Blog

  • සටන්කාමි බංගලියෝ ප්‍රබල කිවියන් හඬවයි! (VIDEO)

    ශුරයින්ගේ කුසලාන තරඟාවලියේ තවත් පෙරළිකාර ජයක් ලැබීමට බංගලාදේශ පිල ඊයේ සමත් වුණා.

    ඒ නවසීලන්ත පිලට එරෙහිවයි.

    තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම  නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 265ක් ලබාගත්තා.

    ජයග්‍රාහී ලකුණු 266ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාගනැමීට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.

    බංගලාදේශයේ මුල් කඩුලු 4 බිඳ වැටෙන විට ඔවුන්ගේ ලකුණු පුවරුව ඉදිරියේ සටහන් වූයේ ලකුණු 33ක් ලෙසයි.

    කෙසේ වෙතත් කිසිවෙකු විශ්වාස නොකළ පරිද්දෙන්  ෂකීබ් අල් හසන් හා මහමදුල්ලා ලකුණු 224ක් සමබන්ධතාවක් පැවැත්වීමට සමත්වුණා.

    එහිදී විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ ෂකීබ් ලකුණු 114ක්ද,මහමදුල්ලා ලකුණු 102ක් ලබාගැනීමට සමත් වුණා.

    මෙම සම්බන්ධතාව බංගලාදේශ ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම කඩුල්ලකට පැවති හොඳම පිතිකරණ සම්බන්ධතාව ලෙස වාර්තා පොත් අතරට එක්වුණා.

    ඒ අනුව නවසීලන්ත කණ්ඩායමට ශූරයින්ගේ කුසලානයෙන් ඉවත් වීමට සිදුවූ අතර ඕස්ටේලියාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරඟයේ තීරණය මත බංගලාදේශයේ ඉරණම තීරණය වනු ඇත.

    තරඟයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න

    [rns_reactions]

  • අලුතින් පත්වූ ඇමතිවරුන්ට ලැබෙන ආයතන මෙන්න….

    කැබිනට් සංශෝධනයත් සමග නව අමාත්‍යංශයන් වෙත හිමිවන ආයතන සහ විෂය පථයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ඊයේ (09) නිවේදනය කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2017 ජුනි 07දා මෙම නිවේදනය නිකුත්කොට තිබෙනවා

    [rns_reactions]

  • ආබාධයට ලක්වූ කුසල්ගේ තැනට එන ආදේශකය මෙන්න…

    ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟ දෙකෙහිම පන්දු යවන්නන්ට දවා ගැනීමට නොහැකි වූ ආරම්භක පිතිකරණ ස්ථානයෙන් මැදපෙලට මාරු වීමක් ලැබූ කුසල් ජනිත් පෙරේරාට චැම්පියන්ස් කුසලානයේ ඉදිරි තරඟ අහිමි වී යා හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

    ඉන්දියාව සමඟ ජයග්‍රාහී තරඟයේ හොඳින් ලකුණු අතරට පැමිණීමෙන් පසුව පාදයේ අභාදයට ලක්වීම නිසා පිටියෙන් ඉවත්වූ කුසල්ගේ අභාද තත්වය මත ඉදිරි තරඟ ක්‍රීඩා කිරීමේ අවසථාව අහිමි වන බවට ආරංචි මාර්ග පවසන අතර කුසල්ගේ ස්ථානය සඳහා මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමේ සුදානමක් ඇති බවද එංගලන්තයෙන් ආරංචි වේ.

    කපුගෙදර ආබාදයට ලක්වීම සමඟ ඔහුගේ තැනට ධනුෂ්ක ගුණතිලක ආදේශ කල අතර තවත් සුදානම් ලැයිස්තුවේ සිටින ක්‍රීඩකයන් වන්නේ ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරාය.

    [rns_reactions]

  • මාධ්‍යවේදියාගේ සිදුවීම ගැන කිරිසප්ප ඇමති ජෝන්ගේ අදහස මෙන්න..

    ඇමති ජෝන් අමරතුංග පසුගිය දිනක මාධ්‍යවේදියෙක්ට එල්ල කල පහත් පෙලේ මරණිය තරජනාත්මක වදන්පෙල පිලිබදව අරුම පුදුම අන්දමේ සාධාරනිකරන ප්‍රකාශයක් ඔහු විසින් මාධ්‍යයට නිකුත් කර ඇත..

