Blog

  • ආර්ථිකය පතු‍ලේම හිටියත් අපි බොහෝම සතුටින් ජීවත් වුණා – චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

    දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සංගීත ක්‍ෂේත්‍රය තුළ එක වගේම සිය ජනප්‍රියත්වය රඳවාගෙන සිටින චන්ද්‍රසේන හෙට්ටිආරච්චි තමයි මෙවර සතුටයි දුකයි විශේෂාංගයට එකතු වෙන්නේ. ජීවිතය පුරා විඳි දාහකුත් එකක් අත්දැකීම් හමුවේ ඇහැට කඳුළක් ඉනූ අවස්ථා මෙන්ම මුවඟට සිනහවක් නැගුණු අවස්ථාවත් ඔහු මෙසේ විස්තර කළා.

    සතුටයි දුකයි කියන්නේ මොකක්ද කියලා අපි ඔබට කියනවා කෙටියෙන් නිර්වචනය කරන්න කියලා. ඔබ කොහොමද එය කරන්නේ?
    සතුට කියන්නේ හිත නිදහස් වීමට. දුක කියන්නේ දුක්බර සිතිවිලි ඇතිකරන්නට බලපාන හේතු මොනවද කියලා හරි හැටි තේරුම් නොගැනීම.

    කලා ජීවිතය තුළ ඔබ විඳි ලොකුම දුක මොකක්ද කියලා අපි ඇහුවොත්?
    1979දී ජාතික තරුණ සේවා සභාව යොවුන් ගී කණ්ඩායම නමින් සංගීත කණ්ඩායමක් ඇති කරන බව දන්වලා පුවත්පත් දැන්වීමක් පළකර තිබුණා. මමත් ඒ සම්මුඛ පරීක්ෂණයට ගියා. ඔන්න මගේ අවස්ථාවත් උදා වුණා. මම අදාළ පරීක්ෂණ කාමරයට යද්දී පරීක්ෂක මඬුල්ල ලොකු කතාබහක. ඒ අය මගේ දිහා බලන්නෙවත් නැතිව දන්වලා එවන්නම් කිව්වා. එදා මම ආපහු හැරිලා ආවේ දරාගන්න බැරි දුකකින්.

    කලා ජීවිතයේදී අත්විඳපු ලොකුම සතුට මොකද?
    මම 1979දී ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මාන උළෙ‍ලේ ගායන අංශයට සහභාගි වෙලා ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත්තා. එහි ප්‍රතිඵලයක් විදිහට තරුණ සේවා සභාවේ යොවුන් ගී කණ්ඩායමට මාව බඳවා ගත්තා. කලින් වතාවේ සම්මුඛ පරීක්ෂණයෙන් මාව ප්‍රතික්‍ෂේප කළේ ගීත කණ්ඩයක්වත් ගයන්න නොදී. පස්සේ දවසක ඒ කියන සංගීත කණ්ඩායමටම මාව තෝරා ගත්තෙත් සම්මුඛ පරීක්ෂණයක්වත් නොතියා. එදා මට ලොකු සතුටක් ඇතිවුණා.

    පෞද්ගලික ජීවිතයේදී වඩාත්ම සතුටු වුණේ කවදාද?
    1994 අගෝස්තු 20 වැනිදා කුළුඳු‍ලේට පිය පදවි හිමිකරමින් පුතා ඉපදුණේ එදා.

    පෞද්ගලික ජීවිතයේදී වඩාත්ම දුක්වුණේ?
    1992 මාර්තු 7 වැනිදා මගේ පියාගේ අභාවය සිදුවූ දිනය තමයි ඒ.

    ආර්ථික ගැටලු හින්දා දුක්විඳි කාලයක් ඔබේ ජීවිතය තුළ තිබුණා නේද?
    අපේ පවු‍ලේ අයියයි, අක්කයි, මමයි, නංගිල තුන්දෙනයි, පාන් රත්තලක් ගෙනැත් පෙති 8කට කපලා අපි හැමෝම කාපු කාලයක් තිබුණා. පුංචි පාන් පෙත්තක් කාලා බඩ පුරවා ගත්තේ වතුර වීදුරුවක් බිලා. අපි ආර්ථිකයේ පතු‍ලේම හිටපු පවුලක්, හැබැයි ඒක මට දුකක් ‍නෙවෙයි. මොකද අපි බොහෝම සතුටින් ජීවත් වුණ නිසා.

    අද ගෙවන ජීවිතය ගැන හිතන විට ලොකු සතුටක් දැනෙනවා ඇති?
    අද මට හොඳ බිරිඳක් ඉන්නවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මට සතුටුවන්න පුළුවන් වීදියේ ජීවන රටාවක් තියෙනවා. අද මම ඉන්නේ සතුටින්.

    වැඩියෙන්ම සතුටක් විහිඳිලා තියෙන්නේ එදා ජීවත් වූ ගම් පියස තුළද? අද ජීවත් වන කොළඹ පරිසරය තුළද?
    එදා මම ජීවත් වුණේ යටියන්තොට ගරුගොඩ ගමේ. අද කොළඹ ජීවත් වනවා. මම නම් හිතන විදිහට සුන්දරත්වය, සතුට රැඳිලා තියෙන්නේ තමන් ජීවිතය දකින සහ වින්දනය කරන ආකාරය අනුවයි. ඉන්න පරිසරය තමන්ට ගැළපෙන විදිහට ගැටගසා ගත්තොත් ගම වුණත් නගරය වුණත් මටනම් වරදක් නැහැ.

    අනාගතය ගැන හිතන විට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
    ලොකු සතුටක්. මොකද මම මෙච්චර කාලයක් ජීවිතේ ගොඩනගා ගත්තේ සැලසුම් සහගතව. මගේ දරුවන්ගේ අනාගය ගැනත් සුබවාදී හැඟීමක් මට තියෙනවා. ඒ හින්දා අනාගතය ගැන කිසි අවිනිශ්චිත බවක් මට නැහැ.

    [rns_reactions]

  • අද තරගයේදි මොකද වෙන්නේ? මැතිවුස්ගෙන් අමුතු අන්දමේ ප්‍රකාශයක්…

    ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක ක්‍රිකට් තරඟය ආරම්භ වීමට තව ඇත්තේ පැය කිහිපයකි.ශ්‍රී ලංකාව සහ පකිස්ථානය යන කණ්ඩායම් දෙකම එකම වර්ගයේ කණ්ඩායම් දෙකක්ය.කොයි මොහොතේ පුපුරා යනවාදැයි කාටවත් අනාවැකි කිව නොහැක.

    තරඟයට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද තරඟයේදී කිරීමට යනදේ හෙළි කර ඇත.

