Blog

  • "මංගල,චමල් ,කබීර් හෂීම්, තලතා,සුජීව ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම වාහන හොරු" ඇග හිරි වැටෙන මේ කතාව ඔබ ඇසුවාද?

    “මංගල,චමල් ,කබීර් හෂීම්, තලතා ඇතුළු පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම වාහන හොරු” ඇග හිරි වැටෙන මේ කතාව ඔබ ඇසුවාද?

    [rns_reactions]

  • රටේ ඉඩම් විකුණපු මහින්දගේ මැයි රැලියට චීනයෙන් පකිස්තානයෙන් සල්ලි ගලපු හැටි එලියට…

    ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට චීනය පාකිස්තානය මෙන්ම තවත් රුපියල් කෝටි 18ක මුදලක් එකතු කර දුන් මෙරට ව්‍යාපාරිකයන් කිහිප දෙනකු සම්බන්ධයෙන් බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බව වාර්තා වී තිබේ.

    මෙරට ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් මේ වන විට බුද්ධි වාර්තාවක් ද නිකුත් වී තිබෙන අතර එම බුද්ධි වාර්තාවට අනුව මහා මාර්ග ඉදිකිරීම් සහ මෙගා පොලිස් ව්‍යාපෘතිය ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතු කරන කෝටිපති ව්‍යාපාරිකයන් කිහිපදෙනකු මේ සඳහා රුපියල් මිලියනය බැගින් ආධාර ලබා දී ඇති අතර මෙරට මහා පරිමාණ පානීය ජල බෝතල් කර්මාන්තයේ නිරත සමාගමක් ද ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සඳහා මූල්‍ය ආධාර වෙනුවට වතුර බෝතල් ලක්ෂයක් ලබා දී ඇත.

    එසේම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිපදෙනකු බුද්ධි වාර්තාවේ නම් සඳහන් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු අමතා මේ පිළිබඳ විමසා ඇති බවත් එහි දී හිටපු ජනාධිපතිවරයා තමන්ගේ පාලන සමයේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් කළ උදව් උපකාර සිහිපත් කර මේ අවස්ථාවේ රැලිය සඳහා ආධාර කරන ලෙස දුරකථන මාර්ගයෙන් සිදු කළ ඉල්ලීමට අනුව තමන් අදාළ ආධාර මුදල් සැපයූ බව එම ව්‍යාපාරිකයන් පිළිගෙන ඇති බව ද වාර්තා වෙයි.

    මේ ආකාරයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සඳහා චීනය සහ පාකිස්තානය ආධාර කර ඇති බවට පළව ඇති වාර්තා සම්බන්ධව වැඩිදුර විමසීම සඳහා අප විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.

    [rns_reactions]

  • වාසුගේ බහට නටන උතුරේ වීගිට ලබන පාර චාන්ස් නෑ – දෙමල සන්ධානයෙන් තීරණයක්…

    ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් සභා ප්‍රාධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට දෙමළ සන්ධානයෙන් නාම යෝජනා ලබා නොදීමට එම පක්ෂය අභ්‍යන්තර තීරණයක් ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    විග්නේෂ්වරන් වෙනුවට දෙමළ සන්ධාන මන්ත්‍රී එස්. ශ්‍රී ධරන් මහතා ඉදිරිපත් කළ යුතු යැයි දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨයන් එකඟතාවකට පත්ව සිටින බවත් දැනගන්නට තිබේ.

    විග්නේෂ්වරන් මහතා පක්ෂ මතය හා එකඟ නොවී වෙනත් සන්ධානයක් සඳහා අනුබල දීම වැනි හේතු කාරණා ගණනාවක් මෙම තීරණයට සඳහා බලපා ඇතැයි වාර්තා වෙයි.

    උතුරු පළාත් සභාවේ මීළඟ මැතිවරණය ලබන වසරේදී පැවැත්විය යුතුව ඇත.

    [rns_reactions]

  • අවුලෙන් ඉන්න හරීන්, සුජීව, හර්ෂ, රංගේ බණ්ඩාර, බුද්ධික පතිරණ, පියසේන ගමගේට ඇමති ධුර.

    රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා චීන සංචාරය නිමවා පැමිණ විගස අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කරන බව අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මගින් ලෙස සනාථ කොට ඇත.

    මේ අතර විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් සඳහන් කරනුයේ එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදි මුදල්, මහාමාර්ග, පලාත් සභා හා පාලත් පාලන සහ ධීවර වෙනුවෙන් නව අමාත්‍යවරු පත්වෙන බවයි.

    මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර සඳහා වැඩි වගකීම සහිත අමාත්‍ය ධූරයන් යෝජනා කොට ඇත්තේ මෛත්‍රී පාර්ශවයෙනි.

    එමෙන්ම එජාපය ඇති වි තිබෙන ගැටුම්කාරී තත්ත්වයට පිලියමක් ලෙසින් හරීන් ප්‍රනාන්දු, සුජීව සේරසිංහ, රංගේ බණ්ඩාර, හර්ෂ ද සිල්වා සඳහා වගකිය යුතු අමාත්‍ය ධූරයන් මෙන්ම මාතර දිස්ත්‍රික්ය නියෝජනය කරන බුද්ධික පතිරණ සඳහා නියෝජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට යෝජනා වි ඇත.

    එමෙන්ම පැහැදිලිවම රවි කරුණානායක සහ ලක්ෂමන් කිරිඇල්ල සඳහා වෙනත් අමාත්‍යාංශය පැවරීමටත් ගාල්ල දිස්ත්‍රික්ය සඳහා ගිතා කුමාරසිංහ වෙනුවෙන් පත්වීමට නියමිත පියසේන ගමගේ වෙනුවෙන් වැදගත් අමාත්‍ය ධූරයක් ලබාදීමට සැලසුම් කරන බව ශ්‍රිලනිප මෛත්‍රී පාර්ශ්වයේ ආරංචි මාර්ග තවදුරටත් තහවුරු කරයි.

    [rns_reactions]

  • මෝදිගේ කතාව ගැන මුරලිගේ අදහස මෙන්න… කියවන්න දැනගන්න…

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ශ්‍රී ලංකාවේ කල සංචාරයේදී කල ප්‍රකාශයක් සමබන්දයෙන් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තම පුදුමය පල කර ඇත.

    ඉන්දීය අගමැතිවරයා ලංකාවේ සිටින ඉන්දීය සමබවයක් ඇති දමිළ පිරිසක් අමතමින් පවසා සිටියේ ක්‍රිකට් පිටියේ සුපිරි වීරයකු වූ මුරලි ඔබලාගේ නිර්මානයක් බවයි.මෙලෙස ඉන්දීය අගමැතිවරයා තමාගේ නම ප්‍රකාශ කිරීම පිළිබඳව මුරලි පුදුම වී ඇත.

    “ඇත්තටම මට පුදුමයි ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටේ නායකයට ඒ කතාවේදී මගේ නම මතක් වුන එක ගැන.ඇත්තටම මගේ නමත් එක්ක මගේ රටේ අනන්‍යතාවය ඉස්සරහට යන එක ගැන ගොඩක් ආඩම්බරයි මට.”

    “මට ඇත්තටම ලොකු සම්බන්දයක් තියෙන්නේ ඉන්දියාවත් එක්ක,අපේ මුතුන් මිත්තන්ට ලොකු සම්බන්දයක් තිබුනා ඉන්දියාව එක්ක මම ඒ සම්බන්දය තමයි තව දුරටත් ඉස්සරහට ගෙනියන්නේ,ඔයාල දන්නවනේ මගේ බිරිඳත් දකුණු ඉන්දීය කාන්තාවක්.”

    “ඇත්තටම ඉන්දියාව අපේ ලොකු අයිය වගේ,ඉන්දියාවට පුළුවන් අපේ රටේ දියුණුව වෙනුවෙන් ගොඩක් සහය වෙන්න,ඇත්තටම අපේ රටවල් දෙකේ ගොඩක් සමීප සම්බන්දතාවය තියන එක අපිට ගොඩක් වටිනවා”

    මුරලිදරන් පවසා ඇත්තේ මොදී යනු ගොඩක් ජනතාව ආදරය කරන නායකයෙකු බවයි.

    “ලෝකයේ ගොඩක් රටවල ජනතාව මොදිට ආදරෙයි,ඔහු ඇත්තටම ඉන්දියාවේ මිනිස්සු වෙනුවෙන් ලොකු දෙයක් කරපු නායකයෙක්.මොදී ඔහුගේ රට වෙනුවෙන් කරපු සේවයට ඔහුගේ ජනතාව කෙළෙහිගුණ සලකන විදිය බලන්න පුළුවන් වෙයි මැතිවරණයක් ආවම.”

    [rns_reactions]

  • ලහිරු ඇතුළු අන්තරය පාරට ඇවිත් මාව ශක්තිමත් කරනවා – නෙවිල්ගෙන් අමුතු කතාවක්…

    තමන් තවත් විශාල පෞද්ගලික විශ්වවිදයාලයක් ආරම්භ කිරීමට ඉඩමක් මිලදී ගත් බවත් පෞද්ගලික විශ්වවිද්‍යාලය පවත්වාගෙන යාම සඳහා තමන්ට ලහිරු ඇතුළු අන්තරය පාරට විත්  සහය දෙන බවත් මාලඹේ සයිටම් ආයතනය ප්‍රමිතිගත කරගෙන  පවත්වාගෙන යන බවත්  නෙවීල් ප්‍රනාන්දු මහතා පුවත්පත් වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශකර ඇත.

    “ප්‍රශ්නය :- ඔබට එරෙහිව කතා කරන අයට තවත් මාතෘකාවක්‌.

