීර අමාත්‍ය  වරයාගෙන් හා සජිත් ප්‍රේමදාස අමාත්‍ය වරයාගෙන් තමන් ඉල්ලා සිටිනවා.
     
    රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එදා රජය ගත තීරණයට තමන්හට විරුද්ද වීමට තරම් අවස්ථාවක් නොතිබුණු බවත් නමුත් නමුත් කොච්චර ලොකුවට හැදුවත් හම්බන්තොට දිස්ත්‍රිකයේ අය පමණක් ඒ තුළ රදවා තැබීමට කටයුතු කරන ලෙස ඉලා සිටින බවය .

      මෙම හිරගෙදර හැදීමට ගත් තීරණය ඉතා දුර්දාන්ත තීන්දුවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය .එම නිසා ප්‍රදේශයට යම් සම්පතක් වන දෙයක් වෙනුවෙන් යම් විකල්ප දෙයක් මේ තුළ ස්ථාපිත කිරීම ගැන තමාගේද එකඟතාවය ප්‍රකාශ කරන බවද අමත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

    [rns_reactions]
  • ‘එජාපය අද කොන්දක් නැති නපුංසක ගොට්ටන්ගේ ගවමඩුවක්’ – එජාප මන්ත‍්‍රී අනුරාධ කියයි

    අද වන විට එක්සත් ජාතික පක්‍ෂය කොන්දක් නැති ගොට්ටන් පිරුණු ගව මඩුවක් බවට පත් කර ඇති බවට එම පක්‍ෂ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අනුරාධ විමලරත්න මහතා පවසයි.

    ඔහුගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි කරමින් එවන ලද ලිපියද සමගින් ෆේස්බුක් ඔස්සේ ඔහු මේ බව කියා සිටී.

    [rns_reactions]
  • ජැක්ලින්ගේ නිරුවත් සඟරා ඡායාරූපය ගැන ආන්දෝලනයක්…

    ශ්‍රී ලංකා රූ රැජිණ වීමෙන් පසු බොලිවුඩ් නිළියක බවට පත්වූ ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස් ලෝක ප්‍රකට ‘කොස්මොපොලිටන්‘  නමැති විලාසිතා සඟරාවේ 2017 ජුනි කලාපයේ කවරය වෙනුවෙන් පෙනී සිට ඇති අතර එහි ඇතුළත ඡායාරූප කිහිපයකටද පෙනී සිට ඇත.

    එම ඡායාරූප අතර ජැක්ලින් උඩුකය නග්නව පපුව වැසෙන්නට කොණ්ඩය දමා පෙනී සිටි ඡායාරූපයක් ගැන කථාබහක් මතුව තිබේ. පසුගිය කාලයේ ඉන්දීය බොලිවුඩ් නිළියන් අතර පැවති සරාගීම නිළිය තේරීමේ මත විමසුමකදීද ඉදිරියෙන්ම සිටියේ සනී ලියොන් හා ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ය.

    ඇය මේ ආකාරයේ ඡායාරූප වලට දිගටම පෙනී සිටින්නේ ඇගේ ආකර්ෂණය පවත්වාගෙන යාමට බව බොලිවුඩ් වෙබ් අඩවි වාර්තා කරයි.
    කතාබහට ලක්වූ ඡායාරූපයද ඇති එම සඟරාවේ ඇය පෙනී සිටි ඡායාරූප පහතින්,

    [rns_reactions]
  • සියල්ලන් අභිබවමින් සුදර්ශන, ගුවන්විදුලියේ මුල් පුටුවට.

    ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සුදර්ශන ගුණවර්ධන මහතා පත්කර තිබේ.

    වෘත්තියෙන් නීතිඥයෙකු වන ඔහු ‘රයිට්ස් නව්‘ නමැති ප්‍රජාතන්ත්‍රවාදය ජාතික සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රචලිත කිරීම සදහා වන සිවිල් සමාජ සංවිධානය පිහිටුවීමේ පුරෝගාමියෙකු සහ එහි විධායක අධ්‍යක්ෂවරයා ද වේ.

    ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ ප්‍රධානත්වය දැරීය.

    නිදහසේ වේදිකාව සංවිධානයේ සම කැදවුම්කරුවෙකු හා නිදහස් හා සාධාරණ මැතිවරණ සදහා වන ව්‍යාපාරයේ ලේකම්වරයා ද වේ.

    2005 දී රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන්  අගමැතිවරයාගේ උපදේශකයෙකු වශයෙන් පත් වූ ඔහු, 2016 දී ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම සදහා විදේශ කටයුතු ඇමතිවරයාගේ උපදේශකයෙකු ලෙසින් පත් විය.

    සංහිඳියා යාන්ත්‍රණය වෙනුවෙන් වන කාර්ය සාධක බලකායේ බස්නාහිර පළාත් සභාපතිවරයා ලෙසින් ද ඔහු කටයුතු කරයි.

