Blog

  • බොලිවුඩ් නිළියගේ මළසිරුර හමු වෙයි.

    තිස් හැවිරිදි බොලිවුඩ් නිළියක වන ක්‍රිතිකා චෞඩ්ද්‍රීගේ මළසිරුර හමු වී තිබේ.

    සුබුර්බන් අන්දීරිඓහි ඇගේ නිවසේදී මෙසේ ඇයගේ මළසිරුර  12  හමු වූ බව පොලිසිය පැවසීය.

    ඝාතනයක් වශයෙන් පොලීසිය මෙම මරණය සැක කරන බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරියකු ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත. මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

    ක්‍රිතිකා චෞද්‍රිගේ නිවස දෙසින් දුර්ගන්ධයක් එන බවට අසල්වාසීන්ගෙන් ආ පැමිණිලි අනුව මළ සිරුර සොයා ගෙන ඇත.

    අන්දීරෛ බටහිර බංගලා හතරකින් සමන්විත භෛරවනාත් නිවාස පෙළෙහි පදිංචිකාරියක වී සිට ඇත.

    නිවසේ දොර කඩා එහි පොලිසිය ඇතුළු වුවද ගෙවුණු දින තුනක් හෝ හතරක කාලයක් තුළදී නිවස අඟුළු ලා තිබුණේ පිටතින් බවද හඳුනා ගෙන ඇතැයි වාර්තා වේ.

    දිරාපත් වෙමින් තිබූ ක්‍රිතිකාගේ මළසිරුර පසුව රංගන ශිල්පිනියගේම බව හඳුනාගෙන ඇත.

    අම්බෝලි පොලිසිය පවසන්නේ තවමත් මිනීමරුවා හඳුනාගෙන නොමැති බව ය.

    ක්‍රිතිකා චෞද්‍රි, හරිද්වාර්හි සිට පැමිණ රංගන වෘත්තීයේ නිරත වූ අතර මෑතකදී කන්ගනා රනෝත් සමග රඟපෑ ‘රජ්ජෝ’ ඇගේ රසික ප්‍රතිචාර වැඩියෙන් ලබා ගත් නිර්මාණය වේ.

    [rns_reactions]
  • ශුරයින්ගේ කුසලානයේ අවසානය සිතල යුද්ධයක් – දිනන්නේ කවුද?

    1998 ආරම්භ වූ ශුරයන්ගේ කුසලානය හෙවත් Champion Trophy, මෙවර පැවැත්වුයේ හත්වෙනි වතාවට. මෙහි සත්කාරත්වය දැරීමට ගියවර මෙන්ම මෙවරත් එංගලන්තය තීරණය කළා. පුරා දින 18 ක් පැවැත්වෙන මෙම තරඟ මාලාවේ අවසන් අදියරයි මේ එළඹ ඇත්තේ. ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීම් වල ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 8 ක් තෝරාගනිමින් පවත්වන මෙම කුසලානය මෙවර පැවැත්වුයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදෙශය, පාකිස්ථානය, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව යන කණ්ඩායම් අටේ සහභාගිත්වයෙන්.

    දැනට පවත්වා ඇති චැම්පියන්ස් කුසලාන තරඟ 7න් දෙවරක් ඕස්ට්‍රේලියාවද, දෙවරක් ඉන්දියාවද, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව් දුපත සහ ශ්‍රී ලංකාව එක්වර බැගින් ශුරතාව දිනාගෙන තිබෙනවා. ( මෙහි එකතුව 8ක් වන්නේ 2002 දී පවතී චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට දිගටම වර්ෂාවෙන් බාදා එල්ලවීම හේතුවෙන් ශුරතාව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර බෙදී ගිය නිසා ). කෙසේ නමුත් මෙවර කුසලානය දැන් හිමිවීමට නියමිතව තියෙන්නේ ආසියාතික රටකට. ඊයේ පැවති එංගලන්තය හා පාකිස්තාන අතර තරඟයෙන් පාකිස්තානයට පහසු ජයක් ලැබුණු අතර අද දෙවන අවසන් පුර්ව වටය පැවැත්වුනා.

