Blog

  • ලාංකිකයන් අමන්දානන්දයට පත්කළ කෝලිගේ දැවීයාම මෙන්න….

    ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා.

    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

    ඒ අනුව පිටියට පිවිසි ඉන්දීයානු කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගනිමින් පළමු කඩුල්ලට ලකුණු 138ක සම්බන්ධතාවයක් ගොඩනැගුවා.

    කෙසේ වෙතත් රෝහිත් ශර්මාගේ දැවීයාමෙන් පසු පිටියට පිවිසි සුපිරි පිතිකරු විරාට් කෝලි කිසිදු ලකුණක් ලබා නොසිටියදී දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත්වුණා.

    මේ එම අවස්ථාවේ වීඩියෝවයි.

     

    [rns_reactions]

  • මාධ්‍යවේදියෙක් ඇසු ප්‍රශ්නෙට උරණවූ ඇමති ජෝන්ගෙන් යලිත් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන…

    අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද කඳාන පක්ෂ කාර්යාලයේදී කෙරවලපිටිය ප්‍රදේශයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.

    සාකච්ඡාවෙන් අනතුරුව වත්තල, බෝපිටිය ප්‍රදේශයට කසළ බැහැර කිරීම පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අමාත්‍යවරයා කුපිතවී  මාධ්‍යවේදියාට ප්‍රතිචාර දැක්වූ අයුරු කැමරා කාචයේ සටහන්ව තිබෙනවා.

    කෙසේවෙතත් වගකිවයුතු මහජන නියෝජිතයින් ලෙස මෙවැනි විදියට හැසිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ දැඩි පිළිකුළක්.

    මාධ්‍යවේදීන් නියෝජනය කරන්නේ රටේ සාමාන්‍ය ජනතාවයි. ඉතින් මාධ්‍යවේදියෙකුට මහජන නියෝජිතයෙකු මෙවන් ආකාරයෙන් බැන වැදීම කොතරම් ශිෂ්ඨ සම්පන්නදැයි නැවත වරක් විමසා බැලිය යුතුයි.

    [rns_reactions]

  • “හිරු”ගේ කුරිරු බව නළු “මිහිර” යලි මතක් කරයි

    නිතරම හිනාවෙලා හිටියට කලාකරුවන්ගේ ජීවිතවලත් දුක, සතුට තියෙනවා. මිහිර සිරිතිලක කියන්නේත් බොහොම දුෂ්කර ගමන්මගක් ඔස්සේ කලා ලොව විජයග්‍රහණය කළ දක්ෂ තරුණ නළුවෙක්. තමන්ගේ ජීවන ගමන් මග දෙස ආපසු හැරී බලපු මිහිර අපි අහපු ප්‍රශ්නවලට බොහොම සීරුවෙන් මෙන්න මේ විදියට පිළිතුරු දුන්නා.

