Blog

  • කරදර මැද්දේ තේරීම් කමිටුවේ සනතුත් ගෙදර යන ලකුණු..

    ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

    හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ දීර්ඝ කළ නිල කාලය මෙම මස අග දී අවසන් වීමට නියමිතය.

    ක්‍රිකට් තේරීම් කමිටුවේ පුළුල් වෙනසක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    2016 වසරේ මැයි මස පළමුවෙනි දින සිට වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව පත්කර තිබූ අතර පසුව එය චැම්පියන්ස් කුසලානය හේතුවෙන් ජුනි මස අවසානය තෙක් දීර්ඝ කරනු ලැබුණි.

    වත්මන් තේරීම් කමිටුවටම ඉදිරියට පවත්වාගෙන යන්නේ දැයි විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ නව තේරීම් කමිටුවක් පත් කිරීමේ බලාපොරොත්තුවක් ඇති බවය.

    ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     [rns_reactions]
  • විධායක ජනපති ක්‍රමය ඉදිරියටත් – ජනපති මෛත්‍රීගෙන් තීන්දු රැසක්

    පළාත් පාලන මැතිවරණය ප්‍රථමයෙන්ම පැවැත්වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති නිල නිවසේ ඊයේ (15) රාත්‍රී පැවැති ශ්‍රීලනිප මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

    එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉක්මනින් සාකච්ඡා කර විසඳුමකට ආ යුතු බවට එහිදී සාකච්ඡා වී තිබේ.

    අමාත්‍යාංශවලට විෂයන් බෙදීමේදී ඇතිව තිබෙන නොගැලපීම, ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයාට කාර්යාලය පවත්වාගෙන යාමට ඉඩ නොදීමේ ප්‍රශ්නය ආදිය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී සාකච්ඡා වී ඇත.

    මේ අතර විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට ඉඩ නොදිය යුතු බව ශ්‍රීලනිප ඇමැතිවරුන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබේ.

    [rns_reactions]

  • සෙල්ෆිය පිස්සුවක් බව වෛද්‍යවරුන්ගෙන් අනාවරණයක්…..

    සෙල්ෆි ඡායාරූප ගැනීමේ එක් පැතිකඩක් වන්නේ ඇබ්බැහි වීම බව ජ්‍යෙෂ්ඨ මනෝ විද්‍යා උපදේශක, වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා පවසයි.

    තමන්ගේම රූපයට තමන් පමණට වඩා ආදරය කිරීම රාගයෙන් මත්වීම වැනි තත්ත්වය තමා විසින් පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීමට යොමුවී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරයා තවත් පිරිසක් තමන්ගේ පෞර්ෂය බාල නිසා ඌණ පෞර්ෂයකින් සිතා සිටින බවත් කියා සිටියේය.

    තමන්ගේ අඩු පෞර්ෂය අන් අයට නොදැනෙන්නට තමා වඩා පෞර්ෂමත් කෙනෙකු බව පෙන්වීමට දරන උත්සාහයේ ප්‍රථිපලයක් ලෙස වඩා අවදානම් අවස්ථාවන් වලට මුහුණ දෙමින් එම පුද්ගලයින් ‍සෙල්ෆි ඡායාරූප ගැනීමට පෙළඹී ඇති බවද වෛද්‍ය කමල් එස්. ජයසේකර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් ජීවිත අහිමිවීමේ සිද්ධීන් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ විවිධ ප්‍ර දේශවලින් වාර්තා විය.

    කෙසේ වෙතත් මනෝ වෛද්‍යවරුන් මත පළ කරන්නේ අන් අයගේ ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් දිනකට සෙල්ෆි ඡායාරූප 03කට වඩා ලබාගෙන අන්තර්ජාලයට එක් කිරීම ඇතැම්විට අසාමාන්‍ය මානසික ව්‍යාකූලතාවයක් විය හැකි බවයි.

    [rns_reactions]

  • ආයුබෝවන්ඩ මහරජාණෙනි හොර රහසේම යුගදිවියට….

