Blog

  • බඹරු අනිද්දී ස්වාමියා අත් නොහැර සිටි ‘ජිමී’ කොළඹට….

    බඹරුන් පහර දෙද්දී මියගිය සිය ස්වාමියා අතහැර නොගිය සුනඛයා සති දෙකකට ආසන්න කාලයක් සොහොන ළඟ රැඳී සිටියදී කොළඹ සිට ගම්පොළ පුපුරැස්ස ප්‍රදේශයට පැමිණ සුනඛ ආරක්ෂක සංගමයේ සාමාජිකයන් විසින් එම සුනඛයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් කොළඹට රැගෙන යන ලදී.

    ගම්පොළ පුපුරැස්ස ලෙවලන්වත්ත මානිකට්ටුව ප්‍රදේශයේ මියගිය 79 හැවිරිදි අයකුගේ අවසන් කටයුතු සිදුකිරීමට සොහොන වෙත රැගෙන යමින් සිටියදී අතරමඟ බඹර ප්‍රහාරයක් එල්ලවීම නිසා දේහය සහිත පෙට්ටිය බිම දමා බඹරුන්ගෙන් බේරීම සඳහා අවමංගල්‍ය කටයුතුවලට සහභාගි වූ පිරිස සී සී කඩ දිව ගියද මෙම සුනඛයා එම දෙණ සහිත පෙට්ටිය තනි නොකර බඹර ප්‍රහාර එල්ල වෙද්්දීත් පිරිස යළි පැමිණෙන තුරු පැය දෙකක් පමණ එහිම රැඳී දේහයට රැකවරණය ලබා දී තිබේ.

    ඇඳිරි වැටී ගෙන එනවිට පන්දම් දල්වාගෙන පැමිණි පිරිස දෙණ මිහිදන් කොට ආපසු ගියේ මෙම බල්ලාගේ ගුණය ගැනද කතා කරමිනි.


    මෙම බඹර ප්‍රහාරයට ලක්වූ 8 දෙනකු රෝහල් ගත කොට තිබිණි.

    මෙම පුවත මාධ්‍ය මඟින් අප හෙළි කළේ කෙළෙහිගුණ සහිත මෙම බල්ලා යළි නිවෙසට නොගොස් මිනී වළ මත රැඳී සිටින බවද හෙළි කරමිනි.


    එම පුවත දුටු සත්වාරක්ෂක සංගමයේ රුවන් ඩග්ලස් හා ගිහාන් වෙනුෂ්ක තොරතුරු විමසා කොළඹින් වාහනයක්ද රැගෙන අප සමඟ කිලෝමීටර් 160ක් පමණ දුර ගෙවා එම බල්ලා සිටි පුපුරැස්ස මනිකට්ටුව ප්‍රදේශයට ගියේ සුනඛයාට අවශ්‍ය ආහාරද රැගෙනය.

    ඒ වනවිට එම ප්‍රදේශයේ පදිංචි රවි නමැති තරුණයා මෙම බල්ලා ගැන සොයා බලා අප හට ලබා දුන් තොරතුරු අනුව ඔහුද රැගෙන සොහොන වෙත ගොස් සොහොනේ වළ උඩ රැඳී සිටි බල්ලා දැක ගත්තෙමු.

    මෙම සුනඛයාගේ කතාවද තරමක් වෙනස්ය. මනිකට්ටුව පේළි නිවාසයක හැදී වැඩී ඇති බල්ලාට ලොම් හැලෙන රෝගය වැලඳී ඇඟේ තුවාල දමා ඇති අතර මේ නිසා මිනිසුන්ගේ සැලකිල්ලද අඩු වී ඇත.

    මෙයින් අසරණ වූ සතා මහලුවියට පත්වී සිටි එම පේළි නිවාසයේ සිටි මාරිමුත්තු සමඟ හිතවත් වී ඇත.

    පේළි නිවාසවල අය කම්කරුවන් ලෙස වත්තේ වැඩට යද්දී තනිවන මාරිමුත්තු හා “ජිමි” නමැති මෙම බල්ලා බොහෝ කාලයක් එකට ගතකොට ඇත.