    මිහිර, සතුට හා දුක කෙටියෙන් නිර්වචනය කරන්න කියලා අපි ඔබට කියනවා. ඔබ කොහොමද එය කරන්නේ ?පෞද්ගලික ජීවිතේදී සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථා ඇති නේද?
    තාත්තාගෙ වියෝව තමයි පෞද්ගලික ජීවිතේ මම විඳපු ලොකුම දුක. සතුට දැනෙන අවස්ථා නම් ගොඩයි.
    මිහිරි හින්දා වෙනත් අය සතුටු වූ අවස්ථා වගේම දුක්වූ අවස්ථාත් ඇති.
    කවදාවත් වේදිකා නාට්‍යයක් බලලා නැති අහිංසක ළමයි පිරිසක් වෙනුවෙන් මම ‘කෝ කුක්කෝ නාට්‍ය පෙන්නුවා. එදා ඒ ළමයි පුදුම සතුටක් වින්දා. ඒක මටත් විශාල සතුටක් ඇති කළා. දන්න තරමින් මම හින්දා අනිත් අය දුකට පත්වූ අවස්ථා නම් නැහැ.
    ජනප්‍රිය චරිතයක් විදියට රටේම මිනිසුන්ගෙන් ලැබෙන ආදරය මිහිරට දැනෙන්නේ මොන විදියටද?
    මට ගොඩක් වෙලාවට ඒ ආදරය හිමිවෙන්නේ ප්‍රසංග නළුවෙක් විදියටයි. ඒ හින්දා සමහරු හිතනවා අපි අන් අයගේ හිනාවටම වෙන්වූ පිරිසක් කියලා. ඒ විදියේ දෘෂ්ටියකින් අපි දිහා බලන අයගේ ප්‍රතිචාර නම් සමහර වෙලාවට වේදනාවක්. එක්තරා ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් ඒ අයගේ එවැනි වැඩසටහනක් හින්දා මාව අමානුෂික විදියට පීඩනයටත් ලක් කළා. ලැබෙන ප්‍රේක්ෂක ආදරය හමුවේ ඔය විදියේ කටුක අත්දැකීමුත් තියෙනවා.
    අනාගතය ගැන හිතද්දී දැනෙන්නෙ සතුටක්ද දුකක්ද?
    මම මගේ අනාගතය සැලසම් කරලයි තියෙන්නේ. පහුගිය මැයි 28 වැනිදා මම රචනා කළ ඔබ ගියා කවි ‍පොතයි දෙහි දොඩම් ක්‍රමය කෙටි කතා සංග්‍රහයයි එළිදැක්වූවා. එය මගේ තවත් කඩඉමක්. මේ හැමදේම හිතද්දී ජීවිතයේ අද ඉන්න තැන ගැන ඇත්තේ විශාල සතුටක්.
    සතුට කියන්නේ තමන් කැමති දේ කරන්න ලැබිමයි. දුක කියන්නේ අකමැති දේවල් කරන්න සිදුවීමයි.
    කලාකරුවකු විදියට ඔබ අත් විඳි ලොකුම සතුට මොකක්ද?
    2000 දී ලයනල් වෙන්ට් රඟහ‍ලේදී ජෙරම් අයි.ටී. සිල්වාගේ මැක්බත් නාට්‍යයේ මැක්බත්ගේ චරිතය තුළින් හා හා පුරා වේදිකාවට ගොඩ වූ දවස.
    කලා ජීවිතේ විඳි ලොකුම දුක…
    මම ක්ෂේත්‍රයට ආ මුල්ම කාලෙදී එක්තරා ටෙලි නාට්‍යයක නළු නිළියන් තෝරන සම්මුඛ පරීක්ෂණයකට ගියා. එහි අධ්‍යක්ෂවරයා මට කිව්වා ඔයාගේ මූණ ෆොටෝ ජෙනික් නැහැ. ඒ හින්දා නළුවෙක් වෙන්න හිතලා වැඩක් නැහැ කියලා. ඒ වෙලාවේ නම් හිතට ඇතිවුණේ දරාගන්න බැරි දුකක්.
    මුහුණින් වගේම දක්ෂතාවය තුළිනුත් දක්ෂ ජනප්‍රිය නළුවෙක් වන්නට පුළුවන් බව පස්සේ කාලෙක මිහිර ඔප්පු කළා. ඒ ගැන අද සතුටු වෙනවාද?
    ඔව්, ඒ ගැන නම් ගොඩක් සතුටු වෙනවා. ඒ විතරක් නමෛයි මම නළුවෙක් වශයෙන් නමක් ගොඩ නගාගත්තට පස්සේ අර අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයකත් රඟපෑවා. ඔහු මාව තමන්ගේ නිර්මාණයට තෝරා ගත්තු මොහොතේ මට අතීතය සිහි වුණා. ඒත් ඒ අධ්‍යක්ෂවරයාට මතක නැතිව ඇති කාලෙකට කලින් මට කී කතාව. මම ඒක ඔහුට මතක් කළෙත් නෑ. එදා හා අද ගැන හිතද්දී ඇත්තටම සතුටුයි.