    ආයුබෝවන් මහ රජාණෙනි” ගීතය තුළින් ජනප්‍රියත්වයට පත් සහේලි රෝචනා ගමගේ මහත්මියගේ විවාහ උත්සවය ඊයේ (14) දින කොළඹ හිල්ටන් හෝටලයේදී පැවතිණි.

    ඇයගේ අතිනත ගත් තරුණයා උදාර කපුකොටුව නැමැති වෛද්‍යවරයෙකි.

    සහේලි – උදාර යුවලගේ “සසර පෙරදා බැදුණු විලසේ” නැමති ගීතය ඔවුන්ගේ විවාහ දිනයේදී එළිදක්වා ඇත. එම ගීතය රඹුක්කන සිද්ධාර්ථ හිමි විසින් රචිත අතර සංගීත නිර්මාණය අනුෂ්ක දසනායක විසිනි.

    [rns_reactions]

  • යාලේ යලිත් අලි ගැටුමක්: තනි දළයාගේ පහරදීමෙන් “තිලක්“ මරුට

    යාල ජාතික වනෝද්‍යානයේ සිටි විශාලම ඇතා වූ “තිලක්“ නැමති හස්තියා පෙරේදා (14) සවස යාල වනෝද්‍යානයේ “තනි දළයා“ ලෙස හැඳින්වෙන් ඇතාගේ පහර දීමෙන් මිය ගොස් තිබේ.

    ඇතුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමකින් මෙම හස්තියා මියගොස් ඇති අතර ඇතාගේ උදර ප්‍රදේශයට තනි දළයා පහර දීමෙන් ඇති වූ තුවාලයක් හේතුවෙන් ඇතා මියගොස් ඇති බව වාර්තා වේ.

    යාල වනෝද්‍යානයේ සිටි මෙම “තිලක්“ නැමති හස්තියාට වයස අවුරුදු 50ක් පමණ වන අතර වයස්ගතව පසුවීම නිසා දුර්වල තත්වයේ සිටි බැවින් අනෙක් ඇතාගේ පහරකෑමට ලක් වී ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කළේය.

    මෙහිදී දී ඇතාගේ පශ්චාත් මරණ කටයුතු 14 වනදා සවස ලුණුගම්වෙහෙර වනජීවී කාර්යාලයේ වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    Image may contain: one or more people

    Image may contain: one or more people and outdoor

    Image may contain: outdoor and nature

    [rns_reactions]

  • ෆේස්බුක් සමාජ මාධ්‍ය නිසා ළමුන් අපයෝජනය ඉහලට…

     ෆේස්බුක් සාමාජ මාධ්‍ය ජාලය භාවිතයේදී ළමයින් අපයෝජනයට ලක්වූ සිද්ධි වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබේ.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, එවැනි සිද්ධි පිළිබඳව පැමිණිලි 67ක් වසරේ ගතවූ කාලය තුළ වාර්තා වී ඇති බව ය.

    පසුගිය වසරේ වාර්තා වී ඇත්තේ එවැනි සිද්ධි 54 ක් පමණි.

    ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ, මෙම සියලු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ය.

    මීට අමතරව ෆේස්බුක් ඔස්සේ සිදුවූ විවිධ අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් 221ක් දෙනෙකුට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව ද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළා ය.

    ඇය පැවසුවේ, මෙවැනි සිද්ධි වළක්වා ගැනීම සඳහා ළමයින්, ගුරුවරුන් හා මව්පියන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක බව ය.

    [rns_reactions]

  • විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් උතුරේ හර්තාල්…

    උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන්ට එරෙහිව භාර දුන් විශ්වාශභංගයට විරෝධය පල කිරීමක් වශයෙන් අද (16) යාපනය දිස්ත්‍රීක්කයේ පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවත් උතුරේ සෙසු දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කර තිබූ අයුරු දැක ගත හැකි විය.

    යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි සියලුම වෙළඳසැල්, පාසල් වසා තිබුණු අතරම යාපනය සරසවියේදී සියලුම පීඨයන්හි දෛනික අධ්‍යාපනික කටයුතු සිදු නොවිණි.