    පිළිතුර :- ඉතින් මට මොකද? ඕනෑම කෙනෙකු ඕනෑම දෙයක්‌ කියපුදෙන්. මට ප්‍රශ්නයක්‌ නැහැ. හරිනම් ඒගොල්ලෝ අපිට සහාය දෙන්න ඕන.

    ප්‍රශ්නය :- මොකද ඔබ දැන් ඉඩම් හොයන්නේ.

    පිළිතුර :- ඔව් මම විශාල ඉඩමක්‌ හොයාගෙන යනවා. මම කරන්න හදන වැඩේ අහල ඒගොල්ලෝ තවත් ප්‍රශ්න ඇති කරයි. ඒවට මං බය වෙන්නේ නැහැ. බය කරන්නත් බැහැ. ඔය හැම දෙයක්‌ම සිද්ධ වෙන්නේ ඊර්ෂ්‍යාව නිසයි. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ මිනිස්‌සු ‘සයිටම්’ ගැන කතා කරනවා.

    ප්‍රශ්නය :- ඔබ ඉඩම් හොයලා මොකක්‌ද කරන්න හදන්නේ.

    පිළිතුර :- සිනාසෙයි. මාධ්‍යයට හොඳ මාතෘකා. මම හදන්න යනවා විශ්වවිද්‍යාල සංකීර්ණයක්‌. ඒක හදපුවාම පිටරට උදවියත් ශ්‍රී ලංකාවට ඇවිත් ඉගෙන ගනියි. කාටද ආඩම්බර. ශ්‍රී ලංකාවට.

    ප්‍රශ්නය :- මොකක්‌ද විශ්වවිද්‍යාල සංකීර්ණයෙන් කරන්න හදන්නේ.

    පිළිතුර :- වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු පීඨ, පරිගණක ඇතුළු විවිධ අංශ සඳහා පීඨයන් ආරම්භ කරනවා. මේ වැඩ පිළිවෙළ ඉතාමත් හොඳට සාර්ථක කරගන්න. එංගලන්තයෙන් සහ රුසියාවෙන් මහාචාර්යවරු ගෙන්වාගෙන ඔවුන්ගේ සහායත් ලබා ගන්නවා. පිටරට ඉඳලා මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න එන ශිෂ්‍යයෝ සඳහා ඔවුන්ට නවාතැන් පහසුකම් පවා ලබා දෙන්න මං ක්‍රියා කරනවා. මේ විශ්වවිද්‍යාල සංකීර්ණයට අවශ්‍ය වෙළෙඳ කුටි මෙන්ම ආපනශාලා පවා ආරම්භ කරනවා.

    ප්‍රශ්නය :- ‘සයිටම්’ ප්‍රශ්නය වගේ ඔබේ විශ්වවිද්‍යාල සංකීර්ණයටත් ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ.

    පිළිතුර :- රජය සම්පූර්ණ සහාය දෙනවා. විරුද්ධ වෙන අයට කරන්න තියෙන්නේ දේශපාලන පක්‍ෂයක්‌ හදාගෙන කෑකෝ ගහන එකයි. මම කලිනුත් කිව්වේ ඊර්ෂ්‍යාවයි, කුහකකමයි මේ හැම දේකටම මුල. මගේ කැමැත්තෙන් යම්කිසි දෙයක්‌ කරනවා නම් කාටත් මොකද? ඒගොල්ලන්ට කියන්න කෑකෝ ගහන්න කියලා. මොකද මම නරක දෙයක්‌ නෙමේ. කරන්නේ හොඳ දෙයක්‌. සමහරු පිටරට ගිහින් උපාධි ගන්නවා. ඊට විශාල මුදලක්‌ වැය කරනවා. මීට පස්‌සේ පිටරට යන්න ඕන නැහැ. අපේ රටේ උපාධිය ගත්තා නම් ඒක බලගතුයි. ලෝකය පුරාම ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියක්‌ උසුලනවා.

    ප්‍රශ්නය :- ඔබේ විශ්වවිද්‍යාල සංකීර්ණයට කොපමණ විශ්වවිද්‍යාල තිබෙනවාද?

    පිළිතුර :- දහසක්‌ විතර. වෛද්‍ය පුහුණුවට විශේෂ තැනක්‌ හිමි වෙනවා. කොහොමත් මේ වසර තුළ වැඩ ඔක්‌කෝම සිදුවෙනවා. වෙන්නප්පුව පැත්තේ විශාල ඉඩමක්‌ බැලුවා. ඉඩම ගත්තා විතරයි. වැඩේ පටන් ගන්නවා.

    [rns_reactions]

  • විශේෂ තනතුර විහිළුවක්‌ නෙමෙයි… – අනාගත්ත සරත් යලිත් කට අරියි….

    ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ දිනවල වඩාත් කතාබහට ලක්‌වන චරිතයක්‌. වර්තමාන ආණ්‌ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයා වන සරත් ෆොන්සේකා මහතා සමඟ  කළ සම්මුඛ සාකච්ඡාවක්‌ මතු දැක්‌වේ.

    ප්‍රශ්නය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව සාටකයෙන් එල්ලිය යුතු බවට ඔබ කළ ප්‍රකාශය ඇත්තටම කළ ප්‍රකාශයක්‌ද නැතිනම් ඒ අවස්‌ථාවේ ඇති වූ ආවේගය මත කළ ප්‍රකාශයක්‌ද?

    පිළිතුර – නෑ……. මම කිව්වේ එයා 2005 දී ත්‍රස්‌තවාදීනට සල්ලි දුන්නා ඩොලර් මිලියන දෙකක්‌. ඒ දෙමළ ජනතාව ජන්දය දාන එක වළක්‌වන්න. මම එදා කතාවේදී කිව්වේ ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ මෙයා කර තිබෙන්නේ මරණීය දණ්‌ඩනය නියම කළ යුතු වරදක්‌ කියලා. එහෙම කියලා මම කිව්වා සාටකයෙන් කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ කියලා. මට මතක විදිහට මම කිව්වේ එහෙම තමයි. එක එක්‌කෙනා මේ ගැන ප්‍රශ්න කරන නිසා ඒ කතාව මට ආයෙත් අද අහන්න ඕනේ කියලා නිලධාරීන්ට පැවැසූවා. නැතුව සාටකය දාලා බෙල්ලෙන් එල්ලන්න ඕනේ කියලා මම කිව්වේ නෑ. දේශපාලන වේදිකාවේදී ඉතින් අපි එක එක වචන පාවිච්චි කරනවනේ. මම කිව්වේ සාටකයෙන් කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ කියලා. ගෝල්ෆේස්‌ එකේ කියලත් මම කිව්වද දන්නේ නෑ. මගේ හිතේ තිබුණේ එහෙම දෙයක්‌. ඒගොල්ලනුත් මම ඒකාලේ හිරේ ඉඳිද්දී ගෝඨාභය රාජපක්‍ෂ විදේශ මාධ්‍යවලට සිංගප්පුරුවේදී කිව්වේ මාව එල්ලලා මරණවා කියලා. ඒ නිසා අපි එහෙම කිව්වා කියලා ඒ ගැන මහ ලොකුවට කතා කරන්න එයලාට අයිතියක්‌වත් සදාචාරයක්‌වත් නෑ.

    ප්‍රශ්නය – ඔබ යටතේ විශේෂ බළකායක්‌ ස්‌ථාපිත කරන්න ඇමැති මණ්‌ඩලයේදී තීරණය කළ බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. මෙය ජනාධිපතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයේදී කළ විහිළුවක්‌ කියා එස්‌. බී. දිසානායක ඇමැතිවරයා ප්‍රකාශ කළා. නමුත් ජනතාවට මෙය ප්‍රශ්නයක්‌ මිස විහිළුවක්‌ නොවේ. ඇත්තටම එවන් බළකායක්‌ ඔබට භාර දෙන්නද හදන්නේ?

    පිළිතුර – කැබිනට්‌ එක කියන්නේ ඔය වගේ විහිළු කරන්න හොඳ තැනක්‌ නොවෙයිනේ. ඔය විහිළුව දුරදිග ගියා වැඩියිනේ දැන්. එහෙම නම් ඒක විහිළුවක්‌ නොවන බවට දැන් ඔප්පුවෙලා ඉවරයි. ජනාධිපතිතුමා මා දිහා බලලා රටේ උද්ඝෝෂණ අරවා මේවා ගැන කතා කරලා ඇහුවා ” ෆීල්ඩ් මාර්ෂල්තුමා කැමතිද ආයෙත් යුද්ධ හමුදාව භාර ගන්න කියලා. මම අත් දෙකෙන්ම සංඥා කරලා කිව්වා “කැමැති නෑ” කියලා පෙන්නුවා. ඊළඟට ඇහුවා “එහෙනම් ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී තනතුර හරි ගන්නකෝ” කියලා. එතකොටත් මම අත් දෙකෙන්ම ” කැමැති නෑ කියලා” කිව්වා. ඊට පස්‌සේ තමයි ජනාධිපතිතුමා කිව්වේ” ඔබතුමා මොකක්‌ හරි වගකීමක්‌ දරන්න ඕනේ, මේ ප්‍රශ්නයට අපි පිළිතුරු සොයන්න ඕනේ වගකීම ගන්න සුදානම් වෙන්න ” කියලා. මම කිව්වා මට නැවත හමුදාව භාරගන්න බැහැ. යම්කිසි කමිටුවක්‌, යාන්ත්‍රණයක්‌ හදලා එය මට භාර ගන්න පුලුවන් කියලා. ඒ අවස්‌ථාවේ කැබිනට්‌ මණ්‌ඩලේ සිටිය සියයට අනූවක්‌ අනූපහක්‌ පමණ ඒක අනුමත කළා. යාන්ත්‍රණයක්‌ හැදිය යුතු ආකාරය ගැනත් එක එක අය එක එක දේ කිව්වා. ඒ වගේ තීරණයකින් තමයි ඒක අවසන් වුණේ. ඒක විහිළුවට කියපු දෙයක්‌ කියලා මට නම් ඒ වෙලාවේ තේරුණේ නෑ. මට තේරුණේ ජනාධිපතිතුමාට අවශ්‍යතාවක්‌ තියෙනවා මේ ප්‍රශ්නයට විසඳුම් සෙවීමේ ක්‍රියාදාමයක්‌ හදන්න මාව පාවිච්චි කරන්න කියලා. හැම දෙනාටම තේරුම් ගියේ එහෙමයි. එහෙම නම් ජනාධිපතිතුමා කියන්න එපැයි ” නෑ… නෑ… මං මේ විහිළුවක්‌ කළේ” කියලා.