    “පාකිස්තානය භයානක කණ්ඩායමක් බව අපි සියළු දෙනාම දන්නවා. ඔවුන්ගේ දිනයේදී සාර්ථක ක්‍රීඩාවක් කරමින් ඕනෑම කණ්ඩායමක් පැරදවීමේ හැකියාව පාකිස්තානයට තියෙනවා. ඔවුන් පරාජය කරන්න නම් අපි ඔවුන්ට වඩා ඉහළින් සිටිය යුතුයි. ඉන්දියාව පරාජය කළා කියලා සෑහීමට පත්වීමක් අපට නැහැ. මේ වගේ තරගාවලියක සෑහීමට පත්වීමට හෝ තෘප්තිමත් වීමට ඉඩක් නැහැ.

    තරඟයේ ක්‍රීඩා කරන කණ්ඩායම පිළිබඳවත් මැතිව්ස් ඉඟියක් ලබදී ඇත.

    “කුසල් අහිමි වීම ලොකු පාඩුවක්. ඔහු ඉතා හොඳින් ‘බැට්’ කළා. අපි එයාව ගෙනාවේ තුන්වැනි ආරම්භක පිතිකරු විකල්පය ලෙසයි. නමුත් එයා මැද පෙලේත් හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ නිසා ඔහු ඕනෑම ස්ථානයක ‘බැට්’ කළ හැකි ක්‍රීඩකයෙකි. ඒ නිසා අපට විකල්ප බොහොමයක් ලැබුනා.,කුසල් ආපසු යාම අවාසනාවකි. නමුත් ධනංජයත් ඉතා හොඳ ක්‍රීඩක‍යෙක්. දැනට අපට ඉතිරි වෙලා ඉන්නේ පිතිකරුවන් හත් දෙනෙක් පමණක් නිසා අපට එයාව ගෙන්න ගන්න සිද්ධ වුනා. අපි තවමත් විකට්ටුව බැලුවේ නැහැ. විකට්ටුව පරීක්ෂා කරලා තරගය දින උදයේ අපි තීරණයක් ගන්නවා. තරගයට ක්‍රීඩා කිරීමේ ලොකු ‘චාන්ස්’ එකක් ධනංජයට තියෙනවා. නමුත් අපි තවම තීරණයක් අරගෙන නැහැ.”

    මෙම තරඟයේදී මැතිව්ස් විශේෂයෙන් තමන්ගෙන් වියයුතු දෙය කණ්ඩායමට ලබාදීම පිළිබඳවද අදහස් දක්වා ඇත.

    “කණ්ඩායම මගෙන් අපේක්ෂා කරන දේ උපරිමයෙන්ම කරන්නත් මම අපේක්ෂා කරනවා.මොකද මම නායකයෙක් විදියට විතරක් නෙවෙයි කණ්ඩායමේ ඉන්නේ.මගෙන් කණ්ඩායමට කරන්න පුළුවන් මොන දේද ඒ දෙය හරියටම කලාම තමයි මම තෘප්තිමත් වෙන්නේ.”

    එමෙන්ම මැතිව්ස් පවසන්නේ තමන් තවමත් ඉගනගනිමින් සිටින බවයි.

    “ඉගන ගන්න එක කවදාවත් ඉවර වෙන්නේ නෑ,හැම තරඟයක්ම අපිට ලොකු පාඩමක් කියල දෙනවා.අපි ඒ දේ ඉගන ගෙන අවසතාවල් හදන එක තමයි කරන්න ඕන.”

    [rns_reactions]

  • ගංවතුරෙන් විපතට පත් සංවර්ධන ලොතරැයි අලෙවිකරුවන්ට ඇමති රවී බඩ කට පිරෙන්න සලකයි

    පසුගිය ගංවතුර ව්‍යසනය හේතුවෙන් සිය වෙළද ස්ථාන විනාශවී ගිය සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් අලෙවිකරුවන් හට නව ලොතරැයි වෙළද සැල් සහ සන්නිවේදන උපකරණ ලබාදීම ඊයේ (11) දින මාතරදී සිදු කෙරිණි.

    ලොතරැයි ඉතිහාසයේ පළමු වතාවට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයක් පරිදි මෙම ලොතරැයි අලෙවිසල් සහ සන්නිවේදන උපකරණ විපතට පත්වූවන්ට නොමිලේ ලබාදීම විශේෂ අවස්ථාවක් විය. මීට පෙර පැවති රුදුරු විපත් අතුරින් සුනාමි ව්‍යසනයට හසුවූ සංවර්ධන ලොතරැයි කුටි වලට පවා එවකට රජය අර්ධ සහනයක් පමණක් ලබාදී තිබුන අතීතයක් වෙනස් කරමින් ලොතරැයි වෙලෙන්දාගෙන් ලබාගන්නා 50% මුදල ලබා නොගෙන එම මුදල් ඔවුන්ගේ පවුල්වල සුභසුද්ධිය උදෙසා යොදවන ලෙස දැන්වූ අමාත්‍යවරයා, මෙම වෙළද කුටි සහ සන්නිවේදන කුටි සදහා මුදල් ලබාගැනීම එකහෙලාම ප්‍රථික්ෂේප කලේය. එම තීරණයත් සමග ලොතරැයි අලෙවිකරුවන් ඉමහත් බලාපොරොත්තු සහිතව සිය අනාගතය පිළිබදව අමාත්‍යවරයා සමග සුහදව කථාකරනු දක්නට ලැබුණි.

     

    එසේම ඔවුන් හට පැනනැගී ඇති ගැටලු පිළිබදවද අමාත්‍යවරයා අලෙවිකරුවන් සමග පුද්ගලිකවම අදහස් හුවමාරුකරගත් අතර, සියලු ලොතරැයි අලෙවිකරුවන් අමතා ඔහු ප්‍රකාශ කර සිටියේ. ඉදිරියේදී වැඩි පහසුකම් සහිත අනර්ඝ සහ අලංකාර වෙළද කුටියක් ලබාදෙන බවත් ඒ සදහා මේවන විට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන බවත්ය.

    [rns_reactions]

  • අද පකිස්ථානයට වාසියිලු – කෙප්ප කෙලින එංගලන්ත සුමනදාසගෙන් තවත් අනාවැකියක්….

    අනාවැකි කීමෙන් අපේ වචනයෙන් කියනවානම් පචවී සිටින එංගලන්ත හිටපු නායක මයිකල් වොන් පසුගිය සතියේ චැම්පියන්ස් කුසලානය පිළිබඳව පල කල සියලු අනාවැකි පාහේ වැරදී තිබෙන අතර ඔහු මේ දිනවල ට්විටර් හරහා දැඩි ලෙස හාස්‍යයට ලක්වී තිබේ.

    පකිස්ථාන කණ්ඩායම පරාජයට පත්වනවා යයි කියූ වොන් එම අනාවැකියෙන් පැරදී ශ්‍රී ලංකා ඉන්දියා තරඟයේ ඉන්දියාව ජයගන්නවා යයි කියූ අනාවැකියද වැරදුන අතර නවසීලන්තය සහ බංගලාදේශ තරඟය නවසීලන්තය විශාල ලකුණු පරතරයකින් ජයගන්නවා යයි කියූ අනාවැකියද වැරදී ඇත.