    දෙවන අවසන් පුර්ව වටය පැවැත්වුනේ B කාණ්ඩයේ පෙරමුණ ගත් ඉන්දියාව හා A කාණ්ඩයේ දෙවන ස්ථානයේ සිටි බංගලාදේශ පිල අතරයි. ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට බංගලාදේශය තීරණය කල අතර, සුපුරුදු පරිදි තමිම් ඉක්බාල් මෙවරද හොඳ ආරම්භයක් බංගලාදේශය වෙනුවෙන් ලබාදුන් අතර පන්දුවාර 28ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 154 ක් ලබමින් බංගලාදේශ හොඳ ස්ථාවර මට්ටමික් සිටියත්, ඉන්දියාවේ පන්දු යැවීමේ බල ඇණිය යටතේ බංගලාදේශයට පන්දුවාර 50 අවසානයේ ලබාගත හැකි වුයේ කඩුලු 7ක් දැවී ලකුණු 264 ක් පමණි. තමීම් ඉක්බාල් ලකුණු 70 යි, මුස්ෆිකුර් රහීම් ලකුණු 61 යි.

    පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර්, බුම්රා සහ යදාව් අතර කඩුලු 2ක බැගින් බෙදී ගියා.

    ලකුණු 265 ක ඉලක්කයක් හඹා යන්න පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සුපුරුදු පරිදි හොඳ ආරම්භයක් ලබා දීමට ශිකර් දවාන් සහ රෝහිත් ශර්මා සමත් වුනා. ලකුණු 46 ක් ලබා සිටියදී ශිකර් දවාන් දැවී ගිය අතර ඉන් පසු පිටියට පිවිසියේ නායක විරාත් කෝලි. ඉතින් කියන්න ඕනේ නැහැනේ බංගලාදේශයට වුන දේ. පනුදුවාර 40.1 කින් කඩුලු එකක් පමණක් දැවී තම 265 ඉලක්කය වෙත පහසුවෙන් පිවිසීමට ඉන්දීය කණ්ඩායමට හැකි වුනා.

    [rns_reactions]

  • බහුතර නැත්නම් ගෙදර යන්න! – වාසුගේ නෙත් කදුලින් තෙත්කරමින් විගිට නියෝගයක්

    උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන්ට පළාත් සභාවේ බහුතර බලය තහවුරු කර පෙන්වන ලෙස පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ දැනුම්දීමක් සිදු කරන බව පවසනවා.

    විග්නේෂ්වරන්ට බහුතර බලය තිබෙන බව ඔප්පු කළ හැකි වුවහොත් තවදුරටත් මහඇමති ධූරයේ සිටිය හැකි බවත් එසේ නොවුන හොත් ඔහුට ධූරයෙන් ඉවත් වීමට සිදු වන බවද සඳහන් කරුණා.

    උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ධුරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලා පළාත් සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) දිනයේදී ආණ්ඩුකාරවරයා වෙත භාරදී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් ඔහු මෙම දැනුම්දීම සිදු කර තිබෙනවා.

    රෙජිනෝල්ඩ් කුරේ ආණ්ඩුකාරවරයා වැඩි දුරටත් සඳහන් කළේ මෙවැනි පෙත්සමක් භාර දුන් විට එය නැවත තහවුරු කර ගැනීම තමන්ගේ රාජකාරිය බවයි.

    [rns_reactions]

  • බැසිල්ගේ දිවි නැගුම ලිත් නඩුව දිනපතා විභාග කරන්න අධිකරණ නියෝග!

    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 13 දා සිට දිනපතා විභාග කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  නියම කළේය.

    පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කොට මෙම ලිත් මුද්‍රණය කර ඇති බවට චෝදනා ගොනු කොට ඇත. මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළ විනිසුරුවරයා ඔවුන්ට ඒ බව දැනුම් දෙමින් සිතාසිද නිකුත් කළේය.