    ප්‍රශ්නය – අයිතිවාසිකම් දිනා ගැනීමට රජයට එරෙහිව වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා වෘත්තීය සමිති දඩයම් කිරීමට සහ බිය වැද්දීමටද මෙවැනි බළකායක්‌ ඔබතුමාට භාර දෙන්න සූදානම් වන්නේ.

    පිළිතුර – බළකායක්‌ කිව්වට මේක හමුදා බළකායක්‌ නොවේ. පසු අවස්‌ථාවකත් ජනාධිපතිතුමා, මම සහ රාජිත සේනාරත්න ඇමැතිතුමා හමුවෙලා මේ ගැන කතා කළා. මෙය කුමන ආකාරයෙන්ද ආ යුත්තේ කියා අප තීරණය කළේ නෑ. ඒක එන්න පුළුවන් මගේ අමාත්‍යාංශයට යා වෙලා මගේ ඇමැතිධූරය යටතට පැවැරෙන තවත් වගකීමක්‌ වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන් වූ අමාත්‍යාංශවල ලේකම්වරු අපට සම්බන්ධ කරගන්න වෙනවා. අනිවාර්යයෙන්ම මේවා විසඳන්න වෙන ක්‍රමයක්‌ සොයනවා නම්, දොස්‌තරලා වර්ජනය කරනවා නම් විකල්පයක්‌ ලෙස වෙන කවුරුහරි ඒ රාජකාරිය කළ යුතුයි.

    ප්‍රශ්නය – ඇයි සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න බැරිද

    පිළිතුර – සාකච්ඡා මාර්ගයෙන් විසඳන්න පුළුවන්. සාකච්ඡා කරන්න අගමැතිතුමා ඉන්නවා ඊට අමතරව ඇමැතිවරයා ඉන්නවා. මේවා විසඳන්න තවත් ක්‍රමයක්‌ තියෙනවා. ඒ මහින්ද රාජපක්‍ෂගේ ක්‍රමයට. ඒ ක්‍රමයට අපි කැමැති නෑ. වෙඩි තියලා මිනිස්‌සු මරලා, ලබා දෙන විසඳුම අපි කවදාවත් අනුමත කරන්නේ නෑ. අනෙක්‌ ක්‍රමය තමයි එයාලා වර්ජනය කරනවා නම් තවත් පිරිසක්‌ දාලා අපි රාජකාරිය කරනවා. අන්න එවැනි ක්‍රමයක්‌ ගැන තමයි අපි කතා කළේ. මේ ක්‍රමයට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්නයි මේ යාන්ත්‍රණය හදන්නේ.

    ප්‍රශ්නය – බොහෝ දෙනා විශේෂයෙන් ඒකාබද්ධ විපක්‍ෂය මෙවැනි බළකායකට එරෙහි වන්නේ ඔබ වෛරී ෙච්තනාවෙන් පළිගැනීම සඳහා කටයුතු කරන කෙනෙක්‌ බව පවසමින්.?

    පිළිතුර – එතකොට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයා සෝවාන් වෙලාද? එයා දේශපාලනය කළේත් කරන්නේත් මෛත්‍රීය වපුරවමින්ද? එයා අපේ පවුල්වලින් පළිගත්තා. ළමයින්ගෙන් පළි ගත්තා. ළමයින් දුටු තැන අල්ලනු කියලා පෝස්‌ටර් ගැහුවා. එයා එක්‌ක ජන්දේ ඉල්ලපු නිසා ප්‍රතිඵල නිකුත් කරලා සති දෙකක්‌ යන්න කලින් මාව හිරේ දැම්මා. එතකොට ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයා කවදාවත් වෛර කරලා නෑ පළි අරගෙන නෑ, සෝවාන් වෙලා. ඒකාබද්ධ විපක්‍ෂය ඔය වගේ කරන ප්‍රකාශවලට තමයි කියන්නේ දෙකොනින් කතා කරනවා කියලා.

    ප්‍රශ්නය – අඛණ්‌ඩ වැඩ වර්ජනයක්‌ සඳහා දින නියම කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක්‌ ලෑස්‌තිවෙනවා. මේකට මුහුණ දෙන්න දැන් ආණ්‌ඩුව ලෑස්‌තිද?

    පිළිතුර – මා සම්බන්ධ වී කරන වැඩ කටයුතු පිළිබඳ යෝජනවා සම්බන්ධයෙන් තවමත් මොකුත් කරලා නෑ. දැනට ඒ අදාළ අමාත්‍යාංශවලට අගමැති ජනාධිපති උපදෙස්‌ දෙයි. ඒ ඇරෙන්න වෙනත් ආකාරයේ පියවර ගැන මට නම් ආරංචි වෙලා නෑ.

    ප්‍රශ්නය – ඔබතුමා හිතවත් නීතිඥවරුන් කිහිප දෙනෙකු සමඟ මේ අලුත් යාන්ත්‍රණයට අදාළ පනත් කෙටුම්පතක්‌ සකසන බවටත් තොරතුරු ලැබෙනවා. පනත් කෙටුම්පත් කෙරෙනවද මේ දිනවල.

    පිළිතුර – නෑ. එහෙම දේකට මම නම් සම්බන්ධ වෙලා නෑ. අනෙක එහෙම දෙයකට අලුතින් පනත් කෙටුම්පත් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඔය හමුදාවලට අතීතයේ සිටම බලතල තිබෙනවා. යම්කිසි කාර්යයක්‌ රටේ කඩාකප්පල් වෙනවා නම්, අඩපන වෙනවා නම් එහිදී යම් යම් රාජකාරී භාරගෙන කටයුතු කරන්න. ඒත් රාජපක්‍ෂලා වගේ හමුදාව දාලා වෙඩි තියන්න නොවේ. මුට්‌ට උස්‌සන්නේ නැත්නම් හමුදාව දාලා මුට්‌ට උස්‌සන්න පුළුවන්. ඒකට අලුතින් පනත් අවශ්‍ය වෙන්නේ නෑ.

    ප්‍රශ්නය – මෙවැනි බළකායක්‌ සරත් ෆොන්සේකාට භාරදීමෙන් වෙන්නේ එතුමාගේ ඉතිරි වෙලා තියෙන මයිල් ගසත් ගැලවෙන එකයි කියලා කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කර තිබුණා. මේක සරත් ෆොන්සේකා ඇන ගනී කියලා ඩිලාන් පෙරේරා ඇමැතිවරයා කියා තිබුණා.?

    පිළිතුර – අද මම ඉන්න තත්ත්වයේ සහ අද මට රටේ තියෙන පිළිගැනීම තියෙන්නේ එක මයිල් ගහක්‌ ඉතිරි වෙලා නම් මම සර්ව සම්පූර්ණව හිටපු දවස්‌වල කෙසේ හිටියද කියලා ලාල් කාන්ත මා ගැන ප්‍රතිරූපයක්‌ මවාගෙන ඇති. එක මයිල් ගහක්‌ ඉතිරි වෙලාත් ලාල්කාන්තයි මමයි ඉන්න හැටි ගැන සංසන්දනය කරන්න. පුළුවන්නේ. මට එක මයිල් ගහක්‌ ඉතිරි වෙලා තියෙනවා නම් ලාල් කාන්තට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ. ඒක ජනතාව තීරණය කළ යුතුයි. ඩිලාන් පෙරේරාට නම් මට කියන්න තියෙන්නේ ඩිලාන්ට වගේ ඇනගන්න පුරුද්දක්‌ මට නෑ කියලා. මම එහෙම ඇනගෙනත් නෑ. සමාජයේ පිළිගැනීමක්‌ මට ලැබිලා තියෙනවා. යා යුතු තැනට ගිහින් තියෙනවා. එයා ඇන ගත්ත තැන් මට කියන්න පුළුවන්. ඒව ඕගොල්ලන් පත්තරේ දායිද දන්නේ නෑ.

    ප්‍රශ්නය – සයිටම් ගැටළුවට විසඳුම් ලෙස වෛද්‍යවරු ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකරන නිසා නේද වෘත්තීය සටන් ඉදිරියට ඇවිත් තිබෙන්නේ?