    මේ අතර අද තරගය පකිස්ථානයට වාසි දායක බව ඔහු පවසා ඇති අතර එයද මේ වනවිට සියලුදෙනාගේ හාස්‍යයට ලක්වි ඇත.

    capture-20170611-200033

    capture-20170611-200137

    capture-20170611-200259

    capture-20170611-200339

    capture-20170611-200449capture-20170611-200736

    capture-20170611-200822

    [rns_reactions]

  • අයිස්ක්‍රීම් දන්සල නවතා පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ කල සුපිරි වැඩක්….

    අක්මීමන – තේජා සිංහබාහු හබරාදුව – අනුර ප්‍රියන්ත

    හබරාදුව, පිටිදූව ‘ළබැඳි මිතුරෝ’ පදනම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් වසර දහයක් පුරා පවත්වාගෙන පැමිණි අයිස්ක්‍රීම් දන්සල නවතා ඒ සඳහා එකතු වූ මුදල, කොඳුඇට පෙළ අක්‍රමවත්ව නැවීයෑමේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව සිටින අසරණ පාසල් සිසුවියකගේ සැත්කම සිදුකිරීම සඳහා ලබාදීම පොසොන් පෝදා සිදු කෙරිණි.

    හබරාදුව, ලියනගොඩ ‘දහම්පාය’හි පදිංචි ජේ. ඒ. කවිෂා (17) නමැති පාසල් සිසුවිය මෙසේ දරුණු අස්ථි රෝගයකට ගොදුරුව ඇති අතර ඉන්දියාවේදී සිදු කළ යුතු ඇයගේ රෝගය සුව කිරීමට අත්‍යවශ්‍ය සැත්කම වෙනුවෙන් ලක්ෂ 25ක මුදලක් අත්‍යවශ්‍යව තිබී ඇති අතර එම මුදලින් රුපියල් ලක්ෂ 16ක පමණ මුදලක් මේ වන විට සොයාගෙන ඇත. අදාළ සැත්කම සිදුකිරීම සඳහා අවශ්‍යවන මුදල් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සල වෙනුවෙන් එකතුවී තිබූ රුපියල් ලක්ෂ එකහමාරකට අධික (1,55,000) මුදල මෙලෙස එම සිසුවිය අතට ලබා දෙන ලදී.

    ළබැඳි මිතුරෝ නම් මෙම සංවිධානය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීද අසරණ පවුල් සඳහා නිවාස තනාදීම ආදී සත්කාර සිදුකොට තිබිණි.
    මේ දැරියට අදාළ මුදල් පරිත්‍යාගය කිරීම වෙනුවෙන් හබරාදුවේදී සංවිධානය කළ උත්සවයට හබරාදුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    [rns_reactions]
  • වෙනස් උනේ නම විතරද? විදේශ ඇමැති රවීට ලොතරැයියත් පවරයි..

    රජය මගින් ඉකුත් දා ප්‍රකාශයට පත් කෙරුණු නව කැබිනට් සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යංශවලට අයත් ආයතන හා විෂයන් වෙන් කෙරෙන නව ගැසට් නිවේදනය නිකුත් වී තිබේ.

    ඒ අනුව මතෛක් මුදල් අමාත්‍යංශය සතුව තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යංශය යටතට පත් කර ඇත. විදේශ කටයුතු අමාත්‍යංශය සතුව මතෛක් පැවැති ආයතනවලට අමතරව එම නව ආයතන දෙකද ඇතුළත් කර ඇත.

    එමෙන්ම මෙම නව ආයතන ගැසට් කිරීම යටතේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව යන ආයතන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇත. එම ආයතන තුන මීට පෙර ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවැතිණි.


    ඊට අමතරව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හා මිලෝදා ආයතනය සංවර්ධන කාර්යභාර අමාත්‍යංශය යටතට ගැසට් කර ඇත. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල කලින් අගමැතිවරයා යටතේ පැවැති ආයතනයකි.


    ඒ අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට ආයතන 33ක් ගැසට් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයට ආයතන 5ක්ද, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයට ආයතන 8ක්, සංවර්ධන කාර්යභාර අමාත්‍යංශයට ආයතන 3ක්ද අයත් වේ. ඊට අමතරව කන්ත‍ලේ සීනි සමාගමද ඇතුළත් කරමින් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයට ආයතන 8ක් අයත්ව ඇත.

    [rns_reactions]

  • සැබෑ ජිවිතයේදි කොල්ලව බෙදා ගන්න තරග කරන්නේ නෑ – දෙවැනි ඉනිමේ දෙව්මි කියයි..

    ලංකාවේ ටෙලිනාට්‍ය යායට පියාඹලා ආපු අලුත්ම සමනලිය තමයි තිමානි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ. මේ දවස්වල ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ අනුහස් (රවීන් කණිෂ්ක) ගේ ආදරය ලබන්න සටන් කරන දෙව්මි කියන කටකාර දඟකාර ගෑනු ළමයාගේ චරිතය රඟපාන්නේ නයනතාරා. පළවෙනි වතාවට තමයි “නයනතාරා” ගැන
    මේ විදියට විස්තර ඔබට කියන්නේ.

    පෞද්ගලික තොරතුරු ටිකක් මුලින්ම අපට කියන්නකෝ?
    මම සඳ ලංකාව මධ්‍ය මහා විදුහලෙන් සහ මද්දුම බණ්ඩාර විදුහලෙන් ඉගෙන ගත්තේ. දැනට මෙටේ‍රා් කැම්පස් එකේ ව්‍යාපාර අධ්‍යයන උපාධි පාඨමාලාවක් හදාරනවා.

    උපන් දිනය කියන්න කැමතිද?
    1998-01-22

    කොහොමද කලාවට යොමු වුණේ?
    සාමාන්‍ය පෙළ කරලා ඉන්න කා‍ලේ මම”මායා ශක්ති” එකේ රංගන පාඨමාලාවක් හැදෑරුවා. ඔය කා‍ලේ තමයි “මීදුමින් එහා “ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ ඒ 2015දි.

    මේ අවුරුදු 2ට නිර්මාණ කීපයකට දායක වෙලා තියෙනවද?
    “මීදුමින් එහා “එරන් ලන්දු” “සමනලුන්ට එන්න කියන්න” “ප්‍රාණ” “දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයවලයි “මා” “සිනෙමා” “එක දවසක අපි” “රෝහණ විජේවීරගේ කතාව” යන චිත්‍රපටවලට දායක වෙලා තියෙනවා.

    “දෙවැනි ඉනිම” නිසා නේද ලොකුම ජනප්‍රියත්වයක් ලැබුවේ?
    ඇත්තටම ඔව්. දෙවැනි ඉනිමට මේ දවස්වල ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

    දෙව්මි සහ නයනතාරා අතර සමානකම් තියෙනවද?
    නැහැ නැහැ. මම නම් දෙව්මි තරම් කටකාර නැහැ.