    ජර්මනියේ සුලූතර ජනකොටස්වල ආරක්ෂාව අධ්‍යයනය කිරීම සදහා 2016 සැප්තැම්බර් මාසයේදී එරට රජයෙන් ආරාධනා ලැබීය. 2014දී ඔහු ජර්මනියේ චාරිකා කලේ සිවිල් සමාජය ශක්තිමත් කිරීම සදහා වන  ජාත්‍යන්තර නායකත්ව වැඩසටහනක් සදහායි.  ජගත් සංවිධානය වෙනුවෙන් ඔහු 1999 දී නැගෙනහිර තිමෝරය සහ 2000 දී කොසෝවෝ හි ස්වේච්ඡා සේවකයෙකු ලෙසින් කටයුතු කලේය.

    ගත්කතුවරයෙකු හා මාධ්‍යවේදියෙකු ද වන ඔහු සමබිම කළමනාකාර සංස්කාරකවරයා ලෙසින් කටයුතු කරයි. 2015 සිට ඔහු නිදහස් දේශපාලන විවේචකයෙකු හා ජාතික රූපවාහිනී සංවාද වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙසින් ද කටයතු කරයි.

    [rns_reactions]

  • පෝද්දල ජයන්ත යලිත් කරලියට.. ගෝඨාබය තමන්ව මරන්න හදපු ආකාරය ගැන ජයන්ත සියල්ල හෙලිකරයි..

    පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ පැහැරගෙන ගොස් අතපය කඩා පහරදී රවුල් කොණ්ඩා කපා කටේ ඔබා මහමග දමා ගොස් සිට හමුවූ වෘතිය මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සබාපති මාධ්‍යවේදී පොද්දල ජයන්ත මහතා අද දින (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් කරමින් විමර්ශනයක් ඉල්ලාසිටියේය.

    2009 ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගියේය.

    ඔහුගේ හිස කෙස් සහ රැවුල කපා කටට ඔබා තිබිණි.

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ තමා ගෙන්වා “වෙන දේ බලා ගනිව්” කියා තර්ජනය කළ බවත්, ඊට ටික දිනකට පසු සුදු වෑන්රියකින් පැහැරගෙන ගොස් අතපය කඩා දැමූ බවත්, තමා පහර ගැනීමට රාජපක්ෂ රෙජීමය වග කිව යුතු බවත් ජයන්ත මහතා 2015 දී මාධ්‍යට සම්මූඛ සාකච්ඡාවක් ලබා දෙමින් පැවසීය.

    අද දින මෙම පැමිණිල්ල බාරදීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය , තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය

    [rns_reactions]

  • මම ජනාධිපති වී සිටින තුරු කුණු අදින්න හමුදාව යොදවන්නේ නෑ – ජනපති මෛත්‍රිගෙන් ප්‍රකාශයක්

    තමා ජනාධිපතිවරයා ලෙස සිටින තාක් හමුදාව කුණු අදින්න යොදා නොගන්නා බවත්, එසේ කරන්නට අදහසක්වත් තමාට නොතිබූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

    කුණු ප්‍රශ්නය ඇතුළු ජනතාවට පොදුවේ බලපාන උග්‍ර ප්‍රශ්න විසඳීම සඳහා අදාළ ආයතනයන්ට උපදෙස් දී තිබෙන අතර එම උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කෙරෙන්නේ දැයි අධීක්ෂණය කිරීම සඳහා පමණක් හමුදාව යොදාගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

    [rns_reactions]

  • ශුරයන්ගේ කුසලානයේ අවසන් තරගයේ වීරයා බීපු පෙතිවල විස්තර සියල්ල හෙලිකරයි..

    අවසන් තරගයේ වීරයා වෙමින් ඉන්දියාව පරාජයට ඇද දැමීමේ පිති ප්‍රහාරයක්‌ දියත් කළ 27 හැවිරිදි ෆාකාර් සාමාන් තරගයට ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයකට පැමිණියේ තරගය දවසේ පාන්දර බව සඳහන් කරයි. තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පවසා සිටියේය.

    අසනීපයෙන් පසුවූ ෆාකාර්ව සිය පුහුණුකරුවා සහ භෞතචිකිත්සකවරයා හොඳින් බලාගත් බවත් ඔහු එහිදී සඳහන් කර සිටියේය.

    මට පුහුණුකරුවා කිව්වා තරගයට පෙර දිනයේ ඔයා අද පුහුණුවෙන්න ඕන නැහැ හොඳ තත්ත්වයක ඉන්නවා කියලා. එහෙම කියලා මම පන්දු 10 කට විතර තමයි ගැහැව්වෙ. පස්‌සෙ මම ක්‍රීඩා විවේකාගාරයට ගියා. එතනදි මම භෞතචිකිත්සකට කිව්වා මට හොඳක්‌ දැනෙන්නෙ නැහැ කියලා. මට තරගයත් ක්‍රීඩා කරන්න බැරි වේවි කිව්වා. ඊට පස්‌සෙ හෝටලයට ගියාම මට අපේ භෞත චිකිත්සකයා හොඳට සැලකුවා. ඔහු මට ප්‍රෝටීන්  සහ ග්ලුකෝස්‌ පෙති ලබා දුන්නා.” යෑයි ෆාකාර් පවසා සිටියි.