    පිළිතුර – සයිටම් ගැන තීන්දු තීරණ අතීතයේ ගත්තේ. එදා පාදෙනියලා ඒ අයට ආශිර්වාද කළා මිසක්‌ වචනයක්‌වත් කතා කළාද? රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට, ඕනෑ විදිහට රට පාලනය කරන්න බැහැ. රට පාලනය කරන එක එයාලාගේ වැඩක්‌ නොවේ. අධ්‍යාපනය ගැන තීන්දු තීරණ ගන්න රජයක්‌ තියෙනවා. වෛද්‍යවරුන්ට පුළුවන් මතයක්‌ ප්‍රකාශ කරන්න. රජය පෙරළන්න කඩා කප්පල් කාරී ක්‍රියා කරනවා නම් රජයේ වෛද්‍යවරුන් ඉන්නේ දේශපාලන න්‍යායපත්‍රයකට වැඩ කරන්න කියලා ජනතාව වටහා ගනීවි. එහෙම වුණොත් ඒ අයට තියෙන පිළිගැනීම ගෞරවය නැති වී යාවි.

    ප්‍රශ්නය – ඔබ ජනාධිපති අපේක්‌ෂක කාලයේත් ඉන් පසුවත් රටේ දූෂණ වංචාවලට එරෙහිව දැඩිව හඬ නැගුවා. අද ඔබ ඇමැතිවරයෙක්‌. කෝ වංචා දූෂණ කළ අය අල්ලාගෙන දඬුවම් දුන්නද? ඇයි ආණ්‌ඩුව මන්දගාමී….?

    පිළිතුර – අපි නිතර නිතර කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ ගැන නිතර මතක්‌ කරනවා. ඒ බලකිරීම අපි දිගින් දිගට කරනවා. නමුත් යම් යම් ක්‍ෂේත්‍රවල වගකිවයුත්තන් මේක ක්‍රියාවට යොදවන්න ඕනෑ. එතැනදී අඩුපාඩු සහ ප්‍රමාද ඇති බව අපි දකිනවා. අනිවාර්යයෙන්ම මේක සිදුවිය යුතු දෙයක්‌. ඒක සිද්ධ කරන්න බැහැ කියන්නේ නීති ක්‍ෂේත්‍රයට අදාළ කටයුතු හරියට සිදුවෙන්නේ නැහැ කියන ඒකයි. මිලියන අනූ එකක්‌ නාගරික සංවර්ධනයේ මුදල් වියදම් කරලා ගෝඨාභය රාජපක්‌ෂ තමන්ගේ පියාගේ සොහොන හදපු බවට ලියකියවිලි තියෙනවා. ඒකට නඩු දාන්න බැරි නම් රජයත්a ඒ සඳහා වගකිව යුතුයි. යම් යම් අයගේ අසාර්ථක භාවය නිසා මෙතැන ක්‍රියාත්මක වීමේ අඩුපාඩුවක්‌ තිබෙනවා. පසුගිය ආණ්‌ඩුවේ වංචා දූෂණවලට එරෙහිව කටයුතු කරන්න බැරි නම් මේ රජය අසාර්ථකයි තමයි. එහෙම නම් ජනතාව හමුවේ පිළිගන්න වෙනවා අපට මේක කරන්න බෑ අපි දුන්න පොරොන්දු අපට ඉෂ්ට කරන්න බැහැ අපි පොරොන්දු කඩ කරනවා කියලා. පියවරක්‌ ගන්න බැරි නම් ආණ්‌ඩුව අනිවාර්යයෙන්ම ජනතාවට උත්තර දෙන්න ඕනෑ. අධිකරණයට හරි පොලිසියට හරි වරද පටවලා අපිට ඉන්න බෑ. එහෙම නම් අපි ඉන්න එකේ තේරුමක්‌ නැහැනේ. ජනතාව ඡන්දය දුන්නේ අපිටනේ. ඒ නිසා මේක නොකළොත් රජයට වගකීම භාර ගන්න වෙනවා.

    ප්‍රශ්නය – රජයට තියෙන්නේ තව අවුරුදු තුනයි. කාලය ප්‍රමාණවත්ද මේවා කරන්න.

    පිළිතුර – රජයක්‌ වුණාම ක්‍රමවේද හදා ගන්න පුළුවන්නේ. කැබිනට්‌ටුවෙන් හරි පාර්ලිමේන්තුවෙන් හරි අදාළ අනුමැතිය ලබා ගෙන ජාතික අපරාධ ගැන සොයා බලා දඬුවම් කරන්න අවශ්‍ය ප්‍රතිපාදන සකසන්න රජයට හැකි විය යුතුයි. තියෙන අධිකරණ හෝ අමතර අධිකරණ හදලා හරි කොමිෂන් පත් කරලා හරි හොරුන්ට දඬුවම් කළ යුතුයි. එහෙම කරන්න බැරි නම් අපි හැමදාම කතා කර කර ඉඳීවි. ආපහු හොරු ටික බලයට ඒවි. අපිට හිරබත් කන්න වේවි.

    ප්‍රශ්නය – කවුද කකුලෙන් අදින්නේ. නිලධාරීන්ද? දේශපාලනඥයින්ද?

    පිළිතුර දේශපාලනඥයින්…. නිලධාරීන් ඉන්න බව මමත් හිතනවා. එවැනි ප්‍රශ්නයක්‌ තියෙනවා. මට තියෙන අවබෝධයම තමයි ඔබටත් මේ ගැන තියෙන්නේ. රටේ ජනතාවත් කියන්නේ වගකීම අනිවාර්යයෙන්ම රජයක්‌ ලෙස අපි ගත යුතුයි.

    ප්‍රශ්නය – හිටපු ජනාධිපතිතුමා දරුණුම ත්‍රස්‌තවාදී කණ්‌ඩායම පරාජය කිරීමට අණදුන් නායකයා. ඔබ යුද්ධය මෙහෙයවූවා. එය පිළිගත යුතුයිනේ. රාජපක්‌ෂ මහතාට තවමත් ත්‍රස්‌තවාදී තර්ජන තිබෙද්දීත් ආරක්‌ෂකයන් ඉවත් කිරීමෙන් එතුමන් අනාරක්‌ෂිත කිරීමක්‌ නොවේද රජය කරන්නේ?

    පිළිතුර – ඔය ත්‍රස්‌තවාදී සංවිධානය විනාශ කරන්න කියලා හිටපු ජනාධිපතිවරු සියලු දෙනාම නියෝග දුන්නා. කවුද නියෝග නොදුන්නේ. නමුත් හමුදාවලට ඒ නියෝග ඉෂ්ට කරන්න බැරි වුණා. මේ අවස්‌ථාවේදීත් නියෝග දුන්නා. හමුදාවේ අපි ඒක ඉෂ්ට කළා. නියෝග දෙන එක හරි ලේසියි. කරන එකයි අමාරු. ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ පරාජය කරන්න කියලා නියෝග දීම වචනයක්‌ පමණයි. ඔබ දන්නවනේ මාවිල්ආරු වැහුවාම චම්පික රණවක, අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි අය තරයේ කිව්වාම හමුදාව යොදවලා මෙතැන සටනක්‌ අරඹන්න කියලා. හිටපු ජනාධිපතිවරයා චම්පික රණවකට මොනවද කිව්වේ. ඒ ගැන චම්පික රණවක ප්‍රසිද්ධියේ කිව්වනේ. “මොකෙන්ද ගහන්නේ…. අහවල් එකෙන්ද” කියලා කුණුහරුපයක්‌ කියලා ඇහුවලුනේ. ඒක තමයි එයා දුන්නු නියෝගය. ඊට පස්‌සේ හමුදාව වැඩේට බැහැලා අතහරින්නේ නැතුව දිගින් දිගට කොක්‌ක දාගෙන නතර කරන්න බැරි වෙන විදිහට මම යුද හමුදාවේ සටන කළා. අනෙක්‌ අය කරපුවා නාවික හමුදාපති කියාවි. මගේ සෙබළු 5200 ක්‌ ජීවිත පූජා කරලා 27000 ක්‌ තුවාල වෙලා අපි ත්‍රස්‌තවාදීන් 23000 ක්‌ ඝාතනය කරලා 1200 ක්‌ අත්අඩංගුවට ගෙන ඒ සංවිධානය විනාශ කළා. ඒ යුද හමුදාව කරපුවා. එහෙම කළාම නියෝග දුන්නා කියන එක මහ ලොකු දෙයක්‌ නෙවෙයි. ඒ සටනට අණ දුන්නු මට මරාගෙන මැරෙන ප්‍රහාරයකුත් එල්ල වුණා. එහෙම කැප වූ මගේ සම්පූර්ණ ආරක්‌ෂාව ඉවත් කරලා මාව ත්‍රස්‌තවාදීන් රඳවා සිටින හිරගෙදර හිර කළා. ඒක කළේ මහින්ද රාජපක්‌ෂ කියන පුද්ගලයා. එහෙම කළ පුද්ගලයකුට සදාචාරාත්මක අයිතියක්‌ තියෙනවද “මට ආරක්‌ෂාව දෙන්න” කියලා ඉල්ලන්න. මේ ප්‍රශ්නය අපි ජනතාවට යොමු කරමු. සරත් ෆොන්සේකා කියන පුද්ගලයා පැත්තක තියමු. රටේ යුදහමුදාපතිවරයා ආරක්‌ෂාව නැතිව ත්‍රස්‌තවාදීන් ඉන්න හිරේම රැඳවූවා නම් එවන් නායකයකුට අයිතිය තියෙනවද තමන්ට ආරක්‌ෂාව ඉල්ලන්න. අනෙක එයාට කාගෙන්ද තර්ජන තියෙන්නේ. ත්‍රස්‌තවාදය ඉවරයි. ත්‍රස්‌තවාදය තියෙනවා නම් අපිටත් තර්ජන තියෙනවානේ. ආරක්‌ෂකයන් දෙසීයක්‌ වටේ දාගෙන ආරක්‌ෂා වෙන්නේ කාට බයේද? සරත් සිල්වා ලවා උසාවි නියෝගයක්‌ අරගෙන චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ආරක්‌ෂකයන් හැට දෙනා තිස්‌ දෙනාට බැස්‌සුවා. එහෙම පුද්ගලයාට අයිතියක්‌ තියෙනවද දෙසීයක්‌ ඉල්ලන්න. අපි කියන්නේ එයාටත්a දෙන්න චන්ද්‍රිකා මැතිනියට දීලා තියෙන ආරක්‌ෂකයන් සංඛ්‍යාව කියලා. ඊට වඩා එක මිනිහෙක්‌වත් දිය යුතු නෑ.