    කොහොමද දෙව්මිට තියෙන ප්‍රතිචාර?
    (හිනැහි) අපේ ආච්චිත් මට කියනවා “මොනවාද බබා ලැජ්ජ නැද්ද ඔය විදියට කොල්ලෙක් පස්සෙන් යන්නේ” කියලා.

    නයනතාරාට සැබෑ ජීවිතයේදීත් දෙව්මිට වගේ අත්දැකීමකට මුහුණ දෙන්න සිදු වුණොත්?
    අනේ මම නම් තවත් ගෑනු ළමයෙක් එක්ක කොල්ලෙක්ව බෙදාගන්න තරග කරන්නේ නැහැ. මට ආදරය කරන කෙනා මම ඇර වෙන කෙනෙකුට ළං වුණොත් මම එයාටම භාරදීලා නිහඬ වෙනවා.

    නයනතාරාගේ ආදරය ගැනත් කතා කරමු?
    තවම එහෙම කෙනෙක් නැහැ. මගේ අධ්‍යාපන කටයුතු ඉවර වෙන තුරු ඒ වගේ දෙයක් ගැන හිතන්නෙත් නැහැ.

    දෙවැනි ඉනිම රූගත කිරීම් අතරතුර රසවත් අත්දැකීම්වලට එහෙම මුහුණ දීලා ඇති?
    දර්ශන තලය හරිම රසවත්. රවීන් අයියා, ශනු, මම හොඳම යාළුවෝ. සාරංග මෙන්ඩිස් මහත්තයත් අපිව මෙහෙයවන්නේ අපිව ඉතා හොඳින් තේරුම් අරගෙන. රවීන් අයියා විහිළු කතා කියන්න හරිම දක්ෂයි. නිකන් ඉන්න වෙලාවට එයා විහිළු කතා කියනවා. මටයි ශනූටයි හිනාව නවත්වගන්න බැහැ.

    මතක් වෙන මතක් වෙන වෙලාවට හිනා යනවා. එක දවසක් මගෙයි ශනූගෙයි සීන් එකක් තිබුණා. ඒ වෙලාවේ අපි සීන් එකට ආවේ රවීන් අයියගේ විහිළු කතාවකට හිනා වේවි. කතාවේ හැටියට මටයි ශනූටයි හිනා වෙන්න බැහැනේ. අපි තරහයිනේ. ඒත් සීන් එකට එද්දීත් අපිට හිනාව නතර කරගන්න බැහැ. ඒ වේලාවේ හරිම අසීරුවෙන් තමයි මූඩ් එක හදාගෙන රඟපෑවේ.

    [rns_reactions]

  • අහන් ඉන්න… අහගෙන ඉන්න… මගෙ හිත මොනවද මුමුනනවා… – මතකද ඔබට?

    කාලයක් ඒ ගීතය මේ රටේ ජනප්‍රියතම ගීතයක් බවට පත්ව තිබුණා. මේ ගීතය ගායනා කළේ දෑස් අඳ යුවතියක්. ඇය මේඛලා ගමගේ. ‘අහන් ඉන්න’ ගීතයත් එක්කම මේඛලාත් එක රැයින් තරුවක් බවට පත්වුණා. ඒත් අද වෙද්දී මේඛලා ගැන ආරංචියක් නැහැ. ඇයට මොකද වුණේ කියලා හොයල බලන්න අපි හිතුවේ අමතක වී සිටි මේඛලා ආයෙමත් මතු කරගන්න නොවෙයි. තවමත් ඇයව අපට මතක හින්දා.

    මේඛලා දැන් කෝ… කොහෙද ඉන්නේ… මොකද කරන්නේ ?
    මම දැන් මිද්දෙණිය තලාවේ. මගේ ගමට වෙලා ඉන්නවා. ජාතික තරුණ සේවා සභාවේ එරමිණියාය මධ්‍යස්ථානයේ සෞන්දර්ය නිකේතනයේ සංගීත උපදේශිකාවක් විදියට කටයුතු කරනවා.

    කොළඹින් දුරස් වීම ගායන ජීවිතයට බලපෑවා නේද?
    ඇත්තටම සිදුවුණෙත් ඒකම තමයි. මුලින්ම මට රැකියාව ලැබුණේ තරුණ සේවා සභාවේ මහරගම තරුණ මධ්‍යස්ථානයට. එහෙම ගියා නම් සමහර විට දිගටම මාධ්‍යයට සම්බන්ධ වෙලා සංගීත කටයුතුවලට යෙදිල ඉන්න තිබුණා. ඒත් මම වගේ දෘෂ්‍යාබාධිත කෙනෙකුට පහසු ගෙදරට ආසන්නයේ රැකියාව කරන එක. එරමිණියට ගෙදර ඉඳන් වැඩි දුරක් නැහැ.

    අහන් ඉන්න ගීතයෙන් පසුව ගීතයන්ට දායක වුණේම නැද්ද..?
    සංසාර මායා ටෙලි නාට්‍යයට කරුණාරත්න දිවුල්ගනේ සමග යුග ගීයක් ගායනා කළා. ඒ ටෙලි නාට්‍යය අතර මග නතර වුණා. මගේ ගීත 16ක් විතර මේ වන විට පටිගත කරලා තියෙනවා. එයින් ගීත 3ක රූප රචනා කළා. ඒ සියලු ගීත මගේ ළඟ තියාගෙන බලාගෙන ඉන්නවා.

    ඇයි ඒ..?
    අද වෙද්දී ගීතයක් මාධ්‍යය තුළ ප්‍රචාරය කරවීම සුළුපටු දෙයක් ‍නෙවෙයි. මට ඒ දේ කරගන්න බැහැ.

    මොනවද ඒ අපහසුතා…
    අහන් ඉන්න ගීතය මාධ්‍යය හරහා ප්‍රචාරය කරවන්න මහන්සි වුණේ මලින්ද සර්… මම ඒ දවස්වල රැකියාවක් කළේ නැති හින්දා මමත් සර් එක්ක මාධ්‍ය ආයතන ගානේ ගියා. අද වෙද්දී සර් ගොඩක් කාර්යබහුලයි. මමත් රැකියාව කරනවා. මට නිවාඩු ගන්න අපහසුයි. ගීතය අරගෙන මාධ්‍ය ආයතන ගානේ යන්න අමාරුයි. මම එහෙම යනවා නම් මගේ තනියට කෙනෙක් යන්නත් ඕනේ. ගායිකාවක් වුණාට මට ලොකු ආර්ථික ශක්තියක් නැහැ. තවම මම ගමන් බිමන් යන්නේ බස් එකේ. ගීත ටික අරගෙන කොළඹ යනවා නම් කුලී වාහනයක යන්න වෙනවා. සමහර විට දෙතුන් වතාවක් යන්න වෙයි. එයට ලොකු වියදමක් දරන්නට බැහැ.