    පසුගියදා මාරිමුත්තු මෙසේ මියයෑමත් සමඟ ජිමීද ඔහු අත නොහැර ඔහුගේ සොහොන උඩ මෙසේ දවස ගතකොට තිබේ.

    පුවත්පත් මඟින් අප මෙය වාර්තා කිරීම සමාජයේ දැඩි කතාබහට ලක්වූ අතර ඒ සමඟ මෙම සත්වාරක්ෂක සංගමය හා සත්ත්ව සුබසාධක සංගමය මේ සඳහා ඉදිරිපත් වී මෙම සතා බේරා ගැනීම සඳහා කටයුතු කොට ඇත.

    ඒ අනුව ජිමි කොළඹට රැගෙන යෑමට පෙර උෟ ජීවත් වූ පේළි නිවාසවලටද එම සතා රැගෙන ගියේ රවි හා මිල්ලගහමුල ගුණරත්න යන අයගේ සහාය ඇතිවය.


    එහිදී පේළි නිවාසවල අය රැස්වී ජිමිට සමුදුන්නේ මෙම සතාගේ කෙළෙහි ගුණ පිළිබඳ අවබෝධ වීමෙනි.

    රුවන් ඩග්ලස් හා ගිහාන් වෙනුෂ්ක එක්ව සතා කොළඹට රැගෙන ආ පසු උෟට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ඇරැඹූ අතර බඹර විස සඳහාද ප්‍රතිකාර ආරම්භ කොට ඇත. දැනට මෙම සතා රුවන් ඩග්ලස් මහතා භාරයේ කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ ජීවත් වේ.

    [rns_reactions]

  • ජනපති නියමයෙන් නව ලෝකයට සරිලන නව උපාධි පාඨමාලා රැසක්…

    අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලබන අධ්‍යයන වර්ෂයේ සිට මොරටුව විශ්ව විද්‍යාලයේ ‘ව්‍යාපාර විද්‍යාව‘ නමින් නව උපාධි පාඨමාලාවක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

    මුල්ම උපාධි අපේක්ෂක කණ්ඩායම ලෙස සිසුන් 100ක් ඇතුළත් කර ගන්නා බවත් මීට අමතරව හෙද උපාධි පාඨමාලාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය යන උපාධි පාඨමාලා ලබන වසරේ සිට කොළඹ විශ්ව විද්‍යාලයේ ආරම්භ කරන බවත් එම කොමිෂන් සභාව සඳහන් කරයි. මීට අමතරව කැලණිය විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පාඨමාලාව ද ප්‍රථම වරට ලබන අධ්‍යයන වර්ෂයේ සිට ආරම්භ කිරීමට නියමිතය.

    [rns_reactions]

  • කටාර් හුදෙකලා කළේ මගේ සංචාරය නිසායි – ට්‍රම්ප්

    ත්‍රස්තවාදයට අනුබල දෙන බවට චෝදනා කරමින් කටාරය සමග සබඳතා අත්හිටුවීමට අසල්වැසි අරාබි රටවල් ගත් තීරණය සිය ඉල්ලීමක ප්‍රතිඵලයක් බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    මෑතදී තමන් සවුදි අරාබියේ කළ සංචාරයේ ප්‍රතිඵල දැනටමත් දැකගන්නට ලැබෙමින් පවතින බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන ජනාධිපතිවරයා, මැද පෙරදිග මතු වී තිබෙන වාතාවරණය “ත්‍රස්තවාදයේ බියකරු බව නිමාකිරීමේ ආරම්භය” සනිටුහන් කිරීමට ඉඩ තිබෙන බවත් සඳහන් කර ඇත.

    ඉස්ලාමීය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය ලබා දෙන බවට චෝදනා කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේනය, ලිබියාව සහ යේමනය යන අසල්වැසි අරාබි රටවල් කටාරය සමග පැවති තානාපති සබඳතා පසුගියදා අත්හිටුවනු ලැබීය.

    [rns_reactions]
     
     
  • ජනපති නියමයෙන් කලාකරුවන්ට රුපියල් දසදහසක්….