    [rns_reactions]

  • කයින් වචනයෙන් සංවරව පරිසරයට යහපත මුදාහරිමු – ජනපති මෛත්‍රී

    අඹ ගසක් සෙවණේ දී බුදු බණ පළමුවරට ඇසූ ශ‍්‍රාවකයින් ලෙස සිතින්, කයින්, වදනින් සංවරව පරිසරයට යහපත මුදා හරිමින් ලෝකය වඩාත් යහපත් කිරීමට කැපවීම පොසොන් පොහොය දිනයේ සැමගේ අධිෂ්ඨානය විය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    ජනාධිපතිවරයා පෙන්වා දේනනේ මිනිසා සොබාදහමට එරෙහිව අසීමිත තෘෂ්ණාවෙන් කරන විෂම ක‍්‍රියාවන්ගේ ප‍්‍රතිපල මිනිසා කෙරෙහිම එල්ල වන බවයි.

    පරිසරය සමග සමිප සබඳතාවකින් ජීවත් වීමට බුදු දහම තුළින් දැක්වුණු මග පෙන්වීම සැමදෙනාගේ නිරුපද්‍රිත පැවැත්මේ ප‍්‍රමුඛ සාධකයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

    අදට යෙදී තිබෙන පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දෙනවා.

    [rns_reactions]

  • පච පතුරන මවුබිමට එරෙහිව මිලියන 100ක් ඉල්ලා ඇමැති දුමින්ද නඩු පවරයි!

    පසුගිය ජුනි 05 වන දින මව්බිම මුල් පිටුවේ “සත්ත්ව ආහාර හදන්න බඩඉරිඟු දේශීය ගොවීන්ගෙන් ගන්න එපා. කෘෂිකර්ම ඇමතිගෙන් නියෝගයක්” සිරස්තලය යටතේ පළ වූ පුවත සම්බන්ධයෙන් මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විශේෂ තීරණයක් ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

    කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ධම්මික පීරිස් මහතා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මේ බව සඳහන් වේ.

    එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

    “ඒ අනුව පුවතේ සඳහන් වන්නේ, ස්වභාවික පීඩා මධ්‍යයේ මිනිස් පරිභෝජනයටවත් ප්‍රමාණවත් බඩඉරිඟු අස්වැන්නක් නොමැති වකවානුවක සත්ත්ව ආහාර සඳහා බඩඉරිඟු මිලදී නොගන්නා ලෙස අමාත්‍යතුමා උපදෙස් ලබා දුන් බවයි.

    මේ සම්බන්ධයෙන් ලබාගත් නීති උපදෙස් මත කෘෂිකර්ම අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ කීර්ති නාමයට හානියක් වී ඇති බැවින්, ඊට වගකිවයුතු මව්බිම කර්තෘ මණ්ඩලයට වහාම අමාත්‍යතුමා ප්‍රකාශ නොකළ දෙයක් ප්‍රකාශ කළ බව ප්‍රසිද්ධ පුවත්පතක පළකිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදු වී තිබේ. මෙහිදී ගරු දුමින්ද දිසානායක මැතිතුමාගේ කීර්ති නාමයට හානි සිදු කිරීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 100ක වන්දි මුදලක් ඉල්ලා නඩු පැවරීමට අවශ්‍ය නීතිමය උපදෙස් ලැබී ඇත.

    එහිදී එම ප්‍රවෘත්ති නිවැරදි කරමින් එම පුවත සාවද්‍ය බවට මව්බිම පුවත්පත මඟින් නැවත ප්‍රසිද්ධියේ ප්‍රවෘත්තියක් මඟින් ජනතාව වෙත දැනුම් දිය යුතු අතර මව්බිම වෙබ් අඩවියේ පළ වූ පුවත ද නිවැරදි කළ යුතු බව කර්තෘ මණ්ඩලය වෙත දැනුම් දී ඇත. ඒ සම්බන්ධයෙන් මේ වන විට අදාළ කර්තෘ මණ්ඩලය වෙත එන්තරවාසි යවා ඇති අතර මේ පිළිබඳව නිසි පියවරක් නොගන්නේ නම් කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව, ඉදිරි නීතිමය පියවර ගැනීමට සිදුවන බවට අදාළ පාර්ශවයට දැනුම් දී තිබේ.