    ආන්දෝලනාත්ම සිදුවීම සහ ඔහුගේ එම ප්‍රකාශය පහතින් දක්වා ඇත.

    https://www.facebook.com/rupavahinisinhalanews/videos/1945959815674425/

    [rns_reactions]

  • අපේම සහෝදරයන්ගේ ජනජීවිතය නගා සිටුවන ක්‍රියාන්විතය – පුරවැසි අත්වැල කිලිනොච්චියෙන් ආරම්භ වෙයි.

    නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් ස්වභාවික ආපාදාවන්ට ලක්ව විපතට පත් අපේම සහෝදර පුරවැසියන්ගේ ජීවිත යථාවත් කරනු පිණිස උතුරුකරයේ සිට දකුණුකරය දක්වා අපේම සහෝදර ජනතාවගේ සහෝදරාත්මක දායකත්වයෙන් “පුරවැසි අත්වැල” සහෝදරත්වයේ දුම්රිය ජූනි මස 10 වන සෙනසුරාදා පෙ.ව 6 කණිසමට කණ්කසන්තුරෙයි දුම්රිය ස්ථානයෙන් මේ වනවිට ගමන් ආරම්භ වී ඇත.

    ගංවතුරෙන් සෝදාපාලු කරන ලද අපේම සහෝදර ජනතාවගේ ජීවිතය යළි ප්‍රාණවත් කිරීම සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිදුකරන මෙම දැවැන්ත ක්‍රියාන්විතය සඳහා ඔබටද හැකි පමණින් දායක විය හැක. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ උපකරණ පහත සඳහන් දුම් රිය ස්ථානවලට ඔබට ජුනි මස 10 වනදා හෝ ඊට පෙර ගෙනැවිත් භාර දිය හැක.

    දුම්රිය ස්ථාන:

    කන්කසන්තුරේ, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුර , තඹුත්තේගම, මහව, ගනේවත්ත, කුරුණෑගල , පොල්ගහවෙල , අලව්ව, අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගණේමුල්ල, ගම්පහ, හුණුපිටිය කැලණිය, දෙමටගොඩ,මරදාන, රාගම, කොටුව, ගල්කිස්ස , මොරටුව , පානදුර

    අවශ්‍ය ද්‍රව්‍ය:

    පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු, පාසල් යන වයසේ ළමුන් සඳහා ඇඳුම්, වැඩිහිටියන් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මදුරු දැල්, කුස්සි උපකරණ, වියලි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණ, ඩෙටෝල්, හාපික් විෂබීජ නාශක සහ සබන් වර්ග, කාන්තා සනීපාරක්ෂක තුවා, පුස්තකාල සඳහා කියවීම් පොත්

     

     

    මෙකී සත්කාර්යයට අමතරව සහෝදරත්වයේ දුම්රියෙන් පැමිණෙන සහෘදයින්ගේ අත්වැලින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ජූනි මස 11 වන දින උදෑසන 7 සිට දවස පුරා සිදු සිදුකිරීමට ‘පුරවැසි අත්වැල’ සංවිධානය සැලසුම් කොට ඇත. එසේම එම විදුහලේදී පාසැල් සිසුන් ඇතුළු ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්, උපදේශන සේවයක් සහ ළමුන් වෙනුවෙන් වූ විශේෂ අධ්‍යාපන වැඩසටහනක් ඇතුළු දැවැන්ත වැඩසටහන් මාලාවක් සිදුකිරීමට නියමිතය.

    පුරවැසි අත්වැල යටතේ ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරය සඳහා ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, එයාටෙල් පුද්ගලික සමාගම, පීපල්ස් ලීසින් පුද්ගලික සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එච් ත්‍රී පදනම ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පුද්ගලික සමාගම් රැසක් තම අනුග්‍රහය සහ දායකත්වය සපයයි.

    [rns_reactions]

  • සරම උස්සන් ආවාද? නට නටා රඟ පාමින් අවාද? ඡායාව වත් දුටුවාද?

    දින කිහිපයක් මුළුල්ලේ මුළු රටක්ම හැඬුවා ඔබ අපට අමතක නැත. ඒ ජිවිතගණනාවක් හා දේපොළ රැසක්  රටට අහිමි කල මහා ගංවතුර වියසනයයි.

    විනාස වූ ජනජීවිතය නැවත යතා තත්වයට පත් කර ගැනීම සඳහා ජාති ආගම් කුල මල භේද පැත්තක දමා සියලු රට වැසියන් එකා සේ කටයුතු කල ආකාරය පිළිබඳව අපට අමුතුවෙන් ඔබට කිවයුතුව නැත.