    ලකුණු අතර සිටින නවක ක්‍රීඩක ෆාකාර්ගේ තරගයට සහභාගිවීම අවිනිශ්චිත තත්ත්වයක පසුවුවද ඔහු තරගය දිනයේ උදෑසන ඇඳෙන් නැගිටින විට සම්පූර්ණ සුවය ලබා තිබුණි. අනතුරුව ඔහු තරගය නිමා කළේ සිය මංගල ශතකයද සටහන් කරමිනි.

    “කොහොම හරි මම නිදාගෙන උදේ 7.00 ට ඇහැරුණා. එවලේ මම පණිවිඩයක්‌ යෑව්වා භෞතචිකිත්සකට මම හොඳින් ඔයාට ස්‌තුතියි කියලා.” මේ වන විටත් එක්‌ දින තරග හතරකදී ශතකයක්‌ සහ අර්ධ ශතක තුනක්‌ සමග මුලූ ලකුණු 223 ක්‌ ලබා සිටින ෆාකාර්ගේ ඉනිමක සාමාන්‍ය 63.00 ක්‌ ලෙස සටහන් වේ.

    “ඇත්තටම ආරම්භයේදී මගේ උඩපන්දුවක්‌ අතහැරියා. ඒක මගේ වාසනාවට තමයි එහෙම වුණේ. ඉන්දියානු පන්දු යවන්නන් මුලින් හොඳට පන්දු යවමින් හිටියේ. ඒ වෙලාවෙ කඩුලු නොදී සිටීමට තමයි මා උත්සහ කළේ. යෑයි ෆාකාර් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    විරාට්‌ කෝලිගේ උඩපන්දුව අතහැරීමෙන් ලොකු කනගාටුවකට කණ්‌ඩායම පත් වූ බවද ෆාකාර් සඳහන් කර සිටියේය. “මොකද කෝලි කියන්නෙ ලෝකයේ ඉන්න හොඳම පිතිකරුවා. ඔහුගේ උඩපන්දුවක්‌ අතහැරියාම ඊළඟට එයාට දෙසීයක්‌ වුණත් ගහන්න පුළුවන්. නමුත් ඊළඟ පන්දුවෙන්ම කෝලි දැවී ගියාම ලොකු සහනයක්‌ අපි හැමෝටම දැනුනා. කොහොම වුණත් අමීර් කියන්නෙ හොඳම පන්දු යවන්නෙක්‌. ඒ නිසා තමයි එහෙම කරන්න පුළුවන් වුණේ.

    27 හැවිරිදි ෆාකාර් සාමාන් පළමු පෙළ තරග 35 කදී ශතක පහක්‌ සහ අර්ධ ශතක 13 ක්‌ සමඟ ලකුණු 3652 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 42.01 ක්‌ ලෙස සටහන් වේ. ඔහු පළමු පෙළ එක්‌දින තරග 35 කදී ශතක හතක්‌ සහ අර්ධ ශතක 18 ක්‌ ලබා ඇති අතර එහි ඉනිමක සාමාන්‍ය 51.48 ක්‌ වැනි ඉහළ අගයක්‌ ගැනීම හේතුවෙන් පකිස්‌තාන් ජාතික පිළ නියෝජනය කිරීමට වරම් ලැබීය.

    [rns_reactions]

  • තරුයා සිය දිවි නසා ගත්තේ ‍‍‍ඉන්දියාව මැච් එක පැරදුනු දුකට යැයි කියූ කතාව බොරුවක්.

    හැටන් ප්‍රදේශයේ තරුණයෙකු ගෙළ වැළලා සියදිවි නසා ගත් පුවතක් වාර්තා වුනා. මේ තරුණයාගේ මරණයට හේතූව ශූරයන්ගේ කුසලානයෙන් ඉන්දියාව පරාජය වීම බව සමාජජාලා මාධ්‍ය වාර්තා කරත්, බී වසන්ත නැමැති 31 හැවිරිදි අදාළ තරුණයාගේ මරණයට සැබැ හේතූව සිය බිරිද සමග ඇති කරගත් පවුල් ආරවුලක් බව වාර්ථා වෙනවා.

    එලෙස වැරදි මතයක් සමාජගත වීමට හේතුව, සියදිවි නසා ගන්නා අවස්තාවේ අදාළ තරුණයා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජර්සියකින් සැරසි සිටීම බව අපට දැනගන්නට ලැබුණා.