    ජානධිපතිතුමා විසින් ඉදිරිපත් කල යෝජනාවකට අනුව ආර්ථික ගැටළු සහිත කලාකරුවන්ට මෙතෙක් ලබාදුන් රුපියල් 5000 දීමනාව රුපියල් 10000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

    [rns_reactions]

  • අනුරපුර දුම්රියේ යද්දී මරු සැඟවී සිටින තැන් මෙන්න…

    පොසොන් සමයේ කොළඹ සිට අනුරාධපුරය දක්වා වන්දනාවේ යන බැතිමතුන් ගෙන් යම් පිරිසක් දුම්රියෙන් වැටීම ආදී අනතුරු වලට ලක්වන අතර එයට මුලුමනින්ම හේතු වී ඇත්තේ මගීන් ගේ නොසැලකිලිමත්කම සහ අනාරක්ෂිත බව යැයි දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් ලක්බිම ඔන්ලයින් වෙත පැවසීය.

    විශේෂයෙන් දුම්රිය පා පුවරුවේ එල්ලී යාම නිසා අනුරාධපුරය දක්වා ඇති පටු දුම්රිය පාලම් වල ගැටීමෙන් මේ වන විට සෑහෙන පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම ප්‍රකාශකයා කියයි.

    මෙසේ කොළඹ සිටි අනුරාධපුරයට ගමන් ගන්නා අතර හමුවන පටු දුම්රිප පාලම් අතර අඹේපුස්ස හා යත්තල්ගොඩ අතර ඇති මා ඔයේ පාලම, වැල්ලව හා ගණේවත්ත අතර ඇති දැදුරුඔය පාලම, ගණේවත්ත සහ නාගොල්ලාගම අතර හිරියාල උප දුම්රිය ස්ථානය දෙපස ඇති හක්වටුනාඔය සහ කිඹුල්වානාඔය පාලම් දෙක, අඹන්පොළ සහ ගල්ගමුව අතර ඇත මී ඔය පාලම, සෙනරත්ගම සහ තඹුත්තේගම අතර ඇති කලාඔය පාලම, ශ්‍රාවස්තිපුර සහ අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානය අතර ඇති මල්වතුඔය පාලම මෙම දුම්රිය මාර්ගයේ පාලම් අතරින් වඩාත් අනතුරු දායක පාලම් බව පෙන්වා දෙන මෙම ප්‍රකාශකයා මේ වන විට පාපුවරුවේ යමින් සිටියදී මෙම පාලම් බඳ වල ගැටීමෙන් සැලකිය යුතු මිනිස් ජීවිත ගණනක් විනාශ වී ඇති බව ද කීය.

    එමෙන්ම දුම්රිය, වේදිකාවේ නතර කිරීමට පෙර එයට නැඟීමට සහ බැසීමට යාමේදීත් පාපුවරුව ඇතුළු දුම්රියේ වෙනත් අවදානම් සහිත ස්ථාන වල යෑමෙදී පය පැකිලීම නිසාත් මේ වන විට සැලකිය යුතු ජීවිත ගනණක් අහිමිව ඇති බවත් වඩාත් ප්‍රවේශම්කාරී දුම්රිය ගමනක් මගින් මෙවනි අවාසනාවන්ත තත්වයන් වලක්වාගත හැකි බව මෙම ප්‍රකාශකයා කීය.

    [rns_reactions]

  • මහින්ද සමයේ රූපවාහිනියට 34,54,279ක් පාඩු කිරීම – හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනකුට එරෙහිව නඩු

    ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ශ්‍රී ලංකා රුපවාහිනි සංස්ථාවේ වැඩසටහන් ඉතාලියේ පිහිටි ‘නෝවා විෂන් සැටලයිට්’ නමැති සමාගමකට ලබාදීම තුළින් එම සංස්ථාවට රුපියල් 34,54,279ක පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් එම සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

    ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන චන්ද්‍රපාල ලියනගේ සහ විමල් රූබසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම මෙසේ් චෝදනා එල්ල කර තිබේ.

    අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍ර මඟින් දැනුම් දී ඇත්තේ 2014.12.16 වන දින සිට 2015.01.15 වන දින දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් ඉතාලියේ පිහිටි ‘වන් ශ්‍රී ලංකා’ නමැති රූපවාහිනිය හරහා විකාශය කිරීමට එම රටේ පිහිටි ‘නෝවා විෂන් සැටලයිට්’ නමැති සමාගමට ලබාදීම තුළින් විත්තිකරුවන් දෙදෙනා එම සංස්ථාවට රුපියල් 34,54,279ක පාඩුවක් සිදුකර ඇති බවයි.

    එම ක්‍රියාවලියේදී විත්තිකරුවන් රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කිරීමක් හෝ විධිමත් ගිවිසුම් අස්සන් කිරීමක් හෝ සිදුකර නොමැති බවද අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ චෝදනා පත්‍රවල සඳහන් වේ.

    මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 14 දෙනකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ ලෙස ලේඛන 28ක්ද නඩුවට අමුණා ඇත.

    [rns_reactions]
     
     
  • කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ගැන හිටපු හමුදාපතිගෙන් ප්‍රශ්න කෙරේ

    කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ රුපියල් කෝටි ගණන් වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක මහතාගෙන් පැය පහක් පමණ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම පවසයි.

    කොමිසම කළ දැනුම් දීමක් මත දයා රත්නායක මහතා පෙරවරු 9.30 එහි පෙනී සිටි අතර මෙම ප‍්‍රශ්න කිරීම දහවල් 12.45 දක්වා පැවැත්විණි.

    යුද්ධයෙන් පසුව මෙම කර්මාන්ත ශාලාව අවට ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති සමාගමට නොදන්වා යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා අබලි යකඩ වෙනුවට මෙම වටිනා යන්ත‍්‍ර සුත‍්‍ර කපා ඉවත් කර ඇති බවටත් ඉන් එම සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභ වී ඇති බවටත් දුෂණ විරෝධී පෙරමුණ කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණ ආරම්භ කෙරිණ.


    ඉදිරියේ තවත් හිටපු හා තවමත් රාජකාරියේ නිරත හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනකුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

    [rns_reactions]

  • ලෙඩට-දුකට බැලූ අයට අගමැති රනිල් ස්තුති කරයි

    වෛද්‍ය ප්‍රතිකාර සඳහා දිවයිනෙන් බැහැර ගිය අවස්ථාවේ විවිධ පණිවුඩ ලබාදෙමින් තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බැලූ සියලුම දෙනාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය හෘදයාංගම ස්තුතිය පළ කරයි.

    අගමැතිවරයා මේ බව සිය ‘ට්විටර්’ ගිණුමෙහි සඳහන් කර ඇත.
    පසුගිය දින ඇතිවූ අඛණ්ඩ ආපදා තත්ත්වය කළමනාකරණ වැඩසටහන් සඳහා සම්බන්ධ වීමට අවස්ථාව නොලැබීම පිළිබඳ අගමැතිවරයා එහි සිය කනගාටුව පළකර තිබේ.

    තමන් දිවයිනෙන් පිටවීමට පෙර ඒ සඳහා අවශ්‍ය පියවර ගැනීමට අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබාදුන් බවත් ඔවුන්ට සහ ආපදාවට ලක්වූ පිරිස වෙනුවෙන් උපකාර කළ සියලුම දෙනාටත් අගමැතිවරයා ස්තුතිය පළකර තිබේ.

    [rns_reactions]
     
  • අද සුනාමියක් එනවලු – රට ඇවිලූ පුවතේ ඇත්ත කතාව මෙන්න..

    හෙට සුනාමියක් එනවලු නේද? මේ දවස්වල ආයෙත් ඔන්න ඔය කතාව රටේ තොටේ අපේ බුකියේ ලොකුවට පත්තු වෙලා තියෙන කතාවක්. මිට අවුරුදු 13කට කලින් අපේ රටට සුනාමි කියන නුහුරු නුපුරු වච්චනය ජීවිත දස දහස් ගානක් වගේම දේපලවලට කරපු විනාශය අතිමහත්.