    නමුත්  කළුතර පිහිටි බස් නැවතුම්පොළවල් ගොඩනැගිලි සියල්ල වෙත කිසිම දේශපාලඥයන්ට ලගා වීමටවත් නොහැකි ලෙස  සරම උස්සන් පැමිණ බලහත්කාරයෙන් චන්ඩිපාට් දමා සියල්ල තමන් සතු කරගන්නා  පුද්ගලයෙකු ඔබට මතකද? ඒ මහින්ද රාජපක්ෂගේ  අනුගාමිකයෙක් වන විදුර වික්‍රමනායක දේශපාලකයායි. කළුතර ජනතාව  මෙවන් විපතකට පත්ව ඇතත් විදුර වික්‍රමනායක නම්  දකින්නට වත් නොමැත. ජනතා මුදලින් සැදු ගොඩනැගිලි විවෘත කරන්න සරම උස්සන් පැමිණියත්  ගංවතුරින ජනතාව බැට කන වෙලාවේ විදුර වික්‍රමනායක දේශපාලකයා පැත්ත පලාතක නැත. 

    එමෙන්ම තැන තැන බේගල් අතහරිමින් ජනතාවගේ දුක තමන් සතුකර ගන්නේ යැයි පවසන කළුතර තවත් එක්  නළුවකු අපට අමතක කල නොහැක. ඔහුද මහින්ද රාජපක්ෂගේ  අනුගාමිකයෙක් වන පියල් නිශාන්තයි. ජනතාවගේ දුක හදුනා ගත්තද ගංවතුරෙන් අවතැන් ජනතාව නම් ඔහුගේ ඡායාවක් දුටුවේ නැත. නමුත් ඔහු ජනතාව ගොනාට ඇන්දවීමට නම්  අමතක කලේ නැත. ඒ  මහින්ද සමග එක්ව අවතැන් ජනතාව වෙනුවෙන්  ජපානයේ සිට පිං අනුමෝදනා වැඩසටහනක් පවත්වා ඇත. කළුතර ජනතාව මෙවැනි විහිලු සහගත දේශපාලකයින්ට තවත් රැවටෙනවාද?

     

    ජනතාව වෙනුවෙන් කැපවන  රාජපක්ෂගේ  දේශපාලන අනාථයන්  ගංවතුරෙන් අවතැන් වූ ජනතාව  දැක්කේම  නැති තරම්ය. 

    [rns_reactions]

     

  • කබීර් හෂීම් පැමිණෙන තුරු ලක්‍ෂ්මන් යාපා මාතරට වී බලා සිටි…

    රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාට සිය අමාත්‍යාංශ පරිශ්‍රයේ කාර්යාල කාමරයක්‌ වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ නොදීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට්‌ ඇමැති කබීර් හෂීම් මහතා පෙරේදා (07) හදිසියේ විදේශ ගත වී ඇත.

    මෙම තත්ත්වය මත රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයාට කැබිනට්‌ ඇමැතිවරයා දිවයිනට පැමිණෙන තෙක්‌ මාතරට වී බලා සිටීමට සිදු වී තිබේ. කාර්යාල කාමරය වෙන් කිරීමේ ගැටලුවට විසඳුමක්‌ ලැබෙන තෙක්‌ මාතරට වී සිටින බව ලක්‍ෂ්මන් යාපා මහතා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

     පසුගිය මස 22 වැනිදා සිදුකරන ලද කැබිනට්‌ සංශෝධනයෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ සිය කාර්යාල කාමරය වෙන් කර ගැනීම පිළිබඳ සොයා බැලීමට යාපා මහතා නිලධාරීන් යවා ඇත්තේ කබීර් හෂීම් මහතාට කිසිදු දැනුම් දීමක්‌ හෝ නොකර බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගැටලුවට ප්‍රධාන හේතුව එය යෑයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

    කැබින්ට්‌ සංශෝධනයෙන් පසු ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විෂය පථයන් ගැසට්‌ කිරීමට ද මෙතෙක්‌ හැකි වී නැත.