    ප්‍රශ්නය – ඔබ කියන්නේ මහින්ද රාජපක්‌ෂ මහතාට තර්ජනයක්‌ නැහැ කියලාද?

    පිළිතුර – ත්‍රස්‌තවාදීන්ගේ තර්ජනයක්‌ නෑ. දැන් රටට කළ විනාශය හෙළා දකින ජනතාවගෙන් නම් එයාට තර්ජනයක්‌ තියෙනවා.

    ප්‍රශ්නය – ගෝඨාභය රාජපක්‌ෂ මහතා මීළඟ ජනාධිපතිවරයා කිරීමට බොහෝ දෙනා කැමැත්තෙන් ඉන්නවා. ගෝඨාභය රාජපක්‌ෂ මහතා ජනපති අපේකAෂකයා වීම අභියෝගයක්‌ වේවි නේද?

    පිළිතුර – මම හිතන්නේ නෑ. ගෝඨාභය රාජපක්‌ෂගේ කෙරුවාව රටේ ජනතාව දන්නවනේ. නියෝග දුන්නු හැටි, සුදු වෑන්වලින් මිනිස්‌සු උස්‌සපු හැටි එයා රටට කළ සේවය මොකක්‌ද? ඕනෑම ලේකම්වරයෙක්‌ කරන්නේ පරිපාලනමය කටයුත්තක්‌. ලේකම්ලා හමුදාවට යුද්ධ කරන හැටි උගන්වන්නේ නෑනේ. සටන් උපක්‍රම උගන්වන්නේ නෑනේ. අවුරුදු පහළොවක්‌ ඇමරිකාවේ කොම්පියුටර් ඔපරේටර්වරයෙක්‌ වෙලා හිටපු කෙනෙක්‌ ලංකාවට ඇවිත් හැමදාම යුද පිටියේ හිටපු ජෙනරාල්ලාට සටන් ක්‍රම උගන්වන්න පුළුවන්ද, එහෙම නම් ඉතින් මේක විහිලුවක්‌. ලංකාවේ යුද හමුදාව කියන්නේ එහෙම නම් වැඩකට නැති දෙයක්‌ද. ලංකාවේ යුද හමුදාව එහෙම නම් අතු ගාලා දාන්න ඕනෑ. ගෝඨාභයට පුළුවන්නේ එහෙම නම් අලුත් හමුදාවකුත් හදන්න එයා වගේම හමුදාවෙන් ගිහින් අරහේ මෙහේ වැඩ කර කර හිටපු කට්‌ටියක්‌ අල්ලාගෙන. හමුදාවේ දිගටම රැඳුණුq අයට වඩා දක්‌ෂ හමුදාවක්‌ හදන්න. එයා කළ මිග් ගනුදෙනුව, සොහොන ගහපු හැටි, ජනාධිපති වුණොත් කොහොම සොහොනක්‌ ගහයිද?

    ප්‍රශ්නය – ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙනුත් පසුගියදා ඔබ ඇඟිල්ල දිගු කළේ ගෝඨාභය රාජපක්‌ෂ මහතා දෙසටයි….?

    පිළිතුර – ඔව්. ඉතින් ලසන්ත ඝාතනය කියන්නේ එක සිද්ධියක්‌. එක්‌නැලිගොඩ අතුරුදන් කිරීම, පහරදීම්, ඔය සියල්ල පිටුපස අනිවාර්යයෙන්ම ඔහු සහ ඔහුගේ කල්ලියක්‌ හිටියේ. මම දන්නේ නෑ ඔය බුද්ධි අංශවල අත්අඩංගුවට අරන් ඉන්න අය ඒවාට සම්බන්ධද කියලා. ගෝඨාභයගේ කල්ලිය මේවා කළා කියලා මගේ හෘද සාක්‌ෂිය මට කියනවා. මහින්ද බාලසූරිය, අනුර සේනානායක ඒවාට ඒa වෙලාවේ ඇක්‌ෂන් ගත්තේ නැති නිසා ඒවා සොයන්න බැරි වුණා. ලසන්තලා, පෝද්දල ජයන්තලා ඇතුළු මාධ්‍යවේදීන් සමඟ ප්‍රශ්න තිබුණේ. මහින්ද රාජපක්‌ෂ සහ ගෝඨාභය රාජපක්‌ෂ පුළුවන් තරම් උත්සාහ කළා සරත් ෆොන්සේකා මේවා කළා කියලා අපේ පිටින් දාන්න. ඒත් කිසිම දෙයක්‌ අපිට විරුද්ධව ඔප්පු කරන්න බලය තිබුණු කාලේ පවා එයාට බැරි වුණා.

    ප්‍රශ්නය – භීෂණ සමයේදී කුමාර් ගුණරත්නම් මහතාගේ ජීවිතය බේරුවේ ඔබයි කියා පසුගිය දිනවල ඔබ තවත් අනාවරණය කිරීමක්‌ කළා.

    පිළිතුර – ඔව්. භීෂණ සමයේ මම හිටියේ කන්තලේ ප්‍රදේශය භාරව. මම ලුතිනන් කර්නල් කෙනෙක්‌. සිංහ රෙජිමේන්තුවේ පළවෙනි බලඇණියේ අණ දෙන්නා විදිහට මගේ හමුදා පළවල් තුනකට Jඪඡ ත්‍රස්‌තවාදීන් පහර දුන්නා. මගේ සෙබළු දෙන්නෙක්‌ මැරුණා. අවි ආයුධ රැසක්‌ අරගෙන ගියා. ඒ කාලේ ඒ පැත්තේ ප්‍රහාර මෙහෙයවූයේ කුමාර් ගුණරත්නම්. “ගාමිණි” කියන නමකින් තමයි ඔහු පෙනී හිටියේ. අපි ඔහුව අල්ලා ගත්තා. මගේ මේසය ඉදිරියට ඔහුව අරගෙන ආවා. ඔහු දණගහලා අඬමින් ඉල්ලා සිටියේ “සර් මාව මරන්න එපා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්‌. මම දන්න ඔක්‌කොම දේ කියන්නම්” කියලා.ඉන් පස්‌සේ අපි එයාට අතවත්a තිබ්බේ නෑ. කියන දේ අහගෙන හිටියා. ඒ වෙද්දී යුද හමුදා සෙබළුන් දෙදෙනකුත් මරලා හිටියේ. ඒ වුණත් අපි එයාව කොළඹට එව්වා. ඔහුගේ ජීවිතය බේරා දීම ගැන මට ඔහු හැමදාම පිං දෙනවා ඇති.

    ප්‍රශ්නය – ඒකාබද්ධ විපක්‌ෂයේ ගෝල්ෆේස්‌ මැයි රැලියට සහභාගි වූ ජනතාව මගින් ආණ්‌ඩුවට යම් පණිවිඩයක්‌ ලබා දෙන බව හිතන්න බැරිද?

    පිළිතුර – ඒකාබද්ධ විපක්‌ෂය ගෝල්ෆේස්‌ පිරවුවේ නෑනේ. ගාලු මුවදොර හෝටලය පැත්තට වෙන්න වේදිකාව පිටුපස කැම්බල් පිටිය වගේ හතර ගුණයක ඉඩ ඉතිරි වෙලා තිබුqණා. වේදිකාව ඉදිරිපස දිගටම වැටක්‌ ගහලා එතැනත් කැම්බල් පිටියක විතර ඉඩ ඉතිරි වෙලා තිබුණා. කැම්බල් පිටි පහක ඉඩ අත හැරලා ගෝල්ෆේස්‌ එකේ සිහින් තීරුවක තමයි සෙනඟ පුරවා තිබුණේ. එතන පනස්‌ දහසක්‌ විතර හිටියා. ඒක බිය විය යුතු දෙයක්‌ නොවේ. මිනිස්‌සු ඔක්‌කොම ඇතුළට දාලා පාරවල් වැහුවා. ඇතුළේ මිනිස්‌සුනට වතුර පොදක්‌ නෑ. වැසිකිළි නෑ. අව්වේ වේලිලා විජලනය හැදිලා තමයි කිහිප දෙනෙක්‌ මැරුණේ. සමහරු මගදී මැරුණා. ඒ විදිහට ගෝල්ෆේස්‌ පුරවන්න පුළුවන් ඒකාධිපතියෙකුට විතරයි. එතැනට බඩගෝස්‌තර වාදීන් ටිකක්‌ ගෙනාවා.

    ප්‍රශ්නය – එජාපයේ ඉහළ තනතුරක්‌ ඔබට ලබාදීමේ සූදානමක්‌ තියෙනවා. ඒත් පක්‌ෂයේ ප්‍රබලයෙක්‌ ඔබව පත් කරනවාට විරුද්ධයි නේද?

