Blog

  • පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදයි….

    ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත් කරමින් අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ උතුම් පෙසොන් පුර පසළොස්වක පොහොය අදයි. 

    මහින්දාගමනය ජාතික චින්තනය සහ සංස්කෘතිය සමග බැඳී පවතින්නේ නව දේශීය ශිෂ්ටාචාරයකට මග විවර කිරීම හේතුවෙන්. 

    මිහිදු මහරහතන් වහන්සේගේ මග පෙන්වීමෙන් දේවානම් පියතිස්ස රජු ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයින් තිසරණ සහිත පංච සීලය සමාදන්ව බෞද්ධයන් බවට පත් වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්.

      ඒ සමග ජනතාවගේ සාරධර්ම, සිතුම් පැතුම් හා සිරිත් විරිත් පෝෂණය වූයේ නව චින්තනයකින්.  සමාජ හා ආර්ථික පරිවර්තනය මෙන්ම ගුණධර්ම වර්ධනය වීමත්, සමාජයේ පැවැත්මට මහෝපකාරී වන දර්ශනයක් රටේ ස්ථාපනය වීමත් සිදු වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් ලෙසින්.  

    [rns_reactions]

  • ලංකාවට සෙනසුරු අපලය – චාමරත් ආබාධයකට ගොදුරුවෙයි….

    ශ්‍රී ලංකා කණ්ඩායම අද චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ තමන් මුහුණ දෙන දෙවන තරඟයට මුහුණ දීමට නියමිතය.කෙසේ නමුත් එංගලන්තයෙන් වාර්තා වන්නේ එතරම් හොඳ පුවතක් නොවේ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන්ගේ ගොන්නේ සිටි උපුල් තරංගට පැනවූ තරඟ තහනමත් සමඟ අත්දැකීම් වලින් දුප්පත් වූ ශ්‍රීලංකා කණ්ඩායමට සිටි තවත් අත්දැකීම් සහිත බලාපොරොත්තුවක් ආභාද ලැයිස්තුවට එක්වී ඇත.ඒ චාමර කපුගෙදර ආභාදයට ලක්වීමත් සමඟය.

    ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ගේ තවත් බලාපොරොත්තුවක් මෙලෙස චැම්පියන්ස් කුසලානයෙන් ඉවත් වෙද්දී ඔහුගේ තැනට කැඳවා තිබෙන්නේ ආරම්භක පිතිකරුවකු වන දනුෂ්ක ගුණතිලකය.කපුගෙදර පුහුණු වීම් අතරතුරදී දනහිසේ ආභාදයකට ලක්වී ඇත්තේ ඊයේ උදෑසන දීය.

    [rns_reactions]

  • ඉන්දියාවට එරෙහි අද තරගය ලංකාව දිනනවා – ග්‍රැහැම් ෆෝර්ඩ්ගෙන් ප්‍රකාශයක්….

    චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඉදිරියට යනවාද ඉවත් වනවාද යන්න තීරණය වන ශ්‍රී ලංකාවට  ඉතා තීරණාත්මක තරඟයක් අද  ඉන්දියාව සමඟින් පැවැත්වේ.

    ඉන්දියාව සමඟ තරඟයක් යනු සෑම විටම ශ්‍රී ලංකාවට අමතර පීඩනයකි.තරඟයට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී වන පුවතනම් ක්‍රීඩා ලෝලීනට යහපත් පුවතකි.එම පුවත ක්‍රීඩා ලෝලීනට පමණක් නොව කණ්ඩායමටද සතුටුදායී පුවතක් බව ශ්‍රී ලංකා පුහුණුකරු මාද්‍ය හමුවේ පවසා ඇත.

    “සංගක්කාරයි ,මහෙලයි කණ්ඩායමෙන් අයින් වුන දවසේ ඉදල මැතිව්ස් ටත් කණ්ඩායමේ එක දිගට සෙල්ලම් කරන්න ලැබුනෙම නෑ.මැතිව්ස් නැති වුනාම ලේසි නෑ,කණ්ඩායමම ගොඩක් අත්දැකීම් අඩු කණ්ඩායමක් නිසා මැතිව්ස් වගේ ඉවසීම තියන ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්නම ඕන.”