     

    [rns_reactions]

  • පාරට අවොත් මහපොළ නෑලු – කිරිඇල්ලගේ ගොන් පාට් මෙන්න…

    විශ්වවිද්‍යාල වල උද්ඝෝෂණ  කරන සිසුන්ට මහපොළ ශිෂ්‍යධාර ලබා නොදෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

    අමාත්‍යවරයා  පාර්ලිමේන්තුවේ දී  7 බදාදා ඒ  බව ප්‍රකාශ කළේ,පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන  විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    මහපොළ හා රජය මඟින් සිසුන්ට පිරිනමනු ලබන ශිෂ්‍යාධාර හිමිවනුයේ අධ්‍යයන කටයුතුවල නියැලෙන කාලසීමාවන් සඳහා  බවයි අමාත්‍යවරයා  එහිදී සදහන් කර ඇත්තේ.

    රජය විසින් සාමකාමී උද්ඝෝෂණ වලට කිසිදු බලපෑමක් සිදු නොකරන අතර  ශිෂ්‍ය මර්දනය සඳහා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා තිබේ.

    [rns_reactions]

  • දිනයේ අරුත නොදැන පොසොන් පොහොය දා පිස්සු නටන මහින්දගේ ගෝලයෝ…

    2017 පොසොන් පොහොය අද දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් රටපුරා බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ සැමරුම් උත්සව සංවිධානය කර ඇති අතර බෞද්ධ ප්‍රතිපදාවන්ට සහ ශ්‍රී ලාංකීය සංස්කෘතියට මුල්තැන දෙමින් මෙම කටයුතු සිදුකරනු ලබයි.

    අම්පාර වෙළඳ සංගමය විසින් මෙවර සංවිධානය කර ඇති පොසොන් කලාපය හෙට(09) දින සිට 14 වනදා දක්වා අම්පාර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    පොසොන් උත්සවය සමරමින් සිදුකරන පුන්‍යක්‍රියාවක් ලෙස හදුන්වාදෙමින් සංවිධානය කර ඇති මෙම පොසොන් කලාපය සිංහල බෞද්ධ සංස්කෘතිය වනසන විකාර වැඩසටහනක් බවට තොරතුරු අනාවරණයවී තිබේ.

    අම්පාර දිස්ත්‍රික් පා.ම සරත් වීරසේකරගේ සුහච කීකරු ගෝලයකු වන දුලිප් කුමානායක සහ නාමල් රාජපක්ෂගේ ගෝලයෙකු වන  නිලංක චාමර යන මන්දබුද්ධික පාහරයන් දෙදෙනා විසින් මෙලෙස බුදුදහම විකුනාගෙන කෑමට සහ මහින්දාගමනය සිහිපත් කරන සිංහල බෞද්ධයින්ගේ වැදගත්ම පොහෝ දිනය ආතල් ගැනීමට යොදාගෙන තිබේ.

    කිසිදු හිරිකිතයකින් තොරව මෙම පොසොන් කලාපයේ ප්‍රචාරණ බැනර් වල විනෝද ක්‍රීඩා, සංගීත ප්‍රසංග සහ සැන්ඩෝ දර්ශණ පැවැත්වෙන බවට දක්වා ඇති අතර උතුම් වූ පොසොන් පොහොය යනු මෙවන් ආතල් ගැනීමට ඇති උත්සවයක් නොව ආගමානුකූලව ජීවත්විය යුතු කාලවකවානුවක් බව් තේරුම්ගැනීමට බුද්ධියක් නැත.

    (Photos – සංවිධායකවරුන් )

    මෙම පොසොන් ආතල් සංදර්ශණයේ සංවිධායකයින් විසින් පළ කල පූර්ව ප්‍රචාරක බැනරය

    පොසොන් උත්සවය ගැන නොසලකා සිටියද අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් රටම පීඩාවට පත්ව සිටින මොහොතක සංගීත සංදර්ශණ, විනෝද ක්‍රීඩා සැණකිලි පැවැත්වීම කෙතරම් පහත් ක්‍රියාවක්ද?

    මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ චෞර කල්ලිය හැමදාම කලේ සිංහල ජාතියත්, බුද්ධාගමත් විකුණාගෙන කමින් සිය දේශපාලනය සිදුකිරීමය. දැන් ඉන්ගේ ගෝලයන් කරන්නේද එම පාහර ක්‍රියාවමය.

     

    [rns_reactions]

     

  • සුරාජ් මගේ තාත්තාව මරා ගත්තා – කේන් වෙඩිසිංහ

    පියාගේ මරණයට ඔහු සමඟ ධාවනයේ යෙදුන සුරාජ් පෙරේරා වගකිව යුතු බවට ආනන්ද වෙඩිසිංහ මහතාගේ පුත්‍රයා වන කේන් වෙඩිසිංහ චෝදනා කරනවා. පහතින් දැක්වෙනේ ඔහු සමඟ කල කතාබහකින් උපුටා ගන්නා ලද කොටසකි.

    ආනන්ද වෙඩිසිංහ ඔබේ පියා මෝටර් බයිසිකල් තරඟයකදී මියගිය එක ගැන ඔබ පමණක් නෙමෙයි මුළු රටම කම්පාවට පත් වුණා. නමුත් ඔහුගේ සෙනෙහස ඔබට අහිමි වීම ගැන වෙන කාටත් වඩා දැනෙන්නේ ඔබටයි.එහෙම නේද..?

    ඔව්. මගේ අම්මා ජපන් කාන්තාවක්. මම වගේම අම්මා බොහෝ කාලයක් ජිවත් වුණේ ජපානයේ. නමුත් තාත්තාගේ ආදරේ අපිට කවදාවත් මග හැරුනේ නැහැ. මොකද අපි සැරින් සැරේට ලංකාවට ආවා. තාත්තා වුණත් අපිව බලන්න නිතරම ආවා. ඒ නිසා මට කවදාවත් මගේ තාත්තාගේ අඩුවක් දැනුණේ නැහැ. එයා දැන් ජිවතුන් අතර නැහැ කියන එක මට තවම හිතා ගන්න බැහැ වගේම අඩුව තදින් දැනෙනවා.

    ඔහු මිය ගියේ තරගයට අවශ්‍ය පසුබිම නැතිකම නිසා කියලා ඔබ කියනවා..?

    මගේ තාත්තා වගේම මමත් ලංකාවේ විතරක් නෙමෙයි ජපානයේ පවා ක්‍රීඩා කළා. මම දන්නවා ඒ පසුබිම හොදට. මම තවම පොඩි වයසක ඉන්න කෙනෙක්.මගේ වයස අවුරුදු 24යි. මට වඩා ක්‍රීඩාවෙන් පරිනත අයනේ එතැන හිටියේ. ඒ අය හොදටම දන්නවා මගේ තාත්තා මැරුණේ කොහොමද කියලා. තාත්තා මැරෙන්න ඕන කෙනෙක් නෙමෙයි. ජිවත් වෙන්න ඕන කෙනෙක්. නමුත් තව කෙනෙක් නිසා මගේ තාත්තා මැරුණා. ඒකට වගකියන්න ඕන බොහෝ අය ඉන්නවා.

    ඔබ කියන්නේ ඔබේ පියා එක්ක කරට කර තරග කරමින් හිටිය සුරාජ් පෙරේරාත් වග කිව යුත්තෙක් කියලද..?

    අනිවාර්යෙන්ම ඔව්. ඒ තරගයේ වීඩියෝ එක බලන ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඒක සුරාජ් කළේ හිතාමතා කියලා. තාත්තාව මැරුවේ හිතාමතා නොවුණාට තාත්තාගේ බයික් එක වැද්දුවේ හිතලාමයි. මම කැමතියි සුරාජ්ගෙන් අහන්න එයාගේ හිත රිදුණේ නැද්ද මගේ තාත්තාට මෙහෙම කළාට කියලා. ඒ වගේම අපේ හිත් රිද්දලා මගේ තාත්තාව මගෙන් උදුරා ගත්තේ ඇයි කියලා.