    එතකොට රසික පිරිසට මේඛලාගේ අලුත් ගීතයන් අහන්න ලැබෙන්නේ නැතිවෙයිද?
    කවුරු හෝ මගේ ගීතයන් කරලා රූප රචනාවක් කළොත් මට ගායනයෙන් දායක වන්න පුළුවන්. ඒත් ඉතින් අද යන රැල්ලට යන්න නම් මට බැහැ. හොඳ නිර්මාණයක් නම් මම සම්බන්ධ වෙනවා.

    මේඛලා සංගීතයටම කැපවෙලා තනිවම දිවි ගෙවන්නද කල්පනාව…
    අම්මලත් නිතරම විවාහ වෙන්න කියල කියනවා. ඒත් ප්‍රශ්නේ සුදුසු කෙනෙකු තෝරා ගැනීමයි. මම වගේම දෘෂ්‍යාබාධිත කෙනෙක් එක්ක ජීවිතය ගෙන යෑමේදී මගේ කටයුතු කරගන්න අපහසුයි. දෑස් පෙනෙන කෙනෙක් තෝරා ගත්තොත් ඒ විවාහය කොහොම වෙයිද කියලා හිතෙනවා. මම ජනප්‍රියත්වයේ ඉහළ තැනක ඉන්න කා‍ලේ දෑස් පෙනෙන අයගෙන් විවාහ යෝජනා ආවා. ඒත් මම දන්නවා ආදරය කරද්දී ඇස්වලින් කරන කතාබහත් පිරිමි බලා‍පොරොත්තු වෙන බව. මට ඒක දෙන්න බැහැ. මට ලැබෙන කෙනා දවසක පසුතැවුණොත් අපරාදේ මම මෙයාව තෝරා ගත්තේ කියලා ඒ විවාහ ජීවිතය සතුටක් වෙන එකක් නැහැ. ඒ හින්දයි මෙහෙම ඉන්නේ. අහඹු සිදුවීමක් විදියට ගැළපෙන කෙනෙක් හමුවුණොත් මම විවාහ වෙනවා.

    [rns_reactions]

  • දෙරටක් වෙනුවෙන් සුමිතුරෝ අද සටනට – ඔබ නොදත් කථාවක් කරලියට….

    අද පැවැත්වෙන ශ්‍රී ලංකා පකිස්ථාන තීරණාත්මක එක්දින තරඟය පිළිබඳව අදහස් දක්වමින් පකිස්ථාන පුහුණුකරු මිකී ආතර් මහතා ශ්‍රී ලංකා කණ්ඩායම කිසිසේත් විශ්වාස කල නොහැකි භයානක කණ්ඩායමක් ලෙස පවසා ඇත.

    ඉන්දියාව සමගින් තරඟයට මුහුණ දීමට පෙරම පකිස්ථාන කණ්ඩායම එම තරඟය පරාජය මානසිකව පරාජය වී සිටි බවත් දකුණු අප්‍රිකා තරඟය ඇරඹීමට පෙර කණ්ඩායමේ මානසික තත්වය ඉහලට ගෙන ඒමට කල විශේෂ උපක්‍රම එම තරඟය ජයග්‍රහණය වෙත රැගෙන යාමට බලපෑ බවද පකිස්ථාන පුහුණු කරුවා පවසයි.

    තම කණ්ඩායම සතුව දක්ෂ තරුණ ක්‍රීඩකයන් රැසක් සිටින බවත් ඉමාඩ් වසීම් හසන් අලී වැනි ක්‍රීඩකයන් පකිස්තානයට ඉදිරි වසර කීපයේ ජයග්‍රහණ ලබාදීමට හොඳ සුදානමක සිටින බවද ආතර් මහතා පවසා ඇත.

    මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා ඇති පකිස්තාන් පුහුණු කරුවා පවසා ඇත්තේ ශ්‍රී ලංකා පුහුණු කරු ග්‍රැහැම් ෆෝර්ඩ් තමාගේ හොඳ යාලුවෙක් බවත්ය.

    “ෆොර්දී යි මායි ගොඩක් කල් සමීපව කටයුතු කරලා තියනවා වගේම අපි දෙන්න හොඳ යාළුවො ,ශ්‍රී ලංකා කණ්ඩායම කියන්නේ හරි අනතුරු දායී කණ්ඩායමක්,ඔවුන් ඉන්දියාව පරාජය කල විදියනම් ඇති විශිෂ්ටයි.එදා අපි දක්කේ ලංකාවේ නිර්භය ක්‍රීඩා විලාශය ඒ වගේම අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කලේ ඉන්දීය කණ්ඩායමට,අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේ අවදානම් කණ්ඩායමකට.”

    [rns_reactions]

  • නාමල් රාජපක්ෂ නීතිවිද්‍යලයේ අවසන් වසර විභාය ලිව්වේ මෙහෙමයි..(video)

    ශ්‍රී ලංකා නීතිවිද්‍යලයෙන් අවසන් වසර විභායේදී නාමල් රාජපක්ෂ මහතාට වායුසමීකරණය කරන ලද කාමරයක සිටි අන්තර්ජාල පහසුකම් සහිතව විභාගයට පෙනීසිටීමට ඉඩ හැරීමේ සිදුවීම අද සෝදිසි විශේෂාංගයෙන්…

    [rns_reactions]

  • අද වැස්සත් අපි ඇතුලේ . වැහි දෙයියොත් ලංකාවට සපෝට්..!

    ඊයේ පැවතී දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පහසු ජයක් ලැබීමට සමත් වුනා. අපි හැමෝම දකුණු අප්‍රිකාව දිනයි කියලා බලාපොරොත්තු වුනත්, මෙතුවක් කල් පවතී ICC තරඟ කිසිවක අවසන් අහා තරඟයකට සුදුසකම් ලබා නොමැති, එනම් ලොව අවාසනාවන්තම ක්‍රිකට් කණ්ඩායම ලෙස හඳුන්වන දකුණු අප්‍රිකාව ඉන්දියාව හමුවේ අන්ත අසරණ වී පරාජයට වන්නේ ඔවුන්ට මෙවරද අවසන් මහා තරඟයක පහස ලැබීමට නොහැක බව සනිටුහන් කරමිනි. නමුත් දුකට කරුණ නම්, ICC එක්දින කණ්ඩායම් ශේණි ගතකිරීම් වල ලොව අංක එකේ කණ්ඩායම ලෙස දැනට සිටින්නේද දකුණු අප්‍රිකාව වීමයි.