    [rns_reactions]

  • අපේම සහෝදර ජනතාවගේ ජනජීවිතය නගා සිටුවන ක්‍රියාන්විතය හෙට… මොකද වෙන්නේ… මෙන්න විස්තරේ…

    නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් ස්වභාවික ආපාදාවන්ට ලක්ව විපතට පත් අපේම සහෝදර පුරවැසියන්ගේ ජීවිත යථාවත් කරනු පිණිස උතුරුකරයේ සිට දකුණුකරය දක්වා අපේම සහෝදර ජනතාවගේ සහෝදරාත්මක දායකත්වයෙන් “පුරවැසි අත්වැල” සහෝදරත්වයේ දුම්රිය ජූනි මස 10 වන සෙනසුරාදා පෙ.ව 6 කණිසමට කණ්කසන්තුරෙයි දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා ගම් නියම් ගම් පසු කරමින් එදින සවස මාතර දුම්රිය ස්ථානය වෙත ළඟාවේ.

    ගංවතුරෙන් සෝදාපාලු කරන ලද අපේම සහෝදර ජනතාවගේ ජීවිතය යළි ප්‍රාණවත් කිරීම සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිදුකරන මෙම දැවැන්ත ක්‍රියාන්විතය සඳහා ඔබටද හැකි පමණින් දායක විය හැක. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ උපකරණ පහත සඳහන් දුම් රිය ස්ථානවලට ඔබට ජුනි මස 10 වනදා හෝ ඊට පෙර ගෙනැවිත් භාර දිය හැක.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු, පාසල් යන වයසේ ළමුන් සඳහා ඇඳුම්, වැඩිහිටියන් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මදුරු දැල්, කුස්සි උපකරණ, වියලි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණ, ඩෙටෝල්, හාපික් විෂබීජ නාශක සහ සබන් වර්ග, කාන්තා සනීපාරක්ෂක තුවා, පුස්තකාල සඳහා කියවීම් පොත්

    දුම්රිය ස්ථාන:

    කන්කසන්තුරේ, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුර , තඹුත්තේගම, මහව, ගනේවත්ත, කුරුණෑගල , පොල්ගහවෙල , අලව්ව, අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගණේමුල්ල, ගම්පහ, හුණුපිටිය කැලණිය, දෙමටගොඩ,මරදාන, රාගම, කොටුව, ගල්කිස්ස , මොරටුව , පානදුර

     

    මෙකී සත්කාර්යයට අමතරව සහෝදරත්වයේ දුම්රියෙන් පැමිණෙන සහෘදයින්ගේ අත්වැලින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ජූනි මස 11 වන දින උදෑසන 7 සිට දවස පුරා සිදු සිදුකිරීමට ‘පුරවැසි අත්වැල’ සංවිධානය සැලසුම් කොට ඇත. එසේම එම විදුහලේදී පාසැල් සිසුන් ඇතුළු ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්, උපදේශන සේවයක් සහ ළමුන් වෙනුවෙන් වූ විශේෂ අධ්‍යාපන වැඩසටහනක් ඇතුළු දැවැන්ත වැඩසටහන් මාලාවක් සිදුකිරීමට නියමිතය.

    පුරවැසි අත්වැල යටතේ ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරය සඳහා ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, එයාටෙල් පුද්ගලික සමාගම, පීපල්ස් ලීසින් පුද්ගලික සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එච් ත්‍රී පදනම ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පුද්ගලික සමාගම් රැසක් තම අනුග්‍රහය සහ දායකත්වය සපයයි.

    විනාශයට පත් පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසැලේ කොටසක්

    [rns_reactions]

  • ප්ලාස්ටික් සහල් මෙරට ගෙන්වා නෑ.. කවුරු හරි තියෙන තැනක් පෙන්නුවොත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්!

    ප්ලාස්ටික් සහල් මෙරට ගෙන්වා ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා. 

    නෙත් නිවුස් කළ කරුණු විමසුමක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අදහස් පල කළේ මෙලෙසයි. 

    මම දන්න විදියට ඔය සතොසින් ගෙනාපු සහල් වල ප්ලාස්ටික් සහල් නම් තිබ්බේ නෑ… නමුත් ඒ සහල් පිටරටින් ගෙනාපුවා. ඒව ලංකාවේ සහල් වලට වඩා පොඩ්ඩක් වෙනස්. අපි පොඩි කාලේ කාල තියෙනවා වියට්නාමෙන් ගෙනාපු සහල්. ඒවා අපේ සහල් වගේ නෙමෙයි ටිකක් වෙනස්.  ඒව කෑවම හැපෙන්නේ වෙනස් විදියකටයි. එහෙම නැතුව මේව ප්ලාස්ටික් නෙමෙයි. කවුරු හරි ප්ලාස්ටික් සහල් තියෙන තැනක් පෙන්නුවොත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්!
     
    මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය මීට පෙර ප‍්‍රකාශ කළේ ප්ලාස්ටික් සහල් පිළිබඳ රට තුළ ආන්දෝලනයක් පවතින බැවින් ආහාර පිළිබඳ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ස්ථාවරය වහා හෙළි කළ යුතු බවයි.

    [rns_reactions]

  • අවසන් ගමන් ගිය ප්‍රින්ස්ගේ රෝහල් බිල ගෙවන්න අපිත් එක්වෙමු.. විස්තරේ මෙන්න…

    “අප අතරින් වියෝ‌ වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ දේහය නිදහස් කරගැනීම සඳහා ලක්ෂ 25 ක බිල් පතක් රෝහලට ගෙවීමට තිබූ අතර මසක් ඇ‌තුලත ගෙවන ලිඛිත පොරොන්දුවක් මත දේහය නිදහස් කර දුන්නා. එසේ ලබා දුන් සහනය වෙනුවෙන් එම රෝහලට අපගේ ස්තූතිය පුදකරනවා.වසර දෙකක කාලයක් තුල එතුමාගේ සො‌යුරිය දැනට ලක්ෂ 125ක් පමන මුදලක් ප්‍රින්ස් වෙනුවෙන් රෝහල් වලට ගාස්තු සඳහා වියදම් කලේ ඔවුන් සතුව තිබූ ඉඩකඩම් විකිනීමෙන් සහ ඔබ අප කළ  පරිත්‍යාගයන් වලින්.”

    බොහෝ ආ‌ර්ථික දුෂ්කරතා දරාගෙන මේ සියලු බාධාවන්ට මුහුනදෙන මෙම සොයුරිය…
    මේ මොහොතේදී අප සියලුදෙනාගේ කාරැණික සහයෝ‌ගය බලාපො‌රො‌ත්තු වෙයි.

    ප්‍රින්ස් වෙනුවෙන් අපට හැකි උපකාරයක් කරමු.

    ශිරෝණි ප්‍රියංගිකා
    ගිණුම් අංක- 8103017799
    කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව.

    මෙම සටහන අප උපුටා ගත්තේ කීර්ති පැස්කුවල් ගායන ශිල්පියාගේ ෆේස්බුක් සටහනකින්.

    https://www.facebook.com/photo.php?fbid=10203279230139096&set=a.1025198287781.3608.1759987767&type=3

    [rns_reactions]

  • ගායන ශිල්පි ආත්මාගේ බිරිඳ දිවි ගමන නිමා කරයි!

    ආත්මා ලියනගේ කලාකරුවාගේ ආදරණීය බිරිඳ වූ මාලි ලියනගේ අභාවප්‍රාප්ත වී ඇති බවට වෙත වාර්තා වෙනවා.

    ඇයට ඇතිවූ හදිසි රෝගී තත්වයක් නිසාවෙන් රෝහල් ගතකර තිබෙනවා.

    එහි දී ඇය අභාවප්‍රාප්ත වී තිබෙන බවයි අපට දැනගන්න ලැබුණේ.

    ඇය ගීත රචීකාවක්ද වනවා.

    [rns_reactions]

  • ජයග්‍රහණයෙන් පසු මැතිව්ස්ගේ සංඥාව කාටද?

    ආබාධයකට ලක්ව සිට දිගු කලකින් පිටියට පිවිසි ලසිත් මාලිංග බංගලාදේශයට එරෙහි එක්දින තරඟයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පසු ඔහු සිය අංකය ප්‍රේක්ෂකයන්කට පෙන්වීය.

    එසේම ඇන්ජලෝ මැතිව්ස් ද ආබාධයකට ලක්ව සිට දිගු කලකට පසු යළි එක්දින පිටියට පිවිස ප්‍රබල ඉන්දියාවට එරෙහි තරඟය ජයග්‍රණය කරමින් අර්ධ ශතකයක්ද වාර්තා කර සිය අංකය ප්‍රේක්ෂකයන්ට පෙන්වීය.

    සැබැවින්ම ඔවුන් දෙදනා මේ සංඥාව නිකුත් කරන්නට ඇත්තේ කාටද ?