    මීට පෙර අවස්ථාවකදී මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත‍්‍ර බාරදුන් විනිසුරුවරයා විත්තිකරුවෙකු රුපියල් ලක්‍ෂය බැගින් මුදල් හා රුපියල් ලක්‍ෂ 05 බැගින් වටිනා ශරීර ඇප මත මුදා හරින ලදී.

    [rns_reactions]

  • හාර කෝටිය මොකද උනේ? බලන්න ඔබත්…

    https://www.youtube.com/watch?v=oDDgC7bnGU0

    [rns_reactions]

  • ”30000ක් දෙන්නම් ඔයා ඇඳපු ඇඳුමක් දෙන්න” – මානසික රෝගියෙක්ගෙන් ලංකාවේ කිම් කාඩිෂන්ගේ ඇඳුමකට ලංසුවක්

    ලංකාවේ කිම් කාඩිෂන් ලෙස පසුගිය කාලයේ ජනප්‍රියත්වයට පත්වූ නිරූපිකාවක වන නතාශා රත්නායකගෙන් භාවිතා කළ යට ඇදුමක් ඉල්ලූ පුද්ගලයෙකු පිළිබද ඇය සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා.

    විවිධ පුද්ගලයන්ට විවිධ අශා තිබෙන බවත් තමන්ගේ අශාව සහ කැමැත්ත කාන්තා යට ඇදුම වලට බවත් පවසා තිබෙන මේ පුද්ගලයා භාවිතා කළ යට ඇදුමක් ලබා දීමට නතාශාට රුපියල් 25,000ක මුදලක් යෝජනා කර තිබෙනවා. 

    ඇයගෙන් පිළිතුරක් නොවු විට සිය මුදල රුපියල් 30,000 දක්වා වැඩි කර තිබෙන පුද්ගලයා සිය යෝජනාව පිළිබද නැවත සලකා බලන ලෙසින් ඇගෙන් ඉල්ලා ඇත්තෙ මෙලෙසින්..


    [rns_reactions]

  • කොපිකල හැකිය. සමකල නොහැක. සංගාගෙන් කොපිකල අජ්මාල්ගේ බාල වැඩක් එලියට….

    ශූරයන්ගේ කුසලානයේ පළමු අවසන් මහා තරගය එංගලන්තය සහ පාකිස්තානය අතර ඊයෙ පැවැත්වුනා. 

    මෙහිදි කිසිවෙකු නොසිතු ලෙසින් පෙරෙළිකාර ජයක් ලැබු පාකිස්තානය ශූරයන්ගේ කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබු පළමු කණ්ඩායම බවට පත් උනා. 

    මෙහිදි පාකිස්තානු කණ්ඩායමට සිය ට්විටර් ගිණුම ඔස්සෙ සුභ පැතු සුපිරි ක්‍රිඩක සංගා පවසා තිබුනෙ ප්‍රථම තරගයෙන් ඉන්දියාවට පරාජය වූ පසුව අවසන් මහා තරගයට තේරී පත්වීම පෙරළිකාර බවයි.

    සංගාගේ ට්විටර් පණිවිඩය එක් කර ස්වල්ප වේලාවකට පසු එම පණිවිඩයම පාකිස්ථානයෙ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් සිය ගිණුමට එකතු කර තිබුනා. 

    සයිඩ් අජ්මාල් , ශාහීඩ් අෆ්රිඩි ඇතුලු බොහො පාකිස්තානු ක්‍රිඩකයන් මින් පෙර ඉංග්‍රිසී භාෂාව හැසිරවීමේ දුර්වලතා නිසා ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ හාස්‍යයට ලක් වීම විශේෂත්වයක්.


    [rns_reactions]

  • පුංචි ඡන්දයට ජනපති මෛත්‍රී සමගින් ශ්‍රීලනිපය සූදානම්! ඒකාබද්ධ විපක්ෂයටත් ඇරයුම්

    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා සඳහන් කළේ පක්ෂයේ නීති රීතිවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ද ආරම්භ කර ඇති බවයි.