    පිළිතුර – ඔව්. මම දැක්‌කා පත්තරවලත් විඡේදාස රාජපක්‌ෂ තදින් විරුද්ධයි කියලා. ඒ ගැන මම පුදුම වෙන්නේ නෑ. විඡේදාස රාජපක්‌ෂ කියන්නේ මහින්ද රාජපක්‌ෂගේ හෙංචයියෙක්‌. ඔහු ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවේදීත් කිව්වා ගෝඨාභය රාජපක්‌ෂව අත්අඩංගුවට ගන්න ඉඩ දෙන්න බෑ කියලා. මම එජාප මන්ත්‍රීවරයෙක්‌ වෙන ඒකටත් විරුද්ධව ඔහු කෑ ගැහුවා. එයා තනතුරුවලින් අස්‌ වෙනවා කිව්වා. ඒත් අස්‌ වුණේ නෑ. මට ඇමැතිකම දෙද්දීත් ඕකම කිව්වා. ඒත් තනතුරුවලින් ඉවත් වුණේ නෑ. දැනුත් ඒ කතාවම ඔහු කියනවා. මට ඔය තනතුරත් ලැබේවි. ඒත් එයා අස්‌ වෙන්නෙ නෑ. ඒක තමයි අවසන් ප්‍රතිඵලය.

    ප්‍රශ්නය – ඔබ කියන විදිහට විඡේදාස රාජපක්‌ෂ මහතා හැරෙන්නට මේ ආණ්‌ඩුවේ තවත් ඇමැතිවරු ඉන්නවද මහින්ද හෝ ගෝඨාභය රාජපක්‌ෂගේ පැත්තේ කකුලක්‌ තියා ගෙන ඉන්න අය?

    පිළිතුර – ඔව්. ඇයි ජෝන් සෙනෙවිරත්න. ගෝඨාභයව ශ්‍රීලනිප දෙවැනියා කළ යුතුයි කියලා ඔහු කිව්වේ. ළඟදිත් ඔහු යම් තැනකදී ප්‍රකාශයක්‌ කළා. මම තැන කියන්නේ නෑ. මහින්ද රාජපක්‌ෂට හොරා කියනවා නම් ඒ කැබිනෙට්‌ටුවේ සිටි සියලු දෙනාම හොරු විය යුතුයි කියලා මොහු පැවැසුවා. ඒ කියන්නේ අර මනුෂ්‍යයා ආරක්‌ෂා වෙන ප්‍රකාශයි මෙයා කියන්නේ කොතරම් භක්‌තියක්‌ ඇතිද? ඔබත් අපෙන් අහනවා ජනතාවත් අහනවා ඇයි හොරුන්ට දඬුවම් නොකරන්නේ කියලා. මෙයා හදන්නේ ඔවුන්ව ආරක්‌ෂා කරන්න. ජෝන් සෙනෙවිරත්නගේ හිස ආණ්‌ඩුවේ හිත මහින්ද රාජපක්‌ෂ ළඟ. ජනතාව තෝරලා එවපු මිනිස්‌සු නිසා එක එක වර්ගයේ අය රජය ඇතුළේ ඉන්නවා. කකුල් දෙක දෙපැත්තේ තියා ගෙන ඉන්න මිනිස්‌සු ගැන අපිට අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න වෙනවා.

    [rns_reactions]

  • මෝදී ආපසු යන අතරතුර සිය රථයේ සිට පටිගත කරන වීඩියෝව මෙන්න

    එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුමේ උලෙල වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නෝර්වුඞ් ප‍්‍රදේශයේ පැවති ජන රැළියකට සහභාගී වී ආපසු යන අතරතුර සිය රථයේ සිට පටිගත කරන වීඩියෝයක් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබේ.

    වීඩියෝව පහතින්
    [rns_reactions]

  • බිරිදගේ හැසිරීම ගැන සැක සිතී නිවසේ රහසිගත කැමරාවක් සවි කල පසු එහි පටිගතව තිබු දේ…

    එක් සැමියෙක් තමන්ගේ බිරිදගේ හැසිරීම ගැන සැක සිතී නිවසේ රහසිගත කැමරාවක් සවි කලා.. එහි පටිගතව තිබු දේ දුටු ඔහු මහත් කම්පාවට පත් උනා
    බලන්න එහි සටහන්ව තිබුනේ කුමක් ද කියලා

    තමන්ගේ ගෙදර තමන්ගේම දරුවන්ට මෙහෙම සලකන මිනිසුන් අප සමාජයේ ඕන තරම් සිටීනවා මෙයත් ඒ අතරම සිටින කෙනෙක් මෙයාගේ මේ වැඩේ එරට මාද්‍ය විසින් මුළු ලොවටම පෙන්නුවා

    [rns_reactions]

  • බිල්ලෝ මවන වහල්ලු වෙන්න එපා – සද්ද දැමු ලහිරුට පොලිස් පරීක්ෂකයෙක් කියයි…

    අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සිවිල් සංවිධාන එක්ව ගම්පහ දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට පැවැත්වීමට ගිය සයිටම් විරෝධී රැළියට පොලිසියෙන් බාධා කිරීම නිසා ගම්පහ උණුසුම් තත්ත්වයක් ඇතිවිය. මහජන පීඩාවක් ඇතිවීම නිසා මෙම රැළිය පැවැත්වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බව ගම්පහ පොලිසිය කියු අතර එවිට කට ගහගෙන ගිය ලහිරුට පැමිණි පොලිස් පරික්ෂකගෙන් ලැබුනේ ලුණු ඇබුල් සහිත පිළිතුරකි…

    පක්ෂවල වහල්ලු වෙලා මෙතන ඇවිත් බිල්ලෝ මවන්න එපා. ඔයාගේ පවුලේ කෙරුවාවත් අපි දන්නවා. මේ ප්‍රකාශයත් සමගින් ලහිරු නිහඩ වූ අතර කෙසේ වෙතත් අවසානයේ රැළිය කරගෙන යාමට අවසරදී පොලිසිය ඉවත් වූවත් කැරළි මර්දන ඒකකය සහ අතිරේක පොලිස් කණ්ඩායම් එහි කැඳවා තිබිණ

    [rns_reactions]

  • පුජනිය දළදා මැදුරට ඉහලින් පියාසර කරන්නට ගිය මෝදිගේ හෙලිකොප්ටර් දෙකක් තවමත් අස්ගිරි ක්‍රීඩාංගණයේ..

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරක්ෂාවට පැමිණි එරට ආරක්ෂක අංශයට අයත් විශේෂ හෙලිකොප්ටර් යානා දෙකක් හදිසි කාර්මික දෝශයකට ලක්ව තිබෙනවා.

    අදාල යානා දෙක අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ නවතා ඇති බවයි වාර්තාවන්නේ.

    යානා දෙක අලුවැඩියා කිරීමට ඉන්දීය ගුවන් හමුදා සාමාජිකයන් උත්සහ කළද එය සාර්ථක වී නැහැ.

    මේ වනවිට අදාල යානා දෙකේ ඇති ගැටලුව හඳුනාගෙන ඇති අතර ඉන්දීය ගුවන් හමුදා නිළධාරින් ඒ පිළිබදව ඔවුන්ගේ බළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

    ඒ අනුව යානා දෙක අලුත්වැඩියා කිරීමට අවශ්‍ය උපාංග හා කාර්මිකයන් මෙරටට ගෙන්වාගෙන යානා දෙක අලුත්වැඩියා කිරීමට නියමිතයි.

    අස්ගිරිය ක්‍රීඩාංගණයේ ඇති මෙම යානා දෙකට දැඩි ආරක්ෂාවක් ලබා දී තිබෙනවා.

    කිසිවෙකුටත් ඒ අසලට යාමට හෝ අවස්තාවක් නොමැති බවයි වාර්තාවන්නේ.

    අවස්ථා කිහිපයකදීම ඉන්දීය විශේෂ ආරක්ෂක ගුවන් යානා මහනුවර අහසේ පියාසර කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.

    දළදා සමිඳුන් වැඩසිටින මාළිගාවේ රන් වියනට උඩින් හෝ දළදා මාලිගාවට ඉහලින් ගුවනේ කිසිදු යානාවක් ගමන් නොකිරීමේ පෞරාණික සම්ප්‍රදායක්ද බෞද්ධයන් තුල පවතිනවා.

    [rns_reactions]

  • වෙසක් සමයේ අමුතු දන්සල් රැසක් – අලින්ට කෑම බල්ලන්ට ෆ්‍රයිඩ්රයිස්….

    බෙදාහදාගෙන කන්නට හුරු වූ ජාතියක් වන ශ්‍රී ලාංකිකයන් තමන් හරි හම්බකරගත් දෙයින් යම් කොටසක් අන් අය වෙනුවෙන් වෙන් කරන්නේ එයින් ලබන්නා වූ අප්‍රමාණ චිත්තප්‍රීතිය නිසාය. විශේෂයෙන්ම වෙසක් පොසොන් වැනි පොහොය දිනයන්හි පාරක් පාරක් ගානේ පවත්වනු ලබන දන්සල්වලින් මෙම කරුණ තවදුරටත් ඔප්පු වන අතර මේ ආකාරයට නොමිලේ ආහාරපාන ලබාදීම අපේ රටටම පමණක් අනන්‍ය වූවක් බවද සැලකිය හැකිය.