    අපි ආදරෙන් ගියපු ආදරෙන් ඒ දිහා බලන් ඉදපු මුහුද ආයෙත් නපුරු වෙනවා කියන දේ ගැන අපේ රටේ කාලගුණ අංශ වලින් පවා ඔන්න අද නිවේදනයක් නිකුත් කරා.

    ඒ ජුනි මස අට වන (08) දින එනම් හෙට සුනාමි අනතුරක් ඇති වන බවට පැතිරී යන අනාවැකියක් සහ කටකතාවක් සම්බන්ධව තොරතුරු ලැබී ඇති බව කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව පවසනවා.

    එය තම ආයතනය  විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඔවුන් සඳහන් කර ඇති අතර භූ කම්පන හෝ සුනාමි අනතුරු සම්බන්ධව අනාවැකි පලකළ නොහැකි බවද  කාලගුණ විද්‍යා  දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

    [rns_reactions]

  • පාකිස්ථාන ප්‍රහාරයෙන් දකුණු අප්‍රිකා ඉරණම විසදේවිද…?

    දකුණු අප්‍රිකා කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට පැමිණීමට පෙර සිටම ක්‍රිකට් විචාරකයන්ට සහ දකුණු අප්‍රිකා කණ්ඩායමට චැම්පියන්ස් කුසලානය දිනා ගැනීමෙන් මෙපිට විකල්පයක් තිබුනේ නැත.

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පළමුතැනට ශ්‍රේණි ගතවී සිටින දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායකයා ඇතුළු ක්‍රීඩකයන් චැම්පියන්ස් කුසලානය ඇරඹීමට පෙර ප්‍රකාශ කලේ මෙවර තරඟාවලියේ තම කණ්ඩායමේ දක්ෂතා වලට පැහීමට තරම් වන ප්‍රතිවාදියෙකු නැති බවයි.

    තරඟාවලියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකාවේ දුර්වලතා නිසා ජයගත් දකුණු අප්‍රිකාව දෙවන තරඟයට මුහුණ දුන්නේ පකිස්ථාන කණ්ඩායමටයි.පකිස්ථානය යනු මෙම තරඟාවලියට මුහුණ දෙන කණ්ඩායම් වලින් පහළින්ම ශ්‍රේණි ගත වී සිටින කණ්ඩායම වන අතර දකුණු අප්‍රිකාව යනු තරඟාවලියේ ඉහලින්ම ශ්‍රේණිගත වී සිටින කණ්ඩායමයි.

    මේ සියලු කාරනා මත ඊයේ තරඟය ආරම්භයේ බොහෝ දෙනා දුටුවේ දකුණු අප්‍රිකා පකිස්ථාන තරඟය තනි අශ්වයකුගේ තරඟයක් ලෙසය.

    නමුත් සිදු වුයේ අනිකකි.පකිස්ථාන පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකා කණ්ඩායම අසරණ වෙමින් ලකුණු 219 කට සීමා වූ අතර ඩේවිඩ් මිලර් ලබාගත් ලකුණු 75 සහ,මොරිස්ගේ සහ රබාඩාගේ ඉනිම් නොවන්නට ලෝකයේ හොඳම පිතිකරණ බලකායේ ඉරණම මීට වඩා දැඩි ලෙස අඳුරු වන්නට තිබිණි.

    ලකුණු 220 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පකිස්ථාන කණ්ඩායමට වර්ෂාව 27 වන පන්දුවාරය වනවිට බාදා කලද ඒ වන විට පකිස්ථානය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලබාගත යුතු ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු 19 කින් ඉදිරියෙන් සිටි නිසා පකිස්ථානයට ජයග්‍රහණය හිමි විය.

    මේ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ඉදිරියට යාමට නම් ඉදිරියේදී පැවැත්වෙන ඉන්දියාව සමඟ තරඟය ජය ගැනීම අනිවාර්ය වනු ඇත.

    [rns_reactions]

  • ලොව සුපතල ඩුබායි නගරය විවෘත කලාගාරයක්….

    ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ්ගේ සැළැස්මකට අනුව ඩුබායි නගරය විවෘත කලාගාරයක් බවට පරිවර්තනය කිරිමේ අරමුණින් ප්‍රධාන පෙළේ ආයතනයක් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති බව වාර්තා වේ.