    උතුරේ සෙසු දිස්ත්‍රික්කයන් වන මුලතිව් , කිලිනොච්චිය ,මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්කයන්හි කළු කොඩි ප්‍රදර්ශනය කැරිණි.


    (රොමේෂ් මධුෂංඛ)

    [rns_reactions]

  • හොරුන්ට වැඩ වරදින ලකුණු.. සියලු මන්ත්‍රීන්ගේ වත්කම්/පවුල් ව්‍යාපාර ගැනත් වාර්තාවක්

    සෑම මන්ත්‍රීවරයකුම සිය වත්කම් සහ මූල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත වාර්තාවක්‌ ලබාදිය යුතු බවට රීතියක්‌ ගෙන ඒමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණක්‌ නොව ඔහුගේ පියා, මව, කාලත්‍රයා, දියණිය හෝ පුත්‍රයා ඇතුළු පවුලේ සාමාජිකයන් පිළිබඳව ද ව්‍යාපාර සම්බන්ධතා සහ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ තොරතුරු මෙහිදී අනාවරණය කළ යුතු වේ.

    මන්ත්‍රීවරුන් විසින් ලබාදෙන මෙම තොරතුරු ඇතුළත් කරමින් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් “මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය” නමින් ලේඛනයක්‌ පවත්වාගෙන යා යුතු අතර එකී ලේඛනයේ යම් තොරතුරක්‌ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පිටස්‌තර පාර්ශ්වයකට ලබාගැනීමට ද හැකියාව තිබේ.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය යටතේ “මන්ත්‍රීවරුන්ගේ මූල්‍යමය බැඳියාවන් පිළිබඳ ලේඛනය” පවත්වාගෙන යැමේ රීතිය ගෙන එන අතර සෑම මන්ත්‍රීවරයකුම අදාළ ලේඛනයේ සිය තොරතුරු ලියාපදිංචි කිරීමේදී හෘදසාක්‍ෂියට එකඟව එය කළ යුතු බව ද දැක්‌වේ.

    මේ යටතේ මන්ත්‍රීවරයා සතු ඉඩම් සහ දේපළවලට අදාළ වත්කම්, කොටස්‌ හිමිකාරිත්වය සහ ලැබෙන ත්‍යාග ආදිය පිළිබඳව ද පාර්ලිමේන්තුවට අනාවරණය කළ යුතු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන මෙම චර්යාධර්ම සංග්‍රහයේ අවසන් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ඉදිරියේදී එයට අනුමැතිය ලබාගැනීම සිදුකෙරේ.

    [rns_reactions]

  • කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගන්න විශේෂ මෙහෙයුමක්…

    කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත‍්‍රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

    පොලීසිය හා හමුදාව එක්ව මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක කරයි. මීට අමරතව රහස් පොලිසියද යොදා ගන්නා අතර ඔවුන් කොළඹ නගරයේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි යොදවා ඇත.

    නගර සභාව පවසන්නේ දිනකට ටොන් 800ක් පමණ බැහැර වන කසල ප‍්‍රමාණය අවම කර ගැනීම මින් අපේක්‍ෂා කරන බවයි.

    [rns_reactions]

  • අසේල, උපුල් පරදා කුසල් මෙන්ඩිස් අංක 01ට…

    2017 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් එක් දින ක්‍රිකට් තරග අතුරින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයන් ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්ව තිබෙනවා

    එම ලැයිස්තුවේ අංක එකේ රැදී  සිටින කුසල් මෙන්ඩිස් තරඟ 11 කදී ලකුණු 403ක් ලබා ගෙන සිටිනවා.

    දෙවන ස්ථානයේ පසුවන උපුල් තරංග තරඟ 9 කදී ලකුණු 365ක් වාර්තා කර තිබෙනවා.