    දැනට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සාමාජිකයින්්ට ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත් වන ලෙස ආරාධනා කරන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

    [rns_reactions]

  • උතුරු කොරියාවේ නිරුවත කැමරා ශිල්පියෙක් හෙළිකරයි (Exclusive)

    උතුරු කොරියාව පිළිබඳ බාහිර ලෝකයේ සිටින බොහෝ දෙනා දැනගන්නේ එරට නිල පුවත් ඒජන්සිය වන කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය හෝ වෙනත් රාජ්‍ය මාධ්‍යයක් හෝ පළ කරනු ලබන ඡායාරූප මගින් පමණයි. උතුරු කොරියාව ඉතා සීමා සහිත සංචාරකයින් ප්‍රමාණයකට එරටට පැමිණෙන්න ඉඩ දුන්නත් එ්වා ඉතාම දැඩි කොන්දේසි සහිතව කෙරෙන ගමන් වාර වනවා. තනි තනිව සංචාරකයන්ට උතුරු කොරියාවේ ගමන් කරන්නට අවසර නැහැ. එමෙන්ම එරටින් ඡායාරූප පිටතට ගෙන ඒමත් ඉතා අපහසුයි.

    2016 දී මේ අපහසු කටයුත්ත සිදු කිරීමට ඡායාරූප ශිල්පී මයිකල් හුනිවිට්ස් සමත් වුණා. මෙම ඡායාරූප උතුරු කොරියානු ජන ජීවිතය පිළිබඳ මනා පැතිකඩක් ලබා දෙනවා. ඔහුගේ ඡායාරූප එකතුවෙන් ඡායාරූප කිහිපයක් පිළිබඳ ඔබට විස්තර කිරීමට අප කල්පනා කළා.

    උතුරු කොරියාවට චීනය දෙසින් ඇතුලු වන මුරපොළේදී ඉදිරිපත් කෙරෙන ලියවිල්ලක්. මෙහිදී රට තුළට ගෙන යාමට තහනම් ද්‍රව්‍ය අැත්දැයි බැලීමට සෝදිසියක් කරනු ලබනවා. ලැප් ටොප් පරිගණක ද සෝදිසි කෙරෙන අතර උතුරු කොරියාවේදී තහනම් චිත්‍රපට සඳහා ද පරීක්ෂා සිදු කරනවා.

    සංචාරකයන් ඇතුලු වන ඩන්ඩොං දුම්රියපොළෙහි වූයේ කිහිප දෙනෙකු පමණි.

    මයිකල් ගමන් ගත් දුම්රිය යන තුරු බලා සිටින ගැමියන් කිහිප දෙනෙක්.

    පැරණි ට්‍රක් රථයක නැගුණු සොල්දාදුවන් කිහිප දෙනෙක්.

    සැතපුම් ගණනක් ඈතට දිවෙන කුඹුරු යායවල්.

    කුඩා නගරයක පැරණි නිවාස.

    ප්‍යොංග්යෑංග් අගනුවර දුම්රිය ස්ථානය . මයිකල් පවසන්නේ හොඳින් ඇඳ පැළඳගත් මෙම උතුරු කොරියානුවන් අරමුණක් නැතිව ඔබ මොබ යන්නේ සංචාරකයන්ට පෙනෙන ලෙසින් පමණක් බව පැහැදිලිව පෙනුණ බවයි.

    ප්‍යොංග්යෑංග් නගරයේ “ජනාකීර්ණ” දසුනක්.

    රථවාහන පොලිස් නිලධාරිනියක් රාජකාරියේ නියැලෙමින්. ප්‍යොංග්යෑංග් හි පුළුල් වීථි තිබුණ ද ඒවායේ රථ වාහන ඇත්තේ අතලොස්සකි.

    හෝටලයේ විමසීම් කවුන්ටරය අසළ රූපවාහිනී තිරයේ ද දිස් වන්නේ ප්‍රචාරක පටයකි.

    ප්‍යොංග්යෑංග් නගරය.