    [rns_reactions]

  • ජයග්‍රහණයෙන් පසුව දික්වැල්ලගෙන් ඉන්දියාවට රිදෙන කථාවක්…

    ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කල නොහැකි කණ්ඩායමක් බවත් කොයි මොහොතේ හෝ පෙරලියක් කිරීමේ හැකියාවක් ඇති බවත් ඕස්ට්‍රේලියා ක්‍රීකට් ක්‍රීඩක මයික් හසී ප්‍රකාශ කලේ තරඟාවලිය ආරම්භයටත් පෙරාතුවය.

    ඔහු කී ලෙසම ප්‍රබල ඉන්දියාව හමුවේ වාර්තාගත ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.ජයග්‍රහණයෙන් පසුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල අපුරු කතාවක් කීවේ ඉන්දියාවට මෙය පුහුණු තරඟයක් වුවත් ලංකාව ජයග්‍රහණය කලේ ඉතා වැදගත් තරඟයක් බවයි.

    “ඇත්තටම ගොඩක් සතුටුයි ඉන්දියාව පරාජය කරන්න ලැබුන එක ගැන.තරඟයට පෙර ඉන්දියාවේ මාධ්‍ය වගේම සමාජ වෙබ් අඩවිත් මේ තරඟය දැක්කේ පුහුණු තරඟයක් විදියට,ඇත්තටම අපිටනම් කිසිම තරඟයක් එහෙම නෑ,මේ තරඟාවලිය තියෙන්නේ සමාන ප්‍රතිවාදීන් අතරේ.හැම කණ්ඩායමකටම දිනන්න අවසථාවක් වගේම ඕනෑම කණ්ඩායමක් පරදින්නත් පුළුවන් මේ වගේ තරඟාවලියකදී,”

    දික්වැල්ල මෙසේ ප්‍රකාශ කර තිබුණේ තරඟයට පෙර ඉන්දියාවේ සමාජ ජාලා තුල ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කරමින් පළවූ ප්‍රකාශයන්ට පිළිතුරු වශයෙනි.

    [rns_reactions]

  • ලංකාවෙන් ඉන්දියාවට අමතක නොවන පුහුණුවක් – අපේ කුසල්ට ඉක්මන් සුව පතමු..

    විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකරමින් සිටිය දී හදිසියේ ආබාදයට ලක් වූ කුසල් ජනිත් පෙරේරාට ඉක්මන් සුවය සියලු ක්‍රීඩා ලෝලීන්ගේ මේ මොහොතේ ඇති එකම ප්‍රාර්ථනයයි

    https://www.facebook.com/ApiSriLankanBro/photos/a.528316757279382.1073741828.528310547280003/1232051323572585/?type=3

     

    https://www.facebook.com/OfficialSLCricket/photos/a.368827143194447.84167.234593909951105/1335123103231508/?type=3

     

    https://www.facebook.com/SLTCricket/photos/a.757532144272057.1073741829.731183376906934/1708329705858958/?type=3

    https://www.facebook.com/WebBuwa.Net/photos/a.162276724191026.1073741828.162262970859068/339020303183333/?type=3

    https://www.facebook.com/manoj.udayanga1/posts/1500748189998680

     

    https://www.facebook.com/panifun/photos/a.126030694248753.1073741828.126025920915897/686840724834411/?type=3

     

     

    https://www.facebook.com/srilankancricfans/photos/a.246125498913957.1073741827.235484913311349/694742904052212/?type=3

    https://www.facebook.com/Gangsterrathne/photos/a.401265546729025.1073741829.401124940076419/662531623935748/?type=3

    https://www.facebook.com/slupfa/photos/a.313924076258.191436.310211301258/10155226793556259/?type=3

    [rns_reactions]

  • හැමෝම හිනාවෙද්දි ලංකාව දිනනවා කිවුවේ මම – ජෝතිර්වේදී රත්නා සුගතපාලගෙන් ප්‍රකාශයක්…

    අද ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජයගන්නා බව ප්‍රකාශ කිරීමෙන් පසුව සියලුදෙනා තමන්ව සමච්චලයට ලක්කළත් මේ වනවිට තම අනාවැකිය සත්‍යයක් බවට පත්වී ඇති නිසා සියලුදෙනාගේ අවධානය තමා වෙත යොමුවී ඇති බව ප්‍රවීණ ජෝතිර්වේදී රත්නා සුගතපාල ප්‍රකාශ කරයි..

    ඔහු පැවසු අනාවැකිය මෙන්න…

    http://supirigossip.com/archives/4820

    [rns_reactions]