    තරග 11 කට ක්‍රීඩා කර ඇති අසේල ගුණරත්න ලකුණු 344 ක් සමග තුන්වන ස්ථානයේ පසුවන අතර සිව් වන ස්ථානයේ පසුවන්නේ තරග 8 කදී ලකුණු 318 ක් ලබා ගත් නිරෝෂන් දික්වැල්ලයි.

    පස්වන ස්ථානයේ දිනේෂ් චන්දිමාල් රැදී සිටින අතර තරඟ 9 කදී ලකුණු 178ක් ඔහු විසින් වාර්තා කර තිබෙනවා.

    පහත දැක්වෙන්නේ එක් දින තරඟවලදී 2017 වසරේ ශ්‍රී ලංකාවේ පිතිකරුවන් දැක්වූ දක්ෂතායි.

    [rns_reactions]

  • ඩෙංගු මර්දනයට වෙලාවක් වෙන්කරයි….

    ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා අද (16) සිට සතියේ සෑම සිකුරාදා දිනකම පැයක කාලයක් රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වනවා. ඒ, ජනාධිපති ඩෙංගු කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේයි. 

    උදෑසන 9 යි 30 සිට 10යි 30 දක්වා වූ පැයක කාල සීමාව තුළ මෙම ආයතන පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙනවා. එලෙස පිරිසිදු කෙරෙන නිවාස, රාජ්‍ය ආයතන සහ සියලූම පෞද්ගලික ආයතන නිරීක්ෂණය කිරීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් සහ ත‍්‍රිවිධ හමුදා සාමාජික කණ්ඩායම් පැමිණෙනු ඇති. ඩෙංගු මදුරු කීටයන් හමුවන පරිශ‍්‍ර දුමායනය කිරීම ද මේ යටතේ සිදු කෙරෙනවා.
    මීට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි තුන් මාසික ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මක කෙරෙනවා.  

    [rns_reactions]

  • මුහුණු පොතෙන් හමු වූ ප්‍රංශ ජනපතිගේ කතාව…..

    මුහුණු පොත නැත්තම් බුකිය කියලා නේ අපේ ලංකාව අය කියන්නේ. බුකියෙන් අපිට ඕන ඕන විදියේ එක එක යාලුවෝ හම්බෙනවා.

    ඒ වගේම ඕකෙන් හම්බෙන ආදර කතා නිසා හරිම දුක හිතෙන, හද කම්පා වෙන දේවල් ලංකාවේ වුණා පහුගිය දවස්වල.

    එත් ඔන්න මුහුණු පොතෙන් හම්බුණු ආදරයක් ගැන අපිට ආරංචි වුණා. එත් මේක ටිකක් වෙනස් කතාවක්

    මුහුණු පොතෙන් හමුවූ අවුරුදු 16 ක ගැටවරයෙකුට පෙම් බැඳි 31 හැවිරිදි තරුණියක් මාස 8 ක දරුවෙකු බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.

    මෙම තරුණිය Kathleen Martin වන අතර ඇයගේ වයස 31 ක්. තරුණයා Jack Fucile නම් වන අතර ඔහුගේ වයස අවුරුදු 16 ක්.

    ඔවුන් දෙදෙනා මුල් වරට 2015 වර්ෂයේදී දැන හඳුනාගෙන ඇත්තේ මුහුණු පොතෙන් වන අතර ඔවුන්ගේ කතාබහට පසුව ආදරයක් බවට පත්වුණා.
    මෙම ආදර සම්බන්තාවයේ ප්‍රතිඵලයක් ලෙස Kathleen Martin ගැබ්ගෙන තිබුණා.

    කෙසේ වෙතත් පෙම්වතියට දරුවා ලැබීමට ප්‍රසූත වේදනාවෙන් සිටි අතර රෝහලට ගෙන යෑමට තරම් කාලයක් නොමැති නිසා මෙම තරුණයා රෝහලට දුරකථනයෙන් සම්බන්ධ වී විස්තර දැනගනිමින් දරුවා නිවෙසේදී ප්‍රසූත කර ඇති බවයි වාර්තා වුණේ..