    දන්සල් සංස්කෘතිය කවදා කොතැනකදී ආරම්භ වූවාදැයි නිශ්චිතවම කිව නොහැකි වුවද එය අද වන විට වෙසක්, පොසොන් වැනි පොහොය දිනයන්හි පවත්වනු ලබන චාරිත්‍රයක් බවටම පත් වී ඇත. බහුතරයක් නොවූවද ඇතැම් පුද්ගලයන් විශේෂයෙන්ම මෙවැනි පොහොය දිනයන්හි එළිපෙහෙළියට බසින්නේද පන්සල් යාමට නොව දන්සල් වැඳීමටය. දන්සල්වලද මූලික පරමාර්ථය ආහාරපාන ලබාදීම වුවද අද වන විට එම සංස්කෘතියද වෙනස් වී ඇත. ඒ අනුව බත්, පාන්, නුඩ්ල්ස්, කිරිකෝපි, ඔසුපැන්, මඤ්ඤොක්කා, පොල් රොටි ආදිය ලබාදීම වෙනුවට කොණ්ඩා හා රැවුල් කැපීම් දන්සල්, භූමිතෙල් දන්සල්, පෙට්‍රල් දන්සල්, හාල්, පරිප්පු, පොල් ඇතුළු වියළි ආහාර ලබාදීමේ දන්සල්, නොමිලේ ප්‍රවාහන කටයුතු සිදුකිරීමේ දන්සල්, බුදු පිළිම ලබාදීමේ දන්සල්, වයිෆයි දන්සල්, නොමිලේ සිම් කාඩ් ලබාදීමේ දන්සල්, සිනමා දන්සල් පාරැ දන්සල් ආදී අමුතු ආකාරයේ දන්සල් පැවැත්වීමටද ඇතැම් දෙනා දැන් දැන් කටයුතු කරති.

    ඒ අනුව මෙවර වෙසක් උත්සවයට සමගාමීව ප්‍රදේශ ගණනාවකම මේ ආකාරයෙන් වෙනස්ම මුහුණුවරක් ගත් දන්සල් පැවති අතර මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ පැවති කොණ්ඩා කැපීමේ දන්සල ඉන් එකකි. මෙම දන්සල් සඳහා ඇරැයුම් ලැබූ ප්‍රධාන ආරාධිත අමුත්තා වන කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ කොණ්ඩය කැපීමෙන් දන්සල ආරම්භ වූ අතර නොමිලේ කොණ්ඩය කපාගැනීම සඳහා විශාල පිරිසක් දන්සලට එක්රැස් වී සිටියහ.

    බුදු පිළිම නොමිලේ ලබාදීමද මෙවන් අපූර්ව ආකාරයේ දන්සල් ක්‍රමයක් වන අතර මෙවර වෙසක් පොහොය නිමිති කරගනිමින් මෙවැනි දන්සල් ද රටෙහි විවිධ ප්‍රදේශයන්හි පැවැත්විණි. මේ අනුව කුරුණෑගල ප්‍රදේශයේ එක් පුද්ගලයකු විසින් බුදු පිළිම 1000ක් මිනිසුන් අතර බෙදා දී ඇති අතර මෙයට පෙර අවස්ථාවකදී ගාල්ලේ ගල්වාඩුගොඩ ප්‍රදේශයේදී තිරුවානා කුඩුවලින් නිමවූ අඟල් හයක් උසැති බුදු පිළිම 250 ක් පමණ එක් ව්‍යාපාර මහතකු විසින් බෙදාහැර තිබිණි.
    මිනිසුන්ට අමතරව සතුන්ටද දන්සල් ලබාදීම මෙකල ජනප්‍රිය වී ඇති අතර මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් පින්නවල අලි අනාථාගාරයේ අලින් හටද ආහාර ලබාදීමේ දන්සලක් පැවැත්විණි. මෙම දන්සල සඳහා අලින් මහත් සංයමයකින් සහභාගි වූ අතර මීට අමතරව කඩුවෙල ප්‍රදේශයේ සුනඛයන් වෙනුවෙන් ෆ්‍රයිඩ් රයිස් දන්සලක් ද පැවැත්විණි.

    මෙම දන්සල්වලට අමතරව නොමිලේ උණ බට ලබාදීම, බයිසිකල් සඳහා හුළං ගැසීම, වෙසක් කූඩු දන්සල්, මල් දන්සල්, මෝටර් සයිකල් සඳහා නොමිලේ ස්ටිකර් ගැසීම, අච්චාරු දන්සල් ආදී විවිධ ආකාරයේ දන්සල් පැවති අතර ඒවා සඳහා ඉහළ ජනතා ප්‍රතිචාරයක්ද ලැබී තිබුණි.

    පාරැවෙන් එගොඩ කිරීම හා බස් සේවාවන් හරහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමද මෙවර වෙසක් පෝයට සමගාමීව සිදුකෙරුණු අතර අනුරාධපුර නෙළුම්කුලම ප්‍රදේශයේ බස් රථ හිමියකු තමා සතු බස් රථ කිහිපයක් වෙසක් පොහොය දිනයේ, එනම් පසුගිය 10 වැනිදා කිසිදු ගාස්තුවක් අය නොකර ධාවනය කරන්නට සැලැස්වීය.
    අනුරාධපුර සිට නෙළුම්කුලම දක්වා හා අනුරාධපුර සිට ගුවන්තොටුපොළ හරහා යහලේගම දක්වා දිවෙන බස් රථ කිහිපයක්ම පොහොය දිනය පුරාම මෙලෙස ධාවනය කිරීම නිසා අනුරාධපුර නගරයට පැමිණි ජනතාවට හා පූජා නගරයට පැමිණි බැතිමතුන් හට නොමිලේ ගමන් පහසුකම් ලබාගැනීමට අවස්ථාව උදාවිය. මෙය බොහෝ පිරිසකගේ පැසසුමට ලක්වූ ක්‍රියාවක් වන අතර මෙසේ නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාගත් එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන් මේ ආකාරයට නොමිලේ බස් රියක ගමන් කළේ ජීවිතේ ප්‍රථම වතාවට බවය.

    මහනුවර ප්‍රදේශයද දන්සල් ලබාදීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර ගෙවීගිය වෙසක් පොහොයට පසුදින මහනුවර මහියංගණ මාර්ගයේ තෙල්දෙණිය ගඟසිරිගම ප්‍රදේශයේදී මුරුක්කු දන්සලක් පැවැත්විණි. මෙම දන්සල පැවැත්වූ දෙවැනි වතාව මෙය වන අතර මෙහිදී ලබාදුන් මුරුක්කු පැකට් ලෙස සකස් කර තිබුණි. එය පැවැත්වූයේ එම ප්‍රදේශයේ නිවැසියන් පිරිසක් විසිනි. එසේම මහියංගණය කුරුවීතැන්න ප්‍රදේශයේ දී භූමිතෙල් දන්සලක්ද නොච්චියාගම මුස්ලිම් ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්වූ කොළ කැඳ හා මාළුපාන් දන්සල ද විෙශ්ෂිත වූ ඒවාය.

    සියලු ලෝක සත්ත්වයන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් කිරුළපන ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් විසින් මෙවර වෙසක් උළෙල සඳහා පැණි කොමඩු හා අන්නාසි දන්සලක් දෙනු ලැබූයේ ප්‍රථම වතාවටය. දන්සල් කලාවට අලුත් මුහුණුවරක් එක්කරමින් පැවැත්වූ මෙම දන්සල සඳහා විශාල පිරිසක් සහභාගි වී සිටිය අතර එම අායතනයේ ප්‍රධානී රංග දිසානායක මහතා පැවසූයේ රාගයෙන් ද්වේශයෙන් ෙමා්හයෙන් තොර ධාර්මික රටක් බිහිකර ගැනීමේ අරමුණෙන් මෙම කර්තව්‍යයේ නියැළෙන බවයි.

    දන්සලක දී පළතුරැ ලබාදීම දුලභ කටයුත්තක් වන අතර මේ ආකාරයෙන් පළතුරු ලබාදෙන්නට සිතුවේ ඇයිදැයි අප ඇසූ පැනයට ඔහු ලබාදුන්නේ මෙවන් පිළිතුරකි.
    පළතුරු කියන්නේ දෙවියන්ගේ ආහාරයක්. අපේ ශාසනය භාරව ඉන්න විෂ්ණු දෙවියන්ට අපි මේ පළතුරු පූජා කරලා ඉල්ලා සිටිනවා මේ රටේ ජීවත් වන මිනිස්සුන්ට ශ්‍රී සද්ධර්මය අසන්නට ලැබිලා මොක්සුව උදාකරගන්නට අවස්ථාව සලසා දෙන්න කියලා. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව.

    මේ ආකාරයෙන් වෙසක් උළෙලේ නිමාව සටහන් වෙද්දී අගනගරයේද දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්විණි. කොළඹ නගර සභාව පවසන ආකාරයට කොළඹ නගරය තුළ දන්සල් 200ක් පමණ ලියාපදිංචි වී ඇති අතර ඒ අතරින්ද වැඩි දන්සල් ප්‍රමාණයක් දක්නට ලැබුණේ ගාලු පාරේය. ෆ්‍රයිඩ් රයිස්, බත්, සීනි සම්බල් පාන්, මඤ්ඤොක්කා, එළවලු සුප්, කිරිකෝපි, තැම්බූ කඩල, අයිස්ක්‍රීම් ඇතුළු දන්සල් විශාල ප්‍රමාණයක් මේ අතර විය.
    ජාතික රූපවාහිනී පරිශ්‍රය තුළදී සූපවේදීන් විශාල සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් පැවැත්වූ දන්සල හා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට දියවන්නා වෙසක් කලාපයට සමගාමීව පැවැත්වූ දහස් ගණනක පිරිසකට සහභාගි විය හැකි මහා බත් දන්සල ද මෙවර අගනුවර දන්සල් අතර කැපී පෙනුණි.

    [rns_reactions]

  • වැද අවසර ඉල්ලා මෝදි හමුවූ මහින්දට මෝදිගෙන් දැවැන්ත දෝෂාරෝපණයක් – සියල්ල හෙළිවේ..