    දකුණු අප්‍රිකා තරඟ පරාජය පිළිබඳවද ග්‍රැහැම් ෆෝර්ඩ් අදහස් දක්වා ඇත.

    “තරඟය පන්දුවාර 10 වෙනකම් අපේ පාලනේ තිබුනේ,අපේ ආරම්භයත් ගොඩක් හොඳයි.චන්දිමාල්ගේ දුවද්දී දැවී යාම තමයි තරඟයේ වෙනස් වුන තැන.ඇත්තටම හරිම කනගාටුයි ඒ පරාජය ගැන.”

    දකුණු අප්‍රිකා ජාතික පුහුණු කරුවා ශ්‍රී ලංකාව හමුවේ දකුණු අප්‍රිකා  කණ්ඩායම ලැබූ ජයග්‍රහණය පිළිබඳව දක්වා ඇත්තේ එවැනි අදහසකි.

    “අපි මේ වෙලාවේ ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ හත්වෙනි තැන ඉන්දියාව උඩින් තමයි ඉන්නේ ,හැබැයි තරඟයේදී අපේ අය වෙනසක් කරයි.”

    අද  පැවත්වෙන ඉන්දීය කන්ඩායම සමග තරඟය පිළිබඳව ෆෝර්ඩ් ට ඇත්තේ යහපත් බලාපොරොත්තුවකි.

    [rns_reactions]

  • ලෙඩේට බෙහෙත් ගන්න ගිය මහින්ද විවේකය ගත කළේ මෙහෙමයි….

    ජපානයේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (07) උදෑසන ජපානයේ කුරුයිසාවා නගරයේ විවේක සුවයෙන් ශාරීරික ව්‍යායාම වල යෙදී ඇතැයි වාර්තාවේ.

    දින 10ක සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මැයි 31 වනදා ජපානය බලා පිටත්ව ගියේය.

    එම සංචාරයේදී හිටපු ජනාධිපතිවරයා ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයක පැවැත්වෙන ආගමික උත්සව කිහිපයකට ද සහභාගි විය.

     

    [rns_reactions]

  • කාර් බාර් නැති ලොකු සීන් නැති ඇමතිපුතා කියූ කථාව…

    කාර් බාර් නැති ලොකු සීන් නැති අමතිපුතා කියූ කථාව…

    අහලම බලන්න….

    [rns_reactions]

  • සුනාමි අනතුරු ඇඟවීම් ලබා ගැනීම SMS එකකින්. ඔබත් නොමිලේ ලියාපදිංචි වන්න.

    සුනාමි අනතුරු ඇඟවීම් ලබා ගැනීම සඳහා වූ කෙටි පණිවිඩ සේවාවක්  www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ පවත්වාගෙන යනු ලබනවා.

    ලොව ඕනෑම රටක සිටින අයෙකුට මෙම සේවාව නොමිලේම ලබා ගත හැකියි.

    ඒ සඳහා කළ යුතු වන්නේ www.cwarn.org වෙබ් අඩවිය ඔස්සේ නොමිලේ ඒ සඳහා ලියාපදිංචි වීමයි.

    මෙතැනින් ලියාපදිංචි වෙන්න 

    [rns_reactions]

  • බස් ලීසිං සියයට 90යි.. .- මෙන්න නව වාහන රෙගුලාසි

    මෝටර් රථ ආනයනය කිරීමේදී රාජ්‍ය සේවකයන්ට සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර ඇති බව වාර්තා වනවා.

    මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ  අමෙරිකානු  ඩොලර් 25000ක  වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා ඉහළ දමා ඇති බවයි.

    අමෙරිකානු  ඩොලර් 30,000 ට අඩු වාහන සඳහා වන බදු සහනය සියයට 60ක් වන බවද එහි සඳහන් වනවා.

    සහනදායී බලපත්‍ර මත ලබාගන්නා මෝටර්  රථයක පළමු ලියාපදිංචිය බලපත්‍රලාභියා නමින් පමණක් සිදුකළ යුතු බවයි සඳහන් වන්නේ.