    මේ වනවිට එම බිළිඳා යහපත් සෞඛ්‍යය තත්වයෙන් ඇති බවත් මෙය ඇයගේ 3 වෙනි දරු උපත බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

    [rns_reactions]

  • ඇති අය හැකි පමණින් පුංචි පුතුට පිහිට වෙන්න…

    දෙමාපියන් දෙදෙනා වෙනත් විවාහයන් කරගැනිමෙන් පසු ආච්චි අම්මා ලග තනිවූ කුඩා දරුවෙකු පිළිබදව හුංගම උතුරු බටඅත රන්න නැගෙනහිර ග්‍රාමසේවා වසමෙන් වාර්තාවේ.

    මෙම දරුවා කුඩා කාලයේ දිම පියා වෙනත් විවාහයක් කරගෙන ඇති අතර පසුව මවත් තවත් විවාහයක් කර ගැනිම නිසා දරුවා ආචිචි ලඟ තනිවී ඇත.

    නිවසක් කියා පැවැසිමට වත් නොහැකි  ඉටිකොළ, පොලිඅතු, ටකරන් වැනි දෙයින් අහුරාගෙන තනාගෙන ඇති  කුඩා පැල්පතේ ලෑලි කිහිපයක් මත  අනාරක්ෂිතව කුසට අහරක් හරියට නැතිව අකුරු කරන්නට මේසයක් පුටුවක් වෙනුවට කොටන් දෙකක් යොදාගෙන මෙවුන් කටුක ජීවිතයක් ගතකරයි.

    හුංගම නගරයේ සිට ප්‍රධාන මාර්ගයේ  බටඅත රුවින්ගම හංදියට පැමිනි පසු ප්‍රධාන මාර්ගයේ වම් පැත්තේ ගල් කොරිය පාර හෙවත් වෙහෙරගල පාරේ දුෂ්කර මාර්ගයක කිලෝ මීටර් එක හමාරක් පමණ ගිය විට මේ අසරණ දරුවා සමඟ ආච්චි ජීවත්වන කුඩා පැල්පත හමුවේ මේ දුක් මුසු කථාවේ ආරම්භය ජී.ජී.කේ චන්ද්‍රා ආච්චි මෙසේ පවසයි.

    මට දුවෙක් සහ පුතෙක් සිටියා දුවගෙ දරුවා තමයි මේ ඉන්නේ  මේ දරුවා මාස තුනේ දි පමණ තාත්ත වෙන කසාදයක් කරගත්ත.

    ඊට පස්සේ දුව මම ලඟ සිටිය දරුව එක්ක ඉට පස්සේ දුවත් වෙන විවාහයක් කරගත්ත දරුවට දුව කැමැතියි ඒත් බාප්ප සමඟ දරුවා තියාගන්න බැහ කියල දරුවා මගේ ලඟ ඉන්නවා.
     
    දුව හිඳ හිට දරුවා බලන්න එනවා. ඒත් දරුවා වෙනුවෙන් සියල්ල කරන්නේ මම මම කුලියට ගඩොල් කපනවා. ඒත දැන් බැහ කොන්දේ කැක්කුමක් නිසා දරුවා හරි ආසයි ඉගනගන්න.
     
    ඉතින් මට සල්ලි නැහැ දරුවාට කන්න දෙන්නෙත් බෙහොම අමාරුවෙන් දරුවාට දැන් වයස අවුරුදු අටක් වෙනවා.
     
    දරුවව කිසිම පාසලකට ගත්තේ නැහැ පස්සේ දරුවව පිරිවෙනකට දැම්ම.  මට මොකුත් අවශ්‍ය නැහ මේ දරුවා ඉලන්නෙ ගෙයක් හදල හදල දෙන්න.
     
    මෙම අසරණ පවුලේ තත්ත්වය සම්බන්දව දැන ගැනිම සිදු වුයේ හුංගම හාතගල නිල්වලා විද්‍යාලයට තරිඳු මධුසංක ඇතුලත් කිරීමෙන් පසුය.
     