    සුරාජ් පෙරේරා ඔබේ පියාගේ දේහයට අවසන් ගෞරව නොදැක්වීම ගැන ඔබ කණගාටුවෙන්ද..?

    මට කිසිම කෙනෙක් එක්ක තරහක් නැහැ. මොකද මම තරහා ගත්තා කියලා මගේ තාත්තා මට ආයෙමත් ලැබෙන්නේ නැහැනේ. නමුත් මට දුකයි. මේ රටේ මිනිස්සු මගේ තාත්තාට කොච්චර ආදරෙයිද. ඒත් එයා එක්ක සෑහෙන කාලයක් තරග කළ සුරාජ් වරදක් වෙලත් අපේ තාත්තාගේ මරණයට ආවේ නැහැ කියන්නේ මනුස්සකමක්වත් සුරාජ් ළග නැහැ කියන එකයි.එයාට මනුස්සකම නැහැ. එයාගේ හිත දන්නවා මේ වුණේ වරදක් කියලා. ඒ නිසයි ආවේ නැත්තේ. මම මුල් දවසේ නම් එයා වැරදියි කියලා හිතුවේ නැහැ. නමුත් දැන් මට හිතෙනවා එයා තමයි මගේ තාත්තාව නැති වෙන්න හේතුව කියලා. අඩු තරමින් කතා කරලා දුක ප්‍රකාශ කළේවත් නැහැනේ. ඒකටද මනුස්සකම කියන්නේ.

    [rns_reactions]

  • මිහිදු මාහිමියෝ දේවානම්පියතිස්ස රජුගේ පුතෙක් – මහින්ද රටම හිනස්සයි….

    මිහිදු හිමි දේවානම්පියතිස්ස රජුගේ පුතෙක් බව සදහන් කරමින් පරාජිත ජනපති මහින්ද රාජපක්ෂ නිකුත් කල ආන්දෝලනාත්මක පොසොන් දින පණිවුඩය මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහට ලක්වී ඇත.. මෙන්න එම පණිවිඩය…

    [rns_reactions]

  • අවසන් සුසුම් හෙළු ප්‍රින්ස් පිළිබදව දයාන් විතාරණගේ සටහන….

    ප්‍රින්ස් ඔබට නිවන් සුව…

    අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත මීට ටික වෙලාවකට පෙර නවලෝක රෝහලේදී අවසන් සුසුම් හෙළු බව තහවුරු විය .2002 වසරේ මා ගායකයෙක් වන කල ඔහුගේ සීගිරියේ කුරුටු ගීත ගීතය කෙතරම් ජනප්‍රිය වීද යත් එම කැසට් පටය මිළදී ගැනීමට දිගු පෝලිම් තිබු බව මතකය .

    අතිශයින් ජනප්‍රිය වූ රසික සිත් දිනා ගත් සංවේදී ගායකයෙකු වුවද අප යන මොහොත ආ විගස අප නික්ම යා යුතුය .කලක් රෝගාතුරව සිටි ප්‍රින්ස්ගේ සුව දුක් බැලීමට මා රෝහලට ගොස් ඔහු වඩාත් සුව අතට හැරෙමින් ඇති බව දන්වා සිටි මගේ මුහුණු පොතේ සටහනට ලැබුනු ප්‍රතිචාර ඉමහත්ය .කෙසේ හෝ ප්‍රින්ස් දැන් අප අතර නැත .වයස 47ක් වැනි කෙටි ආයු කාලයකින් ඔහු නික්ම යෑම කෙතරම් අභාග්‍යයක්ද .ප්‍රින්ස් උදය ප්‍රියන්ත සොයුරාට අමා මහ නිවන් සුව පතමි.

    [rns_reactions]

  • ප්‍රින්ස් දිවි සැරියට තිත තබයි! – News Just In

    ජනප්‍රිය ගායන ශිල්පි ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    අද (08) කොළඹ පුද්ගලික රෝහලකදී හෙතෙම අභාවප්‍රාප්ත වන විට 47 වන වියේ පසුවිය.