    උතුරු කොරියානු නායක කිම් ජොංග් – අන්ගේ සීයා වූ උතුරු කොරියාවේ “සදාතනික නායක ” කිම් ඉල් – සුංග් සහ කිම් ජොංග් – අන්ගේ පියා වූ කිම් ජොංග් – ඉල්ගේ විශාල ප්‍රමාණයේ ප්‍රතිමා.

    ස්මාරක භූමියක් පිරිසිදු කරන තරුණියන් පිරිසක්.

    ප්‍යොංග්යෑංග් හි සාප්පු සංකීර්ණවල රාක්ක බොහොමයක් හිස් ය .

    තට්ටු නිවාස සංකීර්ණ.

    බස් රථයක්.

    හිස් ආසනවලින් “පිරුණ” අවන්හලක වේටර්වරියක්.

    [rns_reactions]

  • අසේල ගුණරත්න ගැන ඔබ නොදත් රහසක් කරලියට……

    අසේල ගුණරත්න පකිස්ථානය සමග තරගය දා උදෑසන වනතුරුත් තරග කිරීමට සුදානමක් නොතිබූ බව පවසන කණ්ඩායම් කළමනාකරු හා තේරීම් කමිටු සාමාජික අසංක ගුරුසිංහ, උපුල් තරංගට පන්දු යැවීම පමාවීම ගැන විනිසුරුවන් 7 වතාවක් අවවාද කළ බව සඳහන් කළා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ ඊයේ (14) පවතී මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව කියා සිටියා.

    https://www.facebook.com/hirunews/videos/1337698652994890/

    [rns_reactions]

  • තාජුදීන් ඝාතනයේ තොරතුරු සැගවූ හමුදා ප්‍රබලයින් දෙදෙනෙක් ගැන ඇත්ත එලියට…

    රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයට ලක්වූ කාලය තුළ යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ලෙස සිටි අය කළ කී දෑ සම්බන්ධ ලිඛිත සටහන් හමුදාපති හා නාවිකහමුදාපතිගෙන් රහස් පොලිසිය ඉල්ලා ඇතත් ඔවුන් ඒවා ලබාදීම මෙතෙක් පැහැර හැර ඇතැයි වාර්තා වේ.

    ප්‍රශ්නගත කාලසීමාව තුළ කළ රාජකාරි, නිවාඩු ලබා ඇත්නම් නිවාඩු ලේඛන හා නිවාඩු අයැදුම්පත් යන ලේඛන ලබාදෙන ලෙස රහස් පොලිසිය හමුදාපති හා නාවික හමුදාපතිගෙන් ලිඛිතව ඉල්ලා ඇති බව පැවසේ.

    අදාළ ලේඛණ ඉල්ලා සිටීමට හේතුවී ඇත්තේ වසර 2012-05-10 සිට 2012-05-22 දක්වා කාලය තුළ යෝෂිත රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරීන් ලෙස කටයුතු කළ හමුදා නිලධාරීන් විසින් රාජකාරි සිදුකරනු ලබන දෛනික ලේඛනයේ කොළ කපා හෝ කඩා ඉවත් කිරීමට කටයුතුකර තිබීම නිසාය.

    කෙසේවුවද, මේ ලේඛන පාවිච්චි කරණ ලද හා ඒවායේ භාරකාරත්වය තිබූ හිටපු ජනපති ආරක්ෂක අංශයේ උසස් හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් දැරූ 22දෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් රහස් පොලිසියේ මිනීමැරුම් විමර්ශන අංශය ප්‍රශ්න කර ඇති බවද පැවසේ.

    [rns_reactions]

  • ආවේස වූ එක්නැලිගොඩ බිරිදගේ නාටකයෙන් ත්‍රිකුණාමලයේ පුංචි යුද්ධයක්……

    දින සියයක් ඉක්ම ගිය ද තම ඉල්ලිමවලට රජය පිළිතුරු ලබාදිමට අපොහොසත් වුවා යැයි කියමින් ත්‍රිකුණාමලයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයේ යෙදි සිටින අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසක් අද ඒ අසල මුහුදට පැන්න අතර තවත් පිරිසක් ඔවුන් බේරාගනු ලැබිය.