    අදාළ තරුණයාගේ ඡායාරූප පහතින්

     

    [rns_reactions]

  • පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන ශ්‍රීලනිප සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයකු ඇතුළු 14 දෙනකු පමණ පිරිසක් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි වාර්තාවනවා.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට එකඟ නොවීම පක්ෂ නායකත්වය විවේචනය කිරීම, වෙනත් පක්ෂ පිහිටුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් ඒ තුළට ඇද ගැනීම, ඇතුළු චෝදනා ගණනාවක් මෙම සාමාජිකයින්ට එල්ල වී තිබෙනවා.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණ කඩ කරමින් ඊට පටහැනිව දිගින් දිගටම කටයුතු කරමින් සිටි මේ සාමාජිකයන්ට එලෙස නොකරන ලෙසට පක්ෂ නායකත්වය මෙන්ම මධ්‍යම කාරක සභාව කරන ලද දැනුම් දී තිබියදී දීම් සියල්ල ප්‍රතික්ෂේප කරමින් කටයුතු කිරිම නිසා මීළඟ ක්‍රියාමාර්ගය කුමක් විය යුතුද යන්න පිළිබඳ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් දීර්ඝ වශයෙන් සාකච්ඡාකර මොවුනට එරෙහිව විනය පරික්ෂණයන් සිදු කළ යුතුය යන ස්ථාවරයකට එළඹී තිබෙනවා. මේ අනුව පක්ෂ ප්‍රතිපත්තිවලට එරෙහිව කටයුතු කරන සාමාජිකයන්ට එරෙහිව විනය පරික්ෂණ ආරම්භ කරන ලදි.

    මේ අය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ කිහිපයක් මේ වන විට අවසන් අදියරේ පවතින අතර ඉතා කඩිනමින් මේ පිරිස සම්බන්ධයෙන් තීරණ ගැනීමට නියමිත ය.

    [rns_reactions]
  • බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

    වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වූ යෝජනාව අද (20) දිනයේදී කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා. 

    නෙත් නිවුස් කළ විමසීමකදී නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවන්නේ නම් පමණක් බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ හැකි බවයි. 

    සියයට 10ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බවට බස් සංගම් ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

     
     [rns_reactions]
  • දෙමල සන්ධානය දෙකඩ වීම නවතී..

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතාට එරෙහි විශ්වාසභංගය ඉල්ලා අස්කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඊයේ (19) උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා වෙතට ලිපියක් මගින් දැනුම් දී ඇත.

    යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුන් සහ යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පූජකතුමන්ගේ මැදිහත්වීම මත මෙම අර්බුදය විසඳුමකට ගෙන ඒමට හැකි වූ බවද සම්බන්ධන් මහතා එහිදී සඳහන් කර ඇත.

    මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරසු කච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස්කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලටද ඇගිලි ගැසිම් නොකරන බවත් සම්බන්ධන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    දූෂණ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක නිවාඩුවක් සහිතව අමාත්‍යධූර අත්හිටුවීමට තීරණය කිරීමත් සමග මහ ඇමතිවරයාට එරෙහි විහ්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරසු කච්චි පක්ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟතාව පලකිරමින් ලිපියක් යැවීමත් සමග මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවට විපක්ෂ නායක වරයා තිරණය කර තිබෙන අයුරු පෙනී යයි.

    – වන්නි රොමේෂ් මධුෂංඛ

    [rns_reactions]

  • ජැක්සන්ට වැඩ වරදී…

    මෑතකදී සිදු කල කැබිනට් සංශෝධනයට අදාලව විෂයන් බෙදමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනීට පුර්ණ අයිතිය හිමි ‘ක්‍රියේටිව් හෙලන්කා ලිමිටඩ්’ ඇතුලත් කර තිබීම ගැන අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ.

    මේ සම්බන්ධයෙන් ජැක්සන් ඇන්තනී පවසන්නේ මෙම සමාගම සම්පූර්ණයෙන්ම තමනට අයත් සමාගමක් බවත් මුදල් අමාත්‍යංශය යටතේ ගැසට් කර ඇත්තේ කෙසේ දැයි තමන් නොදන්නා බවත්ය.

    මේ තත්වය මත අදාල ගැසට් පත‍්‍රයේ නීතිමය වලංගුතාවය ගැන බරපතල ගැටළු ගණනාවක් මතුව ඇති අතර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන මේ වන විට සාකච්චාවක් ඇතිව තිබේ.

    [rns_reactions]
  • ඇමති හැරිසන්ගේ ජනතා මුදල් අවභාවිතාවට එරෙහි ගොවි නායකයෝ FCID යයි

    ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමති පී. හැරිසන් මහතා විසින් ජනතා මුදල් අවභාවිතයක යෙදෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද (19) පෙරවරුවේ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

    එම අවස්ථාවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා සහ එහි ලේකම් ටී.බී. සරත් මහතා ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

    පී. හැරිසන් ඇමතිවරයා නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් නියමිත ඉන්ධන ප්‍රමාණයට වඩා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ලබා ගනිමින් රුපියල් දසලක්ෂ පනස නවදහස් දෙසිය හැත්තෑ ලහයි ශත පනහක(රු. 1,059,275.50) මුදලක් අවභාවිතා කර ඇති බව එම පැමිනිල්ලේ සඳහන් කර ඇත.