    කෙසේ නමුත් මෙම ජයත් සමග B කාණ්ඩයේ ලකුණු සටහනේ ඉන්දියාව ලකුණු 4ක් සමග පෙරමුණ ගන්නා අතර, ඔවුන් අවසාන පුරවා වටයටද සුදුසුකම් ලබා ගන්නවා ඇත. මේ අනුව B කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවේ ස්ථානයේ කිසිම මාරුවක් සිදුවී නොමැති අතර ලකුණු දෙකක් සමග ඔවුන් තවම තම සුපුරුදු දෙවන ස්ථානයේ රැඳී සිටි. තෙවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, අද තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් පාකිස්ථාන හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකට එක ලකුණු බැගින් හිම වන අතර එවිට ශ්‍රී ලංකා කණ්ඩායම මුළු ලකුණු 3ක් සමග B කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කරගනු ඇත. ඒ අනුව B කාණ්ඩයේ අවසන් පුරවා වටයට යාමට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව වනු ඇත.

    B කාණ්ඩයේ නවතම ලකුණු සටහන. මේක බැලුවොත් මන් කියපු දේ ඔයාලට පැහැදිලි වෙයි

    නමුත් වර්ෂාවෙන් බාධා එල්ල නොවී තරඟය පැවත්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ, හේතුව පාකිස්ථානය හා ශ්‍රී ලංකාව දැනට ලකුණු දෙක බැගින් ලබා ගනිමින් සම ලකුණු තත්වයේ සිටීමයි.

    එංගලන්තයෙන් තවත් නරක ආරංචියක් ඊයේ උදෑසන අපට ලැබුනා. ඒ තමයි පුහුණු වීම අතර තුර තිසර පෙරේරා පන්දුවක් හිසේ වැඩිම හේතුවෙන් ආබාධයකට ලක් වී ඇති බවයි. නමුත් මීට සුළු මොහොතකට කලින් ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පවසා සිටියේ, පාකිස්තානය සමග අද පවතින තරඟයට තිසර පෙරේරා සහභාගී වනු ඇති බවයි.

    තවද චාමර කපුගෙදර, කුසල් පෙරේරා අබාධිත තත්ත්ව හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අපට ආරංචි වේ. චාමර කපුගෙදර වෙනුවට දනුෂ්ක ගුණතිලකත් කුසල් පෙරේරා වෙනුවට ධනංජය සිල්වාත් ආදේශකයක් ලෙස එංගලන්තය කරා පියාසර කර ඇති බව අපට ආරංචි වුනි.

    කොහොම හරි අපේ ශක්තිමත් පිතිකරණ කණ්ඩායමක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපි පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගෙන් ඔපමට්ටම් වුන කණ්ඩායමකට යනවා නම් හොඳයි. මොකද පාකිස්ථානය කියන්නේ දක්ෂ වේග පන්දු යවන්නන්ගෙන් හැඩගැහුණු කණ්ඩායමක්. අපේ එදා ගහපු ටීම් එක නම් එල.

    බලමු අපි මෙහෙ කියෙව්වට මැතිව්ස් තමයි තීරණය කරන්නේ කණ්ඩායම හැදෙන විදිහ. අපි විශ්වාස කරනවා මැතිව්ස් හොඳ ශක්තිමත් කණ්ඩායමක් තොරයි කියලා. ඒ වගේම අපේ කණ්ඩායම් ජයගනී කියන දැඩි විශ්වාසයත් තියනවා. 

    [rns_reactions]

     

  • ලංකාවට කැපිල්ල දාපු සචින් කිච වේ…

    මේ වෙනකොට සචින් තෙන්ඩුල්කාර් ගැන ඉන්දියාවේ වෙබ් අඩවි ටිකක් වැඩිපුර කතා කරන්න පටන් අරගෙන.

    ඒකට හේතුව සචින් ICC වෙබ් අඩවියේ සම්මුඛ සාකච්ජාවකදී පකිස්තානය අවසන් පුර්ව වටයට එන බව කළ ප්‍රකාශයයි.

    ICC ශුරයන්ගේ කුසලානය ආරම්භ වීමට පෙර අවසන් පුර්ව වටයට එන්න පුළුවන් කණ්ඩායම් හතරක් සචින් නම් කළා. ඒ ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ පකිස්තානය.

    ඉතින් මේ ගැන ඉන්දියාවේ ගොසිප් වෙබ් අඩවි සචින්ව විවේචනය කළා. දන්නවනේ ඉන්දියා පකිස්තාන් වෛරය ගැන. ඒ රටෙත් ගොසිප් කට්ටිය බලන්නේ මොකක් හරි අවුස්සලා හිට් එක ගන්න. එකෙන් වුණේ සචින් අවුල් ගිය එකයි.

    අපි එහෙම කියන්නේ ICC වෙබ් අඩවිය විසින් ශුරයන්ගේ කුසලානය පටන් ගත් පසු සචින් සමඟ කළ සාකච්ජාවකදී අවසන් පුර්වවටයට පකිස්තානය හෝ ලංකාව තේරීපත් විය හැකි ලෙස පිළිතුරක් ලබා දීමයි.

    ඒ කියන්නේ මුලින් පකිස්තානය කිව්වට එල්ල වෙච්ච චෝදනා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැවත නැගිටීම නිසා සචින් උත්තරේ වෙනස් කළා කියන එකයි.

    කොහොමහරි ඉතින් සචින් අපිට තමා කැපිල්ල දාලා තියෙන්නේ

    [rns_reactions]

  • බස් ගාස්තු ඉහලට

    වාර්ෂික බස්‌ ගාස්‌තු සංශෝධනයට අනුව ලබන මස ජුලි 1 වැනිදා සිට බස්‌ ගාස්‌තු ඉහළ යා හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක්‌ අබේසිංහ මහතා “දිවයින”ට ඊයේ (11 වැනිදා) පැවැසීය.

    ඒ අනුව බස්‌ ගාස්‌තු සියයට 6 ත්, සියයට 6.5 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යැමට නියමිත වුවද මෙතෙක්‌ අවසන් තීරණයක්‌ ගෙන නැතැයි හෙතෙම කීය.

    බස්‌ ගාස්‌තු සංශෝධනය සම්බන්ධයෙන් පෞද්ගලික බස්‌ සංගම් ඇතුළු අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

    [rns_reactions]

  • සෙල්ෆියත් සමග අයියා මලෝ අවසන් ගමන් යයි…..

    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

    කොල්ලුපිටිය මුහුදුබඩ දුම්රිය මාර්ගය අසල සිට ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි එකම පවුලේ අයියා මලෝ දෙදෙනකු ඊයේ (11 වැනිදා) සවස 6.15 ට පමණ කොළඹ කොටුව සිට ගාල්ල බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපී මරුමුවට පත්විය.

    දුම්රියේ හැපුණු බාල සොහොයුරාගේ සිරුර තැලී පොඩිවී ගොස්‌ ඇති බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.

    අනතුරින් මියගොස්‌ ඇත්තේ අනුරාධපුරය නව නගරයේ පදිංචිව සිටි ශෂී මධුෂාන් රණවීර (25) නමැති අයියා සහ තීක්‍ෂණ ලක්‌ෂාන් රණවීර (12) නමැති මල්ලී බව පොලිසිය සඳහන් කළේය. මියගිය ශෂී මධුෂාන් ඊයේ (11 දා) සිංගප්පූරුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එහිදී කටුනායක ගුවන්තොටුපළට ගිය ඔහුගේ මව, පියා බාල සොහොයුරා ඇතුළු ඥතීහු පසුව ඔහු සමග කොටුව ගාලු මුවදොරට විනෝදවීමට පැමිණ ඇත.