    මේ අතර සියයට 50ක්ව පැවති ආසන 33ට අඩු බස් රථ සඳහා වන ලීසිං ණය සීමාව, සියයට 90 දක්වා වැඩිකර තිබෙනවා.

    වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ සියයට 50 අගයේ පැවති කුඩා ලොරි රථ සඳහා වන ණය සීමාවද සියයට 70 දක්වා ඉහළ දමා ඇති බවයි.

    [rns_reactions]

  • අශෝක අබේසිංහගේ මැරයෝ මහජන දිනයට පැමිණි අයෙකුට පහරදෙයි!

    කුරුණෑගල එජාප පුබලයෙකු වන ප්‍රවාහන නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහගේ මහජන දිනයට තම ප්‍රශ්ණ කියන්නට ගිය සුසන්ත විජේසිංහට ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් නැමැත්තා “තෝ නේද පාර හදන්න කියලා උද්ඝෝෂණය කලේ” යැයි පවසා දරැණු ලෙස පහරදී ඇත.

    පහර කෑ සුසන්ත නැමැත්තා ඊයේ සිට රෝහල්ගතව ඇතත් මේ වනතෙක් පොලීසිය කට උත්තර ගැනීමට පැමිණ නැත.

     
    [rns_reactions]
  • විශ්වවිද්‍යාල සිසුවෙකු වටිනා බඩුවක් රට පටවන්න ගොස් මාට්ටු.

    රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් මැණිකක් නීතිවිරෝධී ලෙස විදේශයකට රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    දුර්ලභ ගනයේ රතු මැණික් වර්ගයට අයත් මෙය අබුඩාබි වෙත රැගෙන යාමට උත්සාහ දරා ඇති බව රේගුව සදහන් කළේය.

    සැකකරු වයස අවුරුදු 23ක පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකි.

    [rns_reactions]

  • රොෂාන් පිලපිටිය කිසිම ආත්මයක හමු නොගැසේවා…චතුරිකා කියූ කථාව

    සුන්දර දඟකාරියක් ලෙස රංගනයට පිවිසි චතුරිකා පීරිස් මේ වන විට පරිණත රංගන ශිල්පිණියක්. මෑත කාලීනව පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් රැසකට ඇය මුහුණ දුන්නා. වෘත්තීය ජීවිතයේ වගේම පෞද්ගලික ජීවිතයේත් විවිධ අත්දැකීම් රැසකට උරුමකම් කියන ඇයගේ මතයන්, අදහස්, ස්වභාවයන් මතුවන ආකාරයේ ප්‍රශ්ණ කිහිපයක් අපි ඇයගෙන් ඇහුවා. මේ තියෙන්නෙ ඇය දුන්න පිළිතුරු.

    1. චතුරිකාගේ වයස කීයද – 36 යි

    2. ජීවිතයේ අමතක නොවන සිදුවීම – 2005 අවුරුද්දෙදි සුසිල නිෂ්පාදන ආයතනයේදී ගයාන්ව මුලින්ම මුණගැහුණ සිදුවීම

    3. ‍චතුරිකාගේ ජීවිතේ ඉගෙනගත්ත වැදගත්ම පාඩම – ඕනවට වඩා ඕනම කෙනෙක්ව ඕනෙම නෑ. විශේෂයෙන්ම මිතුරන් මිතුරියන් වගේ තමන්ගේ නොවන පිට අයව.

    4. චතුරිකා කැමතිම පිරිමි චරිත 3 – තාත්තා, ගයාන්, රිචඩ් ගෙයර්

    5. කැමතිම ගැහැණු චරිත 3 – අම්මා, මාලනී ‍ෆොන්සේකා, ජෙනිෆර් ලෝපේස්

    6. අතීතයට ගිහිල්ලා ජීවිතේ වැරදුන තැනක් හදාගන්න අවස්ථාවක් ලැබුනොත් මොකද්ද හදාගන්න තැන – 2004/2005 කාලෙදි මගේ පෞද්ගලික ජීවිතේ ලොකු වැරදීමක් වුනා. ඒක ගැන හැමෝම දන්නවා. මම ඒ වැරැද්ද නිවැරදි කරගන්නවා.