     

     

    [rns_reactions]

     

  • ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහ, අහිමි වූ දරු ගැබක් සහ ‘ගණිකාවක්’

    ෂෆා (අන්වර්ථ නමකි) 15 හැවිරිදි වියේදී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ශ්‍රී ලාංකික මුස්ලිම් දැරියකි.

    “මම සාමාන්‍ය පෙළට ඉගෙනගන්න කාලේ, ශිෂ්‍යයෙකුට ආදරේ කළා,” දැඩි අව් රශ්මියෙන් බේරීම පිණිස එළිමහනේ ගසක සෙවන යට ෂෆා මා සමග සිය මතකය අවදි කරන්නේ වේදනාවෙනි.

    ඇයට සිය කඳුළු සඟවාගත නොහැකිය.

    “ඒක දැනගත්ත අම්මල මාව මාමගේ ගෙදරට යැව්වා. එහේ ඉඳලා මම හොඳට ඉගෙනගත්ත. ඒ අතරේ මාමගේ ගෙදරට නිතර ආගිය තරුණයෙකුට මා ගැන අදහසක් පහළ වෙලා මාව විවාහ කරගන්න ඕන බව එයාලට කියල තිබුණ.”

    ෂෆා ඒ යෝජනාවට එරෙහි වූවාය.

    අධ්‍යාපනය හමාරයේ සිය පෙම්වතා සමග විවාහවීම සිය බලාපොරොත්තුව බව ඇය දැඩිව කියා සිටියාය. (වීඩියෝ පටය නරඹන්න)

    Shafa
    Image caption15 හැවිරිදි වියේ දී බලහත්කාර විවාහයකට ගොදුරු කෙරුණු ෂෆා ට සැමියාගේ පහරදීම් හේතුවෙන් දරු ගැබ ද අහිමි විය

    එහෙත් යෝජනාව කළ තරුණයා සමග විවාහ විය යුතු බවට ඇයට බල කළ මාමා සහ නැන්දා, විවාහය සඳහා සියළු කටයුතු රහසිගතව සූදානම් කළහ.

    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. ඒක කළොත් අත පය කපාගෙන මැරෙනවා කියල මම කිවුව. ඒකට කැමති වෙන්න කියල අම්මත් මට බල කළා.”

    දරු ගැබ අහිමිවෙයි

    අසළ සිට සංවාදය අසා සිටින මව සිය සාරියෙන් කඳුළු පිසිනු මට පෙනේ.

    “කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා. මාව රෝහලට ඇතුළත් කළා. එතෙන්දි පවා මට බෙහෙත් දෙන එක නැවැත්තුවා. දුන්නේ සේලයින් විතරයි. දොස්තරට කියල සේලයින් බෝතලේත් එක්කම එයාල මාව ගෙදර අරගෙන ගියා. ඒ සේරම කළේ පුද්ගලික රෝහලකදී. ගෙදර ගියාට පස්සේ එයාල මගේ අත්වල මරතෝන්ඩි ගෑවා.”

    Muslim school children
    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව ක්‍රියාධාරිනියෝ පවසති

    කළ හැකි කිසිවක් නොවූයෙන් අවසානයේ ඇය විවාහයට එකඟත්වය පළ කළාය.

    එහෙත් ඇය පැරණි පෙම්වතා සමග තවදුරටත් පෙමින් වෙලී සිටින්නේ යයි සැක කළ සැමියා ඇයට දිගින් දිගටම පහර දුන්නේය. හිරිහැර කළේය.

    “බොහොම අමාරුවෙන් මම ඒවා දරාගත්තේ. එයාගේ තාත්තත් මට එක එක දේවල් කිවුව. මම ගැබ් ගත්ත වෙලාවේ, ඒ එයාගේ දරුවා නෙවෙයි කියල මහත්තය කිවුව. දරුවා ගබ්සා කරන්න කියල එයා බල කළා. ඊට පස්සේ මාව උස්සල පොළවේ ගැහුව.”

    ෂෆා ට කඳුළු වළකාගත නොහැකිය. ඇය ඉකිගසයි. අසළ සිට අසා සිටින මව ද ඉකිගසයි. මගේ දෑස් ද තෙත්වනු මට දැනේ.

    “එයා මගේ බෙල්ල මිරිකුවා. මට ගැහුවා. ආයෙත් උස්සල පොළොවේ ගැහුවා.”

    එම පහරදීම්වල ප්‍රතිඵලයක් ලෙසින් ඇයට සිය කුසේ සිටි දරුවා අහිමිවිය. ඉන් අනතුරුව ඇය සැමියා අත්හැර මවගේ නිවසට ගියාය.

    පහරදීම පිළිබඳව කළ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසියෙන් පළ වූයේ ඇල්මැරුණු ප්‍රතිචාරයකි. යළිත් සිය සැමියා වෙතට යන මෙන් පොලිසිය උපදෙස් දුන්නේය.

    Shafa's mother
    “මගේ මහත්තය දරුවෝ, පවුල ගැන කිසි සැළකිල්ලක් නැහැ. මම තමයි මහන්සි වෙලා කුලී වැඩ කරලා මෙයාලව බලාගත්තේ”

    ඒ අතරවාරයේ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියෙන් ඇයට පණිවුඩයක් ලැබිණ.