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිණි 11 දා රාත්‍රී මහින්ද රාජපක්ෂගේ ඉල්ලීමක් මත ඔහුට හමුවීමේ අවස්ථාවක් ලබා දුන් මෝදි මහතා පැවැති කුඩා සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂට දැඩි සේ අවවාද කරන ලදැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

    ජනාධිපති මෛත්‍රී විසින් මෝදි මහතාට දුන් රාත්‍රී භෝජන සංග්‍රහයෙන් පසුව ඉන්දීය තානාපති නිල නිවාසයේදී මෝදි මහතා හමුවීමට අවස්ථාවක් මහින්ද රාජපක්ෂට ලබා දී තිබේ. මහින්ද රාජපක්ෂ මෙම අවස්ථාව ලබා ගත්තේ ඉන්දීය තානාපතිවරයාට ඇවිටිලි කිරීමෙන් පසුවය. එසේ නමුදු මෝදි මහතාගේ සංචාරයේදී මහින්ද හමුවීමට නිල අවස්ථාවක් ලබා දී තිබුනේ නැත.

    මහින්ද රාජපක්ෂ පැමිණ ඇත්තේ ජී.ඇල්.පීරිස් සහ ගෝඨාභය රාජපක්ෂ ද සමගය. මෝදි මහතා සමග ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල් සහ විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් සිටියහ. 

    ජී.ඇල්. පීරිස් සහ ගෝඨාභය රාජපක්ෂ සමග වචනයක් හෝ කතා නොකළ මෝදි මහතා මහින්ද රාජපක්ෂ සමග පමණක් කතා කර තිබේ. 

    එහිදී වත්මන් ආණ්ඩුව කරගෙන යන සංවර්ධන වැඩ පිළිවෙලට බාධා නොකරන්නැයිද, එට්කා ගිවිසුමට එරෙහිව ජාතිවාදීව විරෝධතා නොපවත්වන්නැයිද, ජාතීන් අතර සංහිඳියාවක් ගොඩ නැගීමට ගෙන එන නව ව්‍යවස්ථාවට විරුද්ධව ජාතිවාදය අවුස්සා යලිත් ප්‍රශ්න අවුස්සාගන්නට එපා යයිද මෝදි මහතා විසින් මහින්ද රාජපක්ෂට දැඩි සේ අවවාද කර තිබේ. 

    මහින්ද රාජපක්ෂ පිළිතුරු දීමට යද්දී ප්‍රථමයෙන් ඊට සවන් දුන් මෝදි මහතා මහින්ද වැල්වටාරම් කියද්දී ඊට සවන් නොදී මහින්ද රාජපක්ෂගේ ගෝල්ෆේස් රැළියේදී තමාගේ ශ්‍රී ලංකා ගමනයට එරෙහිව කළු කොඩි දාන්න යැයි ජනතාව පෙළැඹවීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බව පැවසීය. 

    ලැජ්ජාවෙන් මුහුණ රතු වූ මහින්ද රාජපක්ෂ තමා එසේ නොකී බවත් තම වේදිකාවේ සිටි කථිකයෙකු පමණක් එසේ කී බවත් වරදකාරී ස්වරූපයකින් පිළිතුරු දී ඇති අතර මෝදි මහතා ඊට කිසිවක් කියා නැත.

    සාකච්ඡාව විනාඩි 30 කටත් අඩු කාලයකින් හමාර කළ මෝදි මහතා සමුදෙද්දී පවා ගෝඨාභය සමග හෝ ජී.ඇල් සමග හෝ කතා කෙළේ  නැත.

    කෙසේ වෙතත් කොටහළු මගුලකට ගියත් ‘වොයිස් කට්‘ දෙන මහින්ද රාජපක්ෂ මෝදිගේ හමුවෙන් පසු කෂාය බිව් ගොලුවා සේ ඒ ගැන කෙළ බිඳක් හෙළුවේ නැත.

    [rns_reactions]

     

  • ආදරය කරද්දී වයස 18 යි – රූකාන්තගේ විරෝධය මැද ආදරය ජයගත් හැටි රයිනි මුල්‍වරට හෙළිකරයි

    රයිනි චාරුකා කියලා කියන්නේ මෙරට සංගිතයේ දීප්තිමත් අනාගතයක් ඇති චරිතයක් කිව්වොත් එය වඩාත් නිවැරැදි වේවි.

    ඒ ඇයගේ පියා රූකාන්ත ගුණතිලක වීම නිසා හෝ මව චන්ද්‍රලේකා පෙරේරා වීම නිසානම් නොවෙයි.

    රයිනිට ලයාන්විත හඬක් හිමි නිසායි.

    රයිනි විවාහ වී සිටින්නේ කලක් තම පියාගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා වූ අකිල සමගයි.

    තම පෙම් කතාව පිළිබදව රයිනි මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

    අකිලව මම අදුන ගත්තේ 2007 අවුරුද්දේ. එතකොට අකිල තාත්තගේ බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගනහවා. ඒත් මමනම් ඒ වෙද්දී එම කණ්ඩායමේ ගීත ගායනා කලේ නෑ. අපි අතර සම්බන්ධයක් ඇතිවුනේ 2009 අවුරුද්දේ. අපි ආදරවන්තයො වුනාට පස්සේ අපි ලංකාවට ඇවිත් “රූ සඳ රූ” ප්‍රසංගය කලා. ඒකේ ඩ්‍රම්ස් ගැහුවෙත් අකිලමයි. මම ඒ ප්‍රසංගයේදී තමයි පළමුවරට නීල කඳුගැටේ ගීතය ගායනා කලේ. අපි 2015 අවුරුද්දේ තමා විවාහ වුනේ.

    මේ ආදරයට ප්‍රශ්ණ ආවේ නැද්ද?

    බාධක ගොඩක් ආවා. මොකද අපේ සම්බන්ධය පටන් ගන්න කොට මට වයස 18. මගේ පාර්ශවයන් තමයි දිගින් දිගටම ප්‍රශ්ණ ආවේ. ඒ ප්‍රශ්ණ නිසා අකිල මට කිවුවා තීරණයක් ගන්න කියලා. ඒත් මම කැමති වුනේ නෑ අකිලගේ ආදරේ නැතිකර ගන්න.

    රයිනිට වැඩියෙන්ම බාධක ආවේ අම්මගෙන්ද තාත්තගෙන්ද?

    අම්මා තමයි මගේ පැත්තේ හිටියේ. මම සාමාන්‍යයෙන් යමක් ඉල්ලන කෙනෙක් නෙමෙයි. ඒත් රණ්ඩුකරල අඬ අඬා මේ ආදරයම ඉල්ලන කොට අම්මා ඒක තේරුම් ගත්තා. අම්මා හැම වෙලාවෙම තාත්තට පැහැදිලි කරන්න උත්සහ කලා.

    රයිනිගේ සහකරු විදියට අකිල කොයිතරම් ගැලපෙනවද?

    එයා තමයි මගේ කළමණාකරු. මට ලැබෙන සංදර්ශන භාරගන්නේ, ඒවායේ මිළ ගණන්, ප්‍රවාහන වගේ දේවල් බලන්නේ එයා. ඒවගේම ප්‍රසංගයේදී මම අඳින ඇදුම පවා තිරණය කරන්නේ අකිල. ඒ දෙවල් වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒක මට ශක්තියක්. අකිල මට ලොකු හයියක්.

    [rns_reactions]

  • පිස්සෝ කලබල උනාට දොස්තරලා කලබල නෑ – අමරවීරගෙන් එස්‌.එම්.ට කණ පැලෙන පිළිතුරක්…

    උතුරුමැද පළාත් සභාව සතියක්‌ ඇතුළත පෙරළා දමා තමන්ගේ බලය පෙන්වන ලෙස එස්‌. එම්ට තමන් අභියෝග කරන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහා ලේකම් මහින්ද අමරවීර මහතා  පැවසීය. සමහර අය පිස්සන් මෙන් දගලුවාට තමන් ඒවාට කලබල නොවන බවත් ප්‍රශ්න විසදාගන්න එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලින් නොහැකි බවත් කී  ඇමතිවරයා මෙසේ ද පැවසීය.
    නියෝජනය කරන මන්ත්‍රීවරුන් විටින් විට රටම හිනස්‌සන විහිළු කතා කියනවා. උතුරු මැද පළාත් සභාව පෙරළා දැමීමත් ඒ වගේම විහිළුවක්‌ ලෙසයි මම දකින්නේ. සතියකින් අපි බලමු කොහොමද පළාත් සභාව පෙරළන්නේ කියලා.

    ඇමැතිකම් නැති වුණාම සංවිධායකකම් නැති වුණාම එක එක්‌කෙනා හිතේ දුකට, තරහට කතා කියනවා. ඒවා ගැන පක්‍ෂයක්‌ ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කලබල වන්නේ නෑ

    [rns_reactions]

  • පන්දු 72. ලකුණු 277. ලංකාවේ පතිරණ කැනඩා ජාතික කණ්ඩායමට…

    ලන්කර්ශයර් හි පැවති තරඟයකදී , 2007 වසරේදී පන්දු 72 කින් ලකුණු 277 ලබාගෙන T20 වාර්තා පොතට එක්වූ ධනුක පතිරණ කැනඩා ජාතික ක්‍රිකට් සංචිතයට තෝරා ගෙන ඇති බව වාර්තා වේ.ඉදිරි තරඟාවලි සදහා නම් කල 15 දෙනෙකුගෙන් යුතු කැනඩා සංචිතයට අමතරව නම් කල අතිරේක ක්‍රීඩකයන් දෙදෙනා අතරටද ශ්‍රී ලංකාවේ උපත ලැබූ ක්‍රීඩකයෙක් ඇතුලත් වේ. ඔහු ශ්‍රීමන්ත විජේරත්නයි.

    [rns_reactions]