    7. චතුරිකාගෙන් පස්සෙ අපේ රංගන ක්ෂේත්‍රයට හොඳ නිළියන් බිහි වුනා නම්, ඒ කවුද? හිමාලි සයුරංගි, සමනළී ‍ෆොන්සේකා

    8. ඉරාජ් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කරපු වස්සාන හීනේ මියුසික් වීඩියෝ එකේ ප්‍රධාන නිරූපිකාව විදිහට ඔබට ආරාධනා කළා නම් ඔබ ඒකෙ රඟපානවද? ඉරාජ් කරපු ඒ වීඩියෝ එක මගේ ටයිප් එකේ වීඩියෝ එකක් නෙමෙයි.

    9. එහෙනම් මොකද්ද ඔයාගේ ටයිප් එක ? මිනිස්සුන්ට සරලව තේරුම් ගන්න පුළුවන් සහ පවුලේ සැමට බලන්න පුළුවන් චරිත තමයි මගේ ටයිප් එක.

    10. සමන්ත භද්‍ර හාමුදුරුවො ගැන චතුරිකාගේ අදහස මොකද්ද? විශේෂ අදහසක් නෑ.

    11. ඒ හාමුදුරුවෝ රහත් වෙලා කියලා ඔයා පිළිගන්නවද? මම ඒ ගැන හරියටම දන්නෙ නෑ.

    12. මේ අය ගැන කෙටියෙන් කියන්න –

    a. ජැක්සන් ඇන්තනී – ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙන් සහ අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් ගුරුවරයෙක්.

    b. මෛත්‍රිපාල සිරිසේන – හොඳ නායකයෙක් වෙන්න තාමත් පරක්කු වැඩි නෑ.

    c. ගයාන් වික්‍රමතිලක – මගේ ජීවිතේ නැතුවම බැරි කෙනා.

    d. රොෂාන් පිලපිටිය – කිසිම ආත්මෙකදි මුණනොගැසේවා.

    13. දවසකට පිරිමියෙක් වෙන්න අවස්ථාවක් ලැබුනොත් මොකද කරන්නෙ? ඊළඟ දවස වෙනකම් ගෙදරට වෙලා ඉන්නවා.

    14. අනාගත බලා‍පොරොත්තුව – හොඳ කාන්තාවක්, හොඳ බිරිඳක්, හොඳ රංගන ශිල්පිණියක් සහ හොඳ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන එක.

    [rns_reactions]
  • මහින්දව විනාශ කළ දේශපාලනය නොදන්නා සොහොයුරන් ගැන ඇමති රාජිත සියල්ල හෙලිකරයි.

    අලුත්ගම දර්ගා නගරයේ දන්වන්තගොඩ පානීය ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවට එක්වෙමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා – “පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව සෑම නිවසකටම පානීය ජලය රජය විසින් ලබා දෙනවා. විදුලි බලයත් එහෙමයි. රජය සිදු කරන සාර්ථක වැඩසටහන් වලට විපක්ෂය විරෝධය පල කිරීම දේශපාලනයේ සාමාන්‍ය ලක්ෂණයක්. නමුත් අද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ඒකාබද්ධ වීම හේතුවෙන් විවේචන අවම වී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ හිටියම ජනතාවට සේවය කරන්න පුලුවන්. විපක්ෂයේ සිටින විට විරෝධතා පවත්වන්න පුළුවන්.”