    ‘ගණිකාවක්’

    “පල්ලියෙන් මට කිවුව එකට ජීවත්වෙන්න කියලා. එතෙන්දි මගේ සැමියා හැමෝම ඉස්සරහ කිව්වා මම වෙනත් එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් තියනවා කියලා. එහෙම කියල එයා මාත් එක්ක ජීවත්වෙන්න කැමතිවුනා.”

    ෂෆා එය ප්‍රතික්ෂේප කළාය.

    එයින් දින කිහිපයකට පසුව හදිසියේම ඇයට ආගන්තුකයන්ගෙන් දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ ලැබෙන්නට විය.

    “‘උඹට කීයක් ඕනද? මාත් එක්ක නිදාගන්න එනවාද? උඹේ සැමියා තමයි මේ නම්බර් එක දුන්නේ’ කියල ඒ මිනිස්සු කිව්වා.”

    ගණිකාවක බව පවසමින් සිය දුරකථන අංකය සහ ඡායාරූපය සැමියා විසින් සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව ඇයට දැනගැනීමට ලැබිණ.

    ඇය ඒ දුරකථන ඇමතුම් සහ කෙටි පණිවුඩ සියල්ල පටිගත කළාය.

    Shafa's hands
    “ඒ කසාදෙන් ගැලවෙන්න මම මගේ අත් දෙක කපාගත්තා. කසාදෙ ලියාපදිංචි කරපු දවසේ මම මගේ අනිත් අතත් කපාගත්තා. ගෙදර තිබ්බ පෙති වර්ගයක් බිව්වා”

    “දවසක් මම පරිගණක පන්තියකට යනකොට කොල්ලෙක් ඇවිල්ලා මගේ ෆොටෝ එකක් අරගෙන එයත් එක්ක නිදියගන්න එන්න කිව්වා. ආවේ නැත්නම් ෆොටෝ එක ෆේස්බුක් එකේ ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කලා. බස් එකේ, මහ පාරේ මට කොල්ලෝ උසුළු විසුළු කරනවා මම අන්තිමට පන්ති යන එකත් නැවැත්තුවා,” ෂෆා පවසන්නේ ඉකිගසමිනි.

    එහෙත් සිය අත්දැකීම ලොවට හෙළි කළ යුතු බව ඇගේ අධිෂ්ඨානයයි. (වීඩියෝව නරඹන්න)

    සිය දියණිය මෙතරම් අතවරවලට ලක්වෙද්දීත් පියා ඒ කිසිවක් ගැන තැකීමක් නොකළේය. කුලී වැඩක් කර දරුවන් පස් දෙනෙකු රක්ෂා කරන අතරවාරයේ, ගතානුගතික සමාජයේ නින්දා, අපහාස සහ තර්ජනවලින් බේරී ෂෆාගේ මානසික සුවය සැලසීමේ වගකීම ද මවට ම පැවරිණ.

    සිය දියණියද සමග රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් ඇයගේ දිනචරියාවේ කොටසකි.

    සමාජයෙන් මතුවන නින්දා අපහාස සහ තර්ජනවලට කෙතරම් බියපත්ව සිටින්නේද යත් සිය නම, ගම පමණක් නොව වෙසෙන ප්‍රදේශය පවා හෙළි නොකරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

    “එක හේතුවක් නිසා මම එයාව මගේ මල්ලිගේ ගෙදර ඉඳලා ඉගෙන ගන්න යැව්වා. අන්තිමට මෙහෙම දෙයක් වෙයි කියලා මම හිනෙකින්වත් හිතුවේ නැහැ. මේක බලහත්කාරයෙන් කරපු විවාහයක්,” මව පවසන්නීය.

    අහිමි වූ ළමා විය

    සෑම වසරකම, ශ්‍රී ලංකාවේ සිය ගණනක් බාල වියේ මුස්ලිම් දැරියෝ සිය දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බලහත්කාරයෙන් විවාහ කර දෙනු ලබති.

     
    මුස්ලිම් ළමා විවාහ ‘වැඩිවීමේ ප්‍රවණතාවක් ‘

    විශේෂයෙන්ම නැගෙනහිර පළාතේ ළමා විවාහ වසරක් ඇතුළත 14% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් නීතිවේදිනී එර්මීසා ටෙගල් බීබීසී සිංහල සේවයට කියා සිටියාය. (නීතිවේදිනී එර්මිසා ටෙගල් සමග බීබීසී සිංහල සජීවී ෆේස්බුක් සංවාදය නරඹන්න)

    බලහත්කාරයෙන් විවාහ කර දෙන විට ෂෆා 15 හැවිරිදි වුවත් දොළොස් විය තරම් බාල වියේ දැරියන් මේ ආකාරයෙන් බලහත්කාරයෙන් විවාහ කර දෙන බව මුස්ලිම් ක්‍රියාධාරිනියෝ පවසති.