    කලක සිට දැඩි රෝගාතුරුව සිටි ඔහු විටෙන් විට රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ නමුත් සම්පූර්ණයෙන්ම සුවයක් නොලැබූ බව වාර්තා විය.

    අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතියෙක් අපට සඳහන් කළේය.

    [rns_reactions]
  • අද තරගය ලංකාව ජයගන්නවා – අවසන් මොහොතේ ජෝතිර්වේදියෙක්ගෙන් අනාවැකියක්….

    අද ඉන්දියාවට එරෙහි ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව නියත වශයෙන්ම ජයගන්නා බව ප්‍රවීන ජෝතිර්වේදී රත්නා සුගතපාල පවසයි. සියලුදෙනා ඉන්දියාවට වාසි වන පැවසුවද ඊයේ දින පකිස්තානය ජයගත් විලසින්ම මෙම තරගය ශ්‍රී ලංකාව ජයගන්නා බව ඔහු සදහන් කරයි. 

    තමන් මේ පිලිබදව ඕනෑම කෙනෙකු සමගින් විවාදයකට සුදානම් බවද ඔහු සදහන් කරයි….

    [rns_reactions]

  • ගැටළු නිමාකරමින් නේපාලයට නව අගමැතිවරයෙක්…

    නේපාලයේ කොංග්‍රස් පක්ෂයේ නායක ශර් බහදූර් දෙව්බා, එරට නව අගමැතිවරයා වශයෙන් තේරී පත්ව සිටි.

    ඔහු මීට පෙර අවස්ථා තුනකදී ද නේපාලයේ අගමැතිවරයා ලෙස ක්‍රියා කර තිබුණි.

    පුෂ්ප කමල් දහල්, බලය බෙදා ගැනීමේ වැඩපිළිවෙළක් යටතේ ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුවයි, මේ ඡන්ද විමසුම පැවැත්වුණි.

    70 හැවිරිදි බහදූර්, ආසන 593කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආසන 388ක් ලබාගැනීමට සමත් විය.

    නේපාලයේ දස වැනි ආණ්ඩුවට නායකත්වය ලබාදීමේ වගකීම දෙව්බා වෙත පැවරී තිබේ.

    [rns_reactions]

  • මුදල් වංචා කල බේබි නාමල්ට අධි චෝදනා….

    රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයා ගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් ඊයේ (06) අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.

    ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන් මේ මස 28 වැනි දා තෙක් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලද පෙර ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය.

    විත්තිකරුවන් 06 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මේ නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර, අධිකරණය නිකුත් කළ සිතාසි මත ඊයේ (06) අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි.

    නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා ඔරහෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිතාසි බාරදීමට නොහැකි බවට සිතාසි වාර්තා හා ඔවුන් විදේශගතව පැමිණ නැති බව තහවුරු කිරීමට ගුවන් ගමන් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    මේ දෙවැනි හා සිවුවැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු පවසා සිටියේ විදේශගතව සිටින මේ විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තමනට බලය පවරා ලිපි ‍ලබාදී ඇති බවයි.

    අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම ලිපි විනිසුරුවරයා විසින් බාර ගන්නා ලදී.

    විත්තිකරුවන් හට ඇප නියම කිරීම සඳහා නඩුව ස්ථිර විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට මේ 28 වැනිදාට දින ලබා දුන් විනිසුරුවරයා එදින තෙක් විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඔවුනට නියම කළ පෙර ඇප වූ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් සිවු දෙනකුත් ඇප මතම මුදා හැරීමට ද නියෝග කළේය.

    අධිකරණය හමුවේ පෙනී නොසිටි ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරහෙලා ඉරේෂා සිල්වා හා නඩුවේ හයවැනි විත්තිකරු වූ සී/ ස ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම සම්බන්ධව ඉදිරි පියවර ගැනීම ද විනිසුරුවරයා විසින් මේ මස 28 වැනිදාට කල් තබන ලදී.