    “වත්මන් රජය තුල ජාත්‍යන්තර සබඳතා ඉතාම හොඳයි. හදිසි ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට විදේශීය ආධාර ගලාගෙන එනවා. රජය අවබෝධයෙන් කටයුතු කරනවා. විවිධ කථා පවත්වමින් රට හදන්න බැහැ. වැඩ කල යුතුයි. වර්තමානයේ මහින්ද රාජපක්ෂ මහතා බලයේ සිටියා නම් රට තුල සිවිල් යුද්ධයක් ඇති වෙන්න තිබුණා. එම ව්‍යවසනයෙන් යහපාලන රජය රට බේරා ගත්තා. එවැනි තත්තවයක් උදා වෙන බව මගේ මිත්‍ර මහින්ද රාජපක්ෂ මහතාට බලයේ සිටින විට පෙන්වා දුන්. නමුත් දේශපාලනය නොදන්නා සහෝදරයින් විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විනාශ කලා. ජනප්‍රියත්වය මත රජය පවත්වා ගෙන යාමට ඔවුන් උත්සාහ කලා. නමුත් රට විනාශ වුණා. තිරණාත්මක අර්බුදවලින් රට බේරා ගත්තා. යහපාලන රජයේ වේගය මදි. ඊට භේද තිබෙනවා. එම භේතු ප්‍රකාශ කර වැඩක් නැහැ. වැරැදි සහ අඩුපාඩු සකස් කර ගනිමින් ඉදිරියට යා යුතුයි. කිසිවෙකුට යටත් නොවන ජන සමාජයක් බිහි කල යුතුයි.”

    මෙම ව්‍යාපෘතිය සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂන 20 ක් වන අතරල ප්‍රතිලාභි පවුල් සංඛ්‍යාව 70 ක් වෙයි.

    [rns_reactions]

  • පතිරණ, කැනඩාව වෙනුවෙන් ඇමරිකාවට පහරදී ශ්‍රී ලංකා නම බබළවයි…

    ශ්‍රී ලංකාවෙන් තම ක්‍රිකට් අත්පොත තැබූ ධනුක පතිරණ දැන් ක්‍රීඩා කරන්නේ කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමටය.

    කැනඩා කණ්ඩායමට අනුශුරතාවය හිමිකර දෙමින් නිමා වූ  ICC World Cricket League Division Three, 2017  තරඟාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන තැනට පත්වීමට ධනුක පතිරණ සමත් විය.

    ධනුක මෙම තරඟාවලියේ ක්‍රීඩා කල හොඳම ඉනිම ක්‍රීඩා කලේ ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමට එරෙහිවය.ඔහු එහිදී  පන්දු 94 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 87 ලබාගැනීමට සමත්වූ අතර ඔහුගේ පිතිහරඹය සමඟ කැනඩාවේ ප්‍රබල ප්‍රතිවාදියකු වන ඇමරිකාව ලකුණු 91 කින් පරාජය කිරීමටද එම තරඟයේදී සමත් විය.

    [rns_reactions]

  • කිරිඇල්ලගේ දුවටත් ඉන්ෂූරන්ස් කමිෂන්

    මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදිකෙරෙන මහනුවර පිටත වටරවුම් මාර්ගය හා මාතර කතරගම අධිවේග මාර්ගහී රක්ෂණ ආවරණ හොර පාරේ ලබා දෙමින් මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ දියණිය මෙන්ම පෞද්ගලික ලේකම් චාන්දණී කිරිඇල්ල රුපියල් මිලියන 300ක් උපයා ඇතිබව වාර්තාවේ.

    මේ සදහා ඇයට සහාය ලබාදී ඇත්තේ කිරිඇල්ලගේ රක්ෂණ උපදේශකවරයා වන චමින්ද ඩී සිල්වා විසිනි. මෙම චමින්ද ඩී සිල්වා හැරී ජයවර්ධනට අයත් කොන්ටිනන්ටල් රක්ෂණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන අතර ඔහුගේ මැදිහත්වීම මත ඔහුගේ හිතවතියක විසින් පවත්වාගෙන යන රක්ෂණ තැරැව්කාර සමාගමක් වන PRO SITE INSURANCE BROKER Company හරහා සෙලින්කෝ රක්ෂණ සමාගම වෙත අදාල ඉදිකිරීම් රක්ෂණය ලබාදී ඇත.

    [rns_reactions]

  • මැතිව්ස් නැතිව ලංකාවට බෑලු – සංගක්කාරගෙන් අසික්කිත ප්‍රකාශයක්

    ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉකුත් (08) වන දා ශ්‍රී ලංකා හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා නොකරයිනම් එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට විශාල බාධාවක් වනු ඇතැයි කුමාර් සංගක්කාර ප්‍රකාශ කරයි.