    එම ව්‍යාපෘතියේ පළමු අදියර දැනටමත් ක්‍රියාත්මක වී ඇති අතර නගරය තුල ඉදිකර ඇති ගුවන්පාලම් වල අයත් කුළුණු ශාක කඳන් සහ අතු විහිදී යන ආකාරයෙන් කලාත්මකව නිර්මාණය කර ඇත.

    “මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වෙන්නේ මිනිස්සුන්ගේ නව නිර්මාණාත්මක ආකල්ප වර්ධනය කිරීමටත්, යම්කිසි දෙයක් නව නිර්මානාත්මක විදිහට දැකීමට ධෛර්යමත් කිරීමටයි’’ ව්‍යාපෘති කලමණාකරු, සයිමා අල් සුවයිදි ප්‍රකාශ කළේය.

    ඩුබායි නගරය සංස්තික සහ කලාත්මක නගරයක් බවට පත්කිරීම සඳහා Brand Dubai ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් සමග මෙන්ම ව්‍යාපෘතියේ කලාකරුවන් සමඟද වැඩ කිරීමට උනන්දුවක් දක්වන බවව්‍යාපෘති කලමණාකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    [rns_reactions]

  • 120 ක් රැගෙන අතුරුදන් වූ යානයේ යැයි සැක කෙරෙන කොටස් මුහුදේ දී නිරීක්ෂණය වෙයි

    මියන්මාරයට අයත් අතුරුදන් වූ බව කියූ ගුවන් යානයේ කොටස් යැයි සැක කළ හැකි උපාංග මුහුදු ප්‍රදේශයකදී නිරීක්ෂනය වී ඇති බව එරට වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසනවා.

    අන්දමන් දූපත් ආශ්‍රිත මුහුදු තීරයේදී මෙම කොටස් නිරීක්ෂණය වී තිබෙනවා.

    මේත් සමගම එම මුහුදු ප්‍රදේශයේ නිරීක්ෂණ මෙහෙයුම් දැඩි කර ඇති බවද සඳහන්.

    120 දෙනෙකු රැගත් මෙම ගුවන් යානය අද (07) අතුරුදන් වූ බවට පැවසුවේ ජාත්‍යන්තර වේලාවෙන් රාත්‍රි 7.05ට පමණයි.

    එම ගුවන් යානය එරට හමුදාවට අයත් එකක් බවයි වාර්තා වෙන්නේ.

    යැංගොං (රැන්ගුන්) සිට දකුණුදිග ප්‍රදේශයක් දක්වා මෙම ගුවන් යානය පියාසර කරමින් තිබියදී මෙම අතුරුදන් වීම සිදුවුණා.

    යානය ගුවන් ගත වි සුළු මොහොතකින් යානය සමග තිබූ සියලු සබඳතා බිඳ වැටුණු බවයි එරට ගුවන් හමුදාව වැඩි දුරටත් පවසා තිබුණේ.

    [rns_reactions]

  • අපි අපේම ජනතාවගේ ජීවිතයත්, අනාගතයත් ගොඩනඟන මහා ක්‍රියාන්විතයට අත්වැලක් වෙමු

    නොසිතූ මොහොතක නොසිතූ ලෙසින් ස්වභාවික ආපාදාවන්ට ලක්ව විපතට පත් අපේම සහෝදර පුරවැසියන්ගේ ජීවිත යථාවත් කරනු පිණිස උතුරුකරයේ සිට දකුණුකරය දක්වා අපේම සහෝදර ජනතාවගේ සහෝදරාත්මක දායකත්වයෙන් “පුරවැසි අත්වැල” සහෝදරත්වයේ දුම්රිය ජූනි මස 10 වන සෙනසුරාදා පෙ.ව 6 කණිසමට කණ්කසන්තුරෙයි දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹා ගම් නියම් ගම් පසු කරමින් එදින සවස මාතර දුම්රිය ස්ථානය වෙත ළඟාවේ.