    එහිදී වෙරළේ සුන්දරත්වය විඳ පසුව ඔවුන් කොල්ලුපිටිය ප්‍රදේශයට ගොස්‌ තිබේ.

    එහිදී මියගිය ශෂී සහ ඔහුගේ බාල සොහොයුරා දුම්රිය මාර්ගය අසල හිඳ ජංගම දුරකථනයෙන් සෙල්ෆි ඡායාරූප ගනිද්දී මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණදී ඇතැයි සිදුකළ පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

    සිද්ධිය සම්බන්ධව කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ප්‍රියදර්ශන සිල්වා මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමරත්න මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

    [rns_reactions]

  • සංවේදී අවසානයක් සමඟින් ලොව වේගවත්ම මිනිසා සමුදෙයි..!

    ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන උසේන් බෝල්ට් තම මව් රට වන ජැමෙයිකාවේ දී අවසන් වරට මීටර් සියය ඉසව්වකට සහභාගී වෙමින් එම ඉසව්වේ සමුගැනීමට සටහන් කර තිබෙනවා.

    ඒ, සංවේදී අවසානයක් ද සමඟයි. මෙම තරගය ද ජයගත් බෝල්ට්, ඉසව්ව නිම කළේ තත්පර 10 යි දශම බින්දුවයි තුනකින්.

    තරගය නිම කිරීමෙන් අනතුරුව අවසන් රේඛාව සිපගත් ඔහු රැුස්ව සිටි තිස් දහසකයට අධික පේ‍්‍රක්ෂකයින්ට සිය ආචාරය පුද කරනවාත් සමඟ පේ‍්‍රක්ෂකාගාරයෙන් උසේන් බෝල්ට්ට හිමි වූයේ උණුසුම් සහ සංවේදි ප‍්‍රතිචාරයක්.

    මීටර් සියය සහ මීටර් දෙසියය ඉසව් දෙකෙහිම ලෝක වාර්තාවට හිමිකම් කියන ඔහු ඔලිම්පික් රන් පදක්කම් අටකට ද හිමිකම් කියනවා.

     

    [rns_reactions]

  • බුද්ධි අංශයේ සුවිශේෂී චරිතය – ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ්

    ශ්‍රී ලංකාවේ වසර තිස් ගණනක් තිස්සේ ක්‍රියාත්මක වූ LTTE ත්‍රස්තවාදයට තිත තැබීමට ත්‍රිවිධ හමුදාව වරින් වර සිදු කළ මෙහෙයුම් ගණන අති විශාලය. හතරවන ඊළාම් යුද්ධ්ධය දක්වා ඒ සියළුම මෙහෙයුම් වලදී සතුරා සතු තොරතුරු, ඔවුන්ගේ බලය හා දුර්වලතා පිළිබඳව සටන් පෙරමුණ දැනුවත් කළ එක් ප්‍රධාන පාර්ශවයක් ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය සඳහන් කළ හැකියි.

    LTTE සාමාජිකයන් උපක්‍රමශීලිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නොනිල සෙබළුන් බවට පත්කරමින් ඔවුන් හරහා වැදගත් තොරතුරු ලබා ගනිමින් LTTE ය බියට පත්කරවන අයුරින් බුද්ධි අංශය හා බැඳි දිගු දුර විහිදුම් බළකාය (LRRP) නිර්මාණය වෙනවා.

    ඉතින් අද ලිපිය ලියැවෙන්නේ යුද්ධහමුදා පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස 2004 වසරේ කටයුතු කළ, දිගු දුර විහිදුම් බළකායට අවශ්‍ය රහස්‍ය ඔත්තු කොටි අඩවියෙන් ලබා ගත්, ත්‍රස්තයන්ට අවශ්‍යම ඉලක්කයක් බවට පත්ව LTTE යතුරුපැදි වෙඩික්කරුවෙකු විසින් 2005 වසරේ මැයි 31 වනදින ඝාතනය කරන ලද හමුදා බුද්ධි අංශයේ ප්‍රබල පුරුකක් වූ ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් පිළිබඳවයි. යුද්ධහමුදා බුද්ධි අංශයේ සිටි “දක්ෂම වැඩකරුවා” ලෙස අනෙක් බුද්ධි අංශ නිලධාරීන් විසින් හැඳින්වූ තුවාන් නිසාම් මුතාලිෆ් බුද්ධි අංශය තුළ නොමැකෙන සටහනක් තැබූ නිලධාරියෙක්.

    ගැමුණු හේවා බලඇණියෙන් බුද්ධි බළකායට

    වම් කෙළවරේ සිටින්නේ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් (Colombo Telegraph)

    1966 වර්ෂයේ ජූලි 11 වන දින කොළඹ දිස්ත්‍රික්කයේ කළුබෝවිල ප්‍රදේශයේ මැලේ පවුලක උපදින තුවාන් නිසාම් මුතාලිෆ් මූලික හා ද්විතික අධ්‍යාපනය ලබන්නේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන්. 1986 ජූලි මස 2 වන දින ආධුනික කැඩෙට් නිලධාරියෙක් ලෙස දියතලාව පුහුණු කදවුරට ඇතුලත් වී මූලික නිලධාරී පුහුණුව ලබා ඒ සමඟම පකිස්ථානයේ විශේෂ යුද්ධ පුහුණුවක් ලබා 4 වන ගැමුණු හේවා බල ඇණියට දෙවන ලුතිනන් වරයෙක් ලෙස අධිකාරිය ලබනවා.

    දක්ෂ නිර්භීත සොල්දාදුවෙක් ලෙස උතුරු නැගෙනහිර කළ සේවය හේතුවෙන් 1989 ජුනි මස 2වන දින ඔහුට ලුතිනන් නිලය දක්වා උසස් වීමක් පිරිනැමෙනවා. 88/89 ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල මැඩ පවත්වන්නට යුද්ධ හමුදා අංශ නිලධාරියෙක් ලෙස කොළඹ ප්‍රදේශයේ කටයුතු කරනවා. යුද්ධ හමුදාව හා එක්ව ක්‍රියාකරන බුද්ධි අංශයේ කාර්ය මණ්ඩල තුන් වන ශ්‍රේණියට ඔහුව අනුයුක්ත කරන්නේ 1990 වසරේදීයි. අනතුරුව 1992 වසරේදී කපිතාන් නිලයටත් 1995 වසරේ මේජර් නිලය දක්වාත් උසස් වීම් ලබනවා. මේ කාලය තුළ ඔහු කොළඹ මුලස්ථානයේ සේවය කරනවා.