    වයස අවුරුදු 18 ට අඩු දැරියන් විවාහ කරදීම ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව තහනම්ය. එහෙත් දශක ගණනාවක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් වයස් සීමාවකින් තොරව දැරියන් විවාහ කරදීමට මුස්ලිම් දෙමාපියන්ට සහ භාරකරුවන්ට අවසර දී තිබේ.

    මේ නීතිය හේතුවෙන් මුස්ලිම් දැරියෝ සහ කාන්තාවෝ දශක ගණනාවක් මුළුල්ලේ රහසේ කඳුළු වැගිරූහ. අවසානයේ තවදුරටත් ඉවසා සිටිය යුතු නැතැයි තීරණය කළ ඔවුහු එයට මඟ පාදන මේ නීතිය සංශෝධනය කරන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයක් දියත් කළහ.

    රටේ සාමාන්‍ය නීතිය ප්‍රකාර මුස්ලිම් දැරියන්ද විවාහ කර දීමේ අවම වයස අවුරුදු 18 බවට පත් කළ යුතු බව ඔවුන්ගේ ඉල්ලීමයි.

    BM Arshad of Thawheed Jamaath
    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඒත් වයස් සීමාවක් පැනවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන” – තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ්

    විශේෂයෙන්ම ශ්‍රී ලංකාව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැරසෙන මේ මොහොත ඒ සඳහා සුදුසුම අවස්ථාව බව ද ඔවුහු පවසති.

    කාන්තා පීඩක මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කරන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය ද ශ්‍රී ලංකා ආණ්ඩුවට නිර්දේශ කළහ.

    එහෙත් ගතානුගතික මුස්ලිම් ප්‍රජා නායකයෝ එයට දැඩි විරෝධය පළ කරති.

    සමස්ත ලංකා ජමියතුල් උලමා සහ තව්හීඩ් ජමාආත් (ජමාත්) සංවිධාන ඒ විරෝධයේ පෙරමුණ ගෙන සිටිති.

    ඒ විරෝධය හමුවේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත.

    තව්හීඩ් ජමාආත් ප්‍රතිචාරය

    මුස්ලිම් ජනතාවගේ සහ ප්‍රජා නායකයන්ගේ අදහස් විමසා මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය සංශෝධනය කිරීම පිළිබඳව සිය සංවිධානයේ විරෝධයක් නැති බව තව්හීඩ් ජමාආත් සංවිධානය මේ අතර පවසයි.

    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේම සමත් වී නැත
    විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සලීම් මර්සූෆ් ගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුව එම නීතිය සංශෝධනය කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට වසර නවයක් මුළුල්ලේ සමත් වී නැත

    “ළමා විවාහවලට අපි විරුද්ධයි. ඉස්ලාම් ආගමවත් තව්හීද් ජමාආත් සංවිධානයවත් ළමා විවාහ අනුමත කරන්නේ නෑ,” සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් මා සමග පැවසීය.

    “ඒත් වයස් සීමාවක් පැණවීම ගැන අපි විරුද්ධයි. අපි කියන්නේ විවාහයට නිර්ණායකයක් තියෙන්න ඕන.”

    “විවාහයක් අවශ්‍යයි කියන දේ ගැන දැරියට තියන අවශ්‍යතාව තමයි ඒ නිර්ණායකය,” යන්න හැරුණු විට ඒ නිර්ණායකය කවරේ දැයි නිසි පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් විය.

    “සමහර දැරියන්ට වයස අවුරුදු 18 පිරුණට පස්සෙත් විවාහ වෙන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. ඒ නිසා ඒ දැරියගේ අවශ්‍යතාව තමයි නිර්ණායකය.”

    එහෙත් ඉස්ලාම් ධර්මය ප්‍රකාර දැරියක විවාහ විය යුත්තේ කවරෙකු සමග දැයි තීරණය කරනු ලැබිය යුත්තේ දෙමාපියන් හෝ භාරකරුවන් විසින් බවත් තව්හීද් ජමාආත් සංවිධානය අවධාරණය කරයි.

    The woman running the community centre where Shafa is getting help hides her identity for protection
    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි”

    මේ විවාදය පදනම් කරගෙන මුස්ලිම් ක්‍රියාකාරිනියන්ට තර්ජනය කරන බවට එල්ලවන චෝදනා ද තව්හීද් ජමාආත් සංවිධානයේ භාණ්ඩාගාරික බීඑම් අර්ශාඩ් තරයේ ප්‍රතික්ෂේප කළේය.

    ක්‍රියාධාරිනියන්ට තර්ජන

    එහෙත් ෂෆා මානසික සෞඛ්‍ය උපදේශන ලබන ආයතනය පසුගිය වසර කිහිපය තුළ කාන්තාවන් 3000 කට ආසන්න පිරිසකට සරණ වී තිබෙන්නේ සමාජයෙන් එල්ලවන එවැනි ප්‍රබල තර්ජන හේතුවෙනි.