    2013 ඔක්තෝබර් මස 01 දින හා 2014 අගෝස්තු මස 31 අතර කාලයේ දී කොළඹ දී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මේ නඩුව පවරා ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සී / ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ සිදු කළ ගනුදෙනුවක දී මේ රුපියල් මිලියන තිහක මුදල අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවන්හි සඳහන් වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, අනිල් සිල්වා යන මහත්වරු සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.

    ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

    නඩුව නැවත කැඳවීම මේ මස 28 වැනිදාට කල් තැබුණි.

    [rns_reactions]

  • පොසොන් සමයේ පුරාවිද්‍යා ස්මරක වලට නොමිනිස් බැතිමතුන්ගෙන් හානි

    පොසොන් සමයේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත වන්දනා කරුවන්ගේ නොදැනුවත්කම නිසා පුරාවිද්‍යා ස්මාරක වලට සිදුවන හානිය තවමත් ඉතා බරපතල තත්වයක පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ (අනුරාධපුර) සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා ප්‍රකාශ කරයි. මෙම පුරා විද්‍යා ස්මාරක සහ පුරාවස්තු විනාශය වැලකීම පිණිස වඩාත් විධිමත් සාමූහික වැඩපිළිවළක අවශ්‍යතාව ඒ මහතා අවධාරණය කරයි.

    අනුරාධපුරයේ පූජනිය ස්ථාන වෙත පැමිණෙන වන්දනා කරුවන් ඒ අවට ඇති පුරාවිද්‍යා පරිශ්‍රයන්හි ආහාර පිසීම්, නවාතැන් ගැනීම් ආදී කටයුතු වල යෙදීම නිසා එම ස්මාරක සහ පුරාවිද්‍යා වස්තූන්ට බරපතල හානි සිදුවන බව පෙන්වා දෙන මහාචාර්යවරයා පුරාවිද්‍යා ස්මාරක මත ආහාර පිසීම සඳහා ගිනි දැල්වීම් ආදියෙන් එහි ඇති මුරගල් කොරවක් ගල් සහ මෙතෙක් තහවුරු කළ සහ තහවුරු නොකළ පුරාවිද්‍යා ස්මාරක යළි ප්‍රතිසංස්කරණය කළ නොහැකි අන්දමට විනාශ වී යන බවද පෙන්වා දෙයි.

    මීට පෙර අවස්ථා වල සිදුකරන ලද ගවේෂණයකදී සෑම පොසොන් සමයක් අවසානයේම වන්දනාකරුවන් විසින් හානි කරන ලද ශිලාමය කොටස් ඇතුලු පුරාවිද්‍යා ස්මාරක කොටස් ටොන් 3 ක් 10 ක් අතර ප්‍රමාණයක් එම පරිශ්‍ර වලින් බැහැර කිරීමට සිදුවූ බවද මහාචාර්ය වරයා ප්‍රකාශ කරයි.

    මෙම පුරා වස්තු විනාශය වැලැක්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ මධ්‍යම සංස්කෘතික අරමුදලට තනිව කළ හැකි කාර්ය භාරයක් නොවන බවද ඒ සඳහා පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය හා ස්වේච්ඡා සංවිධාන වල ඒකාබද්ධ ක්‍රියාන්විතයක් ඇරඹිය යුතු බවද පෙන්වා දෙන මහාචාර්ය කුලතුංග ඒ සම්බන්ධයෙන් වන්දනාකරුවන් දැනුවත් කිරීම පිණිස මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිසේත්ම සතුටු විය නොහැකි බව ද පෙන්වා දෙයි.

    මෙහිදී අනුරාධපුර පූජනීය ස්ථාන අවට ආහාර පිසීමේ හා නවාතැන් ගැනීමේදී පුරාවිද්‍යා ස්මාරක නොමැති හිස් භූමි භාගයන් තොරා ගැනීම සම්බන්ධයෙන් වන්දනා කරුවන්ගේ විශේෂ අවධානය යොමු විය යුතු බව මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

    [rns_reactions]