    පසුව 1997 වසරේ සිට පුරා වසර තුනහමාරක් පමණ ඔහු වන්නි ආරක්‍ෂක සේවා මූලස්‌ථානයේ බුද්ධි අංශයේ අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කරනවා. 2000 වසරේ සිට 2001 වසර දක්වා යුද්ධ හමුදා බුද්ධි බළකායේ නිලධාරියෙක් ලෙස වවුනියා දිස්ත්‍රික්කයේ සේවය කරනවා. 2004 වසරේ සිට ඝාතනය වීම දක්වා ඔහු කොළඹ පළමු බුද්ධි බළකායේ අණදෙන නිලධාරියා ලෙස විශාල වැඩ කොටසක් සම්පූර්ණ කරනවා. කොළඹ කලාපයේ බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා ලෙස මෙම සමයේ කටයුතු කරන්නෙත් ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් ය.

    සතුරන් බියෙන් සලිත කළ මුතාලිෆ්ගේ මෙහෙයුම්

    ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් (Wikipedia)

    ඔහු උතුරු නැගෙනහිර සේවය කරන කාලයේදී වන්නි ප්‍රදේශ තුළ LTTE සංවිධානය විසින් සිදුකරන ප්‍රහාරයන් සහ ඊට අදාළ ඔවුනගේ සැලසුම් හා ක්‍රියාකාරකම් පිළිබඳ රහසිගත තොරතුරු ඉතා සූක්‍ෂ්ම ලෙස සතුරු කටටම රිංගා ලබාගෙන යුද්ධ හමුදා  ප්‍රහාර සැලසුම් කරන නිලධාරීන්හට ලබා දෙන්නට මුතාලිෆ් ක්‍රියා කළ ආකාරය ඉතා දක්ෂ බව අනෙක් බුද්ධි අංශ නිලධාරීන් පවසනවා. එම තොරතුරු උපක්‍රමශීලී ලෙස ලබා ගැනීමේ බිහිසුණු අවදානම් රාජකාරියක යෙදෙමින් LTTE සාමාජිකයන් කිහිපදෙනෙක් තම මිතුරන් බවට පත් කරගන්නට ඔහුට හැකියාව ලැබෙනවා. මෙලෙස ලබාගත් තොරතුරු මත ක්‍රියාත්මක වී ශ්‍රී ලංකා හමුදාවට ජයග්‍රහණ රැසක්‌ අත්කර ගන්නට හැකියාව ලැබෙනවා.

    විශේෂයෙන්ම යුද්ධ හමුදා දිගුදුර විමර්ශන මෙහෙයුම් ඒකකය වන්නියේ කොටි ප්‍රදේශවලට ඇතුල් වී කොටින් හට තියුණු ප්‍රහාර එල්ල කළේ  මුතාලිෆ් ලබාදුන් තොරතුරු මතයි. මුහුදු කොටි අංශයේ නියෝජ්‍ය නායකයා වූ කණ්‌ගෙයි අමරන් මරුමුවට පත්වන්නේද මුතාලිෆ් විසින් බුද්ධි අංශය හරහා දිගු දුර විමර්ශන මෙහෙයුම් ඒකකයට ලබා දුන් තොරතුරු මගින්.

    LTTE ගුවන් බළකායට පිරිමැසිය නොහැකි පාඩුවක් බවට පත් වූ ගුවන් බළකා ප්‍රධානී  කොටි සංවිධානයේ පැරණිම නායකයකු වූ වෛද්‍ය ලිංගම් ස්‌වර්ණලිංගම් හෙවත් ශංකර් 2001 වසරේ සැප්තැම්බර් 26 වනදා මරණයට පත් වන්නේ මුතාලිෆ් විසින් දිගුදුර විහිදුම් බළකායට ලබා දුන් ඔත්තුවක් හේතුවෙන්.

    සන්නද්ධ බුද්ධි අංශ නායක කර්නල් චාර්ල්ස් නම් ඉහළ පෙළේ කොටි නායකයා ඝාතනය කිරීමට 2008 වසරේ ජනවාරි 5 වනදා බුද්ධි අංශය ක්‍රියාත්මක වෙනවා. මෙම ප්‍රහාර හේතුවෙන් මුතාලිෆ් කොටි සංවිධානයේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්වෙනවා.

    පාඨමාලා හා පදක්කම්

    මුතාලිෆ් විසින් බංගලාදේශයේ බුද්ධි අංශ නිලධාරී පාඨමාලාව, ප්‍රති බුද්ධි අංශ පාඨමාලාව, ඉන්දියාවේ කනිෂ්ඨ නිලධාරීන්ගේ පාඨමාලාව,ඇමරිකාවේ අන්තර්ජාතික බුද්ධි පාඨමාලාව හා හවායි හි සාමය සඳහා වූ දකුණු ආසියාතික සම්මන්ත්‍රණය සඳහා සහභාගී වී සාර්ථකව එම පාඨමාලා නිම කරනවා.

    වසර 19ක් යුද්ධපිටියේ පෑ දස්කම් හේතුවෙන් රණවිරු පදක්‌කම, පූර්ණ භූමි පදක්‌කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්‌කම, වඩමාරච්චි සංග්‍රාමික පදක්‌කම, රිවිරැස සංග්‍රාමික සේවා පදක්‌කම හා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දීර්ඝ සේවා පළඳනාව වැනි සේවා සම්මාන රැසක් ඔහුට හිමි වෙනවා.

    වෙඩි වැදුණු ඔහුගේ මෝටර් රථය

     

    දීර්ඝ කාලයක් තිස්සේ මුතාලිෆ් පසුපස ආ LTTE තුවක්කුකරුවන් ඔවුන්ගේ අවසාන අරමුණ 2005 මැයි මස 31 දා ඉටු කරගන්නවා. පරිගණක පාඨමාලාවක්‌ උදෙසා කොතලාවල ආරක්‍ෂක පීඨය බලා පිටත් වූ ලුතිනන් කර්නල් මුතාලිෆ්ව රැගත් හුදෙකලා මෝටර් රථය කිරුළපන නාරාහේන්පිට පාරේ පොල්හේන්ගොඩ මංසන්ධියේදී කොටි වෙඩික්කරුවකුගේ වෙඩි පහරට ලක්වෙනවා. හොඳින් වෙඩි වදින මුතාලිෆ්ගේ මෝටර් රථයේ ඉදිරිපස වීදුරු කඩාගෙන ආ වෙඩි උණ්ඩ කිහිපය දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙක් සදහටම නිහඩ කරවීමට සමත් වෙනවා. වසර ගණනාවක යුද්ධය නිමකිරීමට තම දිවිය පරදුවට තබා ක්‍රියා කළ ලුතිනන් කර්නල් තුවාන් මුතාලිෆ් නම් දේශප්‍රේමියා රටට අහිමි වන්නේ දේශපාලනයේ අදූරදර්ශී ක්‍රියාකලාපය හේතුවෙන් යන්න ලියා තැබීම නිවැරදියි.

    [rns_reactions]