    බලහත්කාර ළමා විවාහවලට ගොදුරු කෙරුණු 250 කට ආසන්න පිරිසකට ද පසුගිය වසර කිහිපය තුළ මේ ආයතනය පිහිට වී තිබේ.

    “මට මාසයක් විතර ගෙදර යන්න බැරි වුනා,” ආයතනය මෙහෙයවන සමාජ සේවිකාව බීබීසී සිංහල සේවය සමග පැවසුවේ තර්ජන හේතුවෙන් සිය අනන්‍යතාව හෙළි නොකරන මෙන් ඉල්ලීමක් ද කරමිනි.

    “මාසයක් විතර මම ඔෆිස් එකේ නිදාගත්තා. මගේ දූලා දෙන්න ඉස්කෝලේ යවන්න මට බයයි. දැන් වුනත් මට ටුක් ටුක් එකකවත් යන්න බයයි.”

    Shreen Saroor
    ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්. කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා” – කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර්

    අවුරුදු 18 සම්පූර්ණවන තුරු පමණක් නොව, ඔවුන්ගේ උසස් අධ්‍යාපනය ද අවසන්වන තුරු සිය දියණියන් දෙදෙනා විවාපත් නොකරන බව එම මුස්ලිම් සමාජ සේවිකාව මා සමග කියා සිටියාය.

    ‘ස්ත්‍රී දූෂණයක්’

    මුස්ලිම් ළමා විවාහ පිළිබඳ ගවේෂණය සඳහා මා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලය ඇතුළත සිය අනන්‍යතාව හෙළි කරමින් අදහස් දැක්වූයේ මුස්ලිම් කාන්තාවන් දෙදෙනෙකු පමණි.

    නීතිවේදිනී එර්මිසා ටෙගල් සහ කාන්තා ක්‍රියාකාරී ජාලයේ ශ්‍රීන් අබ්දුල් සරූර් ඒ දෙදෙනාය.

    “ළමා විවාහ කියන්නේ නීත්‍යානුකූල ස්ත්‍රී දූෂණයක්” ශ්‍රීන් අබ්දුල් සරූර් දැඩි ස්වරයෙන් පවසන්නීය.

    මෙසේ විවෘතව සිය සමාජය විවේචනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර සම්මානලාභී මුස්ලිම් ක්‍රියාකාරිනියකවන ඇයට කලක් ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටීමට ද සිදු විය.

    ළමා වියේදී විවාපත් කරවීම මුස්ලිම් දැරියන්ට අධ්‍යාපනය ලැබීමේ මූලික මිනිස් අයිතිවාසිකම අහිමි කරවීමක් බව පෙන්වාදෙන ශ්‍රීන් අබ්දුල් සරූර්, දරුවන් බිහිකිරීම පිණිස මේ දැරියන් ශාරීරිකව වැඩී නැති බවත් අවධාරණය කරන්නීය.

    Shafa with her mother
    බලහත්කාර විව්වහයකින් අනතුරුව සැමියාගේ වැඩ බන්ධනවලට ලක් කෙරුණු දියණිය සමග සිය රහසිගතව ප්‍රදේශයේ සමාජ සේවා ආයතනයකට පිවිසීමත් දැන් මවගේ දිනචරියාවේ කොටසකි

    “ඒකෙ ප්‍රතිඵලය තමයි මුළු මුස්ලිම් සමාජයම ආපස්සට යාම,” ශ්‍රීන් අබ්දුල් සරූර් අවධාරණය කරන්නීය.

    “කරුණාකරලා මේ දරුවන්ගේ ළමා විය විනාශ කරන්න එපා කියල මම මුස්ලිම් සමාජයෙන් සහ මුස්ලිම් ආගමික නායකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.”

    සැමියාගේ වධ බන්ධන හේතුවෙන් සහ ගමේ වැඩිහිටි සමාජයෙනුත්, මග තොටේදීත්, පොදු ප්‍රවාහන සේවාවලදීත් නිරන්තරයෙන් එල්ලවන තාඩන පීඩන සහ නින්දා අපහාස නොතකා සිය උසස් අධ්‍යාපනය නිමා කොට නීතිඥවරියක් වීම ෂෆා ගේ බලාපොරොත්තුවය.

    තමන්ට හිරිහැර කරන සමාජයට ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීම ඇයගේ අධිෂ්ඨානය වී තිබේ.

    එසේ නීතිඥවරියක බවට පත් වී තමන් වැනිම අතවරවලට ගොදුරු වූ දැරියන්ට උපකාර කිරීම ඇයගේ බලාපොරොත්තුව දැයි මම විමසීමි.

    “ඔව්” වියළුණු කඳුළු අතරින් ඇය පිළිතුරු දුන්නේ අහිංසක, අපේක්ෂා සහගත සිනහවකින් ද මුව සරසා ගනිමිනි.

    ඒ සිනහව තුළ ගැබ් වුනු දැඩි අධිෂ්ඨානය අප දෑස් මුණගැසුණු මොහොතේ මම දුටුවෙමි.

     
    “කසාදෙන් ගැලවෙන්න අත කපාගත්තා”

    [rns_reactions]