    හාතාගල රජමහා විහාරාධිපති  සුමංගල පිරිවෙනේ  හා නිල්වලා විද්‍යාලයේ  අධ්‍යක්ෂ පල්ලේගම ජිනරතන  නායක හාමුදුරුවො මෙසේ සඳහන් කලහ.
     
    ආච්චි අම්ම සමඟ මේ දරුවා අපේ පිරිවෙනට ආවා දරුවා ට පාසල් යවන්න අවශය බව කිව්වා මේ අය පදිංචි ප්‍රදේශයේ සිට පාසල් කිහිපයක් පහු කරගෙන පැමිනි නිසා ඇයි කියල ඇහුවම ආච්චි කිව්වා  ඒ කිසි ම පාසලකට දරුවා ගන්න බැහ කිව්වා කියල.
     
    දරුවා අපි නිල්වලා විද්‍යාලයේ බඳවා ගත්තා දෙවන වසරේ ඉගනුම ලබනව. පංතිභාර මිස් මට ඇවිත් කිව්වා මේ දරුවාට හොඳට ඉගෙන ගන්න පුළුවන් ඒත් ගෙදර මොනවා හරි ප්‍රශ්න ඇති බව දැනෙනනවා කියලා ගුරුවරයා ළමයාට සමිපවිම නිසා දරුවාගේ තත්ත්වය හඳුනා ගැනිමට එම ගුරුවරිය සමත් වු බව දැන ගත්තේ අපේ ගුරුවරු දෙන්නෙක්  නිවස සොයාගෙන ගොස් විස්තර දැන ගැනිමෙන් පසුවයි.
     
    අපිට කල හැකි උපකාර කරනවා. මේ ළමයාට ඉන්න ගෙයක් හදලා දෙන්න කියල තමයි ආච්චිත් ඉල්ලිම කරන්නේ.
     
    තරිඳු මධුසංක ඉගනගන්න පංතියේ  ගුරුතුමිය වන පුෂ්පා කරුනාරත්න මහත්මිය මෙසේ  පවසයි.
     
    මගේ පංතියට දේ දරුවා පැමිනි පසු මම දරුවා සමග කථා කලා වැඩ හොඳට පුළුවන් හැබැයි මොනවා හරි ගැටළුවක් ඇති බව මට පළමු දිනයේම වැට හුනා මම මේ දරුවාගෙන් විමසා සිටිය එවිට දැනගත්ත ආච්චි ලඟදරුවා සිටින  බව කවර හෝ ප්‍රශ්නයක් ඇති නිසා මම මේ බව විදුහල් පති තුමා දන්වලා ඒ මාර්ගයෙන් අපේ නායක හාමුදුරුවන්ට දන්වා සිටිය.
     
    අපේ සර්ල දෙන්නෙක් ගොස් නිවසේ පිංතූර අරගෙන ඇවිත් අපිට පෙන්නුව අපේ පපුව හෝස් ගාල ගියා  මේ වගේ දරුවන් ට දෙමාපියන් දක්වන සෙනහස පිළිබඳ කවි කථා කියා දෙන්නනේ කොහොමද කියලා මම මගේ හදවතින් ඇසුවා.
     
    මම ඉලන්නේ අනේ මේ ඉගන ගන්න පුළුවන් මල් කැකුලට පිපිදෙන්න ඉඩ දෙන්න පුළුවන් මහතුන් ඉන්නවනම්  නිවසක් හදල දෙන්න කියලා අපිත් ඉල්ලනවා. අපිටත් කල හැකි උපකාරයක් කරනවා. 
     ‍විමසීම් හුංගම හාතගල පිරිවෙන 0712581404
    [rns_reactions]
  • ගංවතුරත් සමගම දඹුල්ලේ එළවලු තොග මිල අශ්පගණන්…..

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත් සමඟ විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇත. විශේෂයෙන් දඹුල්ල වෙළෙඳපළට කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන එළවළු සියල්ල කිලෝවක් රු. 150ත් 220ත් තොග මිලක් පවතින බවත් එම මිලටත් වඩා වැඩි මිලක් සිල්ලර වෙළෙඳපළේ පවතී.