    මෙවර තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින සංගක්කාර අනිද්දා තරගය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට ලිපියක් ලියමින් මේ බව සඳහන් කර තිබේ.

    එසේම මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 නියමිත වේලාවේදී යොමු කිරීමට කටයුතු කිරීම වඩාත් වැදගත් බවත් ඔහු ප්‍රකාශ කරයි.
    දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවාර 50 යොමුකිරීමට නියමිත වේලාවට වඩා විනාඩි 39ක් ගත කිරීම අනුමත කළ නොහැකි කරුණක් බවත් ඔහු සඳහන් කරයි.

    මෙම තරගයට උපුල් තරංග නොමැතිවීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් බවත් නියමිත පන්දුවාර සංඛ්‍යාව නියමිත වේලාවට යොමු කිරීමට කඩුලු රකින්නා අනෙකුත් පන්දු රකින්නන් මෙන්ම පන්දු යවන්නන් වැඩි වගකීමක් ගත යුතු බවද ඔහු පවසයි.

    ඉන්දියාව හා පැවැත්වෙන තරගයට තිසර පෙරේරා එක් කර ගැනීම වැදගත් බවත් ඉන්දියාව මෙම තරගයට ඉහළ විශ්වාසයක් සහිතව පැමිණෙනු ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

    තරගයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත සංවිධානය වීමත් නැවත සිතීමත් වැදගත් බවත් ක්‍රීඩා සැලැස්මද වෙනස් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

    තරගයට පැමිණීමේදී තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම උද්වේගයෙන් යුතුව කටයුතු කළොත් එය ඉන්දියාව හා පැවැත්වෙන තරගය ජයගැනීම හේතුවක් වෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    [rns_reactions]

  • පැත්ත පළාතේ එන්න එපා – ලන්ඩන් නගරාධිපති ට්‍රම්ප්ට අනතුරු අගවයි !

    නුදුරේදීම සිදුවීමට නියමිත ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ එංගලන්ත සංචාරය වහාම අවලංගු කල යුතු බව ලන්ඩන් නගරාධිපති සදීක් ඛාන් ප්‍රකාශ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ලන්ඩන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීම එයට හේතුවී තිබේ.

    පසුගිය සමයේදී ලන්ඩන් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට නොහැකිවූ හේතුව මුස්ලිම් ජාතිකයෙකු එම නගරයේ නගරාධිපතිධූරය දැරීම බව ට්‍රම්ප්ගේ මතය වී තිබේ. මෙවන් ප්‍රහාර නැවත ඇති නොවීමට අයි එස් ත්‍රස්තයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවද ඇමරිකානු ජනාධිපතිවරයාගේ මතය වී තිබේ.

    එංගලන්තය විසින් ගොඩනගාගෙන ඇති ප්‍රජාතන්ත්‍රවාදී හර පද්ධතීන්ට ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි හානි ගෙන දෙන බව ලන්ඩන් නගරාධිපතිවරයාගේ මතයයි.

    කෙසේ වුවද සිය රටට පැමිණෙන ඇමරිකානු ජනාධිපතිවරයා පිළිගැනීමට එංගලන්ත අග්‍රාමාත්‍ය කාර්යයාලය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විශේෂ වැඩසටහන් රැසක් සැලසුම් කර තිබේ.

    [rns_reactions]

  • දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීම අරඹනවා – ඇමති රාජිත කියයි…

    ඉදිරි මාස තුන තුළ දරුවන් වෙනුවෙන් ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
    ඒ අනුව ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
    දරුවන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කමක් සඳහා රුපියල් මිලියන පහක් පමණ වැයවන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
    මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇටමිඳුලු බද්ධ කිරීමේ සැත්කම් සිදු කෙරෙන අතර තැලසීමියා රෝගීන්ගේ  ඇටමිඳුලු බද්ධ කිරීම මහනුවර රෝහලේදී ආරම්භ කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
    බණ්ඩාරගම, ගෝනදූව ග්‍රාමීය රෝහලේ නව තෙමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් කියා සිටියේ ය.
    [rns_reactions]