    ගංවතුරෙන් සෝදාපාලු කරන ලද අපේම සහෝදර ජනතාවගේ ජීවිතය යළි ප්‍රාණවත් කිරීම සඳහා රාජ්‍ය, රාජ්‍ය නොවන සහ සිවිල් සංවිධාන රැසක් එක්ව සිදුකරන මෙම දැවැන්ත ක්‍රියාන්විතය සඳහා ඔබටද හැකි පමණින් දායක විය හැක. ඒ සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය සහ උපකරණ පහත සඳහන් දුම් රිය ස්ථානවලට ඔබට ජුනි මස 10 වනදා හෝ ඊට පෙර ගෙනැවිත් භාර දිය හැක.

    අවශ්‍ය ද්‍රව්‍ය:

    පාසල් උපකරණ සහ ලිපිද්‍රව්‍ය, සෙල්ලම් බඩු, පාසල් යන වයසේ ළමුන් සඳහා ඇඳුම්, වැඩිහිටියන් සඳහා ඇඳුම්, ඇඳ ඇතිරිලි, කොට්ට උර, තුවා, මදුරු දැල්, කුස්සි උපකරණ, වියලි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, පිරිසිදු කිරීමේ උපකරණ, ඩෙටෝල්, හාපික් විෂබීජ නාශක සහ සබන් වර්ග, කාන්තා සනීපාරක්ෂක තුවා, පුස්තකාල සඳහා කියවීම් පොත්

    දුම්රිය ස්ථාන:

    කන්කසන්තුරේ, යාපනය, කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුර , තඹුත්තේගම, මහව, ගනේවත්ත, කුරුණෑගල , පොල්ගහවෙල , අලව්ව, අඹේපුස්ස, මීරිගම, වේයන්ගොඩ, ගණේමුල්ල, ගම්පහ, හුණුපිටිය කැලණිය, දෙමටගොඩ,මරදාන, රාගම, කොටුව, ගල්කිස්ස , මොරටුව , පානදුර 

     

    මෙකී සත්කාර්යයට අමතරව සහෝදරත්වයේ දුම්රියෙන් පැමිණෙන සහෘදයින්ගේ අත්වැලින් මාතර පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසල පිරිසිදු කිරීමේ ශ්‍රමදානය ජූනි මස 11 වන දින උදෑසන 7 සිට දවස පුරා සිදු සිදුකිරීමට ‘පුරවැසි අත්වැල’ සංවිධානය සැලසුම් කොට ඇත. එසේම එම විදුහලේදී පාසැල් සිසුන් ඇතුළු ආපදාවට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක්, උපදේශන සේවයක් සහ ළමුන් වෙනුවෙන් වූ විශේෂ අධ්‍යාපන වැඩසටහනක් ඇතුළු දැවැන්ත වැඩසටහන් මාලාවක් සිදුකිරීමට නියමිතය.

    පුරවැසි අත්වැල යටතේ ක්‍රියාත්මක මෙම සමාජ සත්කාරය සඳහා ජනාධිපති කාර්යාලය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුව, එයාටෙල් පුද්ගලික සමාගම, පීපල්ස් ලීසින් පුද්ගලික සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, එච් ත්‍රී පදනම ඇතුළු රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පුද්ගලික සමාගම් රැසක් තම අනුග්‍රහය සහ දායකත්වය සපයයි.

    විනාශයට පත් පිටබැද්දර ඩඩ්ලි සේනානායක ජාතික පාසැලේ කොටසක්

  • පළමු පන්දුවෙන් ඩිවිලියස් ඉතිහාසයට… දකුණු අප්‍රිකාව අන්ත පරාජයකට….

    දකුණු අප‍්‍රිකානු නායක ඒ බී ඩිවිලියස් සිය එක්දින තරග ඉතිහාසයේ පළමු වරට තරගයක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අද (07) දැවී ගියා.

    ඒ පකිස්තානය සමග  පැවැත්වුනු ICC ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදීයි.

    ඔහු මෙලෙස පළමු පන්දුවෙන්ම දැවී ගියේ තරග 220 කින් පසුව වීම විශේෂත්වයක්.

    ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග අද තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප‍්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර (D/L) න්‍යායට අනුව පකිස්තානයට ලකුණු 19ක ජයක් හිමිවිය…