    ගෝවා කිලෝවක් රු. 130ත්-140ත්, ලීක්ස් රු. 70ත්-90ත්, කැරට් 220ත් 270ත්, වම්බටු රු. 120-රු. 130ත්, නෝකෝල්, රාබු , දඹල ආදී එළවළු කිලෝව රු.100 සිට 160දක්වා මිල ගණන් පැවතියද බෝංචි කිලෝවක් රු.150ක්ද කැරට් රු. 230ක් ද, අමුමිරිස් රු. 450ක්ද, කරවිල රු.180 කටද, මාළු මිරිස් රු. 280කටද මෑකරල් රු. 120කටද, බීට් රු. 160කටද පැවතිණි.

    මිට සාපේක්ෂව සිල්ලර එළවළු මිල තොග මිලට වඩා දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව සිල්ලර වෙළෙඳපොළට ගොස් සොයා බැලීමේදී අනාවරණය විය.

    [rns_reactions]

  • ඥානසාර හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි වරෙන්තු

    නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් යලි වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තාවේ.

    කුරාණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් සිදු කිරීම හා ජාතික බල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදීම යනසිද්ධීන් දෙකට අදාළව උන්වහන්සේට එරෙහිව මෙම නඩු දෙක පවරා ඇත.

    එම නඩු ඊයේ (15) කැඳවූ අවස්ථාවේ ඥාණසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ පවතින මරණ තර්ජන හේතුවෙන් අධිකරණයට නොපැමිණෙන බවයි. 

    කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න, ඥාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අතර අදාළ නඩුව අගෝස්තු මස 10 වැනිදා යළි කැඳවීමට නියමිතයි. 

    [rns_reactions]

  • පියා සහ පියාගේ මිතුරා වසර 5ක් තිස්සේ දැරියට අතවර කරලා…

    අවුරුදු 11ක් වයසැති පාසල් දැරියක් වසර 5ක් තිස්සේ ඇගේ පියා සහ පියාගේ මිතුරකු විසින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීම කිරීම සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පසුගියදා ගල්ගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර තිබේ. මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගල්ගමුව පොලිස් බල ප්‍රදේශයට අයත්, මුදියන්නෑගම ප්‍රදේශයේ පාසල් දැරියකි. ඇය වයස අවුරුදු 7 සිට මේ දක්වාම ඇගේ පියා හා තවත් පුද්ගලයකු විසින් අවස්ථා ගණනාවකදී අතවරයට ලක් කර ඇති අතර දැරියගේ මව නිවෙසේ නොමැති අවස්ථාවලදී පියා හා මිතුරා විසින් දැරියට බරපතළ ලෙස අතවර කර ඇති බවට මව විසින් පැමිණිල්ලේ සටහන් කර තිබේ.

    කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදාළ දැරිය පාසලේ ගුරුතුමියකට පැවසීමෙන් අනතුරුව ගුරුතුමිය හරහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය දැනුවත් කිරීමෙන් පසු දැරියගේ මවට මේ පිළිබඳව පවසා තිබේ. ඒ අනුව දැරිය හා ඇයගේ මව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් සටහන් කොට තිබේ.

    ඒ අනුව අදාළ සිදුවීමට සම්බන්ධ යැයි සැකකරන පියාගේ මිතුරා එදිනම අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහුව ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකරු මේ මස 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් එල්. ටී. වරුෂවිතාන මහතා නියෝග කර තිබේ. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ගල්ගමුව, මුදියන්නෑගම, කදුරුවැව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. එසේම දැරියගේ පියා ප්‍රදේශයේ නොමැති බවත්, ඔහු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතුව ඇති බවත්, ඔහුද අත්අඩංගුවට ගැනීමට මේවන විට කටයුතු කරමින් සිටින බවත් ගල්ගමුව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    එසේම අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. 

    ගල්ගමුව සමූහ
    එම්. එම්. ක්‍රිෂාන්

    [rns_reactions]