    දරුවන් නොමැතිව තමනට ජිවත් විමෙන් පලක් නැතැයි කියමින් පිරිසක් මුහුදට පනිද්දි උද්ඝෝෂණයේ යෙදි සිටි තවත් පිරිසක් ඔවුන් බේරාගත් අතර කොටසක් මුහුදට බැස හඩමින් රජයට බැන වැදුනහ.

    කොටසක් මුහුදට පනිද්දි අසල සිටි තවත් පිරිසක් කියා සිටියේ ඉතිරි දරුවන් වෙනුවෙන් තමන් ජිවත් විය යුතු බවය.

    උද්ඝෝෂණයේ යෙදිසිටි පිරිස අතර සිටි අතුරුදහන් වු ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ ද මුහුදට පැන්න අය අතර සිටිමද විශේෂත්වයකි.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික් අතුරුදහන්වුවන්ගේ ඥාතින් ගේ සංගමයේ ලේකම් නාගේන්ද්‍රන් ජෙයලක්ෂ්මි හෙවත් ආශා සිදු වු සිද්ධිය ජංගම දුරකතනයෙන් විඩියෝගත කල ආරක්ෂක බුද්ධ අංශ සමාජිකයන් කිහිපදෙනෙකුට බැණවැදිම නිසා එම පිරිස ඉවත්ව ගියේය.

    මාධ්‍යවේදින් නොවන අය මෙය විඩියෝ ගතකිරිම සම්බන්ධයෙන් ඇය එහිදි විරෝධය පල කලේය.

    ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ අතුරුදහන් වුවන්ගේ ඥාතින් ගේ සහයට මඩකලපු ,වව්නියාව ආදි ප්‍රදේශවලින් ද පිරිස් පැමිණ සිටියහ. උද්ඝෝෂණයේදි යෙදි සිටි සියලු දෙනා අතුරුදහන් වු හා පැහැරගත් තම ඥාතින්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කර විරෝධතාවයේ යෙදිසිටි අයුරු දැකගත හැකිවිය.

    තම ඥාතින්ට සිදුවුයේ කුමක්ද යන්න හෙලිකිරීම, ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කිරිම, දේශපාලන සිරකරුවන් නිදහස්කිරිම යන ඉල්ලිම් මුල්කරගෙන මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කර තිබුණි.මෙම අවස්ථාවේ ජයාරූප පහතින්

    [rns_reactions]

  • ඉන්දියාවේ කෝලි යලිත් වංචාවක – නොදුටු අයට බලාගන්න ශෙයා කරන්න…

    ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය බර්මින්හැම්හිදී අද (15 වැනිදා) පැවැත්වෙන අතර පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 25 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 142 ක් රැස්කිරීමට සමත් විය. ටමීම් ඉක්බාල් නොදැවී ලකුණු 66 ක් සහ මුෂ්ෆීකූර් රහීම් නොදැවී ලකුණු 46 ක් රැස්කරමින් දෙවැනි කඩුල්ල සදහා ලකුණු 111 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූහ.

    ඉන්දියාවට අවශ්‍යම කඩුල්ලක් වූ මුෂ්ෆීකූර් රහීම්ගේ කඩුල්ල ඉතා නුවනක්කාරි ලෙස ලබා ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් විය.පිතිකරුවාට පන්දුවට පහර දීමට පිටියේ ඉඩ තබා පන්දුව පිතිකරුවාට යොමු කරනවාත් සමගම විරාත් කෝලි පන්දුවට පහසුවෙන් පහර දීමට හැකි ප්‍රෙදේශය වෙත දිව ගියේය.මෙය නොදුටු මුෂ්ෆීකූර් රහීම් එම ස්ථානයෙන් පහරක් එල්ල කල අතර එය රැක ගැනීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් විය.

    ඉන් පසුව ඉන්දීය නායක විරාත් කෝලි සතුටින් පිටියේ හැසිරුණු අකාරය දැක්වෙන වීඩියෝව පහතින්.

    https://youtu.be/UZ7ZW0iiwfQ

    [rns_reactions]